යෙදුමෙන් කියවන්න

පෙසුඤ‍්ඤසික‍්ඛාපදං

6. 1. 3.

6. 1. 3.

පෙසුඤ‍්ඤසික‍්ඛාපදං

පෙසුඤ්ඤ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං පෙසුඤ‍්ඤං උපසංහරන‍්ති. ඉමස‍්ස සුත්‍වා අමුස‍්ස අක‍්ඛායන‍්තී ඉමස‍්ස භෙදාය. අමුස‍්ස සුත්‍වා ඉමස‍්ස අක‍්ඛායන‍්ති අමුස‍්ස භෙදාය තෙන අනුප‍්පන‍්නානි චෙව භණ‍්ඩනානි උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නානි ච භණ‍්ඩනානි භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං පෙසුඤ‍්ඤං උපසංහරිස‍්සන‍්ති ඉමස‍්ස සුත්‍වා අමුස‍්ස අක‍්ඛායිස‍්සන‍්ති ඉමස‍්ස භෙදාය, අමුස‍්ස සුත්‍වා ඉමස‍්ස අක‍්ඛායිස‍්සන‍්ති අමුස‍්ස භෙදාය. තෙන අනුප‍්පන‍්නානි චෙව භණ‍්ඩනානි උප‍්පජ‍්ජන‍්ති උප‍්පන‍්නානි ච භණ‍්ඩනානි භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්තීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු උපන් භණ්ඩන (කලහ පෙරටු බිණුම්) ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවත්. මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියත්. ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියත්. එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුලබවට විපුලබවට වැටෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන්බස් එළවූහු ද, මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීහු ද, ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත්”යැයි.

2. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “සච‍්චං කීර තුම‍්හෙ භික‍්ඛවෙ භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං පෙසුඤ‍්ඤං උපසංහරථ ඉමස‍්ස සුත්‍වා අමුස‍්ස අක‍්ඛායථ ඉමස‍්ස භෙදාය, අමුස‍්ස සුත්‍වා ඉමස‍්ස අක‍්ඛායථ අමුස‍්ස භෙදාය. තෙන අනුප‍්පන‍්නානි චෙව භණ‍්ඩනානි උප‍්පජ‍්ජන‍්ති උප‍්පන‍්නානි ච භණ‍්ඩනානි භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්තීති. “සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං පෙසුඤ‍්ඤං උපසංහරිස‍්සථ ඉමස‍්ස සුත්‍වා අමුස‍්ස අක‍්ඛායිස‍්සථ ඉමස‍්ස භෙදාය, අමුස‍්ස සුත්‍වා ඉමස‍්ස අක‍්ඛායිස‍්සථ අමුස‍්ස භෙදාය, තෙන අනුප‍්පන‍්නානි චෙව භණ‍්ඩනානි උප‍්පජ‍්ජන‍්ති. උප‍්පන‍්නානි ච භණ‍්ඩනානි භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්ති. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.

2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙ කරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවවු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියවු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියවු ද? එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත් යැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවූවහු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීවහු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීවහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝත් බහුල බවට විපුල බවට වැටෙත්. හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නො වේ ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;

“භික‍්ඛුපෙසුඤ‍්ඤෙ පාචිත‍්තිය”න‍්ති.

මහණුන්ගේ පෙහෙසුන් බස්හි පචිති ඇවැත් වේ යයි.

3. පෙසුඤ‍්ඤං නාම: ද‍්වීහාකාරෙහි පෙසුඤ‍්ඤං හොති. පියකම්‍යස‍්ස වා භෙදාධිප‍්පායස‍්ස වාති. දසහාකාරෙහි පෙසුඤ‍්ඤං උපසංහරති ජාතිතොපි නාමතොපි ගොත‍්තතොපි කම‍්මතොපි සිප‍්පතොපි ආබාධතොපි ලිඞ‍්ගතොපි කිලෙසතොපි ආපත‍්තිතොපි අක‍්කොසතොපි.

3. පෙසුඤ්ඤ නම්: දෙ අයුරෙකින් පෙහෙසුන් වෙයි. ප්‍රිය භාවය කැමැත්තාහට හෝ බිඳුවන අදහස ඇතියාහට හෝ යි. දස අයුරෙකින් පෙහෙසුන් බස් එළවයි. ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්‍රොශයෙනුදු යි.

4. ජාති නාම: ද‍්වෙ ජාතියො හීනා ච ජාති උක‍්කට‍්ඨා ච ජාති. හීනා නාම ජාති: චණ‍්ඩාලජාති වෙණජාති නෙසාදජාති රථකාරජාති පුක‍්කුසජාති, එසා හීනා නාම ජාති. උක‍්කට‍්ඨා නාම ජාති: ඛත‍්තියජාති බ්‍රාහ‍්මණජාති. එසා උක‍්කට‍්ඨා නාම ජාති -පෙ-

4. ජාති නම්: ජාති දෙකෙකි, හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි. හීන ජාති නම්: සැඬොල්ජාති යැ කුළුපොතුජාති යැ වැදිජාති යැ සොම්මරජාති යැ පුප්සඬුජාති යි. තෙල හීනජාති නම. උත්කෘෂ්ට ජාති නම්: ක්‍ෂත්‍රිය ජාති යැ බ්‍රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නමු ...

5. අක‍්කොසො නාම: ද‍්වෙ අක‍්කොසා හීනො ච අක‍්කොසො උක‍්කට‍්ඨො ච අක‍්කොසො. හීනො නාම අක‍්කොසො: ඔට‍්ඨොසි මෙණ‍්ඩොසි ගොණොසි ගද්‍රභොසි තිරච‍්ඡානගතොසි නෙරයිකොසි නත්‍ථි තුය‍්හං සුගති දුග‍්ගතියෙව තුය‍්හං පාටිකඞ‍්ඛාති. යකාරෙන වා භකාරෙන වා කාටකොටචිකාය වා, එසො හීනො නාම අක‍්කොසො, උක‍්කට‍්ඨො නාම අක‍්කොසො: පණ‍්ඩිතොසි ව්‍යත‍්තොසි මෙධාවීසි බහුස‍්සුතොසි ධම‍්මකථිකොසි නත්‍ථි තුය‍්හං දුග‍්ගති; සුගතියෙව තුය‍්හං පාටිකඞ‍්ඛාති, එසො උක‍්කට‍්ඨො නාම අක‍්කොසො.

5. ආක්‍රෝශ නම්: ආක්‍රෝශ දෙකෙකි හීනආක්‍රෝශ ද උත්කෘෂ්ට ආක්‍රෝශ දැ යි. හීනාක්‍රෝශ නම්: ඔටුයෙහි මැඬයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියෙහි නිරිසත්හි තට සුගති නැති, තට දුගති මැ කැමැති වියයුතු යි, යකාරභකාරයන් යොදා කරන ආක්‍රෝශ යැ කාටකෝටචිකායෙන් (ස්ත්‍රී පුරුෂ නිමිත්ත කරුණු කොට) කරන ආක්‍රෝශ යි. තෙලෙ හීනාක්‍රෝශ නම. උත්කෘෂ්ටාක්‍රෝශ නම්: පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති වියයුතු යි. තෙලෙ උත්කෘෂ්ටාක්‍රෝශ නමි.

6. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං ‘චණ‍්ඩාලො වෙණො නෙසාදො රථකාරො පුක‍්කුසොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

6. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට සැඬොල් යැ කුළුපොතු යැ වැදි යැ සොම්මර යැ පුප්සඩු යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

7. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති. “ඉත්‍ථන‍්නාමො තං ඛත‍්තියො බ්‍රාහ‍්මණොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

7. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට ක්‍ෂත්‍රිය යැ බ්‍රාහ්මණ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

8. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං අවකණ‍්ණකො ජවකණ‍්ණකො ධනිට‍්ඨකො සවිට‍්ඨකො කුලවඩ‍්ඪකොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

8. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට අවකණ්ණක යැ ජවකණ්ණක යැ ධනිට්ඨක යැ සවිට්ඨක යැ කුලවඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

9. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං බුද‍්ධරක‍්ඛිතො ධම‍්මරක‍්ඛිතො සඞ‍්ඝරක‍්ඛිතොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

9. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට බුද්ධරක්‍ෂිත යැ ධර්‍මරක්‍ෂිත යැ සඞ්ඝරක්‍ෂිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

10. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං කොසියො භාරද‍්වාජොති භණතී”ති ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

10. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කෝසිය යැ භාරද්වාජ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

11. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං ‘ගොතමො මොග‍්ගල‍්ලානො කච‍්චානො වාසෙට‍්ඨොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

11. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට ගොතම යැ මොග්ගල්ලාන යැ කච්චාන යැ වාසෙට්ඨ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

12. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං කොට‍්ඨකො පුප‍්ඵඡඩ‍්ඩකොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

12. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කොට්ඨක යැ පුප්ඵඡඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

13. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං කස‍්සකො වාණිජො ගොරක‍්ඛොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

13. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට කර්‍ෂක යැ වාණිජ යැ ගෝරක්‍ෂකයැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

14. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං නළකාරො කුම‍්භකාරො පෙසකාරො චම‍්මකාරො නහාපිතොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

14. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට නළකාර යැ කුම්භකාර යැ පේසකාර යැ චම්මකාර යැ නහාපිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

15. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං මුද‍්දිකො ගණකො ලෙඛකොති භණතී”ති ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

15. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට මුද්දික යැ ගණක යැ ලේඛක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

16. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං කුට‍්ඨිකො ගණ‍්ඩිකො කිලාසිකො සොසිකො අපමාරිකොති භණතීති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

16. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට මෙනම් ඇතියේ තට කුට්ඨික යැ ගණ්ඩික යැ කිලාසික යැ සොසික යැ අපමාරික යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

17. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං මධුමෙහිකොති භණතී”ති ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

17. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට මධුමෙහික යැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

18. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං අතිදීඝො අතිරස‍්සො අතිකණ‍්හො අච‍්චොදාතොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

18. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට අතිදීර්‍ඝ යැ අතිභ්‍රස්ව යැ අතිකෘෂ්ණ යැ අත්‍යවදාත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

19. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං නාතිදීඝො නාතිරස‍්සො නාතිකණ‍්හො නාච‍්චොදාතොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

19. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට නාතිදීර්‍ඝ යැ නාතිභ්‍රස්ව යැ නාතිකෘෂ්ණ යැ නාත්‍යවදාත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

20. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං රාගපරියුට‍්ඨිතො දොසපරියුට‍්ඨිතො මොහපරියුට‍්ඨිතොති භණතී”ති ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

20. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ තට රාගපර්‍ය්‍යුත්‍ථිත යැ ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත යැ මෝහපර්‍ය්‍යුත්‍ථිත යැයි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

21. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං වීතරාගො වීතදොසො වීතමොහොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

21. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට වීතරාග යැ වීතද්වේෂ යැ වීතමෝහ යැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

22. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං පාරාජිකං අජ‍්ඣාපන‍්නො සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපන‍්නො ථුල‍්ලච‍්චයං අජ‍්ඣාපන‍්නො පාචිත‍්තියං අජ‍්ඣාපන‍්නො පාටිදෙසනීයං අජ‍්ඣාපන‍්නො දුක‍්කටං අජ‍්ඣාපන‍්නො දුබ‍්භාසිතං අජ‍්ඣාපන‍්නොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

22. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට පරිජි අවනැ සඟවෙසෙස් අවනැ තුලසි අවනැ පචිති අවනැ පිළිදෙස්නී අවනැ දුකුළා අවනැ දුබැසි අවනැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

23. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං සොතාපන‍්නොති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

23. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට සෝතාපන්නයෙකැ යි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

24. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං ඔට‍්ඨො මෙණ‍්ඩො ගොණො ගද්‍රභො තිරච‍්ඡානගතො නෙරයිකො නත්‍ථි තස‍්ස සුගති, දුග‍්ගතියෙව තස‍්ස පාටිකඞ‍්ඛාති භණතී”ති ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

24. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට ඔටු යැ මැඬ යැ ගොන් යැ ගදුබු යැ තිරිසන්ගියෙ යැ නිරිසත් යැ තට සුගති නැත, තට දුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

25. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො තං පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී බහුස‍්සුතො ධම‍්මකථිකො නත්‍ථි තස‍්ස දුග‍්ගති සුගතියෙව තස‍්ස පාටිකඞ‍්ඛාති භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

25. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ තට පණ්ඩිත යැ ව්‍යක්ත යැ මේධාවී යැ බහුශ්‍රුත යැ ධර්‍මකථික යැ තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු යැ යි බෙණේ යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

26. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො සන‍්ති ඉධෙකච‍්චෙ චණ‍්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක‍්කුසාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

26. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ “මෙහි ඇතැම් සැඬොල් කෙනෙක් කුළුපොතු කෙනෙක් වැදි කෙනෙක් සොම්මර කෙනෙක් පුප්සඬු කෙනෙක් වෙතියි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

27. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො ‘සන‍්ති ඉධෙකච‍්චෙ ඛත‍්තියා බ්‍රාහ‍්මණාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

27. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ මෙහි ඇතැම් ක්‍ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෙති යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ, තට මැ බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

28. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො සන‍්ති ඉධෙකච‍්චෙ පණ‍්ඩිතා ව්‍යත‍්තා මෙධාවිනො බහුස‍්සුතා ධම‍්මකථිකා නත්‍ථි තෙසං දුග‍්ගති සුගතියෙව තෙසං පාටිකඞ‍්ඛාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

28. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනක්හට “මෙ නම් ඇතියේ මෙහි ඇතැම් පණ්ඩිත කෙනෙක් ව්‍යක්ත කෙනෙක් මේධාවී කෙනෙක් බහුශ්‍රුත කෙනෙක් ධර්‍මකථික කෙනෙක් වෙති ඔවුනට සුගති මැ කැමැති වියයුතු යැ යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

29. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො යෙ නූන චණ‍්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක‍්කුසාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති. ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

29. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ යම් කෙනෙක් ඒකාන්තයෙන් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුහු යැ යි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

30. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො -පෙ- යෙ නූන පණ‍්ඩිතා ව්‍යත‍්තා මෙධාවිනො බහුස‍්සුතා ධම‍්මකථිකා නත්‍ථි තෙසං දුග‍්ගති සුගතියෙව තෙසං පාටිකඞ‍්ඛාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

30. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ... යම් කෙනෙක් ඒකාන්තයෙන් පණ්ඩිතයෝ ව්‍යක්තයෝ මේධාවීහු බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ වෙද්ද, ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ නම් හේ අනෙකකුට නො බෙණේ තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

31. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො න මයං චණ‍්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක‍්කුසාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

31. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුහු නො වම්හ යි බෙණේ ද හේ අනෙකකුට නො බෙණේ, තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

32. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති “ඉත්‍ථන‍්නාමො න මයං පණ‍්ඩිතා ව්‍යත‍්තා මෙධාවිනො බහුස‍්සුතා ධම‍්මකථිකා නත්‍ථම‍්හාකං දුග‍්ගති සුගතියෙව අම‍්හාකං පාටිකඞ‍්ඛාති භණති න සො අඤ‍්ඤං භණති තඤ‍්ඤෙව භණතී”ති ආපත‍්ති වාචාය වාචාය දුක‍්කටස‍්ස.

32. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට “මෙ නම් ඇතියේ ඇපි පණ්ඩිතයෝ ව්‍යක්තයෝ මේධාවීහු බහුශ්‍රැතයෝ ධර්‍මකථිකයෝ නො වම්හ අපට දුගති නැති, අපට සුගති මැ කැමැති වියයුතු යැයි බෙණේ ද, හේ අනෙකකුට නො බෙණේ. තට මැ බෙණේ” යයි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.

33. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති ආපත‍්ති වාචාය වාචාය පාචිත‍්තියස‍්ස.

33. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුහට පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.

34. උපසම‍්පන‍්නො උපසම‍්පන‍්නස‍්ස සුත්‍වා අනුපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති ආපත‍්ති දුක‍්කටස‍්ස.

34. උපසපනෙක් උපසපනකුගෙන් අසා අනුපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.

35. උපසම‍්පන‍්නො අනුපසම‍්පන‍්නස‍්ස සුත්‍වා උපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති ආපත‍්ති දුක‍්කටස‍්ස.

35. උපසපනෙක් අනුපසපනකුගෙන් අසා උපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.

36. උපසම‍්පන‍්නො අනුපසම‍්පන‍්නස‍්ස සුත්‍වා අනුපසම‍්පන‍්නස‍්ස පෙසුඤ‍්ඤං උපසංහරති ආපත‍්ති දුක‍්කටස‍්ස.

36. උපසපනෙක් අනුපසපනකුගෙන් අසා අනුපසපනකුහට පෙහෙසුන් එළවා නම් දුකුළා ඇවැත් වෙයි.

37. අනාපත‍්ති න පියකම්‍යස‍්ස න භෙදාධිප‍්පායස‍්ස උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

37. ප්‍රියභාවය නොකැමැතියාහට ද බිඳුවන අදහස නැතියාහට ද උම්මත්තකයාහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.

පෙසුඤ‍්ඤසික‍්ඛාපදං තතියං.

තෙවැනි පෙසුඤ්ඤශික්‍ෂාපද යි.