කුටිකාරසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
කුටිකාරසික්ඛාපදවණ්ණනා
කුටිකාර ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති කුටිකාරසික්ඛාපදං. තත්ථ ආළවකාති ආළවිරට්ඨෙ ජාතා දාරකා ආළවකා නාම, තෙ පබ්බජිතකාලෙපි “ආළවකා”ත්වෙව පඤ්ඤායිංසු. තෙ සන්ධාය වුත්තං “ආළවකා භික්ඛූ”ති. සඤ්ඤාචිකායොති සයං යාචිත්වා ගහිතූපකරණායො. කාරාපෙන්තීති කරොන්තිපි කාරාපෙන්තිපි, තෙ කිර සාසනෙ විපස්සනාධුරඤ්ච ගන්ථධුරඤ්චාති ද්වෙපි ධුරානි ඡඩ්ඩෙත්වා නවකම්මමෙව ධුරං කත්වා පග්ගණ්හිංසු. අස්සාමිකායොති අනිස්සරායො, කාරෙතා දායකෙන විරහිතායොති අත්ථො. අත්තුද්දෙසිකායොති අත්තානං උද්දිස්ස අත්තනො අත්ථාය ආරද්ධායොති අත්ථො. අප්පමාණිකායොති “එත්තකෙන නිට්ඨං ගච්ඡිස්සන්තී”ති එවං අපරිච්ඡින්නප්පමාණායො, වුද්ධිප්පමාණායො වා මහන්තප්පමාණායොති අත්ථො.
“තෙන සමයෙන” යනාදිය කුටිකාර ශික්‍ෂාපදයයි. “ආළවකා” ආළවිරටෙහි උපන් දරුවෝ ආළවක නම් වෙති. ඔවුහු පැවිදිවූ කල්හිද ආළවකයෝම යයි ප්‍රසිද්ධ වූහ. ඔවුන් සඳහා ආළවකා භික්ඛූයි වදාරන ලදී. “සඤ්ඤාචිකායො” තමන් ඉල්ලාගත් උපකරණයෝය. ‘කාරාපෙන්ති’ කෙරෙත්මය. කරවත්මය. ඔවුහු සසුනෙහි විදර්ශනාධුරය හා ග්රන්ථධුරයද යන ධුර දෙකම හැරදමා නවකර්මම ධුරකොට ගත්හ. “අස්සාමිකායො” හිමියෝ නැත්තාවූ. කරවා දෙන්නෙකුගෙන් තොරවූ යන අර්‍ත්‍ථයි. “අත්තුද්දෙසිකායො” තමන් උදෙසා තමන්ගේ ප්‍රයෝජනය පිණිස පටන්ගත් යන අර්‍ත්‍ථයි. “අප්පමාණිකාසො” මෙපමණ දැව ආදියෙන් නිමාවට යන්නාහයි. මෙසේ නොපිරිසිඳි පමණ ඇති, පමණින් වැඩිවූ, පමණින් මහත්වූ යන අර්‍ත්‍ථයි.
යාචනා එව බහුලා එතෙසං මන්දං අඤ්ඤං කම්මන්ති යාචනබහුලා. එවං විඤ්ඤත්තිබහුලා වෙදිතබ්බා. අත්ථතො පනෙත්ථ නානාකරණං නත්ථි, අනෙකක්ඛත්තුං “පුරිසං දෙථ, පුරිසත්ථකරං දෙථා”ති යාචන්තානමෙතං අධිවචනං. තත්ථ මූලච්ඡෙජ්ජාය පුරිසං යාචිතුං න වට්ටති, සහායත්ථාය කම්මකරණත්ථාය “පුරිසං දෙථා”ති යාචිතුං වට්ටති. පුරිසත්ථකරන්ති පුරිසෙන කාතබ්බං හත්ථකම්මං වුච්චති, තං යාචිතුං වට්ටති. හත්ථකම්මං නාම කිඤ්චි වත්ථු න හොති, තස්මා ඨපෙත්වා මිගලුද්දකමච්ඡබන්ධකාදීනං සකකම්මං අවසෙසං සබ්බං කප්පියං. “කිං, භන්තෙ, ආගතත්ථ කෙන කම්ම”න්ති පුච්ඡිතෙ වා අපුච්ඡිතෙ වා යාචිතුං වට්ටති, විඤ්ඤත්තිපච්චයා දොසො නත්ථි. තස්මා මිගලුද්දකාදයො සකකම්මං න යාචිතබ්බා, “හත්ථකම්මං දෙථා”ති අනියමෙත්වාපි න යාචිතබ්බා; එවං යාචිතා හි තෙ “සාධු, භන්තෙ”ති භික්ඛූ උය්යොජෙත්වා මිගෙපි මාරෙත්වා ආහරෙය්යුං. නියමෙත්වා පන “විහාරෙ කිඤ්චි කත්තබ්බං අත්ථි, තත්ථ හත්ථකම්මං දෙථා”ති යාචිතබ්බා. ඵාලනඞ්ගලාදීනි උපකරණානි ගහෙත්වා කසිතුං වා වපිතුං වා ලායිතුං වා ගච්ඡන්තං සකිච්චපසුතම්පි කස්සකං වා අඤ්ඤං වා කිඤ්චි හත්ථකම්මං යාචිතුං වට්ටතෙව. යො පන විඝාසාදො වා අඤ්ඤො වා කොචි නික්කම්මො නිරත්ථකකථං කථෙන්තො නිද්දායන්තො වා විහරති, එවරූපං අයාචිත්වාපි “එහි රෙ ඉදං වා ඉදං වා කරොහී”ති යදිච්ඡකං කාරාපෙතුං වට්ටති.
මොවුන්ගේ ඉල්ලීමම බහුලය. මොවුන්ගේ අන් වැඩ මඳයයි යාචනබහුලා නම. “විඤ්ඤත්ති බහුලා” යනුද මෙසේ දතයුතුය. මෙහි අර්ත්ථ වශයෙන් වෙනස් බවක් නැත්තේය. නොයෙක් වර පුරුෂයකු දෙවු, පුරිස අත්තමක් දෙවුයි ඉල්ලන්නවුන්ට මේ නමකි. ඒ ඉල්ලීමෙහි මූලච්ඡෙද්ය වශයෙන් පුරුෂයකු ඉල්ලීම නොවටියි. සහාය පිණිස වැඩ කිරීම පිණිස “පුරිසං දෙථ” පුරුෂයකු දෙවුයි ඉල්ලීම නොවටිනේ නොවේ. “පුරිසත්ථකරං” පුරුෂයෙකු විසින් කටයුතු වූ අත්කම් කියනු ලැබේ. එය ඉල්ලීම වටියි. අත්කම නම් කිසි වස්තුවක් නොවේ. එහෙයින් මුවවැදි කෙවුල් ආදීන්ගේ ඒ සියකම් හැර සෙසු සියලු කම් සැපය. ‘ස්වාමිනි’ කුමට ආවාහුද, කුමකින් කටයුතුදැයි විචාළ කල්හි හෝ නොවිචාළ කල්හි හෝ ඉල්ලීම වටියි. විණවීම් හේතුවෙන් දොෂයක් නැත්තේය. එහෙයින් මුවවැදි ආදීන්ගෙන් ඒ සියකම් නොඉල්ලිය යුතුය. ‘අත්කම් දෙවුයි නියමක් නොකොටද නොඉල්ලිය යුතුය. මෙසේ ඉල්ලන ලද්දාහු නම් ඔවුහු ‘ස්වාමීනි’ මැනවැ’යි මහණහු පිටත්කොට යවා මුවන්ද මරා ගෙන්නාහුය. නියමකොට ‘විහාරයෙහි කිසි කටයුත්තක් ඇත්තේය, එයට අත්කමක් දෙවුයි ඉල්ලිය යුතුය. කැවිටි, නඟුල් ආදී උපකරණ ගෙන සාන්නට හෝ වපුරන්නට හෝ ගොයම් කපන්නට හෝ යන සිය වැඩෙහි යෙදුණු ගොවියෙකුගෙන් හෝ අනිකෙකුගෙන් හෝ අත්කමක් ඉල්ලීම වටීමය. යම් ඉඳුල් බත් කන්නෙක් හෝ අන් කිසි වැඩ නැත්තෙක් හෝ වැඩ නැති බස් බෙණෙන්නෙක් හෝ නිදන්නෙක් හෝ වාසය කෙරේද, මෙබන්දෙක් ලවා නොඉල්වාද, ‘බොල එව, මේ මේ කරව’යි කැමති දෙයක් කරවීම වටියි.
හත්ථකම්මස්ස පන සබ්බකප්පියභාවදීපනත්ථං ඉමං නයං කථෙන්ති. සචෙ හි භික්ඛු පාසාදං කාරෙතුකාමො හොති, ථම්භත්ථාය පාසාණකොට්ටකානං ඝරං ගන්ත්වා වත්තබ්බං “හත්ථකම්මං ලද්ධුං වට්ටති උපාසකා”ති. කිං කාතබ්බං, භන්තෙ,ති? පාසාණත්ථම්භා උද්ධරිත්වා දාතබ්බාති. සචෙ තෙ උද්ධරිත්වා වා දෙන්ති, උද්ධරිත්වා නික්ඛිත්තෙ අත්තනො ථම්භෙ වා දෙන්ති, වට්ටති. අථාපි වදන්ති – “අම්හාකං, භන්තෙ, හත්ථකම්මං කාතුං ඛණො නත්ථි, අඤ්ඤං උද්ධරාපෙථ, තස්ස මූලං දස්සාමා”ති උද්ධරාපෙත්වා “පාසාණත්ථම්භෙ උද්ධටමනුස්සානං මූලං දෙථා”ති වත්තුං වට්ටති. එතෙනෙවුපායෙන පාසාදදාරූනං අත්ථාය වඩ්ඪකීනං සන්තිකං ඉට්ඨකත්ථාය ඉට්ඨකවඩ්ඪකීනං ඡදනත්ථාය ගෙහච්ඡාදකානං චිත්තකම්මත්ථාය චිත්තකාරානන්ති යෙන යෙන අත්ථො හොති, තස්ස තස්ස අත්ථාය තෙසං තෙසං සිප්පකාරකානං සන්තිකං ගන්ත්වා හත්ථකම්මං යාචිතුං වට්ටති. හත්ථකම්මයාචනවසෙන ච මූලච්ඡෙජ්ජාය වා භත්තවෙතනානුප්පදානෙන වා ලද්ධම්පි සබ්බං ගහෙතුං වට්ටති. අරඤ්ඤතො ආහරාපෙන්තෙන ච සබ්බං අනජ්ඣාවුත්ථකං ආහරාපෙතබ්බං.
අත්කම් පිළිබඳ සියල්ල කැපබව දක්වනු පිණිස මේ නය කියත්: ඉදින් මහණෙක්තෙමේ පහයක් කරවනු කැමැත්තේ නම් එහි ටැම් පිණිස ගල් කපන්නන්ගේ ගෙට ගොස් ‘උපාසකයෙනි’ අත්කම් ලැබියයුතුයයි කියයුතුය. ‘ස්වාමීනි’ කුමක් කටයුතුදැ’යි විචාළ කල්හි පහන්ටැම් උදුරා දියයුතුයයි කියයුතුය. ඉදින් ඔවුහු උදුරා දෙත්නම්, උදුරාදමා තුබූ තමන්ගේ ටැම් හෝ දෙත්ද, වටියි. නැවැතද ‘ස්වාමිනී අත්කම් කරන්නට අපට ඉඩ නැත, අනිකෙකු ලවා උදුරුවාලනු මැනව, ඔහුට මිල දෙන්නෙමුයි කියත්ද, එකල්හි පහන්ටැම් උදුරවා උදුරු මිනිසුන්ට මිල දෙවුයි කියයුතුය. මේ උපායෙන්ම පහයෙහි දැව පිණිස වඩුවන් වෙතද, ගඩොල් පිණිස ගඩොල් වඩුවන් වෙතද, සෙවෙණි පිණිස ගෙවල් සෙවෙලි කරන්නන් වෙතද සිත්කම් පිණිස සිත්තරුන් වෙතදැයි යමකින් යමකින් වැඩ ඇත්තේ වේද, ඒ ඒ පිණිස ඒ ඒ සිප්කරුවන් වෙත ගොස් අත්කම් ඉල්ලීම වටියි. අත්කම් ඉල්ලීම් වසයෙන්ද මූලච්ඡෙද්ය වශයෙන් හෝ බත්, වැටුප් දීමෙන් හෝ ලැබූ සියල්ල ගැනීම වටියි. වනයෙන් ගෙන්වන්නහු විසින්ද අනුන් විසින් අයත්කොට නොගන්නා ලද්දම ගෙන්විය යුතුය.
න කෙවලඤ්ච පාසාදං කාරෙතුකාමෙන මඤ්චපීඨපත්තපරිස්සාවනධමකරකචීවරාදීනි කාරාපෙතුකාමෙනාපි දාරුලොහසුත්තාදීනි ලභිත්වා තෙ තෙ සිප්පකාරකෙ උපසඞ්කමිත්වා වුත්තනයෙනෙව හත්ථකම්මං යාචිතබ්බං. හත්ථකම්මයාචනවසෙන ච මූලච්ඡෙජ්ජාය වා භත්තවෙතනානුප්පදානෙන වා ලද්ධම්පි සබ්බං ගහෙතබ්බං. සචෙ පන කාතුං න ඉච්ඡන්ති, භත්තවෙතනං පච්චාසීසන්ති, අකප්පියකහාපණාදි න දාතබ්බං. භික්ඛාචාරවත්තෙන තණ්ඩුලාදීනි පරියෙසිත්වා දාතුං වට්ටති.
පහයක් කරවනු කැමැත්තහු විසින් පමණක්ම නොව ඇඳ පුටු පාත්‍ර පෙරහන්ඩබරා සිවුරු ආදියද කරවනු කැමැත්තහු විසින්ද දැව ලොහොහූ ආදිය ලැබ ඒ ඒ සිප්කරුවන් වෙත එළඹ කියූ නයින්ම අත්කම් ඉල්ලිය යුතුයි. අත්කම් ඉල්ලීම වසයෙන් හෝ මූලච්ඡෙද්ය වශයෙන් හෝ බත්වැටුප් දීමෙන් හෝ ලැබූ සියල්ලද ගතයුතුය. ඉදින් කරන්නට නොකැමති වෙත්නම්, බත්වැටුප් බලාපොරොත්තු වෙත්නම්, අකැප කහවණු නොදිය යුතුය. පිඬු සිඟීමෙහි වතින් සහල් ආදිය සොයාදීම වටියි.
හත්ථකම්මවසෙන පත්තං කාරෙත්වා තථෙව පාචෙත්වා නවපක්කස්ස පත්තස්ස පුඤ්ඡනතෙලත්ථාය අන්තොගාමං පවිට්ඨෙන “භික්ඛාය ආගතො”ති සල්ලක්ඛෙත්වා යාගුයා වා භත්තෙ වා ආනීතෙ හත්ථෙන පත්තො පිධාතබ්බො. සචෙ උපාසිකා “කිං, භන්තෙ”ති පුච්ඡති, “නවපක්කො පත්තො පුඤ්ඡනතෙලෙන අත්ථො”ති වත්තබ්බං. සචෙ සා “දෙහි, භන්තෙ”ති පත්තං ගහෙත්වා තෙලෙන පුඤ්ඡිත්වා යාගුයා වා භත්තස්ස වා පූරෙත්වා දෙති, විඤ්ඤත්ති නාම න හොති, ගහෙතුං වට්ටතීති.
අත්කම් වසයෙන් පාත්‍රයක් කරවා එසේම පිසවා අලුත පිසූ පාත්‍රයෙහි තෙල් පිණිස ගම තුළට පිවිසියහු විසින් පිඬු පිණිස ආයේ යයි සලකා කැඳ හෝ බත් හෝ එළවූ කල්හි අතින් පාත්‍රය වැසිය යුතුය. උපාසිකාතොමෝ දැක, ‘ස්වාමිනි’ කිමැයි විචාරානම් මේ අලුත පිසූ පාත්රයෙකි. ආලේප තෙලින් ප්‍රයෝජනයයි කියයුතුය. මේ උපාසිකාතොමෝ ‘ස්වාමීනි, දුන මැනවැ,යි කියා පාත්‍රය ගෙන තෙල් ගා පිසදමා කැඳෙන් හෝ බතින් හෝ පුරවා දේනම් පිණවීමක් නැත්තේයයි ගැනීම වටියි.
භික්ඛූ පගෙව පිණ්ඩාය චරිත්වා ආසනසාලං ගන්ත්වා ආසනං අපස්සන්තා තිට්ඨන්ති. තත්ර චෙ උපාසකා භික්ඛූ ඨිතෙ දිස්වා සයමෙව ආසනානි ආහරාපෙන්ති, නිසීදිත්වා ගච්ඡන්තෙහි ආපුච්ඡිත්වා ගන්තබ්බං. අනාපුච්ඡා ගතානම්පි නට්ඨං ගීවා න හොති, ආපුච්ඡිත්වා ගමනං පන වත්තං. සචෙ භික්ඛූහි “ආසනානි ආහරථා”ති වුත්තෙහි ආහටානි හොන්ති, ආපුච්ඡිත්වාව ගන්තබ්බං. අනාපුච්ඡා ගතානං වත්තභෙදො ච නට්ඨඤ්ච ගීවාති. අත්ථරණකොජවාදීසුපි එසෙව නයො.
භික්ෂූහු පළමුකොටම පිඬු පිණිස හැසිර අසුන්හලකට ගොස් අසුනක් දක්නාහු නැගී සිටිත්ද, එහිදී උපාසකයෝ නැගීසිටි මහණුන් දැක තුමූම අසුන් ගෙන්වත්ද, එහි හිඳ යන්නවුන් විසින් විචාරා යායුතුය. නොවිචාරා ගියවුන්ටද නය නොවේ. විචාරා යෑම වතයි. මහණුන් විසින් අසුන් ගෙනඑවුයි කියන ලද්දාවුන් විසින් ගෙනෙන ලද්දාහු වෙත්නම්, විචාරාම යායුතුය. නොවිචාරා ගියවුන්ට චාරිත්රභෙදයද වේ. නටුයේනම් නයද වේ. අතුරුණු කොඳු පලස් ආදියෙහිද මෙම නයවේ.
මක්ඛිකායො බහුකා හොන්ති, “මක්ඛිකාබීජනිං ආහරථා”ති වත්තබ්බං. පුචිමන්දසාඛාදීනි ආහරන්ති, කප්පියං කාරාපෙත්වා පටිග්ගහෙතබ්බානි. ආසනසාලාය උදකභාජනං රිත්තං හොති, “ධමකරණං ගණ්හා”ති න වත්තබ්බං. ධමකරකඤ්හි රිත්තභාජනෙ පක්ඛිපන්තො භින්දෙය්ය “නදිං වා තළාකං වා ගන්ත්වා පන උදකං ආහරා”ති වත්තුං වට්ටති. “ගෙහතො ආහරා”ති නෙව වත්තුං වට්ටති, න ආහටං පරිභුඤ්ජිතබ්බං. ආසනසාලායං වා අරඤ්ඤකෙ වා භත්තකිච්චං කරොන්තෙහි තත්ථජාතකං අනජ්ඣාවුත්ථකං යංකිඤ්චි උත්තරිභඞ්ගාරහං පත්තං වා ඵලං වා සචෙ කිඤ්චි කම්මං කරොන්තං ආහරාපෙති, හත්ථකම්මවසෙන ආහරාපෙත්වා පරිභුඤ්ජිතුං වට්ටති. අලජ්ජීහි පන භික්ඛූහි වා සාමණෙරෙහි වා හත්ථකම්මං න කාරෙතබ්බං. අයං තාව පුරිසත්ථකරෙ නයො.
මැස්සෝ බොහෝ වෙත්නම්, මැසිවිජිනිය ගෙනෙවුයි කියයුතුය. කොසඹ අතු ආදිය ගෙන එත්නම්, කැප කරවා පිළිගත යුත්තාහ. අසුන් හලෙහි පැන් බඳුන හිස්වූයේවේද, ‘ඩබරාව ගනුවයි නොකිය යුතුය. ඩබරාව හිස්බඳුනෙහි බහන්නේ බිඳෙන්නේය. ‘ගඟකට හෝ විලකට හෝ ගොස් පැන් ගෙන එව’යි කීම වටියි. ගෙයින් ගෙනෙවැයි කීම නොවටීමය. එසේ ගෙනෙන ලද්ද විඤ්ඤත්තිදුක්කට බැවින් පරිභොග නොකට යුතුය. අසුන්හලෙහි හෝ වනයෙහි හෝ බත්කිස කරන්නේ එහි හටගත් අනුන් අයත් නැති යම්කිසි රසකැවිල්ලට සුදුසු වූ පත්‍රයක් හෝ ඵලයක් හෝ කිසියම් වැඩක් කරන්නෙකු ලවා ගෙන්වානම්, අත්කම් වසයෙන් ගෙන්වා පරිභොග කිරීම වටියි. අලජ්ජි මහණුන් ලවා හෝ හෙරණනු ලවා හෝ අත්කම් නොකරවිය යුතුය. මේ වනාහි අත්කම්හි නයයි.
ගොණං පන අඤ්ඤාතකඅප්පවාරිතට්ඨානතො ආහරාපෙතුං න වට්ටති, ආහරාපෙන්තස්ස දුක්කටං. ඤාතිපවාරිතට්ඨානතොපි මූලච්ඡෙජ්ජාය යාචිතුං න වට්ටති, තාවකාලිකනයෙන සබ්බත්ථ වට්ටති. එවං ආහරාපිතඤ්ච ගොණං රක්ඛිත්වා ජග්ගිත්වා සාමිකා පටිච්ඡාපෙතබ්බා. සචස්ස පාදො වා සිඞ්ගං වා භිජ්ජති වා නස්සති වා සාමිකා චෙ සම්පටිච්ඡන්ති, ඉච්චෙතං කුසලං. නො චෙ සම්පටිච්ඡන්ති, ගීවා හොති. සචෙ “තුම්හාකංයෙව දෙමා”ති වදන්ති න සම්පටිච්ඡිතබ්බං. “විහාරස්ස දෙමා”ති වුත්තෙ පන “ආරාමිකානං ආචික්ඛථ ජග්ගනත්ථායා”ති වත්තබ්බං.
“ගොණං” ගොනකු නොනෑ නොපැවරූ තැනින් ගෙන්වීම නොවටියි. ගෙන්වන්නහුට දුක්කටය වේ. නෑ පැවරූ තැනින්ද මූලච්ඡෙද්ය වශයෙන් ඉල්ලීම නොවටියි. තාවකාලික නයින් සියලු තන්හි වටියි. මෙසේ ගෙන්වනලද ගොනුද රැක පෝෂණයකොට හිමියන්ට පාවාදිය යුතුය. ඒ ගොනුගේ පයක් හෝ අඟක් හෝ බිදුණේ හෝ නැසුණේ හෝ වේද, හිමියෝ පිළිගණිත්නම් මෙය මැනවි. නොපිළිගණිත්නම් නයවේ. ‘තොපටම දෙමු’යි කියත්නම් නොපිළිගත යුතුය. ‘වෙහෙරට දෙමු’යි කීකල්හි, පොෂණ කරනු පිණිස ආරාමිකයන්ට කියමුයි කියයුතුය.
“සකටං දෙථා”තිපි අඤ්ඤාතකඅප්පවාරිතෙ වත්තුං න වට්ටති, විඤ්ඤත්තිඑව හොති දුක්කටං ආපජ්ජති. ඤාතිපවාරිතට්ඨානෙ පන වට්ටති, තාවකාලිකං වට්ටති කම්මං කත්වා පුන දාතබ්බං. සචෙ නෙමියාදීනි භිජ්ජන්ති පාකතිකානි කත්වා දාතබ්බං. නට්ඨෙ ගීවා හොති. “තුම්හාකමෙව දෙමා”ති වුත්තෙ දාරුභණ්ඩං නාම සම්පටිච්ඡිතුං වට්ටති. එස නයො වාසිඵරසුකුඨාරීකුදාලනිඛාදනෙසු. වල්ලිආදීසු ච පරපරිග්ගහිතෙසු. ගරුභණ්ඩප්පහොනකෙසුයෙව ච වල්ලිආදීසු විඤ්ඤත්ති හොති, න තතො ඔරං.
“සකටං දෙථ” ගැලක් දෙවු’යි නොනෑ නොපැවරුවන්ට කියනු නොයෙදෙයි. විණවීමම වේ. දුක්කටයට පැමිණේ. නෑපැවරූ තන්හි වටියි. තාවකාලික වශයෙන් ඉල්ලීම සුදුසුය. වැඩකොට නැවත දියයුතුය. නිම්වළලු ආදීහු බිදීයෙත්නම් ප්රකෘතිමත්කොට දියයුතුය. නැසීගිය කල්හි නයවේ. ‘ඔබට දෙමු’යි කීකල්හි දැව බඩුවක් නම් පිළිගත යුතුය. වෑපොරෝ කෙටේරි, උදලු, නියන්හිද මේ නයවේ. “වල්ලී” වැල් ආදී වූ මෙරමා අයත් ද්‍රව්‍යයන්හිද, ගරුබඩුවට පොහොනාම වූ වැල්ආදියෙහිද විණවීම වේ. ඉන් මොබ වස්තූන්හි විඥප්තිය නොවේ.
අනජ්ඣාවුත්ථකං පන යංකිඤ්චි ආහරාපෙතුං වට්ටති. රක්ඛිතගොපිතට්ඨානෙයෙව හි විඤ්ඤත්ති නාම වුච්චති. සා ද්වීසු පච්චයෙසු සබ්බෙන සබ්බං න වට්ටති, සෙනාසනපච්චයෙ පන “ආහර දෙහී”ති විඤ්ඤත්තිමත්තමෙව න වට්ටති , පරිකථොභාසනිමිත්තකම්මානි වට්ටන්ති. තත්ථ උපොසථාගාරං වා භොජනසාලං වා අඤ්ඤං වා යංකිඤ්චි සෙනාසනං ඉච්ඡතො “ඉමස්මිං වත ඔකාසෙ එවරූපං සෙනාසනං කාතුං වට්ටතී”ති වා “යුත්ත”න්ති වා “අනුරූප”න්ති වාතිආදිනා නයෙන වචනං පරිකථා නාම. “උපාසකා තුම්හෙ කුහිං වසථා”ති? “පාසාදෙ, භන්තෙ”ති. “කිං භික්ඛූනං පන උපාසකා පාසාදො න වට්ටතී”ති එවමාදිවචනං ඔභාසො නාම. මනුස්සෙ දිස්වා රජ්ජුං පසාරෙති, ඛීලෙ ආකොටාපෙති. “කිං ඉදං, භන්තෙ”ති වුත්තෙ “ඉධ ආවාසං කරිස්සාමා”ති එවමාදිකරණං පන නිමිත්තකම්මං නාම. ගිලානපච්චයෙ පන විඤ්ඤත්තිපි වට්ටති, පගෙව පරිකථාදීනි.
අනුන් අයත් නොවූ යම් කිසිවක් ගෙන්වීම වටියි. රක්ෂිතගොපිතස්ථානයෙහිම විඥප්තිය කියනු ලැබේ. ඒ විඥප්තිය චීවර පිණ්ඩපාත යන දෙපසෙහි මුළුමනින් නොවටියි. සෙනසුන් පයෙහි වනාහි, ‘මේ දෙය ගෙනෙව, දෙවයි විඥප්තිමාත්රයම නොවටියි. පරිකථා ඔභාසකථා නිමිත්තකර්‍ම යන මොවුහු වටිත්. එහි පොහෝගෙයක් හෝ බොජුන්හලක් හෝ අන්කිසි සෙනසුනක් හෝ කරනු කැමැත්තහු විසින් ඒකාන්තයෙන් මේ අවකාශයෙහි මෙබඳු සෙනසුනක් කරනු වටීයයි හෝ යුතුයයි හෝ සුදුසුයයි හෝ මේ ආදි නයින් කීම පරිකථා නම. ‘උපාසකයෙනි, තෙපි කොතැනක වසනුදැ’යි විචාරා ‘ස්වාමීනි’ පහයෙකැයි කීකල්හි ‘උපාසකයෙනි, මහණුන්ට පහර නොවටීදැයි මේ ආදිය කීම ඔභාස නම. මිනිසුන් දැක රැහැණක් හෝ දිගු කෙරේද, උල් හෝ සිටුවාද, ‘ස්වාමිනි, මේ කිමැ’යි ඇසූකල්හි මෙතැන ආවාසයක් කරන්නෙමුයි මේ ආදිය කිරීම නිමිත්තකර්‍ම නම. ගිලන්පසෙහි විඥප්තියද වටියි. පරිකථාදිය කියනු කිම,
මනුස්සා උපද්දුතා යාචනාය උපද්දුතා විඤ්ඤත්තියාති තෙසං භික්ඛූනං තාය යාචනාය ච විඤ්ඤත්තියා ච පීළිතා. උබ්බිජ්ජන්තිපීති “කිං නු ආහරාපෙස්සන්තී”ති උබ්බෙගං ඉඤ්ජනං චලනං පටිලභන්ති. උත්තසන්තිපීති අහිං විය දිස්වා සහසා තසිත්වා උක්කමන්ති. පලායන්තිපීති දූරතොව යෙන වා තෙන වා පලායන්ති. අඤ්ඤෙනපි ගච්ඡන්තීති යං මග්ගං පටිපන්නා තං පහාය නිවත්තිත්වා වාමං වා දක්ඛිණං වා ගහෙත්වා ගච්ඡන්ති, ද්වාරම්පි ථකෙන්ති.
“මනුස්සා උපද්දුතා යාචනාය උපද්දුතා විඤ්ඤත්තියා” ඒ භික්ෂූන්ගේ ඒ යාඥාවෙන්ද විඥප්තියෙන්ද පෙළුනාහු. “උබ්බිජ්ජන්ති” කුමක් ගෙන්වන්නාහුදැයි උද්වෙගය කම්පනය චලනය පිළිලබත්, උත්තසන්ති යනු සර්පයෙකුදැයි මෙන් වහා තැතිගෙන පහවෙත්. “පලායන්ති” දුරින්ම යම් ඒ තැනකට පලායෙත් “අඤ්ඤෙනපි ගච්ඡන්ති”, යම් මගකට පිළිපන්නාහු ඒ මග හැර වම හෝ දකුණ හෝ ගෙන යෙත්. දොරද වසත්.
භූතපුබ්බං භික්ඛවෙති ඉති භගවා තෙ භික්ඛූ ගරහිත්වා තදනුරූපඤ්ච ධම්මිං කථං කත්වා පුනපි විඤ්ඤත්තියා දොසං පාකටං කුරුමානො ඉමිනා “භූතපුබ්බං භික්ඛවෙ”තිආදිනා නයෙන තීණි වත්ථූනි දස්සෙසි. තත්ථ මණිකණ්ඨොති සො කිර නාගරාජා සබ්බකාමදදං මහග්ඝං මණිං කණ්ඨෙ පිලන්ධිත්වා චරති, තස්මා “මණිකණ්ඨො” ත්වෙව පඤ්ඤායිත්ථ. උපරිමුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසීති සො කිර තෙසං ද්වින්නං ඉසීනං කනිට්ඨො ඉසි මෙත්තාවිහාරී අහොසි, තස්මා නාගරාජා නදිතො උත්තරිත්වා දෙවවණ්ණං නිම්මිනිත්වා තස්ස සන්තිකෙ නිසීදිත්වා සම්මොදනීයං කථං කත්වා තං දෙවවණ්ණං පහාය සකවණ්ණමෙව උපගන්ත්වා තං ඉසිං පරික්ඛිපිත්වා පසන්නාකාරං කරොන්තො උපරිමුද්ධනි මහන්තං ඵණං කරිත්වා ඡත්තං විය ධාරයමානො මුහුත්තං ඨත්වා පක්කමති, තෙන වුත්තං “උපරිමුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසී”ති. මණිමස්ස කණ්ඨෙ පිලන්ධනන්ති මණිං අස්ස කණ්ඨෙ පිලන්ධිතං, ආමුක්කන්ති අත්ථො. එකමන්තං අට්ඨාසීති තෙන දෙවවණ්ණෙන ආගන්ත්වා තාපසෙන සද්ධිං සම්මොදමානො එකස්මිං පදෙසෙ අට්ඨාසි.
“භූතපුබ්බං භික්ඛවෙ” මේ ප්‍රකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන්ට ගරහා එයට අනුරූප වූ දැහැමි කතාකොට නැවැතද විණවීමෙහි දොස් ප්‍රකට කරනසේක් “භූතපුබ්බං භික්ඛවෙ” යනාදි ක්‍රමයෙන් වස්තු තුනක් දැක්වූ සේක. එහි “මණිකණ්ඨො” ඒ නාරජතෛමේ සියලු කැමති දෙය දෙන මහඟු මැණිකක් බොටුවෙහි පැලඳගෙන හැසිරෙන්නේය. එහෙයින් ‘මණිකණ්ඨයි ප්‍රකට වූයේය. “උපරි මුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසි” ඒ සෘෂීන් දෙදෙනාගෙන් ඒ කණිටු සෘෂිතෙමේ මෛත්‍රීවිහරණ ඇත්තේ වීය. එහෙයින් ඒ නාරජතෙමේ ගඞ්ගා නදියෙන් ගොඩනැගී දිව්යවේශයක් මවා ඔහු වෙත හිඳ සතුටුවියයුතු කතාවක්කොට ඒ දිව්යවෙශය හැර සියවෙසයටම පැමිණ ඒ සෘෂිහු වටකොට පැහැදුණු අයුරක් කරමින් මතු මුදුනෙහි මහත් පෙණයක් කොට ඡත්රයක් දරන්නකු මෙන් මොහොතක් සිට යන්නේය. ‘උපරිමුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසි’ යනු එහෙයින් වදාළ සේක. “මණිස්ස කණ්ඨෙ පිලන්ධනං” මැණික මොහුගේ ගෙළ පලදනා ලද්දේය. බඳින ලද්දේය යන අර්‍ත්‍ථයි. “එකමන්තං අට්ඨාසි” ඒ දිව්‍ය වෙශයෙන් අවුත් තාපසයා සමග සතුටුවෙමින් එක් පෙදෙසක සිටියේය.
මමන්නපානන්ති මම අන්නඤ්ච පානඤ්ච. විපුලන්ති බහුලං. උළාරන්ති පණීතං . අතියාචකොසීති අතිවිය යාචකො, අසි පුනප්පුනං යාචසීති වුත්තං හොති. සුසූති තරුණො, ථාමසම්පන්නො යොබ්බනප්පත්තපුරිසො. සක්ඛරා වුච්චති කාළසිලා, තත්ථ ධොතො අසි “සක්ඛරධොතො නාමා”ති වුච්චති, සක්ඛරධොතො පාණිම්හි අස්සාති සක්ඛරධොතපාණි, පාසාණෙ ධොතනිසිතඛග්ගහත්ථොති අත්ථො. යථා සො අසිහත්ථො පුරිසො තාසෙය්ය, එවං තාසෙසි මං සෙලං යාචමානො, මණිං යාචන්තොති අත්ථො.
“මමන්නපානං” මාගේ අහරද පැන්ද, “විපුලං” බොහෝය. “උළාරං” ප්‍රණීතය. “අතියාචකොසි” වැඩියක් ඉල්ලන්නෙක් වෙහි, නැවත නැවත ඉල්ලන්නෙහියි කියන ලද්දේ වේ. “සුසු” තරුණයෙකි. ශක්තිසම්පන්නවූ යොවුන්බවට පැමිණි පුරුෂයෙකි. කළුගල සක්ඛාරායි කියනු ලැබේ. එහි මුවහත් තැබූ කඩුව සක්ඛරධොත නමැයි කියනු ලැබේ. මුවහත් තැබූ කඩුව මොහුගේ අතෙහියි සක්ඛරධොතපාණි නම්වේ. කළුගලක මුවහත් තැබූ තියුණුවූ කඩුගත් අත් ඇත්තේය යන අර්‍ත්‍ථයි. යම්සේ ඒ කඩුගත් අත් ඇති පුරුෂතෙමේ ත්‍රස්ත කරන්නේද, එපරිද්දෙන් ගල ඉල්ලමින් මා ත්‍රස්ත කෙළේය. මැණික ඉල්ලන්නේය යන අර්‍ත්‍ථයි.
න තං යාචෙති තං න යාචෙය්ය. කතරං? යස්ස පියං ජිගීසෙති යං අස්ස සත්තස්ස පියන්ති ජානෙය්ය.
“න තං යාචෙ” එය නොඉල්ලන්නේය. කවරක්ද, “යස්ස පියං ජිගිංසෙ” යම් සත්ත්වයෙකුහට යමක් ප්‍රියයි දන්නේ නම්ය.
කිමඞ්ගං පන මනුස්සභූතානන්ති මනුස්සභූතානං අමනාපාති කිමෙවෙත්ථ වත්තබ්බං.
“කිමඞ්ග පන මනුස්සභුතානං” මිනිස් වූවන්ට අමනාපයයි මෙහි කියයුතු කිම?
සකුණසඞ්ඝස්ස සද්දෙන උබ්බාළ්හොති සො කිර සකුණසඞ්ඝො පඨමයාමඤ්ච පච්ඡිමයාමඤ්ච නිරන්තරං සද්දමෙව කරොති, සො භික්ඛු තෙන සද්දෙන පීළිතො හුත්වා භගවතො සන්තිකං අගමාසි. තෙනාහ – “යෙනාහං තෙනුපසඞ්කමී”ති.
“සකුණසඞ්ඝස්ස සද්දෙන උබ්බාළ්හො” ඒ පක්ෂි සමූහය ප්‍රථම යාමයෙහිද පශ්චිමයාමෙහිද නිරතුරු හඬම නගයි. ඒ මහණතෙමේ ඒ හඬින් පෙළුණෙක්ව භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේය. එහෙයින් “යෙනාහං තෙනුපසඞ්කමි” යනු වදාළ සේක.
කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසීති එත්ථ නිසින්නො සො භික්ඛු න ආගච්ඡති වත්තමානසමීපෙ පන එවං වත්තුං ලබ්භති. තෙනාහ – “කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසී”ති, කුතො ආගතොසීති අත්ථො. තතො අහං භගවා ආගච්ඡාමීති එත්ථාපි සො එව නයො. උබ්බාළ්හොති පීළිතො, උක්කණ්ඨාපිතො හුත්වාති අත්ථො.
“කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසි” මෙහි හුන් ඒ මහණතෙමේ නොඑයි. වර්තමාන කාලය “ආගතොසි”යි කියයුත්තෙහි “ආගච්ඡසි”යි මෙසේ කියන්නට ලැබේ. “කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසි” එහෙයින් වදාළ සේක. කොහි සිට ආයේ වෙහිද, යන අර්‍ත්‍ථයි. “තතොහං භගවා ආගච්ඡාමි” යන මෙහිද මෙම නයවේ. “උබ්බාළ්හො” පෙළුනේ වීමි. කලකිරීමට පත්කරන ලද්දෙක් වූ යන අර්‍ත්‍ථයි
සො සකුණසඞ්ඝො “භික්ඛු පත්තං යාචතී”ති එත්ථ න තෙ සකුණා භික්ඛුනො වචනං ජානන්ති, භගවා පන අත්තනො ආනුභාවෙන යථා ජානන්ති තථා අකාසි.
“සො සකුණසඞ්ඝො භික්ඛු පත්තං යාචති” මෙහි ඒ පක්ෂීහු මහණහුගේ වචනය නොදනිත්. භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් යම්සේ දනිත්ද එසේ කළසේක.
අපාහං තෙ න ජානාමීති අපි අහං තෙ ජනෙ “කෙ වා ඉමෙ, කස්ස වා ඉමෙ”ති න ජානාමි. සඞ්ගම්ම යාචන්තීති සමාගන්ත්වා වග්ගවග්ගා හුත්වා යාචන්ති. යාචකො අප්පියො හොතීති යො යාචති සො අප්පියො හොති. යාචං අදදමප්පියොති යාචන්ති යාචිතං වුච්චති, යාචිතමත්ථං අදදන්තොපි අප්පියො හොති. අථ වා යාචන්ති යාචන්තස්ස, අදදමප්පියොති අදෙන්තො අප්පියො හොති. මා මෙ විදෙස්සනා අහූති මා මෙ අප්පියභාවො අහු, අහං වා තව, ත්වං වා මම විදෙස්සො අප්පියො මා අහොසීති අත්ථො.
“අපාහං තෙ න ජානාමි” තවද මම ඒ මේ ජනයෝ කවරහුද, මොවුහු කවරක්හුගේදැයි නොදනිමි. “සඞ්ගම්ම යාචන්ති” එක්ව වර්ග වර්ගව ඉල්ලත්. “යාචකො අප්පියො හොති” යමෙක් ඉල්ලාද හෙතෙමේ අප්‍රිය වේ. “යාචං අද්දමප්පියො යාචං” ඉල්ලන ලද්ද කියනු ලැබේ. ඉල්ලන ලද දෙය නොදෙන්නේද අප්‍රිය වේ. නොහොත් යාචං ඉල්ලන්නහුට අද්දමප්පියො නොදෙන්නේ අප්‍රිය වේ. “මා මෙ විද්දෙසනා අහු” මා පිළිබඳ අප්රියභාවයක් නොවේවා. මම හෝ ඔබටද, ඔබ හෝ මටද වෛරයක් අප්‍රියබව නොවේවා යන අර්‍ත්‍ථයි.
දුස්සංහරානීති කසිගොරක්ඛාදීහි උපායෙහි දුක්ඛෙන සංහරණීයානි.
“දුස්සංහරානි” ගොවිකම් ගෙරිරැකුම් ආදි උපායෙන් දුකින් රැස්කටයුතුය.
සඤ්ඤාචිකාය පන භික්ඛුනාති එත්ථ සඤ්ඤාචිකා නාම සයං පවත්තිතයාචනා වුච්චති, තස්මා “සඤ්ඤාචිකායා”ති අත්තනො යාචනායාති වුත්තං හොති, සයං යාචිතකෙහි උපකරණෙහීති අත්ථො. යස්මා පන සා සයංයාචිතකෙහි කයිරමානා සයං යාචිත්වා කයිරමානා හොති, තස්මා තං අත්ථපරියායං දස්සෙතුං “සයං යාචිත්වා පුරිසම්පී”ති එවමස්ස පදභාජනං වුත්තං.
“සඤ්ඤාචිකාය පන භික්ඛුනා” මෙහි සඤ්ඤාචිකා නම් තමන් විසින් පවත්වන ලද ඉල්ලීම කියනු ලැබේ. එහෙයින් සඤ්ඤාචිකාය යනු තමන්ගේ ඉල්ලීමෙනැයි කියන ලද්දේ වේ. තමන් ඉල්ලාගත් උපකරණයන්ගෙනියි යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් තමන් ඉල්ලාගත් උපකරණයන්ගෙන් කරනු ලබන්නී තමන් ඉල්ලාගෙන කරනු ලබන්නීවේද, එහෙයින් ඒ අර්ත්ථපර්ය්යාය දක්වන්නට “සයං යාවිත්වා පුරිසම්පි”යි මේ පදයෙහි පදභාජනය වදාරන ලදි.
උල්ලිත්තාති අන්තොලිත්තා. අවලිත්තාති බහිලිත්තා. උල්ලිත්තාවලිත්තාති අන්තරබාහිරලිත්තාති වුත්තං හොති.
“උල්ලිත්තා” ඇතුළත ආලෙප කරන ලද්දීය. “අවලිත්තා” පිටත ආලේප කරන ලද්දීය. “උල්ලිත්තාවලිත්තා” ඇතුළත පිටත ආලේප කරන ලද්දීයයි කියන ලද්දේ වේ.
කාරයමානෙනාති ඉමස්ස පදභාජනෙ “කාරාපෙන්තෙනා”ති එත්තකමෙව වත්තබ්බං සියා, එවඤ්හි බ්යඤ්ජනං සමෙති. යස්මා පන සඤ්ඤාචිකාය කුටිං කරොන්තෙනාපි ඉධ වුත්තනයෙනෙව පටිපජ්ජිතබ්බං, තස්මා කරොන්තො වා හොතු කාරාපෙන්තො වා උභොපෙතෙ “කාරයමානෙනා”ති ඉමිනාව පදෙන සඞ්ගහිතාති එතමත්ථං දස්සෙතුං “කරොන්තො වා කාරාපෙන්තො වා”ති වුත්තං. යදි පන කරොන්තෙන වා කාරාපෙන්තෙන වාති වදෙය්ය, බ්යඤ්ජනං විලොමිතං භවෙය්ය, න හි කාරාපෙන්තො කරොන්තො නාම හොති, තස්මා අත්ථමත්තමෙවෙත්ථ දස්සිතන්ති වෙදිතබ්බං.
“කාරයමානෙන” මේ පදයෙහි පදභාජනයෙහි “කාරාපෙන්තෙන” කරවන්නහු විසිනැයි මෙපමණක්ම කියයුත්තේ වන්නේය. මෙසේ ඇති කල්හි බ්‍යඤ්ජනය සමවේ. යම්හෙයකින් තමන් ඉල්ලාගත් උපකරණයන්ගෙන් කිළියක් කරන්නහු විසින් ද මෙහි කියූනයින්ම පිළිපැදිය යුතුද, එහෙයින් කරන්නෙක් හෝ වේවා, කරවන්නෙක් හෝ වේවා මේ දෙදෙනාම “කාරය මානෙන” යන මේ පදය සමගම සඞ්ග්‍රහ කරන ලදහයි මේ අර්ත්ථය දක්වන්නට “කරොන්තො වා කාරාපෙන්තොවා”යි වදාරන ලද්දේ වෙයි. ඉදින් කරන්නහු විසින් හෝ කරවන්නහු විසින් හෝයි කියන්නේ නම් බ්‍යඤ්ජනය විරුද්ධ වන්නේ කරවන්නේ කරන්නේ නම් නොවේ. එහෙයින් අර්ත්ථමාත්රයක්ම මෙහි දක්වන ලද්දේ යයි දතයුතුය.
අත්තුද්දෙසන්ති “මය්හං එසා”ති එවං අත්තා උද්දෙසො අස්සාති අත්තුද්දෙසා, තං අත්තුද්දෙසං. යස්මා පන යස්සා අත්තා උද්දෙසො සා අත්තනො අත්ථාය හොති, තස්මා අත්ථපරියායං දස්සෙන්තො “අත්තුද්දෙසන්ති අත්තනො අත්ථායා”ති ආහ. පමාණිකා කාරෙතබ්බාති පමාණයුත්තා කාරෙතබ්බා. තත්රිදං පමාණන්ති තස්සා කුටියා ඉදං පමාණං. සුගතවිදත්ථියාති සුගතවිදත්ථි නාම ඉදානි මජ්ඣිමස්ස පුරිසස්ස තිස්සො විදත්ථියො වඩ්ඪකීහත්ථෙන දියඩ්ඪො හත්ථො හොති. බාහිරිමෙන මානෙනාති කුටියා බහිකුට්ටමානෙන ද්වාදස විදත්ථියො, මිනන්තෙන පන සබ්බපඨමං දින්නො මහාමත්තිකපරියන්තො න ගහෙතබ්බො. ථුසපිණ්ඩපරියන්තෙන මිනිතබ්බං. ථුසපිණ්ඩස්සඋපරි සෙතකම්මං අබ්බොහාරිකං. සචෙ ථුසපිණ්ඩෙන අනත්ථිකො මහාමත්තිකාය එව නිට්ඨාපෙති, මහාමත්තිකාව පරිච්ඡෙදො.
“අත්තුද්දෙසං” මෝ කුටිය මාගේ යයි මෙසේ තමන් උද්දෙසය මොහුටනුයි අත්තුද්දෙස නම. ඒ අත්තුද්දෙස කුටියයි. යම්හෙයකින් යම් කුටියකට තෙමේ උද්දෙසවේද, ඒ කුටිය තමා පිණිසද, එහෙයින් අර්ත්ථපර්ය්යාය දක්වනසේක් “අත්තුද්දෙසන්ති අත්තනො අත්ථාය”යි වදාළ සේක. “පමාණිකා කාරෙතබ්බා” ප්‍රමාණ යුක්තව කරවිය යුතුය. “තත්රිදං පමාණං” ඒ කුටියෙහි මේ ප්‍රමාණය වේ. “සුගතවිදත්ථියා” සුගත්වියත නම්, දැන් මෙකල මද්ධ්යමපුරුෂයාගේ තුන්වියතෙකි. වඩුරියනෙන් එක්රියන් හමාරක් වේ. “බාහිරිමෙන මානෙන” කුටියෙහි පිටබිත්තිය මැනීමෙන් දොළොස් වියතක් වේ. මනින්නහු විසින් සියල්ලට පළමුව දුන් මහ මැටි කෙළවර නොගත යුතුය. වීපොතු හා මුසුකොට තැබූ මැටි පිඬු කෙළවරින් මිනිය යුතුය. දෙමැටිය මතුවෙහි සුණු පිරියම පමණ නොවේ. දෙමැටියෙන් ප්‍රයෝජන නැත්තේවේද, මහමැටියෙන්ම නිමවාද, මහමැටියම පිරිසිදීම වේ.
තිරියන්ති විත්ථාරතො. සත්තාති සත්ත සුගතවිදත්ථියො. අන්තරාති ඉමස්ස පන අයං නිද්දෙසො , “අබ්භන්තරිමෙන මානෙනා”ති, කුට්ටස්ස බහි අන්තං අග්ගහෙත්වා අබ්භන්තරිමෙන අන්තෙන මිනියමානෙ තිරියං සත්ත සුගතවිදත්ථියො පමාණන්ති වුත්තං හොති.
“තිරියං” පුළුලින් “සත්ත” සත් සුගත් වියතෙකි. “අන්තරා” මේ ප්‍රමාණයෙහි මේ නිර්දෙශය වේ. “අබ්හන්තරිමෙන මානෙන” බිත්තියෙහි පිට කෙළවර නොගෙන ඇතුළත කෙළවරින් මනින කල්හි සරස සත් සුගත් වියතෙක් පමණැයි කියන ලද්දේ වේ.
යො පන ලෙසං ඔඩ්ඩෙන්තො යථාවුත්තප්පමාණමෙව කරිස්සාමීති දීඝතො එකාදස විදත්ථියො තිරියං අට්ඨ විදත්ථියො, දීඝතො වා තෙරස විදත්ථියො තිරියං ඡ විදත්ථියො කරෙය්ය, න වට්ටති. එකතොභාගෙන අතික්කන්තම්පි හි පමාණං අතික්කන්තමෙව හොති. තිට්ඨතු විදත්ථි, කෙසග්ගමත්තම්පි දීඝතො වා හාපෙත්වා තිරියං තිරියතො වා හාපෙත්වා දීඝං වඩ්ඪෙතුං න වට්ටති, කො පන වාදො උභතො වඩ්ඪනෙ? වුත්තඤ්හෙතං – “ආයාමතො වා විත්ථාරතො වා අන්තමසො කෙසග්ගමත්තම්පි අතික්කමිත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කට”න්තිආදි (පාරා· 353). යථාවුත්තප්පමාණා එව පන වට්ටති. යා පන දීඝතො සට්ඨිහත්ථාපි හොති තිරියං තිහත්ථා වා ඌනකචතුහත්ථා වා යත්ථ පමාණයුත්තො මඤ්චො ඉතො චිතො ච න පරිවත්තති, අයං කුටීති සඞ්ඛ්‍යං න ගච්ඡති, තස්මා අයම්පි වට්ටති. මහාපච්චරියං පන පච්ඡිමකොටියා චතුහත්ථවිත්ථාරා වුත්තා, තතො හෙට්ඨා අකුටි. පමාණිකාපි පන අදෙසිතවත්ථුකා වා සාරම්භා වා අපරික්කමනා වා න වට්ටති. පමාණිකා දෙසිතවත්ථුකා අනාරම්භා සපරික්කමනාව වට්ටති. පමාණතො ඌනතරම්පි චතුහත්ථං පඤ්චහත්ථම්පි කරොන්තෙන දෙසිතවත්ථුකාව කාරෙතබ්බා. පමාණාතික්කන්තඤ්ච පන කරොන්තො ලෙපපරියොසානෙ ගරුකං ආපත්තිං ආපජ්ජති.
යම් මහණෙක් ලෙසක් නගන්නේ කියූ පමණ ඇත්තක්ම කරන්නෙමියි දිගින් එකොළොස් වියතක්, සරසින් සිවියතක් නොහොත් දිගින් තෙළෙස් වියතක් සරසින් සවියතක් ඇතිකොට කරන්නේනම් නොවටියි. එක් භාගයකින් පමණ ඉක්මුණේ පමණ ඉක්මුනේම වේ. වියතක් තිබේවා, කෙසගක් පමණකුත් දිගින් හෝ පිරිහෙළා සරස සරසින් හෝ පිරිහෙළා දිග වැඩීම නොවටියි. දෙකින් වැඩීම නොවටිනු කියනු කිම, “ආයාමතො වා විත්ථාරතො වා අන්තමසො කෙසග්ගමත්තප්පි අතික්කමිත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක්කටං”යි වදාරන ලදී. ‘දිගින් හෝ පුළුලින් හෝ යටත් පිරිසෙයින් කෙසගත් පමණකුදු ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ ප්‍රයොගයක් පාසා දුකුළාවේය යන මෙය වදාරන ලදී. කියූ පමණ ඇත්තීම වටියි. යම් කුටියක් තොමෝ දිගින් සැටරියනක් වේද, සරසින් තුන්රියනක් හෝ අඩු සිවුරියනක් වේද, යම්තැනෙක පමණින් යුත් ඇඳක් ඔබ මොබ නොපෙරළේද මෝ කුටියි ගිණීමට නොයයි. එහෙයින් මේ කුටියත් වටියි. මහාපච්චරියෙහි පැසුළු කෙළවරින් සිවුරියන් පුළුල ඇත්තී වටීයයි කියන ලදී. එයින් අඩුවූවා කුටියක් නොවේයයි සේයි. කියූ පමණ ඇත්තී නමුත් නොදෙසූ කුටිවාස්තු ඇත්තී හෝවේද, කැලසිනි ආදීන්ගේ ආශ්රයස්ථාන ඇත්තී හෝවේද ගොන් යෙදූ ගැලක් වට හැසිරෙන්නට නොහැකි වන්නීවේද? ඒ නොවටියි. පමණින් යුක්තවූවා දෙසූ කුටිවාස්තු ඇත්තී කැලසිනි ආදීන්ගේ ආශ්රයස්ථාන නැත්තී උපචාර සහිත වන්නීම වටියි. පෙළෙහි කියූ පමණින් අඩුතරම් වූද සිවුරියන් පස්රියන් පමණවූද කුටියක් කරන්නහු විසින් දෙසූ කුටිවාස්තු ඇත්තීම කරවිය යුතුය. පමණින් ඉකුත්වූ පමණ ඉක්මවූ කුටියක් කරන්නේද ආලෙපයාගේ අවසානයෙහි ගරු ඇවැතට පැමිණේ.
තත්ථ ලෙපො ච අලෙපො ච ලෙපොකාසො ච අලෙපොකාසො ච වෙදිතබ්බො. සෙය්යථිදං – ලෙපොති ද්වෙ ලෙපා – මත්තිකාලෙපො ච සුධාලෙපො ච. ඨපෙත්වා පන ඉමෙ ද්වෙ ලෙපෙ අවසෙසො භස්මගොමයාදිභෙදො ලෙපො, අලෙපො. සචෙපි කලලලෙපො හොති, අලපො එව. ලෙපොකාසොති භිත්තියො චෙව ඡදනඤ්ච, ඨපෙත්වා පන භිත්තිච්ඡදනෙ අවසෙසො ථම්භතුලාපිට්ඨසඞ්ඝාටවාතපානධූමච්ඡිද්දාදි අලෙපාරහො ඔකාසො සබ්බොපි අලෙපොකාසොති වෙදිතබ්බො.
එහි ලේපයද අලෙවියද ලොපොකාසයද ආලෙපයදැයි ආලෙප දෙකකි. මේ ආලෙප දෙක හැර සෙසු අළුගොම ආදීවූ ආලෙපය, ලෙපයක් නොවේ. කිසි ලහටුවකින් හෝ තඹමැටියෙන් හෝ කළ ආලෙපයක් වේද, එය ආලෙපම වේ. ලොපොකාස යනු බිත්තියද සෙවෙණියද වේ. බිත්ති හා සෙවෙණිය හැර සෙසු ටැම් තලාම් දොරබා ජනෙල් කවුළු දුම්සිදුරු ආදීවූ ආලේප කිරීමට නොසුදුසු වූ සියලුම අවකාශය, අලෙපොකාසයයි දතයුතුය.
භික්ඛූ අභිනෙතබ්බා වත්ථුදෙසනායාති යස්මිං ඨානෙ කුටිං කාරෙතුකාමො හොති, තත්ථ වත්ථුදෙසනත්ථාය භික්ඛූ නෙතබ්බා. තෙන කුටිකාරකෙනාතිආදි පන යෙන විධිනා තෙ භික්ඛූ අභිනෙතබ්බා, තස්ස දස්සනත්ථං වුත්තං. තත්ථ කුටිවත්ථුං සොධෙත්වාති න විසමං අරඤ්ඤං භික්ඛූ ගහෙත්වා ගන්තබ්බං , කුටිවත්ථුං පන පඨමමෙව සොධෙත්වා සමතලං සීමමණ්ඩලසදිසං කත්වා පච්ඡා සඞ්ඝං උපසඞ්කමිත්වා යාචිත්වා නෙතබ්බාති දස්සෙති. එවමස්ස වචනීයොති සඞ්ඝො එවං වත්තබ්බො අස්ස. පරතො පන “දුතියම්පි යාචිතබ්බා”ති භික්ඛූ සන්ධාය බහුවචනං වුත්තං. නො චෙ සබ්බො සඞ්ඝො උස්සහතීති සචෙ සබ්බො සඞ්ඝො න ඉච්ඡති, සජ්ඣායමනසිකාරාදීසු උය්යුත්තා තෙ තෙ භික්ඛූ හොන්ති. සාරම්භං අනාරම්භන්ති සඋපද්දවං අනුපද්දවං. සපරික්කමනං අපරික්කමනන්ති සඋපචාරං අනුපචාරං.
“භික්ඛූ අභිනෙතබ්බා වත්ථුදෙසනාය” යම් තැනක කිළියක් කරනු කැමැතිවේද, එහි කුටිවාස්තු දෙසීම පිණිස භික්ෂූහු කැඳවිය යුත්තාහුය. “තෙන කුටිකාරකෙන” යනාදිය යම් විධියකින් ඒ භික්ෂූහු කැඳවිය යුත්තාහුද ඒ විධිය දක්වනු පිණිස වදාරන ලදි. එහි “කුටිවත්ථුං සොධෙත්වා” යනු මෙයින් විසම වූ වනයට භික්ෂූන් ගෙන නොයා යුතුය. කුටිවාස්තුව පළමුකොටම පිරිසිදුකොට සමතලකොට සීමාමණ්ඩලයක් සමානකොට පසුව සඞ්ඝයා වෙත එළඹ යාඥාකොට පැමිණවිය යුත්තාහයි දක්වන සේක. “එවමස්සවචනීයො” සඞ්ඝතෙමේ මෙසේ කියයුතු වන්නේය. මෙයට ඉදිරියෙහි “දුතියම්පි යාචිතබ්බා”යි භික්ෂූන් සඳහා බහුවචනය වදාරන ලදී. “නො චෙ සබ්බො සඞ්ඝො” ඉදින් සියලු සඞ්ඝතෙමේ නොකැමැති වේනම්, ඒ භික්ෂූහු හැදෑරීම් මෙනෙහි කිරීම් ආදියෙහි යුක්ත වූවාහු වෙත්. “සාරම්හං අනාරම්හං” උපද්‍රව සහිතය. උපද්‍රව රහිතය. “සපරික්කමනං අපරික්කමනං” උපචාර සහිතය. උපචාර රහිතය.
පත්තකල්ලන්ති පත්තො කාලො ඉමස්ස ඔලොකනස්සාති පත්තකාලං, පත්තකාලමෙව පත්තකල්ලං. ඉදඤ්ච වත්ථුංඔලොකනත්ථාය සම්මුතිකම්මං අනුසාවනානයෙන ඔලොකෙත්වාපි කාතුං වට්ටති. පරතො පන වත්ථුදෙසනාකම්මං යථාවුත්තාය එව ඤත්තියා ච අනුසාවනාය ච කාතබ්බං, ඔලොකෙත්වා කාතුං න වට්ටති.
“පත්තකල්ලං” පැමිණි කාලය මේ බැලීම පිළිබඳයයි පත්තකාල නම. පත්තකාලයම පත්තකල්ල නම. කුටිවාස්තුව බැලීම පිණිස මේ සම්මුති කර්මය අනුශ්රාවණනයින් බලාද කිරීම වටියි. ඉදිරියෙහි එන කුටිවාස්තුදෙශනා කර්මය යට කියන ලද්දවූම ඤත්තියෙන්ද අනුශ්රාවණයෙන්ද කටයුතුය. අපලොකතනයකොට කිරීම නොවටියි.
කිපිල්ලිකානන්ති රත්තකාළපිඞ්ගලාදිභෙදානං යාසං කාසඤ්චි කිපිල්ලිකානං. කිපීල්ලකානන්තිපි පාඨො. ආසයොති නිබද්ධවසනට්ඨානං, යථා ච කිපිල්ලිකානං එවං උපචිකාදීනම්පි නිබද්ධවසනට්ඨානංයෙව ආසයො වෙදිතබ්බො. යත්ථ පන තෙ ගොචරත්ථාය ආගන්ත්වා ගච්ඡන්ති, සබ්බෙසම්පි තාදිසො සඤ්චරණප්පදෙසො අවාරිතො, තස්මා තත්ථ අපනෙත්වා සොධෙත්වා කාතුං වට්ටති. ඉමානි තාව ඡ ඨානානිසත්තානුද්දයාය පටික්ඛිත්තානි.
“කිපිල්ලිකානං” රතු කලු පිඟුවන් ආදීවූ ප්‍රභෙද ඇති යම්කිසි කුහුඹුවන්ගේ. ‘කිපීලිකානං’යිද පාඨයක් වේ. “ආසයො” නිබඳ වසන තැනය. යම්සේ කුහුඹුවන්ගේ නිබඳ වසන තැනවේද, එසේවේ ආදීන්ගේද නිබඳවසන තැනම ආශ්‍රයයි දතයුතුය. යම් තැනක ගොදුරු පිණිස අවුත් යෙත්ද, සියල්ලන්ගේම එබඳු වූ සඤ්චරණ ප්‍රදේශය නොවළකන ලදය. එහෙයින් එහි කුහුඹු ආදීන් පහකොට පිරිසිදුකොට කිරීම වටියි. මේ සතැන සත්වානුකම්පාව පිණිස ප්රතික්ෂෙප කරන ලදී.
හත්ථීනං වාති හත්ථීනං පන නිබද්ධවසනට්ඨානම්පි නිබද්ධගොචරට්ඨානම්පි න වට්ටති, සීහාදීනං ආසයො ච ගොචරාය පක්කමන්තානං නිබද්ධගමනමග්ගො ච න වට්ටති. එතෙසං ගොචරභූමි න ගහිතා. යෙසං කෙසඤ්චීති අඤ්ඤෙසම්පි වාළානං තිරච්ඡානගතානං . ඉමානි සත්ත ඨානානි සප්පටිභයානි භික්ඛූනං ආරොග්යත්ථාය පටික්ඛිත්තානි. සෙසානි නානාඋපද්දවෙහි සඋපද්දවානි. තත්ථ පුබ්බණ්ණනිස්සිතන්ති පුබ්බණ්ණං නිස්සිතං සත්තන්නං ධඤ්ඤානං විරුහනකඛෙත්තසාමන්තා ඨිතං. එසෙව නයො අපරණ්ණනිස්සිතාදීසුපි. එත්ථ පන අබ්භාඝාතන්ති කාරණාඝරං වෙරිඝරං, චොරානං මාරණත්ථාය කතන්ති කුරුන්දිආදීසු.
“හත්ථිනං වා” ඇතුන්ගේ නිබද වසන තැනද නිබඳ ගොදුරු තැනද නොවටියි. සිංහාදීන්ගේ ආශ්රයස්ථානයද ගොදුරු පිණිස යන්නවුන්ගේ නිබද ගමන් මගද නොසුදුසුය. මොවුන්ගේ ගොදුරුබිම නොගන්නා ලදි. “යෙසං කෙසඤ්චි” අනිකදු වල් තිරිසනුන්ගේය. මේ සත් තැන ප්‍රතිභය සහිත වූයේ භික්ෂූන්ගේ ආරෝග්‍ය සලකා වළකන ලදය. එහි සුබ්බන්නසයිකාදිවූ සෙසු තැන් නොයෙක් උවදුරින් උවදුරු සහිතය. එහි “පුබ්බන්නනිස්සිත” පෙරවරුවෙහි වැපිරිය යුතු ධාන්‍ය ඇසුරුකළ, සප්තවිධ ධාන්‍යයන් වැඩෙන කෙත් සමීපයෙහි පිහිටි තැනය. අපරත්තනිස්සිතාදී වූ තැන්හිද මේ නයම වේ. මෙහි වනාහි “අබ්හාඝාතං” යනු කම් කටොලු ගෙයයි. වෛරීගෘහයයි. සොරුන් ඝාතනය කිරීම පිණිස කරන ලද්දක්යයි කියනලදි. කුරුන්දි ආදියෙහි
ආඝාතනන්ති ධම්මගන්ධිකා වුච්චති. සුසානන්ති මහාසුසානං. සංසරණන්ති අනිබ්බිජ්ඣගමනීයො ගතපච්චාගතමග්ගො වුච්චති. සෙසං උත්තානමෙව.
ආඝාතනං යන මෙයින් දම්ගෙඩිය කියනු ලැබේ. “සුසානං” මහසොහොන. සඤ්චරණං නොවිනිවිද යායුතු වූ. යායුතු ආයුතු මග කියනු ලැබේ. සෙස්ස නොගැඹුරුවේමය.
න සක්කා හොති යථායුත්තෙන සකටෙනාති ද්වීහි බලිබද්දෙහි යුත්තෙන සකටෙන එකං චක්කං නිබ්බොදකපතනට්ඨානෙ එකං බහි කත්වා ආවිජ්ජිතුං න සක්කා හොති. කුරුන්දියං පන “චතූහි යුත්තෙනා”ති වුත්තං. සමන්තා නිස්සෙණියා අනුපරිගන්තුන්ති නිස්සෙණියං ඨත්වා ගෙහං ඡාදෙන්තෙහි න සක්කා හොති සමන්තා නිස්සෙණියා ආවිජ්ජිතුං. ඉති එවරූපෙ සාරම්භෙ ච අපරික්කමනෙ ච ඨානෙ න කාරෙතබ්බා. අනාරම්භෙ පන සපරික්කමනෙ කාරෙතබ්බා, තං වුත්තපටිපක්ඛනයෙන පාළියං ආගතමෙව.
“න සක්කා හොති යථා යුත්තෙන සකටෙන” ගොන් දෙදෙනකු යෙදූ ගැලින්. එක් සකක් ජලය කෙළවර දිය වැටෙන තැනද එක් එක් පිටතද කොට වට හැසිරෙන්නට නොහැකි වේ. කුරුන්දියෙහි ගොන් සිවු දෙනෙකු යෙදූ ගැලිනැයි කියන ලදී. “සමන්තා නිස්සෙනියා අනුපරිගන්තුං” හිණිමගෙ සිට ගෙය සෙවිලි කරන්නවුන් විසින් හාත්පස හිණිමගෙන වට හැසිරෙන්නට නොහැකිවේද, මෙසේ මෙබඳුවූ උපද්‍රව සහිතවූද උපචාර රහිතවූද තැන නොකරවිය යුත්තීය. උපද්‍රව රහිත වූ උපචාර සහිතවූ තැන කරවිය යුත්තීය. එය කියන ලද්දට ප්රත්යක්ෂ නයින් පෙළෙහි ආයේමය.
පුන සඤ්ඤාචිකා නාමාති එවමාදි “සාරම්භෙ චෙ භික්ඛු වත්ථුස්මිං අපරික්කමනෙ සඤ්ඤාචිකාය කුටිං කාරෙය්යා”ති එවං වුත්තසංයාචිකාදීනං අත්ථප්පකාසනත්ථං වුත්තං.
නැවත “සඤ්ඤචිකා නාම” යන මේ ආදිය “සාරම්හෙ වෙ භික්ඛු වත්ථුස්මිං අපරික්කමනෙ සඤ්ඤාචිකාය කුටිං කරෙය්ය”යි මෙසේ වදාළ සඤ්ඤාචිකාදීන්ගේ අර්ත්ථය පවසනු පිණිස වදාරන ලදී.
පයොගෙ දුක්කටන්ති එවං අදෙසිතවත්ථුකං වා පමාණාතික්කන්තං වා කුටිං කාරෙස්සාමීති අරඤ්ඤතො රුක්ඛා හරණත්ථාය වාසිං වා ඵරසුං වා නිසෙති දුක්කටං, අරඤ්ඤං පවිසති දුක්කටං, තත්ථ අල්ලතිණානි ඡින්දති දුක්කටෙන සද්ධිං පාචිත්තියං, සුක්ඛානි ඡින්දති දුක්කටං. රුක්ඛෙසුපි එසෙව නයො. භූමිං සොධෙති ඛණති, පංසුං උද්ධරති, චිනාති; එවං යාව පාචීරං බන්ධති තාව පුබ්බපයොගො නාම හොති. තස්මිං පුබ්බපයොගෙ සබ්බත්ථ පාචිත්තියට්ඨානෙ දුක්කටෙන සද්ධිං පාචිත්තියං, දුක්කටට්ඨානෙ දුක්කටං, තතො පට්ඨාය සහපයොගො නාම. තත්ථ ථම්භෙහි කාතබ්බාය ථම්භං උස්සාපෙති, දුක්කටං. ඉට්ඨකාහි චිනිතබ්බාය ඉට්ඨකං ආචිනාති, දුක්කටං. එවං යං යං උපකරණං යොජෙති, සබ්බත්ථ පයොගෙ පයොගෙ දුක්කටං. තච්ඡන්තස්ස හත්ථවාරෙ හත්ථවාරෙ තදත්ථාය ගච්ඡන්තස්ස පදෙ පදෙ දුක්කටං. එවං කතං පන දාරුකුට්ටිකං වා ඉට්ඨකකුට්ටිකං වා සිලාකුට්ටිකං වා අන්තමසො පණ්ණසාලම්පි සභිත්තිච්ඡදනං ලිම්පිස්සාමීති සුධාය වා මත්තිකාය වා ලිම්පන්තස්ස පයොගෙ පයොගෙ යාව ථුල්ලච්චයං න හොති, තාව දුක්කටං. එතං පන දුක්කටං මහාලෙපෙනෙව වට්ටති, සෙතරත්තවණ්ණකරණෙ වා චිත්තකම්මෙ වා අනාපත්ති.
“පසොගෙ දුක්කටං” මෙසේ නොදෙසූ කුටිවාස්තු ඇත්තා වූ හෝ පමණ ඉක්ම වූ හෝ කිළියක් කරවන්නෙමියි වනයෙන් රුක් ගෙනඊම පිණිස වෑයක් හෝ පොරොවක් හෝ මුවහත් තබාද, දුක්කටය වේ. වනයට පිවිසේද, දුක්කටය වේ. එහිදී තෙත් තණ සිඳීද, දුක්කටය සමග පාචිත්තිය වේ. වියලි තණ ආදිය සිඳීද දුක්කටය වේ. රුක්හිද මේ නයමය, බිම පිරිසිදු කෙරේද, බිම සාරාද, පස් ගොඩගනීද, පස් රැස් කෙරේදැයි මෙසේ යම්තාක් අඩිතාලම බඳීද, ඒතාක් පූර්වප්රයොග නම් වේ. මේ පූර්වයොගයෙහි හැම තැන පාචිත්තිය ස්ථානයෙහි දුක්කටය සමග පාචිත්තිය වේ. දුක්කට ස්ථානයෙහි දුක්කටය වේ. එතැන් පටන් සහප්රයොග නම් වේ. එහි ටැම්වලින් කළයුතු කිළියෙහි ටැඹ නංවා තබාද දුක්කටය වේ. ගඩොලින් බැඳියයුතු කිළියෙහි ගඩොල් රැස් කෙරේද, දුක්කටය වේ. මෙසේ යම් යම් උපකරණයක් යොදාද සියලු තන්හි ප්‍රයොගයක් ප්‍රයෝගයක් පාසා දුක්කටය වේ. සසින්නහුට අත්වරක් අත්වරක් පාසාද, ඒ පිණිස යන්නහුට පියවරක් පියවරක් පාසාද දුක්කටය වේ. මෙසේ කරනලද දැවබිත් කිළියක් හෝ ගල්බත් කිළියක් හෝ ගඩොල් බිත්ති කිළියක් හෝ යටත් පිරිසෙයින් පන්සලක් නමුදු බිත්ති සහිත සෙවෙණිය ආලේප කරන්නෙමියි සුණින් හෝ මැටියෙන් හෝ ආලෙප කරන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා යම්තාක් ථුල්ලච්චය නොවේද, ඒතාක් දුක්කටය වේ. මේ දුක්කටය වනාහි මහාලේපයෙන්ම සිදුවේ. සුදු රතු පැහැකිරීම නිමිතිකොට හෝ සිතුයම් කිරීම නිමිතිකොට හෝ ඇවැත් නොවේ.
එකං පිණ්ඩං අනාගතෙති යො සබ්බපච්ඡිමො එකො ලෙපපිණ්ඩො, තං එකං පිණ්ඩං අසම්පත්තෙ කුටිකම්මෙ. ඉදං වුත්තං හොති, ඉදානි ද්වීහි පිණ්ඩෙහි නිට්ඨානං ගමිස්සතීති තෙසු පඨමපිණ්ඩදානෙ ථුල්ලච්චයන්ති.
“එකං පිණ්ඩං අනාගතෙ” සියලු වැඩට පසුව කරන යම් ලෙපපිණ්ඩයක්වේද, ඒ එක් පිඩ නොතැබූ කුටිකර්මයෙහිය. දැන් දෙපිඬෙකින් නිමාවට යන්නේයයි මෙය කියන ලද්දේය. ඔවුන් අතුරෙහි පළමු පිඬ දීම නිමිතිකොට ථුල්ලච්චය වේ.
තස්මිං පිණ්ඩෙ ආගතෙති යං එකං පිණ්ඩං අනාගතෙ කුටිකම්මෙ ථුල්ලච්චයං හොති, තස්මිං අවසානපිණ්ඩෙ ආගතෙ දින්නෙ ඨපිතෙ ලෙපස්ස ඝටිතත්තා ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. එවං ලෙම්පන්තස්ස ච අන්තොලෙපෙ වා අන්තොලෙපෙන සද්ධිං භිත්තිඤ්ච ඡදනඤ්ච එකාබද්ධං කත්වා ඝටිතෙ බහිලෙපෙ වා බහිලෙපෙන සද්ධිං ඝටිතෙ සඞ්ඝාදිසෙසො. සචෙ පන ද්වාරබද්ධං වා වාතපානං වා අට්ඨපෙත්වාව මත්තිකාය ලිම්පති, තස්මිඤ්ච තස්සොකාසං පුන වඩ්ඪෙත්වා වා අවඩ්ඪෙත්වා වා ඨපිතෙ ලෙපො න ඝටීයති රක්ඛති තාව, පුන ලිම්පන්තස්ස පන ඝටිතමත්තෙ සඞ්ඝාදිසෙසො. සචෙ තං ඨපියමානං පඨමං දින්නලෙපෙන සද්ධිං නිරන්තරමෙව හුත්වා තිට්ඨති, පඨමමෙව සඞ්ඝාදිසෙසො. උපචිකාමොචනත්ථං අට්ඨඞ්ගුලමත්තෙන අප්පත්තච්ඡදනං කත්වා භිත්තිං ලිම්පති, අනාපත්ති. උපචිකාමොචනත්ථමෙව හෙට්ඨා පාසාණකුට්ටං කත්වා තං අලිම්පිත්වා උපරි ලිම්පති, ලෙපො න ඝටියති නාම, අනාපත්තියෙව.
“තස්මිං පිණ්ඩෙ ආගතෙ” යම් එක් පිඬක් නොතැබූ කුටිකර්මයෙහිය. දැන් දෙපිඬෙකින් නිමාවට යන්නේයයි මෙය කියන ලද්දේය. ඔවුන් අතුරෙහි පළමු පිඬදීම නිමිතිකොට ථුල්ලච්චය වේ. “තස්සං පිණ්ඩෙ ආගතෙ” යම් එක් පිඬක් නොතැබූ කුටිකර්මයෙහි ථුල්ලච්චයවේද, ඒ අවසන් පිඬ ආකල්හි දුන්කල්හි තැබූකල්හි ලෙපය ගැටූ බැවින් සඞ්ඝාදිසෙසාපත්තිය වේ. මෙසේ ආලේප කරන්නහුට ඇතුල් ලෙපය හෝ ඇතුල් ලෙපය සමග බිත්තිය හා පියස්සද එකාබද්ධකොට ගැළපූ කල්හි පිටත දෙපයෙහි හෝ පිටත ලෙපය සමග ගැළපූ කල්හි සඞ්ඝාදිසෙසය වේ. දොරබාව හෝ ජනෙල් කවුළුව හෝ නොතබාම මැටියෙන් ආලේප කෙරේනම් ඒ දොරබාජනෙල් කවුළුවෙහි ඔහුගේ අවකාශය නැවත වඩා හෝ නොවඩා තැබූ කල්හි ලෙපය නොගැටේද, ඒතාක් ඇවතින් රැකේ. නැවත ආලේප කරන්නහුට ගැටූ ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. තබනු ලබන එය, පළමු දුන් ලපය සමග අතර රහිතවම සිටීද, පළමුකොටම සඞ්ඝාදිසෙසය වේ. වේයන් මුදාහරිනු පිණිස අටඟුලක් පමණින් වහල නොතබා බිත්තිය ආලෙප කෙරේද, ඇවැත් නොවේ. වේයන් මුදාහරිනු පිණිසම යට ගල්බිත්තියක්කොට ඒ බිත්තිය ආලේපකොට මත්තෙහි ආලේප කෙරේද? ආලේපය නොගැටේ නම් සඞ්ඝාදිසෙසාපත්තිය නොවේමය.
ඉට්ඨකකුට්ටිකාය ඉට්ඨකාහියෙව වාතපානෙ ච ධූමනෙත්තානි ච කරොති, ලෙපඝටනෙනෙව ආපත්ති. පණ්ණසාලං ලිම්පති, ලෙපඝටනෙනෙව ආපත්ති. තත්ථ ආලොකත්ථාය අට්ඨඞ්ගුලමත්තං ඨපෙත්වා ලිම්පති, ලෙපො න ඝටීයති නාම, අනාපත්තියෙව. සචෙ “වාතපානං ලද්ධා එත්ථ ඨපෙස්සාමී”ති කරොති, වාතපානෙ ඨපිතෙ ලෙපඝටනෙන ආපත්ති. සචෙ මත්තිකාය කුට්ටං කරොති, ඡදනලෙපෙන සද්ධිං ඝටනෙ ආපත්ති. එකො එකපිණ්ඩාවසෙසං කත්වා ඨපෙති, අඤ්ඤො තං දිස්වා “දුක්කතං ඉද”න්ති වත්තසීසෙන ලිම්පති උභින්නම්පි අනාපත්ති.
ගඩොලින් කළ කිළියෙහි ගඩොලින්ම වාකවුළුද, දුම්සිදුරුද කෙරේනම් ආලෙපය ගැටීමෙන්ම ඇවැත් වේ. කොළ සෙවෙණි කළ ශාලාවක් නමුත් කෙරේනම් ආලෙපය ගැටීම සමගම ඇවැත් වේ. එහි එලිය පිණිස අටඟුලක් පමණ හැර ආලෙපය කෙරේනම් ආලේපය නොගැටේනම් ඇවැත් නොවේ. වාකවුළුවක් ලැබ එය මෙහි තබන්නෙමියි වාකවුළුව තැබූ කල්හි ආලේපය ගැටීමෙන් ඇවැත් වේ. මැටියෙන් බිත්තියක් කෙරේද, වහලෙහි ලෙපය සමග ගැටීම නිමිතිකොට ඇවැත් වේ. එක් මහණෙක් එක් පිඬක් ඉතිරිකොට තබාද, අනිකෙක් එය දැක මෙය නොමනාව කරන ලදැයි වත්හිසෙන් ආලෙප කෙරේද දෙදෙනාහටම ඇවැත් නොවේ.
භික්ඛු කුටිං කරොතීති එවමාදීනි ඡත්තිංස චතුක්කානි ආපත්තිභෙදදස්සනත්ථං වුත්තානි, තත්ථ සාරම්භාය දුක්කටං, අපරික්කමනාය දුක්කටං , පමාණාතික්කන්තාය සඞ්ඝාදිසෙසො, අදෙසිතවත්ථුකාය සඞ්ඝාදිසෙසො, එතෙසං වසෙන වොමිස්සකාපත්තියො වෙදිතබ්බා.
“භික්ඛු කුටිං කරොති” මේ ආදීවූ පෙළෙහි, වදාළ සතිස් චතුෂ්ක ආපත්තිභෙදය දක්වනු පිණිස වදාරන ලදහ. එහි උපද්‍රව සහිත කිළියෙහි දුක්කටය වේ. උපචාරරහිත කිළියෙහි දුක්කටය වේ. පමණ ඉකුත් කිළියෙහි සඞ්ඝාදිසෙසය වේ. කුටිවාස්තු නොදෙසූ කිළියෙහි සඞ්ඝාදිසෙසය වේ. මොවුන්ගේ වසයෙන් මිශ්රකාපත්තී දතයුත්තාහ.
ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානන්තිආදීසු ච ද්වීහි සඞ්ඝාදිසෙසෙහි සද්ධිං ද්වින්නං දුක්කටානන්තිආදිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
“ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං” යනාදි තන්හිද සඞ්ඝාදිසෙස දෙකක් සමග දුක්කට දෙකක යනාදි නයින් අර්ත්ථය දතයුතුය.
සො චෙ විප්පකතෙ ආගච්ඡතීතිආදීසු පන අයං අත්ථවිනිච්ඡයො. සොති සමාදිසිත්වා පක්කන්තභික්ඛු. විප්පකතෙති අනිට්ඨිතෙ කුටිකම්මෙ. අඤ්ඤස්ස වා දාතබ්බාති අඤ්ඤස්ස පුග්ගලස්ස වා සඞ්ඝස්ස වා චජිත්වා දාතබ්බා. භින්දිත්වා වා පුන කාතබ්බාති කිත්තකෙන භින්නා හොති, සචෙ ථම්භා භූමියං නිඛාතා, උද්ධරිතබ්බා. සචෙ පාසාණානං උපරි ඨපිතා, අපනෙතබ්බා. ඉට්ඨකචිතාය යාව මඞ්ගලිට්ඨකා තාව කුට්ටා අපචිනිතබ්බා. සඞ්ඛෙපතො භූමිසමං කත්වා විනාසිතා භින්නා හොති, භූමිතො උපරි චතුරඞ්ගුලමත්තෙපි ඨිතෙ අභින්නාව. සෙසං සබ්බචතුක්කෙසු පාකටමෙව. න හෙත්ථ අඤ්ඤං කිඤ්චි අත්ථි, යං පාළිඅනුසාරෙනෙව දුබ්බිඤ්ඤෙය්යං සියා.
“සො චෙ විප්පකතෙ ආගච්ඡති” යනාදි තන්හිද මේ අර්ත්ථවිනිශ්චය වේ. සො යනු සමාදන් කරවා දික්හි ගිය මහණතෙමේය. “විප්පකතෙ” කුටිකර්මය නොනිමි කල්හි “අඤ්ඤස්ස වා දාතබ්බා” අන් පුද්ගලයෙක්හට හෝ සමූහයකට හෝ අත්හැර දියයුත්තේය. “භිදිත්වා වා පුන කාතබ්බා” පමණකින් බිඳුනීවේද, ටැම් බිම සිටුවන ලද්දේ ද ඉදිරිය යුත්තාහ. ගල්මතුවෙහි තබන ලද්දේ ද, ටැම් බිම සිටුවන ලද්දේ ද ඉදිරිය යුත්තාහ. ගල්මතුවෙහි තබන ලද්දේ ද, පහකටයුත්තාහ. ගඩොලින් බැඳි කිළියෙහි මගුල් ගඩොල යම්තාක් තුබුනේද ඒ තාක් බිත්ති ඉවත් කටයුත්තාහ. සැකෙවින් බිම සමකොට වනසන ලද්දීනම් බිඳුනී වේ. බිමින් මතුවෙහි සතරඟුලක් පමණකුදු සිටිකල්හි නොබිදුනීම වේ. සෙස්ස සියලු චතුෂ්කයන්හි ප්‍රකටමය. මෙහි අන්කිසි යමක් ඇත්තේද එය පාළි අනුසාරයෙන්ම නොදතහැකි නොවන්නේය.
අත්තනා විප්පකතන්තිආදීසු පන අත්තනා ආරද්ධං කුටිං. අත්තනා පරියොසාපෙතීති මහාමත්තිකාය වා ථුසමත්තිකාය වා යාය කතං පරියොසිතභාවං පාපෙතුකාමො හොති, තාය අවසානපිණ්ඩං දෙන්තො පරියොසාපෙති .
“අත්තනා විප්පකතං” යනාදි තන්හි තමන් පටන්ගත් කිළිය. “අත්තනා පරියොසාපෙති” මහ මැටියෙන් හෝ දෙමැටියෙන් හෝ යන යමකින් කළ නිමවූබවට පමුණුවනු කැමැත්තේවේද, එයින් අවසන් පිඬුව දෙන්නේ නිම කෙරේද?
පරෙහි පරියොසාපෙතීති අත්තනොව අත්ථාය පරෙහි පරියොසාපෙති. අත්තනා වා හි විප්පකතා හොතු පරෙහි වා උභයෙහි වා, තං චෙ අත්තනො අත්ථාය අත්තනා වා පරියොසාපෙති, පරෙහි වා පරියොසාපෙති, අත්තනා ච පරෙහි චාති යුගනද්ධං වා පරියොසාපෙති, සඞ්ඝාදිසෙසොයෙවාති අයමෙත්ථ විනිච්ඡයො.
“පරෙහි පරියොසාපෙති” තමන් පිණිසම අනුන් ලවා නිමකරවයි තමන් විසින් හෝ අනුන් ලවා හෝ දෙදෙන විසින් හෝ එක්ව අඩාල කරන ලද්දී වේවා, [missing trans] සඞ්ඝාදිසෙසයම වේ. මේ මෙහි විනිශ්චයයි.
කුරුන්දියංපන වුත්තං – “ද්වෙ තයො භික්ඛූ ‘එකතො වසිස්සාමා’ති කරොන්ති, රක්ඛති තාව, අවිභත්තත්තා අනාපත්ති. ‘ඉදං ඨානං තව, ඉදං මමා’ති විභජිත්වා කරොන්ති ආපත්ති. සාමණෙරො ච භික්ඛු ච එකතො කරොන්ති, යාව අවිභත්තා තාව රක්ඛති. පුරිමනයෙන විභජිත්වා කරොන්ති, භික්ඛුස්ස ආපත්තී”ති.
කුරුන්දියෙහි දෙතුන් නමක් මහණහු එක්ව වසන්නෙමුයි කිළිය කරත්ද, ඒතාක් රැකේ. නොබෙදූ බැවින් ඇවැත් නොවේ. ‘මෙතැන තටය, මෙතැන මටයයි බෙදා කරත්ද, ඇවැත් වේ. සාමණේර නමක්ද භික්ෂු නමක්ද එක්ව කිළියක් කරත්ද, එය යම්තාක් නොබෙදන ලදද ඒතාක් රැකේ. පෙරනයින් බෙදා කිළියක් කරත්ද, භික්ෂූන්ට ඇවැත් වේයයි කියනලදි.
අනාපත්ති ලෙණෙතිආදීසු ලෙණං මහන්තම්පි කරොන්තස්ස අනාපත්ති. න හෙත්ථ ලෙපො ඝටීයති. ගුහම්පි ඉට්ඨකාගුහං වා සිලාගුහං වා දාරුගුහං වා භූමිගුහං වා මහන්තම්පි කරොන්තස්ස අනාපත්ති.
“අනාපත්ති ලෙනෙ” යනාදි තන්හි මහත් ලෙනක් කරන්නහුටද ඇවැත් නොවේ. මෙහි ආලෙපය නොගැටේ. ගුහාවද ගඩොලින් කළ ගුහාවක් හෝ ගලින් කළ ගුහාවක් හෝ දැවයෙන් කළ ගුහාවක් හෝ බිම් ගුහාවක් හෝ මහත් මහත්ව කරන්නහුට ඇවැත් නොවේ.
තිණකුටිකායාති සත්තභූමිකොපි පාසාදො තිණපණ්ණච්ඡදනො “තිණකුටිකා”ති වුච්චති. අට්ඨකථාසු පන කුක්කුටච්ඡිකගෙහන්ති ඡදනං දණ්ඩකෙහි ජාලබද්ධං කත්වා තිණෙහි වා පණ්ණෙහි වා ඡාදිතකුටිකාව වුත්තා, තත්ථ අනාපත්ති. මහන්තම්පි තිණච්ඡදනගෙහං කාතුං වට්ටති, උල්ලිත්තාදිභාවො එව හි කුටියා ලක්ඛණං, සො ච ඡදනමෙව සන්ධාය වුත්තොති වෙදිතබ්බො. චඞ්කමනසාලායං තිණචුණ්ණං පරිපතති “අනුජානාමි, භික්ඛවෙ, ඔගුම්ඵෙත්වා උල්ලිත්තාවලිත්තං කාතු”න්තිආදීනි (චූළව· 260) චෙත්ථ සාධකානි, තස්මා උභතො පක්ඛං වා කූටබද්ධං වා වට්ටං වා චතුරස්සං වා යං “ඉමං එතස්ස ගෙහස්ස ඡදන”න්ති ඡදනසඞ්ඛෙපෙන කතං හොති, තස්ස භිත්තිලෙපෙන සද්ධිං ලෙපෙ ඝටිතෙ ආපත්ති. සචෙ පන උල්ලිත්තාවලිත්තච්ඡදනස්ස ගෙහස්ස ලෙපරක්ඛණත්ථං උපරි තිණෙන ඡාදෙන්ති, එත්තාවතා තිණකුටි නාම න හොති. කිං පනෙත්ථ අදෙසිතවත්ථුකප්පමාණාතික්කන්තපච්චයාව අනාපත්ති, උදාහු සාරම්භඅපරික්කමනපච්චයාපීති සබ්බත්ථාපි අනාපත්ති. තථා හි තාදිසං කුටිං සන්ධාය පරිවාරෙ වුත්තං –
“තිණකුටිකාය” සත්මහලක් ඇති පහයද තණපතින් කළ වහල ඇත්තේ තිණකිළියයි කියනු ලැබේ. අර්‍ත්‍ථකථාවන්හි වනාහි “කුක්කුටච්ඡිකගෙහ” යන මෙයින් දිගින්ද සරසින්ද තැබූ දඬු සමග වහල දැලක් මෙන් බැඳුනක්කොට තණවලින් හෝ කොළවලන් වැසූ කිළියම කියනු ලැබේ. එහි ඇවැත් නොවේ. තණින් සෙවෙණික ගෙය මහත්කොටද කිරීම වටියි. උල්ලිත්තාදිභාවයම කිළියෙහි ලක්ෂණ වේ. එද වහලම සඳහා කියන ලදැයි දතයුතුය. සක්මන් හලෙහි තණසුණු ඇදවැටේ. ‘අනුජානාමි භික්ඛවෙ ඔගුමෙපත්වා උල්ලිත්තාවලිත්තං කාතුං’ යනාදියද මේ තණකිළියෙහි සාධක වේ. එහෙයින් දෙපියස්ස ඇති කිළියක් හෝ තර්ණිකා බැදි කිළියක් හෝ වට කිළියක් හෝ සිවුරැස් කිළියක් හෝ වේද, මේ ගේ පිළිබඳ යම් මේ වහලක්වේද, එය ඡදන සඞ්ක්ෂෙපයෙන් කරන ලද්දේවේද ඒ වහලෙහි බිත්ති දෙපය සමග ලපය ගැටුණු කල්හි ඇවැත් වේ. ඇතුලත - පිටත, උඩ-යට ආලෙප කළ වහලෙහි ආලෙපය රැකීම පිණිස මතුවෙහි තණින් වසාද මෙපමණකින් තණකිළි නම්නොවේ. කිම, මෙහි නොදෙසූ කුටිවාස්තු ඇතිබව හා පමණ ඉක්මවා සිටීම් හේතුවෙන්ම ඇවැත් නොවේද, නොහොත් සොපද්‍රව අනුපවාර හේතුවෙන් ඇවැත් නොවේද, සියලු අයුරෙන් ඇවැත් නොවේ. ඒ එසේමය එබඳු කිළිය සඳහා පරිවාරයෙහි,
“භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කරොති; අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං; සාරම්භං අපරික්කමනං අනාපත්ති; පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති. (පරි· 479);
භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භ අපරික්කමනං අනාපත්ති පඤ්හාමෙසා කුසලෙහි චින්තිතාති
මහණතෙමේ තමන් ඉල්ලාගත් වෑ පොරෝ ආදි උපකරණයෙන් නොදෙසූ කුටිවත් ඇති පමණ ඉක්මවූ උපද්‍රව සහිත වූ උපචාර රහිතවූ කිළියක් කෙරේද, ඇවැත් නොවේ මේ ප්රශ්නය දක්ෂයන් විසින් සිතන ලදැයි කියන ලදී.
අඤ්ඤස්සත්ථායාති කුටිලක්ඛණප්පත්තම්පි කුටිං අඤ්ඤස්ස උපජ්ඣායස්ස වා ආචරියස්ස වා සඞ්ඝස්ස වා අත්ථාය කරොන්තස්ස අනාපත්ති. යං පන “ආපත්ති කාරුකානං තිණ්ණං දුක්කටාන”න්තිආදි පාළියං වුත්තං, තං යථාසමාදිට්ඨාය අකරණපච්චයා වුත්තං.
‘ආපත්තිකාරකානං තිණ්ණං දුක්කටානං’ යනාදි පෙළෙහි යමක් වදාරන ලද්දේ ද එය මනාව නොඉටා නොකිරීම හේතුවෙන් වදාරන ලදි. “අඤ්ඤස්සත්ථාය” කුටි ලක්ෂණයට පැමිණි කිළියක් අන්‍ය උපාද්ධ්‍යායයා සඳහා හෝ ආචාර්‍ය්‍යයා සඳහා හෝ සඞ්ඝයා පිණිස හෝ කරන්නහුට ඇවැත් නොවේ.
වාසාගාරං ඨපෙත්වා සබ්බත්ථාති අත්තනො වසනත්ථාය අගාරං ඨපෙත්වා අඤ්ඤං උපොසථාගාරං වා ජන්තාඝරං වා භොජනසාලා වා අග්ගිසාලා වා භවිස්සතීති කාරෙති, සබ්බත්ථ අනාපත්ති. සචෙපිස්ස හොති “උපොසථාගාරඤ්ච භවිස්සති, අහඤ්ච වසිස්සාමි ජන්තාඝරඤ්ච භොජනසාලා ච අග්ගිසාලා ච භවිස්සති, අහඤ්ච වසිස්සාමී”ති කාරිතෙපි ආනාපත්තියෙව. මහාපච්චරියං පන “අනාපත්තී”ති වත්වා “අත්තනො වාසාගාරත්ථාය කරොන්තස්සෙව ආපත්තී”ති වුත්තං. උම්මත්තකස්ස ආදිකම්මිකානඤ්ච ආළවකානං භික්ඛූනං අනාපත්ති.
“වාසාගාරං ඨපෙත්වා සබ්බත්ථ” තමන්ගේ විසීම පිණිස ගෙය හැර අන් පොහෝගෙයක් හෝ ගිනිහල් ගෙයක් හෝ බොජුන් හලක් හෝ වහ්නි ශාලාවක් හෝ වන්නේයයි කරවාද, සියලු තන්හි ඇවැත් නොවේ. ඉදින් මේ මහණහුට පොහෝ ගෙයක්ද වන්නේය. මමද වසන්නෙමි, ගිනිහල් ගෙයක්ද බොජුන් හලක්ද වහ්නි ශාලාවක්ද වන්නේය, මමද වසන්නෙමියි සිතක්වේද, කරවූ කල්හිද ඇවැත් වේමය. මහාපච්චරියෙහි වනාහි අනාපත්තියි කියා තමන්ගේ විසීමට ගෙයක් පිණිස කරන්නහුටම ඇවැත් යයි කියනලදි. උන්මත්තකයාහටද ආදිකර්මිකවූ ආළවක භික්ෂූන්ටද ඇවැත් නොවේ.
සමුට්ඨානාදීසු ඡසමුට්ඨානං කිරියඤ්ච කිරියාකිරියඤ්ච, ඉදඤ්හි වත්ථුං දෙසාපෙත්වා පමාණාතික්කන්තං කරොතො කිරියතො සමුට්ඨාති, වත්ථුං අදෙසාපෙත්වා කරොතො කිරියාකිරියතො, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්ෂාපදය ඡසමුට්ඨානයි. කිරීමෙන්ද, කිරීමෙන් හා නොකිරීමෙන්ද සමුට්ඨානය වේ. මෙය කුටිවත් දෙසවා පමණ ඉකුත් කිළියක් කරණ මහණහුට ක්‍රියාවෙන් සමුට්ඨානය වේ. කුටිවත් නොදෙසවා කරන්නහුට කිළිය කිරීමද කුටිවත් නොදෙසීමද යන ක්‍රියා ක්‍රියාහෙයින් සමුට්ඨානය වේ. ව්යාතික්රමසංඥාවෙහි අභාවයෙන් නොමිදෙන බැවින් නොසංඥාවිමොක්ෂයයි. ප්රඥප්තියයි නොදන්නා සිත හෙතුකොට අචිත්තකය. ශික්ෂා ප්‍රඥප්තියෙහි වරදයයි හැරිය යුතු බැවින් ප්රඥප්තිවද්යයි. කයින් කටයුතු බැවින් කායකර්‍මයි. වචනයෙන් සිදුවියයුතු බැවින් වාක්කර්‍මයි, සුඛදුඃඛාදී වූ තුන්සිත් ඇති බැවින් ත්‍රිචිත්තයි. එසේම සුඛදුඃඛාදි වෙදනා ඇති බැවින් ත්‍රිවෙදනයි.
කුටිකාරසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
කුටිකාරශික්ෂාපද වර්ණනාව නිමි.