යෙදුමෙන් කියවන්න

පත‍්තසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

පත‍්තසික‍්ඛාපදවණ‍්ණනා

පත්ත ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති පත‍්තසික‍්ඛාපදං. තත්‍ථ පත‍්තවාණිජ‍්ජන‍්ති ගාමනිගමාදීසු විචරන‍්තා පත‍්තවාණිජ‍්ජං වා කරිස‍්සන‍්ති. ආමත‍්තිකාපණං වාති අමත‍්තානි වුච‍්චන‍්ති භාජනානි, තානි යෙසං භණ‍්ඩං තෙ ආමත‍්තිකා, තෙසං ආමත‍්තිකානං ආපණං ආමත‍්තිකාපණං, කුලාලභණ‍්ඩවාණිජකාපණන‍්ති අත්‍ථො.

“තෙන සමයෙන”යි පත්ත ශික්‍ෂාපදයයි. එහි “පත්තවණිජ්ජං” යනු ගම් නියම්ගම්හි හැසිරෙන්නෝ පාත්‍ර වෙළඳාම හෝ කරන්නාහුය. “ආමත්තිකාපණං වා” භාජනයෝ ආමත්තිකායි කියනු ලැබෙත්. ඒ භාජනයෝ යම් කෙනකුන්හට විකිණිය යුතු භාණ්ඩ කොට ඇත්තාහුද ඔවුහු ආමත්තිකයෝය. ඒ ආමත්තිකයන්ගේ කඩපිළ ‘ආමත්තිකාපණ’ නමි. කුඹල් බඩු විකුණන වෙළඳුන්ගේ කඩපිළය යන අර්‍ත්‍ථයි.

තයො පත‍්තස‍්ස වණ‍්ණාති තීණි පත‍්තස‍්ස පමාණානි. අඩ‍්ඪාළ‍්හකොදනං ගණ‍්හාතීති මගධනාළියා ද‍්වින‍්නං තණ‍්ඩුලනාළීනං ඔදනං ගණ‍්හාති. මගධනාළි නාම අඩ‍්ඪතෙරසපලා හොතීති අන්‍ධකට‍්ඨකථායං වුත‍්තං. සීහළදීපෙ පකතිනාළි මහන‍්තා, දමිළනාළි ඛුද‍්දකා, මගධනාළි පමාණයුත‍්තා, තාය මගධනාළියා දියඩ‍්ඪනාළි එකා සීහළනාළි හොතීති මහාඅට‍්ඨකථායං වුත‍්තං. චතුභාගං ඛාදනන‍්ති ඔදනස‍්ස චතුත්‍ථභාගප‍්පමාණං ඛාදනං, තං හත්‍ථහාරියස‍්ස මුග‍්ගසූපස‍්ස වසෙන වෙදිතබ‍්බං. තදුපියං බ්‍යඤ‍්ජනන‍්ති තස‍්ස ඔදනස‍්ස අනුරූපං මච‍්ඡමංසසාකඵලකළීරාදිබ්‍යඤ‍්ජනං.

“තයො පත්තස්ස වණ්ණා” පාත්‍රයෙහි ප්‍රමාණ තුනෙකි. “අඩ්ඪාළ්හකොදනං ගණාති” මගධ නැළියෙන් සහල් නැළි දෙකක බත් ගණියි. මගධ නැළිය නම් අඩතෙලෙස් පලමෙක් වේයයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. ආචාර්‍ය්‍යධර්‍මපාල ස්ථවිරයන් වහන්සේ ප්‍රකෘතියෙන් සිවු මිටෙක් කුඩුබයෙක. සිවුකුඩුබයෙක් නැළියෙක. ඒ නැළියෙන් සොළොස් නැළියෙන් ද්‍රොණයෙක. ඒ ද්‍රොණය, මගධ නැළියෙන් දොළොස් නැළියක් වේය’යි කියන ලදි. එනයින් මගධ නැළියනම්, පස් කුඩුබ එක් මිටක් හා තවත් මිටකින් තෙවන කොටසද යන මෙකියූ පමණ ගණීයයි දතයුතුය. හෙළදිවයිනැ පියවිනැළිය මහත්වන්නීය. ද්‍රවිඩ නැළිය කුඩා වන්නීය. මගධ නැළිය ප්‍රමාණ යුක්තය. ඒ මගධ නැළියෙන් නැළි එකහමාරක් එක් හෙළ නැළියක් වේය’යි මහාඅත්‍ථකථාවෙහි කියනලදී. “චතුභාගං ඛාදනං” බතෙහි සිවුවන කොටස පමණ කැවිලිය. ඒ කැවිලි අතින් ගතහැකි මුද්ගසූපයාගේ වසයෙන් දතයුතුය. “තදුපියඤ්ච බ්‍යඤ්ජනං” ඒ බතට සෑහෙන පමණවූ මස් මාංස පලාපල කිළිල් ආදී බ්‍යඤ්ජනය.

තත්‍රායං විනිච‍්ඡයො – අනුපහතපුරාණසාලිතණ‍්ඩුලානං සුකොට‍්ටිතපරිසුද‍්ධානං ද‍්වෙ මගධනාළියො ගහෙත්‍වා තෙහි තණ‍්ඩුලෙහි අනුත‍්තණ‍්ඩුලං අකිලින‍්නං අපිණ‍්ඩිතං සුවිසදං කුන්‍දමකුළරාසිසදිසං අවස‍්සාවිතොදනං පචිත්‍වා නිරවසෙසං පත‍්තෙ පක‍්ඛිපිත්‍වා තස‍්ස ඔදනස‍්ස චතුත්‍ථභාගප‍්පමාණො නාතිඝනො නාතිතනුකො හත්‍ථහාරියො සබ‍්බසම‍්භාරසඞ‍්ඛතො මුග‍්ගසූපො පක‍්ඛිපිතබ‍්බො. තතො ආලොපස‍්ස ආලොපස‍්ස අනුරූපං යාවචරිමාලොපප‍්පහොනකං මච‍්ඡමංසාදිබ්‍යඤ‍්ජනං පක‍්ඛිපිතබ‍්බං, සප‍්පිතෙලතක‍්කරසකඤ‍්ජිකාදීනි පන ගණනූපගානි න හොන‍්ති, තානි හි ඔදනගතිකානෙව, නෙව හාපෙතුං න වඩ‍්ඪෙතුං සක‍්කොන‍්ති. එවමෙතං සබ‍්බම‍්පි පක‍්ඛිත‍්තං සචෙ පත‍්තස‍්ස මුඛවට‍්ටියා හෙට‍්ඨිමරාජිසමං තිට‍්ඨති, සුත‍්තෙන වා හීරෙන වා ඡින්‍දන‍්තස‍්ස සුත‍්තස‍්ස වා හීරස‍්ස වා හෙට‍්ඨිමන‍්තං ඵුසති, අයං උක‍්කට‍්ඨො නාම පත‍්තො. සචෙ තං රාජිං අතික‍්කම‍්ම ථූපීකතං තිට‍්ඨති, අයං උක‍්කට‍්ඨොමකො නාම පත‍්තො. සචෙ තං රාජිං න සම‍්පාපුණාති, අන‍්තොගතමෙව හොති, අයං උක‍්කට‍්ඨුක‍්කට‍්ඨො නාම පත‍්තො.

එහි මේ විනිශ්චයයි: මනාකොට කෙටූ මනාකොට පිරිසිදු කළ නොකැඩුනු පරණ ඇල් සහලින් මගධ නැළි දෙකක් ගෙන ඒ සහලින් නොපැසුනු සහල් නැති නොකෙළසුනු හෙවත් බෙරිනොවූ කැටිනොවූ උලක උල නොබැඳුනු කොඳකැකුළු රැසක් වැනිවූ නොබෙරිබත පිසා ඉතිරි නොකොට පාත්‍රයෙහි බහා ඒ බතෙහි සිවුවන කොටස පමණවූ ඉතා ඝන නොවූ ඉතා තුනී නොවූ අතින් ගතහැකි වූ සියලු කුළුබඩුවෙන් මනාකොට පිළියෙල කළ මුද්ගසූපය එහි බැහිය යුතුය. ඉක්බිති පිඩකට පිඩකට සෑහෙන අවසන් පිඩ දක්වා පොහොනා මස් මාංසදිව්‍යඤ්ජන බහාලිය යුතුය. ගිතෙල් තෙල් මෝරු රසකාඩි ආදීහු ගිණීමට නොපැමිණෙන්. ඒ ගිතෙල් ආදීහු ප්‍රසන්න හෙයින් ඔදනගතිකම වෙත්. පිරිහෙලන්නට වඩන්නට නොහැකිවෙත්. මෙසේ බැහූ මේ සියල්ලම පාමුවවිටෙහි යට රෙඛාව සමව සිටීනම්, හුයකින් හෝ හිරටකින් හෝ ගසන කල්හි පාමුදුනෙහි හසුරුවන හුයෙහි හෝ හිරටෙහි යටකෙළවර පහසා නම් හෙවත් යට කෙළවරෙහි වදීනම් මේ පාත්‍රය උක්කට්ඨපත්ත නම්වේ. ඒ ඉර ඉක්මවා මුදුන් කරනලදුව සිටීද, මේ පාත්‍රය උක්කට්ඨොමක පත්ත නම්වේ. ඒ ඉරට නොපැමිණේද, ඇතුළට පැමිණියක්ම වේද, මේ පාත්‍රය උක්කට්ඨුක්කට්ඨපත්ත නම්වේ.

නාළිකොදනන‍්ති මගධනාළියා එකාය තණ‍්ඩුලනාළියා ඔදනං. පත්‍ථොදනන‍්ති මගධනාළියා උපඩ‍්ඪනාළිකොදනං. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අයං පන නාමමත‍්තෙ විසෙසො – සචෙ නාළිකොදනාදි සබ‍්බම‍්පි පක‍්ඛිත‍්තං වුත‍්තනයෙනෙව හෙට‍්ඨිමරාජිසමං තිට‍්ඨති, අයං මජ‍්ඣිමො නාම පත‍්තො. සචෙ තං රාජිං අතික‍්කම‍්ම ථූපීකතං තිට‍්ඨති, අයං මජ‍්ඣිමොමකො නාම පත‍්තො. සචෙ තං රාජිං න සම‍්පාපුණාති අන‍්තොගතමෙව හොති, අයං මජ‍්ඣිමුක‍්කට‍්ඨො නාම පත‍්තො. සචෙ පත්‍ථොදනාදි සබ‍්බම‍්පි පක‍්ඛිත‍්තං හෙට‍්ඨිමරාජිසමං තිට‍්ඨති, අයං ඔමකො නාම පත‍්තො. සචෙ තං රාජිං අතික‍්කම‍්ම ථූපීකතං තිට‍්ඨති, අයං ඔමකොමකො නාම පත‍්තො. සචෙ තං රාජිං න පාපුණාති අන‍්තොගතමෙව හොති, අයං ඔමකුක‍්කට‍්ඨො නාම පත‍්තොති එවමෙතෙ නව පත‍්තා. තෙසු ද‍්වෙ අපත‍්තා උක‍්කට‍්ඨුක‍්කට‍්ඨො ච ඔමකොමකො ච. “තතො උක‍්කට‍්ඨො අපත‍්තො ඔමකො අපත‍්තො”ති ඉදඤ‍්හි එතෙ සන්‍ධාය වුත‍්තං. උක‍්කට‍්ඨුක‍්කට‍්ඨො හි එත්‍ථ උක‍්කට‍්ඨතො උක‍්කට‍්ඨත‍්තා “තතො උක‍්කට‍්ඨො අපත‍්තො”ති වුත‍්තො. ඔමකොමකො ච ඔමකතො ඔමකත‍්තා තතො ඔමකො අපත‍්තොති වුත‍්තො. තස‍්මා එතෙ භාජනපරිභොගෙන පරිභුඤ‍්ජිතබ‍්බා, න අධිට‍්ඨානුපගා, න විකප‍්පනුපගා. ඉතරෙ පන සත‍්ත අධිට‍්ඨහිත්‍වා වා විකප‍්පෙත්‍වා වා පරිභුඤ‍්ජිතබ‍්බා, එවං අකත්‍වා තං දසාහං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති තං සත‍්තවිධම‍්පි පත‍්තං දසාහපරමං කාලං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

“නාළිකොදනං” යනු මගධ නැලියෙන් එක් සහල් නැළියක බත. “පත්‍ථොදනං” මගධ නැළියෙන් නැළිබාගයක බත. සෙස්ස කියූ නයින්ම දතයුතුය. මේ වනාහි නාමමාත්‍රයෙහි වෙනසයි. නැළියක බත් ආදි සියල්ල බහාලන ලද්දේ කියූ ලෙසින්ම යට රෙඛාව සමව සිටීනම් මේ මජ්ඣිමපත්ත නම්වේ. ඒ රෙඛාව ඉක්මවා මුදුන් කරන ලදුව සිටීනම් මේ පාත්‍රය මජ්ඣිමොමකපත්ත නම්වේ. ඒ රෙඛාවට නොපැමිණේද ඇතුළතම වූයේද, මේ පාත්‍රය මජ්ඣිමුත්තට්ඨපත්ත නම් වේ. නැළිබාගයක බත් ආදි සියල්ල බහන ලද්දේ යට රෙඛාවට සමව සිටීනම් මේ පාත්‍රය ඔමකපත්ත නම්වේ. ඉදින් ඒ රෙඛාව ඉක්ම මුදුන් කරනලදුව සිටීද, මේ පාත්‍රය ඔමකොමකපත්ත නම්වේ. ඒ රෙඛාවට නොපැමිණේද, ඇතුළත වූයේමවේද, මේ පාත්‍රය ඔමකුක්කට්ඨපත්ත නම්වේ. මෙසේ මේ පාත්‍ර නවයෙක් වේ. ඒ පාත්‍ර අතුරෙහි උක්කට්ඨුක්කට්ඨපාත්‍රය හා ඔමකොමකපාත්‍රය පාත්‍ර නොවේ. “තතො උක්කට්ඨො අපත්තො ඔමකො අපත්තො” යන මෙය මේ පාත්‍රදෙක සඳහා කියන ලදි. “උක්කට්ඨුක්කට්ඨා” මෙහි උත්කර්‍ෂයටත් වඩා උත්කර්‍ෂ බැවින් ‘තතො උක්කට්ඨො අපත්තො’යි කියනලදි. ඔමකොමකපාත්‍රයද අඩුපාත්‍රයටත් වඩා අඩු බැවින් ‘තතො ඔමකො අපත්තො’යි කියනලදි. එහෙයින් මේ පාත්‍ර නොවූවාහු භාජනපරිභොගයෙන් පරිභොග කටයුත්තාහු අධිෂ්ඨානයට නොසුදුස්සහ. විකප්පනයට නොසුදුස්සහ. අන්‍යවූ පාත්‍රස්ත අධිෂ්ඨානකොට හෝ විකප්පනය කොට හෝ පරිභොග කටයුත්තාහ. මෙසේ නොකොට ඒ පාත්‍රය දසදවසක් පරම කොට ඇති කාලය ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය’යි. සත්වැදෑරුම්වූම ඒ පාත්‍රය දස දවසක් පරමකොට ඇති කාලය ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේයයි දතයුතුය.

නිස‍්සග‍්ගියං පත‍්තං අනිස‍්සජ‍්ජිත්‍වා පරිභුඤ‍්ජතීති යාගුං පිවිත්‍වා ධොතෙ දුක‍්කටං, ඛඤ‍්ජකං ඛාදිත්‍වා භත‍්තං භුඤ‍්ජිත්‍වා ධොතෙ දුක‍්කටන‍්ති එවං පයොගෙ පයොගෙ දුක‍්කටං.

“නිස්සග්ගියං පත්තං අනිස්සජිත්‍වා පරිභුඤ්ජති” යනු කැඳ බී සේදූ කල්හි දුක්කටය වේ. කැවිලි හා බත් අනුභව කොට සේදූ කල්හි දුක්කටයයි මෙසේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ.

අනාපත‍්ති අන‍්තොදසාහං අධිට‍්ඨෙති විකප‍්පෙතීති එත්‍ථ පන පමාණයුත‍්තස‍්සපි අධිට‍්ඨානවිකප‍්පනුපගත‍්තං එවං වෙදිතබ‍්බං – අයොපත‍්තො පඤ‍්චහි පාකෙහි මත‍්තිකාපත‍්තො ද‍්වීහි පාකෙහි පක‍්කො අධිට‍්ඨානුපගො, උභොපි යං මූලං දාතබ‍්බං, තස‍්මිං දින‍්නෙයෙව. සචෙ එකොපි පාකො ඌනො හොති, කාකණිකමත‍්තම‍්පි වා මූලං අදින‍්නං, න අධිට‍්ඨානුපගො. සචෙපි පත‍්තසාමිකො වදති “යදා තුම‍්හාකං මූලං භවිස‍්සති, තදා දස‍්සථ, අධිට‍්ඨහිත්‍වා පරිභුඤ‍්ජථා”ති නෙව අධිට‍්ඨානුපගො හොති, පාකස‍්ස හි ඌනත‍්තා පත‍්තසඞ‍්ඛං න ගච‍්ඡති, මූලස‍්ස සකලස‍්ස වා එකදෙසස‍්ස වා අදින‍්නත‍්තා සකභාවං න උපෙති, අඤ‍්ඤස‍්සෙව සන‍්තකො හොති, තස‍්මා පාකෙ ච මූලෙ ච නිට‍්ඨිතෙයෙව අධිට‍්ඨානුපගො හොති. යො අධිට‍්ඨානුපගො, ස‍්වෙව විකප‍්පනුපගො, සො හත්‍ථං ආගතොපි අනාගතොපි අධිට‍්ඨාතබ‍්බො විකප‍්පෙතබ‍්බො වා. යදි හි පත‍්තකාරකො මූලං ලභිත්‍වා සයං වා දාතුකාමො හුත්‍වා “අහං, භන‍්තෙ, තුම‍්හාකං පත‍්තං කත්‍වා අසුකදිවසෙ නාම පචිත්‍වා ඨපෙස‍්සාමී”ති වදති, භික‍්ඛු ච තෙන පරිච‍්ඡින‍්නදිවසතො දසාහං අතික‍්කාමෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. සචෙ පන පත‍්තකාරකො “අහං තුම‍්හාකං පත‍්තං කත්‍වා පචිත්‍වා සාසනං පෙසෙස‍්සාමී”ති වත්‍වා තථෙව කරොති, තෙන පෙසිතභික‍්ඛු පන තස‍්ස භික‍්ඛුනො න ආරොචෙති, අඤ‍්ඤො දිස‍්වා වා සුත්‍වා වා “තුම‍්හාකං, භන‍්තෙ, පත‍්තො නිට‍්ඨිතො”ති ආරොචෙති, එතස‍්ස ආරොචනං නපමාණං. යදා පන තෙන පෙසිතොයෙව ආරොචෙති, තස‍්ස වචනං සුතදිවසතො පට‍්ඨාය දසාහං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. සචෙ පත‍්තකාරකො “අහං තුම‍්හාකං පත‍්තං කත්‍වා පචිත්‍වා කස‍්සචි හත්‍ථෙ පහිණිස‍්සාමී”ති වත්‍වා තථෙව කරොති, පත‍්තං ගහෙත්‍වා ආගතභික‍්ඛු පන අත‍්තනො පරිවෙණෙ ඨපෙත්‍වා තස‍්ස න ආරොචෙති, අඤ‍්ඤො කොචි භණති “අපි, භන‍්තෙ, අධුනා ආභතො පත‍්තො සුන්‍දරො”ති! “කුහිං, ආවුසො, පත‍්තො”ති? “ඉත්‍ථන‍්නාමස‍්ස හත්‍ථෙ පෙසිතො”ති. එතස‍්සපි වචනං න පමාණං. යදා පන සො භික‍්ඛු පත‍්තං දෙති , ලද‍්ධදිවසතො පට‍්ඨාය දසාහං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. තස‍්මා දසාහං අනතික‍්කාමෙත්‍වාව අධිට‍්ඨාතබ‍්බො විකප‍්පෙතබ‍්බො වා.

“අනාපත්ති අන්තොදසාහං අධිට්ඨෙති විකප්පෙති”යි මෙහි වනාහි පමණින් යුත් පාත්‍රයෙහිද අධිෂ්ඨානයට හා විකප්පනයට සුදුසු බව මෙසේ දතයුතුය. අයොමය පාත්‍රය පස්පාකයකින්ද මත්තිකාපාත්‍රය දෙපාකයකින්ද පිසන ලද්දේ අධිෂ්ඨානයට සුදුසු වේ. පත්‍රදෙකටම යම් මිලක් දිය යුත්තේද, ඒ මිලය. දුන්කල්හිම අධිෂ්ඨානයට සුදුසු වේ. එක් පාකයෙන් අඩුවූයේ වේද, දෙවියැට සමාරකුදු හෙවත් ඇටකාසියක් නමුදු මිල නොදෙන ලද්දේද, අධිෂ්ඨානයට නොසුදුසු වෙත්. ඉදින් පාත්‍රස්වාමි තෙමේ ‘නුඹ වහන්සේලාට යම් කලෙක මිල වන්නේද එකල්හි දුනමැනැවැ’ ඉටා පරිභොග කළ මැනැවැ’යි කියාද ඉටිමට සුදුසු නොවේමය. යම් හෙයකින් පාකය අඩු වූ බැවින් පාත්‍ර සඞ්ඛ්‍යාවට නොයේද, සියලු මිල හෝ එක් කොටසක් හෝ නොදුන් බැවින් තමන් සතු බවට නොපැමිණේද අන්හුට අයත්වේද, එහෙයින් පාකය හා මිලය නිමිකල්හිම අධිෂ්ඨානයට සුදුසු වේ. යම් පාත්‍රයෙක් අධිෂ්ඨානයට සුදුසුවේද, ඒ පාත්‍රය විකප්පනයටත් සුදුසු වේ. ඒ පාත්‍රය අතට ආයේද, නොආයේද ඉටිය යුතුය. විකපිය යුතුය. පාත්‍රකාරක තෙමේ මිල ලැබ තෙමේ හෝ දෙනු කැමැතිව ‘ස්වාමීනි’ මම නුඹවහන්සේට පාත්‍රයක් කොට අසුවල් දිනයෙහි පිස තබන්නෙමි’යි කියාද, මහණ තෙමේද ඔහු විසින් පිරිසිඳින ලද දිනයෙන් දසදවස ඉක්මවා නම් නිස්සග්ගිය පාචිත්තිය වේ. ඉදින් පත්‍රකාරකතෙමේ ‘මම නුඹවහන්සේට පාත්‍රයක් කොට අසුවල් දිනයෙහි හසුනක් එවන්නෙමි’යි කියා එසේම කෙරේද, ඔහු විසින් එවූ මහණ තෙමේ ඒ මහණහුට නොසැලකෙරේද, අනිකෙක් දැක හෝ අසා හෝ ‘ස්වාමීනි’ නුඹවහන්සේගේ පාත්‍රය නිමවන ලදැ’යි සැලකෙරේද, මොහුගේ සැලකිරීම පමණ නොවේ. යම්කලෙක ඔහු විසින් එවන ලද්දේම සැලකෙරේද, ඔහුගේ වචනය ඇසූ දවස පටන් දසදවස ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේ. ඉදින් පාත්‍රකාරක තෙමේ ‘මම නුඹවහන්සේට පාත්‍රයක් කොට පිස කිසිවකු අත එවන්නෙමි’යි කියා එසේම කෙරේද, පාත්‍රය ගෙණ ආ මහණ තෙමේ තමාගේ පිරිවෙණෙහි තබා ඔහුට ආරොචනය නොකෙරේද, අන් කිසිවෙක් ‘කිම, ස්වාමීනි’ අලුතගෙණ ආ පාත්‍රය සොඳුරුදැ’යි විචාරාද ‘ඇවැත’ පාත්‍රය කොතැනදැ’යි විචාළවිට ‘මෙනම් ඇත්තහු අත එවන ලද’යි කියාද, මොහුගේද මේ වචනය ප්‍රමාණ නොවේ. යම්කලෙක ඒ මහණතෙමේ පාත්‍රය දේද, එය ලද දිනපටන් දසදවස ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේ. එහෙයින් දසදවස නොඉක්මවාම ඉටිය යුතුය. විකපිය යුතුය.

තත්‍ථ ද‍්වෙ පත‍්තස‍්ස අධිට‍්ඨානා – කායෙන වා අධිට‍්ඨාති, වාචාය වා අධිට‍්ඨාති. තෙසං වසෙන අධිට‍්ඨහන‍්තෙන ච “ඉමං පත‍්තං පච‍්චුද‍්ධරාමී”ති වා “එතං පත‍්තං පච‍්චුද‍්ධරාමී”ති වා එවං සම‍්මුඛෙ වා පරම‍්මුඛෙ වා ඨිතං පුරාණපත‍්තං පච‍්චුද‍්ධරිත්‍වා අඤ‍්ඤස‍්ස වා දත්‍වා නවං පත‍්තං යත්‍ථ කත්‍ථචි ඨිතං හත්‍ථෙන පරාමසිත්‍වා “ඉමං පත‍්තං අධිට‍්ඨාමී”ති චිත‍්තෙන ආභොගං කත්‍වා කායවිකාරං කරොන‍්තෙන කායෙන වා අධිට‍්ඨාතබ‍්බො, වචීභෙදං කත්‍වා වාචාය වා අධිට‍්ඨාතබ‍්බො. තත්‍ර දුවිධං අධිට‍්ඨානං – සචෙ හත්‍ථපාසෙ හොති “ඉමං පත‍්තං අධිට‍්ඨාමී”ති වාචා භින්‍දිතබ‍්බා. අථ අන‍්තොගබ‍්භෙ වා උපරිපාසාදෙ වා සාමන‍්තවිහාරෙ වා හොති, ඨපිතට‍්ඨානං සල‍්ලක‍්ඛෙත්‍වා “එතං පත‍්තං අධිට‍්ඨාමී”ති වාචා භින්‍දිතබ‍්බා.

එහි පාත්‍රය පිළිබඳ ඉටීම් දෙකෙකි. කයින් හෝ ඉටයි. වචනයෙන් හෝ ඉටයි. ඔවුන්ගේ වසයෙන් ඉටන්නහු විසින් ‘ඉමං පත්තං පච්චුද්ධරාමි’යි හෝ ‘එතං පත්තං පච්චුද්ධරාමි’යි හෝ මෙසේ හමුවෙහි හෝ නොහමුවෙහි හෝ තුබූ පුරාණපාත්‍රය පසුදුරා අනිකක්හට හෝ දී යම්කිසි තැනක තුබූ අලුත් පාත්‍රය අතින් පිරිමැද ‘ඉමං පත්තං අධිට්ඨාමි’යි සිතින් ආභොගකොට කායවිකාරය කරන්නහු විසින් කයින් හෝ ඉටිය යුතුය. වාග්භෙදකොට වචනයෙන් හෝ ඉටිය යුතුය. එහි අධිෂ්ඨානය තෙමේ දෙවැදෑරුම්ය. ඉදින් අත්පසෙහි වේනම් ‘ඉමං පත්තං අධිට්ඨාමි’යි වාග්භෙදය කටයුතුය. නැවත ගැබතුළ හෝ පහය මතුවෙහි හෝ අසල වෙහෙරෙහි හෝ වේද, පාත්‍රය තැබු තැන සලකා ‘එතං පත්තං අධිට්ඨාමි’යි වාග්භෙද කටයුතුය.

අධිට‍්ඨහන‍්තෙන පන එකකෙන අධිට‍්ඨාතුම‍්පි වට‍්ටති, අඤ‍්ඤස‍්ස සන‍්තිකෙ අධිට‍්ඨාතුම‍්පි වට‍්ටති. අඤ‍්ඤස‍්ස සන‍්තිකෙ අයමානිසංසො – සචස‍්ස “අධිට‍්ඨිතො නු ඛො මෙ, නො”ති විමති උප‍්පජ‍්ජති, ඉතරො සාරෙත්‍වා විමතිං ඡින්‍දිස‍්සතීති. සචෙ කොචි දස පත‍්තෙ ලභිත්‍වා සබ‍්බෙව අත‍්තනාව පරිභුඤ‍්ජිතුකාමො හොති, න සබ‍්බෙ අධිට‍්ඨාතබ‍්බා. එකං පත‍්තං අධිට‍්ඨාය පුනදිවසෙ තං පච‍්චුද‍්ධරිත්‍වා අඤ‍්ඤො අධිට‍්ඨාතබ‍්බො. එතෙනුපායෙන වස‍්සසතම‍්පි පරිහරිතුං සක‍්කා.

ඉටන්නහු විසින් එකලා වූවහු විසිනුදු ඉටන්නට වටියි. අනිකක්හුගේ සමීපයෙහි ඉටන්නටද වටියි. අනිකක්හුගේ සමීපයෙහි කරන අධිෂ්ඨානයාගේ මේ ආනිසංසය වේ. මා විසින් ඉටන ලදද, නොඉටන ලදදැයි මේ මහණහුට විමතියක් උපදීද, අන්‍යයා සිහි කරවා විමතිය සිඳලන්නේය. කිසිවෙක් පාත්‍ර දසයක් ලැබ සියල්ල තෙමේම පරිභොග කරනු කැමැත්තේ වේද, සියලු පාත්‍ර නොඉටිය යුතුය. එක් පාත්‍රයක් ඉටා නැවැත දෙවන දිනයෙහි එය පසුදුරා අනික් පාත්‍රයෙක් ඉටිය යුතුය. මේ උපායයෙන් අවුරුදු සියයක් නමුදු පරිහරණය කරනු හැක්කේය.

එවං අප‍්පමත‍්තස‍්ස භික‍්ඛුනො සියා අධිට‍්ඨානවිජහනන‍්ති? සියා. සචෙ හි අයං පත‍්තං අඤ‍්ඤස‍්ස වා දෙති, විබ‍්භමති වා සික‍්ඛං වා පච‍්චක‍්ඛාති, කාලං වා කරොති, ලිඞ‍්ගං වාස‍්ස පරිවත‍්තති, පච‍්චුද‍්ධරති වා, පත‍්තෙ වා ඡිද‍්දං හොති, අධිට‍්ඨානං විජහති. වුත‍්තම‍්පි චෙතං –

මෙසේ අප්‍රමත්ත වූ මහණහුගේ අධිෂ්ඨානවිජනනය කිසි කලෙක වන්නේද, යත්: කිසි කලෙක වන්නේය. ඉදින් මෙතෙමේ පාත්‍රය අනිකක්හට දේද, ගිහි හෝ වේද, ශික්‍ෂාප්‍රත්‍යක්‍ඛ්‍යානය හෝ කෙරේද, කලුරිය හෝ කෙරේද, මොහුගේ ලිඞ්ගපරිවර්‍තනය හෝ වේද, පච්චුද්ධරණය හෝ කෙරේද, පාත්‍රයෙක්හි සිදුරෙක් හෝ වේද, අධිෂ්ඨානය හරියි.

“දින‍්නවිබ‍්භන‍්තපච‍්චක‍්ඛා , කාලංකිරියකතෙන ච; ලිඞ‍්ගපච‍්චුද‍්ධරා චෙව, ඡිද‍්දෙන භවති සත‍්තම”න‍්ති.

‘දීමෙන් සිවුරු හැරීමෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙන් කාලක්‍රියාවෙන් ලිඞ්ගපරිවර්‍තනයෙන් පච්චුද්ධරණයෙන් සත්වැනිව සිදුරෙන්ද අධිෂ්ඨානය විජහනයවේය’යි මෙය කියන ලද්දේය.

චොරහරණවිස‍්සාසග‍්ගාහෙහිපි විජහතියෙව. කිත‍්තකෙන ඡිද‍්දෙන අධිට‍්ඨානං භිජ‍්ජති? යෙන කඞ‍්ගුසිත්‍ථං නික‍්ඛමති චෙව පවිසති ච. ඉදඤ‍්හි සත‍්තන‍්නං ධඤ‍්ඤානං ලාමකධඤ‍්ඤසිත්‍ථං, තස‍්මිං අයචුණ‍්ණෙන වා ආණියා වා පටිපාකතිකෙ කතෙ දසාහබ‍්භන‍්තරෙ පුන අධිට‍්ඨාතබ‍්බො. අයං තාව “අන‍්තොදසාහං අධිට‍්ඨෙති විකප‍්පෙතී”ති එත්‍ථ අධිට‍්ඨානෙ විනිච‍්ඡයො.

සොරු ගැනීමෙන් හා විශ්වාසයෙන් ගැනීමෙන්ද ඉටීම හරීමය. කොපමණ සිදුරකින් අධිෂ්ඨානය බිඳේද, යත්:- යම් සිදුරකින් මෙනේරිබත් උලක් නික්මේද, පිවිසේද, එපමණ සිදුරෙන් අධිෂ්ඨානය බිඳෙන්නේය. මේ වනාහි සප්තවිධ ධාන්‍යයෙන් ගෙන් ලාමකධාන්‍යයෙන් කළ බත් උලයි. ඒ සිදුර යකඩසුණෙන් හෝ ඇණයකින් හෝ නැවත ප්‍රකෘතිමත් කළ කල්හි දසදවස තුළ නැවැත ඉටිය යුතුය. මේ වනාහි ‘අන්නොදසාහං අධිට්ඨෙති විකප්පෙති’ යන මෙහි අධිෂ්ඨානයෙහි විනිශ්චයයයි.

විකප‍්පනෙ පන ද‍්වෙ විකප‍්පනා – සම‍්මුඛාවිකප‍්පනා ච පරම‍්මුඛාවිකප‍්පනා ච. කථං සම‍්මුඛාවිකප‍්පනා හොති? පත‍්තානං එකබහුභාවං සන‍්නිහිතාසන‍්නිහිතභාවඤ‍්ච ඤත්‍වා “ඉමං පත‍්ත”න‍්ති වා “ඉමෙ පත‍්තෙ”ති වා “එතං පත‍්ත”න‍්ති වා “එතෙ පත‍්තෙ”ති වා වත්‍වා “තුය‍්හං විකප‍්පෙමී”ති වත‍්තබ‍්බං. අයමෙකා සම‍්මුඛාවිකප‍්පනා. එත‍්තාවතා නිධෙතුං වට‍්ටති, පරිභුඤ‍්ජිතුං වා විස‍්සජ‍්ජෙතුං වා අධිට‍්ඨාතුං වා න වට‍්ටති. “මය‍්හං සන‍්තකං පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති එවං පන වුත‍්තෙ පච‍්චුද‍්ධාරො නාම හොති, තතොපභුති පරිභොගාදයොපි වට‍්ටන‍්ති.

විකප්පනයෙහි වනාහි සම්මුඛාවිකප්පනා - පරම්මුඛා විකප්පනායි විකප්පනා දෙකක් වේ. එහි සම්මුඛ විකප්පනා තෙමෝ කෙසේ වන්නීද, යත්: පාත්‍රයන්ගේ එකක් බව හා බොහෝ බවද ලඟදුර තුබූබවද දැන ලඟ එකක් වුව ‘ඉමං පත්තං’යිද ලඟබොහෝ වුව ‘ඉමෙ පත්තෙ’යිද, අත්පසින් දුර එකක් වුව ‘එතං පත්තං’යිද අත්පසින් දුර බොහෝ වුව ‘එතෙ පත්තෙ’යිද කියා ‘තුය්හං විකප්පෙමි’ කියයුතුය. මේ එක් සම්මුඛා විකප්පනාවක් වේ. මෙපමණකින් තැබීම සුදුසුය. පරිභොගය හෝ හැරලීම හෝ ඉටීම හෝ නොකළ යුතුය. ‘මය්හං සන්තකං පරිභුඤ්ජ වා, මය්හං සන්තකං විස්සජ්ජෙහි වා, මය්හං සන්තකං යථාප්පච්චයං වා කරොහි’යි මෙසේ කියූ කල්හි පච්චුද්ධාරය වේ. එතැන් පටන් පරිභොගාදිය කළ හැකිය.

අපරො නයො – තථෙව පත‍්තානං එකබහුභාවං සන‍්නිහිතාසන‍්නිහිතභාවඤ‍්ච ඤත්‍වා තස‍්සෙව භික‍්ඛුනො සන‍්තිකෙ “ඉමං පත‍්ත”න‍්ති වා “ඉමෙ පත‍්තෙ”ති වා “එතං පත‍්ත”න‍්ති වා “එතෙ පත‍්තෙ”ති වා වත්‍වා පඤ‍්චසු සහධම‍්මිකෙසු අඤ‍්ඤතරස‍්ස අත‍්තනා අභිරුචිතස‍්ස යස‍්ස කස‍්සචි නාමං ගහෙත්‍වා “තිස‍්සස‍්ස භික‍්ඛුනො විකප‍්පෙමී”ති වා “තිස‍්සාය භික‍්ඛුනියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස තිස‍්සාය සාමණෙරියා විකප‍්පෙමී”ති වා වත‍්තබ‍්බං, අයං අපරාපි සම‍්මුඛාවිකප‍්පනා. එත‍්තාවතා නිධෙතුං වට‍්ටති, පරිභොගාදීසු පන එකම‍්පි න වට‍්ටති. තෙන පන භික‍්ඛුනා “තිස‍්සස‍්ස භික‍්ඛුනො සන‍්තකං…පෙ… තිස‍්සාය සාමණෙරියා සන‍්තකං පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති වුත‍්තෙ පච‍්චුද‍්ධාරො නාම හොති. තතොපභුති පරිභොගාදයොපි වට‍්ටන‍්ති.

මෙහි අන්‍ය ක්‍රමයෙක්ද වේ. එසේම පාත්‍ර එකක්බව හා බොහෝ බවද ලඟදුර තුබූ බවද දැන එම මහණහුගේ සමීපයෙහි අත්වස එක් පාත්‍රයෙක් වීනම් ‘ඉමං පත්තං’යි හෝ අත්පස බොහෝ පාත්‍ර වුවහොත් ‘ඉමෙ පත්තෙ’යි හෝ අත්පසින් පිටත එක් පාත්‍රයක් වුවහොත් ‘එතං පත්තං’යි හෝ අත්පසින් පිටත බොහෝ පාත්‍ර වුවහොත් ‘එතෙ පත්තෙ’යි හෝ කියා පස්සහදැහැමියන් අතුරෙහි එක්තරා තමහට කැමැති වූ යම්කිසිවක්හුගේ නාමය ගෙණ ‘තිස්සස්ස භික්‍ඛුනො විකප්පෙමි’යි හෝ තිස්සාය භික්‍ඛුනියා - තිස්සාය සික්‍ඛමානාය - තිස්සස්ස සාමණෙරස්ස තිස්සාය සාමණෙරියා විකප්පෙමි’යි හෝ කියයුතුය. මේ අනිකදු සම්මුඛා විකප්පනාය. මෙපමණකින් තැබීම වටියි. පරිභොගාදීන් අතුරෙහි එකෙකුත් නොවටියි. ඒ මහණහු විසින් වනාහි ‘තිස්සස්ස භික්‍ඛුනො සන්තකං -පෙ- තිස්සාය සාමණෙරියා සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාප්පච්චයං වා කරොහි’යි කියූ කල්හි පච්චුද්ධාරය නම්වේ. එතැන් පටන් පරිභොගාදීහුද වටිත්.

කථං පරම‍්මුඛාවිකප‍්පනා හොති? පත‍්තානං තථෙව එකබහුභාවං සන‍්නිහිතාසන‍්නිහිතභාවඤ‍්ච ඤත්‍වා “ඉමං පත‍්ත”න‍්ති වා “ඉමෙ පත‍්තෙ”ති වා “එතං පත‍්ත”න‍්ති වා “එතෙ පත‍්තෙ”ති වා වත්‍වා “තුය‍්හං විකප‍්පනත්‍ථාය දම‍්මී”ති වත‍්තබ‍්බං. තෙන වත‍්තබ‍්බො – “කො තෙ මිත‍්තො වා සන්‍දිට‍්ඨො වා”ති? තතො ඉතරෙන පුරිමනයෙනෙව “තිස‍්සො භික‍්ඛූති වා…පෙ… තිස‍්සා සාමණෙරී”ති වා වත‍්තබ‍්බං. පුන තෙන භික‍්ඛුනා “අහං තිස‍්සස‍්ස භික‍්ඛුනො දම‍්මී”ති වා…පෙ… “තිස‍්සාය සාමණෙරියා දම‍්මී”ති වා වත‍්තබ‍්බං, අයං පරම‍්මුඛාවිකප‍්පනා. එත‍්තාවත‍්තා නිධෙතුං වට‍්ටති, පරිභොගාදීසු පන එකම‍්පි න වට‍්ටති. තෙන පන භික‍්ඛුනා දුතියසම‍්මුඛාවිකප‍්පනායං වුත‍්තනයෙනෙව “ඉත්‍ථන‍්නාමස‍්ස සන‍්තකං පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති වුත‍්තෙ පච‍්චුද‍්ධාරො නාම හොති. තතොපභුති පරිභොගාදයොපි වට‍්ටන‍්ති.

පරම්මුඛා විකප්පනා තොමෝ කෙසේ වන්නීද, එසේම පාත්‍ර එකක් බව හා බොහෝ බවද ලඟදුර තුබු බවද දැන ‘ඉමං පත්තං’යි හෝ ‘ඉමෙ පත්තෙ’යි හෝ ‘එතං පත්තං’යි හෝ ‘එතෙ පත්තෙ’යි හෝ පෙර කියූ නයින් කියා ‘තුය්හං විකප්පනත්‍ථාය දම්මි’යි කියයුතුය. ඔහු විසින් කවරෙක් තාගේ මිත්‍රයෙක් හෝ වේද, සන්‍දිට්ඨ මිත්‍රයෙක් හෝ වේදැයි විචාළ යුතුය. ඉක්බිති අන්‍යයා විසින් පෙර කියූ නයින්ම ‘තිස්සො භික්‍ඛු’යි හෝ -පෙ- තිස්සා සාමණෙරී’යි හෝ කියයුතුය. නැවත ඒ මහණහු විසින් ‘අහං තිස්සස්ස භික්‍ඛුනො දම්මි’යි හෝ -පෙ- තිස්සාය සාමණෙරියා දම්මි’යි හෝ කියයුතුය. මේ පරම්මුඛාවිකප්පනාය. මෙපමණකින් තබන්නට වටියි. පරිභොගාදීන් අතුරෙහි එකෙකුත් නොවටියි. ඒ මහණහු විසින් දෙවන සම්මුඛා විකප්පනාවෙහි කියූ නයින්ම ‘මෙනම් ඇත්තහුගේ සන්තකය පරිභොග කරව’යි හෝ බැහැර කරව’යි හෝ කැමතිසේ කරව’යි හෝ කියූ කල්හි පච්චුද්ධාරය නම් වේ. එතැන් පටන් පරිභොගාදීහු වටිත්.

ඉමාසං පන ද‍්වින‍්නං විකප‍්පනානං නානාකරණං, අවසෙසො ච වචනක‍්කමො සබ‍්බො පඨමකථිනසික‍්ඛාපදවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො සද‍්ධිං සමුට‍්ඨානාදීහීති.

මේ දෙවැදෑරුම් විකප්පනාවන්ගේ වෙනස හා සමුත්‍ථානාදිය සමග සෙසු සියලු වර්‍ණනා ක්‍රමයද ප්‍රථම කඨින ශික්‍ෂාපද වර්‍ණනාවෙහි කියූ නයින්ම දතයුත්තේය.

පත‍්තසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

පත්තශික්‍ෂාද වර්‍ණනාව නිමි.