යෙදුමෙන් කියවන්න

දුතියදුට‍්ඨදොසසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

දුතියදුට‍්ඨදොසසික‍්ඛාපදවණ‍්ණනා

දුතියදුට්ඨදෝස ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති දුතියදුට‍්ඨදොසසික‍්ඛාපදං. තත්‍ථ හන්‍ද මයං ආවුසො ඉමං ඡගලකං දබ‍්බං මල‍්ලපුත‍්තං නාම කරොමාති තෙ කිර පඨමවත්‍ථුස‍්මිං අත‍්තනො මනොරථං සම‍්පාදෙතුං අසක‍්කොන‍්තා ලද‍්ධනිග‍්ගහා විඝාතප‍්පත‍්තා “ඉදානි ජානිස‍්සාමා”ති තාදිසං වත්‍ථුං පරියෙසමානා විචරන‍්ති. අථෙකදිවසං දිස‍්වා තුට‍්ඨා අඤ‍්ඤමඤ‍්ඤං ඔලොකෙත්‍වා එවමාහංසු – “හන්‍ද මයං, ආවුසො, ඉමං ඡගලකං දබ‍්බං මල‍්ලපුත‍්තං නාම කරොමා”ති, “දබ‍්බො මල‍්ලපුත‍්තො නාමාය”න‍්ති එවමස‍්ස නාමං කරොමාති වුත‍්තං හොති. එස නයො මෙත‍්තියං නාම භික‍්ඛුනින‍්ති එත්‍ථාපි.

“තෙන සමයෙන බුද්ධො භගවා” ද්විතීය දුෂ්ටද්වෙෂ ශික්‍ෂාපදයයි. එහි “හන්‍ද මයං ආවුසො ඉමං ඡකලකං දබ්බං මල්ලපුත්තං නාම කරොම” ඒ මෙත්තිය භූම්මජක භික්‍ෂූහු තමන්ගේ මනදොළ සම්පාදනය කරන්නට නොහැකිවනුවෝ ලැබූ නිගාවෙන් දුකට පැමිණියාහු ‘දැන් දන්නෙමු’යි එබඳු වස්තුවක් සොයමින් හැසිරෙත්. එකල්හි එක් දවසක් එළුදෙනක හා විපිළිපන් එළුවෙකු දැක තුටුවූවෝ උනුන් දෙස බලා ‘ඇවැත්නි’ එබැවින් අපි මේ එළු, දබ්බමල්ලපුත්‍ර නම් කරමු’යි මෙසේ කීහ. ‘මෙතෙමේ දබ්බමල්ලපුත්‍ර නමැයි මෙසේ මේ එළුහට නම් කරමු’යි කියන ලද්දේ වේ. “මෙත්තියං නාම භික්‍ඛුනිං” යන මෙහිද මේ නයවේ.

තෙ භික‍්ඛූ මෙත‍්තියභුමජකෙ භික‍්ඛූ අනුයුඤ‍්ජිංසූති එවං අනුයුඤ‍්ජිංසු –“ආවුසො, කුහිං තුම‍්හෙහි දබ‍්බො මල‍්ලපුත‍්තො මෙත‍්තියාය භික‍්ඛුනියා සද‍්ධිං දිට‍්ඨො”ති? “ගිජ‍්ඣකූටපබ‍්බතපාදෙ”ති. “කාය වෙලාය”ති? “භික‍්ඛාචාරගමනවෙලායා”ති. ආවුසො දබ‍්බ ඉමෙ එවං වදන‍්ති – “ත්‍වං තදා කුහි”න‍්ති? “වෙළුවනෙ භත‍්තානි උද‍්දිසාමී”ති. “තව තාය වෙලාය වෙළුවනෙ අත්‍ථිභාවං කො ජානාතී”ති? “භික‍්ඛුසඞ‍්ඝො, භන‍්තෙ”ති. තෙ සඞ‍්ඝං පුච‍්ඡිංසු – “ජානාථ තුම‍්හෙ තාය වෙලාය ඉමස‍්ස වෙළුවනෙ අත්‍ථිභාව”න‍්ති. “ආම, ආවුසො, ජානාම, ථෙරො සම‍්මුතිලද‍්ධදිවසතො පට‍්ඨාය වෙළුවනෙයෙවා”ති. තතො මෙත‍්තියභුමජකෙ ආහංසු – “ආවුසො, තුම‍්හාකං කථා න සමෙති, කච‍්චි නො ලෙසං ඔඩ‍්ඩෙත්‍වා වදථා”ති. එවං තෙ තෙහි භික‍්ඛූහි අනුයුඤ‍්ජියමානා ආම ආවුසොති වත්‍වා එතමත්‍ථං ආරොචෙසුං.

“තෙ භික්‍ඛු මෙත්තියභුම්මජකෙ භික්‍ඛු අනුයුඤ්ජිංසුං” ඇවැත්නි’ කොතැන්හිදී තොප විසින් දබ්බමල්ලපුත්‍රතෙමේ මෙත්තියා මෙහෙණ සමග දක්නා ලද්දේද, ගිජුකුළුපවු පාමුලදීය, කවර වේලාවකද, ‘පිඩු සිඟාගිය වේලාවෙහිය’, ‘ඇවැත් ‘දබ්බ’, මොවුහු මෙසේ කියත්. ‘තෝ එකල්හි කොහිද’, ‘වෙළුවනයෙහි බත් උදෙසමි’, ඒ ‘වේලෙහි තා වෙළුවනයෙහි ඇතිබව කවරෙක් දනීද, ස්වාමීනි’ භික්‍ෂුසඞ්ඝ තෙමේය. ඒ ‘භික්‍ෂූහු’ තෙපි ඒ වෙලෙහි මොහු වෙළුවනයෙහි ඇති බව දනිවුදැ’යි සඞ්ඝයා විචාළාහුය. ‘ඇවැත්නි’, එසේය. දනුම්හ’. ‘ස්ථවිරතෙමේ සම්මුතිය ලත් දින පටන් වෙළුවනයෙහි යයි මෙසේ දැන්වූහ. ඉනික්බිති මෙත්තිය භුම්මජකයන්ට ‘තොපගේ කථාව සම නොවේ. කිම, අපට ලෙශයක් නගා කියවු’දැයි කීහ. මෙසේ ඒ භික්‍ෂූන් විසින් පරීක්‍ෂා කරනු ලබන්නාවූ ඔවුහු ‘ඇවැත්නි’, එසේයයි’ කියා මේ කරුණ සැලකළහ.

කිං පන තුම‍්හෙ, ආවුසො, ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්සාති එත්‍ථ අඤ‍්ඤභාගස‍්ස ඉදං, අඤ‍්ඤභාගො වා අස‍්ස අත්‍ථීති අඤ‍්ඤභාගියං. අධිකරණන‍්ති ආධාරො වෙදිතබ‍්බො, වත්‍ථු අධිට‍්ඨානන‍්ති වුත‍්තං හොති. යො හි සො “දබ‍්බො මල‍්ලපුත‍්තො නාමා”ති ඡගලකො වුත‍්තො, සො ය‍්වායං ආයස‍්මතො දබ‍්බස‍්ස මල‍්ලපුත‍්තස‍්ස භාගො කොට‍්ඨාසො පක‍්ඛො මනුස‍්සජාති චෙව භික‍්ඛුභාවො ච තතො අඤ‍්ඤස‍්ස භාගස‍්ස කොට‍්ඨාසස‍්ස පක‍්ඛස‍්ස හොති තිරච‍්ඡානජාතියා චෙව ඡගලකභාවස‍්ස ච සො වා අඤ‍්ඤභාගො අස‍්ස අත්‍ථීති තස‍්මා අඤ‍්ඤභාගියසඞ‍්ඛ්‍යං ලභති. යස‍්මා ච තෙසං “ඉමං මයං දබ‍්බං මල‍්ලපුත‍්තං නාම කරොමා”ති වදන‍්තානං තස‍්සා නාමකරණසඤ‍්ඤාය ආධාරො වත්‍ථු අධිට‍්ඨානං, තස‍්මා අධිකරණන‍්ති වෙදිතබ‍්බො. තඤ‍්හි සන්‍ධාය “තෙ භික‍්ඛූ අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්සා”ති ආහංසු, න විවාදාධිකරණාදීසු අඤ‍්ඤතරං. කස‍්මා? අසම‍්භවතො. න හි තෙ චතුන‍්නං අධිකරණානං කස‍්සචි අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදියිංසු. න ච චතුන‍්නං අධිකරණානං ලෙසො නාම අත්‍ථි. ජාතිලෙසාදයො හි පුග‍්ගලානංයෙව ලෙසා වුත‍්තා, න විවාදාධිකරණාදීනං. ඉදඤ‍්ච “දබ‍්බො මල‍්ලපුත‍්තො”ති නාමං තස‍්ස අඤ‍්ඤභාගියාධිකරණභාවෙ ඨිතස‍්ස ඡගලකස‍්ස කොචි දෙසො හොති ථෙරං අමූලකෙන පාරාජිකෙන අනුද‍්ධංසෙතුං ලෙසමත‍්තො.

“කිං පන තුම්හෙ ආවුසො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස’යි අන් කොටස පිළිබඳවූ මෙය හෝ, මොහුට එළු ජාතිය හෝ අන් කොටසක් හෝ ඇත්තේයයි අඤ්ඤභාගිය නම. අධිකරණ යනු ආධාරයයි දතයුතුය. වස්තුව අධිෂ්ඨානැයි කියන ලද්දේ වේ. එළුතෙමේ යම් ඒ දබ්බමල්ලපුත්‍ර නමැයි කියන ලද්දේද, ඒ එළුතෙමේ, ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රගේ යම් මේ භාගයක් කොටසක් පක්‍ෂයක් මනුෂ්‍ය ජාතියක් භික්‍ෂුභාවයක් වේද, ඒ මනුෂ්‍යජාතියෙන් හා භික්‍ෂුභාවයෙන්ද අන්‍යවූ තිරච්ඡානජාතිය පිළිබඳවූද ජකලකභාවය පිළිබඳ වූද භාගය කොටස පක්‍ෂය පිළිබඳ වේ. තිරච්ඡාන ජාතිය පිළිබඳවූද ඡකලකභාවය පිළිබඳවුද ඒ අන්‍යාභාගය හෝ මේ එළුට ඇත්තේනුයි. එහෙයින් එළු අඤ්ඤභාගිය සංඥාව ලබයි. යම්හෙයකින් අපි මේ එළු දබ්බමල්ලපුත්‍ර නම් කරමුයි කියන්නාවූ ඒ මෙත්තිය භූම්මජක භික්‍ෂූන්ගේ ඒ නාමකරණ සංඥාවට ඒ එළු අධාර වූයේද වස්තුව වූයේද අධිෂ්ඨානය වූයේද, එහෙයින් අධිකරණයයි දතයුතුය. ඒ එළු සඳහා අනුයුඤ්ජක භික්‍ෂූහු අන් කොටස් ඇති අධිකරණය පිළිබඳයයි කීහ. විවාදාධිකරණාදීන් අතුරෙහි එක්තරා එකක් නොවේ. කුමක් හෙයින්දයත්: අසම්භව හෙයිනි. ඒ මෙත්තිය භූම්මජක භික්‍ෂූහු චතුර්විධ අධිකරණයන්ගෙන් කිසි අන් කොටසක් ඇති අධිකරණයක කිසිලෙශමාත්‍රයක් නොගත්තාහුය. චතුර්විධ අධිකරණයන්ගේ ලෙශයක් නම් නැත්තේය. ජාතිලෙශාදීහු පුද්ගලයන්ගේම ලෙශයෝයයි කියන ලදහ. විවාදාධිකරණාදීන්ගෙන් එකක් නොවේ. මේ දබ්බමල්ලපුත්‍ර යන නාමයයි. අන්‍යභාගීයාධිකරණභාවයෙහි සිටියාවූ ඒ කිසිචථගේ ලෙශයක් වේ. තෙරුන් අමූලකපාරාජිකයෙන් චෝදනා කරන්නට ලෙශමාත්‍රයක් මෙහිද පෙනේ.

එත්‍ථ ච දිස‍්සති අපදිස‍්සති අස‍්ස අයන‍්ති වොහරීයතීති දෙසො. ජාතිආදීසු අඤ‍්ඤතරකොට‍්ඨාසස‍්සෙතං අධිවචනං. අඤ‍්ඤම‍්පි වත්‍ථුං ලිස‍්සති සිලිස‍්සති වොහාරමත‍්තෙනෙව ඊසකං අල‍්ලීයතීති ලෙසො. ජාතිආදීනංයෙව අඤ‍්ඤතරකොට‍්ඨාසස‍්සෙතං අධිවචනං. තතො පරං උත‍්තානත්‍ථමෙව. සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියම‍්පි අයමෙවත්‍ථො. පදභාජනෙ පන යස‍්ස අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙය්‍ය , තං යස‍්මා අට‍්ඨුප‍්පත‍්තිවසෙනෙව ආවිභූතං, තස‍්මා න විභත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මොහුට, මෙතෙමේයයි හැගේ, මෙතෙමේයයි ව්‍යවහාර කරනු ලැබේනුයි දෙශ නම. ජාති ආදීන් අතුරෙහි එක්තරා කොටසකට මේ නමකි. අනිකුදු වස්තුවක ව්‍යවහාරමාත්‍රයෙන් මඳක් ඇලේනුයි ලෙශ නම. ජාති ආදීන් අතුරෙන්ම එක්තරා කොටසකට මේ නමකි. ඉනික්බිති ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. ශික්‍ෂාප්‍රඥප්තියෙහිද මෙම අර්‍ත්‍ථය වේ. පදභාජනයෙහි වනාහි යම් අන්‍යභාගියායි කරණයක්හුගේ කිසි ලෙශමාත්‍රයක් ගෙන පාරාජිකාපත්තියකින් චෝදනා කරන්නේද, එය යම්හෙයකින් අර්‍ත්‍ථොත්‍යත්ති වශයෙන්ම ප්‍රකාශ වූයේද, එහෙයින් විභාග නොකරන ලදැයි දතයුතුය.

යානි පන අධිකරණන‍්ති වචනසාමඤ‍්ඤතො අත්‍ථුද‍්ධාරවසෙන පවත‍්තානි චත‍්තාරි අධිකරණානි, තෙසං අඤ‍්ඤභාගියතා ච තබ‍්භාගියතා ච යස‍්මා අපාකටා ජානිතබ‍්බා ච විනයධරෙහි, තස‍්මා වචනසාමඤ‍්ඤතො ලද‍්ධං අධිකරණං නිස‍්සාය තං ආවිකරොන‍්තො “අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්සාති ආපත‍්තඤ‍්ඤභාගියං වා හොති අධිකරණඤ‍්ඤභාගියං වා”තිආදිමාහ. යා ච සා අවසානෙ ආපත‍්තඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස වසෙන චොදනා වුත‍්තා, තම‍්පි දස‍්සෙතුං අයං සබ‍්බාධිකරණානං තබ‍්භාගියඅඤ‍්ඤභාගියතා සමාහටාති වෙදිතබ‍්බා.

අධිකරණ යන වචන සමානත්‍වයෙන් අර්‍ත්‍ථෙද්ධාර වශයෙන් පැවති යම් චතුර්විධ අධිකරණ කෙනෙක් වෙත්ද, ඔවුන්ගේ අන්‍යභාගීය භාවයද තද්භාගීය භාවයද යම්හෙයකින් අප්‍රකටද, විනයධරයන් විසින් දැනගත යුතුද, එහෙයින් වචන සමානත්‍වයෙන් ලද අධිකරණය නිසා එය ප්‍රකාශ කරන සේක් “අඤ්ඤභාගියස්ස අධිකරණස්ස” යනු ආපත්ති අන්‍යභාගීය හෝ අධිකරණ අන්‍යභාගීය හෝවේ, යනාදිය වදාළ සේක. අවසානයෙහි ආපත්ති අන්‍යභාගීය වූ අධිකරණයෙහි වසයෙන් යම් ඒ චෝදනාවක් කියන ලදද, එද දක්වනු පිණිස සියලු අධිකරණයන්ගේ මේ තද්භාගිය අන්‍යභාගියභාවය එක් කරන ලදැයි දතයුතුය.

තත්‍ථ ච ආපත‍්තඤ‍්ඤභාගියං වාති පඨමං උද‍්දිට‍්ඨත‍්තා “කථඤ‍්ච ආපත‍්ති ආපත‍්තියා අඤ‍්ඤභාගියා හොතී”ති නිද‍්දෙසෙ ආරභිතබ‍්බෙ යස‍්මා ආපත‍්තාධිකරණස‍්ස තබ‍්භාගියවිචාරණායංයෙව අයමත්‍ථො ආගමිස‍්සති, තස‍්මා එවං අනාරභිත්‍වා “කථඤ‍්ච අධිකරණං අධිකරණස‍්ස අඤ‍්ඤභාගිය”න‍්ති පච‍්ඡිමපදංයෙව ගහෙත්‍වා නිද‍්දෙසො ආරද‍්ධොති වෙදිතබ‍්බො.

එහිද “ආපත්තඤ්ඤභාගියං වා”යි පළමුකොට උදෙසනලද බැවින් ආපත්තිතොමෝ ආපත්තියට කෙසේ අන්‍යභාගිය වේදැයි නිර්‍දෙශය ඇරඹිය යුතු කල්හි යම්හෙයකින් ආපත්තාධිකරණයෙහි තද්භාගිය විචාරණයෙහිම මේ අර්‍ත්‍ථය පැමිණෙන්නේද, එහෙයින් මෙසේ ආරම්භ නොකොට අධිකරණය අධිකරණයට කෙසේ අන්‍යභාගිය වේදැයි පසු පදයම ගෙන නිර්‍දෙශය පටන්ගන්නා ලදැයි දතයුතුය.

තත්‍ථ අඤ‍්ඤභාගියවාරො උත‍්තානත්‍ථොයෙව. එකමෙකඤ‍්හි අධිකරණං ඉතරෙසං තිණ‍්ණං තිණ‍්ණං අඤ‍්ඤභාගියං අඤ‍්ඤපක‍්ඛියං අඤ‍්ඤකොට‍්ඨාසියං හොති, වත්‍ථුවිසභාගත‍්තා, තබ‍්භාගියවාරෙ පන විවාදාධිකරණං විවාදාධිකරණස‍්ස තබ‍්භාගියං තප‍්පක‍්ඛියං තංකොට‍්ඨාසියං වත්‍ථුසභාගත‍්තා, තථා අනුවාදාධිකරණං අනුවාදාධිකරණස‍්ස. කථං? බුද‍්ධකාලතො පට‍්ඨාය හි අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි නිස‍්සාය උප‍්පන‍්නවිවාදො ච ඉදානි උප‍්පජ‍්ජනකවිවාදො ච වත්‍ථුසභාගතාය එකං විවාදාධිකරණමෙව හොති, තථා බුද‍්ධකාලතො පට‍්ඨාය චතස‍්සො විපත‍්තියො නිස‍්සාය උප‍්පන‍්නඅනුවාදො ච ඉදානි උප‍්පජ‍්ජනකඅනුවාදො ච වත්‍ථුසභාගතාය එකං අනුවාදාධිකරණමෙව හොති. යස‍්මා පන ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස සභාගවිසභාගවත්‍ථුතො සභාගසරික‍්ඛාසරික‍්ඛතො ච එකංසෙන තබ‍්භාගියං න හොති, තස‍්මා ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස සියා තබ‍්භාගියං සියා අඤ‍්ඤභාගියන‍්ති වුත‍්තං. තත්‍ථ ආදිතො පට‍්ඨාය අඤ‍්ඤභාගියස‍්ස පඨමං නිද‍්දිට‍්ඨත‍්තා ඉධාපි අඤ‍්ඤභාගියමෙව පඨමං නිද‍්දිට‍්ඨං, තත්‍ථ අඤ‍්ඤභාගියත‍්තඤ‍්ච පරතො තබ‍්භාගියත‍්තඤ‍්ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

එහි අනාභාගියවාරය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. එක් එක්ම අධිකරණයක් අනික් තුන් තුන් අධිකරණයන්ට අන්‍යභාගිය වේ. අන්‍ය පක්‍ෂයක් ඇත්තේ වේ. අනෙක් කොටසක් ඇත්තේ වේ. වස්තු විසභාග බැවිනි. තද්භාගිය වාරයෙහි වනාහි විවාදාධිකරණය විවාදාධිකරණයට තද්භාගිය වේ. තත් පක්‍ෂ ඇත්තේ වේ. තත් කොට්ඨාස ඇත්තේ වේ. වස්තුසභාග බැවිනි. අනුවාදාධිකරණය අනුවාදාධිකරණයට එසේය. බුද්ධ කාලයෙහි පටන් අටළොස් භෙදකරවස්තූන් නිසා උපන් විවාදයද වස්තුසභාග බැවින් එක්ම විවාදාධිකරණයක් වේ. එසේ බුද්ධ කාලයෙහි පටන් සිවු විපත් නිසා අනුවාදයද දැන් උපදින අනුවාදයද වස්තුසභාග බැවින් එක්ම අනුවාදාධිකරණයක් වේ. යම්හෙයකින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට සභාගවිසභාග වස්තු වශයෙන්ද ස්වභාවයෙන් සමාන අසමාන බැවින්ද ඒකාන්තයෙන් තද්භාගිය නොවේද, එහෙයින් ‘ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට කිසිකලෙක තද්භාගියද කිසිකලෙක අන්‍යාභාගියදවේයයි කියන ලද්දේය. එහි පටන් අන්‍යභාගියය. පළමුකොට දැක්වූ බැවින් මෙහිදු අන්‍යභාගියම පළමුකොට දක්වන ලදි. එහි අන්‍යභාගියභාවයද ඉන්පසු තද්භාගියභාවයද ‘සභාග විසභාගතො’ යනාදි කියූ නයින්ම දතයුතුය.

කිච‍්චාධිකරණං කිච‍්චාධිකරණස‍්ස තබ‍්භාගියන‍්ති එත්‍ථ පන බුද‍්ධකාලතො පට‍්ඨාය චත‍්තාරි සඞ‍්ඝකම‍්මානි නිස‍්සාය උප‍්පන‍්නං අධිකරණඤ‍්ච ඉදානි චත‍්තාරි සඞ‍්ඝකම‍්මානි නිස‍්සාය උප‍්පජ‍්ජනකං අධිකරණඤ‍්ච සභාගතාය සරික‍්ඛතාය ච එකං කිච‍්චාධිකරණමෙව හොති. කිං පන සඞ‍්ඝකම‍්මානි නිස‍්සාය උප‍්පන‍්නං අධිකරණං කිච‍්චාධිකරණං, උදාහු සඞ‍්ඝකම‍්මානමෙවෙතං අධිවචනන‍්ති? සඞ‍්ඝකම‍්මානමෙවෙතං අධිවචනං. එවං සන‍්තෙපි සඞ‍්ඝකම‍්මං නාම “ඉදඤ‍්චිදඤ‍්ච එවං කත‍්තබ‍්බ”න‍්ති යං කම‍්මලක‍්ඛණං මනසිකරොති තං නිස‍්සාය උප‍්පජ‍්ජනතො පුරිමං පුරිමං සඞ‍්ඝකම‍්මං නිස‍්සාය උප‍්පජ‍්ජනතො ච සඞ‍්ඝකම‍්මානි නිස‍්සාය උප‍්පන‍්නං අධිකරණං කිච‍්චාධිකරණන‍්ති වුත‍්තං.

‘කෘත්‍යාධිකරණය කෘත්‍යාධිකරණයට තද්භාගිය යන මෙහි බුද්ධකාලයෙහි පටන් චතුර්විධ සඞ්ඝකර්‍ම නිසා උපන් අධිකරණයද දැන් චතුර්විධ සඞ්ඝකර්‍ම නිසා උපදින අධිකරණයද සභාග බැවින්ද සමාන බැවින්ද එක්ම කෘත්‍යාධිකරණය වේ. ‘කිම, සඞ්ඝකර්‍ම නිසා උපන් අධිකරණය කෘත්‍යාධිකරණයවේද, නැත, සඞ්ඝකර්‍මයන්ටම මේ නමක්වේද, සඞ්ඝකර්‍මයන්ටම නමක් වේ. මෙසේ ඇති කල්හිද සඞ්ඝකර්‍මය නම් මේ මේය, මෙසේ කටයුතු යයි මෙසේ යමක් කර්‍ම ලක්‍ෂණැයි මෙනෙහි කෙරේද, ඒ නිසා උපදින බැවින්ද පළමු පළමු සඞ්ඝ කර්‍ම නිසා උපදින බැවින්ද සඞ්ඝකර්‍ම නිසා උපන් අධිකරණය කෘත්‍යාධිකරණයයි කියනලදී.

කිඤ‍්චි දෙසං ලෙසමත‍්තං උපාදායාති එත්‍ථ පන යස‍්මා දෙසොති වා ලෙසමත‍්තොති වා පුබ‍්බෙ වුත‍්තනයෙනෙව බ්‍යඤ‍්ජනතො නානං අත්‍ථතො එකං, තස‍්මා “ලෙසො නාම දස ලෙසා ජාතිලෙසො නාමලෙසො”තිආදිමාහ. තත්‍ථ ජාතියෙව ජාතිලෙසො. එස නයො සෙසෙසු.

“කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය” යන මෙහි යම්හෙයකින් දෙසයි හෝ ලෙසමත්තයි හෝ යනු පෙර කියූ නයින්ම ව්‍යඤ්ජන හෙයින් වෙනස්වේද, අර්‍ත්‍ථ හෙයින් එකක් වේද, එහෙයින් “ලෙසොති දස ලෙසො ජාතිලෙසො නාමලෙසො” යනාදිය වදාළ සේක. එහි ජාතියම ජාති ලෙස සෙස්සෙහිද මේ නයවේ.

ඉදානි තමෙව ලෙසං විත්‍ථාරතො දස‍්සෙතුං යථා තං උපාදාය අනුද‍්ධංසනා හොති තථා සවත්‍ථුකං කත්‍වා දස‍්සෙන‍්තො “ජාතිලෙසො නාම ඛත‍්තියො දිට‍්ඨො හොතී”තිආදිමාහ. තත්‍ථ ඛත‍්තියො දිට‍්ඨො හොතීති අඤ‍්ඤො කොචි ඛත‍්තියජාතියො ඉමිනා චොදකෙන දිට‍්ඨො හොති. පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තොති මෙථුනධම‍්මාදීසු අඤ‍්ඤතරං ආපජ‍්ජන‍්තො. අඤ‍්ඤං ඛත‍්තියං පස‍්සිත්‍වා චොදෙතීති අථ සො අඤ‍්ඤං අත‍්තනො වෙරිං ඛත‍්තියජාතියං භික‍්ඛුං පස‍්සිත්‍වා තං ඛත‍්තියජාතිලෙසං ගහෙත්‍වා එවං චොදෙති “ඛත‍්තියො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, ත්‍වං ඛත‍්තියො, පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසී” අථ වා “ත්‍වං සො ඛත‍්තියො, න අඤ‍්ඤො, පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි අසක්‍යපුත‍්තියොසි නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වා”ති, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස. එත්‍ථ ච තෙසං ඛත‍්තියානං අඤ‍්ඤමඤ‍්ඤං අසදිසස‍්ස තස‍්ස තස‍්ස දීඝාදිනො වා දිට‍්ඨාදිනො වා වසෙන අඤ‍්ඤභාගියතා ඛත‍්තියජාතිපඤ‍්ඤත‍්තියා ආධාරවසෙන අධිකරණතා ච වෙදිතබ‍්බා, එතෙනුපායෙන සබ‍්බපදෙසු යොජනා වෙදිතබ‍්බා.

දැන් ඒ ලෙසම විස්තර විසින් දක්වනු පිණිස යම්සේ එය ගෙන චොදනා කිරීමවේද, එසේ පුද්ගලාධිෂ්ඨානයකොට දක්වන සේක් “ජාතිලෙසො නාම ඛත්තියො දිට්ඨො හොති” යනාදිය වදාළ සේක. එහි “ඛත්තියො දිට්ඨො” මේ චොදකයා විසින් අන්කිසි ක්‍ෂත්‍රිය ජාතිකයෙක් දක්නා ලද්දේ වේ. “පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො” මෙවුන්දම් ආදීන් අතුරෙහි එක්තරා එකකට පැමිණෙන්නේ “අඤ්ඤං ඛත්තියං පස්සිත්‍වා චොදෙති” එකල්හි හෙතෙමේ තමාට වෛරී වූ ක්‍ෂත්‍රියජාති ඇති අන් මහණකු දැක ඒ ක්‍ෂත්‍රියජාතිලෙශය ගෙන, ‘පාරාජිකාපත්තියට පැමිණෙන ක්‍ෂත්‍රියෙක්තෙමේ මා විසින් දක්නා ලද්දේය. ‘තෝ ක්‍ෂත්‍රිය වෙහි, පාරාජිකාපත්තියට පැමිණියෙහි’, නොහොත් එකල තෝ ඒ ක්‍ෂත්‍රිය තෙමේය, අනිකෙක් නොවූයේය. පාරාජිකාපත්තියට පැමිණියෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයෙහි, තා හා උපොසථය හෝ පවාරණය හෝ සඞ්ඝකර්‍මය හෝ නැතැයි මෙසේ චෝදනා කෙරේද, වචනයක් වචනයක් පාසා සඞ්ඝාදිසෙසාපත්තිය වේ. මෙහිද ඒ ක්‍ෂත්‍රියයන්ගේ උනනුනුට අසමානවූ ඒ ඒ දීර්‍ඝාදීන්ගේ වසයෙන් හෝ දෘෂ්ටාදීන්ගේ වසයෙන් හෝ අන්‍යභාගියභාවයද, ක්‍ෂත්‍රියජාතිප්‍රඥප්තියට ආධාර වශයෙන් අධිකරණභවයද දතයුතුය. මේ උපායෙන්ම සියලු පදයන්හි යොජනාව දතයුත්තීය.

පත‍්තලෙසනිද‍්දෙසෙ ච සාටකපත‍්තොති ලොහපත‍්තසදිසො සුසණ‍්ඨානො සුච‍්ඡවි සිනිද‍්ධො භමරවණ‍්ණො මත‍්තිකාපත‍්තො වුච‍්චති. සුම‍්භකපත‍්තොති පකතිමත‍්තිකාපත‍්තො.

පත්තලෙසනිද්දෙසයෙහිද ‘සාටකපත්තො’ ලොහපාත්‍රයක් සමානවූ මනාසිවි ඇති සිනිදු වූ බමරපැහැ ඇති මැටියෙන් කළ පාත්‍රය කියනු ලැබේ. “සුම්හකපත්තො” පියවි මැටියෙන් කළ පාත්‍රයයි.

යස‍්මා පන ආපත‍්තිලෙසස‍්ස එකපදෙනෙව සඞ‍්ඛෙපතො නිද‍්දෙසො වුත‍්තො, තස‍්මා විත්‍ථාරතොපි තං දස‍්සෙතුං “භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොතී”තිආදි වුත‍්තං. කස‍්මා පනස‍්ස තත්‍ථෙව නිද‍්දෙසං අවත්‍වා ඉධ විසුං වුත‍්තොති? සෙසනිද‍්දෙසෙහි අසභාගත‍්තා. සෙසනිද‍්දෙසා හි අඤ‍්ඤං දිස‍්වා අඤ‍්ඤස‍්ස චොදනාවසෙන වුත‍්තා. අයං පන එකමෙව අඤ‍්ඤං ආපත‍්තිං ආපජ‍්ජන‍්තං දිස‍්වා අඤ‍්ඤාය ආපත‍්තියා චොදනාවසෙන වුත‍්තො. යදි එවං කථං අඤ‍්ඤභාගියං අධිකරණං හොතීති? ආපත‍්තියා. තෙනෙව වුත‍්තං – “එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියඤ‍්ච හොති ලෙසො ච උපාදින‍්නො”ති. යඤ‍්හි සො සඞ‍්ඝාදිසෙසං ආපන‍්නො තං පාරාජිකස‍්ස අඤ‍්ඤභාගියං අධිකරණං. තස‍්ස පන අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස ලෙසො නාම යො සො සබ‍්බඛත‍්තියානං සාධාරණො ඛත‍්තියභාවො විය සබ‍්බාපත‍්තීනං සාධාරණො ආපත‍්තිභාවො. එතෙනුපායෙන සෙසාපත‍්තිමූලකනයො චොදාපකවාරො ච වෙදිතබ‍්බො.

යම්හෙයකින් ආපත්තිලෙසය පිළිබඳ නිර්‍දෙශය එක්ම පදයෙන් සැකෙවින් කියන ලද්දේ ද, එහෙයින් විස්තර විසින්ද එය දක්වන්නට “භික්‍ඛු සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති” යනාදිය වදාරන ලද්දේය. කුමක්හෙයින් මේ ආපත්තිලෙසයාගේ නිර්‍දෙශය එහිම නොකියා මෙහි වෙන්ව කියන ලද්දේද යත්: සෙසු නිර්‍දෙශයන් හා සභාග නොවන බැවිනි. සෙසු නිර්‍දෙශ අනිකෙකු දැක අනිකෙක්හට චොදනා වසයෙන් කියන ලදය. මේ නිර්‍දෙශය වනාහි අන් එක්ම ඇවැතකට පැමිණෙන්නෙකු දැක අන් ඇවැතකින් චෝදනා වසයෙන් කියන ලදය. ඉදින් එසේ නම් කෙසේ අන්‍යභාගිය අධිකරණයක්වේද, යත් ඇවැත හේතු කොටගෙනය. “එවම්පි ආපත්තඤ්ඤභාගියඤ්ච හොති ලෙසො ච උපාදින්නො” යනු එහෙයින්ම වදාළ සේක. හෙතෙමේ යම් සඞ්ඝාදිසෙසයකට පැමිණියේද එය පාරාජිකයට අන්‍යභාගිය අධිකරණය වේ. ඒ අන්‍යභාගිය අධිකරණයෙහි ලෙසය නම් සියලු ක්‍ෂත්‍රියයන්ට සාධාරණවූ යම් ඒ ක්‍ෂත්‍රියභාවය මෙන් සියලු ආපත්තීන්ට සාධාරණ වූ ආපත්තිභාවය වේ. මේ උපායෙන්ම සෙසු ඇවැත් මුල්කොට ඇති නයද වොද්‍යපකවාරයද දතයුතුය.

අනාපත‍්ති තථාසඤ‍්ඤී චොදෙති වා චොදාපෙති වාති “පාරාජිකංයෙව අයං ආපන‍්නො”ති යො එවං තථාසඤ‍්ඤී චොදෙති වා චොදාපෙති වා තස‍්ස අනාපත‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. සමුට‍්ඨානාදීනිපි පඨමදුට‍්ඨදොසසදිසානෙවාති.

“අනාපත්ති තථාසඤ්ඤී චොදෙති වා චොදාපෙති වා” ‘මෙතෙමේ පාරාජිකයටම පැමිණියේයයි යමෙක් මෙසේ එසේ හැඟීම් ඇතිව චෝදනා කරවයි හෝ චෝදනා කරවයි හෝ ඒ මහණහුට ඇවැත් නොවේ. සෙස්ස හැමතන්හි ප්‍රකටමය. සමුත්‍ථානාදීහුද ප්‍රථම දුෂ්ට ද්වෙෂශික්‍ෂාපදය හා සමාන වෙති.

දුතියදුට‍්ඨදොසසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීය දුෂ්ටද්වෙෂශික්‍ෂා පදවර්‍ණනාව නිමි.