තතුත‍්තරිසික‍්ඛාපදං
5. 1. 7.
5. 1. 7.
තතුත‍්තරිසික‍්ඛාපදං
තතුත්තරිශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අච‍්ඡින‍්නචීවරකෙ භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා එවං වදෙන‍්ති: “භගවතා ආවුසො අනුඤ‍්ඤාතං අච‍්ඡින‍්නචීවරස‍්ස වා නට‍්ඨචීවරස‍්ස වා අඤ‍්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ‍්ඤාපෙතුං. විඤ‍්ඤාපෙථ, ආවුසො චීවරන‍්ති.” “අලං ආවුසො ලද‍්ධං අම‍්හෙහි චීවරන‍්ති.” “මයං ආයස‍්මන‍්තානං අත්‍ථාය විඤ‍්ඤාපෙමා”ති. “විඤ‍්ඤාපෙථ ආවුසො”ති. අථ ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අඤ‍්ඤාතකෙ ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා එතදවොචුං: “අච‍්ඡින‍්නචීවරකා ආවුසො භික‍්ඛූ ආගතා, දෙථ නෙසං චීවරානී”ති බහුං චීවරං විඤ‍්ඤාපෙසුං.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්වෙහෙරෙහි වැඩ වෙසෙති. එසමයෙහි සවග මහණහු අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්‍ෂූන් වෙත එළඹ මෙසේ කියති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් අසිඳැගන්නා ලද සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් විනැවීම අනුදන්නා ලද. ඇවැත්නි, සිවුරක් විනවවු’ ය යි. ‘කම් නැත ඇවැත්නි, අප විසින් සිවුරක් ලබන ලදැ’ යි. ඔහු කියත්. ‘අපි ආයුෂ්මතුන් සඳහා විනවම්හ’ යි සවැඟියෝ කීහ. ‘විනවවු ඇවැත්නි’ යි ඔහු කීහ. ඉක්බිති සවග මහණහු නො නෑ ගැහැවියන් කරා එළඹ මෙසේ කීහ. ‘ඇවැත්නි, අසිඳැගන්නා ලද සිවුරු ඇති මහණහු ආහ. ඔවුනට සිවුරු දෙව’ යි බොහෝ සිවුරු විනවාගත්හ.
2. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පුරිසො සභායං නිසින‍්නො අඤ‍්ඤතරං පුරිසං එතදවොච: “අච‍්ඡින‍්නචීවරකා අය්‍යො භික‍්ඛූ ආගතා. තෙසං මයා චීවරං දින‍්න”න‍්ති. සොපි එවමාහ “මයාපි දින‍්නන‍්ති”. අපරොපි එවමාහ මයාපි දින‍්නන‍්ති.” තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා න මත‍්තං ජානිත්‍වා බහුං චීවරං විඤ‍්ඤාපෙස‍්සන‍්ති. දුස‍්සවාණිජ‍්ජං වා සමණා සක්‍යපුත‍්තියා කරිස‍්සන‍්ති, පග‍්ගාහිකසාලං වා පසාරෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ න මත‍්තං ජානිත්‍වා බහුං චීවරං විඤ‍්ඤාපෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් සභායෙහි හුන්නේ එක්තරා පුරුෂයකුට මෙ පවත් කී ය: ‘ආර්‍ය්‍යයෙනි, අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්‍ෂූහු ආහ. මා විසින් ඔවුනට සිවුරක් දෙන ලදැ’ යි. හෙ ද මෙසේ කී ‘මා විසිනුදු දෙන ලදැ’ යි. අනෙකෙකුදු මෙසේ කී: ‘මා විසිනුදු දෙන ලදැ’ යි. ඔහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රීයයෝ පමණ නො දැන බොහෝ සිවුරු විනවා ගත්තු ද, පිළී වෙණෙඳහමක් හෝ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කෙරෙත් ද පිළී අවුණක් හෝ විවෘත කෙරෙත් දැ යි. භික්‍ෂූහු අවඥා කරණ අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවඟ මහණහු පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
3. “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ න මත‍්තං ජානිත්‍වා බහුං චීවරං විඤ‍්ඤාපෙථා”ති. “සච‍්චං භගවා”. විගරහි බුද‍්ධො භගවා: කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා න මත‍්තං ජානිත්‍වා බහුං චීවරං විඤ‍්ඤාපෙස‍්සථ, නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”
3. ‘සැබෑ ද මහණෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ල’ යි භාග්‍යවත්හු ඇසූහ. “සැබෑව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් කුච්ඡ පුරුෂයෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ද! තුච්ඡපුරුෂයෙනි, තෙල කරුණ නො පහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“තඤ‍්චෙ අඤ‍්ඤාතකො ගහපති වා ගහපතානී වා බහූහි චීවරෙහි අභිහට‍්ඨුං පවාරෙය්‍ය, සන‍්තරුත‍්තරපරමං තෙන භික‍්ඛුනා තතො චීවරං සාදිතබ‍්බං. තතො චෙ උත්තරිං සාදියෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.”
“ඉදින් නොනෑ ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් හෝ ඒ (අසිඳැගත්නට සිවුරු ඇති) මහණහට කැමතිතාක් ගෙන යන්නට බොහෝ සිවුරින් පවරා නම් ඒ මහණහු විසින් හඳනා සිවුර හා උතුරුසඟ පරම කොට ඇති සිවුරක් එයින් ඉවසිය යුතු” ය. ඉදින් එයින් මත්තෙහි ඉවසා නම් නිසැඟි පචිති වේ” යයි.
4. තඤ‍්චෙ ති අච‍්ඡින‍්නචීවරකං භික‍්ඛුං.
4. තඤ්චෙ යනු: පැහැරගන්නා ලද සිවුරු ඇති මහණ.
අඤ‍්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධො.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මී මුතුන් යුගළුව දක්වා අසම්බද්ධයෝ ය.
ගහපති නාම: යො කොචි අගාරං අජ‍්ඣාවසති.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හේ.
ගහපතානී නාම: යා කාචි අගාරං අජ‍්ඣාවසති.
ගහපතානි නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හෝ.
බහූහි චීවරෙහීති බහුකෙහි චීවරෙහි.
බහූහි චීවරෙහි යනු: බොහෝ වූ සිවුරින්.
අභිහට‍්ඨුං පවාරෙය්‍යාති යාවතකං ඉච‍්ඡසි තාවතකං ගණ‍්හාහීති.
අභිහට්ඨුං පවාරෙය්‍ය යනු: යම්තාක් රිසියෙහි නම් ඒ තාක් ගණුව යි.
සන‍්තරුත‍්තරපරමං තෙන භික‍්ඛුනා තතො චීවරං සාදිතබ‍්බන‍්ති සචෙ තීණි නට‍්ඨානි හොන‍්ති ද‍්වෙ සාදිතබ‍්බානි, ද‍්වෙ නට‍්ඨානි එකං සාදිතබ‍්බං, එකං නට‍්ඨං න කිඤ‍්චි සාදිතබ‍්බං.
සන්තරුත්තපරමං තෙන භික්ඛුනා තතෝ චීවරං සාදිතබ්බං යනු: ඉදින් තුන් සිවුර නටුයේ නම් දෙකෙක් ඉවසිය යුතු ය. දෙකෙක් නටුයේ නම් එකෙක් ඉවසිය යුතු ය. එකෙක් නටුයේ නම් කිසිවක් නො ඉවසිය යුතු ය.
තතො චෙ උත‍්තරිං සාදියෙය්‍යාති තතුත‍්තරි විඤ‍්ඤාපෙති, පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං:
තතො චෙ උත්තරිං සාදියෙය්‍ය යනු: එයින් මත්තෙහි විනවා නම් ප්‍රයෝගයෙහි දුකුළා වෙයි. සිවුරු ලැබීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය.
“ඉදම‍්මෙ භන‍්තෙ චීවරං අඤ‍්ඤාතකං ගහපතිකං තතුත‍්තරිං විඤ‍්ඤාපිතං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති”ති. දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.
‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියකු සතු වූයේ පමණින් මතුයෙහි විනවන ලද්දේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...
5. අඤ‍්ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී තතුත‍්තරිං චීවරං විඤ‍්ඤාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ‍්ඤාතකෙ ඤාතකසඤ‍්ඤී තතුත‍්තරිං චීවරං විඤ‍්ඤාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ ඤාතකසඤ‍්ඤී, අනාපත‍්ති.
5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැගි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ, ඇවැත් නැති.
6. අනාපත‍්ති සෙසකං ආහරිස‍්සාමීති හරන‍්තො ගච‍්ඡති, සෙසකං තුය‍්හෙව හොතූති දෙන‍්ති, න අච‍්ඡින‍්නකාරණා දෙන‍්ති, න නට‍්ඨකාරණා දෙන‍්ති, ඤාතකානං, පවාරිතානං, අත‍්තනො ධනෙන, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.
6. සෙස්ස ‘ගෙණ එන්නෙමි’ යි ගෙණ යේ නම්, සෙස්ස තොපට ම වේවයි දෙත් නම් අසිඳැගන්නා ලද කරුණින් නො දෙත් නම්, තට හෙයින් නො දෙත් නම්, තතුත්තර සිවුරු ගන්නහුට, නෑයන් සතු, පැවරූවන් සතු තතුත්තර සිවුරු ගන්නහුට, තමාගේ ධනයෙන් ගන්නහුට, උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.
තතුත‍්තරිසික‍්ඛාපදං නිට‍්ඨිතං
තතුත්තරි ශික්‍ෂාපදය නිමි.