යෙදුමෙන් කියවන්න

චීවරඅච‍්ඡින්‍දනසික‍්ඛාපදං

5. 3. 5.

5. 3. 5.

චීවරඅච‍්ඡින්‍දනසික‍්ඛාපදං

චීවරඅච්ඡින්‍දන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භාතුනො සද‍්ධිවිහාරිකං භික‍්ඛුං එතදවොච: “එහාවුසො ජනපදචාරිකං පක‍්කමිස‍්සාමා”ති. “නාහං භන‍්තෙ ගමිස‍්සාමි, දුබ‍්බලචීවරොම‍්හී”ති. “එහාවුසො අහං තෙ චීවරං දස‍්සාමී”ති තස‍්ස චීවරං අදාසි. අස‍්සොසි ඛො සො භික‍්ඛු: “භගවා කිර ජනපදචාරිකං පක‍්කමිස‍්සතී”ති. අථ ඛො තස‍්ස භික‍්ඛුනො එතදහොසි:- “නදානාහං ආයස‍්මතා උපනන්‍දෙන සක්‍යපුත‍්තෙන සද‍්ධිං ජනපදචාරිකං පක‍්කමිස‍්සාමි, භගවතා සද‍්ධිං ජනපදචාරිකං පක‍්කමිස‍්සාමී”ති. අථ ඛො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තං භික‍්ඛුං එතදවොච: “එහිදානි ආවුසො ජනපදචාරිකං පක‍්කමිස‍්සාමා”ති. “නාහං භන‍්තෙ තයා සද‍්ධිං ජනපදචාරිකං පක‍්කමිස‍්සාමි, භගවතා සද‍්ධිං ජනපදචාරිකං පක‍්කමිස‍්සාමී”ති. “යම‍්පි ත්‍යාහං ආවුසො චීවරං අදාසිං මයා සද‍්ධිං ජනපදචාරිකං පක‍්කමිස‍්සතී”ති, කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ බෑයාගේ සද්ධිවිහාරික මහණක්හට මෙය කී ය. “එව ඇවැත්නි, ජනපදචාරිකාහි යම්හ” යි. “වහන්ස මම නො යන්නෙමි. දුඹුල් සිවුරු ඇත්තෙමි” යි. “එව ඇවැත්නි, මම තට සිවුරක් දෙන්නෙමි” යි ඔහුට සිවුරක් දිනි. ඒ මහණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකායෙහි වඩනාහ” යි ඇසී ය. ඉක්බිති ඒ මහණහට මේ සිත විය: “මම දැන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමි” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ ඒ මහණහට මෙය කීය: “එව ඇවැත්නි, දැන් ජනපද චාරිකායෙහි යම්හ” යි. “වහන්ස, මම නුඹ හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමැ” යි. “ඇවැත්නි, මම තට සිවුරක් දිනිම් ද එය මා හා සමග ජනපද චාරිකායෙහි යන්නේ යයි (සිතා) දිනිමි” යි කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ ය.

2. අථ ඛො සො භික‍්ඛු භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භික‍්ඛුස‍්ස සාමං චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දිස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර ත්‍වං උපනන්‍ද භික‍්ඛුස‍්ස සාමං චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දී”ති. “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා: “කථං හි නාම ත්‍වං මොඝපුරිස භික‍්ඛුස‍්ස සාමං චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දිස‍්සසි. නෙතං, මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

2. ඉක්බිති ඒ මහණ තෙමේ භික්‍ෂූන්ට මෙ පවත් දැන්වී ය. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවති. “කෙසේ නම් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ මහණහට තෙමේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? උපනන්‍දය තෝ මහණකු ට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “තුච්ඡපුරුෂය,කෙසේ නම් තෝ මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගත්තේ ද?” “තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”

“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස සාමං චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දෙය්‍ය වා අච‍්ඡින්‍දාපෙය්‍ය වා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති”.

”යම් මහණෙක් මහණකුට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගණීනම් හෝ අසිඳැ ගන්වන්නේ නම් හෝ නිසඟි පචිති වේ” යයි

3. යො පනාති යො යාදිසො -පෙ-

3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.

භික‍්ඛුස‍්සාති අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස.

භික්ඛුස්ස යනු: අන් මහණකුට ය.

සාමන‍්ති සයං දත්‍වා

සාමං යනු: තෙමේ ම දී.

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනුපගපච‍්ඡිමං.

චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරකි.

කුපිතො අනත‍්තමනොති අනභිරද‍්ධො ආහතචිත‍්තො ඛිලජාතො.

කුපිතෝ අනත්තමනෝ යනු: නොපහන්වූයේ, ක්‍රෝධයෙන් ගැටුනු සිත් ඇත්තේ, හටගත් කෙලෙස් කණු ඇත්තේ.

අච‍්ඡින්‍දෙය්‍යාති සයං අච‍්ඡින්‍දති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං

අච්ඡින්‍දෙය්‍ය යනු: තෙමේ අසිඳැ ගණී නම් නිසඟිපචිති වේ.

අච‍්ඡින්‍දාපෙය්‍යාති අඤ‍්ඤං ආණාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සකිං ආණත‍්තො බහුකම‍්පි අච‍්ඡින්‍දති, නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං “ඉදං මෙ භන‍්තෙ චීවරං භික‍්ඛුස‍්ස සාමං දත්‍වා අච‍්ඡින‍්නං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති දදෙය්‍යාති-දදෙය්‍යුන‍්ති-ආයස‍්මතො දම‍්මී”ති.

අච්ඡින්‍දාපෙය්‍ය යනු: අනෙකකු අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අණවන ලද්දේ බොහෝ දෙයක් අසිඳ ගණී නම් නිසඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසජිය යුතු යි. මහණෙනි, මෙසේ නිසදිය යුතු යි: “වහන්ස, මගේ මේ සිවුර මහණකුට තමාම දී අසිඳැ ගන්නා ලද්දේ නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.

4. උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. උපසම‍්පන‍්නෙ වෙමතිකො -පෙ- උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

4. උපසපන් මහණකු කෙරෙහි උපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වෙයි. උපසපන් මහණකු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටුවූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වේ.

5. අඤ‍්ඤං පරික‍්ඛාරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නස‍්ස චීවරං වා අඤ‍්ඤං වා පරික‍්ඛාරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දති වා අච‍්ඡින්‍දාපෙති වා, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස.

5. අන් පිරිකරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනකුට සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි.

6. අනාපත‍්ති සො වා දෙති, තස‍්ස වා විස‍්සසන‍්තො ගණ‍්හාති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

6. හේ තෙමේ හෝ දේ නම්, ඔහුට විස්වස් ඇත්තේ හෝ ගණී නම්, (ඔවුනට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැත්තේ යි.

චීවරඅච‍්ඡින්‍දන සික‍්ඛාපදං නිට‍්ඨිතං.

චීවරඅච්ඡින්‍දන ශික්‍ෂාපදය නිමි.