යෙදුමෙන් කියවන්න

දුතියඋපක‍්ඛටසික‍්ඛාපදං

5. 1. 9.

5. 1. 9.

දුතියඋපක‍්ඛටසික‍්ඛාපදං

ද්විතීයඋපක්ඛටශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පුරිසො අඤ‍්ඤතරං පුරිසං එතදවොච: “අහං අය්‍යං උපනන්‍දං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. සො’පි එවමාහ: “අහම‍්පි අය්‍යං උපනන්‍දං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. අස‍්සොසි ඛො අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු තෙසං පුරිසානං ඉමං කථාසල‍්ලාපං. අථ ඛො සො භික‍්ඛු යෙනායස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං එතදවොච: “මහාපුඤ‍්ඤො’සි ත්‍වං ආවුසො උපනන්‍ද. අමුකස‍්මිං ඔකාසෙ අඤ‍්ඤතරො පුරිසො අඤ‍්ඤතරං පුරිසං එතදවොච: “අහං අය්‍යං උපනන්‍දං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. සො’පි එවමාහ: අහම‍්පි අය්‍යං උපනන්‍දං චීවරෙන අච‍්ඡාදෙස‍්සාමී”ති. “අත්‍ථාවුසො මං තෙ උපට‍්ඨාකාති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. තව ද එසමයෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට ‘මම් උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කීය. හෙ තෙමේ ‘මම ද උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කී ය. එක්තරා පිඬුසිඟා යන භික්‍ෂූ කෙනෙක් ඒ මිනිසුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ඒ මහණ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා කරා එළැඹ, ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා හට “ඇවැත්නි උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තව, අසුවල් පෙදෙසෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට මම් උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි යි කී ය. හෙතෙමේ ‘මම ද උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි’ යි කීය. “ඇවැත්නි, ඔහු මට උපස්ථායකයෝ වෙති” යි උපනන්‍ද තෙරණුවෝ කීහ.

2. අථ ඛො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො යෙන තෙ පුරිසා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තෙ පුරිසෙ එතදවොච: “සච‍්චං කිර මං තුම‍්හෙ ආවුසො චීවරෙහි අච‍්ඡාදෙතුකාමාත්‍ථා”ති. “අපි නය්‍ය එවං හොති, අය්‍යං, උපනන්‍දං චීවරෙහි අච‍්ඡාදෙස‍්සාමා”ති. “සචෙ ඛො මං තුම‍්හෙ ආවුසො චීවරෙහි අච‍්ඡාදෙතුකාමත්‍ථ, එවරූපෙන චීවරෙන අච‍්ඡාදෙථ, ක්‍යාහං තෙහි අච‍්ඡන‍්නො’පි කරිස‍්සාමි, යානාහං න පරිභුඤ‍්ජිස‍්සාමී”ති .

2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ මිනිසුන් කරා එළැඹ “සැබැවෙක් ද? ඇවැත්නි, තෙපි මා සිවුරුවලින් පුදනු කැමැතියවු දැ?” යි විචාළහ. ‘හිමියෙනි, උපනන්‍ද හිමියන් පුදන්නම්හ’ යි මෙබඳු සිතෙක් නම් වියැ” යි ඔහු කීහ. ‘ඉදින් ඇවැත්නි, තෙපි සිවුරුවලින් පුදනු කැමැතියවු නම්, මෙබඳු සිවුරකින් පුදව්, යම් බඳු සිවුරු මම් පරිභෝග නො කෙරෙම් නම්, එයින් පුදන ලදුයෙම් නමුදු මම් කුමක් කෙරෙම් දැ’ යි තෙරණුවෝ කී හ.

3. අථ ඛො තෙ පුරිසා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “මහිච‍්ඡා ඉමෙ සමණා සක්‍යපුත‍්තියා අසන‍්තුට‍්ඨා, නයිමෙ සුකරා චීවරෙහි අච‍්ඡාදෙතුං, කථං හි නාම අය්‍යො උපනන්‍දො අම‍්හෙහි පුබ‍්බෙ අප‍්පවාරිතො උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජිස‍්සතී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං පුරිසානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජිස‍්සතී”ති.

3. එකල්හි ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ යැ. මොවුන් සිවුරුවලින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ අප විසින් පෙර නො පවරණ ලද්දාහු සමීපයට පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි ඒ පුරුෂයෝ ගරහති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පුරුෂයන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නො පවරණ ලද්දාහු ගැහැවියන් කරා පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්.

4. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර ත්‍වං උපනන්‍ද පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජී?”ති “සච‍්චං භගවා”. “ඤාතකා තෙ උපනන්‍ද අඤ‍්ඤාතකා?”ති “අඤ‍්ඤාතකා භගවා”ති. “අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතකානං න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා සන‍්තං වා අසන‍්තං වා. තත්‍ථ නාම ත්‍වං මොඝපුරිස පුබ‍්බෙ අප‍්පවාරිතො අඤ‍්ඤාතකෙ ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ ල?” යි භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව, භාග්‍යවතුන් වහන්ස” යි තෙරණුවෝ කීහ. “උපනන්‍දය, තාගේ නෑයෝ ද නො නෑයෝ දැ” යි භාග්‍යවත්හු අසා වදාළහ. “නොනෑ කෙනෙක භාග්‍යයවතුන් වහන්සැ” යි තෙරණුවෝ කීහ. “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයනට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි තෝ පෙර නො පවරණ ලද්දේ, නොනෑ ගැහැවියන්, කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”

“භික‍්ඛුං පනෙව උද‍්දිස‍්ස උභින‍්නං අඤ‍්ඤාතකානං ගහපතීනං වා ගහපතානීනං වා පච‍්චෙකචීවරචෙතාපන‍්නා උපක‍්ඛටානි හොන‍්ති: ඉමෙහි මයං පච‍්චෙකචීවරචෙතාපන‍්නෙහි පච‍්චෙකචීවරානි චෙතාපෙත්‍වා ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං චීවරෙහි අච‍්ඡාදෙස‍්සාමාති. තත්‍ර චෙසො භික‍්ඛු පුබ‍්බෙ අප‍්පවාරිතො උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජෙය්‍ය: සාධු වත මං ආයස‍්මන‍්තො ඉමෙහි පච‍්චෙකචීවරචෙතාපන‍්නෙහි එවරූපං වා එවරූපං වා චීවරං චෙතාපෙත්‍වා අච‍්ඡාදෙථ. උභො’ව සන‍්තා එකෙනාති, කල්‍යාණකම්‍යතං උපාදාය, නිස‍්සග‍්ගියං පාචිත‍්ති”න‍්ති.

“මහණක්හු ම උදෙසා නොනෑ වූ ගැහැවියන් දෙදෙනකුන් විසින් හෝ ගෙහඹුවන් දෙදෙනකුන් විසින් හෝ අපි මේ වෙන් වෙන් වූ සිවුරු මිලයෙන් වෙන වෙන සිවුරු මිල දී ගෙණ මෙනම් මහණහු සිවුරින් පුදම්හ” යි වෙන වෙන සිවුරු මිල රැස් කරණ ලද වේ ද, තෙල මහණ පෙර නො පවරන ලදුයේ ඔවුන් සමීපයෙහි එළඹ ‘ආයුෂ්මත්නි, තෙපි දෙදෙනා මැ එක් ව මේ වෙන වෙන සිවුරුමිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් විකොටගෙණ එක් සිවුරෙකින් මා පුදන්නහු නම් මැනැවැ’ යි කල්‍යාණකම්‍යතාව සිතාගෙණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟි පවිතී වේ.”

5. භික‍්ඛුං පනෙව උද‍්දිස‍්සාති භික‍්ඛුස‍්සත්‍ථාය, භික‍්ඛුං ආරම‍්මණං කරිත්‍වා, භික‍්ඛුං අච‍්ඡාදෙතුකාමා.

5. භික්‍ඛුං පනෙච උද්දීස්‍ස යනු: මහණක්හු සඳහා මහණක්හු අරමුණු කොට මහණකු ආච්ඡාදනය කරුණු කැමැත්තාහු.

උභින‍්නන‍්ති ද‍්වින‍්නං.

උභින්නං යනු: දෙදෙනකුන්ගේ.

අඤ‍්ඤාතකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධා.

අඤ්ඤාතක නම්: මවුපියන් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුවල දක්වා නො බැඳුනාහු.

ගහපතී නාම: යෙ කෙචි අගාරං අජ‍්ඣාවසන‍්ති.

ගහපති නම්: යම් කෙනෙක් ගිහිගෙයි වෙසෙත් ද ඔහු.

ගහපතානියො නාම: යා කාචි අගාරං අජ‍්ඣාවසන‍්ති.

ගහපතානී නම්: ගිහිගෙයි වෙසෙන යම් කිසි ස්ත්‍රීහු ය.

චීවරචෙතාපන‍්නා නාම: හිරඤ‍්ඤා වා සුවණ‍්ණා වා මුත‍්තා වා මණී වා පවාළා වා ඵලිකා වා පටකා වා සුත‍්තා වා කප‍්පාසා වා.

චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පිළි හෝ හූ හෝ කපු හෝ ය.

ඉමෙහි චීවරචෙතාපන‍්නෙහිති පච‍්චුපට‍්ඨිතෙහි. චෙතාපෙත්‍වාති පරිවත‍්තෙත්‍වා.

ඉමෙහි චීවරචේතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්, පරිවත්තෙත්‍වා යනු: පිරිවටා (වීකොටගෙණ)

අච‍්ඡාදෙස‍්සාමාති දස‍්සාම.

අච්ඡාදෙස්සාම යනු: දෙන්නම් හ.

තත්‍ර චෙසො භික‍්ඛූති යං භික‍්ඛුං උද‍්දිස‍්ස චීවරචෙතාපන‍්නානි උපක‍්ඛටා හොන‍්ති, සො භික‍්ඛු.

තත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරුමිල රැස් කරණ ලද ද ඒ මහණ.

පුබ‍්බෙ අප‍්පවාරිතොති පුබ‍්බෙ අවුත‍්තො හොති, “කීදිසෙන තෙ භන‍්තෙ චීවරෙන අත්‍ථො, කීදිසං තෙ චීවරං චෙතාපෙමාති.

පුබ්බේ අප්පවාරිතො යනු: ‘වහන්ස, ඔබට කෙබඳු සිවුරෙකින් ප්‍රයෝජන ද? කෙබඳු සිවුරක් ඔබට මිලදී ගණුවෝ දැ’ යි පෙර නො කියන ලද්දේ වෙයි.

උපසඞ‍්කමිත්‍වාති ඝරං ගන‍්ත්‍වා, යත්‍ථ කත්‍ථචි උපසඞ‍්කමිත්‍වා.

උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස්, යම් තැනෙක්හි එළඹ.

චීවරෙ විකප‍්පං ආපජ‍්ජෙය්‍යාති ආයතං වා හොතු විත්‍ථතං වා අප‍්පිතං වා සණ‍්හං වා.

චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වේව’යි.

ඉමෙහි චීවරචෙතාපන‍්නෙහීති පච‍්චුපට‍්ඨිතෙහි.

ඉමෙහි චීවරවෙතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්.

එවරූපං වා එවරූපං වාති ආයතං වා විත්‍ථතං වා අප‍්පිතං වා සණ‍්හං වා.

එවරූපං වා එවරූපං වා යනු: දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ.

චෙතාපෙත්‍වාති පරිවත‍්තෙත්‍වා

චෙතාපෙත්‍වා යනු: පිරිවටා.

අච‍්ඡාදෙථාති දජ‍්ජෙථ. උභොව සන‍්තා එකෙනාති ද‍්වෙපි ජනා එකෙන.

අච්ඡාදෙථ යනු: දෙවු. උභොච සත්තා ඒකෙන යනු: දෙදෙන මැ එකෙකින්.

කල්‍යාණකම්‍යතං උපාදායාති සාධත්‍ථිකො මහග‍්ඝත්‍ථිකො.

කල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ, මහඇගි බව කැමැත්තේ.

6. තස‍්ස වචනෙන ආයතං වා විත්‍ථතං වා අප‍්පිතං වා සණ‍්හං වා චෙතාපෙන‍්ති. පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං: “ඉදං මෙ භන‍්තෙ චීවරං පුබ‍්බෙ අප‍්පවාරිතො අඤ‍්ඤාතකෙ ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපන‍්නං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති” දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති. -පෙ-

6. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ (සිවුරක්) විකොට ගණිත් නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු: “වහන්ස, මේ මාගේ සිවුර පෙර නොපවරණ ලදුයෙම් නොනෑ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණියේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි” යි ...

7. අඤ‍්ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ‍්ඤාතකෙ ඤාතකසඤ‍්ඤී පුබ‍්බෙ අප‍්පවාරිතො ගහපතිකෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. ඤාතකෙ අඤ‍්ඤාතකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතකෙ ඤාතකසඤ‍්ඤී, අනාපත‍්ති.

7. නොනෑ වූවහු කෙරෙහි නොනෑ ය යන සංඥා ඇති ව පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇතියේ ... නො නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇති ව පෙර නො පවරණ ලදුයේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ, ඇවැත් නැති.

8. අනාපත‍්ති ඤාතකානං, පවාරිතානං, අඤ‍්ඤස‍්සත්‍ථාය, අත‍්තනො ධනෙන, මහග‍්ඝං චෙතාපෙතුකාමානං අප‍්පග‍්ඝං චෙතාපෙති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

8. නෑයනට, පැවැරුවනට, අනෙකක්හු සඳහා තමාගේ ධනයෙන්, මහඇගියක් විකොට ගණු කැමැතියන් ලවා මඳ අගනා සිවුරක් මිල දී ගන්වා නම්, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති යි.

දුතියඋපක‍්ඛටසික‍්ඛාපදං නිට‍්ඨිතං.

ද්විතීය උපක්ඛට ශික්‍ෂාපදය නිමි.