යෙදුමෙන් කියවන්න

සුක‍්කවිස‍්සට‍්ඨිසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සුක‍්කවිස‍්සට‍්ඨිසික‍්ඛාපදවණ‍්ණනා

සුක්කවිසට්ඨි ශික්‍ෂාපද වර්ණනාව

යං පාරාජිකකණ‍්ඩස‍්ස, සඞ‍්ගීතං සමනන‍්තරං; තස‍්ස තෙරසකස‍්සායමපුබ‍්බපදවණ‍්ණනා.

යං පාරාජිකකණ්ඩස්ස සඞ්ගීතං සමනන්තරං තස්ස තෙරසකස්සායමපුබ්බපදවණ්ණනා

පාරාජික කාණ්ඩයට අනතුරුව යම් තෙරස්සඞ්ඝාදිශෙෂ කාණ්ඩයක් සඞ්ඝායනා කරන ලද්දේ ද, ඒ තෙරස ශිෂ්‍යාපද කාණඩයේ මේ පෙර නොතිබූ පදවර්‍ණනාය.

තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සෙය්‍යසකො අනභිරතො බ්‍රහ‍්මචරියං චරතීති එත්‍ථ ආයස‍්මාති පියවචනං. සෙය්‍යසකොති තස‍්ස භික‍්ඛුනො නාමං. අනභිරතොති වික‍්ඛිත‍්තචිත‍්තො කාමරාගපරිළාහෙන පරිඩය‍්හමානො න පන ගිහිභාවං පත්‍ථයමානො. සො තෙන කිසො හොතීති සො සෙය්‍යසකො තෙන අනභිරතභාවෙන කිසො හොති.

“තෙන සමයෙන බුද්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන පන සමයෙන ආයස්මා සෙය්‍යසකො අනභිරතො බ්‍රහ්මචරියං චරති” යන මෙහි “ආයස්මා” යනු ප්‍රියවචනයි. “සෙය්‍යසකො” යනු මේ මහණහුගේ නාමයයි. “අනභිරතො” විසුරුනු සිත් ඇත්තේ කාමරාග පරිදාහයෙන් හාත්පසින් දැවෙනුයේ ගිහිබව පතමින් නොවේ. “සො තෙන කිසො හොති” ඒ සෙය්‍යසක තෙමේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි ඇලුම් නැති බැවින් කෘශ වූයේ වේ.

අද‍්දසා ඛො ආයස‍්මා උදායීති එත්‍ථ උදායීති තස‍්ස ථෙරස‍්ස නාමං, අයඤ‍්හි සෙය්‍යසකස‍්ස උපජ‍්ඣායො ලාළුදායී නාම භන‍්තමිගසප‍්පටිභාගො නිද‍්දාරාමතාදිමනුයුත‍්තානං අඤ‍්ඤතරො ලොලභික‍්ඛු. කච‍්චි නො ත්‍වන‍්ති කච‍්චි නු ත්‍වං. යාවදත්‍ථං භුඤ‍්ජාතිආදීසු යාවතා අත්‍ථොති යාවදත්‍ථං. ඉදං වුත‍්තං හොති – යාවතා තෙ භොජනෙන අත්‍ථො යත‍්තකං ත්‍වං ඉච‍්ඡසි තත‍්තකං භුඤ‍්ජ, යත‍්තකං කාලං රත‍්තිං වා දිවා වා සුපිතුං ඉච‍්ඡසි තත‍්තකං සුප, මත‍්තිකාදීහි කායං උබ‍්බට‍්ටෙත්‍වා චුණ‍්ණාදීහි ඝංසිත්‍වා යත‍්තකං න‍්හානං ඉච‍්ඡසි තත‍්තකං න‍්හාය, උද‍්දෙසෙන වා පරිපුච‍්ඡාය වා වත‍්තපටිපත‍්තියා වා කම‍්මට‍්ඨානෙන වා අත්‍ථො නත්‍ථීති. යදා තෙ අනභිරති උප‍්පජ‍්ජතීති යස‍්මිං කාලෙ තව කාමරාගවසෙන උක‍්කණ‍්ඨිතතා වික‍්ඛිත‍්තචිත‍්තතා උප‍්පජ‍්ජති. රාගො චිත‍්තං අනුද‍්ධංසෙතීති කාමරාගො චිත‍්තං ධංසෙති පධංසෙති වික‍්ඛිපති චෙව මිලාපෙති ච. තදා හත්‍ථෙන උපක‍්කමිත්‍වා අසුචිං මොචෙහීති තස‍්මිං කාලෙ හත්‍ථෙන වායමිත්‍වා අසුචිමොචනං කරොහි, එවඤ‍්හි තෙ චිත‍්තෙකග‍්ගතා භවිස‍්සති. ඉති තං උපජ‍්ඣායො අනුසාසි යථා තං බාලො බාලං මගො මගං.

“අද්දසා ඛො ආයස්මා උදායි” මෙහි උදායී යනු ඒ තෙරුන්ගේ නාමය වේ. මෙතෙමේ වනාහි සෙය්‍යසක මහණහුගේ උපාද්ධ්‍යාය වූ ලාලුදායි නම් වේ. භ්‍රාන්තමෘගයකු සමාන වූ එතෙමේ නිද්‍රාරාමනාදියෙහි යෙදුනවුන් අතුරෙහි එක්තරා ලොල් මහණෙකි. “කච්චි නො ත්‍වං” කච්චි නු ත්‍වං, යනු පද යෙදුමයි. කිම, තෝ “යාවදත්‍ථං, භුඤ්ජ” යනාදි තන්හි යම්පමණ ප්‍රයෝජන වූයේයි යාවදත්‍ථ නම. යම්පමණ තට හෝජනයෙන් ප්‍රයෝජනවේද, තෝ යම්පමණ කැමැත්තෙහිද, එපමණ අනුභව කරව, යම්පමණ කල් රෑ හෝ දවල් නිදන්නට කැමැත්තෙහිද, එපමණ කල් නිදව. මැටි ආදියෙන් කය උළා හුණු ආදියෙන් ගටා නෑම යම්පමණ කැමැත්තෙහිද, එපමණ නහව, උදෙසීමෙන්, හෝ පිළිවිසීමෙන් හෝ වත්පිළිවෙතින් හෝ කමටහනින් හෝ ප්‍රයෝජන නැත්තේයයි මෙය කියන ලද්දේය. “යදා තෙ අනභිරති උප්පජ්ජති”. යම්කලෙක තට කාමරාග වසයෙන් උකටලීබවෙන් විසිරුනු සිත් ඇති බවක් උපදීද, “රාගො චිත්තං අනුද්ධංසෙති” කාමරාගය සිත පෙරළාද ප්‍රකර්‍ෂයෙන් පෙරළාද, හසුරුවාද, මලානික කෙරේද “තදා හත්‍ථෙන උපනික්කමිත්‍වා අසුචිං මොචෙහි” එකල්හි අතින් වෑයම්කොට ශුක්‍ර මෝචනය කරව, එසේ කළ කල්හි තාගේ සිතෙහි එකඟබව වන්නේය. මෙසේ උපාද්ධ්‍යාය තෙමේ ඒ සෙය්‍යසක මහණහට අනුශාසනා කෙළේය. බාලයෙක් බාලයෙකුට, ගොළුවෙක් ගොළුවෙකුට යම්සේද එසේය.

තෙසං මුට‍්ඨස‍්සතීනං අසම‍්පජානානං නිද‍්දං ඔක‍්කමන‍්තානන‍්ති සතිසම‍්පජඤ‍්ඤං පහාය නිද‍්දං ඔතරන‍්තානං. තත්‍ථ කිඤ‍්චාපි නිද‍්දං ඔක‍්කමන‍්තානං අබ්‍යාකතො භවඞ‍්ගවාරො පවත‍්තති, සතිසම‍්පජඤ‍්ඤවාරො ගළති, තථාපි සයනකාලෙ මනසිකාරො කාතබ‍්බො. දිවා සුපන‍්තෙන යාව න‍්හාතස‍්ස භික‍්ඛුනො කෙසා න සුක‍්ඛන‍්ති තාව සුපිත්‍වා වුට‍්ඨහිස‍්සාමීති සඋස‍්සාහෙන සුපිතබ‍්බං. රත‍්තිං සුපන‍්තෙන එත‍්තකං නාම රත‍්තිභාගං සුපිත්‍වා චන්‍දෙන වා තාරකාය වා ඉදං නාම ඨානං පත‍්තකාලෙ වුට‍්ඨහිස‍්සාමීති සඋස‍්සාහෙන සුපිතබ‍්බං. බුද‍්ධානුස‍්සතිආදීසු ච දසසු කම‍්මට‍්ඨානෙසු එකං අඤ‍්ඤං වා චිත‍්තරුචියං කම‍්මට‍්ඨානං ගහෙත්‍වාව නිද‍්දා ඔක‍්කමිතබ‍්බා. එවං කරොන‍්තො හි සතො සම‍්පජානො සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච අවිජහිත්‍වාව නිද‍්දං ඔක‍්කමතීති වුච‍්චති. තෙ පන භික‍්ඛූ බාලා ලොලා භන‍්තමිගසප‍්පටිභාගා න එවමකංසු. තෙන වුත‍්තං – “තෙසං මුට‍්ඨස‍්සතීනං අසම‍්පජානානං නිද‍්දං ඔක‍්කමන‍්තාන”න‍්ති.

“තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං” සිහිය හා වැඩ අවැඩ සලකන නුවණ හැර නින්දට බස්නා වූ. එහි කෙසේ නමුත් නින්දට බසින්නවුන් පිළිබඳ අව්‍යාකෘත භවාඞ්ගවාරය පවත්නේය. ස්මෘතිසම්ප්‍රජන්‍යවාරය ගිලෙන්නේය. එසේ නමුත් නිදන කාලයෙහි මනස්කාරය කටයුතුය. දාවල නිදන්නහු විසින් යම්තාක් දිය නෑ මහණහුගේ කෙස් නොවියලේද, ඒතාක් නිදා නැගිටෙන්නෙමියි උත්සාහ සහිතව නිදාගත යුතුය. රෑ නිදන්නහු විසින් මෙතරම් රාත්‍රිභාගයක් නිදා සඳ හෝ තරුවක් හෝ මෙනම් තැනට පැමිණි කල්හි නැගිටින්නෙමියි උත්සාහ සහිතව නිදාගත යුතුය. බුද්ධානුස්මෘති ආදී දශ කර්‍මස්ථාන අතුරෙහි සිතට රුචි එක් කර්‍මස්ථානයක් හෝ අනිත් කර්‍මස්ථානයත් හෝ ගෙනම නින්දට පැමිණිය යුතුය. මෙසේ කරන්නේම සිහි ඇත්තේ, මොනවට දන්නේ ස්මෘතියද සම්ප්‍රජන්‍යයද නොහැරම නින්දට බසීයයි කියනු ලැබේ. බාලවූ ලොල් වූ භ්‍රාන්තමෘගයන් වැනි මහණෝ මෙසේ නොකළාහුය. “තෙසං මුට්ඨස්සතීතං අසම්පජානානං නිද්දං ඔක්කමත්තානංයි එහෙයින් වදාරන ලදී.

අත්‍ථි චෙත්‍ථ චෙතනා ලබ‍්භතීති එත්‍ථ ච සුපිනන‍්තෙ අස‍්සාදචෙතනා අත්‍ථි උපලබ‍්භති. අත්‍ථෙසා, භික‍්ඛවෙ, චෙතනා; සා ච ඛො අබ‍්බොහාරිකාති භික‍්ඛවෙ එසා අස‍්සාදචෙතනා අත්‍ථි, සා ච ඛො අවිසයෙ උප‍්පන‍්නත‍්තා අබ‍්බොහාරිකා, ආපත‍්තියා අඞ‍්ගං න හොති. ඉති භගවා සුපිනන‍්තෙ චෙතනාය අබ‍්බොහාරිකභාවං දස‍්සෙත්‍වා “එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ, සඤ‍්චෙතනිකා සුක‍්කවිස‍්සට‍්ඨි අඤ‍්ඤත්‍ර සුපිනන‍්තා සඞ‍්ඝාදිසෙසො”ති සානුපඤ‍්ඤත‍්තිකං සික‍්ඛාපදං පඤ‍්ඤාපෙසි.

“අපි චෙත්‍ථ චෙතනා ලබ්හති” යන මෙහිද නින්දෙහි ආස්වාද චේතනාව ඇත්තීය. ලැබෙන්නීය. “අත්‍ථෙසා භික්‍ඛවෙ චෙතනා සා ච ඛො අබ්බොහාරිකා” මහණෙනි, මේ ආස්වාද චේතනාව ඇත්තීය. ඒ චේතනාව අවිසයෙහි උපන්බැවින් අව්‍යවහාරික වන්නීය. ඇවැතට අඞ්ගයක් නොවේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සව්පනාන්ත චේතනාවෙහි අව්‍යවහාරිකාභාවය දක්වා “එවඤ්චෙ පන භික්‍ඛවෙ ඉමං සික්‍ඛාපදං උද්දිසෙය්‍යාථ, සඤ්චෙතනිකා සුක්කවිසට්ඨි අඤ්ඤත්‍ර සුපිනන්තා සඞ්ඝාදිසෙසො”යි අනුප්‍රඥප්ති සහිත වූ ශික්‍ෂාපදය පණවා වදාළ සේක.

තත්‍ථ සංවිජ‍්ජති චෙතනා අස‍්සාති සඤ‍්චෙතනා, සඤ‍්චෙතනාව සඤ‍්චෙතනිකා, සඤ‍්චෙතනා වා අස‍්සා අත්‍ථීති සඤ‍්චෙතනිකා. යස‍්මා පන යස‍්ස සඤ‍්චෙතනිකා සුක‍්කවිස‍්සට‍්ඨි හොති සො ජානන‍්තො සඤ‍්ජානන‍්තො හොති, සා චස‍්ස සුක‍්කවිස‍්සට‍්ඨි චෙච‍්ච අභිවිතරිත්‍වා වීතික‍්කමො හොති, තස‍්මා බ්‍යඤ‍්ජනෙ ආදරං අකත්‍වා අත්‍ථමෙව දස‍්සෙතුං “ජානන‍්තො සඤ‍්ජානන‍්තො චෙච‍්ච අභිවිතරිත්‍වා වීතික‍්කමො”ති එවමස‍්ස පදභාජනං වුත‍්තං. තත්‍ථ ජානන‍්තොති උපක‍්කමාමීති ජානන‍්තො. සඤ‍්ජානන‍්තොති සුක‍්කං මොචෙමීති සඤ‍්ජානන‍්තො, තෙනෙව උපක‍්කමජානනාකාරෙන සද‍්ධිං ජානන‍්තොති අත්‍ථො. චෙච‍්චාති මොචනස‍්සාදචෙතනාවසෙන චෙතෙත්‍වා පකප‍්පෙත්‍වා. අභිවිතරිත්‍වාති උපක‍්කමවසෙන මද‍්දන‍්තො නිරාසඞ‍්කචිත‍්තං පෙසෙත්‍වා. වීතික‍්කමොති එවං පවත‍්තස‍්ස යො වීතික‍්කමො අයං සඤ‍්චෙතනිකාසද‍්දස‍්ස සිඛාප‍්පත‍්තො අත්‍ථොති වුත‍්තං හොති.

එහි මේ සුක්කවිසට්ඨියට චේතනාව විද්‍යාමානවන්නී යයි සඤ්චෙතනා නම. සඤ්චෙතනාවම සඤ්චෙතනිකා නම. විද්‍යමාන චේතනා මෝහට ඇත්තීනුයි හෝ සඤ්චෙතනිකා නම. යම්හෙයකින් යමක්හට චේතනා සහිත සුක්කවිසට්ඨියවේද හෙතෙමේ දන්නේ මොනවට දන්නේ වේ. මොහුගේ ඒ සුක්කවිසට්ඨිය මොනවට චේතනා වසයෙන් දැන සිතා උපක්‍රම වශයෙන් මැඩීමෙන් ව්‍යතික්‍රමයවේද, එහෙයින් ව්‍යඤ්ජනයෙහි ආදරය නොකොට අර්‍ත්‍ථයම දක්වනු පිණිස “ජානන්තො සඤ්ජානන්තො වෙච්ච අභිවිතරීත්‍වා විතත්තමො”යි මෙසේ මේ ශිෂ්‍යාපදයෙහි පදභාජනය වදාළ සේක. එහි “ජානන්තො” යනු උපක්‍රම කරමියි දන්නේ “සඤ්ජානන්තො” යනු ශුක්‍ර මුදමියි හැමතින් දන්නේ. ඒ උපක්‍රමය දන්නා ආකාරය සමග දන්නේ යන අර්‍ත්‍ථය. “වෙච්ච” මොචනාස්වාදචෙතනා වශයෙන් සිතා, තදින් කල්පනාකොට “අභිවිතරීත්‍වා” උපක්‍රම වශයෙන් මඩිමින් නිසැක සිත යවා, “වීතික්කමො” මෙසේ පැවති යම් ව්‍යතික්‍රමයක්වේද, මෙය සඤ්චෙතනිකා ශබ්දයෙහි කෙළපැමිණි යන අර්‍ත්‍ථයයි කියන ලද්දේ වේ.

ඉදානි සුක‍්කවිස‍්සට‍්ඨීති එත්‍ථ යස‍්ස සුක‍්කස‍්ස විස‍්සට‍්ඨි තං තාව සඞ‍්ඛ්‍යාතො වණ‍්ණභෙදතො ච දස‍්සෙතුං “සුක‍්කන‍්ති දස සුක‍්කානී”තිආදිමාහ. තත්‍ථ සුක‍්කානං ආසයභෙදතො ධාතුනානත‍්තතො ච නීලාදිවණ‍්ණභෙදො වෙදිතබ‍්බො.

දැන් “සුක්කවිසට්ඨි” යන මෙහි යම් ශුක්‍රයක් පහකිරීමක්වේද, එය සඞ්ඛ්‍යා විසින් වර්‍ණභේද විසින් දක්වන්නට “සුක්කන්ති දස්සුක්කානි” යනාදිය කීහ. එහි ශුක්‍රයන්ගේ ආශ්‍රයභෙදයෙන්ද, ධාතූන්ගේ නානත්‍වයෙන්ද නීලාදිවර්‍ණභෙදය දතයුතුය.

විස‍්සට‍්ඨීති විස‍්සග‍්ගො, අත්‍ථතො පනෙතං ඨානාචාවනං හොති, තෙනාහ – “විස‍්සට‍්ඨීති ඨානතොචාවනා වුච‍්චතී”ති. තත්‍ථ වත්‍ථිසීසං කටි කායොති තිධා සුක‍්කස‍්ස ඨානං පකප‍්පෙන‍්ති, එකො කිරාචරියො “වත්‍ථිසීසං සුක‍්කස‍්ස ඨාන”න‍්ති ආහ. එකො “කටී”ති, එකො “සකලො කායො”ති, තෙසු තතියස‍්ස භාසිතං සුභාසිතං. කෙසලොමනඛදන‍්තානඤ‍්හි මංසවිනිමුත‍්තට‍්ඨානං උච‍්චාරපස‍්සාවඛෙළසිඞ‍්ඝාණිකාථද‍්ධසුක‍්ඛචම‍්මානි ච වජ‍්ජෙත්‍වා අවසෙසො ඡවිමංසලොහිතානුගතො සබ‍්බොපි කායො කායප‍්පසාදභාවජීවිතින්‍ද්‍රියාබද‍්ධපිත‍්තානං සම‍්භවස‍්ස ච ඨානමෙව. තථා හි රාගපරියුට‍්ඨානෙනාභිභූතානං හත්‍ථීනං උභොහි කණ‍්ණචූළිකාහි සම‍්භවො නික‍්ඛමති, මහාසෙනරාජා ච රාගපරියුට‍්ඨිතො සම‍්භවවෙගං අධිවාසෙතුං අසක‍්කොන‍්තො සත්‍ථෙන බාහුසීසං ඵාලෙත්‍වා වණමුඛෙන නික‍්ඛන‍්තං සම‍්භවං දස‍්සෙසීති.

“විසට්ඨි” පහකිරීමය. අර්‍ත්‍ථ වශයෙන් මෙය තුබූ තැනින් පහකිරීමය. “විසට්ඨිති ඨානා චාවනං වුච්චති”යි. එහෙයින් කීය. එහි ශුක්‍රය පිහිටි ස්ථානය, හෝ ශුක්‍රය පිහිටි තැන වස්තිමස්තය, කටිය, හා සියලු කයයි. තෙපරිද්දෙකින් කල්පනා කෙරෙත්. ප්‍රකාශ කෙරෙත්. එක් ආචාර්‍ය්‍යවරයෙක් වස්තිමස්තකය ශුක්‍රයට ස්ථානයයි කීය. එක් ආචාර්‍ය්‍යවරයෙක් කටියයි කීය. එක් ආචාර්‍ය්‍යවරයෙක් සියලු කයැයි කීය. ඒ ආචාර්‍ය්‍යවරයන් අතුරෙහි තෙවැන්නහුගේ කීම මනා කීමය. කෙස්, ලොම්, නිය, දත් යන මොවුන් පිළිබඳ මස් රහිත තැන්ද, මලමූ කෙළ, සොටුද තදවියලි මස්ද හැර සෙසු සම්, මස්, ලේ හා එක්වූ සියලුම කය, කායප්‍රසාදභාව ජීවිතෙන්‍ද්‍රිය අබද්ධපිත්තයන්ට හා ශුක්‍රයට ස්ථානම වේ. ඒ එසේමය. රාගය හාත්පසින් බලවත්ව නැගීමෙන් මැඩුණු ඇතුන්ගේ දෙකන් සිළුවෙන් ශුක්‍ර නික්මෙන්නේය. මහසෙන් රජ තෙමේද රාගයෙන් මඩනා ලද්දේ ශුක්‍රවේගය ඉවසන්නට නොහැකිව සැතින් උරහිස පලා වණමුවින් නික්මුනු ශුක්‍රය දැක්වීය.

එත්‍ථ පන පඨමස‍්ස ආචරියස‍්ස වාදෙ මොචනස‍්සාදෙන නිමිත‍්තෙ උපක‍්කමතො යත‍්තකං එකා ඛුද‍්දකමක‍්ඛිකා පිවෙය්‍ය තත‍්තකෙ අසුචිම‍්හි වත්‍ථිසීසතො මුඤ‍්චිත්‍වා දකසොතං ඔතිණ‍්ණමත‍්තෙ බහි නික‍්ඛන‍්තෙ වා අනික‍්ඛන‍්තෙ වා සඞ‍්ඝාදිසෙසො. දුතියස‍්ස වාදෙ තථෙව කටිතො මුච‍්චිත්‍වා දකසොතං ඔතිණ‍්ණමත‍්තෙ, තතියස‍්ස වාදෙ තථෙව සකලකායං සඞ‍්ඛොභෙත්‍වා තතො මුච‍්චිත්‍වා දකසොතං ඔතිණ‍්ණමත‍්තෙ බහි නික‍්ඛන‍්තෙ වා අනික‍්ඛන‍්තෙ වා සඞ‍්ඝාදිසෙසො. දකසොතොරොහණඤ‍්චෙත්‍ථ අධිවාසෙත්‍වා අන‍්තරා නිවාරෙතුං අසක‍්කුණෙය්‍යතාය වුත‍්තං, ඨානා චුතඤ‍්හි අවස‍්සං දකසොතං ඔතරති. තස‍්මා ඨානා චාවනමත‍්තෙනෙවෙත්‍ථ ආපත‍්ති වෙදිතබ‍්බා, සා ච ඛො නිමිත‍්තෙ උපක‍්කමන‍්තස‍්සෙව හත්‍ථපරිකම‍්මපාදපරිකම‍්මගත‍්තපරිකම‍්මකරණෙන සචෙපි අසුචි මුච‍්චති, අනාපත‍්ති. අයං සබ‍්බාචරියසාධාරණවිනිච‍්ඡයො.

මෙහි ප්‍රථමාචාර්‍ය්‍යන්ගේ වාදයෙහි මොචනාස්වාදයෙන් නිමිත්තෙහි උපක්‍රම කරන්නහුට කුඩා මැස්සෙකු බොන පමණ ශුක්‍ර වස්තිමස්තකයෙන් මිදී මුත්‍ර නික්මෙන මගට බට ඇසිල්ලෙහි පිටතට නික්මුනු කල්හි හෝ නොනික්මුනු කල්හි හෝ සඞ්ඝාදිසෙසය වේ. ද්විතීයාචාර්‍ය්‍යන්ගේ වාදයෙහි එසේම මොචනස්වාදයෙන් නිමිත්තෙහි උපක්‍රම කරන්නහුට කටියෙන් මිදී මුත්‍රමාර්‍ගයට බට කල්හිද, තෘතීයාචාර්‍ය්‍යයන්ගේ වාදයෙහි එසේම මුළු කය සොලොවා එයින් ශුක්‍ර මිදී මුත්‍රමාර්‍ගයට බට ඇසිල්ලෙහි පිටතට නික්මුනු කල්හි හෝ නොනික්මුනු කල්හි සඞ්ඝදිසෙසය වේ. මුත්‍රමාර්‍ගයට බැසීමද මෙහිදී ඉවසා අතරදී වළකාලන්නට නොහැකි බැවින් කියනලදී. තුබූ තැනින් ගිලිහුනු පමණින්ම ආපත්ති දතයුතුය. ඒ ආපත්තියද නිමිත්තෙහි උපක්‍රම කරන්නහුටම වන්නීය. අත්පිරියම් පාපිරියම් සිරුරු පිරියම් කරණකොට ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. මේ සියලු ආචාර්‍ය්‍යයන්ගේ සාධාරණ විනිශ්චයයි.

අඤ‍්ඤත්‍ර සුපිනන‍්තාති එත්‍ථ සුපිනො එව සුපිනන‍්තො, තං ඨපෙත්‍වා අපනෙත්‍වාති වුත‍්තං හොති. තඤ‍්ච පන සුපිනං පස‍්සන‍්තො චතූහි කාරණෙහි පස‍්සති ධාතුක‍්ඛොභතො වා අනුභූතපුබ‍්බතො වා දෙවතොපසංහාරතො වා පුබ‍්බනිමිත‍්තතො වාති.

“අඤ්ඤත්‍ර සුපිනන්තා” මෙහි සුපිනයම සුපිනන්ත නම්වේ. ඒ සුපිනන්තය හැරය, පහකොටයයි කියන ලද්දේ වේ. ඒ සිහිනය දක්නේද ධාතු කැළඹීමෙන් හෝ පෙර ඇසුරු කළ අරමුණින් හෝ දෙවියන් විසින් එළවීමෙන් හෝ පෙර කළ පින් පව් විසින් හෝ යන කරුණු සතරින් සිහින දක්නේය.

තත්‍ථ පිත‍්තාදීනං ඛොභකරණපච‍්චයයොගෙන ඛුභිතධාතුකො ධාතුක‍්ඛොභතො සුපිනං පස‍්සති, පස‍්සන‍්තො ච නානාවිධං සුපිනං පස‍්සති – පබ‍්බතා පතන‍්තො විය, ආකාසෙන ගච‍්ඡන‍්තො විය, වාළමිගහත්‍ථීචොරාදීහි අනුබද‍්ධො විය හොති. අනුභූතපුබ‍්බතො පස‍්සන‍්තො පුබ‍්බෙ අනුභූතපුබ‍්බං ආරම‍්මණං පස‍්සති. දෙවතොපසංහාරතො පස‍්සන‍්තස‍්ස දෙවතා අත්‍ථකාමතාය වා අනත්‍ථකාමතාය වා අත්‍ථාය වා අනත්‍ථාය වා නානාවිධානි ආරම‍්මණානි උපසංහරන‍්ති, සො තාසං දෙවතානං ආනුභාවෙන තානි ආරම‍්මණානි පස‍්සති. පුබ‍්බනිමිත‍්තතො පස‍්සන‍්තො පුඤ‍්ඤාපුඤ‍්ඤවසෙන උප‍්පජ‍්ජිතුකාමස‍්ස අත්‍ථස‍්ස වා අනත්‍ථස‍්ස වා පුබ‍්බනිමිත‍්තභූතං සුපිනං පස‍්සති, බොධිසත‍්තස‍්සමාතා විය පුත‍්තපටිලාභනිමිත‍්තං, බොධිසත‍්තො විය පඤ‍්ච මහාසුපිනෙ (අ· නි· 5.196), කොසලරාජා විය සොළස සුපිනෙති.

පිත්, සෙම් ආදිය කළඹන හේතු යෙදීමෙන් චලනය වූ ධාතුක්‍ෂොභයෙන් සිහින දක්නේය. දක්නේද පර්‍වතයෙන් හෙන්නකු මෙන්ද, අහසින් යන්නකු මෙන්ද, ව්‍යාලමෘග, ඇත් සොර ආදීන් විසින් ලුහුබැන්දෙකු මෙන්ද යන නන්වැදෑරුම් සිහින දක්නේය. පෙර කළ ක්‍රියාවන්ට අනුව දක්නේ පෙර අනුභව කළ අරමුණු දක්නේය. දෙවියන්ගේ එළවීම් වසයෙන් දක්නහුට දෙවියෝ වැඩ කැමැති බැවින් හෝ අවැඩ කැමැති බැවින් හෝ වැඩ පිණිස හෝ අවැඩ පිණිස හෝ නන්වැදෑරුම් අරමුණු එළවත්, හෙතෙමේ ඒ දෙවියන්ගේ අනුභාවයෙන් ඒ අරමුණු දක්නේය. පූර්‍වනිමිත්ත වශයෙන් දක්නේ කුසල් අකුසල් වසයෙන් උපදිනු කැමැත්තහු පිළිබඳ වැඩට හෝ අවැඩට පෙරනිමිති වූ සිහින දක්නේය. බෝසත්මව මෙන් පුතකු ලැබීමෙහි නිමිත්ත, බෝසතුන් මෙන් පස්මහ සිහින, කොසොල් රජු මෙන් සොළොස් සිහින දැකීම එහිලා දතයුතුය.

තත්‍ථ යං ධාතුක‍්ඛොභතො අනුභූතපුබ‍්බතො ච සුපිනං පස‍්සති න තං සච‍්චං හොති. යං දෙවතොපසංහාරතො පස‍්සති තං සච‍්චං වා හොති අලීකං වා, කුද‍්ධා හි දෙවතා උපායෙන විනාසෙතුකාමා විපරීතම‍්පි කත්‍වා දස‍්සෙන‍්ති. යං පන පුබ‍්බනිමිත‍්තතො පස‍්සති තං එකන‍්තසච‍්චමෙව හොති. එතෙසඤ‍්ච චතුන‍්නං මූලකාරණානං සංසග‍්ගභෙදතොපි සුපිනභෙදො හොතියෙව.

එහි ධාතුක්‍ෂොභයෙන්ද, අනුභූතපූර්‍වයෙන් යම් සිහිනයක් දක්නේද, ඒ සිහින සත්‍ය නොවේ. දෙවතොපසංහාර වසයෙන් යම් සිහිනයක් දක්නේද, එය සත්‍ය හෝ අසත්‍ය හෝ වේ. කිපුණු දෙවියෝ උපායයෙන් නසනු කැමැතිව විපරීතකොට සිහින දක්වන්නාහුය. පූර්‍වනිමිත්ත වශයෙන් යම් සිහිනයක් දක්නේද? ඒ සිහිනය ඒකාන්තයෙන් සත්‍යම වේ. මේ චතුර්විධ මූල කාරණයන් පිළිබඳ සත්‍ය අසත්‍ය සංසර්‍ගභෙදයෙන් ස්වප්න වේමය.

තඤ‍්ච පනෙතං චතුබ‍්බිධම‍්පි සුපිනං සෙක‍්ඛපුථුජ‍්ජනාව පස‍්සන‍්ති අප‍්පහීනවිපල‍්ලාසත‍්තා, අසෙක‍්ඛා පන න පස‍්සන‍්ති පහීනවිපල‍්ලාසත‍්තා. කිං පනෙතං පස‍්සන‍්තො සුත‍්තො පස‍්සති පටිබුද‍්ධො, උදාහු නෙව සුත‍්තො න පටිබුද‍්ධොති? කිඤ‍්චෙත්‍ථ යදි තාව සුත‍්තො පස‍්සති අභිධම‍්මවිරොධො ආපජ‍්ජති, භවඞ‍්ගචිත‍්තෙන හි සුපති තං රූපනිමිත‍්තාදිආරම‍්මණං රාගාදිසම‍්පයුත‍්තං වා න හොති, සුපිනං පස‍්සන‍්තස‍්ස ච ඊදිසානි චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති. අථ පටිබුද‍්ධො පස‍්සති විනයවිරොධො ආපජ‍්ජති, යඤ‍්හි පටිබුද‍්ධො පස‍්සති තං සබ‍්බොහාරිකචිත‍්තෙන පස‍්සති, සබ‍්බොහාරිකචිත‍්තෙන ච කතෙ වීතික‍්කමෙ අනාපත‍්ති නාම නත්‍ථි. සුපිනං පස‍්සන‍්තෙන පන කතෙපි වීතික‍්කමෙ එකන‍්තං අනාපත‍්ති එව. අථ නෙව සුත‍්තො න පටිබුද‍්ධො පස‍්සති, කො නාම පස‍්සති; එවඤ‍්ච සති සුපිනස‍්ස අභාවොව ආපජ‍්ජතීති, න අභාවො. කස‍්මා ? යස‍්මා කපිමිද‍්ධපරෙතො පස‍්සති. වුත‍්තඤ‍්හෙතං – “කපිමිද‍්ධපරෙතො ඛො, මහාරාජ, සුපිනං පස‍්සතී”ති. කපිමිද‍්ධපරෙතොති මක‍්කටනිද‍්දාය යුත‍්තො. යථා හි මක‍්කටස‍්ස නිද‍්දා ලහුපරිවත‍්තා හොති; එවං යා නිද‍්දා පුනප‍්පුනං කුසලාදිචිත‍්තවොකිණ‍්ණත‍්තා ලහුපරිවත‍්තා, යස‍්සා පවත‍්තියං පුනප‍්පුනං භවඞ‍්ගතො උත‍්තරණං හොති තාය යුත‍්තො සුපිනං පස‍්සති, තෙනායං සුපිනො කුසලොපි හොති අකුසලොපි අබ්‍යාකතොපි. තත්‍ථ සුපිනන‍්තෙ චෙතියවන්‍දනධම‍්මස‍්සවනධම‍්මදෙසනාදීනි කරොන‍්තස‍්ස කුසලො, පාණාතිපාතාදීනි කරොන‍්තස‍්ස අකුසලො, ද‍්වීහි අන‍්තෙහි මුත‍්තො ආවජ‍්ජනතදාරම‍්මණක‍්ඛණෙ අබ්‍යාකතොති වෙදිතබ‍්බො. ස‍්වායං දුබ‍්බලවත්‍ථුකත‍්තා චෙතනාය පටිසන්‍ධිං ආකඩ‍්ඪිතුං අසමත්‍ථො, පවත‍්තෙ පන අඤ‍්ඤෙහි කුසලාකුසලෙහි උපත්‍ථම‍්භිතො විපාකං දෙති. කිඤ‍්චාපි විපාකං දෙති? අථ ඛො අවිසයෙ උප‍්පන‍්නත‍්තා අබ‍්බොහාරිකාව සුපිනන‍්තචෙතනා. තෙනාහ – “ඨපෙත්‍වා සුපිනන‍්ත”න‍්ති.

ශෛක්‍ෂ පෘථග්ජනයෝම මේ සිව්වැදෑරුම් සිහින දකින්නාහ. එසේ දකින්නේ ප්‍රහීණ නොකළ විපර්‍ය්‍යාස ඇති බැවිනි. අශෛක්‍ෂයෝ සිහින නොදකිත්. ප්‍රහීණ කළ විපර්‍ය්‍යාස ඇති බැවිනි. කිම, යම් සිහින දක්නේ නිදිගත්තේ සිහින දකීද, පිබිදී සිටියේ දකීද, නොහොත් නොම නිදිගන්නේ නොම පිබිදුනේ දකීද, යන මෙහි නිදිගත්තේ සිහින දකීනම් අභිධර්‍මවිරොධය වේ. භවාඞ්ගචිත්තයෙන්ම නිදන්නේය. ඒ කාලයෙහි පැවැති ඒ භවාඞ්ගචිත්තයට රූපනිමිති ආදීවූ අරමුණක් හෝ රාගාදීන් හා යෙදුනක් හෝ නොවන්නේය. සිහින දකින්නහුටද මෙබඳු සිත් උපදී. පිබිදියේ සිහින දකියි කියා නම් විනය විරෝධය පැමිණේ. පිබිදියේ යමක් දකී ද, එය ප්‍රත්‍යක්‍ෂ චිත්තයෙන් දක්නේය. ප්‍රකෘතිචිත්තයෙන් ව්‍යතික්‍රමය කළ කල්හි අනාපත්තියක් නම් නැත්තීය. සිහින දකින්නහු විසින් ව්‍යාතික්‍රමය කළ කල්හි ඒකාන්තයෙන් අනාපත්තිම වේ. නැවත නොම නිදිගත්තේ නොම පිබිදියේ දකීනම්, කවරෙක් දකීද, මෙසේ ඇති කල්හිද, සිහිනයෙහි අභාවයට පැමිණේද, අභාවය නොපැමිණේ. කුමක්හෙයින්ද යත්, යම්හෙයකින් වඳුරු නින්දෙන් යුක්ත වූයේ දකීද එහෙයිනි. මහරජ වඳුරු නින්දෙන් යුක්තවූයේම සිහින දකීයයි මෙය කියන ලද්දේය. “කවිමිද්ධපරෙතො” වඳුරන්ගේ නින්දෙන් යුක්ත වූයේය. වඳුරාගේ නින්ද ලුහුව පෙරළේද එසේ යම් නින්දක් නැවත නැවත කුසලාදී වූ සිතින් ව්‍යාකීර්‍ණ බැවින් ලුහුව පෙරළේ ද, යම් නින්දක පැවැත්මෙහි නැවත නැවත භවාඞ්ගයෙන් එතෙරවීමක්වේද, එයින් යුක්තවූයේ සිහින දක්නේය. එකරුණෙන් මේ සිහිනය කුසල්ද වේ. අකුසල්ද වේ. අව්‍යාකෘතද වේ. එහි සිහිනයෙහි සෑ වැඳීම් බණ ඇසීම් බණ දෙසීම් යනාදිය කරන්නහුට කුසල් වේ. පරපණ නැසුම් ආදිය කරන්නහුට අකුසල් වේ. කුසල් අකුසල් දෙඅඟින් මිදුනේ ආවර්‍ජන තදාලම්බනක්‍ෂණයෙහි අව්‍යාකෘතයි දතයුතුය. ඒ මේ අර්‍ත්‍ථය දුර්‍වල වස්තුවක් බැවින් චේතනාවෙන් ප්‍රතිසන්‍ධිය ඇදගන්නට අසමර්‍ත්‍ථ වේ. ප්‍රවෘත්තියෙහි වනාහි අනික් කුසලාකුසලයන් විසින් රුකුල්දෙන ලද්දේ විපාක දෙන්නේය. කෙසේ නමුත් විපාක දේ ද යන මෙහි අවිසයයෙහි උපන් බැවින් සුපිනන්ත චේතනාව අව්‍යවහාරිකම වන්නීය. එහෙයින් “ඨපෙත්‍වා සුපිනං” යනු වදාළ සේක.

සඞ‍්ඝාදිසෙසොති ඉමස‍්ස ආපත‍්තිනිකායස‍්ස නාමං. තස‍්මා යා අඤ‍්ඤත්‍ර සුපිනන‍්තා සඤ‍්චෙතනිකා සුක‍්කවිස‍්සට‍්ඨි , අයං සඞ‍්ඝාදිසෙසො නාම ආපත‍්තිනිකායොති එවමෙත්‍ථ සම‍්බන්‍ධො වෙදිතබ‍්බො . වචනත්‍ථො පනෙත්‍ථ සඞ‍්ඝො ආදිම‍්හි චෙව සෙසෙ ච ඉච‍්ඡිතබ‍්බො අස‍්සාති සඞ‍්ඝාදිසෙසො. කිං වුත‍්තං හොති? ඉමං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා වුට‍්ඨාතුකාමස‍්ස යං තං ආපත‍්තිවුට‍්ඨානං, තස‍්ස ආදිම‍්හි චෙව පරිවාසදානත්‍ථාය ආදිතො සෙසෙ ච මජ‍්ඣෙ මානත‍්තදානත්‍ථාය මූලාය පටිකස‍්සනෙන වා සහ මානත‍්තදානත්‍ථාය අවසානෙ අබ‍්භානත්‍ථාය සඞ‍්ඝො ඉච‍්ඡිතබ‍්බො. න හෙත්‍ථ එකම‍්පි කම‍්මං විනා සඞ‍්ඝෙන සක‍්කා කාතුන‍්ති සඞ‍්ඝො ආදිම‍්හි චෙව සෙසෙ ච ඉච‍්ඡිතබ‍්බො අස‍්සාති සඞ‍්ඝාදිසෙසොති. බ්‍යඤ‍්ජනං පන අනාදියිත්‍වා අත්‍ථමෙව දස‍්සෙතුං “සඞ‍්ඝොව තස‍්සා ආපත‍්තියා පරිවාසං දෙති, මූලාය පටිකස‍්සති, මානත‍්තං දෙති, අබ‍්භෙති න සම‍්බහුලා න එකපුග‍්ගලො, තෙන වුච‍්චති සඞ‍්ඝාදිසෙසො”ති ඉදමස‍්ස පදභාජනං –

“සඞ්ඝාදිසෙසො” යනු මේ ආපත්ති සමූහයට නමකි. එහෙයින් ස්වප්නාන්තය හැර යම් සඤ්චෙතතිකා සුක්කවියට්ඨියක්වේද, මෙය සඞ්ඝාදිසෙස නම් ආපත්ති සමූහයයි. මෙහි මෙසේ සම්බන්‍ධය දතයුතුය. සඞ්ඝ තෙමේ මේ ඇවතට ආදියෙහිද සෙස්සෙහිද කැමතිවිය යුත්තේනුයි සඞ්ඝාදිසෙස නම් වේ යනු මෙහි වචනාර්‍ත්‍ථය වේ. මේ ඇවතට පැමිණ නැගී සිටිනු කැමැත්තහුගේ යම් ආපත්ති වුට්ඨානයෙක්වේද, ඒ ආපත්ති වුට්ඨානයට ආදියෙහි මුලදී පරිවාසදානය පිණිසද, ආදියෙන් සෙසු මධ්‍යයෙහි මානත්තදානය පිණිසද මුලායපටිකස්සනය සමග මානත්තදනය පිණිසද, අවසානයෙහි අබ්හානය පිණිද සඞ්ඝතෙමේ කැමතිවිය යුත්තේය. මෙහි එකද කර්‍මයක් සඞ්ඝයා හැර කරන්නට නොහැකියි. සඞ්ඝතෙමේ මේ ඇවැතට ආදියෙහිද සෙස්සෙහිද කැමැති විය යුත්තේ යයි සඞ්ඝාදිසෙස නම්වේ. ව්‍යඤ්ජනය නොගෙන අර්‍ත්‍ථයම දක්වන්නට සඞ්ඝතෙමේම ඒ ඇවැතට පරිවාසය දෙයි. මූලායපටිකස්සනය කරයි. මානත්තය දෙයි. අබ්හානය කරයි. දෙතුන් දෙනෙක් නොවෙති. එක් පුද්ගලයෙක් නොවේ. එහෙයින් සඞ්ඝාදිසෙසයි කියනු ලැබේ. මේ මෙය පිළිබඳ පදභාජනයයි.

“සඞ‍්ඝාදිසෙසොති යං වුත‍්තං, තං සුණොහි යථාතථං; සඞ‍්ඝොව දෙති පරිවාසං, මූලාය පටිකස‍්සති; මානත‍්තං දෙති අබ‍්භෙති, තෙනෙතං ඉති වුච‍්චතී”ති. (පරි· 339) –

“සඞ්ඝාදිසෙසොති යං වුත්තං - තං සුණොහි යථා තථං, සඞ්ඝොව දෙති පරිවාසං - මූලාය පටිකස්සති මානන්තං දෙති අබ්හෙති - තෙනෙතං ඉති වුච්චති”

සඞ්ඝාදිසෙසයි යමක් කියන ලදද, ඒ මෙසේයයි එය අසව. සඞ්ඝ තෙමේම පිරිවෙස් දෙයි. මුලායපටිකස්සනය කරයි. මානත දෙයි. අබ්හානය කරයි. සඞ්ඝයා මුල, මැද, අග යන තුන් තැනට කැමැතිවිය යුතුය යන අර්‍ත්‍ථයෙන් මේ ඇවැත සඞ්ඝාදිසෙසයි කියනු ලැබේ.

පරිවාරෙ වචනකාරණඤ‍්ච වුත‍්තං, තත්‍ථ පරිවාසදානාදීනි සමුච‍්චයක‍්ඛන්‍ධකෙ විත්‍ථාරතො ආගතානි, තත්‍ථෙව නෙසං සංවණ‍්ණනං කරිස‍්සාම.

පරිවාරයෙහි මෙසේ වචනකාරණයද කියන ලදී. එක පරිවාසදානාදීහු සමුච්චයක්‍ඛන්‍ධකයෙහි විස්තර වශයෙන් ආවාහුය. එහිදීම ඔවුන්ගේ සංවර්‍ණනය කරන්නෙමු.

තස‍්සෙව ආපත‍්තිනිකායස‍්සාති තස‍්ස එව ආපත‍්තිසමූහස‍්ස. තත්‍ථ කිඤ‍්චාපි අයං එකාව ආපත‍්ති, රූළ‍්හිසද‍්දෙන පන අවයවෙ සමූහවොහාරෙන වා “නිකායො”ති වුත‍්තො – “එකො වෙදනාක‍්ඛන්‍ධො, එකො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”තිආදීසු විය.

“තස්සෙව ආපත්තිනිකායස්සව” ඒ ඇවැත් සමූහයටමය. මෙහි මේ එක්ම ඇවැතකි. රූඪි ශබ්දයෙන් අවයවෙහි සමූහ ව්‍යවහාරයෙන් හෝ නිකායයි කියන ලද්දේය. එක් වෙදනාස්කන්‍ධයෙක. එක් විඥානස්කන්‍ධයෙක යනාදිතන්හි මෙනි.

එවං උද‍්දිට‍්ඨසික‍්ඛාපදං පදානුක‍්කමෙන විභජිත්‍වා ඉදානි ඉමං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපජ‍්ජන‍්තස‍්ස උපායඤ‍්ච කාලඤ‍්ච අධිප‍්පායඤ‍්ච අධිප‍්පායවත්‍ථුඤ‍්ච දස‍්සෙතුං “අජ‍්ඣත‍්තරූපෙ මොචෙතී”තිආදිමාහ. එත්‍ථ හි අජ‍්ඣත‍්තරූපාදීහි චතූහි පදෙහි උපායො දස‍්සිතො, අජ‍්ඣත‍්තරූපෙ වා මොචෙය්‍ය බහිද‍්ධාරූපෙ වා උභයත්‍ථ වා ආකාසෙ වා කටිං කම‍්පෙන‍්තො, ඉතො පරං අඤ‍්ඤො උපායො නත්‍ථි. තත්‍ථ රූපෙ ඝට‍්ටෙත්‍වා මොචෙන‍්තොපි රූපෙන ඝට‍්ටෙත්‍වා මොචෙන‍්තොපි රූපෙ මොචෙතිච‍්චෙව වෙදිතබ‍්බො. රූපෙ හි සති සො මොචෙති න රූපං අලභිත්‍වා. රාගූපත්‍ථම‍්භාදීහි පන පඤ‍්චහි කාලො දස‍්සිතො. රාගූපත්‍ථම‍්භාදිකාලෙසු හි අඞ‍්ගජාතං කම‍්මනියං හොති, යස‍්ස කම‍්මනියත‍්තෙ සති මොචෙති. ඉතො පරං අඤ‍්ඤො කාලො නත්‍ථි, න හි විනා රාගූපත්‍ථම‍්භාදීහි පුබ‍්බණ‍්හාදයො කාලභෙදා මොචනෙ නිමිත‍්තං හොන‍්ති.

මෙසේ උදෙසනලද ශික්‍ෂාපදය පද පිළිවෙළින් විභාගකොට දැන් මේ සුක්කවිසට්ඨියට පැමිණෙන්නහු පිළිබඳ උපායද කාලයද අභිප්‍රායද අභිප්‍රාය වස්තුවද දක්වනු පිණිස “අජ්ඣත්තරූපෙ මොචෙති” යනාදිය වදාළ සේක. මෙහි ආධ්‍යාත්මික රූපාදී වූ සිවු පෙදෙන් උපාය දක්වන ලද්දේය. ආධ්‍යාත්මික රූපයෙහි හෝ බාහිර රූපයෙහි හෝ දෙතැන්හි හෝ අහස කටිය සොලොවමින් හෝ ශුක්‍ර මුදන්නේය. මෙයින් අන්‍යවූ උපායක් නැත්තේය. එහි රූපයෙහි ගටා මුදන්නේ ද රූපයෙන් ගටා මුදන්නේ ද රූපයෙහි ශුක්‍ර මුදායි මැයි දතයුතුය. හෙතෙමේ රූපය ඇති කල්හිම ශුක්‍ර මුදයි. රූපය නොලැබ නොමුදයි. රාගොපස්තම්භාදී වූ පසින් කාලය දක්වන ලද්දේය. රාගයෙන් රුකුල්දීම් ආදි කාලයන්හි අඞ්ගජාතය කර්‍මණ්‍ය වේ. යම් නිමිත්තක් කර්‍මයට යොග්‍යභාවය ඇති කල්හි ශුක්‍ර මුදාද, මෙයින් අන්‍යවූ කාලයක් නැත්තේය. රාගයෙන් රුකුල්දීම් ආදිය හැර පෙරවරු ආදී කාලභෙද ශුක්‍ර මිදීමට නිමිත්ත නොවේ.

ආරොග්‍යත්‍ථායාතිආදීහි දසහි අධිප‍්පායො දස‍්සිතො, එවරූපෙන හි අධිප‍්පායභෙදෙන මොචෙති න අඤ‍්ඤථා. නීලාදීහි පන දසහි නවමස‍්ස අධිප‍්පායස‍්ස වත්‍ථු දස‍්සිතං, වීමංසන‍්තො හි නීලාදීසු අඤ‍්ඤතරස‍්ස වසෙන වීමංසති න තෙහි විනිමුත‍්තන‍්ති.

ආරොග්‍යත්‍ථාය යනාදි දසයෙන් අභිප්‍රාය දක්වන ලද්දේය. මෙබඳු වූ අභිප්‍රාය භෙදයෙන් ශුක්‍ර මුදාලයි. අන්පරිද්දෙකින් නොමුදාලයි. නීලාදීවූ දසයෙන් නවවැනි වීමංසාභිප්‍රායෙහි වස්තුව දක්වන ලදි. විමසන්නේ නීලාදීන් අතුරෙහි එක්තරා එකක්හුගේ වසයෙන් විමසයි. ඔවුන් කෙරෙන් විනිර්මුක්ත නොවේ.

ඉතො පරං පන ඉමෙසංයෙව අජ‍්ඣත‍්තරූපාදීනං පදානං පකාසනත්‍ථං “අජ‍්ඣත‍්තරූපෙති අජ‍්ඣත‍්තං උපාදින‍්නෙ රූපෙ”තිආදි වුත‍්තං, තත්‍ථ අජ‍්ඣත‍්තං උපාදින‍්නෙ රූපෙති අත‍්තනො හත්‍ථාදිභෙදෙ රූපෙ. බහිද‍්ධා උපාදින‍්නෙති පරස‍්ස තාදිසෙයෙව. අනුපාදින‍්නෙති තාළච‍්ඡිද‍්දාදිභෙදෙ. තදුභයෙති අත‍්තනො ච පරස‍්ස ච රූපෙ, උභයඝට‍්ටනවසෙනෙතං වුත‍්තං. අත‍්තනො රූපෙන ච අනුපාදින‍්නරූපෙන ච එකතො ඝට‍්ටනෙපි ලබ‍්භති. ආකාසෙ වායමන‍්තස‍්සාති කෙනචි රූපෙන අඝට‍්ටෙත්‍වා ආකාසෙයෙව කටිකම‍්පනපයඔගෙන අඞ‍්ගජාතං චාලෙන‍්තස‍්ස.

මෙයින් මතු මේ ආධ්‍යාත්මික රූපාදි පදයන් ප්‍රකාශ කිරීම පිණිස “අජ්ඣත්තරූපෙති අජ්ඣත්තං උපාදින්නරූපෙ” යනාදිය වදාළ සේක. එහි “අජ්ඣත්තං උපාදින්නරූපෙ” යනු තමන්ගේ හස්නාදීන්ගේ වසයෙන් භෙදවූ රූපයෙහි “බහිද්ධා උපාදින්නෙ” අන්හු පිළිබඳ එබඳු රූපයෙහිම. “අනුපාදිත්තෙ” තල්සිදුරු ආදි භෙද ඇති අවිඥාන රූපයෙහි, “තදුභයෙ” තමන්ගේ හා අන්‍යයාගේ රූපයෙහි දෙදෙනාගේ ගැටීම වසයෙන් මෙය කියන ලදි. තමන්ගේ රූපය සමගද අවිඥානක රූපය සමගද එකට ගැටීමෙහිද ලැබේ. “ආකාසෙ වායමන්තස්ස” කිසිරූපයක් සමග නොගටා අහසෙහිම කටිය සලන පියොවින් අඞ්ගජාතය සොලොවන්නහුට

රාගූපත්‍ථම‍්භෙති රාගස‍්ස බලවභාවෙ, රාගෙන වා අඞ‍්ගජාතස‍්ස උපත්‍ථම‍්භෙ, ථද‍්ධභාවෙ සඤ‍්ජාතෙති වුත‍්තං හොති. කම‍්මනියං හොතීති මොචනකම‍්මක‍්ඛමං අජ‍්ඣත‍්තරූපාදීසු උපක‍්කමාරහං හොති.

“රාගුපත්‍ථම්හෙ” රාගයෙහි බලවත් බැවින්, රාගයෙන් හෝ අඞ්ගජාතයේ රුකුල්දීම තදබව හටගත් කල්හි යයි කියන ලද්දේ වේ. “කම්මනියං හොති”, මොචන ක්‍රියාවට යෝග්‍ය වේ. ආධ්‍යාත්මික රූපාදියෙහි උපක්‍රමයට සුදුසු වේ.

උච‍්චාලිඞ‍්ගපාණකදට‍්ඨූපත්‍ථම‍්භෙති උච‍්චාලිඞ‍්ගපාණකදට‍්ඨෙන අඞ‍්ගජාතෙ උපත්‍ථම‍්භෙ. උච‍්චාලිඞ‍්ගපාණකා නාම ලොමසපාණකා හොන‍්ති, තෙසං ලොමෙහි ඵුට‍්ඨං අඞ‍්ගජාතං කණ‍්ඩුං ගහෙත්‍වා ථද‍්ධං හොති, තත්‍ථ යස‍්මා තානි ලොමානි අඞ‍්ගජාතං ඩංසන‍්තානි විය විජ‍්ඣන‍්ති, තස‍්මා “උච‍්චාලිඞ‍්ගපාණකදට‍්ඨෙනා”ති වුත‍්තං, අත්‍ථතො පන උච‍්චාලිඞ‍්ගපාණකලොමවෙධනෙනාති වුත‍්තං හොති.

“උච්චාලිඞ්ගපාණකදට්ඨූපත්‍ථම්හෙ” බූපණුවන් දෂ්ට කිරීමෙන් අඞ්ගජාතය තදවූ කල්හි උච්චාලිඞ්ග පණුවෝ නම් බොහෝ ලොම් ඇති පණුවෝ වෙත්. ඔවුන්ගේ ලොම්වලින් පහසලද අඞ්ගජාතය කැසීම හටගෙන තදවේ. යම්හෙයකින් ඒ ලොම අඞ්ඝජාතය ඩහ මෙන් විදිත්ද, එහෙයින් “උච්චාලිඞ්ගපාණකදට්ඨෙන”යි කියන ලදී. අර්‍ත්‍ථ වශයෙන් නම් බූපණුවන්ගේ විදීමෙනැයි කියන ලද්දේ වේ.

අරොගො භවිස‍්සාමීති මොචෙත්‍වා අරොගො භවිස‍්සාමි. සුඛං වෙදනං උප‍්පාදෙස‍්සාමීති මොචනෙන ච මුච‍්චනුප‍්පත‍්තියා මුත‍්තපච‍්චයා ච යා සුඛා වෙදනා හොති, තං උප‍්පාදෙස‍්සාමීති අත්‍ථො. භෙසජ‍්ජං භවිස‍්සතීති ඉදං මෙ මොචිතං කිඤ‍්චිදෙව භෙසජ‍්ජං භවිස‍්සති. දානං දස‍්සාමීති මොචෙත්‍වා කීටකිපිල‍්ලිකාදීනං දානං දස‍්සාමි. පුඤ‍්ඤං භවිස‍්සතීති මොචෙත්‍වා කීටාදීනං දෙන‍්තස‍්ස පුඤ‍්ඤං භවිස‍්සති. යඤ‍්ඤං යජිස‍්සාමීති මොචෙත්‍වා කීටාදීනං යඤ‍්ඤං යජිස‍්සාමි. කිඤ‍්චි කිඤ‍්චි මන‍්තපදං වත්‍වා දස‍්සාමීති වුත‍්තං හොති. සග‍්ගං ගමිස‍්සාමීති මොචෙත්‍වා කීටාදීනං දින‍්නදානෙන වා පුඤ‍්ඤෙන වා යඤ‍්ඤෙන වා සග‍්ගං ගමිස‍්සාමි. බීජං භවිස‍්සතීති කුලවංසඞ‍්කුරස‍්ස දාරකස‍්ස බීජං භවිස‍්සති, “ඉමිනා බීජෙන පුත‍්තො නිබ‍්බත‍්තිස‍්සතී”ති ඉමිනා අධිප‍්පායෙන මොචෙතීති අත්‍ථො. වීමංසත්‍ථායාති ජානනත්‍ථාය. නීලං භවිස‍්සතීතිආදීසු ජානිස‍්සාමි තාව කිං මෙ මොචිතං නීලං භවිස‍්සති පීතකාදීසු අඤ‍්ඤතරවණ‍්ණන‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. ඛිඩ‍්ඩාධිප‍්පායොති ඛිඩ‍්ඩාපසුතො, තෙන තෙන අධිප‍්පායෙන කීළන‍්තො මොචෙතීති වුත‍්තං හොති.

“අරොගො භවිස්සමි” ශුක්‍ර මුදා නීරොගියෙක් වන්නෙමි. “සුඛං වෙදනං උප්පාදෙස්සාමි” මොචනයෙන්ද, මෝචනය හෙතුකොටද, මුදන ලද්ද හෙතුකොටද යම් සැප වේදනාවක් වේද එය උපදවන්නෙමි යන අර්‍ත්‍ථයි. “භෙසජ්ජං භවිස්සති” මා විසින් මේ ශුක්‍රය මුදන ලද්දේ කිසි බෙහෙතක් වන්නේය. “දානං දස්සාමි” මුදා පණු කැළිහිනි ආදීන්ට දන් දෙන්නෙමි. “පුඤ්ඤං භවිස්සති” ශුක්‍ර මුදා පණු ආදීන්ට දෙන්නහුට පින් සිදු වන්නේය. “යඤ්ඤං, යජිස්සමි” ශුක්‍ර මුදා පණු ආදීන්ට යාගයක් කරන්නෙමි. කිසියම් කිසියම් මන්ත්‍රපදයක් කියා දෙන්නෙමියි කියන ලද්දේ වේ. “සග්ගං ගමිස්සාමි” ශුක්‍ර මුදා පණු ආදීන්ට දුන් දනින් හෝ පිනෙන් හෝ යාගයෙන් හෝ ස්වර්‍ගයට යන්නෙමි. “බීජං භවිස්සති” කුලවංශයට බිජුවට වන්නේය. මේ බීජයෙන් පුත්‍රයෙක් උපදින්නේය, යන මේ අදහසින් ශුක්‍ර මුදාය යන අර්‍ත්‍ථය. “වීමංසනත්‍ථාය” දැනීම පිණිස “නීලං භවිස්සති” යනාදියෙහි කිම, මා විසින් මිදූ ශුක්‍ර නිල් වන්නේද, පීතකාදීන් අතුරෙහි එක්තරා එකක් වන්නේදැ’යි දැන ගන්නෙමි’යි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. “ඛිඩ්ඩාධිප්පාසො” ක්‍රීඩාවෙහි යෙදුනේ ඒ ඒ අදහසින් ක්‍රීඩා කරමින් මුදායයි කියන ලද්දේ වේ.

ඉදානි යදිදං “අජ‍්ඣත‍්තරූපෙ මොචෙතී”තිආදි වුත‍්තං තත්‍ථ යථා මොචෙන‍්තො ආපත‍්තිං ආපජ‍්ජති, තෙසඤ‍්ච පදානං වසෙන යත‍්තකො ආපත‍්තිභෙදො හොති, තං සබ‍්බං දස‍්සෙන‍්තො “අජ‍්ඣත‍්තරූපෙ චෙතෙති උපක‍්කමති මුච‍්චති ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්සා”තිආදිමාහ.

දැන් “අජ්ඣත්තරූපෙ මොචෙති” යනාදීවූ මේ යමක් වදාළ සේක්ද, එහි යම්සේ මුදන්නේ ඇවතට පැමිණේද, ඒ පදයන්ගේ වසයෙන්ද, යම් පමණ ආපත්ති භෙදයක්වේද, ඒ සියල්ල දක්වනසේක් “අජ්ඣත්තරූපෙ චෙතෙති, උපක්කමති, මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස” යනාදිය වදාළ සේක.

තත්‍ථ චෙතෙතීති මොචනස‍්සාදසම‍්පයුත‍්තාය චෙතනාය මුච‍්චතූති චෙතෙති. උපක‍්කමතීති තදනුරූපං වායාමං කරොති. මුච‍්චතීති එවං චෙතෙන‍්තස‍්ස තදනුරූපෙන වායාමෙන වායමතො සුක‍්කං ඨානා චවති. ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්සාති ඉමෙහි තීහි අඞ‍්ගෙහි අස‍්ස පුග‍්ගලස‍්ස සඞ‍්ඝාදිසෙසො නාම ආපත‍්තිනිකායො හොතීති අත්‍ථො. එස නයො බහිද‍්ධාරූපෙතිආදීසුපි අවසෙසෙසු අට‍්ඨවීසතියා පදෙසු.

එහි “චෙතෙති”, මොචනයට පූර්‍වභාගයෙහි පැවැති ආස්වාදසම්ප්‍රයුක්ත චේතනාවෙන් ‘මිදේවා’යි සිතයි. “උපක්කමති” එයට අනුරූප වූ ව්‍යායාමය කරයි. “මුච්චති” මෙසේ සිතන, එයට අනුරූප වූ, ව්‍යායාමයෙන් ව්‍යායාම කරන්නහුගේ ශුක්‍රය තුබූ තැනින් පහවේ. “ආපත්ති සඞ්ඝාදිසෙස” මේ තුන් අඟින් මේ පුද්ගලයාහට සඞ්ඝාදිසෙස නම් ආපත්තිය වේය යන අර්‍ත්‍ථයි. “බහිද්ධාරූපෙ” යනාදී වූ සෙසු අටවිසි පදයන්හිද මේ නයවේ.

එත්‍ථ පන ද‍්වෙ ආපත‍්තිසහස‍්සානි නීහරිත්‍වා දස‍්සෙතබ‍්බානි. කථං? අජ‍්ඣත‍්තරූපෙ තාව රාගූපත්‍ථම‍්භෙ ආරොග්‍යත්‍ථාය නීලං මොචෙන‍්තස‍්ස එකා ආපත‍්ති, අජ‍්ඣත‍්තරූපෙයෙව රාගූපත්‍ථම‍්භෙ ආරොග්‍යත්‍ථාය පීතාදීනං මොචනවසෙන අපරා නවාති දස. යථා ච ආරොග්‍යත්‍ථාය දස, එවං සුඛාදීනං නවන‍්නං පදානං අත්‍ථාය එකෙකපදෙ දස දස කත්‍වා නවුති, ඉති ඉමා ච නවුති පුරිමා ච දසාති රාගූපත්‍ථම‍්භෙ තාව සතං. යථා පන රාගූපත්‍ථම‍්භෙ එවං වච‍්චූපත්‍ථම‍්භාදීසුපි චතූසු එකෙකස‍්මිං උපත්‍ථම‍්භෙ සතං සතං කත්‍වා චත‍්තාරි සතානි, ඉති ඉමානි චත‍්තාරි පුරිමඤ‍්ච එකන‍්ති අජ‍්ඣත‍්තරූපෙ තාව පඤ‍්චන‍්නං උපත්‍ථම‍්භානං වසෙන පඤ‍්ච සතානි. යථා ච අජ‍්ඣත‍්තරූපෙ පඤ‍්ච, එවං බහිද‍්ධාරූපෙ පඤ‍්ච, අජ‍්ඣත‍්තබහිද‍්ධාරූපෙ පඤ‍්ච, ආකාසෙ කටිං කම‍්පෙන‍්තස‍්ස පඤ‍්චාති සබ‍්බානිපි චතුන‍්නං පඤ‍්චකානං වසෙන ද‍්වෙ ආපත‍්තිසහස‍්සානි වෙදිතබ‍්බානි.

මෙහි වනාහි දෙදහස් ආපත්තීහු ගෙනහැර දැක්විය යුත්තාහ. පළමුකොට ආධ්‍යාත්මික රූපයෙහි රාගයෙන් තදබව හටගත් කල්හි ආරෝග්‍යය පිණිස නිල් පැහැති ශුක්‍ර මුදන්නහුට එක් ඇවැතක් වේ. ආධ්‍යාත්මික රූපයෙහිම රාගයෙන් තදබව හටගත් කල්හි ආරොග්‍යය පිරිස කසාවන් ආදී ශුක්‍ර මෝචන වසයෙන් අන් නවයකැයි දසයක් වේ. ආරොග්‍යය පිණිස යම්සේ දසයක්වේද, එසේ සුඛාදි නවපදයන් පිණිස එක් එක් පදයක දසය දසයකොට අනූවක් වේ. මෙසේ මේ අනූවද පළමු දසයදැයි රාගයෙහි තද බවෙහි සියයක් වේ. රාගයේ තදබවෙහි යම්සේද වර්‍චස් ආදී සතරෙහි බලවත්බව ඇති කල්හි, එක් එක් බලවත්බවෙහි සියය සියයකොට සාරසියයක් වේ. මෙසේ මේ සාරසියයද පළමු එක් සියයදැයි ආධ්‍යාත්මික රූපයෙහි පඤ්චොපස්තම්හයන්ගේ වසයෙන් පන්සියයක් වේ. ආධ්‍යාත්මික රූපයෙහි යම්සේ පසක්වේද, එසේ බාහිර රූපයෙහි පසෙක, ආධ්‍යාත්මික බාහිර රූපයෙහි පසෙත, අහස්හි කටිය චලනය කරන්නහුට පසෙකැයි සිවු පඤ්චකයන්ගේ වසයෙන් සියලුම ආපත්තීහු දෙදහසකැයි දතයුත්තාහ.

ඉදානි ආරොග්‍යත්‍ථායාතිආදීසු තාව දසසු පදෙසු පටිපාටියා වා උප‍්පටිපාටියා වා හෙට‍්ඨා වා ගහෙත්‍වා උපරි ගණ‍්හන‍්තස‍්ස, උපරි වා ගහෙත්‍වා හෙට‍්ඨා ගණ‍්හන‍්තස‍්ස, උභතො වා ගහෙත්‍වා මජ‍්ඣෙ ඨපෙන‍්තස‍්ස, මජ‍්ඣෙ වා ගහෙත්‍වා උභතො හරන‍්තස‍්ස, සබ‍්බමූලං වා කත්‍වා ගණ‍්හන‍්තස‍්ස චෙතනූපක‍්කමමොචනෙ සති විසඞ‍්කෙතො නාම නත්‍ථීති දස‍්සෙතුං “ආරොග්‍යත්‍ථඤ‍්ච සුඛත්‍ථඤ‍්චා”ති ඛණ‍්ඩචක‍්කබද‍්ධචක‍්කාදිභෙදවිචිත‍්තං පාළිමාහ.

දැන් ආරොග්‍යත්‍ථාය යනාදි දස පදයන්හි පිළිවෙළින් හෝ උපිළිවෙළින් හෝ යට හෝ ගෙන මත්තෙහි ගන්නහුට, මත්තෙහි හෝ ගෙන යටට ගන්නහුට, දෙපයින් ගෙන මැද තබන්නහුට, මැද හෝ ගෙන දෙපසින් හරනහුට, සියල්ල මුල්කොට ගන්නහුට චේතනා - උපක්‍රම - මොචන යන මෙය ඇතිකල්හි විසඞ්කෙතයක් නම් නැහැයි දක්වනු පිණිස “ආරොග්‍යත්‍ථඤ්ච සුඛත්‍ථඤ්ච”යි ඛණ්ඩචක්‍රබද්ධචක්‍රාදි භෙදයෙන් විසිතුරුවූ පෙළක් වදාළ සේක.

තත්‍ථ ආරොග්‍යත්‍ථඤ‍්ච සුඛත්‍ථඤ‍්ච ආරොග්‍යත්‍ථඤ‍්ච භෙසජ‍්ජත්‍ථඤ‍්චා ති එවං ආරොග්‍යපදං සබ‍්බපදෙහි යොජෙත්‍වා වුත‍්තමෙකං ඛණ‍්ඩචක‍්කං. සුඛපදාදීනි සබ‍්බපදෙහි යොජෙත්‍වා යාව අත‍්තනො අත‍්තනො අතීතානන‍්තරපදං තාව ආනෙත්‍වා වුත‍්තානි නව බද‍්ධචක‍්කානීති එවං එකෙකමූලකානි දස චක‍්කානි හොන‍්ති, තානි දුමූලකාදීහි සද‍්ධිං අසම‍්මොහතො විත්‍ථාරෙත්‍වා වෙදිතබ‍්බානි. අත්‍ථො පනෙත්‍ථ පාකටොයෙව.

එහි ආරොග්‍යත්‍ථඤ්ච - සුඛන්‍ථඤ්ච - ආරොග්‍යත්‍ථඤ්ච - භෙසජ්ජන්‍ථඤ්ච’යි මෙසේ ආරොග්‍යපදය සියලු පද සමග යොදා කියන ලද්දේ එක් චණ්ඩචක්‍රයෙකි. සුඛපදාදි වූ සියලු පද සමග තම තමන්ගේ ඉකුත් අතුරු පදයක් වේද එය ගෙනවුත් කියන ලද බද්ධචක්‍ර නවයදැයි මෙසේ එකමූලක වූ දශචක්‍ර පෙළක් වෙයි. ඒ දශචක්‍ර ද්විමූලකාදිය සමග නොමුළා වසයෙන් විස්තරකොට දතයුතු වෙයි. මෙහි අර්‍ත්‍ථය වනාහි ප්‍රකටමය.

යථා ච ආරොග්‍යත්‍ථායාතිආදීසු දසසු පදෙසු, එවං නීලාදීසුපි “නීලඤ‍්ච පීතකඤ‍්ච චෙතෙති උපක‍්කමතී”තිආදිනා නයෙන දස චක‍්කානි වුත‍්තානි, තානිපි අසම‍්මොහතො විත්‍ථාරෙත්‍වා වෙදිතබ‍්බානි. අත්‍ථො පනෙත්‍ථ පාකටොයෙව.

ආරොග්‍යත්‍ථාය යනාදි දසයෙහි යම්සේද එසේ නීලාදීන් අතුරෙහිද “නීලඤ්ච පීතඤ්ච චෙතෙති, උපක්කමති” යනාදි නයින් කියන ලද්දේ වේ. ඔවුහුද නොමුළා වසයෙන් විස්තරකොට දතයුත්තාහ. මෙහිද අර්‍ත්‍ථය ප්‍රකටමය.

පුන ආරොග්‍යත්‍ථඤ‍්ච නීලඤ‍්ච ආරොග්‍යත්‍ථඤ‍්ච සුඛත්‍ථඤ‍්ච නීලඤ‍්ච පීතකඤ‍්චාති එකෙනෙකං ද‍්වීහි ද‍්වෙ…පෙ… දසහි දසාති එවං පුරිමපදෙහි සද‍්ධිං පච‍්ඡිමපදානි යොජෙත්‍වා එකං මිස‍්සකචක‍්කං වුත‍්තං.

නැවත ‘ආරොග්‍යත්‍ථඤ්ච නීලඤ්ච, ආරොග්‍යත්‍ථඤ්ච සුඛන්‍ථඤ්ච නීලඤ්ච පීතඤ්ච’යි එකක් හා එකක්ද දෙකක් හෝ දෙකක්ද -පෙ- දසයක් හා දසයෙකැයි මෙසේ පළමු පද සමග පැසුළුපද යොදා එක් මිශ්‍රකචක්‍රයක් කියන ලද්දේය.

ඉදානි යස‍්මා “නීලං මොචෙස‍්සාමී”ති චෙතෙත්‍වා උපක‍්කමන‍්තස‍්ස පීතකාදීසු මුත‍්තෙසුපි පීතකාදිවසෙන චෙතෙත්‍වා උපක‍්කමන‍්තස‍්ස ඉතරෙසු මුත‍්තෙසුපි නෙවත්‍ථි විසඞ‍්කෙතො , තස‍්මා එතම‍්පි නයං දස‍්සෙතුං “නීලං මොචෙස‍්සාමීති චෙතෙති උපක‍්කමති පීතකං මුච‍්චතී”තිආදිනා නයෙන චක‍්කානි වුත‍්තානි. තතො පරං සබ‍්බපච‍්ඡිමපදං නීලාදීහි නවහි පදෙහි සද‍්ධිං යොජෙත්‍වා කුච‍්ඡිචක‍්කං නාම වුත‍්තං. තතො පීතකාදීනි නව පදානි එකෙන නීලපදෙනෙව සද‍්ධිං යොජෙත්‍වා පිට‍්ඨිචක‍්කං නාම වුත‍්තං. තතො ලොහිතකාදීනි නව පදානි එකෙන පීතකපදෙනෙව සද‍්ධිං යොජෙත්‍වා දුතියං පිට‍්ඨිචක‍්කං වුත‍්තං. එවං ලොහිතකපදාදීහි සද‍්ධිං ඉතරානි නව නව පදානි යොජෙත්‍වා අඤ‍්ඤානිපි අට‍්ඨ චක‍්කානි වුත‍්තානීති එවං දසගතිකං පිට‍්ඨිචක‍්කං වෙදිතබ‍්බං.

දැන් යම්හෙයකින් නිල්පැහැති ශුක්‍ර මුදන්නෙමියි සිතා උපක්‍රම කරන්නහුට කසාවන් ශුක්‍ර මිදුණු කල්හි කසාවන් ශුක්‍ර ආදීන්ගේ වසයෙන් සිතා උපක්‍රම කරන්නහුට අන්‍ය වූ ශුක්‍ර මිදුණු කල්හිද විසඞ්කෙතයක් නොම ඇත්තේය. එහෙයින් මේ නය දක්වන්නට “නීලං මොචෙස්සාමිති චෙතෙති, උපක්කමති, පීතකං, මුච්චති” යනාදි නයින් චක්‍ර දක්වන ලදී. ඉන්පසු සියලු පසුපද නීලාදි නව පද සමග යොදා කුච්ඡිචක්‍රය කියන ලදී. ඉන්පසු පීතකාදි නව පද එක් නීලපදයක් සමග යොදා පිට්ඨිචක්‍රය කියනලදි. ඉන්පසු ලොහිතකාදි නව පදයන් එක් පීතකපදය සමග යොදා දෙවැනි පිට්ඨිචක්‍රයක් කියනලදි. මෙසේ ලොහිතකපදාදිය සමග අනිත් නව නව පදයන් යොදා අනිකුදු චක්‍රඅට කියන ලදැයි මෙසේ දසගතියක් ඇති පිට්ඨිචක්‍රය දතයුත්තේය.

එවං ඛණ‍්ඩචක‍්කාදීනං අනෙකෙසං චක‍්කානං වසෙන විත්‍ථාරතො ගරුකාපත‍්තිමෙව දස‍්සෙත්‍වා ඉදානි අඞ‍්ගවසෙනෙව ගරුකාපත‍්තිඤ‍්ච ලහුකාපත‍්තිඤ‍්ච අනාපත‍්තිඤ‍්ච දස‍්සෙතුං “චෙතෙති උපක‍්කමති මුච‍්චතී”තිආදිමාහ. තත්‍ථ පුරිමනයෙන අජ‍්ඣත‍්තරූපාදීසු රාගාදිඋපත්‍ථම‍්භෙ සති ආරොග්‍යාදීනං අත්‍ථාය චෙතෙන‍්තස‍්ස උපක‍්කමිත්‍වා අසුචිමොචනෙ තිවඞ‍්ගසම‍්පන‍්නා ගරුකාපත‍්ති වුත‍්තා. දුතියෙන නයෙන චෙතෙන‍්තස‍්ස උපක‍්කමන‍්තස‍්ස ච මොචනෙ අසති දුවඞ‍්ගසම‍්පන‍්නා ලහුකා ථුල‍්ලච‍්චයාපත‍්ති. “චෙතෙති න උපක‍්කමති මුච‍්චතී”තිආදීහි ඡහි නයෙහි අනාපත‍්ති.

මෙසේ ඔණ්ඩචක්‍රාදී වූ නොයෙක් චක්‍රවල වසයෙන් විස්තර විසින් ගරුකාපත්තියම දක්වා අඞ්ග වසයෙන්ම ගරුකාපත්තියද ලහුකාපත්තියද අනාපත්තියද දක්වන්නට “චෙතෙති, උපක්කමනි, මුච්චති” යනාදිය වදාළ සේක. එහි පෙරනයින් ආධ්‍යාත්මික රූපාදීන් කෙරෙහි රාගාදීන්ගේ බලවත්බව ඇති කල්හි ආරොග්‍යාදීන් පිණිස සිතන්නහුට උපක්‍රමකොට ශුක්‍ර මිදීමෙහි අඞ්ග තුනකින් යුක්ත වූ ගරුකාපත්තිය වදාරන ලදි. දෙවැනි නයින් සිතන්නහුටද උපක්‍රම කරන්නහුටද ශුක්‍ර මිදීමක් නැති කල්හි දෙඅඟකින් යුක්ත වූ ලඝුවූ ථුල්ලච්චයාපත්තිය වදාරනලදි. “චෙතෙති, න උපක්කමති, මුච්චති” යනාදීවූ සවැදෑරුම් නයින් ආපත්තිය වදාරන ලදි.

අයං පන ආපත‍්තානාපත‍්තිභෙදො සණ‍්හො සුඛුමො, තස‍්මා සුට‍්ඨු සල‍්ලක‍්ඛෙතබ‍්බො . සුට‍්ඨු සල‍්ලක‍්ඛෙත්‍වා කුක‍්කුච‍්චං පුච‍්ඡිතෙන ආපත‍්ති වා අනාපත‍්ති වා ආචික‍්ඛිතබ‍්බා, විනයකම‍්මං වා කාතබ‍්බං. අසල‍්ලක‍්ඛෙත්‍වා කරොන‍්තො හි රොගනිදානං අජානිත්‍වා භෙසජ‍්ජං කරොන‍්තො වෙජ‍්ජො විය විඝාතඤ‍්ච ආපජ‍්ජති, න ච තං පුග‍්ගලං තිකිච‍්ඡිතුං සමත්‍ථො හොති. තත්‍රායං සල‍්ලක‍්ඛණවිධි – කුක‍්කුච‍්චෙන ආගතො භික‍්ඛු යාවතතියං පුච‍්ඡිතබ‍්බො – “කතරෙන පයොගෙන කතරෙන රාගෙන ආපන‍්නොසී”ති. සචෙ පඨමං අඤ‍්ඤං වත්‍වා පච‍්ඡා අඤ‍්ඤං වදති න එකමග‍්ගෙන කථෙති, සො වත‍්තබ‍්බො – “ත්‍වං න එකමග‍්ගෙන කථෙසි පරිහරසි, න සක‍්කා තව විනයකම‍්මං කාතුං ගච‍්ඡ සොත්‍ථිං ගවෙසා”ති. සචෙ පන තික‍්ඛත‍්තුම‍්පි එකමග‍්ගෙනෙව කථෙති, යථාභූතං අත‍්තානං ආවිකරොති, අථස‍්ස ආපත‍්තානාපත‍්තිගරුකලහුකාපත‍්තිවිනිච‍්ඡයත්‍ථං එකාදසන‍්නං රාගානං වසෙන එකාදස පයොගා සමවෙක‍්ඛිතබ‍්බා.

මේ ආපත්ති අනාපත්තිභෙදය මෘදුය, සියුම්ය. එහෙයින් මැනැවින් සැලකිය යුතුය. මැනැවින් සලකා කුකුස විචාළහු විසින් ආපත්තිය හෝ අනාපත්තිය හෝ කිවයුතුය. විනයකර්‍මය හෝ කටයුතුය. නොසලකා කරන්නේ රොගනිදානය නොදැන බෙහෙත් කරන වෙදෙකු මෙන් දුකටද පැමිණේ. ඒ පුද්ගලයාහට පිළියම් කරන්නට සමර්‍ත්‍ථ නොවේමය. එහි මේ මතු කියනු ලබන්නේ සලකන විධියයි. කුකුසින් පැමිණි මහණතෙමේ තුන්යල දක්වා කවර ප්‍රයොගයකින් කවර රාගයකින් පැමිණියෙහිදැයි විචාළ යුතුය. පළමුකොට අනිකක් කියා පසුව අනිකක් කියාද, එක් මගකින් නොකියාද, ‘තෝ එක්මගකින් නොකියහි, පරිහරණය කෙරෙහි, තට විනයකර්‍මය කරන්නට නොහැක්කේය. යව, යහපතක් සොයව’යි හෙතෙම කියයුත්තේය. ඉදින් තෙවරම එක් මගකින්ම කියානම්, තමාට වූසේ පහළ කෙරේනම් එකල්හි ඔහුගේ ආපත්ති අනාපත්ති ගරුකලහු කාපත්ති විනිශ්චය කරනු පිණිස එකොළොස් රාගයන්ගේ වසයෙන් එකොළොස් ප්‍රයෝග පරීක්‍ෂා කටයුතුය.

තත්‍රිමෙ එකාදස රාගා – මොචනස‍්සාදො, මුච‍්චනස‍්සාදො, මුත‍්තස‍්සාදො, මෙථුනස‍්සාදො, ඵස‍්සස‍්සාදො, කණ‍්ඩුවනස‍්සාදො, දස‍්සනස‍්සාදො, නිසජ‍්ජස‍්සාදො, වාචස‍්සාදො, ගෙහස‍්සිතපෙමං, වනභඞ‍්ගියන‍්ති. තත්‍ථ මොචෙතුං අස‍්සාදො මොචනස‍්සාදො, මුච‍්චනෙ අස‍්සාදො මුච‍්චනස‍්සාදො, මුත‍්තෙ අස‍්සාදො මුත‍්තස‍්සාදො, මෙථුනෙ අස‍්සාදො මෙථුනස‍්සාදො, ඵස‍්සෙ අස‍්සාදො ඵස‍්සස‍්සාදො, කණ‍්ඩුවනෙ අස‍්සාදො කණ‍්ඩුවනස‍්සාදො, දස‍්සනෙ අස‍්සාදො දස‍්සනස‍්සාදො, නිසජ‍්ජාය අස‍්සාදො නිසජ‍්ජස‍්සාදො, වාචාය අස‍්සාදො වාචස‍්සාදො, ගෙහස‍්සිතං පෙමං ගෙහස‍්සිතපෙමං, වනභඞ‍්ගියන‍්ති යංකිඤ‍්චි පුප‍්ඵඵලාදි වනතො භඤ‍්ජිත්‍වා ආහටං. එත්‍ථ ච නවහි පදෙහි සම‍්පයුත‍්තඅස‍්සාදසීසෙන රාගො වුත‍්තො. එකෙන පදෙන සරූපෙනෙව, එකෙන පදෙන වත්‍ථුනා වුත‍්තො, වනභඞ‍්ගො හි රාගස‍්ස වත්‍ථු න රාගොයෙව.

මේ එහි එකොළොස් රාගයි. මොචනස්සාදය, මුච්චනස්සාදය, මුත්තස්සාදය, මෙථුනස්සාදය, ඵස්සස්සාදය, කණ්ඩූවනස්සාදය, දස්සනස්සාදය, නිසජ්ජස්සාදය, වාචස්සාදය, ගෙහසිතපෙමය හා වනභඞ්ගියයි. එහි ශුක්‍ර මුදන්නට කරන ආස්වාදය මොචනස්සාදයයි. ශුක්‍ර මිදෙන කල්හිවන ආස්වාදය මුච්චනස්සාදයයි. ශුක්‍ර මිදුණු කල්හි වන ආස්වාදය මුත්තස්සාදයයි. මෙවුන්දම්හි වන ආස්වාදය මෙථුනස්සාදයයි. පැහැසීමෙහි වන ආස්වාදය ඵස්සස්සාදයයි. කැසීමෙහි වන ආස්වාදය කණ්ඩූවනස්සදයයි. දැකීමෙහි වන ආස්වාදය දස්සනස්සාදයයි. නිපද්‍යයෙහි වන ආස්වාදය නිසජ්ජස්සාදයයි. වචනයෙහි ආස්වාදය වාචස්සාදයයි. ගෘහනිශ්ශ්‍රිත ප්‍රේමය ගෙහසිතපෙමයයි. වනයෙන් කඩාගෙන එන ලද යම්කිසි මල්, ගෙඩි ආදිය වනභඞ්ගිය නමි. මෙහිද නව පදයෙන් යෙදීගත් ආස්වාද ශීර්‍ෂයෙන් රාගය කියන ලද්දේය. එක් පදයකින් ස්වරූප වශයෙන් කියනලදි. එක් පදයකින් වස්තුව සමග කියනලදි. වනභඞ්ගය රාගයට වස්තුවක් වේ. රාගයම නොවේ.

එතෙසං පන රාගානං වසෙන එවං පයොගා සමවෙක‍්ඛිතබ‍්බා – මොචනස‍්සාදෙ මොචනස‍්සාදචෙතනාය චෙතෙන‍්තො චෙව අස‍්සාදෙන‍්තො ච උපක‍්කමති මුච‍්චති සඞ‍්ඝාදිසෙසො. තථෙව චෙතෙන‍්තො ච අස‍්සාදෙන‍්තො ච උපක‍්කමති න මුච‍්චති ථුල‍්ලච‍්චයං. සචෙ පන සයනකාලෙ රාගපරියුට‍්ඨිතො හුත්‍වා ඌරුනා වා මුට‍්ඨිනා වා අඞ‍්ගජාතං ගාළ‍්හං පීළෙත්‍වා මොචනත්‍ථාය සඋස‍්සාහොව සුපති, සුපන‍්තස‍්ස චස‍්ස අසුචි මුච‍්චති සඞ‍්ඝාදිසෙසො. සචෙ රාගපරියුට‍්ඨානං අසුභමනසිකාරෙන වූපසමෙත්‍වා සුද‍්ධචිත‍්තො සුපති, සුපන‍්තස‍්ස මුත‍්තෙපි අනාපත‍්ති.

මේ රාගයන්ගේ වසයෙන්ම ප්‍රයොග මනාකොට බැලිය යුත්තාහ. මොචනස්සාදයෙහි මොචනස්සාද චේතනාවෙන් සිතන්නේද ආස්වාද කරන්නේද උපක්‍රම කෙරේද, ශුක්‍ර මිදේද, සඞ්ඝාදිසෙසය වේ. එසේම සිතන්නේද, ආස්වාද කරන්නේද, උපක්‍රම කෙරේද? ශුක්‍ර නොමිදේද ථුල්ලච්චය වේ. නිදන කල්හි රාගයෙන් මඩනාලදුව කලවයෙන් හෝ මිටින් හෝ අඞ්ගජාතය දැඩිකොට පෙළා මොචනය පිණිස උත්සාහ සහිතව නිදාද, නිදන මොහුගේ ශුක්‍ර මිදේද, සඞ්ඝාදිසෙසය වේ. රාගයෙහි නැගීසිටීම අසුභමනසිකාරයෙන් සන්සිඳුවා පිරිසිදු සිතැතිව නිදාද නිදන්නහුට ශුක්‍ර මිදුණු කල්හිද ඇවැත් නොවේ.

මුච‍්චනස‍්සාදෙ අත‍්තනො ධම‍්මතාය මුච‍්චමානං අස‍්සාදෙති න උපක‍්කමති අනාපත‍්ති. සචෙ පන මුච‍්චමානං අස‍්සාදෙන‍්තො උපක‍්කමති, තෙන උපක‍්කමෙන මුත‍්තෙ සඞ‍්ඝාදිසෙසො. අත‍්තනො ධම‍්මතාය මුච‍්චමානෙ “මා කාසාවං වා සෙනාසනං වා දුස‍්සී”ති අඞ‍්ගජාතං ගහෙත්‍වා ජග‍්ගනත්‍ථාය උදකට‍්ඨානං ගච‍්ඡති වට‍්ටතීති මහාපච‍්චරියං වුත‍්තං.

මුච්චනස්සාදයෙහි තමාගේ ධර්‍මතාවෙන් මිදෙන ශුක්‍ර ආස්වාද කෙරේද, උපක්‍රම නොකෙරේද, ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. මිදෙන ශුක්‍ර ආස්වාද කරමින් උපක්‍රම කෙරේද, ඒ උපක්‍රමයෙන් ශුක්‍ර මිදේද, එකල්හි සඞ්ඝාදිසෙසය වේ. තමන්ගේ ධර්‍මතාවෙන් ශුක්‍ර මිදෙනකල්හි සිවුර හෝ සෙනසුන හෝ දූෂිත නොවේවායි අඞ්ගජාතය අතින් අල්ලාගෙන සෝදනු පිණිස දිය තිබෙන තැනටයේද, ඒ වටීයයි මහාපච්චරියෙහි කියනලදි.

මුත‍්තස‍්සාදෙ අත‍්තනො ධම‍්මතාය මුත‍්තෙ ඨානා චුතෙ අසුචිම‍්හි පච‍්ඡා අස‍්සාදෙන‍්තස‍්ස විනා උපක‍්කමෙන මුච‍්චති, අනාපත‍්ති. සචෙ අස‍්සාදෙත්‍වා පුන මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

මුත්තස්සාදයෙහි තමාගේ ධර්‍මතාවෙන් ශුක්‍ර මිදුණු කල්හි ශුක්‍ර තැබූ තැනින් ගිලිහුණු කල්හි පසුව ආස්වාද කරන්නහුට උපක්‍රමයක් නැතිව ශුක්‍ර මිදේනම් ඇවැත් නොවේ. ආස්වාදකොට නැවත ශුක්‍ර මිදීම පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදා නම් සඞ්ඝාදිසෙසය වේ.

මෙථුනස‍්සාදෙ මෙථුනරාගෙන මාතුගාමං ගණ‍්හාති, තෙන පයොගෙන අසුචි මුච‍්චති, අනාපත‍්ති. මෙථුනධම‍්මස‍්ස පයොගත‍්තා පන තාදිසෙ ගහණෙ දුක‍්කටං, සීසං පත‍්තෙ පාරාජිකං. සචෙ මෙථුනරාගෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

මෙථුනස්සාදයෙහි මෛථුන රාගයෙන් මාගමක් අල්ලාගනීද, ඒ ප්‍රයොගයෙන් ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. මෛථුන ධර්‍මය පිළිබඳ කළ ප්‍රයොගය බැවින් එබදු ගැනීමෙහි දුක්කටය වේ. කෙළපැමිණි කල්හි පාරාජිකය වේ. මෛථුන රාගයෙන් රත්වූයේ නැවත ආස්වාදකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදානම් සඞ්ඝාදිසෙසය වේ.

ඵස‍්සස‍්සාදෙ දුවිධො ඵස‍්සො – අජ‍්ඣත‍්තිකො, බාහිරො ච. අජ‍්ඣත‍්තිකෙ තාව අත‍්තනො නිමිත‍්තං ථද‍්ධං මුදුකන‍්ති ජානිස‍්සාමීති වා ලොලභාවෙන වා කීළාපයතො අසුචි මුච‍්චති, අනාපත‍්ති. සචෙ කීළාපෙන‍්තො අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො. බාහිරඵස‍්සෙ පන කායසංසග‍්ගරාගෙන මාතුගාමස‍්ස අඞ‍්ගමඞ‍්ගානි පරාමසතො චෙව ආලිඞ‍්ගතො ච අසුචි මුච‍්චති, අනාපත‍්ති. කායසංසග‍්ගසඞ‍්ඝාදිසෙසං පන ආපජ‍්ජති. සචෙ කායසංසග‍්ගරාගෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති විසට‍්ඨිපච‍්චයාපි සඞ‍්ඝාදිසෙසො.

ඵස්සස්සාදයෙහි ආද්ධ්‍යාත්මිකය, බාහිරයයි ස්පර්‍ශය දෙවැදෑරුම් වේ. ආධ්‍යාත්මික ස්පර්‍ශයෙහි තමාගේ නිමිත්ත තදද මොළොක්දැයි දැනගන්නෙමියි හෝ ලොල් බැවින් හෝ නටවන මහණහුට ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. නිමිත්ත නටවන්නේ ආස්වාදකොට ශුක්‍ර මිදීම පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද සඞ්ඝාදිසෙසය වේ. බාහිර ස්පර්‍ශයෙහි කායසංසර්‍ග රාගයෙන් මාගමකගේ ශරීරාවයවයන් පරාමර්‍ශනය කරන්නහුටද වැළඳ ගන්නහුටද ශුක්‍ර මිදේනම් ඇවැත් නොවේ. කායසංසර්‍ග සඞ්ඝාදිසෙසයට පැමිණේ. කායසංසර්‍ග රාගයෙන් රත්වූයේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද මොහුට සුක්කවිසට්ඨි සඞ්ඝාදිසෙසය වේ.

කණ‍්ඩුවනස‍්සාදෙ දද‍්දුකච‍්ඡුපිළකපාණකාදීනං අඤ‍්ඤතරවසෙන කණ‍්ඩුවමානං නිමිත‍්තං කණ‍්ඩුවනස‍්සාදෙ නෙව කණ‍්ඩුවතො අසුචි මුච‍්චති, අනාපත‍්ති. කණ‍්ඩුවනස‍්සාදෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

කණ්ඩූවනස්සාදයෙහිද, වණ, කැසීම්, පිළිකා, පණු ආදීන් අතරෙහි එකක්හුගේ වසයෙන් කසන නිමිත්ත කසන ආස්වාදයෙන්ම කැසීමෙන් ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. කසන ආස්වාදයෙන් රත්වූයේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද සුක්කවිසට්ඨි සඞ්ඝාදිසෙසය වේ.

දස‍්සනස‍්සාදෙ දස‍්සනස‍්සාදෙන පුනප‍්පුනං මාතුගාමස‍්ස අනොකාසං උපනිජ‍්ඣායතො අසුචි මුච‍්චති, අනාපත‍්ති. මාතුගාමස‍්ස අනොකාසුපනිජ‍්ඣානෙ පන දුක‍්කටං. සචෙ දස‍්සනස‍්සාදෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

දස්සනඞ්ඝාදයෙහි දර්‍ශනාස්වාදයෙන් නැවත නැවත මාගමකගේ නිමිත්ත ප්‍රදේශය ගුණ සිතන්නහුට, බලන්නහුට ඇවැත් නොවේ. මාගමකගේ නිමිත්ත ප්‍රදේශය ගුණ සිතීමෙන් බැලීමෙන් දුක්කටය වේ. දර්‍ශනාස්වාදයෙන් රැයේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද, සුක්කවිසට්ඨි සඞ්ඝාදිසෙසය වේ.

නිසජ‍්ජස‍්සාදෙ මාතුගාමෙන සද‍්ධිං රහො නිසජ‍්ජස‍්සාදරාගෙන නිසින‍්නස‍්ස අසුචි මුච‍්චති, අනාපත‍්ති. රහො නිසජ‍්ජපච‍්චයා පන ආපන‍්නාය ආපත‍්තියා කාරෙතබ‍්බො. සචෙ නිසජ‍්ජස‍්සාදෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

නිසජ්ජස්සාදයෙහි මාගමක හා රහසිව නිෂද්‍යාස්වාද දරාගයෙන් හුන්නහුගේ ශුක්‍ර මිදේද, සුක්කවිසට්ඨි සඞ්ඝාදිසෙසය නොවේ. රහසිව හිඳීම් හේතුවෙන් පැමිණ ඇවැතින් විනයකර්‍ම කරවිය යුතුය. හිඳීමෙහි ආස්වාදයෙන් රත්වූයේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද, සඞ්ඝාදිසෙසය වේ.

වාචස‍්සාදෙ වාචස‍්සාදරාගෙන මාතුගාමං මෙථුනසන‍්නිස‍්සිතාහි වාචාහි ඔභාසන‍්තස‍්ස අසුචි මුච‍්චති, අනාපත‍්ති. දුට‍්ඨුල‍්ලවාචාසඞ‍්ඝාදිසෙසං පන ආපජ‍්ජති. සචෙ වාචස‍්සාදෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

වාචස්සාදයෙයි වාචාස්වාද රාගයෙන් මාගමකට මෙවුන්දම් ඇසුරුකළ බසින් බණින්නහුගේ ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. දුට්ඨුල්ලවාචා සඞ්ඝාදිසෙසයට පැමිණේ. වාචාස්වාද රාගයෙන් රත්වූයේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද, සඞ්ඝාදිසෙසය වේ.

ගෙහස‍්සිතපෙමෙ මාතරං වා මාතුපෙමෙන භගිනිං වා භගිනිපෙමෙන පුනප‍්පුනං පරාමසතො චෙව ආලිඞ‍්ගතො ච අසුචි මුච‍්චති, අනාපත‍්ති. ගෙහස‍්සිතපෙමෙන පන ඵුසනපච‍්චයා දුක‍්කටං. සචෙ ගෙහස‍්සිතපෙමෙන රත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො.

ගෙහසිතපෙමයෙහි මාතෘප්‍රේමයෙන් මව හෝ භගිනිප්‍රේමයෙන් නැගනිය හෝ නැවත නැවත පිරිමදින්නහුගේද වැළඳගන්නහුගේද, ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. ගෘහනිශ්ශ්‍රිත ප්‍රේමයෙන් පැහැසීම් හේතුවෙන් දුක්කටය වේ. ගෘහනිශ්ශ්‍රිත ප්‍රේමයෙන් රත්වූයේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද, සඞ්ඝාදිසෙසය වේ.

වනභඞ‍්ගෙ ඉත්‍ථිපුරිසා අඤ‍්ඤමඤ‍්ඤං කිඤ‍්චිදෙව තම‍්බූලගන්‍ධපුප‍්ඵවාසාදිප‍්පකාරං පණ‍්ණාකාරං මිත‍්තසන්‍ථවභාවස‍්ස දළ‍්හභාවත්‍ථාය පෙසෙන‍්ති අයං වනභඞ‍්ගො නාම. තඤ‍්චෙ මාතුගාමො කස‍්සචි සංසට‍්ඨවිහාරිකස‍්ස කුලූපකභික‍්ඛුනො පෙසෙති, තස‍්ස ච “අසුකාය නාම ඉදං පෙසිත”න‍්ති සාරත‍්තස‍්ස පුනප‍්පුනං හත්‍ථෙහි තං වනභඞ‍්ගං කීළාපයතො අසුචි මුච‍්චති, අනාපත‍්ති. සචෙ වනභඞ‍්ගෙ සාරත‍්තො පුන අස‍්සාදෙත්‍වා මොචනත්‍ථාය නිමිත‍්තෙ උපක‍්කමිත්‍වා මොචෙති, සඞ‍්ඝාදිසෙසො. සචෙ උපක‍්කමන‍්තෙපි න මුච‍්චති, ථුල‍්ලච‍්චයං.

වනභඞ්ගයෙහි ස්ත්‍රී පුරුෂයෝ ඔවුනොවුන්ට බුලත් ගඳමල් විලවුන් ආදීවූ නොයෙක් ආකාරවූ, කිසියම් පඬුරක් මිත්‍රසන්‍ථවයාගේ දැඩිබව පිණිස යවත්. මේ වනාහි වනභඞ්ග නම. ඒ වනභඞ්ගය මාගමක් තමන් හා ඇලුණු එක්වූ විසීම් ඇති කිසියම් කුලුපග මහණක්හට යවාද, අසවල් තැනැත්තිය විසින් මේ වනභඞ්ගය එවන ලදැයි නැවත නැවත ඒ වනභඞ්ගය අතින් ගෙන නටවන ඔහුගේ ශුක්‍ර මිදේද ඇවැත් නොවේ. වනභඞ්ගයෙහි ඇලුනේ නැවත ආස්වාදයකොට ශුක්‍ර මුදනු පිණිස නිමිත්තෙහි උපක්‍රමකොට ශුක්‍ර මුදාද සඞ්ඝාදිසෙසය වේ. උපක්‍රම කරන කල්හි ශුක්‍ර නොමිදේ නම් ථුල්ලච්චය වේ.

එවමෙතෙසං එකාදසන‍්නං රාගානං වසෙන ඉමෙ එකාදස පයොගෙ සමෙවෙක‍්ඛිත්‍වා ආපත‍්ති වා අනාපත‍්ති වා සල‍්ලක‍්ඛෙතබ‍්බා. සල‍්ලක‍්ඛෙත්‍වා සචෙ ගරුකා හොති “ගරුකා”ති ආචික‍්ඛිතබ‍්බා. සචෙ ලහුකා හොති “ලහුකා”ති ආචික‍්ඛිතබ‍්බා. තදනුරූපඤ‍්ච විනයකම‍්මං කාතබ‍්බං. එවඤ‍්හි කතං සුකතං හොති රොගනිදානං ඤත්‍වා වෙජ‍්ජෙන කතභෙසජ‍්ජමිව, තස‍්ස ච පුග‍්ගලස‍්ස සොත්‍ථිභාවාය සංවත‍්තති.

මෙසේ මේ එකොළොස් වැදෑරුම් වූ රාගයන්ගේ වසයෙන් මේ එකාදසවිධ ප්‍රයෝගයෙන් මැනවින් බලා ආපත්තිය හෝ අනාපත්තිය හෝ සැලකිය යුතුය. සලකා බලා ගරුකාපත්තිය වන්නී නම්, ගරුකාපත්තියයි කියයුතුය. ලහුකාපත්තිය වන්නීනම්, ලහුකාපත්තියයි කියයුතුය. එයට අනුරූපවූ විනයකර්‍මයද කටයුතුය. මෙසේ කරන ලද්දේ මැනවින් කරන ලද්දේ වේ. රොගනිදානය දැන වෙදහු විසින් කළ බෙහෙත මෙන් ඒ පුද්ගලයාහට ස්වස්තිභාවය පිණිස පවතී.

චෙතෙති න උපක‍්කමතීතිආදීසු මොචනස‍්සාදචෙතනාය චෙතෙති, න උපක‍්කමති, මුච‍්චති, අනාපත‍්ති. මොචනස‍්සාදපීළිතො “අහො වත මුච‍්චෙය්‍යා”ති චෙතෙති, න උපක‍්කමති, න මුච‍්චති, අනාපත‍්ති. මොචනස‍්සාදෙන න චෙතෙති, ඵස‍්සස‍්සාදෙන කණ‍්ඩුවනස‍්සාදෙන වා උපක‍්කමති, මුච‍්චති, අනාපත‍්ති. තථෙව න චෙතෙති, උපක‍්කමති, න මුච‍්චති, අනාපත‍්ති. කාමවිතක‍්කං විතක‍්කෙන‍්තො මොචනත්‍ථාය න චෙතෙති, න උපක‍්කමති, මුච‍්චති, අනාපත‍්ති. සචෙ පනස‍්ස විතක‍්කයතොපි න මුච‍්චති ඉදං ආගතමෙව හොති, “න චෙතෙති, න උපක‍්කමති, න මුච‍්චති, අනාපත‍්තී”ති.

“චෙතෙති න උපක්කමති” යනාදි තන්හි මොචනාස්වාද චේතනාවෙන් සිතාද, උපක්‍රම නොකෙරේද, ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. මොචනාස්වාදයෙන් පෙළුණේ ‘ඒකාන්තයෙන් මේ ශුක්‍ර මිදෙන්නේ වී නම් යෙහෙකැ’යි සිතාද, උපක්‍රම නොකෙරේද, ශුක්‍ර නොමිදේද, ඇවැත් නොවේ. මොචනාස්වාදයෙන් නොසිතාද ස්පර්‍ශාස්වාදයෙන් හෝ කණ්ඩූවනාස්වාදයෙන් හෝ උපක්‍රම කෙරේද, ශුක්‍ර මිදේද ඇවැත් නොවේ. එසේ නොසිතාද, උපක්‍රම කෙරේද, ශුක්‍ර නොමිදේ ද ඇවැත් නොවේ. කාම විතර්‍කයක් විතර්‍කණය කරන්නේ ශුක්‍ර මුදනු පිණිස නොසිතාද, උපක්‍රම නොකෙරේද, ශුක්‍ර මිදේද, ඇවැත් නොවේ. විතකර්‍ණය කරන ඔහුගේ ශුක්‍ර නොමිදේ ද, “න චෙතෙති න උපක්කමති න මුච්චති අනාපත්ති”යි මේ ලක්‍ෂණය ආයේම වේ.

අනාපත‍්ති සුපිනන‍්තෙනාති සුත‍්තස‍්ස සුපිනෙ මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස විය කායසංසග‍්ගාදීනි ආපජ‍්ජන‍්තස‍්ස විය සුපිනන‍්තෙනෙව කාරණෙන යස‍්ස අසුචි මුච‍්චති, තස‍්ස අනාපත‍්ති. සුපිනෙ පන උප‍්පන‍්නාය අස‍්සාදචෙතනාය සචස‍්ස විසයො හොති, නිච‍්චලෙන භවිතබ‍්බං, න හත්‍ථෙන නිමිත‍්තං කීළාපෙතබ‍්බං, කාසාවපච‍්චත්‍ථරණරක‍්ඛණත්‍ථං පන හත්‍ථපුටෙන ගහෙත්‍වා ජග‍්ගනත්‍ථාය උදකට‍්ඨානං ගන‍්තුං වට‍්ටති.

“අනාපත්ති සුපිනත්තෙන” නිදිගත් යමෙකුගේ, සිහිනෙහි මෙවුන්දම් සෙවනය කරන්නකුගේ මෙන්, කායසංසර්‍ගාදියට පැමිණියෙකුගේ මෙන්, ස්වප්නාන්ත වූ කාරණයෙන්ම ශුක්‍ර මිදේද, ඔහුට ඇවැත් නොවේ. සිහිනෙහි උපන් ආස්වාද චේතනාවෙන් ඉදින් මේ මහණහුට විෂය වේනම්, නිශ්චල වියයුතුය. අතින් නිමිත්ත නොනැටවිය යුතුය. සිවුරු පසතුරුණු රැකීම පිණිස අත්ගොටුවෙන් ගෙන සෝදනු පිණිස දිය ඇති තැනකට යායුතුය.

නමොචනාධිප‍්පායස‍්සාති යස‍්ස භෙසජ‍්ජෙන වා නිමිත‍්තං ආලිම‍්පන‍්තස‍්ස උච‍්චාරාදීනි වා කරොන‍්තස‍්ස නමොචනාධිප‍්පායස‍්ස මුච‍්චති, තස‍්සාපි අනාපත‍්ති. උම‍්මත‍්තකස‍්ස දුවිධස‍්සාපි අනාපත‍්ති. ඉධ සෙය්‍යසකො ආදිකම‍්මිකො, තස‍්ස අනාපත‍්ති ආදිකම‍්මිකස‍්සාති.

“න මොචනාධිප්පායස්ස” බෙහෙතින් නිමිත්ත ආලේප කරන මලමුත්‍රාදිය පහ කරන ශුක්‍ර මිදීමෙහි අදහස් නැති යමෙකුගේ ශුක්‍ර මිදේද, ඔහුට ඇවැත් නැත්තේය. දෙවැදෑරුම් වූ උන්මත්තකයාහට ඇවැත් නොවේ. මේ ශික්‍ෂාපදයෙහි ආදිකර්මික සෙය්‍යසක මහණය. ආදිකර්මික වූ ඔහුට ඇවැත් නොවේ.

පදභාජනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

පදභාජනීය වර්‍ණනාව නිමි.

සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං පඨමපාරාජිකසමුට‍්ඨානං කායචිත‍්තතො සමුට‍්ඨාති. කිරියා, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනං, සුඛමජ‍්ඣත‍්තද‍්වයෙනාති.

සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ප්‍රථම පාරාජික සමුට්ඨානය ඇත්තේ වේ. කායචිත්ත දෙකින් උපදී. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුට්ඨානය ඇත්තේය. ව්‍යතික්‍රමසංඥා අභාවයෙන් මිදෙන බැවින් සංඥා විමොක්‍ෂ වේ. සිත් සහිතව කටයුතු බැවින් සචිත්තකසමුට්ඨානයි. ලෝකයා විසින් අකුසල් බැවින් හළයුතුයයි නියමය හෙයින් ලොකවද්‍යයි. කයින් කටයුතු බැවින් කායකර්‍මයි. අකුසල චිත්තයි. සුඛ මද්ධ්‍යස්ථ දෙකින් ද්විවෙදන වේ.

විනීතවත්‍ථූසු සුපිනවත්‍ථු අනුපඤ‍්ඤත‍්තියං වුත‍්තනයමෙව. උච‍්චාරපස‍්සාවවත්‍ථූනි උත‍්තානත්‍ථානෙව.

විනීතවස්තූන් අතුරෙහි සුපින වස්තුව අනුප්‍රඥප්තියෙහි කියනලද නය ඇත්තේමය. උච්චාරපස්සාව වස්තූහු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය.

විතක‍්කවත්‍ථුස‍්මිං කාමවිතක‍්කන‍්ති ගෙහස‍්සිතකාමවිතක‍්කං. තත්‍ථ කිඤ‍්චාපි අනාපත‍්ති වුත‍්තා, අථ ඛො විතක‍්කගතිකෙන න භවිතබ‍්බං. උණ‍්හොදකවත්‍ථූසු පඨමං උත‍්තානමෙව. දුතියෙ සො භික‍්ඛු මොචෙතුකාමො උණ‍්හොදකෙන නිමිත‍්තං පහරිත්‍වා පහරිත්‍වා න‍්හායි, තෙනස‍්ස ආපත‍්ති වුත‍්තා. තතියෙ උපක‍්කමස‍්ස අත්‍ථිතාය ථුල‍්ලච‍්චයං. භෙසජ‍්ජකණ‍්ඩුවනවත්‍ථූනි උත‍්තානත්‍ථානෙව.

විතක්ක වස්තුවෙහි “කාමවිතක්කං” යනු ගෘහනිශ්ශ්‍රිත කාමවිතර්‍කයයි. එහෙත් එහි අනාපත්තිය වදාරණ ලදි. තවද විතර්‍කගත ඇතියෙකු නොවිය යුතුය. උණ්හොදක වස්තූන් අතුරෙහි ප්‍රථම වස්තුව ප්‍රකටමය. ද්විතීය වස්තුවෙහි ඒ මහණතෙමේ ශුක්‍ර මුදනු කැමැත්තේ උණු පැනින් නිමිත්තට පහර දෙමින් නෑවේය. එහෙයින් ඔහුට ආපත්තිය වදාරනලදි. තෘතීය වස්තුවෙහි උපක්‍රමය ඇති බැවින් ථුල්ලච්චය වේ. භෙසජ්ජ කණ්ඩූවන වස්තූහු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය.

මග‍්ගවත්‍ථූසු පඨමස‍්ස ථුලඌරුකස‍්ස මග‍්ගං ගච‍්ඡන‍්තස‍්ස සම‍්බාධට‍්ඨානෙ ඝට‍්ටනාය අසුචි මුච‍්චි, තස‍්ස නමොචනාධිප‍්පායත‍්තා අනාපත‍්ති. දුතියස‍්ස තථෙව මුච‍්චි, මොචනාධිප‍්පායත‍්තා පන සඞ‍්ඝාදිසෙසො. තතියස‍්ස න මුච‍්චි, උපක‍්කමසබ‍්භාවතො පන ථුල‍්ලච‍්චයං. තස‍්මා මග‍්ගං ගච‍්ඡන‍්තෙන උප‍්පන‍්නෙ පරිළාහෙ න ගන‍්තබ‍්බං, ගමනං උපච‍්ඡින්‍දිත්‍වා අසුභාදිමනසිකාරෙන චිත‍්තං වූපසමෙත්‍වා සුද‍්ධචිත‍්තෙන කම‍්මට‍්ඨානං ආදාය ගන‍්තබ‍්බං. සචෙ ඨිතො විනොදෙතුං න සක‍්කොති, මග‍්ගා ඔක‍්කම‍්ම නිසීදිත්‍වා විනොදෙත්‍වා කම‍්මට‍්ඨානං ආදාය සුද‍්ධචිත‍්තෙනෙව ගන‍්තබ‍්බං.

මග්ග වස්තූන් අතුරෙහි ප්‍රථම වූ මහත්වූ කලවා ඇති මග බැස යන්නහුගේ සම්බාධස්ථානයෙහි ගැටීමෙන් ශුක්‍ර මිදුනේය. ඔහුට ශුක්‍ර මිදීමෙහි අදහස් නැති බැවින් ඇවැත් නොවේ. දෙවැන්නහුගේද එසේම ශුක්‍ර මිදුනේ යයි මිදීමෙහි අදහස් ඇති බැවින් සඞ්ඝාදිසෙසය වේ. තෙවැන්නහුගේ ශුක්‍ර මිදුනේය. උපක්‍රමයෙහි හටගැනීමෙන් ථුල්ලච්චය වූයේය. එහෙයින් මග බැස යන්නහු විසින් පරිදාහය උපන් කල්හි නොයා යුතුය. ගමන නවතා අසුභාදිය මෙනෙහි කිරීමෙන් සිත සන්සිඳුවා ගෙන පිරිසිදු සිතින් කර්‍මස්ථාන ගෙනයායුතුය. නැවතී සිටියේ දුරු කරන්නට නොහැක්කේද, මගින් ඉවත්ව හිඳ දුරුකොට කර්‍මස්ථාන ගෙන පිරිසිදු සිතින්ම යායුතුය.

වත්‍ථිවත්‍ථූසු තෙ භික‍්ඛූ වත්‍ථිං දළ‍්හං ගහෙත්‍වා පූරෙත්‍වා පූරෙත්‍වා විස‍්සජ‍්ජෙන‍්තා ගාමදාරකා විය පස‍්සාවමකංසු. ජන‍්තාඝරවත්‍ථුස‍්මිං උදරං තාපෙන‍්තස‍්ස මොචනාධිප‍්පායස‍්සාපි අමොචනාධිප‍්පායස‍්සාපි මුත‍්තෙ අනාපත‍්තියෙව. පරිකම‍්මං කරොන‍්තස‍්ස නිමිත‍්තචාලනවසෙන අසුචි මුච‍්චි, තස‍්මා ආපත‍්තිට‍්ඨානෙ ආපත‍්ති වුත‍්තා.

වත්‍ථී වස්තූන්හි ඒ මහණෝ නිමිත්තෙහි අග මුත්‍ර නික්මෙන තැන සම දැඩිකොට අල්වාගෙන මුත්‍ර පුරව පුරවා හරිමින් ගම්දරුවන් මෙන් මුත්‍ර කළහ. ජනතාඝර වස්තුවෙහි ශුක්‍ර මුදන අදහස් ඇත්තාවූද ශුක්‍ර නොමුදන අදහස් ඇත්තාවූද, බඩ තවන්නහුගේ ශුක්‍ර මුදන අදහස් ඇත්තාවූද ශුක්‍ර නොමුදන අදහස් ඇත්තාවූද බඩ තවන්නහුගේ ශුත්‍ර මිදුණු කල්හි ඇවැත් නොවේ. පිරියම් කරන්නහුගේ නිමිත්ත සැලීම් වසයෙන් ශුක්‍ර මිදුනේය. එහෙයින් ආපත්ති ස්ථානයෙහි ආපත්තිය වදාරන ලදි.

ඌරුඝට‍්ටාපනවත්‍ථූසු යෙසං ආපත‍්ති වුත‍්තා තෙ අඞ‍්ගජාතම‍්පි ඵුසාපෙසුන‍්ති වෙදිතබ‍්බාති එවං කුරුන්‍දට‍්ඨකථායං වුත‍්තං. සාමණෙරාදිවත්‍ථූනි උත‍්තානත්‍ථානෙව.

ඌරුඝට්ටාපන වස්තූන්හි යම්කෙනකුන්ට ආපත්තිය වදාරන ලදද, ඔවුහු අඞ්ගජාතය පහසවාලූහයි දතයුත්තාහයි කුරුන්‍දට්ඨ කථාවෙහි කියනලදි. සාමණෙරාදි වස්තූහු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුම වෙති.

කායත්‍ථම‍්භනවත්‍ථුස‍්මිං කායං ථම‍්භෙන‍්තස‍්සාති චිරං නිසීදිත්‍වා වා නිපජ‍්ජිත්‍වා වා නවකම‍්මං වා කත්‍වා ආලසියවිමොචනත්‍ථං විජම‍්භෙන‍්තස‍්ස.

කායත්‍ථම්හන වස්තුවෙහි “කායංථම්හෙන්තස්ස” බොහෝකලක් හිඳ හෝ නිදාගෙන හෝ නවකර්‍මාන්තයකොට හෝ අලසබව මුදාහරිනු පිණිස ඇඟ මැලි කඩන්නහුට

උපනිජ‍්ඣායනවත්‍ථුස‍්මිං සචෙපි පටසතං නිවත්‍ථා හොති පුරතො වා පච‍්ඡතො වා ඨත්‍වා “ඉමස‍්මිං නාම ඔකාසෙ නිමිත‍්ත”න‍්ති උපනිජ‍්ඣායන‍්තස‍්ස දුක‍්කටමෙව. අනිවත්‍ථානං ගාමදාරිකානං නිමිත‍්තං උපනිජ‍්ඣායන‍්තස‍්ස පන කිමෙව වත‍්තබ‍්බං. තිරච‍්ඡානගතානම‍්පි නිමිත‍්තෙ එසෙව නයො. ඉතො චිතො ච අවිලොකෙත්‍වා පන දිවසම‍්පි එකපයොගෙන උපනිජ‍්ඣායන‍්තස‍්ස එකමෙව දුක‍්කටං. ඉතො චිතො ච විලොකෙත්‍වා පුනප‍්පුනං උපනිජ‍්ඣායන‍්තස‍්ස පයොගෙ පයොගෙ දුක‍්කටං. උම‍්මීලනනිමීලනවසෙන පන න කාරෙතබ‍්බො. සහසා උපනිජ‍්ඣායිත්‍වා පුන පටිසඞ‍්ඛාය සංවරෙ තිට‍්ඨතො අනාපත‍්ති, තං සංවරං පහාය පුන උපනිජ‍්ඣායතො දුක‍්කටමෙව.

උපනිජ්ඣායන වස්තුවෙහි පිළිසියයක් හඳින ලද්දීවේද ඉදිරිපසෙහි හෝ පසුපසෙහි හෝ සිට ‘මෙනම් අවකාශයෙහි නිමිත්තය’යි සිතා බලන්නහුට එක්ම දුක්කටයම වේ. පිළිනොහැඳි ගම්දැරියන්ගේ නිමිත්ත ගැන සිතා බලන්නහුට කියයුතු කිම, තිරිසනුන්ගේ නිමිත්තෙහි මෙම නයවේ. ඔබ මොබ නොබලා දවසකුදු එක් ප්‍රයොගයෙන් සිතා බලන්නහුට දුක්කටයක් වේ. ඔබමොබ බලා නැවත නැවත සිතා බලන්නහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කට වේ. ඇස ඇරීම් වැසීම් වසයෙන් නොකරවිය යුතුය. ඉක්මනින් සිතා බලා නැවත නුවණින් සලකා සංවරයෙහි සිටින්නට ඇවැත් නොවේ. ඒ සංවරය හැරපියා නැවත සිතා බලන්නහුට දුක්කටම වේ.

තාළච‍්ඡිද‍්දාදිවත්‍ථූනි උත‍්තානත්‍ථානෙව. න‍්හානවත්‍ථූසු යෙ උදකසොතං නිමිත‍්තෙන පහරිංසු තෙසං ආපත‍්ති වුත‍්තා. උදඤ‍්ජලවත්‍ථූසුපි එසෙව නයො. එත්‍ථ ච උදඤ‍්ජලන‍්ති උදකචික‍්ඛල‍්ලො වුච‍්චති. එතෙනෙව උපායෙන ඉතො පරානි සබ‍්බානෙව උදකෙ ධාවනාදිවත්‍ථූනි වෙදිතබ‍්බානි. අයං පන විසෙසො. පුප‍්ඵාවළියවත්‍ථූසු සචෙපි නමොචනාධිප‍්පායස‍්ස අනාපත‍්ති, කීළනපච‍්චයා පන දුක‍්කටං හොතීති.

තාලච්ඡිද්දාදී වස්තූහු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහු වෙති. නහාන වස්තූන්හි යම්කෙනෙක් දියපහරට ගැසූහුද ඔවුන්ට ඇවැත වදාරන ලදි. උදඤ්ජල වස්තූන්හිද මෙම නයවේ. “උදඤ්ජලං” යන මෙයින් කලල්මඩ කියනු ලැබේ. මෙම උපායෙන්ම මෙයින් පසු සියලුම උදකධොවනාදි වස්තූහු දතයුත්තාහ. මේ වනාහි විශේෂයයි. පුප්ඵාවලිය වස්තූන්හි ශුක්‍ර මුදන අදහස් නැත්තහුට ඇවැත් නොවේ. ක්‍රීඩා හේතුවෙන් වනාහි දුක්කටය වේයයි දතයුතුය.

සුක‍්කවිස‍්සට‍්ඨිසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

සුක්කවිසට්ඨිශික්‍ෂාපද වර්‍ණනාව නිමි.