යෙදුමෙන් කියවන්න

පදභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පදභාජනීයවණ‍්ණනා

පදභාජනීයවණ්ණනා

එවං උද‍්දිට‍්ඨසික‍්ඛාපදං පදානුක‍්කමෙන විභජිත්‍වා ඉදානි යස‍්මා හෙට‍්ඨා පදභාජනීයම‍්හි “ඣානං විමොක‍්ඛං සමාධි සමාපත‍්ති ඤාණදස‍්සනං…පෙ… සුඤ‍්ඤාගාරෙ අභිරතී”ති එවං සංඛිත‍්තෙනෙව උත‍්තරිමනුස‍්සධම‍්මො දස‍්සිතො, න විත්‍ථාරෙන ආපත‍්තිං ආරොපෙත්‍වා තන‍්ති ඨපිතා. සඞ‍්ඛෙපදස‍්සිතෙ ච අත්‍ථෙ න සබ‍්බෙ සබ‍්බාකාරෙන නයං ගහෙතුං සක‍්කොන‍්ති, තස‍්මා සබ‍්බාකාරෙන නයග‍්ගහණත්‍ථං පුන තදෙව පදභාජනං මාතිකාඨානෙ ඨපෙත්‍වා විත්‍ථාරතො උත‍්තරිමනුස‍්සධම‍්මං දස‍්සෙත්‍වා ආපත‍්තිභෙදං දස‍්සෙතුකාමො “ඣානන‍්ති පඨමං ඣානං, දුතියං ඣාන”න‍්තිආදිමාහ. තත්‍ථ පඨමජ‍්ඣානාදීහි මෙත‍්තාඣානාදීනිපි අසුභජ‍්ඣානාදීනිපි ආනාපානස‍්සතිසමාධිජ‍්ඣානම‍්පි ලොකියජ‍්ඣානම‍්පි ලොකුත‍්තරජ‍්ඣානම‍්පි සඞ‍්ගහිතමෙව. තස‍්මා “පඨමං ඣානං සමාපජ‍්ජින‍්තිපි…පෙ… චතුත්‍ථං ජ‍්ඣානං, මෙත‍්තාඣානං, උපෙක‍්ඛාඣානං අසුභජ‍්ඣානං ආනාපානස‍්සතිසමාධිජ‍්ඣානං , ලොකියජ‍්ඣානං, ලොකුත‍්තරජ‍්ඣානං සමාපජ‍්ජි”න‍්තිපි භණන‍්තො පාරාජිකොව හොතීති වෙදිතබ‍්බො.

මෙසේ උදෙසනලද ශික්‍ෂාපදය පදපිළිවෙළින් විභාගකොට දැන් යම්හෙයකින් යට කියූ පදභාජනයෙහි ‘ඣානං විමොක්‍ඛං සමාධි සමාපත්ති ඤාණදස්සනං -පෙ- සුඤ්ඤාගාරෙ අභිරති’යි මෙසේ සැකෙවින්ම උත්තරිමනුෂ්‍ය ධර්‍මය දක්වන ලද්දේය. විස්තර වශයෙන් නො දක්වන ලද්දේය. ඇවැතට නගා පාළිය තබන ලද්දීය. අර්‍ත්‍ථය සැකෙවින් දැක්වූ කල්හි ද සියල්ලෝ හැමතින් නයක්‍රම ගන්නට අසමර්‍ත්‍ථ වෙත්. එහෙයින් හැමතින් නයක්‍රම ගැනීම පිණිස නැවත ඒ පදභාජනයම මාතෘකාස්ථානයෙහි තබා විස්තර වශයෙන් උත්තරිමනුෂ්‍යධර්‍මය දක්වා ආපත්තිභෙදය දක්වනු කැමැති සේක් ‘ඣානන්ති පඨමං ඣානං දුතියං ඣානං’ යනාදිය වදාළ සේක. එහි ප්‍රථමද්ධ්‍යානාදියෙන් මෛත්‍රීධ්‍යානාදීහු ද, අශුභද්ධ්‍යනාදීහු ද, ආනාපානස්මෘතිසමාධිධ්‍යානය ද, ලෞකිකද්ධ්‍යානය ද, ලොකොත්තරද්ධ්‍යානය ද සඞ්ග්‍රහ කරන ලද්දේමය. එහෙයින් ‘ප්‍රථමද්ධ්‍යානයට පැමිණියෙමි’යි ද -පෙ- චතුර්‍ත්‍ථද්ධ්‍යානයට - මෛත්‍රීද්ධ්‍යානයට - උපෙක්‍ෂාද්ධ්‍යානයට - අශුභද්ධ්‍යානයට -ආනාපානස්මෘති - සමාධිද්ධ්‍යානයට - ලෞකිකද්ධ්‍යානයට - ලොකොත්තරද්ධ්‍යානයට පැමිණියෙමි’යි ද කියන්නේ පාරාජිකම වේ යි දතයුතුය.

සුට‍්ඨු මුත‍්තො විවිධෙහි වා කිලෙසෙහි මුත‍්තොති විමොක‍්ඛො. සො පනායං රාගදොසමොහෙහි සුඤ‍්ඤත‍්තා සුඤ‍්ඤතො. රාගදොසමොහනිමිත‍්තෙහි අනිමිත‍්තත‍්තා අනිමිත‍්තො. රාගදොසමොහපණිධීනං අභාවතො අප‍්පණිහිතොති වුච‍්චති. චිත‍්තං සමං ආදහති ආරම‍්මණෙ ඨපෙතීති සමාධි. අරියෙහි සමාපජ‍්ජිතබ‍්බතො සමාපත‍්ති. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙව. එත්‍ථ ච විමොක‍්ඛත‍්තිකෙන ච සමාධිත‍්තිකෙන ච අරියමග‍්ගොව වුත‍්තො. සමාපත‍්තිත‍්තිකෙන පන ඵලසමාපත‍්ති. තෙසු යංකිඤ‍්චි එකම‍්පි පදං ගහෙත්‍වා “අහං ඉමස‍්ස ලාභීම‍්හී”ති භණන‍්තො පාරාජිකොව හොති.

මැනැවින් මිදුනේ හෝ නන්වැදෑරුම් කෙලෙසුන්ගෙන් මිදුනේ නු යි හෝ විමොක්‍ඛ නම් වේ. ඒ මේ විමොක්‍ෂය වනාහි රාග ද්වෙශ මොහයන්ගෙන් ශුන්‍ය බැවින් සුඤ්ඤත, රාග ද්වෙෂ මොහ නිමිත්තයන්ගෙන් නිමිත්ත රහිත බැවින් අනිමිත්ත, රාග ද්වෙෂ මොහ ප්‍රාර්‍ත්‍ථනාවන්ගේ අභාවයෙන් අප්පණිහිත, යි කියනු ලැබේ. සිත සමව අරමුණෙහි පිහිටුවා නු යි තබානුයි සමාධි නමි. ආර්‍ය්‍යයන් විසින් මනා කොට සමවැදිය යුතු බැවින් සමාපත්ති නම. මෙහි සෙස්ස කියූ නය ඇත්තේමය. මෙහිද ශුන්‍යතාදිවිමොක්‍ෂත්‍රිකයෙන් ද, සමාධිත්‍රිකයෙන් ද ආර්‍ය්‍ය මාර්‍ගයම වදාරණ ලද්දේය. සමාපත්තිත්‍රිකයෙන් ඵලසමාපත්ති තොමෝ දක්වන ලද්දීය. ඔවුනතුරෙහි යම්කිසි එක් පදයකුදු ගෙණ ‘මම මේ ධර්‍මය ලැබීමි’යි කියනුයේ පාරාජිකම වේ.

තිස‍්සො විජ‍්ජාති පුබ‍්බෙනිවාසානුස‍්සති, දිබ‍්බචක‍්ඛු, ආසවානං ඛයෙ ඤාණන‍්ති. තත්‍ථ එකිස‍්සාපි නාමං ගහෙත්‍වා “අහං ඉමිස‍්සා විජ‍්ජාය ලාභීම‍්හී”ති භණන‍්තො පාරාජිකො හොති. සඞ‍්ඛෙපට‍්ඨකථායං පන “විජ‍්ජානං ලාභීම‍්හී’ති භණන‍්තොපි ‘තිස‍්සන‍්නං විජ‍්ජානං ලාභීම‍්හී’ති භණන‍්තොපි පාරාජිකො වා”ති වුත‍්තං. මග‍්ගභාවනාපදභාජනෙ වුත‍්තා සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මා මග‍්ගසම‍්පයුත‍්තා ලොකුත‍්තරාව ඉධාධිප‍්පෙතා. තස‍්මා ලොකුත‍්තරානං සතිපට‍්ඨානානං සම‍්මප‍්පධානානං ඉද‍්ධිපාදානං ඉන්‍ද්‍රියානං බලානං බොජ‍්ඣඞ‍්ගානං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස ලාභීම‍්හීති වදතො පාරාජිකන‍්ති මහාඅට‍්ඨකථායං වුත‍්තං. මහාපච‍්චරියාදීසු පන “සතිපට‍්ඨානානං ලාභීම‍්හී’ති එවං එකෙකකොට‍්ඨාසවසෙනාපි ‘කායානුපස‍්සනාසතිපට‍්ඨානස‍්ස ලාභීම‍්හී’ති එවං තත්‍ථ එකෙකධම‍්මවසෙනාපි වදතො පාරාජිකමෙවා”ති වුත‍්තං තම‍්පි සමෙති. කස‍්මා? මග‍්ගක‍්ඛණුප‍්පන‍්නෙයෙව සන්‍ධාය වුත‍්තත‍්තා. ඵලසච‍්ඡිකිරියායපි එකෙකඵලවසෙන පාරාජිකං වෙදිතබ‍්බං.

‘තිස්සො විජ්ජා’ යනු පූර්‍වෙනිවාසානුස්මෘති, දිව්‍යචක්‍ෂුස්, ආස්‍රවක්‍ෂඥාන යන තිදෙනය. එහි එක් විද්‍යාවකගේ ද නම ගෙන ‘මම මේ විද්‍යාව ලැබීමි’යි කියනුයේ පාරාජික වේ. සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථ කථාවෙහි වනාහි විද්‍යාවන් ලැබුයේ වෙමියි කියනුයේ ද ‘ත්‍රිවිද්‍යාවන් ලැබුයේ වෙමි’යි කියනුයේ ද පාරාජිකමයයි කියන ලද්දේය. මාර්‍ගභාවනා පදභාජනයෙහි කියනලද සප්තත්‍රිංශත් බොධිපාක්‍ෂික ධර්‍මයෝ මාර්‍ගසම්ප්‍රයුක්ත වූවාහු ලොකොත්තරම වූවාහුයි මෙහි අදහස් කරන ලදහ. එහෙයින් ලොකොත්තරම වූවාහුයි මෙහි අදහස් කරන ලදහ. එහෙයින් ලොකොත්තර සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ලැබුයේ වෙමියි කියන්නහුට පාරාජිකයයි මහාඅර්‍ත්‍ථකථාවෙහි කියන ලදී. මහාපච්චරී ආදියෙහි ‘සතිපට්ඨානයන් ලැබූයේ වෙමි’යි මෙසේ එක් එක් කොටස වසයෙන් ද, ‘කායානුපස්සනා සතිපට්ඨානය ලැබුයේ වෙමි’යි එක් එක් ධර්‍මයාගේ වසයෙන් ද ගෙණ කියන්නහුට පාරාජිකය මැයි කියන ලදී. එ ද සම වේ. කුමක් හෙයින් ද යත්:- මාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයන් සඳහා කියූ බැවිනි. ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි ද එක් එක් ඵලයක්හුගේ වසයෙන් පාරාජිකය දතයුතුය.

රාගස‍්ස පහානන‍්තිආදිත‍්තිකෙ කිලෙසප‍්පහානමෙව වුත‍්තං. තං පන යස‍්මා මග‍්ගෙන විනා නත්‍ථි, තතියමග‍්ගෙන හි කාමරාගදොසානං පහානං, චතුත්‍ථෙන මොහස‍්ස, තස‍්මා “රාගො මෙ පහීනො”තිආදීනි වදතොපි පාරාජිකං වුත‍්තං.

‘රාගස්ස පහාණං’ යනාදි ත්‍රිකයෙහි ක්ලෙශප්‍රහාණයම වදාරණ ලදී. යම්හෙයකින් ඒ ප්‍රහාණය ද මාර්‍ගයෙන් වෙන්ව නොවේ ද, තෘතීය මාර්‍ගයෙන් රාගද්වෙෂයන්ගේ ප්‍රහාණය හා චතුර්‍ත්‍ථමාර්‍ගයෙන් මෝහයාගේ ප්‍රහාණය වේ ද, එහෙයින් ‘මාගේ රාගය ප්‍රහීණ වූයේය’ යනාදිය කියන්නහුට ද පාරාජිකය කියන ලදී.

රාගා චිත‍්තං විනීවරණතාතිආදිත‍්තිකෙ ලොකුත‍්තරචිත‍්තමෙව වුත‍්තං. තස‍්මා “රාගා මෙ චිත‍්තං විනීවරණ”න‍්තිආදීනි වදතොපි පාරාජිකමෙව.

‘රාගා චිත්තං විනීවරණ්තා’ යනාදි ත්‍රිකයෙහි ලෝකෝත්තර චිත්තයම කියන ලදී. එහෙයින් ‘මාගේ සිත රාගයෙන් පහවූයේය’ යනාදිය කියන්නහුට ද පාරාජිකයම වේ.

සුඤ‍්ඤාගාරපදභාජනෙ පන යස‍්මා ඣානෙන අඝටෙත්‍වා “සුඤ‍්ඤාගාරෙ අභිරමාමී”ති වචනමත‍්තෙන පාරාජිකං නාධිප‍්පෙතං, තස‍්මා “පඨමෙන ඣානෙන සුඤ‍්ඤාගාරෙ අභිරතී”තිආදි වුත‍්තං. තස‍්මා යො ඣානෙන ඝටෙත්‍වා “ඉමිනා නාම ඣානෙන සුඤ‍්ඤාගාරෙ අභිරමාමී”ති වදති, අයමෙව පාරාජිකො හොතීති වෙදිතබ‍්බො.

ශුන්‍යාගාරපදභාජනයෙහි වනාහි යම්හෙයකින් ධ්‍යානය හා නො ගටා ‘ශුන්‍යාගාරයෙහි ඇලෙමි’ යන වචන මාත්‍රයෙන් පාරාජිකය අදහස් නො කරන ලද්දේ ද, එහෙයින් ‘පඨමෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති’ යනාදිය වදාරණ ලද්දේය. එහෙයින් යම් මහණෙක් ධ්‍යානය සමග ගටා ‘මෙ නම් ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලෙමි’යි කියා නම්, මෙතෙමේම පාරාජික වේය’යි දත යුතුය.

යා ච “ඤාණ”න‍්ති ඉමස‍්ස පදභාජනෙ අම‍්බට‍්ඨසුත‍්තාදීසු (දී· නි· 1.254 ආදයො) වුත‍්තාසු අට‍්ඨසු විජ‍්ජාසු විපස‍්සනාඤාණමනොමයිද‍්ධිඉද‍්ධිවිධදිබ‍්බසොතචෙතොපරියඤාණභෙදා පඤ‍්ච විජ‍්ජා න ආගතා, තාසු එකා විපස‍්සනාව පාරාජිකවත්‍ථු න හොති, සෙසා හොන‍්තීති වෙදිතබ‍්බා. තස‍්මා “විපස‍්සනාය ලාභීම‍්හී”තිපි “විපස‍්සනාඤාණස‍්ස ලාභීම‍්හී”තිපි වදතො පාරාජිකං නත්‍ථි. ඵුස‍්සදෙවත්‍ථෙරො පන භණති – “ඉතරාපි චතස‍්සො විජ‍්ජා ඤාණෙන අඝටිතා පාරාජිකවත්‍ථූ න හොන‍්ති. තස‍්මා ‘මනොමයස‍්ස ලාභීම‍්හි, ඉද‍්ධිවිධස‍්ස, දිබ‍්බාය සොතධාතුයා, චෙතොපරියස‍්ස ලාභීම‍්හී’ති වදතොපි පාරාජිකං නත්‍ථී”ති. තං තස‍්ස අන‍්තෙවාසිකෙහෙව පටික‍්ඛිත‍්තං – “ආචරියො න ආභිධම‍්මිකො භුම‍්මන‍්තරං න ජානාති, අභිඤ‍්ඤා නාම චතුත්‍ථජ‍්ඣානපාදකොව මහග‍්ගතධම‍්මො, ඣානෙනෙව ඉජ‍්ඣති. තස‍්මා මනොමයස‍්ස ලාභීම‍්හී’ති වා ‘මනොමයඤාණස‍්ස ලාභීම‍්හී’ති වා යථා වා තථා වා වදතු පාරාජිකමෙවා”ති. එත්‍ථ ච කිඤ‍්චාපි නිබ‍්බානං පාළියා අනාගතං, අථ ඛො “නිබ‍්බානං මෙ පත‍්ත”න‍්ති වා “සච‍්ඡිකත”න‍්ති වා වදතො පාරාජිකමෙව. කස‍්මා? නිබ‍්බානස‍්ස නිබ‍්බත‍්තිතලොකුත‍්තරත‍්තා. තථා “චත‍්තාරි සච‍්චානි පටිවිජ‍්ඣිං පටිවිද‍්ධානි මයා”ති වදතොපි පාරාජිකමෙව. කස‍්මා? සච‍්චප‍්පටිවෙධොති හි මග‍්ගස‍්ස පරියායවචනං. යස‍්මා පන “තිස‍්සො පටිසම‍්භිදා කාමාවචරකුසලතො චතූසු ඤාණසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජන‍්ති, ක්‍රියතො චතූසු ඤාණසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජන‍්ති, අත්‍ථපටිසම‍්භිදා එතෙසු චෙව උප‍්පජ‍්ජති, චතූසු මග‍්ගෙසු චතූසු ඵලෙසු ච උප‍්පජ‍්ජතී”ති විභඞ‍්ගෙ (විභ· 746) වුත‍්තං. තස‍්මා “ධම‍්මපටිසම‍්භිදාය ලාභීම‍්හී”ති වා, “නිරුත‍්ති…පෙ… පටිභානපටිසම‍්භිදාය ලාභීම‍්හී”ති වා “ලොකියඅත්‍ථපටිසම‍්භිදාය ලාභීම‍්හී”ති වා වුත‍්තෙපි පාරාජිකං නත්‍ථි. “පටිසම‍්භිදානං ලාභීම‍්හී”ති වුත‍්තෙ න තාව සීසං ඔතරති. “ලොකුත‍්තරඅත්‍ථපටිසම‍්භිදාය ලාභීම‍්හී”ති වුත‍්තෙ පන පාරාජිකං හොති.

‘යාවඤාණං’ යන මේ පදය පිළිබඳ පදභාජනයෙහි අම්බට්ඨ සූත්‍රාදීන්හි කියූ අෂ්ට විද්‍යාවන්හි විපස්සනාඤාණ, මනොමයිද්ධි, ඉද්ධිවිධ, දිබ්බසොත, චෙතොපරියඤාණ වසයෙන් භෙද වූ පස්වැදෑරුම් විද්‍යාවෝ නො ආවාහු ද, ඔවුන් අතුරෙහි එක්ම විදර්‍ශනාව පාරාජිකයට වස්තු නොවේ. සෙස්සෝ පාරාජිකයට වස්තු වෙත්යයි දතයුතුය. එහෙයින් ‘විදර්‍ශනාව ලැබුයේ වෙමි යි ද, විදර්‍ශනා ඥානය ලැබුයේ වෙමි’යි ද, කියන්නට පාරාජිකයක් නැත්තේය. ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ වනාහි ‘අන්‍ය වූ ද සිවුවැදෑරුම් වූ විද්‍යාවෝ ඥානය සමග නො ගැටුනාහු පාරාජික වස්තු නොවෙත්. එහෙයින් මනොමයඍද්ධිය ලැබුයේ වෙමි, සෘද්ධිවිධඥානය - දිව්‍ය ශ්‍රොත්‍රඥානය - චෙතොපරියඥානය - ලැබුයේ වෙමි’යි කියන්නහුට ද පාරාජිකය නැතැයි කියත්. එය උන්වහන්සේගේ අතවැසියන් විසින්ම ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. ‘ආචාර්‍ය්‍යයන් වහන්සේ ආභිධර්මික නොවෙත්. එහෙයින් භූමිවිශෙෂය නො දනිත්. අභිඥාව වනාහි චතුර්‍ත්‍ථද්ධ්‍යානය පාදක කොට සිටියා වූ ම මහද්ගතධර්‍මයෙකි, ධ්‍යානය සමගම සමෘද්ධ වේ. එහෙයින් ‘මනොමයස්ස ලාභීම්හි’යි හෝ, ‘මනොමයඤාණස්ස ලාභීම්හි’යි හෝ යම් ඒ ලෙසකින් කියාවා, පාරාජිකයම වේ යි. ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. මෙහි නිවණ කිසිසේත් පෙළෙහි නො ආයේ ය. එහෙත් ‘මා නිවණට පැමිණෙන ලදැ’යි කියා හෝ, මා විසින් නිවන සාක්‍ෂාත් කරන ලදැ’යි කියා හෝ කියන්නහුට පාරාජිකයම වේ. කුමක් හෙයින් ද යත්:- නිවණ තමා උපදවන ලද ලොකොත්තර ගුණය ඇති බැවිනි. එසේම ‘චතුස්සත්‍යයන් අවබොධ කෙළෙමි, මා විසින් ප්‍රතිවෙධ කරන ලද්දාහුය’යි කියන්නහුට ද පාරාජිකයම වේ. කුමක් හෙයින් ද යත්:- යම්හෙයකින් සත්‍යප්‍රතිවෙධය වනාහි මාර්‍ගයට පර්‍ය්‍යාය වචනයක් වේ ද, එහෙයිනි. යම්හෙයකින් වනාහි ත්‍රිවිධ ප්‍රතිසම්භිදාවෝ කාමාවචර කුසලයන් අතුරෙන් චතුර්විධඥාන සම්ප්‍රයුක්ත චිත්තොත්පාදයන්හි උපදිත් ද, ක්‍රියාචිත්තයන් අතුරෙන් චතුර්විධ ඥානසම්ප්‍රයුක්ත චිත්තොත්පාදයන්හි උපදිත් ද, අර්‍ත්‍ථප්‍රතිසම්භිදා තොමෝ මොවුන් අතුරෙහි ද චතුර්විධ මාර්‍ගයන්හි ද චතුර්විධ ඵලයන්හි ද උපදීයයි විභඞ්ගයෙහි කියන ලදද, එහෙයින් ‘ධර්‍මප්‍රතිසම්භිදාව ලැබුයේ වෙමි’යි හෝ නිරුක්ති -පෙ- ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව ලැබුයේමියි හෝ ලොකීය අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ලාභි වූයෙමියි හෝ කියූ කල්හි ද පාරාජිකයෙක් නැත්තේය. ප්‍රතිසම්භිදාලාභී වූයෙමියි කියූ කල්හි ද පාරාජිකයෙක් නැත්තේය. ප්‍රතිසම්භිදාලාභී වූයෙමියි කියූ කල්හි ද ඒ තාක් කෙලවරට නො බසියි. ලොකොත්තර අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ලාභී වූයෙමි’යි කියූ කල්හි පාරාජිකය වේ.

සඞ‍්ඛෙපට‍්ඨකථායං පන අත්‍ථපටිසම‍්භිදාප‍්පත‍්තොම‍්හීති අවිසෙසෙනාපි වදතො පාරාජිකං වුත‍්තං. කුරුන්‍දියම‍්පි “න මුච‍්චතී”ති වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “එත‍්තාවතා පාරාජිකං නත්‍ථි, එත‍්තාවතා සීසං න ඔතරති, එත‍්තාවතා න පාරාජික”න‍්ති විචාරිතත‍්තා න සක‍්කා අඤ‍්ඤං පමාණං කාතුන‍්ති.

සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවෙහි වනාහි අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව පැමිණියේ වෙමි’යි විශෙෂයක් නො තබා ද කියන්නහුට පාරාජිකය කියන ලද්දේය. කුරුන්‍දියෙහි ද නො මිදේයයි කියන ලදී. මහාඅර්‍ත්‍ථකථාවෙහි ‘මෙපමණකින් පාරාජිකයක් නැත්තේය. මෙපමණකින් කෙළවරට නො බස්නේය, මෙපමණකින් පාරාජිකයක් නොවේ ය’යි විචාරණය කළ බැවින් අනිකක් ප්‍රමාණ කරන්නට නො හැක්කේය’යි කියන ලදී.

“නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජාමී”ති වා “ලාභීම‍්හාහං තස‍්සා”ති වා වදතොපි පාරාජිකං නත්‍ථි. කස‍්මා? නිරොධසමාපත‍්තියා නෙව ලොකියත‍්තා න ලොකුත‍්තරත‍්තාති. සචෙ පනස‍්ස එවං හොති – “නිරොධං නාම අනාගාමී වා ඛීණාසවො වා සමාපජ‍්ජති, තෙසං මං අඤ‍්ඤතරොති ජානිස‍්සතී”ති බ්‍යාකරොති, සො ච නං තථා ජානාති, පාරාජිකන‍්ති මහාපච‍්චරිසඞ‍්ඛෙපට‍්ඨකථාසු වුත‍්තං. තං වීමංසිත්‍වා ගහෙතබ‍්බං.

‘නිරොධ සමාපත්තියට සමවදිමි’යි හෝ ‘මම එය ලැබුයේ වෙමි’යි හෝ කියන්නහුට ද පාරාජිකයක් නැත්තේය. කුමක් හෙයින් ද යත්:- නිරොධසමාපත්තිය තමා ලෞකික ද නොවන බැවිනි. ලෝකෝතර ද නොවන බැවිනි. ඉදින් මොහුට අනාගාමියෙක් හෝ ක්‍ෂීණාස්‍රවයෙක් හෝ නිරොධයට සමවදියි, ඔවුනතුරෙහි මා අන්‍යතරයෙකැයි දැනගන්නාහයි ප්‍රකාශ කෙරේයයි මෙබඳු අදහසක් වේ නම්, හෙතෙමේ ද ‘ඔහු එසේය’යි දැනගණී ද පාරාජිකයයි මහපච්චරී - සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවන්හි කියනලදී. එය විමසා ගතයුතුය.

“අතීතභවෙ කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ සොතාපන‍්නොම‍්හී”ති වදතොපි පාරාජිකං නත්‍ථි. අතීතක‍්ඛන්‍ධානඤ‍්හි පරාමට‍්ඨත‍්තා සීසං න ඔතරතීති. සඞ‍්ඛෙපට‍්ඨකථායං පන “අතීතෙ අට‍්ඨසමාපත‍්තිලාභීම‍්හී”ති වදතො පාරාජිකං නත්‍ථි, කුප‍්පධම‍්මත‍්තා ඉධ පන “අත්‍ථි අකුප‍්පධම‍්මත‍්තාති කෙචි වදන‍්තී”ති වුත‍්තං. තම‍්පි තත්‍ථෙව “අතීතත‍්තභාවං සන්‍ධාය කථෙන‍්තස‍්ස පාරාජිකං න හොති, පච‍්චුප‍්පන‍්නත‍්තභාවං සන්‍ධාය කථෙන‍්තස‍්සෙව හොතී”ති පටික‍්ඛිත‍්තං.

අතීතභවයෙහි කාශ්‍යප සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ කාලයෙහි සෝවන් වීමියි කියන්නහුට ද පාරාජිකයක් නැත්තේය. අතීතස්කන්‍ධයන් පරාමර්‍ශනය කළ බැවින් කෙළවරට නොබස්නේය. සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවෙහි වනාහි අතීතයෙහි අෂ්ට සමාපත්තිලාභී වෙමි’යි කියන්නහුට කොප්‍යධර්‍ම නැති බැවින් පාරාජිකය නැත්තේය. මෙහි වනාහි කොප්පධර්‍ම නැති බැවින් පරාජිකය ඇත්තේය. ඇතැම් කෙනකුන් කියතියි කියන ලදී. එහිද එය අතීතාත්මභාවය සඳහා කියන්නහුට පාරාජිකයක් නොවේ. වර්‍තමානාත්මභාවය සඳහා කියන්නහුටම වේයයි ප්‍රතික්‍ෂෙප කරන ලදී.

සුද‍්ධිකවාරකථාවණ‍්ණනා

සුද්ධිකවාරකථාවණ්ණනා

එවං ඣානාදීනි දස මාතිකාපදානි විත්‍ථාරෙත්‍වා ඉදානි උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපන‍්තො යං සම‍්පජානමුසාවාදං භණති, තස‍්ස අඞ‍්ගං දස‍්සෙත්‍වා තස‍්සෙව විත්‍ථාරස‍්ස වසෙන චක‍්කපෙය්‍යාලං බන්‍ධන‍්තො උල‍්ලපනාකාරඤ‍්ච ආපත‍්තිභෙදඤ‍්ච දස‍්සෙතුං “තීහාකාරෙහී”තිආදිමාහ. තත්‍ථ සුද‍්ධිකවාරො වත‍්තුකාමවාරො පච‍්චයපටිසංයුත‍්තවාරොති තයො මහාවාරා. තෙසු සුද‍්ධිකවාරෙ පඨමජ‍්ඣානං ආදිං කත්‍වා යාව මොහා චිත‍්තං විනීවරණපදං, තාව එකමෙකස‍්මිං පදෙ සමාපජ‍්ජිං, සමාපජ‍්ජාමි, සමාපන‍්නො, ලාභීම‍්හි, වසීම‍්හි, සච‍්ඡිකතං මයාති ඉමෙසු ඡසු පදෙසු එකමෙකං පදං තීහාකාරෙහි, චතූහි, පඤ‍්චහි, ඡහි, සත‍්තහාකාරෙහීති එවං පඤ‍්චක‍්ඛත‍්තුං යොජෙත්‍වා සුද‍්ධිකනයො නාම වුත‍්තො. තතො පඨමඤ‍්ච ඣානං, දුතියඤ‍්ච ඣානන‍්ති එවං පඨමජ‍්ඣානෙන සද‍්ධිං එකමෙකං පදං ඝටෙන‍්තෙන සබ‍්බපදානි ඝටෙත්‍වා තෙනෙව විත්‍ථාරෙන ඛණ‍්ඩචක‍්කං නාම වුත‍්තං. තඤ‍්හි පුන ආනෙත්‍වා පඨමජ‍්ඣානාදීහි න යොජිතං, තස‍්මා “ඛණ‍්ඩචක‍්ක”න‍්ති වුච‍්චති. තතො දුතියඤ‍්ච ඣානං, තතියඤ‍්ච ඣානන‍්ති එවං දුතියජ‍්ඣානෙන සද‍්ධිං එකමෙකං පදං ඝටෙත්‍වා පුන ආනෙත්‍වා පඨමජ‍්ඣානෙන සද‍්ධිං සම‍්බන්‍ධිත්‍වා තෙනෙව විත්‍ථාරෙන බද‍්ධචක‍්කං නාම වුත‍්තං. තතො යථා දුතියජ‍්ඣානෙන සද‍්ධිං, එවං තතියජ‍්ඣානාදීහිපි සද‍්ධිං, එකමෙකං පදං ඝටෙත්‍වා පුන ආනෙත්‍වා දුතියජ‍්ඣානාදීහි සද‍්ධිං සම‍්බන්‍ධිත්‍වා තෙනෙව විත්‍ථාරෙන අඤ‍්ඤානිපි එකූනතිංස බද‍්ධචක‍්කානි වත්‍වා එකමූලකනයො නිට‍්ඨාපිතො. පාඨො පන සඞ‍්ඛෙපෙන දස‍්සිතො, සො අසම‍්මුය‍්හන‍්තෙන විත්‍ථාරතො වෙදිතබ‍්බො.

මෙසේ ධ්‍යානාදී වූ දශමාතෘකාපදයන් විස්තරකොට දැන් උත්තරිමනුෂ්‍යධර්‍මය පවසනුයේ යම් සම්පජානමුසාවාදයක් කියාද, ඒ සම්පජාන මුසාවාදයෙහි අඞ්ග දක්වා ඔහුගේම විස්තර වශයෙන් චක්‍රපෙය්‍යාලය බඳින සේක් ‘සමාපජ්ජති’ යනාදීන් කියන ආකාරය ද ආපත්තිභෙදය ද දක්වන්නට ‘තීහාකාරෙහි’ යනාදිය වදාළ සේක. එහි සුද්ධිකවාර - වත්තුකාමවාර - පච්චයපටිසංයුත්තවාර යි මහාවාර තුනක් වේ. ඔවුනතුරෙහි සුද්ධිකවාරයෙහි ප්‍රථමද්ධ්‍යානය ආදිකොට ‘මොහා චිත්තං විනීවරණපදං’ යනු යම්තාක් ද ඒ තාක් එක් එක් පදයෙහි ‘සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, ලාභිම්හි, වසිම්හි, සච්ඡිකතං මයා’ යන මේ සපදයෙහි එක් එක් පදයක් අන් අයුරකින් සිවු අයුරකින් පස් අයුරකින් සයයුරකින් සත් අයුරකින්යි මෙසේ පස්වරක් යොදා සුද්ධිකනය වදාරණ ලද්දේය. ඉක්බිති ‘පඨමඤ්ච ඣානං, දුතියඤ්ච ඣානං’යි මෙසේ ප්‍රථමද්ධ්‍යානය සමග එක් එක් පදය ගළපන්නහු විසින් සියලු පද ගළපා ඒ විස්තරයෙන්ම ඛණ්ඩ චක්‍රය වදාරණ ලද්දේය. නැවත එය ගෙන අවුත් ප්‍රථමද්ධ්‍යනාදිය සමග නො යොදන ලද්දේය. එහෙයින් ඛණ්ඩචක්‍රයි කියනු ලැබේ. ඉක්බිති ‘දුතියඤ්ච ඣානං, තතියඤ්ච ඣානං’යි මෙසේ ද්විතීයද්ධ්‍යානය සමග එක් එක් පදය ගළපා නැවත ගෙන අවුත් ප්‍රථමද්ධ්‍යානය සමග සම්බන්‍ධකොට ඒ විස්තාරයෙන්ම බද්ධචක්‍ර නමැයි වදාරණ ලදී. ඉක්බිති ද්විතීයද්ධ්‍යානය සමග යම්සේ ද, මෙසේ තෘතීයද්ධ්‍යානාදිය සමග එක් එක් පදය ගළපා නැවත ගෙන අවුත් ද්විතීයද්ධ්‍යානාදිය සමග සම්බන්‍ධකොට ඒ විස්තාරයෙන්ම අන්‍ය වූ ද එකුන් තිස් බද්ධචක්‍රයන් දක්වා එකමූලකනය නිමකරණ ලද්දේය. පාඨය වනාහි සැකෙවින් දක්වන ලද්දේය. එය නො මුළා වන්නහු විසින් විස්තර වශයෙන් දතයුත්තේය.

යථා ච එකමූලකො, එවං දුමූලකාදයොපි සබ‍්බමූලකපරියොසානා චතුන‍්නං සතානං උපරි පඤ‍්චතිංස නයා වුත‍්තා. සෙය්‍යථිදං – ද‍්විමූලකා එකූනතිංස, තිමූලකා අට‍්ඨවීස, චතුමූලකා සත‍්තවීස; එවං පඤ‍්චමූලකාදයොපි එකෙකං ඌනං කත්‍වා යාව තිංසමූලකා, තාව වෙදිතබ‍්බා. පාඨෙ පන තෙසං නාමම‍්පි සඞ‍්ඛිපිත්‍වා “ඉදං සබ‍්බමූලක”න‍්ති තිංසමූලකනයො එකො දස‍්සිතො. යස‍්මා ච සුඤ‍්ඤාගාරපදං ඣානෙන අඝටිතං සීසං න ඔතරති, තස‍්මා තං අනාමසිත්‍වා මොහා චිත‍්තං විනීවරණපදපරියොසානායෙව සබ‍්බත්‍ථ යොජනා දස‍්සිතාති වෙදිතබ‍්බා. එවං පඨමජ‍්ඣානාදීනි පටිපාටියා වා උප‍්පටිපාටියා වා දුතියජ‍්ඣානාදීහි ඝටෙත්‍වා වා අඝටෙත්‍වා වා සමාපජ‍්ජින‍්තිආදිනා නයෙන උල‍්ලපතො මොක‍්ඛො නත්‍ථි, පාරාජිකං ආපජ‍්ජතියෙවාති.

එකමූලකනය යම්සේ ද ද්විමූලකාදීහු ද එසේය. සර්‍වමූලකනයෙහි කෙළවර දක්වා සාරසියයක්හුගේ මතුවෙහි පන්තිස් නය දෙනෙක් දක්වන ලදහ. ඔවුහු කවරහු ද යත්:- ද්විමූලකයෝ එකුන්තිසෙක, ත්‍රිමූලකයෝ අටවිස්සෙක චතුර්මූලකයෝ සත්විස්සෙක. මෙසේ පංචමූලකාදීහු ද එක එක අඩුකොට තිංසමූලකයෝ යම්තාක් ද ඒ තාක් දතයුතුය. පාඨයෙහි වනාහි ඔවුන්ගේ නම ද හකුළා කෙටි කොට මෙය සර්‍වමූලකැයි එක් තිංසමූලක නයක් දක්වන ලද්දේය. යම්හෙයකින් ශුන්‍යාගාරපදය ධ්‍යානය සමග නො ගැටුනේ ද, කෙළවරට නො බස්නේ ද, එහෙයින් එය ආමර්‍ශනය නොකොට මොහාචිත්ත විනීවරණපදය කෙළවරකොට ඇති හැම තැන යොජනා තොමෝ දක්වන ලදැයි දතයුත්තීය. මෙසේ ප්‍රථමද්ධ්‍යානාදිය පිළිවෙළින් හෝ උපිළිවෙළින් හෝ ද්විතීයද්ධ්‍යානාදීන් සමග ගටා හෝ නො ගටා හෝ ‘සමාපජ්ජිං’ යනාදී නයින් කියන්නහුට මුක්තියක් නැත්තීය. පාරාජිකයට පැමිණේමය යි

ඉමස‍්ස අත්‍ථස‍්ස දස‍්සනවසෙන වුත‍්තෙ ච පනෙතස‍්මිං සුද‍්ධිකමහාවාරෙ අයං සඞ‍්ඛෙපතො අත්‍ථවණ‍්ණනා – තීහාකාරෙහීති සම‍්පජානමුසාවාදස‍්ස අඞ‍්ගභූතෙහි තීහි කාරණෙහි. පුබ‍්බෙවස‍්ස හොතීති පුබ‍්බභාගෙයෙව අස‍්ස පුග‍්ගලස‍්ස එවං හොති “මුසා භණිස‍්ස”න‍්ති. භණන‍්තස‍්ස හොතීති භණමානස‍්ස හොති. භණිතස‍්ස හොතීති භණිතෙ අස‍්ස හොති, යං වත‍්තබ‍්බං තස‍්මිං වුත‍්තෙ හොතීති අත්‍ථො. අථ වා භණිතස‍්සාති වුත‍්තවතො නිට‍්ඨිතවචනස‍්ස හොතීති. යො එවං පුබ‍්බභාගෙපි ජානාති, භණන‍්තොපි ජානාති, පච‍්ඡාපි ජානාති, “මුසා මයා භණිත”න‍්ති සො “පඨමජ‍්ඣානං සමාපජ‍්ජි”න‍්ති භණන‍්තො පාරාජිකං ආපජ‍්ජතීති අයමෙත්‍ථ අත්‍ථො දස‍්සිතො. කිඤ‍්චාපි දස‍්සිතො, අථ ඛො අයමෙත්‍ථ විසෙසො – පුච‍්ඡා තාව හොති “‘මුසා භණිස‍්ස’න‍්ති පුබ‍්බභාගො අත්‍ථි, ‘මුසා මයා භණිත’න‍්ති පච‍්ඡාභාගො නත්‍ථි, වුත‍්තමත‍්තමෙව හි කොචි පමුස‍්සති, කිං තස‍්ස පාරාජිකං හොති, න හොතී”ති? සා එවං අට‍්ඨකථාසු විස‍්සජ‍්ජිතා – පුබ‍්බභාගෙ “මුසා භණිස‍්ස”න‍්ති ච භණන‍්තස‍්ස “මුසා භණාමී”ති ච ජානතො පච‍්ඡාභාගෙ “මුසා මයා භණිත”න‍්ති න සක‍්කා න භවිතුං. සචෙපි න හොති පාරාජිකමෙව. පුරිමමෙව හි අඞ‍්ගද‍්වයං පමාණං. යස‍්සාපි පුබ‍්බභාගෙ “මුසා භණිස‍්ස”න‍්ති ආභොගො නත්‍ථි, භණන‍්තො පන “මුසා භණාමී”ති ජානාති, භණිතෙපි “මුසා මයා භණිත”න‍්ති ජානාති, සො ආපත‍්තියා න කාරෙතබ‍්බො. පුබ‍්බභාගො හි පමාණතරො. තස‍්මිං අසති දවා භණිතං වා රවා භණිතං වා හොතී”ති.

මේ අර්‍ත්‍ථය දැක්වීම් වසයෙන් කියනලද ඒ සුද්ධික මහාවාරයෙහි මේ වනාහි සැකෙවින් කළ අර්‍ත්‍ථ වර්‍ණනාය. ‘තීහාකාරෙහි’ සම්පජානමුසාවාදයට අඞ්ග වූ කරුණු තුනෙන් ‘පුබ්බෙවස්ස හොති’ පූර්‍වභාගයෙහිම මේ පුද්ගලයාහට ‘බොරු කියන්නෙමි’යි මෙබඳු සිතක් වේ. ‘භණන්තස්ස හොති’ කියන්නහුට මෙබඳු සිතක් වේ. ‘භණිතස්ස හොති’ කියූ කල්හි මොහුට මෙබඳු සිතක් වේ. යමක් කියයුත්තේ නම් එය කියූ කල්හි වේය, යන අර්‍ත්‍ථයි. නොහොත් ‘භණිතස්ස’ කියූ වචනයෙන් නිමියා වූ වචන ඇත්තහුට වන්නේයයි මෙසේ යමෙක් පූර්‍වභාගයෙහි දී දනී ද, කියනුයේත් දනී ද, පසුවත් ‘මා විසින් බොරු කියන ලදැ’යි දනී ද, හෙතෙමේ ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනෙමියි කියනුයේ පාරාජිකයට පැමිණේයයි. මෙහි ‘තීහඞ්ගෙහ සමන්නාගතො මුසාවාදො’ යන මේ අර්‍ත්‍ථය දක්වන ලද්දේය. එසේ දක්වන ලද්දේ නමුත් මේ මෙහි වෙනසය:- පළමුකොට විචාරීමෙක් වේ. ‘බොරු කියන්නෙමි’යි ද බොරු කියන්නහුට බොරු කියමි’යි ද දන්නහුට, පසුභාගයෙහි ‘මා විසින් බොරු කියන ලද්දේය’යි නො වන්නට නො හැක්කේය. ඉදින් නොවේ නමුදු පාරාජිකයම වේ. පළමු අඞ්ග දෙකම මෙයට ප්‍රමාණ වේ. යමක්හට වනාහි පූර්‍වවභාගයෙහි ‘බොරු කියන්නෙමි’යි අදහසක් නැත්තේ ද, කියන්නේ වනාහි ‘බොරු කියමි’යි දනී ද, කියූ කල්හි ද ‘මා විසින් බොරු කියන ලදැ’යි දනී ද, ඔහුට ඇවැත් නො නැගිය යුතුය. එහිලා පූර්‍වභාගයම ප්‍රමාණතර වේ. එය නැති කල්හි වහා කියන ලද්දක් හෝ අනිකක් කියනු කැමැතිව පැකිල අනිකක් කියන ලද්දක් හෝ වේයයි

එත්‍ථ ච තංඤාණතා ච ඤාණසමොධානඤ‍්ච පරිච‍්චජිතබ‍්බං. තංඤාණතා පරිච‍්චජිතබ‍්බාති යෙන චිත‍්තෙන “මුසා භණිස‍්ස”න‍්ති ජානාති, තෙනෙව “මුසා භණාමී”ති ච “මුසා මයා භණිත”න‍්ති ච ජානාතීති එවං එකචිත‍්තෙනෙව තීසු ඛණෙසු ජානාතීති අයං තංඤ‍්ඤණතා පරිච‍්චජිතබ‍්බා, න හි සක‍්කා තෙනෙව චිත‍්තෙන තං චිත‍්තං ජානිතුං යථා න සක‍්කා තෙනෙව අසිනා සො අසි ඡින්‍දිතුන‍්ති. පුරිමං පුරිමං පන චිත‍්තං පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස චිත‍්තස‍්ස තථා උප‍්පත‍්තියා පච‍්චයො හුත්‍වා නිරුජ‍්ඣති. තෙනෙතං වුච‍්චති –

මෙහිද ඒ දන්නා බව ද එකචිත්තොත්පාදයෙහි අනෙකඤාණසමොධානය ද දුරුකටයුතුය. ‘තඤ්ඤාණතා පරිච්චජිතබ්බා’ යම් සිතකින් බොරු කියන්නෙමියි දනී ද, ඒ සිතින්ම ‘බොරු කියමි’ ද, ‘මා විසින් බොරු කියන ලදැ’යි ද දනී ද, මෙසේ එක්ම සිතින් ක්‍ෂණ තුනෙහි දනීය යන මේ තඤ්ඤාණභාවය හැරිය යුතුය. ඒ සිතින්ම ඒ සිත දැන ගන්නට නො හැකිය. ඒ කඩුවෙන් ඒ කඩුව සිඳින්නට යම් සේ නො හැක්කේ ද එසේය. පළමු පළමු සිත පසු පසු සිත පිළිබඳ එසේ ඉපැත්මට ප්‍රත්‍යයව නිරුද්ධ වේ. එහෙයින්:

“පමාණං පුබ‍්බභාගොව, තස‍්මිං සති න හෙස‍්සති; සෙසද‍්වයන‍්ති නත්‍ථෙත, මිති වාචා තිවඞ‍්ගිකා”ති.

‘කියන්නෙමි’යි යන පූර්‍වභාගයම ප්‍රමාණ වේ. ‘කියන්නෙමි’ යන ඒ පූර්‍වභාගය ඇති කල්හි ‘කියමි, කියන ලදය’ යන සෙසු දෙක නො වන්නේය යන මෙය නැතැයි මෙසේ වාක් තොමෝ අඞ්ගත්‍රයයෙන් යුක්තයයි. එහෙයින් මේ කාරණය කියනු ලැබේ.

“ඤාණසමොධානං පරිච‍්චජිතබ‍්බ”න‍්ති එතානි තීණි චිත‍්තානි එකක‍්ඛණෙ උප‍්පජ‍්ජන‍්තීති න ගහෙතබ‍්බානි. ඉදඤ‍්හි චිත‍්තං නාම –

‘ඤාණ සමොධානං පරිච්චජිතබ්බං’ යන මෙහි මේ සිත් තුන එක ක්‍ෂණයෙහි උපදීයයි නො ගත යුතුය. මේ සිත නම්:

අනිරුද‍්ධම‍්හි පඨමෙ, න උප‍්පජ‍්ජති පච‍්ඡිමං; නිරන‍්තරුප‍්පජ‍්ජනතො, එකං විය පකාසති.

‘පළමු සිත නිරුද්ධ නො වූ කල්හි පැසුළු සිත නො උපදියි. අතර නො තබා උපදින බැවින් එක් සිතක් මෙන් පෙනෙන්නේය’යි.

ඉතො පරං පන ය‍්වායං “පඨමං ඣානං සමාපජ‍්ජි”න‍්ති සම‍්පජානමුසා භණති, යස‍්මා සො “නත්‍ථි මෙ පඨමං ඣාන”න‍්ති එවංදිට‍්ඨිකො හොති, තස‍්ස හි අත්‍ථෙවායං ලද‍්ධි. තථා “නත්‍ථි මෙ පඨමං ඣාන”න‍්ති එවමස‍්ස ඛමති චෙව රුච‍්චති ච. එවංසභාවමෙව චස‍්ස චිත‍්තං “නත්‍ථි මෙ පඨමං ඣාන”න‍්ති. යදා පන මුසා වත‍්තුකාමො හොති, තදා තං දිට‍්ඨිං වා දිට‍්ඨියා සහ ඛන‍්තිං වා දිට‍්ඨිඛන‍්තීහි සද‍්ධිං රුචිං වා, දිට‍්ඨිඛන‍්තිරුචීහි සද‍්ධිං භාවං වා විනිධාය නික‍්ඛිපිත්‍වා පටිච‍්ඡාදෙත්‍වා අභූතං කත්‍වා භණති, තස‍්මා තෙසම‍්පි වසෙන අඞ‍්ගභෙදං දස‍්සෙතුං “චතූහාකාරෙහී”තිආදි වුත‍්තං. පරිවාරෙ ච “අට‍්ඨඞ‍්ගිකො මුසාවාදො”ති (පටි· 328) වුත‍්තත‍්තා තත්‍ථ අධිප‍්පෙතාය සඤ‍්ඤාය සද‍්ධිං අඤ‍්ඤොපි ඉධ “අට‍්ඨහාකාරෙහී”ති එකො නයො යොජෙතබ‍්බො.

මෙයින් මතුවෙහි වනාහි යම් ඒ මහණෙක් ප්‍රථමද්ධ්‍යානයට පැමිණියෙමි’යි දැන බොරු කියා ද, යම් හෙයකින් හෙතෙමේ ‘මට ප්‍රථමද්ධ්‍යානය නැතැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ ද, ඔහුට ‘එසේ මට ප්‍රථමද්ධ්‍යානය නැතැ’යි මේ ලබ්ධිය ඇත්තීමය. ‘මට ප්‍රථමද්ධ්‍යානය නැත්තේය, මොහුගේ සිත මෙබඳු ස්වභාව ඇත්තේම වන්නේය’යි මෙසේ මොහුගේ ඉවසීම ද වේ. මොහුට රුස්නේ ද වේ. යම්කලෙක වනාහි බොරු කියනු කැමැත්තේ වේ ද, එකල්හි ඒ දෘෂ්ටිය හෝ දෘෂ්ටිය සමග, වැටහීම හෝ දෘෂ්ටියත් වැටහීමත් සමග, රුචිය හෝ දෘෂ්ටිය ඉවසීම රුචිය සමග අදහස හෝ සඟවා බහා තබා වසා අවිද්‍යාමාන කොට කියා ද එහෙයින් ඔවුන්ගේ ද වසයෙන් අඞ්ගභෙදය දක්වන්නට ‘චතුහාකාරෙහි’ යනාදිය වදාළ සේක. පරිවාරයෙහි ද ‘මුසාවාදය අටඟක් ඇතැ’යි කියූ බැවින් එහි අදහස් කරනලද සංඥාව සමග මෙහි ‘අට අයුරකින්’යි අන්‍ය වූ ද එක් ක්‍රමයක් යෙදිය යුතු ය.

එත්‍ථ ච විනිධාය දිට‍්ඨින‍්ති බලවධම‍්මවිනිධානවසෙනෙතං වුත‍්තං. විනිධාය ඛන‍්තින‍්තිආදීනි තතො දුබ‍්බලදුබ‍්බලානං විනිධානවසෙන. විනිධාය සඤ‍්ඤන‍්ති ඉදං පනෙත්‍ථ සබ‍්බදුබ‍්බලධම‍්මවිනිධානං. සඤ‍්ඤාමත‍්තම‍්පි නාම අවිනිධාය සම‍්පජානමුසා භාසිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යස‍්මා පන “සමාපජ‍්ජිස‍්සාමී”තිආදිනා අනාගතවචනෙන පාරාජිකං න හොති, තස‍්මා “සමාපජ‍්ජි”න‍්තිආදීනි අතීතවත‍්තමානපදානෙව පාඨෙ වුත‍්තානීති වෙදිතබ‍්බානි.

මෙහිද ‘විනිධාය දිට්ඨිං’ යන මේ නය බලවත් ධර්‍ම ප්‍රතිච්ඡාදන වශයෙන් කියන ලදී. ‘විනිධාය ඛන්තිං’ යනාදිය එයට වඩා දුර්‍වල දුර්‍වල ධර්‍මයන්ගේ නිඃක්‍ෂෙප වශයෙනි. ‘විනිධාය සඤ්ඤං’ යන මෙය වනාහි මෙහි සියලු දුර්‍වල ධර්‍මයන්ගේ නිඃක්‍ෂෙපයයි. සංඥාමාත්‍රයක් නමුදු ප්‍රතිච්ඡාදානය නොකොට දැන බොරු කියන්නේය යන මේ කාරණය විද්‍යාමාන නොවේ. යම්හෙයකින් ‘සමවදින්නෙමි’ යනාදී වූ අනාගත වචනයෙන් පාරාජිකය නො වේ ද, එහෙයින් ‘සමවැදීමි’ යනාදී වූ අතීත වර්‍තමාන පදයෝම පාඨයෙහි කියන ලදහයි දතයුත්තාහ.

ඉතො පරං සබ‍්බම‍්පි ඉමස‍්මිං සුද‍්ධිකමහාවාරෙ උත‍්තානත්‍ථමෙව. න හෙත්‍ථ තං අත්‍ථි – යං ඉමිනා විනිච‍්ඡයෙන න සක‍්කා භවෙය්‍ය විඤ‍්ඤාතුං, ඨපෙත්‍වා කිලෙසප‍්පහානපදස‍්ස පදභාජනෙ “රාගො මෙ චත‍්තො වන‍්තො”තිආදීනං පදානං අත්‍ථං. ස‍්වායං වුච‍්චති – එත්‍ථ හි චත‍්තොති ඉදං සකභාවපරිච‍්චජනවසෙන වුත‍්තං. වන‍්තොති ඉදං පුන අනාදියනභාවදස‍්සනවසෙන. මුත‍්තොති ඉදං සන‍්තතිතො විමොචනවසෙන. පහීනොති ඉදං මුත‍්තස‍්සාපි ක්‍වචි අනවට‍්ඨානදස‍්සනවසෙන. පටිනිස‍්සට‍්ඨොති ඉදං පුබ‍්බෙ ආදින‍්නපුබ‍්බස‍්ස පටිනිස‍්සග‍්ගදස‍්සනවසෙන. උක‍්ඛෙටිතොති ඉදං අරියමග‍්ගෙන උත‍්තාසිතත‍්තා පුන අනල‍්ලීයනභාවදස‍්සනවසෙන. ස‍්වායමත්‍ථො සද‍්දසත්‍ථතො පරියෙසිතබ‍්බො . සමුක‍්ඛෙටිතොති ඉදං සුට‍්ඨු උත‍්තාසෙත්‍වා අණුසහගතස‍්සාපි පුන අනල‍්ලීයනභාවදස‍්සනවසෙන වුත‍්තන‍්ති.

මින් මතුවෙහි මේ සුද්ධිකමහාවාරයෙහි සියල්ලම ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. මෙහි කිලෙසප්පහාණපදයාගේ පදභාජනයෙහි ‘රාගො මෙ චත්තො වන්තො’ යනාදි පදයන්ගේ අර්‍ත්‍ථය හැර යමක් මේ විනිශ්චයයෙන් දැන ගන්නට නො හැකි වන්නේ ද, එබන්දක් මෙහි නොම ඇත්තේය. ඒ මේ අර්‍ත්‍ථය දැන් කියනු ලැබේ. මෙහි ‘චත්තො’ යන මෙය ස්වකීයභාවය ඇත්හැරීම් වසයෙන් වදාරණ ලද්දේය. ‘වන්තො’ යන මෙය නැවත නො ගන්නා බව දැක්වීම් වසයෙන් වදාරණ ලද්දේය. ‘මුත්තො’ යන මෙය සන්තතියෙන් මිදීම් වසයෙන්, ‘පහීණො’ යන මෙය මිදුනහුගේ ද කිසි තැනක එකසේ නො පැවැතීම දැක්වීම් වසයෙන්, ‘පටිනිස්සට්ඨො’ යන මෙය පෙර නො දෙන ලද්දහුගේ නැවත දුරලීම දැක්වීම් වසයෙන්, ‘උක්‍ඛෙටිතො’ යන මෙය ආර්‍ය්‍යමාර්‍ගයෙන් තැති ගන්වා පලවා හැරිය බැවින් නැවත නො ඇලෙනබව දැක්වීම් වසයෙන් වදාරණ ලද්දේය. ඒ මේ අර්‍ත්‍ථය තෙමේ ශබ්දශාස්ත්‍රයෙන් සෙවිය යුතුය. ‘සමුක්‍ඛෙටිතො’ යන මෙය මනාකොට තැති ගන්වා ඉතා කුඩා වූවක්හුගේ ද නැවත නො ඇලෙනබව දැක්වීම් වසයෙන් වදාරණ ලද්දේය.

සුද‍්ධිකවාරකථා නිට‍්ඨිතා.

සුද්ධිකවාරකථා නිමි.

වත‍්තුකාමවාරකථා

වත්තුකාමවාරකථා

වත‍්තුකාමවාරෙපි “තීහාකාරෙහී”තිආදීනං අත්‍ථො, වාරපෙය්‍යාලප‍්පභෙදො ච සබ‍්බො ඉධ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කෙවලඤ‍්හි යං “මයා විරජ‍්ඣිත්‍වා අඤ‍්ඤං වත‍්තුකාමෙන අඤ‍්ඤං වුත‍්තං, තස‍්මා නත්‍ථි මය‍්හං ආපත‍්තී”ති එවං ඔකාසගවෙසකානං පාපපුග‍්ගලානං ඔකාසනිසෙධනත්‍ථං වුත‍්තො. යථෙව හි “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති වත‍්තුකාමො “ධම‍්මං පච‍්චක‍්ඛාමී”තිආදීසු සික‍්ඛාපච‍්චක‍්ඛානපදෙසු යං වා තං වා වදන‍්තොපි ඛෙත‍්තෙ ඔතිණ‍්ණත‍්තා සික‍්ඛාපච‍්චක‍්ඛාතකොව හොති; එවං පඨමජ‍්ඣානාදීසු උත‍්තරිමනුස‍්සධම‍්මපදෙසු යංකිඤ‍්චි එකං වත‍්තුකාමො තතො අඤ‍්ඤං යං වා තං වා වදන‍්තොපි ඛෙත‍්තෙ ඔතිණ‍්ණත‍්තා පාරාජිකොව හොති. සචෙ යස‍්ස වදති, සො තමත්‍ථං තඞ‍්ඛණඤ‍්ඤෙව ජානාති. ජානනලක‍්ඛණඤ‍්චෙත්‍ථ සික‍්ඛාපච‍්චක‍්ඛානෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

චත්තුකාමවාරයෙහි ද- ‘තීහාකාරෙහි’ යනාදීන් පිළිබඳ අර්‍ත්‍ථය වාරපෙය්‍යාලයාගේ ප්‍රභෙදය ද යන සියල්ල මෙහි කියූ නයින්ම දතයුතුය. හුදෙක් ‘වරදවා අනිකක් කියනු කැමැති වූ මා විසින් යම් මේ අනෙකක් කියන ලද ද, එහෙයින් මට ඇවැත් නැතැ’යි මෙසේ ඉඩපහසුකම් සොයන පාපී පුද්ගලයන්ට අවකාශ වළකනු පිණිස වදාරණ ලද්දේය. යම්සේ ‘බුද්ධං පච්චක්‍ඛාමි’යි කියනු කැමැත්තේ ‘ධම්මං පච්චක්‍ඛාමි’ යනාදී වූ ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන පදයන් අතුරෙහි යම් ඒ පදයක් කියනුයේ ක්‍ෂෙත්‍රයෙහි බැසගත් බැවින් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන කෙළේම වේ ද, එසේ ප්‍රථමද්ධ්‍යානාදී වූ උත්තරිමනුෂ්‍ය ධර්‍මපදයන් අතුරෙහි යම්කිසි එක් පදයක් කියනු කැමැතිව එයින් අන්‍ය වූ යමක් හෝ එය හෝ කියනුයේ ද ක්‍ෂෙත්‍රයට බැසගත් බැවින් පාරාජිකම වේ. ඉදින් යමක්හට කියා ද, හෙතෙමේ ඒ ඇසිල්ලෙහිම ඒ කරුණ දැන ගණී ද, දැනීම පිළිබඳ ලක්‍ෂණ ද මේ ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන කියූ නයින්ම දතයුතුය.

අයං පන විසෙසො – සික‍්ඛාපච‍්චක‍්ඛානං හත්‍ථමුද‍්දාය සීසං න ඔතරති. ඉදං අභූතාරොචනං හත්‍ථමුද‍්දායපි ඔතරති. යො හි හත්‍ථවිකාරාදීහිපි අඞ‍්ගපච‍්චඞ‍්ගචොපනෙහි අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං විඤ‍්ඤත‍්තිපථෙ ඨිතස‍්ස පුග‍්ගලස‍්ස ආරොචෙති, සො ච තමත්‍ථං ජානාති, පාරාජිකොව හොති. අථ පන යස‍්ස ආරොචෙති, සො න ජානාති “කි අයං භණතී”ති, සංසයං වා ආපජ‍්ජති, චිරං වීමංසිත්‍වා වා පච‍්ඡා ජානාති, අප‍්පටිවිජානන‍්තො ඉච‍්චෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. එවං අප‍්පටිවිජානන‍්තස‍්ස වුත‍්තෙ ථුල‍්ලච‍්චයං හොති. යො පන ඣානාදීනි අත‍්තනො අධිගමවසෙන වා උග‍්ගහපරිපුච‍්ඡාදිවසෙන වා න ජානාති, කෙවලං ඣානන‍්ති වා විමොක‍්ඛොති වා වචනමත‍්තමෙව සුතං හොති, සොපි තෙන වුත‍්තෙ “ඣානං කිර සමාපජ‍්ජින‍්ති එස වදතී”ති යදි එත‍්තකමත‍්තම‍්පි ජානාති, ජානාතිච‍්චෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තස‍්ස වුත‍්තෙ පාරාජිකමෙව. සෙසො එකස‍්ස වා ද‍්වින‍්නං වා බහූනං වා නියමිතානියමිතවසෙන විසෙසො සබ‍්බො සික‍්ඛාපච‍්චක‍්ඛානකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති.

මෙහි මේ වෙනස ය:- ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන හස්තමුද්‍රාවෙන් කෙළවරට නොබස්නේය. මේ අභූතාරොචනය වනාහි හස්තමුද්‍රාවෙන් ද කෙළවරට නොබස්නේය. යමෙක් වනාහි හස්තවිකාරාදී වූ අඟපසඟ සැලීමෙන් අවිද්‍යමාන වූ උත්තරිමනුෂ්‍යධර්‍මය කායවිඥප්තිපථයෙහි සිටි පුද්ගලයක්හට සැල කෙරේ ද, හෙතෙමේ ඒ අර්‍ත්‍ථය දනී ද, පාරාජිකම වේ. නැවත වනාහි මොහුට කියාදැයි ‘මෙතෙමේ කුමක් කියාදැ’යි හෙතෙමේ නො දන්නේ හෝ වේ ද, සැකයට හෝ පැමිණේ ද, කලක් විමසා හෝ පසුව දැන ගණී ද දැන නො ගන්නේමය යන සඞ්ඛ්‍යාවට යන්නේය. මෙසේ දැන නො ගන්නහුට කියූ කල්හි ථුල්ලච්චය වේ. යමෙක් වනාහි ධ්‍යානාදිය තමන්ගේ අධිගම වසයෙන් හෝ උග්ගහපරිපුච්ඡාදී වසයෙන් හෝ නො දනී ද, හුදෙක් ධ්‍යානයයි හෝ විමොක්‍ෂයයි හෝ වචන මාත්‍රයක්ම අසන ලද්දේ වේ ද, හෙතෙමේ ද ඔහු විසින් කියු කල්හි මෙතෙමේ ධ්‍යානයකට සමවැදුනෙමියි කියායි මෙපමණකුත් ඉදින් දනී නම්, දනීමය යන සඞ්ඛ්‍යාවට යයි. ඔහුට කියූ කල්හි පාරාජිකයම වේ. එකකුහට හෝ දෙදෙනකුට හෝ බොහෝ දෙනකුට හෝ නියමිත අනියමිත වසයෙන් සෙසු සියලු වෙනස ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන කථාවෙහි කියූ නයින්ම දතයුතුය.

වත‍්තුකාමවාරකථා නිට‍්ඨිතා.

චත්තුකාමවාරකථා නිමි.

පච‍්චයපටිසංයුත‍්තවාරකථා

පච්චයපටිසංයුත්තවාරකථා

පච‍්චයපටිසංයුත‍්තවාරෙපි – සබ‍්බං වාරපෙය්‍යාලභෙදං පුබ‍්බෙ ආගතපදානඤ‍්ච අත්‍ථං වුත‍්තනයෙනෙව ඤත්‍වා පාළික‍්කමො තාව එවං ජානිතබ‍්බො. එත්‍ථ හි “යො තෙ විහාරෙ වසි, යො තෙ චීවරං පරිභුඤ‍්ජි, යො තෙ පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජි, යො තෙ සෙනාසනං පරිභුඤ‍්ජි, යො තෙ ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පරිභුඤ‍්ජී”ති ඉමෙ පඤ‍්ච පච‍්චත‍්තවචනවාරා, “යෙන තෙ විහාරො පරිභුත‍්තො”තිආදයො පඤ‍්ච කරණවචනවාරා, “යං ත්‍වං ආගම‍්ම විහාරං අදාසී”තිආදයො පඤ‍්ච උපයොගවචනවාරා වුත‍්තා , තෙසං වසෙන ඉධ වුත‍්තෙන සුඤ‍්ඤාගාරපදෙන සද‍්ධිං පුබ‍්බෙ වුත‍්තෙසු පඨමජ‍්ඣානාදීසු සබ‍්බපදෙසු වාරපෙය්‍යාලභෙදො වෙදිතබ‍්බො. “යො තෙ විහාරෙ, යෙන තෙ විහාරො, යං ත්‍වං ආගම‍්ම විහාර”න‍්ති එවං පරියායෙන වුත‍්තත‍්තා පන “අහ”න‍්ති ච අවුත‍්තත‍්තා පටිවිජානන‍්තස‍්ස වුත‍්තෙපි ඉධ ථුල‍්ලච‍්චයං, අපටිවිජානන‍්තස‍්ස දුක‍්කටන‍්ති අයමෙත්‍ථ විනිච‍්ඡයො.

පච්චයපටිසංයුත්තවාරයෙහි ද - සියලු වාරපෙය්‍යාලභෙදය ද පෙර ආවා වූ පදයන්ගේ අර්‍ත්‍ථ ද කියූ නයින්ම දැන පාලික්‍රමය පළමුකොට මෙසේ දතයුතුය. මෙහි වනාහි ‘යමෙක් තාගේ විහාරයෙහි විසූයේ ද, යමෙක් තාගේ සිවුරු පරිභොග කෙළේ ද, යමෙක් තාගේ පිණ්ඩපාතය වැළඳූයේ ද, යමෙක් තාගේ සෙනසුන් පරිභොග කෙළේ ද යමෙක් තාගේ ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳූයේ ද, යන මේ පස් වැදෑරුම් පච්චත්තවචනවාරයෝ ‘යමකු විසින් තාගේ විහාරය පරිභොග කරන ලද්දේ ද යනාදී වූ පස්වැදෑරුම් කරණවචනවාරයෝ තෝ යමකු උදෙසා විහාරය දුන්නේ ද, යනාදී වූ පස්වැදෑරුම් උපයොග වචන වාරයෝ කියන ලද්දාහු ද, ඒ වාරයන්ගේ වසයෙන් මෙහි කියන ලද ශුන්‍යගාර පදය සමග පෙර කියූ ප්‍රථමද්ධ්‍යානාදී වූ සියලු පදයන්හි වාරපෙය්‍යාලභෙදය දතයුතුය. ‘යො තෙ විහාරෙ, යෙන තෙ විහාරො, යං ත්‍වං ආගම්ම විහාරං’යි මෙසේ පිළිවෙළින් කියූ බැවින් වනාහි ‘අහං’යි නො කියූ බැවින් ද දැනගන්නහුට කියූ කල්හි ද මෙහි ථුල්ලච්චය වේ. නො දන්නහුට කියූ කල්හි දුක්කටය වේ ය යනු මෙහි විනිශ්චය වේ.

අනාපත‍්තිභෙදකථා

අනාපත්තිභෙදකථා

එවං විත්‍ථාරවසෙන ආපත‍්තිභෙදං දස‍්සෙත්‍වා ඉදානි අනාපත‍්තිං දස‍්සෙන‍්තො “අනාපත‍්ති අධිමානෙනා”තිආදිමාහ. තත්‍ථ අධිමානෙනාති අධිගතමානෙන සමුදාචරන‍්තස‍්ස අනාපත‍්ති. අනුල‍්ලපනාධිප‍්පායස‍්සාති කොහඤ‍්ඤෙ ඉච‍්ඡාචාරෙ අඨත්‍වා අනුල‍්ලපනාධිප‍්පායස‍්ස සබ්‍රහ‍්මචාරීනං සන‍්තිකෙ අඤ‍්ඤං බ්‍යාකරොන‍්තස‍්ස අනාපත‍්ති. උම‍්මත‍්තකාදයො පුබ‍්බෙ වුත‍්තනයාඑව. ඉධ පන ආදිකම‍්මිකා වග‍්ගුමුදාතීරියා භික‍්ඛූ. තෙසං අනාපත‍්තීති.

මෙසේ විස්තර වශයෙන් ආපත්තිභෙදය දක්වා දැන් අනාපත්තිභෙදය දක්වන සේක් ‘අනාපත්ති අධිමානෙන’ යනාදිය වදාළ සේක. එහි එහි ‘අධිමානෙන’ අධිකමානයෙන් කියූ ආකාර ඇති උත්තරිමනුෂ්‍යධර්‍මය අත්තුපනායික කොට ආරොචනය කරන්නහුට ඇවැත් නොවේ. ‘අනුල්ලපනාධිප්පායස්ස’ කුහකබවෙහි හෝ ඉච්ඡාචාරයෙහි හෝ නො පිහිටා නො කියන අදහස් ඇත්තා වූ ද සබ්‍රම්සරුන් වෙත රහත්බව ප්‍රකාශ කරන්නහුට ඇවැත් නො වේ. උන්මත්තකාදීහු පෙර කියූ නය ඇත්තාහුමය. මෙහි වනාහි වග්ගුමුදාතීරිය භික්‍ෂූහු ආදිකර්මිකයෝය. ඔවුන්ට ඇවැත් නොවේ.

පදභාජනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

පදභාජනීය වර්‍ණනා නිමි.

සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං තිසමුට‍්ඨානං – හත්‍ථමුද‍්දාය ආරොචෙන‍්තස‍්ස කායචිත‍්තතො, වචීභෙදෙන ආරොචෙන‍්තස‍්ස වාචාචිත‍්තතො, උභයං කරොන‍්තස‍්ස කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති. කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනං හසන‍්තොපි හි සොමනස‍්සිකො උල‍්ලපති භායන‍්තොපි මජ‍්ඣත‍්තොපීති.

සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ත්‍රිසමුත්‍ථානය. හස්තමුද්‍රාවෙන් සැලකරන්නහුට කායචිත්තයෙන්, වාග්භෙදයෙන් සැලකරන්නහුට වාචාචිත්තයෙන්, කායචිත්ත - වාචාචිත්ත දෙකින් සැලකරන්නහුට කායවාචාචිත්තයෙන් සමුත්‍ථානය වේ. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුත්‍ථානය වේ. ව්‍යතික්‍රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්‍ෂය. සිත් ඇතිව කටයුතු බැවින් සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍ම යි. අකුශලචිත්ත යි. ත්‍රිවෙදන යි. සිනාසෙන්නේ ද සොම්නස් ඇත්තෙක්ව ප්‍රකාශ කරයි. මා කෙරෙහි උත්තරිමනුෂ්‍යධර්‍මය නැති බව දන්නා අන්‍යයෝ ද ඇත්තාහයි බිය වන්නේ ද මද්ධ්‍යස්ථ ද වූයේයයි.