යෙදුමෙන් කියවන්න

කොසියසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

කොසියසික‍්ඛාපදවණ‍්ණනා

කෝසිය ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති කොසියසික‍්ඛාපදං. තත්‍ථ සන්‍ථරිත්‍වා කතං හොතීති සමෙ භූමිභාගෙ කොසියංසූනි උපරූපරි සන්‍ථරිත්‍වා කඤ‍්ජිකාදීහි සිඤ‍්චිත්‍වා කතං හොති. එකෙනපි කොසියංසුනා මිස‍්සිත්‍වාති තිට‍්ඨතු අත‍්තනො රුචිවසෙන මිස‍්සිතං, සචෙපි තස‍්ස කරණට‍්ඨානෙ වාතො එකං කොසියංසුං ආනෙත්‍වා පාතෙති, එවම‍්පි මිස‍්සෙත්‍වා කතමෙව හොතීති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“තෙන සමයෙන”යි කොසිය ශික්‍ෂාපදයයි. එහි “සන්‍ථරිත්‍වා කතං හොති” සම බිම මතු මතුවෙහි කොසිය අංසු අතුරා කැඳ ආදියෙන් ඉස කරන ලද්දේ වේ. “එකෙනපි කොසියංසුනා මිස්සෙත්‍වා” යනු තමාගේ රුචිය වසයෙන් මිශ්‍ර කරන ලද්දෙක් තිබේවා. ඉදින් ඒ ඇතිරිය කරන තැන වාතය තෙමේ එක් කෘමිහුයක් ගෙණ හෙලාද, මෙසේද මිශ්‍රකොට කරන ලද්දේම වේයයි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

ඡසමුට‍්ඨානං, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

මේ ශික්‍ෂාපදය කායාදි ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

කොසියසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

කොසිය ශික්‍ෂාපදවර්‍ණනාව නිමි.

සුද‍්ධකාළකසික‍්ඛාපදවණ‍්ණනා

ශුද්ධකාලක ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති සුද‍්ධකාළකසික‍්ඛාපදං. තත්‍ථ සුද‍්ධකාළකානන‍්ති සුද‍්ධානං කාළකානං , අඤ‍්ඤෙහි අමිස‍්සිතකාළකානන‍්ති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙව. සමුට‍්ඨානාදීනිපි කොසියසික‍්ඛාපදසදිසානෙවාති.

“තෙන සමයෙන”යි සුද්ධකාළක ශික්‍ෂාපදයයි. එහි “සුද්ධකාළකානං” යනු ශුද්ධ වූ කාලවර්‍ණවූ අන්හු හා මිශ්‍රනොවූ කාලවර්‍ණ ඇත්තාවූ යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. සමුත්‍ථානාදීහුද කොසිය ශික්‍ෂාපදය සමානම වෙත්.

සුද‍්ධකාළකසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

සුද්ධකාළක ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

ද‍්වෙභාගසික‍්ඛාපදවණ‍්ණනා

ද්වේභාග ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති ද‍්වෙභාගසික‍්ඛාපදං. තත්‍ථ අන‍්තෙ ආදියිත්‍වාති සන්‍ථතස‍්ස අන‍්තෙ අනුවාතං විය දස‍්සෙත්‍වා ඔදාතං අල‍්ලියාපෙත්‍වා.

“තෙන සමයෙන”යි ද්වෙභාග ශික්‍ෂාපදයයි. එහි “අන්තෙ ආදියත්‍වා” යනු ඇතිරියෙහි කෙළවර නුවාව මෙන් දක්වා සුදු පැහැති රෙදිකඩක් අලවා

ද‍්වෙ භාගාති ද‍්වෙ කොට‍්ඨාසා. ආදාතබ‍්බාති ගහෙතබ‍්බා. ගොචරියානන‍්ති කපිලවණ‍්ණානං. ද‍්වෙ තුලා ආදාතබ‍්බාති චතූහි තුලාහි කාරෙතුකාමං සන්‍ධාය වුත‍්තං. අත්‍ථතො පන යත‍්තකෙහි එළකලොමෙහි කාතුකාමො හොති, තෙසු ද‍්වෙ කොට‍්ඨාසා කාළකානං එකො ඔදාතානං, එකො ගොචරියානන‍්ති ඉදමෙව දස‍්සිතං හොතීති වෙදිතබ‍්බං. සෙසං උත‍්තානත්‍ථමෙව.

“ද්වෙභාගා” දෙකොටසක්. “ආදාතබ්බා” ගතයුතුය. ගොචරියානං කිඹුල්වන් එළකලොමයන්ගෙන්. “ද්වෙ තුලා ආදාතබ්බා” සතරතුලාවකින් කරවන්නට කැමැතිබව සඳහා කියනලදී. අර්‍ත්‍ථ වශයෙන් වනාහි යම් පමණ එළුලොමින් කරනු කැමැත්තේ වේද, ඒ එළුලොම් අතුරෙහි කලු එළුලොමින් දෙකොටසෙක සුදු එළුලොමින් එක් කොටසක. කිඹුල්වන් එළුලොමින් එක් කොටසෙකැයි මෙම ප්‍රමාණය දක්වන ලදැයි දතයුතුය.

සමුට‍්ඨානාදීනිපි කොසියසික‍්ඛාපදසදිසානෙව. කෙවලං ඉදං ආදාය අනාදාය ච කරණතො කිරියාකිරියං වෙදිතබ‍්බන‍්ති.

සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. සමුත්‍ථානාදීහු කොසිය ශික්‍ෂාපදය සමානම වෙත්. හුදෙක් මේ ඇතිරිය ගෙණද නොගෙණද කරන හෙයින් ක්‍රියාක්‍රියයි දතයුතුය.

ද‍්වෙභාගසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්වෙභාග ශික්‍ෂාපදවර්‍ණනාව නිමි.

ඡබ‍්බස‍්සසික‍්ඛාපදවණ‍්ණනා

ඡබ්බස්ස ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති ඡබ‍්බස‍්සසික‍්ඛාපදං. තත්‍ථ ඌහදන‍්තිපි උම‍්මිහන‍්තිපීති සන්‍ථතානං උපරි වච‍්චම‍්පි පස‍්සාවම‍්පි කරොන‍්තීති වුත‍්තං හොති.

“තෙන සමයෙන”යි ෂඩ්වර්‍ෂ ශික්‍ෂාපදයයි. “ඌහදන්තිපි උම්මිභන්තිපි” යනු ඇතිරි මතුවෙහි වර්‍චස්ද මූත්‍රද කෙරෙත්යි කියන ලද්දේ වේ.

දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සන්‍ථතසම‍්මුතීති එවං ලද‍්ධසම‍්මුතිකො භික‍්ඛු යාව රොගො න වූපසම‍්මති, තාව යං යං ඨානං ගච‍්ඡති, තත්‍ථ තත්‍ථ සන්‍ථතං කාතුං ලභති. සචෙ අරොගො හුත්‍වා පුන මූලබ්‍යාධිනාව ගිලානො හොති, සොයෙව පරිහාරො, නත්‍ථඤ‍්ඤං සම‍්මුතිකිච‍්චන‍්ති ඵුස‍්සදෙවත්‍ථෙරො ආහ. උපතිස‍්සත්‍ථෙරො පන “සො වා බ්‍යාධි පටිකුප‍්පතු, අඤ‍්ඤො වා, ‘සකිං ගිලානො’ති නාමං ලද‍්ධං ලද‍්ධමෙව, පුන සම‍්මුතිකිච‍්චං නත්‍ථී”ති ආහ.

“දින්නා සඞ්ඝෙන ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො සන්‍ථතසම්මුති” යනු මෙසේ ලද සම්මුති ඇති මහණතෙමේ යම්තාක් රොගය නොසන්සිදේද, ඒතාක් යම් යම් තැනකට යේද, ඒ ඒ තන්හි ඇතිරියක් කරන්නට ලබන්නේය. ඉදින් නීරෝගීව නැවැත මුල් ව්‍යාධියෙන්ම ගිලන්වේද ඒම පරිහාරය වේ. එහි අන්‍යවූ සම්මුති කෘත්‍යයෙක් නැතැ’යි ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ ‘ඒ ව්‍යාධිය හෝ නැවත කිපේවා, අන්‍යවූ ව්‍යාධියෙක් හෝ කිපේවා, වරක් ගිලන්යි නම් ලද්දේද? ලද්දේමය. නැවැත සම්මුති කෘත්‍යයෙක් නැතැ’යි කීහ.

ඔරෙන චෙ ඡන‍්නං වස‍්සානන‍්ති ඡන‍්නං වස‍්සානං ඔරිමභාගෙ, අන‍්තොති අත්‍ථො. පදභාජනෙ පන සඞ‍්ඛ්‍යාමත‍්තදස‍්සනත්‍ථං “ඌනකඡබ‍්බස‍්සානී”ති වුත‍්තං.

“ඔරෙන චෙ ඡන්නං වස්සානං” යනු ෂඩ් වර්‍ෂයක්හුගේ මෑතභාගයෙහි ඇතුළතය යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහි වනාහි සඞ්ඛ්‍යාමාත්‍රයක් දක්වනු පිණිස “ඌනකඡබ්බස්සානි”යි වදාරනලදී.

අනාපත‍්ති ඡබ‍්බස‍්සානි කරොතීති යදා ඡබ‍්බස‍්සානි පරිපුණ‍්ණානි හොන‍්ති, තදා සන්‍ථතං කරොති. දුතියපදෙපි “යදා අතිරෙකඡබ‍්බස‍්සානි හොන‍්ති, තදා කරොතී”ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. න හි සො ඡබ‍්බස‍්සානි කරොතීති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“අනාපත්ති ඡබ්බස්සාකරොති” යම්කලෙක සවස පිරුනේවේද, එකල්හි ඇතිරිය කෙරේද එහි අනාපත්තියයි දෙවන පදයෙහිද යම්කලෙක අතිරෙක ෂඩ්වර්‍ෂයෙක් වේද, එකල්හි කෙරේයයි මෙය අර්‍ත්‍ථ දතයුතුය. හෙතෙමේ ෂඩ්වසය තුළ නොකෙරේයයි දතයුතුය. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීනි කොසියසික‍්ඛාපදසදිසානෙවාති.

සමුත්‍ථානාදීහු කොසිය ශික්‍ෂාපදය සමානම වෙත්.

ඡබ‍්බස‍්සසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ඡබ්බස්ස ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

නිසීදනසන්‍ථතසික‍්ඛාපදවණ‍්ණනා

නිසීදනසන්‍ථත ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති නිසීදනසන්‍ථතසික‍්ඛාපදං. තත්‍ථ ඉච‍්ඡාමහං භික‍්ඛවෙති භගවා කිර තං තෙමාසං න කිඤ‍්චි බොධනෙය්‍යසත‍්තං අද‍්දස, තස‍්මා එවමාහ. එවං සන‍්තෙපි තන‍්තිවසෙන ධම‍්මදෙසනා කත‍්තබ‍්බා සියා. යස‍්මා පනස‍්ස එතදහොසි – “මයි ඔකාසං කාරෙත්‍වා පටිසල‍්ලීනෙ භික‍්ඛූ අධම‍්මිකං කතිකවත‍්තං කරිස‍්සන‍්ති, තං උපසෙනො භින්‍දිස‍්සති. අහං තස‍්ස පසීදිත්‍වා භික‍්ඛූනං දස‍්සනං අනුජානිස‍්සාමි, තතො මං පස‍්සිතුකාමා බහූ භික‍්ඛූ ධුතඞ‍්ගානි සමාදියිස‍්සන‍්ති, අහඤ‍්ච තෙහි උජ‍්ඣිතසන්‍ථතපච‍්චයා සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සාමී”ති, තස‍්මා එවමාහ. එවං බහූනි හි එත්‍ථ ආනිසංසානීති.

“තෙන සමයෙන”යි නිසීදනසන්‍ථන ශික්‍ෂාපදයයි එහි “ඉච්ඡාමහං භික්‍ඛවෙ” භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් විවෙකයට පැමිණ ඒ තෙමස මුළුල්ලෙහි කිසි අවබෝධ කළ හැකි සත්ත්‍වයකු නොදුටුසේක. එහෙයින් මෙසේ වදාළ සේක. මෙසේ ඇති කල්හිදු පාළි විසින් ධර්‍මදේශනා කටයුතු වන්නීය. යම්හෙයකින් මේ භාග්‍යවතුන් වහන්සේහට ‘මා අවකාශ කරවා චිත්තවිවෙකයෙන් යුක්ත කල්හි භික්‍ෂූහු අධාර්මික කතිකාවතක් කරන්නාහ. එය උපසෙන තෙමේ බිදින්නේය. මම ඔහුට පැහැද භික්‍ෂූන්ගේ දැකීම අනුදන්නෙමි, එයින් මා දක්නා කැමැති බොහෝ භික්‍ෂූහු ධුතාඞ්ග සමාදන් වන්නාහ. මමද ඒ භික්‍ෂූන් තැන තැන දැමු නිසීදන සන්‍ථතය කරුණු කොට ශික්‍ෂාපදය පණවන්නෙමි. මෙබඳු සිතෙක් වූයේද, එහෙයින් ‘එවං බහූනිහි එත්‍ථ ආනිසංසානි’යි මෙසේ වදාළ සේක.

සපරිසො යෙන භගවා තෙනුපසඞ‍්කමීති ථෙරො කිර “න, භික‍්ඛවෙ, ඌනදසවස‍්සෙන උපසම‍්පාදෙතබ‍්බො, යො උපසම‍්පාදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (මහාව· 75) ඉමස‍්මිං ඛන්‍ධකසික‍්ඛාපදෙ “කථඤ‍්හි නාම ත්‍වං මොඝපුරිස අඤ‍්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ‍්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ‍්ඤිස‍්සසී”ති එවමාදිනා නයෙන ගරහං ලභිත්‍වා “සත්‍ථා මය‍්හං පරිසං නිස‍්සාය ගරහං අදාසි, සො දානාහං භගවන‍්තං තෙනෙව පුණ‍්ණචන්‍දසස‍්සිරීකෙන සබ‍්බාකාරපරිපුණ‍්ණෙන මුඛෙන බ්‍රහ‍්මඝොසං නිච‍්ඡාරෙත්‍වා පරිසංයෙව නිස‍්සාය සාධුකාරං දාපෙස‍්සාමී”ති සුහදයො කුලපුත‍්තො අතිරෙකයොජනසතං පටික‍්කමිත්‍වා පරිසං චිනිත්‍වා පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහි පරිවුතො පුන භගවන‍්තං උපසඞ‍්කමන‍්තො. තෙන වුත‍්තං – “සපරිසො යෙන භගවා තෙනුපසඞ‍්කමී”ති. න හි සක‍්කා බුද‍්ධානං අඤ‍්ඤථා ආරාධෙතුං අඤ‍්ඤත්‍ර වත‍්තසම‍්පත‍්තියා.

“සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි” උපසෙන වඞ්ගත්තපුත්‍ර ස්ථවිර තෙමේ වනාහි ‘න භික්‍ඛවෙ ඌනදසවස්සෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස’ යන මේ ඛන්‍දක ශික්‍ෂාපදයෙහි ‘කථං හි නාම ත්‍වං මොඝපුරිස අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සසි’ යන මේ ආදි නයින් ගැරහුම් ලබා ‘ශාස්තෘන් වහන්සේ මාගේ පිරිස නිසා ගර්‍හා කළ සේක. ඒ මම දැන් ඒ කරුණෙන්ම භාග්‍යවතුන් වහන්සේ ලවා පුන්සඳ මෙන් සශ්‍රීක වූ සර්‍වාකාර පරිපූර්‍ණ වූ ශ්‍රී මුඛයෙන් බමගොස් විසුරුවවා පිරිසම නිසා සාධුකාර දෙවන්නෙමි’යි මනාසිත් ඇති කුලපුත්‍ර තෙමේ යොදුන් සියයකින් වැඩිතැන නැවතී පිරිස හික්මවාගෙන පන්සියයක් පමණ භික්‍ෂූන් විසින් පිරිවරන ලදුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙනුයේ ‘සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි’යි එහෙයින් කියන ලදී. ව්‍රතසම්පත්තිය හැර අන් අයුරකින් බුදුවරයෝ සතුටු කරන්නට නොහැක්කාහ.

භගවතො අවිදූරෙ නිසින‍්නොති වත‍්තසම‍්පත‍්තියා පරිසුද‍්ධභාවෙන නිරාසඞ‍්කො සීහො විය කඤ‍්චනපබ‍්බතස‍්ස භගවතො අවිදූරෙ නිසින‍්නො. එතදවොචාති කථාසමුට‍්ඨාපනත්‍ථං එතං අවොච. මනාපානි තෙ භික‍්ඛු පංසුකූලානීති භික‍්ඛු තව ඉමානි පංසුකූලානි මනාපානි, අත‍්තනො රුචියා ඛන‍්තියා ගහිතානීති අත්‍ථො. න ඛො මෙ, භන‍්තෙ, මනාපානීති, භන‍්තෙ න මයා අත‍්තනො රුචියා ගහිතානි, ගලග‍්ගාහෙන විය මත්‍ථකතාළනෙන විය ච ගාහිතොම‍්හීති දස‍්සෙති.

“භගවතො අවිදුරෙ නිසින්නො” ව්‍රතසම්පත්තිය පිරිසිදු බැවින් කසුන්පව්වට සිංහයකු මෙන් නිසැකව භාගවතුන් වහන්සේට නොදුරු තැනෙක්හි හුන්නේය. “එතදවොච” කථාව උපදවනු පිණිස මේ වචනය වදාළ සේක. “මනාපානි තෙ භික්‍ඛු පංසුකුලානි” මහණ ‘තාගේ පංසුකූලයෝ මනාපයහ. තමාගේ රුචියෙන් කැමැත්තෙන් ගන්නා ලදහ යන අර්‍ත්‍ථයි. “න ඛො මෙ භන්තෙ මනාපානි” යනු ස්වාමීනි, ‘මා විසින් තමාගේ රුවියෙන් නොගන්නා ලදහ. ගලග්‍රාහයෙන් මෙන් මස්තකතාඞ්නයෙන් මෙන් ගන්නා ලද්දෙමියි දක්වයි.

පඤ‍්ඤායිස‍්සතීති පඤ‍්ඤාතො අභිඤ‍්ඤාතො භවිස‍්සති, තත්‍ථ සන්‍දිස‍්සිස‍්සතීති වුත‍්තං හොති. න මයං අපඤ‍්ඤත‍්තං පඤ‍්ඤපෙස‍්සාමාති මයං සාවකා නාම අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤපෙස‍්සාම, බුද‍්ධවිසයො හි එසො යදිදං “පාචිත‍්තියං දුක‍්කට”න‍්තිආදිනා නයෙන අපඤ‍්ඤත‍්තසික‍්ඛාපදපඤ‍්ඤපනං පඤ‍්ඤත‍්තසමුච‍්ඡින්‍දනං වා. සමාදායාති තං තං සික‍්ඛාපදං සමාදියිත්‍වා, “සාධු සුට‍්ඨූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා යථාපඤ‍්ඤත‍්තෙසු සබ‍්බසික‍්ඛාපදෙසු සික‍්ඛිස‍්සාමාති දස‍්සෙති. තස‍්ස ආරද‍්ධචිත‍්තො පුනපි “සාධු සාධූ”ති සාධුකාරමදාසි.

“පඤ්ඤයිස්සති” ප්‍රකටවූයේ, වෙසෙසින් ප්‍රසිද්ධ වූයේ වන්නේය. එහි දක්නා ලැබේයයි කියන ලද්දේ වේ. “න මයං අපඤ්ඤත්තං පඤ්ඤපෙස්සාමි” ශ්‍රාවක වූ අපි නම් නොපණවන ලද්දක් නොපණවන්නෙමු. යම් මේ පාචිත්තියය දුක්කටයයි ආදි නයින් නොපණවන ලද ශික්‍ෂාපද පැණවීම, පණවනද ශික්‍ෂාපද සමූහනය යන මෙය බුද්ධවිසයම වේ. “සමාදාය” ඒ ශික්‍ෂාපදය සමාදන්ව ‘සාධු සුට්ඨු’යි පිළිගෙණ පැණවූ පරිදි සියලු ශිකෂාපදයන්හි හික්මෙන්නෙමු’යි දක්වාලන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු විසින් සතුටු කළ සිත් ඇති සේක් නැවැතද යහපත, යහපතැයි සාධුකාර දුන් සේක.

අනුඤ‍්ඤාතාවුසොති අනුඤ‍්ඤාතං, ආවුසො. පිහෙන‍්තාති පිහයන‍්තා. සන්‍ථතානි උජ‍්ඣිත්‍වාති සන්‍ථතෙ චතුත්‍ථචීවරසඤ‍්ඤිතාය සබ‍්බසන්‍ථතානි උජ‍්ඣිත්‍වා. ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසීති භගවා සන්‍ථතානි විප‍්පකිණ‍්ණානි දිස‍්වා “සද‍්ධාදෙය්‍යවිනිපාතනෙ කාරණං නත්‍ථි, පරිභොගුපායං නෙසං දස‍්සෙස‍්සාමී”ති ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

“අනුඤ්ඤතාවුසො”යි ඇවැත අනුදන්නා ලද්දේය. “පිහෙන්තා” පතන්නාහු “සන්‍ථනාති උජ්ඣිත්‍වා” යනු ඇතිරියෙහි චතුර්‍ත්‍ථ චීවරය යන සංඥා ඇති බැවින් සියලු ආස්තරණ උදුරා “ධම්මං කථං කත්‍වා භික්‍ඛූ ආමන්තෙසි” භාග්‍යවතුන් වහන්සේ විසුරුණු ආස්තරණ දැක ශ්‍රද්ධාවෙන් දෙන ලද්දහුගේ විනිපතනයෙහි කාරණයෙක් නැත්තේය. පරිභොගුපායය ඔවුන්ට දක්වන්නෙමි’යි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමැතූ සේක.

සකිං නිවත්‍ථම‍්පි සකිං පාරුතම‍්පීති සකිං නිසින‍්නඤ‍්චෙව නිපන‍්නඤ‍්ච. සාමන‍්තාති එකපස‍්සතො වට‍්ටං වා චතුරස‍්සං වා ඡින්‍දිත්‍වා ගහිතට‍්ඨානං යථා විදත්‍ථිමත‍්තං හොති, එවං ගහෙතබ‍්බං, සන්‍ථරන‍්තෙන පන පාළියං වුත‍්තනයෙනෙව එකදෙසෙ වා සන්‍ථරිතබ‍්බං, විජටෙත්‍වා වා මිස‍්සකං කත්‍වා සන්‍ථරිතබ‍්බං, එවං ථිරතරං හොතීති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“සකිං නිවත්‍ථම්පි සකිං පාරුතම්පි” වරක් හුන්නකුද වරක් හොත්තකුද “සමන්තා” එක් පසකින් වටයක් හෝ සිවුරැසක් හෝ සිඳහැර ගත් තැන යම්සේ වියතක් පමණවේද, එසේ ගතයුතුය. අතුරන්නහු විසින් වනාහි පෙළෙහි කියූ නයින්ම එක් දෙසක හෝ ඇතිරිය යුතුය. අවුල් හැර හෝ මිශ්‍රකොට හෝ ඇතිරිය යුතුය. මෙසේ කල්හි ස්ථිරතර වේ. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීනි කිරියාකිරියත‍්තා ඉමස‍්ස සික‍්ඛාපදස‍්ස ද‍්වෙභාගසික‍්ඛාපදසදිසානීති.

මේ ශික්‍ෂාපදයාගේ සමුත්‍ථානාදීහු ක්‍රියාක්‍රිය බැවින් ද්වභාග ශික්‍ෂාපදය සමානවෙත්.

ඉමෙසු පන පඤ‍්චසු සන්‍ථතෙසු පුරිමානි තීණි විනයකම‍්මං කත්‍වා පටිලභිත්‍වා පරිභුඤ‍්ජිතුං න වට‍්ටන‍්ති, පච‍්ඡිමානි ද‍්වෙ වට‍්ටන‍්තීති වෙදිතබ‍්බානීති.

(මේ පස්වැදෑරුම් ආස්තරණයන් අතුරෙහි පළමු තුන විනයකර්‍ම කොට පිළිලැබ පරිභොග කිරීම නොවටියි. පසුදෙක වටීයයි දතයුතුය.)

නිසීදනසන්‍ථතසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

නිසීදනසන්‍ථත ශික්‍ෂාපදවර්‍ණනාව නිමි

එළකලොමසික‍්ඛාපදවණ‍්ණනා

එළකලෝම ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති එළකලොමසික‍්ඛාපදං. තත්‍ථ උප‍්පණ‍්ඩෙසුන‍්ති “කිත‍්තකෙන, භන‍්තෙ, කීතානී”තිආදීනි වදන‍්තා අවහසිංසු. ඨිතකොව ආසුම‍්භීති යථා මනුස‍්සා අරඤ‍්ඤතො මහන‍්තං දාරුභාරං ආනෙත්‍වා කිලන‍්තා ඨිතකාව පාතෙන‍්ති, එවං පාතෙසීති අත්‍ථො.

“තෙන සමයෙන” එළකලොම ශික්‍ෂාපදයයි. එහි “උප්පණ්ඩෙසුං” යනු ස්වාමීනි, කොපමණකින් මිලදී ගන්නා ලද්දාහුදැ’යි යනාදිය කියමින් අපහාස කළාහුය. “ඨිතකොච ආසුම්හි”යි මිනිස්සු වනයෙන් මහත් දැවබරක් ගෙණවුත් වෙහෙසට පත්වූවාහු සිටියාහුම යම්සේ හෙලත්ද, එසේ හෙලූයේය යන අර්‍ත්‍ථයි.

සහත්‍ථාති සහත්‍ථෙන, අත‍්තනා හරිතබ‍්බානීති වුත‍්තං හොති. බහිතියොජනං පාතෙතීති තියොජනතො බහි පාතෙති. අනන‍්තරායෙන පතනකෙ හත්‍ථතො මුත‍්තමත‍්තෙ ලොමගණනාය නිස‍්සග‍්ගියපාචිත‍්තියානි. සචෙ බහිතියොජනෙ රුක‍්ඛෙ වා ථම‍්භෙ වා පටිහඤ‍්ඤිත්‍වා පුන අන‍්තො පතන‍්ති, අනාපත‍්ති . භූමියං පතිත්‍වා ඨත්‍වා ඨත්‍වා වට‍්ටමානා එළකලොමභණ‍්ඩිකා පුන අන‍්තො පවිසති, ආපත‍්තියෙව. අන‍්තො ඨත්‍වා හත්‍ථෙන වා පාදෙන වා යට‍්ඨියා වා වට‍්ටෙති ඨත්‍වා වා අඨත්‍වා වා වට‍්ටමානා භණ‍්ඩිකා ගච‍්ඡතු, ආපත‍්තියෙව. “අඤ‍්ඤො හරිස‍්සතී”ති ඨපෙති, තෙන හරිතෙපි ආපත‍්තියෙව. සුද‍්ධචිත‍්තෙන ඨපිතං වාතො වා අඤ‍්ඤො වා අත‍්තනො ධම‍්මතාය බහි පාතෙති, ආපත‍්තියෙව. සඋස‍්සාහත‍්තා අචිත‍්තකත‍්තා ච සික‍්ඛාපදස‍්ස. කුරුන්‍දියාදීසු පන “එත්‍ථ අනාපත‍්තී”ති වුත‍්තා, සා අනාපත‍්ති පාළියා න සමෙති. උභතොභණ‍්ඩිකං එකාබද‍්ධං කත්‍වා එකං භණ‍්ඩිකං අන‍්තොසීමාය එකං බහිසීමාය කරොන‍්තො ඨපෙති, රක‍්ඛති තාව. එකාබද‍්ධෙ කාජෙපි එසෙව නයො. යදි පන අබන්‍ධිත්‍වා කාජකොටියං ඨපිතමත‍්තමෙව හොති, න රක‍්ඛති. එකාබද‍්ධෙපි පරිවත‍්තෙත්‍වා ඨපිතෙ ආපත‍්තියෙව.

“සහත්‍ථා” සිය අතින් තමා විසින් ගෙන යායුත්තාහයි කියන ලද්දේ වේ. “බහි නියොජනං පාතෙති” තුන් යොදුනකින් පිටත පහලයි. අනතුරක් නැතිව වැටෙන එළුලොම් අතින් මිදුනු ඇසිල්ලෙහි ලොම් ගණනින් නිස්සග්ගිය පාචිත්තීහු වෙත්, ඉදින් තුන් යොදුනකින් පිටත රුකෙක හෝ ටැඹක හෝ වැදී නැවත ඇතුළත වැටෙත්ද, ඇවැත් නොවේ. බිම වැටී සිට සිට පෙරළෙන්නාවූ එළුලොම් පොදිය නැවැත ඇතුළතට වදීද, ඇවැත්මය. ඇතුළත සිට අතින් හෝ පයින් හෝ යටියෙන් හෝ පෙරළාද සිට හෝ නොසිට හෝ පෙරළෙන පොදිය යේවා, ඇවැත්වේමය. අනිකෙක් ගෙන යන්නේයයි තබාද, ඔහු විසින් ගෙනගිය කල්හිද ඇවැත් වේමය. පිරිසිදු සිතින් තබන ලද්දක් වාතය හෝ අනිකෙක් හෝ තමාගේ ධර්‍මතාවෙන් පිටත හෙලාද ඇවැත් වේමය. එසේ වනුයේ තුන් යොදුන ඉක්මවීමෙහි උත්සාහසහිත බැවින් හා ශික්‍ෂාපදය අචිත්තක බැවිනි කුරුන්‍දි ආදියෙහි වනාහි මෙහි අනාපත්තියි කියන ලදි. ඒ අනාපත්ති තොමෝ පෙළහා සම නොවේ. යුගවිසින් බැඳි පොදියක් ඒකාබද්ධ කොට එක් පොදියක් සීමා තුළ එක් පොදියක් සීමාවෙන් පිටත කරමින් තබාද ඒතාක් රැකේ. එකාබද්ධ කදෙහිද මේ නයමවේ. ඉදින් නොබැඳ කදෙහි කෙළවර තැබූ මාත්‍රයක්ම වේද, නොරැකේ. එකාබද්ධයද පෙරළා තැබූ කල්හි ඇවැත්වේමය.

අඤ‍්ඤස‍්ස යානෙ වාති එත්‍ථ ගච‍්ඡන‍්තෙ යානෙ වා හත්‍ථිපිට‍්ඨිආදීසු වා සාමිකස‍්ස අජානන‍්තස‍්සෙව හරිස‍්සතීති ඨපෙති, තස‍්මිං තියොජනං අතික‍්කන‍්තෙ ආපත‍්ති. අගච‍්ඡන‍්තෙපි එසෙව නයො. සචෙ පන අගච‍්ඡන‍්තෙ යානෙ වා හත්‍ථිපිට‍්ඨියාදීසු වා ඨපෙත්‍වා අභිරුහිත්‍වා සාරෙති, හෙට‍්ඨා වා ගච‍්ඡන‍්තො චොදෙති, පක‍්කොසන‍්තො වා අනුබන්‍ධාපෙති, “අඤ‍්ඤං හරාපෙතී”ති වචනතො අනාපත‍්ති. කුරුන්‍දියාදීසු පන “ආපත‍්තී”ති වුත‍්තං, තං “අඤ‍්ඤං හරාපෙතී”ති ඉමිනා න සමෙති. අදින‍්නාදානෙ පන සුඞ‍්කඝාතෙ ආපත‍්ති හොති. යා හි තත්‍ථ ආපත‍්ති, සා ඉධ අනාපත‍්ති. යා ඉධ ආපත‍්ති, සා තත්‍ථ අනාපත‍්ති. තං ඨානං පත්‍වා අඤ‍්ඤවිහිතො වා චොරාදීහි වා උපද‍්දුතො ගච‍්ඡති, ආපත‍්තියෙව. සබ‍්බත්‍ථ ලොමගණනාය ආපත‍්තිපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො.

“අඤ්ඤස්ස යානෙ වා” මෙහි ගමන්ගත් යානාවක හෝ ඇතුපිට ආදියෙහි හෝ හිමියා නොදනිත්ම ගෙන යන්නේයයි තබාද ඒ එළු ලොම් තුන් යොදුන ඉක්මවූ කල්හි ඇවැත් වේ. එන කල්හිදු මෙම නයවේ. ගමන් නවතා සිටි යානාවක හෝ ඇතුපිට ආදියෙහි හෝ තබා නැගී ගමන් කරවාද, බිමින් හෝ යන්නේ මෙහෙයාද, කැඳවමින් හෝ ලුහුබඳවාද, අනිකකු ලවා ගෙණ යවාදැ’යි කී බැවින් ඇවැත් නොවේ. කුරුන්‍දි ආදියෙහි වනාහි ඇවැතැයි කියනලදී. ඒ කීම ‘අනිකකුලවා ගෙණ යවාද, යන මෙය හා සම නොවේ. අදින්නාදානයෙහි වනාහි සුඛ්කඝාතස්ථානයෙහිලා ඇවැත් වේ. එහි යම් ඇවැතක්වේද, මේ ශික්‍ෂාපදයෙහි ඕ ඇවැත් නොවේ. මෙහි යම් ඇවැතක් වේද, ඕ එහි ඇවැත් නොවේ. ඒ සුඞ්කඝාතස්ථානයට පැමිණ අන්‍යවිහිතවූයේ හෝ සොරු ආදීන් විසින් උවදුරු කරන ලදුයේ හෝ යේද ඇවැත්මය. හැම තන්හි ලොම් ගණනින් ආපත්තිපරිච්ඡෙදය දතයුතුය.

තියොජනං වාසාධිප‍්පායො ගන‍්ත්‍වා තතො පරං හරතීති යත්‍ථ ගතො, තත්‍ථ උද‍්දෙසපරිපුච‍්ඡාදීනං වා පච‍්චයාදීනං වා අලාභෙන තතො පරං අඤ‍්ඤත්‍ථ ගච‍්ඡති, තතොපි අඤ‍්ඤත්‍ථාති එවං යොජනසතම‍්පි හරන‍්තස‍්ස අනාපත‍්ති. අච‍්ඡින‍්නං පටිලභිත්‍වාති චොරා අච‍්ඡින්‍දිත්‍වා නිරත්‍ථකභාවං ඤත්‍වා පටිදෙන‍්ති, තං හරන‍්තස‍්ස අනාපත‍්ති. නිස‍්සට‍්ඨං පටිලභිත්‍වාති විනයකම‍්මකතං පටිලභිත්‍වාති අත්‍ථො.

“වාසාධිප්පායො ගනත්‍වා තතො පරං හරති”යි විසයැටිවූයේ ගොස් ඉන් මත්තෙහි ගෙණයේ නම්, යම් තැනෙක ගියේවේද, එහි උදෙසීම් පිළිවිසීම් ආදිය හෝ ප්‍රත්‍යයයන් හෝ නොලැබීමෙන් එයින් මතුවෙහි අන් තැනක යේද එතැනින් අන් තැනකැයි මෙසේ යොදුන් සියයකුදු ගෙනයන්නහුට ඇවැත් නොවේ. “අච්ඡින්නං පටිලභිත්‍වා” සොරු පැහැරගෙණ නිරර්‍ත්‍ථකභාවය දැන නැවත දෙත්ද, ඒ ලොම් ගෙනයන්නහුට ඇවැත් නොවේ. “නිස්සට්ඨං පටලභිත්‍වා” විනයකර්‍ම කරන ලද්දක් පිළිලැබ, යන අර්‍ත්‍ථයි.

කතභණ‍්ඩන‍්ති කතංභණ‍්ඩං කම‍්බලකොජවසන්‍ථතාදිං යං කිඤ‍්චි අන‍්තමසො සුත‍්තකෙන බද‍්ධමත‍්තම‍්පි. යො පන තනුකපත‍්තත්‍ථවිකන‍්තරෙ වා ආයොගඅංසබද‍්ධකකායබන්‍ධනාදීනං අන‍්තරෙසු වා පිප‍්ඵලිකාදීනං මලරක‍්ඛණත්‍ථං සිපාටිකාය වා අන‍්තමසො වාතාබාධිකො කණ‍්ණච‍්ඡිද‍්දෙපි ලොමානි පක‍්ඛිපිත්‍වා ගච‍්ඡති, ආපත‍්තියෙව. සුත‍්තකෙන පන බන්‍ධිත්‍වා පක‍්ඛිත‍්තං කතභණ‍්ඩට‍්ඨානෙ තිට‍්ඨති, වෙණිං කත්‍වා හරති, ඉදං නිධානමුඛං නාම, ආපත‍්තියෙවාති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“කටභණ්ඩං” කම්බිලි කොඳුපලස් ඇතිරී ආදී වූ යම්කිසි කරන ලද භාණ්ඩයක් යටත් පිරිසෙයින් හුයින් බැදි පමණ ඇත්තක් හෝ වේද එහිද ඇවැත් නොවේ. යම් මහණෙක් තෙමේ තුනීවූ පාපසුම්බි අතුරෙහි හෝ එල්බගන්නා රෙදිපටි අස්වැටි කාබාන් ආදීන් අතුරෙහි හෝ කතුරුයට ආදියෙහි මලරකිනු පිණිස කතුරු කොසයෙහි හෝ යටත් පිරිසයින් වාතාබාධ ඇත්තෙක් කන් සිදුරෙහිද ලොම් බහායිද ඇවැත්මය. හුයින් බැද බහන ලද්ද කෘතභාණ්ඩස්ථානයෙහි සිටියි. වැටි කොට ගෙණයේද, මේ නිදානමුඛ නම. කළභාණ්ඩ සඞ්ඛ්‍යාවටයේ. ඇවැත් වේමය. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීසු ඉදං එළකලොමසමුට‍්ඨානං නාම, කායතො ච කායචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය එළකලොමසමුත්‍ථාහිකය. කයින්ද, කායචිත්තයෙන්ද උපදී. ක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකයි. ප්‍රඥප්තිවද්‍යයි. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

එළකලොමසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

එළකලොම ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

එළකලොමධොවාපනසික‍්ඛාපදවණ‍්ණනා

එළකලෝමධොවාපන ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති එළකලොමධොවාපනසික‍්ඛාපදං. තත්‍ථ රිඤ‍්චන‍්තීති උජ‍්ඣන‍්ති විස‍්සජ‍්ජෙන‍්ති, න සක‍්කොන‍්ති අනුයුඤ‍්ජිතුන‍්ති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ පුරාණචීවරසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව සද‍්ධිං සමුට‍්ඨානාදීහීති.

“තෙන සමයෙන”යි එළකලොම ධොවාපන ශික්‍ෂාපදයයි. එහි “රිඤ්චන්ති” හරිත්. බැහැර කෙරෙත්. විචාරන්නට නොහැකිවෙත්යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස සමුත්‍ථානාදිය සමග පුරාණචීවර ශික්‍ෂාපදයෙහි කියූ නය ඇත්තේමය.

එළකලොමධොවාපනසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

එළකලොම ධොවාපනශික්‍ෂාපදවර්‍ණනාව නිමි.