යෙදුමෙන් කියවන්න

නිගමනවණ‍්ණනා අට‍්ඨකථා

නිගමනවණ‍්ණනා

නිගමනවණ්ණනා

උද‍්දිට‍්ඨා ඛො ආයස‍්මන‍්තො චත‍්තාරො පාරාජිකා ධම‍්මාති ඉදං ඉධ උද‍්දිට‍්ඨපාරාජිකපරිදීපනමෙව. සමොධානෙත්‍වා පන සබ‍්බානෙව චතුවීසති පාරාජිකානි වෙදිතබ‍්බානි. කතමානි චතුවීසති? පාළියං ආගතානි තාව භික‍්ඛූනං චත‍්තාරි, භික‍්ඛුනීනං අසාධාරණානි චත‍්තාරීති අට‍්ඨ. එකාදස අභබ‍්බපුග‍්ගලා, තෙසු පණ‍්ඩකතිරච‍්ඡානගතඋභතොබ්‍යඤ‍්ජනකා, තයො වත්‍ථුවිපන‍්නා අහෙතුකපටිසන්‍ධිකා, තෙසං සග‍්ගො අවාරිතො මග‍්ගො පන වාරිතො, අභබ‍්බා හි තෙ මග‍්ගප‍්පටිලාභාය වත්‍ථුවිපන‍්නත‍්තාති. පබ‍්බජ‍්ජාපි නෙසං පටික‍්ඛිත‍්තා, තස‍්මා තෙපි පාරාජිකා. ථෙය්‍යසංවාසකො, තිත්‍ථියපක‍්කන‍්තකො, මාතුඝාතකො, පිතුඝාතකො, අරහන‍්තඝාතකො, භික‍්ඛුනීදූසකො, ලොහිතුප‍්පාදකො, සඞ‍්ඝභෙදකොති ඉමෙ අට‍්ඨ අත‍්තනො කිරියාය විපන‍්නත‍්තා අභබ‍්බට‍්ඨානං පත‍්තාති පාරාජිකාව. තෙසු ථෙය්‍යසංවාසකො, තිත්‍ථියපක‍්කන‍්තකො, භික‍්ඛුනීදූසකොති ඉමෙසං තිණ‍්ණං සග‍්ගො අවාරිතො මග‍්ගො පන වාරිතොව. ඉතරෙසං පඤ‍්චන‍්නං උභයම‍්පි වාරිතං. තෙ හි අනන‍්තරභවෙ නරකෙ නිබ‍්බත‍්තනකසත‍්තා. ඉති ඉමෙ ච එකාදස, පුරිමා ච අට‍්ඨාති එකූනවීසති. තෙ ගිහිලිඞ‍්ගෙ රුචිං උප‍්පාදෙත්‍වා ගිහිනිවාසනනිවත්‍ථාය භික‍්ඛුනියා සද‍්ධිං වීසති. සා හි අජ‍්ඣාචාරවීතික‍්කමං අකත්‍වාපි එත‍්තාවතාව අස‍්සමණීති ඉමානි තාව වීසති පාරාජිකානි.

‘උද්දිට්ඨා ඛො ආයස්මන්තො චත්තාරො පාරාජිකා ධම්මා’ මෙය මෙහි උදෙසූ පාරාජිකාවන්ගේ දැක්වීම වේ. සියල්ල එක් කොට සූවිසි පාරාජිකයෝ දතයුත්තාහ. කවර සූවිස්සක් ද යත්:- පෙළෙහි ආවා වූ භික්‍ෂූන් පිළිබඳ සතරය. භික්‍ෂූන් හා අසාධාරණ වූ භික්‍ෂුණීන් පිළිබඳ උබ්භජාණුමණ්ඩලිකා - වජ්ජපටිච්ඡාදිකා - උක්‍ඛිත්තානුවත්තිකා - අට්ඨවත්‍ථුකා යන සතර දැයි යන අටය. එකොළොස් අභව්‍ය පුද්ගලයෝය. ඔවුන් අතුරෙහි පණ්ඩක - තිරච්ඡානගත - උභතොබ්‍යඤ්ජනක යන තිදෙන පැවිද්දට හා උපසම්පදාවට වස්තු නො වන බැවින් වස්තු විපන්නයෝය. පැවිදි - උපසම්පදාවෙහි සිට උපරිමාර්‍ග හෙතුව සැපයීම නොකටහැකි බැවින් අහෙතුකප්‍රතිසන්‍ධිකයෝය. ඔවුන්ට ස්වර්‍ගය නො වළකන ලද්දේය. මාර්‍ගය වනාහි වළකන ලද්දේය. වස්තු විපන්න බැවින් ඔවුහු මාර්‍ගප්‍රතිලාභය පිණිස අභව්‍යයෝමය. ඔවුන්ට පැවිද්ද වළකන ලදය. එහෙයින් ඔවුහු ද පාරාජිකයෝය. ථෙය්‍යසංවාසක තෙමේ ය, තිත්‍ථියපක්කන්තක තෙමේ ය, මාතුඝාතක තෙමේ ය, පිතුඝාතක තෙමේ ය, අරහන්තඝාතක තෙමේ ය, භික්‍‍‍ඛුනීදූසක තෙමේ ය, රුහිරුප්පාදක තෙමේ ය, සඞ්ඝභෙදක තෙමේ ය යන මොවුහු අට දෙන තම තමන්ගේ ක්‍රියා හේතුවෙන් විපතට පැමිණි බැවින් අභව්‍යස්ථානයට පැමිණියහයි පාරාජිකයෝම වෙති. ඔවුන් අතුරෙහි ථෙය්‍යසංවාසක තෙමේ ය, තිත්‍ථියපක්කන්තක තෙමේ ය, භික්‍‍‍ඛුනීදූසක තෙමේ ය යන මොවුන් තිදෙනාහට ස්වර්‍ගය නො වළකන ලදය. මාර්‍ගය වනාහි වළකන ලද්දේමය. අන්හු පස්දෙනාහට ස්වර්‍ගමොක්‍ෂ දෙකම වළකන ලද්දේය. ඔවුහු වනාහි අතර නොතබා ම නිරයෙහි උපදින සත්ත්‍වයෝය. මෙසේ මේ එකොළොස්දෙන ද, පළමු අටදෙන දැ යි එකුන්විසිදෙන වෙති. ඔවුහු ගිහි වෙස් දැරීමෙහි ආශා උපදවා ගිහීනිවාසනය හැන්දා වූ භික්‍ෂුණිය සමග විසිදෙනෙක් වෙති. ඕ තොමෝ වනාහි අද්ධ්‍යාචාරව්‍යතික්‍රමයක් නො කොට ද මෙපමණකින් අශ්‍රමණී වූය. මේ වනාහි විසි පාරාජිකයෝය.

අපරානිපි – ලම‍්බී, මුදුපිට‍්ඨිකො, පරස‍්ස අඞ‍්ගජාතං මුඛෙන ගණ‍්හාති, පරස‍්ස අඞ‍්ගජාතෙ අභිනිසීදතීති ඉමෙසං චතුන‍්නං වසෙන චත‍්තාරි අනුලොමපාරාජිකානීති වදන‍්ති. එතානි හි යස‍්මා උභින‍්නං රාගවසෙන සදිසභාවූපගතානං ධම‍්මො “මෙථුනධම‍්මො”ති වුච‍්චති. තස‍්මා එතෙන පරියායෙන මෙථුනධම‍්මං අප‍්පටිසෙවිත්‍වායෙව කෙවලං මග‍්ගෙන මග‍්ගප‍්පවෙසනවසෙන ආපජ‍්ජිතබ‍්බත‍්තා මෙථුනධම‍්මපාරාජිකස‍්ස අනුලොමෙන‍්තීති අනුලොමපාරාජිකානීති වුච‍්චන‍්ති. ඉති ඉමානි ච චත‍්තාරි පුරිමානි ච වීසතීති සමොධානෙත්‍වා සබ‍්බානෙව චතුවීසති පාරාජිකානි වෙදිතබ‍්බානි.

එල්බෙන දිග් වූ අඞ්ගජාතය ඇති බැවින් තමන්ගේ මුවමග හෝ වසමග ප්‍රවෙශ කරන්නේය. මුදුපිට ඇති බැවින් තම නිමිත්ත මුවෙන් ගන්නේය. අනුන්ගේ අඞ්ගජාතය මුවෙන් ගන්නේය. අන්හුගේ කර්‍මණ්‍ය අඞ්ගජාතය මතුවෙහි තමනගේ වසමග යොදා හිඳින්නේය. යන මොවුන් සිවුදෙනාගේ වසයෙන් අනුලොම පාරාජිකයෝ සතරකැයි කියත්. මේ පාරාජිකයෝ යම්හෙයකින් රාග වසයෙන් සමාන බවට ගියා වූ දෙදෙනක්හුගේ ධර්‍මය, මෛථුන ධර්‍මැයි කියනු ලැබේ ද, එහෙයින් මේ ක්‍රමයෙන් මෙවුන්දම් සෙවුම් නො කොට හුදෙක් මගින් මග ප්‍රවෙශ කිරීම් වසයෙන් පැමිණිය යුතු බැවින් මෛථුන පාරාජිකයට අනුලොම් වෙත්නුයි අනුලොම පාරාජිකයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ සතර ද පළමු දැක්වූ විස්ස ද එක්කොට සියල්ලෝම සූවිසි පාරාජිකයෝ යයි දත යුත්තාහ.

න ලභති භික‍්ඛූහි සද‍්ධිං සංවාසන‍්ති උපොසථ-පවාරණ-පාතිමොක‍්ඛුද‍්දෙස-සඞ‍්ඝකම‍්මප‍්පභෙදං භික‍්ඛූහි සද‍්ධිං සංවාසං න ලභති. යථා පුරෙ තථා පච‍්ඡාති යථා පුබ‍්බෙ ගිහිකාලෙ අනුපසම‍්පන‍්නකාලෙ ච පච‍්ඡා පාරාජිකං ආපන‍්නොපි තථෙව අසංවාසො හොති. නත්‍ථි තස‍්ස භික‍්ඛූහි සද‍්ධිං උපොසථපවාරණපාතිමොක‍්ඛුද‍්දෙසසඞ‍්ඝකම‍්මප‍්පභෙදො සංවාසොති භික‍්ඛූහි සද‍්ධිං සංවාසං න ලභති. තත්‍ථායස‍්මන‍්තෙ පුච‍්ඡාමීති තෙසු චතූසු පාරාජිකෙසු ආයස‍්මන‍්තෙ “කච‍්චිත්‍ථ පරිසුද‍්ධා”ති පුච‍්ඡාමි. කච‍්චිත්‍ථාති කච‍්චි එත්‍ථ; එතෙසු චතූසු පාරාජිකෙසු කච‍්චි පරිසුද‍්ධාති අත්‍ථො. අථ වා කච‍්චිත්‍ථ පරිසුද‍්ධාති කච‍්චි පරිසුද‍්ධා අත්‍ථ, භවථාති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

‘න ලභති භික්‍‍‍ඛූහි සද්ධි සංවාසං’ භික්‍ෂූන් සමග උපොසථ - පවාරණ - පාතිමොක්‍ඛුද්දෙස - සඞ්ඝකම්ම වසයෙන් ප්‍රභෙදවත් වූ සංවාසය නො ලබයි. ‘යථා පුරෙ තථා පච්ඡා’ පෙර ගිහි කාලයෙහි හා අනුපසම්පන්නකාලයෙහි යම්සේ නම්, පසුව පාරාජිකයට පැමිණියේ ද, එසේම සංවාසයක් නැත්තේ වේ. ඔහුට භික්‍ෂූන් සමග උපොසථ - පවාරණ - පාතිමොක්‍ඛුද්දෙස - සඞ්ඝකම්ම යි ප්‍රභෙදයට ගියා වූ සංවාසය නැත්තේ යයි භික්‍ෂූන් සමග සංවාසය නො ලබයි. ‘තත්‍ථායසමන්තෙ පුච්ඡාමි’ ඒ සිවුපාරාජිකා අතුරෙහි ආයුෂ්මත්හු මෙහිලා කිම? පිරිසිදු වහු දැ යි විචාරමි. ‘කච්චිත්‍ථ’ කිම මෙහි? මේ සිවු පාරාජිකා අතුරෙහි කිම? පිරිසිදු වහු දැ යි යන අර්‍ත්‍ථයි. නොහොත් ‘කච්චිත්‍ථ පරිසුද්ධා’ කිම? පිරිසිදු වහු, වහු ද යන අර්‍ත්‍ථයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අර්‍ත්‍ථ ඇත්තේමය.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය චතුත්‍ථපාරාජිකවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘති නම් වූ සිංහලසමන්තපාසාදිකාවෙහි චතුර්‍ත්‍ථපාරාජිකවර්‍ණනාව නිමි.

පාරාජිකකාණ්ඩය නිමියේය.