යෙදුමෙන් කියවන්න

පඨමඋපක‍්ඛටසික‍්ඛාපදං

5. 1. 8.

5. 1. 8.

පඨමඋපක‍්ඛටසික‍්ඛාපදං

ප්‍රථමඋපක්ඛටශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පුරිසො පජාපතිං එතදවොච: “අය්‍යං උපනන්‍දං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. අස‍්සොසි ඛො අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු තස‍්ස පුරිසස‍්ස ඉමං වාචං භාසමානස‍්ස. අථ ඛො සො භික‍්ඛු යෙනායස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං එතදවොච: “මහාපුඤ‍්ඤො’සි ත්‍වං ආවුසො උපනන්‍ද, අමුකස‍්මිං ඔකාසෙ අඤ‍්ඤතරො පුරිසො පජාපතිං එතදවොච: අය්‍යං උපනන්‍දං, චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. “අත්‍ථාවුසො මං සො උපට‍්ඨාකො’ති. අථ ඛො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො යෙන සො පුරිසො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං පුරිසං එතදවොච: “සච‍්චං කිර මං ත්‍වං ආවුසො චීවරෙන අච‍්ඡාදෙතුකාමොසී”ති? “අපි ම’ය්‍ය එවං හොති: “අය්‍යං උපනන්‍දං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. “සචෙ ඛො මං ත්‍වං ආවුසො චීවරෙන අච‍්ඡාදෙතුකාමො’සි, “එවරූපෙන චීවරෙන අච‍්ඡාදෙහි ක්‍යාහං තෙන අච‍්ඡන‍්නොපි කරිස‍්සාමි, යාහං න පරිභුඤ‍්ජිස‍්සාමී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි එක්තරා පුරුෂයෙක් භාර්‍ය්‍යාවට උපනන්‍ද හිමියන් සිවුරෙන් ආච්ඡාදනය කරන්නෙමි’ යි. මේ කී ය: එක්තරා පිඬුසිඟා යන මහණෙක් ඒ පුරුෂයා මේ තෙපුල් කියන්න ඇසී ය. ඉක්බිති ඒ මහණ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට ආයුෂ්මත් උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තහු ය. අසෝ පෙදෙසෙහි එක්තරා මිනිසෙක් බිරිඳට “උපනන්‍ද හිමියන් චීවරයෙන් ආච්ඡාදනය කරවන්නෙමි” යි. කී යයි සැළ කෙළේ ය. “ඇවැත්නි, (එබඳු මිනිසෙක්) ඇත. හේ මාගේ උපස්ථායකයෙකැ” යි. උපනන්‍ද තෙර කීය. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ පුරුෂයා වෙත එළඹ “සැබෑවෙක් ද, ඇවැත්නි, තෙපි මා සිවුරකින් ආච්ඡාදනය කරණු කැමැත්තහු දැ?” යි ඇසී ය. “හිමියනි, උපනන්‍ද හිමියන් චීවරයෙකින් ආච්ඡාදනය කරන්නෙමි” යි මට මේ සිත නම් වී යැයි හේ කී ය. “ඉදින් ඇවැත්නි, තෙපි සිවුරෙකින් මා ආච්ඡාදනය කරණු කැමැත්තාහු නම් මෙබඳු සිවුරකින් ආච්ඡාදනය කරවු. යම් සිවුරක් මම් පරිභෝග නො කෙරෙම් නම් ඒ සිවුරින් පුදන ලද්දෙම් නමුදු එයින් මම් කුමක් කෙරෙම් දැ?” යි උපනන්‍ද තෙර කී ය.

2. අථ ඛො සො පුරිසො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “මහිච‍්ඡා ඉමෙ සමණා සක්‍යපුත‍්තියා අසන‍්තුට‍්ඨා, නයිමෙ සුකරා චීවරෙන අච‍්ඡාදෙතුං. කථං හි නාම අය්‍යො උපනන්‍දො මයා පුබ‍්බෙ අප‍්පවාරිතො මං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජිස‍්සතී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස පුරිසස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣාය්‍යන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජිස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං “සච‍්චං කිර ත්‍වං උපනන්‍ද පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජීති? “සච‍්චං භගවා”. “ඤාතකො තෙ උපනන්‍ද අඤ‍්ඤාතකොති”? “අඤ‍්ඤාතකො භගවා”ති. ‘අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතකස‍්ස න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා සන‍්තං වා අසන‍්තං වා. තත්‍ථ නාම ත්‍වං මොඝපුරිස පුබ‍්බෙ අප‍්පවාරිතො අඤ‍්ඤාතකං ගහපතිං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

2. ඉක්බිති ඒ පුරුෂ ‘මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීකයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ ය, මොවුන් සිවුරකින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ කලින් මා විසින් නොපවරණ ලද්දාහු මා වෙත එළඹ චීවරයෙහි අධික විධානයට පැමිණෙන්නාහු දැ’ යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් පහළ කෙරේ: භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසාගේ බස් ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු, ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ!’ යි. අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑවෙක් ද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලදුයෙහි ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි දැ?’ යි. භාග්‍යවත්හු පුළුවුත්හ. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’ යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නො නෑයෙක් දැ?” යි භාග්‍යවත්හු ඇසූහ. ‘නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නොනෑයකුට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි නම් තෝ පෙර නො පවරණ ලද්දෙහි නොනෑ ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡ පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදයට හෝ නො වැටෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”

“භික‍්ඛුං පනෙව උද‍්දිස‍්ස අඤ‍්ඤාතකස‍්ස ගහපතිස‍්ස වා ගහපතානියා වා චීවරචෙතාපන‍්නං උපක‍්ඛටං හොති, ඉමිනා චීවරචෙතාපන‍්නෙන චීවරං චෙතාපෙත්‍වා ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමීති. තත්‍ර චෙසො භික‍්ඛු පුබ‍්බෙ අප‍්පවාරිතො උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජෙය්‍ය: සාධු වත මං ආයස‍්මා ඉමිනා චීවරචෙතාපන‍්නෙන එවරූපං වා එවරූපං වා චීවරං චෙතාපෙත්‍වා අච‍්ඡාදෙහීති කල්‍යාණකම්‍යතං උපාදාය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“මහණක්හු ම උදෙසා නොනෑ ගැහැවියකු විසින් හෝ ගැහැවි දුවක විසින් හෝ මේ සිවුරුමිලයෙන් සිවුරක් මිල දී ගෙණ මෙනම් ඇති මහණහුට දෙන්නෙමි යි සිවුරුමිලයක් සපයන ලද්දේ වේ ද, ඉදින් ඒ මහණ පෙර නො පවරණ ලද්දේ එහි එළඹ ‘ආයුෂ්මත, මේ සිවුරු මිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් මිල දී ගෙණ මට දෙව’ යි සොඳුරු බව කැමැති බව රිසි වැ මෙසේ කළහොත් මැනැවැ යි චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟිපචිති වේ.”

3. භික‍්ඛුං පනෙව උද‍්දිස‍්සාති භික‍්ඛුස‍්සත්‍ථාය, භික‍්ඛුං ආරම‍්මණං කරිත්‍වා, භික‍්ඛුං අච‍්ඡාදෙතුකාමො.

3. භික්‍ඛුං පනෙව උද්දිස්ස යනු: මහණක්හු සඳහා, මහණක්හු අරමුණු කොට, මහණක්හු ආච්ඡාදනය කරණු කැමැත්තේ.

අඤ‍්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධො.

අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුගලය දක්වා නො සබඳ වූයේ ය.

ගහපති නාම: යො කොචි අගාරං අජ‍්ඣාවසති.

ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ ය.

ගහපතානී නාම: යා කාචි අගාරං අජ‍්ඣාවසති.

ගහපතානී නම්: යම් කිසිවක් ගිහිගෙයි වෙසේ නම් හෝ ය.

චීවරචෙතාපන‍්නං නාම: හිරඤ‍්ඤං වා සුවණ‍්ණං වා මුත‍්තා වා මණි වා පවාළො වා ඵළිකො වා පටකො වා සුත‍්තං වා කප‍්පාසො වා.

චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පටයෙක් හෝ හූ හෝ කපු හෝ ය.

ඉමිනා චීවරචෙතාපන‍්නෙනාති පච‍්චුපට‍්ඨිතෙන.

ඉමිනා චීවරචේතාපන්නෙන යනු: වෙතට පත් දැයෙකින්.

චෙතාපෙත්‍වාති පරිවත‍්තෙත්‍වා.

චෙතාපෙත්‍වා යනු: පිරිවටා.

අච‍්ඡාදෙස‍්සාමීති දස‍්සාමි.

අච්ඡාදෙස්සාමි යනු: දෙන්නෙමි.

තත්‍ර චෙ සො භික‍්ඛූති යං භික‍්ඛුං උද‍්දිස‍්ස චීවරචෙතාපන‍්නං උපක‍්ඛටං හොති, සො භික‍්ඛු.

තත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණක්හු උදෙසා සිවුරුමිල සපයන ලද වේ ද ඒ මහණ.

පුබ‍්බෙ අප‍්පවාරිතොති පුබ‍්බෙ අවුත‍්තො හොති, කීදිසෙන තෙ භන‍්තෙ චීවරෙන අත්‍ථො, කීදිසං තෙ චීවරං චෙතාපෙමිති.

පුබ්බේ අප්පචාරිතො යනු: වහන්ස, කෙබඳු සිවුරෙකින් තොපට ප්‍රයෝජන වේ ද කෙබඳු සිවුරක් තොපට මිල දී ගනිම් දැ යි පෙර නො කියන ලද්දේ වේ.

උපසඞ‍්කමිත්‍වාති ඝරං ගන‍්ත්‍වා, යත්‍ථ කත්‍ථචි උපසඞ‍්කමිත්‍වා.

උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස් යම් කිසි තැනෙක්හි එළඹ.

චීවරෙ විකප‍්පං ආපජ‍්ජෙය්‍යාති ආයතං වා හොතු විත්‍ථතං වා අප‍්පිතං වා සණ‍්හං වා.

චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු ද පුළුල් ද ඝන ද සිලිටි ද වේව යි.

ඉමිනා චීවරචෙතාපන‍්නෙනාති පච‍්චුපට‍්ඨිතෙන.

[need trans?]

එවරූපං වා එවරූපං වාති ආයතං වා විත්‍ථතං වා අප‍්පිතං වා සණ‍්හං වා.

[need trans?]

චෙතාපෙත්‍වාති පරිවත‍්තෙත්‍වා.

චෙතාපෙත්‍වා යනු: පිරිවටා.

අච‍්ඡාදෙහීති දජ‍්ජෙහි.

අච්ඡාදේහි යනු: දෙව.

කල්‍යාණකම්‍යතං උපාදායාති සාධත්‍ථිකො මහග‍්ඝත්‍ථිකො.

කල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ මහඇඟි බව කැමැත්තේ.

4. තස‍්ස වචනෙන ආයතං වා විත්‍ථතං වා අප‍්පිතං වා සණ‍්හං වා චෙතාපෙති, පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති, නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: “ඉදං මෙ භන‍්තෙ චීවරං පුබ‍්බෙ අප‍්පවාරිතො අඤ‍්ඤාතකං ගහපතිකං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපන‍්නං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.

4. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වූවක් මිල දී ගණී නම්, පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර පෙර නො පවරන ලදුයෙම් නොනෑ ගැහැවියක්හු කරා එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’යි. ...

5. අඤ‍්ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ‍්ඤාතකෙ ඤාතකසඤ‍්ඤී පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකං උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී. ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ ඤාතකසඤ‍්ඤී, අනාපත‍්ති.

5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පෙර නොපවරන ලදුයේ ගැහැවියකු කරා එළැඹ චීවරයෙහි විධානයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇතියේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ පෙර නො පවරන ලදු වැ ගැහැවියකු කරා එළැඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම්, නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ ඇවැත් නැති.

6. අනාපත‍්ති ඤාතකානං, පවාරිතානං, අඤ‍්ඤස‍්සත්‍ථාය, අත‍්තනො ධනෙන, මහග‍්ඝං චෙතාපෙතුකාමස‍්ස අප‍්පග‍්ඝං චෙතාපෙති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

6. නෑයනට, පැවැරුවනට අනෙකක්හු සඳහා, තමාගේ ධනයෙන් මහඇඟි කොට මිල දී ගණු කැමැත්තහුට නො අගනා කොට මිල දී ගන්වා නම්, ඇවැත් නැත. උන්මත්තකයහට ආදිකම්‍මිකයහට ඇවැත් නැත්තේ යි.

පඨමඋපක‍්ඛටසික‍්ඛාපදං නිට‍්ඨිතං.

ප්‍රථම උපක්‍ඛට ශික්‍ෂාපදය නිමි.