යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤාතකවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං

5. 1. 6.

5. 1. 6.

අඤ‍්ඤාතකවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං

අඤ්ඤාතකවිඤ්ඤත්තිශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පට‍්ටො හොති ධම‍්මකථං කාතුං. අථ ඛො අඤ‍්ඤතරො සෙට‍්ඨිපුත‍්තො යෙනායස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං සෙට‍්ඨිපුත‍්තං ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො සො සෙට‍්ඨිපුත‍්තො ආයස‍්මතා උපනන්‍දෙන සක්‍යපුත‍්තෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං එතදවොච: “වදෙය්‍යාථ භන‍්තෙ යෙන අත්‍ථො, පටිබලා මයං අය්‍යස‍්ස දාතුං යදිදං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාර”න‍්ති. “සචෙ මෙ ත්‍වං ආවුසො දාතුකාමො’සි ඉතො එකං සාටකං දෙහී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්වෙහෙර වැඩ වෙසෙති. තව ද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ධර්‍මකථා කරන්නට සමර්‍ත්‍ථ වෙයි. එසඳ එක්තරා සිටු පුත්‍රයෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ සිටුපුත්හට ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තෙද ගැන්වීය. පැහැදවී. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහදවන ලද්දේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රහට ‘වහන්ස, කැමැති දැයෙකින් කිව මැනව. අපි හිමියනට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නට සමර්‍ත්‍ථයම්හ’ යි මෙය කී ය: ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි හේ කීය.

2. “අම‍්හාකං ඛො භන‍්තෙ කුලපුත‍්තානං කිස‍්මිං විය එකසාටකං ගන‍්තුං, ආගමෙහි භන‍්තෙ යාව ඝරං ගච‍්ඡාමි, ඝරං ගතො ඉතො වා එකං පහිණිස‍්සාමි, ඉතො වා සුන්‍දරතර”න‍්ති. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තං සෙට‍්ඨිපුත‍්තං එතදවොච:- “සචෙ මෙ ත්‍වං ආවුසො දාතුකාමො’සි, ඉතො එකං සාටකං දෙහී”ති. “අම‍්හාකං ඛො භන‍්තෙ කුලපුත‍්තානං කිස‍්මිං විය එකසාටකං ගන‍්තුං, ආගමෙහි භන‍්තෙ යාව ඝරං ගච‍්ඡාමි, ඝරං ගතො ඉතො වා එකං පහිණිස‍්සාමි, ඉතො වා සුන්‍දරතර”න‍්ති. කිම‍්පන තයා ආවුසො අදාතුකාමෙන පවාරිතෙන, යං ත්‍වං පවාරෙත්‍වා න දෙසී”ති. අථ ඛො සො සෙට‍්ඨිපුත‍්තො ආයස‍්මතා උපනන්‍දෙන සක්‍යපුත‍්තෙන නිප‍්පීළියමානො එකං සාටකං දත්‍වා අගමාසි. මනුස‍්සා තං සෙට‍්ඨිපුත‍්තං පස‍්සිත්‍වා එතදවොචුං. “කිස‍්ස ත්‍වං අය්‍යො එකසාටකො ආගච‍්ඡසී”ති.

2. “වහන්ස, කුලපුත් වූ අපට එක් සළුවකින් යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද, එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි. දෙවන වට ද ... තෙවන වට ද ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ සිටුපුත්හට ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි කී ය. “වහන්ස කුලපුත් වූ අපට ඒකසාටක ව යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි හේ කී ය. “ඇවැත්නි, නො දෙනු කැමැති ව පැවැරූ තගෙන් කවර ප්‍රයෝජන ද? යම් හෙයකින් තෝ පවරා නො දෙයි ද එහෙයිනි’ යි හේ කීය. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා විසින් දැඩි ව පෙළනු ලබන්නේ එක් සළුවක් දී ගියේ ය. මිනිස්සු ඒ සිටුපුත්හු දැක ‘ආර්‍ය්‍යයෙනි, කුමක් හෙයින් තෙපි ඒකසාටක ව එන්නහු දැ’ යි. මෙය කීහ. එසඳ ඒ සිටුපුත් තෙම ඒ මිනිසුන්ට එ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙත්. අගුණ කියත්. දොස් පහළ කෙරෙත්:

3. අථ ඛො සො සෙට‍්ඨිපුත‍්තො තෙසං මනුස‍්සානං එතමත්‍ථං ආරොචෙසි. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “මහිච‍්ඡා ඉමෙ සමණා සක්‍යපුත‍්තියා අසන‍්තුට‍්ඨා, නයිමෙසං සුකරා ධම‍්මනිමන‍්තනාපි කාතුං. “කථං හි නාම සෙට‍්ඨිපුත‍්තෙන ධම‍්මනිමන‍්තනාය කයිරමානාය සාටකං ගහෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො සෙට‍්ඨිපුත‍්තං චීවරං විඤ‍්ඤාපෙස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං: “සච‍්චං කිර ත්‍වං උපනන්‍ද සෙට‍්ඨිපුත‍්තං චීවරං විඤ‍්ඤාපෙසී”?ති “සච‍්චං, භගවා” “ඤාතකො තෙ උපනන්‍ද අඤ‍්ඤාතකො?”ති “අඤ‍්ඤාතකො භගවා”ති. “අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතකස‍්ස න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා සන‍්තං වා අසන‍්තං වා. තත්‍ථ නාම ත්‍වං මොඝපුරිස අඤ‍්ඤාතකං සෙට‍්ඨිපුත‍්තං චීවරං විඤ‍්ඤාපෙස‍්සසි. නෙතං, මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

3. ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය. මොවුනට දැහැමි නිමන්ත්‍රණයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් සිටුපුත්හු විසින් දැහැමි නිමන්ත්‍රණය කරනු ලබන කල්හි සාටකය ගත්තාහු දැ” යි, භික්‍ෂුහු ඒ මිනිසුන් අවඥා කරණුවන් අයුණු කියනුවන් දොස් පහළ කරණුවන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු ‘කෙසේ’ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙම සිටුපුතක්හු සිවුරක් විනැවී දැ’ යි. අවඥා කෙරෙත්, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ: ‘සැබෑ ද උපනන්‍දය, තෝ සිටුපුතක්හු සිවුරක් විනවුයෙහි දැ’ යි අසා වදාළහ. “සැබව භාග්‍යවතුන් වහන්ස, යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නොනෑයෙක්දැ?” යි භගවත් ඇසූහ. “නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑයෙකුහට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ සිටුපුතක්හු සිවුරක් විනවූයෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”

“යො පන භික‍්ඛු අඤ‍්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ‍්ඤාපෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති”.

“යම් මහණෙක් තෙම නොනෑ ගැහැවියක්හු හෝ ගැහැවිනියක හෝ සිවුරක් විනවා නම් නිසැඟි පචිති වේ.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.

[මූලපඤ‍්ඤත‍්ති.]

[මුල්පැණවීමයි.]

4. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ සාකෙතා සාවත්‍ථිං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නා හොන‍්ති. අන‍්තරාමග‍්ගෙ චොරා නික‍්ඛමිත්‍වා තෙ භික‍්ඛූ අච‍්ඡින්‍දිංසු. අථ ඛො තෙ භික‍්ඛූ “භගවතා පටික‍්ඛිත‍්තං අඤ‍්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ‍්ඤාපෙතුන‍්ති” කුක‍්කුච‍්චායන‍්තා න විඤ‍්ඤාපෙසුං. යථා නග‍්ගා’ව සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූ අභිවාදෙන‍්ති. භික‍්ඛූ එවමාහංසු: “සුන්‍දරා ඛො ඉමෙ ආවුස ආජීවකා, යෙ ඉමෙ භික‍්ඛූ අභිවාදෙන‍්තී”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො ආජීවකා, භික‍්ඛූ මය”න‍්ති. භික‍්ඛූ ආයස‍්මන‍්තං උපාලිං එතදවොචුං: “ඉඞ‍්ඝාවුසො උපාලි ඉමෙ අනුයුඤ‍්ජාහී”ති. තෙ අනුයුඤ‍්ජීයමානා එතමත්‍ථං ආරොචෙසුං.

4. තව ද එසමයෙහි බොහෝ භික්‍ෂූහු සාකේතනුවරින් සැවැත්නුවර බලා අදන්මගට පිළිපන්නාහු වෙති. අතරමඟ සොරු නික්ම ඒ භික්‍ෂූන් (පාසිවුරු) පැහැර ගත්හ. එසඳ ඒ භික්‍ෂූහු ‘භාග්‍යවතුන් විසින් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක් හෝ සිවුරක් විනවන්නට පිළිකෙව් කරණ ලදැ’ යි කුකුස් කරන්නාහු නො විනවූහ. ලිහිණි වණින් ම සැවතට ගොස් භික්‍ෂූන් වඳිති. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ ආජීවකයෝ සුන්‍දරයහ. මොහු භික්‍ෂූන් වඳිති” යි මෙසේ කීහ. “ඇවැත්නි, අපි ආජීවක නො වම්හ. අපි මහණම්හු” යි. මෙසේ කීහ. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිහට “එසේ වී නම් ඇවැත්නි, උපාලි මොවුන් විමසව” යි කීහ. ඒ භික්‍ෂුහු අනුයෝග කරනු ලබන්නාහු එ පවත් දැන්වූහ.

5. අථ ඛො ආයස‍්මා උපාලි තෙ භික‍්ඛූ අනුයුඤ‍්ජිත්‍වා භික‍්ඛූ එතදවොච: “භික‍්ඛූ ඉමෙ ආවුසො, දෙථ නෙසං චීවරානී”ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛූ නග‍්ගා ආගච‍්ඡිස‍්සන‍්ති, නනු නාම තිණෙන වා පණ‍්ණෙන වා පටිච‍්ඡාදෙත්‍වා ආගන‍්තබ‍්බ”න‍්ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

5. ඉක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ඒ භික්‍ෂූන් විමසා භික්‍ෂුන්ට ‘ඇවැත්නි, මොහු භික්‍ෂූහු ය. මොවුනට සිවුරු දෙව’ යි කීහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු “කෙසේ නම් භික්‍ෂූහු ලිහිණි ව ආවාහු ද, තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ පිළිසන් කොට ඉයයුතු නො වේ දැ” යි අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.

6. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ අච‍්ඡින‍්නචීවරස‍්ස වා නට‍්ඨචීවරස‍්ස වා අඤ‍්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ‍්ඤාපෙතුං. යං ආවාසං පඨමං උපගච‍්ඡති, සචෙ තත්‍ථ හොති සඞ‍්ඝස‍්ස විහාරචීවරං වා උත‍්තරත්‍ථරණං වා භූමත්‍ථරණං වා භිසිච‍්ඡවි වා නං ගහෙත්‍වා පාරුපිතුං ලභිත්‍වා ඔදහිස‍්සාමී”ති . නො චෙ හොති සඞ‍්ඝස‍්ස විහාරචීවරං වා උත‍්තරත්‍ථරණං වා භුමත්‍ථරණං වා භිසිච‍්ඡවි වා, තිණෙන වා පණ‍්ණෙන වා පටිච‍්ඡාදෙත්‍වා ආගන‍්තබ‍්බං. නත්‍වෙව නග‍්ගෙන ආගන‍්තබ‍්බං. යො ආගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

6. එසඳ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඇසිදෑගත් සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් වීනවන්නට, යම් ආවාසයකට පළමු එළඹේ නම්, ඉදින් එහි සඞ්ඝයාගේ විහාර සිවුරක් හෝ පසතුරුණෙක් හෝ බුමුතුරුණෙක් හෝ බිසිසිවියෙක් හෝ වේ නම් ‘(සිවුරු) ලැබ තබන්නෙමි’ යි එය ගෙණ පොරෝනට අනුදනිමි. ඉදින් සඞ්ඝයාගේ විහාර සිවුරක් හෝ පසතුරුණෙක් හෝ බුමුතුරුණෙක් හෝ බිසිසිවියෙක් හෝ නොවේ නම් තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ පිළිසන් කොට ඉයයුතු ය. ලිහිණි ව නො ම ඉයයුතු ය. යමෙක් ඒ නම් දුකුළාඇවැත් වෙයි. මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.”

“යො පන භික‍්ඛු අඤ‍්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ‍්ඤාපෙය්‍ය, අඤ‍්ඤත්‍ර සමයා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. තත්‍ථායං සමයො: අච‍්ඡින‍්නචීවරො වා හොති භික‍්ඛු නට‍්ඨචීවරො වා. අයං තත්‍ථ සමයො’ති.

“යම් මහණෙක් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සමය තබා සිවුරක් විනවා නම් නිසැඟිපචිති වෙයි. එහි මේ සමය වෙයි: මහණ තෙම පැහැර ගන්නා ලද සිවුරු ඇත්තේ හෝ නට සිවුරු ඇත්තේ හෝ වෙයි. මේ එහි සමය වේ.”

[දුතියපඤ‍්ඤත‍්ති]

[දෙවන පැණවීමයි.]

7. යො පනාති යො යාදිසො -පෙ-

7. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූ’ති.

භික්‍ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි භික්‍ඛු ය යි අදහස් කරණ ලද්දේ ය.

අඤ‍්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධො.

අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තා යුගය තෙක් අසම්බද්ධයෝ ය.

ගහපති නාම: යො කොචි අගාරං අජ‍්ඣාවසති.

ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ.

ගහපතානී නාම: යා කාචි අගාරං අජ‍්ඣාවසති.

[need trans?]

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනූපගපච‍්ඡිමං.

චීවර නම්: සසිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.

අඤ‍්ඤත්‍ර සමයාති ඨපෙත්‍වා සමයං.

අඤ්ඤත්‍ර සමයා යනු: සමය තබා.

අච‍්ඡින‍්නචීවරො නාම: භික‍්ඛුස‍්ස චීවරං අච‍්ඡින‍්නං හොති, රාජූහි වා චොරෙහි වා ධුත‍්තෙහි වා යෙහි කෙහිචි වා අච‍්ඡින‍්නං හොති.

අච්ඡින්නචීවර නම්: භික්‍ෂුහුගේ සිවුරු රජුන් විසින් හෝ සොරුන් විසින් හෝ ධූර්‍තයන් විසින් හෝ යම්කිසි කෙනකුන් විසින් හෝ පැහැර ගන්නා ලද වෙයි.

නට‍්ඨචීවරො නාම: භික‍්ඛුස‍්ස චීවරං අග‍්ගිනා වා දඩ‍්ඪං හොති, උදකෙන වා වුළ‍්හං හොති, උන්‍දූරෙහි වා උපචිකාහි වා ඛායිතං හොති, පරිභොගජිණ‍්ණං වා හොති. අඤ‍්ඤත්‍ර සමයා විඤ‍්ඤාපෙති, පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: -පෙ- ඉදම‍්මෙ භන‍්තෙ චීවරං අඤ‍්ඤාතකං ගහපතිකං අඤ‍්ඤත්‍ර සමයා විඤ‍්ඤාපිතා නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති -පෙ-

නට්ඨචීවර නම්: භික්‍ෂුහුගේ සිවුර ගින්නෙන් හෝ දැවුනේ වෙයි. දිය විසින් හෝ උසුලන ලද වෙයි. මීයන් විසින් හෝ වේයන් විසින් හෝ කන ලද වෙයි. පරිභෝගයෙන් දිරුනේ හෝ වෙයි. සමය තබා විනවා (ඉල්ලා) නම් පියොව්හි දුකුළා වෙයි. පිළිගැනීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැජිය යුතු ය. තව ද “මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියක්හු සමය තබා විනවන ලද්දේ නිසැගි විය. මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.

8. අඤ‍්ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර සමයා චීවරං විඤ‍්ඤාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතකෙ වෙමතිකො අඤ‍්ඤත්‍ර සමයා චීවරං විඤ‍්ඤාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතකෙ ඤාතකසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර සමයා චීවරං විඤ‍්ඤාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ ඤාතකසඤ‍්ඤී, අනාපත‍්ති.

8. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නො නෑයකු කෙරෙහි විමති ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයෙකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ ඇවැත් නැති.

9. අනාපත‍්ති සමයෙ, ඤාතකානං, පවාරිතානං, අඤ‍්ඤස‍්සත්‍ථාය, අත‍්තනො ධනෙන, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

9. සමයෙහි, නෑයන් සතු, පැවැරූවන් සතු සිවුරු විනවන්නහුට අනෙකකු සඳහා විනවන්නහුට, තමාගේ ධනයෙන් පිරුළු ගන්නහුට, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.

අඤ‍්ඤාතකවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං නිට‍්ඨිතං.

අඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්‍ෂාපදය නිමි.