යෙදුමෙන් කියවන්න

දුතියසඞ‍්ඝභෙදසික‍්ඛාපදං

3. 11.

3. 11.

දුතියසඞ‍්ඝභෙදසික‍්ඛාපදං

ද්විතීයසඞ්ඝභේදශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දෙවදත‍්තො සඞ‍්ඝභෙදාය පරක‍්කමති චක‍්කභෙදාය. භික‍්ඛූ එවමාහංසු: අධම‍්මවාදී දෙවදත‍්තො, අවිනයවාදී දෙවදත‍්තො. කථං හි නාම දෙවදත‍්තො සඞ‍්ඝභෙදාය පරක‍්කමිස‍්සති චක‍්කභෙදායාති. එවං වුත‍්තෙ කොකාලිකො ච කටමොරකතිස‍්සකො ඛණ‍්ඩදෙවියා පුත‍්තො සමුද‍්දදත‍්තො ච තෙ භික‍්ඛූ එතදවොචුං. මා ආයස‍්මන‍්තො එවං අවචුත්‍ථ: ධම‍්මවාදී දෙවදත‍්තො, විනයවාදී දෙවදත‍්තො, අම‍්හාකඤ‍්ච දෙවදත‍්තො ඡන්‍දඤ‍්ච රුචිඤ‍්ච ආදාය වොහරති, ජානාති. නො භාසති, අම‍්හාකමෙපතං ඛමතීති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛූ දෙවදත‍්තස‍්ස සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස අනුවත‍්තකා භවිස‍්සන‍්ති වග‍්ගවාදකා”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ දෙවදත‍්තස‍්ස සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස අනුවත‍්තකා භවිස‍්සන‍්ති වග‍්ගවාදකා”ති “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා -පෙ- “කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා දෙවදත‍්තස‍්ස සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස අනුවත‍්තකා භවිස‍්සන‍්ති වග‍්ගවාදකා. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වාසය කෙරෙති. තවද එසමයෙහි දෙව්දත් තෙම සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරෙයි. භික්‍ෂූහු මෙසේ කීහු: ‘දෙව්දත් අධර්‍මවාදී යැ, දෙව්දත් අවිනයවාදී යැ. කෙසේ නම් දෙව්දත් සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරේ දැ’යි. මෙසේ කී කල්හි කටමොරකතිස්සක නම් කෝකාලික තෙමේ ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත තෙමේ ද ඒ භික්‍ෂූන්ට මෙසේ කීහු: ‘ආයුෂ්මත්නි, නහමක් මෙසේ කියවු, දෙව්දත් ධර්‍මවාදී යැ, දෙව්දත් විනයවාදී යැ, දෙව්දත් අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්‍දාදිය) දනී. (දැන) කියයි තෙල අපට ද රුචි වේ’ ය යි. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති: ‘කෙසේ නම් භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... ‘සැබෑව ද මහණෙනි, භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු ද? අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ... ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... තව ද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:

“තස‍්සෙව ඛො පන භික‍්ඛුස‍්ස භික‍්ඛූ හොන‍්ති අනුවත‍්තකා වග‍්ගවාදකා එකො වා ද‍්වෙ වා තයො වා, තෙ එවං වදෙය්‍යුං: “මා ආයස‍්මන‍්තො එතං භික‍්ඛුං කිඤ‍්චි අවචුත්‍ථ, ධම‍්මවාදී චෙසො භික‍්ඛු විනයවාදී චෙසො භික‍්ඛු අම‍්හාකං චෙසො භික‍්ඛු ඡන්‍දඤ‍්ච රුචිඤ‍්ච ආදාය වොහරති, ජානාති නො භාසති අම‍්හාකම‍්පෙතං ඛමතී”ති. තෙ භික‍්ඛූ භික‍්ඛූහි එවමස‍්සු වචනීයා: “මා ආයස‍්මන‍්තො එවං අවචුත්‍ථ, න චෙසො භික‍්ඛු ධම‍්මවාදී, න චෙ සො භික‍්ඛු විනයවාදී, මායස‍්මන‍්තානම‍්පි සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථ, සමෙතායස‍්මන‍්තානං සඞ‍්ඝෙන, සමග‍්ගො හි සඞ‍්ඝො සම‍්මොදමානො අවිවදමානො එකුද‍්දෙසො ඵාසු විහරතී’ති. එවඤ‍්ච තෙ භික‍්ඛූ භික‍්ඛූහි වුච‍්චමානා තථෙව පග‍්ගණ‍්හෙය්‍යුං, තෙ භික‍්ඛූ භික‍්ඛූහි යාව තතියං සමනුභාසිතබ‍්බා තස‍්ස පටිනිස‍්සග‍්ගාය. යාව තතියඤ‍්චෙ සමනුභාසියමානා නං පටිනිස‍්සජෙය්‍යුං, ඉච‍්චෙතං කුසලං, නො චෙ පටිනිස‍්සජ‍්ජෙය්‍යුං, සඞ‍්ඝාදිසෙසො”ති.

“සඞ්ඝභේදය පිණිස යතන කරණ එ මැ මහණහට අනුවර්‍තක වූ වර්‍ගවාදක වූ භික්‍ෂූහු එකෙක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත් ද ඔහු මෙසේ කියන්නාහු නම්: ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නොකියවු. තෙල මහණ ධර්‍මවාදී ය. තෙල මහණ විනයවාදී ය. අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි, අපගේ ඡන්‍දාදිය දනියි. අප සමග බෙණෙයි, තෙල අපට ද රිසි වේ” ය යි. ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් මෙසේ කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්‍මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. ඒ (අනුවර්‍තක) භික්‍ෂූහු භික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නාහු එසේමැ දැඩි කොට ගන්නාහු නම් ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් ඒ ලබ්ධිය දුරලීම පිණිස තෙවන වට දක්වා සමනුභාසන කම් කළ යුත්තාහ. ඉදින් තෙවන වට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නාහු ඒ ලබ්ධිය හරණාහු නම් මේ දුරලීම මැනවි. ඉදින් නො හරණාහු නම් සඟවෙසෙස් වේ ය”යි.

2. තස‍්සෙව ඛො පනාති තස‍්ස සඞ‍්ඝභෙදකස‍්ස භික‍්ඛුනො.

2. තස්සේව ඛො පන යනු: ඒ සඞ්ඝභේදක මහණහට.

භික‍්ඛූ හොන‍්තීති අඤ‍්ඤෙ භික‍්ඛූ හොන‍්ති.

භික්ඛු හොන්ති යනු: අන් භික්‍ෂූහු වෙත්.

අනුවත‍්තකාති යංදිට‍්ඨිකො හොති යංඛන‍්තිකො යංරුචිකො, තෙපි තංදිට‍්ඨිකා හොන‍්ති තංඛන‍්තිකා තංරුචිකා.

අනුවත්තකා යනු: යම් දෘෂ්ටි ඇත්තෙක් යම් ක්‍ෂාන්ති ඇත්තෙක් යම් රුචි ඇත්තෙක් වේ ද ඔහු ද, ඒ ලබ්ධි ඇත්තාහු ඒ ක්‍ෂාන්ති ඇත්තාහු ඒ රුචි ඇත්තාහු වෙත්.

වග‍්ගවාදකාති තස‍්ස වණ‍්ණාය පක‍්ඛාය ඨිතා හොන‍්ති.

වග්ගවාදකා යනු: ඔහුගේ ගුණ වැණීමට පක්‍ෂවෘද්ධිය පිණිස සිටියාහු වෙත්.

එකො වා ද‍්වෙ වා තයො වාති එකො වා හොති ද‍්වෙ වා තයො වා. තෙ එවං වදෙය්‍යුං: “මා ආයස‍්මන‍්තො එතං භික‍්ඛුං කිඤ‍්චි අවචුත්‍ථ, ධම‍්මවාදී චෙසො භික‍්ඛු විනයවාදී චෙසො භික‍්ඛු, අම‍්හාකඤ‍්චෙසො භික‍්ඛු ඡන්‍දඤ‍්ච රුචිඤ‍්ච ආදාය වොහරති, ජානාති නො භාසති, අම‍්හාකපෙතං ඛමතී”ති.

ඒකෝ වා ද්වෙ වා තයො වා යනු: එකෙක් හෝ වෙයි. දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත්. ඔහු මෙසේ කියන්නාහු ය: ‘ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නො කියවු, තෙල මහණ ධර්‍මවාදී ය, තෙල මහණ විනයවාදී ය, තෙල මහණ අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්‍දාදිය) දනියි, අප සමග බෙණෙයි. තෙල අපට ද රුචි වේ’ යයි.

තෙ භික‍්ඛූති යෙ තෙ අනුවත‍්තකා භික‍්ඛූ.

තෙ භික්ඛු යනු: යම් ඒ අනුවර්‍තක භික්‍ෂූහු.

භික‍්ඛූහීති අඤ‍්ඤෙහි භික‍්ඛූහි, යෙ පස‍්සන‍්ති, යෙ සුණන‍්ති, තෙහි වත‍්තබ‍්බා: “මා ආයස‍්මන‍්තො එවං අවචුත්‍ථ. න චෙසො භික‍්ඛු ධම‍්මවාදී, න චෙසො භික‍්ඛු විනයවාදී, මා ආයස‍්මන‍්තානම‍්පි සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථ සමෙතායස‍්මන‍්තානං සඞ‍්ඝෙන, සමග‍්ගො හි සඞ‍්ඝො සම‍්මොදමානො අවිවදමානො එකුද‍්දෙසො ඵාසු විහරතී”ති. දුතියම‍්පි වත‍්තබ‍්බා. තතියම‍්පි වත‍්තබ‍්බා. සචෙ පටිනිස‍්සජන‍්ති, ඉච‍්චෙතං කුසලං, නො චෙ පටිනිස‍්සජන‍්ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සුත්‍වා න වදන‍්ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තෙ භික‍්ඛූ සඞ‍්ඝමජ‍්ඣම‍්පි ආකඩ‍්ඪිත්‍වා වත‍්තබ‍්බා:- “මා ආයස‍්මන‍්තො එවං අවචුත්‍ථ, න චෙසො භික‍්ඛු ධම‍්මවාදී, න චෙසො භික‍්ඛු විනයවාදී, මා ආයස‍්මන‍්තානම‍්පි සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථ, සමෙතායස‍්මන‍්තානං සඞ‍්ඝෙන. සමග‍්ගො හි සඞ‍්ඝො සම‍්මොදමානො අවිවදමානො එකුද‍්දෙසො ඵාසු විහරතී”ති. දුතියම‍්පි වත‍්තබ‍්බා. තතියම‍්පි වත‍්තබ‍්බා. සචෙ පටිනිස‍්සජන‍්ති, ඉච‍්චෙතං කුසලං. නො චෙ පටිනිස‍්සජන‍්ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තෙ භික‍්ඛූ භික‍්ඛූහි සමනුභාසිතබ‍්බා, එවඤ‍්ච පන භික‍්ඛවෙ සමනුභාසිතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

භික්ඛූහි යනු: අන්‍ය භික්‍ෂූන් විසින් යම් කෙනෙක් දකිත් ද, යම් කෙනෙක් අසද් ද, ඔවුන් විසින් කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු, තෙල මහණ නො ද ධර්‍මවාදී ය. තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නොකරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුරලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ භික්‍ෂූහු සඟමැදට ද ඇද කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්‍මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා. සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුර ලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු අන් මහණුන් විසින් සමනුභාසන කම් කළයුත්තාහ. තවද මහණෙනි, මෙසේත් සමනුභාසන කම් කළයුත්තාහ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථනාමො ච භික‍්ඛූ ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස අනුවත‍්තකා වග‍්ගවාදකා. තෙ තං වත්‍ථුං න පටිනිස‍්සජන‍්ති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමඤ‍්ච ඉත්‍ථන‍්නාමඤ‍්ච භික‍්ඛූ සමනුභාසෙය්‍ය තස‍්ස වත්‍ථුස‍්ස පටිනිස‍්සග‍්ගාය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්‍තකයහ, වර්‍ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො ච භික‍්ඛූ ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස අනුවත‍්තකා වග‍්ගවාදකා. තෙ තං වත්‍ථුං න පටිනිස‍්සජන‍්ති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමඤ‍්ච ඉත්‍ථන‍්නාමඤ‍්ච භික‍්ඛූ සමනුභාසති තස‍්ස වත්‍ථුස‍්ස පටිනිස‍්සග‍්ගාය. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස ච ඉත්‍ථන‍්නාමස‍්ස ච භික‍්ඛූනං සමනුභාසනා තස‍්ස වත්‍ථුස‍්ස පටිනිස‍්සග‍්ගාය. සො තුණ‍්හස‍්ස, යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය. “දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-

වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්‍තකයහ වර්‍ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කිරීම රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය. දෙවන වට ද මෙපවත් කියමි. ... තෙවන වට ද මෙපවත් කියමි. ...

“සමනුභට‍්ඨා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො ච භික‍්ඛූ තස‍්ස වත්‍ථුස‍්ස පටිනිස‍්සග‍්ගාය. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් ඒ (භේදකර) වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූහු සමනුභාසන කර්‍ම කරණ ලදහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාව යි. තෙල මෙසේ ධරමි’ යි.

ඤත‍්තියා දුක‍්කටං, ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා, කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තානං ඤත‍්තියා දුක‍්කටං ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා පටිප‍්පස‍්සම‍්භන‍්ති. ද‍්වෙ තයො එකතො සමනුභාසිතබ‍්බා. තදුත‍්තරි න සමනුභාසිතබ‍්බා.

ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් තුලැසි දෙකෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වෙයි. සඟවෙසෙස් අවදනාවුනට ඤත්තියෙන් වූ දුකුළා ද දෙකම්වදනින් වූ දෙතුලැසිය ද නවතිත්. දෙතුන් දෙනෙක් එකට සමනුභාසන කම් කළයුත්තාහ. එයින් මත්තෙහි සමනුභාසන කම් නො කළයුත්තාහ.

සඞ‍්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.

සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’ යි.

3. ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී න පටිනිස‍්සජන‍්ති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකා න පටිනිස‍්සජන‍්ති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී න පටිනිස‍්සජන‍්ති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය සංඥා ඇත්තාහු (ලබ්ධිය) නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තාහු නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු නො හරිත් නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තාහු ... දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු ... දුකුළාඇවැත් වේ.

4. අනාපත‍්ති අසමනුභාසන‍්තානං, පටිනිස‍්සජ‍්ජන‍්තානං, උම‍්මත‍්තකානං, ඛිත‍්තචිත‍්තානං, වෙදනාට‍්ටානං, ආදිකම‍්මිකානන‍්ති.

4. සමනුභාසන කම් නො කරණුවනට, හරණුවනට, උන්මත්තකයනට, නටසිත් ඇතියනට, වෙයින් පෙළෙනුවනට, ආදිකම්මිකයනට ඇවැත් නැති.

දුතියසඞ‍්ඝභෙද සික‍්ඛාපදං නිට‍්ඨිතං.

ද්විතීය සඞ්ඝභේද ශික්‍ෂාපදය නිමි.