යෙදුමෙන් කියවන්න

රූපියසංවොහාරසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

රූපියසංවොහාරසික‍්ඛාපදවණ‍්ණනා

රූපියසංවෝහාර ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති රූපියසංවොහාරසික‍්ඛාපදං. තත්‍ථ නානප‍්පකාරකන‍්ති කතාකතාදිවසෙන අනෙකවිධං. රූපියසංවොහාරන‍්ති ජාතරූපරජතපරිවත‍්තනං. සමාපජ‍්ජන‍්තීති පටිග‍්ගහණස‍්සෙව පටික‍්ඛිතත‍්තා පටිග‍්ගහිතපරිවත‍්තනෙ දොසං අපස‍්සන‍්තා කරොන‍්ති.

“තෙන සමයෙන”යි රූපිය සංවොහාරශික්‍ෂාපදයයි. එහි “නානප්පකාරකං”, කළ නොකළ ඈ විසින් නන්වැදෑරුම් වේ. “රූපියසංවොහාරං” රන්රිදී මසු කහවණු ගණුදෙනුව. “සමාපජ්ජන්ති” පිළිගැනීම පිළිකෙව් නොකළ බැවින් පිළිගත් කහවණු ආදිය ගණුදෙනුවෙහි දොස් නොදක්නාහු කෙරෙත්.

සීසූපගන‍්තිආදීසු සීසං උපගච‍්ඡතීති සීසූපගං, පොත්‍ථකෙසු පන “සීසූපක”න‍්ති ලිඛිතං, යස‍්ස කස‍්සචි සීසාලඞ‍්කාරස‍්සෙතං අධිවචනං. එස නයො සබ‍්බත්‍ථ. කතෙන කතන‍්තිආදීසු සුද‍්ධො රූපියසංවොහාරොයෙව.

“සසූපගං” යනාදි තන්හි හිසට පැමිණේනුයි සීසූපගනම. පොත්හි වනාහි ‘සීසූපක’යි ලියත්. මෙය, යම්කිසි ශීර්‍ෂාලඞ්කාරයකට නමෙකි. සියලු තන්හි මේ නයවේ. “කතෙන කතං” යනාදිතන්හි පිරිසිදු කහවණු ව්‍යවහාරයම කියන ලද්දේ වේ.

රූපියෙ රූපියසඤ‍්ඤීතිආදිම‍්හි පුරිමසික‍්ඛාපදෙ වුත‍්තවත්‍ථූසු නිස‍්සග‍්ගියවත්‍ථුනා නිස‍්සග‍්ගියවත්‍ථුං චෙතාපෙන‍්තස‍්ස මූලග‍්ගහණෙ පුරිමසික‍්ඛාපදෙන නිස‍්සග‍්ගියං පාචිත‍්තියං, අපරාපරපරිවත‍්තනෙ ඉමිනා නිස‍්සග‍්ගියපාචිත‍්තියමෙව. නිස‍්සග‍්ගියවත්‍ථුනා දුක‍්කටවත්‍ථුං වා කප‍්පියවත්‍ථුං වා චෙතාපෙන‍්තස‍්සපි එසෙව නයො. යො හි අයං අරූපියෙ රූපියසඤ‍්ඤී රූපියං චෙතාපෙතීතිආදි දුතියො තිකො වුත‍්තො, තස‍්සානුලොමත‍්තා අවුත‍්තොපි අයමපරොපි රූපියෙ රූපියසඤ‍්ඤී අරූපියං චෙතාපෙතීතිආදි තිකො වෙදිතබ‍්බො. අත‍්තනො වා හි අරූපියෙන පරස‍්ස රූපියං චෙතාපෙය්‍ය අත‍්තනො වා රූපියෙන පරස‍්ස අරූපියං, උභයථාපි රූපියසංවොහාරො කතොයෙව හොති, තස‍්මා පාළියං එකන‍්තෙන රූපියපක‍්ඛෙ එකොයෙව තිකො වුත‍්තොති.

“රූපියෙ රූපිය සඤ්ඤී” යනාදි තන්හි පුරිම ශික්‍ෂාපදයෙහි කියූ වස්තූන් අතුරෙහි නිස්සජ්ජීය වස්තුවක් කරණකොට නිස්සග්ගිය වස්තුවක් ව්‍යාවහාර කරන මහණහුට මුල් ගැණීමෙහි පුරිම ශික්‍ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. ඔබමොබ පෙරළීමෙහි මේ ශික්‍ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තියම වේ. නිස්සග්ගිය වස්තුවකින් දුක්කට වස්තුවක් හෝ කැපවස්තුවක් හෝ ව්‍යවහාර කරන මහණහුටද මේ නයම වේ. කහවණු නොවූවෙක්හි කහවණුය යන හැඟීම් ඇතිව කහවණු ව්‍යවහාර කෙරේ, යනාවූ යම් මේ ද්විතීය ත්‍රිකයෙක් වදාරන ලද්දේද, එයට අනුලොම් බැවින් ‘කහවණුයෙහි කහවණුය යන හැඟීම් ඇතිව කහවණු නොවූවක් ව්‍යවහාර කෙරේ, යනාදීවූ මේ අන්‍යවූ ත්‍රිකය දතයුත්තේය. තමාගේ කහවණු නොවූවකින් අන්හුගේ කහවණු ව්‍යවහාර කරන්නේද තමන්ගේ හෝ කහවණුයෙන් අන්හුගේ කහවණු නොවූවෙක් ව්‍යවහාර කෙරේද, දෙයයුරෙන්ම රූපිය සංවොහාරය කරන ලද්දේම වේ. එහෙයින් පෙළෙහි එකතකින් කහවණු පක්‍ෂයෙහි එක්ම ත්‍රිකයෙක් වදාරන ලද්දේය.

දුක‍්කටවත්‍ථුනා පන නිස‍්සග‍්ගියවත්‍ථුං චෙතාපෙන‍්තස‍්ස මූලග‍්ගහණෙ පුරිමසික‍්ඛාපදෙන දුක‍්කටං, පච‍්ඡා පරිවත‍්තනෙ ඉමිනා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං, ගරුකස‍්ස චෙතාපිතත‍්තා. දුක‍්කටවත්‍ථුනා දුක‍්කටවත්‍ථුමෙව, කප‍්පියවත්‍ථුං වා චෙතාපෙන‍්තස‍්ස මූලග‍්ගහණෙ පුරිමසික‍්ඛාපදෙන දුක‍්කටං, පච‍්ඡා පරිවත‍්තනෙපි ඉමිනා දුක‍්කටමෙව. කස‍්මා? අකප‍්පියවත්‍ථුනා චෙතාපිතත‍්තා. අන්‍ධකට‍්ඨකථායං පන “සචෙ කයවික‍්කයං සමාපජ‍්ජෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති භාසිතං, තං දුබ‍්භාසිතං. කස‍්මා? න හි දානග‍්ගහණතො අඤ‍්ඤො කයවික‍්කයො නාම අත්‍ථි, කයවික‍්කයසික‍්ඛාපදඤ‍්ච කප‍්පියවත්‍ථුනා කප‍්පියවත්‍ථුපරිවත‍්තනමෙව සන්‍ධාය වුත‍්තං, තඤ‍්ච ඛො අඤ‍්ඤත්‍ර සහධම‍්මිකෙහි. ඉදං සික‍්ඛාපදං රූපියෙන ච රූපියාරූපියචෙතාපනං අරූපියෙන ච රූපියචෙතාපනං. දුක‍්කටවත්‍ථුනා පන දුක‍්කටවත්‍ථුනො චෙතාපනං නෙව ඉධ න තත්‍ථ පාළියං වුත‍්තං, න චෙත්‍ථ අනාපත‍්ති භවිතුං අරහති. තස‍්මා යථෙව දුක‍්කටවත්‍ථුනො පටිග‍්ගහණෙ දුක‍්කටං, තථෙව තස‍්ස වා තෙන වා චෙතාපනෙපි දුක‍්කටං යුත‍්තන‍්ති භගවතො අධිප‍්පායඤ‍්ඤූහි වුත‍්තං.

දුක්කට වස්තුවකින් නිස්සග්ගිය වස්තුවක් ගණුදෙනු කරන මහණහුට මුල් ගැණීමෙහිදී පුරිම ශික්‍ෂාපදයෙන් දුක්කටය වේ. පසුව පෙරළීමෙහි මෙයින් නිස්සග්ගිය පාචිත්තිය වේ. ගරුකය ගණුදෙනු කළ බැවිනි. දුක්කට වස්තුවකින් දුක්කට වස්තුවක්ම හෝ කැප වස්තුවක් හෝ ගණුදෙනු කරන මහණහුට මුල් ගැණීමෙහි පුරිමශික්‍ෂාපදයෙන් දුක්කටය වේ. පසුව පෙරළීමෙහිද මෙයින් දුක්කටයම වේ. කුමක් හෙයින, යත්:- අකැප වස්තුවකින් ගණුදෙනු කළ බැවිනි. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි ක්‍රයවික්‍රයට පැමිණෙන්නේ නම් නිස්සග්ගිය පාචිත්තියයි කියන ලදී. එය දුර්‍භාෂිත වේ. කුමක් හෙයින, යත්:- දීම ගැනීමට වඩා අන්‍ය වූ ක්‍රය වික්‍රයෙක් නම් නැත්තේය. ක්‍රයවික්‍රය ශික්‍ෂාපදයද කැපවස්තුවකින් කැපවස්තු පෙරළීමම සඳහා වදාරන ලද්දේද එහෙයිනි. එද වනාහි පස්සහදැහැමියන් හැර මේ ශික්‍ෂාපදය කහවණුයෙන් කහවණු හා කහවණු නොවූවක් ගණුදෙනු කිරීමද කහවණු නොවූවකින් කහවණු ගණුදෙනු කිරීමද දුක්කට වස්තුවකින් දුක්කට වස්තුවක් ගණුදෙනු කිරීමද මේ රූපිය සංවොහාර ශික්‍ෂාපදයෙහි නොම වදාරන ලදී. ඒ ක්‍රයවික්‍රය ශික්‍ෂාපදපාලියෙහි නොවදාරන ලදි. මෙහි අනාපත්ති වන්නට සුදුසු නොවේ. එහෙයින් දුක්කට වස්තුවක් පිළිගැනීමෙහි යම්සේම දුක්කටය වේද, එසේම ඒ දුක්කටය වියයුතුයයි භාග්‍යවතුන් වහන්සේගේ අදහස දන්නන් විසින් කියන ලද්දේය.

කප‍්පියවත්‍ථුනා පන නිස‍්සග‍්ගියවත්‍ථුං චෙතාපෙන‍්තස‍්ස මූලග‍්ගහණෙ පුරිමසික‍්ඛාපදෙන අනාපත‍්ති, පච‍්ඡා පරිවත‍්තනෙ ඉමිනා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. වුත‍්තඤ‍්හෙතං – “අරූපියෙ අරූපියසඤ‍්ඤී රූපියං චෙතාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති . තෙනෙව කප‍්පියවත්‍ථුනා දුක‍්කටවත්‍ථුං චෙතාපෙන‍්තස‍්ස මූලපටිග‍්ගහණෙ තථෙව අනාපත‍්ති, පච‍්ඡා පරිවත‍්තනෙ ඉමිනා දුක‍්කටං. කස‍්මා? අකප‍්පියස‍්ස චෙතාපිතත‍්තා. කප‍්පියවත්‍ථුනා පන කප‍්පියවත්‍ථුං අඤ‍්ඤත්‍ර සහධම‍්මිකෙහි චෙතාපෙන‍්තස‍්ස මූලග‍්ගහණෙ පුරිමසික‍්ඛාපදෙන අනාපත‍්ති, පච‍්ඡා පරිවත‍්තනෙ උපරි කයවික‍්කයසික‍්ඛාපදෙන නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. කයවික‍්කයං මොචෙත්‍වා ගණ‍්හන‍්තස‍්ස උපරිසික‍්ඛාපදෙනපි අනාපත‍්ති, වඩ‍්ඪිං පයොජෙන‍්තස‍්ස දුක‍්කටං.

කැප වස්තුවකින් වනාහි නිස්සග්ගිය වස්තුවක් ගණුදෙනු කරන මහණහුට මුල් ගැණීමෙහි පුරිමශික්‍ෂාපදයෙන් ඇවැත් නොවේ. පසුව පෙරළීමෙහි මෙයින් නිස්සග්ගිය පාචිත්තිය වේ. ‘කහවණු නොවූවෙහි කහවණු නොවූවෙක යන හැඟීම් ඇත්තේ කහවණු ගණුදෙනු කෙරේද නිස්සග්ගිය පාචිත්තිය’යි මෙය වදාරන ලද්දේය. එහෙයින්ම දුක්කට වස්තුවක් ගණුදෙනු කරන්නහුට මුල් පිළිගැණීමෙහි එසේම ඇවැත් නොවේ. පසුව පෙරළීමෙහි මෙයින් දුක්කටය වේ. කුමක් හෙයිනද යත්:- අකැපය ගණුදෙනු කළ බැවිනි. කැපවස්තුවකින් වනාහි කැපවස්තුවක් පස්සහදැහැමියන් හැර ගණුදෙනු කරන මහණහුට මුල්ගැනීමෙහි පුරිමශික්‍ෂාපදයෙන් ඇවැත් නොවේ. පසුව පෙරළිමෙහි මතුවෙහි කයවික්‍රය ශික්‍ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. කයවික්‍රය මුදාහැර ගන්නහුට මතු ශික්‍ෂාපදයෙන්ද ඇවැත් නොවේ. පොලිය යොදන්නහුට දුක්කටය වේ.

ඉමස‍්ස ච රූපියසංවොහාරස‍්ස ගරුකභාවදීපකං ඉදං පත‍්තචතුක‍්කං වෙදිතබ‍්බං. යො හි රූපියං උග‍්ගණ‍්හිත්‍වා තෙන අයබීජං සමුට‍්ඨාපෙති, තං කොට‍්ටාපෙත්‍වා තෙන ලොහෙන පත‍්තං කාරෙති, අයං පත‍්තො මහාඅකප‍්පියො නාම, න සක‍්කා කෙනචි උපායෙන කප‍්පියො කාතුං. සචෙ හි තං විනාසෙත්‍වා ථාලකං කාරෙති, තම‍්පි අකප‍්පියං. වාසිං කාරෙති, තාය ඡින‍්නං දන‍්තකට‍්ඨම‍්පි අකප‍්පියං. බළිසං කාරොති, තෙන මාරිතා මච‍්ඡාපි අකප‍්පියා. වාසිඵලං තාපෙත්‍වා උදකං වා ඛීරං වා උණ‍්හාපෙති, තම‍්පි අකප‍්පියමෙව.

මේ කහවණු ව්‍යවහාරයාගේ ගරුබව දක්වන්නාවූ මේ පත්තචතුක්කය දතයුතුය. යම් මහණෙක් කහවණු පිළිගෙණ ඒ කහවණුයෙන් අයබිජුවටක් උපදවාද, ඒ අයබිජුවට කොටවා ඒ ලොහයෙන් පාත්‍රයක් කරවාද, මේ පාත්‍රය මහා අකැපය නම්වේ. කිසි උපායයකින් කැප කරනු නොහැක්කේය. ඉදින් ඒ පාත්‍රය විනාශකොට තැලියක් කරවාද, එද නොකැපය. වෑයක් කරවාද, ඒ වෑයෙන් සිඳින ලද දැහැට්ටද නොකැපය. බිළියක් කරවාද, එයින් මැරූ මත්ස්‍යයෝද නොකැපයහ. වෑතලය තවා ජලය හෝ කිරි හෝ උණුසුම් කරවාද, එද නොකැපය වේ.

යො පන රූපියං උග‍්ගණ‍්හිත්‍වා තෙන පත‍්තං කිණාති, අයම‍්පි පත‍්තො අකප‍්පියො. “පඤ‍්චන‍්නම‍්පි සහධම‍්මිකානං න කප‍්පතී”ති මහාපච‍්චරියං වුත‍්තං. සක‍්කා පන කප‍්පියො කාතුං, සො හි මූලෙ මූලසාමිකානං පත‍්තෙ ච පත‍්තසාමිකානං දින‍්නෙ කප‍්පියො හොති. කප‍්පියභණ‍්ඩං දත්‍වා ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති.

යම් මහණෙක් තෙමේ කහවණු පිළිගෙණ ඒ මිලයෙන් පාත්‍රයක් මිලදී ගණීද, ඒ පාත්‍රයෙන් නොකැපම වේ. පස්සහදැහැමියන්ටම කැප නොවේය’යි මහාපච්චරියෙහි කියනලදී. ඒ පාත්‍රය කැප කරන්නට හැක්කේද, එහි ජලය මිල හිමියන්ටත් පාත්‍රය පාත්‍ර හිමියන්ටත් දුන් කල්හි කැපවේ. කැප බඩුවක්දී ගෙණ පරිභොග කිරීම වරද නොවේ.

යොපි රූපියං උග‍්ගණ‍්හාපෙත්‍වා කප‍්පියකාරකෙන සද‍්ධිං කම‍්මාරකුලං ගන‍්ත්‍වා පත‍්තං දිස‍්වා “අයං මය‍්හං රුච‍්චතී”ති වදති. කප‍්පියකාරකො ච තං රූපියං දත්‍වා කම‍්මාරං සඤ‍්ඤාපෙති, අයම‍්පි පත‍්තො කප‍්පියවොහාරෙන ගහිතොපි දුතියපත‍්තසදිසොයෙව, මූලස‍්ස සම‍්පටිච‍්ඡිතත‍්තා අකප‍්පියො. කස‍්මා සෙසානං න කප‍්පතීති? මූලස‍්ස අනිස‍්සට‍්ඨත‍්තා.

යම් මහණෙක් තෙමේ කහවණු පිළිගන්නවා ගෙණ කැපකරු සමග කඹුරුගෙයකට ගොස් පාත්‍රයක් දැක ‘මේ පාත්‍රය මට රුස්නේය’යි කියාද, කැපකරු තෙමේද, ඒ කහවණුදී මේ පාත්‍රය කැප වහරින් ගන්නා ලද්දේද දෙවන පාත්‍රය සමානමැයි කඹුරහු හඟවාද, මිල පිළිගත් බැවින් නොකැප වේ. කුමක් හෙයින් සෙස්සන්ට කැප නොවේද, යත්: මිල නොහළ බැවිනි.

යො පන රූපියං අසම‍්පටිච‍්ඡිත්‍වා “ථෙරස‍්ස පත‍්තං කිණිත්‍වා දෙහී”ති පහිතකප‍්පියකාරකෙන සද‍්ධිං කම‍්මාරකුලං ගන‍්ත්‍වා පත‍්තං දිස‍්වා “ඉමෙ කහාපණෙ ගහෙත්‍වා ඉමං දෙහී”ති කහාපණෙ දාපෙත්‍වා ගහිතො, අයං පත‍්තො එතස‍්සෙව භික‍්ඛුනො න වට‍්ටති දුබ‍්බිචාරිතත‍්තා, අඤ‍්ඤෙසං පන වට‍්ටති, මූලස‍්ස අසම‍්පටිච‍්ඡිතත‍්තා.

යම් මහණෙක් තෙමේ කහවණු නොපිළිගෙණ ‘තෙරුන්ට පාත්‍රයක් මිලදීගෙන දෙව’යි යැවූ කැපකරුවකු සමග කඹුරුගෙයකට ගොස් පාත්‍රයක් දැක ‘මේ කහවණු ගෙණ මේ පාත්‍රය දෙව’යි කහවණු දෙවා ගත් මේ පාත්‍රය මෙම මහණහුට නොවටියි. නොමනාකොට පරීක්‍ෂා කළ බැවිනි. අන්‍යයන්ට වනාහි මිල නොපිළිගත් බැවින් වටියි.

මහාසුමත්‍ථෙරස‍්ස කිර උපජ‍්ඣායො අනුරුද‍්ධත්‍ථෙරො නාම අහොසි. සො අත‍්තනො එවරූපං පත‍්තං සප‍්පිස‍්ස පූරෙත්‍වා සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජි. තිපිටකචූළනාගත්‍ථෙරස‍්සපි සද‍්ධිවිහාරිකානං එවරූපො පත‍්තො අහොසි. තං ථෙරොපි සප‍්පිස‍්ස පූරාපෙත්‍වා සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාපෙසීති. ඉදං අකප‍්පියපත‍්තචතුක‍්කං.

මහාසුම්ම ස්ථවිරයන් වහන්සේගේ උපාද්ධ්‍යායයෝ අනුරුද්ධ නම් ස්ථවිරයන් වහන්සේ වූහ. හෙතෙමේ තමන්ගේ මෙබඳු පාත්‍රයක් ගිතෙල් පුරවා සඞ්ඝයාට නිසදූයේය. ත්‍රිපිටක චූලනාග ස්ථවිරයන් වහන්සේගේද සද්ධිවිහාරිකයන්ට මෙබඳු පාත්‍රයෙක් වූයේය. ස්ථවිර තෙමේ ඒ පාත්‍රය ගිතෙල් පුරවා සඞ්ඝයාට නිසදෙව්වේයි මෙය අකප්පිය පත්තචතුක්කයයි.

සචෙ පන රූපියං අසම‍්පටිච‍්ඡිත්‍වා “ථෙරස‍්ස පත‍්තං කිණිත්‍වා දෙහී”ති පහිතකප‍්පියකාරකෙන සද‍්ධිං කම‍්මාරකුලං ගන‍්ත්‍වා පත‍්තං දිස‍්වා “අයං මය‍්හං රුච‍්චතී”ති වා “ඉමාහං ගහෙස‍්සාමී”ති වා වදති, කප‍්පියකාරකො ච තං රූපියං දත්‍වා කම‍්මාරං සඤ‍්ඤාපෙති, අයං පත‍්තො සබ‍්බකප‍්පියො බුද‍්ධානම‍්පි පරිභොගාරහොති.

ඉදින් කහවණු නොපිළිගෙණ ‘තෙරුන්ට පාත්‍රයක් මිලදී ගෙන දෙව’යි යැවූ කැපකරු සමග කඹුරුගෙයකට ගොස් පාත්‍රයක් දැක ‘මේ පාත්‍රය මට රුස්නේය’යි හෝ ‘මේ පාත්‍රය මම ගන්නෙමි’යි හෝ කියාද, කැපකරු තෙමේ ඒ කහවණුදී ‘මේ පාත්‍රය සියල්ලන්ට කැපවේ. බුදුවරයන්ට පවා පරිභොගයට සුදුසු වේය’යි කඹුරාට හඟවයි.

අරූපියෙ රූපියසඤ‍්ඤීති ඛරපත‍්තාදීසු සුවණ‍්ණාදිසඤ‍්ඤී. ආපත‍්ති දුක‍්කටස‍්සාති සචෙ තෙන අරූපියං චෙතාපෙති දුක‍්කටාපත‍්ති හොති. එස නයො වෙමතිකෙ. අරූපියසඤ‍්ඤිස‍්ස පන පඤ‍්චහි සහධම‍්මිකෙහි සද‍්ධි “ඉදං ගහෙත්‍වා ඉදං දෙථා”ති කයවික‍්කයං කරොන‍්තස‍්සාපි අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“අරූපීයෙ රූපියසඤ්ඤී” බරපත්‍රාදීන් අතුරෙහි ස්වර්‍ණය යන හැඟීම් ඇත්තේය. “ආපත්ති දුක්කටස්ස” ඒ ඛරපත්‍රාදියෙන් කහවණු නොවූවත් ගණුදෙනු කෙරේ නම් දුක්කටාපත්තිය වේ. විමති ඇත්තහු කෙරෙහි මෙම නයවේ. කහවණු නොවූවෙක්හි එසේ හැඟීම් ඇතිව පස්සහදැහැමියන් සමග මෙය ‘ගෙණ මෙය දෙව’යි කයවික්‍රය කරන්නහුටද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

ඡසමුට‍්ඨානං, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

මේ ශික්‍ෂාපදය කයින් වචනයෙන් කායවාචායෙන් කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන් උපදින බැවින් ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාවෙන් උපදී. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකයි. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

රූපියසංවොහාරසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

රූපියසංවොහාරශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

කයවික‍්කයසික‍්ඛාපදවණ‍්ණනා

කයවික්කය ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති කයවික‍්කයසික‍්ඛාපදං. තත්‍ථ කති හිපි ත්‍යායන‍්ති කති තෙ අයං, හිකාරො පනෙත්‍ථ පදපූරණො, පිකාරො ගරහායං, අයං දුබ‍්බලසඞ‍්ඝාටි තව කති දිවසානි භවිස‍්සතීති අත්‍ථො. අථ වා කතිහම‍්පි ත්‍යායන‍්තිපි පාඨො. තත්‍ථ කතිහන‍්ති කති අහානි, කති දිවසානීති වුත‍්තං හොති. සෙසං වුත‍්තනයමෙව. කතිහිපි ම්‍යායන‍්ති ඉදම‍්පි එතෙනෙව නයෙන වෙදිතබ‍්බං. ගිහීපි නං ගිහිස‍්සාති එත්‍ථ නන‍්ති නාමත්‍ථෙ නිපාතො, ගිහී නාම ගිහිස‍්සාති වුත‍්තං හොති.

“තෙන සමයෙන”යි කයවික්කය ශික්‍ෂාපදයයි. එහි “කතිහි පිත්‍යායං” යනු ‘තාගේ මේ සඞ්ඝාටිය කොපමණ දවස් මෙහි හිතාරය පදපූරණය වේ. පිකාරය ගැරහීමෙහි වේ. ‘තාගේ දුර්‍වලසඞ්ඝාටිය කොපමණ දවස් වන්නේදැ’යි යන අර්‍ත්‍ථයි. නොහොත් ‘කතිහම්පිත්‍යායං’යිද පාඨය වේ. එහි “කතිහං” කොපමණ දිනද, කොපමණ දවස්යි කියන ලද්දේ වේ. සෙස්ස කියූ නයම වේ. “කතිහිපි මය්‍යායං” යන මෙද මෙම නයින් දතයුතුය. “ගිහීනම්පි ගිහිස්ස” යන මෙහි ‘නං’ යනු නාමාර්‍ත්‍ථයෙහි නිපාතයි. ගිහියෝ නම් ගිහියකුහටැයි කියන ලද්දේ වේ.

නානප‍්පකාරකන‍්ති චීවරාදීනං කප‍්පියභණ‍්ඩානං වසෙන අනෙකවිධං. තෙනෙවස‍්ස පදභාජනෙ චීවරං ආදිං කත්‍වා දසිකසුත‍්තපරියොසානං කප‍්පියභණ‍්ඩමෙව දස‍්සිතං. අකප‍්පියභණ‍්ඩපරිවත‍්තනඤ‍්හි කයවික‍්කයසඞ‍්ගහං න ගච‍්ඡති. කයවික‍්කයන‍්ති කයඤ‍්චෙව වික‍්කයඤ‍්ච. “ඉමිනා ඉමං දෙහී”තිආදිනා හි නයෙන පරස‍්ස කප‍්පියභණ‍්ඩං ගණ‍්හන‍්තො කයං සමාපජ‍්ජති, අත‍්තනො කප‍්පියභණ‍්ඩං දෙන‍්තො වික‍්කයං .

“නානප්පකාරකං” යනු චීවරාදීවූ කප්පිය භාණ්ඩයන්ගේ වසයෙන් නානාප්‍රකාර වේ. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි සිවුර දවාලූහුය. කෙළවරකොට කප්පිය භාණ්ඩයම දක්වන ලද්දේ වේ. අකප්පියභාණ්ඩ පරිවර්‍තනය ක්‍රයවික්‍රය සඞ්ග්‍රහයට නොයන්නේය. “කය වික්කයං” ක්‍රයද වික්‍රයද ‘මෙයින් මේ බඩුව දෙව, යනාදි නයින් අන්හුගේ කැප බඩුවක් ගන්නේ ක්‍රයට පැමිණේ. තමාගේ කැප බඩුවක් දෙන්නේ වික්‍රයට පැමිණේ.

අජ‍්ඣාචරතීති අභිභවිත්‍වා චරති, වීතික‍්කමවාචං භාසතීති අත්‍ථො. යතො කයිතඤ‍්ච හොති වික‍්කයිතඤ‍්චාති යදා කයිතඤ‍්ච හොති පරභණ‍්ඩං අත‍්තනො හත්‍ථගතං කරොන‍්තෙන, වික‍්කීතඤ‍්ච අත‍්තනො භණ‍්ඩං පරහත්‍ථගතං කරොන‍්තෙන. “ඉමිනා ඉම”න‍්තිආදිවචනානුරූපතො පන පාඨෙ පඨමං අත‍්තනො භණ‍්ඩං දස‍්සිතං.

“අජ්ඣාභරති”යි අභිභවනය කොට හැසිරේ. ව්‍යතික්‍රමවචන කියාය යන අර්‍ත්‍ථයි. “යතො කයිතඤ්ච හොති වික්කීතඤ්ච” යම්කලෙක්හි අන්හු අයත් බඩුවක් තමාගේ අතෙහි වූවක් කරන්නහු විසින් ගන්නා ලද්දේවේද, තමන් අයත් බඩුවක් අනුන්ගේ හස්තගත කරන්නන් විසින් දෙන ලද්දේවේද, “ඉමිනා ඉමං” යනාදි වචනයට අනුරූප හෙයින් පාඨයෙහි පළමුකොට තමන් අයත් භාණ්ඩය දක්වන ලද්දේය.

නිස‍්සජ‍්ජිතබ‍්බන‍්ති එවං පරස‍්ස හත්‍ථතො කයවසෙන ගහිතකප‍්පියභණ‍්ඩං නිස‍්සජ‍්ජිතබ‍්බං. අයඤ‍්හි කයවික‍්කයො ඨපෙත්‍වා පඤ‍්ච සහධම‍්මිකෙ අවසෙසෙහි ගිහිපබ‍්බජිතෙහි අන‍්තමසො මාතාපිතූහිපි සද‍්ධිං න වට‍්ටති.

“නිස්සජ්ජිතබ්බං” මෙසේ අන්‍යයාගේ අතින් ගණුදෙනු කිරීම් වසයෙන් ගන්නාලද කැප භාණ්ඩය නිසදිය යුතුය. මේ ගණුදෙනු කිරීම පස්සහදැහැමියන් හැර සෙසු ගිහීන් හා පැවිද්දන් හාද යටත් පිරිසෙයින් මවුපියන් හාද නොකටයුතුය.

තත්‍රායං විනිච‍්ඡයො – වත්‍ථෙන වා වත්‍ථං හොතු භත‍්තෙන වා භත‍්තං, යං කිඤ‍්චි කප‍්පියං “ඉමිනා ඉමං දෙහී”ති වදති, දුක‍්කටං. එවං වත්‍වා මාතුයාපි අත‍්තනො භණ‍්ඩං දෙති, දුක‍්කටං. “ඉමිනා ඉමං දෙහී”ති වුත‍්තො වා “ඉමං දෙහි, ඉමං තෙ දස‍්සාමී”ති වත්‍වා වා මාතුයාපි භණ‍්ඩං අත‍්තනා ගණ‍්හාති, දුක‍්කටං. අත‍්තනො භණ‍්ඩෙ පරහත්‍ථං පරභණ‍්ඩෙ ච අත‍්තනො හත්‍ථං සම‍්පත‍්තෙ නිස‍්සග‍්ගියං. මාතරං පන පිතරං වා “ඉමං දෙහී”ති වදතො විඤ‍්ඤත‍්ති න හොති. “ඉමං ගණ‍්හාහී”ති වදතො සද‍්ධාදෙය්‍යවිනිපාතනං න හොති. අඤ‍්ඤාතකං “ඉමං දෙහී”ති වදතො විඤ‍්ඤත‍්ති හොති. “ඉමං ගණ‍්හාහී”ති වදතො සද‍්ධාදෙය්‍යවිනිපාතනං හොති. “ඉමිනා ඉමං දෙහී”ති කයවික‍්කයං ආපජ‍්ජතො නිස‍්සග‍්ගියං. තස‍්මා කප‍්පියභණ‍්ඩං පරිවත‍්තෙන‍්තෙන මාතාපිතූහිපි සද‍්ධිං කයවික‍්කයං අඤ‍්ඤාතකෙහි සද‍්ධිං තිස‍්සො ආපත‍්තියො මොචෙන‍්තෙන පරිවත‍්තෙතබ‍්බං.

එහි මේ විනිශ්චයයි:- වස්ත්‍රයකින් වස්ත්‍රයක් හෝ වේවා, බතින් බතක් හෝ වේවා, යම්කිසි කැප භාණ්ඩයක් ‘මෙයින් මේ බඩුව දෙව’යි කියාද දුක්කටය වේ. මෙසේ කියා තමාගේ භාණ්ඩයක් මවටද දේද දුක්කටය වේ. මෙයින් මේ බඩුව දෙව’යි කියන ලද්දේ හෝ ‘මේ බඩුව දෙවා මේ බඩුව තට දෙමි’යි කියා හෝ මවුගේද, බඩුවක් තමා ගණීද, දුක්කටය වේ. තමන් අයත් බඩුව අන්හු අතටද අන්හු අයත් බඩුව තමන්ගේ අතටද පැමිණි කල්හි නිසගි වේ. මවුට හෝ පියාට හෝ මේ බඩුව දෙව’යි කියන්නහුට විඥප්තියක් නොවේ. ‘මේ ගණුව’යි දෙන්නහුට සද්ධාදෙය්‍ය විනිපතයෙක් නොවේ. නොනෑයකුට මෙය දෙව’යි විඥප්තිය වේ. ‘මෙය ගණුව’යි දෙන්නහුට සද්ධාදෙය්‍ය විනිපතනය වේ. ‘මෙය දෙව’යි ගණුදෙනුවට පැමිණෙන්නහුට නිසගි වේ. එහෙයින් කැපබඩුවක් පෙරළන්නහු විසින් මවුපියන්ද සමග ගණුදෙනු කිරීමද, අඤ්ඤාතක විඤ්ඤත්ති සද්ධාදෙය්‍ය විනිපාතන කයවික්කයාපත්ති සඞ්ඛ්‍යත වූ තුන් ඇවැතුන් මුදන්නහු විසින් නොනෑයන් සමග පරිවර්‍තනය කටයුතුය.

තත්‍රායං පරිවත‍්තනවිධි – භික‍්ඛුස‍්ස පාථෙය්‍යතණ‍්ඩුලා හොන‍්ති, සො අන‍්තරාමග‍්ගෙ භත‍්තහත්‍ථං පුරිසං දිස‍්වා “අම‍්හාකං තණ‍්ඩුලා අත්‍ථි, න ච නො ඉමෙහි අත්‍ථො, භත‍්තෙන පන අත්‍ථො”ති වදති. පුරිසො තණ‍්ඩුලෙ ගහෙත්‍වා භත‍්තං දෙති, වට‍්ටති. තිස‍්සොපි ආපත‍්තියො න හොන‍්ති. අන‍්තමසො නිමිත‍්තකම‍්මමත‍්තම‍්පි න හොති. කස‍්මා? මූලස‍්ස අත්‍ථිතාය. පරතො ච වුත‍්තමෙව “ඉදං අම‍්හාකං අත්‍ථි, අම‍්හාකඤ‍්ච ඉමිනා ච ඉමිනා ච අත්‍ථොති භණතී”ති. යො පන එවං අකත්‍වා “ඉමිනා ඉමං දෙහී”ති පරිවත‍්තෙති; යථාවත්‍ථුකමෙව . විඝාසාදං දිස‍්වා “ඉමං ඔදනං භුඤ‍්ජිත්‍වා, රජනං වා දාරූනි වා ආහරා”ති වදති, රජනඡල‍්ලිගණනාය දාරුගණනාය ච නිස‍්සග‍්ගියානි හොන‍්ති. “ඉමං ඔදනං භුඤ‍්ජිත්‍වා ඉදං නාම කරොථා”ති දන‍්තකාරාදීහි සිප‍්පිකෙහි ධමකරණාදීසු තං තං පරික‍්ඛාරං කාරෙති, රජකෙහි වා වත්‍ථං ධොවාපෙති; යථාවත්‍ථුකමෙව. න‍්හාපිතෙන කෙසෙ ඡින්‍දාපෙති, කම‍්මකාරෙහි නවකම‍්මං කාරෙති; යථාවත්‍ථුකමෙව. සචෙ පන “ඉදං භත‍්තං භුඤ‍්ජිත්‍වා ඉදං කරොථා”ති න වදති “ඉදං භත‍්තං භුඤ‍්ජ භුත‍්තොසි භුඤ‍්ජිස‍්සසි, ඉදං නාම කරොහී”ති වදති, වට‍්ටති. එත්‍ථ ච කිඤ‍්චාපි වත්‍ථධොවනෙ වා කෙසච‍්ඡෙදනෙ වා භූමිසොධනාදිනවකම‍්මෙ වා පරභණ‍්ඩං අත‍්තනො හත්‍ථගතං නිස‍්සජ‍්ජිතබ‍්බං නාම නත්‍ථි. මහාඅට‍්ඨකථායං පන දළ‍්හං කත්‍වා වුත‍්තත‍්තා න සක‍්කා එතං පටික‍්ඛිපිතුං, තස‍්මා යථා නිස‍්සග‍්ගියවත්‍ථුම‍්හි පරිභුත‍්තෙ වා නට‍්ඨෙ වා පාචිත‍්තියං දෙසෙති, එවමිධාපි දෙසෙතබ‍්බං.

එහි මේ පරිවර්‍තන විධියයි:- මහණහුට මඟවියදම් පිණිස සහල් ඇත්තේය. හෙතෙමේ අතරමගදී බත් අතේ ඇති පුරුෂයකු දැක ‘අපට සහල් ඇත්තේය. අපට මේ සහලින් ප්‍රයෝජන නැත, බතින් නම් ප්‍රයෝජන ඇත්තේ’යි කියාද, පුරුෂතෙමේ සහල් ගෙණ බත් දේද වටියි. අඤ්ඤත්තකවිඤ්ඤත්ති සද්ධාදෙය්‍යවිනිපාතනකයවික්කයාපත්තීහු නොවෙත් යටත් පිරිසෙයින් නිමිත්තකර්‍මමාත්‍රයෙක්ද නොවේ. කුමක් හෙයින, යත්: මිල ඇති බැවිනි. ‘ඉදං අම්හාකං අත්‍ථි අම්හාකඤ්ච ඉමිනාච අත්‍ථොති භණති’යි පසුභාගයෙහිද කියන ලද්දේමය. යම් මහණෙක් තෙමේ මෙසේ නොකොට ‘මෙයින් මෙය දෙවා’යි පරිවර්‍තනය කෙරේද, වස්තුවට අනුරූපවූ ඇවැත්මය. ඉඳුල් කන්නකු දැක ‘මේ බත් අනුභව කොට පඬුපතුරු හෝ දර හෝ ගෙණ එව’යි කියාද, පඬුපතුරු ගණනින්ද දර ගණනින්ද, නිසගි ඇවැත්හු වෙත්. මේ බත් අනුභවකොට ‘මෙය කරවු’යි දන්තකාරකාදීවූ ශිල්පීන් ලවා ඩබරාදීන් අතුරෙහි ඒ ඒ පිරිකර කරවාද, රදවුන් ලවා හෝ වස්ත්‍ර ධොවනය කරවාද වස්තුන්ට අනුරූපවූ ඇවැත්මය. කරනවෑමියකු ලවා කෙස් සිඳවාද කම්කරුවන් ලවා නව කර්‍මාන්ත කරවාද, වස්තූන්ට අනුරූප වූ ඇවැත්මය. ‘මේ බත අනුභව කොට මේ කර්‍මාන්තය කරවු’යි නොකියාද, ‘මේ බන අනුභව කරවා අනුභව කරන ලද්දේ වෙහි, අනුභව කරන්නෙහි, මෙනම් කර්‍මාන්තය කරව’යි කියාද වටියි. මෙහිද කිසිසේත් වස්ත්‍ර ධොවනයෙහි හෝ කෙස් සිඳීමෙහි හෝ භූමිශොධනාදීවූ නවකර්‍මාන්තයෙහි හෝ මෙරමා සතු බඩුවක් තම අතට පත්වූයේ නිසදිය යුත්තෙක් නම් නැත්තේය. මහාඅර්‍ත්‍ථකථාවෙහි දැඩිකොට කියූ බැවින් මේ කීම වළකාලන්නට නොහැක්කේය. එහෙයින් යම්සේ නිසගිවස්තුවක් පරිභොග කළ කල්හි හෝ නැසුනු කල්හි හෝ පාචිත්තිය දෙසාද, එසේ මෙහිද දෙසිය යුතුය.

කයවික‍්කයෙ කයවික‍්කයසඤ‍්ඤීතිආදිම‍්හි යො කයවික‍්කයං සමාපජ‍්ජති, සො තස‍්මිං කයවික‍්කයසඤ‍්ඤී වා භවතු වෙමතිකො වා, න කයවික‍්කයසඤ‍්ඤී වා නිස‍්සග‍්ගියපාචිත‍්තියමෙව. චූළත‍්තිකෙ ද‍්වීසු පදෙසු දුක‍්කටමෙවාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

“කයවික්කයෙ කයවික්කයසඤ්ඤී”යි යනාදියෙහි යමෙක් තෙමේ ගණුදෙනු කිරීමට පැමිණේද, හෙතෙමේ එහි ගණුදෙනු කරන හැඟීම් ඇත්තෙක් හෝ වේවා, විමති ඇත්තෙක් හෝ වේවා, ගණුදෙනු කරන හැඟීම් නැත්තෙක් හෝ වේවා, නිස්සග්ගියපාචිත්තියම වේ. මූලත්‍රිකයෙහි දෙපදයන්හි දුක්කටය මැයි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය.

අග‍්ඝං පුච‍්ඡතීති “අයං තව පත‍්තො කිං අග‍්ඝතී”ති පුච‍්ඡති. “ඉදං නාමා”ති වුත‍්තෙ පන සචෙ තස‍්ස කප‍්පියභණ‍්ඩං මහග‍්ඝං හොති, එවඤ‍්ච නං පටිවදති “උපාසක, මම ඉදං වත්‍ථු මහග‍්ඝං, තව පත‍්තං අඤ‍්ඤස‍්ස දෙහී”ති. තං සුත්‍වා ඉතරො “අඤ‍්ඤං ථාලකම‍්පි දස‍්සාමී”ති වදති ගණ‍්හිතුං වට‍්ටති, “ඉදං අම‍්හාකං අත්‍ථී”ති වුත‍්තලක‍්ඛණෙ පතති . සචෙ සො පත‍්තො මහග‍්ඝො, භික‍්ඛුනො වත්‍ථු අප‍්පග‍්ඝං, පත‍්තසාමිකො චස‍්ස අප‍්පග‍්ඝභාවං න ජානාති, පත‍්තො න ගහෙතබ‍්බො, “මම වත්‍ථු අප‍්පග‍්ඝ”න‍්ති ආචික‍්ඛිතබ‍්බං. මහග‍්ඝභාවං ඤත්‍වා වඤ‍්චෙත්‍වා ගණ‍්හන‍්තො හි ගහිතභණ‍්ඩං අග‍්ඝාපෙත්‍වා කාරෙතබ‍්බතං ආපජ‍්ජති. සචෙ පත‍්තසාමිකො “හොතු, භන‍්තෙ, සෙසං මම පුඤ‍්ඤං භවිස‍්සතී”ති දෙති, වට‍්ටති.

“අග්ඝ පුච්ඡති” ‘මේ තාගේ පාත්‍රය කුමක් අගීදැ’යි විචාරයි. ‘මෙනම්’යි කියූ කල්හි ඉදින් ඔහුගේ කැප බඩුව මැහැඟිවේද, මෙසේද ඔහුට ‘උපාසක’ මාගේ මේ වස්තුව මාහැඟිය, තාගේ පාත්‍රය අනිකක්හට දෙව’යි නැවැත කියාද, ඒ අසා අන්‍යයා අන්තලියකුදු දෙන්නෙමි’යි කියාද, ගැණිම වටියි. ‘අපගේ මෙනම් බඩුවක් ඇතැයි කියූ ලක්‍ෂණයෙහි වැටේ. ඒ පාත්‍රය මහැඟිවේද, මහණහුගේ වස්තුව මද අගය ඇත්තේද, පාත්‍ර ස්වාමිතෙමේ මේ වස්තුවෙහි අගය අඩුබව නොදනී නම්, පාත්‍රය නොගත යුතුය. ‘මාගේ වස්තුව මද අගය ඇත්තේයයි කියයුත්තේය. මහැඟිබව දැන වඤ්චාකොට ගන්නේ බඩුව අගය කරවා කරවිය යුතුබවට පැමිණේ. ඉදින් පාත්‍රස්වාමි තෙමේ ‘ස්වාමීනි’ වේවා, සෙස්ස මට පින් වන්නේයයි දේ නම් වටියි.

කප‍්පියකාරකස‍්ස ආචික‍්ඛතීති යස‍්ස හත්‍ථතො භණ‍්ඩං ගණ‍්හාති, තං ඨපෙත්‍වා අඤ‍්ඤං අන‍්තමසො තස‍්ස පුත‍්තභාතිකම‍්පි කප‍්පියකාරකං කත්‍වා “ඉමිනා ඉමං නාම ගහෙත්‍වා දෙහී”ති ආචික‍්ඛති. සො චෙ ඡෙකො හොති, පුනප‍්පුනං අපනෙත්‍වා විවදිත්‍වා ගණ‍්හාති, තුණ‍්හීභූතෙන ඨාතබ‍්බං. නො චෙ ඡෙකො හොති, න ජානාති ගහෙතුං, වාණිජකො තං වඤ‍්චෙති, “මා ගණ‍්හා”ති වත‍්තබ‍්බො.

“කප්පිය කාරකස්ස ආචික්‍ඛති”යි යමකු අතින් බඩුවක් ගණීද, ඔහු හැර යටත් පිරිසෙයින් ඔහුගේ අන්‍යවූ පුතකු සහෝදරයකු කැපකරු කොට ‘මෙයින් මෙනම් බඩුව ගණ දෙව’යි කියාද, හෙතෙමේ දක්‍ෂ වේ. නැවැත නැවැත ගෙණ අවුත් විවාද කොට ගණිද, නොබෙණෙන්නහු විසින් සිටිය යුතුය. දක්‍ෂ නොවේනම් ගන්නට නොදනීද, වෙළඳ තෙමේ ඔහු රවටාද, නොගණුවයි කියයුතුය.

ඉදං අම‍්හාකන‍්තිආදිම‍්හි “ඉදං පටිග‍්ගහිතං තෙලං වා සප‍්පි වා අම‍්හාකං අත්‍ථි, අම‍්හාකඤ‍්ච අඤ‍්ඤෙන අප‍්පටිග‍්ගහිතකෙන අත්‍ථො”ති භණති. සචෙ සො තං ගහෙත්‍වා අඤ‍්ඤං දෙති, පඨමං අත‍්තනො තෙලං න මිනාපෙතබ‍්බං. කස‍්මා? නාළියඤ‍්හි අවසිට‍්ඨතෙලං හොති, තං පච‍්ඡා මිනන‍්තස‍්ස අප‍්පටිග‍්ගහිතකං දූසෙය්‍යාති. සෙසං උත‍්තානමෙව.

‘ඉදං අම්හාකං’ යනාදියෙහි ‘මේ පිළිගත් තෙල් හෝ ගිතෙල් අපට ඇත්තේය, අපටද අනික් පිළිගන්නා ලද්දකින් ප්‍රයෝජන ඇත්තේය’යි කියාද, ඉදින් හෙතෙමේ එය ගෙන අනිකක් දේද, පළමුකොට තමාගේ තෙල් නොමැන්නවිය යුතුය. කුමක් හෙයින, යත්:- හැළියෙහි ඉතිරි තෙල් වේද, ඒ තෙල් පසුව මනින්නහුගේ නොපිළිගත් තෙල් දූෂිත කරන්නේද, එහෙයින් සෙස්ස ප්‍රකටමය.

ඡසමුට‍්ඨානං, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

කයින් වචනයෙන් කායවාචායෙන් කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන් උපදින බැවින් ෂඩ් සමුත්‍ථානිකය ක්‍රියාවෙන් හටගනියි. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

කයවික‍්කයසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

කයවික්කය ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

නිට‍්ඨිතො කොසියවග‍්ගො දුතියො.

ද්විතීය කොසියවර්‍ගයද නිමියේය.