මහාපෙසකාරසික්ඛාපදං
5. 3. 7.
5. 3. 7.
මහාපෙසකාරසික්ඛාපදං
මහාපෙසකාර ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො පවාසං ගච්ඡන්තො පජාපතිං එතදවොච: “සුත්තං ධාරයිත්වා අමුකස්ස තන්තවායස්ස දෙහි. චීවරං වායාපෙත්වා නික්ඛිප. ආගතො අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. අස්සොසි ඛො අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු තස්ස පුරිසස්ස ඉමං වාචං භාසමානස්ස. අථ ඛො සො භික්ඛු යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා, ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “මහාපුඤ්ඤොසි ත්වං ආවුසො උපනන්ද, අමුකස්මිං ඔකාසෙ අඤ්ඤතරො පුරිසො පවාසං ගච්ඡන්තො පජාපතිං එතදවොච: “සුත්තං ධාරයිත්වා අමුකස්ස තන්තවායස්ස දෙහි. චීවරං වායාපෙත්වා නික්ඛිප. ආගතො අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. “අත්ථාවුසො මං සො උපට්ඨාකො”ති. සොපි ඛො තන්තවායො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකො හොති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් ප්‍රවාසයට යන්නේ බිරිඳට මෙය කීය: “හූ තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළිය වියවා තබව. පෙරළා ආයෙම් උපනන්ද හිමියන් සිවුරින් පුදන්නෙමි” යි. එක්තරා පිණ්ඩචාරික මහණෙක් කියන්නා වූ ඒ පුරුෂයාගේ මෙතෙපුල් ඇසී ය. ඉක්බිති ඒ මහණ තෙමේ උපනන්ද ශාක්‍ය පුත්‍රයන් වෙත එළඹ මෙය කීය: “ඇවැත් උපනන්දයෙනි, තෙපි මහ පිනැත්තහුය. අසුවල් තැන එක්තරා පුරුෂයෙක් ප්‍රවාසයට යන්නේ බිරිඳට මෙය කීය. “නූල් තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළියක් වියවා තබව. පෙරළා ආයෙම් සිවුර උපනන්ද හිමියන් පුදන්නෙමි’යි. “ඇත ඇවැත්නි, හේ මට උපස්ථායකයැ” යි. ඒ පෙහෙර තෙමේ ද ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායකයෙක් වෙයි.
2. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන සො තන්තවායො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තන්තවායං එතදවොච: “ඉදං ඛො ආවුසො චීවරං මං උද්දිස්ස විය්යති, ආයතඤ්ච කරොහි, විත්ථතඤ්ච අප්පිතඤ්ච සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කරොහී”ති. “එතෙ ඛො මෙ භන්තෙ සුත්තං ධාරයිත්වා අදංසු ඉමිනා සුත්තෙන චීවරං විනාහීති. න භන්තෙ සක්කා ආයතං වා විත්ථතං වා අප්පිතං වා කාතුං, සක්කා ච ඛො භන්තෙ සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කාතුන්ති.” “ඉඞ්ඝ ත්වං ආවුසො ආයතඤ්ච කරොහි විත්ථතඤ්ච අප්පිතඤ්ච, න තෙ සුත්තෙන පටිබද්ධං භවිස්සතී”ති.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ උපස්ථායකයා වෙත එළඹ පෙහෙරාට මෙය කීය. “ඇවැත, මේ සිවුරු පිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, සමව වියන ලද්දක් ද, සමව නූල් එළා වියන ලද්දක් ද, මනා හිරි අඳින ලද්දක් ද, කොස්සෙන් පිරිසිදු කරණ ලද්දක් ද කරව” යි. “වහන්ස, මොහු මට මේ හුයින් සිවුරු පිළියක් වියවයි හූ පමණ කොට දුන්හ. වහන්ස, දිග හෝ පුළුල් හෝ ඝන හෝ කරන්නට නො හැකිය. “වහන්ස, සුචිත ද, සුප්පවායිත ද සුවිලේඛිත ද සුචිතච්ඡිත ද කරන්නට හැකි වෙයි.” “ඇවැත, එසේ නම් තෝ දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, කරව. තට හුයින් අඩුවෙක් නොවන්නේ ය.”
3. අථ ඛො සො තන්තවායො යථාභතං සුත්තං තන්තෙ උපනෙත්වා යෙන සා ඉත්ථි තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච: “සුත්තෙන අය්යෙ අත්ථො”ති. “නනු ත්වං අය්යො මයා වුත්තො: ඉමිනා සුත්තෙන චීවරං විනාහී”ති. “සච්චාහං අය්යෙ තයා වුත්තො: ඉමිනා සුත්තෙන චීවරං විනාහී”ති. අපිච මං අය්යො උපනන්දො එවමාහ: “ඉඞ්ඝ ත්වං ආවුසො ආයතඤ්ච කරොහි විත්ථතඤ්ච අප්පිතඤ්ච, න තෙන සුත්තෙන පටිබද්ධං භවිස්සතීති. අථ ඛො සා ඉත්ථි යත්තකං යෙව සුත්තං පඨමං අදාසි, තත්තකං පච්ඡා අදාසි.
3. ඉක්බිති ඒ පෙහෙර තෙමේ ගෙණා පමණ හූ යන්ත්‍රයෙහි එළවා ඒ ස්ත්‍රිය වෙත එළඹ මෙය කීය. “ආර්‍ය්‍යාවෙනි, හුයින් ප්‍රයෝජන ඇතැ”යි. “ආර්‍ය්‍යාවෙනි, මේ හුයින් සිවුරක් වියව’ යි තෙපි මා විසින් කියන ලද්දහු නො වේ ද?” “සැබව ආර්‍ය්‍යාවෙනි, තොප විසින් මේ හුයින් සිවුරක් වියව’යි කියන ලද්දෙමි” යි. එතකුදුවුවත් උපනන්ද ස්වාමීහු මට මෙය කීහ. “ඉදින් ඇවැත තෝ දිග ද පුළුල ද ඝන ද කරව, තට හුයින් අඩුවෙක් නො වන්නේය” යි. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ යම් පමණ හූ පළමුව දුන්නී ද, පසුව ද එපමණ දුන්නීය.
4. අස්සොසි ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො “සො කිර පුරිසො පවාසතො ආගතො”ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන තස්ස පුරිසස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො පුරිසො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො පජාපතිං එතදවොච: “තං වායාපිතං චීවරන්ති?” “ආමාය්ය වායාපිතං තං චීවරන්ති”. “ආහර අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. අථ ඛො සා ඉත්ථි තං චීවරං නීහරිත්වා සාමිකස්ස දත්වා එතමත්ථං ආරොචෙසි. අථ ඛො සො පුරිසො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරං දත්වා උජ්ඣායති ඛීයති විපාචෙති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙ සුකරා චීවරෙන අච්ඡාදෙතුං. කථං හි නාම අය්යො උපනන්දො මයා පුබ්බෙ අප්පවාරිතො තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති.
4. ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ පුරුෂයා බැහැර සිට ආයේයයි ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ පුරුෂයාගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හුන්හ. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීයේය. ඒ සිවුරුපිළිය වියවන ලදදැ”යි. “එසේ ය හිමියනි, ඒ සිවුරු පිළිය වියවන ලද්දේය’ යි. “ගෙණ එව. උපනන්ද හිමියන් සිවුරින් පුදන්නෙමි”යි. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ඒ සිවුරුපිළිය ගෙණවුත් සැමියාට දී මේ පවත් දැන්වූවාය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයාහට සිවුරුපිළිය දී හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ මහත් ආශා ඇත්තෝය. ලද දෙයින් සතුටු නො වන්නෝය. මොහු සිවුරකින් පුදන්නට පහසු නො වෙත්. “කෙසේ නම් උපනන්ද හිමියෝ මවිසින් පෙර නො පවරණ ලද්දාහු පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියාහු දැ”යි.
5. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර ත්වං උපනන්ද පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජී”ති? “සච්චං භගවා.” “ඤාතකො තෙ උපනන්ද අඤ්ඤාතකො”ති? “අඤ්ඤාතකො භගවා”ති. “අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතකස්ස න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. තත්ථ නාම ත්වං මොඝපුරිස පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
5. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරවති. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරුපිළියෙහි අධික විධානයට පැමිණියාහු දැ’යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද උපනන්දය, තෝ පෙර නො පවරණ ලද්දෙහි ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” “උපනන්දය හේ තාගේ නෑයෙක් ද? නො නෑයෙක් ද?” “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෙකි.” “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයකුගේ සුදුසුබව හෝ නුසුදුසු බව හෝ ඇතිබව හෝ නැතිබව හෝ නො දනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ පෙර නො පවරණ ලද්දෙහි නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි ය. “තුච්ඡපුරුෂය, තෙල නොපහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“භික්ඛුං පනෙව උද්දිස්ස අඤ්ඤාතකො ගහපති වා ගහපතානී වා තන්තවායෙහි චීවරං වායාපෙය්ය, තත්ර චෙ සො භික්ඛු පුබ්බෙ අප්පවාරිතො තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය: ‘ඉදං ඛො, ආවුසො, චීවරං මං උද්දිස්ස විය්යති. ආයතඤ්ච කරොථ විත්ථතඤ්ච. අප්පිතඤ්ච සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කරොථ, අප්පෙවනාම මයම්පි ආයස්මන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්යාමා’ති. එවඤ්ච සො භික්ඛු වත්වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්ය අන්තමසො පිණ්ඩපාතමත්තම්පි, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
“මහණකු උදෙසාම නොනෑ ගැහැවියෙක් හෝ ගිහිනියක් හෝ පෙහෙරුන් ලවා සිවුරුපිළියක් වියවා නම් එකල්හි ඒ මහණ තෙමේ පෙර නො පවරණ ලද්දේ පෙහෙරුන් වෙත එළඹ ඉදින් සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්: ‘ඇවැත්නි, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග් වූවක් ද පුළුල් වූවක් ද ඝන වූවක් ද කරවු. මනාකොට වියන ලද්දක් ද සමකොට හූ අතුරා වියන ලද්දක් ද මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු. ඉදින් අපිදු ආයුෂ්මත්හට කිසිවක් දෙන්නමෝ නම් යෙහෙකැ’යි. ඒ මහණ තෙමේ මෙසේ කියා යටත් පිරිසෙයින් ස්වල්පමාත්‍රවූ ද පිඬුපමණකුදු දේ නම් නිසඟිපචිති වේ” යයි.
6. භික්ඛුං පනෙව උද්දිස්සාති භික්ඛුස්සත්ථාය භික්ඛුං ආරම්මණං කරිත්වා භික්ඛුං අච්ඡාදෙතුකාමො.
6. භික්ඛුං පනෙව උද්දිස්ස යනු: මහණකු සඳහා මහණකු අරමුණු කොට මහණක්හට දෙනු කැමැත්තේ.
අඤ්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධො.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා සම්බන්ධනුවූයේ වෙයි.
ගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
ගහපති නම්: යමෙක් ගිහිගෙයි වෙසේ නම් හෙ තෙමේ ය.
ගහපතානී නාම: යා කාචි අගාරං අජ්ඣාවසති.
ගහපතානී නම්: ගිහිගෙයි වසන යම්කිසි මාගමක්.
තන්තවායෙහීති පෙසකාරෙහි.
තන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා
චීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගපච්ඡිමං.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරෙකි.
වායාපෙය්යාති විනාපෙති.
චායාපෙය්ය යනු: වියවයි.
තත්ර චෙ සො භික්ඛූති යං භික්ඛුං උද්දිස්ස චීවරං විය්යති සො භික්ඛු.
තත්ර චෙසො භික්ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරක් වියනු ලැබේ ද, ඒ මහණ තෙමෙ ය.
පුබ්බෙ අප්පවාරිතොති පුබ්බෙ අවුත්තො හොති: “කීදිසෙන තෙ භන්තෙ චීවරෙන අත්ථො, කීදිසං තෙ චීවරං වායාපෙමී”ති.
පුබ්බේ අප්පචාරිතො යනු: “වහන්ස, කෙබඳු සිවුරකින් තොපට ප්‍රයෝජන වේ ද, තොපට කෙබඳු සිවුරක් වියවම් දැ යි” පෙර නො කියනුලැබුවෙක් වෙයි.
තන්තවායෙ උපසඞ්කමිත්වාති ඝරං ගන්ත්වා යත්ථ කත්ථචි උපසඞ්කමිත්වා
තන්තවායෙ උපසඞ්කමිත්වා යනු: ගෙට ගොස් යම්කිසි තැනෙක්හි එළඹය.
චීවරෙ විකප්පං ආපජ්ජෙය්යාති “ඉදං ඛො ආවුසො චීවරං මං උද්දිස්ස විය්යති, ආයතඤ්ච කරොථ, විත්ථඤ්ච අප්පිතඤ්ච සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කරොථ.”
චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය යනු: “ඇවැත, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද පුළුල්වූවක් ද ඝනවූවක් ද කරවු. මනා කොට වියන ලද්දක් ද, සමකොට හූ අතුරා වියන ලද්දක් ද, මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු.”
අප්පෙවනාම මයම්පි ආයස්මන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්යාමාති එවඤ්ච සො භික්ඛු වත්වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්ය අන්තමසො පිණ්ඩපාතමත්තම්පීති. පිණ්ඩපාතො නාම: යාගුපි භත්තම්පි ඛාදනීයම්පි චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි අන්තමසො ධම්මම්පි භණති.
අප්පෙව නාම මයම්පි ආයසමන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්යාමාති එවං ච සො භික්ඛු වත්වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්ය අන්තමසෝ පිණ්ඩපාතමත්තම්පි යනු: පිණ්ඩපාත නම්: හඹු ද, බත් ද, කැවිලි ද, සුණුපිඬක් ද, දැහැටි දඬුවක් ද දහවළුකඩක් ද යටත් පිරිසෙයින් දහම් ද දෙසයි.
7. තස්ස වචනෙන ආයතං වා විත්ථතං වා අප්පිතං වා කරොති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපන්නං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
7. ඔහුගේ වචනයෙන් දිග්වූවක් හෝ පුළුල්වූවක් හෝ ඝනවූවක් හෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසැජිය යුතු. මහණෙනි, මෙසේ නිසැජිය යුතුයි. “වහන්ස, මාගේ මේ සිවුර පෙර නො පවරණ ලදුයෙම් නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසඟි විය. “මෙය මම් සඟනට නිසජමි’යි ... දෙන්නේය’යි ... දෙන්නාහ’යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
8. අඤ්ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ්ඤාතකෙ ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං.
8. නොනෑයෙකු කෙරෙහි නොනෑයෙක යන සන් ඇතියේ පෙර නො පවරණලද්දේ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්, නිසඟිපචිති වෙයි. නො නෑයෙකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සන් ඇත්තේ පෙර නොපවරණ ලද්දේ, ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණේ නම් නිසඟිපචිති වේ.
9. ඤාතකෙ අඤාතකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ ඤාතකසඤ්ඤී, අනාපත්ති.
9. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සන් ඇතියේ ඇවැත් නැති.
10. අනාපත්ති ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, මහග්ඝං වායාපෙතුකාමස්ස අප්පග්ඝං වායාපෙති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
10. නෑයනට, පැවරූවනට, අනෙකක්හු සඳහා, සිය ධනයෙන්, මහඟු කොට වියවනු කැමැත්තහුගේ සිවුර අගය අඩුවූවක් කොට වියවා නම්, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
මහාපෙසකාරසික්ඛාපදං නිට්ඨිතං.
මහාපෙසකාර ශික්ෂාපදය නිමි.