පුරාණචීවරසික‍්ඛාපදං
5. 1. 4.
5. 1. 4.
පුරාණචීවරසික‍්ඛාපදං
පුරාණචීවරශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො උදායිස‍්ස පුරාණදුතියිකා භික‍්ඛුනීසු පබ‍්බජිතා හොති, සා ආයස‍්මතො උදායිස‍්ස සන‍්තිකෙ අභික‍්ඛණං ආගච‍්ඡති, ආයස‍්මාපි උදායී තස‍්සා භික‍්ඛුනියා සන‍්තිකෙ අභික‍්ඛණං ගච‍්ඡති. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදායී තස‍්සා භික‍්ඛුනියා සන‍්තිකෙ භත‍්තවිස‍්සග‍්ගං කරොති. අථ ඛො ආයස‍්මා උදායී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන සා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තස‍්සා භික‍්ඛුනියා පුරතො අඞ‍්ගජාතං විවරිත්‍වා ආසනෙ නිසීදි, සාපි ඛො භික‍්ඛුනී ආයස‍්මතො උදායිස‍්ස පුරතො අඞ‍්ගජාතං විවරිත්‍වා ආසනෙ නිසීදි, අථ ඛො ආයස‍්මා උදායී සාරත‍්තො තස‍්සා භික‍්ඛුනියා අඞ‍්ගජාතං උපනිජ‍්ඣායි තස‍්ස අසුචි මුච‍්චි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරුන්ගේ පුරාණදුතියිකාව මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. ඕ තොමෝ නිරතුරු ආයුෂ්මත් උදායි තෙරුන් වෙත පැමිණෙයි. ආයුෂ්මත් උදායි තෙර ද නිරතුරු ඒ මෙහෙණ වෙත යයි. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණ වෙත බත්කිස කෙරෙයි. එකල ආයුෂ්මත් උදායි තෙර පෙරෙවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ඒ මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඒ මෙහෙණ පෙරටුයෙහි අඞ්ගජාතය විවර කොට ආසනයෙහි හුන්නේ ය. ඒ මෙහෙණ ද ආයුෂ්මත් උදායී තෙරුන් ඉදිරියෙහි අඞ්ගජාතය විවර කොට හිඳගතු. එකල්හි ආයුෂ්මත් උදායි තෙර හටගත් රාග ඇත්තේ ඒ මෙහෙණගේ අඞ්ගජාතය මෙනෙහි කෙළේ ය. ඔහුට අශූචි මිදින.
2. අථ ඛො ආයස‍්මා උදායී තං භික‍්ඛුනිං එතදවොච: “ගච‍්ඡ භගිනි උදකං ආහර, අන‍්තරවාසකං ධොවිස‍්සාමී”ති. “ආහරය්‍ය, අහමෙව ධොවිස‍්සාමී”ති තං අසුචිං එකදෙසං මුඛෙන අග‍්ගහෙසි, එකදෙසං අඞ‍්ගජාතෙ පක‍්ඛිපි. සා තෙන ගබ‍්භං ගණ‍්හි. භික‍්ඛුනියො එවමාහංසු: “අබ්‍රහ‍්මචාරිනී අයං භික‍්ඛුනී ගබ‍්භිනී”ති. “නාහං අය්‍යා අබ්‍රහ‍්මචාරිනී”ති භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛුනියො උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා උදායී භික‍්ඛුනියා පුරාණචීවරං ධොවාපෙස‍්සතී”ති. අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උදායී භික‍්ඛුනියා පුරාණචීවරං ධොවාපෙස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ- “සච‍්චං කිර ත්‍වං උදායී භික‍්ඛුනියා පුරාණචීවරං ධොවාපෙසී”ති? “සච‍්චං භගවා”. “ඤාතිකා තෙ උදායී අඤ‍්ඤාතිකා”ති? “අඤ‍්ඤාතිකා, භගවා”ති. “අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා පාසාදිකං වා අපාසාදිකං වා. තත්‍ථ නාම ත්‍වං මොඝපුරිස අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා පුරාණචීවරං ධොවාපෙස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”
2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණට මෙසේ කී ය. ‘යා නැඟනියෙනි, දිය ගෙණෙව. අන්තරවාසකය සෝදමි’ යි. ‘දෙව හිමියනි, මම් මැ සෝදමි’ යි. ඒ අශූචි එක්දෙසක් මුවින් ගතු. එක්දෙසක් අඞ්ගජාතයෙහි බැහූ. ඕ තොමෝ එයින් ගැබ් ගතු. භික්‍ෂුණීහු මෙසේ කීහු: “මේ මෙහෙණ බඹසර නැත්තී ගැබිලියකැ” යි. “ආර්‍ය්‍යාවෙනි, මම් බඹසර නැතියක් නො වෙමි” යි. භික්‍ෂුණීන්ට මෙ පවත් දැන් වූ. භික්‍ෂුණීහු අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් උදායී හිමිහු මෙහෙණක ලවා පොරණ සිවුරක් දෙවවූහු දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂුණීහු භික්‍ෂූන්ට මෙපවත් දැන්වූ හ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙර මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවී දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ‘සැබෑද උදායීය, තෝ මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවිහි ලැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’, උදායිය, තට ‘නෑ එකක් ද නො නෑ එකක් දැ’ යි. ‘නො නෑ එකක භාග්‍යවතුන් වහන්සැ’ යි. ‘තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නො නෑ එකක්හට සුදුස්සක් හෝ නො සුදුස්සක් හෝ ප්‍රසාදයට වැටෙන්නක් හෝ අප්‍රසාදයට වැටෙන්නක් හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නො නෑ මෙහෙණක ලවා පොරණසිවුර දෙවවිහි. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යො පන භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා පුරාණචීවරං ධොවාපෙය්‍ය වා රජාපෙය්‍ය වා ආකොටාපෙය්‍ය වා, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.
“යම් මහණෙක් තෙම නොනෑ මෙහෙණක ලවා පොරණසිවුරක් දොවවා නම් හෝ රඳවා නම් හෝ කොළවා නම් හෝ නිසැගිපචිති වේ” යයි.
3. යො පනාති යො යාදිසො -පෙ-
3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.
භික්‍ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ යයි අදහස් කරණ ලද්දේ ය.
අඤ‍්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධා.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තාවුන් තෙක් අසම්බද්ධයෝ යි.
භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
පුරාණචීවරං නාම: සකිං නිවත්‍ථම‍්පි සකිං පාරුතම‍්පි.
පුරාණචීවර නම්: වරක් හඳනා ලද්දේ ද වරක් පොරෝනා ලද්දේ ද වෙයි.
ධොවාති ආණාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ධොතං නිස‍්සග‍්ගියං හොති. රජාති ආණාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. රත‍්තං නිස‍්සග‍්ගියං හොති. ආකොටෙහීති ආණාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සකිං පාණිප‍්පහාරං වා මුග‍්ගරප‍්පහාරං වා දින‍්නෙ නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා.
‘දොවවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි, දෝනා ලද්දේ නිසැගි වෙයි. ‘රඳවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳනා ලද්දේ නිසැගි වෙයි. ‘කොළවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අත්පහරක් හෝ මුගුරු පහරක් හෝ දුන් කල්හි නිසැගි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය.
4. එවං ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං: “ඉදං මෙ භන‍්තෙ පුරාණචීවරං අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා ධොවාපිතං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති. -පෙ-
4. තවද මහණෙනි මෙසේත් නිසැජිය යුතු ය. “වහන්ස, මාගේ ‘මේ පොරණ සිවුර නොනෑ මෙහෙණක ලවා දොවවන ලද්දේ නිසැගි විය. මම් මෙය සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි ...
5. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ධොවාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ධොවාපෙති රජාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ධොවාපෙති ආකොටාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ධොවාපෙති රජාපෙති ආකොටාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං.
5. නො නෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් රජන් කරවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණසිවුරු දොවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් රජන් කරවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළාඇවැතෙක් වේ.
6. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං රජාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං -පෙ- රජාපෙති ආකොටාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති දුක‍්කටස‍්ස. රජාපෙති ධොවාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති දුක‍්කටස‍්ස. රජාපෙති ආකොටාපෙති ධොවාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං.
6. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණය යන සංඥා ඇති ව පොරණ සිවුරු රජන් කරවා නම් නිසැඟිපචිති වෙයි. ... රජන් කරවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. රජන් කරවා නම් දොවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. රජන් කරවා නම් කොළවා නම් දොවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළා ඇවැතෙක් වේ.
7. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ආකොටාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ආකොටාපෙති ධොවාපෙති, -පෙ- ආකොටාපෙති රජාපෙති -පෙ- ආකොටාපෙති ධොවාපෙති රජාපෙති, නිස‍්සග‍්ගියෙන ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං.
7. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණය යන සංඥා ඇති ව පොරණ සිවුරු කොළවා නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු කොළවා නම් දොවා නම් ... කොළවා නම් රජන් කරවා නම් ... කොළවා නම් දොවා නම් රජන් කරවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළා ඇවැතෙක් වේ.
8. අඤ‍්ඤාතිකාය වෙමතිකො -පෙ- අඤ‍්ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී -පෙ- අඤ‍්ඤස‍්ස පුරාණචීවරං ධොවාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. නිසීදනපච‍්චත්‍ථරණං ධොවාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. එකතො උපසම‍්පන‍්නාය ධොවාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී -පෙ- අනාපත‍්ති.
8. නොනෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... නොනෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... අනෙකක්හුගේ පොරණ සිවුරු දොවා නම් දුකුළාඇවැත් වෙයි, නිසඳුන් පසතුරුණු දොවා නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ඛුනීසඞ්ඝයා කෙරෙහි උපසපන් මෙහෙණක ලවා දොවා නම් දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... ඇවැත් නැති.
9. අනාපත‍්ති ඤාතිකාය ධොවන‍්තියා අඤ‍්ඤාතිකා දුතියා හොති, අවුත‍්තා ධොවති, අපරිභුත‍්තං ධොවාපෙති, චීවරං ඨපෙත්‍වා අඤ‍්ඤං පරික‍්ඛාරං ධොවාපෙති, සික‍්ඛමානාය, සාමණෙරියා, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.
9. නෑ මෙහෙණ දොවන කල්හි, නොනෑ මෙහෙණ දෙවැන්නක් වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරන ලද්ද දොවා නම්, සිවුරු තබා අන් පිරිකරක් දොවා නම්, සික්‍ඛමාතාවක ලවා, සාමණේරියක ලවා දොවා නම් ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති යයි.
පුරාණචීවරසික‍්ඛාපදං නිට‍්ඨිතං.
පුරාණචීවර ශික්‍ෂාපදය නිමි.