දුට්ඨුල්ලවාචාසික්ඛාපදං
3. 3.
3. 3.
දුට්ඨුල්ලවාචාශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී අරඤ්ඤෙ විහරති. තස්සායස්මතො විහාරො අභිරූපො හොති දස්සනීයො පාසාදිකො. තෙන ඛො පන සමයෙන සම්බහුලා ඉත්ථියො ආරාමං ආගමංසු විහාරපෙක්ඛිකායො. අථ ඛො තා ඉත්ථියො යෙනා යස්මා උදායී, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොචුං: “ඉච්ඡාම මයං භන්තෙ අය්යස්ස විහාරං පෙක්ඛිතු”න්ති. අථ ඛො ආයස්මා උදායී තා ඉත්ථියො විහාරං පෙක්ඛාපෙත්වා තාසං ඉත්ථීනං වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති. යාචති’පි ආයාචති’පි පුච්ඡති’පි පටිපුච්ඡති’පි, ආචික්ඛති’පි අනුසාසති’පි, අක්කොසති’පි. යා තා ඉත්ථියො ඡින්නිකා ධුත්තිකා අහිරිකායො තා ආයස්මතා උදායිනා සද්ධිං ඌහසන්ති’පි උල්ලපන්ති’පි උජ්ඣග්ඝන්ති’පි උප්පණ්ඩෙන්ති’පි. යා පන තා ඉත්ථියො හිරිමනා තා නික්ඛමිත්වා භික්ඛූ උජ්ඣාපෙන්ති: “ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, සාමිකෙනපි මයං එවං වුත්තා න ඉච්ඡෙය්යාම, කිමිපනාය්යෙන උදායිනා”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත් උදායී තෙරුන්ගේ විහාරය මනරම් ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නේ ය. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සෙනස්න බැලියැටි වූවාහු ඒ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ආයුෂ්මත් උදායී තෙරුන් කරා එළඹියාහු ය. එළඹ ආයුෂ්මත් උදායී හට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේගේ විහාරය බලන්නට අපි කැමැත්තෙමු”යි කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ස්ත්රීන්ට විහාරය පෙන්වා ඒ ස්ත්රීන්ගේ වසමග පසමග ලක් කොට ගුණ ද කියයි. අගුණ ද කියයි. යදනේත් වෙයි. අයදනේත් වෙයි. විචාරණුයේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. අනුසස්නේත් වෙයි. හවන්නේත් වෙයි. යම් ඒ ස්ත්‍රී කෙනෙක් සුන් ඔතප් ඇත්තෝ සඨ වූවෝ ලජ්ජා නැත්තෝ වෙත් ද, ඔහු ආයුෂ්මත් උදායී තෙරුන් සමග මඳ සිනා පහළ කරන්නෝත් වෙත්. පොළඹවන බස් දොඩන්නෝත් වෙත්. මහ හඬින් සිනා සෙන්නෝ ද වෙත්. පරිහාස ද කෙරෙත්. යම් ඒ ස්ත්‍රී කෙනෙක් ලජ්ජා ඇත්තාහු ද ඔහු නික්ම ‘වහන්ස, මෙය නුසුදුසු ය. යෝග්‍ය නො වෙයි. හිමියා විසිනුදු මෙසේ කියන ලද්දා වූ අපි නො රුස්නෙමු. උදායී ආර්‍ය්‍යයන් වහන්සේ විසින් කියන ලදුමෝ කිම රුස්නමෝ ද?”යි භික්ෂූන්ට අවඥා කරත්. යම් ඒ අපිස් මහණහු වෙත් ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමුන්ට වසමග පසමග ඇරැබ තුළුල් තෙපුලින් ඔවස් බෙණේ ද?”යි අවඥා කෙරෙත්. අයුණු කියත්. දොස් පතුරුවත්. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උදායිං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසී”ති. “සච්චං, භගවා. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිස්සසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො, නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවං ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස්කරවා “උදායී, තෝ මාගමට තුළුල් තෙප්ලෙන් ඔවස් බිණූයෙහි සැබෑ ද?”යි ආයුෂ්මත් උදායී තෙරුන් පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්සැ”යි හේ කීය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වදාරණ සේක්, “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වෙයි. යෝග්‍ය නො වෙයි. මහණුන්ට නො ගැළපෙන්නෙක. නො කැප ය. නොකටයුත්තක. හිස් පුරුෂය, කවර කරුණකින් තෝ මාගමට තුළුල් තෙප්ලෙන් පහත් ලෙස බිණූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් සරාගය පිණිස නො ව විරාගය පිණිස නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස නො වේ”යි ... ගැරහූ සේක. ඉක්බිති මෙය වදාළ සේක: මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙය්ය යථා තං යුවා යුවතිං මෙථුනූපසංහිතාහි, සඞ්ඝාදිසෙසො”ති.
“යම් මහණෙක් තුළුල් තෙපුල් කියැටි රායෙන් මඩනා ලද්දේ පෙරළි සිතින් මිනිස් මාගමකට වසමග පසමග ඇරැබ මෙවුන්දම් පිළිබඳ තුළුල් තෙප්ලෙන් තරුණයකු තරුණියකට මෙන් ඔවස් බෙණේ නම් ඒ මහණහට සඟවෙසෙස් ඇවැත් වේ.”
3. යො පනා’ති යො යාදිසො -පෙ-
3. යෝපන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛු යනු ... මේ අරුත්හි මේ තෙමේ භික්ෂු ය යි අභිමත යි.
ඔතිණ්ණො නාම සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
ඔතිණ්ණ නම්: ඇලුම් ඇත්තේ, අපේක්ෂා ඇත්තේ, පිළිබඳ සිතැත්තේ යි.
විපරිණතන්ති රත්තම්පි චිත්තං විපරිණතං, දුට්ඨම්පි චිත්තං විපරිණතං, මූළ්හම්පි චිත්තං විපරිණතං. අපිච රත්තං චිත්තං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතං විපරිණතන්ති.
විපරිණතං යනු: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මූඪ වූ සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
මාතුගාමො නාම: මනුස්සිත්ථි, න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා, විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
මාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගැණීමට සමත් නුවණැති මාගම කි.
දුට්ඨුල්ලා වාචා නාම:වච්චමග්ගපස්සාවමග්ගමෙථුනධම්මප්පටිසංයුත්තා වාචා.
දුට්ඨුල්ලවාචා නම්: වසමග පසමග මෙවුන්දම් පිළිබඳ තෙපුල් ය.
ඔභාසෙය්යාති අජ්ඣාචාරො වුච්චති.
ඔහාසෙය්ය යනුයෙන් ආචාරව්යතික්රමය කියනු ලැබේ.
යථා තං යුවා යුවතින්ති දහරො දහරිං තරුණො තරුණිං කාමභොගී කාමභොගිනිං.
යථා තං යුවා යුවතිං යනු ගම්දරුවකු ගම්දැරියකට තරුණයකු තරුණියකට කම්සැප විඳින්නකු කම්සැප විඳින්නියකට කථා කරන්නාක් මෙනි.
මෙථුනූපසංහිතාහීති මෙථුනධම්මප්පටිසංයුත්තාහි.
මෙථුනූපසංහිතා යනු: මෙවුන්දම් පිළිබඳ තෙපුලින් ය.
සඞ්ඝාදිසෙසො’ති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසො’ති.
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඟවෙසෙස යි කියනු ලැබේ.
4. ද්වෙ මග්ගෙ ආදිස්ස වණ්ණම්පි භණති, අවණ්ණම්පි භණති, යාචති’පි, ආයාචති’පි, පුච්ඡති’පි, පටිපුච්ඡති’පි, ආචික්ඛති’පි, අනුසාසති’පි, අක්කොසති’පි.
4. දෙමග ඇරැබ ගුණත් කියයි. අගුණත් කියයි. යදින්නේත් වෙයි. අයදින්නේත් වෙයි. විචාරන්නේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. කියන්නේත් වෙයි. අනුශාසනා කරන්නේත් වෙයි. ආක්‍රෝශ කරන්නේත් වෙයි.
වණ්ණං භණති නාම: ද්වෙ මග්ගෙ ථොමෙති වණ්ණෙති පසංසති.
ගුණ කියයි යනු: දෙමග ගුණ කියයි. වණයි. පසසයි.
අවණ්ණං භණති නාම: ද්වෙ මග්ගෙ ඛුංසෙති වම්භෙති ගරහති.
අගුණ කියයි යනු: ගරහයි, අවමන් කෙරෙයි, නින්දා කෙරෙයි.
යාචති නාම: දෙහි මෙ අරහසි මෙ දාතුන්ති.
යදියි යනු: ‘මට දෙව, මට දීමට සුදුස්සෙහි ය’යි කියයි.
ආයාචති නාම: කදා තෙ මාතා පසීදිස්සති, කදා තෙ පිතා පසීදිස්සති, කදා තෙ දෙවතායො පසීදිස්සන්ති, කදා සුඛණො සුලයො සුමුහුත්තො භවිස්සති, කදා තෙ මෙථුනං ධම්මං ලභිස්සාමීති.
අයදියි යනු: කවරදා තීගේ මවු තුටු වන්නී ද? කවරදා තීගේ පියා තුටු වන්නේ ද? කවරදා තීගේ (ඉටු) දෙවියෝ පහදින්නාහු ද? කවරදා සුබ ක්ෂණය, සුබ ලය, සුබ මොහොත වන්නේ ද? කවරදා තිගේ මෙවුන්දම් ලබන්නෙම් ද? යී කියයි.
පුච්ඡති නාම: කථං ත්වං සාමිකස්ස දෙසි කථං ජාරස්ස දෙසී3ති?
විචාරයි යනු: ‘කෙසේ නම් තෝ සැමියාට දෙයි ද? කෙසේ නම් තෝ සොර සැමියාට දෙයි ද? යි ප්‍රශ්න කෙරෙයි.
පටිපුච්ඡති නාම: එවං කිර ත්වං සාමිකස්ස දෙසි එවං ජාරස්ස දෙසී3ති.
පිළිවිසියි යනු: ‘මෙසේ තෝ සැමියාට දෙයිල මෙසේ තෝ සොරසැමියාට දෙයිල’යි පිළිවිසියි.
ආචික්ඛති නාම: පුට්ඨො භණති “එවං දෙහි, එවං දෙන්තී සාමිකස්ස පියා භවිස්සසි මනාපා චා”ති.
කියයි යනු: විචාරන ලද්දේ “මෙසේ දෙව. මෙසේ දෙන්නිය හිමියාට ප්‍රිය ද මන වඩන්නී ද වන්නීය”යි කියයි.
අනුසාසති නාම: අපුට්ඨො භණති, “එවං දෙන්තී සාමිකස්ස පියා භවිස්සති මනාපා චා”ති.
අනුශාසන කෙරෙයි යනු: නො විචාරණ ලද්දේ “මෙසේ දෙන්නිය සැමියාට ප්‍රිය වන්නී ය, මන වඩන්නීය”යි කියයි.
අක්කොසති නාම: අනිමිත්තා’සි නිමිත්තමත්තා’සි අලොහිතා’සි ධුවලොහිතා’සි ධුවචොලා’සි පග්ඝරන්තී’සි සිඛරිණී’සි ඉත්ථිපණ්ඩකා’සි වෙපුරිසිකා’සි සම්භින්නා’සි උභතොබ්යඤ්ජනාසීති.
ආක්‍රෝශ කෙරෙයි යනු: ‘නිමිත්ත නැත්තී වෙහි, නොපිරිපුන් නිමිත්ත ඇත්තී වෙහි, ඔසප් නැත්තී වෙහි, නිති ඔසප් ඇත්තී වෙහි, නිති දරණ පිළි කඩ ඇත්තී වෙහි, මූ වගුරුවන්නී වෙහි, හිවී ගිය මස් ඇත්තී වෙහි, ස්ත්‍රීපණ්ඩක වෙහි, පිරිමි අයුරු ඇත්තී වෙහි, මුසු වූ හදන් ඇත්තී වෙහි, දෙහදන් ඇත්තී වෙහි’යි කියයි.
1. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති යාචති’පි ආයාචති’පි පුච්ඡති’පි පටිපුච්ඡති’පි, ආචික්ඛති’පි, අනුසාසති’පි, අක්කොසති’පි, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ-
1. ස්ත්‍රියකුදු වෙයි, ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති ඇලුනු මහණෙකුදු වෙයි, ස්ත්‍රියගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද, යදියි ද, අයදියි ද, විචාරයි ද, පිළිවිසියි ද, බෙණෙයි ද, අනුශාසනා කෙරෙයි ද, ආක්‍රෝශ කෙරෙයි ද, සඟවෙසෙස් ඇවැත් වේ. ...
2. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණංපි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං -පෙ-
2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙම ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි, ස්ත්‍රීන් දෙදෙනාගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද සඟවෙසෙස්ඇවැත් දෙකෙකි. ...
3. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ-
3. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙම දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි, ස්ත්‍රීන් දෙදෙනාගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
4. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ථුල්ලච්චයස්ස -පෙ-
4. ස්ත්‍රියකුදු වෙයි, මහණතෙම ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි. ස්ත්‍රියගේ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් මතු ගුණ කියයි ද, අගුණ කියයි ද, ආක්‍රෝශ කෙරෙයි ද ථුලැසි වේ. ...
5. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං -පෙ-
5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙම ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් උඩ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
6. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසතිපි, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස -පෙ-
6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් මතු ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
7. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති දුක්කටස්ස -පෙ-
7. ස්ත්‍රියක් ද වෙයි, මහණ තෙමේ ‘ස්ත්‍රියක’ යන හැඟීම් ඇත්තේ, ඇලුම් ඇත්තේ ද වෙයි. ස්ත්‍රියගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද, ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
8. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙමේ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රීන් දෙදෙනාගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
9. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
10. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති දුක්කටස්ස -පෙ-
10. ස්ත්‍රියක් ද වෙයි, මහණ තෙමේ ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රියගේ කය පිළිබඳ වූ වස්ත්‍රාදිය ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද, ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
11. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
11. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්. මහණ තෙමේ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ ද වෙයි. ඇලුනේ ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූ වස්ත්‍රාදිය ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
12. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්. මහණ තෙමේ දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
13. අනාපත්ති අත්ථපුරෙක්ඛාරස්ස, ධම්මපුරෙක්ඛාරස්ස, අනුසාසනීපුරෙක්ඛාරස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
13. ඔවා පෙරටුකොට, දහම් පෙරටු කොට අනුශාසන පෙරටු කොට කියන්නහුටත්, උමතුවූවහුටත් ආදිකර්මමිකයාටත් ඇවැත් නො වේ.
විනීතවත්ථු
විනිශ්චිතවස්තු
උද්දානගාථා:
උද්දානගාථා:
ලොහිතං කක්කසාකිණ්ණං ඛරං දීඝඤ්ච වාපිතං කච්චි සංසීදති මග්ගො සද්ධා දානෙන කම්මුනා’ති.
ලෝහිත වත්ථු, කක්කස ලොම වත්ථු, ආකිණ්ණ ලොම වත්ථු, ඛර ලොම වත්ථු, දීඝ ලොම වත්ථු, වාපිත වත්ථු, කච්චීසංසීදනමග්ග වත්ථු, සද්ධා වත්ථු, දාන වත්ථු, කම්ම වත්ථු, (තුනෙකැ) යි වස්තු දොළසෙකි:
1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි නවරත්තං කම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “ලොහිතං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය, නවරත්තො කම්බලො”ති. තස්ස කුක්කුච්චං අහොසි. “කච්චි නු ඛො අහං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නො”ති. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (1)
1. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අලුත රැඳූ කම්බලයක් පෙරෙවියා වෙයි. එක්තරා මහණෙක් සංරක්තවූයේ ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ ලෙය”යි කී ය. ඕ එබස නො දත්තී ‘එසේය, ආර්‍ය්‍යයන් වහන්ස, අලුත රැඳූ කම්බලයකි’යි කිවු ය. මහණහට “කිම, මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක.
2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි ඛරකම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “කක්කසලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය, ඛරකම්බලකො”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (2)
2. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් ගනලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්තවූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ කැකුළු ලෝමැ”යි කී ය. ඕ තොමෝ එ බස නො දත්තී “ආර්‍ය්‍යයන් වහන්ස, රළු ලොම් කම්බලයෙකි” යි ඕ කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (2)
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි නවාවුතං කම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “ආකිණ්ණලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය නවාවුතො කම්බලො”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (3)
3. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අලුත වියූ කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ ගැවසුනු ලොම් වේ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්‍ය්‍යයන් වහන්ස, අලුත වියූ කම්බලයකි” යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (3)
4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි ඛරකම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “ඛරලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය, ඛරකම්බලකො”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (4)
4. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අළුලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ රළු ලෝමැ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්‍ය්‍යයන් වහන්ස, කම්බලය රළුලොම් ඇත්තෙකැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (4)
5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි පාවාරං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “දීඝලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි, “ආමය්ය, පාවාරො” ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (5)
5. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් උතුරු සළුවක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “නඟ, තිගේ දිග ලොම්ය”යි කී ය. ඕ දැන නොගත්තී ය. “එසේ ය, ආර්‍ය්‍යයන් වහන්ස, උතුරුසළුවකි”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (5)
6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි ඛෙත්තං වපාපෙත්වා ආගච්ඡති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “වාපිතං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි “ආමය්ය, නො ච ඛො පටිවුත්ත”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (6)
6. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් කෙතක් වපුරවා එයි. එක්තරා මහණෙක් සංරක්ත වූයේ “නඟ, තිගේ කෙත වපුළේ ද?”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය, ආර්‍ය්‍යයන් වහන්ස, වැලිත් නැවත වපුළේ නො වේ ය”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (6)
7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පරිබ්බාජිකං පටිපථෙ පස්සිත්වා සාරත්තො තං පරිබ්බාජිකං එතදවොච: “කච්චි තෙ භගිනි මග්ගො සංසීදතී”ති. සා න පටිවිජානි. “ආම භික්ඛු පටිපජ්ජිස්සසී”ති . තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (7)
7. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග පිරිවැජියක දැක සංරක්ත වූයේ, ඒ පිරිවැජියට “කිම නඟ, තිගේ මග මැනැවින් පවත්නේ ද?”යි ඇසී ය. ඕ නො දත්තී ය. “එසේ ය මහණ, මග බැස යන්නැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (7)
8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො අඤ්ඤතරං ඉත්ථිං එතදවොච: “සද්ධා’සි ත්වං භගිනි අපි ච යං ත්වං සාමිකස්ස දෙසි තං නාම්හාකං දෙසී”ති . “කිං භන්තෙ”ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (8)
8. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ එක්තරා ස්ත්‍රියකට “නඟ, ශ්‍රද්ධා ඇති වෙහි ය. එහෙත් තෝ යමක් හිමියාට දෙයි නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, කිමෙක් දැ?”යි ඕ කිවු ය. “මෙවුන්දමය”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (8)
9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො අඤ්ඤතරං ඉත්ථිං එතදවොච: “සද්ධා’සි ත්වං භගිනි. අපි ච යං අග්ගදානං තං නාම්හාකං දෙසී”ති. “කිං භන්තෙ අග්ගදාන”න්ති. “මෙථුන ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (9)
9. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියකට “නඟ, තෝ සැදැහැවත් ය. වැලිත් යම් අග්රදානයෙක් වේ නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි කිවු ය. “මෙවුන්දමය”යි කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි වදාළ සේක. (9)
10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කම්මං කරොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “තිට්ඨ භගිනි අහං කරිස්සාමී”ති -පෙ- “නිසීද භගිනි අහං කරිස්සාමී”ති. -පෙ- “නිපජ්ජ භගිනි අහං කරිස්සාමී”ති. සා න පටිවිජානි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (10-11-12)
10. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් කිසි කටයුත්තක් කෙරෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “නඟ, සිටුව මම් කරන්නෙමි” ... “නඟ, හිඳුව. මම් කරන්නෙමි” ... “නඟ, වැදහෙව. මම් කරන්නෙමි” යි කී ය. ඕ දැන නො ගත්තී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළා ඇවැත්වේ”යි වදාළ සේක. (10. 11. 12.)
දුට්ඨුල්ලවාචාසික්ඛාපදං නිට්ඨිතං.
දුට්ඨුල්ලාවාචාශික්ෂාපදය නිමි.