යෙදුමෙන් කියවන්න

කායසංසග‍්ගසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

කායසංසග‍්ගසික‍්ඛාපදවණ‍්ණනා

කායසංසර්‍ග ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති කායසංසග‍්ගසික‍්ඛාපදං. තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා – අරඤ‍්ඤෙ විහරතීති න ආවෙණිකෙ අරඤ‍්ඤෙ, ජෙතවනවිහාරස‍්සෙව පච‍්චන‍්තෙ එකපස‍්සෙ. මජ‍්ඣෙ ගබ‍්භොති තස‍්ස ච විහාරස‍්ස මජ‍්ඣෙ ගබ‍්භො හොති. සමන‍්තා පරියාගාරොති සමන‍්තා පනස‍්ස මණ‍්ඩලමාළපරික‍්ඛෙපො හොති. සො කිර මජ‍්ඣෙ චතුරස‍්සං ගබ‍්භං කත්‍වා බහි මණ‍්ඩලමාළපරික‍්ඛෙපෙන කතො, යථා සක‍්කා හොති අන‍්තොයෙව ආවිඤ‍්ඡන‍්තෙහි විචරිතුං.

“තෙන සමයෙන බුද්ධො භගවා” යනු කායසංසර්‍ග ශික්‍ෂාපදයයි. එහි මේ ප්‍රකාශ නොකළ පදයන්ගේ වර්‍ණනාවයි. “අරඤ්ඤෙ විහරති” පරම්පරාවකට අයත් වනයක නොවේ. ජෙතවන විහාරයෙහිම කෙළවර එක් පසෙහි “මක්‍ඛෙගබ්හො” ඒ විහාරයෙහිම මැද ගර්‍භයක් වේ. “සමන්තාපරියාගාරො” - මේ ගර්‍භය හාත්පස නිෂද්‍යශාලාවෙන් කළ පිරිකෙව් ඇත්තේය. ඒ උදායී ස්ථවිරතෙමේ මැද සිවුරැස් ගබඩාවක්කොට පිටත නිෂද්‍යශාලා පරික්‍ෂෙපයෙන් ඇතුළතම වට කැරකැවෙන්නහු විසින් හැසිරෙන්නට යම්සේ හැකිවේද එසේ කෙළේය.

සුපඤ‍්ඤත‍්තන‍්ති සුට‍්ඨ ඨපිතං, යථා යථා යස‍්මිං යස‍්මිඤ‍්ච ඔකාසෙ ඨපිතං පාසාදිකං හොති ලොකරඤ‍්ජකං තථා තථා තස‍්මිං තස‍්මිං ඔකාසෙ ඨපිතං, වත‍්තසීසෙන හි සොං එකකිච‍්චම‍්පි න කරොති. එකච‍්චෙ වාතපානෙ විවරන‍්තොති යෙසු විවටෙසු අන්‍ධකාරො හොති තානි විවරන‍්තො යෙසු විවටෙසු ආලොකො හොති තානි ථකෙන‍්තො.

“සුපඤ්ඤත්තං” මැනවින් තබන ලද්දේය. යම් යම් ලෙසකින් යම් යම් අවකාශයක තබන ලද්ද ප්‍රසාද එළවන්නේවේද, ලෝකයා රඳවන්නේද ඒ ඒ ලෙසින් ඒ ඒ අවකාශයෙහි තබන ලද්දේය. හෙතෙමේ වත්හිසින් එක් කිසකුත් නොකරන්නේය. “එකච්චෙ වාතපානෙ විවරන්තො” යම් කවුළු විවෘත කළකල්හි අන්‍ධකාරය වේද, ඒ කවුළු වසමින්

එවං වුත‍්තෙ සා බ්‍රාහ‍්මණී තං බ්‍රාහ‍්මණං එතදවොචාති එවං තෙන බ්‍රාහ‍්මණෙන පසංසිත්‍වා වුත‍්තෙ සා බ්‍රාහ‍්මණී “පසන‍්නො අයං බ්‍රාහ‍්මණො පබ‍්බජිතුකාමො මඤ‍්ඤෙ”ති සල‍්ලක‍්ඛෙත්‍වා නිගූහිතබ‍්බම‍්පි තං අත‍්තනො විප‍්පකාරං පකාසෙන‍්තී කෙවලං තස‍්ස සද‍්ධාවිඝාතාපෙක‍්ඛා හුත්‍වා එතං “කුතො තස‍්ස උළාරත‍්තතා”තිආදිවචනමවොච. තත්‍ථ උළාරො අත‍්තා අස‍්සාති උළාරත‍්තා, උළාරත‍්තනො භාවො උට‍්ඨාරත‍්තතා. කුලිත්‍ථීහීතිආදීසු කුලිත්‍ථියො නාම ඝරස‍්සාමිනියො. කුලධීතරො නාම පුරිසන‍්තරගතා කුලධීතරො . කුලකුමාරියො නාම අනිවිට‍්ඨා වුච‍්චන‍්ති. කුලසුණ‍්හා නාම පරකුලතො ආනීතා කුලදාරකානං වධුයො.

‘එවං වුත්තෙ සා බ්‍රාහ්මණීතං බ්‍රාහ්මණං එතදවොච” මෙසේ ඒ බ්‍රාහ්මණයා විසින් පසසා කියූකල්හි ඒ බැමිණිතොමෝ මේ බමුණු පහන්වූයේ පැවිදිවනු කැමැත්තේයයි හඟනේයයි සලකා වැසියයුතුවූද තමාගේ විප්‍රකාරය පවසන්නී හුදෙක් ඔහුගේ ශ්‍රද්ධාව නැසීම බලාපොරොත්තුවන්නී “එතං කුතො තස්ස උළාරත්තතා” යනාදී වූ වචනය කිවූය. එහි මහත්වූ ප්‍රණීතාධිමුත්ති මෝහටහුයි උළාරත්තා නම. මහත්වූ ප්‍රණීතාධිමුත්තියෙහි භාවය උළාරත්තතා නම. “කුලිත්‍ථිභි” යනාදිතන්හි කුලස්ත්‍රීහු නම් ගෘහසාමිනීත්‍රය කුලදුහිතත්හු නම් පුරුෂයන් අතරට ගිය කුලදුහිතෲහුය. කුලකුමාරීහු නම් සරණ නොගිය කුලදුහිතෲයයි කියනු ලැබෙත්. කුලසුණ්හා නම් අන්‍යකුලයකින් ආවාහ වශයෙන් ගෙනෙනලද කුලදරුවන්ගේ අඹුවෝය.

ඔතිණ‍්ණොති යක‍්ඛාදීහි විය සත‍්තා අන‍්තො උප‍්පජ‍්ජන‍්තෙන රාගෙන ඔතිණ‍්ණො, කූපාදීනි විය සත‍්තා අසමපෙක‍්ඛිත්‍වා රජනීයෙ ඨානෙ රජ‍්ජන‍්තො සයං වා රාගං ඔතිණ‍්ණො, යස‍්මා පන උභයථාපි රාගසමඞ‍්ගිස‍්සෙවෙතං අධිවචනං, තස‍්මා “ඔතිණ‍්ණො නාම සාරත‍්තො අපෙක‍්ඛවා පටිබද‍්ධචිත‍්තො”ති එවමස‍්ස පදභාජනං වුත‍්තං.

“ඔතිණ්ණො” යක්‍ෂාදීන් කරණකොට සත්ත්‍වයන් මෙන් ඇතුළත උපදින රාගයෙන් හෝ ළිං ආදියට සත්ත්‍වයන් මෙන් බටුයේය. යථාස්වභාවය පරීක්‍ෂා නොකොට ඇලිය යුතු තැන ඇලෙමින් තෙමේ හෝ රාගයට බටුයේය. යම්හෙයකින් දෙඅයුරින්ම රාගයෙන් යුක්තවූවහුට මේ නම්වේද, එහෙයින් “ඔතිණ්ණනාම සාරත්තො අපෙක්‍ඛවා පටිබද්ධචිත්තො’යි මෙසේ මේ පදයෙහි පදභාජනය වදාරන ලද්දේය.

තත්‍ථ සාරත‍්තොති කායසංසග‍්ගරාගෙන සුට‍්ඨු රත‍්තො. අපෙක‍්ඛවාති කායසංසග‍්ගාපෙක‍්ඛාය අපෙක‍්ඛවා. පටිබද‍්ධචිත‍්තොති කායසංසග‍්ගරාගෙනෙව තස‍්මිං වත්‍ථුස‍්මිං පටිබද‍්ධචිත‍්තො. විපරිණතෙනාති පරිසුද‍්ධභවඞ‍්ගසන‍්තතිසඞ‍්ඛාතං පකතිං විජහිත්‍වා අඤ‍්ඤථා පවත‍්තෙන, විරූපං වා පරිණතෙන විරූපං පරිවත‍්තෙන, යථා පරිවත‍්තමානං විරූපං හොති එවං පරිවත‍්තිත්‍වා ඨිතෙනාති අධිප‍්පායො.

එහි “සාරත්තො” කායසංසර්‍ග රාගයෙන් මොනවට රත්වූයේය. “අපෙක්‍ඛවා” කායසංසර්‍ගාපෙක්‍ෂාවෙන් අපෙක්‍ෂා ඇත්තේය. “පටිබද්ධචිත්තො” කායසංසර්‍ග රාගයෙන්ම ඒ වස්තුවෙහි පිළිබඳ සිත් ඇත්තේය. “විපරිණතෙන” පිරිසිදු වූ භවඞ්ගසන්තති සඞ්ඛ්‍යාත ප්‍රකෘතිය හැර අන් අයුරකින් පැවති විරූපයට හෝ පෙරළුණු, වෙසෙසින් පෙරළුණු යම් ලෙසකින් පෙරළෙනුයේ විරූපවේද, එසේ පෙරළීසිටි සිතින්, යනු අභිප්‍රායයි.

යස‍්මා පනෙතං රාගාදීහි සම‍්පයොගං නාතිවත‍්තති, තස‍්මා “විපරිණතන‍්ති රත‍්තම‍්පි චිත‍්ත”න‍්තිආදිනා නයෙනස‍්ස පදභාජනං වත්‍වා අන‍්තෙ ඉධාධිප‍්පෙතමත්‍ථං දස‍්සෙන‍්තො “අපිච රත‍්තං චිත‍්තං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතං විපරිණත”න‍්ති ආහ.

යම්හෙයකින් රාගාදිය හා ඒ යෙදීම, නොඉක්මවාද, එහෙයින් “විපරිණතන්ති රත්තම්පි චිත්තං” යනාදි නයින් මේ පදෙහි පද බෙදුම වදාරා කෙළවර මෙහි අභිප්‍රෙතාර්‍ත්‍ථය දක්වනසේක් “අපි ච රත්තං චිත්තං ඉමස්මිං අත්‍ථෙ අධිප්පෙතං විපරීණතං” යනු වදාළ සේක.

තදහුජාතාති තංදිවසං ජාතා ජාතමත‍්තා අල‍්ලමංසපෙසිවණ‍්ණා, එවරූපායපි හි සද‍්ධිං කායසංසග‍්ගෙ සඞ‍්ඝාදිසෙසො, මෙථුනවීතික‍්කමෙ පාරාජිකං, රහො නිසජ‍්ජස‍්සාදෙ පාචිත‍්තියඤ‍්ච හොති. පගෙවාති පඨමමෙව.

“තදනුජාතා” එදවස උපන්නාවූ, උපන් කෙණෙහි හෙයින් තෙත් මස්වැදිලි පැහැ ඇත්තාවූ මෙවැන්නියක සමගද කායසංසර්‍ගය නිමිතිකොට සඞ්ඝාදිසෙසය වේ. මෛථුනව්‍යතික්‍රමය නිමිතිකොට පාරාජිකය වේ. රහොනිෂද්‍යස්වාදය නිමිතිකොට පාචිත්තියද වේ. “පගෙව” පළමුකොට

කායසංසග‍්ගං සමාපජ‍්ජෙය්‍යාති හත්‍ථග‍්ගහණාදිකායසම‍්පයොගං කායමිස‍්සීභාවං සමාපජ‍්ජෙය්‍ය, යස‍්මා පනෙතං සමාපජ‍්ජන‍්තස‍්ස යො සො කායසංසග‍්ගො නාම සො අත්‍ථතො අජ‍්ඣාචාරො හොති, රාගවසෙන අභිභවිත්‍වා සඤ‍්ඤමවෙලං ආචාරො, තස‍්මාස‍්ස සඞ‍්ඛෙපන අත්‍ථං දස‍්සෙන‍්තො “අජ‍්ඣාචාරො වුච‍්චතී”ති පදභාජනමාහ.

“කායසංසග්ග සමාපජ්ජෙය්‍ය” යනු අත් ගැනීම් ආදියෙන් කය හා යෙදීමට කාය මිශ්‍රික භාවයට පැමිණෙන්නේය. යම්හෙයකින් මෙයට පැමිණෙන්නහුගේ යම් ඒ කාය සංසර්‍ගයක් වේද, එය අර්‍ත්‍ථ වශයෙන් අධ්‍යාචාරය වේ. රාගවසයෙන් ශීල පරිච්ඡෙදය මැඩ පවත්වා අත්ගැනීම් ආදිවසයෙන් පැවති ක්‍රියාය. එහෙයින් ‘අස්ස කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය’ යන මේ පදයයන්හි අර්‍ත්‍ථය සැකෙවින් දක්වනසේක් “අජ්ඣාචාරො වුච්චති”යි පදභාජනය වදාළ සේක.

හත්‍ථග‍්ගාහං වාතිආදිභෙදං පනස‍්ස විත්‍ථාරෙන අත්‍ථදස‍්සනං. තත්‍ථ හත්‍ථාදීනං විභාගදස‍්සනත්‍ථං “හත්‍ථො නාම කප‍්පරං උපාදායා”තිආදිමාහ තත්‍ථ කප‍්පරං උපාදායාති දුතියං. මහාසන්‍ධිං උපාදාය. අඤ‍්ඤත්‍ථ පන මණිබන්‍ධතො පට‍්ඨාය යාව අග‍්ගනඛා හත්‍ථො ඉධ සද‍්ධිං අග‍්ගබාහාය කප‍්පරතො පට‍්ඨාය අධිප‍්පෙතො.

“හත්‍ථගාහං වා” යනාදිභෙදය මේ පදයෙහි විස්තර විසින් අර්‍ත්‍ථ දැක්ම වේ. එහි හස්තාදීන්ගේ විභාගය දැක්වීම පිණිස “හත්‍ථො නාම කප්පරං උපාදාය” යනාදිය වදාළ සේක. එහි “කප්පරං උපාදාය” යනු දෙවන මහාසන්‍ධිය පටන්. අන් තන්හි මැණික්කටුව පටන් නියඅග තෙක් හස්තයයි. මෙහි අගබාහුව සමග වැළමිට පටන් අදහස් කරන ලදී.

සුද‍්ධකෙසා වාති සුත‍්තාදීහි අමිස‍්සා සුද‍්ධා කෙසායෙව. වෙණීති තීහි කෙසවට‍්ටීහි විනන්‍ධිත්‍වා කතකෙසකලාපස‍්සෙතං නාමං. සුත‍්තමිස‍්සාති පඤ‍්චවණ‍්ණෙන සුත‍්තෙන කෙසෙ මිස‍්සෙත්‍වා කතා. මාලාමිස‍්සාති වස‍්සිකපුප‍්ඵාදීහි මිස‍්සෙත්‍වා තීහි කෙසවට‍්ටීහි විනන්‍ධිත්‍වා කතා, අවිනද‍්ධොපි වා කෙවලං පුප‍්ඵමිස‍්සකො කෙසකලාපො ඉධ “වෙණී”ති වෙදිතබ‍්බො. හිරඤ‍්ඤමිස‍්සාති කහාපණමාලාය මිස‍්සෙත්‍වා කතා. සුවණ‍්ණමිස‍්සාති සුවණ‍්ණචීරකෙහි වා පාමඞ‍්ගාදීහි වා මිස‍්සෙත්‍වා කතා. මුත‍්තාමිස‍්සාති මුත‍්තාවලීහි මිස‍්සෙත්‍වා කතා. මණිමිස‍්සාති සුත‍්තාරූළ‍්හෙහි මණීහි මිස‍්සෙත්‍වා කතා. එතාසු හි යංකිඤ‍්චි වෙණිං ගණ‍්හන‍්තස‍්ස සඞ‍්ඝාදිසෙසොයෙව. “අහං මිස‍්සකවෙණිං අග‍්ගහෙසි”න‍්ති වදන‍්තස‍්ස මොක‍්ඛො නත්‍ථි. වෙණිග‍්ගහණෙන චෙත්‍ථ කෙසාපි ගහිතාව හොන‍්ති, තස‍්මා යො එකම‍්පි කෙසං ගණ‍්හාති තස‍්සපි ආපත‍්තියෙව.

“සුද්ධ කෙසාවාහූ” ආදීන් සමග මිශ්‍ර නොවූ පිරිසිදු කෙස් පිළිබඳමය. “වෙණිං” කෙස්වැටි තුනකින් වෙළා කළ කෙස් කළඹට මේ නමකි. “සුත්තමිස්සා” පස්පැහැති හුයින් කෙස් මිශ්‍රකොට කරන ලදය. “මාලාමිස්සා” සීනිද්ද මල්ආදිය මිශ්‍රකොට කෙස්වැටි තුනකින් වෙළා කරන ලදය. නොගෙතු හෝ හුදු මලින් මිශ්‍රවූ කෙස්කළඹ මෙහි වෙණියයි දතයුතුය. “හිරඤ්ඤමිස්සා” කහවණු මාලාවෙන් මිශ්‍රකොට කරන ලදය. “සුවණ්ණමිස්සා” රන් වැහරියෙන් හෝ හවඩිදම් ආදියෙන් හෝ මිශ්‍රකොට කරන ලදය. “මුත්තාමිස්සා” මුතුවැලින් මිශ්‍ර කොට කරන ලදය. “මණිමිස්සා” හූවලින් ඇවුණු මිණියෙන් මිශ්‍රකොට කරන ලදය. මොවුන් අතුරෙහි යම් කිසි කෙස්කළඹක් ගන්නහුට සඞ්ඝාදිසෙසයම වේ. ‘මම මිශ්‍රක වෙණියක් ගත්තෙමි’යි කියන්නහුට ඇවැතින් මිදීමක් නැත්තේය. මෙහි වෙළු ග්‍රහණයෙන්ම කෙශයද ගන්නා ලද්දහුම වෙති. එහෙයින් යමෙක් එක්ම කෙශයක් ගනීද ඒ මහණහුටද ඇවැත්මය.

හත්‍ථඤ‍්ච වෙණිඤ‍්ච ඨපෙත්‍වාති ඉධ වුත‍්තලක‍්ඛණං හත්‍ථඤ‍්ච සබ‍්බප‍්පකාරඤ‍්ච වෙණිං ඨපෙත්‍වා අවසෙසං සරීරං “අඞ‍්ග”න‍්ති වෙදිතබ‍්බං. එවං පරිච‍්ඡින‍්නෙසු හත්‍ථාදීසු හත්‍ථස‍්ස ගහණං හත්‍ථග‍්ගාහො, වෙණියා ගහණං වෙණිග‍්ගාහො, අවසෙසසසරීරස‍්ස පරාමසනං අඤ‍්ඤතරස‍්ස වා අඤ‍්ඤතරස‍්ස වා අඞ‍්ගස‍්ස පරාමසනං, යො තං හත්‍ථග‍්ගාහං වා වෙණිග‍්ගාහං වා අඤ‍්ඤතරස‍්ස වා අඤ‍්ඤතරස‍්ස වා අඞ‍්ගස‍්ස පරාමසනං සමාපජ‍්ජෙය්‍ය, තස‍්ස සඞ‍්ඝාදිසෙසො නාම ආපත‍්තිනිකායො හොතීති. අයං සික‍්ඛාපදස‍්ස අත්‍ථො.

“හත්‍ථඤ්ච වෙණිඤ්ච ඨපෙත්‍වා” මෙහි කියූ ලකුණු ඇති අතර සර්‍වප්‍රකාරවූ වෙණියද හැර සෙසු සිරුර අඞ්ගජයි දතයුතුය. මෙසේ පිරිසිඳි අත් ආදීන් අතුරෙහි අත ගැනීම හත්‍ථගාහ නමි. වෙනිය ගැනීම වෙණිගාහ නමි. සෙසු සිරුර පිරිමැඬුම යම්ම අවයවයක පිරිමැඬීමය. යමෙක් ඒ අතගැනීමට හෝ වෙනිය ගැනීමට හෝ යම්ම අවයවයක පිරිමැඩීමට පැමිණෙන්නේනම් ඒ මහණහුට සඞ්ඝාදිසෙස නම් ආපත්ති සමූහයවේය යනු මේ ශික්‍ෂාපදයේ අර්‍ත්‍ථය වේ.

යස‍්මා පන යො ච හත්‍ථග‍්ගාහො යො ච වෙණිග‍්ගාහො යඤ‍්ච අවසෙසස‍්ස අඞ‍්ගස‍්ස පරාමසනං තං සබ‍්බම‍්පි භෙදතො ද‍්වාදසවිධං හොති, තස‍්මා තං භෙදං දස‍්සෙතුං “ආමසනා පරාමසනා”තිආදිනා නයෙනස‍්ස පදභාජනං වුත‍්තං. තත්‍ථ යඤ‍්ච වුත‍්තං “ආමසනා නාම ආමට‍්ඨමත‍්තා”ති යඤ‍්ච “ඡුපනං නාම ඵුට‍්ඨමත‍්ත”න‍්ති, ඉමෙසං අයං විසෙසො – ආමසනාති ආමජ‍්ජනා ඵුට‍්ඨොකාසං අනතික‍්කමිත්‍වාපි තත්‍ථෙව සඞ‍්ඝට‍්ටනා. අයඤ‍්හි “ආමට‍්ඨමත‍්තා”ති වුච‍්චති. ඡුපනන‍්ති අසඞ‍්ඝට‍්ටෙත්‍වා ඵුට‍්ඨමත‍්තං.

යම්හෙයකින්, යම් අත්ගැනුමක් හෝ වලිගය ගැනුමක් හෝ යම්ම අවයවයක පිරිමැඩුමෙන් හෝ වේද, ඒ සියල්ල ප්‍රභෙද විසින් සොළොස් වැදෑරුම් වේ, එහෙයින් ඒ භෙදය දක්වන්නට “ආමසනා පරාමසනා” යනාදි නයින් එහි පදභාජනය වදාළ සේක. එහි “ආමසනා නාම ආමට්ඨමත්තා” යමක් කියන ලදද, “පූජනං නාම ඵුට්ඨමත්තං”යි යමක් කියන ලදද, මොවුන්ගේ මේ විශේෂය වේ. “ආමසනා” ආමර්‍ශයයි. අතගෑමය. පැහැසූ අවකාශය නොඉක්මවා එහිම ගැටීමය. මෝ ආමර්‍ශමාත්‍රායි කියනු ලැබේ. “ඡුපනං” ස්පර්‍ශ කිරීම්මාත්‍රය. නොගටා පැහැසූ පමණය.

යම‍්පි උම‍්මසනාය ච උල‍්ලඞ‍්ඝනාය ච නිද‍්දෙසෙ “උද‍්ධං උච‍්චාරණා”ති එකමෙව පදං වුත‍්තං. තත්‍රාපි අයං විසෙසො – පඨමං අත‍්තනො කායස‍්ස ඉත්‍ථියා කායෙ උද‍්ධං පෙසනවසෙන වුත‍්තං, දුතියං ඉත්‍ථියා කායං උක‍්ඛිපනවසෙන, සෙසං පාකටමෙව.

උම්මසනා යන පදයටද, උල්ලඞ්ඝනා යන පදයටද නිර්‍දෙශයෙහි උඩට සෙලවීම යයි යම් එක්ම පදයක් කියන ලදී. එහිදු මේ විශේෂය වේ. පළමු පදය තමාගේ කය ස්ත්‍රියගේ සිරුරෙහි මතුපිට යැවීම් වසයෙන් කියන ලදී. දෙවන පදය ස්ත්‍රියගේ කය එසවීම් වසයෙන් කියන ලදී. සෙස්ස ප්‍රකටමය.

ඉදානි ය‍්වායං ඔතිණ‍්ණො විපරිණතෙන චිත‍්තෙන කායසංසග‍්ගං සමාපජ‍්ජති, තස‍්ස එතෙසං පදානං වසෙන විත්‍ථාරතො ආපත‍්තිභෙදං දස‍්සෙන‍්තො “ඉත්‍ථී ච හොති ඉත්‍ථිසඤ‍්ඤී සාරත‍්තො ච භික‍්ඛු ච නං ඉත්‍ථියා කායෙන කාය”න‍්තිආදිමාහ. තත්‍ථ භික‍්ඛු ච නං ඉත්‍ථියා කායෙන කායන‍්ති සො සාරත‍්තො ච ඉත්‍ථිසඤ‍්ඤී ච භික‍්ඛු අත‍්තනො කායෙන. නන‍්ති නිපාතමත‍්තං. අථ වා එතං තස‍්සා ඉත්‍ථියා හත්‍ථාදිභෙදං කායං. ආමසති පරාමසතීති එතෙසු චෙ එකෙනාපි ආකාරෙන අජ‍්ඣාචරති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. තත්‍ථ සකිං ආමසතො එකා ආපත‍්ති, පුනප‍්පුනං ආමසතො පයොගෙ පයොගෙ සඞ‍්ඝාදිසෙසො.

දැන් යම් මේ එකෙක් කායසංසර්‍ග රාගයට බටුයේ පෙරළුණු සිතින් යම් කායසංසර්‍ග රාගයකට පැමිණේද, ඔහු පිළිබඳ මේ පදයන්ගේ වසයෙන් විස්තර විසින් ආපත්තිභෙදය දක්වන සේක් “ඉත්‍ථි ච හොති ඉත්‍ථිසඤ්ඤී සාරත්තො ච භික්‍ඛු ච නං ඉත්‍ථියා කායෙන කායං” යනාදිය වදාළ සේක. එහි “භික්‍ඛු ච නං ඉත්‍ථියා කායෙන කායං” කායසංසර්‍ග රාගයෙන් රත්වූද ස්ත්‍රිය යන හැඟීම් ඇත්තාවූද, ඒ මහණතෙමේ තමන්ගේ කයින්. නං යනු නිපාතමාත්‍රයි. නොහොත් ඒ ස්ත්‍රියගේ මේ හස්තාදිභෙද ඇති කය. “ආමසනි, පරාමසති,” ආමර්‍ශනය කරයි. පරාමර්‍ශනය කරයි යන මොවුන් අතුරෙහි එක් ආකාරයෙනුදු ව්‍යතික්‍රමය කෙරේනම් සඞ්ඝාදිසෙසාපත්තිය වේ. එහි එක්වරක් ආමර්‍ශනය කරන්නහුට එක් ඇවැතක් වේ. නැවත නැවත ආමර්‍ශනය කරන්නහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා සඞ්ඝාදිසෙසය වේ.

පරාමසන‍්තොපි සචෙ කායතො අමොචෙත්‍වාව ඉතො චිතො ච අත‍්තනො හත්‍ථං වා කායං වා සඤ‍්චොපෙති හරති පෙසෙති දිවසම‍්පි පරාමසතො එකාව ආපත‍්ති. සචෙ කායතො මොචෙත්‍වා මොචෙත්‍වා පරාමසති පයොගෙ පයොගෙ ආපත‍්ති.

පරාමර්‍ශනය කරන්නේද කයින් අත නොමුදා ඔබමොබද තමාගේ අත හෝ කය මෙහෙයවාද, පහකෙරේද, යවාද, එසේ දවස මුළුල්ලෙහිද පරාමර්‍ශනය කරන්නහුට එක්ම සඞ්ඝාදිසෙසපත්තියක් වේ. ස්ත්‍රියගේ කයින් තමාගේ අත මුදමුදා ආමර්‍ශනය කෙරේද ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ.

ඔමසන‍්තොපි සචෙ කායතො අමොචෙත්‍වාව ඉත්‍ථියා මත්‍ථකතො පට‍්ඨාය යාව පාදපිට‍්ඨිං ඔමසති එකාව ආපත‍්ති. සචෙ පන උදරාදීසු තං තං ඨානං පත්‍වා මුඤ‍්චිත්‍වා මුඤ‍්චිත්‍වා ඔමසති පයොගෙ පයොගෙ ආපත‍්ති. උම‍්මසනායපි පාදතො පට‍්ඨාය යාව සීසං උම‍්මසන‍්තස‍්ස එසෙව නයො.

“ඔමසන්තො” යටට පිරිමදින්නේද කයින් අත නොමදාම ස්ත්‍රියගේ හිසපටන් පාපිට තෙක් ආමර්‍ශනය කෙරේද, එක්ම සඞ්ඝාදිසෙසපත්තියක් වේ. උදරාදීන් අතුරෙහි ඒ ඒ තැනට පැමිණ මුදමුදා ආමර්‍ශනය කෙරේද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. “උම්මසනාය”ය. උඩට පිරිමැදීමෙහිද පය පටන් හිසතෙක් උඩට පිරිමදින්නහුට මෙම නයවේ.

ඔලඞ‍්ඝනාය මාතුගාමං කෙසෙසු ගහෙත්‍වා නාමෙත්‍වා චුම‍්බනාදීසු යං අජ‍්ඣාචාරං ඉච‍්ඡති තං කත්‍වා මුඤ‍්චතො එකාව ආපත‍්ති. උට‍්ඨිතං පුනප‍්පුනං නාමයතො පයොගෙ පයොගෙ ආපත‍්ති. උල‍්ලඞ‍්ඝනායපි කෙසෙසු වා හත්‍ථෙසු වා ගහෙත්‍වා වුට‍්ඨාපයතො එසෙව නයො.

“ඔලඞ්ඝතාය” යටට නැමීමෙහි හෙවත් කර කැවීමෙහි. මාගමක කෙස්වලින් අල්ලාගෙන නමා ඉඹීම් ආදීන් අතුරෙහි යම් අනාචාරයක් කැමැත්තේද ඒ අනාචාරයකොට මුදන්නහුට එක්ම ඇවැතක් වේ. නැගී සිටි තැනැත්තිය නැවත නැවැත නමන්නහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. “උල්ලඞ්ඝනායපි” උඩට නැමීමෙහිද කෙස්වලින් හෝ අත්වලින් හෝ අල්ලාගෙන නැගිටවන්නහුට මෙම නයවේ.

ආකඩ‍්ඪනාය අත‍්තනො අභිමුඛං ආකඩ‍්ඪන‍්තො යාව න මුඤ‍්චති තාව එකාව ආපත‍්ති. මුඤ‍්චිත්‍වා මුඤ‍්චිත්‍වා ආකඩ‍්ඪන‍්තස‍්ස පයොගෙ පයොගෙ ආපත‍්ති. පතිකඩ‍්ඪනායපි පරම‍්මුඛං පිට‍්ඨියං ගහෙත්‍වා පටිප‍්පණාමයතො එසෙව නයො.

“ආකඩ්ඪනාය” තමා වෙතට ඇදගැනීමෙහි. තමාට අභිමුඛකොට අදින්නේ යම්තාක් නොමුදාද, එක්ම ඇවැතක් වේ. මුදමුදා අදින්නහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේයයි “පතිකඩ්ඪනාය”. තමන් වෙතට හරවා ගැනීමෙහිද පිටිපෑ තැනැත්තිය පිටින් අල්ලාගෙන තමා වෙතට නතුකරන්නහුට මේ නයවේ.

අභිනිග‍්ගණ‍්හනාය හත්‍ථෙ වා බාහාය වා දළ‍්හං ගහෙත්‍වා යොජනම‍්පි ගච‍්ඡතො එකාව ආපත‍්ති. මුඤ‍්චිත්‍වා පුනප‍්පුනං ගණ‍්හතො පයොගෙ පයොගෙ ආපත‍්ති. අමුඤ‍්චිත්‍වා පුනප‍්පුනං ඵුසතො ච ආලිඞ‍්ගතො ච පයොගෙ පයොගෙ ආපත‍්තීති මහාසුමත්‍ථෙරො ආහ. මහාපදුමත්‍ථෙරො පනාහ – “මූලග‍්ගහණමෙව පමාණං, තස‍්මා යාව න මුඤ‍්චති තාව එකා එව ආපත‍්තී”ති.

“අභිනිග්ගණ්හනාය” සිරුරු අවයව ගෙණ පෙළීමෙහි. වැළමිට පටන් අත හෝ වැළමිටින් උඩ බාහුව හෝ දැඩිකොට අල්ලාගෙන යොදුනකුදු යන්නහුට එක්ම ඇවැතක් වේ. මුදා නැවැත නැවැත ගන්නහුට ප්‍රයෝගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. නොමුදා නැවැත නැවැත ස්පර්‍ශ කරන්නහුටද වැළඳ ගන්නහුට ද ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේයයි. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි මුල් ගැනීමම ප්‍රමාණය. එහෙයින් යම්තාක් නොමුදාද, ඒ තාක් එක්ම ඇවැතකැ’යි කීහ.

අභිනිප‍්පීළනාය වත්‍ථෙන වා ආභරණෙන වා සද‍්ධිං පීළයතො අඞ‍්ගං අඵුසන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං, ඵුසන‍්තස‍්ස සඞ‍්ඝාදිසෙසො, එකපයොගෙන එකා ආපත‍්ති, නානාපයොගෙන නානා.

“අභිනිප්පීළනාය” කිසිවක් මැඩීමෙහි. වස්ත්‍රය සමග හෝ ආභරණය සමග හෝ පෙළන සිරුර නොපහසන්නහුට ථුල්ලච්චය වේ. පහසන්නහුට සඞ්ඝාදිසෙසය වේ. එක් ප්‍රයොගයෙන් එක් ඇවැතක් වේ. නානා ප්‍රයොගයන්ගෙන් නොයෙක් ඇවැත් වේ.

ගහණඡුපනෙසු අඤ‍්ඤං කිඤ‍්චි විකාරං අකරොන‍්තොපි ගහිතමත‍්තඵුට‍්ඨමත‍්තෙනාපි ආපත‍්තිං ආපජ‍්ජති.

ගැනීම් පැහැසීම්හි අන් කිසි විකාරයක් නොකරන්නේද, ගත්පමණින් හා පැහැසූ පමණින් ඇවතට පැමිණේ.

එවමෙතෙසු ආමසනාදීසු එකෙනාපි ආකාරෙන අජ‍්ඣාචාරතො ඉත්‍ථියා ඉත්‍ථිසඤ‍්ඤිස‍්ස සඞ‍්ඝාදිසෙසො, වෙමතිකස‍්ස ථුල‍්ලච‍්චයං, පණ‍්ඩකපුරිසතිරච‍්ඡානගතසඤ‍්ඤිස‍්සාපි ථුල‍්ලච‍්චයමෙව. පණ‍්ඩකෙ පණ‍්ඩකසඤ‍්ඤිස‍්ස ථුල‍්ලච‍්චයං, වෙමතිකස‍්ස දුක‍්කටං. පුරිසතිරච‍්ඡානගතඉත්‍ථිසඤ‍්ඤිස‍්සාපි දුක‍්කටමෙව. පුරිසෙ පුරිසසඤ‍්ඤිස‍්සාපි වෙමතිකස‍්සාපි ඉත්‍ථිපණ‍්ඩකතිරච‍්ඡානගතසඤ‍්ඤිස‍්සාපි දුක‍්කටමෙව. තිරච‍්ඡානගතෙපි සබ‍්බාකාරෙන දුක‍්කටමෙවාති. ඉමා එකමූලකනයෙ වුත‍්තා ආපත‍්තියො සල‍්ලක‍්ඛෙත්‍වා ඉමිනාව උපායෙන “ද‍්වෙ ඉත්‍ථියො ද‍්වින‍්නං ඉත්‍ථීන”න‍්තිආදිවසෙන වුත‍්තෙ දුමූලකනයෙපි දිගුණා ආපත‍්තියො වෙදිතබ‍්බා. යථා ච ද‍්වීසු ඉත්‍ථීසු ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා; එවං සම‍්බහුලාසු සම‍්බහුලා වෙදිතබ‍්බා.

මෙසේ මේ ආමර්‍ශනාදීන් අතුරෙහි එක් අයුරකිනුදු අධ්‍යාචාරයෙන් ස්ත්‍රිය කෙරෙහි ස්ත්‍රී සංඥා ඇත්තහුට සඞ්ඝාදිසෙසය වේ. ස්ත්‍රිය නොවේදැයි විමති ඇතියහුට ථුල්ලච්චය වේ. පණ්ඩකපුරුෂතිරච්ඡානගත යන සංඥා ඇත්තහුටද ථුල්ලච්චයම වේ. පණ්ඩකයා කෙරෙහි පණ්ඩකසංඥා ඇත්තහුට ථුල්ලච්චය වේ. පණ්ඩකයා නොවේදැයි විමති ඇත්තහුට දුක්කටය වේ. පුරුෂ - තිර්‍ය්‍යග්ගත - ස්ත්‍රී සංඥා ඇත්තහුට දුක්කටය වේ. පුරුෂයා කෙරෙහි, පුරුෂසංඥා ඇත්තහුටද, විමති ඇත්තහුටද, ස්ත්‍රී - පණ්ඩක - තිර්‍ය්‍යග්ගතසංඥා ඇත්තහුටද දුක්කටය වේ. තිර්‍ය්‍යග්ගතයා කෙරෙහිද, සර්‍වාකාරයෙන් දුක්කටයම වේ. එක් ස්ත්‍රියක මුල්කොට ඇති නයෙහි, මේ ඇවැත් සලකා මේ උපායෙන්ම “ද්වෙ ඉත්‍ථියො ද්වින්නං ඉත්‍ථිනං” යනාදි වසයෙන් කියූ ද්විමූලකනයෙහිද, ද්විගුණවූ ඇවැත්හු දතයුත්තාහ. ස්ත්‍රීන් දෙදෙනකුන් නිමිතිකොට යම්සේ සඞ්ඝාදිසෙස දෙකක්වේද, එසේ බොහෝ ස්ත්‍රීන් නිමිතිකොට බොහෝ ඇවැත්හු දතයුත්තාහ.

යො හි එකතො ඨිතා සම‍්බහුලා ඉත්‍ථියො බාහාහි පරික‍්ඛිපිත්‍වා ගණ‍්හාති සො යත‍්තකා ඉත්‍ථියො ඵුට‍්ඨා තාසං ගණනාය සඞ‍්ඝාදිසෙසෙ ආපජ‍්ජති, මජ‍්ඣගතානං ගණනාය ථුල‍්ලච‍්චයෙ. තා හි තෙන කායප‍්පටිබද‍්ධෙන ආමට‍්ඨා හොන‍්ති. යො පන සම‍්බහුලානං අඞ‍්ගුලියො වා කෙසෙ වා එකතො කත්‍වා ගණ‍්හාති, සො අඞ‍්ගුලියො ච කෙසෙ ච අගණෙත්‍වා ඉත්‍ථියො ගණෙත්‍වා සඞ‍්ඝාදිසෙසෙහි කාරෙතබ‍්බො. යාසඤ‍්ච ඉත්‍ථීනං අඞ‍්ගුලියො වා කෙසා වා මජ‍්ඣගතා හොන‍්ති, තාසං ගණනාය ථුල‍්ලච‍්චයෙ ආපජ‍්ජති. තා හි තෙන කායප‍්පටිබද‍්ධෙන ආමට‍්ඨා හොන‍්ති, සම‍්බහුලා පන ඉත්‍ථියො කායප‍්පටිබද‍්ධෙහි රජ‍්ජුවත්‍ථාදීහි පරික‍්ඛිපිත්‍වා ගණ‍්හන‍්තො සබ‍්බාසංයෙව අන‍්තොපරික‍්ඛෙපගතානං ගණනාය ථුල‍්ලච‍්චයෙ ආපජ‍්ජති. මහාපච‍්චරියං අඵුට‍්ඨාසු දුක‍්කටං වුත‍්තං. තත්‍ථ යස‍්මා පාළියං කායප‍්පටිබද‍්ධප‍්පටිබද‍්ධෙන ආමසනං නාම නත්‍ථි, තස‍්මා සබ‍්බම‍්පි කායප‍්පටිබද‍්ධප‍්පටිබද‍්ධං කායප‍්පටිබද‍්ධෙනෙව සඞ‍්ගහෙත්‍වා මහාඅට‍්ඨකථායඤ‍්ච කුරුන්‍දියඤ‍්ච වුත‍්තො පුරිමනයොයෙවෙත්‍ථ යුත‍්තතරො දිස‍්සති.

යම් මහණෙක් එකතුව සිටි බොහෝ ස්ත්‍රීන් අතින් වටකොට අල්ලාගනීද, යම් පමණ ස්ත්‍රීහු පවසන ලද්දාහුද, ඔවුන්ගේ ගණනින් හෙතෙමේ සඞ්ඝාදිසෙසාපත්තීන්ට පැමිණේ. මධ්‍යගත ස්ත්‍රීන්ගේ ගණනින් ථුල්ලච්චයාපත්තීන්ට පැමිණේ. ඔහු විසින් ඒ ස්ත්‍රීහු කායප්‍රතිබද්ධයෙන් ආමර්‍ශනය කරන ලද්දාහු වෙති. යම් මහණෙක් බොහෝ ස්ත්‍රීන්ගේ ඇඟිලි හෝ කෙසේ හෝ එකට අල්ලා ගනී ද, හෙතෙමේ ඇඟිලි ද, කෙස්ද, නොගැණ ස්ත්‍රීන් ගැන සඞ්ඝාදිසෙසා පත්තීන්ගෙන් (චෝදනා) කරවිය යුත්තේය. යම් ස්ත්‍රීන්ගේ ඇඟිලි හෝ කෙස් හෝ මධ්‍යගත වූවාහු මෙන්ද, ඒ ස්ත්‍රීන්ගේ ගණනින් හෙතෙමේ ථුල්ලච්චයාපත්තීන්ට පැමිණේ. ඒ ස්ත්‍රීහු ඔහු විසින් කය පිළිබැඳියකින් ආමර්‍ශනය කරන ලද්දාහු වෙති. බොහෝ ස්ත්‍රීහු කය පිළිබැඳි රැහැන්වත් ආදියෙන් වටකොට ගන්නේ, වටකිරීම තුළට ගිය සියලු ස්ත්‍රීන්ගේ ගණනින් ථුල්ලච්චයාපත්තීන්ට පැමිණේ. මහාපච්චරියෙහි පහස නොලත් ස්ත්‍රීන් නිමිතිකොට දුක්කටයයි කියන ලදී. එහි යම්හෙයකින් පෙළෙහි කය පිළිබැඳියක් කය පිළිබැඳියකින් ආමර්‍ශනයෙක් නැත්තේද, එහෙයින් සියලුම කය පිළිබැඳියකින් පිළිබැඳියක් කය පිළිබැඳියෙක්ම සඞ්ග්‍රහකොට මහාඅර්‍ත්‍ථකථාවෙහි හා කුරුන්‍දි අර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දේය. මෙහි පළමු නයම යුක්තතරයයි දක්නා ලැබේ.

යො හි හත්‍ථෙන හත්‍ථං ගහෙත්‍වා පටිපාටියා ඨිතාසු ඉත්‍ථීසු සමසාරාගො එකං හත්‍ථෙ ගණ‍්හාති, සො ගහිතිත්‍ථියා වසෙන එකං සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජති, ඉතරාසං ගණනාය පුරිමනයෙනෙව ථුල‍්ලච‍්චයෙ. සචෙ සො තං කායප‍්පටිබද‍්ධෙ වත්‍ථෙ වා පුප‍්ඵෙ වා ගණ‍්හාති, සබ‍්බාසං ගණනාය ථුල‍්ලච‍්චයෙ ආපජ‍්ජති. යථෙව හි රජ‍්ජුවත්‍ථාදීහි පරික‍්ඛිපන‍්තෙන සබ‍්බාපි කායප‍්පටිබද‍්ධෙන ආමට‍්ඨා හොන‍්ති, තථා ඉධාපි සබ‍්බාපි කායප‍්පටිබද‍්ධෙන ආමට‍්ඨා හොන‍්ති. සචෙ පන තා ඉත්‍ථියො අඤ‍්ඤමඤ‍්ඤං වත්‍ථකොටියං ගහෙත්‍වා ඨිතා හොන‍්ති, තත්‍ර චෙසො පුරිමනයෙනෙව පඨමං ඉත්‍ථිං හත්‍ථෙ ගණ‍්හාති ගහිතාය වසෙන සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජති, ඉතරාසං ගණනාය දුක‍්කටානි. සබ‍්බාසඤ‍්හි තාසං තෙන පුරිමනයෙනෙව කායපටිබද‍්ධෙන කායප‍්පටිබද‍්ධං ආමට‍්ඨං හොති. සචෙ පන සොපි තං කායප‍්පටිබද‍්ධෙයෙව ගණ‍්හාති තස‍්සා වසෙන ථුල‍්ලච‍්චයං ආපජ‍්ජති, ඉතරාසං ගණනාය අනන‍්තරනයෙනෙව දුක‍්කටානි.

යම් මහණෙක් අතිනත ගෙන පිළිවෙළින් සිටි ස්ත්‍රීන් කෙරෙහි කායසංසර්‍ග රාගයෙන් සමරාගය ඇත්තේ එක් ස්ත්‍රියක අතින් අල්ලාගනීද, අල්ලාගත් ස්ත්‍රියගේ වසයෙන් හෙතෙමේ සඞ්ඝාදිසෙසයට පැමිණේ. අන් ස්ත්‍රීන්ගේ ගණනින් පෙර කියු නයින්ම ථුල්ලච්චයාපත්තීන්ට පැමිණේ. ඒ මහණතෙමේ ඒ ස්ත්‍රියගේ කය පිළිබැඳි වස්ත්‍ර හෝ මල් හෝ ගනීද, සියලු ස්ත්‍රීන්ගේ ගණනින් ථුල්ලච්චයාපත්තීන්ට පැමිණේ. යම් ලෙසකින් රැහැන් වත් ආදියෙන් වට කරන්නහු විසින් සියලුම ස්ත්‍රීහු කය පිළිබැඳියකින් ආමර්‍ශනය කරන ලද්දාහු වෙත්ද, එසේ මෙහිදී සියලු ස්ත්‍රීහුම කයපිළිබැඳියකින් ආමර්‍ශන කරන ලද්දාහු වෙත්. ඒ ස්ත්‍රීහු, උනුන් වස්ත්‍ර කෙළවර ගෙන සිටියාහු වෙත්ද, එහිදී ඒ මහණතෙමේ පළමු කියු නයින්ම පළමු ස්ත්‍රීය අතින් අල්ලාගනීද, අතින් අල්ලාගත් ස්ත්‍රියගේ වසයෙන් සඞ්ඝාදිසෙසයට පැමිණේ. අන් ස්ත්‍රීන්ගේ ගණනින් දුක්කටයන්ට පැමිණේ. ඒ කියූ පෙර නයින්ම ඒ සියලු ස්ත්‍රීන්ගේම කාපිළිබැඳියෙන් කාපිළිබැදිය ආමර්‍ශනය කරන ලද්දේවේද, ඒ මහණතෙමේද ඒ ස්ත්‍රිය කාපිළිබැදියෙහිම අල්ලාගනීද, ඇයගේ වසයෙන් ථුල්ලච්චයට පැමිණේ. අන්‍ය ස්ත්‍රීන්ගේ ගණනින් කයපිළිබැඳියෙන් කය පිළිබැඳිය ආමර්‍ශනය කරන අනන්තරනයින්ම දුක්කටයන්ට පැමිණේ.

යො පන ඝනවත්‍ථනිවත්‍ථං ඉත්‍ථිං කායසංසග‍්ගරාගෙන වත්‍ථෙ ඝට‍්ටෙති, ථුල‍්ලච‍්චයං. විරළවත්‍ථනිවත්‍ථං ඝට‍්ටෙති, තත්‍ර චෙ වත්‍ථන‍්තරෙහි ඉත්‍ථියා වා නික‍්ඛන‍්තලොමානි භික‍්ඛුං භික‍්ඛුනො වා පවිට‍්ඨලොමානි ඉත්‍ථිං ඵුසන‍්ති, උභින‍්නං ලොමානියෙව වා ලොමානි ඵුසන‍්ති, සඞ‍්ඝාදිසෙසො. උපාදින‍්නකෙන හි කම‍්මජරූපෙන උපාදින‍්නකං වා අනුපාදින‍්නකං වා අනුපාදින‍්නකෙනපි කෙනචි කෙසාදිනා උපාදින‍්නකං වා අනුපාදින‍්නකං වා ඵුසන‍්තොපි සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජතියෙව.

යම් මහණෙක් තෙමේ ඝන වස්ත්‍රයක් හැඳි සතියක් කායසංසර්‍ග රාගයෙන් වස්ත්‍රයෙහි ගටාද, එකල ථුල්ලච්චයට පැමිණේ. තුනීවතක් හැඳියක ගටාද, එහි වස්ත්‍ර අතුරෙන් නිකුත්වූ ස්ත්‍රියගේ ලොම හෝ මහණහු, මහණහුගේ පිවිසි ලොම හෝ ස්ත්‍රිය පහසත් නම්, දෙදෙනාගේම ලෝම උනුනුගේ ලොමයන් පහසත් නම් සඞ්ඝාදිසෙස වේ. නොනට කායප්‍රසාදය ඇති කර්‍මජරූපයෙන් නොනට කායප්‍රසාදය ඇති කායෙන්‍ද්‍රියයෙන් යුත් අවයවයක් හෝ, නට කායප්‍රසාදය ඇති කායෙන්‍ද්‍රියයෙන් යුක්තනොවූ අවයවයක් හෝ, අනුපාදිත්තකවූද කෙස් ආදියෙන් උපාදින්නකයක් හෝ, අනුපාදින්නකයක් හෝ පහසන්නේ සඞ්ඝාදිසෙසයට පැමිණේමය.

තත්‍ථ කුරුන්‍දියං “ලොමානි ගණෙත්‍වා සඞ‍්ඝාදිසෙසො”ති වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “ලොමානි ගණෙත්‍වා ආපත‍්තියා න කාරෙතබ‍්බො, එකමෙව සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජති. සඞ‍්ඝිකමඤ‍්චෙ පන අපච‍්චත්‍ථරිත්‍වා නිපන‍්නො ලොමානි ගණෙත්‍වා කාරෙතබ‍්බො”ති වුත‍්තං , තදෙව යුත‍්තං. ඉත්‍ථිවසෙන හි අයං ආපත‍්ති, න කොට‍්ඨාසවසෙනාති.

එහි කුරුන්‍දියෙහි ලොම් ගැන සඞ්ඝාදිසෙසැයි කියනලදි. මහාඅර්‍ත්‍ථ කථාවෙහි ලොම් ගැන ඇවතින් නොකරවිය යුතුය. එක්ම සඞ්ඝාදිසෙසයට පැමිණේ. සඟසතු ඇඳක නොඅතුරා හොත්තේ ලොව් ගැන කරවිය යුතුයයි කියනලදි. එයම යුතුවේ. ස්ත්‍රීන්ගේ වසයෙන්ම මේ ඇවත වේ. කොටස් වසයෙන් නොවේ.

එත්‍ථාහ “යො පන ‘කායප‍්පටිබද‍්ධං ගණ‍්හිස‍්සාමී’ති කායං ගණ‍්හාති, ‘කායං ගණ‍්හිස‍්සාමී’ති කායප‍්පටිබද‍්ධං ගණ‍්හාති, සො කිං ආපජ‍්ජතී”ති. මහාසුමත්‍ථෙරො තාව “යථාවත්‍ථුකමෙවා”ති වදති. අයං කිරස‍්ස ලද‍්ධි –

මෙහි යමෙක් කයපිළිබැඳියක් ගන්නෙමියි. කය අල්ලාගනීද, කය හෝ ගන්නෙමියි කය පිළිබැඳියක් අල්ලාගනීද, හෙතෙමේ කුමකට පැමිණේදැයි කීය. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ ඒ තාක් වස්තුවම පරිදියයි කියත්, මේ වනාහි මුන්වහන්සේගේ ලබ්ධියයි.

“වත්‍ථු සඤ‍්ඤා ච රාගො ච, ඵස‍්සප‍්පටිවිජානනා; යථානිද‍්දිට‍්ඨනිද‍්දෙසෙ, ගරුකං තෙන කාරයෙ”ති.

“වත්‍ථු සඤ්ඤාච රාගො ච - ඵස්ස පටිවිජානනා යථා නිද්දිට්ඨනිද්දෙසෙ - ගරුකං තෙන කාරයෙති.”

වස්තු - සංඥා - රාග - ස්පර්‍ශ - ප්‍රතිවිජානන යන එයින් යථොක්ත කාය සංසර්‍ග නිර්‍දෙශයෙහි යම් කරුණකින් වස්තු සංඥාදීහු මෙන්ද ඒ කාරණයෙන් ගරු ඇවැත කටයුත්තේය.

එත්‍ථ “වත්‍ථූ”ති ඉත්‍ථී. “සඤ‍්ඤා”ති ඉත්‍ථිසඤ‍්ඤා. “රාගො”ති කායසංසග‍්ගරාගො. “ඵස‍්සප‍්පටිවිජානනා”ති කායසංසග‍්ගඵස‍්සජානනා. තස‍්මා යො ඉත්‍ථියා ඉත්‍ථිසඤ‍්ඤී කායසංසග‍්ගරාගෙන “කායප‍්පටිබද‍්ධං ගහෙස‍්සාමී”ති පවත‍්තොපි කායං ඵුසති, ගරුකං සඞ‍්ඝාදිසෙසංයෙව ආපජ‍්ජති. ඉතරොපි ථුල‍්ලච‍්චයන‍්ති මහාපදුමත්‍ථෙරො පනාහ –

මෙහි ‘වත්‍ථු’ යනු ස්ත්‍රියයි. ‘සඤ්ඥා’ යනු ස්ත්‍රීය යන හැඟීමය. රාග යන කායසංසර්‍ග රාගයයි. ‘ඵස්සපටිවිජානතා’ යන කායසංසර්‍ග රාගයෙන් වන පහස දැනීමය. එහෙයින් යමෙක්, ස්ත්‍රිය යන හැඟීම් ඇතිව කායසංසර්‍ග රාගයෙන් ස්ත්‍රියගේ කය පිළිබැඳියක් ගන්නෙමියි පැවත්නේම කය පහසාද, ගරු සඞ්ඝාදිසෙසයටම පැමිණේ. අනිකෙක් ථුල්ලච්චයට පැමිණේයයි කීය. මහාපදුම ස්ථවිරයන්වහන්සේ -

“සඤ‍්ඤාය විරාගිතම‍්හි, ගහණෙ ච විරාගිතෙ; යථානිද‍්දිට‍්ඨනිද‍්දෙසෙ, ගරුකං තත්‍ථ න දිස‍්සතී”ති.

“සඤ්ඤාය විරාගිතම්හි - ගහණෙ ච විරාගිතෙ යථා නිද්දිට්ඨනිද්දෙසෙ - ගරුකං තත්‍ථ න දිස්සතීති”

හැඟීම වැරදී ගිය කල්හිද, ගැනීම වැරදී ගිය කල්හිද එහි යථොක්ත නිදෙර්‍ශයෙහි ගරු ඇවැත නොදක්නේයයි කීහ. මේ වනාහි මුන්වහන්සේගේ ලබ්ධියයි.

අස‍්සාපායං ලද‍්ධි ඉත්‍ථියා ඉත්‍ථිසඤ‍්ඤිනො හි සඞ‍්ඝාදිසෙසො වුත‍්තො. ඉමිනා ච ඉත්‍ථිසඤ‍්ඤා විරාගිතා කායප‍්පටිබද‍්ධෙ කායප‍්පටිබද‍්ධසඤ‍්ඤා උප‍්පාදිතා, තං ගණ‍්හන‍්තස‍්ස පන ථුල‍්ලච‍්චයං වුත‍්තං. ඉමිනා ච ගහණම‍්පි විරාගිතං තං අග‍්ගහෙත්‍වා ඉත්‍ථී ගහිතා, තස‍්මා එත්‍ථ ඉත්‍ථිසඤ‍්ඤාය අභාවතො සඞ‍්ඝාදිසෙසො න දිස‍්සති, කායප‍්පටිබද‍්ධස‍්ස අග‍්ගහිතත‍්තා ථුල‍්ලච‍්චයං න දිස‍්සති, කායසංසග‍්ගරාගෙන ඵුට‍්ඨත‍්තා පන දුක‍්කටං. කායසංසග‍්ගරාගෙන හි ඉමං නාම වත්‍ථුං ඵුසතො අනාපත‍්තීති නත්‍ථි, තස‍්මා දුක‍්කටමෙවාති.

ස්ත්‍රිය කෙරෙහි ස්ත්‍රිය යන හැගීම් ඇත්තහුට සඞ්ඝාදිසෙසය කියනලදි. මොහු විසිනුදු ස්ත්‍රීසංඥාව දුරුකරන ලදී. කායප්‍රතිබද්ධයෙහි කායප්‍රතිබද්ධසංඥාව උපදවන ලදී. ඒ කායප්‍රතිබද්ධය ගන්නහුට ථුල්ලච්චය කියනලදි. මොහු විසින් ගැනීමද වරදවන ලදි. ඒ කායප්‍රතිබද්ධය නොගෙන ස්ත්‍රිය අල්ලා ගන්නා ලදී. එහෙයින් මෙහි ස්ත්‍රිය යන හැඟීම නොවූ බැවින් සඞ්ඝාදිසෙසය නොපැනේ. කායප්‍රතිබද්ධයක් නොගත් බැවින් ථුල්ලච්චය නොපැනේ. කායසංසර්‍ග රාගයෙන් පැහැසූ බැවින් දුක්කටය වේ. කායසංසර්‍ග රාගයෙන් මෙනම් වස්තුවක් පහසන්නහුට අනාපත්තියයි කීමෙක් නැත්තේය. එහෙයින් දුක්කටමැයි මෙයද කියයි.

ඉදඤ‍්ච පන වත්‍වා ඉදං චතුක‍්කමාහ. “සාරත‍්තං ගණ‍්හිස‍්සාමී’ති සාරත‍්තං ගණ‍්හි සඞ‍්ඝාදිසෙසො, ‘විරත‍්තං ගණ‍්හිස‍්සාමී’ති විරත‍්තං ගණ‍්හි දුක‍්කටං, ‘සාරත‍්තං ගණ‍්හිස‍්සාමී’ති විරත‍්තං ගණ‍්හි දුක‍්කටං, ‘විරත‍්තං ගණ‍්හිස‍්සාමී’ති සාරත‍්තං ගණ‍්හි දුක‍්කටමෙවා”ති. කිඤ‍්චාපි එවමාහ? අථ ඛො මහාසුමත්‍ථෙරවාදොයෙවෙත්‍ථ “ඉත්‍ථි ච හොති ඉත්‍ථිසඤ‍්ඤී සාරත‍්තො ච භික‍්ඛු ච නං ඉත්‍ථියා කායෙන කායප‍්පටිබද‍්ධං ආමසති පරාමසති…පෙ… ගණ‍්හාති ඡුපති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති ඉමාය පාළියා “යො හි එකතො ඨිතා සම‍්බහුලා ඉත්‍ථියො බාහාහි පරික‍්ඛිපිත්‍වා ගණ‍්හාති, සො යත‍්තකා ඉත්‍ථියො ඵුට‍්ඨා තාසං ගණනාය සඞ‍්ඝාදිසෙසෙ ආපජ‍්ජති, මජ‍්ඣගතානං ගණනාය ථුල‍්ලච‍්චයෙ”තිආදීහි අට‍්ඨකථාවිනිච‍්ඡයෙහි ච සමෙති. යදි හි සඤ‍්ඤාදිවිරාගෙන විරාගිතං නාම භවෙය්‍ය “පණ‍්ඩකො ච හොති ඉත්‍ථිසඤ‍්ඤී”තිආදීසු විය “කායප‍්පටිබද‍්ධඤ‍්ච හොති කායසඤ‍්ඤී චා”තිආදිනාපි නයෙන පාළියං විසෙසං වදෙය්‍ය. යස‍්මා පන සො න වුත‍්තො, තස‍්මා ඉත්‍ථියා ඉත්‍ථිසඤ‍්ඤාය සති ඉත්‍ථිං ආමසන‍්තස‍්ස සඞ‍්ඝාදිසෙසො, කායප‍්පටිබද‍්ධං ආමසන‍්තස‍්ස ථුල‍්ලච‍්චයන‍්ති යථාවත්‍ථුකමෙව යුජ‍්ජති.

කායසංසර්‍ග රාගයෙන් ඇලීම් සහිතව ස්ත්‍රියක ගන්නෙමියි කායසංසර්‍ග රාගයෙන් ඇලුනියක ගත්තේද, සඞ්ඝාදිසෙසය වේ. නොඇලුනියක ගන්නෙමියි නොඇලුනියක ගත්තේද, මාතෘප්‍රෙමාදි වශයෙන් ගැනීමෙහි දුක්කටය වේ. ඇලුනියක ගන්නෙමි’යි නොඇලුනියක ගත්තේද, නොඇලුනියක ගන්නෙමියි ඇලුනියක ගත්තේද දුක්කටයමයයි මේ චතුක්ක කීහ. මෙසේ කීවාහුද, එහෙත් මහාසුම්ම ස්ථවිරවාදයම මෙහි. “ඉත්‍ථි ච හොති ඉත්‍ථිසඤ්ඤී ච, සාරත්නො ච භික්‍ඛු ච නං ඉත්‍ථියා කායෙන කායපටිබද්ධං ආමසති පරාමසති පෙ- ගණාති, ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස” යන මේ පෙළ හාද, යො හි එකතො ඨිතා සම්බහුලා ඉත්‍ථියො බාහාහි පරික්‍ඛිපිත්‍වා ගණ්හාති, සො යත්තකා ඉත්‍ථියො ඵුට්ඨා, තාසං ගණනාය සඞ්ඝාදිසෙසෙ ආපජ්ජති. මජ්ඣගතානං ගණනාය ථුල්ලච්චයෙ, යනාදී වූ අර්‍ත්‍ථකථාවිනිශ්චය හාද සමවේ. “පණ්ඩකො ච හොති ඉත්‍ථිසඤ්ඤී”, යනාදියෙහි මෙන් සංඥාදිය වැරදවීමෙන් වරදවන ලද්දේ නම් වන්නේද, “කායපටිබද්ධඤ්ච හොති කායසඤ්ඤී” යනාදි නයින් පෙළෙහි විශේෂය කියන්නේය. යම්හෙයකින් ඒ වෙනස නොකියන ලද්දේද, එහෙයින් ස්ත්‍රිය කෙරෙහි ස්ත්‍රීසංඥා ඇති කල්හි ස්ත්‍රිය ආමර්‍ශනය කරන්නහුට සඞ්ඝාදිසෙසය වේ. කායප්‍රතිබද්ධය ආමර්‍ශනය කරන්නහුට ථුල්ලච්චයයි වස්තුව පරිදිම යෙදේ.

මහාපච‍්චරියම‍්පි චෙතං වුත‍්තං – “නීලං පාරුපිත්‍වා සයිතාය කාළිත්‍ථියා කායං ඝට‍්ටෙස‍්සාමී’ති කායං ඝට‍්ටෙති, සඞ‍්ඝාදිසෙසො; ‘කායං ඝට‍්ටෙස‍්සාමී’ති නීලං ඝට‍්ටෙති, ථුල‍්ලච‍්චයං; ‘නීලං ඝට‍්ටෙස‍්සාමී’ති කායං ඝට‍්ටෙති, සඞ‍්ඝාදිසෙසො; ‘නීලං ඝට‍්ටෙස‍්සාමී’ති නීලං ඝට‍්ටෙති, ථුල‍්ලච‍්චය”න‍්ති. යොපායං “ඉත්‍ථී ච පණ‍්ඩකො චා”තිආදිනා නයෙන වත්‍ථුමිස‍්සකනයො වුත‍්තො, තස‍්මිම‍්පි වත්‍ථු සඤ‍්ඤාවිමතිවසෙන වුත‍්තා ආපත‍්තියො පාළියං අසම‍්මුය‍්හන‍්තෙන වෙදිතබ‍්බා.

මහාපච්චරියෙහිද නිල් පැහැති වස්ත්‍රයක් පොරොවා සයනය කළ කලු පැහැති ස්ත්‍රියකගේ කය ගටන්නෙමියි කය ගටාද, සඞ්ඝාදිසෙසය වේ. කය ගටන්නෙමියි නීලවස්ත්‍රය ගලාද, ථුල්ලච්චය වේ. නීලවස්ත්‍රය ගටන්නෙමියි කය ගටාද, ථුල්ලච්චය වේයයි මේ ලක්‍ෂණය කියන ලද්දේය. යම් මේ “ඉත්‍ථි ච පණ්ඩකො ච” යනාදි නයින් වස්තුමිශ්‍රකනය කියන ලද්දේද, එහිද වස්තුව පිළිබඳ සංඥාවිමති වශයෙන් කියනලදී. ආපත්තීහු පෙළෙහි නොමුළාවන්නහු විසින් දතයුත්තාහ.

කායෙනකායප‍්පටිබද‍්ධවාරෙ පන ඉත්‍ථියා ඉත්‍ථිසඤ‍්ඤිස‍්ස කායප‍්පටිබද‍්ධං ගණ‍්හතො ථුල‍්ලච‍්චයං, සෙසෙ සබ‍්බත්‍ථ දුක‍්කටං. කායප‍්පටිබද‍්ධෙනකායවාරෙපි එසෙව නයො. කායප‍්පටිබද‍්ධෙනකආයප‍්පටිබද‍්ධවාරෙ ච නිස‍්සග‍්ගියෙනකායවාරාදීසු චස‍්ස සබ‍්බත්‍ථ දුක‍්කටමෙව.

කයින් කායප්‍රතිබද්ධවාරයෙහි ස්ත්‍රිය කෙරෙහි ස්ත්‍රීසංඥා ඇතිව කායප්‍රතිබද්ධය ගන්නහුට ථුල්ලච්චය වේ. සෙසු හැම තන්හි දුක්කටය වේ. කායප්‍රතිබද්ධයෙන් කායප්‍රවාරයෙහිද මෙම නයවේ. කායප්‍රතිබද්ධයෙන් කායප්‍රතිබද්ධවාරයෙහිද නිස්සග්ගියෙන් කායවාරාදීන්හිද මොහුට හැම තන්හි දුක්කටයම වේ.

“ඉත්‍ථී ච හොති ඉත්‍ථිසඤ‍්ඤී සාරත‍්තො ච ඉත්‍ථී ච නං භික‍්ඛුස‍්ස කායෙන කාය”න‍්තිආදිවාරො පන භික‍්ඛුම‍්හි මාතුගාමස‍්ස රාගවසෙන වුත‍්තො. තත්‍ථ ඉත්‍ථී ච නං භික‍්ඛුස‍්ස කායෙන කායන‍්ති භික‍්ඛුම‍්හි සාරත‍්තා ඉත්‍ථී තස‍්ස නිසින‍්නොකාසං වා නිපන‍්නොකාසං වා ගන‍්ත්‍වා අත‍්තනො කායෙන තං භික‍්ඛුස‍්ස කායං ආමසති…පෙ… ඡුපති. සෙවනාධිප‍්පායො කායෙන වායමති, ඵස‍්සං පටිවිජානාතීති එවං තාය ආමට‍්ඨො වා ඡුපිතො වා සෙවනාධිප‍්පායො හුත්‍වා සචෙ ඵස‍්සප‍්පටිවිජානනත්‍ථං ඊසකම‍්පි කායං චාලෙති ඵන්‍දෙති, සඞ‍්ඝාදිසෙසං ආපජ‍්ජති.

“ඉත්‍ථි ච හොති ඉත්‍ථිසඤ්ඤී, සාරත්තො ච, ඉත්‍ථි ච නං භික්‍ඛුස්ස කායෙන කායං” යනාදි වාරය වනාහි මහණහු කෙරෙහි මාගමගේ කායසංසර්‍ග රාගය වසයෙන් වදාරන ලද්දේය. එහි “ඉත්‍ථි ච නං භික්‍ඛුස්ස කායෙන කායං” මහණහු කෙරෙහි කායසංසර්‍ග රාගයෙන් ඇලුම් සහිත වූ ස්ත්‍රී තොමෝ ඒ මහණහු හුන් තැනට හෝ හොත් තැනට හෝ ගොස් තමන්ගේ කයින් මහණහුගේ ඒ කය ආමර්‍ශනය කරයි. පහසයි. එකල්හි සෙවනයෙහි අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරේද “ඵස්සං පටිවිජානාති” මෙසේ ඒ ස්ත්‍රිය විසින් ආමර්‍ශනය කරන ලද්දේ හෝ පහසන ලද්දේ හෝ සේවනයෙහි අදහස් ඇතිව පහස දැනගනු පිණිස මඳකුත් කය සොලොවාද, කම්පිත කෙරේද, සඞ්ඝාදිසෙසයට පැමිණේ.

ද‍්වෙ ඉත්‍ථියොති එත්‍ථ ද‍්වෙ සඞ‍්ඝාදිසෙසෙ ආපජ‍්ජති, ඉත්‍ථියා ච පණ‍්ඩකෙ ච සඞ‍්ඝාදිසෙසෙන සහ දුක‍්කටං . එතෙන උපායෙන යාව “නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති, සෙවනාධිප‍්පායො කායෙන වායමති න ච ඵස‍්සං පටිවිජානාති, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති තාව පුරිමනයෙනෙව ආපත‍්තිභෙදො වෙදිතබ‍්බො.

“ද්වෙ ඉත්‍ථියො” මෙහි සඞ්ඝාදිසෙස දෙකකට පැමිණේ. ස්ත්‍රිය කෙරෙහි හා පණ්ඩකයා කෙරෙහිද සඞ්ඝාදිසෙසය සමග දුක්කටය වේ. මේ උපායෙන් යම්තාක් නිස්සග්ගියෙන් නිස්සග්ගිය ආමර්‍ශනය කෙරේද, පහස්සුව හා සේවනයෙහි අදහස් ඇතිව කයින් වෑයම් කෙරේද, පහස නොදනීද, දුක්කටාපත්තිය වේයයි වදාළ සේක්ද ඒ තාක් පෙර නයින්ම ආපත්තිභෙදය දතයුතුය.

එත්‍ථ ච කායෙන වායමති න ච ඵස‍්සං පටිවිජානාතීති අත‍්තනා නිස‍්සට‍්ඨං පුප‍්ඵං වා ඵලං වා ඉත්‍ථිං අත‍්තනො නිස‍්සග‍්ගියෙන පුප‍්ඵෙන වා ඵලෙන වා පහරන‍්තිං දිස‍්වා කායෙන විකාරං කරොති, අඞ‍්ගුලිං වා චාලෙති, භමුකං වා උක‍්ඛිපති, අක‍්ඛිං වා නිඛණති, අඤ‍්ඤං වා එවරූපං විකාරං කරොති, අයං වුච‍්චති “කායෙන වායමති න ච ඵස‍්සං පටිවිජානාතී”ති. අයම‍්පි කායෙන වායමිතත‍්තා දුක‍්කටං ආපජ‍්ජති, ද‍්වීසු ඉත්‍ථීසු ද‍්වෙ, ඉත්‍ථීපණ‍්ඩකෙසුපි ද‍්වෙ එව දුක‍්කටෙ ආපජ‍්ජති.

මෙහිද “කායෙන වායමති, න ච ඵස්සං පටිවිජානති” තමන් හළ මලක් හෝ ඵලයක් ස්ත්‍රියක හෝ තමන් හළ මලකින් හෝ ඵලයකින් හෝ පහර දෙන්නිය දැක කයින් විකාරයක් කෙරේද, ඇඟිල්ලක් හෝ සොලොවාද, බැම හෝ ඔසොවාද ඇස හෝ කණීද මෙබඳු වූ අන්‍යවිකාරයක් හෝ කෙරේද, මෙය කයින් වෑයම් කෙරේද පහස දැන නොගනියි කියනු ලැබේ. මෙතෙමේද කයින් වෑයම් කළ බැවින් දුක්කටයට පැමිණේ. ස්ත්‍රීන් දෙදෙන කෙරෙහි දුක්කට දෙකකටද පණ්ඩක ස්ත්‍රීන් දෙදෙන කෙරෙහි දුක්කට දෙකකටද පැමිණේ.

එවං වත්‍ථුවසෙන විත්‍ථාරතො ආපත‍්තිභෙදං දස‍්සෙත්‍වා ඉදානි ලක‍්ඛණවසෙන සඞ‍්ඛෙපතො ආපත‍්තිභෙදඤ‍්ච අනාපත‍්තිභෙදඤ‍්ච දස‍්සෙන‍්තො “සෙවනාධිප‍්පායො”තිආදිමාහ. තත්‍ථ පුරිමනයෙ ඉත්‍ථියා ඵුට‍්ඨො සමානො සෙවනාධිප‍්පායො කායෙන වායමති, ඵස‍්සං පටිවිජානාතීති තිවඞ‍්ගසම‍්පත‍්තියා සඞ‍්ඝාදිසෙසො. දුතියෙ නයෙ නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියාමසනෙ විය වායමිත්‍වා අඡුපනෙ විය ච ඵස‍්සස‍්ස අප‍්පටිවිජානනතො දුවඞ‍්ගසම‍්පත‍්තියා දුක‍්කටං. තතියෙ කායෙන අවායමතො අනාපත‍්ති. යො හි සෙවනාධිප‍්පායොපි නිච‍්චලෙන කායෙන කෙවලං ඵස‍්සං පටිවිජානාති සාදියති අනුභොති, තස‍්ස චිත‍්තුප‍්පාදමත‍්තෙ ආපත‍්තියා අභාවතො අනාපත‍්ති. චතුත්‍ථෙ පන නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියාමසනෙ විය ඵස‍්සප‍්පටිවිජානනාපි නත්‍ථි, කෙවලං චිත‍්තුප‍්පාදමත‍්තමෙව, තස‍්මා අනාපත‍්ති. මොක‍්ඛාධිප‍්පායස‍්ස සබ‍්බාකාරෙසු අනාපත‍්තියෙව.

මෙසේ වස්තු වශයෙන් විස්තර විසින්, ආපත්තිභෙදය දක්වා, දැන් ලක්‍ෂණ වශයෙන් සඞ්ක්‍ෂෙප විසින් ආපත්තිභෙදයද, අනාපත්තියද දක්වනසේක් “සෙවණාධිප්පායො” යනාදිය වදාළ සේක. එහි පෙර කියූ නයින් ස්ත්‍රිය විසින් පහස්නා ලදුයේ සෙවනය කිරීමෙහි අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරේද, පහස දැනගනීදැයි යන ත්‍රිවිධ අඞ්ගසම්පත්තියෙන් සඞ්ඝාදිසෙසය වේ. දෙවන නයෙහි හළ වස්තුවකින් හළ වස්තුවක් ආමර්‍ශනයෙහි මෙන් වෑයම්කොට නොපැහැසීමෙහි මෙන්ද පහස නොදන්නහුට ද්විවිධ අඞ්ගසම්පත්තියෙන් දුක්කටය වේ. තෙවන නයෙහි කයින් වෑයම් නොකරන්නහුට ඇවැත් නොවේ. යමෙක් සේවනය කිරීමෙහි අදහස් ඇත්තේද, නිසල කයින් හුදෙක් පහස දැන ගනීද, ඉවසාද, වළදාද ඔහුගේ චිත්තොත්පාද මාත්‍රයෙක්හි ඇවැත් නොවන බැවින් ඇවැත් නොවේ. සිවුවන නයෙහි පහළ වස්තුවකින් හළ වස්තුවක් ආමර්‍ශනයෙහි මෙන් පහස දැන ගැන්මෙක් නැත්තේද, හුදෙක් සිත උපන් පමණෙක්ම වේද, එහෙයින් ඇවැත් නොවේ. මිදෙන අදහස් ඇත්තහුට සියලු ආකාරයන්හි ඇවැත් නොවේ.

එත්‍ථ පන යො ඉත්‍ථියා ගහිතො තං අත‍්තනො සරීරා මොචෙතුකාමො පටිප‍්පණාමෙති වා පහරති වා අයං කායෙන වායමති ඵස‍්සං පටිවිජානාති. යො ආගච‍්ඡන‍්තිං දිස‍්වා තතො මුඤ‍්චිතුකාමො උත‍්තාසෙත්‍වා පලාපෙති, අයං කායෙන වායමති න ච ඵස‍්සං පටිවිජානාති. යො තාදිසං දීඝජාතිං කායෙ ආරූළ‍්හං දිස‍්වා “සණිකං ගච‍්ඡතු ඝට‍්ටියමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යා”ති න ඝට‍්ටෙති, ඉත්‍ථිමෙව වා අඞ‍්ගං ඵුසමානං ඤත්‍වා “එසා ‘අනත්‍ථිකො අයං මයා’ති සයමෙව පක‍්කමිස‍්සතී”ති අජානන‍්තො විය නිච‍්චලො හොති, බලවිත්‍ථියා වා ගාළ‍්හං ආලිඞ‍්ගිත්‍වා ගහිතො දහරභික‍්ඛු පලායිතුකාමොපි සුට‍්ඨු ගහිතත‍්තා නිච‍්චලො හොති, අයං න ච කායෙන වායමති, ඵස‍්සං පටිවිජානාති. යො පන ආගච‍්ඡන‍්තිං දිස‍්වා “ආගච‍්ඡතු තාව තතො නං පහරිත්‍වා වා පණාමෙත්‍වා වා පක‍්කමිස‍්සාමී”ති නිච‍්චලො හොති, අයං මොක‍්ඛාධිප‍්පායො න ච කායෙන වායමති, න ච ඵස‍්සං පටිවිජානාතීති වෙදිතබ‍්බො.

මෙහි යමෙක් ස්ත්‍රියක විසින් අල්ලා ගන්නා ලද්දේ ඒ ස්ත්‍රිය තම සිරුරෙන් මුදාහරිනු කැමැත්තේ හාත්පසින් නමාද, පහරදේද, මෙතෙමේ කයින් වෑයම් කෙරේ. පහස දනියි. යම් මහණෙක් තෙමේ එන්නියක දැක ඇගෙන් මිදෙනු කැමතිව බිය ගන්වා පලවාහරීද, මෙතෙමේ කයින් වෑයම් කෙරේ. පහස දැන නොගනියි. යම් මහණෙක්තෙමේ එබඳු කයට නැගි දීර්‍ඝජාති ඇත්තියක දැක වහා යේවා, ගටනු ලබන්නී අවැඩ පිණිස පවත්නේයයි නොගටාද, ස්ත්‍රියකම හෝ සිරුර පහසන්නිය දැන මෝ තොමෝ ‘මෙතෙමේ මාගෙන් ප්‍රයෝජන නැත්තෙකැ’යි තොමෝම යන්නේයයි නොදන්නකු මෙන් නිසලවේද, බලවත් ස්ත්‍රියක විසින් හෝ දැඩිව අල්ලාගත්බැවින් නිසලවේද, මෙතෙමේ එයින් වෑයම් නොකෙරේ. පහස දැනගනියි. යමෙක් තෙමේ එන්නියක දැක, ඒවා, ඇයට පහරදී හෝ පහකොට හෝ යන්නෙමියි නිසලවේද, මෙතෙමේ කයින් වෑයම් නොකෙරේ. පහස දැනගනියි. යමෙක් තෙමේ එන්නියක දැක, ඒවා ඇයට පහරදී හෝ පහකොට හෝ යන්නෙමියි නිසලවේද, මෙතෙමේ මිදීමෙහි අදහස් ඇතිව කයින් වෑයම් නොකෙරේ. පහස නොදනීයයි දතයුතුය.

අසඤ‍්චිච‍්චාති ඉමිනා උපායෙන ඉමං ඵුසිස‍්සාමීති අචෙතෙත්‍වා, එවඤ‍්හි අචෙතෙත්‍වා පත‍්තප‍්පටිග‍්ගහණාදීසු මාතුගාමස‍්ස අඞ‍්ගෙ ඵුට‍්ඨෙපි අනාපත‍්ති.

“අසඤ්චිච්ච” මේ උපායන් මැය පහසන්නෙමියි නොසිතා. මෙසේ නොසිතා පා පිළිගැනීම් ආදියෙහිදී මාගමක සිරුර පැහැසූ කල්හිද ඇවැත් නොවේ.

අසතියාති අඤ‍්ඤවිහිතො හොති මාතුගාමං ඵුසාමීති සති නත්‍ථි, එවං අසතියා හත්‍ථපාදපසාරණාදිකාලෙ ඵුසන‍්තස‍්ස අනාපත‍්ති.

“අසතිසා” අන් තැනක තැබූ සිහි ඇත්තේවේද, මාගමක පහසන්නෙමියි සිහියක් නැත්තේද, මෙසේ නොසිහියෙන්, අත්පා දිගු කිරීම් ආදිය කරන කාලයෙහි පහසන්නහුට ඇවැත් නොවේ.

අජානන‍්තස‍්සාති දාරකවෙසෙන ඨිතං දාරිකං “ඉත්‍ථී”ති අජානන‍්තො කෙනචිදෙව කරණීයෙන ඵුසති, එවං “ඉත්‍ථී”ති අජානන‍්තස‍්ස ඵුසතො අනාපත‍්ති.

“අජානන්තස්ස” දරුවෙසින් සිටි දැරියක ස්ත්‍රියයි නොදන්නේ කිසියම් කටයුත්තෙකින් පහසන්නේද, මෙසේ ස්ත්‍රියයි නොදනිමින් පහසන්නහුට ඇවැත් නොවේ.

අසාදියන‍්තස‍්සාති කායසංසග‍්ගං අසාදියන‍්තස‍්ස, තස‍්ස බාහාපරම‍්පරාය නීතභික‍්ඛුස‍්ස විය අනාපත‍්ති. උම‍්මත‍්තකාදයො වුත‍්තනයාඑව. ඉධ පන උදායිත්‍ථෙරො ආදිකම‍්මිකො, තස‍්ස අනාපත‍්ති ආදිකම‍්මිකස‍්සාති.

“අසාදියන්තස්ස” කායසංසර්‍ගය නොඉවසන්නහුට හස්තපරම්පරාවෙන් පැමිණි මහණහුට මෙන් ඔහුට ඇවැත් නොවේ. උන්මත්තකාදීහු කියූ නය ඇත්තාහුමය. මෙහි උදායි ස්ථවිරතෙමේ ආදිකර්මික වූයේය. ඒ ආදිකර්මිකයාහට ඇවැත් නොවේ.

පදභාජනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

පදභාජනීය වර්‍ණනාව නිමි.

සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං පඨමපාරාජිකසමුට‍්ඨානං කායචිත‍්තතො සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනං, සුඛමජ‍්ඣත‍්තද‍්වයෙනාති.

සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ප්‍රථම පාරාජික සමුට්ඨානය ඇත්තේ වේ. කායචිත්ත දෙකින් උපදී. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියාසමුට්ඨානය ඇත්තේය. ව්‍යතික්‍රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්‍ෂ වේ. සිත් සහිතව කටයුතු බැවින් සචිත්තකස - මුට්ඨානයි. ලොකයා විසින් අකුසල් බැවින් හළයුතුයයි නියමය හෙයින් ලොකවද්‍යයි. කයින් කටයුතු බැවින් කායකර්‍මය. අකුසලචින්තයි. සුඛ මද්ධ්‍යස්ථ දෙකින් ද්විවෙදනයි.

විනීතවත්‍ථූසු – මාතුයා මාතුපෙමෙනාති මාතුපෙමෙන මාතුයා කායං ආමසි. එස නයො ධීතුභගිනිවත්‍ථූසු. තත්‍ථ යස‍්මා මාතා වා හොතු ධීතා වා ඉත්‍ථී නාම සබ‍්බාපි බ්‍රහ‍්මචරියස‍්ස පාරිපන්‍ථිකාව. තස‍්මා “අයං මෙ මාතා අයං ධීතා අයං මෙ භගිනී”ති ගෙහස‍්සිතපෙමෙන ආමසතොපි දුක‍්කටමෙව වුත‍්තං.

විනීත වස්තූන්හි “මාතුයා මාතුපෙමෙන” මාතෘප්‍රෙමයෙන් මවගේ කය ආමර්‍ශනය කෙළේය. දුහිතෘ භගිනි වස්තූන්හි මේ නයවේ. එහි යම්හෙයකින් මව හෝ වේවා, දුව හෝ වේවා. ස්ත්‍රීහු සියල්ලෝම බ්‍රහ්මචර්‍ය්‍යට සැතිරියහමය. එහෙයින් ‘මෝ මාගේ මෑණිතොමෝය, මෝ මාගේ දූය, මෝ මාගේ බුහුනැයි ගෘහනිශ්ශ්‍රිත ප්‍රේමයෙන් ආමර්‍ශනය කරන්නහුටද දුක්කටය වදාරන ලද්දේමය.

ඉමං පන භගවතො ආණං අනුස‍්සරන‍්තෙන සචෙපි නදීසොතෙන වුය‍්හමානං මාතරං පස‍්සති නෙව හත්‍ථෙන පරාමසිතබ‍්බා. පණ‍්ඩිතෙන පන භික‍්ඛුනා නාවා වා ඵලකං වා කදලික‍්ඛන්‍ධො වා දාරුක‍්ඛන්‍ධො වා උපසංහරිතබ‍්බො. තස‍්මිං අසති කාසාවම‍්පි උපසංහරිත්‍වා පුරතො ඨපෙතබ‍්බං, “එත්‍ථ ගණ‍්හාහී”ති පන න වත‍්තබ‍්බා. ගහිතෙ පරික‍්ඛාරං කඩ‍්ඪාමීති කඩ‍්ඪන‍්තෙන ගන‍්තබ‍්බං. සචෙ භායති පුරතො පුරතො ගන‍්ත්‍වා “මා භායී”ති සමස‍්සාසෙතබ‍්බා. සචෙ භායමානා පුත‍්තස‍්ස සහසා ඛන්‍ධෙ වා අභිරුහති, හත්‍ථෙ වා ගණ‍්හාති, න “අපෙහි මහල‍්ලිකෙ”ති නිද‍්ධුනිතබ‍්බා, ථලං පාපෙතබ‍්බා. කද‍්දමෙ ලග‍්ගායපි කූපෙ පතිතායපි එසෙව නයො.

භාග්‍යවතුන් වහන්සේගේ මේ අණ සිහිකරන්නහු විසින් ගඟදියපහරින් ගසාගෙන යනු ලබන මව දකීද, එහෙත් අතින් නොපැහැසිය යුත්තීය. නුවණැති මහණහු විසින් නැවක් හෝ ලෑලිකඩක් හෝ කෙහෙල් කදක් හෝ දැවකදක් හෝ එළවිය යුතුය. එබන්දක් නැති කල්හි කසටවතක් නමුත් එළවා ඉදිරියෙහි තැබිය යුතුය. ‘මෙහි එල්බ ගනූවයි නොකිය යුත්තීය. එල්බ ගත් කල්හි පිරිකර ඇද ගන්නෙමියි අදිමින් යායුතුය. බියවේ නම්, ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් බිය නොවයි අස්වැසිය යුත්තීය. බියවන්නී වහා පුතුගේ කඳෙහි හෝ නැගේද, අත හෝ අල්ලා ගනීද, ‘මැහැල්ල පහවෙවයි සලා නොදැමිය යුත්තීය. ගොඩට පැමිණවිය යුත්තීය. මඩෙහි ගැලුනිය කෙරෙහිද, ලිඳෙහි වැටුනිය කෙරෙහිද මෙම නයවේ.

තත්‍රපි හි යොත‍්තං වා වත්‍ථං වා පක‍්ඛිපිත්‍වා හත්‍ථෙන ගහිතභාවං ඤත්‍වා උද‍්ධරිතබ‍්බා, නත්‍වෙව ආමසිතබ‍්බා. න කෙවලඤ‍්ච මාතුගාමස‍්ස සරීරමෙව අනාමාසං, නිවාසනපාවුරණම‍්පි ආභරණභණ‍්ඩම‍්පි තිණණ‍්ඩුපකං වා තාළපණ‍්ණමුද‍්දිකං වා උපාදාය අනාමාසමෙව, තඤ‍්ච ඛො නිවාසනපාරුපනං පිළන්‍ධනත්‍ථාය ඨපිතමෙව. සචෙ පන නිවාසනං වා පාරුපනං වා පරිවත‍්තෙත්‍වා චීවරත්‍ථාය පාදමූලෙ ඨපෙති වට‍්ටති. ආභරණභණ‍්ඩෙසු පන සීසපසාධනකදන‍්තසූචිආදිකප‍්පියභණ‍්ඩං “ඉමං භන‍්තෙ තුම‍්හාකං ගණ‍්හථා”ති දිය්‍යමානං සිපාටිකාසූචිආදිඋපකරණත්‍ථාය ගහෙතබ‍්බං. සුවණ‍්ණරජතමුත‍්තාදිමයං පන අනාමාසමෙව දීය්‍යමානම‍්පි න ගහෙතබ‍්බං. න කෙවලඤ‍්ච එතාසං සරීරූපගමෙව අනාමාසං, ඉත්‍ථිසණ‍්ඨානෙන කතං කට‍්ඨරූපම‍්පි දන‍්තරූපම‍්පි අයරූපම‍්පි ලොහරූපම‍්පි තිපුරූපම‍්පි පොත්‍ථකරූපම‍්පි සබ‍්බරතනරූපම‍්පි අන‍්තමසො පිට‍්ඨමයරූපම‍්පි අනාමාසමෙව. පරිභොගත්‍ථාය පන “ඉදං තුම‍්හාකං හොතූ”ති ලභිත්‍වා ඨපෙත්‍වා සබ‍්බරතනමයං අවසෙසං භින්‍දිත්‍වා උපකරණාරහං උපකරණෙ පරිභොගාරහං පරිභොගෙ උපනෙතුං වට‍්ටති.

එහිද යොතක් හෝ වස්ත්‍රයක් හෝ බහා අතින් අල්ලාගත්බව දැන උඩට නැංවිය යුත්තීය. ආමර්‍ශනය නොකට යුත්තීමය. හුදෙක් මාගමගේ සිරුර පමණක්ම ආමර්‍ශනය නොකටයුතු නොවේ. හිඳිවත් පොරෝණද ආභරණ භාණ්ඩද, තණසුඹුළුව හෝ තල්පතින් කළ මුද්ද හෝ පටන් අනාමාසම වේ. ඒ නිවාසනපාරුපණද පලදනා පිණිස තබන ලද්දක්මය. නිවාසනය හෝ පාරුපණයක් හෝ නිවාස පාරුපණභාවයෙන් පෙරළා පහකොට සිවුරු පිණිස පාමුල තබාද ගන්නට වටියි. ආභරණභාණ්ඩයන් අතුරෙහි හිසේ පලඳනා දත්මුවාකූරු ආදීවූ කප්පිය භාණ්ඩයක් ‘ස්වාමීනි මෙය ඔබවහන්සේටය, ගනුමැනවැයි දෙනු ලබන්න දැළිපිහි, ඉදිකටු දමන කොපුවක් පිණිස ගත යුතුය. රන්රිදී මුතු ආදියෙන් කළ භාණ්ඩය වනාහි අනාමාසම වේ. දෙනු ලබන්නේද නොගත යුතුය. හුදෙක් මොවුන්ගේ සිරුරෙහි එළවිය යුත්තම අනාමාස නොවේ. ස්ත්‍රිසටහනින් කළ ලීයෙන් කළ රූපයද දන්ත රූපයද යකඩ රූපයද ලොහ රූපයද ඊයම් රූපයද හුණුපිරියමින් කළ රූපයද සියල්ල රුවන්මුවා රූපයද යටත්පිරිසෙයින් පිටිමුවා රූපයද අතනොගෑයුතුමය. පරිභෝගය පිණිස ‘මෙය ඔබවහන්සේට වේවයි ලැබ සර්‍වරත්තමය භාණ්ඩය හැර සෙස්ස බිඳහැර උපකරණයට සුදුසුදැයි උපකරණයෙහිද පරිභොගයට සුදුසුදැයි පරිභොගයෙහිද එළවීම වටින්නේය.

යථා ච ඉත්‍ථිරූපකං; එවං සත‍්තවිධම‍්පි ධඤ‍්ඤං අනාමාසං. තස‍්මා ඛෙත‍්තමජ‍්ඣෙන ගච‍්ඡතා තත්‍ථජාතකම‍්පි ධඤ‍්ඤඵලං න ආමසන‍්තෙන ගන‍්තබ‍්බං. සචෙ ඝරද‍්වාරෙ වා අන‍්තරාමග‍්ගෙ වා ධඤ‍්ඤං පසාරිතං හොති පස‍්සෙන ච මග‍්ගො අත්‍ථි න මද‍්දන‍්තෙන ගන‍්තබ‍්බං. ගමනමග‍්ගෙ අසති මග‍්ගං අධිට‍්ඨාය ගන‍්තබ‍්බං. අන‍්තරඝරෙ ධඤ‍්ඤස‍්ස උපරි ආසනං පඤ‍්ඤාපෙත්‍වා දෙන‍්ති නිසීදිතුං වට‍්ටති. කෙචි ආසනසාලායං ධඤ‍්ඤං ආකිරන‍්ති, සචෙ සක‍්කා හොති හරාපෙතුං හරාපෙතබ‍්බං, නො චෙ එකමන‍්තං ධඤ‍්ඤං අමද‍්දන‍්තෙන පීඨකං පඤ‍්ඤපෙත්‍වා නිසීදිතබ‍්බං. සචෙ ඔකාසො න හොති, මනුස‍්සා ධඤ‍්ඤමජ‍්ඣෙයෙව ආසනං පඤ‍්ඤපෙත්‍වා දෙන‍්ති, නිසීදිතබ‍්බං. තත්‍ථජාතකානි මුග‍්ගමාසාදීනි අපරණ‍්ණානිපි තාලපනසාදීනි වා ඵලානි කීළන‍්තෙන න ආමසිතබ‍්බානි. මනුස‍්සෙහි රාසිකතෙසුපි එසෙව නයො. අරඤ‍්ඤෙ පන රුක‍්ඛතො පතිතානි ඵලානි “අනුපසම‍්පන‍්නානං දස‍්සාමී”ති ගණ‍්හිතුං වට‍්ටති.

ස්ත්‍රී රූපය යම්සේද එසේ සප්තවිධ ධාන්‍යද අතනොගෑයුතුය. කුඹුරක් මැදින් යන්නහු විසින් එහි හටගත් ධාන්‍යඵලද අතනොගාම යායුතුය. ගෙදොරක හෝ අතරමග හෝ ධාන්‍යය දිගහැර තබන ලද්දේවේද, එහි පසෙකින් මගක් ඇත්තේ නම් ධාන්‍ය නොමැඩම යායුතුය. යන මගක් නැති කල්හි මාර්‍ග සංඥා ඇතිව මග ඉටා යායුතුය. ඇතුළුගෙයි ධාන්‍ය මතුයෙහි අසුනක් පණවා දෙත්නම් හිඳීම වරද නොවේ. කිසිකෙනෙක් ආසන ශාලාවෙහි ධාන්‍ය වගුරුවත්ද ඒ ධාන්‍ය බැහැර කරවන්නට හැක්කේ නම් බැහැර කරවිය යුතුය. බැහැර කරවනු නොහැකිවේනම්, ධාන්‍ය නොමඩින ලෙස එකත්පසෙක්හි පුටුවක් පණවා හිඳිය යුතුය. ඉඩක් නොවේනම් මිනිස්සු ධාන්‍ය මැදම අසුනක් පනවා දෙත්ද, හිඳිය යුතුය. එහි හටගත් මුං මෑ ආදී වූ ධාන්‍ය වර්‍ගද, තල් කොස් ආදීවූ ඵලද සෙල්ලම් පිණිසද නොපැහැසිය යුතුය. මිනිසුන් විසින් රැස්කොට තැබූ දැයෙහිද මෙම නයවේ. වනයෙහි ගස්වලින් නැමුනු ඵල අනුපසම්පන්නයන්ට දෙමියි ගැනීම සුදුසු වේ.

මුත‍්තා , මණි, වෙළුරියො, සඞ‍්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ‍්කො, මසාරගල‍්ලන‍්ති ඉමෙසු දසසු රතනෙසු මුත‍්තා අධොතා අනිවිද‍්ධා යථාජාතාව ආමසිතුං වට‍්ටති. සෙසා අනාමාසාති වදන‍්ති. මහාපච‍්චරියං පන “මුත‍්තා ධොතාපි අධොතාපි අනාමාසා භණ‍්ඩමූලත්‍ථාය ච සම‍්පටිච‍්ඡිතුං න වට‍්ටති, කුට‍්ඨරොගස‍්ස භෙසජ‍්ජත්‍ථාය පන වට‍්ටතී”ති වුත‍්තං. අන‍්තමසො ජාතිඵලිකං උපාදාය සබ‍්බොපි නීලපීතාදිවණ‍්ණභෙදො මණි ධොතවිද‍්ධවට‍්ටිතො අනාමාසො, යථාජාතො පන ආකරමුත‍්තො පත‍්තාදිභණ‍්ඩමූලත්‍ථං සම‍්පටිච‍්ඡිතුං වට‍්ටතීති වුත‍්තො. සොපි මහාපච‍්චරියං පටික‍්ඛිත‍්තො, පචිත්‍වා කතො කාචමණියෙවෙකො වට‍්ටතීති වුත‍්තො. වෙළුරියෙපි මණිසදිසොව විනිච‍්ඡයො.

මුත්තා - මණි - වෙළුරිය -සඞ්ඛ -සිලා-පවාළ - රජත -ජාතරූප-ලොහිතඞ්ක-මසාරගල්ල යන යන මේ දස රුවන් අතුරෙහි නොසේදූ නොවිදි, හටගත් පරිදිමවූ මුතු පැහැසීමට සුදුසුය. සෙස්සෝ නොපැහැසිය යුතුයයි කියත්, මහාපච්චරියෙහි සේදූ නොසේදූ මුතු නොපැහැසිය යුතුය. බඩුමිල පිණිසද පිළිගන්නට නොවටියි. කුෂ්ටරොග ඇත්තහුට බෙහෙත් පිණිස වටීයි කියන ලද්දේය. යටත් පිරිසෙයින් දෑපලිඟු පටන් සියලු නීල පීතවර්‍ණදි ප්‍රභෙදවත් මාණික්‍යය දෙවුම් විදුම් වටකිරීම් ඇත්තේ නොපැහැසිය යුතුය. හටගත් පරිදිම වූ ආකාර ඇති මුතු පාත්‍ර ආදී බඩුමිල පිණිස පිළිගන්නට වටීයයි කියන ලදය. ඒද මහාපච්චරියෙහි වනාහි ප්‍රතික්‍ෂෙප කරන ලදී. පචනයකොට කළ එක් කදාමිණම වටීයයි කියන ලද්දේය. වේළුරියෙහිද විනිශ්චය මැණිකෙහි කියූ විනිශ්චය සමාන වේ.

සඞ‍්ඛො ධමනසඞ‍්ඛො ච ධොතවිද‍්ධො ච රතනමිස‍්සො අනාමාසො. පානීයසඞ‍්ඛො ධොතොපි අධොතොපි ආමාසොව සෙසඤ‍්ච අඤ‍්ජනාදිභෙසජ‍්ජත්‍ථායපි භණ‍්ඩමූලත්‍ථායපි සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. සිලා ධොතවිද‍්ධා රතනසංයුත‍්තා මුග‍්ගවණ‍්ණාව අනාමාසා. සෙසා සත්‍ථකනිසානාදිඅත්‍ථාය ගණ‍්හිතුං වට‍්ටති. එත්‍ථ ච රතනසංයුත‍්තාති සුවණ‍්ණෙන සද‍්ධිං යොජෙත්‍වා පචිත්‍වා කතාති වදන‍්ති. පවාළං ධොතවිද‍්ධං අනාමාසං. සෙසං ආමාසං භණ‍්ඩමූලත්‍ථඤ‍්ච සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. මහාපච‍්චරියං පන “ධොතම‍්පි අධොතම‍්පි සබ‍්බං අනාමාසං, න ච සම‍්පටිච‍්ඡිතුං වට‍්ටතී”ති වුත‍්තං.

සඞ්ඛය තෙමේ, ධමනසඞ්ඛයද දෝනාලද්දේ මණි ආදි භාවයෙන් කළ සිදුරු ඇත්තේද, කසුන්ලිය ආදියෙන් විසිතුරුවූයේ මුතු ආදී රුවන් ඔබ්බන ලද්දේ ද නොපැහැසිය යුතුය. පානීය සඞ්ඛය දෝනා ලද්දේ ද, නොදෝනා ලද්දේ ද පැහැසිය හැක්කේය. රුවන් ඔබ්බන ලද සඞ්ඛය හැර සෙස්සද අඳුන් ආදී බෙහෙත් පිණිසද පාසිවුරු ආදි බඩුමිල පිණිසද පිළිගන්නට වටියි. සේදූ විදි රුවන් එබ්බූගල මුං පැහැ ඇත්තේ නොපැහැසිය යුතුය. සෙසු ගල් කරගල් ආදිය පිණිස ගැනීම මෙහි වරද නැත්තේය. මෙහිද “රතනසංයුත්තා” යනු රන් හා යොදා ගිනියම්කොට කරන ලදැයි කියත්, පබළු දෙවා විදින ලද්දේ අනාමාස වේ. සෙසු පබළු ආමාසය. පාසිවුරු ආදි බඩු මිල පිණිසද පිළිගන්නට වටියි. මහාපච්චරියෙහි වනාහි දෙවියේද නොදෙවියේද සියල්ල අනාමාසය. පිළිගන්නටද නොවටීයයි කියන ලදි.

රජතං ජාතරූපඤ‍්ච කතභණ‍්ඩම‍්පි අකතභණ‍්ඩම‍්පි සබ‍්බෙන සබ‍්බං බීජතො පට‍්ඨාය අනාමාසඤ‍්ච අසම‍්පටිච‍්ඡියඤ‍්ච, උත‍්තරරාජපුත‍්තො කිර සුවණ‍්ණචෙතියං කාරෙත්‍වා මහාපදුමත්‍ථෙරස‍්ස පෙසෙසි. ථෙරො “න කප‍්පතී”ති පටික‍්ඛිපි. චෙතියඝරෙ සුවණ‍්ණපදුමසුවණ‍්ණබුබ‍්බුළකාදීනි හොන‍්ති, එතානිපි අනාමාසානි. චෙතියඝරගොපකා පන රූපියඡඩ‍්ඩකට‍්ඨානෙ ඨිතා, තස‍්මා තෙසං කෙළාපයිතුං වට‍්ටතීති වුත‍්තං. කුරුන්‍දියං පන තං පටික‍්ඛිත‍්තං. සුවණ‍්ණචෙතියෙ කචවරමෙව හරිතුං වට‍්ටතීති එත‍්තකමෙව අනුඤ‍්ඤාතං. ආරකූටලොහම‍්පි ජාතරූපගතිකමෙව අනාමාසන‍්ති සබ‍්බඅට‍්ඨකථාසු වුත‍්තං. සෙනාසනපරිභොගො පන සබ‍්බකප‍්පියො, තස‍්මා ජාතරූපරජතමයා සබ‍්බෙපි සෙනාසනපරික‍්ඛාරා ආමාසා. භික‍්ඛූනං ධම‍්මවිනයවණ‍්ණනට‍්ඨානෙ රතනමණ‍්ඩපෙ කරොන‍්ති ඵලිකත්‍ථම‍්භෙ රතනදාමපතිමණ‍්ඩිතෙ, තත්‍ථ සබ‍්බූපකරණානි භික‍්ඛූනං පටිජග‍්ගිතුං වට‍්ටති.

රිදීද, රන්ද, කළබඩුද, නොකළබඩුද යන සියල්ල, මුළුමනින් ධාතුපාසාණය පටන් අනාමාසද වේ. නොපිළිගතයුතුද වේ. උත්තරරාජපුත්‍ර තෙමේ රන්සෑයක් කරවා මහාපදුම ස්ථවිරයන් වහන්සේට යැවීය. උන්වහන්සේ එය නොකැපැයි ප්‍රතික්‍ෂෙප කළහ. චෛත්‍යගර්‍භයෙහි රන්පියුම්, රන්බුබුලු ආදීහු මෙන්ද, මොවුහුද අනාමාසය. චෛත්‍ය ඝරරක්‍ෂකයෝ වනාහි රූපියඡඩ්ඩකස්ථානයෙහි සිටියෝය. එහෙයින් ඔවුන්ට, පහසා ඔබමොබ හසුරුවන්නට වටීයයි කියනලදී. කුරුන්‍දියෙහි වනාහි එය ප්‍රතික්‍ෂෙප කරන ලදය. රන්සෑයෙහි කුණුකසළම පහකරන්නට වටීයයි මෙපමණක්ම අනුදන්නා ලදි. පිත්තලද ස්වර්‍ණගනිතවම වේ. අනාමාසැයි සියලු අර්‍ත්‍ථකථාවන්හි කියනලදි. සෙනාසනපරිභොගයෙහි සියල්ල කැපවේ. එහෙයින් රන්රිදීමුවා සියලු සෙනසුන් පිරිකරම ආමාස වේ. ධර්‍මවිනය වර්‍ණනා ස්ථානයෙහි පලිඟු ටැම් ඇති, රුවන්දමින් සැරසූ, රත්නමණ්ඩප කෙරෙත් එහි සියලු උපකරණ භික්‍ෂූන්ට පිළිදගින්නට වටියි.

ලොහිතඞ‍්කමසාරගල‍්ලා ධොතවිද‍්ධා අනාමාසා, ඉතරෙ ආමාසා, භණ‍්ඩමූලත්‍ථාය වට‍්ටන‍්තීති වුත‍්තා. මහාපච‍්චරියං පන “ධොතාපි අධොතාපි සබ‍්බසො අනාමාසා න ච සම‍්පටිච‍්ඡිතුං වට‍්ටන‍්තී”ති වුත‍්තං.

ලොහිතඞ්ක මසාරගල්ලයෝ දෙව විදින ලද්දහු අනාමාස වෙති. සෙසු නොදෙවි නොවිදින ලද්දේ ආමාසයෝය. බඩු මිල පිණිස වටිත්යි කියන ලදය. මහාපච්චරියෙහි වනාහි දෙවියාහුද නොදෙවියාහුද මුළුමනින් අනාමාසයය. පිළිගන්නට නොවටීයයි කියන ලද්දේය.

සබ‍්බං ආවුධභණ‍්ඩං අනාමාසං, භණ‍්ඩමූලත්‍ථාය දීය්‍යමානම‍්පි න සම‍්පටිච‍්ඡිතබ‍්බං. සත්‍ථවණිජ‍්ජා නාම න වට‍්ටති. සුද‍්ධධනුදණ‍්ඩොපි ධනුජියාපි පතොදොපි අඞ‍්කුසොපි අන‍්තමසො වාසිඵරසුආදීනිපි ආවුධසඞ‍්ඛෙපෙන කතානි අනාමාසානි. සචෙ කෙනචි විහාරෙ සත‍්ති වා තොමරො වා ඨපිතො හොති, විහාරං ජග‍්ගන‍්තෙන “හරන‍්තූ”ති සාමිකානං පෙසෙතබ‍්බං. සචෙ න හරන‍්ති, තං අචාලෙන‍්තෙන විහාරො පටිජග‍්ගිතබ‍්බො. යුද‍්ධභූමියං පතිතං අසිං වා සත‍්තිං වා තොමරං වා දිස‍්වා පාසාණෙන වා කෙනචි වා අසිං භින්‍දිත්‍වා සත්‍ථකත්‍ථාය ගහෙතුං වට‍්ටති, ඉතරානිපි වියොජෙත්‍වා කිඤ‍්චි සත්‍ථකත්‍ථාය ගහෙතුං වට‍්ටති කිඤ‍්චි කත‍්තරදණ‍්ඩාදිඅත්‍ථාය. “ඉදං ගණ‍්හථා”ති දීය්‍යමානං පන “විනාසෙත්‍වා කප‍්පියභණ‍්ඩං කරිස‍්සාමී”ති සබ‍්බම‍්පි සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති.

සියලු ආයුධ භාණ්ඩ අනාමාස වේ. බඩුමිල පිණිස දෙනු ලබන්නද නොපිළිගත යුතුය. සැත් වෙළෙඳාම නොදවටියි. ශුද්ධධනුදණ්ඩද දුනුදියද කැවිටද, අකුස්සද යටත් පිරිසෙයින් වෑ පොරෝ ආදියද ආවුධසඞ්ක්‍ෂෙපයෙන් කරන ලද්දහු අනාමාසම වේ. කිසිවකු විසින් විහාරයෙහි අඩයටියක් හෝ තෝමරයක් හෝ තබන ලද්දේවේද, වෙහෙර දකින්නහු විසින් ගෙන යෙත්වායි හිමියන්ට හසුනක් යැවිය යුතුය. ගෙන නොයෙක් නම්, ඒ ආවුධය නොසොල්වන්නහු විසින් විහාරය පිළිදැගිය යුතුය. යුදබිම වැටුණු කඩුවක් හෝ අඩයටියක් හෝ තෝමරයක් හෝ දැක පහණකින් හෝ අන්කිසිවකින් හෝ කඩුව බිඳ සැතක් පිණිස ගැනීම වටියි. අන් අඩයටි ආදියද වෙන්කොට කිසිවක් සැත් පිණිස කිසිවක් කතුරු දඩුආදිය පිණිස ගතයුතුය. මෙය ගනුවුයි දෙනු ලබන්නද කඩා විනාශකොට කැපබඩුවක් කරන්නෙමියි සියල්ලම පිළිගන්නට හැකිය.

මච‍්ඡජාලපක‍්ඛිජාලාදීනිපි ඵලකජාලිකාදීනි සරපරිත‍්තානානීපි සබ‍්බානි අනාමාසානි. පරිභොගත්‍ථාය ලබ‍්භමානෙසු පන ජාලං තාව “ආසනස‍්ස වා චෙතියස‍්ස වා උපරි බන්‍ධිස‍්සාමි, ඡත‍්තං වා වෙඨෙස‍්සාමී”ති ගහෙතුං වට‍්ටති. සරපරිත‍්තානං සබ‍්බම‍්පි භණ‍්ඩමූලත්‍ථාය සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. පරූපරොධනිවාරණඤ‍්හි එතං න උපරොධකරන‍්ති ඵලකං දන‍්තකට‍්ඨභාජනං කරිස‍්සාමීති ගහෙතුං වට‍්ටති.

මස්දැල් පක්‍ෂිදැල් පෝරුදැල් ආදීද ඊතල රක්නා බඩුද යන සියල්ල අනාමාසය. පරිභොගය පිණිස ලැබෙන කල්හි දැල්, අසුනෙහි හෝ සැයෙහි හෝ මත්තෙහි බඳින්නෙමි. චෛත්‍යඡත්‍රය හෝ වෙළන්නෙමියි හෝ පිළිගත යුතුය. ඊ රක්නා සියලු බඩුම බඩුමිල පිණිස පිළිගැනීම සුදුසුවේ. මෙය පරපීඩා නිවාරණය කරන්නෙක්මය. පීඩා කරන්නක් නොවේ. පලිහය දැහැටි බඳුනක් කරන්නෙමියි ගැනීම වටියි.

චම‍්මවිනද‍්ධානි වීණාභෙරිආදීනි අනාමාසානි. කුරුන්‍දියං පන “භෙරිසඞ‍්ඝාටොපි වීණාසඞ‍්ඝාටොපි තුච‍්ඡපොක‍්ඛරම‍්පි මුඛවට‍්ටියං ආරොපිතචම‍්මම‍්පි වීණාදණ‍්ඩකොපි සබ‍්බං අනාමාස”න‍්ති වුත‍්තං. ඔනහිතුං වා ඔනහාපෙතුං වා වාදෙතුං වා වාදාපෙතුං වා න ලබ‍්භතියෙව. චෙතියඞ‍්ගණෙ පූජං කත්‍වා මනුස‍්සෙහි ඡඩ‍්ඩිතං දිස‍්වාපි අචාලෙත්‍වාව අන‍්තරන‍්තරෙ සම‍්මජ‍්ජිතබ‍්බං, කචවරඡඩ‍්ඩනකාලෙ පන කචවරනියාමෙනෙව හරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතුං වට‍්ටතීති මහාපච‍්චරියං වුත‍්තං. භණ‍්ඩමූලත්‍ථාය සම‍්පටිච‍්ඡිතුම‍්පි වට‍්ටති. පරිභොගත්‍ථාය ලබ‍්භමානෙසු පන වීණාදොණිකඤ‍්ච භෙරිපොක‍්ඛරඤ‍්ච දන‍්තකට‍්ඨභාජනං කරිස‍්සාම චම‍්මං සත්‍ථකකොසකන‍්ති එවං තස‍්ස තස‍්ස පරික‍්ඛාරස‍්ස උපකරණත්‍ථාය ගහෙත්‍වා තථා තථා කාතුං වට‍්ටති.

සමින් වෙළු විණා බෙර ආදිය අනාමාසය. කුරුන්‍දියෙහි වනාහි ගැටූ සම් ඇති බෙරයද ගැටූ සම් ඇති වීණාවද සමින් නොවැසූ බෙරවීණා කරවියද බෙරවීණාදීන්ගේ වෙළීම පිණිස මුවවිට නැගු සමද, පසුව එයින් බැහැරකොට වෙන්ව තැබූ මුඛ චර්‍වමාත්‍රයද වීණදණ්ඩද යන සියල්ල අනමාසැයි කියන ලදී. බෙරකරවි ආදීන්ට සම නගා සම්මැටි ආදියෙන් වෙළන්නටද වෙළවන්නටද වයන්නටද, වයවන්නටද, නොලබාමය. සෑමිදුලෙහි පූජාකොට මිනිසුන් විසින් හැරදමන ලද්දක් දැක්ද නොසොල්වාම අතරතුර හැමදිය යුතුය. කුණු කසළ හැරදමන කාලයෙහි කුණු කසළ නියමයෙන්ම ගෙනගොස් එකත් පසෙක තැබීම වටීයයි මහාපච්චරියෙහි කියනලදී. බඩුමිල පිණිස පිළිගැනීම වටියි. පරිභොගය පිණිස ලැබෙන කල්හි විණා දෙණද බෙරකරාවියද, දැහැටි බඳුනක් කරන්නෙමු. හම ශස්ත්‍රකොෂයක් කරන්නෙමුයි ඒ ඒ පිරිකර උපකරණ පිණිස ගෙන එසේ එසේ කරන්නට වටියි.

පුරාණදුතියිකාවත්‍ථු උත‍්තානමෙව. යක‍්ඛිවත්‍ථුස‍්මිං සචෙපි පරනිම‍්මිතවසවත‍්තිදෙවියා කායසංසග‍්ගං සමාපජ‍්ජති ථුල‍්ලච‍්චයමෙව. පණ‍්ඩකවත්‍ථු ච සුත‍්තිත්‍ථිවත්‍ථු ච පාකටමෙව. මතිත්‍ථිවත්‍ථුස‍්මිං පාරාජිකප‍්පහොනකකාලෙ ථුල‍්ලච‍්චයං, තතො පරං දුක‍්කටං. තිරච‍්ඡානගතවත්‍ථුස‍්මිං නාගමාණවිකායපි සුපණ‍්ණමාණවිකායපි කින‍්නරියාපි ගාවියාපි දුක‍්කටමෙව. දාරුධීතලිකාවත්‍ථුස‍්මිං න කෙවලං දාරුනා එව, අන‍්තමසො චිත‍්තකම‍්මලිඛිතෙපි ඉත්‍ථිරූපෙ දුක‍්කටමෙව.

පුරාණදුතියිකා වස්තුව ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. යක්‍ඛී වස්තුවෙහි පරනිර්මිත වශවර්තී දෙවියක හා කායසංසර්‍ගයට පැමිණේද, ථුල්ලච්චයම වේ. පණ්ඩක වස්තුවත් සුත්තිත්‍ථි වස්තුවත් ප්‍රකටමය. මතින්‍ථි වස්තුවෙහි පාරාජිකයට පෙහෝනා කාලයෙහි ථුල්ලච්චය වේ. ඉන් මොබ දුක්කටය වේ. තිරච්ඡානගත වස්තුවෙහි නා මෙනවියක හාද ගුරුළු මෙනෙවියක හාද, කිඳුරියක හාද, ගවදෙනක හාද, කායසංසර්‍ගයට පැමිණෙන්නහුට දුක්කටයම වේ. දාරුධීතලිකා වස්තුවෙහි හුදෙක් දැවයෙන් කළ ස්ත්‍රී රූපය පමණක්ම නොවේ. යම් සිතියම් කළ ස්ත්‍රී රූපයෙහිද දුක්කටය වේ.

සම‍්පීළනවත්‍ථු උත‍්තානත්‍ථමෙව. සඞ‍්කමවත්‍ථුස‍්මිං එකපදිකසඞ‍්කමො වා හොතු සකටමග‍්ගසඞ‍්කමො වා, චාලෙස‍්සාමීති පයොගෙ කතමත‍්තෙව චාලෙතු වා මා වා, දුක‍්කටං. මග‍්ගවත්‍ථු පාකටමෙව. රුක‍්ඛවත්‍ථුස‍්මිං රුක‍්ඛො මහන‍්තො වා හොතු මහාජම‍්බුප‍්පමාණො ඛුද‍්දකො වා, තං චාලෙතුං සක‍්කොතු වා මා වා, පයොගමත‍්තෙන දුක‍්කටං. නාවාවත්‍ථුස‍්මිම‍්පි එසෙව නයො. රජ‍්ජවත්‍ථුස‍්මිං යං රජ‍්ජුං ආවිඤ‍්ඡන‍්තො ඨානා චාලෙතුං සක‍්කොති, තත්‍ථ ථුල‍්ලච‍්චයං. යා මහාරජ‍්ජු හොති, ඊසකම‍්පි ඨානා න චලති, තත්‍ථ දුක‍්කටං. දණ‍්ඩෙපි එසෙව නයො. භූමියං පතිතමහාරුක‍්ඛොපි හි දණ‍්ඩග‍්ගහණෙනෙව ඉධ ගහිතො. පත‍්තවත්‍ථු පාකටමෙව. වන්‍දනවත්‍ථුස‍්මිං ඉත්‍ථී පාදෙ සම‍්බාහිත්‍වා වන්‍දිතුකාමා වාරෙතබ‍්බා පාදා වා පටිච‍්ඡාදෙතබ‍්බා, නිච‍්චලෙන වා භවිතබ‍්බං. නිච‍්චලස‍්ස හි චිත‍්තෙන සාදියතොපි අනාපත‍්ති. අවසානෙ ගහණවත්‍ථුපාකටමෙවාති.

සම්පීළන වස්තුව ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. සඞ්කම වස්තුවෙහි මාගමක නැගීසිටි කුඩා හේදණ්ඩක් හෝ වේවා, ගැල්මගක් වූ මහහේදණ්ඩක් හෝ වේවා, සොලවන්නෙමියි ප්‍රයෝගකළ ඇසිල්ලෙහිම සොලවාවා හෝ නොසොලොවාවා හෝ දුක්කටය වේ. මග්ග වස්තුව ප්‍රකටමය. රුක්‍ඛ වස්තුවෙහි මාගමක් නැගී සිටිරුක මහත් වූ මහාදඹ රුකක් පමණ හෝ වේවා, කුඩා රුකක් හෝ වේවා, ඒ රුක සොලවන්නට හැකිවේවා හෝ නොහැකිවේවා හෝ ප්‍රයෝග කළ පමණින් දුකක්කටය වේ. නාවා වස්තුවෙහිද මේ නයම වේ. රජ්ජු වස්තුවෙහි ස්ත්‍රියක ගත් රැහණ අදින්නේ ගත් තැනින් සොලවන්නට හැකිවේ, එහි ථුල්ලච්චය වේ. යම් මහා රැහණක් වේනම්, එය තුබූ තැනින් මදකුත් නොසැලේද, එහි දුක්කටය වේ. ස්ත්‍රිය ගත් දඬුවෙහිද මෙම නයවේ. බිම වැටුණු මහාරුකක් නමුදු දණ්ඩ ග්‍රහණයෙන්ම මෙහි ගන්නා ලද්දේය. පත්ත වස්තුව ප්‍රකටමය. වන්‍දන වස්තුවෙහි ස්ත්‍රිය පාදසම්බාහනයකොට වඳිනු කැමැත්තීද, වැළකිය යුත්තීය. පාදයන් හෝ සිවුරෙන් හෝ අන්කිසිවකින් වැසිය යුත්තාහ. නිශ්චල හෝ වියයුතුය. නිශ්චලව සිතින් ඉවසන්නහුටද සඞ්ඝාදිසෙසාපත්තිය නොවේ. අවසානයෙහි ස්ත්‍රියක ගන්නෙමියි වෑයම් කළ වස්තුව ප්‍රකටමය. මනුෂ්‍ය ස්ත්‍රියක, මනුෂ්‍ය ස්ත්‍රියක යන සංඥාය. කාය සංසර්‍ග රාගය, ව්‍යායාමය, හස්ත ග්‍රහණාදියට පැමිණීමයයි මෙහි අඞ්ග පසක් වේ.

කායසංසග‍්ගසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

කායසංසග්ග ශික්‍ෂාපද වර්‍ණනා නිමි.