රූපියසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
රූපියසික්ඛාපදවණ්ණනා
රූපිය ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති රූපියසික්ඛාපදං. තත්ථ පටිවිසොති කොට්ඨාසො.
“තෙන සමයෙන”යි රූපිය ශික්‍ෂාපදයයි. එහි “පටිවිංසො” යනු කොටසයි.
ජාතරූපරජතන්ති එත්ථ ජාතරූපන්ති සුවණ්ණස්ස නාමං. තං පන යස්මා තථාගතස්ස වණ්ණසදිසං හොති, තස්මා “සත්ථුවණ්ණො වුච්චතී”ති පදභාජනෙ වුත්තං. තස්සත්ථො – “යො සත්ථුවණ්ණො ලොහවිසෙසො, ඉදං ජාතරූපං නාමා”ති රජතං පන “සඞ්ඛො, සිලා, පවාල, රජතං, ජාතරූප”න්තිආදීසු (පාචි· 506) රූපියං වුත්තං. ඉධ පන යං කිඤ්චි වොහාරගමනීයං කහාපණාදි අධිප්පෙතං. තෙනෙවස්ස පදභාජනෙ “කහාපණො ලොහමාසකො”තිආදි වුත්තං. තත්ථ කහාපණොති සොවණ්ණමයො වා රූපියමයො වා පාකතිකො වා. ලොහමාසකොති තම්බලොහාදීහි කතමාසකො. දාරුමාසකොති සාරදාරුනා වා වෙළුපෙසිකාය වා අන්තමසො තාලපණ්ණෙනාපි රූපං ඡින්දිත්වා කතමාසකො. ජතුමාසකොති ලාඛාය වා නිය්යාසෙන වා රූපං සමුට්ඨාපෙත්වා කතමාසකො. “යෙ වොහාරං ගච්ඡන්තී”ති ඉමිනා පන පදෙන යො යො යත්ථ යත්ථ ජනපදෙ යදා යදා වොහාරං ගච්ඡති, අන්තමසො අට්ඨිමයොපි චම්මමයොපි රුක්ඛඵලබීජමයොපි සමුට්ඨාපිතරූපොපි අසමුට්ඨාපිතරූපොපි සබ්බො සඞ්ගහිතො.
“ජාතරූපරජතං” එහි ‘ජාතරූපරජතං’ යනු ස්වර්ණයට නමෙකි. යම්හෙයකින් එය තථාගතයන් වහන්සේගේ පැහැය සමානවේද? එහෙයින් “සත්ථුවණ්ණො වුච්චති”යි පදභාජනයෙහි වදාරන ලද්දේය. ශාස්තෘවර්ණය වැනි වර්ණය ඇති යම් ලොහ විශේෂයෙක්වේද, මේ ලොහය ජාතරූප නම. රජතය වනාහි සක් මැසිරිගල් පබළු, රිදී, රත්රන් යනාදිතන්හි රීදීයයි කියන ලදී. මෙහි වනාහි ව්‍යවහාරයට යායුතු වූ කහවණු ආදී යම්කිසිවක් අදහස් කරන ලදී. එහෙයින්ම මෙයට පදභාජනයෙහි “කහාපණො ලොහමාසකො” යනාදිය වදාරන ලදී. එහි “කහාපණො” රන්මුවා කහවණු හෝ රිදීමුවා කහවණු හෝ පියවි කහවණු හෝය. “ලොහමාසකො” තඹලෝ ආදියෙන් කළ මස්සය. “දාරුමාසකො” හරදැවයෙන් හෝ හුණපතුරෙන් හෝ යටත් පිරිසයින් තල්පතෙක්හිදු රුවක් සිඳ කරන ලද මස්සය. “ජතුමාසකො” ලාකඩින් හෝ මැලියමින් හෝ රුවක් නගා කරනලද මස්සය. “යෙ වොහාරං ගච්ඡන්ති” මේ පදයෙන් යමෙක් යමෙක් යම් ජනපදයෙක්හි යම් යම් කාලයෙක්හි ගණුදෙනුවට යේද, ඒය. යටත්පිරිසෙයින් ඇටවලින් කරන ලද්දාවූද, සම්වලින් කරන ලද්දාවූද, සියඹලා ආදීවූ වෘක්ෂයන්ගේ එලබිජුවටින් කරන ලද්දාවූද නැගු රූප ඇත්තාවූද නොනැගු රූප ඇත්තාවූද සියල්ලද මෙහි සඞ්ග්‍රහ කරන ලද්දේය.
ඉච්චෙතං සබ්බම්පි රජතං ජාතරූපං ජාතරූපමාසකො, වුත්තප්පභෙදො සබ්බොපි රජතමාසකොති චතුබ්බිධං නිස්සග්ගියවත්ථු හොති. මුත්තා, මණි, වෙළුරියො, සඞ්ඛො, සිලා, පවාල, ලොහිතඞ්කො, මසාරගල්ලං, සත්ත ධඤ්ඤානි, දාසිදාසඛෙත්තවත්ථුපුප්ඵාරාමඵලාරාමාදයොති ඉදං දුක්කටවත්ථු. සුත්තං ඵාලො පටකො කප්පාසො අනෙකප්පකාරං අපරණ්ණං සප්පිනවනීතතෙලමධුඵාණිතාදිභෙසජ්ජඤ්ච ඉදං කප්පියවත්ථු. තත්ථ නිස්සග්ගියවත්ථුං අත්තනො වා සඞ්ඝගණපුග්ගලචෙතියානං වා අත්ථාය සම්පටිච්ඡිතුං න වට්ටති. අත්තනො අත්ථාය සම්පටිච්ඡතො නිස්සග්ගියං පාචිත්තියං හොති, සෙසානං අත්ථාය දුක්කටං. දුක්කටවත්ථුං සබ්බෙසම්පි අත්ථාය සම්පටිච්ඡතො දුක්කටමෙව. කප්පියවත්ථුම්හි අනාපත්ති. සබ්බම්පි නික්ඛිපනත්ථාය භණ්ඩාගාරිකසීසෙන සම්පටිච්ඡතො උපරි රතනසික්ඛාපදෙ ආගතවසෙන පාචිත්තියං.
මෙසේ රජත ජාතරූප ජාතරූපමාසක යන මේ සියල්ලද කියූ භෙද ඇති රජකමාසකය යන සියල්ලද සිවුවැදෑරුම්වූ නිස්සග්ගිය වත්ථු වේ මුතු, මැණික් සක් සිලා පබළු, පියුම්රාමිණි, මැසිරිගල්, සප්තවිධධාන්ය, දැසිදස් කෙත්වත් මල්වතු ගෙඩිවතු යනාදීහු දුක්කටවත්ථූහුය. හූ හීවැල පිළී කපුද, නන්වැදෑරුම් වූ අපරණ්ය (විවිධ ධාන්‍ය වර්ග) ගිතෙල්, වෙඬරු, තෙල්, මී, සකුරු ආදී බෙහෙත්ද කප්පියවත්ථුය. එහි නිස්සග්ගියවස්තු තමාට ප්‍රයෝජනය පිණිස හේ සඞ්ඝ ගණ පුද්ගල චෛත්‍ය යන මොවුන්ට ප්‍රයෝජන පිණිස හෝ පිළිගන්නට නොවටියි. තමන්ගේ ප්‍රයෝජනය පිණිස පිළිගන්නහුට නිස්සග්ගියපාචිත්තිය වේ. සෙස්සන්ගේ ප්‍රයෝජනය පිණිස දුක්කටවස්තු පිළිගන්නහුට දුක්කටයම වේ. කප්පියවස්තු පිළිගැනීම නිමිතිකොට ඇවැත් නොවේ. තැත්පත් කොට තබනු පිණිස භාණ්ඩාගාරික ශීර්ෂයෙන් සියල්ලද පිළිගන්නහුට මත්තෙහි රතනශික්ෂාපදයෙහි ආලෙසින් පාචිත්තිය වේ.
උග්ගණ්හෙය්යාති ගණ්හෙය්ය. යස්මා පන ගණ්හන්තො ආපත්තිං ආපජ්ජති, තෙනස්ස පදභාජනෙ “සයං ගණ්හාති නිස්සග්ගියං පාචිත්තිය”න්ති වුත්තං. එස නයො සෙසපදෙසුපි.
“උග්ගණ්හෙය්ය”යි ගන්නේය. යම්හෙයකින් වනාහි ගන්නේ ඇවැතට පැමිණේද එහෙයින් මේ පදය පිළිබඳ පදභාජනයෙහි “සයං ගණ්හාති නිස්සග්ගියං පාචිත්තියං”යි වදාරන ලදී. සෙසු පදයන්හි ද මේ නයවේ.
තත්ථ ජාතරූපරජතභණ්ඩෙසු කහාපණමාසකෙසු ච එකං ගණ්හතො වා ගණ්හාපයතො වා එකා ආපත්ති. සහස්සං චෙපි එකතො ගණ්හාති, ගණ්හාපෙති, වත්ථුගණනාය ආපත්තියො. මහාපච්චරියං පන කුරුන්දියඤ්ච සිථිලබද්ධාය ථවිකාය සිථිලපූරිතෙ වා භාජනෙ රූපගණනාය ආපත්ති. ඝනබද්ධෙ පන ඝනපූරිතෙ වා එකාව ආපත්තීති වුත්තං.
එහි රන්රිදී බඩු අතුරෙහිද කහවණු මසු අතුරෙහිද එකක් ගන්නහුටද ගන්වන්නහුටද එක් ඇවැතක් වේ. දහසක් නමුදු එකට ගණීද, ගන්වාද වස්තු ගණනින් ඇවැත් වේ. මහාපච්චරියෙහිද කුරුන්දියෙහිද ලිහිල්කොට බඳනාලද පසුම්බියෙහිද ලිහිල්කොට පුරවනලද බඳුනෙහිද රූ ගණනින් ඇවැත් වේ. ඝනකොට බඳින ලද්දෙහිද ඝනකොට පුරවන ලද්දෙහිද, පසුම්බි බඳුන් නිමිතිකොට එක්ම ඇවැතක් වේයයි කියනලදී.
උපනික්ඛිත්තසාදියනෙ පන “ඉදං අය්යස්ස හොතූ”ති වුත්තෙ සචෙපි චිත්තෙන සාදියති, ගණ්හිතුකාමො හොති, කායෙන වා වාචාය වා “නයිදං කප්පතී”ති පටික්ඛිපති, අනාපත්ති. කායවාචාහි වා අප්පටික්ඛිපිත්වාපි සුද්ධචිත්තො හුත්වා “නයිදං අම්හාකං කප්පතී”ති න සාදියති, අනාපත්තියෙව. තීසු ද්වාරෙසු හි යෙන කෙනචි පටික්ඛිත්තං පටික්ඛිත්තමෙව හොති. සචෙ පන කායවාචාහි අප්පටික්ඛිපිත්වා චිත්තෙන අධිවාසෙති, කායවාචාහි කත්තබ්බස්ස පටික්ඛෙපස්ස අකරණතො අකිරියසමුට්ඨානං කායද්වාරෙ ච වචීද්වාරෙ ච ආපත්තිං ආපජ්ජති, මනොද්වාරෙ පන ආපත්ති නාම නත්ථි.
වෙත තැබූවක් ඉවසීමෙහි ‘මේ මසු කහවණු ආර්ය්යාහට වේවායි කීකල්හි සිතින් ඉවසා නම් ගණු කැමැත්තේ වේනම් කයින් හෝ වචනයෙන් හෝ මේ මසු කහවණු කැප නොවේයයි ප්රතික්ෂෙප කෙරේනම් ඇවැත් නොවේ. කය වචන දෙකින් හෝ ප්රතික්ෂෙප නොකොටද පිරිසිදු සිත් ඇතිව මේ මසු කහවණු අපට කැප නොවේයයි නොඉවසා නම් ඇවැත් නොවේමය. තුන් දොරින් වනාහි යම්කිසි දොරකින් ප්රතික්ෂෙප කරන ලද්ද ප්රතික්ෂෙප කරන ලද්දේම වේ. ඉදින් කය වචන දෙකින් ප්රතික්ෂෙප නොකොට සිතින් ඉවසාද, කය වචන දෙකින් කටයුතු ප්රතික්ෂෙපය නොකරන බැවින් අක්රියසමුත්ථාන වේ. කායද්වාරයෙහි හා වාග්ද්වාරයෙහිද ඇවැතට පැමිණේ. මනොද්වාරයෙහි නම් ඇවැතක් නැත්තේය.
එකො සතං වා සහස්සං වා පාදමූලෙ ඨපෙති “තුය්හිදං හොතූ”ති, භික්ඛූ “නයිදං කප්පතී”ති පටික්ඛිපති, උපාසකො පරිච්චත්තං මයා තුම්හාකන්ති ගතො, අඤ්ඤො තත්ථ ආගන්ත්වා පුච්ඡති – “කිං, භන්තෙ, ඉද”න්ති? යං තෙන අත්තනා ච වුත්තං, තං ආචික්ඛිතබ්බං. සො චෙ වදති – “ගොපයිස්සාමි, භන්තෙ, ගුත්තට්ඨානං දස්සෙථා”ති, සත්තභූමිකම්පි පාසාදං අභිරුහිත්වා “ඉදං ගුත්තට්ඨාන”න්ති ආචික්ඛිතබ්බං, “ඉධ නික්ඛිපාහී”ති න වත්තබ්බං. එත්තාවතා කප්පියඤ්ච අකප්පියඤ්ච නිස්සාය ඨිතං හොති. ද්වාරං පිදහිත්වා රක්ඛන්තෙන වසිතබ්බං. සචෙ කිඤ්චි වික්කායිකභණ්ඩං පත්තං වා චීවරං වා ආගච්ඡති, “ඉදං ගහෙස්සථ භන්තෙ”ති වුත්තෙ “උපාසක අත්ථි අම්හාකං ඉමිනා අත්ථො, වත්ථු ච එවරූපං නාම සංවිජ්ජති, කප්පියකාරකො නත්ථී”ති වත්තබ්බං. සචෙ සො වදති, “අහං කප්පියකාරකො භවිස්සාමි, ද්වාරං විවරිත්වා දෙථා”ති, ද්වාරං විවරිත්වා “ඉමස්මිං ඔකාසෙ ඨපිත”න්ති වත්තබ්බං, “ඉදං ගණ්හා”ති න වත්තබ්බං. එවම්පි කප්පියඤ්ච අකප්පියඤ්ච නිස්සාය ඨිතමෙව හොති, සො චෙ තං ගහෙත්වා තස්ස කප්පියභණ්ඩං දෙති, වට්ටති. සචෙ අධිකං ගණ්හාති, “න මයං තව භණ්ඩං ගණ්හාම, “නික්ඛමාහී”ති වත්තබ්බො.
එකෙක් මසු කහවණු සියයක් හෝ දහසක් හෝ ‘මෙය යුෂ්මත්හට වේවා’යි පාමුල තබාද මහණ තෙමේ මෙය කැප නොවේය’යි පහ කෙරේද, එකල්හි උපාසක තෙමේ ‘මා විසින් ඔබවහන්සේලාට පරිත්‍යාග කරන ලදැ’යි යේද, එවිට අනිකෙක් එහි අවුත් ‘ස්වාමීනි’ මේ කිමැ’යි විචාරාද ඔහු විසිනුත් තමා විසිනුත් යමක් කියන ලද්දේද, ඒ කියන ලද්ද කියයුතුය. ඉදින් හෙතෙමේ ‘ස්වාමීනි’ ආරක්ෂා කරන්නෙමු, රක්නා තැනක් දක්වනු මැනැවැයි කියාද, සත්මහල් පහයකට හෝ නැගී මේ රක්ෂාස්ථානයයි කියයුතුය. ‘මෙහි තබව’යි නොකිය යුතුය. මෙපමණකින් කැපයද අකැපයද නිසා සිටියේ වේ. (මනාවිචාරීමෙන් උපන් ප්‍රත්‍යය පරිභොගය කැපය නිසා සිටියේය. නොමනා විචාරීමෙන් උපන් ප්‍රත්‍යය පරිභොගය අකැපය නිසා සිටියේයයි දතයුතුය.) දොර පියා රකින්නහු විසින් විසිය යුතුය. ඉදින් විකිණිය යුතුවූ කිසි භාණ්ඩයක් පාත්‍රයක් හෝ සිවුරක් හෝ ගෙණ ඒද, ‘ස්වාමීනි’ මෙය ගණු මැනැවැ’යි කියූ කල්හි ‘උපාසක’ අපට මෙයින් ප්‍රයෝජන ඇත්තේය. මෙබඳු වස්තුවක්නම් ඇත්තේය. කැපකරුවෙක් නැත්තේය’යි කියයුතුය. ඉදින් හෙතෙමේ ‘මම කැපකරු වන්නෙමි’ දොර හැර දෙනු මැනැවැ’යි කියා නම් දොර ඇර ‘මේ අවකාශයෙහි තුබූයේය’යි කිය යුතුය. ‘මෙය ගණුව’යි නොකිය යුතුය. මෙසේද වූ කල්හි කැපයද අකැපයද නිසා සිටියේම වේ. හෙතෙමේ එය ගෙණ ඒ මහණහුට කැප බඩුවක් දේනම් වටියි. වැඩියක් ගණීනම් ‘අපි තොපගේ භාණ්ඩය නොගණුම්හ’ බැහැර යවයි කියයුත්තේය.
සඞ්ඝමජ්ඣෙ නිස්සජ්ජිතබ්බන්ති එත්ථ යස්මා රූපියං නාම අකප්පියං, “තස්මා නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා”ති න වුත්තං. යස්මා පන තං පටිග්ගහිතමත්තමෙව න තෙන කිඤ්චි කප්පියභණ්ඩං චෙතාපිතං, තස්මා උපායෙන පරිභොගදස්සනත්ථං “සඞ්ඝමජ්ඣෙ නිස්සජ්ජිතබ්බ”න්ති වුත්තං. කප්පියං ආචික්ඛිතබ්බං සප්පි වාති “පබ්බජිතානං සප්පි වා තෙලං වා වට්ටති උපාසකා”ති එවං ආචික්ඛිතබ්බං.
“සඞ්ඝමජ්ඣෙ නිස්සජිතබ්බං” මෙහි යම්හෙයකින් රිදී අකැප නම්වේද, එහෙයින් නිස දිය යුතුය. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝයි නොකියන ලදි. යම් හෙයකින් ඒ රිදිය පිළිගත් පමණක්ම වේද, ඔහු විසින් කිසි බඩුවක් මිලදී නොගන්නා ලද්දේද, එහෙයින් උපායයෙන් පරිභොගය දක්වනු පිණිස සඞ්ඝයා මැද නිස දිය යුතුයයි කියනලදි. “කප්පියං ආචික්ඛිතබ්බං සප්පිං වා” උපාසක පැවිද්දන්ට ගිතෙල් හෝ තෙල් හෝ වටීයයි කහවණු පිළිගත් මහණහු විසින් ඒ කහවණු සඟමැද නිස දුන් කල්හි එහි පැමිණියකු විසින් මෙයින් කුමක් ගෙණම්දැ’යි විචාරණ ලදුව මෙසේ කිය යුත්තේය.
රූපියපටිග්ගාහකං ඨපෙත්වා සබ්බෙහෙව පරිභුඤ්ජිතබ්බන්ති සබ්බෙහි භාජෙත්වා පරිභුඤ්ජිතබ්බං. රූපියපටිග්ගාහකෙන භාගො න ගහෙතබ්බො. අඤ්ඤෙසං භික්ඛූනං වා ආරාමිකානං වා පත්තභාගම්පි ලභිත්වා පරිභුඤ්ජිතුං න වට්ටති, අන්තමසො මක්කටාදීහි තතො හරිත්වා අරඤ්ඤෙ ඨපිතං වා තෙසං හත්ථතො ගළිතං වා තිරච්ඡානගතපරිග්ගහිතම්පි පංසුකූලම්පි න වට්ටතියෙව, තතො ආහටෙන ඵාණිතෙන සෙනාසනධූපනම්පි න වට්ටති. සප්පිනා වා තෙලෙන වා පදීපං කත්වා දීපාලොකෙ නිපජ්ජිතුං කසිණපරිකම්මම්පි කාතුං, පොත්ථකම්පි වාචෙතුං න වට්ටති. තෙලමධුඵාණිතෙහි පන සරීරෙ වණං මක්ඛෙතුං න වට්ටතියෙව. තෙන වත්ථුනා මඤ්චපීඨාදීනි වා ගණ්හන්ති, උපොසථාගාරං වා භොජනසාලං වා කරොන්ති, පරිභුඤ්ජිතුං න වට්ටති. ඡායාපි ගෙහපරිච්ඡෙදෙන ඨිතා න වට්ටති, පරිච්ඡෙදාතික්කන්තා ආගන්තුකත්තා වට්ටති. තං වත්ථුං විස්සජ්ජෙත්වා කතෙන මග්ගෙනපි සෙතුනාපි නාවායපි උළුම්පෙනපි ගන්තුං න වට්ටති, තෙන වත්ථුනා ඛනාපිතාය පොක්ඛරණියා උබ්භිදොදකං පාතුං වා පරිභුඤ්ජිතුං වා න වට්ටති. අන්තො උදකෙ පන අසති අඤ්ඤං ආගන්තුකං උදකං වා වස්සොදකං වා පවිට්ඨං වට්ටති. කීතාය යෙන උදකෙන සද්ධිං කීතා තං ආගන්තුකම්පි න වට්ටති, තං වත්ථුං උපනික්ඛෙපං ඨපෙත්වා සඞ්ඝො පච්චයෙ පරිභුඤ්ජති, තෙපි පච්චයා තස්ස න වට්ටන්ති. ආරාමො ගහිතො හොති, සොපි පරිභුඤ්ජිතුං න වට්ටති. යදි භූමිපි බීජම්පි අකප්පියං නෙව භූමිං න ඵලං පරිභුඤ්ජිතුං වට්ටති. සචෙ භූමිංයෙව කිණිත්වා අඤ්ඤානි බීජානි රොපිතානි ඵලං වට්ටති, අථ බීජානි කිණිත්වා කප්පියභූමියං රොපිතානි, ඵලං න වට්ටති, භූමියං නිසීදිතුං වා නිපජ්ජිතුං වා වට්ටති.
“රූපියපටිග්ගාහකං ඨපෙත්වා සබ්බෙහෙව පරිභුඤ්ජිතබ්බං” කහවණු පිළිගන්නහු හැර සියල්ලන් විසින් ඒ මිලදී ගෙනෙන ලද ද්‍රව්‍යය බෙදා පරිභොග කටයුතුය. රිදිය පිළිගන්නහු විසින් තමාගේ කොටස නොගතයුතුය. අන් මහණුන්ට හෝ ආරාමිකයන්ට හෝ පැමිණි කොටසද ලැබ පරිභොග කිරීමද නොවටියි. යටත් පිරිසයින් වඳුරු ආදීන් විසින් අන්හට පැමිණි කොටසින් ගෙණවුත් වනයෙහි තබන ලද්දක් හෝ ඒ වඳුරු ආදීන්ගේ අතින් ගිලිහී වැටුනක් හෝ තිරශ්චීනපරිගෘහිතද පංසුකූලද පිළිගැණිම නොසුදුසුය. ඒ පිළිගත් මිලයෙන් ගෙණනලද උක් සකුරුයෙන් සෙනාසන ධූපනයද නොවටියි. ගිතෙලින් හෝ තෙලින් හෝ පහනක් කොට පහන් එලියෙහි හොවීමද කිසුණු පිරියම් කිරීමද පොත් කියවීමද සුදුසු නොවේ. තෙල්, මී, උක්සකුරු වලින් සිරුරෙහිවූ වණ ආලෙපයද නොසුදුසුමය. ඒ පිළිගත් මිලයෙන් ඇඳපුටු ආදිය හෝ ගණිත්ද, පොහෝගෙයක් හෝ බොජුන්හලක් හෝ කෙරෙත් නම් පරිභොග කිරීම නොවටියි. ගෘහපරිච්ඡෙදය ඉක්මවා සිටි සෙවන ආගන්තුක බැවින් වටියි. ඒ පිළිගත් ජලය වියදම්කොට කළ මගින්, ඒදණ්ඩෙන්ද, නැවෙන්ද, පහුරෙන්ද, යෑම නොවටියි. ඒ පිළිගත් මිලයෙන් කණවනලද පොකුණෙහි නැගුණු දිය බීම හෝ පරිභොග කිරීම නොවටියි. පොකුණ තුළ දිය නැති කල්හි අන්‍යවූ ආගන්තුක ජලයක් හෝ වර්ෂා ජලයක් හෝ ලැබුනොත් බීමට හා පරිභොගයට වටියි. මිලදීගත් පොකුණෙක්හි යම් ජලය සමග මිලදීගත් ඒ ජලය ආගන්තුකයක් වුවද නොවටියි. ඒ වස්තුව උකස්කොට තබා සඞ්ඝතෙමේ ප්‍රත්‍යය පරිභොග කෙරේද, ඒ ප්‍රත්‍යයයෝ මිල පිළිගත් ඒ මහණහුට නොවටිත්. ආරාමයෙක් මිලට ගන්නා ලද්දේ වේද, ඒ ආරාමයද පරිභොග කිරීම සුදුසු නොවේ. බිමත් බීජත් අකැප වේනම් බිම පරිභොග කිරීමත් නොවටියි. ඵලපරිභොග කිරීමත් නොවටියි. බිමම මිලදී ගෙන එහි අන් බිජුවට රොපණය කරන ලද්දේ එයින් උපන් ඵලය පරිභොග කිරීම වටියි. බිජුවට මිලද ගෙණ කැප බිමෙහි රොපණය කරන ලද්දේ එයින් උපන් ඵලය නොවටියි. බිම හිඳීමත් හොවීමත් වටියි.
සචෙ සො ඡඩ්ඩෙතීති යත්ථ කත්ථචි ඛිපති, අථාපි න ඡඩ්ඩෙති, සයං ගහෙත්වා ගච්ඡති, න වාරෙතබ්බො. නො චෙ ඡඩ්ඩෙතීති අථ නෙව ගහෙත්වා ගච්ඡති, න ඡඩ්ඩෙති, කිං මය්හං ඉමිනා බ්යාපාරෙනාති යෙන කාමං පක්කමති, තතො යථාවුත්තලක්ඛණො රූපියඡඩ්ඩකො සම්මන්නිතබ්බො.
“සචෙ සො ඡඩ්ඩෙති”යි එහි පැමිණි ගිහිනෙමේ ඒ කහවණු යම් කිසිතැනක දමාද, තවද නොදමාද, ඒ ගිහිතෙමේ ඒ කහවණු ගෙණයේද නොවැළක්විය යුතුය. “න චෙ ඡඩ්ඩති”යි සඟ මැද කහවණු නිසදු කල්හි එහි පැමිණි ගිහියකුහට ‘මේ කහවණු දමව’යි කියු කල්හි නොම ගෙණයේද, නොදමාද ‘මේ උත්සාහයෙන් මට නම් කිමැ’යි කැමැති පරිදි යම් දිසාවකට යේද, ඉන්පසු පෙර කියූ ලක්ෂණ ඇති මසු කහවණු දමන්නෙක් සම්මත කටයුතුය.
යො න ඡන්දාගතින්තිආදීසු ලොභවසෙන තං වත්ථුං අත්තනො වා කරොන්තො අත්තානං වා උක්කංසෙන්තො ඡන්දාගතිං නාම ගච්ඡති . දොසවසෙන “නෙවායං මාතිකං ජානාති, න විනය”න්ති පරං අපසාදෙන්තො දොසාගතිං නාම ගච්ඡති. මොහවසෙන මුට්ඨපමුට්ඨස්සතිභාවං ආපජ්ජන්තො මොහාගතිං නාම ගච්ඡති. රූපියපටිග්ගාහකස්ස භයෙන ඡඩ්ඩෙතුං අවිසහන්තො භයාගතිං නාම ගච්ඡති. එවං අකරොන්තො න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡතීති වෙදිතබ්බො.
“යො න ඡන්දාගතිං” යනාදි තන්හි ලෝභ වශයෙන් ඒ වස්තුව තමාහට හෝ කරන්නේ තමා හෝ උසස් කරන්නේ ඡන්දයෙන් අගතියට යේ නම. ද්වෙෂ වශයෙන් ‘මෙතෙමේ මාතෘකාව නොමදනියි, විනය නොදනීය’යි අන්හු පහ කරන්නේ ද්වෙෂයෙන් අගතියට යේ නම, මොහ වසයෙන් මුළාවූ තදින් මුළාවූ සිහියට පැමිණෙන්නේ මොහයෙන් අගතියට යේම. මසු කහවණු පිළිගත් මහණහුට බියෙන් බැහැරලන්නට නොහැකිවනුයේ බියෙන් අගතියට යේ නම. මෙසේ නොකරන්නේ ඡන්දගතියට නොයයි. -පෙ- භයාගතියට නොයේයයි දතයුතුය.
අනිමිත්තං කත්වාති නිමිත්තං අකත්වා, අක්ඛීනි නිම්මීලෙත්වා නදියා වා පපාතෙ වා වනගහනෙ වා ගූථං විය අනපෙක්ඛෙන පතිතොකාසං අසමන්නාහරන්තෙන පාතෙතබ්බන්ති අත්ථො. එවං ජිගුච්ඡිතබ්බෙපි රූපියෙ භගවා පරියායෙන භික්ඛූනං පරිභොගං ආචික්ඛි. රූපියපටිග්ගාහකස්ස පන කෙනචි පරියායෙන තතො උප්පන්නපච්චයපරිභොගො න වට්ටති. යථා චායං එතස්ස න වට්ටති, එවං අසන්තසම්භාවනාය වා කුලදූසකකම්මෙන වා කුහනාදීහි වා උප්පන්නපච්චයා නෙව තස්ස න අඤ්ඤස්ස වට්ටන්ති, ධම්මෙන සමෙන උප්පන්නාපි අප්පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජිතුං න වට්ටන්ති.
“අනිමිත්තං කත්වා’’ නිමිති නොකොට ඇස් පියා ගඟක හෝ කඳු බෑවුමක හෝ වනගහනයෙක හෝ ගූථයක් මෙන් බලාපොරොත්තු රහිතව වැටුන අවකාශය සිහිනොකරන්නහු විසින් හෙලිය යුතුය යන අර්‍ත්‍ථයි. මෙසේ පිළිකුල් කටයුතු මසු කහවණුයෙහි භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යායයෙන් භික්ෂූන්ට වදාළ සේක. මසුකහවණු පිළිගත් මහණහුට කිසිත් ක්‍රමයකින් එයින් උපන් ප්‍රත්‍යය පරිභොගය නොවටියි. මේ ප්‍රත්‍යය මේ මහණහුට යම්සේ නොවටීද, එසේ තමන් කෙරෙහි නොමැති උතුරු මිනිස් දම් සැලකිරීමෙන් හෝ කුලදූෂක කර්මයෙන් හෝ කුහනාලපනාදියෙන් හෝ උපන් ප්‍රත්‍යයයෝ ඒ මහණහුට නොම වටිත්. අනිකක්හට නොවටිත්. දැහැමින් සෙමෙන් උපන් ප්රත්යයයෝද ප්රත්යවෙක්ෂා නොකොට පරිභොග කරන්නට නොවටිත්.
චත්තාරො හි පරිභොගා – ථෙය්යපරිභොගො, ඉණපරිභොගො, දායජ්ජපරිභොගො, සාමිපරිභොගොති. තත්ථ සඞ්ඝමජ්ඣෙපි නිසීදිත්වා පරිභුඤ්ජන්තස්ස දුස්සීලස්ස පරිභොගො “ථෙය්යපරිභොගො” නාම. සීලවතො අප්පච්චවෙක්ඛිතපරිභොගො “ඉණපරිභොගො” නාම. තස්මා චීවරං පරිභොගෙ පරිභොගෙ පච්චවෙක්ඛිතබ්බං, පිණ්ඩපාතො ආලොපෙ ආලොපෙ. තථා අසක්කොන්තෙන පුරෙභත්තපච්ඡාභත්තපුරිමයාමපච්ඡිමයාමෙසු. සචස්ස අප්පච්චවෙක්ඛතොව අරුණො උග්ගච්ඡති, ඉණපරිභොගට්ඨානෙ තිට්ඨති. සෙනාසනම්පි පරිභොගෙ පරිභොගෙ පච්චවෙක්ඛිතබ්බං, භෙසජ්ජස්ස පටිග්ගහණෙපි පරිභොගෙපි සතිපච්චයතා වට්ටති, එවං සන්තෙපි පටිග්ගහණෙ සතිං කත්වා පරිභොගෙ අකරොන්තස්සෙව ආපත්ති, පටිග්ගහණෙ පන සතිං අකත්වා පරිභොගෙ කරොන්තස්ස අනාපත්ති.
ථෙය්යපරිභොග - ඉණපරිභොග - දායජ්ජපරිභොග - සාමිපරිභොගයි පරිභොගයෝ සතරක්ම වෙත්. එහි සඟමැද හිඳ පරිභොග කරන දුශ්ශීලයාගේ පරිභොගය ථෙය්යපරිභොග නම් වේ. සිල්වත්හුගේ පස්විකුම් නොකළ පරිභොගය ඉණපරිභොග නම් වේ. එහෙයින් සිවුර කයින් මුදා කරන පරිභොගයක් පරිභොගයක් පාසා පස්විකුම් කටයුතුය. පිණ්ඩපාතය තෙමේ පිඬක් පිඬක් පාසා ප්රත්යවෙක්ෂා කටයුතුය. එසේ නොහැකිවන්නහු විසින් පෙරබත, පසුබත, පෙරයම, මැදුම්යම, පැසුළුයම යන මෙතැන්හි ප්රත්යවෙක්ෂා කටයුතුය. ඉදින් ප්රත්යවෙක්ෂා නොකරන මහණහුට අරුණ නගීද, ඉණපරිභොගස්ථානයෙහි සිටියි. සෙනසුනද පරිභොගයක් පරිභොගයක් පාසා පස්විකිය යුතුය. එසේ නොහැකි වූවහු විසින් අතීතප්රත්යවෙක්ෂාව කටයුතුය. බෙහෙත් පිළිගැන්මෙහිද පරිභොගයෙහිද ප්රත්යවෙක්ෂා ස්මෘතියෙහි ප්‍රත්‍යයභාවය වටියි. ප්රත්යවෙක්ෂා කොටම පිළිගත යුතුය. පරිභොග කළයුතුය. මෙසේ ඇති කල්හිදු පිළිගැනීමෙහි සිහිය උපදවා පරිභොගයෙහි ප්රත්යවෙක්ෂා නොකරන මහණහුටම ඇවැත් වේ. පිළිගැන්මෙහි සිහිය නොඋපදවා පරිභොගයෙහි ප්රත්යවෙක්ෂා කරන මහණහුට ඇවැත් නොවේ.
චතුබ්බිධා හි සුද්ධි – දෙසනාසුද්ධි, සංවරසුද්ධි, පරියෙට්ඨිසුද්ධි, පච්චවෙක්ඛණසුද්ධීති. තත්ථ දෙසනාසුද්ධි නාම පාතිමොක්ඛසංවරසීලං , තඤ්හි දෙසනාය සුජ්ඣනතො “දෙසනාසුද්ධී”ති වුච්චති. සංවරසුද්ධි නාම ඉන්ද්රියසංවරසීලං, තඤ්හි න පුන එවං කරිස්සාමීති චිත්තාධිට්ඨානසංවරෙනෙව සුජ්ඣනතො “සංවරසුද්ධී”ති වුච්චති. පරියෙට්ඨිසුද්ධි නාම ආජීවපාරිසුද්ධිසීලං, තඤ්හි අනෙසනං පහාය ධම්මෙන සමෙන පච්චයෙ උප්පාදෙන්තස්ස පරියෙසනාය සුද්ධත්තා “පරියෙට්ඨිසුද්ධී”ති වුච්චති. පච්චවෙක්ඛණසුද්ධි නාම පච්චයපරිභොගසන්නිස්සිතසීලං, තඤ්හි “පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවතී”තිආදිනා (ම· නි· 1.23; අ· නි· 6.58) නයෙන වුත්තෙන පච්චවෙක්ඛණෙන සුජ්ඣනතො “පච්චවෙක්ඛණසුද්ධී”ති වුච්චති. තෙන වුත්තං – “පටිග්ගහණෙ පන සතිං අකත්වා පරිභොගෙ කරොන්තස්ස අනාපත්තී”ති.
දෙසනාසුද්ධි - සංවරසුද්ධි - පරියෙට්ඨිසුද්ධි - පච්චවෙක්ඛණසුද්ධියි සුද්ධිතොමෝ සිවුවැදෑරුම් වේ. එහි දෙසනා සුද්ධි නම් ප්රාතිමොක්ෂ සංවරසීලයයි. එය දෙසනාවෙන් පිරිසිදු වන බැවින් දෙසනාසුද්ධියි කියනු ලැබේ. සංවරසුද්ධි නම් ඉන්ද්රිය සංවර සීලයයි. එය ‘මම නැවැත මෙසේ නොකරන්නෙමි’යි චිත්තාධිෂ්ඨාන සංවරයෙන්ම පිරිසිදු වන බැවින් සංවරසුද්ධියි කියනු ලැබේ. පරියෙට්ඨිසුද්ධි නම් ආජීවපාරිසුද්ධිසීලයයි. එය අනෙසනය හැර දැහැමින් සෙමෙන් සිවුපසය උපදවන්නහුගේ සෙවීමෙන් පිරිසිදු වන බැවින් පරියෙට්ඨිසුද්ධියි කියනු ලැබේ. පච්චවෙක්ඛණසුද්ධි නම් පච්චයපරිභොගසන්නිස්සිත සීලයයි එය ‘පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති’ යනාදි නයින් කියනලද ප්රත්යවෙක්ෂාවෙන් පිරිසිදු වන බැවින් පච්චවෙක්ඛණසුද්ධියි කියනු ලැබේ. ‘පටිග්ගහණෙ සතිං අකත්වා පරිභොගං කරොන්තස්ස අනාපත්ති’යි එහෙයින් කියනලදි.
සත්තන්නං සෙක්ඛානං පච්චයපරිභොගො දායජ්ජපරිභොගො නාම, තෙ හි භගවතො පුත්තා, තස්මා පිතුසන්තකානං පච්චයානං දායාදා හුත්වා තෙ පච්චයෙ පරිභුඤ්ජන්ති. කිං පන තෙ භගවතො පච්චයෙ පරිභුඤ්ජන්ති, ගිහීනං පච්චයෙ පරිභුඤ්ජන්තීති? ගිහීහි දින්නාපි භගවතා අනුඤ්ඤාතත්තා භගවතො සන්තකා හොන්ති, තස්මා තෙ භගවතො පච්චයෙ පරිභුඤ්ජන්තීති (ම· නි· 1.29) වෙදිතබ්බං, ධම්මදායාදසුත්තඤ්චෙත්ථ සාධකං.
සත්වැදෑරුම් ශෛක්ෂයන්ගේ ප්රත්යයපරිභොගය දායජ්ජපරිභොග නම්වේ. ඒ සත් ශෛක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝය. එහෙයින් පියසතුවූ සිවුපසයට දායාදයෙන්ම උන්වහන්සේලා ප්‍රත්‍යය පරිභොග කෙරෙත්, කිම, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රත්‍යය පරිභොග කෙරෙත්ද, ගිහීන්ගේ ප්‍රත්‍යය පරිභොග කෙරෙත්ද, යත්:- ගිහීන් විසින් දෙන ලද්දාහු නමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නාලද බැවින් ඒ ප්‍රත්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ සතු වෙත්. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රත්‍යය වළදත්යි දතයුතුය. මෙහිලා ධම්මදායාද සූත්‍රය සාධක වේ.
ඛීණාසවානං පරිභොගො සාමිපරිභොගො නාම, තෙ හි තණ්හාය දාසබ්යං අතීතත්තා සාමිනො හුත්වා පරිභුඤ්ජන්තීති. ඉමෙසු පරිභොගෙසු සාමිපරිභොගො ච දායජ්ජපරිභොගො ච සබ්බෙසම්පි වට්ටති. ඉණපරිභොගො න වට්ටති, ථෙය්යපරිභොගෙ කථායෙව නත්ථි.
රහතුන් වහන්සේගේ පරිභොගය සාමිපරිභොග නම්වේ. උන්වහන්සේලා තෘෂ්ණාවගේ දාසබව ඉක්මවූ බැවින් ස්වාමීහුම වී වළඳත්. මෙසේ මේ පරිභොගයන් අතුරෙහි සාමිපරිභොගය හා දායජ්ජපරිභොගය සියල්ලන්ටම වටියි. ඉණපරිභොගය නොවටියි. ථෙය්යපරිභොගයෙහි කථාවක්ම නැත.
අපරෙපි චත්තාරො පරිභොගා – ලජ්ජිපරිභොගො, අලජ්ජිපරිභොගො, ධම්මියපරිභොගො, අධම්මියපරිභොගොති.
ලජ්ජිපරිභොග - අලජ්ජීපරිභොග - ධම්මියපරිභොග - අධම්මියපරිභොගයි අන්‍යවූද පරිභොගයෝ සතරක් වෙත්.
තත්ථ අලජ්ජිනො ලජ්ජිනා සද්ධිං පරිභොගො වට්ටති, ආපත්තියා න කාරෙතබ්බො. ලජ්ජිනො අලජ්ජිනා සද්ධිං යාව න ජානාති, තාව වට්ටති. ආදිතො පට්ඨාය හි අලජ්ජී නාම නත්ථි, තස්මා යදාස්ස අලජ්ජීභාවං ජානාති තදා වත්තබ්බො “තුම්හෙ කායද්වාරෙ ච වචීද්වාරෙ ච වීතික්කමං කරොථ, තං අප්පතිරූපං මා එවමකත්ථා”ති. සචෙ අනාදියිත්වා කරොතියෙව, යදි තෙන සද්ධිං පරිභොගං කරොති, සොපි අලජ්ජීයෙව හොති. යොපි අත්තනො භාරභූතෙන අලජ්ජිනා සද්ධිං පරිභොගං කරොති, සොපි නිවාරෙතබ්බො. සචෙ න ඔරමති, අයම්පි අලජ්ජීයෙව හොති. එවං එකො අලජ්ජී අලජ්ජීසතම්පි කරොති. අලජ්ජිනො පන අලජ්ජිනාව සද්ධිං පරිභොගෙ ආපත්ති නාම නත්ථි. ලජ්ජිනො ලජ්ජිනා සද්ධිං පරිභොගො ද්වින්නං ඛත්තියකුමාරානං සුවණ්ණපාතියං භොජනසදිසොති.
එහි අලජ්ජියාහට ලජ්ජියා සමග පරිභොගය වටියි. ඇවතින් නොකරවිය යුතුය. ලජ්ජියාහට අලජ්ජියා සමග පරිභොගය යම්තාක් දනීද ඒතාක් වටියි මුලපටන්ම අලජ්ජියෙක් නම් නැත්තේය. එහෙයින් යම්කලෙක ඔහුගේ අලජ්ජීභාවය දනීද, එකල්හි ‘තෙපි කායද්වාරයෙහි හා වාග්ද්වාරයෙහි ව්‍යතික්‍රමය කරවුද, ඒ නොසුදුසුය. මෙසේ නොකරවු’යි කියයුතුය. එවදන් නොපිළිගෙන කෙරේම නම්, ඔහු සමග පරිභොගය කෙරේද හෙතෙමේද අලජ්ජීම වේ. යමෙක් තමාට භාර වූ අලජ්ජියා සමග පරිභොගය කෙරේද හෙතෙමේද වැළක්විය යුතුය. නොවළකීනම් මෙතෙමේද අලජ්ජිම වේ. මෙසේ එක් අලජ්ජියෙක් අලජ්ජීන් සියයකුදු කරයි. අලජ්ජියාහට අලජ්ජියා සමග පරිභොගයෙහි ඇවැතක් නම් නැත්තේය. ලජ්ජියා සමග ලජ්ජියාගේ පරිභොගය කැත් කුමරුන් දෙදෙනකුන්ගේ රන්තලියක බුදීමක් සමානවේ.
ධම්මියාධම්මියපරිභොගො පච්චයවසෙන වෙදිතබ්බො. තත්ථ සචෙ පුග්ගලොපි අලජ්ජී පිණ්ඩපාතොපි අධම්මියො, උභො ජෙගුච්ඡා. පුග්ගලො අලජ්ජී පිණ්ඩපාතො ධම්මියො, පුග්ගලං ජිගුච්ඡිත්වා පිණ්ඩපාතො න ගහෙතබ්බො. මහාපච්චරියං පන දුස්සීලො සඞ්ඝතො උද්දෙසභත්තාදීනි ලභිත්වා සඞ්ඝස්සෙව දෙති, එතානි යථාදානමෙව ගතත්තා වට්ටන්තීති වුත්තං. පුග්ගලො ලජ්ජී පිණ්ඩපාතො අධම්මියො, පිණ්ඩපාතො ජෙගුච්ඡො න ගහෙතබ්බො. පුග්ගලො ලජ්ජී, පිණ්ඩපාතොපි ධම්මියො, වට්ටති.
ධම්මියාධම්මිය පරිභොගය ප්‍රත්‍යය වශයෙන්ම දතයුතුය. එහි පුද්ගල තෙමේත් අලජ්ජීවේද, පිණ්ඩපාතයත් අධාර්මිකවේද, මේ පුද්ගල - පිණ්ඩපාත දෙක පිළිකුල් කටයුතුය. පුද්ගල තෙමේ අලජ්ජි වේද, පිණ්ඩපාතය ධාර්මික වේද, පුද්ගලයා පිළිකුල්කොට පිණ්ඩපාතය නොගත යුතුය. මහාපච්චරියෙහි වනාහි දුශ්ශීල තෙමේ සඞ්ඝයා වෙතින් උද්දෙසභත්තාදිය ලබා සඞ්ඝයාහටම දේද, මේ උද්දෙසභත්තාදිය දුන් පරිදිම ගිය බැවින් ගැනීම වටීයයි කියන ලදී. පුද්ගල තෙමේ ලජ්ජීයෙක් වේද, පිණ්ඩපාතය අධාර්මිකවේද, පිණ්ඩපාතය පිළිකුල් කටයුතුය. නොගතයුතුය. පුද්ගල තෙමේ ලජ්ජීවේද පිණ්ඩපාතයත් ධාර්මික වේද වටියි.
අපරෙ ද්වෙ පග්ගහා; ද්වෙ ච පරිභොගා – ලජ්ජිපග්ගහො, අලජ්ජිපග්ගහො; ධම්මපරිභොගො ආමිසපරිභොගොති.
ලජ්ජිපග්ගහ - අලජ්ජිපග්ගහ - ධම්මපරිභොග - ආමිසපරිභොගයි අන්‍යවූද පග්ගහ දෙකක් හා පරිභොග දෙකක්ද වෙත්.
තත්ථ අලජ්ජිනො ලජ්ජිං පග්ගහෙතුං වට්ටති, න සො ආපත්තියා කාරෙතබ්බො. සචෙ පන ලජ්ජී අලජ්ජිං පග්ගණ්හාති, අනුමොදනාය අජ්ඣෙසති, ධම්මකථාය අජ්ඣෙසති, කුලෙසු උපත්ථම්භෙති . ඉතරොපි “අම්හාකං ආචරියො ඊදිසො ච ඊදිසො චා”ති තස්ස පරිසති වණ්ණං භාසති, අයං සාසනං ඔසක්කාපෙති අන්තරධාපෙතීති වෙදිතබ්බො.
එහි අලජ්ජියාහට ලජ්ජියා ප්රකර්ෂයෙන් ගැණීම වටියි. හෙතෙමේ ඇවැතින් නොකරවිය යුතුය. ලජ්ජි තෙමේ අලජ්ජියා දැඩිව ගණීද, අනුමෝදනා පිණිස ආරාධනා කෙරේද, කුලයන්හි වහල්ව ගණීද, අන්යලජ්ජියෙක් තෙමේ ‘අපගේ ඇදුරුතෙමේ මෙබඳු මෙබඳුය’යි පිරිසෙහි ඒ අලජ්ජියාගේ ගුණ කියාද, මේ ලජ්ජතෙමේ සසුන පසුබස්වයි. අතුරුදහන් කරවා’යි දතයුතුය.
ධම්මපරිභොග-ආමිසපරිභොගෙසු පන යත්ථ ආමිසපරිභොගො වට්ටති, තත්ථ ධම්මපරිභොගොපි වට්ටති. යො පන කොටියං ඨිතො ගන්ථො තස්ස පුග්ගලස්ස අච්චයෙන නස්සිස්සති, තං ධම්මානුග්ගහෙන උග්ගණ්හිතුං වට්ටතීති වුත්තං.
ධම්මපරිභොග - ආමිසපරිභොගයන් අතුරෙහි යම් තැනෙක්හි ආමිෂ පරිභොගය වටීද, එහි ධර්මපරිභොගයද වටියි. කෙළවර සිටි යම් ග්රන්ථයෙක් ඒ පුද්ගලයාගේ ඇවෑමෙන් නසීද, එය ධර්මානුග්රහයෙන් ඉගෙනීම වටීයයි කියනලදි.
තත්රිදං වත්ථු – මහාභයෙ කිර එකස්සෙව භික්ඛුනො මහානිද්දෙසො පගුණො අහොසි. අථ චතුනිකායිකතිස්සත්ථෙරස්ස උපජ්ඣායො මහාතිපිටකත්ථෙරො නාම මහාරක්ඛිතත්ථෙරං ආහ – “ආවුසො මහාරක්ඛිත, එතස්ස සන්තිකෙ මහානිද්දෙසං ගණ්හාහී”ති. “පාපො කිරායං, භන්තෙ, න ගණ්හාමී”ති. “ගණ්හාවුසො, අහං තෙ සන්තිකෙ නිසීදිස්සාමී”ති. “සාධු, භන්තෙ, තුම්හෙසු නිසින්නෙසු ගණ්හිස්සාමී”ති පට්ඨපෙත්වා රත්තින්දිවං නිරන්තරං පරියාපුණන්තො ඔසානදිවසෙ හෙට්ඨාමඤ්චෙ ඉත්ථිං දිස්වා “භන්තෙ, සුතංයෙව මෙ පුබ්බෙ, සචාහං එවං ජානෙය්යං, න ඊදිසස්ස සන්තිකෙ ධම්මං පරියාපුණෙය්ය”න්ති ආහ. තස්ස පන සන්තිකෙ බහූ මහාථෙරා උග්ගණ්හිත්වා මහානිද්දෙසං පතිට්ඨාපෙසුං.
එහි මේ වස්තුව දතයුතුය:- මහාභයෙහි වනාහි එක්ම මහණක්හට මහා නිර්දෙශය ප්‍රගුණ වූයේය. එකල්හි චතුනිකායික මහාතිස්ස ස්ථවිරයන්ගේ උපාද්ධ්යායවූ මහා ත්‍රිපිටක ස්ථවිරතෙමේ මහාරක්ඛිත ස්ථවිරයන්ට ‘ඇවැත’ මහාරක්ඛිත, ‘මොහුගේ සමීපයෙහි මහානිර්දෙශය උගණුව’යි කීයේය. ‘ස්වාමීනි’ මෙතෙමේ වනාහි පාපයෙකි. ඔහු වෙත ‘නොඋගණිමි’යි කීය. ‘ඇවැත උගනුව, මම තාගේ සමීපයෙහි හිඳින්නෙමි’යි කීකල්හි ‘ස්වාමීනි’ මැනැවි, ඔබවහන්සේ හුන්කල්හි උගන්නෙමි’යි කියා පටන් ගෙන රෑදාවල් දෙක්හි පුහුණු කරනුයේ හදාරා අවසන් කරන දිනයෙහි ඇඳ යට හුන් ස්ත්‍රියක දැක ‘ස්වාමීනි’ පෙර මෙය අසන ලද්දේමය, මම මෙසේ දන්නෙම් නම් මෙබන්දක්හුගේ සමීපයෙහි ධර්මය නොපුහුණු කරන්නෙමි’යි කීය. ඒ මහාරක්ඛිත ස්ථවිරයන්ගේ සමීපයෙහි වනාහි බොහෝ මහා ස්ථවිරයන් වහන්සේලා උගෙණ මහා නිර්දෙශය පිහිටුවාලූහ.
රූපියෙ රූපියසඤ්ඤීති එත්ථ සබ්බම්පි ජාතරූපරජතං රූපියසඞ්ගහමෙව ගතන්ති වෙදිතබ්බං.
“රූපියෙ රූපියසඤ්ඤී” මෙහි සියලුම රන්රිදී, රූපියසඞ්ග්රහයටම ගියේයයි දතයුතුය.
රූපියෙ වෙමතිකොති “සුවණ්ණං නු ඛො, ඛරපත්තං නු ඛො”තිආදිනා නයෙන සංසයජාතො.
“රූපියෙ වෙමතිකො” රන්ද, රන්වැනි කරකොළදැයි මේ ආදි නයින් හටගත් සැක ඇත්තේය.
රූපියෙ අරූපියසඤ්ඤීති සුවණ්ණාදීසු ඛරපත්තාදිසඤ්ඤී. අපිච පුඤ්ඤකාමා රාජොරොධාදයො භත්තඛජ්ජකගන්ධපිණ්ඩාදීසු පක්ඛිපිත්වා හිරඤ්ඤසුවණ්ණං දෙන්ති, චොළභික්ඛාය චරන්තානං දස්සන්තෙ බද්ධකහාපණාදීහියෙව සද්ධිං චොළකානි දෙන්ති, භික්ඛූ භත්තාදිසඤ්ඤාය වා චොළකසඤ්ඤාය වා පටිග්ගණ්හන්ති, එවම්පි රූපියෙ අරූපියසඤ්ඤී රූපියං ගණ්හාතීති වෙදිතබ්බො. පටිග්ගණ්හන්තෙන පන “ඉමස්මිං ගෙහෙ ඉදං ලද්ධ”න්ති සල්ලක්ඛෙතබ්බං. යෙන හි අස්සතියා දින්නං හොති, සො සතිං පටිලභිත්වා පුන ආගච්ඡති, අථස්ස වත්තබ්බං – “තව චොළකං පස්සාහී”ති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
“රූපියෙ අරූපියසඤ්ඤී” රන් ආදියෙහි කරකොළය යනාදි හැඟීම් ඇත්තේය. අනිකෙකුදු ඇත්තේය. පින් කැමැත්තාවූ රාජන්නෙපුරාදියෙහි වූවෝ බත් කැවිලි සුවඳ පිඬු ආදියෙහි බහා හිරණ්යස්වර්ණ දෙන්නාහ. රෙදි සිඟායෑමෙහි හැසිරෙන්නවුන්ට දෙකෙළවර බැඳි කහවණු ආදිය සමගම වස්ත්‍ර දෙන්නාහ. භික්ෂූහු බත් ඈ හැඟීමෙන් හෝ වස්ත්රසංඥාවෙන් හෝ පිළිගණිත්. මෙසේ කහවණුවෙහි කහවණු නොවේය යන හැඟීම් ඇතිව කහවණු පිළිගණීයයි දතයුතුය. පිළිගන්නා මහණහු විසින් මේ ගෙයිදී මේ ලද්දේය’යි සැලකිය යුතුය. යමක්හු විසින් නොසිහියෙන් දෙන ලද්දේවේද, හෙතෙමේ සිහිය ලැබ නැවැත ඒද, එකල්හි මොහුට ‘තාගේ වස්ත්‍රය බලව’යි කියයුතුය. මේ ශික්‍ෂාපදයෙහි සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
සමුට්ඨානාදීසු ඡසමුට්ඨානං, සියා කිරියං ගහණෙන ආපජ්ජනතො, සියා අකිරියං පටික්ඛෙපස්ස අකරණතො රූපියඅඤ්ඤවාදකඋපස්සුතිසික්ඛාපදානි හි තීණි එකපරිච්ඡෙදානි, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
සමුත්‍ථානාදීන් අතුරෙහි කයින්, වචනයෙන්, කායාවාචායෙන්, කායචිත්තයෙන්, වාචාචිත්තයෙන්, කායවාචාචිත්තයෙන් උපදින බැවින් ෂඩ් සමුත්‍ථානිකය. කිසි කලෙක ගැණීම කරණකොට ඇවැතට පැමිණෙන බැවින් ක්‍රියාවෙන් උපදියි. කිසි කලෙක ප්රතික්ෂෙපය නොකරන බැවින් අක්රියාවෙන් උපදියි. රූපිය අඤ්ඤවාදක උපස්සුති ශික්ෂාපද තුන ක්රියාක්රියාභාවයෙන් එක් පරිච්ඡෙද ඇත්තාහු වෙත්. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කකර්මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
රූපියසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
රූපිය ශික්ෂාපදවර්ණනාව නිමි.