විනීතවත්ථුවණ්ණනා අට්ඨකථා
විනීතවත්ථුවණ්ණනා
විනිශ්චිත කථාවස්තු
විනීතවත්ථූසු – අධිමානවත්ථු අනුපඤ්ඤත්තියං වුත්තනයමෙව.
විනීතවස්තූන් අතුරෙහි - අධිමාන වස්තුව අනුප්රඥප්තියෙහි කියවා ලද නය ඇත්තේමය.
දුතියවත්ථුස්මිං – පණිධායාති පත්ථනං කත්වා. එවං මං ජනො සම්භාවෙස්සතීති එවං අරඤ්ඤෙ වසන්තං මං ජනො අරහත්තෙ වා සෙක්ඛභූමියං වා සම්භාවෙස්සති, තතො ලොකස්ස සක්කතො භවිස්සාමි ගරුකතො මානිතො පූජිතොති. ආපත්ති දුක්කටස්සාති එවං පණිධාය “අරඤ්ඤෙ වසිස්සාමී”ති ගච්ඡන්තස්ස පදවාරෙ පදවාරෙ දුක්කටං. තථා අරඤ්ඤෙ කුටිකරණචඞ්කමනනිසීදනනිවාසනපාවුරණාදීසු සබ්බකිච්චෙසු පයොගෙ පයොගෙ දුක්කටං. තස්මා එවං අරඤ්ඤෙ න වසිතබ්බං. එවං වසන්තො හි සම්භාවනං ලභතු වා මා වා දුක්කටං ආපජ්ජති. යො පන සමාදින්නධුතඞ්ගො “ධුතඞ්ගං රක්ඛිස්සාමී”ති වා “ගාමන්තෙ මෙ වසතො චිත්තං වික්ඛිපති, අරඤ්ඤං සප්පාය”න්ති චින්තෙත්වා වා “අද්ධා අරඤ්ඤෙ තිණ්ණං විවෙකානං අඤ්ඤතරං පාපුණිස්සාමී”ති වා “අරඤ්ඤං පවිසිත්වා අරහත්තං අපාපුණිත්වා න නික්ඛමිස්සාමී”ති වා “අරඤ්ඤවාසො නාම භගවතා පසත්ථො, මයි ච අරඤ්ඤෙ වසන්තෙ බහූ සබ්‍රහ්මචාරිනො ගාමන්තං හිත්වා ආරඤ්ඤකා භවිස්සන්තී”ති වා එවං අනවජ්ජවාසං වසිතුකාමො හොති, තෙන වසිතබ්බං.
ද්විතීය වස්තුවෙහි - ‘පණිධාය’ ප්‍රාර්‍ත්‍ථනා කොට ‘එවං මං ජනො සම්භාවෙස්සති’ මෙසේ ජනතෙමේ අරණ්‍යයෙහි වසන මා රහත්බවෙහි හෝ ශෛක්ෂ්යභූමියෙහි හෝ ලා සම්භාවනා කරන්නේය. එයින් ලොකයා විසින් සත්කාර කරණ ලද්දෙම් ගරු කරණ ලද්දෙම් බුහුමන් කරන ලද්දෙම් පුදන ලද්දෙම් වන්නෙමියි ප්‍රාර්‍ත්‍ථනා කොට. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කොට ‘වනයෙහි වසන්නෙමි’යි යන්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. එසේ වනයෙහි කුටිකිරීම් සක්මන් කිරීම් හිඳීම් හැඳීම් පෙරවීම් ආදී වූ සියලු කටයුතුවලදී ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. එහෙයින් වනයෙහි මෙසේ නො විසිය යුතුය. මෙසේ වසනුයේ ද සම්භාවනය ලබාවා හෝ නො ලබාවා හෝ දුක්කටයට පැමිණේ. යමෙක් ධුතාඞ්ග සමාදන්වූයේ ‘ධුතාඞ්ග රකින්නෙමි’යි හෝ ‘ග්‍රාමාන්තයෙහි වසන මාගේ සිත විසිරෙන්නේය, එහෙයින් වනය සැපය’යි සිතා හෝ වනයෙහි දී එකාන්තයෙන් කාය - චිත්ත - උපධි යන ත්‍රිවිධ විවෙකයන්ගෙන් එක්තරා එකකට පැමිණෙන්නෙමියි හෝ වනයට පිවිස රහත්බවට නො පැමිණ නො නික්මෙන්නෙමියි හෝ අරණ්‍යවාසය භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලද්දේය, මා ද වනයෙහි වසන කල්හි බොහෝ සබ්‍රහ්මචාරීහු ග්‍රාමාන්තය හැර ආරණ්‍යකයෝ වන්නාහයි හෝ මෙසේ නිරවද්‍ය වාසයෙන් වසනු කැමැත්තේ වේ ද ඔහු විසින් විසිය යුතුය.
තතියවත්ථුස්මිම්පි – “අභික්කන්තාදීනි සණ්ඨපෙත්වා පිණ්ඩාය චරිස්සාමී”ති නිවාසනපාරුපනකිච්චතො පභුති යාව භොජනපරියොසානං තාව පයොගෙ පයොගෙ දුක්කටං. සම්භාවනං ලභතු වා මා වා දුක්කටමෙව. ඛන්ධකවත්තසෙඛියවත්තපරිපූරණත්ථං පන සබ්රහ්මචාරීනං දිට්ඨානුගතිආපජ්ජනත්ථං වා පාසාදිකෙහි අභික්කමපටික්කමාදීහි පිණ්ඩාය පවිසන්තො අනුපවජ්ජො විඤ්ඤූනන්ති.
තෘතීය වස්තුවෙහි - අත් පා දිගුකිරීම් ආදිය මනාව පිහිටුවා පිඬු පිණිස හැසිරෙන්නෙමියි හැඳීම් පෙරවීම් කිසපටන් වැළඳීම කෙළවර තෙක් ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. සම්භාවනය ලබාවා හෝ නො ලබාවා හෝ දුක්කටයම වේ. බන්ධකවත්ත සෙඛියවත්ත පුරණු පිණිස හෝ සබ්‍රහ්මචාරීන්ගේ දිට්ඨානුගතියට පැමිණෙනු පිණිස හෝ පැහැදීම එළවන යෑම් ඊම් ආදියෙන් යුක්තව පිඬුපිණිස පිවිසෙනුයේ නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේය.
චතුත්ථපඤ්චමවත්ථූසු – “යො තෙ විහාරෙ වසී”ති එත්ථ වුත්තනයෙනෙව “අහ”න්ති අවුත්තත්තා පාරාජිකං නත්ථි. අත්තුපනායිකමෙව හි සමුදාචරන්තස්ස පාරාජිකං වුත්තං.
චතුර්ත්ථ - පඤ්චම වස්තූන්හි ‘යො තෙ විහාරෙ වසී’ යන මෙහි කියූ නයින්ම ‘මමැ’යි නොකියූ බැවින් පාරාජිකයක් නැත්තේය. තමන් කෙරෙහි උත්තරිමනුෂ්යධර්මය හෝ උත්තරිමනුෂ්යධර්මය කෙරෙහි තමන් හෝ පමුණුවාම කියන්නහුට පාරාජිකය වදාරණ ලදී.
පණිධාය චඞ්කමීතිආදීනි හෙට්ඨා වුත්තනයානෙව.
‘පණිධාය චඞ්කමි’ යනාදීහු යට කියූ නය ඇත්තාහුමය.
සංයොජනවත්ථුස්මිං – සංයොජනා පහීනාතිපි “දස සංයොජනා පහීනා”තිපි “එකං සංයොජනං පහීන”න්තිපි වදතො කිලෙසප්පහානමෙව ආරොචිතං හොති, තස්මා පාරාජිකං.
සංයොජනවස්තුවෙහි ‘සංයොජනා පහීණා’ දසසංයොජනයෝ ප්‍රහීණ කරන ලදහයි ද, එක් සංයොජනයක් ප්‍රහීණ කරන ලදැයි ද කියන්නහු විසින් ක්ලෙශ ප්රහාණයම සැලකරන ලද්දේ වේ ද, එහෙයින් පාරාජිකය වේ.
රහොවත්ථූසු – රහො උල්ලපතීති “රහොගතො අරහා අහ”න්ති වදති, න මනසා චින්තිතමෙව කරොති. තෙනෙත්ථ දුක්කටං වුත්තං.
රහෝ වස්තූන්හි ‘රහො උල්ලපති’ රහසිගතව ‘මම රහත්මි’යි කියයි. සිතින් සිතන ලද්දක්ම නො කරයි. එහෙයින් මෙහි දුක්කටය වදාරණ ලදී.
විහාරවත්ථු උපට්ඨානවත්ථු ච වුත්තනයමෙව.
විහාරවස්තුව හා උපට්ඨාන වස්තුව ද කියූ නය ඇත්තේමය.
න දුක්කරවත්ථුස්මිං – තස්ස භික්ඛුනො අයං ලද්ධි – “අරියපුග්ගලාව භගවතො සාවකා”ති. තෙනාහ – “යෙ ඛො තෙ භගවතො සාවකා තෙ එවං වදෙය්යු”න්ති. යස්මා චස්ස අයමධිප්පායො – “සීලවතා ආරද්ධවිපස්සකෙන න දුක්කරං අඤ්ඤං බ්යාකාතුං, පටිබලො සො අරහත්තං පාපුණිතු”න්ති. තස්මා “අනුල්ලපනාධිප්පායො අහ”න්ති ආහ.
න දුක්කර වස්තුවෙහි- ‘ආර්‍ය්‍ය පුද්ගලයෝම භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයෝයි ඒ මහණහුගේ මේ ලබ්ධිය වේ. එහෙයින් ‘යෙ ඛො තෙ භගවතො සාවකා තෙ එවං වදෙය්යුං’ යනු වදාළ සේක. සිල්වත් වූ පටන්ගත් විදසුන් ඇත්තහු විසින් රහත්බව පැවසීම දුෂ්කර නොවේ. හෙතෙමේ රහත් බවට පැමිණීමෙහි ප්‍රතිබල වේය’ යනු යම්හෙයකින් මොහුගේ මෙහි අදහස වේ ද, එහෙයින් ‘අනුල්ලපනාධිප්පායො අහං’ යනු වදාළ සේක.
වීරියවත්ථුස්මිං ආරාධනීයොති සක්කා ආරාධෙතුං සම්පාදෙතුං නිබ්බත්තෙතුන්ති අත්ථො. සෙසං වුත්තනයමෙව.
විරියවස්තුවෙහි ‘ආරාධනීයො’ සතුටු කරන්නට හැක්කේය. සපයන්නට උපදවන්නට හැක්කේය යන අර්‍ත්‍ථයි. සෙස්ස කියූ නය ඇත්තේමය.
මච්චුවත්ථුස්මිං සො භික්ඛු “යස්ස විප්පටිසාරො උප්පජ්ජති, සො භායෙය්ය. මය්හං පන අවිප්පටිසාරවත්ථුකානි පරිසුද්ධානි සීලානි, ස්වාහං කිං මරණස්ස භායිස්සාමී”ති එතමත්ථවසං පටිච්ච “නාහං ආවුසො මච්චුනො භායාමී”ති ආහ. තෙනස්ස අනාපත්ති.
මච්චු වස්තුවෙහි - ඒ මහණතෙමේ යමක්හට විපිළිසරයක් උපදී ද, හෙතෙමේ කියන්නේය. මාගේ වනාහි අවිප්රතිකාරවස්තුක ශීලය පිරිසිදුය. ඒ මම කිම, මරණයට බිය වන්නෙමි ද යි මේ අර්ත්ථය සඳහා ‘නාහං ආවුසො මච්චුනො භායාමි’යි කීයේය. එහෙයින් මේ මහණහුට ඇවැත් නොවේ.
විප්පටිසාරවත්ථුස්මිම්පි එසෙව නයො. තතො පරානි තීණි වත්ථූනි වීරියවත්ථුසදිසානෙව.
විප්පටිසාරවස්තුවෙහි ද මේ නයම වේ. ඉන් මතුවෙහි එන වස්තුත්‍රය විරියවස්තුව සමාන වේ.
වෙදනාවත්ථූසුපඨමස්මිං තාව සො භික්ඛු පටිසඞ්ඛානබලෙන අධිවාසනඛන්තියං ඨත්වා “නාවුසො සක්කා යෙන වා තෙන වා අධිවාසෙතු”න්ති ආහ. තෙනස්ස අනාපත්ති.
වෙදනා වස්තූන් අතුරෙහි ප්රථමවස්තුවෙහි වනාහි ඒ මහණ තෙමේ ප්රතිසඞ්ඛ්යාන නම් වූ ස්මෘති බලයෙන් අධිවාසනක්ෂාන්තියෙහි සිට ‘න ආවුසො සක්කා යෙන වා තෙන වා අධිවාසෙතුං’ ඇවැත්නි! යමකින් හෝ එයින් හෝ ඉවසන්නට නො හැක්කෙමියි කීයේය. එහෙයින් මේ මහණහුට ඇවැත් නොවේ.
දුතියෙ පන අත්තුපනායිකං අකත්වා “නාවුසො සක්කා පුථුජ්ජනෙනා”ති පරියායෙන වුත්තත්තා ථුල්ලච්චයං.
ද්වීතීයවස්තුවෙහි වනාහි අත්තූපනායික නොකොට ‘න සක්කා පුථුජ්ජනෙන’ ඇවැත්නි! පෘථග්ජනයා විසින් නො හැක්කේයයි පරියායයෙන් කියූ බැවින් ථුල්ලච්චය වේ.
බ්රාහ්මණවත්ථූසුසො කිර බ්රාහ්මණො න කෙවලං “ආයන්තු භොන්තො අරහන්තො”ති ආහ. යං යං පනස්ස වචනං මුඛතො නිග්ගච්ඡති, සබ්බං “අරහන්තානං ආසනානි පඤ්ඤපෙථ, පාදොදකං දෙථ, අරහන්තො පාදෙ ධොවන්තූ”ති අරහන්තවාදපටිසංයුත්තංයෙව. තං පනස්ස පසාදභඤ්ඤං සද්ධාචරිතත්තා අත්තනො සද්ධාබලෙන සමුස්සාහිතස්ස වචනං. තස්මා භගවා “අනාපත්ති, භික්ඛවෙ, පසාදභඤ්ඤෙ”ති ආහ. එවං වුච්චමානෙන පන භික්ඛුනා න හට්ඨතුට්ඨෙනෙව පච්චයා පරිභුඤ්ජිතබ්බා, “අරහත්තසම්පාපිකං පටිපදං පරිපූරෙස්සාමී”ති එවං යොගො කරණීයොති.
බ්රාහ්මණවස්තුවෙහි - ඒ බ්‍රාහ්මණ තෙමේ ‘ආයන්තු හොන්තො අරහන්තො’ පින්වත් රහත්හු එත්වා, යනු පමණක් නො කීයේය. ඔහුගේ මුඛයෙන් යම් යම් වචනයක් නිකුත් වේ ද, ඒ සියලු වචන ‘රහතුන්ට අසුන් පණවවු, පාදෝනා පැන් දෙවු, රහත්හු පා දොවත්වා’යි අරහන්තවාද ප්රතිසංයුක්තම වූයේය. ඒ වනාහි මොහු ශ්රද්ධාචරිතයකු බැවින් තමන්ගේ ශ්රද්ධාබලයෙන් තදින් උත්සාහවත් වූ මොහුගේ ප්‍රසාදයෙන් කියයුතු වූ වචනයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘අනාපත්ති භික්ඛවෙ පසාදභඤ්ඤෙ’යි වදාළ සේක. මෙසේ කියනු ලබන තුටු පහටු වූ ම මහණහු විසින් වනාහි සිවුපසය පරිභොග කටයුතුය. රහත් බවට පමුණුවන පිළිවෙත පුරන්නෙමි’යි මෙසේ යොග කටයුතුය.
අඤ්ඤබ්යාකරණවත්ථූනිසංයොජනවත්ථුසදිසානෙව. අගාරවත්ථුස්මිං සො භික්ඛු ගිහිභාවෙ අනත්ථිකතාය අනපෙක්ඛතාය “අභබ්බො ඛො ආවුසො මාදිසො”ති ආහ, න උල්ලපනාධිප්පායෙන. තෙනස්ස අනාපත්ති.
අඤ්ඤව්යාකරණ වස්තූහු සංයොජනවස්තු සමානම වෙත්. අගාර වස්තුවෙහි- ඒ මහණතෙමේ ගිහිබවෙහි ප්‍රයොජන රහිත බැවින් අපෙක්ෂාවක් නැති බැවින් ‘අභබ්බො ඛො ආවුසො මාදිසො’ ඇවැත්නි! මා වැනියෙක් අභව්‍ය මැ යි කීයේය. උත්තරිමනුෂ්යධර්මය පවසන අදහසින් නොවේ. එහෙයින් මොහුට ඇවැත් නොවේ.
ආවටකාමවත්ථුස්මිං සො භික්ඛු වත්ථුකාමෙසු ච කිලෙසකාමෙසු ච ලොකියෙනෙව ආදීනවදස්සනෙන නිරපෙක්ඛො. තස්මා “ආවටා මෙ ආවුසො කාමා”ති ආහ. තෙනස්ස අනාපත්ති. එත්ථ ච ආවටාති ආවාරිතා නිවාරිතා, පටික්ඛිත්තාති අත්ථො.
ආවටකාම වස්තුවෙහි - ඒ මහණතෙමේ වස්තුකාමයන්හි ද ක්ලෙශකාමයන්හි ද ලෞකික වූ ම ආදීනවදර්ශනයෙන් අපෙක්ෂා රහිත වූයේය. එහෙයින් ‘ආවටා මෙ ආවුසො කාමා’ ඇවැත්නි! මා විසින් කාමයෝ ආවරණය කරණ ලදහයි කීයේය. එහෙයින් මේ මහණහුට ඇවැත් නොවේ. මෙහි ද ‘ආවටා’ යනු වළකන ලද්දාහ, නිවාරණය කරන ලද්දාහ. බැහැර කරන ලද්දාහ. යන අර්‍ත්‍ථයි.
අභිරතිවත්ථුස්මිං සො භික්ඛු සාසනෙ අනුක්කණ්ඨිතභාවෙන උද්දෙසපරිපුච්ඡාදීසු ච අභිරතභාවෙන “අභිරතො අහං ආවුසො පරමාය අභිරතියා”ති ආහ, න උල්ලපනාධිප්පායෙන. තෙනස්ස අනාපත්ති.
අභිරති වස්තුවෙහි ඒ මහණතෙමේ සසුනෙහි නො කළකිරුණු බැවින් උදෙසීම් පිළිවිසීම් ආදියෙහි ද ඇලුනු බැවින් ‘අභිරතො අහං ආවුසො පරමාය අභිරතියා’ ඇවැත්නි! මම උත්තමාභිරතියෙන් ඇලුනෙමියි කීයේය. උත්තරිමනුෂ්යධර්මය පවසන අදහසින් නොවේ. එහෙයින් මේ මහණහුට ඇවැත් නොවේ.
පක්කමනවත්ථුස්මිං යො ඉමම්හා ආවාසා පඨමං පක්කමිස්සතීති එවං ආවාසං වා මණ්ඩපං වා සීමං වා යංකිඤ්චි ඨානං පරිච්ඡින්දිත්වා කතාය කතිකාය යො “මං අරහාති ජානන්තූ”ති තම්හා ඨානා පඨමං පක්කමති, පාරාජිකො හොති. යො පන ආචරියුපජ්ඣායානං වා කිච්චෙන මාතාපිතූනං වා කෙනචිදෙව කරණීයෙන භික්ඛාචාරත්ථං වා උද්දෙසපරිපුච්ඡානං වා අත්ථාය අඤ්ඤෙන වා තාදිසෙන කරණීයෙන තං ඨානං අතික්කමිත්වා ගච්ඡති, අනාපත්ති. සචෙපිස්ස එවං ගතස්ස පච්ඡා ඉච්ඡාචාරො උප්පජ්ජති “න දානාහං තත්ථ ගමිස්සාමි එවං මං අරහාති සම්භාවෙස්සන්තී”ති අනාපත්තියෙව.
පක්කමන වස්තුවෙහි - ‘යො ඉම්මහා ආවාසා පඨමං පක්කමිස්සති’ යමෙක් මේ ආවාසයෙන් පළමුකොට යන්නේදැයි මෙසේ ආවාසයක් හෝ මණ්ඩපයක් හෝ සීමාවක් හෝ යන යම්කිසි තැනක් පිරිසිඳ කළ කතිකාවකින් ‘යමෙක් මා රහත් යි දනිත්වා’යි ඒ ස්ථානයෙන් පළමුකොට යේ ද, හෙතෙමේ පාරාජික වේ. යමෙක් ආචාර්ය්යඋපාද්ධ්යායයන්ගේ කටයුත්තකින් හෝ මවුපියන් පිළිබඳ කිසියම් කටයුත්තකින් හෝ පිඬු සිඟා යෑම පිණිස හෝ උදෙසීම් පිළිවිසීම් පිණිස හෝ එවැනි අන් කටයුත්තකින් හෝ එතැන ඉක්මවා යේ ද, ඇවැත් නොවේ. ඉදින් එසේ ගියා වූ මේ මහණහුට පසුව ‘දැන් මම එහි නො යන්නෙමි, එසේ නො ගිය කල්හි මා රහත් යි සම්භාවනය කරන්නාහ’යි ඉච්ඡාචාරයෙක් උපදී නම් ඇවැත් නොවේමය.
යොපි කෙනචිදෙව කරණීයෙන තං ඨානං පත්වා සජ්ඣායමනසිකාරාදිවසෙන අඤ්ඤවිහිතො වා හුත්වා චොරාදීහි වා අනුබද්ධො මෙඝං වා උට්ඨිතං දිස්වා අනොවස්සකං පවිසිතුකාමො තං ඨානං අතික්කමති, අනාපත්ති. යානෙන වා ඉද්ධියා වා ගච්ඡන්තොපි පාරාජිකං නාපජ්ජති, පදගමනෙනෙව ආපජ්ජති. තම්පි යෙහි සහ කතිකා කතා, තෙහි සද්ධිං අපුබ්බංඅචරිමං ගච්ඡන්තො නාපජ්ජති. එවං ගච්ඡන්තා හි සබ්බෙපි අඤ්ඤමඤ්ඤං රක්ඛන්ති. සචෙපි මණ්ඩපරුක්ඛමූලාදීසු කිඤ්චි ඨානං පරිච්ඡින්දිත්වා “යො එත්ථ නිසීදති වා චඞ්කමති වා, තං අරහාති ජානිස්සාම” පුප්ඵානි වා ඨපෙත්වා “යො ඉමානි ගහෙත්වා පූජං කරිස්සති, තං අරහාති ජානිස්සාමා”තිආදිනා නයෙන කතිකා කතා හොති, තත්රාපි ඉච්ඡාචාරවසෙන තථා කරොන්තස්ස පාරාජිකමෙව. සචෙපි උපාසකෙන අන්තරාමග්ගෙ විහාරො වා කතො හොති, චීවරාදීනි වා ඨපිතානි හොන්ති, “යෙ අරහන්තො තෙ ඉමස්මිං විහාරෙ වසන්තු, චීවරාදීනි ච ගණ්හන්තූ”ති. තත්රාපි ඉච්ඡාචාරවසෙන වසන්තස්ස වා චීවරාදීනි වා ගණ්හන්තස්ස පාරාජිකමෙව . එතං පන අධම්මිකකතිකවත්තං , තස්මා න කාතබ්බං, අඤ්ඤං වා එවරූපං “ඉමස්මිං තෙමාසබ්භන්තරෙ සබ්බෙව ආරඤ්ඤකා හොන්තු, පිණ්ඩපාතිකඞ්ගාදිඅවසෙසධුතඞ්ගධරා වා අථ වා සබ්බෙව ඛීණාසවා හොන්තූ”ති එවමාදි. නානාවෙරජ්ජකා හි භික්ඛූ සන්නිපතන්ති. තත්ථ කෙචි දුබ්බලා අප්පථාමා එවරූපං වත්තං අනුපාලෙතුං න සක්කොන්ති. තස්මා එවරූපම්පි වත්තං න කාතබ්බං. “ඉමං තෙමාසං සබ්බෙහෙව න උද්දිසිතබ්බං, න පරිපුච්ඡිතබ්බං, න පබ්බාජෙතබ්බං, මූගබ්බතං ගණ්හිතබ්බං, බහි සීමට්ඨස්සාපි සඞ්ඝලාභො දාතබ්බො”ති එවමාදිකං පන න කාතබ්බමෙව.
යමෙක් යම්කිසි කටයුත්තකින් එතැනට පැමිණ හැදැරීම් මෙනෙහි කිරීම් ආදිවසයෙන් අන්යවිහිතව හෝ සොරු ආදීන් විසින් ලුහුබඳන ලද්දේ හෝ නැගී සිටි මෙඝයක් දැක හෝ නො තෙමෙන තැනකට පිවිසෙනු කැමතිව හෝ එතැන ඉක්මවා ද, ඇවැත් නොවේ. යානයකින් හෝ විද්යාමයඍද්ධියකින් හෝ යන්නේ ද පාරාජිකයට නො පැමිණේ. පා ගමනින්ම පාරාජිකයට පැමිණේ. එ ද යම්කෙනකුන් සමග කතිකා කරණ ලද්දී ද, ඔවුන් සමග පෙර පසු නො වී යනුයේ පාරාජිකයට නො පැමිණේ. මෙසේ යන්නා වූ සියල්ලෝම ඔවුනොවුන් රකිත්. ඉදිනුදු මණ්ඩප රුක් මුල් ආදීන් අතුරෙහි කිසි තැනක් පිරිසිඳ ‘යමෙක් මෙහි හිඳියි හෝ සක්මන් කරයි හෝ වේ ද, ඔහු රහත්’යි දන්නෙමු, මල් හෝ තබා ‘යමෙක් මේ මල් ගෙන පූජා කරන්නේ ද, ඔහු රහත් යි දන්නෙමු’යි යනාදි නයින් කතිකාවක් කරන ලද්දී වේ ද, එහිද ඉච්ඡාචාර වසයෙන් එසේ කරන්නහුට පාරාජිකයම වේ. ඉදින් උපාසකයකු විසින් ‘යම්කෙනෙක් රහත්හු වෙත් ද, ඔවුහු මේ වෙහෙර වෙසෙත්වා, පා සිවුරු ආදිය හෝ ගණිත්වා’යි අතරමග විහාරයක් කරන ලද්දේ ද, තුන් සිවුරු ආදීහු හෝ තබන ලද්දාහු වෙත් ද, එහි ද ඉච්ඡාචාර වසයෙන් වසන්නහුට ද සිවුරු ආදිය ගන්නහුට ද පාරාජිකයම වේ. මේ වනාහි නො දැහැමි කතිකාවතෙකි. එහෙයින් නො කටයුතුය. ‘මේ තෙමස තුළ සියල්ලෝම ආරණ්‍යක වෙත්වා, පිණ්ඩපාතාඞ්ගාදි අවශෙෂ ධුතඞ්ගධරයෝ හෝ වෙත්වා නොහොත් සියල්ලෝම රහත්හු වෙත්වා, යනාදී වූ මෙවැනි අනෙකක් හෝ නො කටයුතුය. නොයෙක් දනවු වැසි භික්ෂූහු රැස් වෙත්. ඔවුන් අතුරෙහි කිසි කෙනෙක් දුර්වල වූවාහු මද ශක්ති ඇත්තාහු මෙවැනි වත් රකින්නට අපොහොසත් වෙත් ද එහෙයින් මෙවැනි ව්‍රත නො කටයුතුය. මේ තෙමස මුළුල්ලෙහි සියල්ලන් විසින්ම නො උදෙසිය යුතුය. නො විචාළ යුතුය. පැවිදි නො කටයුතුය. මුගව්රතය ගත යුතුය. සීමාවෙන් පිටත සිටියහුට ද මහලු පිළිවෙළින් තමහට පැමිණිය යුතු සඞ්ඝලාභය දිය යුතුය යන මේ ආදිය නො කටයුතුය.
ලක්ඛණසංයුත්තෙ ය්වායං ආයස්මා ච ලක්ඛණොති ලක්ඛණත්ථෙරො වුත්තො, එස ජටිලසහස්සස්ස අබ්භන්තරෙ එහිභික්ඛූපසම්පදාය උපසම්පන්නො ආදිත්තපරියායාවසානෙ අරහත්තප්පත්තො එකො මහාසාවකොති වෙදිතබ්බො. යස්මා පනෙස ලක්ඛණසම්පන්නෙන සබ්බාකාරපරිපූරෙන බ්රහ්මසමෙන අත්තභාවෙන සමන්නාගතො, තස්මා ලක්ඛණොති සඞ්ඛං ගතො. මහාමොග්ගල්ලානත්ථෙරො පන පබ්බජිතදිවසතො සත්තමෙ දිවසෙ අරහත්තප්පත්තො දුතියො අග්ගසාවකො.
ලක්ඛණසංයුත්ත - ‘ය්වායං ආයස්මා ච ලක්ඛණො’ මෙයින් ලක්ෂණ ස්ථවිර තෙමේ දක්වන ලද්දේය මෙතෙමේ ජටිලයන් දහසට ඇතුළත් වූ එහිභික්ඛු උපසම්පදාවෙන් උපසපන් වූ ආදිත්තපරියාය සූත්‍ර දේශනාවසානයෙහි රහත් බවට පැමිණි එක් මහාශ්රාවකයෙකැයි දතයුතුය. යම්හෙයකින් මේ ස්ථවිරතෙමේ පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ හැම අයුරින් පරිපූර්ණ වූ බ්‍රහ්මාත්මභාවය සමාන වූ ආත්මභාවයෙන් යුක්ත වූයේ ද, එහෙයින් ලක්ෂණයි ප්‍රසිද්ධියට ගියේය. මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වනාහි පැවිදි වූ දිනයෙන් සත්වන දිනයෙහි රහත්බවට පැමිණියාහු දෙවන අගසවු වූහ.
සිතං පාත්වාකාසීති මන්දහසිතං පාතුඅකාසි, පකාසයි දස්සෙසීති වුත්තං හොති. කිං පන දිස්වා ථෙරො සිතං පාත්වාකාසීති? උපරි පාළියං ආගතං අට්ඨිකසඞ්ඛලිකං එකං පෙතලොකෙ නිබ්බත්තං සත්තං දිස්වා, තඤ්ච ඛො දිබ්බෙන චක්ඛුනා, න පසාදචක්ඛුනා. පසාදචක්ඛුස්ස හි එතෙ අත්තභාවා න ආපාථං ආගච්ඡන්ති. එවරූපං පන අත්තභාවං දිස්වා කාරුඤ්ඤෙ කාතබ්බෙ කස්මා සිතං පාත්වාකාසීති? අත්තනො ච බුද්ධඤාණස්ස ච සම්පත්තිසමනුස්සරණතො. තඤ්හි දිස්වා ථෙරො “අදිට්ඨසච්චෙන නාම පුග්ගලෙන පටිලභිතබ්බා එවරූපා අත්තභාවා මුත්තො අහං, ලාභා වත මෙ, සුලද්ධං වත මෙ”ති අත්තනො ච සම්පත්තිං අනුස්සරිත්වා “අහො බුද්ධස්ස භගවතො ඤාණසම්පත්ති, යො ‘කම්මවිපාකො, භික්ඛවෙ, අචින්තෙය්යො; න චින්තෙතබ්බො’ති (අ· නි· 4.77) දෙසෙසි, පච්චක්ඛං වත කත්වා බුද්ධා දෙසෙන්ති, සුප්පටිවිද්ධා බුද්ධානං ධම්මධාතූ”ති එවං බුද්ධඤාණසම්පත්තිඤ්ච සරිත්වා සිතං පාත්වාකාසීති. යස්මා පන ඛීණාසවා නාම න අකාරණා සිතං පාතුකරොන්ති, තස්මා තං ලක්ඛණත්ථෙරො පුච්ඡි – “කො නු ඛො ආවුසො මොග්ගල්ලාන හෙතු, කො පච්චයො සිතස්ස පාතුකම්මායා”ති. ථෙරො පන යස්මා යෙහි අයං උපපත්ති සාමං අදිට්ඨා, තෙ දුස්සද්ධාපයා හොන්ති, තස්මා භගවන්තං සක්ඛිං කත්වා බ්යාකාතුකාමතාය “අකාලො ඛො, ආවුසො”තිආදිමාහ . තතො භගවතො සන්තිකෙ පුට්ඨො “ඉධාහං ආවුසො”තිආදිනා නයෙන බ්යාකාසි.
‘සිතං පාත්වාකාසි’ මහසිනාවක් පහළ කළහ. ප්‍රකාශ කළහ. දැක්වූහයි කියන ලද්දේ වේ. කුමක් දැක ස්ථවිරයන් වහන්සේ සිනහ පහළ කළ සේක් ද යත්:- උපරිපාළියෙහි දැක්වූ ප්‍රෙත ලෝකයෙහි උපන් ඇටසැකිල්ලක් වූ එක් සත්ත්වයකු දැකය. ඒ ප්‍රේතයා දිවැසින් දැකීමෙනි. ප්රසාදචක්ෂුසින් දැක නොවේ. මේ ආත්මභාවයෝ වනාහි ප්‍රසාද චක්‍ෂුසෙහි ඉදිරියට නො පැමිණෙති. මෙබඳු ආත්මභාවයක් ද දැක කරුණාව එළවිය යුතු තන්හි කුමක් හෙයින් සිනහ පහළ කළ සේක් ද යත්:- තමන්ගේ ද බුද්ධඥානයාගේ ද සම්පත්තිය මැනැවින් සිහි කිරීමෙනි. ස්ථවිරයන් වහන්සේ ඒ ප්රෙතරූපය දැක ‘නො දත් සිවුසස් ඇති පුද්ගලයා විසින් පිළිලැබිය යුතු මෙබඳු ආත්මභාවයෙන් මම මිදුනෙමි, එකාන්තයෙන් මට වූයේ ලාභයෙකි, එකාන්තයෙන් මා විසින් ලද්දේ මනාය යි තමන්ගේ සම්පත්තිය සිහිකොට භාග්‍යවතුන් වහන්සේගේ ඥානසම්පත්තිය ආශ්චර්‍ය්‍යය. යම්කෙනෙක් ‘මහණෙනි! කර්මවිපාකය නො සිතිය හැකිය, නො සිතිය යුතුය’යි දෙසූ සේක් ද එකාන්තයෙන් බුදුවරයෝ ප්රත්යක්ෂ කොට දේශනා කරන සේක. බුදුවරයන් විසින් සර්වඥතාඥානය මැනැවින් අවබොධ කරන ලද්දේය යි මෙසේ බුදුරජාණන් වහන්සේගේ ඥානසම්පත්තිය ද සිහිකොට සිනහ පහළ කළහ. ක්ෂීණාස්රවයෝ යම්හෙයකින් නිකරුණේ සිනහ පහළ නො කෙරෙත් ද, එහෙයින් ලක්ෂණ ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත! මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස! සිනහ පහළ කිරීමෙහි හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේදැයි විචාළාහුය. මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වනාහි යම්හෙයකින් යම්කෙනකුන් විසින් මේ උත්පත්තිය තමන් විසින් නො දක්නා ලද ද, ඔවුහු ඇදහැවිය නො හැක්කහු වෙත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂිකොට පවසනු කැමැත්තෙන් ‘අකාලො ඛො ආවුසො’ යනාදිය කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී විචාරණ ලද්දාහු ‘ඉදාහං ආවුසො’ යනාදි නයින් එය ප්‍රකාශ කළහ.
තත්ථ අට්ඨිකසඞ්ඛලිකන්ති සෙතං නිම්මංසලොහිතං අට්ඨිසඞ්ඝාතං. ගිජ්ඣාපි කාකාපි කුලලාපීති එතෙපි යක්ඛගිජ්ඣා චෙව යක්ඛකාකා ච යක්ඛකුලලා ච පච්චෙතබ්බා. පාකතිකානං පන ගිජ්ඣාදීනං ආපාථම්පි එතං රූපං නාගච්ඡති. අනුපතිත්වා අනුපතිත්වාති අනුබන්‍ධිත්‍වා අනුබන්‍ධිත්‍වා. විතුඩෙන්තීති විනිවිජ්ඣිත්වා ගච්ඡන්ති. විතුදෙන්තීති වා පාඨො, අසිධාරූපමෙහි තිඛිණෙහි ලොහතුණ්ඩෙහි විජ්ඣන්තීති අත්ථො. සා සුදං අට්ටස්සරං කරොතීති එත්ථ සුදන්ති නිපාතො, සා අට්ඨිකසඞ්ඛලිකා අට්ටස්සරං ආතුරස්සරං කරොතීති අත්ථො. අකුසලවිපාකානුභවනත්ථං කිර යොජනප්පමාණාපි තාදිසා අත්තභාවා නිබ්බත්තන්ති, පසාදුස්සදා ච හොන්ති පක්කගණ්ඩසදිසා; තස්මා සා අට්ඨිකසඞ්ඛලිකා බලවවෙදනාතුරා තාදිසං සරමකාසීති. එවඤ්ච පන වත්වා පුන ආයස්මා මහාමොග්ගල්ලානො “වට්ටගාමිකසත්තා නාම එවරූපා අත්තභාවා න මුච්චන්තී”ති සත්තෙසු කාරුඤ්ඤං පටිච්ච උප්පන්නං ධම්මසංවෙගං දස්සෙන්තො “තස්ස මය්හං ආවුසො එතදහොසි; අච්ඡරියං වත භො”තිආදිමාහ.
එහි ‘අට්ඨිසඞ්ඛලිකං’ සුදු, මස් ලේ නැති ඇටසැකිල්ලක් ‘ගිජ්ඣාපි කාකාපි කුල්ලාපි’ මොවුහු ද යක් ගිජුලිහිණියෝ ය, යක් කවුඩෝ ය, යක් උකුස්සෝ යි දතයුත්තාහු ය. පියවි ගිජුලිහිණි ආදීන්ගේ ඉදිරියට මේ රූපය නො පැමිණේ. ‘අනුපතිත්වා අනුපතිත්වා’ ලුහුබැඳ ලුහුබැඳ. ‘විතුද්ධෙන්ති’ විනිවිදැ යෙත්. ‘විතුදෙන්ති’ යි හෝ පාඨයි. කඩු මුවහත් වැනි දියුණු වූ ලෝ තුඩින් විදිත් යන අර්‍ත්‍ථයි. ‘සා සුදං අට්ටස්සරං කරොති’ මෙහි සුදං යනු නිපාතයි. ඒ ප්‍රෙත ඇටසැකිල්ල බැගෑපත් හඬ පෙළුනු හඬ කෙරේය යන අර්‍ත්‍ථයි. අකුශල විපාක අනුභව කරනු පිණිස යොදුන් පමණ වූ ද එබඳු ආත්මභාවයෝ උපදින්නාහ. පැසුනු ගඩ සමාන වූ බලවත්ව නැගුනු කායප්රසාදයෝ වෙති. එහෙයින් ඒ ඇටසැකිල්ල බලවත් වේදනාවෙන් ආතුරව එබඳු හඬ නැගුය. මෙසේද වදාරා ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සසර සැරිසරණ සත්ත්වයෝ නම් එබඳු ආත්මභාවයෙන් නො මිදෙතී යි සත්ත්වයන් කෙරෙහි වූ කරුණාව නිසා උපන් ධර්ම සංවේගය දක්වන සේක් ‘තස්ස මය්හං ආවුසො එතදහොසි අච්ඡරියං වත හො’ යනාදිය වදාළාහුය.
භික්ඛූ උජ්ඣායන්තීති යෙසං සා පෙතූපපත්ති අප්පච්චක්ඛා, තෙ උජ්ඣායන්ති . භගවා පන ථෙරස්සානුභාවං පකාසෙන්තො “චක්ඛුභූතා වත භික්ඛවෙ සාවකා විහරන්තී”තිආදිමාහ. තත්ථ චක්ඛු භූතං ජාතං උප්පන්නං තෙසන්ති චක්ඛුභූතා; භූතචක්ඛුකා උප්පන්නචක්ඛුකා, චක්ඛුං උප්පාදෙත්වා, විහරන්තීති අත්ථො. දුතියපදෙපි එසෙව නයො. යත්ර හි නාමාති එත්ථ යත්රාති කාරණවචනං. තත්රායමත්ථයොජනා; යස්මා නාම සාවකොපි එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති, තස්මා අවොචුම්හ – “චක්ඛුභූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති, ඤාණභූතා වත භික්ඛවෙ සාවකා විහරන්තී”ති.
‘භික්ඛූ උජ්ඣායන්ති’ යම් කෙනෙකුන්හට ඒ ප්රෙතොත්පත්තිය ප්රත්යක්ෂ නො වූවා ද, එහෙයින් ඔවුහු අවමන් කරත්. භාග්‍යවතුන් වහන්සේ වනාහි තෙරුන්ගේ ආනුභාවය වදාරණ සේක් ‘චක්ඛුභූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති’ යනාදිය වදාළ සේක. එහි ඔවුන්ට ඇස වූයේ හටගත්තේ උපන්නේ නු යි චක්ඛුභූත නම්. හටගත් ඇස් ඇත්තාහු උපන් ඇස් ඇත්තාහු දිවැස උපදවා වාසය කෙරෙති, යන අර්‍ත්‍ථයි. දෙවන පදයෙහි ද මේ නයම වේ. ‘යත්ර හි නාම’ මෙහි යත්ර යනු කාරණවචනයි. එහි මේ අර්ත්ථයොජනාය:- යම්හෙයකින් නම් ශ්‍රාවකයෙක් මෙවැන්නක් දන්නේ හෝ වේ ද, දක්නේ හෝ වේ ද, සාක්ෂි හෝ කරන්නේ ද, එහෙයින් ‘මහණෙනි! එකාන්තයෙන් ශ්‍රාවකයෝ උපන් දිවැස් ඇතිව වසත්. මහණෙනි! එකාන්තයෙන් ශ්‍රාවකයෝ උපන් දිව්‍යඥානය ඇතිව වසත්’යි කීමු යනුය.
පුබ්බෙව මෙ සො භික්ඛවෙ සත්තො දිට්ඨොති බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතඤාණප්පටිවෙධෙන අප්පමාණෙසු චක්කවාළෙසු අප්පමාණෙ සත්තනිකායෙ භවගතියොනිඨිතිනිවාසෙ ච පච්චක්ඛං කරොන්තෙන මයා පුබ්බෙව සො සත්තො දිට්ඨොති වදති.
‘පුබ්බෙව මෙ සො භික්ඛවෙ! සත්තො දිට්ඨො’ බෝමැඩ දී සර්වඥතාඥානප්රතිවෙධයෙන් අප්‍රමාණ චක්‍රවාටයන්හි අප්‍රමාණ සත්ත්ව සමූහයෙහි භවගතියොනිවිඥාන ස්ථිති නිවාසයන් ප්රත්යක්ෂ කරන්නා වූ මා විසින් පෙරම ඒ සත්ත්ව තෙමේ දක්නා ලද්දේයයි වදාරණ සේක.
ගොඝාතකොති ගාවො වධිත්වා වධිත්වා අට්ඨිතො මංසං මොචෙත්වා වික්කිණිත්වා ජීවිකකප්පනකසත්තො. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙනාති තස්ස නානාචෙතනාහි ආයූහිතස්ස අපරාපරියකම්මස්ස. තත්ර හි යාය චෙතනාය නරකෙ පටිසන්ධි ජනිතා, තස්සා විපාකෙ පරික්ඛීණෙ අවසෙසකම්මං වා කම්මනිමිත්තං වා ආරම්මණං කත්වා පුන පෙතාදීසු පටිසන්ධි නිබ්බත්තති, තස්මා සා පටිසන්ධි කම්මසභාගතාය වා ආරම්මණසභාගතාය වා “තස්සෙව කම්මස්ස විපාකාවසෙසො”ති වුච්චති. අයඤ්ච සත්තො එවං උපපන්නො. තෙනාහ – “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙනා”ති. තස්ස කිර නරකා චවනකාලෙ නිම්මංසකතානං ගුන්නං අට්ඨිරාසි එව නිමිත්තං අහොසි. සො පටිච්ඡන්නම්පි තං කම්මං විඤ්ඤූනං පාකටං විය කරොන්තො අට්ඨිසඞ්ඛලිකපෙතො ජාතො.
‘ගොඝාතකො’ ගෙරින් මරමරා ඇටින් මස් වෙන්කොට විකුණා ජීවිකාව කරන සත්ත්වතෙමේය. ‘තස්සෙව කම්මස්ස විපාකාවස්සෙන’ නානාවිධ චේතනාවන්ගෙන් රැස්කර ලද අපරාපර්ය්යවෙදනීය කර්ම ඇති ඒ ගෝඝාතකයාගේ යම්හෙයකින් යම් චේතනාවකින් ඒ නිරයෙහි ප්රතිසන්ධිය හටගත්තී ද, ඒ ප්රතිසන්ධියගේ විපාකය ගෙවී ගිය කල්හි සෙසු කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ අරමුණුකොට නැවත ප්රෙතයොනි ආදීන්හි ප්රතිසන්ධිය උපදී ද, එහෙයින් ඒ ප්රතිසන්ධිය, කර්මසභාගත්වයෙන් හෝ ආලම්බනසභාගත්වයෙන් හෝ එම කර්මයාගේ විපාකාවශෙෂයයි කියනු ලැබේ. මේ සත්ත්ව තෙමේ ද එසේ උපන්නේය. ‘තස්සෙව කම්මස්ස විපාකාවස්සෙන’ යනු එහෙයින් වදාළ සේක. ඔහුට වනාහි නරකයෙන් ච්‍යුතවන කල්හි මස් රහිත වූ ගවයන්ගේ ඇට රාසියක්ම නිමිත්ත වූයේය. හෙතෙමේ වැසී ගියා වූ ද ඒ කර්මය නුවණැත්තවුන්ට ප්‍රකට කරන්නා සේ ඇටසැකිලි ප්‍රේතයෙක් වූයේය.
මංසපෙසිවත්ථුස්මිං ගොඝාතකොති ගොමංසපෙසියො කත්වා සුක්ඛාපෙත්වා වල්ලූරවික්කයෙන අනෙකානි වස්සානි ජීවිකං කප්පෙසි. තෙනස්ස නරකා චවනකාලෙ මංසපෙසියෙව නිමිත්තං අහොසි. සො මංසපෙසිපෙතො ජාතො.
මංසපෙසිවස්තුවෙහි - ගොඝාතක තෙමේ මස් කපා වැදිලි කොට වියලා වියලි මස් විකිණීමෙන් අවුරුදු බොහෝ ගණනක් ජීවිකාව කෙළේය. එහෙයින් ඔහුට නරකයෙන් ච්‍යුතවන කල්හි මස්වැදිලිම නිමිත්ත වූයේය. හෙතෙමේ මාංසපෙශී ප්‍රෙතයෙක් වූයේය.
මංසපිණ්ඩවත්ථුස්මිං සො සාකුණිකො සකුණෙ ගහෙත්වා වික්කිණනකාලෙ නිප්පක්ඛචම්මෙ මංසපිණ්ඩමත්තෙ කත්වා වික්කිණන්තො ජීවිකං කප්පෙසි. තෙනස්ස නරකා චවනකාලෙ මංසපිණ්ඩොව නිමිත්තං අහොසි. සො මංසපිණ්ඩපෙතො ජාතො.
මංසපිණ්ඩවස්තුවෙහි - ඒ ලිහිනි වැදි තෙමේ පක්ෂීන් අල්ලාගෙන විකුණන කාලයෙහි ඒ පක්ෂීන් පියාපත් සම් රහිත කොට මස් පිඬු පමණකොට විකුණමින් ජීවිකාව කෙළේය. එහෙයින් ඔහුට නරකයෙන් ච්‍යුතවන කාලයෙහි මස්පිඬම නිමිත්ත වූයේය. හෙතෙමේ මංසපිණ්ඩප්රෙතයෙක් වූයේය.
නිච්ඡවිවත්ථුස්මිං තස්ස ඔරබ්භිකස්ස එළකෙ වධිත්වා නිච්චම්මෙ කත්වා කප්පිතජීවිකස්ස පුරිමනයෙනෙව නිච්චම්මං එළකසරීරං නිමිත්තමහොසි. සො නිච්ඡවිපෙතො ජාතො.
නිච්ඡවිවස්තුවෙහි - එළුවන් මරා සම් රහිත කොට කරණලද ජීවිකාව ඇති ඒ එළුවන් මැරූවහුට පළමු කියූ නයින්ම සම් රහිත එළු සිරුරක් නිමිත්ත වූයේය. හෙතෙමේ නිච්ඡවිප්රේතයෙක් වූයේය.
අසිලොමවත්ථුස්මිං සො සූකරිකො දීඝරත්තං නිවාපපුට්ඨෙ සූකරෙ අසිනා වධිත්වා වධිත්වා දීඝරත්තං ජීවිකං කප්පෙසි. තෙනස්ස උක්ඛිත්තාසිකභාවොව නිමිත්තං අහොසි. තස්මා අසිලොමපෙතො ජාතො.
අසිලොමවස්තුවෙහි - ඒ ඌරු වැදි තෙමේ බොහෝ කලක් තමන් වපුළ ගොදුරෙන් පොහොනියට ගිය ඌරන් කඩුවෙන් කපා මරා විකුණමින් ජීවිකාව කෙළේය. එහෙයින් ඔහුට එසවූ කඩු ඇති බවම නිමිත්ත වූයේය. එහෙයින් අසිලොම ප්‍රෙතයෙක් වූයේය.
සත්තිලොමවත්ථුස්මිං සො මාගවිකො එකං මිගඤ්ච සත්තිඤ්ච ගහෙත්වා වනං ගන්ත්වා තස්ස මිගස්ස සමීපං ආගතාගතෙ මිගෙ සත්තියා විජ්ඣිත්වා මාරෙසි, තස්ස සත්තියා විජ්ඣනකභාවොයෙව නිමිත්තං අහොසි. තස්මා සත්තිලොමපෙතො ජාතො.
සත්තිලොම වස්තුවෙහි ඒ මුව වැදිතෙමේ එක් මුවකු ද අඩයටියක් ද ගෙන වනයට ගොස් ඒ මුවාගේ සමීපයට ආ ආ මුවන් සැතින් විද මැරූයේය. ඔහුට සැතින් විදින්නකු බව ම නිමිත්ත වූයේය. එහෙයින් සත්තිලොමප්රෙතයෙක් වූයේය.
උසුලොමවත්ථුස්මිං කාරණිකොති රාජාපරාධිකෙ අනෙකාහි කාරණාහි පීළෙත්වා අවසානෙ කණ්ඩෙන විජ්ඣිත්වා මාරණකපුරිසො. සො කිර අසුකස්මිං පදෙසෙ විද්ධො මරතීති ඤත්වාව විජ්ඣති. තස්සෙවං ජීවිකං කප්පෙත්වා නරකෙ උප්පන්නස්ස තතො පක්කාවසෙසෙන ඉධූපපත්තිකාලෙ උසුනා විජ්ඣනභාවොයෙව නිමිත්තං අහොසි. තස්මා උසුලොමපෙතො ජාතො.
උසුලොම වස්තුවෙහි - ‘කාරණිකො’ යනු රාජාපරාධීන් අල්ලා නොයෙක් කම් කටොලුවලින් පෙළා අවසානයෙහි ඊයෙන් විද මරණ පුරුෂතෙමේය. හෙතෙමේ අසුවල් පෙදෙසට විදින ලද්දේ මැරේයයි දැනම මර්මස්ථානයට විදියි. මෙසේ ජීවිකාව කොට නිරයෙහි උපන් ඔහුට පැසී ඉතිරි වූ කර්මයාගේ වසයෙන් මෙහි උපදින කාලයෙහි ඊයෙන් විදිනබවම නිමිත්ත වූයේය. එහෙයින් උසුලොම ප්‍රෙතයෙක් වූයේය.
සූචිලොමවත්ථුස්මිං සාරථීති අස්සදමකො. ගොදමකොතිපි කුරුන්දට්ඨකථායංවුත්තං. තස්ස පතොදසූචියා විජ්ඣනභාවොයෙව නිමිත්තං අහොසි. තස්මා සූචිලොමපෙතො ජාතො.
සූචිලොම වස්තුවෙහි- ‘සාරථි’ අශ්වයන් දමනය කරන්නේය. ගවයන් දමනය කරන්නෙකැයි කුරුන්දිඅර්ත්ථකථාවෙහි කියන ලදී. ඔහුට කැවිටිහිදියෙන් විදින බවම නිමිත්ත වූයේය. එහෙයින් සූචිලොමප්රෙතයෙක් වූයේය.
දුතියසූචිලොමවත්ථුස්මිං සූචකොති පෙසුඤ්ඤකාරකො . සො කිර මනුස්සෙ අඤ්ඤමඤ්ඤඤ්ච භින්දි. රාජකුලෙ ච “ඉමස්ස ඉමං නාම අත්ථි, ඉමිනා ඉදං නාම කත”න්ති සූචෙත්වා සූචෙත්වා අනයබ්යසනං පාපෙසි. තස්මා යථානෙන සූචෙත්වා මනුස්සා භින්නා, තථා සූචීහි භෙදනදුක්ඛං පච්චනුභොතුං කම්මමෙව නිමිත්තං කත්වා සූචිලොමපෙතො ජාතො.
ද්විතීය සූචිලොම වස්තුවෙහි - ‘සූචකො’ ප්‍රියභාවය ශුන්‍ය කරන්නේය. හෙතෙමේ වනාහි මිනිසුන් ඔවුනොවුන් බිඳ හැරියේය. රජකුලයෙහි ද මොහුගේ මෙනම් ස්වභාවයක් ඇත්තේය, මොහු විසින් මෙනම් දෙයක් කරන ලදැ’යි කේලම් කිය කියා අනයව්‍යසනයට පත් කළේය. එහෙයින් යම්සේ මොහු විසින් ප්‍රියභාවය ශුන්‍ය කොට මනුස්යයෝ බිඳින ලද්දාහු ද, එහෙයින් හිදියෙන් බිඳින දුක අනුභව කරණු පිණිස ඒ කර්මයම නිමිත්ත කොට සූචිලොමප්රෙතයෙක් වූයේය.
අණ්ඩභාරිතවත්ථුස්මිං ගාමකූටොති විනිච්ඡයාමච්චො. තස්ස කම්මසභාගතාය කුම්භමත්තා මහාඝටප්පමාණා අණ්ඩා අහෙසුං. සො හි යස්මා රහො පටිච්ඡන්න ඨානෙ ලඤ්ජං ගහෙත්වා කූටවිනිච්ඡයෙන පාකටං දොසං කරොන්තො සාමිකෙ අස්සාමිකෙ අකාසි. තස්මාස්ස රහස්සං අඞ්ගං පාකටං නිබ්බත්තං. යස්මා දණ්ඩං පට්ඨපෙන්තො පරෙසං අසය්හං භාරං ආරොපෙසි, තස්මාස්ස රහස්සඞ්ගං අසය්හභාරො හුත්වා නිබ්බත්තං. යස්මා යස්මිං ඨානෙ ඨිතෙන සමෙන භවිතබ්බං, තස්මිං ඨත්වා විසමො අහොසි, තස්මාස්ස රහස්සඞ්ගෙ විසමා නිසජ්ජා අහොසීති.
අණ්ඩහාරිවස්තුවෙහි - ‘ගාමකූටො’ විනිශ්චයකාරක අමාත්‍ය තෙමේය. ඔහු කළ කර්මයට සමානභාවයෙන් ඔහුගේ අණ්ඩයෝ කුඹු පමණ මහාකළගෙඩි පමණ වූහ. හෙතෙමේ වනාහි යම්හෙයකින් රහසිගතව පිළිසන් තැන දී අල්ලස් ගෙණ කූට විනිශ්චයෙන් දොස් පළට කරමින් හිමියන් අහිමියන් කෙළේය. එහෙයින් ඔහුගේ රහස් අවයවය ප්රකටව උපන්නේය. යම්හෙයකින් දඩ පිහිටුවමින් දඩ ගස්වමින් අන්හට නො ඉවසිය හැකි බර නැංවී ද, එහෙයින් මොහුගේ රහසඟ නොඉවසිය හැකි බර ඇත්තක්ව හටගත්තේය. යම්හෙයකින් යම්තැනක සිටියහු විසින් සම විය යුත්තේ ද, එහි සිට විසම වූයේය. නො දැහැමි වූයේය. එහෙයින් මොහුගේ රහසඟෙහි හිඳීම් වසයෙන් විසම වූ පිහිටීම් ඇත්තේ වීය.
පාරදාරිකවත්ථුස්මිං සො සත්තො පරස්ස රක්ඛිතං ගොපිතං සස්සාමිකං ඵස්සං ඵුසන්තො මීළ්හසුඛෙන කාමසුඛෙන චිත්තං රමයිත්වා කම්මසභාගතාය ගූථඵස්සං ඵුසන්තො දුක්ඛමනුභවිතුං තත්ථ නිබ්බත්තො. දුට්ඨබ්රාහ්මණවත්ථු පාකටමෙව.
පාරදාරික වස්තුවෙහි - ඒ සත්ත්වතෙමේ අන්හු විසින් රක්නාලද ගොපනය කරනලද අන්හිමියනට අයත් වූ පහස පහසන්නේ ගූථසුඛය යි කියනු ලබන කාමසුඛයෙන් සිත අලවා කර්මසමානත්වයෙන් ගූථස්පර්ශය පහසමින් දුක් අනුභව කරන්නට එහි උපන්නේය. දුට්ඨබ්රාහ්මණ වස්තුව ප්‍රකටමය.
නිච්ඡවිත්ථිවත්ථුස්මිං යස්මා මාතුගාමො නාම අත්තනො ඵස්සෙ අනිස්සරො, සා ච තං සාමිකස්ස සන්තකං ඵස්සං ථෙනෙත්වා පරෙසං අභිරතිං උප්පාදෙසි, තස්මා කම්මසභාගතාය සුඛසම්ඵස්සා ධංසිත්වා දුක්ඛසම්ඵස්සං අනුභවිතුං නිච්ඡවිත්ථී හුත්වා උපපන්නා.
නිච්ඡවි වස්තුවෙහි - යම්හෙයකින් මාගම සස්වාමික බැවින් තමන්ගේ පහසෙහි ඊශ්වර නො වේ ද, ඕ තොමෝ ද හිමියා සතු පහස සොරකම්කොට අන්හට ඇල්ම ඉපද වූවා ද, එහෙයින් කර්මසමානත්වයෙන් සුවපහසින් පිරිහී දුක්පහස විඳීමට සිවිරහිත ස්ත්‍රියක්ව උපන්නීය. මඞ්ගුලිර්ත්ථ වස්තුවෙහි
මඞ්ගුලිත්ථිවත්ථුස්මිං මඞ්ගුලින්ති විරූපං දුද්දසිකං බීභච්ඡං, සා කිර ඉක්ඛණිකාකම්මං යක්ඛදාසිකම්මං කරොන්තී “ඉමිනා ච ඉමිනා ච එවං බලිකම්මෙ කතෙ අයං නාම තුම්හාකං වඩ්ඪි භවිස්සතී”ති මහාජනස්ස ගන්ධපුප්ඵාදීනි වඤ්චනාය ගහෙත්වා මහාජනං දුද්දිට්ඨිං මිච්ඡාදිට්ඨිං ගණ්හාපෙසි, තස්මා තාය කම්මසභාගතාය ගන්ධපුප්ඵාදීනං ථෙනිතත්තා දුග්ගන්ධා දුද්දස්සනස්ස ගාහිතත්තා දුද්දසිකා විරූපා බීභච්ඡා හුත්වා නිබ්බත්තා.
‘මඞ්ගුලිං’ විරූප වූ නො දැකිය හැකි බිහිසුණු වූ ඕ තොමෝ වනාහි ඉක්ඛණිකාකම්ම නම් වූ යක් දැසිකම් කරන්නී, ‘මේ මේ දැයින් මෙසේ බිලියම් කළ කල්හි තොපට මෙනම් වැඩීම වන්නේය’යි මහාජනයාගේ ගඳ මල් ආදිය රැවටීමෙන් ගෙන මහාජනයා ලවා නින්දිත දෘෂ්ටිය වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිය ගැන්වූය. එහෙයින් කර්මසමානත්වයෙන් සුවඳ මල් ආදිය සොරකම් කළ බැවින් දුගඳ ඇත්තී නපුරු දැකුම් ගැන්වූ බැවින් නපුරු දැකුම් ඇතිව විරූපව බිහිසුණුව උපන්නීය.
ඔකිලිනිවත්ථුස්මිං උප්පක්කං ඔකිලිනිං ඔකිරිනින්ති සා කිර අඞ්ගාරචිතකෙ නිපන්නා විප්ඵන්දමානා විපරිවත්තමානා පච්චති, තස්මා උප්පක්කා චෙව හොති ඛරෙන අග්ගිනා පක්කසරීරා; ඔකිලිනී ච කිලින්නසරීරා බින්දුබින්දූනි හිස්සා සරීරතො පග්ඝරන්ති. ඔකිරිනී ච අඞ්ගාරසම්පරිකිණ්ණා, තස්සා හි හෙට්ඨතොපි කිංසුකපුප්ඵවණ්ණා අඞ්ගාරා, උභයපස්සෙසුපි , ආකාසතොපිස්සා උපරි අඞ්ගාරා පතන්ති, තෙන වුත්තං – “උප්පක්කං ඔකිලිනිං ඔකිරිනි”න්ති. සා ඉස්සාපකතා සපත්තිං අඞ්ගාරකටාහෙන ඔකිරීති තස්සා කිර කලිඞ්ගරඤ්ඤො එකා නාටකිනී අඞ්ගාරකටාහං සමීපෙ ඨපෙත්වා ගත්තතො උදකඤ්ච පුඤ්ඡති, පාණිනා ච සෙදං කරොති. රාජාපි තාය සද්ධිං කථඤ්ච කරොති, පරිතුට්ඨාකාරඤ්ච දස්සෙති. අග්ගමහෙසී තං අසහමානා ඉස්සාපකතා හුත්වා අචිරපක්කන්තස්ස රඤ්ඤො තං අඞ්ගාරකටාහං ගහෙත්වා තස්සා උපරි අඞ්ගාරෙ ඔකිරි. සා තං කම්මං කත්වා තාදිසංයෙව විපාකං පච්චනුභවිතුං පෙතලොකෙ නිබ්බත්තා.
ඔකිලිනී වස්තුවෙහි - ‘උප්පක්කං ඔකිලිනිං ඔකිරිනිං’ යනු ඕ තොමෝ වනාහි අඟුරු සෑයෙක හොත්තී තදින් සැලෙන්නී ඔබමොබ පෙරළෙමින් පැසේ. එහෙයින් මතු මතුව ගින්නෙන් පැසුණී වේ ද, රළු ගින්නෙන් පැසුනු සිරුරු ඇත්තීම වේ. යට වැගිරීම් වසයෙන් තෙත් සිරුරු ඇත්තීය. මැයගේ සිරුරෙන් ඔජා බින්දු බින්දු වැගිරෙත්. ඔබමොබ අඟුරින් වටකරන ලද්දී අඟුරින් ගැවසුනීය. ඇගේ යටින් ද කෑලමල් පැහැති ගිනි අඟුරු වැටෙත්. එහෙයින් ‘උප්පක්කං ඔකිලිනිං ඔකිරිනිං’ යනු වදාළ සේක. ඕ තොමෝ ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද්දී සපත්තියක මත අඟුරු කබලක් හෙළුය. යනු ඇගේ ස්වාමී වූ කලිගු රජුගේ එක් නාටිකා ස්ත්‍රියක්තොමෝ අඟුරු කබලක් සමීපයෙහි තබා සිරුරෙන් දිය පිසදමයි. අතින් ද ඩහ ගන්වයි. රජතෙමේ ද ඇය හා කථා කරයි. සතුටු අයුරු ද දක්වයි. අගමෙහෙසීතොමෝ එය නො ඉවසන්නී ඊර්ෂ්‍යාවෙන් මැඩුනී රජු එතැනින් නැගී ගිය නොබෝ වේලාවක දී ඒ අඟුරු කබල ගෙන ඇයගේ මතුවෙහි අඟුරු වැගිර වූය. ඕ තොමෝ ඒ කර්මය කොට එබඳු වූ ම විපාක විඳින්නට ප්රෙතලොකයෙහි උපන්නීය.
චොරඝාතකවත්ථුස්මිං සො රඤ්ඤො ආණාය දීඝරත්තං චොරානං සීසානි ඡින්දිත්වා පෙතලොකෙ නිබ්බත්තන්තො අසීසකං කබන්ධං හුත්වා නිබ්බත්ති.
චොරඝාතක වස්තුවෙහි - හෙතෙමේ රජුගේ අණින් බොහෝ කාලයක් සොරුන්ගේ හිස් සිඳ ප්රෙතලොකයෙහි ඉපැදෙනුයේ හිස නැති ක්‍රියා සහිත ශරීරයක් ඇතිව උපන්නේය.
භික්ඛුවත්ථුස්මිං පාපභික්ඛූති ලාමකභික්ඛු. සො කිර ලොකස්ස සද්ධාදෙය්යෙ චත්තාරො පච්චයෙ පරිභුඤ්ජිත්වා කායවචීද්වාරෙහි අසං යතො භින්නාජීවො චිත්තකෙළිං කීළන්තො විචරි. තතො එකං බුද්ධන්තරං නිරයෙ පච්චිත්වා පෙතලොකෙ නිබ්බත්තන්තො භික්ඛුසදිසෙනෙව අත්තභාවෙන නිබ්බත්ති. භික්ඛුනී-සික්ඛමානා-සාමණෙර-සාමණෙරීවත්ථූසුපි අයමෙව විනිච්ඡයො.
භික්ඛු වස්තුවෙහි - ‘පාපභික්ඛු’ හීනාචාර ඇති බැවින් ලාමක මහණ තෙමේය. හෙතෙමේ වනාහි ලෝකයා විසින් ශ්‍රද්ධාවෙන් දෙන ලද සිවුපසය වළඳා කායවචීද්වාරයන්ගෙන් අසංයතව බිඳී ගිය ආජීවය ඇත්තේ සිතට රිසි කෙළි කෙළිමින් හැසිරුණේය. ඉන්පසු එක් බුද්ධාන්තරයක් නිරයෙහි පැසී ප්රෙතලොකයෙහි ඉපැදෙනුයේ මහණකු සමාන වූ ම ආත්මභාවයෙන් යුක්තව උපන්නේය. භික්ඛුණී - සික්ඛමානා සාමණේර සාමණෙරී වස්තූන්හි ද මේ විනිශ්චයම වේ.
තපොදාවත්ථුස්මිං අච්ඡොදකොති පසන්නොදකො. සීතොදකොති සීතලඋදකො. සාතොදකොති මධුරොදකො. සෙතකොති පරිසුද්ධො නිස්සෙවාලපණකකද්දමො. සුප්පතිත්ථොති සුන්දරෙහි තිත්ථෙහි උපපන්නො. රමණීයොති රතිජනකො. චක්කමත්තානීති රථචක්කප්පමාණානි. කුථිතා සන්දතීති තත්‍රා සන්තත්තා හුත්වා සන්දති. යතායං භික්ඛවෙති යතො අයං භික්ඛවෙ. සො දහොති සො රහදො. කුතො පනායං සන්දතීති? වෙභාරපබ්බතස්ස කිර හෙට්ඨා භුම්මට්ඨකනාගානං පඤ්චයොජනසතිකං නාගභවනං දෙවලොකසදිසං මණිමයෙන තලෙන ආරාමුය්යානෙහි ච සමන්නාගතං; තත්ථ නාගානං කීළනට්ඨානෙ සො උදකදහො, තතො අයං තපොදා සන්දති. ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡතීති රාජගහනගරං කිර ආවිඤ්ජෙත්වා මහාපෙතලොකො, තත්ථ ද්වින්නං මහාලොහකුම්භිනිරයානං අන්තරෙන අයං තපොදා ආගච්ඡති, තස්මා කුථිතා සන්දතීති.
තපොද වස්තුවෙහි - ‘අච්ඡොදකො’ පහන්දිය ඇත්තේය. ‘සීතොදකො’ සිහිල් දිය ඇත්තේය. ‘සාතොදකො’ මිහිරිදිය ඇත්තේය. ‘සෙතකො’ පිරිසිදුය. තිලබීජකාදිභෙද ඇති සෙවෙලින් හා නිල්මැඩිපිට පැහැයෙන් දිය පිට වසා හටගත් පණක නම් සෙවෙලින් හා මඩෙන් ද තොර වූයේය. ‘සුපතිත්ථො’ සොදුරු තොටුපලින් යුක්ත වූයේය. ‘රමණීයො’ ඇලීම උපදවන්නේය. ‘චක්කමත්තාති’ රියසක් පමණ වූ ‘කඨිතා සන්දති’ කැකෑරී ඉතා තදින් කැකෑරී ගලාබසියි. ‘යතායං භික්ඛවෙ’ මහණෙනි! යම්හෙයකින් මේ ‘සො දහො’ ඒ විල. කොතැනින් මේ විල ගලා බසී ද යත්:- වෙහාර පර්වතයාගේ යට බූමාටුනයින්ගේ පන්සියයක් යොදුන් ඇති දෙව්ලොව සමාන වූ මිණිමුවා තෙලින් හා අරම්උයනින් යුක්ත වූ නාග භවනයෙක් වේ. එහි නාගයන්ගේ කෙළිබිමෙහි ඒ දියවිල පිහිටියේය. එතැනින් මේ තපොදාවිල ගලා බසියි. ‘ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති’ රජගහ නුවර වට කොට මහාප්රෙතලොකයක් වේ. එහි මහත් වූ ලෝකුඹු නිරය දෙකක් අතරින් මේ තපොදාව එන්නීය. එහෙයින් කැකෑරී ගලා බසියි.
යුද්ධවත්ථුස්මිං නන්දී චරතීති විජයභෙරී ආහිණ්ඩති. රාජා ආවුසො ලිච්ඡවීහීති ථෙරො කිර අත්තනො දිවාට්ඨානෙ ච රත්තිට්ඨානෙ ච නිසීදිත්වා “ලිච්ඡවයො කතහත්ථා කතූපාසනා, රාජා ච තෙහි සද්ධිං සම්පහාරං දෙතී”ති ආවජ්ජෙන්තො දිබ්බෙන චක්ඛුනා රාජානං පරාජිතං පලායමානං අද්දස. තතො භික්ඛූ ආමන්තෙත්වා “රාජා ආවුසො තුම්හාකං උපට්ඨාකො ලිච්ඡවීහි පභග්ගො”ති ආහ. සච්චං, භික්ඛවෙ, මොග්ගල්ලානො ආහාති පරාජිකකාලෙ ආවජ්ජිත්වා යං දිට්ඨං තං භණන්තො සච්චං ආහ.
යුද්ධ වස්තුවෙහි - ‘නන්දී චරති’ ජයබෙරය ගෙණ හැසිරේ. ‘රාජා ආවුසො ලිච්ඡවි’ ස්ථවිරයන් වහන්සේ තමන්ගේ දිවා තන්හි හා රෑ තන්හි හිඳ ‘ලිච්ඡවීහු ධනුශ්ශිල්පයෙහි අති දක්ෂයහ. රාජකුලාදියෙහි දක්වන ලද ශිල්ප ඇත්තාහ. බිම්සර රජතෙමේ ද ඔවුන් සමග පහර දේය’යි ආවර්ජනය කරන්නහු රජු පැරදී පලායන්නහු දිවැසින් දුටහ. ඉක්බිති භික්ෂූන් අමතා ‘ඇවැත්නි! තොපගේ උපස්ථායක වූ රජතෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලදැ’යි කීහ. ‘සච්චං භික්ඛවෙ මොග්ගල්ලානො ආභ’ පැරදුනු කාලය ආවර්ජනය කොට යමක් දක්නා ලදද, එය කියනුයේ ඇත්ත කීයේය.
නාගොගාහවත්ථුස්මිං සප්පිනිකායාති එවංනාමිකාය. ආනෙඤ්ජං සමාධින්ති අනෙජං අචලං කායවාචාවිප්ඵන්දවිරහිතං චතුත්ථජ්ඣානසමාධිං. නාගානන්ති හත්ථීනං. ඔගය්හ උත්තරන්තානන්ති ඔගය්හ ඔගාහෙත්වා පුන උත්තරන්තානං. තෙ කිර ගම්භීරං උදකං ඔතරිත්වා තත්ථ න්හත්වා ච පිවිත්වා ච සොණ්ඩාය උදකං ගහෙත්වා අඤ්ඤමඤ්ඤං ආලොලෙන්තා උත්තරන්ති, තෙසං එවං ඔගය්හ උත්තරන්තානන්ති වුත්තං හොති. කොඤ්චං කරොන්තානන්ති නදීතීරෙ ඨත්වා සොණ්ඩං මුඛෙ පක්ඛිපිත්වා කොඤ්චනාදං කරොන්තානං. සද්දං අස්සොසින්ති තං කොඤ්චනාදසද්දං අස්සොසිං. අත්ථෙසො, භික්ඛවෙ, සමාධි සො ච ඛො අපරිසුද්ධොති අත්ථි එසො සමාධි මොග්ගල්ලානස්ස, සො ච ඛො පරිසුද්ධො න හොති. ථෙරො කිර පබ්බජිතතො සත්තමෙ දිවසෙ තදහුඅරහත්තප්පත්තො අට්ඨසු සමාපත්තීසු පඤ්චහාකාරෙහි අනාචිණ්ණවසීභාවො සමාධිපරිපන්ථකෙ ධම්මෙ න සුට්ඨු පරිසොධෙත්වා ආවජ්ජනසමාපජ්ජනාධිට්ඨානවුට්ඨානපච්චවෙක්ඛණානං සඤ්ඤාමත්තකමෙව කත්වා චතුත්ථජ්ඣානං අප්පෙත්වා නිසින්නො, ඣානඞ්ගෙහි වුට්ඨාය නාගානං සද්දං සුත්වා “අන්තොසමාපත්තියං අස්සොසි”න්ති එවංසඤ්ඤී අහොසි. තෙන වුත්තං – “අත්ථෙසො, භික්ඛවෙ, සමාධි; සො ච ඛො අපරිසුද්ධො”ති.
නාගොගාහ වස්තුවෙහි ‘සප්පිනිකාය’ මෙනම් ඇති ‘ආනෙඤ්ජං සමාධිං’ නො කැපෙන නො සැලෙන කය වචන දෙක්හි සැලීම් රහිත වූ චතුර්ත්ථද්ධ්යාන සමාධිය. ‘නාගානං’ ඇතුගේ ‘ඔගාහං උත්තරත්තානං’ බැස බැස නැවත ගොඩ නගින්නා වූ ඒ හස්තීහු ගැඹුරු දියට බැස එහි නා පැන් බී සොඬින් දිය ගෙන ඔවුනොවුන් අලළා ගොඩ නගිත්. මෙසේ බැස ගොඩ නගින ඔවුන්ගේයි කියන ලද්දේ වේ. ‘කොඤ්චං කරොන්තානං’, ගංඉවුරෙහි සිට සොඬ මුවෙහි බහා කුඤ්චනාද කරන්නවුන්ගේ ‘සද්දං අස්සොසි’ ඒ කුඤ්චනාද ශබ්දය ඇසීමි. ‘අත්ථෙසො භික්ඛවෙ සමාධි, සො ච අපරිසුද්ධො’ මුගලන්හට මේ සමාධිය ඇත්තේය. හෙ ද පිරිසිදු නොවේ. ස්ථවිරයන් වහන්සේ වනාහි පැවිද්දෙන් සත්වන දිනයෙහි එදවස රහත්බවට පැමිණියාහු අෂ්ටසමාපත්ති විෂයයෙහි පස්අයුරින් පුරුදු නො කළ වශීභාවය ඇත්තාහු සමාධියට සතුරු වූ ධර්මයන් මැනැවින් පිරිසිදු නො කොට, ආවජ්ජන - සමාපජ්ජන - අධිට්ඨාන - උට්ඨාන පච්චවෙක්ඛණවසිතාවන් පිළිබඳ හැඟීම් පමණක්ම කොට චතුර්ත්ථද්ධ්යානයට පැමිණ හුන්නාහු, ධ්යානාඞ්ගයන්ගෙන් නැගිට ඇතුන්ගේ ශබ්දය අසා සමාපත්තිය තුළදී ම ඇසීමියි මෙසේ හැඟීම් අත්තාහු වූහ. එහෙයින් ‘අත්ථෙසො භික්ඛවෙ සමාධි, සො ච ඛො අපරිසුද්ධො’ යනු වදාළ සේක.
සොභිතවත්ථුස්මිං අහං, ආවුසො, පඤ්ච කප්පසතානි අනුස්සරාමීති එකාවජ්ජනෙන අනුස්සරාමීති ආහ. ඉතරථා හි අනච්ඡරියං අරියසාවකානං පටිපාටියා නානාවජ්ජනෙන තස්ස තස්ස අතීතෙ නිවාසස්ස අනුස්සරණන්ති න භික්ඛූ උජ්ඣායෙය්යුං. යස්මා පනෙස “එකාවජ්ජනෙන අනුස්සරාමී”ති ආහ, තස්මා භික්ඛූ උජ්ඣායිංසු. අත්ථෙසා, භික්ඛවෙ, සොභිතස්ස, සා ච ඛො එකායෙව ජාතීති යං සොභිතො ජාතිං අනුස්සරාමීති ආහ, අත්ථෙසා ජාති සොභිතස්ස, සා ච ඛො එකායෙව අනන්තරා න උප්පටිපාටියා අනුස්සරිතාති අධිප්පායො.
සොභිත වස්තුවෙහි - ‘අහං ආවුසො පඤ්ච කප්පසතානි අනුස්සරාමි’ යන මෙයින් එකාවර්ජනයෙන් සිහි කරමි’යි කීය. අන් පරිද්දෙකින් වනාහි ආර්ය්යශ්රාවකයන්ගේ පිළිවෙළින්, නානා වර්ජනයන්ගෙන් අතීතයෙහි ඒ ඒ විසීම් සිහිකිරීම් ආශ්චර්‍ය්‍ය නොවේ යයි භික්ෂූහු අවමන් නො කරන්නාහුය. යම්හෙයකින් මෙතෙමේ වනාහි එකාවර්ජනයෙන් සිහිකරමි’යි කීයේ ද, එහෙයින් භික්ෂූහු අවමන් කළාහුය. ‘අත්ථෙසා භික්ඛවෙ සොභිතස්ස සා ච ඛො එකායෙව ජාති’ සොභිත තෙමේ යම් ජාතියක සිහිකරමි’යි කීයේ ද සොභිත මේ ජාතිය ඇත්තීය. ඕ තොමෝ ද එක්ම ජාතියකි. අතර රහිතව උපිළිවෙළින් සිහි නො කරන ලදය යන අදහස වේ.
කථං පනායං එතං අනුස්සරීති? අයං කිර පඤ්චන්නං කප්පසතානං උපරි තිත්ථායතනෙ පබ්බජිත්වා අසඤ්ඤසමාපත්තිං නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො කාලං කත්වා අසඤ්ඤභවෙ නිබ්බත්ති. තත්ථ යාවතායුකං ඨත්වා අවසානෙ මනුස්සලොකෙ උප්පන්නො සාසනෙ පබ්බජිත්වා තිස්සො විජ්ජා සච්ඡාකාසි. සො පුබ්බෙනිවාසං අනුස්සරමානො ඉමස්මිං අත්තභාවෙ පටිසන්ධිං දිස්වා තතො පරං තතියෙ අත්තභාවෙ චුතිමෙව අද්දස. අථ උභින්නමන්තරා අචිත්තකං අත්තභාවං අනුස්සරිතුං අසක්කොන්තො නයතො සල්ලක්ඛෙසි – “අද්ධාඅහං අසඤ්ඤභවෙ නිබ්බත්තො”ති. එවං සල්ලක්ඛෙන්තෙන පනානෙන දුක්කරං කතං, සතධා භින්නස්ස වාලස්ස කොටියා කොටි පටිවිද්ධා, ආකාසෙ පදං දස්සිතං. තස්මා නං භගවා ඉමස්මිංයෙව වත්ථුස්මිං එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පුබ්බෙනිවාසං අනුස්සරන්තානං යදිදං සොභිතො”ති (අ· නි· 1.219, 227).
කෙසේ වනාහි මෙතෙමේ මේ එක්ම ජාතියක් සිහි කෙළේ ද යත්:- මෙතෙමේ කප් පන්සියයකට පෙර තීර්ථායතනයෙක පැවිදිව අසංඥසමාපත්තිය උපදවා නො පිරිහුනු ධ්‍යාන ඇත්තේ කලුරියකොට අසංඥභවයෙහි උපන්නේය. එහි ආයු ඇතිතාක් සිට අවසානයෙහි මිනිස් ලොව උපන්නේ සසුනෙහි පැවිදිව ත්‍රිවිද්‍යාවන් සාක්ෂාත් කෙළේය. හෙතෙමේ පූර්වෙනිවාසය සිහිකරනුයේ මේ ආත්මභාවයෙහි ප්රතිසන්ධිය දැක ඉන් ඔබ තෙවන අත්බවෙහි ච්‍යුතිය පමණක්ම දුටු යේය. ඉක්බිති ඒ ච්‍යුති- ප්රතිසන්ධි දෙක අතර අචිත්තක ආත්මභාවය සිහි කරන්නට නො හැකිවනුයේ “එකාන්තයෙන් මම අසංඥීභවයෙහි උපන්මි’යි නය වසයෙන් සැලකුයේය. මෙසේ සලකන ඔහු විසින් දුෂ්කරයක් කරන ලද්දේය. සියක් වර පැළු අස්ලොම් කෙළවරින් කෙළවර අවබෝධ කරන ලද්දී ද, ඒ සමාන වේ. අහසෙහි පියවර දැක්වීම සමාන වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මේ වස්තුවෙහි ‘මහණෙනි! පූර්වෙනිවාසය සිහිකරන මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරෙහි යම් මේ සොභිත භික්ෂු නමක් වේ ද, මෙතෙමේ අග්‍ර වේය’යි එතදග්‍රයෙහි තැබූසේක.
විනීතවත්ථුවණ්ණනා නිට්ඨිතා.