යෙදුමෙන් කියවන්න

සුත‍්තවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං

5. 3. 6.

5. 3. 6.

සුත‍්තවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං

සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ චීවරකාරසමයෙ බහුං සුත‍්තං විඤ‍්ඤාපෙසුං. කතෙපි චීවරෙ බහුං සුත‍්තං අවසිට‍්ඨං හොති. අථ ඛො ඡබ‍්බග‍්ගියානං භික‍්ඛූනං එතදහොසි: “හන්‍ද මයං ආවුසො අඤ‍්ඤම‍්පි සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙමා”ති. අථ ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අඤ‍්ඤම‍්පි සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙසුං. වීතෙපි චීවරෙ බහුසුත‍්තං අවසිට‍්ඨං හොති. දුතියම‍්පි ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අඤ‍්ඤම‍්පි සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙසුං. වීතෙපි චීවරෙ බහුං සුත‍්තං අවසිට‍්ඨං හොති. තතියම‍්පි ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අඤ‍්ඤම‍්පි සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙසුං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙස‍්සන‍්තී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩවසන සේක. තවද එසමයෙහි සවග මහණහු සිවුරු කරණ කාලයෙහි බොහෝ හූ විනවූහ. සිවුර නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි විය. ඉක්බිති සවග මහණුන්ට මේ සිත විය: “ඇවැත්නි, ඉදින් අපි වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවමෝ නම් මනා යැ” යි. ඉක්බිති සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. දෙවනවට ද සවගමහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හිදු බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. තෙවනවට දු සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. මිනිස්සු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහුදැ”යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං: “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙථා”ති. “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා: “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවද්දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියැවුහු දැ’යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්‍දා කළ සේක: “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”

“යො පන භික‍්ඛු සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති”.

“යම් මහණෙක් සිවුරු පිණිස හූ විනවා පෙහෙරුන් ලවා සිවුරු පිළියක් වියවා නම් නිසඟිපචිති වේ” යයි.

3. යො පනාති යො යාදිසො -පෙ-

3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්ඛු යනු: ... මේ තෙමේ මේ කරුණෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලද්දේයි.

සාමන‍්ති සයං විඤ‍්ඤාපෙත්‍වා.

සාමං යනු: තෙමේ ඉල්ලා ගෙණය.

සුත‍්තං නාම: ඡ සුත‍්තානි: ඛොමං කප‍්පාසිකං කොසෙය්‍යං කම‍්බලං සාණං භඞ‍්ගං.

සුත්ත නම්: “කොමුවැහැරියෙන් කළ හූ ය, කපුයෙන් නිපන් හූ ය, තිහිරියෙන් කළ හූ ය, එළුලොමින් කළ හූය, හණවැහැරියෙන් කළ හූ ය, මේ පස මුසුකොට කළ හූ ය”යි සවැදෑරුම් හූය.

තන‍්තවායෙහීති පෙසකාරෙහි වායාපෙති, පයොගෙ පයොගෙ දුක‍්කටං, පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: ඉදං මෙ භන‍්තෙ චීවරං සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි වායාපිතං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති. - දදෙය්‍යාති - දදෙය්‍යුන‍්ති - ආයස‍්මතො දම‍්මී”ති.

තන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා වියවා නම් පියොවක් පාසා දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතු යි. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු යි: “වහන්ස, මවිසින් මේ සිවුරු පිළිය තමා ම හූ විනවා පෙහෙරුන් ලවා වියවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය’යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.

4. වායාපිතෙ වායාපිතසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. වායාපිතෙ වෙමතිකො, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. වායාපිතෙ අවායාපිතසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

4. වියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි විමති ඇත්හේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි නො වියවන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ.

5. අවායාපිතෙ වායාපිතසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. අවායාපිතෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. අවායාපිතෙ අවායාපිතසඤ‍්ඤී, අනාපත‍්ති.

5. නොවියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ දුකුළා ඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි නොවියවන ලදැ යි සන් ඇතියේ ඇවැත් නැති.

6. අනාපත‍්ති චීවරං සිබ‍්බෙතුං, ආයොගෙ, කායබන්‍ධනෙ, අංසවට‍්ටකෙ පත‍්තත්‍ථවිකාය, පරිස‍්සාවනෙ, ඤාතකානං, පවාරිතානං, අඤ‍්ඤස‍්සත්‍ථාය, අත‍්තනො ධනෙන, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

6. සිවුරු මැහීම පිණිස ද, ආයෝගපට්ටය, කායබන්‍ධය, අංසවට්ටකය, පත්තත්‍ථවිකාය, පරිස්සාවනය යන මේ නිමිති කොට හූ විනවන්නහූට ද, ඥාති භික්‍ෂූන්ට ද, පවරණු ලැබුවනට ද, අනෙකක්හු සඳහා ඉල්වන්නහු ට ද, සිය ධනයෙන් ගන්නහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැති.

සුත‍්තවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං නිට‍්ඨිතං.

සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදය නිමි.