විහාරකාරසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
විහාරකාරසික්ඛාපදවණ්ණනා
විහාරකාර ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති විහාරකාරසික්ඛාපදං. තත්ථ කොසම්බියන්ති එවංනාමකෙ නගරෙ. ඝොසිතාරාමෙති ඝොසිතස්ස ආරාමෙ. ඝොසිතනාමකෙන කිර සෙට්ඨිනා සො කාරිතො, තස්මා “ඝොසිතාරාමො”ති වුච්චති. ඡන්නස්සාති බොධිසත්තකාලෙ උපට්ඨාකඡන්නස්ස. විහාරවත්ථුං, භන්තෙ, ජානාහීති විහාරස්ස පතිට්ඨානට්ඨානං, භන්තෙ, ජානාහි. එත්ථ ච විහාරොති න සකලවිහාරො, එකො ආවාසො, තෙනෙවාහ – “අය්යස්ස විහාරං කාරාපෙස්සාමී”ති.
“තෙන සමයෙන” යනු විහාරකාර ශික්‍ෂාපදයයි. එහි “කොසම්බියං” මෙනම් ඇති නගරයෙහි, “ඝොසිතාරාමෙ” ඝෝෂිත සිටුහුගේ ආරාමයෙහි. ඝොෂිත නම් ඇති සිටුහු විසින් ඒ ආරාමය කරවන ලද්දේය. එහෙයින් ඝෝෂිතාරාමයයි කියනු ලැබේ. “ඡන්වාස්ස” බොධිසත්ව කාලයෙහි උපස්ථායක වූ ඡන්න ස්ථවිරයන්හට “විහාරවත්ථුං භන්තෙ ජානාහි” ස්වාමිනි විහාරය පිහිටන තැනක් දනු මැනව. මෙහිදී විහාරැයි කීයේ සියලු වෙහෙර නොවේ. එක් ආවාසයෙකි. “අය්යස්ස විහාරං කාරාපෙස්සාමි”යි එහෙයින්ම කීයේය.
චෙතියරුක්ඛන්ති එත්ථ චිත්තීකතට්ඨෙන චෙතියං, පූජාරහානං දෙවට්ඨානානමෙතං අධිවචනං, “චෙතිය”න්ති සම්මතං රුක්ඛං චෙතියරුක්ඛං. ගාමෙන පූජිතං ගාමස්ස වා පූජිතන්ති ගාමපූජිතං. එසෙව නයො සෙසපදෙසුපි. අපිචෙත්ථ ජනපදොති එකස්ස රඤ්ඤො රජ්ජෙ එකෙකො කොට්ඨාසො. රට්ඨන්ති සකලරජ්ජං වෙදිතබ්බං, සකලරජ්ජම්පි හි කදාචි කදාචි තස්ස රුක්ඛස්ස පූජං කරොති, තෙන වුත්තං “රට්ඨපූජිත”න්ති. එකින්ද්රියන්ති කායින්ද්රියං සන්ධාය වදන්ති. ජීවසඤ්ඤිනොති සත්තසඤ්ඤිනො.
“චෙතියරුක්ඛං” ගරුබුහුමන් කටයුතු අර්ත්ථයෙන් චෙතිය නම. පිදීමට සුදුසු වූ දේවස්ථානයන්ට මේ නමකි. චෛත්‍යයයි සම්මත වෘක්ෂය චෛත්යවෘක්ෂ නම, ගම්වැසියන් විසින් පුදන ලද්දේ ගාමපූජිත නම. සෙසු පදයන්හිද මෙම නයවේ. තවද මෙහි ජනපදො එක් රජක්හුගේ රාජ්‍යයෙහි එක් කොටසෙකි. රට්ඨං යනු සතු රාජ්‍යයයි දතයුතුය. සකලරාජ්යයම ඒ රුකට කිසියම් කිසියම් කල්හි පූජා කරන්නේය. “රට්ඨ පූජිතං” යනු එහෙයින් වදාරනලදී. “එකින්ද්රියං” යනු කායෙන්ද්රිය සදහා වදාරත්. “ජීවසඤ්ඤිනො” සත්වසංඥා ඇත්තාහු.
මහල්ලකන්ති සස්සාමිකභාවෙන සංයාචිකකුටිතො මහන්තභාවො එතස්ස අත්ථීති මහල්ලකො. යස්මා වා වත්ථුං දෙසාපෙත්වා පමාණාතික්කමෙනපි කාතුං වට්ටති, තස්මා පමාණමහන්තතායපි මහල්ලකො , තං මහල්ලකං. යස්මා පනස්ස තං පමාණමහත්තං සස්සාමිකත්තාව ලබ්භති, තස්මා තදත්ථදස්සනත්ථං “මහල්ලකො නාම විහාරො සස්සාමිකො වුච්චතී”ති පදභාජනං වුත්තං. සෙසං සබ්බං කුටිකාරසික්ඛාපදෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං සද්ධිං සමුට්ඨානාදීහි. සස්සාමිකභාවමත්තමෙව හි එත්ථ කිරියතො සමුට්ඨානාභාවො පමාණනියමාභාවො ච විසෙසො, පමාණනියමාභාවා ච චතුක්කපාරිහානීති.
“මහල්ලකං” සස්වාමිකභාවයෙන් සඤ්ඤාචිකකුටියට වඩා මහත්බව මොහුට ඇත්තේනුයි මහල්ලක නම. යම්හෙයකින් කුටිවත් දෙසවා පමණ ඉකුත් කිරීමෙන්ද කිරීම වටීද, එහෙයින් පමණ මහත් බැවිනුදු මහල්ලකය. ඒ මහල්ලක කුටියයි. යම්හෙයකින් මේ මහත් කිළියෙහි ඒ පමණ මහත්බව සස්වාමිකභාවයෙන්ම ලැබේද, එහෙයින් ඒ අර්ත්ථය දැක්වීම පිණිස “මහල්ලකො නාම විහාරො සස්සාමිකො වුච්චති”යි පදභාජනයෙහි වදාරන ලදී. සමුට්ඨානාදිය සමග සෙසු සියල්ල කුටිකාර ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. සස්වාමිකභාවමාත්රයම මේ ශික්‍ෂාපදයෙහි ක්‍රියාවෙන් සමුට්ඨානුභාවයද ප්රමාණනියමාභාවයද වෙනසි. ප්රමාණනියමය නොමැති හෙයින් අභාවචතුෂ්කය පිරිහුනේය.
විහාරකාරසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
විහාරකාර ශික්ෂාපද වර්ණනාව නිමි.