යෙදුමෙන් කියවන්න

වග‍්ගුමුදාතීරියභික‍්ඛුවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

වග‍්ගුමුදාතීරියභික‍්ඛුවත්‍ථුවණ‍්ණනා

වග්ගුමුදාතීරියභික්ඛුවත්ථුවණ්ණනා

තෙන සමයෙන බුද‍්ධො භගවා වෙසාලියං විහරති…පෙ… ගිහීනං කම‍්මන‍්තං අධිට‍්ඨෙමාති ගිහීනං ඛෙත‍්තෙසු චෙව ආරාමාදීසු ච කත‍්තබ‍්බකිච‍්චං අධිට‍්ඨාම; “එවං කාතබ‍්බං, එවං න කාතබ‍්බ”න‍්ති ආචික‍්ඛාම චෙව අනුසාසාම චාති වුත‍්තං හොති. දූතෙය්‍යන‍්ති දූතකම‍්මං. උත‍්තරිමනුස‍්සධම‍්මස‍්සාති මනුස‍්සෙ උත‍්තිණ‍්ණධම‍්මස‍්ස; මනුස‍්සෙ අතික‍්කමිත්‍වා බ්‍රහ‍්මත‍්තං වා නිබ‍්බානං වා පාපනකධම‍්මස‍්සාති අත්‍ථො. උත‍්තරිමනුස‍්සානං වා සෙට‍්ඨපුරිසානං ඣායීනඤ‍්ච අරියානඤ‍්ච ධම‍්මස‍්ස. අසුකො භික‍්ඛූතිආදීසු අත‍්තනා එවං මන‍්තයිත්‍වා පච‍්ඡා ගිහීනං භාසන‍්තා “බුද‍්ධරක‍්ඛිතො නාම භික‍්ඛු පඨමස‍්ස ඣානස‍්ස ලාභී, ධම‍්මරක‍්ඛිතො දුතියස‍්සා”ති එවං නාමවසෙනෙව වණ‍්ණං භාසිංසූති වෙදිතබ‍්බො. තත්‍ථ එසොයෙව ඛො ආවුසො සෙය්‍යොති කම‍්මන‍්තාධිට‍්ඨානං දූතෙය්‍යහරණඤ‍්ච බහුසපත‍්තං මහාසමාරම‍්භං න ච සමණසාරුප‍්පං. තතො පන උභයතොපි එසො එව සෙය්‍යො පාසංසතරො සුන්‍දරතරො යො අම‍්හාකං ගිහීනං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණො භාසිතො. කිං වුත‍්තං හොති? ඉරියාපථං සණ‍්ඨපෙත්‍වා නිසින‍්නං වා චඞ‍්කමන‍්තං වා පුච‍්ඡන‍්තානං වා අපුච‍්ඡන‍්තානං වා ගිහීනං “අයං අසුකො නාම භික‍්ඛු පඨමස‍්ස ඣානස‍්ස ලාභී”ති එවමාදිනා නයෙන යො අම‍්හාකං අඤ‍්ඤෙන අඤ‍්ඤස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණො භාසිතො භවිස‍්සති, එසො එව සෙය්‍යොති. අනාගතසම‍්බන්‍ධෙ පන අසති න එතෙහි සො තස‍්මිං ඛණෙ භාසිතොව යස‍්මා න යුජ‍්ජති, තස‍්මා අනාගතසම‍්බන්‍ධං කත්‍වා “යො එවං භාසිතො භවිස‍්සති, සො එව සෙය්‍යො”ති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. ලක‍්ඛණං පන සද‍්දසත්‍ථතො පරියෙසිතබ‍්බං.

‘තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති -පෙ- ගිහීනං කම්මන්තං අධිට්ඨෙම’ ගිහීන්ගේ කෙත්වල ද අරම් ආදියෙහි ද කටයුතු කිස සංවිධානය කරමු, ‘මෙසේ කටයුතුය, මෙසේ නො කටයුතුයයි කියමු, අනුශාසනා ද කරමු’යි කියන ලද්දේ වේ. ‘දූතෙය්‍යං’ දූතකර්‍මය. ‘උත්තරිමනුස්සධම්මස්ස’ මනුෂ්‍යධර්‍ම ඉක්ම වූ ධ්‍යානාදි ධර්‍ම පිළිබඳ. මනුෂ්‍යත්‍වය ඉක්මවා බ්‍රහ්මත්‍වයට හෝ නිර්‍වාණයට පමුණුවන්නා වූ ධර්‍මය පිළිබඳය යන අර්‍ත්‍ථයි. නොහොත් උත්තරි මනුෂ්‍යධර්‍මයට පැමිණි ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ ද, ධ්‍යායීන්ගේ ද, ආර්‍ය්‍යයන්ගේ ද ධර්‍මය පිළිබඳ. ‘අසුකො භික්‍‍‍ඛු’ යනාදි තන්හි තුමූ මෙසේ මන්ත්‍රණයකොට පසුව ගිහියන්ට කියන්නාහු, ‘බුද්ධරක්‍ඛිත නම් මහණ තෙමේ ප්‍රථමද්ධ්‍යානය ලැබූයේය. ධම්මරක්‍ඛිත තෙමේ ද්විතීයද්ධ්‍යානය ලැබුයේය’යි මෙසේ නම් වසයෙන්ම ගුණ කියූහයි දත යුතුය. එහි ‘එසෙව ඛො ආවුසො සෙය්‍යො’ කර්‍මාන්ත සංවිධානය හා පණිවුඩ ගෙන යෑම ද බොහෝ සතුරන් ඇත්තකි. මහත් උවදුරු ඇත්තකි. ශ්‍රමණයන්ට යොග්‍ය ද නොවේ. ඒ දෙකටම වඩා ‘යො අම්හාකං ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණො භාසිතො’ යන මෙයම ශ්‍රේෂ්ඨය. ඉතා පැසසිය යුතුය. ඉතා සුන්‍දරය. කුමක් කියන ලද්දේ වේ ද යත්: ප්‍රධන්වීර්‍ය්‍යයට සුදුසු පරිදි ඉරියවු පිහිටුවා හුන්නා වූ හෝ සක්මන් කරන්නා වූ මහණකු ගැන විචාරන්නා වූ හෝ හෝ නො විචාරන්නා වූ හෝ ගිහියන්ට ‘මේ අසුවල් මහණ තෙමේ ප්‍රථමද්ධ්‍යානලාභීය’ යන මේ ආදි ක්‍රමයෙන් අප අතර අනෙකකු විසින් අනෙකක්හුගේ උත්තරිමනුෂ්‍යධර්‍මය පිළිබඳ යම් ගුණයෙක් කියන ලද්දේ වන්නේ ද, මෙයම ශ්‍රේෂඨ වේය යනුයි. අනාගත සම්බන්‍ධයක් වනාහි නැති කල්හි මොවුන් විසින් ඒ මොහොතෙහි ඒ උත්තරිමනුෂ්‍යධර්‍ම ගුණය නො කියන ලද්දේම යම්හෙයකින් නො යෙදේ ද, එහෙයින් අනාගතය සම්බන්‍ධ කොට ‘යම් ගුණයක් මෙසේ කියන ලද්දේ වන්නේ ද, එය ශ්‍රෙෂ්ඨ නු යි. මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. මෙහි ලක්‍ෂණ ශබ්දශාස්ත්‍රයෙන් සෙවිය යුතුය.

වණ‍්ණවා අහෙසුන‍්ති අඤ‍්ඤොයෙව නෙසං අභිනවො සරීරවණ‍්ණො උප‍්පජ‍්ජි, තෙන වණ‍්ණෙන වණ‍්ණවන‍්තො අහෙසුං. පීණින්‍ද්‍රියාති පඤ‍්චහි පසාදෙහි අභිනිවිට‍්ඨොකාසස‍්ස පරිපුණ‍්ණත‍්තා මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං අමිලාතභාවෙන පීණින්‍ද්‍රියා. පසන‍්නමුඛවණ‍්ණාති කිඤ‍්චාපි අවිසෙසෙන වණ‍්ණවන‍්තො සරීරවණ‍්ණතො පන නෙසං මුඛවණ‍්ණො අධිකතරං පසන‍්නො; අච‍්ඡො අනාවිලො පරිසුද‍්ධොති අත්‍ථො. විප‍්පසන‍්නඡවිවණ‍්ණාති යෙන ච තෙ මහාකණිකාරපුප‍්ඵාදිසදිසෙන වණ‍්ණෙන වණ‍්ණවන‍්තො, තාදිසො අඤ‍්ඤෙසම‍්පි මනුස‍්සානං වණ‍්ණො අත්‍ථි. යථා පන ඉමෙසං; එවං න තෙසං ඡවිවණ‍්ණො විප‍්පසන‍්නො. තෙන වුත‍්තං – “විප‍්පසන‍්නඡවිවණ‍්ණා”ති. ඉතිහ තෙ භික‍්ඛූ නෙව උද‍්දෙසං න පරිපුච‍්ඡං න කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජන‍්තා. අථ ඛො කුහකතාය අභූතගුණසංවණ‍්ණනාය ලද‍්ධානි පණීතභොජනානි භුඤ‍්ජිත්‍වා යථාසුඛං නිද‍්දාරාමතං සඞ‍්ගණිකාරාමතඤ‍්ච අනුයුඤ‍්ජන‍්තා ඉමං සරීරසොභං පාපුණිංසු, යථා තං බාලා භන‍්තමිගප‍්පටිභාගාති.

‘වණ්ණවා අහෙසුං’ ඔවුන්ට අන්‍ය වූ ම අලුත් සිරුරු පැහැයක් උපන්නේය. ඒ උපන් පැහැයෙන් වර්‍ණවත් වූවාහුය. ‘පීණින්‍ද්‍රියා’ පඤ්ච ප්‍රසාදරූපයන් විසින් වැදුනු හෘදයවස්තුරූපය පිරිපුන් බැවින් මනස සවන කොට ඇති ඉන්‍ද්‍රියයන් නො මැලවුනු බැවින් පිණාගිය ඉඳුරන් ඇත්තාහ. ‘පසන්නමුඛවණ්ණා’ අවිශෙෂයෙන් සාමාන්‍යයෙන් වර්‍ණවත් වූවාහුය. ශරීරවර්‍ණයට වඩා ඔවුන්ගේ මුඛවර්‍ණය ඉතා වැඩියක් පහන් වූයේය. නිර්‍මලය. නො කැළඹුනේය. පිරිසිදුය. යන අර්‍ත්‍ථයි. ‘විප්පසන්නඡවිවණ්ණා’ ඔවුහු කිණිහිරි මල් ඈ සමාන වූ යම් වර්‍ණයකින් වර්‍ණවත් වූවාහු ද, මොවුන්ට මෙන් අන් මිනිසුන්ට ද එබඳු වූ වර්‍ණයක් ඇත්තේ ද, ඔවුන්ගේ ඡවිවර්‍ණය එසේ විප්‍රසන්න නොවේ. එහෙයින් ‘විප්පසන්නඡවිවණ්ණා’යි වදාරණ ලදය. මෙසේ ඒ භික්‍ෂූහු උද්දෙශපරිවෘච්ඡාවන්හි නොම යෙදුනාහු, කර්‍මස්ථානයන්හි නො යෙදුනාහු, කුහක බැවින් නැති ගුණ කියා පෑමෙන් ලැබූ පිණි බොජුන් වළඳා සුව ඇති පරිදි නිදිඇලුම්හි සමූහ ඇලුම්හි යෙදෙන්නාහු මේ ශරීරශොභාවට පැමිණියාහුය. භ්‍රාන්ත මෘගයන් වැනි බාලයෝ යම්සේ ද, කටයුතු නො කටයුතු නො දන්නා බැවින් මොවුහු ද එසේය.

වග‍්ගුමුදාතීරියාති වග‍්ගුමුදාතීරවාසිනො. කච‍්චි භික‍්ඛවෙ ඛමනීයන‍්ති භික‍්ඛවෙ කච‍්චි තුම‍්හාකං ඉදං චතුචක‍්කං නවද‍්වාරං සරීරයන‍්තං ඛමනීයං සක‍්කා ඛමිතුං සහිතුං පරිහරිතුං න කිඤ‍්චි දුක‍්ඛං උප‍්පාදෙතීති. කච‍්චි යාපනීයන‍්ති කච‍්චි සබ‍්බකිච‍්චෙසු යාපෙතුං ගමෙතුං සක‍්කා, න කිඤ‍්චි අන‍්තරායං දස‍්සෙතීති. කුච‍්ඡි පරිකන‍්තොති කුච‍්ඡි පරිකන‍්තිතො වරං භවෙය්‍ය; “පරිකත‍්තො”තිපි පාඨො යුජ‍්ජති. එවං වග‍්ගුමුදාතීරියෙ අනෙකපරියායෙන විගරහිත්‍වා ඉදානි යස‍්මා තෙහි කතකම‍්මං චොරකම‍්මං හොති, තස‍්මා ආයතිං අඤ‍්ඤෙසම‍්පි එවරූපස‍්ස කම‍්මස‍්ස අකරණත්‍ථං අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි.

‘වග්ගුමුදාතීරියා’ වග්ගුමුදාගංතෙරවැසියෝ. ‘කච්චිභික්‍‍‍ඛවෙ ඛමනීයං’ ‘මහණෙනි! කිම? තොපට සිවුඉරියවුවකින් යුත් නවදොරක් ඇති මේ ශරීරයන්ත්‍රය ඉවසිය හැකිද? ඉවසන්නට උසුලන්නට පරිහරණය කරන්නට හැකිද? කිසි දුකක් නො උපදවාද?. ‘කච්චි යාපනීයං’ කිම? සියලු කටයුතුවල යැපෙන්නට පවතින්නට හැකිද? කිසි අනතුරක් නො දක්වාද? ‘කුච්ඡිපරිකන්තො’ කුස කපාගැණීම උතුම් වන්නේය. ‘පරිකත්තො’ යන පාඨය ද යෙදේ. මෙසේ වග්ගුමුදාගංතෙර වස් විසූ භික්‍ෂූන්ට නොයෙක් අයුරින් ගරහා දැන් යම්හෙයකින් ඔවුන් විසින් කළ කර්‍මය, චෞරකර්‍මයක් වේ ද, එහෙයින් මතුවෙහි අන්හට ද මෙබඳු කර්‍ම නො කරනු පිණිස ‘අථ ඛො භගවා භික්‍‍‍ඛූ ආමන්තෙසි’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතු සේක.

ආමන‍්තෙත්‍වා ච පන “පඤ‍්චිමෙ භික‍්ඛවෙ මහාචොරා”තිආදිමාහ. තත්‍ථ සන‍්තො සංවිජ‍්ජමානාති අත්‍ථි චෙව උපලබ‍්භන‍්ති චාති වුත‍්තං හොති. ඉධාති ඉමස‍්මිං සත‍්තලොකෙ. එවං හොතීති එවං පුබ‍්බභාගෙ ඉච‍්ඡා උප‍්පජ‍්ජති. කුදාස‍්සු නාමාහන‍්ති එත්‍ථ සුඉති නිපාතො; කුදා නාමාති අත්‍ථො. සො අපරෙන සමයෙනාති සො පුබ‍්බභාගෙ එවං චින‍්තෙත්‍වා අනුක‍්කමෙන පරිසං වඩ‍්ඪෙන‍්තො පන්‍ථදූහනකම‍්මං පච‍්චන‍්තිමගාමවිලොපන‍්ති එවමාදීනි කත්‍වා වෙපුල‍්ලප‍්පත‍්තපරිසො හුත්‍වා ගාමෙපි අගාමෙ, ජනපදෙපි අජනපදෙ කරොන‍්තො හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො.

අමතා ද වනාහි ‘පඤ්චිමෙ භික්‍‍‍ඛවෙ මහාචොරා’ යනාදිය වදාළ සේක. එහි ‘සන්තො සංවිජ්ජමානා’ ඇත්තාහු ද දක්නා ලැබෙත් දැයි කියන ලද්දේ වේ. ඉධ මේ සත්ත්‍ව ලොකයෙහි. ‘එවං හොති’ මෙසේ පූර්‍වභාගයෙහි ආශාව උපදියි. ‘කුදස්සුනාමාහං’ යන මෙහි සු යනු නිපාතයි. කවදා නම් යන අර්‍ත්‍ථයි. ‘සො අපරෙන සමයෙන’ හෙතෙමේ පූර්‍වභාගයෙහි මෙසේ සිතා පිළිවෙලින් පිරිස වඩන්නේ මං පැහැරීම් පසල්ගම් කොල්ලකෑම් යන මේ ආදිය කොට මහත් බවට පැමිණි පිරිස් ඇත්තේ ගම් නො ගම් ද දනවු නො දනවු ද කරමින් ‘හනන්තො ඝාතෙන්තො -පෙ- පචන්තො පාචෙන්තො’ මරමින් මරවමින් - දවමින් දවවමින් වෙසෙයි.

ඉති බාහිරකමහාචොරං දස‍්සෙත්‍වා තෙන සදිසෙ සාසනෙ පඤ‍්ච මහාචොරෙ දස‍්සෙතුං “එවමෙව ඛො”තිආදිමාහ. තත්‍ථ පාපභික‍්ඛුනොති අඤ‍්ඤෙසු ඨානෙසු මූලච‍්ඡින‍්නො පාරාජිකප‍්පත‍්තො “පාපභික‍්ඛූ”ති වුච‍්චති. ඉධ පන පාරාජිකං අනාපන‍්නො ඉච‍්ඡාචාරෙ ඨිතො ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි මද‍්දිත්‍වා විචරන‍්තො “පාපභික‍්ඛූ”ති අධිප‍්පෙතො. තස‍්සාපි බාහිරකචොරස‍්ස විය පුබ‍්බභාගෙ එවං හොති – “කුදාස‍්සු නාමාහං…පෙ… පරික‍්ඛාරාන”න‍්ති. තත්‍ථ සක‍්කතොති සක‍්කාරප‍්පත‍්තො. ගරුකතොති ගරුකාරප‍්පත‍්තො. මානිතොති මනසා පියායිතො. පූජිතොති චතුපච‍්චයාභිහාරපූජාය පූජිතො. අපචිතොති අපචිතිප‍්පත‍්තො. තත්‍ථ යස‍්ස චත‍්තාරො පච‍්චයෙ සක‍්කරිත්‍වා සුට‍්ඨු අභිසඞ‍්ඛතෙ පණීතපණීතෙ කත්‍වා දෙන‍්ති, සො සක‍්කතො. යස‍්මිං ගරුභාවං පච‍්චුපෙත්‍වා දෙන‍්ති, සො ගරුකතො. යං මනසා පියායන‍්ති, සො මානිතො. යස‍්ස සබ‍්බම‍්පෙතං කරොන‍්ති, සො පූජිතො. යස‍්ස අභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මාදිවසෙන පරමනිපච‍්චකාරං කරොන‍්ති, සො අපචිතො. ඉමස‍්ස ච පන සබ‍්බම‍්පි ඉමං ලොකාමිසං පත්‍ථයමානස‍්ස එවං හොති.

මෙසේ බැහැරී මහසොරහු දක්වා ඒ සොරු සමාන වූ ශාසනයෙහි පස් මහසොරුන් දක්වන්නට ‘එවමෙව ඛො’ යනාදිය වදාළ සේක. එහි ‘පාපභික්‍‍‍ඛුනො’ අන් තන්හි මුල් සිඳුනු පාරාජිකාපත්තියට පැමිණියේ ‘පාපභික්‍‍‍ඛු’යි කියනු ලැබේ. මෙහි වනාහි පාරාජිකාවට නො පැමිණියේ, කැමැති සේ හැසිරීමෙහි සිටියේ ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රක ශික්‍ෂාපදයන් මැඩ හැසිරෙනුයේ ‘පාපභික්‍‍‍ඛු’යි අදහස් කරන ලද්දේය. ඔහුට ද බැහැරී මහසොරුට මෙන් පූර්‍වභාගයෙහි ‘කුදස්සු නාමාහං -පෙ- පරික්‍ඛාරානං’යි. මෙසේ අදහස් වේ. එහි ‘සක්කතො’ සත්කාරයට පැමිණියේ. ‘ගරුකතො’ ගරුකාරයට පැමිණියේ. ‘මානිතො’ සිතින් ප්‍රිය කරන ලද්දේ. ‘පූජිතො’ සිවුපසය එළවීමෙන් පුදන ලද්දේ ‘අපචිතො’ පූජාවට පැමිණියේය. එහි යමක්හට සිවුපසය සකස්කොට මැනැවින් පිළියෙල කොට ඉතා ප්‍රණීත කොට දෙත් ද, හෙතෙමේ සත්කාර කරන ලද්දේ වේ. යමකු කෙරෙහි ගරු බව පිහිටුවා දෙත් ද, හෙතෙමේ ගරු කරන ලද්දේ වේ. යමකු සිතින් ප්‍රිය කෙරෙත් ද, හෙතෙමේ සිතින් ප්‍රියකරන ලද්දේ වේ. යමක්හට මේ සියල්ල කෙරෙත් ද හෙතෙමේ පුදන ලද්දේ වේ. යමක්හට වැඳීම් නැගීසිටීම් ඇඳිලි බැඳීම් ආදිවාසයෙන් ඉතා යටත් පහත් පැවතුම් දක්වත් ද, හෙතෙමේ පූජාවට පැමිණියේය. ලොකාමිෂය පතන්නා වූ මොහුට මෙසේ මේ සියල්ල වන්නේය.

සො අපරෙන සමයෙනාති සො පුබ‍්බභාගෙ එවං චින‍්තෙත්‍වා අනුක‍්කමෙන සික‍්ඛාය අතිබ‍්බගාරවෙ උද‍්ධතෙ උන‍්නළෙ චපලෙ මුඛරෙ විකිණ‍්ණවාචෙ මුට‍්ඨස‍්සතී අසම‍්පජානෙ පාකතින්‍ද්‍රියෙ ආචරියුපජ‍්ඣායෙහි පරිච‍්චත‍්තකෙ ලාභගරුකෙ පාපභික‍්ඛූ සඞ‍්ගණ‍්හිත්‍වා ඉරියාපථසණ‍්ඨපනාදීනි කුහකවත‍්තානි සික‍්ඛාපෙත්‍වා “අයං ථෙරො අසුකස‍්මිං නාම සෙනාසනෙ වස‍්සං උපගම‍්ම වත‍්තපටිපත‍්තිං පූරයමානො වස‍්සං වසිත්‍වා නිග‍්ගතො”ති ලොකසම‍්මතසෙනාසනසංවණ‍්ණනාදීහි උපායෙහි ලොකං පරිපාචෙතුං පටිබලෙහි ජාතකාදීසු කතපරිචයෙහි සරසම‍්පන‍්නෙහි පාපභික‍්ඛූහි සංවණ‍්ණියමානගුණො හුත්‍වා සතෙන වා සහස‍්සෙන වා පරිවුතො…පෙ… භෙසජ‍්ජපරික‍්ඛාරානං. අයං භික‍්ඛවෙ පඨමො මහාචොරොති අයං සන්‍ධිච‍්ඡෙදාදිචොරකො විය න එකං කුලං න ද‍්වෙ, අථ ඛො මහාජනං වඤ‍්චෙත්‍වා චතුපච‍්චයගහණතො “පඨමො මහාචොරො”ති වෙදිතබ‍්බො. යෙ පන සුත‍්තන‍්තිකා වා ආභිධම‍්මිකා වා විනයධරා වා භික‍්ඛූ භික‍්ඛාචාරෙ අසම‍්පජ‍්ජමානෙ පාළිං වාචෙන‍්තා අට‍්ඨකථං කථෙන‍්තා අනුමොදනාය ධම‍්මකථාය ඉරියාපථසම‍්පත‍්තියා ච ලොකං පසාදෙන‍්තා ජනපදචාරිකං චරන‍්ති සක‍්කතා ගරුකතා මානිතා පූජිතා අපචිතා, තෙ “තන‍්තිපවෙණිඝටනකා සාසනජොතකා”ති වෙදිතබ‍්බා.

‘සො අපරෙන සමයෙන’ හෙතෙමේ පූර්‍වභාගයෙහි මෙසේ සිතා පිළිවෙළින් ශික්‍ෂාපදයන්හි දැඩි ගෞරව නැත්තා වූ උඩඟු වූ නැගී සිටි හිස් මාන නළ ඇත්තා වූ පාසිවුරුවලින් සැරසී ගැණිම් ආදී වූ චපල භාවයෙන් යුක්ත වූ රළු බස් ඇත්තා වූ නො හික්මුනු බස් ඇත්තා වූ මුළා වූ සිහි ඇත්තා වූ නුවණ නැත්තා වූ අසංවර බැවින් සැහැවි ඉඳුරන් ඇත්තා වූ ආචාර්‍ය්‍ය - උපාද්ධ්‍යායයන් විසින් බැහැර කරන්න ලද්දා වූ සිවුපසය ගරු කොට ගත් පාප හික්‍ෂූන්ට සඞ්ග්‍රහකොට ඉරියවු පිහිටුවීම් ආදී වූ කොහොන්වත් උගන්වා ‘මේ ස්ථවිර තෙමේ අසුවල් නම් සෙනසුනෙහි වස් එළැඹ වත්පිළිවෙත් පුරමින් වස් වැස නික්ම ගියේය’යි ලොකසම්මත සෙනාසන සංවර්‍ණනාදි උපායයන්ගෙන් ලෝකය පෙරළන්නට ප්‍රතිබල වූ ජාතකකථාදියෙහි කළ පුරුද්ද ඇති මධුර ස්වරයෙන් යුත් පාපභික්‍ෂූන් විසින් වර්‍ණනා කරනු ලබන ගුණ ඇතිව සියයකින් හෝ දහසකින් පිරිවරන ලදුව - පෙ- බෙහෙත් පිරිකර ලැබීම් ඇත්තේ හැසිරෙන්නේය. ‘අයං භික්‍‍‍ඛවෙ පඨමො මහාචොරො’ මෙතෙමේ ගෘහසන්‍ධි සිඳීම් ආදිය කරන සොරකු මෙන් එක් කුලයක් සිඳින්නේ නොවේ. දෙ කුලයක් සිඳින්නේ නොවේ. තවද මොහු මහාජනයා රවටා සිවුපසය ගන්නා බැවින් පළමුවන මහ සොරුයයි දතයුතුය. සූත්‍රාන්තික වූ හෝ ආභිධර්මික වූ හෝ විනයධර වූ හෝ යම් භික්‍ෂූහු වනාහි පිඬුපිණිස හැසිර ලැබිය යුතු පිණ්ඩපාතය නො ලැබෙන කල්හි පාළිය කියවමින් අර්‍ත්‍ථකථාව කියවමින් අනුමොදනාවෙන් ධර්‍මකථාවෙන් ඊර්‍ය්‍යාපථසම්පත්තියෙන් ලෝකය පහදවන්නාහු ජනපද චාරිකාව කෙරෙත් ද, සත්කාර කරන ලද ගරුකාර කරනලද සිතින් ප්‍රිය කරනලද සිවුපසය එළවීමෙන් පුදනලද පූජාවනට පැමිණි ත්‍රිපිටක පරම්පරාව ගළපන ඔවුහු සසුන බබුළුවන්නාහයි දතයුතුය.

තථාගතප‍්පවෙදිතන‍්ති තථාගතෙන පටිවිද‍්ධං පච‍්චක‍්ඛකතං ජානාපිතං වා. අත‍්තනො දහතීති පරිසමජ‍්ඣෙ පාළිඤ‍්ච අට‍්ඨකථඤ‍්ච සංසන්‍දිත්‍වා මධුරෙන සරෙන පසාදනීයං සුත‍්තන‍්තං කථෙත්‍වා ධම‍්මකථාවසෙන අච‍්ඡරියබ‍්භුතජාතෙන විඤ‍්ඤූජනෙන “අහො, භන‍්තෙ, පාළි ච අට‍්ඨකථා ච සුපරිසුද‍්ධා, කස‍්ස සන‍්තිකෙ උග‍්ගණ‍්හිත්‍ථා”ති පුච‍්ඡිතො “කො අම‍්හාදිසෙ උග‍්ගහාපෙතුං සමත්‍ථො”ති ආචරියං අනුද‍්දිසිත්‍වා අත‍්තනා පටිවිද‍්ධං සයම‍්භුඤාණාධිගතං ධම‍්මවිනයං පවෙදෙති. අයං තථාගතෙන සතසහස‍්සකප‍්පාධිකානි චත‍්තාරි අසඞ‍්ඛෙය්‍යානි පාරමියො පූරෙත්‍වා කිච‍්ඡෙන කසිරෙන පටිවිද‍්ධධම‍්මත්‍ථෙනකො දුතියො මහාචොරො.

‘තථාගතප්පවෙදිතං’ තථාගතයන් වහන්සේ විසින් පිළිවිඳින ලද ඉඳුරන්ට හමුකරන ලද දන්වනලද හෝ ‘අත්තනො දහති’ පිරිස් මැද පාළිය ද අර්‍ත්‍ථකථාව ද සසඳා මිහිරිහඬින් ප්‍රසාදය එළවන සූත්‍රාන්ත කියා ඒ ධර්‍මකථාවසානයෙහි ඉතා පුදුමයට පැමිණි නුවණැත්තන් විසින් ‘අහෝ ස්වාමීනි! පාලිය ද අර්‍ත්‍ථකථාව ද ඉතා පිරිසිදුය, කවරක්හුගේ සමීපයෙහි උගත්තහු දැ’යි විචාරණ ලද්දේ, ‘අප වැන්නන්හට උගන්වන්නට කවරෙක් සමර්‍ත්‍ථ වේදැ’යි ගුරුවරයා නො දක්වා, ධර්‍මවිනය තමන් විසින්ම පිළිවිඳින ලදය, තමන්ගේ නුවණින් අවබොධ කරණ ලදැ’යි ප්‍රකාශ කරන්නේය. මෙතෙමේ තථාගතයන් වහන්සේ විසින් සාරාසඞ්ඛ්‍යකල්පලක්‍ෂයක් මුළුල්ලෙහි පාරමීන් පුරා ඉතා දුකින් අවබෝධ කළ ධර්‍මය සොරකම් කළ දෙවන සොර තෙමේය.

සුද‍්ධං බ්‍රහ‍්මචාරින‍්ති ඛීණාසවභික‍්ඛුං. පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තන‍්ති නිරුපක‍්කිලෙසං සෙට‍්ඨචරියං චරන‍්තං; අඤ‍්ඤම‍්පි වා අනාගාමිං ආදිං කත්‍වා යාව සීලවන‍්තං පුථුජ‍්ජනං අවිප‍්පටිසාරාදිවත්‍ථුකං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තං. අමූලකෙන අබ්‍රහ‍්මචරියෙන අනුද‍්ධංසෙතීති තස‍්මිං පුග‍්ගලෙ අවිජ‍්ජමානෙන අන‍්තිමවත්‍ථුනා අනුවදති චොදෙති; අයං විජ‍්ජමානගුණමක‍්ඛී අරියගුණත්‍ථෙනකො තතියො මහාචොරො.

‘සුද්ධං බ්‍රහ්මචාරිං’ ක්‍ෂීණාස්‍රව භික්‍ෂු ‘පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තං’ උපක්ලේශ රහිත වූ ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නහු අන්‍ය වූ ද අනාගාමීහු ආදි කොට අවිප්‍රතිසාරාදිය වස්තුකොට ඇති පිරිසිදු බඹසර හැසිරෙන සිල්වත් පුහුදුනහු තෙක් ‘අමූලකෙන අබ්‍රහ්මචරියෙන අනුද්ධංසෙති’ ඒ පුද්ගලයා කෙරෙහි අවිද්‍යමාන වූ අන්තිම වස්තුවෙන් දොස් නගයි. චෝදනා කරයි. මෙතෙමේ විද්‍යමාන ගුණ මකාලන සුලු වූ ආර්‍ය්‍යගුණ සොරකම් කරන තෙවත සොර තෙමේය.

ගරුභණ‍්ඩානි ගරුපරික‍්ඛාරානීති යථා අදින‍්නාදානෙ “චතුරො ජනා සංවිධාය ගරුභණ‍්ඩං අවාහරු”න‍්ති (පරි· 479) එත්‍ථ පඤ‍්චමාසකග‍්ඝනකං “ගරුභණ‍්ඩ”න‍්ති වුච‍්චති, ඉධ පන න එවං. අථ ඛො “පඤ‍්චිමානි, භික‍්ඛවෙ, අවිස‍්සජ‍්ජියානි න විස‍්සජ‍්ජෙතබ‍්බානි සඞ‍්ඝෙන වා ගණෙන වා පුග‍්ගලෙන වා. විස‍්සජ‍්ජිතානිපි අවිස‍්සජ‍්ජිතානි හොන‍්ති. යො විස‍්සජ‍්ජෙය්‍ය, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කතමානි පඤ‍්ච? ආරාමො, ආරාමවත්‍ථු…පෙ… දාරුභණ‍්ඩං, මත‍්තිකාභණ‍්ඩ”න‍්ති වචනතො අවිස‍්සජ‍්ජිතබ‍්බත‍්තා ගරුභණ‍්ඩානි. “පඤ‍්චිමානි, භික‍්ඛවෙ, අවෙභඞ‍්ගියානි න විභජිතබ‍්බානි සඞ‍්ඝෙන වා ගණෙන වා පුග‍්ගලෙන වා. විභත‍්තානිපි අවිභත‍්තානි හොන‍්ති. යො විභජෙය්‍ය, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කතමානි පඤ‍්ච? ආරාමො, ආරාමවත්‍ථු…පෙ… දාරුභණ‍්ඩං, මත‍්තිකාභණ‍්ඩ”න‍්ති (චූළව· 322) වචනතො අවෙභඞ‍්ගියත‍්තා සාධාරණපරික‍්ඛාරභාවෙන ගරුපරික‍්ඛාරානි. ආරාමො ආරාමවත්‍ථූතිආදීසු යං වත‍්තබ‍්බං තං සබ‍්බං “පඤ‍්චිමානි, භික‍්ඛවෙ, අවිස‍්සජ‍්ජියානී”ති ඛන්‍ධකෙ ආගතසුත‍්තවණ‍්ණනායමෙව භණිස‍්සාම. තෙහි ගිහී සඞ‍්ගණ‍්හාතීති තානි දත්‍වා දත්‍වා ගිහීං සඞ‍්ගණ‍්හාති අනුග‍්ගණ‍්හාති. උපලාපෙතීති “අහො අම‍්හාකං අය්‍යො”ති එවං ලපනකෙ අනුබන්‍ධනකෙ සස‍්නෙහෙ කරොති. අයං අවිස‍්සජ‍්ජියං අවෙභඞ‍්ගියඤ‍්ච ගරුපරික‍්ඛාරං තථාභාවතො ථෙනෙත්‍වා ගිහි සඞ‍්ගණ‍්හනකො චතුත්‍ථො මහාචොරො. සො ච පනායං ඉමං ගරුභණ‍්ඩං කුලසඞ‍්ගණ‍්හනත්‍ථං විස‍්සජ‍්ජෙන‍්තො කුලදූසකදුක‍්කටං ආපජ‍්ජති. පබ‍්බාජනීයකම‍්මාරහො ච හොති. භික‍්ඛුසඞ‍්ඝං අභිභවිත්‍වා ඉස‍්සරවතාය විස‍්සජ‍්ජෙන‍්තො ථුල‍්ලච‍්චයං ආපජ‍්ජති. ථෙය්‍යචිත‍්තෙන විස‍්සජ‍්ජෙන‍්තො භණ‍්ඩං අග‍්ඝාපෙත්‍වා කාරෙතබ‍්බොති.

‘ගරුභණ්ඩානි ගරුපරික්‍ඛාරානි’ අදින්නාදාන පාරාජිකයෙහි ‘චතුරො ජනා සංවිධාය ගරුභණ්ඩං අවාහරුං’ යන මෙහි පස් මස්සක් අගනා වස්තුව ගරු භාණ්ඩයි යම්සේ කියනු ලැබේද, මෙහි මෙසේ නොවේ. තවද ‘පඤ්චිමානි භික්‍‍‍ඛවෙ අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා, විස්සජ්ජිතාතිපි අවිස්සජ්ජිතානි හොන්ති, යො විස්සජ්ජෙය්‍ය, ආපත්ති ථුල්ලච්චයස්ස කතමානි පඤ්ච: ආරාමො ආරාමවත්‍ථු -පෙ- දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං’යි වදාළ වචනයෙන් මොවුහු නො හළ යුතු බැවින් ගරුභාණ්ඩ නම් වෙත්. ‘පඤ්චිමානි භික්‍‍‍ඛවෙ අවෙභඞ්ගියානි න විභජිතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා, විභත්තානිපි අවිභත්තානි හොන්ති, යො විභජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස කතමානි පඤ්ච: ආරාමො ආරාමවත්‍ථු -පෙ- දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං’යි වදාළ වචනයෙන් මොවුහු වෙන් නො කටයුතු බැවින් සාධාරණ පරිෂ්කාර බැවින් ගරු පරිෂ්කාර නම් වෙත්. ‘ආරාමො ආරාමවත්‍ථු’ යනාදියෙහි යමක් කියයුතු නම්, ඒ සියල්ල ‘පඤ්චිමානි භික්‍‍‍ඛවෙ අවිසජ්ජියානි’යි ඛන්‍ධකයෙහි ආවා වූ සූත්‍රවර්‍ණනාවෙහිම කියන්නෙමු. ‘තෙහි ගිහී සඞ්ගණ්හාති’ ඒවා දීමෙන් ගිහින්ට සඞ්ග්‍රහ කරයි. අනුග්‍රහ කරයි. ‘උපලාපෙති’ ‘අනේ අපගේ ආර්‍ය්‍යතෙමේ’යි මෙසේ කියන්නන්, ලුහුබැඳ එන්නන්, ස්නෙහ සහිතන් කරයි. නොහළයුතු වෙන් නො කටයුතු ගරුපරිෂ්කාර එසේ නො කිරීමෙන් සොරකම්කොට ගිහින්ට සඞ්ග්‍රහ කරන්නා වූ මෙතෙමේ සිවුවන මහා සොර තෙමේය. ඒ මේ තෙමේ මේ ගරුභාණ්ඩ කුසලසඞ්ග්‍රහ පිණිස දෙන්නේ හරින්නේ කුලදූසකදුක්කටයට පැමිණේ. පබ්බාජනීයකර්‍මයට සුදුසු වූයේ ද වේ. භික්‍ෂුසඞ්ඝයා මැඩගෙන අධිපතිභාව හේතුවෙන් දෙන්නේ ථුල්ලච්චයට පැමිණේ. සොරසිතින් දෙන්නේ දුන් බඩුව අගය කරවා ඇවැත් නැගිය යුතුය.

අයං අග‍්ගො මහාචොරොති අයං ඉමෙසං චොරානං ජෙට‍්ඨචොරො; ඉමිනා සදිසො චොරො නාම නත්‍ථි, යො පඤ‍්චින්‍ද්‍රියග‍්ගහණාතීතං අතිසණ‍්හසුඛුමං ලොකුත‍්තරධම‍්මං ථෙනෙති. කිං පන සක‍්කා ලොකුත‍්තරධම‍්මො හිරඤ‍්ඤසුවණ‍්ණාදීනි විය වඤ‍්චෙත්‍වා ථෙනෙත්‍වා ගහෙතුන‍්ති? න සක‍්කා, තෙනෙවාහ – “යො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපතී”ති. අයඤ‍්හි අත‍්තනි අසන‍්තං තං ධම‍්මං කෙවලං “අත්‍ථි මය‍්හං එසො”ති උල‍්ලපති, න පන සක‍්කොති ඨානා චාවෙතුං, අත‍්තනි වා සංවිජ‍්ජමානං කාතුං. අථ කස‍්මා චොරොති වුත‍්තොති? යස‍්මා තං උල‍්ලපිත්‍වා අසන‍්තසම‍්භාවනාය උප‍්පන‍්නෙ පච‍්චයෙ ගණ‍්හාති. එවඤ‍්හි ගණ‍්හතා තෙ පච‍්චයා සුඛුමෙන උපායෙන වඤ‍්චෙත්‍වා ථෙනෙත්‍වා ගහිතා හොන‍්ති. තෙනෙවාහ – “තං කිස‍්ස හෙතු? ථෙය්‍යාය වො භික‍්ඛවෙ රට‍්ඨපිණ‍්ඩො භුත‍්තො”ති. අයඤ‍්හි එත්‍ථ අත්‍ථො – යං අවොචුම‍්හ – “අයං අග‍්ගො මහාචොරො, යො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපතී”ති . තං කිස‍්ස හෙතූති කෙන කාරණෙන එතං අවොචුම‍්හාති චෙ. “ථෙය්‍යාය වො භික‍්ඛවෙ රට‍්ඨපිණ‍්ඩො භුත‍්තො”ති භික‍්ඛවෙ යස‍්මා සො තෙන රට‍්ඨපිණ‍්ඩො ථෙය්‍යාය ථෙය්‍යචිත‍්තෙන භුත‍්තො හොති. එත්‍ථ හි වොකාරො “යෙ හි වො අරියා අරඤ‍්ඤවනපත්‍ථානී”තිආදීසු (ම· නි· 1.35-36) විය පදපූරණමත‍්තෙ නිපාතො. තස‍්මා “තුම‍්හෙහි භුත‍්තො”ති එවමස‍්ස අත්‍ථො න දට‍්ඨබ‍්බො.

‘අයං අග්ගො මහාචොරො’ මෙතෙමේ මේ සොරුන් අතුරෙහි දෙටු සොර තෙමේය. යමෙක් පඤ්චෙන්‍ද්‍රියග්‍රහණය ඉක්මවා සිටි ඉතා සියුම් වූ ලොකෝත්තර ධර්‍මය සොරකම් කෙරේ ද, එහෙයින් මොහු සමාන සොරෙක් නම් නැත්තේය. කිම? ලොකොත්තර ධර්‍මය හිරණ්‍ය ස්වර්‍ණාදිය මෙන් රවටා සොරකම්කොට ගන්නට හැක්කේද? නො හැක්කේය. එහෙයින් ‘යො අසන්තං අභුතං උත්තරිමනුස්සධම්මං උල්ලපති’ මෙතෙමේ වනාහි තමන් කෙරෙහි අවිද්‍යාමාන වූ ඒ ලොකොත්තරධර්‍මය. මේ ලොකොත්තරධර්‍මය හුදෙක් මට ඇත්තේ ය’යි ප්‍රකාශ කෙරේ ද, එහෙත් ඨානාචාවනය කරන්නට වනාහි නො හැක්කේය. තමන් කෙරෙහි විද්‍යාමාන වූවක් කරන්නට හෝ නො හැක්කේය. එසේ නම් කුමක් හෙයින් සොරායි කිනු ලැබේ ද? යම්හෙයකින් ඒ ලොකොත්තරධර්‍මය ප්‍රකාශකොට අසන්නසම්භාවනා හේතුවෙන් උපන් සිවුපසය ගණී ද, මෙසේ ගන්නහු විසින් ඒ සිවුපසය සියුම් වූ උපායයෙන් රවටා සොරකම්කොට ගන්නා ලද්දේ වේ. එහෙයින් ‘තං කිස්ස හෙතු? ථෙය්‍යාය වො භික්‍ඛවෙ රට්ඨපිණ්ඩො භුත්තො’ යනු වදාළ සේක. මේ මෙහි අර්‍ත්‍ථය වේ. ‘අයං අග්ගො මහාචොරො, යො අසන්තං අභූතං උත්තරමනුස්සධම්මං උල්ලපතීති, තං කිස්ස හෙතු’යි යමක් කීවෙමු ද? කුමන කරුණකින් මෙය කීවෙමු ද යත්:- ‘ථෙය්‍යාය වො භික්‍‍‍ඛවෙ රට්ඨපිණ්ඩො භුත්තො’ මහණෙනි! යම්හෙයකින් ඔහු විසින් ඒ රාෂ්ට්‍රපිණ්ඩය සොර සිතින් අනුභව කරන ලද්දේ වේ ද, එහෙයිනි. මෙහි වූ වො කාරය ‘යෙහි වො අරියා අරඤ්ඤෙ වනපත්‍ථානි’ යනාදි තන්හි මෙන් පද පූරණ මාත්‍රයෙහි නිපාතයි. එහෙයින් ‘තොප විසින් අනුභව කරන ලද්දේය’යි මෙහි අර්‍ත්‍ථ නොදත යුතුය.

ඉදානි තමෙවත්‍ථං ගාථාහි විභූතතරං කරොන‍්තො “අඤ‍්ඤථා සන‍්ත”න‍්තිආදිමාහ. තත්‍ථ අඤ‍්ඤථා සන‍්තන‍්ති අපරිසුද‍්ධකායසමාචාරාදිකෙන අඤ‍්ඤෙනාකාරෙන සන‍්තං. අඤ‍්ඤථා යො පවෙදයෙති පරිසුද‍්ධකායසමාචාරාදිකෙන අඤ‍්ඤෙන ආකාරෙන යො පවෙදෙය්‍ය. “පරමපරිසුද‍්ධො අහං, අත්‍ථි මෙ අබ‍්භන‍්තරෙ ලොකුත‍්තරධම‍්මො”ති එවං ජානාපෙය්‍ය. පවෙදෙත්‍වා ච පන තාය පවෙදනාය උප‍්පන‍්නං භොජනං අරහා විය භුඤ‍්ජති. නිකච‍්ච කිතවස‍්සෙව භුත‍්තං ථෙය්‍යෙන තස‍්ස තන‍්ති නිකච‍්චාති වඤ‍්චෙත්‍වා අඤ‍්ඤථා සන‍්තං අඤ‍්ඤථා දස‍්සෙත්‍වා. අගුම‍්බඅගච‍්ඡභූතමෙව සාඛාපලාසපල‍්ලවාදිච‍්ඡාදනෙන ගුම‍්බමිව ගච‍්ඡමිව ච අත‍්තානං දස‍්සෙත්‍වා. කිතවස‍්සෙවාති වඤ‍්චකස‍්ස කෙරාටිකස‍්ස ගුම‍්බගච‍්ඡසඤ‍්ඤාය අරඤ‍්ඤෙ ආගතාගතෙ සකුණෙ ගහෙත්‍වා ජීවිතකප‍්පකස‍්ස සාකුණිකස‍්සෙව. භුත‍්තං ථෙය්‍යෙන තස‍්ස තන‍්ති තස‍්සාපි අනරහන‍්තස‍්සෙව සතො අරහන‍්තභාවං දස‍්සෙත්‍වා ලද‍්ධභොජනං භුඤ‍්ජතො; යං තං භුත‍්තං තං යථා සාකුණිකකිතවස‍්ස නිකච‍්ච වඤ‍්චෙත්‍වා සකුණග‍්ගහණං, එවං මනුස‍්සෙ වඤ‍්චෙත්‍වා ලද‍්ධස‍්ස භොජනස‍්ස භුත‍්තත‍්තා ථෙය්‍යෙන භුත‍්තං නාම හොති.

දැන් ඒ අර්‍ත්‍ථයම ගාථාවන්ගෙන් අතිශයින් ප්‍රකට කරන සේක් ‘අඤ්ඤථා සන්තං’ යනාදිය වදාළ සේක. එහි ‘අඤ්ඤථා සන්තං’ අපිරිසිදු වූ කායසමාචාරාදී වූ අන් අයුරකින් විද්‍යාමනවූවහු ‘අඤ්ඤථා යො පවෙදයෙ’ පිරිසිදු වූ කායසමාචාරාදී වූ අන් අයුරකින්, යමෙක් පවසන්නේ ද, ‘මම පරමපරිශුද්ධයෙක්මි, මාගේ සිත තුළ ලොකොත්තරධර්‍මය ඇතැ’යි මෙසේ දන්වන්නේ නම් මෙසේ පවසා ද, ඒ පැවසීමෙන් උපන් බොජුන් රහතකු මෙන් වළඳයි. ‘නිකච්ච කිතවස්සෙව භුත්තං ථෙය්‍යෙන තස්ස තං’ යන මෙහි නිකච්ච රවටා. අන්පරිද්දකින් වූවහු අන්පරිද්දකින් දක්වා පඳුරක් වනරොදක් ගසක් නොවූ තමා, අතු කොළ දලු ආදියෙන් වසා ගැණීමෙන් පඳුරක් මෙන් වනරොදක් මෙන් ගසක් මෙන් තමන් දක්වා ‘කිතවස්සෙව’ වඤ්චක වූ කෛරාටික වූ පඳුරු වනරොද ගස් ය යන හැඟීමෙන් වනයෙහි තමන් වෙත ආ ආ පක්‍ෂීන් අල්වාගෙන මරා කා දිවි යවන ලිහිණි වැද්දකුගේ වැනි ‘භූත්තං ථෙය්‍යෙන තස්ස තං ‘නො රහත්වම රහත්බව හඟවා ලත් බොජුන් අනුභව කරන ඔහුගේ ද, යම් ඒ බොජුනක් අනුභව කරන ලද්දේ වේ ද, එය ලිහිණි වැදි කෛරාටිකයාගේ ලිහිණින් රවටා වඤ්චාකොට ලිහිණින් අල්ලා ගැනීම යම් සේ ද, මෙසේ මිනිසුන් රවටා ලත් බොජුන් අනුභව කළ බැවින් සොරසිතින් අනුභව කරන ලද්දේ නම් වේ.

ඉමං පන අත්‍ථවසං අජානන‍්තා යෙ එවං භුඤ‍්ජන‍්ති, කාසාවකණ‍්ඨා…පෙ… නිරයං තෙ උපපජ‍්ජරෙ කාසාවකණ‍්ඨාති කාසාවෙන වෙඨිතකණ‍්ඨා. එත‍්තකමෙව අරියද‍්ධජධාරණමත‍්තං, සෙසං සාමඤ‍්ඤං නත්‍ථීති වුත‍්තං හොති. “භවිස‍්සන‍්ති ඛො පනානන්‍ද අනාගතමද‍්ධානං ගොත්‍රභුනො කාසාවකණ‍්ඨා”ති (ම· නි· 3.380) එවං වුත‍්තදුස‍්සීලානං එතං අධිවචනං. පාපධම‍්මාති ලාමකධම‍්මා. අසඤ‍්ඤතාති කායාදීහි අසඤ‍්ඤතා. පාපාති ලාමකපුග‍්ගලා. පාපෙහි කම‍්මෙහීති තෙහි කරණකාලෙ ආදීනවං අදිස‍්වා කතෙහි පරවඤ‍්චනාදීහි පාපකම‍්මෙහි. නිරයං තෙ උපපජ‍්ජරෙති නිරස‍්සාදං දුග‍්ගතිං තෙ උපපජ‍්ජන‍්ති; තස‍්මා සෙය්‍යො අයොගුළොති ගාථා. තස‍්සත්‍ථො – සචායං දුස‍්සීලො අසඤ‍්ඤතො ඉච‍්ඡාචාරෙ ඨිතො කුහනාය ලොකං වඤ‍්චකො පුග‍්ගලො තත‍්තං අග‍්ගිසිඛූපමං අයොගුළං භුඤ‍්ජෙය්‍ය අජ‍්ඣොහරෙය්‍ය, තස‍්ස යඤ‍්චෙතං රට‍්ඨපිණ‍්ඩං භුඤ‍්ජෙය්‍ය, යඤ‍්චෙතං අයොගුළං, තෙසු ද‍්වීසු අයොගුළොව භුත‍්තො සෙය්‍යො සුන්‍දරතරො පණීතතරො ච භවෙය්‍ය, න හි අයොගුළස‍්ස භුත‍්තත‍්තා සම‍්පරායෙ සබ‍්බඤ‍්ඤුතඤාණෙනාපි දුජ‍්ජානපරිච‍්ඡෙදං දුක‍්ඛං අනුභවති. එවං පටිලද‍්ධස‍්ස පන තස‍්ස රට‍්ඨපිණ‍්ඩස‍්ස භුත‍්තත‍්තා සම‍්පරායෙ වුත‍්තප‍්පකාරං දුක‍්ඛං අනුභොති, අයඤ‍්හි කොටිප‍්පත‍්තො මිච‍්ඡාජීවොති.

මේ කාරණය නො දත් යම්කෙනෙක් මෙසේ අනුභව කෙරෙත් ද, ‘කාසාවකණ්ඨා -පෙ- නිරයං තෙ උප්පජ්ජරෙ’ යන මෙහි ‘කාසාවකණ්ඨා’ කසාවතින් වෙළු බොටුව ඇත්තාහු. අර්‍හද්ධවජධාරණමාත්‍රයම මොවුනට ඇත්තේය. සෙසු ශ්‍රමණ ගුණ නැත්තේයයි කියන ලද්දේ වේ. ‘භවිස්සන්ති ඛො පන ආනන්‍ද අනාගතමද්ධානං ගොත්‍රභූනො කසාවකණ්ඨා’යි මෙසේ වදාළ දුශ්ශීලයන්ට මේ නමෙකි. ‘පාපධම්මා’ ලාමකස්වභාව ඇත්තා වූ, ‘අසඤ්ඤතා’ කායාදියෙන් නො හික්මුනු. ‘පාපා’ ලාමක පුද්ගලයෝ. ‘පාපෙහි කම්මෙහි’ කරන කාලයෙහි ආදීනව නො දැක කරන ලද අන්හු රැවටීම් ආදී වූ පව්කම්වලින්. ‘නිරයං තෙ උප්පජ්ජරෙ’ ආස්වාදයක් නැති දුගතියෙහි ඔවුහු උපදිත්. එහෙයින් ‘සෙය්‍යො අයොගුලො’ යන ගාථාව වදාරණ ලදී. එහි අර්‍ත්‍ථය මෙසේය:- ඉදින් දුශ්ශීල වූ සංයමක් නැති ඊප්සාචාරයෙහි සිටි කුහකකමින් ලොව රවටන මේ පුද්ගල තෙමේ ගිනිසිළක් වැනි ගිනියම් කළ යගුළියක් අනුභව කරන්නේ ද, බුදින්නේ ද, ඔහුගේ යම් මේ රටවැසියා දෙන පිණ්ඩය බුදින්නේ ද, යම් මේ යගුළියක් බුදින්නේ ද, දෙක අතුරෙහි යගුළියම අනුභ කරන ලද්දේ ශ්‍රේෂ්ඨ වන්නේය. සුන්‍දරතර ද වන්නේය. ප්‍රණීතතර ද වන්නේය. යගුළිය තමා අනුභව කළ බැවින් පරලොව සර්‍වඥතාඥානයෙනුදු නො දත හැකි පිරිසිඳීම් ඇති දුකක් නොම අනුභව කරන්නේය. මෙසේ පිළිලද ඒ රාෂ්ට්‍රපිණ්ඩය තමා අනුභව කළ බැවින් පරලොව කී පරිදි වූ දුක් අනුභව කරන්නේය. මේ ම කෙළ පැමිණි මිත්‍ථ්‍යාජීවයයි.

එවං පාපකිරියාය අනාදීනවදස‍්සාවීනං ආදීනවං දස‍්සෙත්‍වා “අථ ඛො භගවා වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ අනෙකපරියායෙන විගරහිත්‍වා දුබ‍්භරතාය දුප‍්පොසතාය…පෙ… ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථා”ති ච වත්‍වා චතුත්‍ථපාරාජිකං පඤ‍්ඤපෙන‍්තො “යො පන භික‍්ඛු අනභිජාන”න‍්ති ආදිමාහ.

මෙසේ පාපක්‍රියාවෙහි ආදීනව නො දක්නවුන්ට ආදීනව දක්වා ‘අථ ඛො භගවා වග්ගුමුදාතීරියෙ භික්‍‍‍ඛු අනෙකපරියායෙන විගරහිත්‍වා දුබ්භරතාය දුප්පොසතාය -පෙ- ඉමං සික්‍ඛාපදං උද්දිසෙය්‍යාථ’යි වදාරා මේ සතරවන පාරාජිකාව පණවන සේක් ‘යො පන භික්‍‍‍ඛු අනභිජානං’ යනාදි වදාළ සේක.

එවං මූලච‍්ඡෙජ‍්ජවසෙන දළ‍්හං කත්‍වා චතුත්‍ථපාරාජිකෙ පඤ‍්ඤත‍්තෙ අපරම‍්පි අනුප‍්පඤ‍්ඤත‍්තත්‍ථාය අධිමානවත්‍ථු උදපාදි. තස‍්සුප‍්පත‍්තිදීපනත්‍ථං එතං වුත‍්තං – “එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොතී”ති.

මෙසේ මූලච්ඡෙද්‍ය වශයෙන් දැඩිකොට සතරවන පාරාජිකය පැණ වූ කල්හි අනිකුදු අනුප්‍රඥප්තිය පිණිස අධිමානවස්තුවක් පහළ වූයේය. ඒ අනුප්‍රඥප්තියගේ උත්පත්තිය දක්වනු පිණිස ‘එවඤ්චිදං භගවතා භික්‍‍‍ඛූනං සික්‍ඛාපදං පඤ්ඤත්තං හොති’ යන මෙය වදාරණ ලද්දේය.