අත්තකාමපාරිචරියසික්ඛාපදං
3. 4.
3. 4.
අත්තකාමපාරිචරියශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී සාවත්ථියං කුලූපගො හොති, බහුකානි කුලානි උපසඞ්කමති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි මතපතිකා අභිරූපා හොති දස්සනීයා පාසාදිකා. අථ ඛො ආයස්මා උදායී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්සා ඉත්ථියා නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙමේ සැවැත්නුවර බොහෝ කුලයන් කරා එළඹෙයි. එසමයෙහි සැමියා මළ මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නාවූ එක්තරා ස්ත්‍රියක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ඒ ස්ත්‍රියගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හිඳගත්තේ ය.
2. අථ ඛො සා ඉත්ථි යෙනායස්මා උදායී, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ඉත්ථිං ආයස්මා උදායී ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
2. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උදායී වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තී ය. එකත්පසෙක හුන් ඒ ස්ත්‍රියට ආයුෂ්මත් උදායි තෙමේ දැහැමි කථාවෙන් දෙලෝවැඩ මනාකොට දැන්වීය. කුශලධර්මයන්හි සමාදන් කරවී ය. මැනවින් පැහැද වීය.
3. අථ ඛො සා ඉත්ථි ආයස්මතා උදායිනා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා ආයස්මන්තං උදායිං එතදවොච: “වදෙය්යාථ භන්තෙ යෙන අත්ථො. පටිබලා මයං අය්යස්ස දාතුං යදිදං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාර”න්ති. “න ඛො තෙ භගිනි අම්හාකං දුල්ලභා යදිදං චීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා. අපි ච යො අම්හාකං දුල්ලභො තං දෙහී”ති. “කිං භන්තෙ”ති “මෙථුන ධම්ම”න්ති. “අත්ථො භන්තෙ”ති “අත්ථො භගිනී”ති. “එහි භන්තෙ”ති ඔවරකං පවිසිත්වා සාටකං නික්ඛිපිත්වා මඤ්චකෙ උත්තානා නිපජ්ජි. අථ ඛො ආයස්මා උදායී යෙන සා ඉත්ථි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා: “කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතී”ති, නිට්ඨුභිත්වා පක්කාමි.
3. ඉක්බිති ආයුෂ්මත් උදායි විසින් දෙලෝවැඩ දක්වන ලද්දාවූ කුශල ධර්මයන්හි සමාදන් කරවන ලද්දාවූ උත්සාහවත් කරණ ලද්දාවූ මනා කොට පහදවන ලද්දාවූ ඒ ස්ත්‍රී ආයුෂ්මත් උදායීහට “වහන්ස, යමකින් ප්‍රයෝජන නම් එය මට කියනු මැනව. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙය ආර්‍ය්‍යයන් වහන්සේට දීමට සමත් වෙමි”යි කිවු ය. “නඟ, මේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන යමෙක් වේ ද, ඒ අපට දුලබ නො වෙයි. වැලි දු අපට යමක් දුලබ නම් එය දෙව”යි හේ කී ය. “වහන්ස, කිමැ”යි ඕ ඇසූ ය. “මෙවුන්දම”යි හේ කී ය. “වහන්ස, එයට කැමති දැ?”යි ඕ ඇසූ ය. “නඟ, කැමැත්තෙමි”යි හේ කී ය. “වහන්ස, එනු මැනවැ”යි ලගිනාගෙට පිවිස සළුව මුදා ඇඳෙහි උඩුකුරු ව හොත්තී ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇය වෙත පැමිණ “කවරෙක් නම් මල වැහෙන දුගඳ මැය ආමර්ශනය කරන්නේ දැ?”යි කෙළ ගසා ඉවත් ව ගියේ ය.
4. අථ ඛො සා ඉත්ථි උජ්ඣායති ඛීයති විපාචෙති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙහි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං. නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං. නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා. අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. කථං හි නාම සමණො උදායී මං සාමං මෙථුනං ධම්මං යාචිත්වා ‘කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතී’ති නිට්ඨුභිත්වා පක්කමිස්සති? කිං මෙ පාපකං? කිං මෙ දුග්ගන්ධං? කස්සාහං? කෙන හායාමී?”ති
4. ඉක්බිති ඒ ස්ත්‍රිය අවමන් කරයි. අයුණු කියයි. දොස් පතුරුවයි. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදිහු ය. මොහු “තුමූ ධර්මචාරීහු ය යි සමාචාරීහු ය යි බ්‍රහ්මචාරීහුය යි සත්‍යවාදීහු ය යි සිල්වත්හු ය යි කලණ දහම් ඇත්තෝ ය යි පිළිණ කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණුකමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොවුහු බමුණු කමින් පහ වූවෝ ය. කවර කරුණකින් උදායී මහණ තෙමේ ම මා මෙවුන්දමින් යැද “කවරෙක් මළ වැහෙන දුගඳ වූ මැය ආමර්ශනය කරන්නේ දැ?”යි “කෙළ ගසා යන්නේ ද?” “මගේ කුමක් ලාමක ද? මගේ කුමක් දුගඳ ද? මම කිනම් ස්ත්‍රියකට කෙබඳු අලඞ්කාරයකින් පිරිහෙම් ද?”යි කිවු ය.
5. අඤ්ඤාපි ඉත්ථියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා -පෙ- කථං හි නාම සමණො උදායී ඉමිස්සා සාමං මෙථුනං ධම්මං යාචිත්වා කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතීති නිට්ඨුභිත්වා පක්කමිස්සති? කිං ඉමිස්සා පාපකං? කිං ඉමිස්සා දුග්ගන්ධං? කස්සායං? කෙන හායතී?”ති.
5. අනෙක් ස්ත්‍රීහු ද “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහුය ... අයුණු කියත්. නුගුණ පතුරුවත්. කවර හෙයකින් උදායි මහණ තෙමේ මැයගෙන් තෙමේ ම මෙවුන්දම් යැද කවරෙක් මළ වගුරණ දුගඳ වූ මැය ආමර්ශනය කරන්නේ දැ?යි කෙළ ගසා යන්නේ ද? මැගේ කුමක් ලාමක ද? මැගේ කුමක් දුගඳ ද? මෝ තොමෝ කිනම් ස්ත්‍රියකට කිනම් අලංකාරයකින් පිරිහේ ද?” යනුයි.
6. අස්සොසුං ඛො භික්ඛූ තාසං ඉත්ථීනං උජ්ඣායන්තීනං ඛීයන්තීනං විපාචෙන්තීනං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසිස්සතී”ති.
6. භික්ෂූහු අවමන් කරන්නාවූ අයුණු කියන්නා වූ නුගුණ පතුරුවන්නාවූ ඒ ස්ත්රීන්ගේ කථාව ඇසූහ. යම් අල්පේච්ඡ භික්ෂූහු වූවාහු ද ඔහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “කවර කරුණකින් ආයුෂ්මත් උදායි තෙමේ ස්ත්‍රියක ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියන්නේ ද?”
7. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උදායිං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසසී”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස අනනුලොමිකං අප්පති රූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසිස්සසි? නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
7. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස්කරවා. “උදායි, තෝ ස්ත්‍රියක ලඟ තමහට මෙවුන්දම් සෙවුමෙහි අනුසස් කීයෙහි යනු සැබෑ දැ?”යි ආයුෂ්මත් උදායින් විචාළසේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස”යි හේ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, “හිස්පුරුෂය, නුසුදුස්සෙකි. අනුලොම් නොවූවකි. මහණකමට නොසුදුස්සෙකි. නොකැපයෙකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගම ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කිවුයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? ... කාමදාහයන් සංසිඳුවීම දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසෙය්ය: එතදග්ගං භගිනි, පාරිචරියානං යා මාදිසං සීලවන්තං කල්යාණධම්මං බ්රහ්මචාරිං එතෙන ධම්මෙන පරිචරෙය්යාති මෙථුනූපසංහිතෙන, සඞ්ඝාදිසෙසො”ති.
“යම් මහණෙක් අත්තකාමපාරිචරියා රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මිනිස් මාගමක සමීපයෙහි යම් ස්ත්‍රියක් සිල්වත් වූ කලණ දහම් ඇති බඹසර ඇති මා වැන්නක්හු මේ මෙවුන්දමින් අභිරමණය කරවා නම් මෙය පාරිචරියාවන් අතුරෙන් අග්‍රයයි මෛථුනෝපනිඃශ්රිත වචනයෙන් තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද, ඒ මහණහට සඟවෙසෙස්ඇවැත් වේ.”
8. යො පනාති යො යාදිසො -පෙ-
8. යෝපන යනු යමෙක් යම්බඳුවෙක් ...
භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූ’ති.
භික්ඛු යනු ... මේ අර්‍ත්‍ථයෙහි මෙ තෙමේ භික්ෂු ය යි අභිමත යි.
ඔතිණ්ණො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
ඔතිණ්ණ නම්: මොනවට ඇලුනේ බලාපොරොත්තු සහිත වූයේ පිළිබඳ සිත් ඇත්තේ යි.
විපරිණතන්ති රත්තම්පි චිත්තං විපරිණත්තං. දුට්ඨම්පි චිත්තං විපරිණතං මූළ්හම්පි චිත්තං විපරිණතං. අපි ච රත්තං චිත්තං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතං විපරිණතන්ති.
විපරිණත නම්: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මුළා සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
මාතුගාමො නාම: මනුස්සිත්ථි. න යක්ඛී, න පෙතී, න තිරච්ඡානගතා. විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
මාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගත මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගන්නට සමත් නුවණැත්තියකි.
මාතුගාමස්ස සන්තිකෙ’ති මාතුගාමස්ස සාමන්තා, මාතුගාමස්ස අවිදූරෙ.
මාතුගාමස්ස සන්තිකේ යනු මාගම් වෙත, මාගම්හට නුදුරු තැන ය.
අත්තකාමන්ති අත්තනො කාමං, අත්තනො හෙතුං, අත්තනො අධිප්පායං, අත්තනො පාරිචරියං,
අත්තකාමං යනු තමාගේ කැමැත්ත, තමාගේ හේතුව, තමාගේ අදහස, තමා පිළිබඳ පාරිචර්ය්යා ය.
එතදග්ගන්ති එතං අග්ගං එතං සෙට්ඨං එතං මොක්ඛං එතං උත්තමං එතං පවරං.
ඒතදග්ගං යනු මෙය අග්‍රය, මෙය ශ්‍රේෂ්ඨ ය, මෙය ප්රමුඛ ය, මෙය උත්තම ය, මෙය ප්‍රවර ය යන අර්ත්ථ යි.
යා’ති ඛත්තියා වා බ්රාහ්මණී වා වෙස්සී වා සුද්දී වා.
යා යනු ක්ෂත්රිය හෝ බ්‍රාහ්මණ හෝ වෛශ්‍ය හෝ ශුද්‍ර හෝ ස්ත්රීයි.
මාදිසන්ති ඛත්තියං වා බ්රාහ්මණං වා වෙස්සං වා සුද්දං වා.
මාදිසං යනු කැතකු හෝ බමුණකු හෝ වෙළෙඳෙකු හෝ සුදුරකු හෝ.
සීලවන්තන්ති පාණාතිපාතා පටිවිරතං, අදින්නාදානා පටිවිරතං, මුසාවාදා පටිවිරතං.
සීලවන්තං යනු: පණිවායෙන් තොර වූ අයිනාදනින් තොර වූ මුසවායෙන් තොර වූ එකක්හු ය.
බ්රහ්මචාරින්ති මෙථුනධම්මා පටිවිරතං.
බ්රහ්මචාරිං යනු: මෙවුන්දමින් තොරවූවකු ය.
කල්යාණධම්මො නාම: තෙන ච සීලෙන තෙන ච බ්රහ්මචරියෙන කල්යාණධම්මො හොති.
කල්‍යාණධම්ම නම්: ඒ ශීලයෙන් ද ඒ බඹසරින් ද කලණදහම් ඇත්තෙක් වෙයි.
එතෙන ධම්මෙනාති මෙථුනධම්මෙන.
එතෙන ධම්මෙන යනු: මෙවුන්දමින් ය.
පරිචරෙය්යාති අභිරමෙය්ය.
පරිවරෙය්ය යනු: අභිරමණය කෙරේ නම්.
මෙථුනූපසංහිතෙනාති මෙථුනධම්මප්පටිසංයුත්තෙන.
මෙථුනුපසංහිතෙන යනු: මෙවුන්දම් පිළිබැඳි දහමින් ය.
සඞ්ඝාදිසෙසො’ති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසො’ති.
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ.
1. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රිය සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද සඟවෙසෙස්ඇවැත් වේ.
2. [ඉත්ථී ච හොති වෙමතිකො -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති දුක්කටස්ස.
2. ස්ත්රියකුත් වේද, වෙමතිකත් වේද, ... පණ්ඩකය යන හැඟීම් ඇති ... පිරිමියක යන හැඟීම් ඇති ... තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි. මහණ තෙමේ ඒ ස්ත්‍රිය සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද ථුලැසිඇවැත් වේ.
3. පණ්ඩකො ච හොති, පණ්ඩකසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං පණ්ඩකස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ථුල්ලච්චයස්ස.
3. පණ්ඩකයෙකුදු වෙයි, පණ්ඩකය යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ ඒ පණ්ඩකයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියයි ද ථුලැසි ඇවැත් වේ.
4. පණ්ඩකො ච හොති වෙමතිකො -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං පණ්ඩකස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති ආපත්ති දුක්කටස්ස.
4. පණ්ඩකයෙකුත් වෙයි ද, වෙමතිකත් වේ ද ... පිරිමියෙක යන හැඟීම් ඇති ... තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති ... ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් ඒ පණ්ඩකයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද දුකුළාඇවැත් වේ.
5. පුරිසො ච හොති -පෙ- තිරච්ඡානගතො ච හොති, තිරච්ඡානගතසඤ්ඤී -පෙ- වෙමතිකො ඉත්ථිසඤ්ඤී -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී සාරත්තො ච. භික්ඛු ච නං තිරච්ඡානගතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති ආපත්ති දුක්කටස්ස.]
5. පිරිමියෙකුදු වෙයි, ... තිරිසන්ගතයෙක් වෙයි, තිරිසන්ගතයෙක යන හැඟීම් ඇත්තේ, ... විමති ඇත්තේ, ... ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ, ... පිරිමියෙක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේ ඒ තිරිසන්තගයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද දුකුළාඇවැත් වේ.
6. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං -පෙ-.
6. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති සංරක්තයෙක් වෙයි, මහණ තෙමේ ඒ ස්ත්‍රීන් දෙදෙනා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද, සඟවෙසෙස් දෙකෙකි. ...
7. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ-.
7. ස්ත්‍රියකුදු වෙයි, පණ්ඩකයෙකුදු වෙයි, දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති සංරක්තයෙකුත් වෙයි, මහණ තෙමේත් ඒ දෙදෙනා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
8. අනාපත්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන උපට්ඨහාති භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
8. “සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් යන පිරිකරින් උවටන් කරව”යි කියයි ද, (ඔහුට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නො වේ.
විනීතවත්ථු
විනිශ්චිතවස්තු
උද්දානගාථා:
උද්දානගාථා:
කථං වඤ්ඣා ලභෙ පුත්තං පියා ච සුභගා සියං, කිං දජ්ජං කෙනුපට්ඨෙය්යං, කථං ගච්ඡෙය්යං සුග්ගතින්ති.
කථංවඤ්ඣාවත්ථු, පුත්තවත්ථු, පියාවත්ථු, සුභගාවත්ථු, කිංදජ්ජාවත්ථු, කෙනුපට්ඨෙය්යවත්ථු, සුගතිං කථං ගච්ඡෙය්ය වත්ථු යි වස්තු සතෙකි:
1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා වඤ්ඣා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ විජායෙය්ය”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන”න්ති? “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (1)
1. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් වදන්නෙම් ද?”යි මෙය කිවුය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (1)
2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා විජායිනී ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ පුත්තං ලභෙය්ය”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (2)
2. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් පුතකු ලබන්නෙම් දැ?”යි කිවුය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්‍රදාන නම් යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (2)
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ සාමිකස්ස පියා අස්ස”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (3)
3. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් මම් හිමියාට ප්‍රිය වන්නෙම් දැ?” විචාළාය. “එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදාන නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (3)
4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං, භන්තෙ සුභගා අස්ස?න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (4)
4. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් ඉසුරුමතියක් වන්නෙම් දැ?” පුළුවුත. “එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දම ය”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (4)
5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “ක්යාහං භන්තෙ අය්යස්ස දජ්ජාමී?”ති. “අග්ගදානං භගිනී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (5)
5. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් ආර්‍ය්‍යයන් වහන්සේට කුමක් දෙන්නෙම් දැ?” විචාළාය. “නඟ, අග්‍ර දානය”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (5)
6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කෙනාහං, භන්තෙ අය්යං උපට්ඨෙමී?”ති. “අග්ගදානෙන භගිනී”ති. කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (6)
6. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කිමෙකින් ආර්‍ය්‍යයන් වහන්සේට උපස්ථාන කෙරෙම් දැ?” යි විචාළාය. “නඟ, අග්රදානයෙනි”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (6)
7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ, සුගතිං ගච්ඡෙය්ය?”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (7)
7. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් සුගතියට යන්නෙම් දැ?” යි කිවු ය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්‍රදාන යනු කිමැ?”යි ඕ විචාළාය. “මෙවුන්දමැ”යි කී ය. ... ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය” යි වදාළ සේක. (7)
අත්තකාමපාරිචරියසික්ඛාපදං නිට්ඨිතං.
අත්තකාමපාරිචරියශික්‍ෂාපදය නිමි.