යෙදුමෙන් කියවන්න

අධිමානවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

අධිමානවත්‍ථුවණ‍්ණනා

අධිමානවත්ථුවණ්ණනා

තත්‍ථ අදිට‍්ඨෙ දිට‍්ඨසඤ‍්ඤිනොති අරහත‍්තෙ ඤාණචක‍්ඛුනා අදිට‍්ඨෙයෙව “දිට‍්ඨං අම‍්හෙහි අරහත‍්ත”න‍්ති දිට‍්ඨසඤ‍්ඤිනො හුත්‍වා. එස නයො අප‍්පත‍්තාදීසු. අයං පන විසෙසො – අප‍්පත‍්තෙති අත‍්තනො සන‍්තානෙ උප‍්පත‍්තිවසෙන අප‍්පත‍්තෙ. අනධිගතෙති මග‍්ගභාවනාය අනධිගතෙ; අප‍්පටිලද‍්ධෙතිපි අත්‍ථො. අසච‍්ඡිකතෙති අප‍්පටිවිද‍්ධෙ පච‍්චවෙක‍්ඛණවසෙන වා අප‍්පච‍්චක‍්ඛකතෙ. අධිමානෙනාති අධිගතමානෙන; “අධිගතා මය”න‍්ති එවං උප‍්පන‍්නමානෙනාති අත්‍ථො, අධිකමානෙන වා ථද‍්ධමානෙනාති අත්‍ථො. අඤ‍්ඤං බ්‍යාකරිංසූති අරහත‍්තං බ්‍යාකරිංසු; “පත‍්තං ආවුසො අම‍්හෙහි අරහත‍්තං, කතං කරණීය”න‍්ති භික‍්ඛූනං ආරොචෙසුං. තෙසං මග‍්ගෙන අප‍්පහීනකිලෙසත‍්තා කෙවලං සමථවිපස‍්සනාබලෙන වික‍්ඛම‍්භිතකිලෙසානං අපරෙන සමයෙන තථාරූපපච‍්චයසමායොගෙ රාගාය චිත‍්තං නමති; රාගත්‍ථාය නමතීති අත්‍ථො. එස නයො ඉතරෙසු.

ඒ අනුප්‍රඥප්තියෙහි ‘අදිට්ඨෙ දිට්ඨසඤ්ඤිනො’ රහත්බව, ඥාන චක්‍ෂුසින් නොදක්නා ලද කල්හිම ‘අප විසින් රහත් බව දක්නා ලද්දේය’යි දුටු හැඟීම් ඇතිව අප්පත්තා යනාදියෙහි ද මේ නය වේ. මේ වනාහි වෙනසය:- ‘අප්පත්තෙ’ තමගේ සන්තානයෙහි උත්පත්ති වශයෙන් නො පැමිණියෙහි. ‘අනධිගතෙ’ මාර්‍ගභාවනාවෙන් අවබෝධ නොකරන ලද්දෙහි. නො ලබන ලද්දෙහි යන අර්‍ත්‍ථයි. ‘අසච්ඡිකතෙ’ ප්‍රතිවෙධ නො කරන ලද්දෙහි. ප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන් හෝ ප්‍රත්‍යක්‍ෂ නොලද්දෙහි. ‘අධිමානෙන’ අධිගතමානයෙන්. ‘අපි පැමිණියම්හ’යි මෙසේ උපන් මානයෙන් යන අර්‍ත්‍ථයි. අධික මානයෙන් හෝ තදමානයෙන් යන අර්‍ත්‍ථයි. ‘අඤ්ඤං ව්‍යාකරිංසු’ රහත්බව ප්‍රකාශ කළාහුය. ‘ඇවැත්නි! අප විසින් රහත්බව පැමිණෙන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය’යි භික්‍ෂූන්ට සැලකළහ. මාර්‍ගයෙන් ප්‍රහීණ නොවූ කෙලෙස් ඇති බැවින් හුදෙක් ශමථ විදර්‍ශනා බලයෙන් යට එබූ කෙලෙස් ඇති ඔවුන්ගේ ‘අපරෙන සමයෙන’ අන් කලෙක. එබඳු හේතුවක යෙදීම ඇති කල්හි ‘රාගාය චිත්තං නමති’ රාගයට සිත නැමේ. රාගය පිණිස නැමේය යන අර්‍ත්‍ථයි. අන්තන්හි ද මේ නිසාය.

තඤ‍්ච ඛො එතං අබ‍්බොහාරිකන‍්ති තඤ‍්ච ඛො එතං තෙසං අඤ‍්ඤබ්‍යාකරණං අබ‍්බොහාරිකං ආපත‍්තිපඤ‍්ඤාපනෙ වොහාරං න ගච‍්ඡති; ආපත‍්තියා අඞ‍්ගං න හොතීති අත්‍ථො.

‘තඤ්ච ඛො එතං අබ්බොහාරිකං’ ඔවුන්ගේ ඒ මේ රහත්බව පැවසීම අව්‍යවහාරික වේ. ඇවැත් පැණවීමෙහි ව්‍යවහාරයට නොයයි. ඇවැතට අගයක් නොවේ යන අර්‍ත්‍ථයි.

කස‍්ස පනායං අධිමානො උප‍්පජ‍්ජති, කස‍්ස නුප‍්පජ‍්ජතීති? අරියසාවකස‍්ස තාව නුප‍්පජ‍්ජති සො හි මග‍්ගඵලනිබ‍්බානපහීනකිලෙසඅවසිට‍්ඨකිලෙසපච‍්චවෙක‍්ඛණෙන සඤ‍්ජාතසොමනස‍්සො අරියගුණපටිවෙධෙ නික‍්කඞ‍්ඛො. තස‍්මා සොතාපන‍්නාදීනං “අහං සකදාගාමී”තිආදිවසෙන අධිමානො නුප‍්පජ‍්ජති. දුස‍්සීලස‍්ස නුප‍්පජ‍්ජති, සො හි අරියගුණාධිගමෙ නිරාසොව. සීලවතොපි පරිච‍්චත‍්තකම‍්මට‍්ඨානස‍්ස නිද‍්දාරාමතාදිමනුයුත‍්තස‍්ස නුප‍්පජ‍්ජති. සුපරිසුද‍්ධසීලස‍්ස පන කම‍්මට‍්ඨානෙ අප‍්පමත‍්තස‍්ස නාමරූපං වවත්‍ථපෙත්‍වා පච‍්චයපරිග‍්ගහෙන විතිණ‍්ණකඞ‍්ඛස‍්ස තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තස‍්ස ආරද‍්ධවිපස‍්සකස‍්ස උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච සුද‍්ධසමථලාභිං වා සුද‍්ධවිපස‍්සනාලාභිං වා අන‍්තරා ඨපෙති, සො හි දසපි වීසතිපි තිංසම‍්පි වස‍්සානි කිලෙසසමුදාචාරං අපස‍්සිත්‍වා “අහං සොතාපන‍්නො”ති වා “සකදාගාමී”ති වා “අනාගාමී”ති වා මඤ‍්ඤති. සමථවිපස‍්සනාලාභිං පන අරහත‍්තෙයෙව ඨපෙති. තස‍්ස හි සමාධිබලෙන කිලෙසා වික‍්ඛම‍්භිතා, විපස‍්සනාබලෙන සඞ‍්ඛාරා සුපරිග‍්ගහිතා, තස‍්මා සට‍්ඨිම‍්පි වස‍්සානි අසීතිම‍්පි වස‍්සානි වස‍්සසතම‍්පි කිලෙසා න සමුදාචරන‍්ති, ඛීණාසවස‍්සෙව චිත‍්තචාරො හොති. සො එවං දීඝරත‍්තං කිලෙසසමුදාචාරං අපස‍්සන‍්තො අන‍්තරා අඨත්‍වාව “අරහා අහ”න‍්ති මඤ‍්ඤතීති.

කවරක්හට අධිමානය උපදී ද, කවරක්හට නො උපදී ද යත්:- ආර්‍ය්‍යශ්‍රාවකයාහට වනාහි නො උපදියි. ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ වනාහි මාර්‍ගඵල නිර්‍වාණයෙන් ප්‍රහීණ කළ කෙලෙසුන්ගෙන් ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමෙන් උපන් සොම්නස් ඇත්තේ ආර්‍ය්‍යගුණ ප්‍රතිවෙධයෙහි සැක නැත්තේය. එහෙයින් ස්‍රොතාපන්නාදීන්ට ‘මම සෙදගැමි වෙමි’ යනාදි වශයෙන් අධිමානය නො උපදනේය. දුශ්ශීලයාහට ද නො උපදියි. හෙතෙමේ වනාහි ආර්‍ය්‍යගුණාවබොධයෙහි ආශා නැත්තේමය. හළ කමටහන් ඇති නිද්‍රාරාමතාදියෙහි යෙදුනු සිල්වත්හට ද නො උපදියි. කමටහන් වැඩීමෙහි අප්‍රමත්ත වූ නාමරූප ධර්‍ම මේ මේය යයි තීරණය කොට ‘මේ හේතුව නිසා මේ ඵලය වේය’යි හෙතු පරිග්‍රහයෙන් පහ වූ සැක ඇති කලාප සම්මර්‍ශනයෙන් තිලකුණට නගා සංස්කාර ධර්‍මයන් සම්මර්‍ශනය කරන්නා වූ ආරබ්ධවිදර්‍ශක වූ පිරිසිදු සිල් ඇත්තහුට උපදියි. උපන්නේ ද ශුද්ධශ්මථලාභීයි හෝ ශුද්ධවිදර්‍ශනාලාභීයි හෝ අතර වෙනස තබා ලන්නේය. හෙතෙමේ වනාහි දස වසක් ද විසි වසක් ද තිස් වසක් ද මුළුල්ලෙහි කෙලෙසුන්ගේ නැගිට හැසිරීමක් නො දක්නේ මම සෝවාන් වෙමි, යි හෝ සෙදගැමි වෙමි යි හෝ අනගැමි වෙමි’යි හෝ සලකන්නේය. ශමථවිදර්‍ශනාලාභීහු රහත්බවෙහිම තබන්නේය. ඔහුගේ වනාහි සමාධි බලයෙන් ක්ලෙශයෝ යටපත්ව ගියාහුය. විදර්‍ශනා බලයෙන් සංස්කාරයෝ මැනැවින් පරිග්‍රහණය කරණ ලදහ. එහෙයින් සැට වසක් මුළුල්ලෙහි ද අසූ වසක් මුළුල්ලෙහි ද සිය වසක් මුළුල්ලෙහි ද ක්ලෙශයෝ නැගී නො හැසිරෙත්. නැගී නො සිටිත්. සිත්හසර රහත්හුගේ මෙන් වේ. හෙතෙමේ මෙසේ බොහෝ කලක් මුළුල්ලෙහි කෙලෙසුන්ගේ නැගී හැසිරීමක් නො දන්නේ අතරැ නො සිටම ‘මම රහත්මි’යි සලකයි සිතයි.