සවිභඞ්ගසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
සවිභඞ්ගසික්ඛාපදවණ්ණනා
සවිභඞ්ගසික්ඛාපදවණ්ණනා
අනභිජානන්ති න අභිජානං. යස්මා පනායං අනභිජානං සමුදාචරති, ස්වස්ස සන්තානෙ අනුප්පන්නො ඤාණෙන ච අසච්ඡිකතොති අභූතො හොති. තෙනස්ස පදභාජනෙ “අසන්තං අභූතං අසංවිජ්ජමාන”න්ති වත්වා “අජානන්තො අපස්සන්තො”ති වුත්තං .
‘අනිභිජානං’ ‘න+අභිජානං’ නො දන්නේය. යම්හෙයකින් මෙතෙමේ උත්තරිමනුෂ්යධර්මය තමන් කෙරෙහි ඇති බව නො දන්නේ ‘මට මේ ධර්මය ඇතැ’යි කියාද, දැන්වීම හෝ කෙරේද, ඒ ධර්මය මොහුගේ සන්තානයෙහි නො උපන්නේය. නුවණින් ද සාක්ෂාත් නො කරන ලද්දේය. නොවූයේවේය. එහෙයින් මෙහි පදභාජනයෙහි ‘අසන්තං අභුතං අසංවිජ්ජමානං’යි වදාරා ‘අජානන්තො අපස්සන්තො’ යනු වදාරණ ලද්දේය.
උත්තරිමනුස්සධම්මන්ති උත්තරිමනුස්සානං ඣායීනඤ්චෙව අරියානඤ්ච ධම්මං. අත්තුපනායිකන්ති අත්තනි තං උපනෙති, අත්තානං වා තත්ථ උපනෙතීති අත්තුපනායිකො, තං අත්තුපනායිකං; එවං කත්වා සමුදාචරෙය්යාති සම්බන්ධො. පදභාජනෙ පන යස්මා උත්තරිමනුස්සධම්මො නාම ඣානං විමොක්ඛං සමාධි සමාපත්ති ඤාණදස්සනං…පෙ… සුඤ්ඤාගාරෙ අභිරතීති එවං ඣානාදයො අනෙකධම්මා වුත්තා. තස්මා තෙසං සබ්බෙසං වසෙන අත්තුපනායිකභාවං දස්සෙන්තො “තෙ වා කුසලෙ ධම්මෙ අත්තනි උපනෙතී”ති බහුවචනනිද්දෙසං අකාසි. තත්ථ “එතෙ ධම්මා මයි සන්දිස්සන්තී”ති සමුදාචරන්තො අත්තනි උපනෙති. “අහං එතෙසු සන්දිස්සාමී”ති සමුදාචරන්තො අත්තානං තෙසු උපනෙතීති වෙදිතබ්බො.
‘උත්තරිමනුස්සධම්මං’ උත්තම මනුෂ්‍ය වූ ධ්‍යානලාභීන්ගේ ද, ආර්‍ය්‍යයන්ගේ ද ධර්මය ය. ‘අත්තූපනායිකං’ තමන් කෙරෙහි ඒ උත්තරිමනුෂ්යධර්මය එළවානුයි හෝ තමන් හෝ ඒ උත්තරිමනුෂ්යධර්මය කෙරෙහි එළවානුයි අත්තූපනායක නම් වේ. ඒ අත්තූපනායිකය මෙසේ කොට දන්වන්නේය යනු හා සම්බන්ධ වේ. පදභාජනයෙහි වනාහි යම්හෙයකින් ‘උත්තරිමනුස්සධම්මො නාම ඣානවිමොක්ඛසමාධිසමාපත්ති ඤාණදස්සනං -පෙ- සුඤ්ඤාගාරෙ අභිරති’ මෙසේ ධ්‍යානාදී වූ නොයෙක් ධර්මයෝ වදාරණ ලද්දාහු ද, එහෙයින් ඒ සියලු ධර්මයන්ගේ වසයෙන් අත්තූපනායිකභාවය දක්වන සේක් ‘තෙ වා කුසලෙ ධම්මෙ අත්තනි උපනෙති’යි බහුවචනයෙන් දැක්වීම කළ සේක. එහි ‘මේ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහ’යි කියමින් ඒ ධර්ම තමන් කෙරෙහි එළවයි. ‘මම ඒ ධර්මයන් කෙරෙහි දක්නෙමි’යි කියමින් තමන් ඒ ධර්මයන් කෙරෙහි එළවානුයි දතයුතුය.
අලමරියඤාණදස්සනන්ති එත්ථ ලොකියලොකුත්තරා පඤ්ඤා ජානනට්ඨෙන ඤාණං, චක්ඛුනා දිට්ඨමිව ධම්මං පච්චක්ඛකරණතො දස්සනට්ඨෙන දස්සනන්ති ඤාණදස්සනං. අරියං විසුද්ධං උත්තමං ඤාණදස්සනන්ති අරියඤාණදස්සනං. අලං පරියත්තං කිලෙසවිද්ධංසනසමත්ථං අරියඤාණදස්සනමෙත්ථ, ඣානාදිභෙදෙ උත්තරිමනුස්සධම්මෙ අලං වා අරියඤාණදස්සනමස්සාති අලමරියඤාණදස්සනො, තං අලමරියඤාණදස්සනං උත්තරිමනුස්සධම්මන්ති එවං පදත්ථසම්බන්ධො වෙදිතබ්බො. තත්ථ යෙන ඤාණදස්සනෙන සො අලමරියඤාණදස්සනොති වුච්චති. තදෙව දස්සෙතුං “ඤාණන්ති තිස්සො විජ්ජා, දස්සනන්ති යං ඤාණං තං දස්සනං; යං දස්සනං තං ඤාණ”න්ති විජ්ජාසීසෙන පදභාජනං වුත්තං. මහග්ගතලොකුත්තරා පනෙත්ථ සබ්බාපි පඤ්ඤා “ඤාණ”න්ති වෙදිතබ්බා.
‘අලමරියඤාණදස්සනං’ මෙහි ලෞකිකලොකොත්තර ප්‍රඥා තොමෝ ප්‍රකාරයෙන් දන්නා අර්ත්ථයෙන් ඤාණ නමි. ධර්මය ඇසින් දුටුවක් මෙන් කරන හෙයින් දර්‍ශනාර්‍ත්‍ථයෙන් දස්සනනුයි ඤාණදස්සන නමි. ආර්‍ය්‍ය වූ පිරිසිදු වූ උතුම් වූ ඤාණදස්සන නු යි අරියඤාණදස්සන නමි. කෙලෙස් නැසීමෙහි සමර්ත්ථ වූ ප්‍රමාණවත් වූ අරියඤාණදස්සනය මෙහි ධ්යානාදිප්රභෙද ඇති උත්තරිමනුෂ්‍යධර්‍මයෙහි සමර්ත්ථ වූ හෝ අරියඤාණදස්සනය මොහුට නුයි අලමරියඤාණදස්සන නමි. ඒ ආර්ය්යඥානදර්ශනයට සමර්ත්ථ වූ උත්තරිමනුෂ්යධර්මයයි. මෙසේ පදාර්ත්ථසම්බන්ධය දතයුත්තේය. එහි යම් ඥානදර්ශනයකින් හෙතෙමේ අලමරියඤාණ දස්සනයි කියනු ලැබේ ද, එයම දක්වන්නට ‘ඤාණං’ යනු ත්‍රිවිද්‍යා ය. ‘දස්සනං’ යනු යම් ඥානයෙක් වේ ද, ඒ දස්සනය. යම් දස්සනයෙක් වේ ද, ඒ ඤාණයි. විද්යාශීර්ෂයෙන් පදභාජනය වදාරණ ලද්දේය. මෙහි සියලු මහද්ගත ලොකොත්තර ප්‍රඥාවෝ ඤාණයි දතයුතුය.
සමුදාචරෙය්යාති වුත්තප්පකාරමෙතං උත්තරිමනුස්සධම්මං අත්තුපනායිකං කත්වා ආරොචෙය්ය. ඉත්ථියා වාතිආදි පන ආරොචෙතබ්බපුග්ගලනිදස්සනං. එතෙසඤ්හි ආරොචිතෙ ආරොචිතං හොති න දෙවමාරබ්රහ්මානං, නාපි පෙතයක්ඛතිරච්ඡානගතානන්ති. ඉති ජානාමි ඉති පස්සාමීති සමුදාචරණාකාරනිදස්සනමෙතං. පදභාජනෙ පනස්ස “ජානාමහං එතෙ ධම්මෙ, පස්සාමහං එතෙ ධම්මෙ”ති ඉදං තෙසු ඣානාදීසු ධම්මෙසු ජානනපස්සනානං පවත්තිදීපනං, “අත්ථි ච මෙ එතෙ ධම්මා”තිආදි අත්තුපනායිකභාවදීපනං .
‘සමුදාචරෙය්‍ය’ උක්තප්‍රකාර වූ මේ උත්තරිමනුෂ්යධර්මය අත්තූපනායිකකොට සැලකරන්නේය. ‘ඉත්ථියා වා’ යනාදිය වනාහි සැළ කළ යුතු වූ පුද්ගලයන් දැක්වීමය. මොවුන්ට සැළකළ කල්හි සැළකරන ලද්දේ වේ. දෙව මාර බ්‍රහ්මයන්ට සැළ කළ කල්හි සැලකරන ලද්දේ නොවේ. ප්‍රේත යක්ෂ තිර්ය්යග්ගතයන්ට සැළ කළ කල්හි සැළකරන ලද්දේ නොවේ. ‘ඉති ජානාමි, ඉති පස්සාමි’ යන මෙය, එය කියා පෑමෙහි ආකාර දැක්වීමය. මෙහි පදභාජනයෙහි ‘ජානාමහං එතෙ ධම්මෙ, පස්සාමහං එතෙ ධම්මෙ’ යන මෙය ඒ ධ්‍යානාදී වූ ධර්මයන්හි දැනීම් දැකීම් පිළිබඳ පැවැතුම් දැක්වීමය. ‘අර්ත්ථ ච මෙ එතෙ ධම්මා’ යනාදිය අත්තූපනායිකභාවය දැක්වීමය.
තතො අපරෙන සමයෙනාති ආපත්තිපටිජානනසමයදස්සනමෙතං. අයං පන ආරොචිතක්ඛණෙයෙව පාරාජිකං ආපජ්ජති. ආපත්තිං පන ආපන්නො යස්මා පරෙන චොදිතො වා අචොදිතො වා පටිජානාති; තස්මා “සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා”ති වුත්තං.
‘තතො අපරෙන සමයෙන’ යනු ඇවැත් පිළිදන්වන කාලය දැක්වීමය. මෙතෙමේ වනාහි දැන්වීම කළ කෙණෙහිම පාරාජිකයට පැමිණේ. ඇවැතට පැමිණියේ වනාහි යම්හෙයකින් අන්හු විසින් චෝදනා කරන ලද්දේ හෝ චෝදනා නොකරන ලද්දේ හෝ පිළිදන්වා ද, එහෙයින් ‘සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා’යි වදාරණ ලද්දේය.
තත්ථ සමනුග්ගාහියමානෙ තාව – කිං තෙ අධිගතන්ති අධිගමපුච්ඡා; ඣානවිමොක්ඛාදීසු, සොතාපත්තිමග්ගාදීසු වා කිං තයා අධිගතන්ති. කින්ති තෙ අධිගතන්ති උපායපුච්ඡා. අයඤ්හි එත්ථාධිප්පායො – කිං තයා අනිච්චලක්ඛණං ධුරං කත්වා අධිගතං, දුක්ඛානත්තලක්ඛණෙසු අඤ්ඤතරං වා? කිං වා සමාධිවසෙන අභිනිවිසිත්වා, උදාහු විපස්සනාවසෙන? තථා කිං රූපෙ අභිනිවිසිත්වා, උදාහු අරූපෙ? කිං වා අජ්ඣත්තං අභිනිවිසිත්වා, උදාහු බහිද්ධාති? කදා තෙ අධිගතන්ති කාලපුච්ඡා. පුබ්බණ්හමජ්ඣන්හිකාදීසු කතරස්මිං කාලෙති වුත්තං හොති? කත්ථ තෙ අධිගතන්ති ඔකාසපුච්ඡා. කතරස්මිං ඔකාසෙ, කිං රත්තිට්ඨානෙ, දිවාට්ඨානෙ, රුක්ඛමූලෙ, මණ්ඩපෙ, කතරස්මිං වා විහාරෙති වුත්තං හොති. කතමෙ තෙ කිලෙසා පහීනාති පහීනකිලෙසපුච්ඡා. කතරමග්ගවජ්ඣා තව කිලෙසා පහීනාති වුත්තං හොති. කතමෙසං ත්වං ධම්මානං ලාභීති පටිලද්ධධම්මපුච්ඡා. පඨමමග්ගාදීසු කතමෙසං ධම්මානං ත්වං ලාභීති වුත්තං හොති.
එහි විචාරණු ලබන්නහු කෙරෙහි වනාහි පළමුකොට ‘කිං තෙ අධිගතං’ යනු අධිගමය විචාරීමය. ධ්යානවිමොක්ෂාදීන් අතුරෙහි හෝ ස්‍රොතාපත්ති මාර්ගාදීන් අතුරෙහි හෝ තා විසින් කුමක් අවබොධ කරණ ලද්දේ ද, යනුයි. ‘කින්ති තෙ අධිගතං’ යනු උපායය විචාරීමය. මේ වනාහි මෙහි අදහස වන්නේය:- ‘කිම? තා විසින් අනිත්යලක්ෂණය ධුරකොට අවබොධ කරණ ලද්දේ ද? දුඃඛ අනාත්ම ලක්ෂණයන් අතුරෙහි එක්තරා එකක් හෝ ධුර කොට අවබොධ කරන ලද්දේ ද? කිම? සමාධි වසයෙන් පිවිස හෝ අවබොධ කරණ ලද්දේ ද? නොහොත් විදර්ශනා වශයෙන් පිවිස අවබොධ කරණ ලද්දේ ද? කිම? එසේ රූපයෙහි පිවිස නොහොත් බාහිරාත්මයෙහි පිවිස අවබොධ කරණ ලද්දේ ද? ‘කදා තෙ අධිගතං’ යනු කාලය විචාරීමය. පූර්වාහන මද්ධ්යාහ්න කාලාදීන් අතුරෙහි කවර කලෙකදැයි කියන ලද්දේය. ‘කත්ථ තෙ අධිගතං’ යනු අවකාශය විචාරීමය. කිනම් අවකාශයෙක්හි, කිම? රෑතන්හි, දිවාතන්හි, රුක්මුලෙක්හි, මණ්ඩපයෙක්හි, කවර විහාරයෙක්හි හෝ යි කියන ලද්දේ වේ. ‘කතමෙ තෙ කිලෙසා පහිණා’ යනු පැහූ කෙලෙස් විචාරීමය. කවර මාර්ගයකින් නැසිය යුතු වූ තාගේ ක්ලේශයෝ ප්‍රහීණ වූවාහුදැයි කියන ලද්දේ වේ. ‘කතමෙසං ත්වං ධම්මානං ලාභි’ යනු පිළිලද දහම් පිළිබඳ විචාරීමය. තෝ ප්‍රථම මාර්ගාදීන් අතුරෙහි කවර ධර්ම කෙනකුන් ලාභීදැයි කියන ලද්දේ වේ.
තස්මා ඉදානි චෙපි කොචි භික්ඛු උත්තරිමනුස්සධම්මාධිගමං බ්යාකරෙය්ය, න සො එත්තාවතාව සක්කාතබ්බො. ඉමෙසු පන ඡසු ඨානෙසු සොධනත්ථං වත්තබ්බො – “කිං තෙ අධිගතං, කිං ඣානං, උදාහු විමොක්ඛාදීසු අඤ්ඤතර”න්ති? යො හි යෙන අධිගතො ධම්මො, සො තස්ස පාකටො හොති. සචෙ “ඉදං නාම මෙ අධිගත”න්ති වදති, තතො “කින්ති තෙ අධිගත”න්ති පුච්ඡිතබ්බො, “අනිච්චලක්ඛණාදීසු කිං ධුරං කත්වා අට්ඨතිංසාය වා ආරම්මණෙසු රූපාරූපඅජ්ඣත්තබහිද්ධාදිභෙදෙසු වා ධම්මෙසු කෙන මුඛෙන අභිනිවිසිත්වා”ති යො හි යස්සාභිනිවෙසො, සො තස්ස පාකටො හොති. සචෙ “අයං නාම මෙ අභිනිවෙසො එවං මයා අධිගත”න්ති වදති, තතො “කදා තෙ අධිගත”න්ති පුච්ඡිතබ්බො, “කිං පුබ්බණ්හෙ, උදාහු මජ්ඣන්හිකාදීසු අඤ්ඤතරස්මිං කාලෙ”ති සබ්බෙසඤ්හි අත්තනා අධිගතකාලො පාකටො හොති. සචෙ “අසුකස්මිං නාම කාලෙ අධිගතන්ති වදති, තතො “කත්ථ තෙ අධිගත”න්ති පුච්ඡිතබ්බො, “කිං දිවාට්ඨානෙ, උදාහු රත්තිට්ඨානාදීසු අඤ්ඤතරස්මිං ඔකාසෙ”ති සබ්බෙසඤ්හි අත්තනා අධිගතොකාසො පාකටො හොති. සචෙ “අසුකස්මිං නාම මෙ ඔකාසෙ අධිගත”න්ති වදති, තතො “කතමෙ තෙ කිලෙසා පහීනා”ති පුච්ඡිතබ්බො, “කිං පඨමමග්ගවජ්ඣා, උදාහු දුතියාදිමග්ගවජ්ඣා”ති සබ්බෙසඤ්හි අත්තනා අධිගතමග්ගෙන පහීනකිලෙසා පාකටා හොන්ති. සචෙ “ඉමෙ නාම මෙ කිලෙසා පහීනා”ති වදති, තතො “කතමෙසං ත්වං ධම්මානං ලාභී”ති පුච්ඡිතබ්බො , “කිං සොතාපත්තිමග්ගස්ස, උදාහු සකදාගාමිමග්ගාදීසු අඤ්ඤතරස්සා”ති සබ්බෙසං හි අත්තනා අධිගතධම්මා පාකටා හොන්ති. සචෙ “ඉමෙසං නාමාහං ධම්මානං ලාභී”ති වදති, එත්තාවතාපිස්ස වචනං න සද්ධාතබ්බං, බහුස්සුතා හි උග්ගහපරිපුච්ඡාකුසලා භික්ඛූ ඉමානි ඡ ඨානානි සොධෙතුං සක්කොන්ති.
එහෙයින් දැනුදු කිසි මහණෙක් තෙමේ උත්තරිමනුෂ්යධර්මාවබොධයක් ප්‍රකාශ කරන්නේ නම් හෙතෙමේ මෙපමණකින්ම සත්කාර නො කටයුත්තේය. මේ සතැන පිරිසිදු කරගනු පිණිස ‘තා විසින් කුමක් අවබෝධ කරණ ලද ද, කිම? ධ්‍යානයක් අවබොධ කරන ලද ද: නොහොත් විමොක්ෂාදීන් අතුරෙහි එක්තරා එකක් අවබොධ කරන ලදදැයි කියයුතුය. යමකු විසින් යම් ධර්මයක් අවබොධ කරණ ලද්දේ ද, ඒ ධර්මය ඔහුට ප්‍රකට වේ. ඉදින් ‘මෙ නම් ධර්මය මා විසින් අවබෝධ කරන ලදැ’යි කියා නම්, ඉක්බිති ‘කවර අයුරකින් අවබොධ කරන ලද ද අනිත්යාදිලක්ෂණාදීන් අතුරෙහි කුමක් ධුර කොට අටතිස් අරමුණු අතුරෙහි හෝ, රූපාරූප ආධ්‍යාත්මික බාහිරාදි ප්‍රභේද වූ ධර්ම අතුරෙහි හෝ කවර කරුණකින් පිවිසදැයි විචාළ යුතුය. යමක්හට යමෙක අභිනිවේශයක් වේ ද, ඒ අභිනිවේශය ඔහුට ප්‍රකට වේ. ඉදින් මේ නම් මාගේ අභිනිවෙශය ය, මා විසින් මෙසේ අවබොධ කරන ලදැයි කියා නම්, ඉන් පසු ‘කවර කලෙක තා විසින් අවබොධ කරන ලද ද’ කිම? පෙරවරු කාලයෙහි නොහොත් මැදිදවල් ආදීන් අතුරෙහි එක්තරා කාලයෙකදැයි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ කාලය ප්‍රකට වේ. ඉදින් ‘අසුවල් කාලයෙහි අවබොධ කරන ලදැයි කියා නම්, ඉන්පසු ‘කොතැනක දී තා විසින් අවබොධ කරන ලදද, කිම? දිවා තන්හි නොහොත් රෑ තැන් ආදීන් අතුරෙහි එක්තරා අවකාශයෙක්හිදැයි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ අවකාශය ප්‍රකට වේ. ඉදින් අසුවල් නම් අවකාශයෙහි දී අවබෝධ කරන ලදැයි කියා නම්, ඉන් පසු ‘තා විසින් කවර නම් ක්ලෙශයෝ ප්‍රහීණ කරණ ලද්දාහු ද? කිම? ප්‍රථම මාර්ගයෙන් නැසිය යුත්තාහු ද? නොහොත් ද්විතියාදි මාර්ගයෙන් නැසිය යුත්තාහුදැයි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ මාර්ගයෙන් ප්‍රහීණ ක්ලෙශයෝ ප්‍රකට වෙත්. ඉදින් ‘මා විසින් මෙනම් ක්ලෙශයෝ ප්‍රහීණ කරන ලදහ’යි කියා නම්, ඉන්පසු ‘තෝ කවර ධර්මලාභීවෙහි ද? කිම? ස්‍රොතාපත්ති මාර්ගය නොහොත් සකෘදාගාමී මාර්ගාදීන් අතුරෙහි එක්තරා එකක් ලාභී වෙහිදැ’යි විචාළ යුතුය. සියල්ලන්ට වනාහි තමන් අවබෝධ කළ ධර්මය ප්‍රකට වේ. මම මෙනම් ධර්මලාභී වෙමියි කියා නම්, මෙපමණකිනුදු මොහුගේ වචනය නො ඇදහිය යුතුය. බහුශ්‍රැත වූ සජ්ඣායනාමාර්ග වර්ණනාවන්හි දක්ෂ වූ භික්ෂූහු මේ සකරුණ පිරිසිදුකොට කියාපාන්නට සමර්ත්ථ වෙති.
ඉමස්ස පන භික්ඛුනො ආගමනපටිපදා සොධෙතබ්බා. යදි ආගමනපටිපදා න සුජ්ඣති, “ඉමාය පටිපදාය ලොකුත්තරධම්මො නාම න ලබ්භතී”ති අපනෙතබ්බො. යදි පනස්ස ආගමනපටිපදා සුජ්ඣති, “දීඝරත්තං තීසු සික්ඛාසු අප්පමත්තො ජාගරියමනුයුත්තො චතූසු පච්චයෙසු අලග්ගො ආකාසෙ පාණිසමෙන චෙතසා විහරතී”ති පඤ්ඤායති, තස්ස භික්ඛුනො බ්‍යාකරණං පටිපදාය සද්ධිං සංසන්දති. “සෙය්යථාපි නාම ගඞ්ගොදකං යමුනොදකෙන සද්ධිං සංසන්දති සමෙති; එවමෙව සුපඤ්ඤත්තා තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානඤ්ච පටිපදා චා”ති (දී· නි· 2.296) වුත්තසදිසං හොති.
මේ මහණහුගේ යම් ප්‍රතිපත්තියක් යමක්හට ආර්ය්යමාර්ගය පැමිණේ ද, ඒ පූර්වභාග ප්රතිපත්තිසඞ්ඛ්යාත ආගමන ප්‍රතිපදා තොමෝ ශුද්ධ ද, අශුද්ධදැයි විචාරීම් වසයෙන් ශුද්ධ කටයුතුය. ඉදින් ආගමන ප්‍රතිපදා තොමෝ පිරිසිදු නොවේද, මේ ප්‍රතිපදාවෙන් ලෝකෝත්තර ධර්මය නම් නොලැබේ යයි බැහැර කළ යුතුය. ඉදින් වනාහි මොහුගේ ආගමන ප්‍රතිපදා තොමෝ පිරිසිදු වේද, බොහෝ කලක් මුළුල්ලෙහි ත්‍රිවිධ ශික්ෂාවන්හි අප්‍රමත්ත වූයේ නිදිවැරීමෙහි යෙදුනේ සිවුපසයෙහි නො ලැගුනේ අහසෙහි අත්ල සමාන වූ සිතින් යුක්තව වාසය කෙරේයයි පැණේ ද, ඒ මහණහුගේ විවරණය ප්‍රකාශය ප්‍රතිපදාව හා සැසඳෙන්නේය. ගඞ්ගා නදී ජලය යමුනා නදී ජලය හා යම් සේ සැසඳේ ද සමවේ ද, එපරිද්දෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණ ගාමිණී ප්රතිපදාතොමෝ මැනැවින් පණවන ලද්දීය. නිර්වාණය ද ප්‍රතිපදාව ද සැසඳේයයි සූත්‍රයෙහි කියන ලද්ද හා සමාන වේ.
අපිච ඛො න එත්තකෙනාපි සක්කාරො කාතබ්බො. කස්මා? එකච්චස්ස හි පුථුජ්ජනස්සාපි සතො ඛීණාසවපටිපත්තිසදිසා පටිපදා හොති, තස්මා සො භික්ඛු තෙහි තෙහි උපායෙහි උත්තාසෙතබ්බො. ඛීණාසවස්ස නාම අසනියාපි මත්ථකෙ පතමානාය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා න හොති. සචස්ස භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා උප්පජ්ජති, “න ත්වං අරහා”ති අපනෙතබ්බො. සචෙ පන අභීරූ අච්ඡම්භී අනුත්රාසී හුත්වා සීහො විය නිසීදති, අයං භික්ඛු සම්පන්නවෙය්යාකරණො සමන්තා රාජරාජමහාමත්තාදීහි පෙසිතං සක්කාරං අරහතීති.
එහෙත් මෙපමණකිනුදු සත්කාර නො කටයුතුය. කවර හෙයින යත්: ඇතැම් පෘථග්ජනයක්හුගේ ද ප්රතිපදාතොමෝ රහතුන්ගේ ප්‍රතිපදාව සමාන වේ ද එහෙයින් ඒ මහණ තෙමේ ඒ ඒ උපායයන්ගෙන් තැතිගැන්විය යුතුය. රහතුන් වහන්සේට වනාහි හෙණක් නමුදු මුදුනෙහි වැටෙන කල්හිදු බියක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදැහැගැන්මෙක් හෝ නොවේ. ඉදින් මොහුට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදහගැන්මක් හෝ උපදී ද, එහෙයින් ‘තෝ රහත් නො වෙහි’යි බැහැර කළ යුතුය. ඉදින් වනාහි නො බියව වෙවුලීම් නැතිව තැති ගැණුම් නැතිව සිංහයකු මෙන් හිඳී ද, එසේ ඇති කල්හි මේ මහණ තෙමේ සුදුසු පැවසීම් ඇත්තේ වේ. හාත්පසින් රාජරාජමහාමාත්‍යාදීන් විසින් එවන ලද සත්කාරයට සුදුසු වේ.
පාපිච්ඡොති යා සා “ඉධෙකච්චො දුස්සීලොව සමානො සීලවාති මං ජනො ජානාතූති ඉච්ඡතී”තිආදිනා (විභ· 851) නයෙන වුත්තා පාපිච්ඡා තාය සමන්නාගතො. ඉච්ඡාපකතොති තාය පාපිකාය ඉච්ඡාය අපකතො අභිභූතො පාරාජිකො හුත්වා.
‘පාපිච්ඡො’ ශාසනයෙහි ඇතැම් එකෙක් දුශ්ශීල වූයේ මා සිල්වත් යි ජනතෙමේ දැන ගනීවායි කැමති වේය යනාදි නයින් යම් ඒ ලාමක ඊපසාවක් වදාරණ ලද්දී ද, ඒ පාපෙප්සාවෙන් යුක්ත වූයේය. ‘ඉච්ඡාපකතො’ ඒ ලාමක ඊප්සාවෙන් සම්‍යක් ආජීවයෙන් පහකරන ලද්දේ මඩනා ලද්දේ පැරදුනෙක්ව
විසුද්ධාපෙක්ඛොති අත්තනො විසුද්ධිං අපෙක්ඛමානො ඉච්ඡමානො පත්ථයමානො. අයඤ්හි යස්මා පාරාජිකං ආපන්නො, තස්මා භික්ඛුභාවෙ ඨත්වා අභබ්බො ඣානාදීනි අධිගන්තුං, භික්ඛුභාවො හිස්ස සග්ගන්තරායො චෙව හොති මග්ගන්තරායො ච. වුත්තඤ්හෙතං – “සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායුපකඩ්ඪතී”ති (ධ· ප· 311). අපරම්පි වුත්තං – “සිථිලො හි පරිබ්බාජො, භිය්යො ආකිරතෙ රජ”න්ති (ධ· ප· 313). ඉච්චස්ස භික්ඛුභාවො විසුද්ධි නාම න හොති . යස්මා පන ගිහී වා උපාසකො වා ආරාමිකො වා සාමණෙරො වා හුත්වා දානසරණසීලසංවරාදීහි සග්ගමග්ගං වා ඣානවිමොක්ඛාදීහි මොක්ඛමග්ගං වා ආරාධෙතුං භබ්බො හොති, තස්මාස්ස ගිහිආදිභාවො විසුද්ධි නාම හොති, තස්මා තං විසුද්ධිං අපෙක්ඛනතො “විසුද්ධාපෙක්ඛො”ති වුච්චති. තෙනෙව චස්ස පදභාජනෙ “ගිහී වා හොතුකාමො”තිආදි වුත්තං.
‘විසුද්ධාපෙක්ඛා’ තමන්ගේ පිරිසිදුබව බලාපොරොත්තුවනුයේ කැමැතිවනුයේ පතනුයේය. යම්හෙයකින් මෙතෙමේ පාරාජිකයට පැමිණියේ ද, එහෙයින් භික්‍ෂුභාවයෙහි සිට ධ්‍යානාදීන් ලබන්නට සුදුසු නොවේ. මොහුගේ භික්ෂුභාවය තෙමේ ස්වර්ගයට හා මාර්ගයට අන්තරායයෙක් වේ. ‘ශ්‍රමණභාවය ඛණ්ඩසීලතාදියෙන් පහස්නා ලද්දේ නිරයෙහි උපදවා, මෙය වදාරණ ලද්දේමය. ‘ලිහිල්ව ගත් ඛණ්ඩාදිභාවයට ගිය පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවා’යි අනෙකෙක් ද වදාරණ ලද්දේය. මේ ආකාර වූ මොහුගේ භික්ෂුභාවය තෙමේ පිරිසිදු නම් නොවේ. යම්හෙයකින් වනාහි ගිහියෙක්ව හෝ උපාසකයෙක්ව හෝ ආරාමිකයෙක්ව හෝ සාමණේරයෙක්ව හෝ දාන සරණ සීලසංවරාදියෙන් ස්වර්ගමාර්ගය හෝ ධ්යානවිමොක්ෂාදියෙන් මොක්ෂමාර්ගය හෝ සිද්ධ කරන්නට සුදුසු වේ ද, එහෙයින් මොහුගේ ගිහි ආදිභාවය විශුද්ධියට කරුණු වන බැවින් පිරිසිදු වූයේ නම් වේ. එහෙයින් ඒ විශුද්ධිය බලාපොරොත්තු වන බැවින් විසුද්ධාපෙක්ඛයි කියනු ලැබේ. එහෙයින්ම මෙහි පදභාජනයෙහි ‘ගිහී වා හොතුකාමො’ යනාදිය වදාරණ ලද්දේය.
එවං වදෙය්යාති එවං භණෙය්ය. කථං? “අජානමෙවං ආවුසො අවචං ජානාමි, අපස්සං පස්සාමී”ති. පදභාජනෙ පන “එවං වදෙය්යා”ති ඉදං පදං අනුද්ධරිත්වාව යථා වදන්තො “අජානමෙවං ආවුසො අවචං ජානාමි, අපස්සං පස්සාමී”ති වදති නාමාති වුච්චති, තං ආකාරං දස්සෙතුං “නාහං එතෙ ධම්මෙ ජානාමී”තිආදි වුත්තං. තුච්ඡං මුසා විලපින්ති අහං වචනත්ථවිරහතො තුච්ඡං වඤ්චනාධිප්පායතො මුසා විලපිං, අභණින්ති වුත්තං හොති. පදභාජනෙ පනස්ස අඤ්ඤෙන පදබ්යඤ්ජනෙන අත්ථමත්තං දස්සෙතුං “තුච්ඡකං මයා භණිත”න්තිආදි වුත්තං.
‘එවං වදෙය්ය’ මෙසේ කියන්නේය. කෙසේ ද යත්:- ‘අජානමෙවං ආවුසො අවචං ජානාමි, අපස්සං පස්සාමි’යි පදභාජනයෙහි වනාහි. ‘එවං වදෙය්ය’ යන මේ පදය නො උදුරාම, යම්සේ කියන්නේ ‘ඇවැත්නි! මෙසේ නො දන්නේම දනිමි, නො දක්නේ දකිමියි කීමි’යි කියා නම් වේය’යි කියනු ලැබේ. ඒ ආකාරය දක්වන්නට ‘නාහං ඵතෙ ධම්මෙ ජානාමි’ යනාදිය වදාරණ ලද්දේය. ‘තුච්ඡං මුසා විලපිං’ ‘මම වචනාර්ත්ථයෙන් වෙන් වූ හිස් වූ රැවටීමෙහි අදහසින් බොරු කීමි, මම බිණූවෙමි’යි වදාරණ ලද්දේ වේ. පදභාජනයෙහි වනාහි මෙයට අන්යපදබ්යඤ්ජනයකින් අර්ත්ථමාත්රයක් දක්වන්නට ‘තුච්ඡකං මයා භණිතං’ යනාදිය වදාරණ ලදී.
පුරිමෙ උපාදායාති පුරිමානි තීණි පාරාජිකානි ආපන්නෙ පුග්ගලෙ උපාදාය. සෙසං පුබ්බෙ වුත්තනයත්තා උත්තානත්ථත්තා ච පාකටමෙවාති.
‘පුරිමෙ උපාදාය’ පළමු තුන් පාරාජිකයන්ට පැමිණි පුද්ගලයන් පටන් සෙස්ස පෙර කියූ නය ඇති බැවින් ද, ප්‍රකට අර්ත්ථ ඇති බැවින් ද ප්‍රකටමය.