යෙදුමෙන් කියවන්න

චීවරපටිග‍්ගහණසික‍්ඛාපදං

5. 1. 5.

5. 1. 5.

චීවරපටිග‍්ගහණසික‍්ඛාපදං

චීවරප්‍රතිග්‍රහණශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී සාවත්‍ථියං විහරති. අථ ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතප‍්පටික‍්කන‍්තා යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා දිවාවිහාරාය අන්‍ධවනං අජ‍්ඣොගාහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. තෙන ඛො පන සමයෙන චොරා කතකම‍්මා ගාවිං වධිත්‍වා මංසං ගහෙත්‍වා අ්ධවනං පවිසිංසු. අද‍්දසා ඛො චොරගාමණිකො උප‍්පලවණ‍්ණං භික‍්ඛුනිං අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසින‍්නං, දිස‍්වා සචෙ මෙ පුත‍්තභාතුකා පස‍්සිස‍්සන‍්ති විහෙඨයිස‍්සන‍්ති ඉමං භික‍්ඛුනින‍්ති අඤ‍්ඤෙන මග‍්ගෙන අගමාසි. අථ ඛො සො චොරගාමණිකො මංසෙ පක‍්කෙ වරමංසානි ගහෙත්‍වා පණ‍්ණපුටං බන්‍ධිත්‍වා උප‍්පලවණ‍්ණාය භික‍්ඛුනියා අවිදූරෙ රුක‍්ඛෙ ආලග‍්ගෙත්‍වා “යො පස‍්සති සමණො වා බ්‍රාහ‍්මණො වා දින‍්නං යෙව හරතූති” වත්‍වා පක‍්කාමි. අස‍්සොසි ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා තස‍්ස චොරගාමණිකස‍්ස ඉමං වාචං භාසමානස‍්ස. අථ ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී තං මංසං ගහෙත්‍වා උපස‍්සයං අගමාසි. අථ ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී තස‍්සා රත‍්තියා අච‍්චයෙන තං මංසං සම‍්පාදෙත්‍වා උත‍්තරාසඞ‍්ගෙ භණ‍්ඩිකං බන්‍ධිත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා වෙළුවනෙ පච‍්චුට‍්ඨාසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ර‍ජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි උපුල්වන් මෙහෙණ සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු පිණිස සැවැතට පිවිසියා ය. සැවැතෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුනී අන්‍ධවනය කරා එළඹියා ය. එළඹ දිවාවිහාරය පිණිස අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙහි හුන්නී ය. එසමයෙහි කළ සොරකම් ඇති සොරු දෙනක මරා මස් ගෙණ අන්‍ධවනයට පිවිසියහ. ඉක්බිති සොරදෙටු තෙම එක්තරා රුක්මුලෙක දිවාවිහාරයෙහි හුන් උපුල්වන් මෙහෙණ දිටි. දැක ඉදින් මාගේ දරු-මල්හු මේ මෙහෙණ දක්නාහු නම් වෙහෙසන්නාහ’ යි අන් මගෙකින් ගියේ ය. ඉක්බිති ඒ සොරදෙටු තෙම මස් පැසුනු කල්හි සොඳුරුමස් ගෙණ පත්පළාවක් බැඳ උපුල්වන් මෙහෙණට නුදුරු තැන්හි රුකෙක එල්වා “මහණ වේව යි බමුණු වේවයි යමෙක් දකී නම් දෙන ලද මැ” ය ‘ගෙණ යේව’ යි කියා ගියේ ය. උපුල්වන් මෙහෙණ සමාධියෙන් නැඟී මෙතෙපුල් කියන ඒ සොරදෙටුවාගේ බස් ඇසූ ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ මස් ගෙණ මෙහෙණවරට ගියා ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් ඒ මස් පිළියෙල කොට උතුරුසඟසිවුරෙහි පොදි බැඳ අහසට පැනනැඟී වේළුවනවිහාරයෙහි බැස සිටියාය.

2. තෙන ඛො පන සමයෙන භගවා ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨො හොති. ආයස‍්මා උදායී ඔහිය්‍යකො හොති විහාරපාලො. අථ ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං එතදවොච: “කහං භන‍්තෙ භගවා”ති. “පවිට‍්ඨො භගිනි භගවා ගාමං පිණ‍්ඩායා”ති. “ඉමං භන‍්තෙ මංසං භගවතො දෙහී”ති. “සන‍්තප‍්පිතො තයා භගිනි භගවා මංසෙන. සචෙ මෙ ත්‍වං අන‍්තරවාසකං දදෙය්‍යාසි, එවං අහම‍්පි සන‍්තප‍්පිතො භවෙය්‍යං අන‍්තරවාසකෙනා”ති. “මයං ඛො භන‍්තෙ මාතුගාමා නාම කිච‍්ඡලාභා, ඉදඤ‍්ච මෙ අන‍්තිමං පඤ‍්චමං චීවරං, නාහං දස‍්සාමී”ති. “සෙය්‍යථාපි භගිනි පුරිසො හත්‍ථිං දත්‍වා කච‍්ඡෙ සජ‍්ජෙය්‍ය, එවමෙව ඛො ත්‍වං භගිනි භගවතො මංසං දත්‍වා මයි අන‍්තරවාසකෙ සජ‍්ජසී”ති. අථ ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී ආයස‍්මතා උදායිනා නිප‍්පීළියමානා අන‍්තරවාසකං දත්‍වා උපස‍්සයං අගමාසි. භික‍්ඛුනියො උප‍්පලවණ‍්ණාය භික‍්ඛුනියා පත‍්තචීවරං පටිග‍්ගණ‍්හන‍්තියො උප‍්පලවණ‍්ණං භික‍්ඛුනිං එතදවොචුං: “කහං තෙ අය්‍යෙ, අන‍්තරවාසකො”ති. උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛුනියො උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යො උදායී භික‍්ඛුනියා චීවරං පටිග‍්ගහෙස‍්සති කිච‍්ඡලාභො මාතුගාමො”ති. අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං.

2. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගම්වැදුනාහු වෙති. ආයුෂ්මත් උදායී තෙරණුවෝ වෙහෙර රක්නාහු නැවැතුනාහු වෙති. ඉක්බිති උපුල්වන් මෙහෙණ උදායි තෙරුන් කරා එළඹියා ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවූ ය: ‘වහන්ස භාග්‍යවතුන් වහන්සේ කොහි දැ’ යි. “නැගණියනි, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට පිවිසියහ’ යි. ‘වහන්ස, මේ මස් භාග්‍යවතුන් වහන්සේට දෙව’ යි. “නැගණියනි, තොප විසින් භාග්‍යවතුන් වහන්සේ මසින් සතපන ලදහ. ඉදින් තෙපි මට අතුරුවසාසිවුරු දෙන්නහු නම් මෙසේ මම ද අතුරුවසාසිවුරින් සතප්නා ලද්දෙම් වන්නෙමි’ යි. “වහන්ස, අපි නම් මාගම්වූවමෝ ප්‍රත්‍යය දුකසේ ලබන්‍නම්හ. මෙ ද මාගේ පැසිම් පස්වැනි සිවුර ය. (එහෙයින්) මම නො දෙමැ’ යි. ‘යම්සේ නැගණියනි, පුරුෂයෙක් ඇතු දී පොරොද්දෙහි ඇලෙන්නේ ද, එපරිද්දෙන් ම නැගණියනි, තෙපි භාග්‍යවතුන් වහන්සේට මස් දී මාකෙරෙහිලා අතුරුවසාසිවුරෙහි ඇලෙන්නහු” යයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැඩි ව පෙළනු ලබන්නී අතුරුවසාසිවුර දී මෙහෙණවරට ගියා ය. භික්‍ෂුණීහු උපුල්වන් මෙහෙණගේ පාසිවුරු පිළිගන්නාහු උපුල්වන් මෙහෙණට මෙපවත් කීහ. “ආර්‍ය්‍යාවෙනි, තොපගේ අතුරුවසාසිවුර කොහි දැ’ යි. උපුල්වන් මෙහෙණ භික්‍ෂුණීන්ට එපවත් දැන්වූය. භික්‍ෂුණීහු අවමන් කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් උදායී හිමි මෙහෙණගේ සිවුර පිළිගත්තේ ද; මාගම (ප්‍රත්‍යය) දුකසේ ලබන්නී’ යයි ඉක්බිති ඒ භික්‍ෂුණීහු මෙපවත් දැන්වූහ.

3. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උදායී භික‍්ඛුනියා චීවරං පටිග‍්ගහෙස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර ත්‍වං උදායී භික‍්ඛුනියා චීවරං පටිග‍්ගහෙසී”ති? “සච‍්චං භගවා”ති. “ඤාතිකා තෙ උදායී අඤ‍්ඤාතිකා”ති. “අඤ‍්ඤාතිකා භගවා”ති. “අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා සන‍්තං වා. අසන‍්තං වා තත්‍ථ නාම ත්‍වං මොඝපුරිස, අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා හත්‍ථතො චීවරං පටිග‍්ගහෙස‍්සි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.”

3. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් උදායි තෙර මෙහෙණකගේ සිවුරක් පිළිගත්තේ දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූ හ. “සැබෑද උදායිය, තෝ මෙහෙණකගේ සිවුරක් පිළිගත්තෙහි ල’ යි. “සැබව භාග්‍යවතුන් වහන්ස’, ‘උදායිය, තාගේ නෑ මෙහෙණක් ද නොනෑ මෙහෙණක් දැ’ යි. ‘නො නෑ මෙහෙණක භාග්‍යවතුන් වහන්සැ’ යි. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑ එකකට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නොදනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගත්තෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”

“යො පන භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා හත්‍ථතො චීවරං පටිග‍්ගණ‍්හෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.”

“යම් මහණෙක් නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගන්නේ නම් නිසැඟි පචිති වේ.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.

[මූලපඤ‍්ඤත‍්ති.]

[මුල්පැණවීමයි.]

4. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා භික‍්ඛුනීනං පාරිවත‍්තකචීවරං න පටිග‍්ගණ‍්හන‍්ති. භික‍්ඛුනියො උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා අම‍්හාකං පාරිවට‍්ටකචීවරං නප‍්පටිග‍්ගහෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තාසං භික‍්ඛුනීනං උජ‍්ඣායන‍්තීනං ඛීයන‍්තීනං විපාචෙන‍්තීනං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ පඤ‍්චන‍්නං පාරිවට‍්ටකං පටිග‍්ගහෙතුං, භික‍්ඛුස‍්ස භික‍්ඛුනියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස සාමණෙරියා. අනුජානාමි භික‍්ඛවෙ ඉමෙසං පඤ‍්චන‍්නං පාරිවට‍්ටකං පටිග‍්ගහෙතුං. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

4. තවද එ කල්හි භික්‍ෂුහු කුකුස් කරන්නාහු භික්‍ෂුණීන්ගේ පිරුළුසිවුරු නොපිළිගනිති. භික්‍ෂුණීහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් හිමිහු අපගේ පිරුළුසිවුරු නො පිළිගණිත් දැ’ යි. භික්‍ෂුහු ඒ භික්‍ෂූණින් අවඥා කරන්නන් අයුණු කියන්නන් දොස් පහළ කරන්නන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, පස් දෙනකුන්ගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි: භික්‍ෂූහුගේ ය, භික්‍ෂුණියගේ ය, ශික්‍ෂාමානාවගේ ය, සාමණේරයාගේ ය, සාමණේරියගේ ය. මහණෙනි, මෙ පස් දෙනාගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’

“යො පන භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා හත්‍ථතො චීවරං පටිග‍්ගණ‍්හෙය්‍ය අඤ‍්ඤත්‍ර පාරිවට‍්ටකා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති”.

“යම් මහණෙක් නොනෑ මෙහෙණක අතින් පිරුළුසිවුරු තබා සිවුරක් පිළිගන්නේ නම් නිසැඟිපවති වේ.”

[දුතියපඤ‍්ඤත‍්ති.]

[දෙවනපැණවීමයි.]

5. යො පනාති යො යාදිසො -පෙ-

5. යො පන යනු: යමෙක්, යම්බඳුයෙක් ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්‍ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ ය යි අදහස් කරන ලද්දේ ය.

අඤ‍්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධා.

අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්මුත්තා යුගය තෙක් නොසැබැඳියෝ.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනුපගපච‍්ඡිමං.

චීවර නම්: ස සිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.

අඤ‍්ඤත්‍ර පාරිවත‍්තකාති ඨපෙත්‍වා පාරිවට‍්ටකං පටිග‍්ගණ‍්හාති.

අඤ්ඤත්‍ර පාරිවට්ටකා යනු: පිරුළු තබා පිළිගණියි.

6. පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං: ඉදම‍්මෙ භන‍්තෙ චීවරං අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා හත්‍ථතො පටිග‍්ගහිතං අඤ‍්ඤත්‍ර පාරිවට‍්ටකා නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.

6. පියොව්හි දුකුළා වෙයි, පිළිගැනීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය: ‘වහන්ස , මේ මාගේ සිවුර නොනෑ මෙහෙණක අතින් පිරුළු තබා පිළිගන්නා ලද්දේ නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...

7. අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී චීවරං පටිග‍්ගණ‍්හාති අඤ‍්ඤත්‍ර පාරිවත‍්තකා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතිකාය වෙමතිකො චීවරං පටිග‍්ගණ‍්හාති අඤ‍්ඤත්‍ර පාරිවට‍්ටකා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී චීවරං පටිග‍්ගණ‍්හාති අඤ‍්ඤත්‍ර පාරිවට‍්ටකා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. එකතො උපසම‍්පන‍්නාය හත්‍ථතො චීවරං පටිග‍්ගණ‍්හාති අඤ‍්ඤත්‍ර පාරිවට‍්ටකා, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී -පෙ- ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය වෙමතිකො -පෙ- ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී -පෙ- අනාපත‍්ති.

7. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පිරිවට තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව පිරුළු තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණක යන සංඥා ඇතිව පිරුළු තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. භික්‍ඛුනීසඞ්ඝයා කෙරෙහි උපසපන් මෙහෙණ අතින් පිරුළු තබා සිවුරු පිළිගනී නම් දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නො නෑ මෙහෙණක යන සංඥා ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... ඇවැත් නැ.ති.

8. අනාපත‍්ති ඤාතිකාය, පාරිවට‍්ටකං, පරිත‍්තෙන වා විපුලං, විපුලෙන වා පරිත‍්තං, භික‍්ඛු විස‍්සාසං ගණ‍්හාති, තාවකාලිකං ගණ‍්හාති , චීවරං ඨපෙත්‍වා අඤ‍්ඤං පරික‍්ඛාරං ගණ‍්හාති, සික‍්ඛමානාය, සාමණෙරියා, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

8. නෑ මෙහෙණෙක අතින්, පිරුළු විසින් අල්පයෙකින් මහඇගි සිවුරක් හෝ මගඇගියකින් අල්ප සිවුරක් හෝ ගණී නම්, මහණ විස්වසින් ගණී නම්, තව්කැලි කොට ගණී නම්, සිවුරු තබා අන් පිරිකරක් ගණී නම්, ඇවැත් නැති. සික්ඛමානා අතින්, සාමණේරිය අතින් ගණී නම්, ඇවැත් නැති, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.

චීවරපටිග‍්ගහණසික‍්ඛාපදං නිට‍්ඨිතං.

චීවරප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදය නිමි.