යෙදුමෙන් කියවන්න

වස‍්සිකසාටික සික‍්ඛාපදං

5. 3. 4.

5. 3. 4.

වස‍්සිකසාටික සික‍්ඛාපදං.

වස්සිකසාටික ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික‍්ඛූනං වස‍්සිකසාටිකා අනුඤ‍්ඤාතා හොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ “භගවතා වස‍්සිකසාටිකා අනුඤ‍්ඤාතා”ති, පටිගච‍්චෙව වස‍්සිකසාටිකචීවරං පරියෙසන‍්ති, පටිකච‍්චෙව කත්‍වා නිවාසෙන‍්ති. ජිණ‍්ණාය වස‍්සිකසාටිකාය නග‍්ගා කායං ඔවස‍්සාපෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පටිගච‍්චෙව වස‍්සිකසාටිකචීවරං පරියෙසිස‍්සන‍්ති, පටිගච‍්චෙව කත්‍වා නිවාසෙස‍්සන‍්ති, ජිණ‍්ණායවස‍්සිකසාටිකාය නග‍්ගා කායං ඔවස‍්සාපෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ පටිගච‍්චෙව වස‍්සිකසාටිකචීවරං පරියෙසථ, පටිගච‍්චෙව කත්‍වා නිවාසෙථ, ජිණ‍්ණාය වස‍්සිකසාටිකාය නග‍්ගා කායං ඔවස‍්සාපෙථා”ති? “සච‍්චං භගවා”ති? විගරහි බුද‍්ධො භගවා: “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා පටිගච‍්චෙව වස‍්සිකසාටිකචීවරං පරියෙසිස‍්සථ, පටිගච‍්චෙව කත්‍වා නිවාසෙස‍්සථ, ජිණ‍්ණාය වස‍්සිකසාටිකාය නග‍්ගා කායං ඔවස‍්සාපෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ”.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට වැසිසළුසිවුර අනුදන්නා ලද වෙයි. සවගමහණහු ‘භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නාලදැ’යි කැල ම වැසිසළුසිවුරු සොයති. කැල ම කොට නිවාසනය කෙරෙති, වැසිසළුසිවුර දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවග මහණහු කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළාහු ද, වැසිසළුසිවුරු දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි කැල ම වැසිසළුසිවුරු සොයවු ල, කැල ම කොට නිවාසනය කරවූ ල, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමවු ලැ’යි. සැබව ‘භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “තුච්ඡපුරුෂයෙනි, කෙසේ නම් තෙපි කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළහු ද, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු ද. තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”

“මාසො සෙසො ගිම‍්හානන‍්ති භික‍්ඛුනා වස‍්සිකසාටිකචීවරං පරියෙසිතබ‍්බං. අද‍්ධමාසො සෙසො ගිම‍්හානන‍්ති කත්‍වා නිවාසෙතබ‍්බං. ඔරෙන චෙ මාසො සෙසො ගිම‍්හානන‍්ති වස‍්සිකසාටිකචීවරං පරියෙසෙය්‍ය, ඔරෙනද‍්ධමාසො සෙසො ගිම‍්හානන‍්ති කත්‍වා නිවාසෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ ව සිටියේ යයි මහණහු විසින් වැසිසළුසිවුර සෙවියයුතු ය. ගිමන් සාරමස සම්බන්‍ධ අඩමසෙක් ශේෂ ව සිටියේ යයි කොට නිමවා හැන්ද යුතු ය. ඉදින් ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ යයි (කියයුතු තැනට) මෑත භාගයෙහි වැසිසළුසිවුරක් සොයා නම් ගිමන් සාරමස සම්බන්‍ධ අඩ මසෙක් ශේෂ යයි කියයුතු තැනට මෑතභාගයෙහි කොට නිවාසනය කෙරේ නම් නිසඟිපචිති වේ” යයි.

2. මාසො සෙසො ගිම‍්හානන‍්ති භික‍්ඛුනා වස‍්සිකසාටිකචීවරං පරියෙසිතබ‍්බන‍්ති. යෙ මනුස‍්සා පුබ‍්බෙපි වස‍්සිකසාටිකචීවරං දෙන‍්ති තෙ උපසඞ‍්කමිත්‍වා එවමස‍්සු වචනීයා: “කාලො වස‍්සිකසාටිකාය, සමයො වස‍්සිකසාටිකාය, “අඤ‍්ඤෙපි මනුස‍්සා වස‍්සිකසාටිකචීවරං දෙන‍්තී”ති. න වත‍්තබ‍්බා: “දෙථ මෙ වස‍්සිකසාටිකචීවරං, ආහරථ මෙ වස‍්සිකසාටිකචීවරං, පරිවත‍්තෙථ මෙ වස‍්සිකසාටිකචීවරං, චෙතාපෙථ මෙ වස‍්සිකසාටිකචීවරන‍්ති.”

2. මාසො සේසෝ ගිම්හානන්ති භික්ඛුනා වස්සිකසාටිකචීවරං පරියේසිතබ්බං යනු: යම් මිනිස් කෙනෙක් පෙරත් වැසිසළුසිවුරු දෙද්ද ඔවුන් වෙත එළඹ මෙසේ කියයුත්තාහ: “වැසිසළුවට කාලය වෙයි. වැසි සළුවට සමය වෙයි. අන් මිනිස්සු ද වැසිසළු සිවුරු දෙතැ”යි. “මට වැසිසළුසිවුරක් දෙන්න. මට වැසිසළුසිවුරක් ගෙණෙන්න. මට වැසිසළුසිවුරක් පිරිවටා දෙන්න. මට වැසිසළුසිවුරක් විකොට ගෙණ දෙන්නැ”යි නො කියයුත්තාහ.

අද‍්ධමාසො සෙසො ගිම‍්හානන‍්ති කත්‍වා නිවාසෙතබ‍්බන‍්ති. අද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ කත්‍වා නිවාසෙතබ‍්බං.

අද්ධමාසො සේසෝ ගිම්හානන්ති කත්‍වා නිවාසෙතබ්බං යනු: අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හැන්ද යුතු ය.

ඔරෙන චෙ මාසො සෙසො ගිම‍්හානන‍්ති අතිරෙකමාසෙ සෙස ගිම‍්හානෙ වස‍්සිකසාටිකචීවරං පරියෙසති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

ඔරෙන චෙ මාසො සේසෝ ගිම්හානං යනු: අයිරා මසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළුසිවුර සොයා නම් නිසඟිපචිති වේ.

ඔරෙනද‍්ධමාසො සෙසො ගිම‍්හානන‍්ති අතිරෙකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ කත්‍වා නිවාසෙති, නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං: “ඉදං මෙ භන‍්තෙ වස‍්සිකසාටිකචීවරං අතිරෙකමාසෙ සෙසෙ ගිම‍්හානෙ පරියිට‍්ඨං, අතිරෙකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ කත්‍වා පරිදහිතං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති-දදෙය්‍යාති-දදෙය්‍යුන‍්ති-ආයස‍්මතො දම‍්මී”ති.

ඔරෙනද්ධමාසො සේසෝ ගිම්හානං යනු: අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳී නම් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැදිය යුතු යි. මහණෙනි, මෙසේත් නිසැදිය යුතු යි: “වහන්ස, මගේ මේ වැසිසළුසිවුර අයිරා අඩමසක් ශේෂ ව සිටි. ගිම්හානයෙහි සොයන ලද්දේ අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳින ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙනේනේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.

3. අතිරෙකමාසෙ සෙසෙ ගිම‍්හානෙ අතිරෙකසඤ‍්ඤී, වස‍්සිකසාටිකචීවරං පරියෙසති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අතිරෙකමාසෙ සෙසෙ ගිම‍්හානෙ වෙමතිකො වස‍්සිකසාටිකචීවරං පරියෙසති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අතිරෙකමාසෙ සෙසෙ ගිම‍්හානෙ ඌනකසඤ‍්ඤී, වස‍්සිකසාටිකචීවරං පරියෙසති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

3. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරා සන් ඇතියේ වැසිසළු සිවුර සොයා නම්, නිසඟිපචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ වැසිසළුසිවුර සොයා නම් නිසඟි පචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ වැසිසළුසිවුරක් සොයා නම් නිසඟිපචිති වේ.

4. අතිරෙකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ අතිරෙකසඤ‍්ඤී කත්‍වා නිවාසෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අතිරෙකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ වෙමතිකො කත්‍වා නිවාසෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අතිරෙකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ ඌනකසඤ‍්ඤී කත්‍වා නිවාසෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

4. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ.

5. සතියා වස‍්සිකසාටිකාය නග‍්ගො කායං ඔවස‍්සාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකමාසෙ සෙසෙ ගිම‍්හානෙ අතිරෙකසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකමාසෙ සෙසෙ ගිම‍්හානෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකමාසෙ සෙසෙ ගිම‍්හානෙ ඌනකසඤ‍්ඤී, අනාපත‍්ති.

5.වැසිසළුව ඇතිකල්හි ලිහිණිව කය තෙමා නම් දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.

6. ඌනකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ අතිරෙකසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකද‍්ධමාසෙ සෙසෙ ගිම‍්හානෙ ඌනකසඤ‍්ඤී, අනාපත‍්ති.

6. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.

7. අනාපත‍්ති මාසො සෙසො ගිම‍්හානන‍්ති වස‍්සිකසාටිකචීවරං පරියෙසති , අද‍්ධමාසො සෙසො ගිම‍්හානන‍්ති කත්‍වා නිවාසෙති, ඌනකමාසො සෙසො ගිම‍්හානන‍්ති වස‍්සිකසාටිකචීවරං පරියෙසති, ‘ඌනකද‍්ධමාසො සෙසො ගිම‍්හානන‍්ති කත්‍වා නිවාසෙති, පරියිට‍්ඨාය වස‍්සිකසාටිකාය වස‍්සං උක‍්කඩ‍්ඪියති, නිවත්‍ථාය වස‍්සිකසාටිකාය වස‍්සං උක‍්කඩ‍්ඪියති, ධොවිත්‍වා නික‍්ඛිපිතබ‍්බං. සමයෙන නිවාසෙතබ‍්බං, අච‍්ඡින‍්නචීවරස‍්ස, නට‍්ඨචීවරස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

7. ගිමන් සිවුමසින් මසක් ශේෂ යයි වැසිසළුසිවුරක් සොයා නම්, ගිමන් සිවුමසින් අඩමසක් ශේෂ යයි කොට නිමවා හඳී නම්, ගිමන් සිවුමසින් උනුමසක් ශේෂ යයි වැසිසළුසිවුර සොයා නම්, ගිමන් සාරමසින් උනුමසක් ශේෂ යයි කොට හඳී නම්, සොයන ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, හඳනා ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, දොවා බහා තැබියයුතු ය. සුදුසුකල්හි හැන්ද යුතු ය. අසිඳැගත් සිවුරු ඇතියාට, නටසිවුරු ඇතියාට, උවදුරු ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට, ඇවැත් නැත්තේ යි.

වස‍්සිකසාටිකසික‍්ඛාපදං නිට‍්ඨිතං.

වස්සිකසාටික ශික්‍ෂාපදය නිමි.