යෙදුමෙන් කියවන්න

දුට‍්ඨුල‍්ලවාචාසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

දුට‍්ඨුල‍්ලවාචාසික‍්ඛාපදවණ‍්ණනා

දුට්ඨුල්ලවාචා ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති දුට‍්ඨුල‍්ලවාචාසික‍්ඛාපදං. තත්‍ථ ආදිස‍්සාති අපදිසිත්‍වා. වණ‍්ණම‍්පි භණතීතිආදීනි පරතො ආවි භවිස‍්සන‍්ති. ඡින‍්නිකාති ඡින‍්නඔත‍්තප‍්පා. ධුත‍්තිකාති සඨා. අහිරිකායොති නිල‍්ලජ‍්ජා . උහසන‍්තීති සිතං කත්‍වා මන්‍දහසිතං හසන‍්ති. උල‍්ලපන‍්තීති “අහො අය්‍යො”තිආදිනා නයෙන උච‍්චකරණිං නානාවිධං පලොභනකථං කථෙන‍්ති. උජ‍්ජග‍්ඝන‍්තීති මහාහසිතං හසන‍්ති. උප‍්පණ‍්ඩෙන‍්තීති “පණ‍්ඩකො අයං, නායං පුරිසො”තිආදිනා නයෙන පරිහාසං කරොන‍්ති.

“තෙන සමයෙන බුද්ධො භගවා” යනාදිය දුට්ඨුල්ලවාචා ශික්‍ෂාපදයයි. එහි “ආදිස්ස” දක්වා “වණ්ණම්පි හණති” යනාදීහු ඉදිරියෙහි ප්‍රකාශ වන්නාහුය. “ඡින්නිකා” සිඳුනු ඔතප් ඇතියෝය. “ධුත්තිකා” කපට පැවැතුම් ඇතියෝය. “අහිරිකායො” ලජ්ජා නැතියෝය. “ඌහසන්ති” සිනහකොට, මද සිනාවෙන් සිනාසෙත්. “උල්ලපන්ති” ආර්‍ය්‍යතෙමේ යෙහෙකැයි ආදිනයින් උසස් කරන නන්වැදෑරුම් වූ පොළොඹවන කථා කියත්. “උජ්ජග්ඝන්ති” මහසිනාවෙන් සිනාසෙත්. “උප්පණ්ඩෙන්ති” මේ තෙමේ පණ්ඩකයෙකි. මෙතෙමේ පුරුෂයෙක් නොවේයි යනාදි නයින් නින්දා කරෙත්.

සාරත‍්තොති දුට‍්ඨුල‍්ලවාචස‍්සාදරාගෙන සාරත‍්තො. අපෙක‍්ඛවා පටිබද‍්ධචිත‍්තොති වුත‍්තනයමෙව, කෙවලං ඉධ වාචස‍්සාදරාගො යොජෙතබ‍්බො. මාතුගාමං දුට‍්ඨුල‍්ලාහි වාචාහීති එත්‍ථ අධිප‍්පෙතං මාතුගාමං දස‍්සෙන‍්තො “මාතුගාමො”තිආදිමාහ. තත්‍ථ විඤ‍්ඤූ පටිබලා සුභාසිතදුබ‍්භාසිතං දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආජානිතුන‍්ති යා පණ‍්ඩිතා සාත්‍ථකනිරත්‍ථකකථං අසද‍්ධම‍්මසද‍්ධම‍්මපටිසංයුත‍්තකථඤ‍්ච ජානිතුං පටිබලා, අයං ඉධ අධිප‍්පෙතා. යා පන මහල‍්ලිකාපි බාලා එලමූගා අයං ඉධ අනධිප‍්පෙතාති දස‍්සෙති.

“සාරත්තො” දුට්ටුල්ලවාචාස්වාද රාගයෙන් තදින් ඇලුනේය. “අපෙක්‍ඛවා පටිබද්ධචිත්තො” කියනලද නයමය. හුදෙක් මෙහි වාචාස්වාදරාගය යෙදිය යුතුය. “මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි” මෙහි අභිමත වූ මාගම දක්වනසේක් “මාතුගාමො” යනාදිය වදාළ සේක. එහි “විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්හාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං” යම් ස්ත්‍රියක් තොමෝ නුවණැත්තී සාර්‍ත්‍ථකනිරර්‍ත්‍ථකකථා අසධර්‍ම සද්ධර්‍ම ප්‍රතිසංයුක්ත කථා දැනගන්නට ප්‍රබල වූවාද මෝතොමෝ මෙහි අදහස් කරන ලදී. යම් ස්ත්‍රියක් තොමෝ මහලුද බාලද කෙළතොලුද මෝ මෙහි අදහස් නොකරන ලදැයි දක්වයි.

ඔභාසෙය්‍යාති අවභාසෙය්‍ය නානාප‍්පකාරකං අසද‍්ධම‍්මවචනං වදෙය්‍ය. යස‍්මා පනෙවං ඔභාසන‍්තස‍්ස යො සො ඔභාසො නාම, සො අත්‍ථතො අජ‍්ඣාචාරො හොති රාගවසෙන අභිභවිත්‍වා සඤ‍්ඤමවෙලං ආචාරො, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “ඔභාසෙය්‍යාති අජ‍්ඣාචාරො වුච‍්චතී”ති ආහ. යථා තන‍්ති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං, යථා යුවා යුවතින‍්ති අත්‍ථො.

“ඔභාසෙය්‍ය” අවමන්කොට කියන්නේය. නන්වැදෑරුම් වූ අසද්ධර්‍මවචන කියන්නේය. යම්හෙයකින් මෙසේ අවමන් වචන කියන්නහුගේ යම් ඔභාසයෙක් නම් වේද, එය අර්‍ත්‍ථ වශයෙන් අද්ධ්‍යාචාරය වේ. රාගවසයෙන් අභිභවනයකොට සංයමයෙහි සීමාව ඉක්මවීම අද්ධ්‍යාචාර නම. එහෙයින් ඒ අර්‍ත්‍ථය දක්වනසේක් “ඔභාසෙය්‍යාති අජ්ඣාචාරො වුච්චති” යනු වදාළ සේක. “යථා තං” මෙහි “තං” යනු නිපාත මාත්‍රයි. තරුණයෙක් තරුණියකට යම්සේ කියාද, එසේය යන අර්‍ත්‍ථයි.

ද‍්වෙ මග‍්ගෙ ආදිස‍්සාතිආදි යෙනාකාරෙන ඔභාසතො සඞ‍්ඝාදිසෙසො හොති, තං දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ ද‍්වෙ මග‍්ගෙති වච‍්චමග‍්ගඤ‍්ච පස‍්සාවමග‍්ගඤ‍්ච. සෙසං උද‍්දෙසෙ තාව පාකටමෙව. නිද‍්දෙසෙ පන ථොමෙතීති “ඉත්‍ථිලක‍්ඛණෙන සුභලක‍්ඛණෙන සමන‍්නාගතාසී”ති වදති, න තාව සීසං එති. “තව වච‍්චමග‍්ගො ච පස‍්සාවමග‍්ගො ච ඊදිසො තෙන නාම ඊදිසෙන ඉත්‍ථිලක‍්ඛණෙන සුභලක‍්ඛණෙන සමන‍්නාගතාසී”ති වදති, සීසං එති, සඞ‍්ඝාදිසෙසො. වණ‍්ණෙති පසංසතීති ඉමානි පන ථොමනපදස‍්සෙව වෙවචනානි.

“ද්වෙ මග්ගෙ ආදිස්ස” යන මේ ආදී යම් අයුරකින් බණන්නහුට සඞ්ඝාදිසෙසයෙක් වේද, එය දක්වන්නට කියනලදී. එහි “ද්වෙ මග්ගෙ” වසුරුමග හා පසමගද යන දෙමගය. සෙස්ස උදෙසීමෙන්ම ප්‍රකටමය. නිර්‍දෙශයෙහි වනාහි “ථොමෙති” ස්ත්‍රී ලක්‍ෂණයෙන්, ශුභ ලක්‍ෂණයෙන් යුක්තවූවා මෙහියි කියාද, ඒතාක් කෙළවරට නොපැමිණේ. ‘තීගේ වසුරුමගද පසමගද මෙබඳුය. එනම් වූ මෙබදු වූ ස්ත්‍රීලක්‍ෂණයෙන් ශුභලක්‍ෂණයෙන් යුක්තවූවා වෙහියි කියාද, කෙළවරට පැමිණේ. සඞ්ඝාදිසෙසය වේ. “වණ්ණෙති පසංසති” මේ පද ප්‍රශංසාපදවල වෙවචන වෙයි.

ඛුංසෙතීති වාචාපතොදෙන ඝට‍්ටෙති. වම‍්භෙතීති අපසාදෙති. ගරහතීති දොසං දෙති. පරතො පන පාළියා ආගතෙහි “අනිමිත‍්තාසී”තිආදීහි එකාදසහි පදෙහි අඝටිතෙ සීසං න එති, ඝටිතෙපි තෙසු සිඛරණීසි සම‍්භින‍්නාසි උභතොබ්‍යඤ‍්ජනාසීති ඉමෙහි තීහි ඝටිතෙයෙව සඞ‍්ඝාදිසෙසො.

“ඛුංසෙති” වචන නැමැති කැවිටින් ගටයි. “වම්හෙති” අවමන් කෙරෙයි. “ගරහති” දොස් දක්වයි. ඉදිරියෙහි පෙළෙහි ආ “අනිමිත්තාසි” යනාදීවූ එකොළොස් පද සමග නොගැළපූ කල්හි කෙළවරට නොපැමිණේ. ගැළපූ කල්හිද ඒ එකොළොස් පද අතුරෙහි ‘සිඛරිණීසි, සම්භින්නාසි, උභතොබ්‍යඤ්ජනාසීයි, යන මේ තෙපදය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ. (සෙසු අටපදයෙන් නුගුණ කියූකල්හි ථුල්ලච්චය වේයයි දතයුතුය).

දෙහි මෙති යාචනායපි එත‍්තකෙනෙව සීසං න එති, “මෙථුනං ධම‍්මං දෙහී”ති එවං මෙථුනධම‍්මෙන ඝටිතෙ එව සඞ‍්ඝාදිසෙසො.

“දෙහි මෙ” මට දෙව, යන ඉල්ලීමෙහිද මෙපමණකින්ම කෙළවරට නොයයි. මෛථුන ධර්‍මය දෙවයි මෙසේ මෛථුනධර්‍මවචනය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ.

කදා තෙ මාතා පසීදිස‍්සතීතිආදීසු ආයාචනවචනෙසුපි එත‍්තකෙනෙව සීසං න එති, “කදා තෙ මාතා පසීදිස‍්සති, කදා තෙ මෙථුනං ධම‍්මං ලභිස‍්සාමී”ති වා “තව මාතරි පසන‍්නාය මෙථුනං ධම‍්මං ලභිස‍්සාමී”ති වා ආදිනා පන නයෙන මෙථුනධම‍්මෙන ඝටිතෙයෙව සඞ‍්ඝාදිසෙසො.

“කදා තෙ මාතා පසීදිස්සති” යනාදී වූ ආයාචනවචනයන්හිද මෙපමණකින්ම කෙළවරට නොයයි. ‘කවර කලෙක තාගේ මව පහදින්නීද, කවර කලෙක තීගේ මෛථුන ධර්‍මය ලබන්නෙම්දැයි හෝ තීගේ මව පහන්කල්හි මෛථුන ධර්‍මය ලබන්නෙමියි හෝ යනාදිනයින් මෛථුන ධර්‍ම පදය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ.

කථං ත්‍වං සාමිකස‍්ස දෙසීතිආදීසු පුච‍්ඡාවචනෙසුපි මෙථුනධම‍්මන‍්ති වුත‍්තෙයෙව සඞ‍්ඝාදිසෙසො, න ඉතරථා. එවං කිර ත්‍වං සාමිකස‍්ස දෙසීති පටිපුච‍්ඡාවචනෙසුපි එසෙව නයො.

“කතං ත්‍වං සාමිකස්ස දෙසි” තී කෙසේ හිමියාහට දෙහිදැයි යනාදී වූ පෘච්ඡාවචනයන්හිද මෛථුන ධර්‍මය කියූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ. අන් අයුරකින් නොවේ. “එවං කිර ත්‍වං සාමිකස්ස දෙසි” මෙසේ තී හිමියාහට දෙහිදැයි ප්‍රතිපෘච්ඡාවචනයන්හිද මෙම නයවේ.

ආචික‍්ඛනාය පුට‍්ඨො භණතීති “කථං දදමානා සාමිකස‍්ස පියා හොතී”ති එවං පුට‍්ඨො ආචික‍්ඛති. එත්‍ථ ච “එවං දෙහි එවං දදමානා”ති වුත‍්තෙපි සීසං න එති. “මෙථුනධම‍්මං එවං දෙහි එවං උපනෙහි එවං මෙථුනධම‍්මං දදමානා උපනයමානා පියා හොතී”තිආදිනා පන නයෙන මෙථුනධම‍්මෙන ඝටිතෙයෙව සඞ‍්ඝාදිසෙසො. අනුසාසනීවචනෙසුපි එසෙව නයො.

“ආවික්‍ඛති නාම පුට්ඨො භණති”. කෙසේ දෙන්නී හිමියාහට ප්‍රිය වන්නීදැයි විචාරණ ලද්දේ කියයි. මෙහිද ‘මෙසේ දෙව, මෙසේ දෙන්නීය’යි කියූකල්හිද කෙළවරට නොයයි. මෛථුන ධර්‍මය මෙසේ දෙව, මෙසේ එළවව, මෙසේ මෛථුන ධර්‍මය දෙන්නී එළවන්නී ප්‍රිය වන්නීයයි යනාදිනයින් මෛථුන ධර්‍මපදය සමග ගැළපූ කල්හිම සඞ්ඝාදිසෙසය වේ. අනුශාසනී වචනයන්හිද මෙම නයවේ.

අක‍්කොසනිද‍්දෙසෙ – අනිමිත‍්තාසීති නිමිත‍්තරහිතාසි, කුඤ‍්චිකපණාලිමත‍්තමෙව තව දකසොතන‍්ති වුත‍්තං හොති.

ආක්‍රොශ නිර්‍දෙශයෙහි, “අනිමිත්තාසි” නිමිත්ත නැත්තෙහිය. තීගේ මුත්‍රමාර්‍ගය කෙසිසිදුරක් පමණමැයි කියන ලද්දේ වේ.

නිමිත‍්තමත‍්තාසීති තව ඉත්‍ථිනිමිත‍්තං අපරිපුණ‍්ණං සඤ‍්ඤාමත‍්තමෙවාති වුත‍්තං හොති. අලොහිතාති සුක‍්ඛසොතා. ධුවලොහිතාති නිච‍්චලොහිතා කිලින‍්නදකසොතා. ධුවචොළාති නිච‍්චපක‍්ඛිත‍්තාණිචොළා, සදා ආණිචොළකං සෙවසීති වුත‍්තං හොති. පග‍්ඝරන‍්තීති සවන‍්තී; සදා තෙ මුත‍්තං සවතීති වුත‍්තං හොති. සිඛරණීති බහිනික‍්ඛන‍්තආණිමංසා. ඉත්‍ථිපණ‍්ඩකාති අනිමිත‍්තාව වුච‍්චති. වෙපුරිසිකාති සමස‍්සුදාඨිකා පුරිසරූපා ඉත්‍ථී. සම‍්භින‍්නාති සම‍්භින‍්නවච‍්චමග‍්ගපස‍්සාවමග‍්ගා. උභතොබ්‍යඤ‍්ජනාති ඉත්‍ථිනිමිත‍්තෙන ච පුරිසනිමිත‍්තෙන චාති උභොහි බ්‍යඤ‍්ජනෙහි සමන‍්නාගතා.

“නිමිත්තමත්තාසි” තීයේ ස්ත්‍රීනිමිත්ත නොපිරිපුන්ය. හැඟීම් පමණක් මැයි කියන ලද්දේ වේ. “අලොභිතා” වියලුණු ඔසප් ලේ ඇත්තී වෙහි. “ධුවලොහිතා” නිතිවැහෙන ඔසප් ලේ ඇත්තී වෙහි. තෙත්වූ මුත්‍රමාර්‍ග ඇත්තී වෙහි. “ධුවචොලා” නිති බැහූ පිළියෙන් කළ ඇණ ඇත්තී වෙහි. හැමකල්හි ස්ත්‍රී නිමිත්තෙහි රෙදිකඩක් ඇණයක්කොට සේවනය කරන්නීයයි කියන ලද්දේ වේ. “පග්ඝරන්තී” මුත්‍ර වගුරුවන්නී වෙහි. හැමකල්හි තීගේ මුත්‍ර වැගිරේ යයි කියන ලද්දේ වේ. “සිඛරිණි” පිටත නික්මුණු ආණිමාංස ඇත්තී වෙහි. “ඉත්‍ථිපණ්ඩකා” නිමිත්ත නැත්තීමැයි කියනු ලැබේ. “වෙපුරිසිකා” දැළි රැවුලු සහිත පිරිමි අයුරු ඇති ස්ත්‍රියයි. “සම්භින්නා” එක්වූ වසමග පසමග ඇත්තී වෙහි. “උභතො බ්‍යඤ්ජනා” ස්ත්‍රී නිමිත්තෙන්ද පුරුෂ නිමිත්තෙන්ද යන දෙකෙන්ම යුක්තවූවාවෙහි.

ඉමෙසු ච පන එකාදසසු පදෙසු සිඛරණීසි සම‍්භින‍්නාසි උභතොබ්‍යඤ‍්ජනාසීති ඉමානියෙව තීණි පදානි සුද‍්ධානි සීසං එන‍්ති. ඉති ඉමානි ච තීණි පුරිමානි ච වච‍්චමග‍්ගපස‍්සාවමග‍්ගමෙථුනධම‍්මපදානි තීණීති ඡ පදානි සුද‍්ධානි ආපත‍්තිකරානි. සෙසානි අනිමිත‍්තාතිආදීනි “අනිමිත‍්තෙ මෙථුනධම‍්මං මෙ දෙහී”ති වා “අනිමිත‍්තාසි මෙථුනධම‍්මං මෙ දෙහී”ති වා ආදිනා නයෙන මෙථුනධම‍්මෙන ඝටිතානෙව ආපත‍්තිකරානි හොන‍්තීති වෙදිතබ‍්බානි.

මේ එකොළොස් පදයන් අතුරෙහි “සිඛරිණිය, සම්භින්නාය, උභතොඛ්‍යඤ්ජණය” යන මේ තෙපද පිරිසිදුව කෙළවරට පැමිණෙත්. මෙසේ මේ තෙපදද, හා පළමු වච්චමග්ග-පස්සාවමග්ග-මෛථුනධම්මපද තෙපදයදැයි යන සපද පිරිසිදුව ඇවැත් කරන්නාහ. සෙසු ‘අනිමිත්තා’ යනාදි පද ‘නිමිත්ත නැත්තිය’ මට මෛථුන ධර්‍මය දෙව’යි හෝ නිමිත්ත නැත්තීවෙහි. මම මෛථුන ධර්‍මය දෙව’යි හෝ යනාදි නයින් මෛථුන ධර්‍මය හා ගළපන ලද්දාහුම ඇවැත් කරන්නාහු වෙතියි දතයුතුය.

ඉදානි ය‍්වායං ඔතිණ‍්ණො විපරිණතෙන චිත‍්තෙන ඔභාසති, තස‍්ස වච‍්චමග‍්ගපස‍්සාවමග‍්ගෙ ආදිස‍්ස එතෙසං වණ‍්ණභණනාදීනං වසෙන විත්‍ථාරතො ආපත‍්තිභෙදං දස‍්සෙන‍්තො “ඉත්‍ථී ච හොති ඉත්‍ථිසඤ‍්ඤී”තිආදිමාහ. තෙසං අත්‍ථො කායසංසග‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

දැන් යම් මේ මහණෙක් තෙමේ දුට්ඨුල්ලවාචාස්වාදරාගයට බටුයේ පෙරළුණු සිතින් උදෙසා කියාද, ඇයගේ වසමග පසමග අරබයා මේ ගුණකීම් ආදීන්ගේ වසයෙන් විස්තර විසින් ආපත්තිභෙදය දක්වනසේක් “ඉත්‍ථි ච ඉත්‍ථිසඤ්ඤී” යනාදිය වදාළ සේක. ඔවුන්ගේ අර්‍ත්‍ථය කායසංසර්‍ග ශික්‍ෂාපද වර්‍ණනායෙහි කියූ නයින්ම දතයුත්තේය.

අයං පන විසෙසො – අධක‍්ඛකන‍්ති අක‍්ඛකතො පට‍්ඨාය අධො. උබ‍්භජාණුමණ‍්ඩල ජාණුමණ‍්ඩලතො පට‍්ඨාය උද‍්ධං. උබ‍්භක‍්ඛකන‍්ති අක‍්ඛකතො පට‍්ඨාය උද‍්ධං. අධො ජාණුමණ‍්ඩලන‍්ති ජාණුමණ‍්ඩලතො පට‍්ඨාය අධො. අක‍්ඛකං පන ජාණුමණ‍්ඩලඤ‍්ච එත්‍ථෙව දුක‍්කටක‍්ඛෙත‍්තෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති භික‍්ඛුනියා කායසංසග‍්ගෙ විය. න හි බුද‍්ධා ගරුකාපත‍්තිං සාවසෙසං පඤ‍්ඤපෙන‍්තීති. කායප‍්පටිබද‍්ධන‍්ති වත්‍ථං වා පුප‍්ඵං වා ආභරණං වා.

මේ වෙනසයි. “අධක්‍ඛකං” අකුව පටන් යට. “උබ්හජාණුමණ්ඩලං” දණමඩලපටන් උඩ. “උබ්හක්‍ඛකං” අකුව පටන් උඩ. “අධොජානුමණ්ඩලං” දණමඩල පටන් අකුවෙන් යට දණමඩලද මෙහිම දුක්කටක්‍ෂෙත්‍රයෙහි සඞ්ග්‍රහවට යන්නේය. මෙහෙණගේ කායසංසර්‍ගයෙහි මෙනි. බුදුවරයෝ මෙහෙණගේ ගරුකාපත්තිසඞ්ඛ්‍යාත කායසංසර්‍ගපාරාජිකාපත්තිය භාවශෙෂකොට නොපණවත්. “කායපටිබද්ධං” වස්ත්‍රයක් හෝ පුෂ්පයක් හෝ ආභරණයක් හෝයි.

අත්‍ථපුරෙක‍්ඛාරස‍්සාති අනිමිත‍්තාතිආදීනං පදානං අත්‍ථං කථෙන‍්තස‍්ස, අට‍්ඨකථං වා සජ‍්ඣායං කරොන‍්තස‍්ස.

“අත්‍ථපුරෙක්‍ඛාරස්ස” අනිමිත්ත යනාදි පදයන්ගේ අර්‍ත්‍ථය කියන්නහුට. අර්‍ත්‍ථකථාව හෝ හදාරන්නහුට.

ධම‍්මපුරෙක‍්ඛාරස‍්සාති පාළිං වාචෙන‍්තස‍්ස වා සජ‍්ඣායන‍්තස‍්ස වා. එවං අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච පුරක‍්ඛත්‍වා භණන‍්තස‍්ස අත්‍ථපුරෙක‍්ඛාරස‍්ස ච ධම‍්මපුරෙක‍්ඛාරස‍්ස ච අනාපත‍්ති.

“ධම්මපුරෙක්‍ඛාරස්ස” පෙළ කියවන්නහුට හෝ හදාරන්නහුට හෝ මෙසේ අර්‍ත්‍ථයදී ධර්‍මයද පෙරටුකොට කියන්නහුට, අර්‍ත්‍ථය පෙරටුකොට ඇත්තහුටද ධර්‍මය පෙරටුකොට කියන්නහුටද ඇවැත් නොවේ.

අනුසාසනිපුරෙක‍්ඛාරස‍්සාති “ඉදානිපි අනිමිත‍්තාසි උභත‍්තොබ්‍යඤ‍්ජනාසි අප‍්පමාදං ඉදානි කරෙය්‍යාසි, යථා ආයතිම‍්පි එවරූපා න හොහිසී”ති එවං අනුසිට‍්ඨිං පුරක‍්ඛත්‍වා භණන‍්තස‍්ස අනුසාසනිපුරෙක‍්ඛාරස‍්ස අනාපත‍්ති. යො පන භික‍්ඛුනීනං පාළිං වාචෙන‍්තො පකතිවාචනාමග‍්ගං පහාය හසන‍්තො හසන‍්තො “සිඛරණීසි සම‍්භින‍්නාසි උභතොබ්‍යඤ‍්ජනාසී”ති පුනප‍්පුනං භණති, තස‍්ස ආපත‍්තියෙව. උම‍්මත‍්තකස‍්ස අනාපත‍්ති. ඉධ ආදිකම‍්මිකො උදායිත්‍ථෙරො, තස‍්ස අනාපත‍්ති ආදිකම‍්මිකස‍්සාති.

“අනුසාසනීපුරෙක්‍ඛාරස්ස” දැනුදු නිමිත්ත නැත්තී වෙහි. උභතොඛ්‍යඤ්ජන වූවාවෙහි. දැන් අප්‍රමාදය කරවා මතුයෙහි මෙවැන්නියක් නොවෙව’යි මෙසේ අනුශාසනය පෙරටුකොට කියන්නහුට, අනුශාසනය පෙරටුකොට ඇත්තහුට ඇවැත් නොවේ. යම් මහණෙක් තෙමේ මෙහෙණන්ට පෙළ කියවන්නේ ප්‍රකෘතිවාචනාමාර්‍ගය හැර සිනාසෙමින් පිටත නික්මුණු ආණිමාංස ඇත්තී වෙහි. එක්වූ වසමග පසමග ඇත්තී වෙහි. ඉතිරි පිරිමි දෙහදන් ඇත්තී වෙහියි නැවත නැවත කියාද, ඔහුට ඇවැත්මය. උන්මන්තකයාහට ඇවැත් නොවේ. මෙහි ආදිකර්මික තෙමේ උදායි ස්ථවිරය. ආදි කර්මිකයාහට ඇවැත් නොවේ.

පදභාජනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

පදභාජනීය වර්‍ණනා නිමි.

සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං තිසමුට‍්ඨානං කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං , සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනන‍්ති.

සමුට්ඨානාදීන් අතුරෙහි ත්‍රිසමුත්‍ථානයි. කායිචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන් නගියි. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියාසමුත්‍ථානයි. ව්‍යතික්‍රමසංඥාවෙහි අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්‍ෂයි. සිත් සහිතව කටයුතු බැවින් සවිත්තක සමුත්‍ථානයි. ලොකයා විසින් අකුසල් බැවින් හළයුතුයයි නියම හෙයින් ලොකවද්‍යයි. කය පිළිබඳව කටයුතු බැවින් කායකර්‍මයි. වචනයෙන් සිදුවියයුතු බැවින් වාක්කර්‍මයි. අකුසලචිත්තයි. ද්විවෙදනයි.

විනීතවත්‍ථූසු ලොහිතවත්‍ථුස‍්මිං සො භික‍්ඛු ඉත්‍ථියා ලොහිතකං නිමිත‍්තං සන්‍ධායාහ – ඉතරා න අඤ‍්ඤාසි, තස‍්මා දුක‍්කටං.

විනීතවස්තූන් අතුරෙහි ලොහිත වස්තුවෙහි ඒ මහණතෙමේ ස්ත්‍රියගේ ලේ ඇති නිමිත්ත සඳහා කීයේය. අනික් ස්ත්‍රිතොමෝ නොදන්නීය. එහෙයින් දුක්කටය වූයේය.

කක‍්කසලොමන‍්ති රස‍්සලොමෙහි බහුලොමං. ආකිණ‍්ණලොමන‍්ති ජටිතලොමං. ඛරලොමන‍්ති ථද‍්ධලොමං. දීඝලොමන‍්ති අරස‍්සලොමං. සබ‍්බං ඉත්‍ථිනිමිත‍්තමෙව සන්‍ධාය වුත‍්තං.

“කක්කසලොමං” නොදිග් ලොම්වලින් බොහෝ ලොම් ඇත්තේය. “ආකිණ්ණ ලොමං” අවුල් වූ ලොම් ඇත්තේය. “ඛරලොමං” තදලොම් ඇත්තේය. “දීඝලොමං” දිග්ලොම් ඇත්තේය. සියල්ලම ස්ත්‍රීනිමිත්ත සදහාම කියනලදී.

වාපිතං ඛො තෙති අසද‍්ධම‍්මං සන්‍ධායාහ, සා අසල‍්ලක‍්ඛෙත්‍වා නො ච ඛො පටිවුත‍්තන‍්ති ආහ. පටිවුත‍්තං නාම උදකවප‍්පෙ බීජෙහි අප‍්පතිට‍්ඨිතොකාසෙ පාණකෙහි විනාසිතබීජෙ වා ඔකාසෙ පුන බීජං පතිට‍්ඨාපෙත්‍වා උදකෙන ආසිත‍්තං, ථලවප‍්පෙ විසමපතිතානං වා බීජානං සමකරණත්‍ථාය පුන අට‍්ඨදන‍්තකෙන සමීකතං, තෙසු අඤ‍්ඤතරං සන්‍ධාය එසා ආහ.

“වාපිතං ඛො තෙ” යනු අසද්ධර්‍මය සඳහා කියනලදී. ඕතොමෝ එය නොසලකා “නො ච පටිවුත්තං” යි කිවූය. පටිවුත්ත නම්. දියෙහි වැපිරීමෙහි බිජුවට නොපිහිටි තැන හෝ පණුවන් කා විනාස කළ බිජුවට ඇති තැන හෝ නැවත බිජුවට පිහිටුවා දිය ඉසින ලද්දේ ද ගොඩ වැපිරීමෙහි අතන මෙතැන විසමව වැටුණු බිජුට සම කිරීම පිණිස නැවත අෂ්ටදන්තකයෙන් සමකරන ලද්දේ ද ඔවුනතුරෙහි එකක් කරා එකක් සඳහා මොතොමෝ මෙසේ කිවූය.

මග‍්ගවත්‍ථුස‍්මිං මග‍්ගො සංසීදතීති අඞ‍්ගජාතමග‍්ගං සන්‍ධායාහ. සෙසං උත‍්තානමෙවාති.

මග්ග වස්තුවෙහි “මග්ගො සංසිදති” අඞ්ගජාතමාර්‍ගය සඳහා කිවූය.

දුට‍්ඨුල‍්ලවාචාසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

දුට්ඨුල්ලවාචාශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

අත‍්තකාමපාරිචරියසික‍්ඛාපදවණ‍්ණනා

අත්තකාමපාරිචරිය ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති අත‍්තකාමසික‍්ඛාපදං. තත්‍ථ කුලූපකොති කුලපයිරුපාසනකො චතුන‍්නං පච‍්චයානං අත්‍ථාය කුලූපසඞ‍්කමනෙ නිච‍්චප‍්පයුත‍්තො.

“තෙන සමයෙන බුද්ධො භගවා” යනු ආත්මකාමශික්‍ෂාපදයයි. එහි “කුලුපගො” කුල සෙවනය කරන්නේය. සිවුපසය පිණිස කුලයන් කරා එළඹීමෙහි නිතර යෙදීගත්තේය.

චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරන‍්ති චීවරඤ‍්ච පිණ‍්ඩපාතඤ‍්ච සෙනාසනඤ‍්ච ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරඤ‍්ච. ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරන‍්ති චෙත්‍ථ පතිකරණත්‍ථෙන පච‍්චයො, යස‍්ස කස‍්සචි සප‍්පායස‍්සෙතං අධිවචනං. භිසක‍්කස‍්ස කම‍්මං තෙන අනුඤ‍්ඤාතත‍්තාති භෙසජ‍්ජං. ගිලානපච‍්චයොව භෙසජ‍්ජං ගිලානපච‍්චයභෙසජ‍්ජං, යංකිඤ‍්චි ගිලානස‍්ස සප‍්පායං භිසක‍්කකම‍්මං තෙලමධුඵාණිතාදීති වුත‍්තං හොති. පරික‍්ඛාරොති පන “සත‍්තහි නගරපරික‍්ඛාරෙහි සුපරික‍්ඛතං හොතී”තිආදීසු (අ· නි· 7.67) පරිවාරො වුච‍්චති. “රථො සීසපරික‍්ඛාරො ඣානක‍්ඛො චක‍්කවීරියො”තිආදීසු (සං· නි· 5.4) අලඞ‍්කාරො. “යෙ චිමෙ පබ‍්බජිතෙන ජීවිතපරික‍්ඛාරා සමුදානෙතබ‍්බා”තිආදීසු (රො· නි· 1.1.191) සම‍්භාරො. ඉධ පන සම‍්භාරොපි පරිවාරොපි වට‍්ටති. තඤ‍්හි ගිලානපච‍්චයභෙසජ‍්ජං ජීවිතස‍්ස පරිවාරොපි හොති ජීවිතවිනාසකාබාධුප‍්පත‍්තියා අන‍්තරං අදත්‍වා රක‍්ඛණතො, සම‍්භාරොපි යථා චිරං පවත‍්තති එවමස‍්ස කාරණභාවතො, තස‍්මා පරික‍්ඛාරොති වුච‍්චති. එවං ගිලානපච‍්චයභෙසජ‍්ජඤ‍්ච තං පරික‍්ඛාරො චාති ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරො, තං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරන‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

“චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානප්පච්චයභෙසජ්ජපරික්‍ඛාරං” සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර. ‘ගිලානප්පච්චය භෙසජ්ජපරික්‍ඛාරං’ යන මෙහි රෝදුක්වලට ප්‍රතිපක්‍ෂභාවයෙන් පවත්නා අර්‍ත්‍ථයෙන් පච්චය නම්. යම්කිසි සතිප්‍රායකට මේ නමකි. වෙදහුගේ ක්‍රියාවෙන් අනුදත්බැවින් භෙසජ්ජ නමි. ගිලානපච්චයම භෙසජ්ජ වූයේ ගිලානපච්චය භෙසජ්ජ නමි. ගිලනහුට හිතවූ වෙදහුගේ යම්කිසි කර්‍මයක්වේද, එය තෙල් මීපැණි ආදිය හේතුකොට කියන ලද්දේ ද වේ. “පරික්‍ඛාරො” සත්තහි නගරපරික්‍ඛාරෙහි සුපරික්‍ඛිතං හොති’ යනාදිතන්හි පිරිවර කියනු ලැබේ “රථො සෙතපරික්‍ඛාරො ඣානක්‍ඛො චක්කවිරීයො” යනාදි තන්හි අලඞ්කාරය කියනු ලැබේ. “යෙ චිමෙ පබ්බජිතෙන ජීවිතපරික්‍ඛාරා සමුදානෙතබ්බා” යනාදි තන්හි සම්හාරය කියනු ලැබේ. මෙහි වනාහි සම්හාරයද පරිවාරයද වටියි. ඒ ගිලන්පස බෙහෙත් ජීවිතයට පිරිවරද වේ. දිවි නසන ආබාධයන්ගේ ඉපදීමට ඉඩ නොදී රකින බැවින් සම්හාරද වේ. ජීවිතය බොහෝ කලක් මුළුල්ලෙහි යම්සේ පවත්නේද එසේ මේ ජීවිතයෙහි කල් පැවැත්මට කාරණ බැවිනි. එහෙයින් පරික්‍ඛාරයයි කියනු ලැබේ. මෙසේ ගිලන්පස බෙහෙත්වූයේද ඒමය. පිරිකරවූයේද ඒමයයි ගිලානපච්චයභෙසජ්ජපරික්‍ඛාර නම්වේ. ඒ ගිලන්පස බෙහෙත් පිරිකරයි. මෙසේ අර්‍ත්‍ථ දතයුතුය.

වසලන‍්ති හීනං ලාමකං. අථ වා වස‍්සතීති වසලො, පග‍්ඝරතීති අත්‍ථො, තං වසලං, අසුචිපග‍්ඝරණකන‍්ති වුත‍්තං හොති. නිට‍්ඨුහිත්‍වාති ඛෙළං පාතෙත්‍වා.

“වසලං” හීනවූ ලාමකවූ නොහොත් කෙලෙස් වැසි වසීය’යි වසල නම්වේ. වැගිරෙයි යන අර්‍ත්‍ථයි. ඒ වසලවූ අශුචි වැගිරෙන්නෙකැයි කියන ලද්දේ වේ. “නිට්ඨුභිත්‍වා” කෙළ ගසා

කස‍්සාහං කෙන හායාමීති අහං කස‍්සා අඤ‍්ඤිස‍්සා ඉත්‍ථියා කෙන භොගෙන වා අලඞ‍්කාරෙන වා රූපෙන වා පරිහායාමි, කා නාම මයා උත‍්තරිතරාති දීපෙති.

“කස්සාහං කෙන හායාමි” මම අන් කවර ස්ත්‍රියකගේ කවර භොගයකින් හෝ කවර අලඞ්කාරයකින් හෝ කවර රූපයකින් හෝ පිරිහෙම්ද, මට වඩා කවරියක් උත්තරීතරදැයි දක්වන්නීය.

සන‍්තිකෙති උපචාරෙ ඨත්‍වා සාමන‍්තා අවිදූරෙ, පදභාජනෙපි අයමෙවඅත්‍ථො දීපිතො . අත‍්තකාමපාරිචරියායාති මෙථුනධම‍්මසඞ‍්ඛාතෙන කාමෙන පාරිචරියා කාමපාරිචරියා. අත‍්තනො අත්‍ථාය කාමපාරිචරියා අත‍්තකාමපාරිචරියා, අත‍්තනා වා කාමිතා ඉච‍්ඡිතාති අත‍්තකාමා, සයං මෙථුනරාගවසෙන පත්‍ථිතාති අත්‍ථො. අත‍්තකාමා ච සා පාරිචරියා චාති අත‍්තකාමපාරිචරියා, තස‍්සා අත‍්තකාමපාරිචරියාය. වණ‍්ණං භාසෙය්‍යාති ගුණං ආනිසංසං පකාසෙය්‍ය.

“සන්තිකෙ” යමක් අවබෝධ කරන්නට හැකි උපචාරයෙහි සිට. හාත්පස නොදුරෙහි. පදභාජනයෙහිද මේ අර්‍ත්‍ථයම දක්වන ලද්දේය. “අත්තකාමපාරිචරියාය” මෛථුනධර්‍මසඞ්ඛ්‍යාත කාමයෙන් පරිචරණය කාමපරිචරියා නම. තමන් පිණිස වූ කාමපරිචරියාව “අත්තකාමපාරීචරියා” නම. තමන් විසින් හෝ කැමතිවන ලද්දී අත්තකාමාය. තමන් විසින් මෛථුනරාග වශයෙන් පතන ලද්දීය යන අර්‍ත්‍ථයි. අත්තකාමාවූවාද ඕමය. පාරිචරියා වූවාද ඕමනුයි. අත්තකාම පාරිචරියා නම. ඒ අත්තකාමපාරිචරියාවගේ. “වණ්ණං භාසෙය්‍ය” ගුණය ආනිසංසය කියන්නේය.

තත්‍ර යස‍්මා “අත‍්තනො අත්‍ථාය කාමපාරිචරියා”ති ඉමස‍්මිං අත්‍ථවිකප‍්පෙ කාමො චෙව හෙතු ච පාරිචරියා ච අත්‍ථො, සෙසං බ්‍යඤ‍්ජනං. “අත‍්තකාමා ච සා පාරිචරියා චාති අත‍්තකාමපාරිචරියා”ති ඉමස‍්මිං අත්‍ථවිකප‍්පෙ අධිප‍්පායො චෙව පාරිචරියා චාති අත්‍ථො, සෙසං බ්‍යඤ‍්ජනං. තස‍්මා බ්‍යඤ‍්ජනෙ ආදරං අකත්‍වා අත්‍ථමත‍්තමෙව දස‍්සෙතුං “අත‍්තනො කාමං අත‍්තනො හෙතුං අත‍්තනො අධිප‍්පායං අත‍්තනො පාරිචරිය”න‍්ති පදභාජනං වුත‍්තං. “අත‍්තනො කාමං අත‍්තනො හෙතුං අත‍්තනො පාරිචරිය”න‍්ති හි වුත‍්තෙ ජානිස‍්සන‍්ති පණ‍්ඩිතා “එත‍්තාවතා අත‍්තනො අත්‍ථාය කාමපාරිචරියා වුත‍්තා”ති. “අත‍්තනො අධිප‍්පායං අත‍්තනො පාරිචරිය”න‍්ති වුත‍්තෙපි ජානිස‍්සන‍්ති “එත‍්තාවතා අත‍්තනා ඉච‍්ඡිතකාමිතට‍්ඨෙන අත‍්තකාමපාරිචරියා වුත‍්තා”ති.

එහි යම්හෙයකින්, තමන් පිණිස වූ කාමපාරිචරියාය යන මේ අර්‍ත්‍ථවිකල්පයෙහි කාමයද හෙතුවද පාරිචරියායි අර්‍ත්‍ථයි. සෙස්ස ව්‍යඤ්ජනයවේද, අත්තකාමාවූවාද ඕමය. පාරිචරියාවූවාද ඕමනුයි අත්තකාමපාරිචරියා යන මේ අර්‍ත්‍ථවිකල්පයෙහි අභිප්‍රායද පාරිචර්‍ය්‍යාවද යන අර්‍ත්‍ථයි. සෙස්ස ව්‍යඤ්ජනය වේද, එහෙයින් ව්‍යඤ්ජනයෙහි ආදරය නොකොට අර්‍ත්‍ථමාත්‍රයම දක්වනු පිණිස ‘තමන්ගේ කාමය, තමන්ගේ හේතුවය, තමන්ගේ අභිප්‍රායය, තමන්ගේ පාරිචර්‍ය්‍යාව යයි පදභාජනය වදාරන ලදී. තමන්ගේ කැමැත්තය, තමන්ගේ හේතුවය, තමන්ගේ පාරිචර්‍ය්‍යාව යයි කියූකල්හි නුවණැත්තෝ ‘මෙපමණකින් තමන් පිණිස කාමපාරිචර්‍ය්‍යාව කියන ලදැයි දැනගන්නාහුය. තමන්ගේ අභිප්‍රායය, තමන්ගේ පරිචර්‍ය්‍යාව යයි කියූකල්හිද මෙපමණකින් තමන් විසින් කැමැතිවනලද අර්‍ත්‍ථයෙන් අත්තකාමපාරිචරියා කියන ලදැයි දැනගන්නාහුය.

ඉදානි තස‍්සා අත‍්තකාමපාරිචරියාය වණ‍්ණභාසනාකාරං දස‍්සෙන‍්තො “එතදග‍්ග”න‍්තිආදිමාහ. තං උද‍්දෙසතොපි නිද‍්දෙසතොපි උත‍්තානත්‍ථමෙව. අයං පනෙත්‍ථ පදසම‍්බන්‍ධො ච ආපත‍්තිවිනිච‍්ඡයො ච – එතදග‍්ගං…පෙ… පරිචරෙය්‍යාති යා මාදිසං සීලවන‍්තං කල්‍යාණධම‍්මං බ්‍රහ‍්මචාරිං එතෙන ධම‍්මෙන පරිචරෙය්‍ය, තස‍්සා එවං මාදිසං පරිචරන‍්තියා යා අයං පාරිචරියා නාම, එතදග‍්ගං පාරිචරියානන‍්ති.

දැන් ඒ අත්තකාමපාරිචරියාවගේ ගුණ කියන ආකාරය දක්වන සේක් “එතදග්ගං” යනාදිය වදාළ සේක. එය උද්දෙශ වශයෙන්ද නිර්‍දෙශ වශයෙන්ද ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. මේ මෙහි පද සම්බන්‍ධයද ආපත්ති විනිශ්චයද වේ. “එතදග්ගං -පෙ- පරිචරෙය්‍ය” යම් ස්ත්‍රියක්තොමෝ සිල්වත් කලණ දහමින් යුත් බඹසර හැසිරෙනසුලු මා වැනියක්හු මේ මෛථුන ධර්‍මයෙන් පරිචරණය කෙරේ නම්, මා වැනියකු පරිචරණය කරන ඇයගේම යම් මේ පාරිචර්‍ය්‍යාවක් නම් වන්නීද, පාරිචර්‍ය්‍යාවන්ගෙන් ඕ පාරිචර්‍ය්‍යතොමෝ අග්‍රවන්නීය.

මෙථුනුපසංහිතෙන සඞ‍්ඝාදිසෙසොති එවං අත‍්තකාමපාරිචරියාය වණ‍්ණං භාසන‍්තො ච මෙථුනුපසංහිතෙන මෙථුනධම‍්මපටිසංයුත‍්තෙනෙව වචනෙන යො භාසෙය්‍ය, තස‍්ස සඞ‍්ඝාදිසෙසොති.

“මෙථූනුපසංහිතෙන සඞ්ඝාදිසෙසො” මෙසේ අත්තකාම පාරිචරියාවෙහි ගුණ කියන්නාවූද යමෙක්, මෛථුන නිශ්ශ්‍රිතවූම මෛථුන ධර්‍ම ප්‍රතිසංයුක්තවූම වචනයෙන් කියන්නේ නම් ඒ මහණහුට සඞ්ඝාදිසෙසය වේ.

ඉධානි යස‍්මා මෙථුනුපසංහිතෙනෙව භාසන‍්තස‍්ස සඞ‍්ඝාදිසෙසො වුත‍්තො, තස‍්මා “අහම‍්පි ඛත‍්තියො, ත්‍වම‍්පි ඛත‍්තියා, අරහති ඛත‍්තියා ඛත‍්තියස‍්ස දාතුං සමජාතිකත‍්තා”ති එවමාදීහි වචනෙහි පාරිචරියාය වණ‍්ණං භාසමානස‍්සාපි සඞ‍්ඝාදිසෙසො නත්‍ථි. “අහම‍්පි ඛත‍්තියො”තිආදිකෙ පන බහූපි පරියායෙ වත්‍වා “අරහසි ත්‍වං මය‍්හං මෙථුනධම‍්මං දාතු”න‍්ති එවං මෙථුනප‍්පටිසංයුත‍්තෙනෙව භාසමානස‍්ස සඞ‍්ඝාදිසෙසොති.

දැන් යම්හෙයකින් මෛථුන නිශ්ශ්‍රිතවූම වචනයෙන් කියන්නහුට සඞ්ඝාදිසෙසය කියන ලද්දේ ද, එහෙයින් ‘මමද ක්‍ෂත්‍රිය වෙමි, තෝද ක්ෂත්‍රිය වෙහි, සමජාති ඇති බැවින් ක්ෂත්‍රියතොමෝ ක්‍ෂත්‍රියාහට දෙන්නට සුදුසු වන්නීයයි මේ ආදී වචනයන්ගෙන් පාරිචරියාවෙහි ගුණ කියන්නහුටද සඞ්ඝාදිසෙසයෙක් නැත්තේය. මමද ක්‍ෂත්‍රියා වෙමි, යනාදී වූ බොහෝ සමාන වචන කියා තී මට මෛථුන ධර්‍මය දෙන්නට සුදුස්සෙහියි මෙසේ මෛථුන ප්‍රතිසංයුක්ත වචනයෙන්ම කියන්නහුට සඞ්ඝාදිසෙසය වේ.

ඉත්‍ථී ච හොතීතිආදි පුබ‍්බෙ වුත‍්තනයමෙව. ඉධ උදායිත්‍ථෙරො ආදිකම‍්මිකො, තස‍්ස අනාපත‍්ති ආදිකම‍්මිකස‍්සාති.

“ඉත්‍ථි ච හොති” යනාදිය පෙර කියූ නයමය. මෙහි ආදිකර්මික උදායි ස්ථවිරතෙමේය. ඒ ආදිකර්මිකයාහට සඞ්ඝාදිසෙසාපත්තිය නොවේ.

පදභාජනිය වර්‍ණනාව නිමි.

සමුට‍්ඨානාදි සබ‍්බං දුට‍්ඨුල‍්ලවාචාසදිසං. විනීතවත්‍ථූනි උත‍්තානත්‍ථානෙවාති.

සමුට්ඨානාදී වූ සියල්ල දුට්ඨුල්ලවාචාශික්‍ෂාපදය හා සමය. විනීත වස්තුහුද ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය.

අත‍්තකාමපාරිචරියසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුර්‍ත්‍ථසඞ්ඝාදිසෙස වර්‍ණනාව නිමි.