යෙදුමෙන් කියවන්න

සඤ‍්චරිත‍්තසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සඤ‍්චරිත‍්තසික‍්ඛාපදවණ‍්ණනා

සඤ්චරිත්ත ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති සඤ‍්චරිත‍්තං. තත්‍ථ පණ‍්ඩිතාති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතා ගතිමන‍්තා. බ්‍යත‍්තාති වෙය්‍යත‍්තියෙන සමන‍්නාගතා, උපායෙන සමන‍්නාගතා උපායඤ‍්ඤූ විසාරදා. මෙධාවිනීති මෙධාය සමන‍්නාගතා, දිට‍්ඨං දිට‍්ඨං කරොති. දක‍්ඛාති ඡෙකා. අනලසාති උට‍්ඨානවීරියසම‍්පන‍්නා. ඡන‍්නාති අනුච‍්ඡවිකා.

“තෙන සමයෙන බුද්ධො භගවා” යනු සඤ්චරිත්ත ශික්‍ෂාපදයයි. එහි “පණ්ඩිතා” පාණ්ඩිත්‍යයෙන් යුක්තය. ඤාණගතියෙන් යුක්තයි. “ව්‍යත්තා” විශාරදභාවයෙන් යුක්තය. උපායයෙන් යුක්තය. උපාය දන්නීය. විශාරදය. “මෙධාවිනී” නුවණැත්තීය. දුටු දුටුවක් කරන්නීය. “දක්‍ඛා” දක්‍ෂය. “අනලසා” උත්‍ථාන වීර්‍ය්‍යයෙන් යුක්තය. “ඡන්නා” සුදුසුය.

කිස‍්මිං වියාති කිච‍්ඡං විය කිලෙසො විය, හිරි විය අම‍්හාකං හොතීති අධිප‍්පායො. කුමාරිකාය වත‍්තුන‍්ති “ඉමං තුම‍්හෙ ගණ‍්හථා”ති කුමාරිකාය කාරණා වත‍්තුං.

“කිස්මිං විය” දුකක් මෙන් ක්ලෙශයක් මෙන් ලජ්ජාවක් මෙන් අපට වේය යන අභිප්‍රායයි. “කුමාරිකාය වත්තූං” තෙපි මැය ගනිවුයි කුමරිය කාරණකොට කියන්නට.

ආවාහාදීසු ආවාහොති දාරකස‍්ස පරකුලතො දාරිකාය ආහරණං. විවාහොති අත‍්තනො දාරිකාය පරකුලපෙසනං. වාරෙය්‍යන‍්ති “දෙථ නො දාරකස‍්ස දාරික”න‍්ති යාචනං, දිවසනක‍්ඛත‍්තමුහුත‍්තපරිච‍්ඡෙදකරණං වා.

ආවාහාදියෙහි “ආවාහො” තරුණයාහට අන් කුලයකින් තරුණියක ගෙනඊමය. “විවාහො” තමන්ගේ දැරිය අන්කුලයකට පාවාදීමය. “වාරෙය්‍යං” අපගේ තරුණයාට තරුණියක දෙනු මැනවැයි ඉල්ලීමය. දින නැකැත් මොහොත පිරිසිඳීම හෝය.

පුරාණගණකියාති එකස‍්ස ගණකස‍්ස භරියාය, සා තස‍්මිං ජීවමානෙ ගණකීති පඤ‍්ඤායිත්‍ථ, මතෙ පන පුරාණගණකීති සඞ‍්ඛං ගතා. තිරොගාමොති බහිගාමො, අඤ‍්ඤො ගාමොති අධිප‍්පායො. මනුස‍්සාති උදායිස‍්ස ඉමං සඤ‍්චරිත‍්තකම‍්මෙ යුත‍්තපයුත‍්තභාවං ජානනකමනුස‍්සා.

“පුරාණගණකියා” එක් ගණයක්හුගේ භාර්‍ය්‍යාවක. ඕතොමෝ ගණකයා ජීවත්වන කල්හි ගණකීයි ප්‍රසිද්ධවූය. ගණකයා මළකල්හි පුරාණගණකීයි ගිනීමට ගියාය. “තිරොගාමො” පිටත ගමය. අන් ගමක යන අදහසයි. “මනුස්සා” උදායි තෙරුන්ගේ මේ සඤ්චරිත්ත කර්‍මයෙහි යුත්තප්‍රයුක්තභාවය දන්නා මනුෂ්‍යයෝය.

සුණිසභොගෙනාති යෙන භොගෙන සුණිසා භුඤ‍්ජිතබ‍්බා හොති රන්‍ධාපනපචාපනපඅවෙසනාදිනා, තෙන භුඤ‍්ජිංසු. තතො අපරෙන දාසිභොගෙනාති මාසාතික‍්කමෙ යෙන භොගෙන දාසී භුඤ‍්ජිතබ‍්බා හොති ඛෙත‍්තකම‍්මකචවරඡඩ‍්ඩනඋදකාහරණාදිනා, තෙන භුඤ‍්ජිංසු. දුග‍්ගතාති දලිද‍්දා, යත්‍ථ වා ගතා දුග‍්ගතා හොති තාදිසං කුලං ගතා. මාය්‍යො ඉමං කුමාරිකන‍්ති මා අය්‍යො ඉමං කුමාරිකං. ආහාරූපහාරොති ආහාරො ච උපහාරො ච ගහණඤ‍්ච දානඤ‍්ච, න අම‍්හෙහි කිඤ‍්චි ආහටං න උපාහටං තයා සද‍්ධිං කයවික‍්කයො වොහාරො අම‍්හාකං නත්‍ථීති දීපෙන‍්ති. සමණෙන භවිතබ‍්බං අබ්‍යාවටෙන, සමණො අස‍්ස සුසමණොති සමණෙන නාම ඊදිසෙසු කම‍්මෙසු අබ්‍යාවටෙන අබ්‍යාපාරෙන භවිතබ‍්බං, එවං භවන‍්තො හි සමණො සුසමණො අස‍්සාති, එවං නං අපසාදෙත්‍වා “ගච‍්ඡ ත්‍වං න මයං තං ජානාමා”ති ආහංසු.

“සුණිසා භොගෙන” යම්භොගයකින් යෙහෙලිතොමෝ පාලනය කටයුත්තීවේද, බත් පිසදීම අවුළු සැපයීම වැළඳවීම ආදීවූ ඒ ආකාරයෙන් පාලනය කළාහුය. “තතො අපරෙන දාසිභොගෙන” මසක් ඉකුත්ව ගිය කල්හි කෙත්කම් කසල හැරදැමීම් දිය ගෙනීම් ආදීවූ යම් පරිභොගයකින් දාසීතොමෝ පාලනය කටයුතුවේද, ඒ ආකාරයෙන් පාලනය කළාහුය. “දුග්ගතා” දිළිදුවූය. කොතැනක හෝ ගිය ස්ත්‍රිය දිළිඳුවේද, එබඳු කුලයකට ගියාය. “මාය්‍යො ඉමං කුමාරිකං”, ආර්‍ය්‍යතෙමේ මේ කුමරිය දාසීපරිභොගයෙන් පරිභොග නොකරව. “ආහාරුපහාරො” ආහාරයද උපහාරයද, ගැනීමද දීමද අප විසින් කිසිවක් නොගෙනෙන ලදය. නොදෙන ලදය. තී සමග අපගේ ගැනීමක් දීමක් ව්‍යවහාරයක් නැහැයි දක්වත්. “සමඤෙන භවිතබ්බං අබ්‍යාවටෙන සමණෙ අස්ස සුසමණො” මහණහු විසින් නම් මෙබදු කර්‍මයන්හි අව්‍යාවෘත්තයකු අව්‍යපාරයකු වියයුතුය. මෙසේ වන්නා වූ මහණතෙමේම යහපත් මහණෙක් වන්නේයයි මෙසේ ඒ උදායී තෙරුන් පහකොට ‘තෝ යව, අපි යුෂ්මතුන් නොදනිමුයි කීය.

සජ‍්ජිතොති සබ‍්බූපකරණසම‍්පන‍්නො මණ‍්ඩිතපසාධිතො වා.

“සජ්ජිතො” සියලු උපකරණයෙන් යුක්ත වූයේය. බාහිරොපකරණ අලඞ්කාරයෙන්ද කෙසාදීන්ගේ මනා තැබීම නම්වූ සැරසීමෙන් යුක්තවූයේ හෝයි.

ධුත‍්තාති ඉත්‍ථිධුත‍්තා. පරිචාරෙන‍්තාති මනාපියෙසු රූපාදීසු ඉතො චිතො ච සමන‍්තා ඉන්‍ද්‍රියානි චාරෙන‍්තා, කීළන‍්තා අභිරමන‍්තාති වුත‍්තං හොති. අබ‍්භුතමකංසූති යදි කරිස‍්සති ත්‍වං එත‍්තකං ජිතො, යදි න කරිස‍්සති අහං එත‍්තකන‍්ති පණමකංසු. භික‍්ඛූනං පන අබ‍්භුතං කාතුං න වට‍්ටති. යො කරොති පරාජිතෙන දාතබ‍්බන‍්ති මහාපච‍්චරියං වුත‍්තං.

“ධුත්තා” ස්ත්‍රීධූර්‍තයෝය. “පරිචාරෙන්තා” මනවඩන රූපාදීන්හි ඔබමොබද හාත්පසද ඉඳුරන් හසුරුවන්නාහු, ක්‍රීඩා කරන්නාහු, ඇලෙන්නාහුයි කියන ලද්දේ වේ. “අබ්භුතමකංසු” ඉදින් කරන්නේ නම්, තෝ මෙපමණ දිනුයෙහිය. ඉදින් නොකරන්නේ නම් මම මෙපමණැයි ඔට්ටුවක් කළහ. මහණුන්ට ඔට්ටු අල්ලන්ට නොවටියි. යමෙක් කෙරේනම් පැරදුනහු විසින් දියයුතුයයි මහාපච්චරියෙහි කියනලදි.

කථඤ‍්හි නාම අය්‍යො උදායී තඞ‍්ඛණිකන‍්ති එත්‍ථ තඞ‍්ඛණොති අචිරකාලො වුච‍්චති. තඞ‍්ඛණිකන‍්ති අචිරකාලාධිකාරිකං.

“කථං හි නාම අය්‍යො උදායි තඞ්ඛණකං” මෙහි “තං ඛණෙ” යන මෙයින් නොබෝ කාලය කියනු ලැබේ. “තඞ්ඛණිකං” නොබෝකල් අධිකාරය ඇති

සඤ‍්චරිත‍්තං සමාපජ‍්ජෙය්‍යාති සඤ‍්චරණභාවං සමාපජ‍්ජෙය්‍ය. යස‍්මා පන තං සමාපජ‍්ජන‍්තෙන කෙනචි පෙසිතෙන කත්‍ථචි ගන‍්තබ‍්බං හොති, පරතො ච “ඉත්‍ථියා වා පුරිසමති”න‍්ති ආදිවචනතො ඉධ ඉත්‍ථිපුරිසා අධිප‍්පෙතා, තස‍්මා තමත්‍ථං දස‍්සෙතුං “ඉත්‍ථියා වා පහිතො පුරිසස‍්ස සන‍්තිකෙ ගච‍්ඡති, පුරිසෙන වා පහිතො ඉත්‍ථියා සන‍්තිකෙ ගච‍්ඡතී”ති එවමස‍්ස පදභාජනං වුත‍්තං. ඉත්‍ථියා වා පුරිසමතිං පුරිසස‍්ස වා ඉත්‍ථිමතින‍්ති එත්‍ථ ආරොචෙය්‍යාති පාඨසෙසො දට‍්ඨබ‍්බො, තෙනෙවස‍්ස පදභාජනෙ “පුරිසස‍්ස මතිං ඉත්‍ථියා ආරොචෙති, ඉත්‍ථියා මතිං පුරිසස‍්ස ආරොචෙතී”ති වුත‍්තං.

“සඤ්චරිත්තං සමාපජ්ජෙය්‍ය” ස්ත්‍රී පුරුෂයන් අතර සඤ්චරණභාවයට පැමිණෙන්නේය. යම්හෙයකින් ඒ සඤ්චරණභාවයට පැමිණෙන කිසිවකු යවන ලද්දහු විසින් කිසි තැනක යායුතුවේද, පසුභාගයෙහිද “ඉත්‍ථියා වා පුරිසමතිං” යනාදිය බැවින් මෙහි ස්ත්‍රී පුරුෂයෝ අදහස් කරන ලද්දාහුද එහෙයින් ඒ අර්‍ත්‍ථය දක්වන්නට “ඉත්‍ථියා වා පහිතො පුරිසස්ස සන්තිකෙ ගච්ඡති, පුරිසෙන වා පහිතො ඉත්‍ථියා සන්තිකෙ ගච්ඡති”යි මෙසේ මේ පිළිබඳ පදභාජනය වදාරන ලදී. “ඉත්‍ථියා වා පුරිසමතිං පුරිසස්ස වා ඉත්‍ථිමතිං” යන මෙහි ආරොචෙය්‍යායි යන පාඨශේෂය දතයුතුය. එහෙයින්ම මේ පිළිබඳ පදභාජනයෙහි “පුරිසස්ස මතිං ඉත්‍ථියා ආරොචෙති, ඉත්‍ථියා මතිං පුරිසස්ස ආරොචෙති”යි වදාරණ ලද්දේය.

ඉදානි යදත්‍ථං තං තෙසං මතිං අධිප‍්පායං අජ‍්ඣාසයං ඡන්‍දං රුචිං ආරොචෙති, තං දස‍්සෙන‍්තො “ජායත‍්තනෙ වා ජාරත‍්තනෙ වා”තිආදිමාහ. තත්‍ථ ජායත‍්තනෙති ජායාභාවෙ. ජාරත‍්තනෙති ජාරභාවෙ. පුරිසස‍්ස හි මතිං ඉත්‍ථියා ආරොචෙන‍්තො ජායත‍්තනෙ ආරොචෙති, ඉත්‍ථියා මතිං පුරිසස‍්ස ආරොචෙන‍්තො ජාරත‍්තනෙ ආරොචෙති; අපිච පුරිසස‍්සෙව මතිං ඉත්‍ථියා ආරොචෙන‍්තො ජායත‍්තනෙ වා ආරොචෙති නිබද‍්ධභරියාභාවෙ, ජාරත‍්තනෙ වා මිච‍්ඡාචාරභාවෙ. යස‍්මා පනෙතං ආරොචෙන‍්තෙන “ත්‍වං කිරස‍්ස ජායා භවිස‍්සසී”තිආදි වත‍්තබ‍්බං හොති, තස‍්මා තං වත‍්තබ‍්බතාකාරං දස‍්සෙතුං “ජායත‍්තනෙ වාති ජායා භවිස‍්සසි, ජාරත‍්තනෙ වාති ජාරී භවිස‍්සසී”ති අස‍්ස පදභාජනං වුත‍්තං. එතෙනෙව ච උපායෙන ඉත්‍ථියා මතිං පුරිසස‍්ස ආරොචනෙපි පති භවිස‍්සසි, සාමිකො භවිස‍්සසි, ජාරො භවිස‍්සසීති වත‍්තබ‍්බතාකාරො වෙදිතබ‍්බො.

දැන් යම් කරුණක් පිණිස ඔවුන්ගේ මනස අභිප්‍රාය අද්ධ්‍යාශය ඡන්‍දය රුචිය ආරොචනය කෙරේද, එය දක්වනසේක් “ජායත්තනෙ වා ජාරත්තනෙ වා” යනාදිය වදාළ සේක. එහි “ජායත්තනෙ” යනු භාර්‍ය්‍යාභාවය නිමිති කොටය. “ජාරත්තෙන” යනු චෞරස්වාමිභාවය නිමිතිකොටය. පුරුෂයාගේ මතය ස්ත්‍රියට ආරොචනය කරන්නේ භාර්‍ය්‍යාභාවය නිමිතිකොට ආරොචනය කෙරේ. ස්ත්‍රියගේ මතය පුරුෂයාට ආරොචනය කරන්නේ හොරසැමිබව නිමිතිකොට ආරොචනය කෙරේ. තවද පුරුෂයාගේම මතය ස්ත්‍රියට ආරොචනය කරන්නේ භාර්‍ය්‍යාභාවය නිමිතිකොට හෝ නිබඳ භාර්‍ය්‍යාභාවය නිමිතිකොට හෝ ආරොචනය කෙරේ. සොර අඹුබව නිමිතිකොට හෝ මිත්‍ථාචාරභාවය නිමිතිකොට හෝ ආරොචනය කෙරේ. යම්හෙයකින් මේ කාරණය ආරොචනය කරන්නහු විසින් තී මොහුට භාර්‍ය්‍යා වන්නෙහියි යන ආදිය කියයුතුවේද, එහෙයින් ඒ කියයුතු ආකාරය දක්වනු පිණිස “ජායත්තනෙ වාති, ජායා භවිස්සති, ජාරත්තනෙ වාති ජාරී භවිස්සසි”, මේ පද පිළිබඳ පදභාජනය වදාරන ලදී. මේ උපායෙන්ද ස්ත්‍රියගේ මතය පුරුෂයාහට ආරොචනය කිරීමෙහිද, ‘පති භවිස්සසි, සාමිකො භවිස්සසි, ජාරො භවිස්සසි, කියයුතු ආකාරය දතයුත්තේය.

අන‍්තමසො තඞ‍්ඛණිකායපීති සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන යා අයං තඞ‍්ඛණෙ මුහුත‍්තමත‍්තෙ පටිසංවසිතබ‍්බතො තඞ‍්ඛණිකාති වුච‍්චති, මුහුත‍්තිකාති අත්‍ථො. තස‍්සාපි “මුහුත‍්තිකා භවිස‍්සසී”ති එවං පුරිසමතිං ආරොචෙන‍්තස‍්ස සඞ‍්ඝාදිසෙසො. එතෙනෙවුපායෙන “මුහුත‍්තිකො භවිස‍්සසී”ති එවං පුරිසස‍්ස ඉත්‍ථිමතිං ආරොචෙන‍්තොපි සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජතීති වෙදිතබ‍්බො.

‘අන්තමසො තඞ්ඛණිකායපි” සියලු අන්තිම පරිච්ඡෙදයෙන් යම් මේ ස්ත්‍රියක් තොමෝ එකෙණෙහි මුහුර්‍තමාත්‍රයෙක්හි විසියයුතු බැවින් තඞ්ඛණිකායි කියනු ලැබේ. මුහුත්තිකා යන අර්‍ත්‍ථයි. ඇයටද “මුහුත්තිතා” වන්නෙහියි මෙසේ පුරුෂමතය දන්වන්නහුට සඞ්ඝාදිසෙසය වේ. මේ උපායෙන්ම මුහුත්තිකයෙක් වන්නෙහියි මෙසේ පුරුෂයාහට ස්ත්‍රියගේ මතය දන්වන්නේද සඞ්ඝාදිසෙසයට පැමිණේයයි දතයුතුය.

ඉදානි “ඉත්‍ථියා වා පුරිසමති”න‍්ති එත්‍ථ අධිප‍්පෙතා ඉත්‍ථියො පභෙදතො දස‍්සෙත්‍වා තාසු සඤ‍්චරිත‍්තවසෙන ආපත‍්තිභෙදං දස‍්සෙතුං “දස ඉත්‍ථියො”තිආදිමාහ. තත්‍ථ මාතුරක‍්ඛිතාති මාතරා රක‍්ඛිතා. යථා පුරිසෙන සංවාසං න කප‍්පෙති, එවං මාතරා රක‍්ඛිතා, තෙනස‍්ස පදභාජනෙපි වුත‍්තං – “මාතා රක‍්ඛති ගොපෙති ඉස‍්සරියං කාරෙති වසං වත‍්තෙතී”ති. තත්‍ථ රක‍්ඛතීති කත්‍ථචි ගන‍්තුං න දෙති. ගොපෙතීති යථා අඤ‍්ඤෙ න පස‍්සන‍්ති, එවං ගුත‍්තට‍්ඨානෙ ඨපෙති. ඉස‍්සරියං කාරෙතීති සෙරිවිහාරමස‍්සා නිසෙධෙන‍්තී අභිභවිත්‍වා පවත‍්තති. වසං වත‍්තෙතීති “ඉදං කරොහි, ඉදං මා අකාසී”ති එවං අත‍්තනො වසං තස‍්සා උපරි වත‍්තෙති. එතෙනුපායෙන පිතුරක‍්ඛිතාදයොපි ඤාතබ‍්බා. ගොත‍්තං වා ධම‍්මො වා න රක‍්ඛති, සගොත‍්තෙහි පන සහධම‍්මිකෙහි ච එකං සත්‍ථාරං උද‍්දිස‍්ස පබ‍්බජිතෙහි එකගණපරියාපන‍්නෙහි ච රක‍්ඛිතා “ගොත‍්තරක‍්ඛිතා ධම‍්මරක‍්ඛිතා”ති වුච‍්චති, තස‍්මා තෙසං පදානං “සගොත‍්තා රක‍්ඛන‍්තී”තිආදිනා නයෙන පදභාජනං වුත‍්තං.

දැන් “ඉත්‍ථියා වා පුරිසමතිං” යන මෙහි අභිමත ස්ත්‍රීන් ප්‍රභෙද වශයෙන් දක්වා ඔවුනතුරෙහි සඤ්චරිත්ත වසයෙන් ආපත්තිභෙදය දක්වන්නට “දස ඉත්‍ථියො” යනාදිය වදාළ සේක. එහි “මාතුරක්‍ඛිතා” මව විසින් රක්නා ලද්දීය. යම්සේ පුරුෂයෙකු හා සංවාසය නොකෙරේද, එසේ මව විසින් රක්නා ලද්දීය. එහෙයින් මේ පදයෙහිද පදභාජනයෙහිද “මාතා රක්‍ඛති, ගොපෙති, ඉස්සරියං කාරෙති, වසං වත්තෙති” යනු වදාරන ලද්දේය. එහි “රක්‍ඛති” යනු කිසි තැනක යන්නට නොදෙයි. “ගොපෙති” යනු යම්සේ අන්‍යයෝ නොදකිත්ද, එසේ ගුහාස්ථානයෙහි තබයි. “ඉස්සරියං කාරෙති” මැයගේ තමන් කැමති සේ හැසිරීම වළකාලන්නී යටතට ගෙන පවතියි. “වසං වත්තෙති” මෙය කරව, මෙය නොකරවයි මෙසේ තමාගේ අණ ඇයගේ මතුවෙහි පෙන්වයි. මේ උපායෙන්ම පිතුරක්‍ඛිතාදීහුද දතයුත්තාහ. ගෞතමගොත්‍රාදී වූ ගොත් ඇතියෙක් හෝ පණ්ඩරඞ්ගාදී වූ දම්සැරියෙක් හෝ නොරකියි. සමාන ගොත් ඇත්තවුන් විසින් හා සමග හැසිරියයුතු ධර්‍ම හෝ කුලධර්‍ම ඇතියවුන් විසින්ද එක් ශාස්තෲවරයෙකු උදෙසා පැවිදි වූවන් විසින් හෝ මාලාකාරාදීවූ එක් ගණයකට ඇතුළත් වූවන් විසින්ද රක්නා ලද්දී “ගොත්තරක්‍ඛිතා, ධම්මරක්‍ඛිතා”යි කියනු ලැබේ. එහෙයින් ඒ පදයන්ගේ “සගොත්තා රක්‍ඛන්ති” යනාදි නයින් පදභාජනය වදාරන ලදී.

සහ ආරක‍්ඛෙනාති සාරක‍්ඛා. සහ පරිදණ‍්ඩෙනාති සපරිදණ‍්ඩා. තාසං නිද‍්දෙසා පාකටාව. ඉමාසු දසසු පච‍්ඡිමානං ද‍්වින‍්නමෙව පුරිසන‍්තරං ගච‍්ඡන‍්තීනං මිච‍්ඡාචාරො හොති, න ඉතරාසං.

රැකුම් සහිතව පවත්නී “සාරක්‍ඛො” නම. දඬුවම් සහිතව පවත්නී “සපරිදණ්ඩා” නම. ඔවුන්ගේ නිර්‍දෙශ ප්‍රකටම වේ. මේ දශස්ත්‍රීන් අතුරෙහි පුරුෂයන් අතරට යන පශ්චිම වූ දෙදෙනාහටම මිත්‍ථ්‍යාචාරය වේ. මාතුරක්‍ඛිතාදීවූ අනික් අට දෙනාට මිත්‍ථ්‍යාචාරය නොවේ.

ධනක‍්කීතාදීසු අප‍්පෙන වා බහුනා වා ධනෙන කීතා ධනක‍්කීතා. යස‍්මා පන සා න කීතමත‍්තා එව සංවාසත්‍ථාය පන කීතත‍්තා භරියා, තස‍්මාස‍්ස නිද‍්දෙසෙ ධනෙන කිණිත්‍වා වාසෙතීති වුත‍්තං.

ධනක්කීතාදීන් අතුරෙහි ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ ධනයෙන් භාර්‍ය්‍යභාවය පිණිස මිලදී ගන්නා ලද්දී ධනක්කීතා නම. යම්හෙයකින් ඕතොමෝ ධනයෙන් මිලදී ගත්පමණ ඇත්තීම භාර්‍ය්‍යා නොවන්නීද, සංවාසය පිණිස මිලදී ගත්බැවින් භාර්‍ය්‍යා වන්නීද, එහෙයින් මේ පදයෙහි නිර්‍දෙශයෙහි “ධනෙන කීතා වාසෙති” කියනලදී.

ඡන්‍දෙන අත‍්තනො රුචියා වසතීති ඡන්‍දවාසිනී. යස‍්මා පන සා න අත‍්තනො ඡන්‍දමත‍්තෙනෙව භරියා හොති පුරිසෙන පන සම‍්පටිච‍්ඡිතත‍්තා, තස‍්මාස‍්ස නිද‍්දෙසෙ “පියො පියං වාසෙතී”ති වුත‍්තං.

ඡන්‍දයෙන් තමන්ගේ රුචියෙන් වසානුයි ඡන්‍දවාසිනී නම. යම්හෙයකින් ඕතොමෝ ඡන්‍දය පමණින්ම භාර්‍ය්‍යා නොවන්නීද, පුරුෂයා විසින් පිළිගත් බැවින් භාර්‍ය්‍යා වන්නීද, එහෙයින් මේ පද නිර්‍දෙශයෙහි “පියො පියං වාසෙති”යි කියනලදී.

භොගෙන වසතීති භොගවාසිනී. උදුක‍්ඛලමුසලාදිඝරූපකරණං ලභිත්‍වා භරියාභාවං ගච‍්ඡන‍්තියා ජනපදිත්‍ථියා එතං අධිවචනං.

භොගය හෙතුකොට වසානුයි භොගවාසිනී නම. වං මොහොල් ආදීවූ ගෘහොපකරණ ලැබ භාර්‍ය්‍යාභාවයට යන ජනපද ස්ත්‍රියට මේ නමකි.

පටෙන වසතීති පටවාසිනී. නිවාසනමත‍්තම‍්පි පාවුරණමත‍්තම‍්පි ලභිත්‍වා භරියාභාවං උපගච‍්ඡන‍්තියා දලිද‍්දිත්‍ථියා එතං අධිවචනං.

වස්ත්‍රය හේතුකොට වසානුයි පටවාසිනී නම. හඳින පිළි පමණක් හෝ පොරෝනා පිළි පමණක් හෝ ලැබ භාර්‍ය්‍යාභාවයට එළඹෙන දිළිඳු ස්ත්‍රියට මේ නමකි.

ඔදපත‍්තකිනීති උභින‍්නං එකිස‍්සා උදකපාතියා හත්‍ථෙ ඔතාරෙත්‍වා “ඉදං උදකං විය සංසට‍්ඨා අභෙජ‍්ජා හොථා”ති වත්‍වා පරිග‍්ගහිතාය වොහාරනාමමෙතං, නිද‍්දෙසෙපිස‍්ස “තාය සහ උදකපත‍්තං ආමසිත්‍වා තං වාසෙතී”ති එවමත්‍ථො වෙදිතබ‍්බො.

“ඔදපත්තකිනී” දෙදෙනාගේ අත් එක් දියතලියක බහා මේ දිය මෙන් ගැටුණු නොබිඳුණු වහුයි කියා පිළිගැණුම් ලද්දියට මේ ව්‍යවහාරනාමය වේ. නිර්‍දෙශයෙහිදී මේ ඇය සමග දියතලිය පහසා ඇය වස්වායි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය.

ඔභටං ඔරොපිතං චුම‍්බටමස‍්සාති ඔභටචුම‍්බටා, කට‍්ඨහාරිකාදීනං අඤ‍්ඤතරා, යස‍්සා සීසතො චුම‍්බටං ඔරොපෙත්‍වා ඝරෙ වාසෙති, තස‍්සා එතං අධිවචනං.

ඉවත්කොට තැබූ සුඹුළුව මැයගේනුයි ඔභතචුම්බටා නම. කාෂ්ටශාරිකාදීන් අතුරෙහි එක්තරා ස්ත්‍රියක. යම් ස්ත්‍රියකගේ හිසින් සුඹුළුව බහා ගෙයි වස්වාද, ඇයට මේ නමකි.

දාසී චාති අත‍්තනොයෙව දාසී ච හොති භරියා ච.

“දාසී ච” තමන්ගේම දාසියද වේ. භාර්‍ය්‍යාවද වේ.

කම‍්මකාරී නාම ගෙහෙ භතියා කම‍්මං කරොති, තාය සද‍්ධිං කොචි ඝරාවාසං කප‍්පෙති අත‍්තනො භරියාය අනත්‍ථිකො හුත්‍වා. අයං වුච‍්චති “කම‍්මකාරී ච භරියා චා”ති.

“කම්මකාරිණී”, නම් ගෙයි බැලය පිණිස වැඩ කෙරේද, ඕ තොමෝය. යමෙක් තමන්ගේ භාර්‍ය්‍යාවගෙන් ප්‍රයොජන නැත්තෙක්ව ඇය සමග ගෘහවාසය කෙරේද, මෝතොමෝ කම්මකාරීයිද භාර්‍ය්‍යායිද කියනු ලැබේ.

ධජෙන ආහටා ධජාහටා, උස‍්සිතද‍්ධජාය සෙනාය ගන‍්ත්‍වා පරවිසයං විලුම‍්පිත්‍වා ආනීතාති වුත‍්තං හොති, තං කොචි භරියං කරොති, අයං ධජාහටා නාම. මුහුත‍්තිකා වුත‍්තනයාඑව, එතාසං දසන‍්නම‍්පි පුරිසන‍්තරගමනෙ මිච‍්ඡාචාරො හොති. පුරිසානං පන වීසතියාපි එතාසු මිච‍්ඡාචාරො හොති, භික‍්ඛුනො ච සඤ‍්චරිත‍්තං හොතීති.

ධජය මාර්‍ගයෙන් ගෙනෙන ලද්දී ධජාභටා නම. නැගු ධජ ඇති සේනාව සමග ගොස් අනුන් අයත් රට විලොපනයකොට ගෙනෙන ලද්දී යයි කියන ලද්දීය. කිසිවෙක් ඇය භාර්‍ය්‍යාව කෙරේද, මෝතොමෝ ධජාභටා නම්වේ. මුහුත්තිකා තොමෝ කියූ නය ඇත්තීමය. මේ දශ ස්ත්‍රීන්ටද අන්‍යපුරුෂයන් කරා යෑමෙහි මිත්‍ථ්‍යාචාරය වේ. පුරුෂයන්ට වනාහි විසි වැදෑරුම්වූම මොවුන් අතුරෙහි මිත්‍ථ්‍යාචාරය වේ. මහණහුහටද සඤ්චරිත්ත වේයයි දතයුතුය.

ඉදානි පුරිසො භික‍්ඛුං පහිණතීතිආදීසු පටිග‍්ගණ‍්හාතීති සො භික‍්ඛු තස‍්ස පුරිසස‍්ස “ගච‍්ඡ, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමං මාතුරක‍්ඛිතං බ්‍රූහි, හොහි කිර ඉත්‍ථන‍්නාමස‍්ස භරියා ධනක‍්කීතා”ති එවං වුත‍්තවචනං “සාධු උපාසකා”ති වා “හොතූ”ති වා “ආරොචෙස‍්සාමී”ති වා යෙන කෙනචි ආකාරෙන වචීභෙදං කත්‍වා වා සීසකම‍්පනාදීහි වා සම‍්පටිච‍්ඡති. වීමංසතීති එවං පටිග‍්ගණ‍්හිත්‍වා තස‍්සා ඉත්‍ථියා සන‍්තිකං ගන‍්ත්‍වා තං සාසනං ආරොචෙති. පච‍්චාහරතීති තෙන ආරොචිතෙ සා ඉත්‍ථී “සාධූ”ති සම‍්පටිච‍්ඡතු වා පටික‍්ඛිපතු වා ලජ‍්ජාය වා තුණ‍්හී හොතු, පුන ආගන‍්ත්‍වා තස‍්ස පුරිසස‍්ස තං පවත‍්තිං ආරොචෙති.

දැන් “පුරිසො භික්‍ඛු පහිණාති” යනාදි තන්හි “පතිගණාති” ඒ මහණතෙමේ ‘යව වහන්ස’ මව්පියන් රක්නාලද මෙනම් ඇත්තියට, මෙනම් ඇත්තහුට ධනයෙන් මිලදී ගත් භාර්‍ය්‍යාවක් වෙවයි කියව’යි මෙසේ කියූ වචනය ‘උපාසක මැනවැයි හෝ වේවායි හෝ සැලකරන්නෙමියි හෝ යන යම්කිසි ආකාරයකින් වාග්භෙදකොට හෝ හිස සැලීම් ආදියෙන් හෝ පිළිගණියිද, “වීමංසති” මෙසේ පිළිගෙන ඒ ස්ත්‍රිය වෙත ගොස් ඒ හසුන දන්වාද, “පච්චාහරති” ඔහු විසින් දැන්වූ කල්හි ඒ ස්ත්‍රීතොමෝ ‘මැනවැ’යි පිළිගනීවා හෝ පිළිකෙව් කෙරේවා හෝ ලජ්ජාවෙන් නොබැණ සිටීවා හෝ නැවත අවුත් ඒ පුරුෂයාහට ඒ ප්‍රවෘත්තිය සැලකෙරේද,

එත‍්තාවතා ඉමාය පටිග‍්ගහණාරොචනපච‍්චාහරණසඞ‍්ඛාතාය තිවඞ‍්ගසම‍්පත‍්තියා සඞ‍්ඝාදිසෙසො හොති. සා පන තස‍්ස භරියා හොතු වා මා වා, අකාරණමෙතං. සචෙ පන සො මාතුරක‍්ඛිතාය සන‍්තිකං පෙසිතො තං අදිස‍්වා තස‍්සා මාතුයා තං සාසනං ආරොචෙති, බහිද‍්ධා විමට‍්ඨං නාම හොති, තස‍්මා විසඞ‍්කෙතන‍්ති මහාපදුමත්‍ථෙරො ආහ. මහාසුමත්‍ථෙරො පන මාතා වා හොතු පිතා වා අන‍්තමසො ගෙහදාසීපි අඤ‍්ඤො වාපි යො කොචි තං කිරියං සම‍්පාදෙස‍්සති, තස‍්ස වුත‍්තෙපි විමට‍්ඨං නාම න හොති, තිවඞ‍්ගසම‍්පත‍්තිකාලෙ ආපත‍්තියෙව.

මෙපමණකින් පිළිගැනීම සැලකිරීම නැවත ගෙනඊම නම්වූ මේ අංගතුන පිරීමෙන් සඞ්ඝාදිසෙසය වේ. ඒ ස්ත්‍රී තෙමෝ ඔහුට භාර්‍ය්‍යා වේවා හෝ නොවේවා හෝ යන මෙය කරුණක් නොවේ. ඉදින් ඒ මහණතෙමේ මව විසින් රක්නාලද තැනැත්තිය වෙතට යැවූයේ ඇය නොදැක ඇයගේ මවට ඒ හසුන සැලකෙරේද, පිටතින් විමසුයේවේද, එහෙයින් විසඞ්කෙතයයි මහාපදුම ස්ථවිරයන් වහන්සේ කීහ. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ මව හෝ වේවා, පියා හෝ වේවා, යටත් පිරිසෙයින් ගෙයි දැස්සන් හෝ වේවා, අන් යම්කිසිවෙක් හෝ වේවා, ඒ ක්‍රියාව සම්පාදනය කරන්නේද, ඔහුට කියූ කල්හිද විමසුයේ වේ. තෙඅඟ පිරී සිටි කාලයෙහි ඇවැත් වේමය.

නනු යථා “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති වත‍්තුකාමො විරජ‍්ඣිත්‍වා “ධම‍්මං පච‍්චක‍්ඛාමී”ති වදෙය්‍ය පච‍්චක‍්ඛාතාවස‍්ස සික‍්ඛා. යථා වා “පඨමං ඣානං සමාපජ‍්ජාමී”ති වත‍්තුකාමො විරජ‍්ඣිත්‍වා “දුතියං ඣානං සමාපජ‍්ජාමී”ති වදෙය්‍ය ආපන‍්නොවස‍්ස පාරාජිකං. එවංසම‍්පදමිදන‍්ති ආහ. තං පනෙතං “පටිග‍්ගණ‍්හාති, අන‍්තෙවාසිං වීමංසාපෙත්‍වා අත‍්තනා පච‍්චාහරති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්සා”ති ඉමිනා සමෙති, තස‍්මා සුභාසිතං.

යම්සේ “බුද්ධං පච්චක්‍ඛාමි, කියනු කැමැත්තේ වැරදී ධම්මං පච්චක්‍ඛාමියි කියන්නේ නම් මොහු විසින් ශික්‍ෂාව ප්‍රත්‍යඛ්‍යානය කරන ලද්දීම නොවේද, යම්සේ හෝ ‘පඨමජ්ඣානං සමාපජ්ජාමි’යි කියනු කැමැත්තේ වැරදී දුතියජ්ඣානං, සමාපජ්ජාමියි කියන්නේ නම් පාරාජිකාවට පැමිණියේ වන්නේ නොවේද, මේ කාරණයද එසේයයි කීහ. “ඒ මෙය පිළිගනියි. අතවැස්සෙකු ලවා විමසවා තමා නැවත පිළිතුරු ගෙන ඒද සඞ්ඝාදිසෙසාපත්තියවේය,” යන මෙය හා සමවේ. එහෙයින් සුභාෂිත වේ.

යථා ච “මාතුරක‍්ඛිතං බ්‍රූහී”ති වුත‍්තස‍්ස ගන‍්ත්‍වා තස‍්සා ආරොචෙතුං සමත්‍ථානං මාතාදීනම‍්පි වදතො විසඞ‍්කෙතො නත්‍ථි, එවමෙව “හොහි කිර ඉත්‍ථන‍්නාමස‍්ස භරියා ධනක‍්කීතා”ති වත‍්තබ‍්බෙ “හොහි කිර ඉත්‍ථන‍්නාමස‍්ස භරියා ඡන්‍දවාසිනී”ති එවං පාළියං වුත‍්තෙසු ඡන්‍දවාසිනිආදීසු වචනෙසු අඤ‍්ඤතරවසෙන වා අවුත‍්තෙසුපි “හොහි කිර ඉත්‍ථන‍්නාමස‍්ස භරියා ජායා පජාපති පුත‍්තමාතා ඝරණී ඝරසාමිනී භත‍්තරන්‍ධිකා සුස‍්සූසිකා පරිචාරිකා”තිඑවමාදීසු සංවාසපරිදීපකෙසු වචනෙසු අඤ‍්ඤතරවසෙන වා වදන‍්තස‍්සාපි විසඞ‍්කෙතො නත්‍ථි තිවඞ‍්ගසම‍්පත‍්තියා ආපත‍්තියෙව. “මාතුරක‍්ඛිතං බ්‍රූහී”ති පෙසිතස‍්ස පන ගන‍්ත්‍වා අඤ‍්ඤාසු පිතුරක‍්ඛිතාදීසු අඤ‍්ඤතරං වදන‍්තස‍්ස විසඞ‍්කෙතං. එස නයො “පිතුරක‍්ඛිතං බ්‍රූහී”තිආදීසුපි.

යම්සේ ‘මාතුරක්‍ඛිතාවට කියව’යි කියන ලද්ද, ගොස්, ඇයට දන්වන්නට සමර්‍ත්‍ථ වූ මාතෘආදීන්ට කියන්නට විසඞ්කෙතයක් නැත්තේද, එපරිද්දෙන්ම ‘මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වෙව’යි කියයුත්තෙහි ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා වෙවයි මෙසේ පෙළෙහි කියූ ඡන්‍දවාසිනී ආදි වචනයන් අතුරෙහි එක්තරා එකක් වසයෙන් හෝ පෙළෙහි නොකියන ලද මෙනම් ඇත්තහුට භාර්‍ය්‍යා ජායා ප්‍රජාපති පුත්‍රමාතෘ ගෘහිණී ගෘහස්වාමිනී බත් පිසන්නී මොනවට කීකරුවූවා කාමපරිචාරිකා වෙව’යි මේ ආදී වූ සංවාසපරිදීපකවූ වචන අතුරෙහි එක්තරා එකක වසයෙන් කියන්නහුටද විසඞ්කෙතයක් නැත්තේයයි තෙඅඟ පිරීමෙන් ඇවැත්ම වේ. මාතුරක්‍ඛිතාවට කියවයි යවනු ලැබූ, ගොස් අන්‍යවූ පිතුරක්‍ඛිතාදීන් අතුරෙහි එක්තරා එකියකට කියන්නහුට විසඞ්කෙතය වේ. පිතුරක්‍ඛිතාවට කියව, යනාදියෙහිද මේ නයවේ.

කෙවලඤ‍්හෙත්‍ථ එකමූලකදුමූලකාදිවසෙන “පුරිසස‍්ස මාතා භික‍්ඛුං පහිණති, මාතුරක‍්ඛිතාය මාතා භික‍්ඛුං පහිණතී”ති එවමාදීනං මූලට‍්ඨානඤ‍්ච වසෙන පෙය්‍යාලභෙදොයෙව විසෙසො . සොපි පුබ‍්බෙ වුත‍්තනයත‍්තා පාළිඅනුසාරෙනෙව සක‍්කා ජානිතුන‍්ති නාස‍්ස විභාගං දස‍්සෙතුං ආදරං කරිම‍්හ.

හුදෙක් මෙහි එකමූලික ද්විමූලකාදීන්ගේ වසයෙන් ‘පුරුෂයාගේ මවුතොමෝ මහණෙකු යවයි, මාතුරක්‍ඛිතාවගේ මවුතොමෝ මහණෙකු යවයි, මාතුරක්‍ඛිතාතොමෝ මහණෙකු යවයි යන මේ මූලස්ථානාදීන්ගේ වසයෙන්ද පෙය්‍යාලභෙදයම වෙනස් වේ. ඒද පෙර සඞ්ඝාදිසෙසයෙහි කියූනය ඇති බැවින් පෙළ අනුසරින්ම දැනගන්නට හැක්කේයයි මේ පිළිබඳ විභාගය දක්වන පිණිස ආදරයක් නොකෙළෙමු.

පටිග‍්ගණ‍්හාතීතිආදීසු පන ද‍්වීසු චතුක‍්කෙසු පඨමචතුක‍්කෙ ආදිපදෙන තිවඞ‍්ගසම‍්පත‍්තියා සඞ‍්ඝාදිසෙසො, මජ‍්ඣෙ ද‍්වීහි දුවඞ‍්ගසම‍්පත‍්තියා ථුල‍්ලච‍්චයං, අන‍්තෙ එකෙන එකඞ‍්ගසම‍්පත‍්තියා දුක‍්කටං. දුතියචතුක‍්කෙ ආදිපදෙන දුවඞ‍්ගසම‍්පත‍්තියා ථුල‍්ලච‍්චයං, මජ‍්ඣෙ ද‍්වීහි එකඞ‍්ගසම‍්පත‍්තියා දුක‍්කටං, අන‍්තෙ එකෙන අඞ‍්ගාභාවතො අනාපත‍්ති. තත්‍ථ පටිග‍්ගණ‍්හාතීති ආණාපකස‍්ස සාසනං පටිග‍්ගණ‍්හාති. වීමංසතීති පහිතට‍්ඨානං ගන‍්ත්‍වා තං ආරොචෙති. පච‍්චාහරතීති පුන ආගන‍්ත්‍වා මූලට‍්ඨස‍්ස ආරොචෙති.

“පටිගණ්හාති” යනාදියෙහි වනාහි චතුෂ්ක දෙක අතුරෙහි ප්‍රථම චතුෂ්කයෙහි ආදිපදයෙන් තෙඅඟ පිරීමෙන් සඞ්ඝාදිසෙසය වේ. මද්ධ්‍යයෙහි දෙපදයෙන් දෙඅඟ පිරීමෙන් ථුල්ලච්චය වේ. කෙළවර එක් පදයෙන් එක් අඟක් පිරීමෙන් දුක්කටය වේ. ද්විතීය චතුෂ්කයෙහි ආදිපදයෙන් දෙඅඟ පිරීමෙන් ථුල්ලච්චය වේ. මද්ධ්‍යයෙහි දෙපදයෙන් එක් අඟක් පිරීමෙන් දුක්කටය වේ. කෙළවර එක පදයෙන් අඞ්ගයක් නැති බැවින් සඞ්ඝාදිසෙසාපත්තිය නොවේ. එහි “පටිගණ්හාති” අණකරන්නහුගේ හසුන පිළිගනියි. “වීමංසති” යැවූ තැනට ගොස් එය සැලකරයි. “පච්චාහරති” නැවත අවුත් ඇණවූවහුට දන්වයි.

න පච‍්චාහරතීති ආරොචෙත්‍වා එත‍්තොව පක‍්කමති. පටිග‍්ගණ‍්හාති න වීමංසතීති පුරිසෙන “ඉත්‍ථන‍්නාමං ගන‍්ත්‍වා බ්‍රූහී”ති වුච‍්චමානො “සාධූ”ති තස‍්ස සාසනං පටිග‍්ගණ‍්හිත්‍වා තං පමුස‍්සිත්‍වා වා අප‍්පමුස‍්සිත්‍වා වා අඤ‍්ඤෙන කරණීයෙන තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා කිඤ‍්චිදෙව කථං කථෙන‍්තො නිසීදති, එත‍්තාවතා “පටිග‍්ගණ‍්හාති න වීමංසති නාමා”ති වුච‍්චති. අථ නං සා ඉත්‍ථී සයමෙව වදති “තුම‍්හාකං කිර උපට‍්ඨාකො මං ගෙහෙ කාතුකාමො”ති එවං වත්‍වා ච “අහං තස‍්ස භරියා භවිස‍්සාමී”ති වා “න භවිස‍්සාමී”ති වා වදති. සො තස‍්සා වචනං අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා තුණ‍්හීභූතොව උට‍්ඨායාසනා තස‍්ස පුරිසස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙති, එත‍්තාවතා “න වීමංසති පච‍්චාහරති නාමා”ති වුච‍්චති. න වීමංසති න පච‍්චාහරතීති කෙවලං සාසනාරොචනකාලෙ පටිග‍්ගණ‍්හාතියෙව, ඉතරං පන ද‍්වයං න කරොති.

“න පච්චාහරති” දන්වා මෙදෙසින්ම යන්නේය. “න විමංසති පච්චාහරති” පුරුෂයා විසින් ‘මෙනම් ඇත්තියට කියවයි කියනු ලබන්නේ මැනවැයි ඔහුගේ හසුන පිළිගෙන එය මැනව හෝ නොමුළාව හෝ අන් කටයුත්තකින් ඇය වෙතට ගොස් කිසියම් කථාවක් කියමින් හිඳීද මෙමණකින් පිළිගනියි. නොවිමසා නම්වේයයි කියනු ලැබේ. එකල ඒ මහණහුට ඒ ස්ත්‍රී තොමෝම ‘ඔබවහන්සේගේ උපස්ථායකතෙමේ මාගෙයි කරනු කැමැත්තේදැයි කියාද, මෙසේ කියාම ‘මම ඔහුට භාර්‍ය්‍යා වන්නෙමියි හෝ නොවන්නෙමියි හෝ කියාද, ඒ මහණතෙමේ ඇයගේ වචනය නොසතුටුව නොගරහා පිළිකෙව් නොකොට නිහඬවම හුනස්නෙන් නැගිට ඒ පුරුෂයා වෙතට අවුත් ඒ පුවත දන්වාද, මෙපමණකින් නොවිමසයි. නැවත ගෙන ඒයයි කියනු ලැබේ. “න වීමංසති න පච්චාහරති” හුදෙක් හසුන දන්වන කාලයෙහි පිළිගැණීමද විමසීම් නැවත ගෙනඊම් දෙක නොකෙරෙයි.

න පටිග‍්ගණ‍්හාති වීමංසති පච‍්චාහරතීති කොචි පුරිසො භික‍්ඛුස‍්ස ඨිතට‍්ඨානෙ වා නිසින‍්නට‍්ඨානෙ වා තථාරූපිං කථං කථෙති, භික‍්ඛු තෙන අප‍්පහිතොපි පහිතො විය හුත්‍වා ඉත්‍ථියා සන‍්තිකං ගන‍්ත්‍වා “හොහි කිර ඉත්‍ථන‍්නාමස‍්ස භරියා”තිආදිනා නයෙන වීමංසිත්‍වා තස‍්සා රුචිං වා අරුචිං වා පුන ආගන‍්ත්‍වා ඉමස‍්ස ආරොචෙති. තෙනෙව නයෙන වීමංසිත්‍වා අපච‍්චාහරන‍්තො “න පටිග‍්ගණ‍්හාති වීමංසති න පච‍්චාහරතී”ති වුච‍්චති. තෙනෙව නයෙන ගතො අවීමංසිත්‍වා තාය සමුට‍්ඨාපිතං කථං සුත්‍වා පඨමචතුක‍්කස‍්ස තතියපදෙ වුත‍්තනයෙන ආගන‍්ත්‍වා ඉමස‍්ස ආරොචෙන‍්තො “න පටිග‍්ගණ‍්හාති න වීමංසති පච‍්චාහරතී”ති වුච‍්චති. චතුත්‍ථපදං පාකටමෙව.

“න පතිගණ්හාති වීමංසති පච්චාභරති” කිසි පුරුෂයෙක් මහණහු සිටි තැන හෝ හුන් තැන හෝ එබඳු කථාවක් කෙරේද, මහණතෙමේ ඔහු විසින් නොයැවූයේද යැවූවෙකු මෙන්ම ස්ත්‍රිය වෙතට ගොස් ‘මෙනම් ඇත්තහුට භාර්‍ය්‍යාවේවයි යනාදිනයින් විමසා ඇයගේ කැමැත්ත හෝ නොකැමැන්ත නැවත අවුත් මොහුට දන්වාද, ඒ නයින්ම විමසා නැවත නොගෙනෙන්නේ ‘නොපිළිගනියි විමසයි. නැවත නොගෙනේයි කියනු ලැබේ. එනයින්ම ගියේ නොවිමසා ඇය විසින් ඉපදවූ කථාවක් අසා ප්‍රථම චතුෂ්කයෙහි තෙවන පදයෙහි කියූ නයින්ම අවුත් මොහුට දන්වන්නේ ‘නොපිළිගණයි, නොවිමසයි, නැවත ගෙන ඒයයි කියනු ලැබේ. සිවුවන පදය ප්‍රකටමය.

සම‍්බහුලෙ භික‍්ඛූ ආණාපෙතීතිආදිනයා පාකටායෙව. යථා පන සම‍්බහුලාපි එකවත්‍ථුම‍්හි ආපජ‍්ජන‍්ති, එවං එකස‍්සපි සම‍්බහුලවත්‍ථූසු සම‍්බහුලා ආපත‍්තියො වෙදිතබ‍්බා. කථං? පුරිසො භික‍්ඛුං ආණාපෙති “ගච‍්ඡ, භන‍්තෙ, අසුකස‍්මිං නාම පාසාදෙ සට‍්ඨිමත‍්තා වා සත‍්තතිමත‍්තා වා ඉත්‍ථියො ඨිතා තා වදෙහි, හොථ කිර ඉත්‍ථන‍්නාමස‍්ස භරියායො”ති. සො සම‍්පටිච‍්ඡිත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා ආරොචෙත්‍වා පුන තං සාසනං පච‍්චාහරති. යත‍්තකා ඉත්‍ථියො තත‍්තකා ආපත‍්තියො ආපජ‍්ජති. වුත‍්තඤ‍්හෙතං පරිවාරෙපි –

“සම්බහුලෙ භික්‍ඛු ආණාපෙති” මේ ආදි නය ප්‍රකටමය. බොහෝ භික්‍ෂූහුද යම්සේ එක් වස්තුවක් ඇවතට පැමිණෙත්ද, එසේ එක් මහණෙක්හටද බොහෝ වස්තූන්හි බොහෝ ඇවැත් දතයුතුය. කෙසේදයත් පුරුෂයෙක් තෙමේ ‘ස්වාමීනි, යනු මැනව, අසුවල් පහයෙහි සැටක් පමණ වූ හෝ සැත්තෑවක් පමණවූ හෝ ස්ත්‍රීහු සිටියාහුය. මෙනම් ඇත්තහුට භාර්‍ය්‍යා වෙවයි ඔවුනට කියවයි මහණක්හට අණ කෙරේ. හෙතෙමේ පිළිගෙණ එහි ගොස් දන්වා නැවත ඒ හසුන ගෙන ඒද, යම් පමණ ස්ත්‍රීහු වෙත්නම් එපමණ ආපත්තීන්ට පැමිණේ, පරිවාරයෙහි වෙයි:-

“පදවීතිහාරමත‍්තෙන, වාචාය භණිතෙන ච; සබ‍්බානි ගරුකානි සප‍්පටිකම‍්මානි; චතුසට‍්ඨි ආපත‍්තියො ආපජ‍්ජෙය්‍ය එකතො; පඤ‍්හාමෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 480);

“පදවීතිහාරමත්තෙන වාචාය භණිතෙනච සබ්බානි ගරුකානි සප්පටිකම්මානි චතුසට්ඨි ආපත්තියො ආපජ්ජෙය්‍ය එකතො පඤ්හාමෙසා කුසලෙහි වින්තිතාති” කියන ලදී.

පදවීතිහාර මාත්‍රයෙන්ද වචනයෙන් බිණීමෙන්ද ගරුකවූ ප්‍රතිකර්‍මසහිතවූ සියලු සූසැටක් ආපත්තීන්ට එක්වර පැමිණෙන්නේය. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතන ලදී.

ඉමං කිර අත්‍ථවසං පටිච‍්ච අයං පඤ‍්හො වුත‍්තො. වචනසිලිට‍්ඨතාය චෙත්‍ථ “චතුසට‍්ඨි ආපත‍්තියො”ති වුත‍්තං. එවං කරොන‍්තො පන සතම‍්පි සහස‍්සම‍්පි ආපජ‍්ජතීති. යථා ච එකෙන පෙසිතස‍්ස එකස‍්ස සම‍්බහුලාසු ඉත්‍ථීසු සම‍්බහුලා ආපත‍්තියො, එවං එකො පුරිසො සම‍්බහුලෙ භික‍්ඛූ එකිස‍්සා සන‍්තිකං පෙසෙති, සබ‍්බෙසං සඞ‍්ඝාදිසෙසො. එකො සම‍්බහුලෙ භික‍්ඛූ සම‍්බහුලානං ඉත්‍ථීනං සන‍්තිකං පෙසෙති, ඉත්‍ථිගණනාය සඞ‍්ඝාදිසෙසා. සම‍්බහුලා පුරිසා එකං භික‍්ඛුං එකිස‍්සා සන‍්තිකං පෙසෙන‍්ති, පුරිසගණනාය සඞ‍්ඝාදිසෙසා. සම‍්බහුලා එකං සම‍්බහුලානං ඉත්‍ථීනං සන‍්තිකං පෙසෙන‍්ති, වත්‍ථුගණනාය සඞ‍්ඝාදිසෙසා. සම‍්බහුලා සම‍්බහුලෙ එකිස‍්සා සන‍්තිකං පෙසෙන‍්ති, වත්‍ථුගණනාය සඞ‍්ඝාදිසෙසා. සම‍්බහුලා පුරිසා සම‍්බහුලෙ භික‍්ඛූ සම‍්බහුලානං ඉත්‍ථීනං සන‍්තිකං පෙසෙන‍්ති, වත්‍ථුගණනාය සඞ‍්ඝාදිසෙසා. එස නයො “එකා ඉත්‍ථී එකං භික‍්ඛු”න‍්තිආදීසුපි. එත්‍ථ ච සභාගවිභාගතා නාම අප‍්පමාණං, මාතාපිතුනම‍්පි පඤ‍්චසහධම‍්මිකානම‍්පි සඤ‍්චරිත‍්තකම‍්මං කරොන‍්තස‍්ස ආපත‍්තියෙව.

මේ කාරණය නිසා මේ ප්‍රශ්නය කියන ලදී. වදන් සිලුටුබව පිණිස මෙහි සූසැටක් ඇවැත්යි කියනලදී. මෙසේ කරන්නේ ඇවැත් සියයකටද දහසකටද පැමිණේ. එකෙකු විසින් යැවූ එක් මහණෙක්හට බොහෝ ස්ත්‍රීන් නිමිතිකොට බොහෝ ඇවැත් යම්සේවේද, එසේ එක් පුරුෂයෙක් තෙමේ බොහෝ මහණුන් එක් ස්ත්‍රියක වෙත යවාද, සියල්ලන්ට සඞ්ඝාදිසෙසය වේ. එක් පුරුෂයෙක් බොහෝ මහණුන් බොහෝ ස්ත්‍රීන් වෙත යවාද, ස්ත්‍රීන්ගේ ගණනින් සඞ්ඝාදිසෙස වේ. බොහෝ පුරුෂයෝ එක් මහණෙකු එක් ස්ත්‍රියක වෙත යවත්ද, පුරුෂයන්ගේ ගණනින් සඞ්ඝාදිසෙස වේ. බොහෝ පුරුෂයෝ එක් මහණෙකු බොහෝ ස්ත්‍රීන් වෙත යවත්ද, ස්ත්‍රී පුරුෂයන්ගේ සමවැයි කියූ වස්තු ගණනින් සඞ්ඝාදිසෙස වේ. බොහෝ පුරුෂයෝ බොහෝ මහණුන් එක් ස්ත්‍රියක වෙත යවත්ද, පුරුෂයන්ගේ ගණනින් සඞ්ඝාදිසෙස වේ. බොහෝ පුරුෂයෝ බොහෝ මහණුන් බොහෝ ස්ත්‍රීන් වෙත යවත්ද වස්තු ගණනින් සඞ්ඝාදිසෙස වේ. “එකා ඉත්‍ථි එකං භික්‍ඛුං” යනාදි තන්හි මේ නයවේ. මෙහිදු සභාග විසභාගතාව නම් ප්‍රමාණ නොවේ. මවුපියන්ගේද පස්සහදැමියන්ගේද සඤ්චරිත්ත කර්‍මය කරන්නහුට ඇවැත්මය.

පුරිසො භික‍්ඛුං ආණාපෙති ගච‍්ඡ භන‍්තෙති චතුක‍්කං අඞ‍්ගවසෙන ආපත‍්තිභෙද දස‍්සනත්‍ථං වුත‍්තං. තස‍්ස පච‍්ඡිමපදෙ අන‍්තෙවාසී වීමංසිත්‍වා බහිද‍්ධා පච‍්චාහරතීති ආගන‍්ත්‍වා ආචරියස‍්ස අනාරොචෙත්‍වා එත‍්තොව ගන‍්ත්‍වා තස‍්ස පුරිසස‍්ස ආරොචෙති. ආපත‍්ති උභින‍්නං ථුල‍්ලච‍්චයස‍්සාති ආචරියස‍්ස පටිග‍්ගහිතත‍්තා ච වීමංසාපිතත‍්තා ච ද‍්වීහඞ‍්ගෙහි ථුල‍්ලච‍්චයං, අන‍්තෙවාසිකස‍්ස වීමංසිතත‍්තා ච පච‍්චාහටත‍්තා ච ද‍්වීහඞ‍්ගෙහි ථුල‍්ලච‍්චයං. සෙසං පාකටමෙව.

“පුරිසො භික්‍ඛුං ආණපෙති ගච්ඡ භන්තෙ” යන චතුෂ්ක අඞ්ග වසයෙන් ආපත්තිභෙදය දැක්වීම පිණිස වදාරන ලදී. ඒ චතුෂ්කයෙහි පසු පදයෙහි “අන්තෙවාසිං වීමංසිත්‍වා බහිද්ධා පච්චාහරති” යන්නෙහි අවුත් ඇදුරුහට නොදන්වා මෙයින්ම ගොස් ඒ පුරුෂයාහට දන්වයි. “ආපත්ති උභින්නං ථුල්ලච්චයස්ස” ඇදුරුහට පිළිගත් බැවින්ද, විමසූ බැවින්ද යන දෙඅඟින් ථුල්ලච්චය වේ. අතවැසියාහට විමසූ බැවින්ද පසුව ගෙන ආබැවින්ද යන දෙඅඟින් ථුල්ලච්චය වේ. සෙස්ස ප්‍රකටමය.

ගච‍්ඡන‍්තො සම‍්පාදෙතීති පටිග‍්ගණ‍්හාති චෙව වීමංසති ච. ආගච‍්ඡන‍්තො විසංවාදෙතීති න පච‍්චාහරති. ගච‍්ඡන‍්තො විසංවාදෙතීති න පටිග‍්ගණ‍්හාති. ආගච‍්ඡන‍්තො සම‍්පාදෙතීති වීමංසති චෙව පච‍්චාහරති ච. එවං උභයත්‍ථ ද‍්වීහඞ‍්ගෙහි ථුල‍්ලච‍්චයං. තතියපදෙ ආපත‍්ති, චතුත්‍ථෙ අනාපත‍්ති.

“ගච්ඡන්තො සම්පාදෙහි” පිළිගැනීම ද කරයි. විමසීමද කරයි. “ආගච්ඡන්තො විසංවාදෙති” යනු පෙරළා නොගෙනේයි. “ගච්ඡන්තා විසංවාදෙති” යනු නොපිළිගනියි. “ආගච්ඡන්තො සම්පාදෙති” විමසීමද කරයි. පෙරළා ගෙනඊමද කරයි. මෙසේ දෙතන්හිලා දෙඅඟින් ථුල්ලච්චය වේ. තෙවන පදයෙහිලා ඇවැත් වේ. සිවුවන පදයෙහිලා ඇවැත් නොවේ.

අනාපත‍්ති සඞ‍්ඝස‍්ස වා චෙතියස‍්ස වා ගිලානස‍්ස වා කරණීයෙන ගච‍්ඡති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති එත්‍ථ භික‍්ඛුසඞ‍්ඝස‍්ස උපොසථාගාරං වා කිඤ‍්චි වා විප‍්පකතං හොති. තත්‍ථ කාරුකානං භත‍්තවෙතනත්‍ථාය උපාසකො වා උපාසිකාය සන‍්තිකං භික‍්ඛුං පහිණෙය්‍ය, උංපාසිකා වා උපාසකස‍්ස, එවරූපෙන සඞ‍්ඝස‍්ස කරණීයෙන ගච‍්ඡන‍්තස‍්ස අනාපත‍්ති. චෙතියකම‍්මෙ කයිරමානෙපි එසෙව නයො. ගිලානස‍්ස භෙසජ‍්ජත්‍ථායපි උපාසකෙන වා උපාසිකාය සන‍්තිකං උපාසිකාය වා උපාසකස‍්ස සන‍්තිකං පහිතස‍්ස ගච‍්ඡතො අනාපත‍්ති. උම‍්මත‍්තකආදිකම‍්මිකා වුත‍්තනයා එව.

“අනාපත්ති සඞ්ඝස්ස වා චෙතියස්ස වා ගිලානස්ස වා කරණීයෙන ගච්ඡතො උම්මත්තකස්ස ආදිකම්මිකස්ස” යන මෙහි භික්‍ෂු සඞ්ඝයාගේ පොහෝගෙයක් හෝ අන්කිසිවක් හෝ අඩාළ වූවේද, එහි කම්කරුවන්ට බත්වැටුප් පිණිස උපාසකයෙක් හෝ උපාසිකාවක වෙත මහණෙකු යවන්නේ නම් උපාසිකාවක් හෝ උපාසකයෙකු වෙත මහණෙකු යවන්නී නම් මෙබඳු වූ සඞ්ඝයා පිළිබඳ කටයුත්තකින් යන්නහුට ඇවැත් නොවේ. සෑකම් කරනු ලබන කල්හිද මෙම නයවේ. ගිලනුන්හට බෙහෙත් පිණිසද උපාසකයකු විසින් උපාසිකාවක වෙතට හෝ උපාසිකාවක විසින් උපාසකයෙකු වෙතට හෝ යවනු ලැබ යන්නහුට ඇවැත් නොවේ. උන්මත්තක ආදිකර්මිකයෝ කියූ නය ඇත්තාහුමය.

පදභාජනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං ඡසමුට‍්ඨානං, සීසුක‍්ඛිපනාදිනා කායවිකාරෙන සාසනං ගහෙත්‍වා ගන‍්ත්‍වා හත්‍ථමුද‍්දාය වීමංසිත්‍වා පුන ආගන‍්ත්‍වා හත්‍ථමුද‍්දාය එව ආරොචෙන‍්තස‍්ස කායතො සමුට‍්ඨාති. ආසනසාලාය නිසින‍්නස‍්ස “ඉත්‍ථන‍්නාමා ආගමිස‍්සති, තස‍්සා චිත‍්තං ජානෙය්‍යාථා”ති කෙනචි වුත‍්තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තං ආගතං වත්‍වා තස‍්සා ගතාය පුන තස‍්මිං පුරිසෙ ආගතෙ ආරොචෙන‍්තස‍්ස වාචතො සමුට‍්ඨාති. වාචාය “සාධූ”ති සාසනං ගහෙත්‍වා අඤ‍්ඤෙන කරණීයෙන තස‍්සා ඝරං ගන‍්ත්‍වා අඤ‍්ඤත්‍ථ වා ගමනකාලෙ තං දිස‍්වා වචීභෙදෙනෙව වීමංසිත්‍වා පුන අඤ‍්ඤෙනෙව කරණීයෙන තතො අපක‍්කම‍්ම කදාචිදෙව තං පුරිසං දිස‍්වා ආරොචෙන‍්තස‍්සාපි වාචතොව සමුට‍්ඨාති. පණ‍්ණත‍්තිං අජානන‍්තස‍්ස පන ඛීණාසවස‍්සාපි කායවාචතො සමුට‍්ඨාති. කථං? සචෙ හිස‍්ස මාතාපිතරො කුජ‍්ඣිත්‍වා අලංවචනීයා හොන‍්ති, තඤ‍්ච භික‍්ඛුං ඝරං උපගතං ථෙරපිතා වදති “මාතා තෙ තාත මං මහල‍්ලකං ඡඩ‍්ඩෙත්‍වා ඤාතිකුලං ගතා, ගච‍්ඡ තං මං උපට‍්ඨාතුං පෙසෙහී”ති. සො චෙ ගන‍්ත්‍වා තං වත්‍වා පුන පිතුනො තස‍්සා ආගමනං වා අනාගමනං වා ආරොචෙති, සඞ‍්ඝාදිසෙසො. ඉමානි තීණි අචිත‍්තකසමුට‍්ඨානානි.

සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ඡසමුට්ඨාන වේ. හිස එසවීම් ආදීවූ කායවිකාරයෙන් හසුන ගෙනගොස් හස්තමුද්‍රාවෙන් විමසා නැවත අවුත් හස්තමුද්‍රාවෙන්ම සැලකරන්නහුට කයින් සමුට්ඨානය වේ. අසුන් හලෙහි සිටිකෙනෙකුහට ‘මෙනම් ඇත්තිය එන්නීය, ඇයගේ සිත දැන ගනු මැනවැයි කිසිවෙකු විසින් කියන ලද්දේ මැනවැ’යි පිළිගෙණ පැමිණ ඇයට කියා ඇය ගිය කල්හි නැවත ඒ පුරුෂයා පැමිණි කල්හි සැලකරන්නහුට වචනයෙන් සමුට්ඨානය වේ. වචනයෙන් ‘මැනව’යි හසුන ගෙන අන් කටයුත්තකින් ඇයගේ ගෙට ගොස් අන් තැනක හෝ යනකල්හි ඇය දැක වාග්භෙදයෙන්ම විමසා නැවත අන් කටයුත්තකින්ම එයින් බැහැරව කවදා හෝ ඒ පුරුෂයා දැක සැලකරන්නහුටද වචනයෙන්ම සමුට්ඨානය වේ. ප්‍රඥප්තිය නොදන්නා රහත් මහණහටද කය-වචන දෙකින් ඇවැත හටගනියි. කෙසේදයත් ඉදින් ඔහුගේ මවුපියෝ කිපී සම්බන්‍ධ කරන්නෙකුගේ වචනයක් නැතිව එකතු නොවන්නාහු වෙත්ද, ගෙට පැමිණ ඒ මහණහුට තෙරුන්ගේ පියතෙමේ, ‘පින්වත’ ඔබගේ මවුතොමෝ මහලු වූ මා හැරදමා නෑකුලයට ගියාය යන්න, මට උපස්ථාන කරන්නට ඇය පිටත්කර එවනු මැනවැයි කියාද, ඒ ස්ථවිරතෙමේ එහි ගොස් එය කියා නැවත ඇයගේ ඊම හෝ නොඊම පියාට කියාද, සඞ්ඝාදිසෙසය වේ. මේ තුන අචිත්තකසමුට්ඨානයි.

පණ‍්ණත‍්තිං පන ජානිත්‍වා එතෙහෙව තීහි නයෙහි සඤ‍්චරිත‍්තං සමාපජ‍්ජතො කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති. ඉමානි තීණි පණ‍්ණත‍්තිජානනචිත‍්තෙන සචිත‍්තකසමුට‍්ඨානානි. කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, කුසලාදිවසෙන චෙත්‍ථ තීණි චිත‍්තානි, සුඛාදිවසෙන තිස‍්සො වෙදනාති.

ප්‍රඥප්තිය දැන මේ තුන් නයින්ම සඤ්චරිත්තයට පැමිණෙන මහණහුට කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද ඇවැත හටගනියි. මේ තුන, ප්‍රඥප්තිය දන්නා සිතින් සවිත්තකසමුට්ඨාන වේ. කිරීමෙන් පැමිණිය යුතු බැවින් කිරියාසමුට්ඨානයි. ව්‍යතික්‍රම සංඥාවෙහි අභාවයෙන් නොමිදෙන බැවින් නොසංඥා විමොක්‍ෂයි. ප්‍රඥප්තියෙහි හැසිරිය යුතුයයි නියම හෙයින් ප්‍රඥප්තිවද්‍යය කයින් කටයුතු බැවින් කායකර්‍මයි. වාග්භෙදකොට බිණිය යුතු බැවින් වාක්කර්‍මයි. මේ ශික්‍ෂාපදයෙහිලා කුශලාදි වශයෙන්ද තෙසිතක් ඇත්තේය. සුඛාදි වසයෙන් වෙදනා තුනකි.

විනීතවත්‍ථූසු ආදිතො වත්‍ථුපඤ‍්චකෙ පටිග‍්ගහිතමත‍්තත‍්තා දුක‍්කටං.

විනීතවස්තූන් අතුරෙහි සුත්තා යනාදීන් දක්වනලද ආදියෙහිවූ වස්තුපඤ්චකයෙහි පිළිගත් පමණ ඇති බැවින් දුක්කටය වේ.

කලහවත්‍ථුස‍්මිං සම‍්මොදනීයං අකාසීති තං සඤ‍්ඤාපෙත්‍වා පුන ගෙහගමනීයං අකාසි. නාලංවචනීයාති න පරිච‍්චත‍්තාති අත්‍ථො. යා හි යථා යථා යෙසු යෙසු ජනපදෙසු පරිච‍්චත‍්තා පරිච‍්චත‍්තාව හොති, භරියාභාවං අතික‍්කමති, අයං “අලංවචනීයා”ති වුච‍්චති. එසා පන න අලංවචනීයා කෙනචිදෙව කාරණෙන කලහං කත්‍වා ගතා, තෙනෙවෙත්‍ථ භගවා “අනාපත‍්තී”ති ආහ. යස‍්මා පන කායසංසග‍්ගෙ යක‍්ඛියා ථුල‍්ලච‍්චයං වුත‍්තං, තස‍්මා දුට‍්ඨුල‍්ලාදීසුපි යක‍්ඛිපෙතියො ථුල‍්ලච‍්චයවත්‍ථුමෙවාති වෙදිතබ‍්බා. අට‍්ඨකථාසු පනෙතං න විචාරිතං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

කලහ වස්තු වෙහි “සම්මොදනීයං අකාසි” ඇයට හඟවා නැවත ගෙට යායුත්තක් කළේය. “නාලං වචනීයා” අත් නොහරන ලදය යන අර්‍ත්‍ථයි. යම් ස්ත්‍රියක් තොමෝ යම් යම් ලෙසකින් යම් යම් ජනපදයන්හි හරන ලද්දීමවේද, භාර්‍ය්‍යාභාවය ඉක්මවාද, මෝතොමෝ අලංවචනීයා හෙවත් සම්බන්‍ධ කරන්නෙකුගේ වචනයක් නොලැබ එකතු නොවන්නීයයි කියනු ලැබේ. මෝතොමේ වනාහි අලංවචනීයා නොවේ. ඕතොමෝ කිසි කරුණකින් කලහකොට ගියාය. එහෙයින්ම මෙහිලා අනාපත්තියි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. යම්හෙයකින් වනාහි කායසංසර්‍ගයෙහි යකිනිය නිමිතිකොට ථුල්ලච්චය වදාරන ලද්දේ ද, එහෙයින් දුට්ඨුල්ලාදීන් විෂයයෙහිද යක්‍ෂිනී ප්‍රේතියෝ ථුල්ලච්චය වස්තුමැයි දතයුත්තාහ. අර්‍ත්‍ථකථාවන්හි මෙය නොවිචාරණ ලදය. සෙස්ස සියලු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සඤ‍්චරිත‍්තසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

සඤ්චරිත්ත ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.