පඨමදුට්ඨදොසසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
පඨමදුට්ඨදොසසික්ඛාපදවණ්ණනා
පඨමදුට්ඨදෝස ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙන බුද්ධො භගවාති දුට්ඨදොසසික්ඛාපදං. තත්ථ වෙළුවනෙ කලන්දකනිවාපෙති වෙළුවනන්ති තස්ස උය්යානස්ස නාමං, තං කිර වෙළුහි ච පරික්ඛිත්තං අහොසි අට්ඨාරසහත්ථෙන ච පාකාරෙන ගොපුරට්ටාලකයුත්තං නීලොභාසං මනොරමං තෙන “වෙළුවන”න්ති වුච්චති, කලන්දකානඤ්චෙත්ථ නිවාපං අදංසු තෙන “කලන්දකනිවාප”ති වුච්චති.
“තෙන සමයෙන බුද්ධො භගවා” යනු දුට්ඨදොස ශික්‍ෂාපදයයි. එහි “වෙළුවනෙ කලන්දකනිවාපෙ” වෙළුවන යනු ඒ උයනට නමකි. එය උණගස්වලින්ද අටළොස් රියන් පවුරෙන්ද වටකරන ලද්දේ වීය. දොරකොටුවෙන් හා පවුරමතුයෙහි පිහිටවූ අටල්ලෙන් යුක්තය. හුණයෙන් වටකළ බැවින්, මල්පල දැරූ රුකින් වටකළ බැවින් නිල් පැහැ ඇත්තේ විය. සිත්කලුය. එහෙයින් වෙළුවනැයි කියනු ලැබේ. මෙහි ලෙහෙනුන්ට බත් වැටුප් දුන්හ. එයින් කලන්දකනිවාපයි කියනු ලැබේ.
පුබ්බෙ කිර අඤ්ඤතරො රාජා තත්ථ උය්යානකීළනත්ථං ආගතො, සුරාමදෙන මත්තො දිවාසෙය්‍යං සුපි, පරිජනොපිස්ස සුත්තො රාජාති පුප්ඵඵලාදීහි පලොභියමානො ඉතො චිතො ච පක්කමි. අථ සුරාගන්ධෙන අඤ්ඤතරස්මා සුසිරරුක්ඛා කණ්හසප්පො නික්ඛමිත්වා රඤ්ඤො අභිමුඛො ආගච්ඡති, තං දිස්වා රුක්ඛදෙවතා “රඤ්ඤො ජීවිතං දස්සාමී”ති කාළකවෙසෙන ආගන්ත්වා කණ්ණමූලෙ සද්දමකාසි, රාජා පටිබුජ්ඣි, කණ්හසප්පො නිවත්තො, සො තං දිස්වා “ඉමාය කාළකාය මම ජීවිතං දින්න”න්ති කාළකානං තත්ථ නිවාපං පට්ඨපෙසි, අභයඝොසනඤ්ච ඝොසාපෙසි , තස්මා තං තතොපභුති කලන්දකනිවාපන්ති සඞ්ඛ්‍යං ගතං. කලන්දකාති හි කාළකානං එතං නාමං.
පෙර එක්තරා රජෙක් එහි උයනෙහි ක්‍රීඩා කරනු පිණිස ආයේ සුරාමදයෙන් මත්වූයේ දවල් නින්දෙන් නිදිගත්තේය. මොහුගේ පිරිවරජන තෙමේද ‘රජතෙමේ නිදිගත්තේ යයි මල්පල ආදියෙන් පෙළඹෙනුයේ ඔබමොබ ගියේය. එකල්හි සුරා ගඳින් එක්තරා සිදුරු රුකකින් කෘෂ්ණසර්පයෙක් නික්ම අභිමුඛව එන්නේය. එහි අරක් ගත් රුක්දෙවිතෙමේ ඌ දැක ‘රජුට දිවි දෙමි’යි ලෙහෙනෙකුගේ වේශයෙන් අවුත් කණමුල ශබ්ද කෙළේය. රජතෙමේ පිබිදුනේය. කෘෂ්ණසර්ප නැවතුනේය. රජතෙමේ ලේනා දැක ‘මේ ලේන්නු විසින් මට දිවිදෙන ලදැ’යි ලෙහෙනුන්ට එහි බත්වැටුප් තැබුයේය. අභයඝොෂයද ඝෝෂා කරවීය. එහෙයින් එය එතැන් පටන් කලන්දකනිවාපැයි ගිණීමට ගියේය. කලන්දක යනු ලෙහෙනුන්ට නමකි.
දබ්බොති තස්ස ථෙරස්ස නාමං. මල්ලපුත්තොති මල්ලරාජස්ස පුත්තො. ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතන්ති ථෙරො කිර සත්තවස්සිකොව සංවෙගං ලභිත්වා පබ්බජිතො ඛුරග්ගෙයෙව අරහත්තං පාපුණීති වෙදිතබ්බො. යංකිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං තෙන අනුප්පත්තන්ති සාවකෙන පත්තබ්බං නාම තිස්සො විජ්ජා, චතස්සො පටිසම්භිදා, ඡ අභිඤ්ඤා, නව ලොකුත්තරධම්මාති ඉදං ගුණජාතං, තං සබ්බං තෙන අනුප්පත්තං හොති. නත්ථි චස්ස කිඤ්චි උත්තරි කරණීයන්ති චතූසු සච්චෙසු, චතූහි මග්ගෙහි, සොළසවිධස්ස කිච්චස්ස කතත්තා ඉදානිස්ස කිඤ්චි උත්තරි කරණීයං නත්ථි. කතස්ස වා පතිචයොති තස්සෙව කතස්ස කිච්චස්ස පුන වඩ්ඪනම්පි නත්ථි, ධොතස්ස විය වත්ථස්ස පටිධොවනං පිසිතස්ස විය ගන්ධස්ස පටිපිසනං, පුප්ඵිතස්ස විය ච පුප්ඵස්ස පටිපුප්ඵනන්ති. රහොගතස්සාති රහසි ගතස්ස. පටිසල්ලීනස්සාති තතො තතො පටික්කමිත්වා සල්ලීනස්ස, එකීභාවං ගතස්සාති වුත්තං හොති.
“දබ්බො” ඒ තෙරුන්ගේ නමයි. “මල්ලරාජපුත්තො” මල්ලරජුගේ පුත්කුමරුය. “ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං” ස්ථවිරතෙමේ වනාහි සත්හැවිරිදිවූයේම සංවේගය ලබා පැවිදිවූයේ කරකම් අගම රහත්බවට පැමිණියේයයි දතයුතුය. “යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං තෙන අනුප්පත්තං” ශ්රාවයෙකු විසින් පැමිණිය යුත්තේ නම් ත්‍රිවිද්‍යා චතුර්විධ ප්‍රතිසම්භිදා ෂට් අභිඥා නවලොකොත්තර ධර්ම යන මේ ගුණ සමූහයයි. ඒ සියල්ල ඔහු විසින් ලබන ලද්දේ වේ. “නත්ථි චස්ස උත්තරිං කරණීයං” සිවුසස් දහම්හි සිවුමගින් සොළොස් වැදෑරුම් කිස කළබැවින් දැන් මත්තෙහි මොහුට කිසි කටයුත්තෙක් නැත්තේය. “කතස්ස වා පතිචයො” සේදූ පත්‍රයක නැවත සේදීමක්, ඇඹරු සුවඳක නැවත ඇඹරීමක්, පිපුණු මලක නැවත පිපීමක්, නැතිසේ ඒ කළ කිසෙහි නැවත වැඩිමෙක් නැත්තේය. “රහොගතස්ස” රහසිගත වූ “පතිස්සල්ලීනස්ස” ඒ ඒ කිසෙන් හෝ අරමුණෙන් වැළකී සංලීනවූ එකීභාවයට පැමිණියාවූයි කියන ලද්දේ වේ.
අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි – “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං භත්තානි ච උද්දිසෙය්ය”න්ති ථෙරො කිර අත්තනො කතකිච්චභාවං දිස්වා “අහං ඉමං අන්තිමසරීරං ධාරෙමි, තඤ්ච ඛො වාතමුඛෙ ඨිත පදීපො විය අනිච්චතාමුඛෙ ඨිතං, නචිරස්සෙව නිබ්බායනධම්මං යාව න නිබ්බායති තාව කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති චින්තෙන්තො ඉති පටිසඤ්චික්ඛති – “තිරොරට්ඨෙසු බහූ කුලපුත්තා භගවන්තං අදිස්වාව පබ්බජන්ති, තෙ භගවන්තං ‘පස්සිස්සාම චෙව වන්දිස්සාම චා’ති දූරතොපි ආගච්ඡන්ති, තත්ර යෙසං සෙනාසනං නප්පහොති, තෙ සිලාපට්ටකෙපි සෙය්යං කප්පෙන්ති. පහොමි ඛො පනාහං අත්තනො ආනුභාවෙන තෙසං කුලපුත්තානං ඉච්ඡාවසෙන පාසාදවිහාරඅඩ්ඪයොගාදීනි මඤ්චපීඨකත්ථරණාදීනි ච සෙනාසෙනානි නිම්මිනිත්වා දාතුං. පුනදිවසෙ චෙත්ථ එකච්චෙ අතිවිය කිලන්තරූපා හොන්ති, තෙ ගාරවෙන භික්ඛූනං පුරතො ඨත්වා භත්තානිපි න උද්දිසාපෙන්ති, අහං ඛො පන නෙසං භත්තානිපි උද්දිසිතුං පහොමී”ති. ඉති පටිසඤ්චික්ඛන්තස්ස “අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි – ‘යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං භත්තානි ච උද්දිසෙය්ය”න්ති.
“අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි යන්නූනාහං සෙනාසනඤ්ච පඤ්ඤාපෙය්යං භත්තානි ච උද්දිසෙය්යං” ස්ථවිරතෙමේ වනාහි තමන් කළ කිස ඇතිබව දැක ‘මම මේ අවසන් සිරුර දරමි, එද වාතය හමුවෙහි තැබූ පහනක් මෙන් අනිත්‍යතා මුඛයෙහි සිටියේය, නොබෝකලකින්ම නිවී යන ස්වභාව ඇත්තේය යම්තාක් නොවේද, ඒතාක් කිම, මම සඞ්ඝයාහට වතාවතක් කරන්නෙම්දැයි සිතන්නේ, පිටරටවල බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ නොදැකම පැවිදිවෙත්, ඔවුහු ‘භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමුයිද වඳින්නෙමුයිද දුරසිට එන්නෝය, එහිදී යම් කෙනෙකුන්ට සෙනසුන් නොපොහොනේද ඔවුහු ගල්තලාවෙහිද සයනය කරත්, මම මාගේ අනුභාවයෙන් ඒ කුලපුත්‍රයන්ගේ කැමැත්ත ලෙසින් ප්‍රාසාද විභාර අර්ධයොගාදීවූ ඇතිරිලි සහිත ඇඳපුටු සෙනසුන් මවා දෙන්නට පොහොසත් වෙමියි මෙසේ සැලකුයේය. මෙහි දෙවනදා ඇතැම්හු වැඩියක් ක්ලාන්ත ස්වරූප ඇත්තාහු වෙත්. ඔවුහු ගෞරවයෙන් භික්ෂූන් ඉදිරියෙහි සිටද බත් නොඋදෙසවති. මම ඔවුන්ට බත්ද උදෙසන්නට පොහොසත් වෙමියි. සිතන්නාවූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රහට ‘මම සඞ්ඝයාහට සෙනසුන්ද පණවන්නෙම් නම් බත්ද උදෙසන්නෙම් නම් ඉතා මැනවැ’යි මෙබඳු සිතක් විය.
නනු ච ඉමානි ද්වෙ ඨානානි භස්සාරාමතාදිමනුයුත්තස්ස යුත්තානි, අයඤ්ච ඛීණාසවො නිප්පපඤ්චාරාමො, ඉමස්ස කස්මා ඉමානි පටිභංසූති? පුබ්බපත්ථනාය චොදිතත්තා. සබ්බබුද්ධානං කිර ඉමං ඨානන්තරං පත්තා සාවකා හොන්තියෙව. අයඤ්ච පදුමුත්තරස්ස භගවතො කාලෙ අඤ්ඤතරස්මිං කුලෙ පච්චාජාතො ඉමං ඨානන්තරං පත්තස්ස භික්ඛුනො ආනුභාවං දිස්වා අට්ඨසට්ඨියා භික්ඛුසතසහස්සෙහි සද්ධිං භගවන්තං සත්ත දිවසානි නිමන්තෙත්වා මහාදානං දත්වා පාදමූලෙ නිපජ්ජිත්වා “අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස උප්පන්නකාලෙ අහම්පි ඉත්ථන්නාමො තුම්හාකං සාවකො විය සෙනාසනපඤ්ඤාපකො ච භත්තුද්දෙසකො ච අස්ස”න්ති පත්ථනං අකාසි. භගවා අනාගතංසඤාණං පෙසෙත්වා අද්දස, දිස්වා ච ඉතො කප්පසතසහස්සස්ස අච්චයෙන ගොතමො නාම බුද්ධො උප්පජ්ජිස්සති, තදා ත්වං දබ්බො නාම මල්ලපුත්තො හුත්වා ජාතියා සත්තවස්සො නික්ඛම්ම පබ්බජිත්වා අරහත්තං සච්ඡිකරිස්සසි, ඉමඤ්ච ඨානන්තරං ලච්ඡසී”ති බ්යාකාසි. සො තතොපභුති දානසීලාදීනි පූරයමානො දෙවමනුස්සසම්පත්තිං අනුභවිත්වා අම්හාකං භගවතො කාලෙ තෙන භගවතා බ්යාකතසදිසමෙව අරහත්තං සච්ඡාකාසි. අථස්ස රහොගතස්ස “කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති චින්තයතො තාය පුබ්බපත්ථනාය චොදිතත්තා ඉමානි ද්වෙ ඨානානි පටිභංසූති.
භස්සාරාමතාදියෙහි යෙදී වසන මහණහුට මේ දෙකරුණ යුතු නොවේද, මෙතෙමේද ක්ෂීණාශ්රවයෙක් වේ, අප්‍රමාදයෙහි ඇලී ගත්තේය. කුමක් හෙයින් මොහුට මේ දෙකරුණ වැටහුනේද, යත්: පෙර කරන ලද පැතීමෙන් මෙහෙයුණු බැවිනි. සියලු බුදුවරයන්ට මේ තනතුරට පැමිණි ශ්‍රාවකයෝ වෙත්මය. මෙතෙමේද පියුමතුරා බුදුරජුන් දවස එක්තරා කුලගෙයක උපන්නේ මේ තනතුරට පැමිණ මහණක්හුගේ අනුභාවය දැක අටසැට ලක්ෂයක් භික්ෂූන් සමග බුදුරජුන් පවරා සත්දිනක් මහදන් දී බුදුරජුන්ගේ පාමුල හෙව, මත්තෙහි ඔබවහන්සේ වැනි බුදු කෙනෙකුන් උපන්කල්හි මමද ඔබවහන්සේගේ මෙනම් ඇති ශ්රාවකයා මෙන් සෙනසුන් පණවන්නෙක්ද බත් උදෙසන්නෙක්ද වන්නෙමියි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ අනාගත සංඤාණය යවා බැලූසේක් දුටුසේක. දැකද මෙයින් කල්පලක්ෂයක් ඇවෑමෙන් ගෞතම නම් බුදුරජතෙමේ ලොව පහළවන්නේය. එකල තෝ දබ්බ නම් මල්ල පුත්රයෙක්ව ඉපද, උත්පත්තියෙන් සත්හැවිරිදිවූයේ ගිහිගෙයින් නික්ම පැවිදිව රහත්බව ප්රත්යක්ෂ කරන්නෙහිය. මේ තනතුරද ලබන්නෙහිය’යි ප්‍රකාශ කළසේක. හෙතෙමේ එතැන් පටන් දන්සිල් ආදිය පුරමින් දෙව් මිනිස් සැප විඳ අප බුදුරජුන් දවස ඒ පියුමතුරා බුදුරජුන් විසින් වදාළ පරිදිම රහත්බව ප්රත්යක්ෂ කෙළේය. එකල්හි රහසිගතව ‘කිම, මම සඞ්ඝයාහට වතාවතක් කරන්නෙම්දැ’යි සිතන්නහුම ඒ පූර්වප්රාර්ත්ථනාවෙන් මෙහෙයුණු බැවින් මේ දෙකරුණ වැටහුනේය.
අථස්ස එතදහොසි – “අහං ඛො අනිස්සරොස්මි අත්තනි, සත්ථාරා සද්ධිං එකට්ඨානෙ වසාමි, සචෙ මං භගවා අනුජානිස්සති , ඉමානි ද්වෙ ඨානානි සමාදියිස්සාමී”ති භගවතො සන්තිකං අගමාසි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො…පෙ… භත්තානි ච උද්දිසිතු”න්ති. අථ නං භගවා “සාධු සාධු දබ්බා”ති සම්පහංසෙත්වා යස්මා අරහති එවරූපො අගතිගමනපරිබාහිරො භික්ඛු ඉමානි ද්වෙ ඨානානි විචාරෙතුං, තස්මා “තෙන හි ත්වං දබ්බ සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙහි භත්තානි ච උද්දිසා”ති ආහ. භගවතො පච්චස්සොසීති භගවතො වචනං පතිඅස්සොසි අභිමුඛො අස්සොසි, සම්පටිච්ඡීති වුත්තං හොති.
ඉක්බිති මේ තෙරුන්හට ‘මම තමන් කෙරෙහි ඉසුරෙක් නොවෙමි, ශාස්තෲන් වහන්සේ සමග එක් තැන වසමි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට මේ දෙකරුණ අනුදන්නාසේක් නම් සමාදන් වන්නෙමියි සිතක් උපන්නේය. මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේය. එහෙයින් “අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො -පෙ- භත්තානි ච උද්දිසතුං”යි කියන ලදය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘යහපත, යහපත, දබ්බ’යි පසසා අගතිගමනින් තොරවූ මෙබඳු මහණතෙමේ මේ දෙකරුණ විචාරන්නට යම්හෙයකින් සුදුසුවේද, එහෙයින් “තෙනහි ත්වං දබ්බ සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙහි, භත්තානි ච උද්දිස”යි වදාළ සේක. “භගවතො පච්චස්සොසි” භාග්‍යවතුන් වහන්සේගේ වචනය අභිමුඛව අස්වාලීය. පිළිගත්තේයයි කීයේවේ.
පඨමං දබ්බො යාචිතබ්බොති කස්මා භගවා යාචාපෙති? ගරහමොචනත්ථං. පස්සති හි භගවා “අනාගතෙ දබ්බස්ස ඉමං ඨානං නිස්සාය මෙත්තියභුමජකානං වසෙන මහාඋපද්දවො උප්පජ්ජිස්සති, තත්ර කෙචි ගරහිස්සන්ති ‘අයං තුණ්හීභූතො අත්තනො කම්මං අකත්වා කස්මා ඊදිසං ඨානං විචාරෙතී’ති. තතො අඤ්ඤෙ වක්ඛන්ති ‘කො ඉමස්ස දොසො එතෙහෙව යාචිත්වා ඨපිතො’ති එවං ගරහතො මුච්චිස්සතී”ති. එවං ගරහමොචනත්ථං යාචාපෙත්වාපි පුන යස්මා අසම්මතෙ භික්ඛුස්මිං සඞ්ඝමජ්ඣෙ කිඤ්චි කථයමානෙ ඛිය්යනධම්මො උප්පජ්ජති “අයං කස්මා සඞ්ඝමජ්ඣෙ උච්චාසද්දං කරොති, ඉස්සරියං දස්සෙතී”ති. සම්මතෙ පන කථෙන්තෙ “මායස්මන්තො කිඤ්චි අවචුත්ථ, සම්මතො අයං, කථෙතු යථාසුඛ”න්ති වත්තාරො භවන්ති. අසම්මතඤ්ච අභූතෙන අබ්භාචික්ඛන්තස්ස ලහුකා ආපත්ති හොති දුක්කටමත්තා. සම්මතං පන අබ්භාචික්ඛතො ගරුකතරා පාචිත්තියාපත්ති හොති. අථ සම්මතො භික්ඛු ආපත්තියා ගරුකභාවෙන වෙරීහිපි දුප්පධංසියතරො හොති, තස්මා තං ආයස්මන්තං සම්මන්නාපෙතුං “බ්යත්තෙන භික්ඛුනා”තිආදිමාහ. කිං පන ද්වෙ සම්මුතියො එකස්ස දාතුං වට්ටන්තීති? න කෙවලං ද්වෙ, සචෙ පහොති, තෙරසාපි දාතුං වට්ටන්ති. අප්පහොන්තානං පන එකාපි ද්වින්නං වා තිණ්ණං වා දාතුං වට්ටති.
“පඨමං දබ්බො යාචිතබ්බො” කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ යාඥාකරවන සේක්ද, ගැරහීමෙන් මිදෙනු පිණිසය. භාග්‍යවතුන් වහන්සේ ‘අනාගතයෙහි දබ්බහට මෙ කරුණ නිසා මෙත්තියභුම්මජකයන්ගේ වසයෙන් මහ උවදුරක් වන්නේය, එහිදී කිසිකෙනෙක් මෙතෙමේ නිහඬව තමන්ගේ කටයුතු නොකොට කුමක් හෙයින් මෙබදු තනතුරක් විචාරාදැයි ගරහන්නාහු අන් කෙනෙක් මොවුන්ගේ කවර දොෂයක්ද මොවුන් විසින්ම යාඥාකොට තබන ලද්දේ යයි කියන්නාහ. මෙසේ ගැරහීමෙන් මිදෙන්නේ යයි දක්නා සේක්මය. මෙසේ ගැරහීමෙන් මිදීම පිණිස යාඥා කරවාද, නැවත යම්හෙයකින් සම්මත නොකළ මහණෙක් සඟමැද උස්හඬ කෙරේද, ඉසුරුබව දක්වාදැයි නුගුණ පහළ කිරීමක් වන්නේය. සම්මත කරන ලද්දහු කියන කල්හි ‘ආයුෂ්මත්හු කිසිවක් නොකියවු, සම්මත කරන ලද මෙතෙමේ සුවසේ කියාපායි කියන්නෝ වෙති. සම්මත නොකරන ලද්දහු බොරුවෙන් ගටා කියන්නහුට දුක්කටමාත්ර වූ ලහුකාපත්තියක් වන්නීය. සම්මත කරන ලද්දහුට ගටා කියන්නහුට ඉතා ගරු වූ පාචිත්තියාපත්තිය වන්නීය. තවද සම්මත කරන ලද මහණතෙමේ ආපත්තිය ගරුබැවින් වෛරීන් විසිනුදු කිසිලෙසකිනුදු නොමැඩිය හැක්කේ වේ. එහෙයින් ඒ ආයුෂ්මත්හු සම්මත කරවන්නට “ව්යත්තෙන භික්ඛුනා” යනාදිය වදාළ සේක. ‘කිම, සම්මුති දෙකක් එක් මහණක්හට දෙන්නට වටීද, දෙකක් පමණක් නොවේ. හැක්කේ නම් භත්තුද්දෙසක-සෙනාසනගාහාපක-භණ්ඩාගාරික -චීවරපටිග්ගාහක-චීවරභාරක-යාගුභාජක-ඵලභාජක-ඛජ්ජකභාජක-අප්පමත්තකවිස්සජ්ජක-වස්සිකසාටියගාහාපක-පත්තගාහාපක-ආරාමිකපෙසක-සාමණෙරපෙසක සම්මුතීන්ගේ වසයෙන් තෙළෙසම නමුදු දෙන්නට වටියි.
සභාගානන්ති ගුණසභාගානං, න මිත්තසන්ථවසභාගානං. තෙනෙවාහ “යෙ තෙ භික්ඛූ සුත්තන්තිකා තෙසං එකජ්ඣ”න්තිආදි . යාවතිකා හි සුත්තන්තිකා හොන්ති, තෙ උච්චිනිත්වා එකතො තෙසං අනුරූපමෙව සෙනාසනං පඤ්ඤපෙති; එවං සෙසානං. කායදළ්හීබහුලාති කායස්ස දළ්හීභාවකරණබහුලා, කායපොසනබහුලාති අත්ථො. ඉමායපිමෙ ආයස්මන්තො රතියාති ඉමාය සග්ගමග්ගස්ස තිරච්ඡානභූතාය තිරච්ඡානකථාරතියා. අච්ඡිස්සන්තීති විහරිස්සන්ති.
“සභාගානං” ගුණසභාගයන්ගේ වසයෙන් වේ. මිත්රසන්ථවයෙන් සහාය වූවන්ගේ වසයෙන් නොවේ. “යෙතෙ භික්ඛූ සුත්තන්තිකා තෙසං එකජ්ජං” යනාදිය එහෙයින් වදාළ සේක. යම් පමණ භික්ෂූහු සූත්‍රාන්තික වෙත්ද, ඔවුන් තෝරාගෙන ඔවුන්ට සුදුසුවූම සෙනසුන් එකට පණවයි. සෙනසුන මෙසේය. “කායදළ්හී බහුලා” කයෙහි දැඩිබව කිරීම බහුලකොට ඇත්තාහු, කායපොෂණය බහුලකොට ඇත්තාහු යනු අර්‍ත්‍ථයි. “ඉමායපි චෙ ආයස්මන්තො රතියා” ආයුෂ්මත්හු සගමග අවුරන්නාවූ මේ තිරිසන් කතාකිරීමෙහි ඇලීමෙන් “අච්ඡිස්සන්ති” වාසය කරන්නාහුය.
තෙජොධාතුං සමාපජ්ජිත්වා තෙනෙවාලොකෙනාති තෙජොකසිණචතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය අභිඤ්ඤාඤාණෙන අඞ්ගුලිජලනං අධිට්ඨාය තෙනෙව තෙජොධාතුසමාපත්තිජනිතෙන අඞ්ගුලිජාලාලොකෙනාති අත්ථො. අයං පන ථෙරස්ස ආනුභාවො නචිරස්සෙව සකලජම්බුදීපෙ පාකටො අහොසි, තං සුත්වා ඉද්ධිපාටිහාරියං දට්ඨුකාමා අපිසු භික්ඛූ සඤ්චිච්ච විකාලෙ ආගච්ඡන්ති. තෙ සඤ්චිච්ච දූරෙ අපදිසන්තීති ජානන්තාව දූරෙ අපදිසන්ති. කථං? “අම්හාකං ආවුසො දබ්බ ගිජ්ඣකූටෙ”ති ඉමිනා නයෙන.
“තෙජො ධාතුං සමාපජ්ජිත්වා තෙනෙවාලොකෙන” තෙජොකසිණ චතුර්ත්ථ ධ්‍යාන සමාපත්තියට සමවැද, එයින් නැගිට අභිඥා ඥානයෙන් ඇඟිලි දැල්වීම ඉටා, තෙජොධාතු සමාපත්තියෙන් උපන් ඒ ඇඟිලි දැල්වූ ආලොකයෙන්ම, යන අර්‍ත්‍ථයි. තෙරුන්ගේ මේ ආනුභාවය නොබෝකලකින්ම මුළු දඹදිව ප්රකටව ගියේය. තවද එය අසා සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය දකිනු කැමැති වූ භික්ෂූහු දැන, නොකල්හි පැමිණෙත්. “තෙ සඤ්චිච්ච දූරෙ අපදිසන්ති” ඔවුහු දුරබව දන්නාහුම දුරතැන් දක්වත්. කෙසේද යත් “අම්හාකං ආවුසො දබ්බ ගිජ්ඣකුටෙ” යන මේ ලෙසිනි.
අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගච්ඡතීති සචෙ එකො භික්ඛු හොති, සයමෙව ගච්ඡති. සචෙ බහූ හොන්ති, බහූ අත්තභාවෙ නිම්මිනාති. සබ්බෙ අත්තනා සදිසා එව සෙනාසනං පඤ්ඤපෙන්ති.
“අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගච්ඡති” ඉදින් එක් මහණෙක් වේනම් තෙමේමයයි. ඉදින් බොහෝ වෙත්නම් බොහෝ ආත්මභාවයන් මවයි. සියල්ලෝ තමන් සමානයෝයි සෙනසුන් පණවයි.
අයං මඤ්චොතිආදීසු පන ථෙරෙ “අයං මඤ්චො”ති වදන්තෙ නිම්මිතාපි අත්තනො අත්තනො ගතගතට්ඨානෙ “අයං මඤ්චො”ති වදන්ති; එවං සබ්බපදෙසු. අයඤ්හි නිම්මිතානං ධම්මතා –
“අයං මඤ්චො” යනාදිතන්හි තෙරුන් මේ ඇඳයයි කියන කල්හි නිර්මිතයෝද, තම තමන් ගියතැන මේ ඇඳ යයි කියත්. සියලු පදයන්හි මෙසේය. මේ වනාහි මවන ලද්දවුන්ගේ ධර්මතාය.
“එකස්මිං භාසමානස්මිං, සබ්බෙ භාසන්ති නිම්මිතා; එකස්මිං තුණ්හිමාසීනෙ, සබ්බෙ තුණ්හී භවන්ති තෙ”ති.
“එකස්මිං භාසමානස්මිං -සබ්බෙ භාසන්ති නිම්මිතා එකස්මිං තුණ්භීමාසීනෙ - සබ්බෙතුණ්හී භවන්ති තෙති”
එක් මහණෙකු කතාකරන කල්හි මවනලද සියල්ලෝ කතා කරති. එක් මහණෙකු නොබැණ හුන්කල්හි සියල්ලෝ නිහඬ වෙති.
යස්මිං පන විහාරෙ මඤ්චපීඨාදීනි න පරිපූරන්ති, තස්මිං අත්තනො ආනුභාවෙන පූරෙන්ති. තෙන නිම්මිතානං අවත්ථුකවචනං න හොති.
යම් විහාරයෙක්හි ඇඳ පුටු ආදිය පමණ නොවෙත්ද, එහි තමන්ගේ අනුභාවයෙන් පුරාලන්නේය. ඔහු විසින් මවන ලද්දවුන්ගේ නිරර්‍ත්‍ථක වචනයක් නොවේ.
සෙනාසනං පඤ්ඤපෙත්වා පුනදෙව වෙළුවනං පච්චාගච්ඡතීති තෙහි සද්ධිං ජනපදකථං කථෙන්තො න නිසීදති, අත්තනො වසනට්ඨානමෙව පච්චාගච්ඡති.
“සෙනාසනං පඤ්ඤපෙත්වා පුනදෙව වෙළුවනං පච්චාගච්ඡති” ඔවුන් සමග ජනපදකථා කියමින් නොහිදියි. තමන් වසන තැනටම පෙරළා එයි.
මෙත්තියභූමජකාති මෙත්තියො චෙව භූමජකො ච, ඡබ්බග්ගියානං අග්ගපුරිසා එතෙ. ලාමකානි ච භත්තානීති සෙනාසනානි තාව නවකානං ලාමකානි පාපුණන්තීති අනච්ඡරියමෙතං. භත්තානි පන සලාකායො පච්ඡියං වා චීවරභොගෙ වා පක්ඛිපිත්වා ආලොළෙත්වා එකමෙකං උද්ධරිත්වා පඤ්ඤාපෙන්ති, තානිපි තෙසං මන්දපුඤතාය ලාමකානි සබ්බපච්ඡිමානෙව පාපුණන්ති. යම්පි එකචාරිකභත්තං හොති, තම්පි එතෙසං පත්තදිවසෙ ලාමකං වා හොති, එතෙ වා දිස්වාව පණීතං අදත්වා ලාමකමෙව දෙන්ති.
“මෙත්තියභූම්මජකා” මෙත්තියද භුම්මජකද යන මේ දෙදෙන සවග මහණුන්ගේ අග්රපුරුෂයෝය. “ලාමකානි ච භත්තානි” නවකයන්ට ලාමක වූ සෙනසුන්ම පැමිණේය යන ආශ්චර්‍ය්‍ය නොවේ. බත්ද ලහ පැසක හෝ චීවරභොගයක හෝ බහා අළලා එක එක උදුරා දෙත්. ඒ ලහද ඔවුන් මඳපිනැති බැවින් සියල්ලට පැසුළුවූ ලාමකවූම ලහ පැමිණේ. ඉතාමනාප බැවින් සියල්ලන්ගේ ලැබීම පිණිස වෙන්ව ඨිතිකා වසයෙන් පැමිණිය යුතු යම් බතක්වේද, එද ඔවුන්ට පැමිණි දිනයෙහි ලාමක හෝවේ. මොවුන් දැකම ප්‍රණීත වූවක් නොදී ලාමකවූවක්ම දෙත්.
අභිසඞ්ඛාරිකන්ති නානාසම්භාරෙහි අභිසඞ්ඛරිත්වා කතං සුසජ්ජිතං, සුසම්පාදිතන්ති අත්ථො. කණාජකන්ති සකුණ්ඩකභත්තං. බිලඞ්ගදුතියන්ති කඤ්ජිකදුතියං.
“අභිසඞ්ඛාරිකං” නොයෙක් ද්‍රව්‍යයෙන් සකස්කොට කරනලද මොනවට සදනලද මොනවට සම්පාදනය කරන ලදැයි යන අර්‍ත්‍ථයි. “කණජකං” කුඩු සහිත බත. “බිළඞ්ගදුතියං” කාඩි දෙවැනිකොට ඇති.
කල්යාණභත්තිකොති කල්‍යාණං සුන්දරං අතිවිය පණීතං භත්තමස්සාති කල්යාණභත්තිකො, පණීතදායකත්තා භත්තෙනෙව පඤ්ඤාතො. චතුක්කභත්තං දෙතීති චත්තාරි භත්තානි දෙති, තද්ධිතවොහාරෙන පන “චතුක්කභත්ත”න්ති වුත්තං. උපතිට්ඨිත්වා පරිවිසතීති සබ්බකම්මන්තෙ විස්සජ්ජෙත්වා මහන්තං පූජාසක්කාරං කත්වා සමීපෙ ඨත්වා පරිවිසති. ඔදනෙන පුච්ඡන්තීති ඔදනහත්ථා උපසඞ්කමිත්වා “කිං භන්තෙ ඔදනං දෙමා”ති පුච්ඡන්ති, එවං කරණත්ථෙයෙව කරණවචනං හොති. එස නයො සූපාදීසු.
“කල්යාණභත්තිකො” යහපත්වූ සොදුරුවූ ඉතා ප්‍රණීතවූ බත මොහුටනුයි කල්‍යාණභත්තික නම. ප්රණීතයක්ම දෙන බැවින් බතින්ම තෙරසක වණ්ණනා ප්‍රසිද්ධ වූයේය. “චතුක්කභත්තං දෙති” බත් සතරක් දෙන්නේය. තද්ධිතව්යවහාරයෙන් “චතුක්කභත්තං” කියන ලද්දේය. “උපතිට්ඨිත්වා පරිවිසති” සියලු කර්මාන්තයන් හැරදමා මහත්වූ පූජා සත්කාරකොට අසල සිට වළඳවයි. “ඔදනෙන පුච්ඡන්ති” බත් ගත් අත් ඇතිව එළඹ ‘කිම, ස්වාමීනි බත් දෙමුදැයි විචාරත්. මෙසේ මෙය කරණාර්ත්ථයෙහිම කරණාවචනය වේ. සූපාදීන් විෂයයෙහිද මෙම නයවේ.
ස්වාතනායාති ස්වෙ භවො භත්තපරිභොගො ස්වාතනො තස්සත්ථාය, ස්වාතනාය ස්වෙ කත්තබ්බස්ස භත්තපරිභොගස්සත්ථායාති වුත්තං හොති. උද්දිට්ඨං හොතීති පාපෙත්වා දින්නං හොති. මෙත්තියභූමජකානං ඛො ගහපතීති ඉදං ථෙරො අසමන්නාහරිත්වා ආහ. එවංබලවතී හි තෙසං මන්දපුඤ්ඤතා, යං සතිවෙපුල්ලප්පත්තානම්පි අසමන්නාහාරො හොති. යෙ ජෙති එත්ථ ජෙති දාසිං ආලපති.
“ස්වාතනාය” හෙට වන භත්තපරිභොගය ස්වාතන නම. ඒ පිණිසය. හෙට වන භත්තපරිභොගය පිණිසය. හෙට කටයුතු භත්තපරිභොගය පිණිසැයි කියන ලද්දේ වේ. “උද්දිට්ඨං හොති” පමණුවා දෙන ලද්දේ වේ. “මෙත්තිය භුම්මජකානං ඛො ගහපති” ස්ථවිරතෙමේ මේ වචන කල්පනා නොකොට කීයේය. ඔවුන්ගේ මඳපිනැතිබව මෙසේ බලවත්මය. සිහිය මහත්බවට පැමිණියවුන්ටද මෙසේ අනාභොගය වේ. “යෙ ජෙ” ‘ජෙ’ යන මෙයින් ‘දාසියට ආමන්ත්‍රණය කරයි.
හිය්යො ඛො ආවුසො අම්හාකන්ති රත්තිං සම්මන්තයමානා අතීතං දිවසභාගං සන්ධාය “හිය්යො”ති වදන්ති. න චිත්තරූපන්ති න චිත්තානුරූපං, යථා පුබ්බෙ යත්තකං ඉච්ඡන්ති, තත්තකං සුපන්ති, න එවං සුපිංසු, අප්පකමෙව සුපිංසූති වුත්තං හොති.
“හීය්‍යො ඛො ආවුසො අම්හාකං” රාත්‍රියෙහි මන්ත්‍රණය කරන්නාහු ඉකුත් දිවසභාගය සඳහා “හීය්‍යො”යි කියත්. “න චිත්තරූපං” සිත් සේ නොවේ. පෙර යම්සේ යම් පමණ කැමතිවෙත්ද, එපමණ සයනය කරත්, එසේ සයනය නොකළහ. මදක්ම සයනය කළහයි කියන ලද්දේ වේ.
බහාරාමකොට්ඨකෙති වෙළුවනවිහාරස්ස බහිද්වාරකොට්ඨකෙ. පත්තක්ඛන්ධාති පතිතක්ඛන්ධා ඛන්ධට්ඨිකං නාමෙත්වා නිසින්නා. පජ්ඣායන්තාති පධූපායන්තා.
“බහාරාමකොට්ඨකෙ” වේළුවන විහාරයෙහි දොරකොටුවෙන් පිටත. “පත්තක්ඛන්ධා” නැමූ කඳ ඇත්තාහු. කඳට නමා හුන්නාහු. “පජ්ඣායන්ති” ක්‍රෝධ වශයෙන් දුම් නගන්නාහු.
යතො නිවාතං තතො සවාතන්ති යත්ථ නිවාතං අප්පකොපි වාතො නත්ථි, තත්ථ මහාවාතො උට්ඨිතොති අධිප්පායො. උදකං මඤ්ඤෙ ආදිත්තන්ති උදකං විය ආදිත්තං.
“යතො නිවාතං තතො පවාතං” යම්තැනක (හමායන) වාතය නැත්තේද, මදවූද වාතයක් නැත්තේද, එහි මහාවාතයක් නැගී ගියේය යන අදහසය. “උදකං මඤ්ඤෙ ආදිත්තං” දිය ඇවිලගත්තක් මෙන්
සරසි ත්වං දබ්බ එවරූපං කත්තාති ත්වං දබ්බ එවරූපං කත්තා සරසි. අථ වා සරසි ත්වං දබ්බ එවරූපං යථායං භික්ඛුනී ආහ, කත්තා ධාසි එවරූපං, යථායං භික්ඛුනී ආහාති එවං යොජෙත්වාපෙත්ථ අත්ථො දට්ඨබ්බො. යෙ පන “කත්වා”ති පඨන්ති තෙසං උජුකමෙව.
“සරසි ත්වං දබ්බ එවරූපං කත්තා” දබ්බ තෝ මෙබන්දක් කළේ සිහි කිරීමෙන්ද? නොහොත් මේ මෙහෙණ යම්සේ කීවාද, එබන්දක් හෝ සිහි කෙරෙහිද, යම්සේ මේ මෙහෙණ කීවාද එබන්දක් හෝ කෙළෙහිම වෙහිදැයි මෙසේ යොදාද මෙහි අර්ත්ථ දතයුතුය. යම් කෙනෙක් ‘කත්වා’යි හදාරත්ද, ඔවුන්ගේ ප්‍රථම අර්ත්ථග්රහණය ඍජුම වේ.
යථා මං භන්තෙ භගවා ජානාතීති ථෙරො කිං දස්සෙති. භගවා භන්තෙ සබ්බඤ්ඤූ, අහඤ්ච ඛීණාසවො, නත්ථි මය්හං වත්ථුපටිසෙවනා, තං මං භගවා ජානාති, තත්රාහං කිං වක්ඛාමි, යථා මං භගවා ජානාති තථෙවාහං දට්ඨබ්බොති.
“යථා මං භන්තෙ භගවා ජානාති” ස්ථවිර තෙමේ මෙයින් කුමක් දක්වාද, ‘ස්වාමීනි’ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දත් සේක. මමද ක්ෂය කළ ආශ්‍රව ඇත්තෙමි. මාගේ මෛථුන ධර්ම සෙවනයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඒ මා දන්නා සේක. භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නා සේක්නම් එහිලා මම කුමක් කියම්ද, එසේම මම දතයුතුවෙමියි සැලකෙළේය.
න ඛො දබ්බ දබ්බා එවං නිබ්බෙඨෙන්තීති එත්ථ න ඛො දබ්බ පණ්ඩිතා යථා ත්වං පරප්පච්චයෙන නිබ්බෙඨෙසි, එවං නිබ්බෙඨෙන්ති; අපි ච ඛො යදෙව සාමං ඤාතං තෙන නිබ්බෙඨෙන්තීති එවමත්ථො දට්ඨබ්බො. සචෙ තයා කතං කතන්ති ඉමිනා කිං දස්සෙති? න හි සක්කා පරිසබලෙන වා පක්ඛුපත්ථම්භෙන වා අකාරකො කාරකො කාතුං, කාරකො වා අකාරකො කාතුං, තස්මා යං සයං කතං වා අකතං වා තදෙව වත්තබ්බන්ති දස්සෙති. කස්මා පන භගවා ජානන්තොපි “අහං ජානාමි, ඛීණාසවො ත්වං; නත්ථි තුය්හං දොසො, අයං භික්ඛුනී මුසාවාදිනී”ති නාවොචාති? පරානුද්දයතාය. සචෙ හි භගවා යං යං ජානාති තං තං වදෙය්ය, අඤ්ඤෙන පාරාජිකං ආපන්නෙන පුට්ඨෙන “අහං ජානාමි ත්වං පාරාජිකො”ති වත්තබ්බං භවෙය්ය, තතො සො පුග්ගලො “අයං පුබ්බෙ දබ්බං මල්ලපුත්තං සුද්ධං කත්වා ඉදානි මං අසුද්ධං කරොති; කස්ස දානි කිං වදාමි, යත්ර සත්ථාපි සාවකෙසු ඡන්දාගතිං ගච්ඡති; කුතො ඉමස්ස සබ්බඤ්ඤුභාවො”ති ආඝාතං බන්ධිත්වා අපායූපගො භවෙය්ය, තස්මා භගවා ඉමාය පරානුද්දයතාය ජානන්තොපි නාවොච.
‘න ඛො දබ්බ දබ්බා එවං නිබ්බෙට්ඨෙන්ති” යන මෙහි ‘දබ්බ’ තෝ අන්‍ය ප්‍රත්‍යයක් හේතුකොට යම්සේ නිරවුල් කෙරෙහිද පණ්ඩිතයෝ එසේ නිරවුල් නොකෙරෙති, තවද යමක් තමන් විසින් දන්නා ලද්දේ ද එයින් නිරවුල් කෙරෙත්යි මෙසේ අර්ත්ථ දතයුතුය. “සචෙ තයා කතං කතං” මෙයින් කුමක් දක්වනසේක්ද යත්:- පිරිස බලයෙන් හෝ පක්ෂයක රුකුල්දීමෙන් අකාරකයෙකු කාරකයෙකු කරන්නට හෝ කාරකයෙකු අකාරකයෙකු කරන්නට හෝ නොහැක්කේය. එහෙයින් යමක් තමන් විසින් කරන ලද්දේ හෝ නොකරන ලද්දේ හෝවේද, එයම කියයුතුයයි දක්වන සේක. කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක්ද, ‘මම දනිමි, තෝ ක්ෂීණාශ්රව වෙහි. තට දොෂයක් නැත්තේය, මේ මෙහෙණ බොරු කියන්නී යයි නොවදාළ සේක්ද යත්: පරහට අනුකම්පා ඇති බැවිනි. භාග්‍යවතුන් වහන්සේ යමක් යමක් දන්නාසේද, ඒ ඒ වදාරන සේක් නම්, පරිජියයට පැමිණි අන්‍යයකු විසින් විචාරණ ලද්දහු මම දනිමි, තෝ පරිජීවූයෙහියි කියයුතු වන්නේය. එහෙයින් ඒ පුද්ගල තෙමේ ‘මේ භාග්‍යවත්තෙමේ පෙර දබ්බමල්ලපුත්රයා පිරිසිදුකොට දැන් අපිරිසිදු කරන්නේය. දැන් කවරක්හට කුමක් කියම්ද, යම් තැනක ශාස්තෲතෙමේද ශ්‍රාවකයන් කෙරෙහි ඡන්දයෙන් අගතියට යන්නේය, මොහුට සර්වඥභාවයක් කොයින්දැයි වෛර බැඳ අපායට පැමිණෙන්නෙක් වන්නේද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පරහට අනුකම්පා ඇති බැවින් දන්නා සේක්ද, නොවදාළ සේක.
කිඤ්ච භිය්යො උපවාදපරිවජ්ජනතොපි නාවොච. යදි හි භගවා එවං වදෙය්ය, එවං උපවාදො භවෙය්ය “දබ්බස්ස මල්ලපුත්තස්ස වුට්ඨානං නාම භාරියං, සම්මාසම්බුද්ධං පන සක්ඛිං ලභිත්වා වුට්ඨිතො”ති. ඉදඤ්ච වුට්ඨානලක්ඛණං මඤ්ඤමානා “බුද්ධකාලෙපි සක්ඛිනා සුද්ධි වා අසුද්ධි වා හොති මයං ජානාම, අයං පුග්ගලො අසුද්ධො”ති එවං පාපභික්ඛූ ලජ්ජිම්පි විනාසෙය්යුන්ති. අපිච අනාගතෙපි භික්ඛූ ඔතිණ්ණෙ වත්ථුස්මිං චොදෙත්වා සාරෙත්වා “සචෙ තයා කතං, ‘කත’න්ති වදෙහී”ති ලජ්ජීනං පටිඤ්ඤං ගහෙත්වා කම්මං කරිස්සන්තීති විනයලක්ඛණෙ තන්තිං ඨපෙන්තො “අහං ජානාමී”ති අවත්වාව “සචෙ තයා කතං, ‘කත’න්ති වදෙහී”ති ආහ.
තවද බොහෝසේ උපවාද දුරුකිරීම් වසයෙන්ද නොවදාළ සේක. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරන සේක් නම්, දබ්බමල්ලපුත්රයාගේ නැගී සිටීම නම් බැරෑරුම්ය. සම්‍යක්සම්බුද්ධයන් සාක්ෂ්යයට ලැබ නැගී සිටියේයයි මෙසේ උපවාදයක් වන්නේය. මේ උත්ථාන ලක්ෂණයයි හඟිමින් ‘බුද්ධ කාලයෙහිද සාක්ෂියෙන් ශුද්ධිය හෝ අශුද්ධිය වේ. ‘මේ පුද්ගල තෙමේ අපිරිසිදුයයි අපි දනුම්හයි මෙසේ පාපභික්‍ෂූහු ලජ්ජීන්ද නසන්නාහ. තවද අනාගතයෙහිද භික්ෂූහු වස්තුව අවතීර්ණවූ කල්හි චෝදනාකොට සිහිකරවා ‘ඉදින් තා විසින් කරන ලද්දේ නම් කරන ලද්දේ යයි කියවයි ලජ්ජින්ගේ ප්‍රතිඥාව ගෙන කර්ම කරන්නාහයි විනය ලක්ෂණයෙහි පෙල තබමින් ‘මම දනිමියි නොකියා ඉදින් තා විසින් කරන ලද්දේ නම් කරන ලද්දේ යයි කියවයි වදාළ සේක.
නාභිජානාමි සුපිනන්තෙනපි මෙථුනං ධම්මං පටිසෙවිතාති සුපිනන්තෙනපි මෙථුනං ධම්මං න අභිජානාමි, න පටිසෙවිතා අහන්ති වුත්තං හොති. අථ වා පටිසෙවිතා හුත්වා සුපිනන්තෙනපි මෙථුනං ධම්මං න ජානාමීති වුත්තං හොති. යෙ පන “පටිසෙවිත්වා”ති පඨන්ති තෙසං උජුකමෙව. පගෙව ජාගරොති ජාගරන්තො පන පඨමංයෙව න ජානාමීති.
“නාභිජානාමි සුපිනන්තෙනපි මෙථුනං ධම්මං පතිසෙවිතා” සිහිනෙනුදු මෙවුන්දමක් නොදනිමි. මම මෙවුන්දම් සේවනය නොකෙළෙමියි කියන ලද්දේ වේ. නොහොත් පිළිසෙවුනෙක්ව සිහිනෙන්වත් මෛථුන ධර්මයක් නොදනිමියි කියන ලද්දේ වේ. යම්කෙනෙක් ‘පතිසෙවිත්වායි හදාරත්ද, ඔවුන්ගේ අර්ත්ථග්රහණය ඍජුම වේ. “පගෙව ජාගරො” නොනිදන්නේ වනාහි පළමුකොට නොදනිමියි.
තෙන හි භික්ඛවෙ මෙත්තියං භික්ඛුනිං නාසෙථාති යස්මා දබ්බස්ස ච ඉමිස්සා ච වචනං න ඝටීයති තස්මා මෙත්තියං භික්ඛුනිං නාසෙථාති වුත්තං හොති.
“තෙන හි භික්ඛවෙ මෙත්තියං භික්ඛුනිං නාසෙථ” යම්හෙයකින් දබ්බගේද මේ මෙත්නියාවගේද වදන් නොගැළපේද, එහෙයින් මෙත්තියා මෙහෙණ සුදුවත් දී ලිඞ්ගනාසනයෙන් නසවු’යි වදාරන ලද්දේය.
තත්ථ තිස්සො නාසනා – ලිඞ්ගනාසනා, සංවාසනාසනා, දණ්ඩකම්මනාසනාති. තාසු “දූසකො නාසෙතබ්බො”ති (පාරා· 66) අයං “ලිඞ්ගනාසනා”. ආපත්තියා අදස්සනෙ වා අප්පටිකම්මෙ වා පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ වා උක්ඛෙපනීයකම්මං කරොන්ති, අයං “සංවාසනාසනා”. “චර පිරෙ විනස්සා”ති (පාචි· 429) දණ්ඩකම්මං කරොන්ති, අයං “දණ්ඩකම්මනාසනා”. ඉධ පන ලිඞ්ගනාසනං සන්ධායාහ – “මෙත්තියං භික්ඛුනිං නාසෙථා”ති.
එහි ලිඞ්ගනාසනා-සංවාස නාසනා- දණ්ඩකම්මනාසනායි නාසනා තුනක් වේ. ඔවුනතුරෙහි දූෂකතෙමේ නැසිය යුත්තේය යන මෙය ලිඞ්ගනාසනාය. ඇවැත් නොදැක්මෙහි හෝ පිළියම් නොකිරීමෙහි හෝ ලාමක දෘෂ්ටිය අත්නොහැරීමෙහි හෝ උත්ක්‍ෂෙපණීය කෙරෙත්ද මෙය සංවාසනාසනාය. යව, මමත්වයක් නැත්තාවූ තෝ අදර්ශනයට යවයි දඩුවම් කෙරෙත්ද මෙය දණ්ඩකම්මනාසනාය. මෙහි වනාහි ලිඞ්ගනාසනය සඳහා ‘මෙත්තියං භික්ඛුනං නාසෙථ’ යයි වදාළ සේක.
ඉමෙ ච භික්ඛූ අනුයුඤ්ජථාති ඉමිනා ඉමං දීපෙති “අයං භික්ඛුනී අත්තනො ධම්මතාය අකාරිකා අද්ධා අඤ්ඤෙහි උය්යොජිතා, තස්මා යෙහි උය්යොජිතා ඉමෙ භික්ඛූ අනුයුඤ්ජථ ගවෙසථ ජානාථා”ති.
“ඉමෙ ච භික්ඛු අනුයුඤ්ජථ” මෙයින් මේ මෙහෙණ තමාගේ ධර්මතාවෙන් නොකළාය. ඒකාන්තයෙන් අන්‍යයන් විසින් යොදන ලද්දීය. එහෙයින් යම්කෙනෙකුන් විසින් යොදන ලද්දී ද, ඒ මහණුන් විමසවු, සොයවු, දනිවුයි මෙය දක්වා වදාළ සේක.
කිං පන භගවතා මෙත්තියා භික්ඛුනී පටිඤ්ඤාය නාසිතා අප්පටිඤ්ඤාය නාසිතාති, කිඤ්චෙත්ථ යදි තාව පටිඤ්ඤාය නාසිතා, ථෙරො කාරකො හොති සදොසො? අථ අප්පටිඤ්ඤාය, ථෙරො අකාරකො හොති නිද්දොසො.
‘කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්තියා මෙහෙණ ප්‍රතිඥාවෙන් නසන ලදද, අප්රතිඥාවෙන් නසන ලදද, කිම, මෙහි පළමුකොට ප්‍රතිඥාවෙන් නසනලද නම් ස්ථවිරතෙමේ කාරක වේ. දොස් සහිත වේ. අප්රතිඥාවෙන් නසනලද නම් ස්ථවිරතෙමේ අකාරක වේ. නිදොස් වේ.
භාතියරාජකාලෙපි මහාවිහාරවාසීනඤ්ච අභයගිරිවාසීනඤ්ච ථෙරානං ඉමස්මිංයෙව පදෙ විවාදො අහොසි. අභයගිරිවාසිනොපි අත්තනො සුත්තං වත්වා “තුම්හාකං වාදෙ ථෙරො කාරකො හොතී”ති වදන්ති. මහාවිහාරවාසිනොපි අත්තනො සුත්තං වත්වා “තුම්හාකං වාදෙ ථෙරො කාරකො හොතී”ති වදන්ති. පඤ්හො න ඡිජ්ජති. රාජා සුත්වා ථෙරෙ සන්නිපාතෙත්වා දීඝකාරායනං නාම බ්රාහ්මණජාතියං අමච්චං “ථෙරානං කථං සුණාහී”ති ආණාපෙසි. අමච්චො කිර පණ්ඩිතො භාසන්තරකුසලො සො ආහ – “වදන්තු තාව ථෙරා සුත්ත”න්ති. තතො අභයගිරිථෙරා අත්තනො සුත්තං වදිංසු – “තෙන හි, භික්ඛවෙ, මෙත්තියං භික්ඛුනිං සකාය පටිඤ්ඤාය නාසෙථා”ති. අමච්චො “භන්තෙ, තුම්හාකං වාදෙ ථෙරො කාරකො හොති සදොසො”ති ආහ. මහාවිහාරවාසිනොපි අත්තනො සුත්තං වදිංසු – “තෙන හි, භික්ඛවෙ, මෙත්තියං භික්ඛුනිං නාසෙථා”ති. අමච්චො “භන්තෙ, තුම්හාකං වාදෙ ථෙරො අකාරකො හොති නිද්දොසො”ති ආහ. කිං පනෙත්ථ යුත්තං? යං පච්ඡා වුත්තං විචාරිතඤ්හෙතං අට්ඨකථාචරියෙහි, භික්ඛු භික්ඛුං අමූලකෙන අන්තිමවත්ථුනා අනුද්ධංසෙති, සඞ්ඝාදිසෙසො; භික්ඛුනිං අනුද්ධංසෙති, දුක්කටං. කුරුන්දියං පන “මුසාවාදෙ පාචිත්තිය”න්ති වුත්තං.
භාතිය රජුගේ කාලයෙහිද මහාවිහාරවාසීවූද, අභයගිරි විහාරවාසීවූද තෙරුන්ගේ මෙම පදයෙහිම විවාදයක් වූයේය. අභයගිරිවාසීහුද තමන්ගේ සූත්‍රය කියා ‘යුෂ්මතුන්ගේ වාදයෙහි ස්ථවිරතෙමේ කාරක වේයයි කියත්. මහාවිහාරවාසීහුද තමන්ගේ සූත්‍රය කියා ‘යුෂ්මතුන්ගේ වාදයෙහි ස්ථවිරතෙමේ කාරකවේයයි කියත්. ප්රශ්නය නොසිඳේ. රජතෙමේ අසා තෙරුන් රැස් කරවා දීඝකාරායණ නම් බ්‍රාහ්මණ ජාතික අමාත්යායාහට තෙරුන්ගේ කතාව අසවයි අණකෙළේය. අමාත්‍යතෙමේ පණ්ඩිතය. භාෂාන්තරයෙහි දක්ෂය. හෙතෙමේ ‘තෙරහු සූත්‍රය කියත්වායි කීයේය. ඉක්බිති අභයගිරිවාසීවූ තෙරහු ‘මහණෙනි, එසේ වීනම් මෙත්තියා මෙහෙණී ස්වකීය ප්‍රතිඥාවෙන් නසවු’යි තමන්ගේ සූත්‍රය කීහ. අමාත්‍යතෙමේ ‘ස්වාමිනි ඔබවහන්සේලාගේ වාදයෙහි ස්ථවිරතෙමේ කාරකයෙක් වේයයි. දොස් සහිතය’යි කීයේය. මහාවිහාරවාසීහුද ‘මහණෙනි’ එසේවීනම් මෙත්තියා මෙහෙණ නසවු’යි තමන්ගේ සූත්‍රය කීහ. අමාත්‍යතෙමේ ‘ස්වාමිනි ඔබවහන්සේලාගේ වාදයෙහි ස්ථවිරතෙමේ කාරකයෙක් වේයයි කීයේය. මෙහි වනාහි කුමක් සුදුසුවේද, යමක් පසුව කියන ලදද, මෙය අර්ත්ථකථාචාර්ය්යන් විසින් විමසන ලද්දේය. මහණෙක් මහණකු අමූලික වූ අන්තිමවස්තුවකින් චොදනා කෙරේනම් සඞ්ඝාදිසෙසය වේ. මෙහෙණකට චොදනාකෙරේ නම් දුක්කටය වේ. කුරුන්දියෙහි වනාහි මෙහෙණකට චෝදනා කරන මහණහුට මුසාවාදයෙහි පාචිත්තියයි කියනලදි.
තත්රායං විචාරණා, පුරිමනයෙ තාව අනුද්ධංසනාධිප්පායත්තා දුක්කටමෙව යුජ්ජති. යථා සතිපි මුසාවාදෙ භික්ඛුනො භික්ඛුස්මිං සඞ්ඝාදිසෙසො, සතිපි ච මුසාවාදෙ අසුද්ධං සුද්ධදිට්ඨිනො අක්කොසාධිප්පායෙන වදන්තස්ස ඔමසවාදෙනෙව පාචිත්තියං, න සම්පජානමුසාවාදෙන; එවං ඉධාපි අනුද්ධංසනාධිප්පායත්තා සම්පජානමුසාවාදෙ පාචිත්තියං න යුජ්ජති, දුක්කටමෙව යුත්තං. පච්ඡිමනයෙපි මුසාවාදත්තා පාචිත්තියමෙව යුජ්ජති, වචනප්පමාණතො හි අනුද්ධංසනාධිප්පායෙන භික්ඛුස්ස භික්ඛුස්මිං සඞ්ඝාදිසෙසො. අක්කොසාධිප්පායස්ස ච ඔමසවාදො. භික්ඛුස්ස පන භික්ඛුනියා දුක්කටන්තිවචනං නත්ථි, සම්පජානමුසාවාදෙ පාචිත්තියන්ති වචනමත්ථි, තස්මා පාචිත්තියමෙව යුජ්ජති.
ඒ දුක්කට පාචිත්ති දෙක්හි මේ විමසීමය. ‘මෙහෙණකට චෝදනා කෙරේනම් දුක්කටය වේයයි ප්‍රථම මහාර්ත්ථකථානයෙහි චෝදනා කිරීමෙහි අදහස ඇති බැවින් දුක්කටයම යෙදේ. මුසාවාදය ඇති කල්හිද මහණක්හට අමූලික අන්තිම වස්තුවෙන් චෝදනා කරන මහණහට සඞ්ඝාදිසෙසය වේ. මුසාවාදය ඇතිකල්හිද අපිරිසිදුවූවෙකුට ශුද්ධදෘෂ්ටි ඇතිව ආක්‍රෝෂ කරන අදහසින් කියන්නහුට ඔමසවාදහෙතුවෙන්ම පාචිත්තිය වේ. දැන බොරුකීමෙන් නොවේ. මෙහිද එසේ ආකොෂ කරන අදහස ඇති බැවින් දැන බොරු කීමෙහි පාචිත්තිය නොයෙදේ දුක්කටයම යුතුවේ. මෙහෙණකට චෝදනා කරන මහණහට මුසාවාදය නිමිතිකොට පාචිත්තිය වේයයි කුරුන්දියෙහි කියූ පශ්චිමනයෙහි, මුසාවාදය බැවින් පාචිත්තියම යෙදේ. බුදුරජුන් වදාළ පාළිවචනය ප්‍රමාණ විසින් ගෙන චෝදනාකරන අදහසින් මහණක්ට චෝදනා කරන මහණහුට සඞ්ඝාදිසෙසය වේ. ආක්‍රෝෂ කිරීමෙහි අදහස ඇත්තහුටද ඔමසවාදපාචිත්තිය වේ. මහණහුට මෙහෙණකට චෝදනා කිරීම නිමිතිකොට දුක්කටය වේයයි වචනයක් නැත්තේය. දැන බොරු කීමෙහි පාචිත්තියවේය යන වචනය ඇත්තේය. එහෙයින් පාචිත්තියම යෙදේ.
තත්ර පන ඉදං උපපරික්ඛිතබ්බං – “අනුද්ධංසනාධිප්පායෙ අසති පාචිත්තියං, තස්මිං සති කෙන භවිතබ්බ”න්ති? තත්ර යස්මා මුසා භණන්තස්ස පාචිත්තියෙ සිද්ධෙපි අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසනෙ විසුං පාචිත්තියං වුත්තං, තස්මා අනුද්ධංසනාධිප්පායෙ සති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්ස ඔකාසො න දිස්සති, න ච සක්කා අනුද්ධංසෙන්තස්ස අනාපත්තියා භවිතුන්ති පුරිමනයොවෙත්ථ පරිසුද්ධතරො ඛායති. තථා භික්ඛුනී භික්ඛුනිං අමූලකෙන අන්තිමවත්ථුනා අනුද්ධංසෙති සඞ්ඝාදිසෙසො, භික්ඛුං අනුද්ධංසෙති දුක්කටං, තත්ර සඞ්ඝාදිසෙසො වුට්ඨානගාමී දුක්කටං, දෙසනාගාමී එතෙහි නාසනා නත්ථි. යස්මා පන සා පකතියාව දුස්සීලා පාපභික්ඛුනී ඉදානි ච සයමෙව “දුස්සීලාම්හී”ති වදති තස්මා නං භගවා අසුද්ධත්තායෙව නාසෙසීති.
එහෙයින් පාචිත්තියම යෙදේ යන ඒ වාදයෙහි මේ කාරණය පරීක්ෂා කටයුතුය. චෝදනා කිරීමෙහි අදහස නැති කල්හි පාචිත්තිය වේ. එය ඇතිකල්හි කුමක් වියයුතුද? යම්හෙයකින් එහි බොරු කියන්නහුට පාචිත්තිය සිද්ධකල්හිද අමූලික සඞ්ඝාදිසෙසයෙන් චෝදනා කිරීමෙහි සම්පජාන මුසාවාදයෙන් වෙන්ව පාචිත්තිය කියන ලද්දේ ද, එහෙයින් චෝදනා කරන අදහස ඇති කල්හි දැන බොරු කීම නිමිතිකොට ඇති පාචිත්තියට අවකාශයක් නොපෙනේ. චෝදනා කරන්නහුට නිරාපත්තිය වන්නට නොහැකියයි පළමුනයම මෙහි ඉතා පිරිසිදුයයි වැටහේ. එසේ මෙහෙණක් මෙහෙණකට අමුලිකවූ අන්තිම වස්තුවකින් චොදනාකෙරේද සඞ්ඝාදිසෙසය වේ. මහණක්හට චොදනා කෙරේද දුක්කටය වේ. එහි සඞ්ඝාදිසෙසය උත්ථානගාමී වේ. දුක්කටය දෙශනාගාමී වේ. මෙයින් නැසීමක් නැත්තේය. යම්හෙයකින් ඕතොමෝ ප්‍රකෘතියෙන්ම දුශ්ශීලවූ ලාමක මෙහෙණක දැන් තොමෝම දුශ්ශීල වෙමියි කිවුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඇය අපිරිසිදු බැවින්ම නැසූ සේක.
අථ ඛො මෙත්තියභූමජකාති එවං “මෙත්තියං භික්ඛුනිං නාසෙථ, ඉමෙ ච භික්ඛූ අනුයුඤ්ජථා”ති වත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෙ භගවති තෙහි භික්ඛූහි “දෙථ දානි ඉමිස්සා සෙතකානී”ති නාසියමානං තං භික්ඛුනිං දිස්වා තෙ භික්ඛූ තං මොචෙතුකාමතාය අත්තනො අපරාධං ආවිකරිංසු, එතමත්ථං දස්සෙතුං “අථ ඛො මෙත්තියභූමජකා”තිආදි වුත්තං.
“අථ ඛො මෙත්තිය භුම්මජකා” මෙසේ මෙත්තියා මෙහෙණ නසවු. මේ මහණුන්ද විමසවු’යි වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට පිවිසිකල්හි ඒ භික්ෂූන් විසින් ‘මැයට දැන් සුදුවත් දෙවු’යි නසනු ලබන ඒ මෙහෙණ දැක ඒ මහණෝ ඇය මුදාගනු කැමැති බැවින් තමන්ගේ අපරාධය ප්‍රකාශ කළහ. මේ කරුණ දක්වනු පිණිස ‘අථ ඛො මෙත්තියභූම්මජකා’ යනාදිය වදාළ සේක.
දුට්ඨො දොසොති දූසිතො චෙව දූසකො ච. උප්පන්නෙ හි දොසෙ පුග්ගලො තෙන දොසෙන දූසිතො හොති පකතිභාවං ජහාපිතො, තස්මා “දුට්ඨො”ති වුච්චති. පරඤ්ච දූසෙති විනාසෙති, තස්මා “දොසො”ති වුච්චති. ඉති “දුට්ඨො දොසො”ති එකස්සෙවෙතං පුග්ගලස්ස ආකාරනානත්තෙන නිදස්සනං, තෙන වුත්තං “දුට්ඨො දොසොති දූසිතො චෙව දූසකො චා”ති තත්ථ සද්දලක්ඛණං පරියෙසිතබ්බං. යස්මා පන සො “දුට්ඨො දොසො”ති සඞ්ඛ්‍යං ගතො පටිඝසමඞ්ගීපුග්ගලො කුපිතාදිභාවෙ ඨිතොව හොති, තෙනස්ස පදභාජනෙ “කුපිතො”තිආදි වුත්තං. තත්ථ කුපිතොති කුප්පභාවං පකතිතො චවනභාවං පත්තො. අනත්තමනොති න සකමනො අත්තනො වසෙ අට්ඨිතචිත්තො; අපිච පීතිසුඛෙහි න අත්තමනො න අත්තචිත්තොති අනත්තමනො. අනභිරද්ධොති න සුඛිතො න වා පසාදිතොති අනභිරද්ධො. පටිඝෙන ආහතං චිත්තමස්සාති ආහතචිත්තො. චිත්තථද්ධභාවචිත්තකචවරසඞ්ඛාතං පටිඝඛීලං ජාතමස්සාති ඛිලජාතො. අප්පතීතොති නප්පතීතො පීතිසුඛාදීහි වජ්ජිතො, න අභිසටොති අත්ථො. පදභාජනෙ පන යෙසං ධම්මානං වසෙන අප්පතීතො හොති, තෙ දස්සෙතුං “තෙන ච කොපෙනා”තිආදි වුත්තං.
“දුට්ඨො දොසො” දූෂිතවන ලද්දේ ද දූෂණය කරන්නේ ද වේ. දොසයක් උපන් කල්හි ඒ දොසයෙන් පුද්ගල තෙමේ දූෂිත වේ. ප්‍රකෘතිභාවය හරවන ලද්දේය, එහෙයින් දුට්ඨයි කියනු ලැබේ. අන්හුද දූෂණය කරයි. නසයි. එහෙයින් දොස’යි කියනු ලැබේ. මෙසේ දුට්ඨො, දොසො, යන මෙය එක්ම පුද්ගලයෙකුහුගේ ආකාරනානාත්වයෙන් දැක්වීමය. එහෙයින් “දුට්ඨො දොසොති දූසිතො චෙව දූසකො ච” යනු කියන ලද්දේය. එහි ශබ්ද ලක්ෂණ සෙවිය යුතුය. යම්හෙයකින් හෙතෙමේ දුට්ඨ, දොසයි ගිනීමට ගියේද, එහෙයින් ප්‍රතිඝයෙන් යුක්ත පුද්ගලතෙමේ කුපිතාදිභාවයෙහි සිටියේම වේ. එහෙයින් මේ පදයේ පදභාජනයෙහි “කුපිතො” යනාදිය වදාරන ලද්දේය. එහි ‘කුපිතො’ කිපුණුබවට ප්‍රකෘතියෙන් ගිලිහුණු බවට පැමිණියේ. “අනත්තමතො” නොසතුටු සිතැත්තේ තමන්ගේ වශයෙහි නොපිහිටි සිතැත්තේ. නොහොත් ප්‍රීති සුඛයෙන් නොසතුටුවූයේ. තම සිතැත්තේ නොවූයේ අනත්තමනනම. “අනභිරද්ධො” සුඛිත නොවූයේ නොපැහැදුනේ අනභිරද්ධ නම. ප්‍රතිඝයෙන් වැඩුණු සිත මොහුට ඇත්තේනුයි. ආභතචිත්ත නම. සිත්හි තදබව නමැති සිත්හි කසළැයි කියූ ප්රතිඝහුල් හටගත්තේ මොහුටනුයි ඛීලජාත නම. “අප්පතීතො” නොසතුටුවූයේ ප්‍රීති සුඛයෙන් තොරවූයේ. ප්‍රීති සුඛයෙන් යුක්ත නොවූයේය යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහි වනාහි යම් ධර්ම කෙනෙකුන්ගේ වසයෙන් නොසතුටුවේද, ඒ ධර්ම දක්වන්නට “තෙනච කොපෙන”, යනාදිය කියන ලදය.
තත්ථ තෙන ච කොපෙනාති යෙන දුට්ඨොති ච කුපිතොති ච වුත්තො උභයම්පි හෙතං පකතිභාවං ජහාපනතො එකාකාරං හොති. තෙන ච දොසෙනාති යෙන “දොසො”ති වුත්තො. ඉමෙහි ද්වීහි සඞ්ඛාරක්ඛන්ධමෙව දස්සෙති.
එහි “තෙන ච කොපෙන” යමකින් දුට්ඨය කුපිතයයි කියන ලද්දේ ද මේ දෙකම ප්‍රකෘතිය දුරුකරවන බැවින් ඒකාකාර වේ. “තෙන ච දොසෙන” යම් දොසයකින් දොසයි කියන ලද්දේද, මේ දෙපදයෙම සංස්කාරස්කන්ධයම දක්වන සේක.
තාය ච අනත්තමනතායාති යාය “අනත්තමනො”ති වුත්තො. තාය ච අනභිරද්ධියාති යාය “අනභිරද්ධො”ති වුත්තො. ඉමෙහි ද්වීහි වෙදනාක්ඛන්ධං දස්සෙති.
“තාය ච අනත්තමන්තාය” යමකින් අනත්තමනයයි කියන ලද්දේ ද, “තාය ච අනභිරද්ධියා” යමකින් අනභිරද්ධ යයි කියන ලද්දේ ද මේ දෙපදයෙන් වෙදනාස්කන්ධය දක්වන සේක.
අමූලකෙන පාරාජිකෙනාති එත්ථ නාස්ස මූලන්ති අමූලකං, තං පනස්ස අමූලකත්තං යස්මා චොදකවසෙන අධිප්පෙතං, න චුදිතකවසෙන. තස්මා තමත්ථං දස්සෙතුං පදභාජනෙ “අමූලකං නාම අදිට්ඨං අසුතං අපරිසඞ්කිත”න්ති ආහ. තෙන ඉමං දීපෙති “යං පාරාජිකං චොදකෙන චුදිතකම්හි පුග්ගලෙ නෙව දිට්ඨං න සුතං න පරිසඞ්කිතං ඉදං එතෙසං දස්සනසවනපරිසඞ්කාසඞ්ඛාතානං මූලානං අභාවතො අමූලකං නාම, තං පන සො ආපන්නො වා හොතු අනාපන්නො වා එතං ඉධ අප්පමාණන්ති.
“අමූලකෙන පාරාජිකෙන” මෙහි මොහුට මුල් නැත්තේනුයි අමූලක නම. මොහුගේ ඒ අමූලකභාවය යම්හෙයකින් චොදකයාගේ වසයෙන් අදහස් කරන ලද්දේ ද, චුදිතකයා වසයෙන් අදහස් නොකරන ලද්දේද, එහෙයින් එකරුණ දක්වන්නට පදභාජනයෙහි අමූලකය නම් නොදක්නා ලද්දේය. නොඅසන ලද්දේය. සැක නොකරන ලද්දේ යයි වදාළ සේක. එයින් යම් පාරාජිකයක් චොදකයා විසින් චුදිත පුද්ගලයා කෙරෙහි නොදක්නා ලද්දේ ද නොඅසන ලද්දේ ද නොසැකකරන ලද්දේද මේ දැකීම් ඇසීම් සැකකිරීම්යි කියන ලද මුල් නැති බැවින් අමූලක නම. ‘මෙතෙමේ එයට පැමිණියේ හෝ වේවා, නොපැමිණියේ හෝ වේවා, මෙය මෙහි අප්‍රමාණයයි මෙය දක්වන සේක.
තත්ථ අදිට්ඨං නාම අත්තනො පසාදචක්ඛුනා වා දිබ්බචක්ඛුනා වා අදිට්ඨං. අසුතං නාම තථෙව කෙනචි වුච්චමානං න සුතං. අපරිසඞ්කිතං නාම චිත්තෙන අපරිසඞ්කිතං.
එහි “අදිට්ඨං” තමන්ගේ ප්‍රසාද චක්ෂුසින් හෝ දිව්‍යචක්‍ෂුසින් හෝ නොදක්නා ලද්දේය. “අසුතං” එසේම කිසිවෙකු විසින් කියනු ලබන්න නොඅසන ලද්දේය. “අපරිසඞ්කිතං” සිතින් නොසැක කරන ලද්දේය.
“දිට්ඨං” නාම අත්තනා වා පරෙන වා පසාදචක්ඛුනා වා දිබ්බචක්ඛුනා වා දිට්ඨං. “සුතං” නාම තථෙව සුතං. “පරිසඞ්කිත”ම්පි අත්තනා වා පරෙන වා පරිසඞ්කිතං. තත්ථ අත්තනා දිට්ඨං දිට්ඨමෙව, පරෙහි දිට්ඨං අත්තනා සුතං, පරෙහි සුතං, පරෙහි පරිසඞ්කිතන්ති ඉදං පන සබ්බම්පි අත්තනා සුතට්ඨානෙයෙව තිට්ඨති.
“දිට්ඨං” තමන් විසින් හෝ අන්හු විසින් හෝ ප්රසාදචක්ෂුසින් හෝ දිවැසින් හෝ දක්නා ලද්දේය. “සුතං” එසේම අසන ලද්දේය. “පරිසඞ්කිතම්පි” තමන් විසින් හෝ අන්හු විසින් හෝ සැක කරන ලද්දේය. එහි තමන් විසින් දක්නා ලද්ද දක්නා ලද්දේමය. අන්හු විසින් දක්නා ලද්ද, තමන් විසින් අසන ලද්ද, අන්හු විසින් අසන ලද්ද, අන්හු විසින් සැකකරන ලද්දැයි මේ සියල්ලම තමන් විසින් අසන ලද තැන්හිම සිටුනේය.
පරිසඞ්කිතං පන තිවිධං – දිට්ඨපරිසඞ්කිතං, සුතපරිසඞ්කිතං, මුතපරිසඞ්කිතන්ති. තත්ථ දිට්ඨපරිසඞ්කිතං නාම එකො භික්ඛු උච්චාරපස්සාවකම්මෙන ගාමසමීපෙ එකං ගුම්බං පවිට්ඨො, අඤ්ඤතරාපි ඉත්ථී කෙනචිදෙව කරණීයෙන තං ගුම්බං පවිසිත්වා නිවත්තා, නාපි භික්ඛු ඉත්ථිං අද්දස; න ඉත්ථී භික්ඛුං, අදිස්වාව උභොපි යථාරුචිං පක්කන්තා, අඤ්ඤතරො භික්ඛු උභින්නං තතො නික්ඛමනං සල්ලක්ඛෙත්වා “අද්ධා ඉමෙසං කතං වා කරිස්සන්ති වා”ති පරිසඞ්කති, ඉදං දිට්ඨපරිසඞ්කිතං නාම.
සැකකරන ලද්ද වනාහි දිට්ඨපරිසඞ්කිත - සුත්තපරිසඞ්කිත - මුතපරිසඞ්කිතයි ත්‍රිවිධ වේ. එහි දිට්ඨපරිසඞ්කිතය නම්, එක් මහණෙක් මල මූ කිස කරණකොට ගම සමීපයෙහි එක් ලැහැබකට පිවිසියේ එක්තරා ස්ත්‍රියක්ද කියිකටයුත්තක් සඳහා ඒ ලැහැබට පිවිස පෙරළා හැරුනීය. මහණ, ඒ ස්ත්‍රිය නොදුටුයේමය. ස්ත්‍රී තොමෝද ඒ මහණ නොදුටුවාය. දෙදෙනාම උනුන් නොදැකම කැමතිසේ ලැහැමින් පිටත්ව ගියහ. එක්තරා මහණෙක් ඒ දෙදෙනාගේ එතැනින් නික්මීම සලකා එකාන්තයෙන් මොවුන් විසින් කරන ලද්දේ හෝය. කරන්නාහුයි හෝ සැකකරයි. මේ වනාහි දිට්ඨපරිසඞ්කිත නම්වේ.
සුතපරිසඞ්කිතං නාම ඉධෙකච්චො අන්ධකාරෙ වා පටිච්ඡන්නෙ වා ඔකාසෙ මාතුගාමෙන සද්ධිං භික්ඛුනො තාදිසං පටිසන්ථාරවචනං සුණාති, සමීපෙ අඤ්ඤං විජ්ජමානම්පි “අත්ථි නත්ථී”ති න ජානාති, සො “අද්ධා ඉමෙසං කතං වා කරිස්සන්ති වා”ති පරිසඞ්කති, ඉදං සුතපරිසඞ්කිතං නාම.
සුතපරිසඞ්කිත නම් මෙහි ඇතැම් මහණෙක් අඳුරෙහි හෝ පිළිසන් තැනක හෝ මාගමක සමග මහණක්හුගේ එබඳු පිළිසඳර බසක් අසයි. සමීපයෙහි අන් විද්යාමනයක් ඇත්තේද නැත්තේදැයි නොදනියි. හෙතෙමේ ‘ඒකාන්තයෙන් මොවුන් විසින් කරන ලද්දේ හෝයි. නරන්නාහුයි හෝ සැකකරයි. මේ වනාහි සුතපරිසඞ්කිත නම්වේ.
මුතපරිසඞ්කිතං නාම සම්බහුලා ධුත්තා රත්තිභාගෙ පුප්ඵගන්ධමංසසුරාදීනි ගහෙත්වා ඉත්ථීහි සද්ධිං එකං පච්චන්තවිහාරං ගන්ත්වා මණ්ඩපෙ වා භොජනසාලාදීසු වා යථාසුඛං කීළිත්වා පුප්ඵාදීනි විකිරිත්වා ගතා, පුනදිවසෙ භික්ඛූ තං විප්පකාරං දිස්වා “කස්සිදං කම්ම”න්ති විචිනන්ති. තත්ර ච කෙනචි භික්ඛුනා පගෙව වුට්ඨහිත්වා වත්තසීසෙන මණ්ඩපං වා භොජනසාලං වා පටිජග්ගන්තෙන පුප්ඵාදීනි ආමට්ඨානි හොන්ති, කෙනචි උපට්ඨාකකුලතො ආභතෙහි පුප්ඵාදීහි පූජා කතා හොති, කෙනචි භෙසජ්ජත්ථං අරිට්ඨං පීතං හොති, අථ තෙ “කස්සිදං කම්ම”න්ති විචිනන්තා භික්ඛූ තෙසං හත්ථගන්ධඤ්ච මුඛගන්ධඤ්ච ඝායිත්වා තෙ භික්ඛූ පරිසඞ්කන්ති, ඉදං මුතපරිසඞ්කිතං නාම.
මුතපරිසඞ්කිත නම් බොහෝ ධූර්තයෝ රාත්‍රියෙහි මල් සුවඳ මස් සුරා ආදිය ස්ත්‍රීන් සමග එක් පිටිසර වෙහෙරකට ගොස් මණ්ඩපයක හෝ බොජුන්හල් ආදියෙහි හෝ සැපසේ කෙළ මල් ආදිය විසුරුවා ගියහ. පසුදා මහණෝ ඒ විප්‍රකාරය දැක මේ කවරක්හුගේ වැඩක්දැයි සොයත්, එහිදී පළමුකොට වත්හිසින් මණ්ඩපය හෝ බොජුන්හල හෝ පිළිදැගුම් කරන කිසි මහණකු විසින් මල් ආදීහු පහසන ලද්දාහු වෙත්. කිසිවකු විසින් උපස්ථායක කුලයෙන් ගෙනෙන ලද මල් ආදියෙන් පූජා කරන ලද්දී වේ. කිසිවෙකු විසින් බෙහෙත් පිණිස අරිෂ්ට බොන ලද්දේ වේ. එකල්හි මේ කවරෙකුගේ වැඩක්දැ’යි සොයන මහණෝ අත්හි ගඳද මුවගඳද, සිඹ ඒ මහණුන් සැකකරත්, මේ වනාහි මුතපරිසඞ්කිත නම් වේ.
තත්ථ දිට්ඨං අත්ථි සමූලකං, අත්ථි අමූලකං; දිට්ඨමෙව අත්ථි සඤ්ඤාසමූලකං, අත්ථි සඤ්ඤාඅමූලකං. එස නයො සුතෙපි. පරිසඞ්කිතෙ පන දිට්ඨපරිසඞ්කිතං අත්ථි සමූලකං, අත්ථි අමූලකං; දිට්ඨපරිසඞ්කිතමෙව අත්ථි සඤ්ඤාසමූලකං , අත්ථි සඤ්ඤාඅමූලකං. එස නයො සුතමුතපරිසඞ්කිතෙසු. තත්ථ දිට්ඨං සමූලකං නාම පාරාජිකං ආපජ්ජන්තං දිස්වාව “දිට්ඨො මයා”ති වදති, අමූලකං නාම පටිච්ඡන්නොකාසතො නික්ඛමන්තං දිස්වා වීතික්කමං අදිස්වා “දිට්ඨො මයා”ති වදති. දිට්ඨමෙව සඤ්ඤාසමූලකං නාම දිස්වාව දිට්ඨසඤ්ඤී හුත්වා චොදෙති, සඤ්ඤාඅමූලකං නාම පුබ්බෙ පාරාජිකවීතික්කමං දිස්වා පච්ඡා අදිට්ඨසඤ්ඤී ජාතො, සො සඤ්ඤාය අමූලකං කත්වා “දිට්ඨො මයා”ති චොදෙති. එතෙන නයෙන සුතමුතපරිසඞ්කිතානිපි විත්ථාරතො වෙදිතබ්බානි. එත්ථ ච සබ්බප්පකාරෙණාපි සමූලකෙන වා සඤ්ඤාසමූලකෙන වා චොදෙන්තස්ස අනාපත්ති, අමූලකෙන වා පන සඤ්ඤාඅමූලකෙන වා චොදෙන්තස්සෙව ආපත්ති.
එහි මුල් සහිත වූ දක්නා ලද්දක් ඇත්තේය. මුල් රහිතවූ දක්නා ලද්දක් ඇත්තේය. සංඥාසමූලක වූ දක්නා ලද්දක්ම ඇත්තේය. සංඥා අමුලක වූ දක්නා ලද්දක් ඇත්තේය. අසන ලද්දෙහිද මේ නයවේ. සැක කරන ලද්දෙහි වනාහි මුල් සහිතවූ දක්නාලද සැකකරන ලද්දක් ඇත්තේය. මුල්රහිතවූ දක්නාලද සැක කරන ලද්දක් ඇත්තේය. සංඥා සමූලකවූ දක්නාලද සැක කරන ලද්දක්ම ඇත්තේය. සුතමුතපරිසඞ්කිතයන්හි මේ නයවේ. එහි මුල් සහිතවූ දක්නාලද නම් පාරාජිකයට පැමිණෙන්නහු දැකම මා විසින් දක්නා ලදැයි කියාද, අමූලිකය නම් පිළිසන් තැනකින් නික්මෙන්නහු දැක ව්‍යතික්‍රමයක් නොදැක මා විසින් දක්නා ලදැයි කියාද, හේය. දක්නා ලද්දාවූම සංඥාසමූලකය නම් දැකම දක්නාලද හැඟීම් ඇත්තේම චෝදනා කෙරේද හේය. සංඥා අමුලකය නම් පෙර පාරාජිකව්යතික්රමයක් දැක පසුව නොදක්නාලද හැඟීම් ඇත්තෙක් වූයේය. හෙතෙමේ හැඟීමෙන් මුල්රහිත කොට මා විසින් දක්නා ලදැයි චෝදනා කෙරේද හේය. මෙනයින් සුතමුතපරිසඞ්කිතයෝද විස්තර වශයෙන් දතයුත්තාහ. මෙහිදී සියලු අයුරෙන්ම සමූලකයෙන් හෝ සංඥාසමූලකයෙන් හෝ චෝදනා කරන්නහුට ඇවැත් නොවේ. අමූලකයෙන් හෝ සංඥා අමූලකයෙන් හෝ චෝදනා කරන්නහුටම ඇවැත් වේ.
අනුද්ධංසෙය්යාති ධංසෙය්ය පධංසෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථරෙය්ය. තං පන අනුද්ධංසනං යස්මා අත්තනා චොදෙන්තොපි පරෙන චොදාපෙන්තොපි කරොතියෙව, තස්මාස්ස පදභාජනෙ “චොදෙති වා චොදාපෙති වා”ති වුත්තං.
“අනුද්ධංසෙය්ය” නසන්නේය. ප්රකෂීයෙන් නසන්නේය. මැඩලන්නේය. යටපත් කරන්නේය. ඒ චෝදනා කිරීම යම්හෙයකින් තමා චෝදනා කරවන්නේද අන්හු ලවා චෝදනා කරවන්නේද චෝදනා කෙරේමය. එහෙයින් පදභාජනයෙහි “චොදෙති වා චොදාපෙති වා”යි වදාළ සේක.
තත්ථ චොදෙතීති “පාරාජිකං ධම්මං ආපන්නොසී”තිආදීහි වචනෙහි සයං චොදෙති, තස්ස වාචාය වාචාය සඞ්ඝාදිසෙසො. චොදාපෙතීති අත්තනා සමීපෙ ඨත්වා අඤ්ඤං භික්ඛු ආණාපෙති, සො තස්ස වචනෙන තං චොදෙති, චොදාපකස්සෙව වාචාය වාචාය සඞ්ඝාදිසෙසො. අථ සොපි “මයා දිට්ඨං සුතං අත්ථී”ති චොදෙති, ද්වින්නම්පි ජනානං වාචාය වාචාය සඞ්ඝාදිසෙසො.
එහි “චොදෙති” පාරාජික ධර්මයට පැමිණියේ වෙහි’යි යනාදි වචනයන්ගෙන් තෙමේ චෝදනා කරයි. ඔහුගේ වචනයක් වචනයක් පාසා සඞ්ඝාදිසෙසය වේ. “චොදාපෙති” තෙමේ සොළොස්රියන් පමණ සමීපයෙහි සිටි අන් මහණක්හට අණකරන්නේය. හෙතෙමේ ඔහුගේ වචනයෙන් ඔහුට චෝදනා කරයි. චොදනා කරවුවහුට වචනයක් වචනයක් පාසා සඞ්ඝාදිසෙසය වේ. එකල්හි හෙතෙමේද මා විසින් දක්නා ලද්දක් අසන ලද්දක් ඇතැයි චෝදනා කෙරේද, දෙදෙනාහටම වචනයක් වචනයක් පාසා සඞ්ඝාදිසෙසය වේ.
චොදනාප්පභෙදකොසල්ලත්ථං පනෙත්ථ එකවත්ථුඑකචොදකාදිචතුක්කං තාව වෙදිතබ්බං. තත්ථ එකො භික්ඛු එකං භික්ඛුං එකෙන වත්ථුනා චොදෙති, ඉමිස්සා චොදනාය එකං වත්ථු එකො චොදකො. සම්බහුලා එකං එකවත්ථුනා චොදෙන්ති, පඤ්චසතා මෙත්තියභූමජකප්පමුඛා ඡබ්බග්ගියා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තමිව, ඉමිස්සා චොදනාය එකං වත්ථු නානාචොදකා. එකො භික්ඛු එකං භික්ඛුං සම්බහුලෙහි වත්ථූහි චොදෙති, ඉමිස්සා චොදනාය නානාවත්ථූනි එකො චොදකො. සම්බහුලා සම්බහුලෙ සම්බහුලෙහි වත්ථූහි චොදෙන්ති, ඉමිස්සා චොදනාය නානාවත්ථූනි නානාචොදකා.
චොදනාවෙහි ප්රභෙදකෞශල්ය පිණිසද මෙහි එකවස්තුක එකචොදකාදි චතුෂ්කය පළමුකොට දතයුත්තේය. එහි එක් මහණෙක්තෙමේ එක් මහණක්හට එක් වස්තුවකින් චෝදනා කරයි. මේ චෝදනාවට එක් වස්තුවක් වේ. එක් චොදකයෙක් වේ. බොහෝ මහණෝ එක් මහණක්හට එක් වස්තුවකින් චෝදනා කෙරෙත්. පන්සියයක් මෙත්තියභූම්මජක ප්රමුඛ වූ සවග මහණෝ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රහට මෙනි. මේ චෝදනාවට එක් වස්තුවක් වේ. නොයෙක් චොදකයෝය. එක් මහණෙක්තෙමේ එක් මහණක්හට බොහෝ වස්තූන්ගෙන් චෝදනා කරයි. මේ චෝදනාවට නොයෙක් වස්තු ඇත. එක් චොදකයෙක් වේ. බොහෝ මහණෝ බොහෝ මහණුන්ට බොහෝ වස්තූන්ගෙන් චෝදනා කෙරෙත්. මේ චෝදනාවට නොයෙක් වස්තු වෙයි. නොයෙක් චොදකයෝ වෙත්.
චොදෙතුං පන කො ලභති, කො න ලභතීති? දුබ්බලචොදකවචනං තාව ගහෙත්වා කොචි න ලභති. දුබ්බලචොදකො නාම සම්බහුලෙසු කථාසල්ලාපෙන නිසින්නෙසු එකො එකං ආරබ්භ අනොදිස්සකං කත්වා පාරාජිකවත්ථුං කථෙති, අඤ්ඤො තං සුත්වා ඉතරස්ස ගන්ත්වා ආරොචෙති. සො තං උපසඞ්කමිත්වා “ත්වං කිර මං ඉදඤ්චිදඤ්ච වදසී”ති වදති. සො “නාහං එවරූපං ජානාමි, කථාපවත්තියං පන මයා අනොදිස්සකං කත්වා වුත්තමත්ථි, සචෙ අහං තව ඉමං දුක්ඛුප්පත්තිං ජානෙය්යං, එත්තකම්පි න කථෙය්ය”න්ති අයං දුබ්බලචොදකො. තස්සෙතං කථාසල්ලාපං ගහෙත්වා තං භික්ඛුං කොචි චොදෙතුං න ලභති. එතං පන අග්ගහෙත්වා සීලසම්පන්නො භික්ඛු භික්ඛුං වා භික්ඛුනිං වා සීලසම්පන්නා ච භික්ඛුනී භික්ඛුනීමෙව චොදෙතුං ලභතීති මහාපදුමත්ථෙරො ආහ. මහාසුමත්ථෙරො පන “පඤ්චපි සහධම්මිකා ලභන්තී”ති ආහ. ගොදත්තත්ථෙරො පන “න කොචි න ලභතී”ති වත්වා “භික්ඛුස්ස සුත්වා චොදෙති, භික්ඛුනියා සුත්වා චොදෙති…පෙ… තිත්ථියසාවකානං සුත්වා චොදෙතී”ති ඉදං සුත්තමාහරි. තිණ්ණම්පි ථෙරානං වාදෙ චුදිතකස්සෙව පටිඤ්ඤාය කාරෙතබ්බො.
චොදනා කරන්නට කවරෙක් ලබාද, කවරෙක් නොලබාද, යත්:- දුර්වලචොදකයාගේ බස් ගැණීමෙන් කිසිවෙක් නොලබයි. දුර්වල චොදකයා නම්, බොහෝ දෙනා එක්ව කථා සල්ලාපයෙන් හුන්කල්හි එකෙක් එකෙකු අරබයා නොඋදෙසීමකොට පාරාජික වස්තුවක් කියයි. අනිකෙක් එය අසා ගොස් අනිකාහට එකරුණ සැලකරයි. හෙතෙමේ ඔහු කරා එළඹ තෝ මට මේ මේ කරුණු කියහයි කියයි. හෙතෙමේ ‘මම මෙබන්දක් නොදනිම්. කථා ප්රවෘත්තියෙහිදී උදෙසීමක් නොකොට කියන ලද්දක් ඇත්තේය, ඉදින් මම තාගේ මේ දුඃඛොත්පත්තිය දන්නෙම් නම් මෙපමණකුදු නොකියන්නෙමි’යි කියාද, මෙතෙමේ දුර්වලචොදක වේ. ඔහුගේ මේ කථාසල්ලාපය ගෙන ඒ මහණහුට කිසිවෙක් චෝදනා කරන්නට නොලබයි. මේ කථාසල්ලාපය නොගෙන සිල්වත් මහණතෙමේ මහණක්හට හෝ මෙහෙණකට හෝ, සිල්වත් මෙහෙණක්තොමෝ මෙහෙණකටම චෝදනා කරන්නට ලබායයි මහාපදුම ස්ථවිරයන්වහන්සේ කීහ. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ පස්සහදැහැමියෝම චෝදනා කරන්නට ලබත්හයි කීහ. ගොදත්ත ස්ථවිරයන් වහන්සේ කිසිවෙක් ලබායයි කියා “භික්ඛුස්ස සුත්වා. චොදෙති භික්ඛුනියා සුත්වා චොදෙති -පෙ- තිත්ථියසාවකානං සුත්වා චොදෙති’යි මේ සූත්‍රය ගෙනහැර දැක්වූහ. තෙරුන් තුන් නමගේම වාදයෙහි චුදිතකයාගේම ප්‍රතිඥාවෙන් කටයුත්තේය.
අයං පන චොදනා නාම දූතං වා පණ්ණං වා සාසනං වා පෙසෙත්වා චොදෙන්තස්ස සීසං න එති, පුග්ගලස්ස පන සමීපෙ ඨත්වාව හත්ථමුද්දාය වා වචීභෙදෙන වා චොදෙන්තස්සෙව සීසං එති. සික්ඛාපච්චක්ඛානමෙව හි හත්ථමුද්දාය සීසං න එති, ඉදං පන අනුද්ධංසනං අභූතාරොචනඤ්ච එතියෙව. යො පන ද්වින්නං ඨිතට්ඨානෙ එකං නියමෙත්වා චොදෙති, සො චෙ ජානාති, සීසං එති. ඉතරො ජානාති, සීසං න එති. ද්වෙපි නියමෙත්වා චොදෙති, එකො වා ජානාතු ද්වෙ වා, සීසං එතියෙව. එසව නයො සම්බහුලෙසු. තඞ්ඛණෙයෙව ච ජානනං නාම දුක්කරං, සමයෙන ආවජ්ජිත්වා ඤාතෙ පන ඤාතමෙව හොති. පච්ඡා චෙ ජානාති, සීසං න එති. සික්ඛාපච්චක්ඛානං අභූතාරොචනං දුට්ඨුල්ලවාචා-අත්තකාම-දුට්ඨදොසභූතාරොචනසික්ඛාපදානීති සබ්බානෙව හි ඉමානි එකපරිච්ඡෙදානි.
මේ චොදනාව නම් දූතයෙකු හෝ පතක් හෝ මුවහස්නක් හෝ යවා චෝදනා කරන්නහුට කෙළවරට නොපැමිණේ. චෝදනාව ලබන පුද්ගලයාගේ සමීපයෙහි සිට හස්තවිකාරයෙන් හෝ වාග්භෙදයෙන් හෝ චෝදනා කරන්නහුට කෙළ පැමිණේ. ශික්ෂාප්රත්යඛ්යාඞ්ගනයම හස්තමුද්‍රාවෙන් කෙළවරට නොපැමිණේ. මේ චෝදනා කිරීම අභූතාරොචනයටද පැමිණේමය. යමෙක් දෙදෙනෙකු සිටි තැන එකෙකු නියමකොට චෝදනා කරයි. ඉදින් හෙතෙමේ දනීනම් කෙළ පැමිණේ. අනිකා දැන ගනීනම් කෙළ නොපැමිණේ. දෙදෙනම නියමකොට චෝදනා කෙරේද, එකෙක් හෝ දැනගනීවා, දෙදෙනාම දැන ගනිත්වා. කෙළ පැමිණේමය. සඞ්ඝාදිසෙසයවේය යන අදහසය. බොහෝදෙන කෙරෙහි මේ නයවේ. එකෙණෙහිම දැනගැන්ම දුෂ්කර වේ. අන් කලෙක ආවර්ජනයකොට දත්කල්හිද දන්නා ලද්දේම වේ. පසුව දැනගණීනම් කෙළ නොපැමිණේ. සික්ඛාපච්චක්ඛාන අභූතාරොචන- දුට්ඨුල්ලවාචා-අත්තකාම- දුට්ඨදොස-භූතාරොචන ශික්ෂාපද යන මේ සියලු ශික්ෂාපද එක්ම පිරිසිදීම් ඇත්තේය.
එවං කායවාචාවසෙන චායං දුවිධාපි චොදනා. පුන දිට්ඨචොදනා, සුතචොදනා, පරිසඞ්කිතචොදනාති තිවිධා හොති. අපරාපි චතුබ්බිධා හොති – සීලවිපත්තිචොදනා, ආචාරවිපත්තිචොදනා, දිට්ඨිවිපත්තිචොදනා, ආජීවවිපත්තිචොදනාති. තත්ථ ගරුකානං ද්වින්නං ආපත්තික්ඛන්ධානං වසෙන සීලවිපත්තිචොදනා වෙදිතබ්බා. අවසෙසානං වසෙන ආචාරවිපත්තිචොදනා, මිච්ඡාදිට්ඨිඅන්තග්ගාහිකදිට්ඨිවසෙන දිට්ඨිවිපත්තිචොදනා, ආජීවහෙතු පඤ්ඤත්තානං ඡන්නං සික්ඛාපදානං වසෙන ආජීවවිපත්තිචොදනා වෙදිතබ්බා.
මෙසේ කායවාචා වසයෙන් මේ චොදනා ද්විවිධ වන්නීද නැවත දිට්ඨචොදනා සුතචොදනා පරිසඞ්කිතචොදනායි ත්‍රිවිධ වන්නීය. අන්‍යවූද චොදනා සීලවිපත්තිචොදනා ආචාරවිපත්තිචොදනා දිට්ඨිවිපත්තිචොදනා ආජීවවිපත්තිචොදනායි චතුර්විධය. එහි ගරුකවූ උභයාපත්ති ස්කන්ධයන්ගේ වසයෙන් සීලවිපත්තිචොදනා දතයුතුය. සෙසු ලහුකාපත්තීන්ගේ වසයෙන් ආචාරවිපත්තිචොදනා දතයුතුය. මිච්ඡාදිට්ඨි අත්තග්ගාහිකදිට්ඨි වසයෙන් දිට්ඨිවිපත්තිචොදනා දතයුතුය. ආජීව හේතුවෙන් පැණවූ ෂට්ශික්ෂාපදයන්ගේ වසයෙන් ආජීවවිපත්ති චෝදනා දතයුතුය.
අපරාපි චතුබ්බිධා හොති – වත්ථුසන්දස්සනා, ආපත්තිසන්දස්සනා, සංවාසපටික්ඛෙපො, සාමීචිපටික්ඛෙපොති. තත්ථ වත්ථුසන්දස්සනා නාම “ත්වං මෙථුනං ධම්මං පටිසෙවිත්ථ, අදින්නං ආදියිත්ථ, මනුස්සං ඝාතයිත්ථ, අභූතං ආරොචයිත්ථා”ති එවං පවත්තා. ආපත්තිසන්දස්සනා නාම “ත්වං මෙථුනධම්මපාරාජිකාපත්තිං ආපන්නො”ති එවමාදිනයප්පවත්තා. සංවාසපටික්ඛෙපො නාම “නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති එවං පවත්තා; එත්තාවතා පන සීසං න එති, “අස්සමණොසි අසක්යපුත්තියොසී”තිආදිවචනෙහි සද්ධිං ඝටිතෙයෙව සීසං එති. සාමීචිපටික්ඛෙපො නාම අභිවාදන-පච්චුට්ඨාන-අඤ්ජලිකම්ම-බීජනාදිකම්මානං අකරණං. තං පටිපාටියා වන්දනාදීනි කරොතො එකස්ස අකත්වා සෙසානං කරණකාලෙ වෙදිතබ්බං. එත්තාවතා ච චොදනා නාම හොති, ආපත්ති පන සීසං න එති. “කස්මා මම වන්දනාදීනි න කරොසී”ති පුච්ඡිතෙ පන “අස්සමණොසි අසක්යපුත්තියොසී”තිආදිවචනෙහි සද්ධිං ඝටිතෙයෙව සීසං එති. යාගුභත්තාදිනා පන යං ඉච්ඡති තං ආපුච්ඡති, න තාවතා චොදනා හොති.
අනිකුදු චෝදනාවක් තොමෝ වත්ථුසන්දස්සනා - ආපත්තිසන්දස්සනා - සංවාසපටික්ඛෙප - සාමීචිපටික්ඛෙපයි චතුර්විධ වෙයි. එහි වත්ථුසන්දස්සනා නම් ‘තෝ මෙවුන්දම් සෙවියෙහි, නොදුන් දෙය ගත්තෙහි, මිනිසෙකු මැරූයෙහි, උතුරුමිනිස්දම් පැවසූයෙහියි මෙසේ පැවති ආපත්තිසන්දස්සනා නම් ‘තෝ මෙවුන්දම් පරිජි ඇවතට පැමිණියෙහියි මේ ආදිනයින් පැවතිණි. සංවාපටික්ඛෙප නම්, ‘තා සමග උපොසථයක් හෝ පවාරණයක් හෝ සඞ්ඝකර්මයක් හෝ නැතැයි මෙසේ මෙපණකින් කෙළ නොපැමිණේ. ‘අශ්‍රමණයෙක් වෙහි, අශාක්යපුත්රයෙක් වෙහියි යනාදි වචනයන් සමග ගැටුණු කල්හිම කෙළපැමිණේ. සාමීචිපටික්ඛෙප නම්, වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම පවන් සැලීම් ආදි ක්‍රියා නොකිරීමය. පිළිවෙළින් වැඳීම් ආදිය කරන්නහුට, එකෙක්හට නොකොට සෙසු මහණුන්ට කරන කල්හි එය දතයුතුය. මෙපමණකින්ද චෝදනා නම් වෙයි. ඇවැත කෙළ නොපැමිණේ. කුමක් හෙයින් මම වැඳීම් ආදිය නොකෙරෙහිදැ’යි විචාළ කල්හි ‘අශ්‍රමණයෙහි, අශාක්යපුත්රයෙහි, යනාදි වචන සමග ගැටූකල්හිම කෙළපැමිණේ. කැඳබත් ආදියෙන් යමක් කැමැත්තේද, එය විචාරාද එපමණකින් චොදනාව නොවේ.
අපරාපි පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකෙ “එකං, භික්ඛවෙ, අධම්මිකං පාතිමොක්ඛට්ඨපනං එකං ධම්මික”න්ති ආදිං “කත්වා යාව දස අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි දස ධම්මිකානී”ති (චූළව· 387) එවං අධම්මිකා පඤ්චපඤ්ඤාස ධම්මිකා පඤ්චපඤ්ඤාසාති දසුත්තරසතං චොදනා වුත්තා. තා දිට්ඨෙන චොදෙන්තස්ස දසුත්තරසතං, සුතෙන චොදෙන්තස්ස දසුත්තරසතං, පරිසඞ්කිතෙන චොදෙන්තස්ස දසුත්තරසතන්ති තිංසානි තීණි සතානි හොන්ති. තානි කායෙන චොදෙන්තස්ස, වාචාය චොදෙන්තස්ස, කායවාචාහි චොදෙන්තස්සාති තිගුණානි කතානි නවුතානි නව සතානි හොන්ති. තානි අත්තනා චොදෙන්තස්සාපි පරෙන චොදාපෙන්තස්සාපි තත්තකානෙවාති වීසතිඌනානි ද්වෙ සහස්සානි හොන්ති, පුන දිට්ඨාදිභෙදෙ සමූලකාමූලකවසෙන අනෙකසහස්සා චොදනා හොන්තීති වෙදිතබ්බා.
පාතිමොක්ඛඨපනක්ඛන්ධකයෙහි ‘මහණෙනි’ එක් පාමොක් තැබීමෙන් ධාර්මිකය. එක් පාමොක් තැබීමෙක් අධාර්මිකයයි ආදිකොට අධාර්මික වූ පාමොක්, තැබීම් දසයෙක, ධාර්මිකවූ දසයෙකැයි මෙසේ අධාර්මිකයෝ පස් පණසෙක, ධාර්මිකයෝ පස් පණසෙකැයි දසයකින් වැඩි සියයක් අන්‍යවූද චෝදනා වදාරන ලදහ. ඒ චෝදනාවෙන් දැකීමෙන් චෝදනා කරන්නහුට දසයෙන් වැඩි සියයෙක, ඇසීමෙන් චෝදනා කරන්නහුට දසයෙන් වැසිසියයෙක, සැකයෙන් චෝදනා කරන්නහුට දසයෙන් වැඩි සියයෙකැයි තුන්සියතිසක් වෙත්. ඒ තුන්සිය තිස කයින් චෝදනා කරන්නහුට, වචනයෙන් චෝදනා කරන්නහුට, කය වදන් දෙකින් චෝදනා කරන්නහුටයි තුනෙන් ගුණකරන ලද්දාහු නවසිය අනුවක් ඒ චෝදනා නවසිය අනූව, තමන් විසින් චෝදනා කරන්නහුටද අන්හු ලවා චෝදනා කරවන්නහුටද එපමණමැයි. විස්සක් අඩු දෙදහසක් වේ. නැවත දිට්ඨාදිභෙදයෙහි සමූලක අමූලක වසයෙන් දහස් ගණන් චෝදනා වෙයි දතයුත්තාහ.
ඉමස්මිං පන ඨානෙ ඨත්වා අට්ඨකථාය “අත්තාදානං ආදාතුකාමෙන උපාලි භික්ඛුනා පඤ්චඞ්ගසමන්නාගතං අත්තාදානං ආදාතබ්බ”න්ති (චූළව· 398) ච “චොදකෙන උපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බො”ති (චූළව· 399) ච එවං උපාලිපඤ්චකාදීසු වුත්තානි බහූනි සුත්තානි ආහරිත්වා අත්තාදානලක්ඛණඤ්ච චොදකවත්තඤ්ච චුදිතකවත්තඤ්ච සඞ්ඝෙන කාතබ්බකිච්චඤ්ච අනුවිජ්ජකවත්තඤ්ච සබ්බං විත්ථාරෙන කථිතං, තං මයං යථාආගතට්ඨානෙයෙව වණ්ණයිස්සාම.
මෙතැන සිට අර්‍ත්‍ථකථාවෙහි ‘උපාලි චෝදනා කරනු කැමති මහණහු විසින් අඞ්ගපසකින් යුත් චෝදනාව කටයුතු යයිද, උපාලි අන්හට චෝදනා කරනු කැමති චොදක භික්ෂූහු විසින් ධර්මපසක් තමසතන්හි ප්රත්යවෙක්ෂාකොට අනිකෙක් චෝදනා කටයුත්තේ යයිද, මෙසේ උපාලිපඤ්චකාදීන් අතුරෙහි වදාළ බොහෝ සූත්‍ර ගෙනහැර දක්වා අත්තාදානලක්ෂණයද චොදකවතද චුදිතකවතද සඞ්ඝයා විසින් කළයුතු ක්යත්යයද අනුවිජ්ජකවතද යන සියල්ල විස්තර විසින් කියන ලද්දේය. අපි එය ආතන්හිම වර්ණනා කරන්නෙමු.
වුත්තප්පභෙදාසු පන ඉමාසු චොදනාසු යාය කායචි චොදනාය වසෙන සඞ්ඝමජ්ඣෙ ඔසටෙ වත්ථුස්මිං චුදිතකචොදකා වත්තබ්බා “තුම්හෙ අම්හාකං විනිච්ඡයෙන තුට්ඨා භවිස්සථා”ති. සචෙ “භවිස්සාමා”ති වදන්ති, සඞ්ඝෙන තං අධිකරණං සම්පටිච්ඡිතබ්බං. අථ පන “විනිච්ඡිනථ තාව, භන්තෙ, සචෙ අම්හාකං ඛමිස්සති, ගණ්හිස්සාමා”ති වදන්ති. “චෙතියං තාව වන්දථා”තිආදීනි වත්වා දීඝසුත්තං කත්වා විස්සජ්ජිතබ්බං. තෙ චෙ චිරරත්තං කිලන්තා පක්කන්තපරිසා උපච්ඡින්නපක්ඛා හුත්වා පුන යාචන්ති, යාවතතියං පටික්ඛිපිත්වා යදා නිම්මදා හොන්ති තදා නෙසං අධිකරණං විනිච්ඡිනිතබ්බං. විනිච්ඡිනන්තෙහි ච සචෙ අලජ්ජුස්සන්නා හොති, පරිසා උබ්බාහිකාය තං අධිකරණං විනිච්ඡිනිතබ්බං. සචෙ බාලුස්සන්නා හොති පරිසා “තුම්හාකං සභාගෙ විනයධරෙ පරියෙසථා”ති විනයධරෙ පරියෙසාපෙත්වා යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසමති, තථා තං අධිකරණං වූපසමෙතබ්බං.
කියූ ප්‍රභෙද ඇත්තා වූ මේ චොදනාවන් අතුරෙහි යම්කිසි චෝදනාවක් වසයෙන් සඟමැදට වස්තුව බටකල්හි ‘තෙපි අපගේ විනිශ්චයෙන් තුටුවන්නහුදැයි චුදිත චොදකයෝ විචාළ යුත්තාහුය. ඉදින් තුටුවන්නෙමුයි කියත්නම් සඞ්ඝයා විසින් ඒ අධිකරණය පිළිගත යුතුය. තවද ‘ස්වාමිනි, විනිශ්චය කළ මැනව, අපට රුචිවන්නේ නම් ගන්නෙමුයි කියත්ද, ‘සෑ වඳිවු’ යනාදිය කියා කල් හැර කළයුතු කටයුත්තකොට හැරිය යුතුය. ඔවුහු බොහෝකලක් වෙහෙසට පත්වූවාහු, ගිය පිරිස් ඇත්තාහු, සුන් පක්ෂ ඇත්තෝව නැවත යාඥා කරත්නම් තුන්යල දක්වා ප්රතික්ෂෙපකොට යම්කලෙක මදරහිත වෙත්ද, එකල්හි ඔවුන්ගේ අධිකරණය විනිශ්චය කටයුතුය. විනිශ්චය කරන්නවුන් විසින්ද අලජ්ජීන් අධික වූ පිරිසක් වන්නීද සම්මත කරගත් පිරිස විසින් ඒ අධිකරණය විනිශ්චය කටයුතුය. ලොල් මහණුන් අධික පිරිසක් වන්නීද ‘තොපට සභාග විනයධරයන් සොයවු’යි විනයධරයන් සොයවා යම් ධර්මයකින් යම් විනයකින් යම් ශාස්තෲ ශාසනයකින් ඒ අධිකරණය සන්සිදේද, එසේ ඒ අධිකරණය සන්සිඳවිය යුතුය.
තත්ථ ච “ධම්මො”ති භූතං වත්ථු. “විනයො”ති චොදනා සාරණා ච. “සත්ථුසාසන”න්ති ඤත්තිසම්පදා ච අනුසාවනසම්පදා ච. තස්මා චොදකෙන වත්ථුස්මිං ආරොචිතෙ චුදිතකො පුච්ඡිතබ්බො “සන්තමෙතං, නො”ති. එවං වත්ථුං උපපරික්ඛිත්වා භූතෙන වත්ථුනා චොදෙත්වා සාරෙත්වා ච ඤත්තිසම්පදාය අනුසාවනසම්පදාය ච තං අධිකරණං වූපසමෙතබ්බං. තත්ර චෙ අලජ්ජී ලජ්ජිං චොදෙති, සො ච අලජ්ජී බාලො හොති අබ්යත්තො නාස්ස නයො දාතබ්බො. එවං පන වත්තබ්බො – “කිම්හි නං චොදෙසී”ති? අද්ධා සො වක්ඛති – “කිමිදං, භන්තෙ, කිම්හි නං නාමා”ති. ත්වං කිම්හි නම්පි න ජානාසි, න යුත්තං තයා එවරූපෙන බාලෙන පරං චොදෙතුන්ති උය්‍යොජෙතබ්බො නාස්ස අනුයොගො දාතබ්බො. සචෙ පන සො අලජ්ජී පණ්ඩිතො හොති බ්යත්තො දිට්ඨෙන වා සුතෙන වා අජ්ඣොත්ථරිත්වා සම්පාදෙතුං සක්කොති එතස්ස අනුයොගං දත්වා ලජ්ජිස්සෙව පටිඤ්ඤාය කම්මං කාතබ්බං.
එහි ‘ධර්ම’ යනු විද්‍යාමාන වස්තුවයි. ‘විනය’ යනු චොදනාව හා සිහිකරවීමයි. ‘ශාස්තෘශාසන’ නම් ඤත්තිසම්පත්තිය අනුසාවණසම්පත්තියයි. එහෙයින් චෝදනා කරන්නන් විසින් වස්තුව සැලකළකල්හි ‘මේ කරුණ විද්යාමානද අවිද්යාමානදැයි චෝදනා ලද පුද්ගලතෙමේ විචාළ යුතුය. මෙසේ වස්තුව පරීක්ෂාකොට ද්විමාන වස්තුවෙන් චෝදනාකොට සිහිකරවා ඤත්තිසම්පත්තියෙන්ද අනුසාවණසම්පත්තියෙන්ද ඒ අධිකරණය සන්සිඳවිය යුතුය. එහි අලජ්ජියෙක් ලජ්ජියෙකුට චෝදනා කෙරේනම් ඒ අලජ්ජි තෙමේත් බාලවේද, අව්යක්තවේද, මොහුට නය නොදිය යුතුය. ‘මෙසේ කවර වස්තුවෙහි ඔහුට චෝදනා කෙරෙහිදැයි විචාළ යුතුය. ඒකාන්තයෙන් ඒ අලජ්ජි චොදකතෙමේ ‘ස්වාමිනි’ කිම්හි යන මේ වචනය නම් කිමැයි කියා දන්නේය. තෝ “කිම්හි නං” යන මේ වචනය නම් කිමැයි කියා දන්නේය. තෝ ‘කිම්හි නං’ යන මේ වචනය නොදන්නේය. මෙබඳු බාලයා විසින් අන්හට චෝදනා කරන්නට නොසුදුසුය’යි යැවිය යුත්තේය. මොහුට පුච්ඡා පටිපුච්ඡා නොදිය යුතුය. ඒ අලජ්ජි චොදකතෙමේ පණ්ඩිතවේද, ව්යක්තවේද දක්නා ලද්දෙන් හෝ අසන ලද්දෙන් හෝ යටපත්කොට සම්පාදනය කරන්නට හැක්කේවේද, මොහුට පෘච්ඡා ප්රතිපෘච්ඡාව දී ලජ්ජිහුගේම ප්‍රතිඥාවෙන් කර්මය කටයුතුය.
සචෙ ලජ්ජී අලජ්ජිං චොදෙති, සො ච ලජ්ජී බාලො හොති අබ්යත්තො, න සක්කොති අනුයොගං දාතුං. තස්ස නයො දාතබ්බො – “කිම්හි නං චොදෙසි සීලවිපත්තියා වා ආචාරවිපත්තිආදීසු වා එකිස්සා”ති. කස්මා පන ඉමස්සෙව එවං නයො දාතබ්බො, න ඉතරස්ස? නනු න යුත්තං විනයධරානං අගතිගමනන්ති? න යුත්තමෙව. ඉදං පන අගතිගමනං න හොති, ධම්මානුග්ගහො නාම එසො අලජ්ජිනිග්ගහත්ථාය හි ලජ්ජිපග්ගහත්ථාය ච සික්ඛාපදං පඤ්ඤත්තං. තත්ර අලජ්ජී නයං ලභිත්වා අජ්ඣොත්ථරන්තො එහීති, ලජ්ජී පන නයං ලභිත්වා දිට්ඨෙ දිට්ඨසන්තානෙන, සුතෙ සුතසන්තානෙන පතිට්ඨාය කථෙස්සති, තස්මා තස්ස ධම්මානුග්ගහො වට්ටති. සචෙ පන සො ලජ්ජී පණ්ඩිතො හොති බ්යත්තො, පතිට්ඨාය කථෙති, අලජ්ජී ච “එතම්පි නත්ථි, එතම්පි නත්ථී”ති පටිඤ්ඤං න දෙති, අලජ්ජිස්ස පටිඤ්ඤාය එව කාතබ්බං.
ලජ්ජියෙක් තෙමේ අලජ්ජියෙකුට චෝදනා කෙරේනම් ඒ ලජ්ජි තෙමේත් බාලවේද, අව්යක්තවේද, අනුයොගය දෙන්නට නොහැක්කේවේද, ඔහුට නය දිය යුතුය. ‘කවර වස්තුවක ඔහුට චෝදනා කෙරෙහිද, සීල විපත්තියෙන් හෝ ආචාරවිපත්ති ආදීන් අතුරෙහි එකක් පිළිබඳදැයි විචාළ යුතුය. කුමක් හෙයින් මොහුටම මෙසේ නය දියයුතුද, අනිකක්හට නොදිය යුතුද, විනයධරයන්ගේ අගතිගමන අයුතු නොවේද, අයුතුම වේ. මේ වනාහි අගති ගමනක් නොවේ. මෙය ධර්මානුග්‍රහයෙක් වේ. අලජ්ජීන්ට නිග්‍රහ පිණිසද ලජ්ජින්ට ප්‍රග්‍රහය පිණිසද ශික්ෂාපද පණවන ලද්දේය. එහි අලජ්ජීතෙමේ නය ලැබ එන්නේය. ලජ්ජි වනාහි නය ලැබ දක්නා ලද්දෙහි දක්නා ලද නියමයෙන්ද අසන ලද්දෙහි අසනලද නියමයෙන්ද පිහිටා කියන්නේය. එහෙයින් ඒ ලජ්ජිහට ධර්මානුග්රහය වටියි. ඉදින් ඒ ලජ්ජිතෙමේ පණ්ඩිතවේද, ව්යක්තවේද, පිහිටා කියාද, අලජ්ජිතෙමේත් මෙයද නැත්තේය, මෙයද නැත්තේයයි ප්‍රතිඥා නොදේද, අලජ්ජීහුගේම ප්‍රතිඥාවෙන් නොකටයුතුය.
තදත්ථදීපනත්ථඤ්ච ඉදං වත්ථු වෙදිතබ්බං. තෙපිටකචූළාභයත්ථෙරො කිර ලොහපාසාදස්ස හෙට්ඨා භික්ඛූනං විනයං කථෙත්වා සායන්හසමයෙ වුට්ඨාති, තස්ස වුට්ඨානසමයෙ ද්වෙ අත්තපච්චත්ථිකා කථං පවත්තෙසුං. එකො “එතම්පි නත්ථි, එතම්පි නත්ථී”ති පටිඤ්ඤං න දෙති. අථ අප්පාවසෙසෙ පඨමයාමෙ ථෙරස්ස තස්මිං පුග්ගලෙ “අයං පතිට්ඨාය කථෙති, අයං පන පටිඤ්ඤං න දෙති, බහූනි ච වත්ථූනි ඔසටානි අද්ධා එතං කතං භවිස්සතී”ති අසුද්ධලද්ධි උප්පන්නා. තතො බීජනීදණ්ඩකෙන පාදකථලිකාය සඤ්ඤං දත්වා “අහං ආවුසො විනිච්ඡිනිතුං අනනුච්ඡවිකො අඤ්ඤෙන විනිච්ඡිනාපෙහී”ති ආහ. කස්මා භන්තෙති? ථෙරො තමත්ථං ආරොචෙසි, චුදිතකපුග්ගලස්ස කායෙ ඩාහො උට්ඨිතො, තතො සො ථෙරං වන්දිත්වා “භන්තෙ, විනිච්ඡිනිතුං අනුරූපෙන විනයධරෙන නාම තුම්හාදිසෙනෙව භවිතුං වට්ටති. චොදකෙන ච ඊදිසෙනෙව භවිතුං වට්ටතී”ති වත්වා සෙතකානි නිවාසෙත්වා “චිරං කිලමිතත්ථ මයා”ති ඛමාපෙත්වා පක්කාමි.
ඒ අර්ත්ථය දක්වනු පිණිසද මේ වස්තුව දතයුතුය. ත්රිපිටකචූලාභය ස්ථවිරයන් වහන්සේ ලෝවාමහපහය යට මහණුන්ට විනය කියා සවස නැගී සිටියි. උන්වහන්සේ නැගීසිටුනා කාලයෙහි විවාදවස්තු සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි පටහැනිවූ දෙදෙනෙක් කතාවක් පැවැත්වූහ. එකෙක් මෙයද නැත, මෙයද නැතැයි ප්‍රතිඥාවක් නොදෙයි. එකල්හි පළමු යම මදක් ඉතිරිව තිබියදි තෙරුන්හට මෙතෙමේ ඒ පුද්ගලයා කෙරෙහි පිහිටා කියයි. මෙතෙමේ ප්‍රතිඥා නොදෙයි, බොහෝ වස්තූහුද ඉදිරිපත් වූහ. ඒකාන්තයෙන් මේ කර්මය කරන ලද්දේ වන්නේයයි ඒ පුද්ගලයා කෙරෙහි අශුද්ධ ලබ්ධියක් උපන. ඉක්බිති විජිනිදඬුයෙන් නොසේදූ පාතබන පුවරු තුඩින් සංඥා දී ඇවැත්නි’ මම විනිශ්චය කරන්නට නොසුදුසු වෙමි. අනිකෙකුලවා විනිශ්චය කරවයි කීයේය. ‘ස්වාමීනි, කුමක් හෙයිනැයි විචාළ කල්හි ස්ථවිරතෙමේ එකරුණ වදාළේය. චෝදනා ලද පුද්ගලයාගේ කයෙහි ඩහ නැංගේය. ඉන්පසු හෙතෙමේ තෙරුන් වැද, ‘ස්වාමිනි, විනිශ්චය කරන්නට සුදුසු විනයධරයෙකුනම් ඔබවහන්සේ වැනියකුම වන්නට වටියි චොදකද මෙවැනිම වන්නට වටීයයි කියා සුදුවත් ඇඳ ‘බොහෝ කලක් මා විසින් වෙහෙසට පත්කරන ලදැයි කමා කරවා ගියේය.
එවං ලජ්ජිනා චොදියමානො අලජ්ජී බහූසුපි වත්ථූසු උප්පන්නෙසු පටිඤ්ඤං න දෙති, සො නෙව “සුද්ධො”ති වත්තබ්බො න “අසුද්ධො”ති. ජීවමතකො නාම ආමකපූතිකො නාම චෙස.
මෙසේ ලජ්ජීහු විසින් චෝදනා කරනු ලබන අලජ්ජිතෙමේ බොහෝ වස්තුන් උපන්කල්හි ප්‍රතිඥා නොදෙන්නේය. හෙතෙමේ නොම පිරිසිදුයයි කියයුත්තේය. අපිරිසිදුයයිද නොකිය යුත්තේය. මේ තෙමේ දිවි ඇති මැරුණෙක් නම. අමුවුනු කුණුවූවෙක් නම.
සචෙ පනස්ස අඤ්ඤම්පි තාදිසං වත්ථුං උප්පජ්ජති න විනිච්ඡිනිතබ්බං . තථා නාසිතකොව භවිස්සති. සචෙ පන අලජ්ජීයෙව අලජ්ජිං චොදෙති, සො වත්තබ්බො “ආවුසො තව වචනෙනායං කිං සක්කා වත්තු”න්ති ඉතරම්පි තථෙව වත්වා උභොපි “එකසම්භොගපරිභොගා හුත්වා ජීවථා”ති වත්වා උය්යොජෙතබ්බා, සීලත්ථාය තෙසං විනිච්ඡයො න කාතබ්බො. පත්තචීවරපරිවෙණාදිඅත්ථාය පන පතිරූපං සක්ඛිං ලභිත්වා කාතබ්බො.
ඉදින් මොහුට අන්‍යවූද එබඳු වස්තුවක් උපදීද, විනිශ්චය නොකටයුතුය. එසේ ඇති කල්හි නසන ලද්දෙක් වන්නේය. අලජ්ජීයෙක්ම අලජ්ජියෙකුට චොදනා කෙරේද, ඇවත “තාගේ වචනයෙන් මෙතෙමේ කිසිවක් කියන්නට හැකිදැ’යි කියයුතුය. අනිකාහටද එසේම කියා දෙදෙන එක් සම්භොගපරිභොග ඇත්තෝව ජීවත්වහුයි හැරිය යුත්තාහ. සීලය පිණිස ඔවුන්ගේ විනිශ්චය නොකටයුතුය. පාසිවුරු පිරිවෙන් ආදිය පිණිස සුදුසු සාක්ෂ්‍යයක් ලැබ විනිශ්චය කටයුතුය.
අථ ලජ්ජී ලජ්ජිං චොදෙති, විවාදො ච නෙසං කිස්මිඤ්චිදෙව අප්පමත්තකො හොති, සඤ්ඤාපෙත්වා “මා එවං කරොථා”ති අච්චයං දෙසාපෙත්වා උය්යොජෙතබ්බා. අථ පනෙත්ථ චුදිතකෙන සහසා විරද්ධං හොති, ආදිතො පට්ඨාය අලජ්ජී නාම නත්ථි. සො ච පක්ඛානුරක්ඛණත්ථාය පටිඤ්ඤං න දෙති, “මයං සද්දහාම, මයං සද්දහාමා”ති බහූ උට්ඨහන්ති. සො තෙසං පටිඤ්ඤාය එකවාරං ද්වෙවාරං සුද්ධො හොතු. අථ පන විරද්ධකාලතො පට්ඨාය ඨානෙ න තිට්ඨති, විනිච්ඡයො න දාතබ්බො.
නැවත ලජ්ජියෙක් තෙමේ ලජ්ජියෙකුට චෝදනා කෙරේද, ඔවුන්ගේ විවාදය කිසිත් වස්තුවෙක්හි ස්වල්පමාත්රවේද, “හඟවා ‘මෙසේ නොකරවු’යි වරද දෙසවා පිටත්කළ යුතුය. නැවත මෙහි චුදිතකයා විසින් වහා තම දොස් වසනු පිණිස බොරුවක් කියා වරදන ලද්දේවේද, මුලපටන් අලජ්ජියෙක් නම් නැත්තේය. හෙතෙමේද පක්ෂානුරක්ෂණය පිණිස ප්‍රතිඥා නොදේද, ‘අපි අදහමු, අපි අදහමු’යි බොහෝ දෙන නැගී සිටිත්ද, හෙතෙමේ ඔහුගේ ප්‍රතිඥාවෙන් එක්වරක් දෙවරක් පිරිසිදුවේවා. එහෙත් වැරදුණු කාලයෙහි පටන් යථා ස්ථානයෙහි හෙවත් ලජ්ජි ස්ථානයෙහි නොසිටියි. අලජ්ජීභාවයට පැමිණි බැවින් විනිශ්චය නොදිය යුත්තේය.
එවං යාය කායචි චොදනාය වසෙන සඞ්ඝමජ්ඣෙ ඔසටෙ වත්ථුස්මිං චුදිතකචොදකෙසු පටිපත්තිං ඤත්වා තස්සායෙව චොදනාය සම්පත්තිවිපත්තිජානනත්ථං ආදිමජ්ඣපරියොසානාදීනං වසෙන විනිච්ඡයො වෙදිතබ්බො. සෙය්යථිදං චොදනාය කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං? චොදනාය “අහං තං වත්තුකාමො, කරොතු මෙ ආයස්මා ඔකාස”න්ති එවං ඔකාසකම්මං ආදි, ඔතිණ්ණෙන වත්ථුනා චොදෙත්වා සාරෙත්වා විනිච්ඡයො මජ්ඣෙ, ආපත්තියං වා අනාපත්තියං වා පතිට්ඨාපනෙන සමථො පරියොසානං.
මෙසේ යම්කිසි චොදනාවක් වසයෙන් වස්තුව සඟමැදට බැසසිටිකල්හි චුදිත චොදකයන් කෙරෙහි වූ පිළිවෙත දැන එම චොදනාවෙහි සම්පත් විපත් භෙදය දැනගනු පිණිස ආදි මධ්‍ය පර්ය්යවසානාදීන්ගේ වසයෙන් විනිශ්චය දත යුතුය. ඒ කෙසේද යත්: චොදනාවෙහි ආදිය කවරේද? මැද කිම, අවසන කවරේද, චොදනාවෙහි මම ඔහුට කියනු කැමත්තෙමි. ‘ආයුෂ්මත්තෙමේ මට අවකාස කෙරේවා’යි මෙසේ අවකාස කිරීම ආදිය වේ. අවතීර්ණ වස්තුවෙන් චෝදනාකොට සිහිකරවා විනිශ්චය කිරීම මද්ධ්ය වේ. ආපත්තියෙහි හෝ අනාපත්තියෙහි හෝ පිහිටුවීමෙන් සන්සිඳවීම පර්‍ය්‍යවසානය වේ.
චොදනාය කති මූලානි, කති වත්ථූනි, කති භූමියො? චොදනාය ද්වෙ මූලානි – සමූලිකා වා අමූලිකා වා; තීණි වත්ථූනි – දිට්ඨං, සුතං, පරිසඞ්කිතං; පඤ්ච භූමියො – කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරොති. ඉමාය ච පන චොදනාය චොදකෙන පුග්ගලෙන “පරිසුද්ධකායසමාචාරො නු ඛොම්හී”තිආදිනා (චූළව· 399) නයෙන උපාලිපඤ්චකෙ වුත්තෙසු පන්නරසසු ධම්මෙසු පතිට්ඨාතබ්බං, චුදිතකෙන ද්වීසු ධම්මෙසු පතිට්ඨාතබ්බං සච්චෙ ච අකුප්පෙ චාති.
චොදනාවට මූලයෝ කෙතෙක්ද, වස්තූහු කෙතෙක්ද, භූමිහු කෙතෙක්ද යත් චොදනාවට සමූලිකවූ හෝ අමූලිකව මුල් දෙකකි. දිට්ඨ සුත පරිසඞ්කිතයි වස්තු තුනකි. අවකාශ කරවා කාලයෙහි කියන්නෙමි, සලාකග්ගයාගු අග්ගභික්ඛාචාරස්ථානාදියෙහි චොදනා කරන්නේ අකාලයෙහි නොකියන්නෙමි. විද්‍යමානයෙන් කියන්නෙමි, අවිද්‍යමානයෙන් නොකියන්නෙමි, සිලිටු වචනයෙන් කියන්නෙමි, පරුෂ වචනයෙන් නොකියන්නෙමි. අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි. අනර්‍ත්‍ථසංහිතයෙන් නොකියන්නෙමි. මෙත්සිත් ඇත්තේ කියන්නෙමි, දූෂිතසිත් ඇත්තේ නොකියන්නෙමියි භූමිපසෙකි. මේ චොදනාවෙහි චොදක පුද්ගලයා විසින් පිරිසිදු කායසමාචාර ඇත්තෙම්ද, නැත්තෙම්දැයි යනාදි නයින් උපාලි පඤ්චකයෙහි කියූ පරිසුද්ධකායසමාචාරතා, වචීසමාචාරතා, සබ්රහ්මචාරීසුමෙත්තචිත්තතා, බහුස්සුතතා, උභින්නං පාතිමොක්ඛානං ස්වාගත්තා, ‘කාලෙන වක්ඛාමි’යි ආදි විසින් කියූ ධර්මපස, කාරුඤ්ඤතා, හිතෙසිකා, අනුකම්පකා, ආපත්තිවුට්ඨානතා, විනයපුරෙක්ඛාරතා පසළොස් ධර්මයන්හි පිහිටාගත යුතුය. චුදිතකයා විසින් වාක්සත්‍යයෙහි හා නොකිපීමෙහිද යන ධර්ම දෙක්හි පිහිටිය යුතුය.
අප්පෙව නාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති අපි එව නාම නං පුග්ගලං ඉමම්හා සෙට්ඨචරියා චාවෙය්යං, “සාධු වතස්ස සචාහං ඉමං පුග්ගලං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්ය”න්ති ඉමිනා අධිප්පායෙන අනුද්ධංසෙය්යාති වුත්තංහොති. පදභාජනෙ පන “බ්රහ්මචරියා චාවෙය්ය”න්ති ඉමස්සෙව පරියායමත්ථං දස්සෙතුං “භික්ඛුභාවා චාවෙය්ය”න්තිආදි වුත්තං.
“අපෙපවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යං” ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ චර්ය්යයෙන් ච්‍යුත කරන්නෙම් නම් මැනව. ඉදින් මම මේ පුද්ගලයා මේ ශ්‍රේෂ්ඨ චර්ය්යයෙන් ච්‍යුත කරන්නෙම් නම් ඒකාන්තයෙන් යහපත් වන්නේය. යන මේ අදහසින් චෝදනා කරන්නේ යයි වදාරන ලද්දේ වේ. පදභාජනයෙහි වනාහි ‘බ්රහ්මචරියා වාචෙය්යං’යි මේ බ්රහ්මචර්ය්යයගේම පර්ය්යාමාත්රයක් දක්වනු පිණිස “භික්ඛුභාවා වාචෙය්යං” යනාදිය වදාළ සේක.
ඛණාදීනි සමයවෙවචනානි. තං ඛණං තං ලයං තං මුහුත්තං වීතිවත්තෙති තස්මිං ඛණෙ තස්මිං ලයෙ තස්මිං මුහුත්තෙ වීතිවත්තෙ. භුම්මප්පත්තියා හි ඉදං උපයොගවචනං.
ඛණාදීහු කාලවෙවචනයෝය. “තං ඛණං තං ලයං තං මුහුත්තං විතිවත්තෙති” ඒ ක්ෂණය ඒ කාලය ඒ මොහොත ඉක්මුණු කල්හි මෙය ආධාරාර්ත්ථයෙහි උපයොගවචනයි.
සමනුග්ගාහියමානනිද්දෙසෙ යෙන වත්ථුනා අනුද්ධංසිතො හොතීති චතූසු පාරාජිකවත්ථූසු යෙන වත්ථුනා චොදකෙන චුදිතකො අනුද්ධංසිතො අභිභූතො අජ්ඣොත්ථටො හොති. තස්මිං වත්ථුස්මිං සමනුග්ගාහියමානොති තස්මිං චොදකෙන වුත්තවත්ථුස්මිං සො චොදකො අනුවිජ්ජකෙන “කිං තෙ දිට්ඨං, කින්ති තෙ දිට්ඨ”න්තිආදිනා නයෙන අනුවිජ්ජියමානො වීමංසියමානො උපපරික්ඛියමානො.
සමනුග්ගාහියමාන නිර්‍දෙශයෙහි - “යෙන වත්ථුනා අනුද්ධංසිතො හොති” චතුර්විධපාරාජික වස්තූන් අතුරෙහි යම් වස්තුවකින් චොදකයා විසින් චුදිතකතෙමේ චෝදනා කරන ලද්දේවේද, මඩින ලද්දේවේද, යටපත් කරන ලද්දේවේද, “තස්මිං වත්ථුස්මිං සමනුග්ගාහියමානො” චොදකයා විසින් ඒ කියූ වස්තුවෙහි ඒ චොදකතෙමේ අනුවිජ්ජකයා විසින් තා විසින් කුමක් දක්නා ලදද, තා විසින් කුමකැයි දක්නා ලදදැයි ආදී නයින් විචාරනු ලබන්නේය. විමසනු ලබන්නේය. පරීක්ෂා කරනු ලබන්නේය.
අසමනුග්ගාහියමානනිද්දෙසෙ න කෙනචි වුච්චමානොති අනුවිජ්ජකෙන වා අඤ්ඤෙන වා කෙනචි, අථ වා දිට්ඨාදීසු වත්ථූසු කෙනචි අවුච්චමානො. එතෙසඤ්ච ද්වින්නං මාතිකාපදානං පරතො “භික්ඛු ච දොසං පතිට්ඨාතී”තිඉමිනා සම්බන්ධො වෙදිතබ්බො. ඉදඤ්හි වුත්තං හොති – “එවං සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා භික්ඛු ච දොසං පතිට්ඨාති පටිච්ච තිට්ඨති පටිජානාති සඞ්ඝාදිසෙසො”ති. ඉදඤ්ච අමූලකභාවස්ස පාකටකාලදස්සනත්ථමෙව වුත්තං. ආපත්තිං පන අනුද්ධංසිතක්ඛණෙයෙව ආපජ්ජති.
අසමනුග්ගාහියමාන නිර්‍දෙශයෙහි - “න කෙනචි වුච්චමානො” අනුවිජ්ජකයා විසින් හෝ අන් කිසිවෙකු විසින් හෝ, නොහොත් දිට්ඨාදිවස්තුන් අතුරෙහි කිසිවෙකින් නොකියනු ලබන්නේය. මේ මාතෘකා පද දෙක්හි පසුභාගයෙහි “භික්ඛු ච දොසං පතිට්ඨාති”, යන මෙය හා සම්බන්ධය දතයුතුය. “එවං සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා භික්ඛු ච දොසං පතිට්ඨාති පටිච්ච තිට්ඨති පටිජානාති සඞ්ඝාදිසෙසො’යි මෙයම වදාරන ලදි. මෙද අමූලක භාවයාගේ ප්‍රකට කාලය දක්වනු පිණිසම වදාරන ලදය. චොදනාකළ කෙණෙහිම ඇවැතට පැමිණේ.
ඉදානි “අමූලකඤ්චෙව තං අධිකරණං හොතී”ති එත්ථ යස්මා අමූලකලක්ඛණං පුබ්බෙ වුත්තං, තස්මා තං අවත්වා අපුබ්බමෙව දස්සෙතුං “අධිකරණං නාමා”තිආදිමාහ. තත්ථ යස්මා අධිකරණං අධිකරණට්ඨෙන එකම්පි වත්ථුවසෙන නානා හොති, තෙනස්ස තං නානත්තං දස්සෙතුං “චත්තාරි අධිකරණානි විවාදාධිකරණ”න්තිආදිමාහ. කො පන සො අධිකරණට්ඨො, යෙනෙතං එකං හොතීති? සමථෙහි අධිකරණීයතා. තස්මා යං අධිකිච්ච ආරබ්භ පටිච්ච සන්ධාය සමථා වත්තන්ති, තං “අධිකරණ”න්ති වෙදිතබ්බං.
දැන් “අමුලකඤ්චෙව තං අධිකරණං හොති” යන මෙහි යම්හෙයකින් අමූලක ලක්ෂණය පෙර කියන ලද්දේ ද, එහෙයින් එය නොකියා පෙර නොකියන ලද්දක්ම දක්වනු පිණිස ‘අධිකරණං නාම’ යනාදිය කීහ. එහි යම්හෙයකින් අධිකරණය අධිකරණාංර්ත්ථයෙන් එකක්වූයේද, වස්තු වශයෙන් නොයෙක් අර්ත්ථ ඇත්තේද, එහෙයින් මොහුගේ ඒ නානාත්වය දක්වනු පිණිස “චත්තාරී අධිකරණානි විවාදාධිකරණං” යනාදිය කීහ. ඒ අධිකරණාර්ත්ථය වනාහි කවරේදයත්:- යම්හෙයකින් මේ අධිකරණර්ත්ථය සමථයන්ගෙන් සන්සිඳවියයුතු අර්ත්ථයෙන් එකක්වේද එහෙයින් යමක් ප්‍රධානකොට සමථයෝ පවතිත්ද, ඒ අධිකරණයයි දතයුතුය.
අට්ඨකථාසු පන වුත්තං – “අධිකරණන්ති කෙචි ගාහං වදන්ති, කෙචි චෙතනං, කෙචි අක්ඛන්තිං කෙචි වොහාරං, කෙචි පණ්ණත්ති”න්ති. පුන එවං විචාරිතං “යදි ගාහො අධිකරණං නාම, එකො අත්තාදානං ගහෙත්වා සභාගෙන භික්ඛුනා සද්ධිං මන්තයමානො තත්ථ ආදීනවං දිස්වා පුන චජති, තස්ස තං අධිකරණං සමථප්පත්තං භවිස්සති. යදි චෙතනා අධිකරණං, “ඉදං අත්තාදානං ගණ්හාමී”ති උප්පන්නා චෙතනා නිරුජ්ඣති. යදි අක්ඛන්ති අධිකරණං, අක්ඛන්තියා අත්තාදානං ගහෙත්වාපි අපරභාගෙ විනිච්ඡයං අලභමානො වා ඛමාපිතො වා චජති. යදි වොහාරො අධිකරණං, කථෙන්තො ආහිණ්ඩිත්වා අපරභාගෙ තුණ්හී හොති නිරවො, එවමස්ස තං අධිකරණං සමථප්පත්තං භවිස්සති, තස්මා පණ්ණත්ති අධිකරණන්ති.
අර්‍ත්‍ථකථාවන්හි වනාහි අධිකරණයයි ඇතැම් කෙනෙක් ‘අසුවලාට චෝදනා කරන්නෙමි’ යන සිතින් චෝදනා කරන ආකාරය ගැනීම යයි කියත්. ඇතැම් කෙනෙක් චෝදනා කරන්නෙමියි උපන් චිත්තව්යාපාර සඞ්ඛ්‍යාත වූ චෙතනාවයයි කියත්. ඇතැම් කෙනෙක් චුදිතකයා පිළිබඳ විපත දැක උපන් අසහනය හෝ එසේ පැවති යම්කිසි චිත්ත චෛතසික රාශියක් හෝ කියත්. ඇතැම් කෙනෙක් චොදනාවශප්රවෘත්ත වචනයයි කියත්. ඇතැම් කෙනෙක් චොදනාවශප්රවෘත්ත චින්තයෙන් පරිකල්පිත නාම ප්රඥප්තියයි කියත්. නැවත මෙසේ විචාරණය කරන ලදි. ඉදින් ආකාරය ගැනීම අධිකරණය වේනම්, එකෙක් චොදනාව සිතින් ගෙන සභාග මහණෙකු සමග මන්ත්‍රණය කරන්නේ එහි ආදීනවය දැක නැවත අත්හරීද, ඔහුගේ ඒ ග්රාහලක්ෂණ අධිකරණය සමථයට පැමිණියෙක් වන්නේද, ඉදින් චෝදනා කරන්නෙමියි උපන් චිත්තව්යාපාරසඞ්ඛ්යාත වූ චෙතනාව අධිකරණය වේනම්, මේ සිතින් ගත් චොදනාව ගනිමියි උපන් චෙතනාව නිරුද්ධවේද, ඉදින් චුදිතකයා පිළිබඳ විපත දැක උපන් අසහනය අධිකරණය වේනම්, නොඉවසීමෙන් චිත්තචොදනාව ගෙනද මෑතභාගයෙහි විනිශ්චයක් නොලබමින් හෝ කමා කරවන ලද්දේ හෝ අත්හරීද, ඉදින් චොදනාවශප්රවෘත්ත වචනය අධිකරණය වේනම්, කියමින් ඇවිද මෑත භාගයෙහි නිශ්ශබ්දවේද, නිහඬවේද, මෙසේ මොහුගේ ඒ නිහඬවීම නම්වූ අධිකරණය සමථයට පැමිණියෙක් වන්නේ, එහෙයින් චොදනාවශප්රාප්ත නාමප්‍රඥප්තිය අධිකරණයයි කියත්.
තං පනෙතං “මෙථුනධම්මපාරාජිකාපත්ති මෙථුනධම්මපාරාජිකාපත්තියා තබ්භාගියා…පෙ… එවං ආපත්තාධිකරණං ආපත්තාධිකරණස්ස තබ්භාගියන්ති ච විවාදාධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අබ්‍යාකත”න්ති ච එවමාදීහි විරුජ්ඣති. න හි තෙ පණ්ණත්තියා කුසලාදිභාවං ඉච්ඡන්ති, න ච “අමූලකෙන පාරාජිකෙන ධම්මෙනා”ති එත්ථ ආගතො පාරාජිකධම්මො පණ්ණත්ති නාම හොති. කස්මා? අච්චන්තඅකුසලත්තා. වුත්තම්පි හෙතං – “ආපත්තාධිකරණං සියා අකුසලං සියා අබ්‍යාකත”න්ති (පරි· 303).
ඒ මේ ප්රඥප්ති අධිකරණය වනාහි ‘මෛථුනධර්ම පාරාජිකාපත්තිතොමෝ මෛථුනධර්‍මපාරාජිකාපත්තියට තදභාගිය වේ. -පෙ- මෙසේ ආපත්තාධිකරණයට ආපත්තාධිකරණය තද්භාගීයයිද, විවාදාධිකරණය කිසිකලෙක කුසලය වේ. කිසිකලෙක අකුසලය වේ, කිසිකලෙක අව්යාකෘතවේයයිද යන මේ ආදිය සමග විරුද්ධ වේ. ඒ අර්ත්ථකථාචාර්ය්යයෝ ප්රඥප්තිය පිළිබඳ කුසලාදිභාවය නොකැමැති වෙත් ‘අමූලකෙන පාරාජිකෙන ධම්මෙනයි’ මෙහි ආ පාරාජිකාපත්තිය ප්රඥප්ති නම් නොවන්නීය. කුමක් හෙයින්ද යත්: ලොකවද්‍ය හෙයින් පාරාජිකාපත්තිය ඒකාන්ත අකුසල් බැවිනි. ආපත්තාධිකරණය කිසි කලෙක අකුසලය වේ, කිසි කලෙක අව්යාකෘතවේයයි මෙය කියන ලද්දේමය.
යඤ්චෙතං “අමූලකෙන පාරාජිකෙනා”ති එත්ථ අමූලකං පාරාජිකං නිද්දිට්ඨං, තස්සෙවායං “අමූලකඤ්චෙව තං අධිකරණං හොතී”ති පටිනිද්දෙසො, න පණ්ණත්තියා න හි අඤ්ඤං නිද්දිසිත්වා අඤ්ඤං පටිනිද්දිසති. යස්මා පන යාය පණ්ණත්තියා යෙන අභිලාපෙන චොදකෙන සො පුග්ගලො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති පඤ්ඤත්තො, පාරාජිකසඞ්ඛාතස්ස අධිකරණස්ස අමූලකත්තා සාපි පඤ්ඤත්ති අමූලිකා හොති, අධිකරණෙ පවත්තත්තා ච අධිකරණං. තස්මා ඉමිනා පරියායෙන පණ්ණත්ති “අධිකරණ”න්ති යුජ්ජෙය්ය, යස්මා වා යං අමූලකං නාම අධිකරණං තං සභාවතො නත්ථි, පඤ්ඤත්තිමත්තමෙව අත්ථි. තස්මාපි පණ්ණත්ති අධිකරණන්ති යුජ්ජෙය්ය. තඤ්ච ඛො ඉධෙව න සබ්බත්ථ. න හි විවාදාදීනං පණ්ණත්ති අධිකරණං. අධිකරණට්ඨො පන තෙසං පුබ්බෙ වුත්තසමථෙහි අධිකරණීයතා. ඉති ඉමිනා අධිකරණට්ඨෙන ඉධෙකච්චො විවාදො විවාදො චෙව අධිකරණඤ්චාති විවාදාධිකරණං. එස නයො සෙසෙසු .
“අමූලකෙන පාරාජිකෙන” යන මෙහි යම් මේ අමූලක පාරාජිකයක් දක්වන ලද්දේ ද, ඔහුගේම මේ ‘අමූලකං චෙව තං අධිකරණං හොති’ යනු ප්රතිනිර්දෙශය වේ. ප්රඥප්තියේ ප්රතිනිර්දෙශය නොවේ. ප්රඥප්තියෙන් අනිකක් දක්වා නැවත අනිකක් ප්රතිනිර්දෙශය නොකරන්නේය. යම්හෙයකින් යම් ප්‍රඥප්තියකින් යම් අභිලාපයකින් චොදකයා විසින් ඒ පුද්ගල තෙමේ පාරාජිකාපත්ති සංඛ්‍යාත අධිකරණයට මුල් නැති බැවින් ඒ ප්රඥප්තියද අමූලික වේ. අධිකරණයෙහි පැවති බැවින්ද අධිකරණ වේ. එහෙයින් මේ පර්‍ය්‍යායෙන් ප්රඥප්තිය අධිකරණයයි යෙදෙන්නේද යම්හෙයකින් හෝ යමක් අමූලක නම් අධිකරණයවේද, එය ස්වභාවයෙන් නැත්තේද, ප්රඥප්ති මාත්‍රයක්ම ඇත්තේද, එහෙයිනුදු ප්රඥප්තිය අධිකරණයයි යෙදෙන්නේය. ඒ ද මේ ශික්ෂාපදයෙහිම වේ. හැමතන්හි නොවේ. විවාදාදීන් පිළිබඳ ප්‍රඥප්තියෙහි අධිකරණර්ත්ථය නොවේ. අධිකරණර්ත්ථය වනාහි ඔවුන්ගේ පෙර කියූ සමථයන්ගෙන් සමථය කටයුතුබවය. මෙසේ මේ අධිකරණර්ත්ථයෙන් මෙහි සමහර විවාදයෙන් විවාදයද වේ. අධිකරණයදවේයයි විවාදාධිකරණ නමි. සෙසු තන්හිද මේ නයවේ.
තත්ථ “ඉධ භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා”ති එවං අට්ඨාරස භෙදකරවත්ථූනි නිස්සාය උප්පන්නො විවාදො විවාදාධිකරණං. “ඉධ භික්ඛූ භික්ඛුං අනුවදන්ති සීලවිපත්තියා වා”ති එවං චතස්සො විපත්තියො නිස්සාය උප්පන්නො අනුවාදො අනුවාදාධිකරණං. “පඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණ”න්ති එවං ආපත්තියෙව ආපත්තාධිකරණං. “යා සඞ්ඝස්ස කිච්චයතා කරණීයතා අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්ම”න්ති (චූළව· 215) එවං චතුබ්බිධං සඞ්ඝකිච්චං කිච්චාධිකරණන්ති වෙදිතබ්බං.
ඒ විවාදාධිකරණයෙහිලා මේ ශාසනයෙහි භික්ෂූහු අධර්මය ධර්මයයි හෝ ධර්මය අධර්මයයි හෝ විවාද කෙරෙත්ද, යන මෙසේ අටළොස් භෙදකර වස්තූන් නිසා උපන්නාවූ විවාදය විවාදාධිකරණ නමි. ‘මේ ශාසනයෙහි මහණ කෙනෙක් මහණක්හට සීලවිපත්තියෙන් චෝදනා කෙරෙත්ද, ආක්‍රෝශ කෙරෙත්ද, මෙසේ සිවුවිපත් නිසා උපන්නාවූ ගැරහීම ආක්‍රෝශ කිරීම අනුවාදාධිකරණ නමි. පඤ්චාපත්තිස්කන්ධයෝ ආපත්තාධිකරණ නමි. සප්තාපත්තිස්කන්ධයක්ද ආපත්තාධිකරණයයි මෙසේ ආපත්තියම ආපත්තාධි කරණ නමි. සඞ්ඝයා විසින් කටයුතු ඉටුකළයුතු අපලොකනකර්මඤත්තිකර්ම ඤත්තිදුතියකර්‍ම, ඤත්තතිචතුර්ත්ථ කර්මයි මෙසේ සිවුවැදෑරුම් වූ සඞ්ඝකෘත්යය කිච්චාධිකරණැයි දතයුතුය.
ඉමස්මිං පනත්ථෙ පාරාජිකාපත්තිසඞ්ඛාතං ආපත්තාධිකරණමෙව අධිප්පෙතං. සෙසානි අත්ථුද්ධාරවසෙන වුත්තානි, එත්තකා හි අධිකරණසද්දස්ස අත්ථා. තෙසු පාරාජිකමෙව ඉධ අධිප්පෙතං. තං දිට්ඨාදීහි මූලෙහි අමූලකඤ්චෙව අධිකරණං හොති. අයඤ්ච භික්ඛු දොසං පතිට්ඨාති, පටිච්ච තිට්ඨති “තුච්ඡකං මයා භණිත”න්තිආදීනි වදන්තො පටිජානාති. තස්ස භික්ඛුනො අනුද්ධංසිතක්ඛණෙයෙව සඞ්ඝාදිසෙසොති අයං තාවස්ස සපදානුක්කමනිද්දෙසස්ස සික්ඛාපදස්ස අත්ථො.
මේ අර්‍ත්‍ථයෙහි වනාහි පාරාජිකාපත්තිසඞ්ඛ්යාත ආපත්තාධිකරණයම අදහස් කරන ලද්දේය. සෙස්සෝ අර්ත්ථොද්ධාර වශයෙන් කියන ලදහ. අධිකරණ ශබ්දයාගේ අර්ත්ථ මෙපමණක්ම වෙයි. ඔවුනතුරෙහි පාරාජිකයම මෙහි අදහස් කරන ලදි. එය දිට්ඨාදි මූලයන්ගෙන් අමූලකවූම අධිකරණය වේ. මේ මහණතෙමේ දොෂයෙහි පිහිටාද නිසා සිටීද මා විසින් හිස්වූවක් කියන ලද්දේ යයි යනාදිය කියමින් පිළිදනීද ඒ මහණහුට චොදනා කළ කෙණෙහිම සඞ්ඝාදිසෙසය වේ. මේ වනාහි පදභාජනසහිතවූ ශික්ෂාපදයන්හි අර්ත්ථය වේ.
ඉදානි යානි තානි සඞ්ඛෙපතො දිට්ඨාදීනි චොදනාවත්ථූනි වුත්තානි, තෙසං වසෙන විත්ථාරතො ආපත්තිං රොපෙත්වා දස්සෙන්තො “අදිට්ඨස්ස හොතී”තිආදිමාහ. තත්ථ අදිට්ඨස්ස හොතීති අදිට්ඨො අස්ස හොති. එතෙන චොදකෙන අදිට්ඨො හොති, සො පුග්ගලො පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තොති අත්ථො. එස නයො අසුතස්ස හොතීතිආදීසුපි.
දැන් සැකෙවින් ඒ නොදක්නා ලද්දවු චොදනාවස්තූහු කියන ලදහ. ඔවුන්ගේ වසයෙන් විස්තර විසින් ඇවැත නගා දක්වනසේක් “අදිට්ඨස්ස හොති” යනාදිය වදාළ සේක. එහි ‘අදිට්ඨස්ස හොති’ මේ චොදකයා විසින් නොදක්නා ලද්දේ වේ. ඒ පුද්ගල තෙමේ පාරාජිකාපත්තියට පැමිණෙන්නේය යන අර්‍ත්‍ථයි “අස්සුතස්ස හොති” යනාදියෙහිද මේ නයවේ.
දිට්ඨො මයාති දිට්ඨොසි මයාති වුත්තං හොති. එස නයො සුතො මයාතිආදීසුපි. සෙසං අදිට්ඨමූලකෙ උත්තානත්ථමෙව. දිට්ඨමූලකෙ පන තඤ්චෙ චොදෙති “සුතො මයා”ති එවං වුත්තානං සුත්තාදීනං ආභාවෙන අමූලකත්තං වෙදිතබ්බං.
“දිට්ඨො මයා” මා විසින් දක්නා ලද්දේවෙහියි කියන ලද්දේ වේ. “සුතො මයා” යනාදියෙහිද මේ නයවේ. සෙස්ස අදිට්ඨමූලකයෙහි ප්‍රකට අර්ත්ථ ඇත්තේමය. දිට්ඨමූලකයෙහි වනාහි “තං චෙ චොදෙති සුතො මයා” ඉදින් ඔහුට චෝදනා කෙරේද මා විසින් අසන ලද්දේ යයි මෙසේ කියූ, සුතාදීන්ගේ අභාවයෙන් අමූලික බව දතයුත්තේය.
සබ්බස්මිංයෙව ච ඉමස්මිං චොදකවාරෙ යථා ඉධාගතෙසු “පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසී”ති ඉමෙසු වචනෙසු එකෙකස්ස වසෙන වාචාය වාචාය සඞ්ඝාදිසෙසො හොති, එවං අඤ්ඤත්ර ආගතෙසු “දුස්සීලො, පාපධම්මො, අසුචිසඞ්කස්සරසමාචාරො, පටිච්ඡන්නකම්මන්තො , අස්සමණො සමණපටිඤ්ඤො, අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො, අන්තොපූති, අවස්සුතො, කසම්බුජාතො”ති ඉමෙසුපි වචනෙසු එකෙකස්ස වසෙන වාචාය වාචාය සඞ්ඝාදිසෙසො හොතියෙව.
මේ සියලු චොදකවාරයෙහිම යම්සේ මෙහි ආ ‘පාරාජිකාපත්තියට පැමිණියෙහිය, අශ්රමණයෙහිය, අශාක්ය පුත්‍රයෙහිය’යි මේ වචනයන් අතුරෙහි එකක් එකක්හුගේ වසයෙන් වචනයක් වචනයක් පාසා සඞ්ඝාදිසෙසය වේ. මෙසේ අන්‍යවූ ඔමසමාදාදි ශික්ෂා පදයන්හි ආ ‘දුශ්ශීලයෙහිය, ලාමක ස්වභාව ඇත්තෙහිය, අපවිත්රයෙහිය, සැකකටයුතු සමාචාර ඇත්තෙහිය, සැඟවුණු කර්මාන්ත ඇත්තෙහිය, අශ්රමණයෙහිය, ශ්‍රමණප්‍රතිඥා ඇත්තෙහිය, අශ්රෙෂ්ඨචර්ය්යා ඇත්තෙහිය, බ්‍රහ්මචාරී ප්‍රතිඥා ඇත්තෙහිය, ඇතුළත කුණුවූයෙහිය, තිදොරින් පාරාජික වස්තු වූ දුශ්චරිතයන්ගේ වැගිරීමෙන් තෙත්වූයෙහිය. හටගත් කෙලෙස් කසළ ඇත්තෙහිය යන මේ වචන අතුරෙහි එක එකක්හුගේ වසයෙන් වචනයක් වචනයක් පාසා සඞ්ඝාදිසෙසයවේමය.
“නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති ඉමානි පන සුද්ධානි සීසං න එන්ති, “දුස්සීලොසි නත්ථි තයා සද්ධිං උපොසථො වා”ති එවං දුස්සීලාදිපදෙසු පන “පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසී”තිආදිපදෙසු වා යෙන කෙනචි සද්ධිං ඝටිතානෙව සීසං එන්ති, සඞ්ඝාදිසෙසකරානි හොන්ති.
‘තා සමග උපොසථයක් හෝ පවාරණයක් හෝ සඞ්ඝකර්මයක් හෝ නැත්තේය යන මේ ශුද්ධ පද කෙළ නොපැමිණෙත්. ‘දුශ්ශීලයෙහි, තා හා උපොසථයක් හෝ නැතැයි මෙසේ දුශ්ශීලාදිපද අතුරෙහි හෝ පාරාජිකාපත්තියට පැමිණියේ වෙහියි යනාදි පද අතුරෙහි හෝ යම්කිසි පදයක් සමග ගළපන ලද්දහුම කෙළපැමිණෙත් සඞ්ඝාදිසෙස කරන්නාහු වෙත්.
මහාපදුමත්ථෙරො පනාහ – “න කෙවලං ඉධ පාළියං අනාගතානි ‘දුස්සීලො පාපධම්මො’තිආදිපදානෙව සීසං එන්ති, ‘කොණ්ඨොසි මහාසාමණෙරොසි, මහාඋපාසකොසි, ජෙට්ඨබ්බතිකොසි, නිගණ්ඨොසි, ආජීවකොසි, තාපසොසි, පරිබ්බාජකොසි, පණ්ඩකොසි, ථෙය්යසංවාසකොසි, තිත්ථියපක්කන්තකොසි, තිරච්ඡානගතොසි, මාතුඝාතකොසි, පිතුඝාතකොසි, අරහන්තඝාතකොසි, සඞ්ඝභෙදකොසි, ලොහිතුප්පාදකොසි, භික්ඛුනීදූසකොසි, උභතොබ්යඤ්ජනකඔසී’ති ඉමානිපි සීසං එන්තියෙවා”ති. මහාපදුමත්ථෙරොයෙව ච “දිට්ඨෙ වෙමතිකොතිආදීසු යදග්ගෙන වෙමතිකො තදග්ගෙන නො කප්පෙති, යදග්ගෙන නො කප්පෙති තදග්ගෙන නස්සරති, යදග්ගෙන නස්සරති තදග්ගෙන පමුට්ඨො හොතී”ති වදති.
මහාපදුම ස්ථවිරතෙමේ වනාහි එකලාව මේ ශික්ෂාපද පෙළෙහි නොආ “දුස්සීලො පාපධම්මො” යනාදි පද කෙළ නොපැමිණෙත්, සොරවෙහි, මහා හෙරණවෙහි, මහා උවැසිවෙහි, කාලිදෙවියන්ගේ ව්‍රත දරන්නෙහි, නිගණ්ඨවෙහි, ආජීවකවෙහි, තාපසවෙහි, පරිව්රාජකවෙහි, පණ්ඩකවෙහි, ථෙය්යසංවාසකවෙහි, තිත්‍ථියපක්කන්තක වෙහි, තිර්ය්යග්ගතවෙහි, මාතෘඝාතකවෙහි, පිතෘඝාතකවෙහි, අර්හද්ඝාතකවෙහි සඞ්ඝභෙදකවෙහි, ලොහිතුප්පාදකවෙහි, භික්ෂුණී දූෂකවෙහි, උභතොබ්යඤ්ජනකවෙහි, යන මේ පදද කෙළපැමිණෙත්මැයි කීයේය. මහාපදුම ස්ථවිරතෙමේම “දිට්ඨෙ වෙමතිතො” යනාදි තන්හි යම් කරුණකින් යම් පමණකින් විමති ඇතිවූයේද එකරුණෙන් නොඅදහන්නේය. යම් කරුණකින් නො අදහන්නේද එකරුණෙන් සිහි නොකෙරේ. යම් කරුණකින් සිහි නොකෙරේද ඒකරුණෙන් මුළාවූයේ යයි කියයි.
මහාසුමත්ථෙරො පන එකෙකං ද්විධා භින්දිත්වා චතුන්නම්පි පාටෙක්කං නයං දස්සෙති. කථං? දිට්ඨෙ වෙමතිකොති අයං තාව දස්සනෙ වා වෙමතිකො හොති පුග්ගලෙ වා, තත්ථ “දිට්ඨො නුඛො මයා න දිට්ඨො”ති එවං දස්සනෙ වෙමතිකො හොති. “අයං නුඛො මයා දිට්ඨො අඤ්ඤො”ති එවං පුග්ගලෙ වෙමතිකො හොති. එවං දස්සනං වා නො කප්පෙති පුග්ගලං වා, දස්සනං වා නස්සරති පුග්ගලං වා, දස්සනං වා පමුට්ඨො හොති පුග්ගලං වා. එත්ථ ච වෙමතිකොති විමතිජාතො. නො කප්පෙතීති න සද්දහති. නස්සරතීති අසාරියමානො නස්සරති. යදා පන තං “අසුකස්මිං නාම භන්තෙ ඨානෙ අසුකස්මිං නාම කාලෙ”ති සාරෙන්ති තදා සරති. පමුට්ඨොති යො තෙහි තෙහි උපායෙහි සාරියමානොපි නස්සරතියෙවාති . එතෙනෙවුපායෙන චොදාපකවාරොපි වෙදිතබ්බො, කෙවලඤ්හි තත්ථ “මයා”ති පරිහීනං, සෙසං චොදකවාරසදිසමෙව.
මහාසුම්ම ස්ථවිරතෙමේ වනාහි එකක් එකක් දෙකට බිඳ සතර පිළිබඳවම වෙන් වෙන්වූ නය දක්වාලන්නේය. ‘දිට්ඨෙ වෙමතිකො’ යන මෙය වනාහි දැකීමෙහි හෝ පුද්ගලයා කෙරෙහි විමති ඇත්තේවේයි වදාරන සේක. එහි ‘මා විසින් දක්නා ලද්දේ ද, නොදක්නා ලද්දේදැයි මෙසේ දැකීමෙහි විමති ඇත්තේ වේ. මා විසින් දක්නා ලද්දේ මෙතෙමේද, අනිකෙක්දැයි මෙසේ පුද්ගලයා කෙරෙහි විමති ඇත්තේ වේ. මෙසේ දැකීම හෝ පුද්ගලයා හෝ නොඅදහන්නේය. දැකීම හෝ පුද්ගලයා හෝ සිහිනොකෙරේ. දැකීම කෙරෙහි හෝ පුද්ගලයා කෙරෙහි හෝ මුළාවූයේ වේ. මෙහිද “වෙමතිකො” හටගත් විමති ඇත්තේය. “නො කප්පෙති” නොඅදහයි. “න සරති” සිහිකරවනු ලබන්නේ සිහි නොකරයි. යම්කලෙක වනාහි ස්වාමිනි අසුවල් තැන, අසුවල් කාලයෙහියි එය සිහිකරවත්ද, එකල්හි සිහිකරයි. “පමුට්ඨො” යමෙක් ඒ ඒ උපායන්ගෙන් සිහි කරවනු ලබන්නේද, සිහිනොකෙරේමයයි, මේ උපායෙන්ම චොදාපකවාරයද දතයුතුය. හුදෙක්ම එහි ‘මයා’ යනු පිරිහුනේය. සෙස්ස චොදකවාරය සමාන වේ.
තතො පරං ආපත්තිභෙදං අනාපත්තිභෙදඤ්ච දස්සෙතුං “අසුද්ධෙ සුද්ධදිට්ඨී”තිආදිකං චතුක්කං ඨපෙත්වා එකමෙකං පදං චතූහි චතූහි භෙදෙහි නිද්දිට්ඨං, තං සබ්බං පාළිනයෙනෙව සක්කා ජානිතුං. කෙවලං හෙත්ථාධිප්පායභෙදො වෙදිතබ්බො. අයඤ්හි අධිප්පායො නාම – චාවනාධිප්පායො, අක්කොසාධිප්පායො, කම්මාධිප්පායො, වුට්ඨානාධිප්පායො, උපොසථපවාරණට්ඨපනාධිප්පායො, අනුවිජ්ජනාධිප්පායො, ධම්මකථාධිප්පායොති අනෙකවිධො. තත්ථ පුරිමෙසු චතූසු අධිප්පායෙසු ඔකාසං අකාරාපෙන්තස්ස දුක්කටං. ඔකාසං කාරාපෙත්වාපි ච සම්මුඛා අමූලකෙන පාරාජිකෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො. අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙන්තස්ස පාචිත්තියං. ආචාරවිපත්තියා අනුද්ධංසෙන්තස්ස දුක්කටං. අක්කොසාධිප්පායෙන වදන්තස්ස පාචිත්තියං. අසම්මුඛා පන සත්තහිපි ආපත්තික්ඛන්ධෙහි වදන්තස්ස දුක්කටං. අසම්මුඛා එව සත්තවිධම්පි කම්මං කරොන්තස්ස දුක්කටමෙව.
ඉනික්බිති ආපත්තිභෙදයද අනාපත්තිභෙදයද දක්වනු පිණිස “අසුද්ධෙ සුද්ධදිට්ඨි” යනාදීවූ චතුෂ්කය හැර එක් එක් පදය සතර සතර ප්රභෙදයකින් දක්වන ලද්දේය. ඒ සියල්ල පෙළ නයින්ම දැනගන්නට හැක්කේය. හුදෙක් මෙහි අභිප්රායභෙදය දතයුතුය. මේ අභිප්‍රාය නම්, ච්යුතකරන අභිප්‍රාය, ආක්රොශකරන අභිප්‍රාය, තර්ජනීයාදිකර්ම කරවන අභිප්‍රාය, ඇවැතින් නැගී සිටුවන අභිප්‍රාය, උපොසථපවාරණඨපනාභිප්රාය, විනිශ්චයාභිප්රාය, ධර්මකථාභිප්රායයි අනෙකප්රාකාර වේ. එහි පළමු සිවු අභිප්‍රායන්හි අවකාස නොකරවන්නහුට දුක්කටය වේ. අවකාස කරවාද හමුවෙහි අමූලික පාරාජිකයෙන් ච්‍යුත කරන අදහසින් චෝදනා කරන්නට සඞ්ඝාදිසෙසය වේ. අමූලකසඞ්ඝාදිසෙසයෙන් චෝදනා කරන්නහුට පාචිත්තිය වේ. ආචාරවිපත්තියෙන් චෝදනා කරන්නහුට දුක්කටය වේ. ආක්‍රොශ කිරීමෙහි අදහසින් චෝදනා කරන්නහුට පාචිත්තිය වේ. නොහමුවෙහි සප්තාපත්ති ස්කන්ධයෙන්ම චෝදනා කරන්නහුට දුක්කටය වේ. නොහමුවෙහිම සත්වැදෑරුම්වූ කර්මයම කරන්නහුට දුක්කටයම වේ.
කුරුන්දියං පන “වුට්ඨානාධිප්පායෙන ‘ත්වං ඉමං නාම ආපත්තිං ආපන්නො තං පටිකරොහී’ති වදන්තස්ස ඔකාසකිච්චං නත්ථී”ති වුත්තං. සබ්බත්ථෙව පන “උපොසථපවාරණං ඨපෙන්තස්ස ඔකාසකම්මං නත්ථී”ති වුත්තං. ඨපනක්ඛෙත්තං පන ජානිතබ්බං. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පන්නරසො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්ය”ති එතස්මිඤ්හි රෙ-කාරෙ අනතික්කන්තෙයෙව ඨපෙතුං ලබ්භති. තතො පරං පන ය්ය-කාරෙ පත්තෙ න ලබ්භති. එස නයො පවාරණාය. අනුවිජ්ජකස්සාපි ඔසටෙ වත්ථුස්මිං “අත්ථෙතං තවා”ති අනුවිජ්ජනාධිප්පායෙන වදන්තස්ස ඔකාසකම්මං නත්ථි.
කුරුන්දියෙහි වනාහි නගා සිටුවීමෙහි අදහසින් හෝ මෙනම් ඇවතට පැමිණියෙහිය, එයට පිළියම් කරවයි කියන්නහුට අවකාශ කිරීමක් නැතැයි කියන ලදී. සියලු අර්ත්ථකථාවන්හිම උපොසථපවාරණ තබන්නහුට අවකාශ කර්මයක් නැත්තේය. ඨපනක්ෂෙත්රය වනාහි දතයුතුය. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පණ්ණරසො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්ය” යන මෙහි රෙ කාරය නොඉක්මුණු කල්හි උපොසථය තැබීම ලබන්නේය. ඉන්පසු ය්ය කාරය පැමිණිකල්හි උපොසථය තැබීම නොලබන්නේය. පවාරණයෙහිද මේ නයවේ. අනුවිජ්ජකයාහටද වස්තුව බැස සිටි කල්හි තට මේ කරුණ ඇතැ’යි විනිශ්චය කරන අදහසින් කියන්නහුටද අවකාශ කර්මයක් නැත්තේය.
ධම්මකථිකස්සාපි ධම්මාසනෙ නිසීදිත්වා “යො ඉදඤ්චිදඤ්ච කරොති, අයං භික්ඛු අස්සමණො”තිආදිනා නයෙන අනොදිස්ස ධම්මං කථෙන්තස්ස ඔකාසකම්මං නත්ථි. සචෙ පන ඔදිස්ස නියමෙත්වා “අසුකො ච අසුකො ච අස්සමණො අනුපාසකො”ති කථෙති, ධම්මාසනතො ඔරොහිත්වා ආපත්තිං දෙසෙත්වා ගන්තබ්බං. යං පන තත්ථ තත්ථ “අනොකාසං කාරාපෙත්වා”ති වුත්තං තස්ස ඔකාසං අකාරාපෙත්වාති එවමත්ථො වෙදිතබ්බො, න හි කොචි අනොකාසො නාම අත්ථි, යමොකාසං කාරාපෙත්වා ආපත්තිං ආපජ්ජති, ඔකාසං පන අකාරාපෙත්වා ආපජ්ජතීති. සෙසං උත්තානමෙව.
ධර්මකථිකයාහටද ධර්මාසනයෙහිද ‘යමෙක් මේ මේ ක්‍රියා කෙරේද, මේ මහණ අශ්රමණය, යනාදි නයින් නොඋදෙසා දම් දෙසන්නහුට අවකාශ කර්මයක් නැත්තේය. ඉදින් වනාහි උදෙසා නියම කොට අසුවලාත් අසුවලාත් අශ්රමණය, අනුපාසකයි කියාද, ධර්මාසනයෙන් බැස ඇවැත දෙසා යායුතුය. ඒ ඒ තන්හි ‘අනොකාසං කාරෙත්වා’යි යමක් කියන ලදද, එයට අවකාශ නොකරවයි මෙසේ අර්ත්ථ දතයුතුය. කිසි අනවකාශයක් නම් නැත්තේය. මෙතෙමේ යම් අවකාශයක් කරවා ඇවතට පැමිණේද, අවකාශ නොකරවා පැමිණේයයි දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
සමුට්ඨානාදීසු තිසමුට්ඨානං – කායචිත්තතො, වාචාචිත්තතො, කායවාචාචිත්තතො ච සමුට්ඨාති. කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
සමුට්ඨානාදීන් අතුරෙහි ත්රිසමුත්ථානයක් ඇත්තේය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද ඇවැත නැගී සිටියි. කිරීමෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුත්ථානය වේ. ව්යතික්රම සංඥාවෙහි අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්ෂ වේ. සචිත්තක සමුත්‍ථාන වේ. ලෝකයා විසින් අකුසල් බැවින් හැරිය යුතුයයි නියම හෙයින් ලොකවද්‍යය කයින් කටයුතු බැවින් කායකර්‍මයි. වචනයෙන් කටයුතු බැවින් වාක් කර්මයි. අකුසල් සිත් ඇත්තේය. දොම්නස් වෙදනා විසින් දුඃඛවෙදනා ඇත්තේය.
පඨමදුට්ඨදොසසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම දුෂ්ටද්වෙෂ ශික්ෂාපද වර්ණනාව නිමි.