යෙදුමෙන් කියවන්න

භෙසජ‍්ජසික‍්ඛාපදං

5. 3. 3.

5. 3. 3.

භෙසජ‍්ජසික‍්ඛාපදං

භේසජ්ජ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රාජගහෙ පබ‍්භාරං සොධාපෙති ලෙණං කත‍්තුකාමො. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො යෙනායස‍්මා පිලින්‍දිවච‍්ඡො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං එතදවොච: “කිං භන‍්තෙ ථෙරො කාරාපෙතී”ති. පබ‍්භාරං මහාරාජ, සොධාපෙමි ලෙණං කත‍්තුකාමො”ති. “අත්‍ථො භන‍්තෙ අය්‍යස‍්ස ආරාමිකෙනා”ති. න ඛො මහාරාජ භගවතා ආරාමිකො අනුඤ‍්ඤාතො”ති. “තෙන හි භන‍්තෙ භගවන‍්තං පටිපුච‍්ඡිත්‍වා මම ආරොචෙය්‍යාථා”ති. “එවං මහාරාජා”ති ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රාජානං මාගධං සෙනියං බිම‍්බිසාරං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මතා පිලින්‍දිවච‍්ඡෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ලෙනක් කරණු කැමැත්තාහු රජගහනුවර පවුබෙයදක් ශුද්ධ කරවති. එකල්හි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ මෙය සැළ කෙළේය. “වහන්ස තෙරණුවෝ කුමක් කරවද්ද” යි “මහරජ ලෙනක් කරණු කැමැත්තෙම් පවුබෙයදක් ශුද්ධ කරවමි” යි “වහන්ස, හිමියනට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන දැ”යි “මහරජ භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. එසේ වී නම් “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වනසේක්වා” යි. “එසේ ය මහරජැ” යි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්සරරජුට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. පැහැද වූහ. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ (කුසල් දහම්හි) සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ, පහදවන ලද්දේ හුනස්නෙන් නැගී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

2. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො භගවතො සන‍්තිකෙ දූතං පාහෙසි: “රාජා භන‍්තෙ මාගධො සෙනියො බිම‍්බිසාරො ආරාමිකං දාතුකාමො. කථං නු ඛො භන‍්තෙ මයා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ ආරාමික”න‍්ති. දුතියම‍්පි ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො යෙනායස‍්මා පිලින්‍දිවච‍්ඡො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං එතදවොච: “අනුඤ‍්ඤාතො භන‍්තෙ භගවතා ආරාමිකො”ති? “එවං මහාරාජා”ති. “තෙන හි භන‍්තෙ අය්‍යස‍්ස ආරාමිකං දම‍්මී”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස ආරාමිකං පටිස‍්සුණිත්‍වා විස‍්සරිත්‍වා චිරෙන සතිං පටිලභිත්‍වා අඤ‍්ඤතරං සබ‍්බත්‍ථකං මහාමත‍්තං ආමන‍්තෙසි: “යො මයා භණෙ, අය්‍යස‍්ස ආරාමිකො පටිස‍්සුතො, දින‍්නො සො ආරාමිකො”ති. “න ඛො දෙව අය්‍යස‍්ස ආරාමිකො දින‍්නො”ති. “කීව චිරං නු ඛො භණෙ ඉතො හි තං හොතී”ති. අථ ඛො සො මහාමත‍්තො රත‍්තියො විගණෙත්‍වා රාජානං මාගධං සෙනියං බිම‍්බිසාරං එතදවොච: “පඤ‍්ච දෙව රත‍්තිසතානී”ති. “තෙන හි භණෙ, අය්‍යස‍්ස පඤ‍්ච ආරාමිකසතානි දෙහී”ති. “එවං දෙවා”ති ඛො සො මහාමත‍්තො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පටිස‍්සුණිත්‍වා ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස පඤ‍්ච ආරාමිකසතානි පාදාසි. පාටියෙක‍්කො ගාමො නිවිසි. “ආරාමිකගාමකො”තිපි නං ආහංසු, “පිලින්‍දිගාමකො”තිපි නං ආහංසු.

2. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත දූතයකු යැවූහ: “වහන්ස මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. “වහන්ස මවිසින් කෙසේ පිළිපැදියයුතුදැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි. දෙවනවට ද මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන්ට මෙය සැළ කෙළේය. “වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ”යි. “එසේය මහරජැ’ යි. “වහන්ස එසේ වී නම් හිමියනට ආරාමිකයකු දෙමි’ යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන්ට ආරාමිකයකු දීමට ගිවිස නො සිහිකොට කලකින් සිහි එළවා හැම කාරියෙහි යුත් එක්තරා මහඇමැතියකු ඇමැතීය. “තෙල මා විසින් හිමියනට යම් ආරාමිකයෙක් ගිවිස්නා ලද්දේ නම් ඒ ආරාමික තෙම දෙන ලද්දේදැ’යි. “දේවයන්වහන්ස හිමියනට ආරාමිකයෙක් නො දෙන ලදැ’යි. “කොල එය මෙයින් කෙතෙක් කල් ඉක්ම ගියේ දැ’යි. ඉක්බිති මහාමාත්‍ය තෙමේ දවස් ගැණ මගධාධිපති සේනිය මිබ්සර රජහට මෙය සැළ කෙළේය. “දේවයන් වහන්ස පන්සියක් දවසැ’යි. “කොල එසේ වී නම් හිමියනට ආරාමිකයන් පන් සියයක් දෙව’ යි. “එසේය දේවයන් වහන්සැ’ යි ඒ මහඇමැති තෙමේ මගධාධිපති සේනිය බිම්සර රජහට පිළිවදන් දී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්හට ආරාමිකයන් පන්සියයක් දුනි. වෙන ම ගමෙක් පිහිටියේ ය. එය ආරාමිකගම’යි කීහ, එය පිලින්‍දිගම” යි ද කීහු.

3. තෙන ඛො පන සමයෙන ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො තස‍්මිං ගාමකෙ කුලූපගො හොති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය පිලින්‍දිගාමං පිණ‍්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන තස‍්මිං ගාමකෙ උස‍්සවො හොති. දාරකා අලඞ‍්කතා මාලාකිතා කීළන‍්ති.

3. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ ගමෙහි කුලුපග වූයෙක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය. ඒ කල්හි ඒ ගමෙහි උත්සවයෙක් වෙයි. දරුවෝ අබරණින් සදන ලද්දාහු මල්දමින් සදන ලද්දාහු ක්‍රීඩා කෙරෙත්.

4. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො පිලින්‍දිගාමකෙ සපදානං පිණ‍්ඩාය චරමානො යෙන අඤ‍්ඤතරස‍්ස ආරාමිකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. තෙන ඛො පන සමයෙන තස‍්සා ආරාමිකිනියා ධීතා අඤ‍්ඤෙ දාරකෙ අලඞ‍්කතෙ මාලාකිතෙ පස‍්සිත්‍වා රොදති: “මාලං මෙ දෙථ, අලඞ‍්කාරං මෙ දෙථා”ති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො තං ආරාමිකිනිං එතදවොච: “කිස‍්සායං දාරිකා රොදති”ති. “අයං භන‍්තෙ දාරිකා අඤ‍්ඤෙ දාරකෙ අලඞ‍්කතෙ මාලාකිතෙ පස‍්සිත්‍වා රොදති: “මාලං මෙ දෙථ, අලඞ‍්කාරං මෙ දෙථා”ති. “කුතො අම‍්හාකං දුග‍්ගතානං මාලා, කුතො අලඞ‍්කාරා”ති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො අඤ‍්ඤතරං තිණණ‍්ඩුපකං ගහෙත්‍වා තං ආරාමිකිනිං එතදවොච: “හන්‍දිමං තිණණ‍්ඩුපකං තස‍්සා දාරිකාය සීසෙ පටිමුඤ‍්චා”ති. අථ ඛො සා ආරාමිකිනී තං තිණණ‍්ඩුපකං ගහෙත්‍වා තස‍්සා දාරිකාය සීසෙ පටිමුඤ‍්චි, සා අහොසි සුවණ‍්ණමාලා අභිරූපා දස‍්සනීයා පාසාදිකා, නත්‍ථි තාදිසා රඤ‍්ඤොපි අන‍්තෙපුරෙ සුවණ‍්ණමාලා. මනුස‍්සා රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස ආරොචෙසුං: “අමුකස‍්ස දෙව ආරාමිකස‍්ස ඝරෙ සුවණ‍්ණමාලා අභිරූපා දස‍්සනීයා පාසාදිකා, නත්‍ථි තාදිසා දෙවස‍්සාපි අන‍්තෙපුරෙ සුවණ‍්ණමාලා. කුතො තස‍්ස දුග‍්ගතස‍්ස, නිස‍්සංසයං චොරිකාය ආභතා”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො තං ආරාමිකකුලං බන්‍ධාපෙසි.

4. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ පිලින්‍දිගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ නිවෙස්න වෙත එළඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. එසමයෙහි ඒ ආරාමික බිරිඳගේ දියැනි තොමෝ අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදනලදුවන් දැක මට මල්දමක් දෙව, මට පළඳනාවක් දෙව’ යි හඬා. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ ආරාමික බිරිඳට මෙය කීය: ‘කුමකට මේ දැරිය හඬා දැ’යි. වහන්ස, මේ දැරිය අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදන ලදුවන් දැක ‘මට මල්දමක් දෙව’ මට පළඳනාවක් දෙව’ යි හඬා. දුගී අපට මල්දම් කොයින් ද? අබරණ කොයින් දැ?”යි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ එක්තරා තණසුඹුළුවක් ගෙණ ඒ ආරාමික බිරිඳට මෙය කී ය: ‘ඉඳ මේ තණසූඹුළුව ඒ දැරියගේ හිසෙහි පළඳව යි. ඉක්බිති ඒ ආරාමිකයාගේ බිරිඳ ඒ තණසුඹුළුව ගෙණ ඇගේ හිසෙහි පැළඳවූ ය. එය මනාරූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලාවක් වූ ය. රජුගේ ඇතොවුරෙහි එබඳු ස්වර්‍ණමාලායෙක් නැති. මිනිස්සු මගධේශ්වර සේනිය බිම්බිසාර රජහට දැන්වූහ: “දේවයන් වහන්ස, අසුවල් ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කළලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලායෙක් ඇත. දේවයන් වහන්සේගේ ඇතොවුරෙහි දු එබඳු ස්වර්‍ණමාලායෙක් නැති. ඒ දුගීපුරුෂයාහට කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ඒ ආරාමික කුලය සිර කරවී ය.

5. දුතියම‍්පි ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය පිලින්‍දිගාමකං පිණ‍්ඩාය පාවිසි. පිලින්‍දිගාමකෙ සපදානං පිණ‍්ඩාය චරමානො යෙන තස‍්ස ආරාමිකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පටිවිස‍්සකෙ පුච‍්ඡි: “කහං ඉමං ආරාමිකකුලං ගත”න‍්ති? “එතිස‍්සා භන‍්තෙ සුවණ‍්ණමාලාය කාරණා රඤ‍්ඤා බන්‍ධාපිත”න‍්ති.

5. දෙවනවට ද ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙම පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය. පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙණුයේ ඒ ආරාමිකයාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ එක්බිති ගෙහි මිනිසුන් විචාළේ ය: “මේ ආරාමික කුලය කොහි ගියේ දැ?” යි. “වහන්ස, තෙල ස්වර්‍ණමාලාව නිසා රජු විසින් බඳවන ලදැ”යි.

6. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො යෙන රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො යෙනායස‍්මා පිලින්‍දිවච‍්ඡො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රාජානං මාගධං සෙනියං බිම‍්බිසාරං ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො එතදවොච: “කිස‍්ස මහාරාජ ආරාමිකකුලං බන්‍ධාපිත”න‍්ති? තස‍්ස භන‍්තෙ ආරාමිකස‍්ස ඝරෙ සුවණ‍්ණමාලා අභිරූපා දස‍්සනීයා පාසාදිකා. නත්‍ථි තාදිසා අම‍්හාකම‍්පි අන‍්තෙපුරෙ සුවණ‍්ණමාලා, කුතො තස‍්ස දුග‍්ගතස‍්ස, නිස‍්සංසයං චොරිකාය ආභතා”ති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පාසාදං සුවණ‍්ණන‍්ති අධිමුච‍්චි. සො අහොසි සබ‍්බසොවණ‍්ණමයො. “ඉදං පන තෙ මහාරාජ තාව බහුං සුවණ‍්ණං කුතො”ති. “අඤ‍්ඤාතං භන‍්තෙ, අය්‍යස‍්සෙව සො ඉද‍්ධානුභාවො”ති. තං ආරාමිකකුලං මුඤ‍්චාපෙසි.

6. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙම මගධාධිපති සේනිය බිම්බිසාර රජුගේ නිවෙස්න කරා එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන්නේ ය. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මගධාධිපති සේනිය බිම්බිසාර රජහට ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මෙය කීහ: “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවනලද දැ”යි. “වහන්ස, ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලායෙක් ඇත. එබඳු ස්වර්‍ණමාලායෙක් අපගේ ඇතොවුරෙහිදු නැති. ඒ දුගී පුරුෂයහට කොයින් ද? එකත්නෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහුගේ ප්‍රාසාදය රන්මුවා වේවා යි ඉටූහ. හේ සියල්ල රන්මුවා විය. “මහරජ, තොපට මේ මෙතෙක් බොහෝ රන් කොයින් දැ?”යි. “වහන්ස, හේ හිමියන්ගේ ම ඍද්ධ්‍යානුභාවයෙකැ යි දන්නා ලදැ” යි ඒ ආරාමික කුලය මිදැවී ය.

7. මනුස‍්සා “අය්‍යෙන කිර පිලින්‍දිවච‍්ඡෙන සරාජිකාය පරිසාය උත‍්තරිමනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරියං දස‍්සිතන‍්ති අත‍්තමනා අභිප‍්පසන‍්නා ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස පඤ‍්චභෙසජ‍්ජානි අභිහරිංසු, සෙය්‍යථිදං: “සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං” පකතියාපි ච ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො ලාභී හොති පඤ‍්චන‍්නං භෙසජ‍්ජානං. ලද‍්ධං ලද‍්ධං පරිසාය විස‍්සජ‍්ජෙති. පරිසා චස‍්ස හොති බාහුලිකා, ලද‍්ධං ලද‍්ධං කොලම‍්බෙපි ඝටෙපි පූරෙත්‍වා පටිසාමෙති. පරිස‍්සාවනානිපි ථවිකායොපි පූරෙත්‍වා වාතපානෙසු ලග‍්ගෙති. තානි ඔලීනවිලීනානි තිට‍්ඨන‍්ති. උන්‍දූරෙහිපි විහාරා ඔකිණ‍්ණවිකිණ‍්ණා හොන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “අන‍්තොකොට‍්ඨාගාරිකා ඉමෙ සමණා සක්‍යපුත‍්තියා, සෙය්‍යථාපි රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛූ එවරූපාය බාහුල‍්ලාය චෙතෙස‍්සන‍්තී”ති!

7. මිනිස්සු ‘පිලින්‍දිවච්ඡ හිමියන් විසින් සරාජික පිරිස්හි උතුරුමිනිස්දමින් ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දක්වන ලද්දේ ය’ යි සතුටුසිත් ඇත්තාහු වෙසෙසින් ප්‍රසන්න වූවාහු ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුනට පස්බෙහෙත් එළැවූහ. හේ මෙසේ ය: ගිතෙල් යැ වෙඬරු යැ තෙල් යැ මිහි යැ පැණි යයි. පියවිනුදු ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ පස්බෙහෙත් ලබනසුලු වෙති. ලද ලද දැය පිරිසෙහි විසජති. ඔබගේ පිරිස ද බාහුලික වෙයි. ලද ලද දැය මහසැළෙහිදු කළයෙහි පුරා සඟවා තබයි. පෙරහනුදු පිහිටා දු පුරා වාකවුළුවල එල්වා තබයි. ඒවා යටටත් දෙපසටත් ගිලිහුණාහු සිටිත්. මීයන් විසිනුදු විහාරයෝ අවකීර්‍ණ විකීර්‍ණ වූවාහු වෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු දැක අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහු සෙයින් ඇතුළු කොටුගුළු ඇත්තාහු ය” යි. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්‍ෂූහු මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතූහු දැ” යි.

8. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ එවරූපාය බාහුල‍්ලාය චෙතෙන‍්තී”ති. “සච‍්චං භගවා”. විගරහි බුද‍්ධො භගවා: කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා එවරූපාය බාහුල‍්ලාය චෙතෙස‍්සන‍්ති” නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

8. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, භික්‍ෂූහු මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතත් දැ” යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතූහු දැ”යි. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:

“යානි ඛො පන තානි ගිලානානං භික‍්ඛූනං පටිසායනීයානි භෙසජ‍්ජානි සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං, තානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහපරමං සන‍්නිධිකාරකං පරිභුඤ‍්ජිතබ‍්බානි. තං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති”.

“ගිලන් මහණුන් විසින් වැළඳියයුතු වූ යම් භෛෂජ්‍ය කෙනෙක් වෙද්ද, හේ මෙසේ ය: ගිතෙල් යැ වෙඬරු යැ තෙල් යැ මිහි යැ පැණි යි. ඒවා පිළිගෙණ සත්දවසක් පරම කොට ඇති කාලයක් සන්නිධි කොට වැළඳිය යුත්තාහ. ඒ (සත්තාහකාලය) ඉක්මවන්නාහට නිසඟිපචිති වේ.” යයි.

9. යානි ඛො පන තානි ගිලානානං භික‍්ඛූනං පටිසායනීයානි භෙසජ‍්ජානීති-

9. යානි ඛො පන තානි ගිලානානං භික්ඛුනං පටිසායනීයානි භේසජ්ජානි යනු:

සප‍්පි නාම: ගොසප‍්පි වා අජිකාසප‍්පි වා මහිසසප‍්පි වා යෙසං මංසං කප‍්පති තෙසං සප‍්පි.

සප්පි නම් : ගවගිතෙල් වේවයි එළුගිතෙල් වේවයි මිහිගිතෙල් වේවයි යම් කෙනකුන්ගේ මස් කැප වේ නම් ඔවුන්ගේ ගිතෙල්.

නවනීතං නාම: තෙසං යෙව නවනීතං.

නවනීත නම්: ඔවුන්ගේ ම වෙඬරු ය.

තෙලං නාම: තිලතෙලං සාසපතෙලං මධුකතෙලං එරණ‍්ඩතෙලං වසාතෙලං.

තෙල නම්: තලතෙල් හබතෙල් මීතෙල් එරඬුතෙල් වුරුණුතෙල්

මධු නාම: මක‍්ඛිකා මධු.

මධු නම්: මී පැණි

ඵාණිතං නාම: උච‍්ඡුම‍්හා නිබ‍්බත‍්තං.

ඵාණිත නම්: උගුයෙන් නිපන්නේ යි.

තානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහපරමං සන‍්නිධිකාරකං පරිභුඤ‍්ජිතබ‍්බානීති සත‍්තාහපරමතා පරිභුඤ‍්ජිතබ‍්බානි.

තානි පටිග්ගහෙත්‍වා සත්තාහපරමං සන්ගිධිකාරකං පරිභූඤජිතබ්බානි යනු: සත්දවසක් පරම කොට වැළඳිය යුත්තාහ.

තං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං හොතීති අට‍්ඨමෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං: “ඉදං මෙ භන‍්තෙ භෙසජ‍්ජං සත‍්තාහාතික‍්කන‍්තං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති - දදෙය්‍යාති - දදෙය්‍යුන‍්ති - ආයස‍්මතො දම‍්මී”ති.

තං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු: අට වැනි අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජියයුතු ය: ‘වහන්ස, මාගේ මේ බෙහෙත් සත්දවසක් ඉක්මගියේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.

10. සත‍්තාහාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. සත‍්තාහාතික‍්කන‍්තෙ වෙමතිකො, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. සත‍්තාහාතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අනධිට‍්ඨිතෙ අධිට‍්ඨිතසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

10. සත් දවසක් ඉක්මගියෙහි ‘ඉක්මිනැ’ යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි. සත්දවසක් ඉක්ම ගියෙහි විමති ඇතියේ නිසැඟිපචිති වෙයි. සත් දවසක් ඉක්ම ගියෙහි නො ඉක්මිනැ’යි සන් ඇතියේ නිසැඟි පචිති වෙයි. නො ඉටන ලදුයෙහි ‘ඉටනලදැ’යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි.

11. අවිස‍්සජ‍්ජිතෙ විස‍්සජ‍්ජිතසඤ‍්ඤී, අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤී, අවිනට‍්ඨෙ විනට‍්ඨසඤ‍්ඤී, අදඩ‍්ඪෙ දඩ‍්ඪසඤ‍්ඤී, අවිලුත‍්තෙ විලුත‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

11. නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’යි සන් ඇතියේ, නො නටුයෙහි ‘නටැ’යි සන් ඇතියේ, නොවැනැසුනෙහි ‘වැනැසුනැ’යි සන් ඇතියේ, නො දැවුනෙහි ‘දැවිනැ’ යි සන් ඇතියේ, නො පැහැරගන්නා ලදුයෙහි ‘පැහැරගන්නා ලදැ’යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි.

12. නිස‍්සට‍්ඨං පටිලභිත්‍වා න කායිකෙන පරිභොගෙන පරිභුඤ‍්ජිතබ‍්බං. න අජ‍්ඣොහරිතබ‍්බං, පදීපෙ වා කාලවණ‍්ණෙ වා උපනෙතබ‍්බං. අඤ‍්ඤෙන භික‍්ඛුනා කායිකෙන පරිභොගෙන පරිභුඤ‍්ජිතබ‍්බං, න අජ‍්ඣොහරිතබ‍්බං.

12. නිසජනලද්ද ලැබ කායිකපරිභෝගයෙන් පරිභෝග නො කටයුතු ය. පරඟලා නො කටයුතු ය. පහනෙහි හෝ කළුඅලෙව් දීමෙහි හෝ එළවිය යුතු ය. අන් මහණකු විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කටයුතු ය. පරඟලා නො කටයුතු ය.

13. සත‍්තාහානතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. සත‍්තාහානතික‍්කන‍්තෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. සත‍්තාහානතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤී, අනාපත‍්ති.

13. සත්දවසක් නොඉක්මගියෙහි ‘නො ඉක්මිනැ’ යි සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. සත්දවසක් නො ඉක්ම ගියෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. සත් දවසක් නො ඉක්ම ගියෙහි ‘නො ඉක්මිනැ’යි සන් ඇතියේ ඇවැත් නැති.

14. අනාපත‍්ති අන‍්තොසත‍්තාහං අධිට‍්ඨෙති, විස‍්සජ‍්ජෙති, නස‍්සති, විනස‍්සති, ඩය‍්හති, අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හන‍්ති, විස‍්සාසං ගණ‍්හන‍්ති, අනුපසම‍්පන‍්නස‍්ස චත‍්තෙන, වත‍්තෙන, මුත‍්තෙන, අනපෙක‍්ඛො දත්‍වා පටිලභිත්‍වා පරිභුඤ‍්ජති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

14. ඇතුළු සත්දවස්හි ඉටා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම්, අනුපසපනක්හට දෙනලද්දෙන්, හරණලද්දෙන්, මුදනලද්දෙන්, නිරපේක්‍ෂක ව දී නැවත ලැබ පරිභෝග කෙරේ නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

භෙසජ‍්ජසික‍්ඛාපදං නිට‍්ඨිතං.

භේසජ්ජ ශික්‍ෂාපදය නිමි.