යෙදුමෙන් කියවන්න

කුලදූසකසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

කුලදූසකසික‍්ඛාපදවණ‍්ණනා

කුලදූසක ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති කුලදූසකසික‍්ඛාපදං. තත්‍ථ අස‍්සජිපුනබ‍්බසුකා නාමාති අස‍්සජි චෙව පුනබ‍්බසුකො ච. කීටාගිරිස‍්මින‍්ති එවංනාමකෙ ජනපදෙ. ආවාසිකා හොන‍්තීති එත්‍ථ ආවාසො එතෙසං අත්‍ථීති ආවාසිකා. “ආවාසො”ති විහාරො වුච‍්චති. සො යෙසං ආයත‍්තො නවකම‍්මකරණපුරාණපටිසඞ‍්ඛරණාදිභාරහාරතාය, තෙ ආවාසිකා. යෙ පන කෙවලං විහාරෙ වසන‍්ති, තෙ නෙවාසිකාති වුච‍්චන‍්ති. ඉමෙ ආවාසිකා අහෙසුං. අලජ‍්ජිනො පාපභික‍්ඛූති නිල‍්ලජ‍්ජා ලාමකභික‍්ඛූ, තෙ හි ඡබ‍්බග‍්ගියානං ජෙට‍්ඨකඡබ‍්බග‍්ගියා.

“තෙන සමයෙන බුද්ධො භගවා” කුලදූෂක ශික්‍ෂාපදයයි. එහි ‘අස්සජිපුනබ්බසුකා නාම’ අස්සජිද පුනබ්බසුකද යන දෙදෙනය. “කීටාගිරිස්මිං” මෙනම් ඇති ජනපදයෙහි. “ආවාසිකාහොන්ති” මෙහි ආවාසය මොවුන්ට ඇත්තේනුයි ආවාසික නම. විහාරය ආවාසැයි කියනු ලැබේ. ඒ ආවාසය නවකම් කිරීම. පැරණිතැන් පිළිදැගුම් කිරීම ආදීවු බර උසුලන බැවින් යම් කෙනකුට අයත්වූයේද ඔවුහු ආවාසිකයෝ වෙත්. යම්කෙනෙක් හුදෙක් විහාරයෙහි වසත්ද, ඔවුහු නෙවාසිකයි කියනු ලැබෙත්. මොවුහු ආවාසිකයෝ වූහ. “අලජ්ජිනො පාපභික්‍ඛූ”. ලජ්ජාවිරහිත ලාමක භික්‍ෂූහුය. ඒ අස්සජිපුනබ්බසුකයෝ සවග මහණුන් අතුරෙහි වැඩිමහලු සවගමහණෝය.

සාවත්‍ථියං කිර ඡ ජනා සහායකා “කසිකම‍්මාදීනි දුක‍්කරානි, හන්‍ද මයං සම‍්මා පබ‍්බජාම! පබ‍්බජන‍්තෙහි ච උප‍්පන‍්නෙ කිච‍්චෙ නිත්‍ථරණකට‍්ඨානෙ පබ‍්බජිතුං වට‍්ටතී”ති සම‍්මන‍්තයිත්‍වා ද‍්වින‍්නං අග‍්ගසාවකානං සන‍්තිකෙ පබ‍්බජිංසු. තෙ පඤ‍්චවස‍්සා හුත්‍වා මාතිකං පගුණං කත්‍වා මන‍්තයිංසු “ජනපදො නාම කදාචි සුභික‍්ඛො හොති කදාචි දුබ‍්භික‍්ඛො, මයං මා එකට‍්ඨානෙ වසිම‍්හ, තීසු ඨානෙසු වසාමා”ති. තතො පණ‍්ඩුකලොහිතකෙ ආහංසු – “ආවුසො, සාවත්‍ථි නාම සත‍්තපඤ‍්ඤාසාය කුලසතසහස‍්සෙහි අජ‍්ඣාවුත්‍ථා, අසීතිගාමසහස‍්සපටිමණ‍්ඩිතානං තියොජනසතිකානං ද‍්වින‍්නං කාසිකොසලරට‍්ඨානං ආයමුඛභූතා, තත්‍ර තුම‍්හෙ ධුරට‍්ඨානෙයෙව පරිවෙණානි කාරෙත්‍වා අම‍්බපනසනාළිකෙරාදීනි රොපෙත්‍වා පුප‍්ඵෙහි ච ඵලෙහි ච කුලානි සඞ‍්ගණ‍්හන‍්තා කුලදාරකෙ පබ‍්බාජෙත්‍වා පරිසං වඩ‍්ඪෙථා”ති.

සැවැත්නුවර වනාහි යහළුවූ පණ්ඩුක-ලොහිතකා-මෙත්තිය-භූම්මජක-අස්සජි-පුනබ්බසුකයි සදෙනෙක් කෘෂිකර්‍මාදීහු දුෂ්කරයහ, යහළුවෙනි, එබැවින් අපි පැවිදි වම්හ. පැවිදිවන්නන් විසිනුදු කටයුත්තක් උපන්කල්හි එය උසුලන්නට පොහොසත් තැනක පැවිදිවන්නට වටීයයි මන්ත්‍රණය කොට දෑගසව්වන්ගේ සමීපයෙහි පැවිදිවූහ. ඔවුහු පස්වස් ඇත්තෝව මාතෘකාව පුහුණුකොට ජනපදය සමහර කලෙක සුභික්‍ෂ වේ. සමහර කලෙක දුර්භික්‍ෂ වේ. එහෙයින් අපි එක් තැනක නොවසමු, තුන් තැනක වසමුයි මන්ත්‍රණය කළහ. ඉක්බිති ඇවැත්නි, සැවැත් නුවර සත්පණස් ලක්‍ෂයක් කුල වාසය කළේය. ගම් අසූදහසකින් ප්‍රතිමණ්ඩිත වූ තුන්සියයක් යොදුන් ඇති කාසි-කොසල දෙරට අය උපදින දොරකඩ විය. තෙපි එහි ජෙතවන දොරටුව සමීපයෙහි පිරිවෙන් කරවා අඹ කොස් පොල් ආදිය රෝපණය කරවා මල්වලින් හා ගෙඩිවලින් කුලසඞ්ග්‍රහ කරමින් කුලදරුවන් පැවිදි කරවා පිරිස වඩාලමුයි පණ්ඩුක-ලොහිතකයන්ට කීහ.

මෙත‍්තියභූමජකෙ ආහංසු – “ආවුසො, රාජගහං නාම අට‍්ඨාරසහි මනුස‍්සකොටීහි අජ‍්ඣාවුත්‍ථං අසීතිගාමසහස‍්සපටිමණ‍්ඩිතානං තියොජනසතිකානං ද‍්වින‍්නං අඞ‍්ගමගධරට‍්ඨානං ආයමුඛභූතං, තත්‍ර තුම‍්හෙ ධුරට‍්ඨානෙයෙව…පෙ… පරිසං වඩ‍්ඪෙථා”ති.

මෙත්තිය භූම්මජකයන්ට ‘ඇවැත්නි රජගහනුවර අටළොස් කෙළක් මිනිසුන් වසන ලදය, ගම් අසූදහසකින් ප්‍රතිමණ්ඩිතවූ යොදුන් තුන්සියයක් ඇති අඟුමගධ දෙරටම අය උපදින දොර වූයේය, තෙපි එහි ඉදිරි තැනකම - පෙ- පිරිස වඩාලවුයි කීහ.

අස‍්සජිපුනබ‍්බසුකෙ ආහංසු – “ආවුසො, කීටාගිරි නාම ද‍්වීහි මෙඝෙහි අනුග‍්ගහිතො තීණි සස‍්සානි පසවන‍්ති, තත්‍ර තුම‍්හෙ ධුරට‍්ඨානෙයෙව පරිවෙණානි කාරෙත්‍වා…පෙ… පරිසං වඩ‍්ඪෙථා”ති. තෙ තථා අකංසු. තෙසු එකමෙකස‍්ස පක‍්ඛස‍්ස පඤ‍්ච පඤ‍්ච භික‍්ඛුසතානි පරිවාරා, එවං සමධිකං දියඩ‍්ඪභික‍්ඛුසහස‍්සං හොති. තත්‍ර පණ‍්ඩුකලොහිතකා සපරිවාරා සීලවන‍්තොව භගවතා සද‍්ධිං ජනපදචාරිකම‍්පි චරන‍්ති, තෙ අකතවත්‍ථුං උප‍්පාදෙන‍්ති, පඤ‍්ඤත‍්තසික‍්ඛාපදං පන න මද‍්දන‍්ති, ඉතරෙ සබ‍්බෙ අලජ‍්ජිනො අකතවත්‍ථුඤ‍්ච උප‍්පාදෙන‍්ති, පඤ‍්ඤත‍්තසික‍්ඛාපදඤ‍්ච මද‍්දන‍්ති, තෙන වුත‍්තං – “අලජ‍්ජිනො පාපභික‍්ඛූ”ති.

අස්සජී-පුනබ්බසුකයන්ට ‘ඇවැත්හි කීටාගිරිය, වස්සාන හේමන්ත යන ඍතු දෙක්හි වස්නා දෙවැස්සෙන් අනුගෘහිතය. ත්‍රිවිධ ධාන්‍ය පැසෙයි. තෙපි එහි ඉදිරියෙහිම පිරිවෙන් කරවා -පෙ පිරිස වඩාලවයි කීහ. ඔවුහු එසේ කළහ. ඔවුන් අතුරෙහි එක් එක් පක්‍ෂයට පන්සිය පන්සිය භික්‍ෂූහු පිරිවරවූහ. මෙසේවූ භික්‍ෂූහු එක්දහස් පන්සියයකට අධික වූහ. එහි පිරිවර සහිතවූ පණ්ඩුක-ලොහිතකයෝ සිල්වත්වම භාග්‍යවතුන් වහන්සේ සමග ජනපද චාරිකාවෙහිද හැසිරෙති. ඔවුහු පෙර නොකළ වැරදි කරත්. හෙවත් කණිකාරාදීවූ අලුත් මල්වතු වවත්. අන් සියල්ලෝ අලජ්ජීහුය. පෙර නොකළ වැරැදි ද කරත්. පැණවූ සිකපදද මඩිත් “අලජ්ජිනො පාපභික්‍ඛු” යනු එහෙයින් වදාළ සේක.

එවරූපන‍්ති එවංජාතිකං. අනාචාරං ආචරන‍්තීති අනාචරිතබ‍්බං ආචරන‍්ති, අකාතබ‍්බං කරොන‍්ති. මාලාවච‍්ඡන‍්ති තරුණපුප‍්ඵරුක‍්ඛං, තරුණකා හි පුප‍්ඵරුක‍්ඛාපි පුප‍්ඵගච‍්ඡාපි මාලාවච‍්ඡා ත්‍වෙව වුච‍්චන‍්ති, තෙ ච අනෙකප‍්පකාරං මාලාවච‍්ඡං සයම‍්පි රොපෙන‍්ති, අඤ‍්ඤෙනපි රොපාපෙන‍්ති, තෙන වුත‍්තං – “මාලාවච‍්ඡං රොපෙන‍්තිපි රොපාපෙන‍්තිපී”ති. සිඤ‍්චන‍්තීති සයමෙව උදකෙන සිඤ‍්චන‍්ති. සිඤ‍්චාපෙන‍්තීති අඤ‍්ඤෙනපි සිඤ‍්චාපෙන‍්ති.

“එවරූපං” මෙබඳු සැහැවි ඇති. “අනාචාරං ආචරන්ති”, නොහැසිරිය යුත්තෙහි හැසිරෙත්. නොකටයුත්ත කරත්. “මාලාවච්ඡං” තරුණමල් රුක්ය. තුරුණ මල්රුක්ද මල්ගස්ද මාලාවච්ඡයි කියනු ලැබෙත්. ඔවුහුද නන්වැදෑරුම් වූ මල්ගස් මල්රුක් තුමූද රෝපණය කරත්. අන්හු ලවාද රෝපණය කරවත්, “මාලාවච්ඡං රොපෙන්තීපි රොපාපෙන්තීපි”යි වදාරන ලදී. “සිඤ්චන්නි” තුමූම දිය ඉසිත්. “සිඤ්චා පෙත්තිපි” අන්හු ලවාද දිය ඉස්වත්,

එත්‍ථ පන අකප‍්පියවොහාරො කප‍්පියවොහාරො පරියායො ඔභාසො නිමිත‍්තකම‍්මන‍්ති ඉමානි පඤ‍්ච ජානිතබ‍්බානි. තත්‍ථ අකප‍්පියවොහාරො නාම අල‍්ලහරිතානං කොට‍්ටනං කොට‍්ටාපනං, ආවාටස‍්ස ඛණනං ඛණාපනං, මාලාවච‍්ඡස‍්ස රොපනං රොපාපනං, ආළියා බන්‍ධනං බන්‍ධාපනං, උදකස‍්ස සෙචනං සෙචාපනං, මාතිකාය සම‍්මුඛකරණං කප‍්පියඋදකසිඤ‍්චනං හත්‍ථමුඛපාදධොවනන‍්හානොදකසිඤ‍්චනන‍්ති. කප‍්පියවොහාරො නාම “ඉමං රුක‍්ඛං ජාන, ඉමං ආවාටං ජාන, ඉමං මාලාවච‍්ඡං ජාන, එත්‍ථ උදකං ජානා”ති වචනං සුක‍්ඛමාතිකාය උජුකරණඤ‍්ච. පරියායො නාම “පණ‍්ඩිතෙන නාම මාලාවච‍්ඡාදයො රොපාපෙතබ‍්බා නචිරස‍්සෙව උපකාරාය සංවත‍්තන‍්තී”තිආදිවචනං. ඔභාසො නාම කුදාලඛණිත‍්තාදීනි ච මාලාවච‍්ඡෙ ච ගහෙත්‍වා ඨානං, එවං ඨිතඤ‍්හි සාමණෙරාදයො දිස‍්වා ථෙරො කාරාපෙතුකාමොති ගන‍්ත්‍වා කරොන‍්ති. නිමිත‍්තකම‍්මං නාම කුදාල-ඛණිත‍්ති-වාසි-ඵරසු-උදකභාජනානි ආහරිත්‍වා සමීපෙ ඨපනං.

මෙහිලා අකැප ව්‍යවහාරය, කැපව්‍යවහාරය, පරියාය, ඔභාසය, නිමිත්තකම්මය යන මේ පස දතයුත්තේය. එහි අකප්පිය වොහාරය නමි, තෙත් නිල් තණ සිඳීම, සිඳවීම, වළ කැණීම, කැණවීම, මල්ගස් මල්රුක් සිටුවීම, සිටුවාලීම, නියර බැඳීම, බැඳවීම, දිය ඉසීම, ඉස්වාලීම, දිය ඇළ තමා දෙසට නමා ගැනීම, කැපදිය ඉසීම, අත්මුව පා දෝනට. නෑමට දිය ඉසීමය යන මේ වේ. කප්පිය වොහාරය නම්, මෙරුක දනුව, මේ වළ දනුව, මේ මල්රුක් මල්ගස් දනුව, මෙහි පැන් දනුව යන වචනය. වියළි ඇළ සෘජු කිරීමද වේ. පරියාය නම්, පණ්ඩිතයා විසින් මල්ගස් ආදිය සිටුවාලිය යුතුය. නොබෝ කලකින්ම උපකාරය පිණිස පවතින්නේය යනාදිය කීමය. ඔභාසය නම්, උදලු, බිම කණිනහුල් ආදියද, මල්ගස්ද ගෙන සිටීමය. සාමණෙරාදීහු මෙසේ සිටියහු දැක ‘ස්ථවිරතෙමේ කරවනු කැමැත්තේයයි ගොස් කරත්, නිමිත්තකම්ම නම්, උදලු, බිම කණිනහුල්, වෑපොරෝ, දිය බඳුන් ගෙනවුත් සමීපයෙහි තැබීමය.

ඉමානි පඤ‍්චපි කුලසඞ‍්ගහත්‍ථාය රොපනෙ න වට‍්ටන‍්ති, ඵලපරිභොගත්‍ථාය කප‍්පියාකප‍්පියවොහාරද‍්වයමෙව න වට‍්ටති, ඉතරත‍්තයං වට‍්ටති. මහාපච‍්චරියං පන “කප‍්පියවොහාරොපි වට‍්ටති. යඤ‍්ච අත‍්තනො පරිභොගත්‍ථාය වට‍්ටති, තං අඤ‍්ඤපුග‍්ගලස‍්ස වා සඞ‍්ඝස‍්ස වා චෙතියස‍්ස වා අත්‍ථායපි වට‍්ටතී”ති වුත‍්තං.

මේ පසම කුලසඞ්ග්‍රහය පිණිස සිටුවීමෙහි නොවටියි. ඵලපරිභොගය පිණිස කැප අකැප ව්‍යාවහාර දෙකම නොවටියි. පරියාය ඔභාස නිමිත්තකම්ම තුන ඵලපරිභොගය පිණිස වටියි. මහාපච්චරියෙහි කැප ව්‍යවහාරයද වටියි, තමන්ගේ පරිභෝගය පිණිස යමක් වටීද, එය අන්‍ය පුද්ගලයෙකු පිණිස හෝ සඞ්ඝයා පිණිස හෝ චෛත්‍යයක ප්‍රයොජනය පිණිස හෝ වටීයයි කියනලදී.

ආරාමත්‍ථාය පන වනත්‍ථායච ඡායත්‍ථාය ච අකප‍්පියවොහාරමත‍්තමෙව න ච වට‍්ටති, සෙසං වට‍්ටති, න කෙවලඤ‍්ච සෙසං යංකිඤ‍්චි මාතිකම‍්පි උජුං කාතුං කප‍්පියඋදකං සිඤ‍්චිතුං න‍්හානකොට‍්ඨකං කත්‍වා න‍්හායිතුං හත්‍ථපාදමුඛධොවනුදකානි ච තත්‍ථ ඡඩ‍්ඩෙතුම‍්පි වට‍්ටති. මහාපච‍්චරියං පන කුරුන්‍දියඤ‍්ච “කප‍්පියපථවියං සයං රොපෙතුම‍්පි වට‍්ටතී”ති වුත‍්තං. ආරාමාදිඅත්‍ථාය පන රොපිතස‍්ස වා රොපාපිතස‍්ස වා ඵලං පරිභුඤ‍්ජිතුම‍්පි වට‍්ටති.

ආරාමය පිණිසද වනය පිණිසද සෙවන පිණිසද අකැප ව්‍යවහාර මාත්‍රයක්ම නොවටියි. සෙස්ස වටියි. හුදෙක් සෙසු සියල්ල පමණක් නොවේ. වියලි නොවියලි යම්කිසි ඇළක සෘජු කරනු පිණිස කැපදිය ඉසින්නටද නානකොටුවක්කොට නාන්නටද, අත්පා මුවදෝනා දියද එහි දමන්නට වටියි. මහාපච්චරියෙහිද කුරුන්‍දියෙහිද කැප පොළොවෙහි තමා විසින් සිටුවන්නටද වටීයයි කියන ලදී. ආරමාදිය පිණිස වනාහි රොපණය කරන ලද්දක හෝ රොපණය කරවන ලද්දක හෝ ඵලය පරිභොග කරන්නටද, වටියි.

ඔචිනනඔචිනාපනෙ පකතියාපි පාචිත‍්තියං. කුලදූසනත්‍ථාය පන පාචිත‍්තියඤ‍්චෙව දුක‍්කටඤ‍්ච. ගන්‍ථනාදීසු ච උරච‍්ඡදපරියොසානෙසු කුලදූසනත්‍ථාය අඤ‍්ඤත්‍ථාය වා කරොන‍්තස‍්ස දුක‍්කටමෙව . කස‍්මා? අනාචාරත‍්තා, “පාපසමාචාරො”ති එත්‍ථ වුත‍්තපාපසමාචාරත‍්තා ච. ආරාමාදිඅත්‍ථාය රුක‍්ඛරොපනෙ විය වත්‍ථුපූජනත්‍ථාය කස‍්මා න අනාපත‍්තීති චෙ? අනාපත‍්තියෙව. යථා හි තත්‍ථ කප‍්පියවොහාරෙන පරියායාදීහි ච අනාපත‍්ති තථා වත්‍ථුපූජත්‍ථායපි අනාපත‍්තියෙව.

නෙලීම නෙලවීම්හි සැහැවියෙන්ම පාචිත්තිය වේ. කුලදූෂණය පිණිස පාචිත්තියද දුක්කටයද වේ. ගෙතීම් ආදිකොට ඇති ලෙහි පලදින මල්දම කෙළවරකොට ඇති මොවුන් අතුරෙහි කුලදූෂණය පිණිස හෝ වස්තුපූජාදීවූ අනිකක් පිණිස හෝ කරන්නහුට දුක්කටයම වේ. කුමක් හෙයින, යත්: අනාචාර බැවින්ද “පාපසමාචාරො”යි මෙහි කියූ පාපසමාචාර බැවින්ද වේ. ආරාමාදිය පිණිස ගස් සිටුවීමෙහි මෙන් තෙරුවන් පිදීම පිණිස ගස් සිටුවීමෙහිදී කුමක් හෙයින් අනාපත්ති නොවන්නීද යත්:- අනාපත්තිමය. යම්සේ ඒ ආරාමාදිය පිණිස ගස් සිටුවීමෙහි පරියායාදියෙන්ද අනාපත්තිවන්නීද, එසේ තෙරුවන් පිදීම පිණිසද අනාපත්තිම වේ.

නනු ච තත්‍ථ “කප‍්පියපථවියං සයං රොපෙතුම‍්පි වට‍්ටතී”ති වුත‍්තන‍්ති? වුත‍්තං, න පන මහාඅට‍්ඨකථායං. අථාපි මඤ‍්ඤෙය්‍යාසි ඉතරාසු වුත‍්තම‍්පි පමාණං. මහාඅට‍්ඨකථායඤ‍්ච කප‍්පියඋදකසෙචනං වුත‍්තං, තං කථන‍්ති? තම‍්පි න විරුජ‍්ඣති. තත්‍ර හි අවිසෙසෙන “රුක‍්ඛං රොපෙන‍්තිපි රොපාපෙන‍්තිපි, සිඤ‍්චන‍්තිපි සිඤ‍්චාපෙන‍්තිපී”ති වත‍්තබ‍්බෙ “මාලාවච‍්ඡ”න‍්ති වදන‍්තො ඤාපෙති “කුලසඞ‍්ගහත්‍ථාය පුප‍්ඵඵලූපගමෙව සන්‍ධායෙතං වුත‍්තං, අඤ‍්ඤත්‍ර පන පරියායො අත්‍ථී”ති. තස‍්මා තත්‍ථ පරියායං, ඉධ ච පරියායාභාවං ඤත්‍වා යං අට‍්ඨකථාසු වුත‍්තං, තං සුවුත‍්තමෙව. වුත‍්තඤ‍්චෙතං –

එහි කැප පොළොවෙහි තමන් විසින් ගස් සිටුවන්නටද වටීයයි කියන ලද්දේ නොවේද, කියන ලද්දේය. මහා අර්‍ත්‍ථකථාවෙහි නොකියන ලද්දේය. එහෙත් අන්අටුවාවන්හි කියනලද ප්‍රමාණය පිළිගත යුතුය. මහා අටුවාවෙහිද කැපදිය ඉසීම කියනලදී. ඒ කීයේය යත්: එද විරුද්ධ නොවේ. එහි විශේෂයක් නොතබා “රුක්‍ඛං රොපෙන්තිපි රොපාපෙන්තිපි සිඤ්චන්තිපි සිඤ්චාපෙන්තිපි” කිය යුත්තෙහි “මාලාවච්ඡං”යි කියමින් කුලසඞ්ග්‍රහය පිණිස මල්පලරුක්වැල් ආදියම සඳහා මෙය කියන ලද්දේය. අන්තන්හි වනාහි ආරාමාදිය පිණිස පරියායෙක් ඇත්තේයයි හඟවයි. එහෙයින් එහි පරියායද මෙහි පරියාභාවයද දැන යමක් අටුවාවන්හි කියන ලදද, එය මොනවට කියන ලද්දේමය.

“බුද‍්ධෙන ධම‍්මො විනයො ච වුත‍්තො; යො තස‍්ස පුත‍්තෙහි තථෙව ඤාතො; සො යෙහි තෙසං මතිමච‍්චජන‍්තා; යස‍්මා පුරෙ අට‍්ඨකථා අකංසු.

බුදුරජුන් විසින් යම් ධර්‍මයක් විනයක් වදාරන ලද්දේද, ඒ ධර්‍ම විනය උන්වහන්සේගේ පුත්‍රයන් විසින් එසේම දන්නා ලද්දේය. යම් කෙනෙක් උන්වහන්සේලාගේ අදහස නොහරිමින් යම්හෙයකින් පෙර අර්‍ත්‍ථකථා කළාහුද, එහෙයින් අර්‍ත්‍ථකථාවන්හි යමක් කියන ලදද, එහි ප්‍රමාදලිඛිතවූ එය හැරපියා අන් සියල්ල මෙහි ශික්‍ෂාවන්හි ගෞරව සහිතවූ පණ්ඩිතයන්ට ප්‍රමාණයයි මේ කියන ලද්දේය.

“තස‍්මා හි යං අට‍්ඨකථාසු වුත‍්තං; තං වජ‍්ජයිත්‍වාන පමාදලෙඛං; සබ‍්බම‍්පි සික‍්ඛාසු සගාරවානං; යස‍්මා පමාණං ඉධ පණ‍්ඩිතාන”න‍්ති.

සබ‍්බං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. තත්‍ථ සියා යදි වත්‍ථුපූජනත්‍ථායපි ගන්‍ථානාදීසු ආපත‍්ති, හරණාදීසු කස‍්මා අනාපත‍්තීති? කුලිත්‍ථීආදීනං අත්‍ථාය හරණතො හරණාධිකාරෙ හි විසෙසෙත්‍වා තෙ කුලිත්‍ථීනන‍්තිආදි වුත‍්තං, තස‍්මා බුද‍්ධාදීනං අත්‍ථාය හරන‍්තස‍්ස අනාපත‍්ති.

සියල්ලයට කියූ නයින්ම දතයුතුය. එහි තෙරුවන් පිදීම පිණිසද මල්දම් ගෙතීම් ආදියෙහි ඉදින් ඇවැත්වේද, තෙරුවන් පිදීම පිණිස ගෙනයෑම් ආදියෙහි කුමක් හෙයින් අනාපත්ති වන්නීද, කුලස්ත්‍රී ආදීන් පිණිස ගෙන යෑමෙන් හරණධිකාරය වෙනස්කොට “තෙ කුලිත්‍ථිනං” යනාදිය කියන ලදී. එහෙයින් බුද්ධාදීන් සඳහා ගෙන යන්නහුට ඇවැත් නොවේ.

තත්‍ථ එකතොවණ‍්ටිකන‍්ති පුප‍්ඵානං වණ‍්ටෙ එකතො කත්‍වා කතමාලං. උභතොවණ‍්ටිකන‍්ති උභොහි පස‍්සෙහි පුප‍්ඵවණ‍්ටෙ කත්‍වා කතමාලං. මඤ‍්ජරිකන‍්තිආදීසු පන මඤ‍්ජරී විය කතා පුප‍්ඵවිකති මඤ‍්ජරිකාති වුච‍්චති. විධූතිකාති සූචියා වා සලාකාය වා සින්‍දුවාරපුප‍්ඵාදීනි විජ‍්ඣිත්‍වා කතා. වටංසකොති වතංසකො. ආවෙළාති කණ‍්ණිකා. උරච‍්ඡදොති හාරසදිසං උරෙ ඨපනකපුප‍්ඵදාමං. අයං තාව එත්‍ථ පදවණ‍්ණනා.

එහි “එකතොවණ්ටිකං” මල්නටු එක්කොට කළ මල්දමය. “උභතො වණ්ටිකං” දෙපසෙහි මල්නටුකොට කළ මල්දමය. “මඤ්ජරිකං” යනාදි තන්හි පොකුරක් මෙන් කළ පුෂ්පවිකෘතිය මඤ්ජරිකායි කියනු ලැබේ. “විධූතිකා” හිදියෙන් හෝ ඉරෙන් හෝ නිකමල් ආදියවීද කළ මල්දමය. “වතංසකො” මුදුන් මල්කඩය. “ආවෙළො” බොහෝ මල් හෝ මල්දම් හෝ එක්කොට බැඳ කරණලද පොකුරය. “උරච්ඡදො” මුතුහර වැනි ලෙහි පලදින මල්දමය. මේ මෙහි පදවර්‍ණනාය.

අයං පන ආදිතො පට‍්ඨාය විත්‍ථාරෙන ආපත‍්තිවිනිච‍්ඡයො. කුලදූසනත්‍ථාය අකප‍්පියපථවියං මාලාවච‍්ඡං රොපෙන‍්තස‍්ස පාචිත‍්තියඤ‍්චෙව දුක‍්කටඤ‍්ච, තථා අකප‍්පියවොහාරෙන රොපාපෙන‍්තස‍්ස. කප‍්පියපථවියං රොපනෙපි රොපාපනෙපි දුක‍්කටමෙව. උභයත්‍ථාපි සකිං ආණත‍්තියා බහුන‍්නම‍්පි රොපනෙ එකමෙව සපාචිත‍්තියදුක‍්කටං වා සුද‍්ධදුක‍්කටං වා හොති. පරිභොගත්‍ථාය හි කප‍්පියභූමියං වා අකප‍්පියභූමියං වා කප‍්පියවොහාරෙන රොපාපනෙ අනාපත‍්ති. ආරාමාදිඅත්‍ථායපි අකප‍්පියපථවියං රොපෙන‍්තස‍්ස වා අකප‍්පියවචනෙන රොපාපෙන‍්තස‍්ස වා පාචිත‍්තියං. අයං පන නයො මහාඅට‍්ඨකථායං න සුට‍්ඨු විභත‍්තො, මහාපච‍්චරියං විභත‍්තොති.

මේ වනාහි මුල පටන් විස්තර විසින් ආපත්ති විනිශ්චයයි. කුලදූෂණය පිණිස අකැප පොළොවෙහි මල්ගස් මල්රුක් සිටුවන්නහුට පාචිත්තියද දුක්කටයද වේ. එසේ නොකැප වහරින් රෝපණය කරවන්නාහට කැප පොළොවෙහි සිටවීමෙහි, සිටුවාලීමෙහිද දුක්කටයම වේ. කැප නොකැප දෙතන්හිම වරක් ඇණවීමෙන් බොහෝවූද මල්ගස් සිටවීමෙහි එක්ම පාචිත්තිය සහිතවූ දුක්කටයක් හෝ සුද්ධදුක්කටය හෝවේ වේ. පරිභොගය පිණිස කැප බිම හෝ නොකැප බිම හෝ කැපවහරින් රොපණය කරවීමෙහි ඇවැත් නොවේ. ආරාමාදිය පිණිසද නොකැප පොළොවෙහි රොපණය කරන්නහුට හෝ නොකැප වචනයෙන් රෝපණය කරවන්නහුට හෝ පාචිත්තිය වේ. මේ නය වනාහි මහාඅර්‍ත්‍ථකථාවෙහි මනාකොට විභාග නොකරන ලද්දේය. මහාපච්චරියෙහි විභාග කරන ලද්දේය.

සිඤ‍්චනසිඤ‍්චාපනෙ පන අකප‍්පියඋදකෙන සබ‍්බත්‍ථ පාචිත‍්තියං, කුලදූසනපරිභොගත්‍ථාය දුක‍්කටම‍්පි. කප‍්පියෙන තෙසංයෙව ද‍්වින‍්නමත්‍ථාය දුක‍්කටං. පරිභොගත්‍ථාය චෙත්‍ථ කප‍්පියවොහාරෙන සිඤ‍්චාපනෙ අනාපත‍්ති. ආපත‍්තිට‍්ඨානෙ පන ධාරාවච‍්ඡෙදවසෙන පයොගබහුලතාය ආපත‍්තිබහුලතා වෙදිතබ‍්බා.

නොකැප දිය ඉසීම් ඉස්වීම්හි හැම තැන පාචිත්තිය වේ. කුලදූෂණ පරිභොගය පිණිස දුක්කටයද වේ. කැපදියෙන් කුලදූෂණ පරිභොග යන එදෙකම පිණිස කිරීමෙහිදී දුක්කටය වේ. පරිභොගය පිණිසද මෙහි කැපවහරින් ඉස්වීමෙහි ඇවැත් නොවේ. ආපත්තිස්ථානයෙහි දියදහර සිදීම් වසයෙන් ප්‍රයෝග බහුලභාවයෙන් ආපත්ති බහුලභාවය දතයුතුය.

කුලදූසනත්‍ථාය ඔචිනනෙ පුප‍්ඵගණනාය දුක‍්කටපාචිත‍්තියානි අඤ‍්ඤත්‍ථ පාචිත‍්තියානෙව. බහූනි පන පුප‍්ඵානි එකපයොගෙන ඔචිනන‍්තො පයොගවසෙන කාරෙතබ‍්බො. ඔචිනාපනෙ කුලදූසනත්‍ථාය සකිං ආණත‍්තො බහුම‍්පි ඔචිනති, එකමෙව සපාචිත‍්තියදුක‍්කටං, අඤ‍්ඤත්‍ර පාචිත‍්තියමෙව.

කුලදූෂණය පිණිස මල් නෙලීමෙහිදී මල් ගණනින් දුක්කට පාචිත්තිය වේ. තෙරුවන් පිදීම් ආදී අන් අයුරකින් නෙලීමෙහිදී පාචිත්තිය වෙයි. බොහෝ මල් එක් ප්‍රයොගයෙන් නෙලන්නේ ප්‍රයොග වශයෙන් කරවිය යුතුය. කුලදූෂණය පිණිස මල් වරක් අණකරන ලද්දේ බොහෝමල් නෙලාද එක්ම පාචිත්තියක් හා දුක්කටයක් වේ. අන්තන්හි පාචිත්තියම වේ.

ගන්‍ථනාදීසු සබ‍්බාපි ඡ පුප‍්ඵවිකතියො වෙදිතබ‍්බා – ගන්‍ථිමං, ගොප‍්ඵිමං, වෙධිමං, වෙඨිමං, පූරිමං, වායිමන‍්ති. තත්‍ථ “ගන්‍ථිමං” නාම සදණ‍්ඩකෙසු වා උප‍්පලපදුමාදීසු අඤ‍්ඤෙසු වා දීඝවණ‍්ටෙසු පුප‍්ඵෙසු දට‍්ඨබ‍්බං. දණ‍්ඩකෙන දණ‍්ඩකං වණ‍්ටෙන වා වණ‍්ටං ගන්‍ථෙත්‍වා කතමෙව හි ගන්‍ථිමං. තං භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා කාතුම‍්පි අකප‍්පියවචනෙන කාරාපෙතුම‍්පි න වට‍්ටති. එවං ජාන, එවං කතෙ සොභෙය්‍ය, යථා එතානි පුප‍්ඵානි න විකිරියන‍්ති තථා කරොහීතිආදිනා පන කප‍්පියවචනෙන කාරෙතුං වට‍්ටති.

ගෙතීම් ආදියෙහි සියලු සවැදෑරුම් වූ පුෂ්පවිකෘතීහු දතයුත්තාහුය. ගන්‍ථිම-ගොපඵිම-වෙධිම-වෙඨිම -පූරිම-වායිම යන මොහුය. එහි ගන්‍ථිම නම්, දඬු සහිත උපුල් පියුම් ආදියෙහි හෝ අන්‍ය වූ දිග්නටු ඇති පුෂ්පයන්හි දතයුතුය. දඬුවෙන් දඬුව හෝ නටුවෙන් නටුව හෝ ගොතා කරන ලද්දම ගන්‍ථිම නම. එය මහණහට හෝ මෙහෙණහට හෝ කරන්නට නොකැප වචනයෙන් කරවන්නටද නොවටියි. ‘මෙසේ දනුව, මෙසේ කළකල්හි හොබනේය. මේ මල් යම්සේ නොවිසිරේද, එසේ කරව, යනාදි කැපවචනයෙන් කරවීම වටියි.

“ගොප‍්ඵිමං” නාම සුත‍්තෙන වා වාකාදීහි වා වස‍්සිකපුප‍්ඵාදීනං එකතොවණ‍්ටිකඋභතොවණ‍්ටිකමාලාවසෙන ගොප‍්ඵනං, වාකං වා රජ‍්ජුං වා දිගුණං කත්‍වා තත්‍ථ අවණ‍්ටකානි නීපපුප‍්ඵාදීනි පවෙසෙත්‍වා පටිපාටියා බන්‍ධන‍්ති, එතම‍්පි ගොප‍්ඵිමමෙව. සබ‍්බං පුරිමනයෙනෙව න වට‍්ටති.

ගොප්ඵිම නම්, හයින් හෝ නියද කෙඳි ආදියෙන් හෝ සීනිද්ධ මල් ආදිය එක් පසකට නටු තබා හෝ දෙපසට නටු තබා හෝ මල්දම් වසයෙන් ගෙතීම, නියද කෙඳි හෝ හූ ද්විගුණකොට ඒ ඒ තැන නටු නැති බක්මීමල් ආදිය ඇතුල්කොට පිළිවෙළින් බඳිත් මෙද ගොප්ඵිමම වේ. සියල්ල පෙර කියූ නයින්ම නොවටියි.

“වෙධිමං” නාම සවණ‍්ටකානි වස‍්සිකපුප‍්ඵාදීනි වණ‍්ටෙසු, අවණ‍්ටකානි වා වකුලපුප‍්ඵාදීනි අන‍්තොඡිද‍්දෙ සූචිතාලහීරාදීහි විනිවිජ‍්ඣිත්‍වා ආවුනන‍්ති, එතං වෙධිමං නාම, තම‍්පි පුරිමනයෙනෙව න වට‍්ටති. කෙචි පන කදලික‍්ඛන්‍ධම‍්හි කණ‍්ටකෙ වා තාලහීරාදීනි වා පවෙසෙත්‍වා තත්‍ථ පුප‍්ඵානි විජ‍්ඣිත්‍වා ඨපෙන‍්ති, කෙචි කණ‍්ටකසාඛාසු, කෙචි පුප‍්ඵච‍්ඡත‍්තපුප‍්ඵකූටාගාරකරණත්‍ථං ඡත‍්තෙ ච භිත‍්තියඤ‍්ච පවෙසෙත්‍වා ඨපිතකණ‍්ටකෙසු, කෙචි ධම‍්මාසනවිතානෙ බද‍්ධකණ‍්ටකෙසු, කෙචි කණිකාරපුප‍්ඵාදීනි සලාකාහි විජ‍්ඣන‍්ති, ඡත‍්තාධිඡත‍්තං විය ච කරොන‍්ති, තං අතිඔළාරිකමෙව . පුප‍්ඵවිජ‍්ඣනත්‍ථං පන ධම‍්මාසනවිතානෙ කණ‍්ටකම‍්පි බන්‍ධිතුං කණ‍්ටකාදීහි වා එකපුප‍්ඵම‍්පි විජ‍්ඣිතුං පුප‍්ඵෙයෙව වා පුප‍්ඵං පවෙසෙතුං න වට‍්ටති. ජාලවිතානවෙදික-නාගදන‍්තක පුප‍්ඵපටිච‍්ඡකතාලපණ‍්ණගුළකාදීනං පන ඡිද‍්දෙසු අසොකපිණ‍්ඩියා වා අන‍්තරෙසු පුප‍්ඵානි පවෙසෙතුං න දොසො. එතං වෙධිමං නාම න හොති. ධම‍්මරජ‍්ජුයම‍්පි එසෙව නයො.

වෙධිම නම්, නටු සහිත සීනිද්දමල් ආදිය නැටිවලද නටු රහිත මූනමල් ආදිය සිදුර තුළද හිදි තල්ඉරටු ආදියෙන් විනිවිද අවුණත් මේ වෙඨිම නම්වේ. එද පෙර කියූ නයින්ම නොවටියි. ඇතැම් කෙනෙක් කෙසෙල් කඳෙහි කටු හෝ තල් ඉරටු ආදිය හෝ ඇතුල්කොට එහි විද මල් තබත්, ඇතැම් කෙනෙක් කටු අතුවලද ඇතැම් කෙනෙක් මල්සත් මල්කුළුගේ කරනු පිණිස ඡත්‍රයෙහිද භිත්තියෙහිද ඇතුල්කොට තැබූ කටුවලද, ඇතැම් කෙනෙක් ධර්‍මාසනයෙහි කළ වියනෙහි බැඳි කටුවලද, ඇතැම් කෙනෙක් කිණිහිරි මල් ආදිය ඉරටුවලින් විදිත්. සතක් මතුයෙහි සතක් සේද කරත්. එය අතිඖදාරිකම වේ. මල් විදින්නට ධර්‍මාසනයෙහි බැඳි වියනෙහි කටුද බඳින්නට කටු ආදියෙන් එක් මලකුදු විදින්නට හෝ මල්කම් මලක් ඇතුලත් කරන්නට හෝ නොවටියි. දැල් වියන් පිල්කඩ නාදැති මල්බදුන් තල්පත් ගුළකයනාදීන්ගේ සිදුරුවල හෝ, හෝපලුමල් සමූහයෙහි හෝ අතරෙහි මල් ඇතුල්කිරීම දොසයක් නොවේ. මෙය වෙධිමැයි නොගැණේ. වට ඇද බැදි රැහනෙහිද මේ නයමවේ.

“වෙඨිමං” නාම පුප‍්ඵදාමපුප‍්ඵහත්‍ථකෙසු දට‍්ඨබ‍්බං. කෙචි හි මත්‍ථකදාමං කරොන‍්තා හෙට‍්ඨා ඝටකාකාරං දස‍්සෙතුං පුප‍්ඵෙහි වෙඨෙන‍්ති, කෙචි අට‍්ඨට‍්ඨ වා දස දස වා උප‍්පලපුප‍්ඵාදීනි සුත‍්තෙන වා වාකෙන වා දණ‍්ඩකෙසු බන්‍ධිත්‍වා උප‍්පලහත්‍ථකෙ වා පදුමහත්‍ථකෙ වා කරොන‍්ති, තං සබ‍්බං පුරිමනයෙනෙව න වට‍්ටති. සාමණෙරෙහි උප‍්පාටෙත්‍වා ථලෙ ඨපිතඋප‍්පලාදීනි කාසාවෙන භණ‍්ඩිකම‍්පි බන්‍ධිතුං න වට‍්ටති. තෙසංයෙව පන වාකෙන වා දණ‍්ඩකෙන වා බන්‍ධිතුං අංසභණ‍්ඩිකං වා කාතුං වට‍්ටති. අංසභණ‍්ඩිකා නාම ඛන්‍ධෙ ඨපිතකාසාවස‍්ස උභො අන‍්තෙ ආහරිත්‍වා භණ‍්ඩිකං කත්‍වා තස‍්මිං පසිබ‍්බකෙ විය පුප‍්ඵානි පක‍්ඛිපන‍්ති, අයං වුච‍්චති අංසභණ‍්ඩිකා, එතං කාතුං වට‍්ටති. දණ‍්ඩකෙහි පදුමිනිපණ‍්ණං විජ‍්ඣිත්‍වා උප‍්පලාදීනි පණ‍්ණෙන වෙඨෙත්‍වා ගණ‍්හන‍්ති, තත්‍රාපි පුප‍්ඵානං උපරි පදුමිනිපණ‍්ණමෙව බන්‍ධිතුං වට‍්ටති. හෙට‍්ඨා දණ‍්ඩකං පන බන්‍ධිතුං න වට‍්ටති.

වෙඨිම නම්, මල්දම්, මල්මිටි ආදියෙහිලා දතයුතුය. ඇතැම් කෙනෙක් ධර්‍මාසනාදිය මතුයෙහි එල්බෙන මල්දම් කරන්නෝ යට ඝටාකාරය දක්වනු පිණිස මල්දම්වලින් වෙළත්, ඇතැම් කෙනෙක් අට අට හෝ දසය දසය හෝ උපුල්මල් ආදිය හුයකින් හෝ නියඳ කෙඳිවලින් හෝ දඬුවල බැඳ උපුල්මිටි පියුම්මල්මිටි කරත්, ඒ සියල්ල පෙර කියූ නයින්ම නොවටනේය. හෙරණුන් විසින් උපුටා ගොඩ තැබූ උපුල් ආදිය කසාවතින් පොදිකොට බැදීමද නොවටියි. ඒ උපුල් ආදීන්ගේම කෙන්දකින් හෝ දඬුවකින් හෝ බැඳීම, අංසයෙහිලූ පොදියක් හෝ කිරීම සුදුසුය. අංසභණ්ඩිකායි නම්, කඳෙහි තැබූ සිවුරෙහි දෙකොණ ගෙන ගැට ගසා එහි පසුම්බියෙහි මෙන්ම එහි පසුම්බියෙහි මෙන් මල් බහාලති. මෙය අංසභණ්ඩිකායි කියනු ලැබේ. මේ අංසභණ්ඩිකය කිරීම වටියි. දඬුවෙන් පියුම්පත් විද උපුල් ආදිය පත්‍රයෙන් වෙළා ගනිත්. එහිද මල් මතුවෙහි පියුම්පතම බැඳීම වටියි. යට දඬු බැඳීම නොවටියි.

“පූරිමං” නාම මාලාගුණෙ ච පුප‍්ඵපටෙ ච දට‍්ඨබ‍්බං. යො හි මාලාගුණෙන චෙතියං වා බොධිං වා වෙදිකං වා පරික‍්ඛිපන‍්තො පුන ආනෙත්‍වා පූරිමඨානං අතික‍්කාමෙති, එත‍්තාවතාපි පූරිමං නාම හොති. කො පන වාදො අනෙකක‍්ඛත‍්තුං පරික‍්ඛිපන‍්තස‍්ස, නාගදන‍්ත-කන‍්තරෙහි පවෙසෙත්‍වා හරන‍්තො ඔලම‍්බකං කත්‍වා පුන නාගදන‍්තකං පරික‍්ඛිපති, එතම‍්පි පූරිමං නාම. නාගදන‍්තකෙ පන පුප‍්ඵවලයං පවෙසෙතුං වට‍්ටති. මාලාගුණෙහි පුප‍්ඵපටං කරොන‍්ති. තත්‍රාපි එකමෙව මාලාගුණං හරිතුං වට‍්ටති. පුන පච‍්චාහරතො පූරිමමෙව හොති, තං සබ‍්බං පුරිමනයෙනෙව න වට‍්ටති. මාලාගුණෙහි පන බහූහිපි කතං පුප‍්ඵදාමං ලභිත්‍වා ආසනමත්‍ථකාදීසු බන්‍ධිතුං වට‍්ටති. අතිදීඝං පන මාලාගුණං එකවාරං හරිත්‍වා වා පරික‍්ඛිපිත්‍වා වා පුන අඤ‍්ඤස‍්ස භික‍්ඛුනො දාතුං වට‍්ටති. තෙනාපි තථෙව කාතුං වට‍්ටති.

පූරිම නම්, මල්දමෙහිද මල්පිළියෙහිද දතයුතුය. යමෙක් මල්දමින් සෑයක් හෝ බොධියක් හෝ පිල්කඩක් හෝ වට කරමින් නැවත ගෙනවුත් පළමු මල්දම තුබූ තැන ඉක්මවා තබාද, මෙපමණකිනුදු පූරිම නම්වේ. නාදත් අතරින් හෝ ඇතුල්කොටගෙන යමින් එල්බෙන්නක්කොට නැවැත නාගදන්තය වට කෙරේද එසේ නොයෙක් වර වට කරන්නහු පිළිබඳව කියනුම කවරේද, මෙද පූරිම නමි. නාගදන්තයෙහි මල් වළල්ලක් ඇතුල් කිරීම වටියි. මල්වැලින් මල් පිළී කරත්ද එහිද එක්ම මල්වැලක් ගෙනයෑම වටියි. නැවත ගෙන එන්නහුට පූරිමයම වේ. ඒ සියල්ල පෙර කියූ නයින්ම නොවටියි. බොහෝවූද මල්වැලින් කළ මල්දමක් ලැබ අසුන් මත ආදියෙහි බැඳීම වරද නැත. ඉතා දිග්වූ මල්වැල එක්වරක් ගෙනගොස් වටකොට නැවැත අන් මහණක්හට දීම වටියි. ඔහු විසිනුදු එසේ කළයුතුය.

“වායිමං” නාම පුප‍්ඵජාලපුප‍්ඵපටපුප‍්ඵරූපෙසු දට‍්ඨබ‍්බං. චෙතියෙසු පුප‍්ඵජාලං කරොන‍්තස‍්ස එකමෙකම‍්හි ජාලච‍්ඡිද‍්දෙ දුක‍්කටං. භිත‍්තිච‍්ඡත‍්තබොධිත්‍ථම‍්භාදීසුපි එසෙව නයො. පුප‍්ඵපටං පන පරෙහි පූරිතම‍්පි වායිතුං න ලබ‍්භති. ගොප‍්ඵිමපුප‍්ඵෙහෙව හත්‍ථිඅස‍්සාදිරූපකානි කරොන‍්ති, තානිපි වායිමට‍්ඨානෙ තිට‍්ඨන‍්ති. පුරිමනයෙනෙව සබ‍්බං න වට‍්ටති. අඤ‍්ඤෙහි කතපරිච‍්ඡෙදෙ පන පුප‍්ඵානි ඨපෙන‍්තෙන හත්‍ථිඅස‍්සාදිරූපකම‍්පි කාතුං වට‍්ටති. මහාපච‍්චරියං පන කලම‍්බකෙන අඩ‍්ඪචන්‍දකෙන ච සද‍්ධිං අට‍්ඨපුප‍්ඵවිකතියො වුත‍්තා. තත්‍ථ කලම‍්බකොති අඩ‍්ඪචන්‍දකන‍්තරෙ ඝටිකදාමඔලම‍්බකො වුත‍්තො. “අඩ‍්ඪචන්‍දකො”ති අඩ‍්ඪචන්‍දාකාරෙන මාලාගුණපරික‍්ඛෙපො. තදුභයම‍්පි පූරිමෙයෙව පවිට‍්ඨං. කුරුන්‍දියං පන “ද‍්වෙ තයො මාලාගුණෙ එකතො කත්‍වා පුප‍්ඵදාමකරණම‍්පි වායිමංයෙවා”ති වුත‍්තං. තම‍්පි ඉධ පූරිමට‍්ඨානෙයෙව පවිට‍්ඨං, න කෙවලඤ‍්ච පුප‍්ඵගුළදාමමෙව පිට‍්ඨමයදාමම‍්පි ගෙණ‍්ඩුකපුප‍්ඵදාමම‍්පි කුරුන්‍දියං වුත‍්තං, ඛරපත‍්තදාමම‍්පි සික‍්ඛාපදස‍්ස සාධාරණත‍්තා භික‍්ඛූනම‍්පි භික‍්ඛුනීනම‍්පි නෙව කාතුං න කාරාපෙතුං වට‍්ටති. පූජානිමිත‍්තං පන කප‍්පියවචනං සබ‍්බත්‍ථ වත‍්තුං වට‍්ටති. පරියායඔභාසනිමිත‍්තකම‍්මානි වට‍්ටන‍්තියෙව.

වායිම නම්, මල්දැල් මල්පට මල්රූපයන් විෂයෙහි දතයුතුය. සෑයෙහි මල්දැලක් කරන්නහුට එක් එක් දැල් සිදුරක් පාසා දුක්කටය වේ. බිත්ති, සත්. බෝටැම් ආදියෙහිද මේ නයමවේ. මල්පට වනාහි අනුන් විසින් පිරවූයේද වියීම නොලබයි. හූවැහැරියෙන් ගෙතූ මල්වලින්ම ඇත් අස් ආදී රූප කෙරෙත්ද ඔවුහුද වායමස්ථානයෙහි සිටිත්. පෙර කිය නයින්ම සියල්ල නොවටියි. අනුන් කළ පිරිසිඳීමෙහි මල් තබන්නහු විසින් ඇත් අස් ආදි රූප කිරීමද වටියි. මහාපච්චරියෙහි වනාහි එල්බෙන මල්දම හා අඩසදවන් මල්දම සමග පුෂ්පවිකෘති අටක් කියන ලද්දේය. එහි ‘කලම්බක’ යන මෙයින් අඩසඳවන් මල්දම අතරවූ ඝටීකාකාරවූ එල්බෙන මල්දම කියන ලද්දේය. ‘අද්ධචන්‍දක’ යන මෙයින් අඩසඳ අයුරින් මල්වැලින් වටකිරීම කියන ලද්දේය. එදෙකම පුරිමයෙහිම පිවිසියේය. කුරුන්‍දියෙහි වනාහි මල්වැල් දෙකක් තුනක් එක්කොට මල්දම් කිරීමද වායිමයමැයි කියන ලදී. එද මෙහි පළමු කියූ තැනම පිවිසියේය. මල්දම පමණක්ම නොවේ. පිටියෙන් කළ දමද නූල් ආදියෙන් වටකුරුකොට කළ මල්දමද කුරුන්‍දියෙහි කියන ලද්දේය. බරපත්‍රදාමයද ශික්‍ෂාපදයට සාධාරණ බැවින් මහණුන්ටද මෙහෙණන්ටද කිරීම හා කරවීම නොවටියි. පූජාවට නිමිත්ත වූ කැප වචන සියලු තන්හි කියයුතුය. පරියාය ඔභාස නිමිත්ත කර්‍මයෝ වටිත්මය.

තුවට‍්ටෙන‍්තීති නිපජ‍්ජන‍්ති. ලාසෙන‍්තීති පීතියා උප‍්පිලවමානා විය උට‍්ඨහිත්‍වා ලාසියනාටකං නාටෙන‍්ති, රෙචකං දෙන‍්ති. නච‍්චන‍්තියාපි නච‍්චන‍්තීති යදා නාටකිත්‍ථී නච‍්චති, තදා තෙපි තස‍්සා පුරතො වා පච‍්ඡතො වා ගච‍්ඡන‍්තා නච‍්චන‍්ති. නච‍්චන‍්තියාපි ගායන‍්තීති යදා සා නච‍්චති, තදා නච‍්චානුරූපං ගායන‍්ති. එස නයො සබ‍්බත්‍ථ. අට‍්ඨපදෙපි කීළන‍්තීති අට‍්ඨපදඵලකෙ ජූතං කීළන‍්ති. තථා දසපදෙ, ආකාසෙපීති අට‍්ඨපදදසපදෙසු විය ආකාසෙයෙව කීළන‍්ති. පරිහාරපථෙපීති භූමියං නානාපථමණ‍්ඩලං කත්‍වා තත්‍ථ පරිහරිතබ‍්බපථං පරිහරන‍්තා කීළන‍්ති. සන‍්තිකායපි කීළන‍්තීති සන‍්තිකකීළාය කීළන‍්ති, එකජ‍්ඣං ඨපිතා සාරියො වා පාසාණසක‍්ඛරායො වා අචාලෙන‍්තා නඛෙනෙව අපනෙන‍්ති ච උපනෙන‍්ති ච, සචෙ තත්‍ථ කාචි චලති, පරාජයො හොති. ඛලිකායාති ජූතඵලකෙ පාසකකීළාය කීළන‍්ති. ඝටිකායාති ඝටිකා වුච‍්චති දණ‍්ඩකකීළා, තාය කීළන‍්ති. දීඝදණ‍්ඩකෙන රස‍්සදණ‍්ඩකං පහරන‍්තා විචරන‍්ති.

“තුවට්ටෙන්ති” තුරුළුකරගෙන හොවින් “ලාසෙන්ති” ප්‍රීතියෙන් ඉල්පෙන්නහු මෙන් නැගිට තම තමන්ගේ අදහස පවසා මෙසේ නැටිය යුතුයයි පළමුව නැගිට නටත්. මෙසේ නටවත්, අත්පා ආදියෙන් රඟ දවත්. “නච්චන්තියාපි නච්චන්ති” යම් කලෙක නළඟනක් නටාද, එකල ඔවුහුද ඇය ඉදිරියෙහි හෝ පසුපස හෝ යමින් නටත්. ‘නච්චන්තියාපි ගායන්ති’ යම් කලෙක ඕ නටාද, එකල නැටීමට සුදුසු පරිදි ගයත්. හැම තැන මේ නයයි. “අට්ඨපදෙපි කීළන්ති” අටපදදූපෝරුවෙහි කෙළින්. දසපදෙ කීළන්ති දසපද දුපෝරුවෙහි කෙළිත්. “ආකාසෙපි” අටපදදසපද දූපෝරුවල මෙන් අහසෙහිද කෙළිත්. “පරිහාරපථෙ” බිම නොයෙක් මං ඇති මඩුල්ලකොට එහි පරිහරණය කටහැකි මග පරිහරණය කරමින් කෙළිත්. “සන්තිකායපි කීළන්ති” කැට ඈත් මෑත් කොටද කෙළිත්. එක්කොට තැබූ හිරටු හෝ කැටකැබලිති හෝ නොසොයමින් නියෙන්ම බැහැරද කෙරෙත්. සමීපයෙහිද කෙරෙත්. ඉදින් එහි කිසිවක් සැලේද පරාජය වේ. “ඛලිකාය” දූපෝරුවෙහි පසැටකෙළියෙන් කෙළින්. “ඝටිකාය” දඬුවෙන් කරන ක්‍රීඩාව ඝටිකායි කියනු ලැබේ. එයින් කෙළිත්. දිග්දඬුවෙන්කොට දඬුකඩට පහරමින් හැසිරෙත්.

සලාකහත්‍ථෙනාති ලාඛාය වා මඤ‍්ජට‍්ඨියා වා පිට‍්ඨඋදකෙ වා සලාකහත්‍ථං තෙමෙත්‍වා “කිං හොතූ”ති භූමියං වා භිත‍්තියං වා තං පහරිත්‍වා හත්‍ථිඅස‍්සාදීරූපානි දස‍්සෙන‍්තා කීළන‍්ති. අක‍්ඛෙනාති ගුළෙන. පඞ‍්ගචීරෙනාති පඞ‍්ගචීරං වුච‍්චති පණ‍්ණනාළිකා, තං ධමන‍්තා කීළන‍්ති. වඞ‍්කකෙනාති ගාමදාරකානං කීළනකෙන ඛුද‍්දකනඞ‍්ගලෙන. මොක‍්ඛචිකායාති මොක‍්ඛචිකා වුච‍්චති සම‍්පරිවත‍්තකකීළා, ආකාසෙ වා දණ‍්ඩං ගහෙත්‍වා, භූමියං වා සීසං ඨපෙත්‍වා හෙට‍්ඨුපරියභාවෙන පරිවත‍්තන‍්තා කීළන‍්තීති අත්‍ථො. චිඞ‍්ගුලකෙනාති චිඞ‍්ගුලකං වුච‍්චති තාලපණ‍්ණාදීහි කතං වාතප‍්පහාරෙන පරිබ‍්භමනචක‍්කං, තෙන කීළන‍්ති. පත‍්තාළ‍්හකෙනාති පත‍්තාළ‍්හකං වුච‍්චති පණ‍්ණනාළි, තාය වාලිකාදීනි මිනන‍්තා කීළන‍්ති. රථකෙනාති ඛුද‍්දකරථෙන. ධනුකෙනාති ඛුද‍්දකධනුනා.

“සලාකහත්‍ථෙන” ලාකඩින් හෝ මදටකසටින් හෝ පිටිදියෙන් හෝ ඉරටු මිටියක් තෙමා කුමක් හෝ වේවායි බිම හෝ බිත්තියෙහි හෝ එය ගසා ඇත් අස් ආදී රූප දක්වමින් කෙළිත්. “අක්‍ඛෙන” පන්දු කෙළියෙන්. “පඞ්ගචීරෙන” පත් ආදියෙන් වියූ නළාව පඞ්ගචීරයි කියනු ලැබේ. එය පිඹමින් කෙළින්. “වඩ්කකෙන” ගම්දරුවන් කෙළින කුඩා නගුලෙන්. “මොක්‍ඛචිකාය” ඔබමොබ පෙරැළීකරන ක්‍රීඩාව මොක්‍ඛචිකායි කියනු ලැබේ. දඬුකඩක් ගෙන අහසෙහි හෝ බිම හෝ හිස තබා යටිපස උඩුපස පිහිටියේ පෙරළෙමින් කෙළිත්ය යන අර්‍ත්‍ථයි. “චිඞ්ගුලකෙන” තල්පත් ආදියෙන් කළ වාපහරින් කැරෙකෙන චක්‍රය චිඞ්ගුලැයි කියනු ලැබේ. ඒ හුලංපෙති කැරකැවීමෙන් කෙළින්. “පත්තාළ්හකෙන” පතින් කළ නැළිය. පත්තාළ්හකැයි කියනු ලැබේ. එයින් වැලි ආදිය මනිමින් කෙළිත්. “රථකෙන” කුඩා රියෙන්. ‘ධනුකෙන’ කුඩාදුන්නෙන්

අක‍්ඛරිකායාති අක‍්ඛරිකා වුච‍්චති ආකාසෙ වා පිට‍්ඨියං වා අක‍්ඛරජානනකීළා, තාය කීළන‍්ති. මනෙසිකායාති මනෙසිකා වුච‍්චති මනසා චින‍්තිතජානනකීළා, තාය කීළන‍්ති. යථාවජ‍්ජෙනාති යථාවජ‍්ජං වුච‍්චති කාණකුණිකඛඤ‍්ජාදීනං යං යං වජ‍්ජං තං තං පයොජෙත්‍වා දස‍්සනකීළා තාය කීළන‍්ති, වෙලම‍්භකා විය. හත්‍ථිස‍්මිම‍්පි සික‍්ඛන‍්තීති හත්‍ථිනිමිත‍්තං යං සිප‍්පං සික‍්ඛිතබ‍්බං, තං සික‍්ඛන‍්ති. එසෙව නයො අස‍්සාදීසු. ධාවන‍්තිපීති පරම‍්මුඛා ගච‍්ඡන‍්තා ධාවන‍්ති. ආධාවන‍්තිපීති යත‍්තකං ධාවන‍්ති, තත‍්තකමෙව අභිමුඛා පුන ආගච‍්ඡන‍්තා ආධාවන‍්ති. නිබ‍්බුජ‍්ඣන‍්තීති මල‍්ලයුද‍්ධං කරොන‍්ති. නලාටිකම‍්පි දෙන‍්තීති “සාධු, සාධු, භගිනී”ති අත‍්තනො නලාටෙ අඞ‍්ගුලිං ඨපෙත්‍වා තස‍්සා නලාටෙ ඨපෙන‍්ති. විවිධම‍්පි අනාචාරං ආචරන‍්තීති අඤ‍්ඤම‍්පි පාළියං අනාගතං මුඛඩිණ‍්ඩිමාදිවිවිධං අනාචාරං ආචරන‍්ති.

“අක්‍ඛරිකාය” අහසෙහි හෝ පිටෙහි හෝ අකුරුලියා දන්වන ක්‍රීඩාව අක්‍ඛරිකායි කියනු ලැබේ. “මනෙසිකාය” සිතින් සිතුවක් දැනගන්නාවූ ක්‍රීඩාව මනෙසිකායි කියනු ලැබේ. එයින් කෙළිත්. “යථාවජ්ජෙන” කණ අත්පා කොරු ආදීන්ගේ යම් යම් අත්පා ආදියෙහි ඇදකුදවීම වසයෙන් නොයෙක් දොසයක්වේද යොදා දක්වන ක්‍රීඩාව යථා වජ්ජයි කියනු ලැබේ. එයින් ඉක්මන් ගමන් නැත්තවුන් මෙන් කෙළිත්. “හත්‍ථිස්මිම්පි සික්‍ඛන්ති” ඇතුන් නිමිතිකොට යම් ශිල්පයක් හික්මිය යුතුද, එහි හික්මෙත්. අශ්වාදීන් කෙරෙහිද මේ නයයි. “ධාවන්නිපි” පරාඞ්මුඛව යමින් දුවත්. “ආධාවන්තිපි” යම් පමණ දුවත්ද, එපමණක්ම අභිමුඛව නැවත එමින් පෙරටද දුවත්, “නිබ්බුජඣන්තීති” මල්ලව පොරද කරත්. “නලාටිකම්පි දෙන්ති” ‘මැනවි, මැනවි, නැගනි’යි තම නළලෙහි ඇඟිලි තබා ඇයගේ නළලෙහි තබත්. “විවිධම්පිඅනාචාරං ආචරන්ති” පෙළෙහි නොදැක්වූ අන්‍යවූද මුව බෙර ගැසීම් ආදීවූ නොයෙක් අනාචාරයෙහි හැසිරෙත්.

පාසාදිකෙනාති පසාදාවහෙන, සාරුප‍්පෙන සමණානුච‍්ඡවිකෙන. අභික‍්කන‍්තෙනාති ගමනෙන. පටික‍්කන‍්තෙනාති නිවත‍්තනෙන. ආලොකිතෙනාති පුරතො දස‍්සනෙන. විලොකිතෙනාති ඉතො චිතො ච දස‍්සනෙන. සමිඤ‍්ජිතෙනාති පබ‍්බසඞ‍්කොචනෙන. පසාරිතෙනාති තෙසංයෙව පසාරණෙන. සබ‍්බත්‍ථ ඉත්‍ථම‍්භූතාඛ්‍යානත්‍ථෙ කරණවචනං, සතිසම‍්පජඤ‍්ඤෙහි අභිසඞ‍්ඛතත‍්තා පාසාදික අභික‍්කන‍්ත-පටික‍්කන‍්ත-ආලොකිත-විලොකිත-සමිඤ‍්ජිත-පසාරිතො හුත්‍වාති වුත‍්තං හොති. ඔක‍්ඛිත‍්තචක‍්ඛූති හෙට‍්ඨා-ඛිත‍්තචක‍්ඛු . ඉරියාපථසම‍්පන‍්නොති තාය පාසාදිකඅභික‍්කන‍්තාදිතාය සම‍්පන‍්නඉරියාපථො.

“පාසාදිකෙන” පැහැදුම් එළවන, සරුප් වූ, මහණුන්ට සුදුසු වූ “අභික්කන්තෙන” පෙරටුව ගමනින්. “පටික්කන්තෙන” පෙරළා නැවැත්මෙන් “ආලොකිතෙන” ඉදිරි බැල්මෙන්. “විලොකිතෙන” ඔබමොබ බැල්මෙන් “සම්මිඤ්ජිතෙන” අත්පා පුරුක් හකුළුවමින් “පසාරිතෙන” ඒ අත්පා පුරුක් දිගහැරීමෙන් හැමතැන ඉත්‍ථම්භූතාර්‍ත්‍ථයෙහි කරනවචනයි. ස්මෘති ප්‍රඥා දෙකින් මොනවට පිළියෙල වූ බැවින් පැහැදුම් එළවීම් ඇති යෑම, නැවැත්ම. ඉදිරිය බැලීම. ඔබමොබ බැලීම. අත්පා හුදෙක් හැකිළීම, අත්පා පුරුක් දිගුකිරීම ඇතිවයයි කියන ලද්දේ වේ. “ඔක්‍ඛිත්තචක්‍ඛු” යට හෙලූ ඇස් ඇතිව. “ඉරියාපථසම්පන්නො” පැහැදීම එළවන යෑම් ආදියෙන් යුත් ඉරියවූ ඇතිව.

ක්‍වායන‍්ති කො අයං. අබලබලො වියාති අබලො කිර බොන්‍දො වුච‍්චති, අතිසයත්‍ථෙ ච ඉදං ආමෙඩිතං, තස‍්මා අතිබොන්‍දො වියාති වුත‍්තං හොති. මන්‍දමන්‍දොති අභික‍්කන‍්තාදීනං අනුද‍්ධතතාය අතිමන්‍දො. අතිසණ‍්හොති එවං ගුණමෙව දොසතො දස‍්සෙන‍්ති. භාකුටිකභාකුටිකො වියාති ඔක‍්ඛිත‍්තචක‍්ඛුතාය භකුටිං කත්‍වා සඞ‍්කුටිතමුඛො කුපිතො විය විචරතීති මඤ‍්ඤමානා වදන‍්ති. සණ‍්හාති නිපුණා, “අම‍්ම තාත භගිනී”ති එවං උපාසකජනං යුත‍්තට‍්ඨානෙ උපනෙතුං ඡෙකා, න යථා අයං; එවං අබලබලො වියාති අධිප‍්පායො. සඛිලාති සාඛල්‍යෙන යුත‍්තා. සුඛසම‍්භාසාති ඉදං පුරිමස‍්ස කාරණවචනං. යෙසඤ‍්හි සුඛසම‍්භාසා සම‍්මොදනීයකථා නෙලා හොති කණ‍්ණසුඛා, තෙ සඛිලාති වුච‍්චන‍්ති. තෙනාහංසු – “සඛිලා සුඛසම‍්භාසා”ති. අයං පනෙත්‍ථ අධිප‍්පායො – අම‍්හාකං අය්‍යා උපාසකෙ දිස‍්වා මධුරං සම‍්මොදනීයං කථං කථෙන‍්ති, තස‍්මා සඛිලා සුඛසම‍්භාසා, න යථා අයං; එවං මන්‍දමන්‍දා වියාති. මිහිතපුබ‍්බඞ‍්ගමාති මිහිතං පුබ‍්බඞ‍්ගමං එතෙසං වචනස‍්සාති මිහිතපුබ‍්බඞ‍්ගමා, පඨමං සිතං කත්‍වා පච‍්ඡා වදන‍්තීති අත්‍ථො. එහිස‍්වාගතවාදිනොති උපාසකං දිස‍්වා “එහි ස‍්වාගතං තවා”ති එවංවාදිනො, න යථා අයං; එවං සඞ‍්කුටිතමුඛතාය භාකුටිකභාකුටිකා විය එවං මිහිතපුබ‍්බඞ‍්ගමාදිතාය අභාකුටිකභාවං අත්‍ථතො දස‍්සෙත්‍වා පුන සරූපෙනපි දස‍්සෙන‍්තො ආහංසු – “අභාකුටිකා උත‍්තානමුඛා පුබ‍්බභාසිනො”ති. උප‍්පටිපාටියා වා තිණ‍්ණම‍්පි ආකාරානං අභාවදස‍්සනමෙතන‍්ති වෙදිතබ‍්බං. කථං? එත්‍ථ හි “අභාකුටිකා”ති ඉමිනා භාකුටිකභාකුටිකාකාරස‍්ස අභාවො දස‍්සිතො. “උත‍්තානමුඛා”ති ඉමිනා මන්‍දමන්‍දාකාරස‍්ස, යෙ හි චක‍්ඛූනි උම‍්මිලෙත්‍වා ආලොකනෙන උත‍්තානමුඛා හොන‍්ති, න තෙ මන්‍දමන්‍දා. පුබ‍්බභාසිනොති ඉමිනා අබලබලාකාරස‍්ස අභාවො දස‍්සිතො, යෙ හි ආභාසනකුසලතාය “අම‍්ම තාතා”ති පඨමතරං ආභාසන‍්ති, න තෙ අබලබලාති.

“ක්‍වායං” මේ කවරෙක්. අබලබලොවිය බල නැති ලොල් පුද්ගල තෙමේ කියනු ලැබේ. මෙය අතිශයාර්‍ත්‍ථයෙහි ආමෙණ්ඩිතය දෙතුන්වර කීමය. එහෙයින් ඉතා ලොල්වූ මන්‍දධාතුකයෙකු මෙනැයි කියන ලද්දේ වේ. “මන්‍දමන්‍දො” යාම් නැවැතීම් ආදිය නොසැලෙන බැවින් ඉතා මදවූයේය. ඉතා සියුම් වූයේයයි මෙසේ ගුණයම දොස් වසයෙන් දක්වත්. “භාකුටික භාකුටිකො විය” යටහෙලූ ඇස් ඇති බැවින් බැම බිඳීමකොට හැකුළු මුහුණු ඇති කිපියෙකු මෙන් හැසිරේයයි සිතමින් කියත්. “සණ්හා” නිපුණයහ. “මෑණියනි, පියාණෙනි, නැගණියෙනි මෙසේ උපාසකජනයා සුදුසු තැනට පමුණුවන්නට දක්‍ෂයහ. මෙතෙමේ යම්සේද එසේ අබලබල ඇතියෙකු මෙන් නොවේය යන අදහසයි. “සඛිලා” මෘදුවචනයෙන් යුක්තයහ. “සුඛසම්හාසා” යන මෙය පළමු වචනයෙහි කාරණවචනයි. යම් කෙනකුන්ගේ වනාහි සැප එළවන වචන ඇති සතුටු වියයුතු කථා විලාසය නිදොස්වූවා කණට සුව එළවන්නීද, ඔවුහු සඛිලහයි කියනු ලැබේ. එහෙයින් “සඛිලා සුඛසම්හාසා”යි කියනලදි. මේ මෙහි අධිප්‍රාය වේ. ‘අපගේ ආර්‍ය්‍යයෝ උපාසකයන් දැක මිහිරි වූ සතුටුවිය යුතු වූ කතා කියත්. එහෙයින් උන්වහන්සේ මොළොක් වචන ඇත්තාහ. සැප එළවන කතා ඇත්තාහ. මෙතෙමේ එසේ නොවේ. මන්‍දමන්‍දයන් වැනිවේ යනුයි. “මිහිතපුබ්බඞ්ගමා” මද සිනහ පෙරදැරිවූයේ මොවුන්ගේ වචනයටැයි මිහිතපුබ්බඞ්ගම නම. පළමුකොට සිනාසී පසුව කියත්ය යන අර්‍ත්‍ථයි. “එහි ස්වාගතවාදිනො” උපාසකයෙකු දැක ‘තාගේ ඊම යහපති, එවයි මෙසේ කියන්නෝය. මෙතෙමේ යම්සේද එසේ හැකුළුනු මුහුණු ඇති බැවින් බැම බිදින්නවුන් මෙන් නොවෙත්. මෙසේ මදසිනහ ආදිය පෙරදැරිකොට ඇති බැවින් අභාකුටිකභාවය අර්‍ත්‍ථ වශයෙන් දක්වා නැවත සරූප විසින් දක්වන්නාහු “අභාකුටිකා උත්තානමුඛා පුබ්බභාසිනො”යි කීහ. උපිළිවෙළින් හෝ තුන් ආකාරයන්ගේ මේ අභාව දර්‍ශනයයි දතයුතුය. කිසේය යත්: මෙහි අභාකුටිකා යන මෙයින් බැම බිඳීම හා බැමි බිදින ආකාරයෙහි අභාවය දක්වන ලද්දේය. උත්තානමුඛා යන මෙයින් මන්‍දමන්‍දකාරයාගේ අභාවය දක්වන ලදී. යම් කෙනෙක් ඇස් දල්වා බැලීමෙන් උඩුකුරු මූණු ඇත්තාහු වෙත්ද, ඔවුහු මන්‍දමන්‍ද වූවාහු නොවෙත්. පුබ්බභාසිනො යන මෙයින් ලොලාකාරයාගේ අභාවය දක්වන ලදී. යම් කෙනෙක් නොබිණීමෙහි දක්‍ෂ බැවින් මෑණියෙනි, පියාණෙනි’යි ඉතා පළමුකොට නොබෙණෙත්ද ඔවුහු ලොල්වූවාහු මන්‍දධාතුකවූවාහු නොවෙත්.

එහි, භන‍්තෙ, ඝරං ගමිස‍්සාමාති සො කිර උපාසකො “න ඛො, ආවුසො, පිණ‍්ඩො ලබ‍්භතී”ති වුත‍්තෙ “තුම‍්හාකං භික‍්ඛූහියෙව එතං කතං , සකලම‍්පි ගාමං විචරන‍්තා න ලච‍්ඡථා”ති වත්‍වා පිණ‍්ඩපාතං දාතුකාමො “එහි, භන‍්තෙ, ඝරං ගමිස‍්සාමා”ති ආහ. කිං පනායං පයුත‍්තවාචා හොති, න හොතීති? න හොති. පුච‍්ඡිතපඤ‍්හො නාමායං කථෙතුං වට‍්ටති. තස‍්මා ඉදානි චෙපි පුබ‍්බණ‍්හෙ වා සායන‍්හෙ වා අන‍්තරඝරං පවිට‍්ඨං භික‍්ඛුං කොචි පුච‍්ඡෙය්‍ය – “කස‍්මා, භන‍්තෙ, චරථා”ති? යෙනත්‍ථෙන චරති, තං ආචික‍්ඛිත්‍වා “ලද‍්ධං න ලද‍්ධ”න‍්ති වුත‍්තෙ සචෙ න ලද‍්ධං, “න ලද‍්ධ”න‍්ති වත්‍වා යං සො දෙති, තං ගහෙතුං වට‍්ටති.

“එහි භන්තෙ ඝරං ගමිස්සාමි” ඒ උපාසක තෙමේ ඇවැත, පිණ්ඩය නොලැබිනැයි කීකල්හි ඔබවහන්සේලාගේ භික්‍ෂූන් විසින්ම මෙය කරන ලද්දේය, මුළු ගමද හැසිරෙන්නාහු නොලබහු’යි කියා පිණ්ඩපාතය දෙනු කැමැතිව ‘එව ස්වාමීනි, ගෙට යන්නෙමු’යි කීයේය. ‘කිම, මෙය ප්‍රයුක්තවචනයක්වේද, නොවේද යත්: නොවේ. විචාළ ප්‍රශ්නය නම්වූ මෙය කියන්නට වටියි. එහෙයින් දැනුදු පෙරවරුයෙහි හෝ පස්වරුවෙහි හෝ ඇතුළුගමට වත් මහණහු අතින් කිසිවෙක් ‘ස්වාමිනි, කුමක් හෙයින් හැසිරෙවුදැයි විචාරන්නේ නම් යම් කරුණකින් හැසිරේද, එය කියා, ලදද, නොලදදැයි විචාළ කල්හි ඉදින් නොලද්දේනම් නොලද්දේයයි කියා හෙතෙමේ යමක් දේද එය ගැනීම වටියි.

දුට‍්ඨොති න පසාදාදීනං විනාසෙන දුට‍්ඨො, පුග‍්ගලවසෙන දුට‍්ඨො. දානපථානීති දානානියෙව වුච‍්චන‍්ති. අථ වා දානපථානීති දානනිබද‍්ධානි දානවත‍්තානීති වුත‍්තං හොති. උපච‍්ඡින‍්නානීති දායකෙහි උපච‍්ඡින‍්නානි, න තෙ තානි එතරහි දෙන‍්ති. රිඤ‍්චන‍්තීති විසුං හොන‍්ති නානා හොන‍්ති, පක‍්කමන‍්තීති වුත‍්තං හොති. සණ‍්ඨහෙය්‍යාති සම‍්මා තිට‍්ඨෙය්‍ය, පෙසලානං භික‍්ඛූනං පතිට‍්ඨා භවෙය්‍ය.

“දුට්ඨො” පැහැදීම් ආදිය නැසීයාමෙන් දූෂිතවූයේ නොවේ. පුද්ගල වශයෙන් දූෂිත වූයේය. “දානපථානි” යන මෙයින් දානයම කියනු ලැබෙත්. නොහොත් “දානපථානි” නිබඳ දෙන දානයෙහි දන්වටැයි කියන ලද්දේ වේ. උපච්ඡින්නානි දායකයන් විසින් සිඳින ලදහ. ඒ දායකයෝ දැන් ඒ දන්වැට නොදෙත්. “රිඤ්චන්ති” වෙන් වෙත්. බැහැර යෙත්යයි කියන ලද්දේ වේ. “සණ්ඨහෙය්‍ය” මනාව පිහිටන්නේය. ප්‍රියශීලි භික්‍ෂූන්ට පිහිට වන්නේය.

එවමාවුසොති ඛො සො භික‍්ඛු සද‍්ධස‍්ස පසන‍්නස‍්ස උපාසකස‍්ස සාසනං සම‍්පටිච‍්ඡි. එවරූපං කිර සාසනං කප‍්පියං හරිතුං වට‍්ටති, තස‍්මා “මම වචනෙන භගවතො පාදෙ වන්‍දථා”ති වා “චෙතියං පටිමං බොධිං සඞ‍්ඝත්‍ථෙරං වන්‍දථා”ති වා “චෙතියෙ ගන්‍ධපූජං කරොථ, පුප‍්ඵපූජං කරොථා”ති වා “භික‍්ඛූ සන‍්නිපාතෙථ, දානං දස‍්සාම , ධම‍්මං සොස‍්සාමාති වා ඊදිසෙසු සාසනෙසු කුක‍්කුච‍්චං න කාතබ‍්බං. කප‍්පියසාසනානි එතානි න ගිහීනං ගිහිකම‍්මපටිසංයුත‍්තානීති. කුතො ච ත්‍වං, භික‍්ඛු, ආගච‍්ඡසීති නිසින‍්නො සො භික‍්ඛු න ආගච‍්ඡති අත්‍ථතො පන ආගතො හොති; එවං සන‍්තෙපි වත‍්තමානසමීපෙ වත‍්තමානවචනං ලබ‍්භති, තස‍්මා න දොසො. පරියොසානෙ “තතො අහං භගවා ආගච‍්ඡාමී”ති එත්‍ථාපි වචනෙ එසෙව නයො.

ඒ මහණතෙමේ ‘එසේය ඇවැත’යි කියා සැදැහැති තෙරුවන් කෙරෙහි පහන් වූ උපාසකයාගේ හසුන පිළිගත්තේය. මෙවැනි කැප හසුන ගෙන යෑම වටියි. එහෙයින් ‘මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා වදිවුයි හෝ සෑපිළිම බෝ සඟතෙරහු වඳිවුයි හෝ ‘සෑයෙහි සුවඳ පූජා කරවු, මල් පූජා කරවුයි හෝ භික්‍ෂූන් රැස් කරවු, දන් දෙන්නෙමු, බණ අසන්නමු’යි හෝ මෙබඳු හසුන්හි කුකුස් නොකළ යුතුය. මොවුහු කැප හසුන් වෙත්. ගිහින්ගේ ගිහිකම් පිළිබඳ වූවාහු නොවෙති. “කුතො ච ත්‍වං භික්‍ඛු ආගච්ඡසි” හුන් ඒ මහණතෙමේ නොඑයි. අර්‍ත්‍ථ වශයෙන් ආයේවේ. මෙසේ ඇතිකල්හිද වර්‍තමාන සමීපකාලයෙහි වර්‍තමාන වචනය ලබයි. එහෙයින් දොසක් නැත්තේය. කෙළවර ‘තතො අහං භගවා ආගච්ඡාමි’ යන මේ වචනයෙහිද මේ නයමවේ.

පඨමං අස‍්සජිපුනබ‍්බසුකා භික‍්ඛූ චොදෙතබ‍්බාති “මයං තුම‍්හෙ වත‍්තුකාමා”ති ඔකාසං කාරෙත්‍වා වත්‍ථුනා ච ආපත‍්තියා ච චොදෙතබ‍්බා. චොදෙත්‍වා යං න සරන‍්ති, තං සාරෙතබ‍්බා. සචෙ වත්‍ථුඤ‍්ච ආපත‍්තිඤ‍්ච පටිජානන‍්ති, ආපත‍්තිමෙව වා පටිජානන‍්ති, න වත්‍ථුං, ආපත‍්තිං රොපෙතබ‍්බා. අථ වත්‍ථුමෙව පටිජානන‍්ති, නාපත‍්තිං; එවම‍්පි “ඉමස‍්මිං වත්‍ථුස‍්මිං අයං නාම ආපත‍්තී”ති රොපෙතබ‍්බා එව. යදි නෙව වත්‍ථුං, නාපත‍්තිං පටිජානන‍්ති, ආපත‍්තිං න රොපෙතබ‍්බා අයමෙත්‍ථ විනිච‍්ඡයො. යථාපටිඤ‍්ඤාය පන ආපත‍්තිං රොපෙත්‍වා; එවං පබ‍්බාජනීයකම‍්මං කාතබ‍්බන‍්ති දස‍්සෙන‍්තො “බ්‍යත‍්තෙන භික‍්ඛුනා”තිආදිමාහ, තං උත‍්තානත්‍ථමෙව.

“පඨමං අස්සජිපුනබ්බසුකා භික්‍ඛු චොදෙතබ්බා” ‘අපි තොපට කියනු කැමැත්තම්හ’යි අවකාශ කරවාගෙන වස්තුවෙන්ද ආපත්තියෙන්ද චෝදනා කටයුත්තාහ. චෝදනාකොට යමක් සිහි නොකෙරෙත්ද, එය සිහිකරවිය යුතුය. ඉදින් වස්තුවත් ආපත්තියත් පිළිදනිත් නම්, ආපත්තියම හෝ පිළිදනිත් නම්, වස්තුව නොපිළිනොදනිත් නම්, කුල දූෂණ ක්‍රියාවෙන් පැමිණි ඇවැත නැගිය යුතුය. නැවත වස්තුව පමණක්ම පිළිදනිත් නම්, ඇවැත නොපිළිදනිත් නම්, එසේ කල්හිද ‘මෙනම් වස්තුවෙහි මෙනම් ඇවැතයයි නැගිය යුතුය. ඉදින් මෙසේ වස්තුව නොමපිළිදනිත්ද ඇවැත නොපිළිදනිත්ද එකල්හි ඇවැත නොනැගිය යුතුයයි, මේ මෙහි විනිශ්චයයි. පිළිණ ලෙසින් පැවැත නගා මෙසේ පබ්බාජනීයකර්‍මය කටයුතුයයි දක්වන සේක් “ව්‍යක්තෙන භික්‍ඛුනා” යනාදිය වදාළ සේක. එය ප්‍රකට වූ අර්‍ත්‍ථ ඇත්තේමය.

එවං පබ‍්බාජනීයකම‍්මකතෙන භික‍්ඛුනා යස‍්මිං විහාරෙ වසන‍්තෙන යස‍්මිං ගාමෙ කුලදූසකකම‍්මං කතං හොති, තස‍්මිං විහාරෙ වා තස‍්මිං ගාමෙ වා න වසිතබ‍්බං. තස‍්මිං විහාරෙ වසන‍්තෙන සාමන‍්තගාමෙපි පිණ‍්ඩාය න චරිතබ‍්බං. සාමන‍්තවිහාරෙපි වසන‍්තෙන තස‍්මිං ගාමෙ පිණ‍්ඩාය න චරිතබ‍්බං. උපතිස‍්සත්‍ථෙරො පන “භන‍්තෙ නගරං නාම මහන‍්තං ද‍්වාදසයොජනිකම‍්පි හොතී”ති අන‍්තෙවාසිකෙහි වුත‍්තො “යස‍්සා වීථියා කුලදූසකකම‍්මං කතං තත්‍ථෙව වාරිත”න‍්ති ආහ. තතො “වීථිපි මහතී නගරප‍්පමාණාව හොතී”ති වුත‍්තො “යස‍්සා ඝරපටිපාටියා”ති ආහ, “ඝරපටිපාටීපි වීථිප‍්පමාණාව හොතී”ති වුත‍්තො ඉතො චිතො ච සත‍්ත ඝරානි වාරිතානී”ති ආහ. තං පන සබ‍්බං ථෙරස‍්ස මනොරථමත‍්තමෙව. සචෙපි විහාරො තියොජනපරමො හොති ද‍්වාදසයොජනපරමඤ‍්ච නගරං, නෙව විහාරෙ වසිතුං ලබ‍්භති, න නගරෙ චරිතුන‍්ති.

මෙසේ පබ්බාජනීයකර්‍මය කළ යම් වෙහෙරක වසන මහණහු විසින් යම් ගමක කුලදූෂක කර්‍මය කරන ලද්දේවේද ඒ විහාරයෙහි හෝ ඒ ගමෙහි හෝ නොවිසිය යුතුය. ඒ විහාරයෙහි වසන්නහු විසින් සමීපගමෙහිද පිඬුපිණිය නොහැසිරිය යුතුය. සමීප විහාරයෙහි වසන්නහු විසින්ද එගම පිඬු පිණිස නොහැසිරිය යුතුය. උපතිෂ්‍ය ස්ථවිරතෙමේ ‘ස්වාමිනි, නුවර නම් මහත්ය, දොළොස් යොදුන් ඇත්තේ වේයයි අතවැසියන් විසින් කියන ලදුයේ යම් විථියක කුලදූෂකර්‍මය කරන ලදද, එහිම වළකන ලදැයි කීය. ඉක්බිති ‘වීථියද මහත්ය, නුවරතරම්මයයි කියන ලදුයේ යම් වීථියක ගෙපිළිවෙළිනැයි කීය. “ගෙපිළිවෙළද වීථිය තරම්ම වේය’යි කියන ලදුයේ ඔබමොබද ගෙවල් සතක් වළකන ලදැ’යි කීය. ඒ සියල්ල තෙරුන්ගේ අදහස් මාත්‍රයක්මය. ඉදින් විහාරය තුන් යොදුන් පරම කොට ඇත්තේද, නුවර දොළොස් යොදුන් පරමකොට ඇත්තේවේද විහාරයෙහි විසීම නොලැබේ. නුවර හැසිරීම නොලැබේ.

තෙ සඞ‍්ඝෙන පබ‍්බාජනීයකම‍්මකතාති කථං සඞ‍්ඝො තෙසං කම‍්මං අකාසි? න ගන‍්ත්‍වාව අජ‍්ඣොත්‍ථරිත්‍වා අකාසි, අථ ඛො කුලෙහි නිමන‍්තෙත්‍වා සඞ‍්ඝභත‍්තෙසු කයිරමානෙසු තස‍්මිං තස‍්මිං ඨානෙ ථෙරා සමණපටිපදං කථෙත්‍වා “අයං සමණො, අයං අස‍්සමණො”ති මනුස‍්සෙ සඤ‍්ඤාපෙත්‍වා එකං ද‍්වෙ භික‍්ඛූ සීමං පවෙ සෙත්‍වා එතෙනෙවුපායෙන සබ‍්බෙසං පබ‍්බාජනීයකම‍්මං අකංසූති. එවං පබ‍්බාජනීයකම‍්මකතස‍්ස ච අට‍්ඨාරස වත‍්තානි පූරෙත්‍වා යාචන‍්තස‍්ස කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං. පටිප‍්පස‍්සද‍්ධකම‍්මෙනාපි ච තෙන යෙසු කුලෙසු පුබ‍්බෙ කුලදූසකකම‍්මං කතං, තතො පච‍්චයා න ගහෙතබ‍්බා, ආසවක‍්ඛයප‍්පත‍්තෙනාපි න ගහෙතබ‍්බා, අකප‍්පියාව හොන‍්ති. “කස‍්මා න ගණ‍්හථා”ති පුච‍්ඡිතෙන “පුබ‍්බෙ එවං කතත‍්තා”ති වුත‍්තෙ, සචෙ වදන‍්ති “න මයං තෙන කාරණෙන දෙම ඉදානි සීලවන‍්තතාය දෙමා”ති ගහෙතබ‍්බා. පකතියා දානට‍්ඨානෙයෙව කුලදූසකකම‍්මං කතං හොති. තතො පකතිදානමෙව ගහෙතුං වට‍්ටති, යං වඩ‍්ඪෙත්‍වා දෙන‍්ති, තං න වට‍්ටති.

“තෙ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා” සඞ්ඝතෙමේ කෙසේ ඒ භික්‍ෂූන්ට පබ්බාජනීය කර්‍මය කෙළේද, නොගොස්ම වැඩ කෙළේදයත්, එකල කුල විසින් පවරා සඟබත් කරනු ලබන කල්හි ඒ ඒ තැන තෙරහු ශ්‍රමණ ප්‍රතිපදාව කියා ‘මේ ශ්‍රමණය, මෙතෙමේ ශ්‍රමණ නොවේයයි මිනිසුන්ට හඟවා එක් නමක් දෙනමක් භික්‍ෂූන් සීමාවට යවා මේ උපායෙන්ම සියල්ලන්ට පබ්බාජනීය කර්‍මය කළහයි දතයුතුය. මෙසේ පබ්බාජනීයකර්‍මය කරන ලදුව (කම්මක්‍ඛන්‍ධකයෙහි) අටළොස්වත් පුරා යාඥා කරන්නහුගේ කර්‍මය සන්සිඳවිය යුතුය. සන්සිඳවූ කර්‍මය ඇති ඒ මහණහු විසින් පෙර යම් කුලයන්හි කුලදූෂකකර්‍මය කරන ලද්දේ ද, එයින් ප්‍රත්‍යයෝ නොගතයුත්තාහුය. කෙලෙස් නැසීමට පැමිණියහු විසින්ද නොගත යුතුය. අකැපම වෙති. ‘කුමක් හෙයින් නොගනිවුදැ’යි විචාරණ ලද්දහු විසින් ‘පෙර මෙසේ කළ බැවිනැයි කීකල්හි ‘අපි ඒ කරුණෙන් නො දෙමු, දැන් සිල්වත්බැවින් දෙමුයි කියත් නම් ගතයුතුය. ප්‍රකෘතියෙන් දෙන තැනකම කුලදූෂකකර්‍ම කරන ලද්දේවේද, එතැනින් ප්‍රකෘතිදානයම ගැනීම වටියි. යමක් වඩා දෙත්ද එය නොවටියි.

න සම‍්මා වත‍්තන‍්තීති තෙ පන අස‍්සජිපුනබ‍්බසුකා අට‍්ඨාරසසු වත‍්තෙසු සම‍්මා න වත‍්තන‍්ති. න ලොමං පාතෙන‍්තීති අනුලොමපටිපදං අප‍්පටිපජ‍්ජනතාය න පන‍්නලොමා හොන‍්ති. න නෙත්‍ථාරං වත‍්තන‍්තීති අත‍්තනො නිත්‍ථරණමග‍්ගං න පටිපජ‍්ජන‍්ති . න භික‍්ඛූ ඛමාපෙන‍්තීති “දුක‍්කටං, භන‍්තෙ, අම‍්හෙහි, න පුන එවං කරිස‍්සාම, ඛමථ අම‍්හාක”න‍්ති එවං භික‍්ඛූනං ඛමාපනං න කරොන‍්ති. අක‍්කොසන‍්තීති කාරකසඞ‍්ඝං දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසන‍්ති. පරිභාසන‍්තීති භයං නෙසං දස‍්සෙන‍්ති. ඡන්‍දගාමිතා…පෙ… භයගාමිතා පාපෙන‍්තීති එතෙ ඡන්‍දගාමිනො ච…පෙ… භයගාමිනො චාති එවං ඡන්‍දගාමිතායපි…පෙ… භයගාමිතායපි පාපෙන‍්ති, යොජෙන‍්තීති අත්‍ථො. පක‍්කමන‍්තීති තෙසං පරිවාරෙසු පඤ‍්චසු සමණසතෙසු එකච‍්චෙ දිසා පක‍්කමන‍්ති. විබ‍්භමන‍්තීති එකච‍්චෙ ගිහී හොන‍්ති. කථඤ‍්හි නාම අස‍්සජිපුනබ‍්බසුකා භික‍්ඛූති එත්‍ථ ද‍්වින‍්නං පමොක‍්ඛානං වසෙන සබ‍්බෙපි “අස‍්සජිපුනබ‍්බසුකා”ති වුත‍්තා.

“න සම්මා වත්තන්ති” ඒ අස්සජි පුනබ්බසුකයෝ අටළොස්වත්හි මනාව නොපවතිත්. “න ලොමං පාතෙන්ති” අනුලොම් පිළිවෙතෙහි නොපිළිපදින බැවින් අනුකූල පැවැතුම් ඇත්තෝ නොවෙත්. “න නෙත්‍ථාරං වත්තන්ති” තමන් එතර වන උපාය නො පිළිපදිත්, “භික්‍ඛු න ඛමාපෙන්ති” ස්වාමිනි අප විසින් කරන ලද්දේ නින්‍දිත එකකි. නැවත මෙසේ නොකරන්නෙමු, අපට කමාවනු මැනව’යි මෙසේ භික්‍ෂූන් කමාකරවීම නො කරත්. “අක්කොසන්ති” දශ ආක්‍රොශ වස්තුවෙන් කාරකසඞ්ඝයාහට ආක්‍රෝශ කරත්. “පරිභාසන්ති” ඔවුන්ට බිය දක්වත් “ඡන්‍දගාමිනා -පෙ- භයගාමිනා පාපෙන්ති” මේ භික්‍ෂූහු ඡන්‍දයෙන්ද අගතියට යන්නාහුය -පෙ- බියෙන්ද අගතියට යන්නාහුයයි මෙසේ ඡන්‍දයෙන් අගතියට යන බවටද බියෙන් අගතියට යනබවටද පමුණුවත් යොදත්ය යන අර්‍ත්‍ථයි. “පක්කමන්ති” ඒ අස්සජිපුනබ්බසුකයන්ගේ පිරිවර වූ පන්සියයක් ශ්‍රමණයන් අතුරෙහි ඇතැම් කෙනෙක් දිහා බලා යෙත් “විබ්හමන්ති” ඇතැම් කෙනෙක් ගිහි වෙත්. “කථං හි නාම අස්සජීපුනබ්බසුකා” මෙහි ප්‍රධාන දෙදෙනාගේ වසයෙන් සියල්ලෝම අස්සජිපුනබ්බසුකයෝයි කියන ලදහ.

ගාමං වාති එත්‍ථ නගරම‍්පි ගාමග‍්ගහණෙනෙව ගහිතං. තෙනස‍්ස පදභාජනෙ “ගාමොපි නිගමොපි නගරම‍්පි ගාමො චෙව නිගමො චා”ති වුත‍්තං. තත්‍ථ අපාකාරපරික‍්ඛෙපො සආපණො නිගමොති වෙදිතබ‍්බො.

“ගාමං වා” මෙහි නුවරද ග්‍රාමග්‍රහණයෙන්ම ගන්නා ලද්දේය. එහෙයින් මේ පදයෙහි පදභාජනයෙහි ‘ගාමොපි නිගමොපි නගරම්පි ගාමො චෙව නිගමො ච’යි වදාරන ලද්දේය. එහි පවුරෙන් වට නොකළ කඩපිල් සහිතවූයේ නිගමැයි දතයුතුය.

කුලානි දූසෙතීති කුලදූසකො. දූසෙන‍්තො ච න අසුචිකද‍්දමාදීහි දූසෙති, අථ ඛො අත‍්තනො දුප‍්පටිපත‍්තියා තෙසං පසාදං විනාසෙති. තෙනෙවස‍්ස පදභාජනෙ “පුප‍්ඵෙන වා”තිආදි වුත‍්තං. තත්‍ථ යො හරිත්‍වා වා හරාපෙත්‍වා වා පක‍්කොසිත්‍වා වා පක‍්කොසාපෙත්‍වා වා සයං වා උපගතානං යංකිඤ‍්චි අත‍්තනො සන‍්තකං පුප‍්ඵං කුලසඞ‍්ගහත්‍ථාය දෙති, දුක‍්කටං. පරසන‍්තකං දෙති, දුක‍්කටමෙව. ථෙය්‍යචිත‍්තෙන දෙති, භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. එසෙව නයො සඞ‍්ඝිකෙපි. අයං පන විසෙසො, සෙනාසනත්‍ථාය නියාමිතං ඉස‍්සරවතාය දදතො ථුල‍්ලච‍්චයං.

කුලයන් දූෂිත කෙරේනුයි කුලදූසක නම. දූෂිත කරන්නේ ද අශුවිමඩ ආදියෙන් දූෂිත නොකෙරේ. වැලි තමන්ගේ දුෂ්ප්‍රතිපත්තියෙන් ඔවුන්ගේ ප්‍රසාදය විනාශ කෙරේ. එහෙයින්ම මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි “පුප්ඵෙන” යනාදිය වදාළසේක. එහි යමෙක් ගෙනගොස් හෝ යවා හෝ කැඳවා හෝ කැඳවවා හෝ තෙමේ හෝ පැමිණියවුන්ට තමන් සතු යම්කිසි මලක් කුලසඞ්ග්‍රහය පිණිස දේද, දුක්කටය වේ. අන්හු අයත් වූවක් දේද, දුක්කටයම වේ. සොරසිතින් දේ නම් බඩු ඇගීමෙන් කරවිය යුතුය. සඞ්ඝිකයෙහිද මේ නයවේ. මේ වෙනසයි: සෙනසුන් පිණිස නියම කරන ලද්දක් ඉසුරුමත් බැවින් දෙන්නහුට ථුල්ලචය වේ.

පුප‍්ඵං නාම කස‍්ස දාතුං වට‍්ටති, කස‍්ස න වට‍්ටතීති? මාතාපිතූන‍්නං තාව හරිත්‍වාපි හරාපෙත්‍වාපි පක‍්කොසිත්‍වාපි පක‍්කොසාපෙත්‍වාපි දාතුං වට‍්ටති, සෙසඤාතකානං පක‍්කොසාපෙත්‍වාව. තඤ‍්ච ඛො වත්‍ථුපූජනත්‍ථාය, මණ‍්ඩනත්‍ථාය පන සිවලිඞ‍්ගාදිපූජනත්‍ථාය වා කස‍්සචිපි දාතුං න වට‍්ටති. මාතාපිතූනඤ‍්ච හරාපෙන‍්තෙන ඤාතිසාමණෙරෙහෙව හරාපෙතබ‍්බං. ඉතරෙ පන යදි සයමෙව ඉච‍්ඡන‍්ති, වට‍්ටති. සම‍්මතෙන පුප‍්ඵභාජකෙන භාජනකාලෙ සම‍්පත‍්තානං සාමණෙරානං උපඩ‍්ඪභාගං දාතුං වට‍්ටති. කුරුන්‍දියං සම‍්පත‍්තගිහීනං උපඩ‍්ඪභාගං. මහාපච‍්චරියං “චූළකං දාතුං වට‍්ටතී”ති වුත‍්තං. අසම‍්මතෙන අපලොකෙත්‍වා දාතබ‍්බං.

මල් කවරක්හට දියයුතුද, කවරක්හට නොදිය යුතුද යත්: මවුපියන්ට ගෙනගොස්ද යවාද කැඳවාද කැඳවවාද දියයුතුය. සෙසු නෑයන්ට කැඳවාවම දිය යුතුය. හෙද තෙරුවන් පිදීම පිණිසය. සැරසීම පිණිස හෝ ශිවලිඞ්ගපූජාදිය පිණිස හෝ මවුපිය ආදී කිසිවකුහටත් නොදිය යුතුය. මවුපියන්ට යවන්නහු විසින් හෙරණුන් ලවාම යැවිය යුතුය. අන්‍යයෝ වනාහි තුමූම කැමති වෙත්නම් වටියි. සම්මතකළ මල් බෙදන්නහු විසින් බෙදනකල්හි එහි පැමිණි තෙරණුන්ට කොටස් බාගයක් දීම වටියි. කුරුන්‍දියෙහි වනාහි පැමිණි ගිහියන්ට කොටසින් අඩක් දීමද, මහාපච්චරියෙහි සතරෙන් කොටසක් දීම වටීයයි කියන ලදී. සම්මතය නොලද්දහු විසින් අපලොකනයකොට දියයුතුය.

ආචරියුපජ‍්ඣායෙසු සගාරවා සාමණෙරා බහූනි පුප‍්ඵානි ආහරිත්‍වා රාසිං කත්‍වා ඨපෙන‍්ති, ථෙරා පාතොව සම‍්පත‍්තානං සද‍්ධිවිහාරිකාදීනං උපාසකානං වා “ත්‍වං ඉදං ගණ‍්හ, ත්‍වං ඉදං ගණ‍්හා”ති දෙන‍්ති, පුප‍්ඵදානං නාම න හොති. “චෙතියං පූජෙස‍්සාමා”ති ගහෙත්‍වා ගච‍්ඡන‍්තාපි පූජං කරොන‍්තාපි තත්‍ථ තත්‍ථ සම‍්පත‍්තානං චෙතියපූජනත්‍ථාය දෙන‍්ති, එතම‍්පි පුප‍්ඵදානං නාම න හොති. උපාසකෙ අක‍්කපුප‍්ඵාදීහි පූජෙන‍්තෙ දිස‍්වා “විහාරෙ කණිකාරපුප‍්ඵාදීනි අත්‍ථි, උපාසකා තානි ගහෙත්‍වා පූජෙථා”ති වත‍්තුම‍්පි වට‍්ටති. භික‍්ඛූ පුප‍්ඵපූජං කත්‍වා දිවාතරං ගාමං පවිට‍්ඨෙ “කිං, භන‍්තෙ, අතිදිවා පවිට‍්ඨත්‍ථා”ති පුච‍්ඡන‍්ති, “විහාරෙ බහූනි පුප‍්ඵානි පූජං අකරිම‍්හා”ති වදන‍්ති. මනුස‍්සා “බහූනි කිර විහාරෙ පුප‍්ඵානී”ති පුනදිවසෙ පහූතං ඛාදනීයං භොජනීයං ගහෙත්‍වා විහාරං ගන‍්ත්‍වා පුප‍්ඵපූජඤ‍්ච කරොන‍්ති, දානඤ‍්ච දෙන‍්ති, වට‍්ටති. මනුස‍්සා “මයං, භන‍්තෙ, අසුකදිවසං නාම පූජෙස‍්සාමා”ති පුප‍්ඵවාරං යාචිත්‍වා අනුඤ‍්ඤාතදිවසෙ ආගච‍්ඡන‍්ති, සාමණෙරෙහි ච පගෙව පුප‍්ඵානි ඔචිනිත්‍වා ඨපිතානි හොන‍්ති, තෙ රුක‍්ඛෙසු පුප‍්ඵානි අපස‍්සන‍්තා “කුහිං, භන‍්තෙ, පුප‍්ඵානී”ති වදන‍්ති, සාමණෙරෙහි ඔචිනිත්‍වා ඨපිතානි තුම‍්හෙ පන පූජෙත්‍වා ගච‍්ඡථ, සඞ‍්ඝො අඤ‍්ඤං දිවසං පූජෙස‍්සතීති. තෙ පූජෙත්‍වා දානං දත්‍වා ගච‍්ඡන‍්ති, වට‍්ටති. මහාපච‍්චරියං පන කුරුන්‍දියඤ‍්ච “ථෙරා සාමණෙරෙහි දාපෙතුං න ලභන‍්ති. සචෙ සයමෙව තානි පුප‍්ඵානි තෙසං දෙන‍්ති, වට‍්ටති. ථෙරෙහි පන ‘සාමණෙරෙහි ඔචිනිත්‍වා ඨපිතානී’ති එත‍්තකමෙව වත‍්තබ‍්බ”න‍්ති වුත‍්තං. සචෙ පන පුප‍්ඵවාරං යාචිත්‍වා අනොචිතෙසු පුප‍්ඵෙසු යාගුභත‍්තාදීනි ආදාය ආගන‍්ත්‍වා සාමණෙරෙ “ඔචිනිත්‍වා දෙථා”ති වදන‍්ති. ඤාතකසාමණෙරානංයෙව ඔචිනිත්‍වා දාතුං වට‍්ටති. අඤ‍්ඤාතකෙ උක‍්ඛිපිත්‍වා රුක‍්ඛසාඛාය ඨපෙන‍්ති, න ඔරොහිත්‍වා පලායිතබ‍්බං, ඔචිනිත්‍වා දාතුං වට‍්ටති. සචෙ පන කොචි ධම‍්මකථිකො “බහූනි උපාසකා විහාරෙ පුප‍්ඵානි යාගුභත‍්තාදීනි ආදාය ගන‍්ත්‍වා පුප‍්ඵපූජං කරොථා”ති වදති, තස‍්සෙව න කප‍්පතීති මහාපච‍්චරියඤ‍්ච කුරුන්‍දියඤ‍්ච වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “එතං අකප‍්පියං න වට‍්ටතී”ති අවිසෙසෙන වුත‍්තං.

ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයන් කෙරෙහි ගෞරව සහිතවූ හෙරණහු බොහෝ මල් ගෙනවුත් රැස්කොට තබත්. තෙරහු උදයම පැමිණි සද්ධිවිහාරිකාදීන්ට හෝ උපාසකයන්ට හෝ ‘තෝ මෙය ගනුව, තෝ මෙය ගනුවයි දෙත්ද, එය මල්දීමක් නම් නොවේ. ‘සෑය පුදන්නෙමියි ගෙනයන්නාහුද, පූජා කරන්නාහුද, ඒ ඒ තැන පැමිණෙන අයට සෑය පුදනු පිණිස දෙත්ද මෙද මල්දීමක් නම් නොවේ. වරාමල් ආදියෙන් පුදින උපාසකයන් දැක ‘උපාසකයෙනි’ විහාරයෙහි කිණිහිරිමල් ආදිය ඇත, ඒ මල් ගෙන පුදවුයි කීමද වටියි. භික්‍ෂූහු මල් පුදා ඉතාදවල් ගමට පිවිසිකල්හි ‘කිම, ස්වාමිනි ඉතා දවල් පිවිසියහුදැයි විචාරත්, එකල්හි විහාරයෙහි බොහෝ මල් පිදුවෙමුයි කියත්ද, මිනිස්සු විහාරයෙහි බොහෝ මල් ඇතැ’යි දෙවන දිනයෙහි බොහෝ කෑ යුතු බිදියයුතුදැය ගෙණ විහාරයට ගොස් මලු පුදත්ද දන් දෙත්ද වටියි. මිනිස්සු ‘ස්වාමීනි’ අපි අසුවල් දින නම් පුදන්නෙමුයි මල්වාරය ඉල්ලා අනුදත් දිනයෙහි එත්ද, හෙරණුන් විසින්ද පළමුකොට මල්නෙලා තබන ලද්දාහු වෙත්ද, ඔවුහු රුක්වල මල් නො දක්නාහු ‘ස්වාමිනි’ මල් කොහිදැයි අසත් ද, හෙරණුන් විසින් මල් නෙලා තබන ලදය. තෙපි පුදා යවු, සඞ්ඝතෙමේ අන් දිනෙක දන්නේයයි කීකල්හි ඔවුහු පුදා දන් දී යෙත්ද ඒ වටියි. මහාපච්චරියෙහි හා කුරුන්‍දියෙහි ‘තෙරහු හෙරණුන් ලවා දෙන්නට නොලබත්. ඉදින් තුමූම ඒ මල් ඔවුන්ට දෙත්ද වටියි, තෙරුන් විසින් හෙරණුන් වෙලා තබන ලදැයි මෙපමණක්ම කියයුතුයයි කියන ලද්දේය. ඉදින් මල්වාරය ඉල්ලා මල් නොනෙලූකල්හි කැඳබත් ආදිය ගෙනවුත් හෙරණුන් ලවා නෙලාදෙවු’යි කියත්ද, නෑහෙරණුන්ටම නෙලාදීම වටියි. නොනෑහෙරණුන් ඔසොවා රුක් අත්තක තබත්ද, බැස නො යායුතුය. මල් නෙලාදීම වටියි. කිසි ධර්‍මකථිකයෙක් ‘උපාසකයෙනි’ විහාරයෙහි බොහෝ මල් ඇත. කැඳබත් ආදිය ගෙන ගොස් මල් පූජා කරවුයි කියාද ඔහුටම කැප නොවේයයි මහාපච්චරියෙහිද කුරුන්‍දියෙහිද කියන ලදී. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි මේ කැදබත් ආදිය නොකැපය, නොවටීයයි වෙනසක් නොතබා කියන ලදි.

ඵලම‍්පි අත‍්තනො සන‍්තකං වුත‍්තනයෙනෙව මාතාපිතූනංඤ‍්ච සෙසඤාතකානඤ‍්ච දාතුං වට‍්ටති. කුලසඞ‍්ගහත්‍ථාය පන දෙන‍්තස‍්ස වුත‍්තනයෙනෙව අත‍්තනො සන‍්තකෙ පරසන‍්තකෙ සඞ‍්ඝිකෙ සෙනාසනත්‍ථාය නියාමිතෙ ච දුක‍්කටාදීනි වෙදිතබ‍්බානි. අත‍්තනො සන‍්තකංයෙව ගිලානමනුස‍්සානං වා සම‍්පත‍්තඉස‍්සරානං වා ඛීණපරිබ‍්බයානං වා දාතුං වට‍්ටති, ඵලදානං න හොති. ඵලභාජකෙනාපි සම‍්මතෙන සඞ‍්ඝස‍්ස ඵලභාජනකාලෙ සම‍්පත‍්තමනුස‍්සානං උපඩ‍්ඪභාගං දාතුං වට‍්ටති. අසම‍්මතෙන අපලොකෙත්‍වා දාතබ‍්බං. සඞ‍්ඝාරාමෙපි ඵලපරිච‍්ඡෙදෙන වා රුක‍්ඛපරිච‍්ඡෙදෙන වා කතිකා කාතබ‍්බා. තතො ගිලානමනුස‍්සානං වා අඤ‍්ඤෙසං වා ඵලං යාචන‍්තානං යථාපරිච‍්ඡෙදෙන චත‍්තාරි පඤ‍්ච ඵලානි දාතබ‍්බානි. රුක‍්ඛා වා දස‍්සෙතබ‍්බා “ඉතො ගහෙතුං ලබ‍්භතී”ති. “ඉඝ ඵලානි සුන්‍දරානි, ඉතො ගණ‍්හථා”ති එවං පන න වත‍්තබ‍්බං.

තමා සතු ඵල ද මල් ගුණ කියූ නයින්ම මවුපියන්ට ද සෙසු නෑයන්ටද දීම වටියි. කුලසංග්‍රහය පිණිස දෙන්නහුට කියූ නයින්ම තමන් සතු දැයෙහිද අන්හු සතු දැයෙහිද සඞ්ඝිකයෙහිද සෙනසුන් පිණිස නියම කරන ලද්දෙහිද දුක්කටාදීහු දතයුත්තාහ. තමන් සතු දැයම ගිලන් මිනිසුන්ට හෝ පැමිණි ඉසුරන්ට හෝ හීනවූ මගවියදම් ඇත්තන්ට හෝ දීම වටියි. එය ඵලදානයක් නොවේ. සම්මතය ලද ඵල බෙදන්නහු විසින්ද සඞ්ඝයාගේ ඵල බෙදන කාලයෙහි පැමිණි මිනිසුන්ට අඩකොටසක් දෙන්නට වටියි. සම්මතය නොලද්දහු විසින් අපලොකනයකොට දියයුතුය. සඞ්ඝාරාමයෙහිද යම් පමණ දියයුතුයයි ඵල පිරිසිදීමෙන් හෝ රුක් පිරිසිදීමෙන් හෝ කතිකා කටයුත්තීය. එහෙයින් ගිලන් මිනිසුන්ට හෝ ඵල ඉල්ලන අන්‍යයන්ට හෝ පිරිසිඳි පරිද්දෙන් ඵල සතරක් පහක් දියයුතුය. මෙයින් ගන්නට ලැබේයයි ගස් හෝ දැක්විය යුතුය. ‘මේ ගසෙහි ඵල සොඳුරුය. මෙයින් ගනිවුයි මෙසේ නොකිය යුතුය.

චුණ‍්ණෙනාති එත්‍ථ අත‍්තනො සන‍්තකං සිරීසචුණ‍්ණං වා අඤ‍්ඤං වා කසාවං යංකිඤ‍්චි කුලසඞ‍්ගහත්‍ථාය දෙති, දුක‍්කටං. පරසන‍්තකාදීසුපි වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො. අයං පන විසෙසො – ඉධ සඞ‍්ඝස‍්ස රක‍්ඛිතගොපිතාපි රුක‍්ඛච‍්ඡල‍්ලි ගරුභණ‍්ඩමෙව. මත‍්තිකදන‍්තකට‍්ඨවෙළූසුපි ගරුභණ‍්ඩූපගං ඤත්‍වා චුණ‍්ණෙ වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො. පණ‍්ණදානං පන එත්‍ථ න ආගතං, තම‍්පි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. පරතොපි ගරුභණ‍්ඩවිනිච‍්ඡයෙ සබ‍්බං විත්‍ථාරෙන වණ‍්ණයිස‍්සාම.

“චුණ්ණෙන” මෙහි වනාහි තමන් සතු මහරිසුණු හෝ අන් කසාසුණක් හෝ කුලසඞ්ග්‍රහය පිණිස දේද, දුක්කටය වේ. අන්සතු ආදියෙහිද කියූ නයින්ම විනිශ්චය දතයුතුය. මේ වනාහි වෙනසයි. මෙහි සඞ්ඝයා පිළිබඳ රක්‍ෂිත ගොපිතවූද රුක්පතුරු ගරුභාණ්ඩමය. මැටි දැහැටි හුණදඬුවලද ගරුබඩු ගණනට පැමිණියක් දැක සුණෙහි කියු නයින්ම විනාශය දතයුතුය. පත් දීම මෙහි නොආයේය. එද කියු නයින්ම දතයුතුය. ඉදිරියෙහි ගරු භාණ්ඩ විනිශ්වයෙහි සියල්ල විස්තර වශයෙන් වර්‍ණනා කරන්නෙමු.

වෙජ‍්ජිකාය වාති එත්‍ථ වෙජ‍්ජකම‍්මවිධි තතියපාරාජිකවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

“වෙජ්ජීකාය වා” වෛද්‍ය කර්‍මවිධිය තෘතීයපාරාජිකවර්‍ණනාවෙහි කියූ නයින්ම දතයුතුය.

ජඞ‍්ඝපෙසනිකෙනාති එත්‍ථ ජඞ‍්ඝපෙසනියන‍්ති ගිහීනං දූතෙය්‍යසාසනහරණකම‍්මං වුච‍්චති, තං න කාතබ‍්බං. ගිහීනඤ‍්හි සාසනං ගහෙත්‍වා ගච‍්ඡන‍්තස‍්ස පදෙ පදෙ දුක‍්කටං. තං කම‍්මං නිස‍්සාය ලද‍්ධභොජනං භුඤ‍්ජන‍්තස‍්සාපි අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ දුක‍්කටං. පඨමං සාසනං අග‍්ගහෙත්‍වාපි පච‍්ඡා “අයං දානි සො ගාමො හන්‍ද තං සාසනං ආරොචෙමී”ති මග‍්ගා ඔක‍්කමන‍්තස‍්සාපි පදෙ පදෙ දුක‍්කටං. සාසනං ආරොචෙත්‍වා ලද‍්ධභොජනං භුඤ‍්ජතො පුරිමනයෙනෙව දුක‍්කටං. සාසනං අග‍්ගහෙත්‍වා ආගතෙන පන “භන‍්තෙ තස‍්මිං ගාමෙ ඉත්‍ථන‍්නාමස‍්ස කා පවත‍්තී”ති පුච‍්ඡියමානෙන කථෙතුං වට‍්ටති, පුච‍්ඡිතපඤ‍්හෙ දොසො නත්‍ථි. පඤ‍්චන‍්නං පන සහධම‍්මිකානං මාතාපිතූනං පණ‍්ඩුපලාසස‍්ස අත‍්තනො වෙය්‍යාවච‍්චකරස‍්ස ච සාසනං හරිතුං වට‍්ටති, ගිහීනඤ‍්ච පුබ‍්බෙ වුත‍්තප‍්පකාරං කප‍්පියසාසනං. ඉදඤ‍්හි ජඞ‍්ඝපෙසනියකම‍්මං නාම න හොති. ඉමෙහි පන අට‍්ඨහි කුලදූසකකම‍්මෙහි උප‍්පන‍්නපච‍්චයා පඤ‍්චන‍්නම‍්පි සහධම‍්මිකානං න කප‍්පන‍්ති, අභූතාරොචනරූපියසංවොහාරෙහි උප‍්පන‍්නපච‍්චයසදිසාව හොන‍්ති.

“ජඞ්ඝපෙසනිකෙන” මෙහි ජඞ්ඝපෙසනිය යනු ගිහින් පිළිබඳ පණිවුඩ ගෙන යෑමය. හසුන් ගෙන ඊම් ක්‍රියාය. එය නොකටයුතුය. ගිහින්ගේ හසුන් ගෙන යන්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. ඒ කර්‍මය නිසා ලත් බොජුන් අනුභව කරන්නහුටද පිඩක් පිඩක් පාසා දුක්කට වේ. පළමුකොට හසුන නොගෙණද පසුව ‘දැන් මේ ඒ ගමය, එබැවින් ඒ හසුන සැලකරමියි මගින් ඉවත්ව යන්නහුටද පියවරක් පියවරක් පාසා දුක්කට වේ. හසුන සැලකිරීමෙන් ලත් බොජුන් අනුභව කරන්නට පෙර කියූ නයින්ම දුක්කට වේ. හසුන නොගෙන ආවා වු ‘ස්වාමිනී’ එගම මෙනම්හුගේ පුවත් කවරේදැයි විචාරණු ලබන්නහු විසින් කීම වටියි. ඇසූ ප්‍රශ්නයෙහි දොසයක් නැත්තේය. පස්මහ දැහැමියන්ගේ මවුපියන්ගේද ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයාගේද තම වතාවත් කරන්නහුගේද හසුන් ගෙන යෑම වටියි. ගිහින්ගේද ‘භගවතො පාදෙවන්‍දථ” යනාදී වසයෙන් පෙර කියූ අයුරු ඇති මේ කැප හසුන ජඞ්ඝපෙසනිකකර්‍ම නම් නොවේ. මේ අටවැදෑරුම් කුල නොවේ. නැතිගුණ පැවසීමෙන් හා මසු කහවණු ගණුදෙනුවෙන් උපන් ප්‍රත්‍යය සමාන වෙත්.

පාපා සමාචාරා අස‍්සාති පාපසමාචාරො. තෙ පන යස‍්මා මාලාවච‍්ඡරොපනාදයො ඉධ අධිප‍්පෙතා, තස‍්මා “මාලාවච‍්ඡං රොපෙන‍්තිපී”තිආදිනා නයෙනස‍්ස පදභාජනං වුත‍්තං. තිරොක‍්ඛාති පරම‍්මුඛා. කුලානි ච තෙන දුට‍්ඨානීති එත්‍ථ පන යස‍්මා “කුලානී”ති වොහාරමත‍්තමෙතං, අත්‍ථතො හි මනුස‍්සා තෙන දුට‍්ඨා හොන‍්ති, තස‍්මාස‍්ස පදභාජනෙ “පුබ‍්බෙ සද‍්ධා හුත්‍වා”තිආදිමාහ. ඡන්‍දගාමිනොති ඡන්‍දෙන ගච‍්ඡන‍්තීති ඡන්‍දගාමිනො. එස නයො සෙසෙසු. සමනුභාසිතබ‍්බො තස‍්ස පටිනිස‍්සග‍්ගායාති එත්‍ථ කුලදූසකකම‍්මෙන දුක‍්කටමෙව. යං පන සො සඞ‍්ඝං පරිභවිත්‍වා “ඡන්‍දගාමිනො”තිආදිමාහ. තස‍්ස පටිනිස‍්සග‍්ගාය සමනුභාසනකම‍්මං කාතබ‍්බන‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙව.

ලාමකවූ සමාචාරයෝ මොහුටනුයි පාපසමාචාර නම. යම්හෙයකින් ඒ මල්ගස් සිටුවීම් ආදීහු මෙහි අදහස් කරන ලද්දාහුද එහෙයින් “මාලවච්ඡං රොපෙන්තිපි” යනාදි නයින් මේ පදයෙහි පදභාජනය වදාරන ලදි. “තිරොක්‍ඛා” පිටිපෑවාහු. “කුලානි ච තෙන දුට්ඨානි” යන මෙහි යම්හෙයකින් කුලානි යනු මෙය ව්‍යවහාර මාත්‍රයක්වේද, අර්‍ත්‍ථවශයෙන් මනුෂ්‍යයෝ එයින් දූෂිත වෙත්ද, එහෙයින් මේ පිළිබඳ පදභාජනයෙහි “පුබ්බෙ සද්ධා හුත්‍වා” යනාදිය. වදාළ සේක. “ඡන්‍දගාමිනො” ඡන්‍දය කරණකොට යෙත්නුයි ඡන්‍දගාමී නම. සෙසු තන්හිද මේ නයවේ. “සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය”, මෙහි කුලදූෂක කර්‍මයෙන් දුක්කටයම වේ. ඒ මහණතෙමේ සඞ්ඝයාට පරිභවකොට “ඡන්‍දගාමිනො” යනාදි යමක් කීයේද, එය දුරලීම පිණිස සමණුභාෂණකර්‍මය කටයුත්තේයයි මෙසේ අර්‍ත්‍ථය දතයුත්තේය. සෙස්ස හැම තන්හි ප්‍රකටමය.

සමුට‍්ඨානාදීනිපි පඨමසඞ‍්ඝභෙදසදිසානෙවාති.

සමුත්‍ථානාදීහුද ප්‍රථමසඞ්ඝභෙදශික්‍ෂාපදය සමාන වෙති.

කුලදූසකසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

කුලදූෂකශික්‍ෂාපදවර්‍ණනාව නිමි.