යෙදුමෙන් කියවන්න

සහසෙය්‍යසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සහසෙය්‍යසික‍්ඛාපදවණ‍්ණනා

සහසෙය්‍ය ශික්‍ෂාපද වර්ණනාව

පඤ‍්චමසික‍්ඛාපදෙ – මුට‍්ඨස‍්සතී අසම‍්පජානාති පුබ‍්බභාගෙ සතිසම‍්පජඤ‍්ඤස‍්ස අකරණවසෙනෙතං වුත‍්තං, භවඞ‍්ගොතිණ‍්ණකාලෙ පන කුතො සතිසම‍්පජඤ‍්ඤන‍්ති! විකූජමානාති විප‍්පලපමානා . කාකච‍්ඡමානාති නාසාය කාකසද‍්දං විය නිරත්‍ථකසද‍්දං මුඤ‍්චමානා. උපාසකාති පඨමතරං උට‍්ඨිතඋපාසකා.

පඤ්චම ශික්‍ෂාපදයෙහි “මුට්ඨස්සති අසම්පජානා” නිදීමට පෙර ස්මෘතිසම්ප්‍රජන්‍යය නොකිරීම් වසයෙන් මෙය කියනලදී. භවාඞ්ගයට බැසගත් කල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් කොයින් වේද, “විඤ්ජමානා” නන් දොඩවන්නාහු. “කාකච්ඡමානා” නාසයෙන් කාකශබ්දය මෙන් නිරර්‍ත්‍ථ ශබ්ද මුදන්නාහු. “උපාසකා” ඉතා පළමු කොට නැගිටින ලද උපාසකයෝ.

එතදවොචුන‍්ති “භගවතා ආවුසො රාහුල සික‍්ඛාපදං පඤ‍්ඤත‍්ත”න‍්ති භික‍්ඛූ සික‍්ඛාපදගාරවෙනෙව එතං අවොචුං. පකතියා පන තෙ භගවති ච ගාරවෙන ආයස‍්මතො ච රාහුලස‍්ස සික‍්ඛාකාමතාය තස‍්ස ආයස‍්මතො වසනට‍්ඨානං ආගතස‍්ස චූළමඤ‍්චකං වා අපස‍්සෙනං වා යං අත්‍ථි තං පඤ‍්ඤපෙත්‍වා චීවරං වා උත‍්තරාසඞ‍්ගං වා උස‍්සීසකරණත්‍ථාය දෙන‍්ති . තත්‍රිදං තස‍්සායස‍්මතො සික‍්ඛාකාමතාය – භික‍්ඛූ කිර තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා මුට‍්ඨිසම‍්මුඤ‍්ජනිඤ‍්ච කචවරඡඩ‍්ඩනකඤ‍්ච බහි ඛිපන‍්ති. අථඤ‍්ඤෙහි “ආවුසො කෙනිදං පාතිත”න‍්ති වුත‍්තෙ අඤ‍්ඤෙ එවං වදන‍්ති – “භන‍්තෙ, රාහුලො ඉමස‍්මිං පදෙසෙ සඤ‍්චරි, තෙන නු ඛො පාතිත”න‍්ති. සො පනායස‍්මා “න මය‍්හං භන‍්තෙ ඉදං කම‍්ම”න‍්ති එකදිවසම‍්පි අවත්‍වා තං පටිසාමෙත්‍වා භික‍්ඛූ ඛමාපෙත්‍වා ගච‍්ඡති. වච‍්චකුටියා සෙය්‍යං කප‍්පෙසීති තංයෙව සික‍්ඛාකාමතං අනුබ්‍රූහන‍්තො ධම‍්මසෙනාපතිමහාමොග‍්ගල‍්ලානආනන්‍දත්‍ථෙරාදීනං සන‍්තිකං අගන‍්ත්‍වා භගවතො වළඤ‍්ජනකවච‍්චකුටියං සෙය්‍යං කප‍්පෙසි. සා කිර කුටි කවාටබද‍්ධා ගන්‍ධපරිභණ‍්ඩකතා සමොසරිතපුප‍්ඵදාමා චෙතියට‍්ඨානමිව තිට‍්ඨති, අපරිභොගා අඤ‍්ඤෙසං.

“එතදවොචුං” ‘ඇවැත’ රාහුල භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපදය පනවන ලදැයි භික්‍ෂූහු ශික්‍ෂාපදගෞරවයෙන්ම මෙය කීහ. ඒ භික්‍ෂූහු ස්වභාව විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්ද ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ ශික්‍ෂාකාමතාවෙන්ද වසන තැනට පැමිණියාවූ ආයුෂ්මත්හට කුඩා ඇඳක් හෝ පිටට දෙන ලෑලිකඩක් හෝ යමක් ඇත්තේද එය පනවා සිවුර හෝ උතුරුසඟ සිවුර හෝ හිස තබා ගැනීමට දෙන්නාහ. මේ එහි ඒ ආයුෂ්මත්හුගේ ශික්‍ෂාකාමතාවෙන්: භික්‍ෂූහු එන්නා වූ රාහුල තෙරුන් දුරදීම දැක මිටිමුසුන් කසළ බහන බඳුන් පිටතට දමන්නාහ. නැවැත අන්‍ය භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි’ මෙය කවරකු විසින් හෙළන ලදදැයි විචාළ කල්හි අන් කෙනෙක් ‘ස්වාමීනි’ රාහුල තෙමේ මේ පෙදෙසෙහි හැසිරුනේය. ඔහු විසින් හෙළන ලද්දේදැ’යි මෙසේ කියත්. ඒ ආයුෂ්මත් රාහුලතෙමේ ‘ස්වාමීනි’, මේ මාගේ වැඩක් නොවේය’ය එක් දවසකුදු නො කියා එය තැන්පත් කොට තබා භික්‍ෂූන් තමා කරවා ගෙන යන්නේය. “වච්චකුටියා සෙය්‍යං කප්පෙසි” ඒ ශික්‍ෂාකාමතාව වඩමින් දම්සෙනෙවි මහමුගලන් අනඳ තෙර ආදීන්ගේ සමීපයට නොගොස් නිදන්නට තැනක් නොලත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වැසිකිළියෙහි සයනය කළේය. ඒ කිළිය වනාහි කවුළු බඳින ලදය. සුවඳින් පිරිබඩ කරන ලදය. මැනැවින් රැස්කොට තැබූ මල්දම් ඇත්තී චෛත්‍යස්ථානයක් මෙන් පවති. අන්‍යයන්ගේ පරිභොගයක් නැත්තීය.

උත‍්තරිදිරත‍්තතිරත‍්තන‍්ති භගවා සාමණෙරානං සඞ‍්ගහකරණත්‍ථාය තිරත‍්තං පරිහාරං අදාසි. න හි යුත‍්තං කුලදාරකෙ පබ‍්බාජෙත්‍වා නානුග‍්ගහෙතුන‍්ති. සහසෙය්‍යන‍්ති එකතො සෙය්‍යං. සෙය්‍යාති කායප‍්පසාරණසඞ‍්ඛාතං සයනම‍්පි වුච‍්චති, යස‍්මිං සෙනාසනෙ සයන‍්ති, තම‍්පි. තත්‍ථ සෙනාසනං තාව දස‍්සෙතුං “සෙය්‍යා නාම සබ‍්බච‍්ඡන‍්නා”තිආදි වුත‍්තං. කායප‍්පසාරණං දස‍්සෙතුං අනුපසම‍්පන‍්නෙ නිපන‍්නෙ භික‍්ඛු නිපජ‍්ජතී”තිආදි වුත‍්තං. තස‍්මා අයමෙත්‍ථ අත්‍ථො – “සෙනාසනසඞ‍්ඛාතං සෙය්‍යං පවිසිත්‍වා කායප‍්පසාරණසඞ‍්ඛාතං සෙය්‍යං කප‍්පෙය්‍ය විදහෙය්‍ය සම‍්පාදෙය්‍යා”ති. සබ‍්බච‍්ඡන‍්නාතිආදිනා පන තස‍්සා සෙනාසනසඞ‍්ඛාතාය සෙය්‍යාය ලක‍්ඛණං වුත‍්තං. තස‍්මා යං සෙනාසනං උපරි පඤ‍්චහි ඡදනෙහි අඤ‍්ඤෙන වා කෙනචි සබ‍්බමෙව පටිච‍්ඡන‍්නං, අයං සබ‍්බච‍්ඡන‍්නා නාම සෙය්‍යා. අට‍්ඨකථාසු පන පාකටවොහාරං ගහෙත්‍වා වාචුග‍්ගතවසෙන “සබ‍්බච‍්ඡන‍්නා නාම පඤ‍්චහි ඡදනෙහි ඡන‍්නා”ති වුත‍්තං. කිඤ‍්චාපි වුත‍්තං? අථ ඛො දුස‍්සකුටියං වසන‍්තස‍්සාපි න සක‍්කා අනාපත‍්ති කාතුං, තස‍්මා යං කිඤ‍්චි පටිච‍්ඡාදනසමත්‍ථං ඉධ ඡදනඤ‍්ච පරිච‍්ඡන‍්නඤ‍්ච වෙදිතබ‍්බං. පඤ‍්චවිධච‍්ඡදනෙයෙව හි ගය‍්හමානෙ පදරච‍්ඡන‍්නෙපි සහසෙය්‍යා න භවෙය්‍ය. යං පන සෙනාසනං භූමිතො පට‍්ඨාය යාව ඡදනං ආහච‍්ච පාකාරෙන වා අඤ‍්ඤෙන වා කෙනචි අන‍්තමසො වත්‍ථෙනාපි පරික‍්ඛිත‍්තං, අයං සබ‍්බපරිච‍්ඡන‍්නා නාම සෙය්‍යා. ඡදනං අනාහච‍්ච සබ‍්බන‍්තිමෙන පරියායෙන දියඩ‍්ඪහත්‍ථුබ‍්බෙධෙන පාකාරාදිනා පරික‍්ඛිත‍්තාපි සබ‍්බපරිච‍්ඡන‍්නායෙවාති කුරුන්‍දට‍්ඨකථායං වුත‍්තං. යස‍්සා පන උපරි බහුතරං ඨානං ඡන‍්නං, අප‍්පං අච‍්ඡන‍්නං, සමන‍්තතො වා බහුතරං පරික‍්ඛිත‍්තං, අප‍්පං අපරික‍්ඛිත‍්තං, අයං යෙභුය්‍යෙන ඡන‍්නා යෙභුය්‍යෙන පරිච‍්ඡන‍්නා නාම. ඉමිනා හි ලක‍්ඛණෙන සමන‍්නාගතො සචෙපි සත‍්තභූමකො පාසාදො එකූපචාරො හොති, සතගබ‍්භං වා චතුස‍්සාලං වා, එකසෙය්‍යාඉච‍්චෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තං සන්‍ධාය වුත‍්තං “චතුත්‍ථෙ දිවසෙ අත්‍ථඞ‍්ගතෙ සූරියෙ අනුපසම‍්පන‍්නෙ නිපන‍්නෙ භික‍්ඛු නිපජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්සා”තිආදි.

“උත්තරිං ද්විරත්තතිරත්තං” කුලදරුවන් පැවිදි කරවා ඔවුන්ට අනුග්‍රහ නොකිරීම නොසුදුසුයයි භාග්‍යවතුන් වහන්සේ හෙරණුන්ට සඞ්ග්‍රහ කිරීම පිණිස අනුපසම්පන්නයනස්‍යමග උපසම්පන්නයට එක්ගෙයි නිදන්නට තෙරැයක් නිදහස දුන්සේක. “සහසෙය්‍යං” එක්ව නිදීම. සෙය්‍ය යනු කයදිගු කිරීමැයි කියූ සයනයද, කියනු ලැබේ. යම් සෙනසුනෙක සයනය කෙරෙත්ද එද ගත යුතුය. එහි සෙනසුන පළමුකොට දක්වන්නට “සෙය්‍යානාම සබ්බච්ඡන්නා” යනාදිය වදාළ සේක. කය දිගහැරීම දක්වන්නට “අනුපසම්පන්නෙ නිපන්නෙ භික්‍ඛු නිපජ්ජති” යනාදිය වදාරන ලදි. එහෙයින් මෙහි මේ අර්‍ත්‍ථය වේ. සෙනාසන සඞ්ඛ්‍යාත සෙය්‍යාවට ප්‍රවිෂ්ටව කායප්‍රසාරණ සඞ්ඛ්‍යාත සෙය්‍යාව කෙරේනම්, වාසය කෙරේනම්, සම්පාදනය කෙරේනම්’යි යනුය. “සබ්බච්ඡන්නා” යනාදියෙන් ඒ සෙනාසන සඞ්ඛ්‍යාත සෙය්‍යාවෙහි ලක්‍ෂණ කියන ලදි. එහෙයින් යම් සෙනසුනක් මතුවෙහි ගඩොල් ගල් සුණු තණ කොළ යන පස් සෙවනියෙන් හෝ අන් යම් කිසිවකින් හෝ සියලු තැන්හි වසන ලද්දේ ද, මෙය සබ්බච්ඡන්නා නම් සෙය්‍යාය. අර්‍ත්‍ථකථාවන්හි ප්‍රකට ව්‍යවහාරය ගෙණ වාචොද්ගත කිරීම් වසයෙන් ‘සබ්බච්ඡන්නා නාම පඤ්චහි ඡදනෙහි ඡන්නා’යි කියනලදි. එසේ කියන ලද්දේ නමුත් වස්ත්‍රයෙන් කළ කිළියෙහි වසන්නහුටද, අනාපත්ති කරන්නට නොහැක්කේද, එහෙයින් වැසීමට සමර්‍ත්‍ථ වූ යම්කිසි සෙවනියක්ද පිරිසිඳින ලද්ද මෙහිලා දතයුතුය. පස්වැදෑරුම් සෙවනියම ගණු ලබන කල්හි පුවරුයෙන් වසනලද සෙනසුනෙහිද සහසෙයය්‍යාව නොවන්නීද, එහෙයින් යම් සෙනසුනක් බිම පටන් සෙවනිය දක්වා හපා පවුරකින් හෝ අන්කිසිවකින් හෝ යටත් පිරිසයින් වස්ත්‍රයකින් නමුත් වට කරන ලද්දී ද, මෝතොමෝ සබ්බච්ඡන්නා නම් සෙය්‍යාය. සෙවනිය නොහපා යටත් පිරිසයින් එක්රියන් හමාරක් උස්වූ පවුරු ආදියකින් වට කරන ලද්දීද සියල්ල වටකරන ලද්දීම යයි කුරුන්‍දි අර්‍ත්‍ථකථාවෙහි කියනලදි. යම් කිළියක මත්තෙහි ඉතා බොහෝ තැනක් හෙවත් සතරින් තුන් කොටසක් වසන ලද්දේ ද, මදක් හෙවත් සතරින් එක් කොටසක් නොවසන ලද්දේ ද, වටින් සතරින් තුන් කොටසක් වට කරන ලද්දේ ද සතරින් එක් කොටසක් වටනොකරන ලද්දේ ද මෝතෝමෝ බොහෝ සෙයින් වසන ලද, බොහෝ සෙයින් වට කරන ලද සෙය්‍යාව නම. මේ ලක්‍ෂණයෙන් යුක්තවූ සත්මහල් පහයෙකි. තෙමේ එක් උපචාරය ඇත්තේ වේද, සියයක් ගබඩා ඇති පහයක් හෝ සිවුරැස් සාලාවක් හෝ එකූපචාරය වේද, මේ හැම එකසෙය්‍යා’යි කියාම සඞ්ඛ්‍යාවට යෙයි. ඒ සඳහා ‘සතරවන දිනයෙහි හිරු අමාවට ගිය කල්හි අනුපසම්පන්නයා හොත් කල්හි මහණතෙමේ හොවීද, පාචිත්තියාපත්තිය වන්නීය යනාදිය වදාරන ලද්දේය.

තත්‍ථ ච නිපජ‍්ජනමත‍්තෙනෙව පාචිත‍්තියං. සචෙ පන සම‍්බහුලා සාමණෙරා, එකො භික‍්ඛු, සාමණෙරගණනාය පාචිත‍්තියා. තෙ චෙ උට‍්ඨායුට‍්ඨාය නිපජ‍්ජන‍්ති, තෙසං පයොගෙ පයොගෙ භික‍්ඛුස‍්ස ආපත‍්ති. භික‍්ඛුස‍්ස උට‍්ඨායුට‍්ඨාය නිපජ‍්ජනෙ පන භික‍්ඛුස‍්සෙව පයොගෙන භික‍්ඛුස‍්ස ආපත‍්ති. සචෙ පන සම‍්බහුලා භික‍්ඛූ එකො සාමණෙරො සබ‍්බෙසං ආපත‍්තිං කරොති, තස‍්ස උට‍්ඨායුට‍්ඨාය නිපජ‍්ජනෙනපි භික‍්ඛූනං ආපත‍්තියෙව. උභයෙසං සම‍්බහුලභාවෙපි එසෙව නයො.

එහිද හෙවීම් පමණකින්ම පාචිත්තිය වේ. ඉදින් සාමණේරයෝ බොහෝ වෙත්ද, එක් මහණෙක් වේද, සාමණේරයන්ගේ ගණනින් පාචිත්තියා පත්තීහු වෙත්. ඒ හෙරණහු නැගිට නැගිට හොවිත්ද ඒ හෙරණුන්ගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා මහණහුට ඇවැත් වේ. මහණහු නැගිට නැගිට හොවීමෙහි මහණහුගේම ප්‍රයොගයෙන් මහණහුට ඇවැත් වේ. ඉදින් බොහෝ මහණෝ වෙත්ද එක් හොරණක් වේද, සියල්ලන්ට ඇවැත් කරයි. ඒ හෙරණහු තමා නැගිට නැගිට හොවීමෙන්ද මහණුන්ට ඇවැත්මය. උපසපන් හෙරණ දෙපසෙහි බොහෝ බැව්හිද මේ නයම වේ.

අපිචෙත්‍ථ එකාවාසාදිකම‍්පි චතුක‍්කං වෙදිතබ‍්බං. යො හි එකස‍්මිං ආවාසෙ එකෙනෙව අනුපසම‍්පන‍්නෙන සද‍්ධිං තිරත‍්තං සහසෙය්‍යං කප‍්පෙති, තස‍්ස චතුත්‍ථදිවසතො පට‍්ඨාය දෙවසිකා ආපත‍්ති. යොපි එකස‍්මිංයෙව ආවාසෙ නානාඅනුපසම‍්පන‍්නෙහි සද‍්ධිං තිරත‍්තං සහසෙය්‍යං කප‍්පෙති, තස‍්සපි. යොපි නානාආවාසෙසු එකෙනෙව අනුපසම‍්පන‍්නෙන සද‍්ධිං තිරත‍්තං සහසෙය්‍යං කප‍්පෙති, තස‍්සපි. යොපි නානාආවාසෙසු නානාඅනුපසම‍්පන‍්නෙහි සද‍්ධිං යොජනසතම‍්පි ගන‍්ත්‍වා සහසෙය්‍යං කප‍්පෙති, තස‍්සපි චතුත්‍ථදිවසතො පට‍්ඨාය දෙවසිකා ආපත‍්ති.

තවද මෙහි එකාවාසාදී වූ චතුෂ්කය දතයුත්තේය. යම් මහණෙක් තෙමේ එක් ආවාසයෙක එක්ම අනුපසම්පන්නයකු සමග තෙරැයක් එකට සයනය කෙරේද, ඒ මහණහුට සතරවන දින පටන් දවස්පතා ඇවැත් වේ. යම් මහණෙක් එක්ම ආවාසයෙක නොයෙක් අනුපසම්පන්නයන් සමග තෙරැයක් එකට සයනය කෙරේද, ඒ මහණහුටද, යම් මහණෙක් නොයෙක් ආවාසයන්හි නොයෙක් අනුපසම්පන්නයන් සමග සියක් යොදුනක් නමුදු ගොස් එකට සයනය කෙරේද, ඒ මහණහුටද සතර වන දින පටන් දවස්පතා ඇවැත් වේ.

අයඤ‍්ච සහසෙය්‍යාපත‍්ති නාම “භික‍්ඛුං ඨපෙත්‍වා අවසෙසො අනුපසම‍්පන‍්නො නාමා”ති වචනතො තිරච‍්ඡානගතෙනපි සද‍්ධිං හොති, තත්‍ර තිරච‍්ඡානගතස‍්ස පරිච‍්ඡෙදො මෙථුනධම‍්මාපත‍්තියා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. තස‍්මා සචෙපි ගොධාබිළාලමඞ‍්ගුසාදීසු කොචි පවිසිත්‍වා භික‍්ඛුනො වසනසෙනාසනෙ එකූපචාරට‍්ඨානෙ සයති, සහසෙය්‍යාව හොති.

මේ සහසෙය්‍යාපත්තිය නම්. “භික්ඛුං ඨපෙත්‍වා අවසෙසො අනුපසම්පන්නො නාම” මහණහු හැර සෙසු දෙන අනුපසම්පන්න නැමැයි වදාළ බැවින් තිරිසන්ගියකුද සමග වේ. එහි තිරිසන්ගියහුගේ පිරිසිදීම මෙවුන්දම් ඇවැතෙහි කියූ නයින්ම දතයුත්තේය. එහෙයින් ගොයි බළල්, මුගටි ආදීන් අතුරෙහි කිසිවෙක් පිවිස මහණහු වසන සෙනසුනෙහි එකූපචාරස්ථානයෙහි සයනය කෙරේද, එකට සයනය කිරීමම වේ.

යදි පන ථම‍්භානං උපරි කතපාසාදස‍්ස උපරිමතලෙන සද‍්ධිං අසම‍්බද‍්ධභිත‍්තිකස‍්ස භිත‍්තියා උපරි ඨිතසුසිරතුලාසීසස‍්ස සුසිරෙන පවිසිත්‍වා තුලාය අබ‍්භන‍්තරෙ සයිත්‍වා තෙනෙව සුසිරෙන නික‍්ඛමිත්‍වා ගච‍්ඡති , හෙට‍්ඨාපාසාදෙ සයිතභික‍්ඛුස‍්ස අනාපත‍්ති. සචෙ ඡදනෙ ඡිද‍්දං හොති, තෙන පවිසිත්‍වා අන‍්තොඡදනෙ වසිත්‍වා තෙනෙව පක‍්කමති, නානූපචාරෙ උපරිමතලෙ ඡදනබ‍්භන‍්තරෙ සයිතස‍්ස ආපත‍්ති, හෙට‍්ඨිමතලෙ සයිතස‍්ස අනාපත‍්ති. සචෙ අන‍්තොපාසාදෙනෙව ආරොහිත්‍වා සබ‍්බතලානි පරිභුඤ‍්ජන‍්ති, එකූපචාරානි හොන‍්ති, තෙසු යත්‍ථ කත්‍ථචි සයිතස‍්ස ආපත‍්ති.

ඉදින් ටැම් මතුවෙහි කළ පහයෙහි මතුතලය සමග සම්බන්‍ධ නොවූ බිත්ති ඇති පහයෙක බිත්තිය මතුවෙහි තුබූ සිදුරුවූ තලාද හිස්වූ සිදුරකින් ඇතුල්ව තලාදය තුළ නිදා ඒ සිදුරෙන්ම නික්මයේද, යට පහයෙහි නිදිගත් මහණහුට ඇවැත් නොවේ. ඉදින් සෙවනියෙහි සිදුරක්වේද, එයින් පිවිස සෙවනිය තුළ වැස ඒ සිදුරෙන්ම බැහැරයේද, යම් තැනක පිටත හිණිමග කොට මතුතලයට නගීද, එබඳු නානූපචාරය ඇති පහයෙහි මතුතලයෙහි සෙවනිය තුළ නිදිගත් මහණහුට ඇවැත් වේ. යට තලයෙහි හොත් මහණහුට ඇවැත් නොවේ. ඉදින් ඇතුල් පහයෙන්ම නැගී සියලුම තල පරිභොග කෙරෙත්ද, එකූපචාරයෝ වෙත්ද, ඒ තලයන්හි යම්කිසි තැනක නිදිගත් මහණහුට ඇවැත් වේ.

සභාසඞ‍්ඛෙපෙන කතෙ අඩ‍්ඪකුට‍්ටකසෙනාසනෙ සයිතස‍්ස වාළසඞ‍්ඝාටාදීසු කපොතාදයො පවිසිත්‍වා සයන‍්ති, ආපත‍්තියෙව. පරික‍්ඛෙපස‍්ස බහිගතෙ නිබ‍්බකොසබ‍්භන‍්තරෙ සයන‍්ති, අනාපත‍්ති. පරිමණ‍්ඩලං වා චතුරස‍්සං වා එකච‍්ඡදනාය ගබ‍්භමාලාය සතගබ‍්භං චෙපි සෙනාසනං හොති, තත්‍ර චෙ එකෙන සාධාරණද‍්වාරෙන පවිසිත්‍වා විසුං පාකාරෙන අපරිච‍්ඡින‍්නගබ‍්භූපචාරෙ සබ‍්බගබ‍්භෙ පවිසන‍්ති, එකගබ‍්භෙපි අනුපසම‍්පන‍්නෙ නිපන‍්නෙ සබ‍්බගබ‍්භෙසු නිපන‍්නානං ආපත‍්ති. සචෙ සපමුඛා ගබ‍්භා හොන‍්ති, පමුඛස‍්ස උපරි අච‍්ඡන‍්නං උච‍්චවත්‍ථුකං චෙපි හොති, පමුඛෙ සයිතො ගබ‍්භෙ සයිතානං ආපත‍්තිං න කරොති. සචෙ පන ගබ‍්භච‍්ඡදනෙනෙව සද‍්ධිං සම‍්බද‍්ධච‍්ඡදනං හොති, තත්‍ර සයිතො සබ‍්බෙසං ආපත‍්තිං කරොති. කස‍්මා? සබ‍්බච‍්ඡන‍්නත‍්තා සබ‍්බපරිච‍්ඡන‍්නත‍්තා ච, ගබ‍්භපරික‍්ඛෙපොයෙව හිස‍්ස පරික‍්ඛෙපොති. එතෙනෙව හි නයෙන අට‍්ඨකථාසු ලොහපාසාදපරික‍්ඛෙපස‍්ස චතූසු ද‍්වාරකොට‍්ඨකෙසු ආපත‍්ති වුත‍්තා.

ශාලා ආකාරයෙන් කළ එක් පසක් හැර තුන් පැත්තක බඳින ලද බිත්ති ඇති එක් පැත්තක බිත්තිය නගා දෙපැත්තක අඩ අඩ කොට බිත්ති නගා කළ අඩ්ඪකුඩ්ඩක සෙනාසනයෙහි නිදිගත් මහණහුට, ටැම්මතුවෙහි වහල රූපයන්ගෙන් කරන ලද ගෘහාවයවයන්හි පරිවි ආදීහු සයනය කෙරෙත්ද, ඇවැත් නොවේ. හාත්පසින් වටවූ හෝ සිවුරැස්වූ හෝ එක් සෙවනියක් ඇති ගබඩාපෙළෙහි සියක් ගබඩා ඇති සෙනසුනෙක් වේද, එහි එක් සාධාරණ වූ දොරකින් පිවිස, වෙන්ව පවුරකින් නො පිරිසිඳිනලද ගැබ් උවසර ඇති සියලු ගබඩාවන්හි පිවිසෙත්ද, එක් ගබඩාවෙක නමුදු අනුපසම්පන්නයකු නිදිගත් කල්හි සියලු ගබඩාවන්හි නිදිගත් මහණුන්ට ඇවැත් වේ. පිල් සහිත වූ ගබඩාවෝ වෙත්ද, පිල නොවසන ලද්දේ ද උස් බිමක්වේද පිලෙහි නිදිගත්තේ ගබඩාවෙහි නිදිගත් මහණුන්ට ඇවැත් නොකෙරේ. ගබඩාවෙහි ජලය සමගම සම්බන්‍ධ වූ ජලය ඇත්තේ වේද, ඒ පිලෙහි නිදිගත්තේ සියල්ලන්ට ඇවැත් කෙරේ. කුමක් හෙයින, යත්:- උඩ සියල්ල සෙවිලි කළ බැවින් හා සියල්ල වටකළ බැවිනි. මේ ගබඩාව පිළිබඳ වටකිරීමම පරික්‍ෂෙපයයි.

යං පන අන්‍ධකට‍්ඨකථායං “අපරික‍්ඛිත‍්තෙ පමුඛෙ අනාපත‍්තීති භූමියං විනා ජගතියා පමුඛං සන්‍ධාය කථින”න‍්ති වුත‍්තං, තං අන්‍ධකරට‍්ඨෙ පාටෙක‍්කසන‍්නිවෙසා එකච‍්ඡදනා ගබ‍්භපාළියො සන්‍ධාය වුත‍්තං. යඤ‍්ච තත්‍ථ “භූමියං විනා ජගතියා”ති වුත‍්තං, තං නෙව අට‍්ඨකථාසු අත්‍ථි; න පාළියා සමෙති. දසහත්‍ථුබ‍්බෙධාපි හි ජගති පරික‍්ඛෙපසඞ‍්ඛ්‍යං න ගච‍්ඡති. තස‍්මා යම‍්පි තත්‍ථ දුතියසික‍්ඛාපදෙ ජගතියා පමාණං වත්‍වා “එතං එකූපචාරං පරිච‍්ඡන‍්නං නාම හොතී”ති වුත‍්තං, තං න ගහෙතබ‍්බං. යෙපි එකසාලද‍්විසාලතිසාලචතුස‍්සාලසන‍්නිවෙසා මහාපාසාදා එකස‍්මිං ඔකාසෙ පාදෙ ධොවිත්‍වා පවිට‍්ඨෙන සක‍්කා හොන‍්ති සබ‍්බත්‍ථ අනුපරිගන‍්තුං , තෙසුපි සහසෙය්‍යාපත‍්තියා න මුච‍්චති. සචෙ තස‍්මිං තස‍්මිං ඨානෙ උපචාරං පරිච‍්ඡින්‍දිත්‍වා කතා හොන‍්ති, එකූපචාරට‍්ඨානෙයෙව ආපත‍්ති.

‘යමකින් වට නොකළ ප්‍රමුඛයෙහි ඇවැත් නොවේ, මාල්තලය හැර පොළොවෙහි ප්‍රමුඛය සඳහා යමක් අන්‍ධකාර්‍ත්‍ථ කථාවෙහි කියන ලදැයි කියන ලද්දේ ද ඒ කීම අන්‍ධක රටෙහි වෙන්ව විසීම් ඇත්තා වූ එක් ජලය ඇත්තා වූ ගර්‍හපඞ්කතිය සඳහා කියන ලදී. එහි ‘භූමියං විනා ජගතියා’යි යමක් කියන ලදද එය අර්‍ත්‍ථකථාවන්හි නොමැත්තේය. පෙළ හා සම නොවේ. දහරියනක් උස ඇත්තාවූද පොළොව පරික්‍ෂෙප සඞ්ඛ්‍යාවට නොයයි. එහෙයින් ඒ අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි දෙවන සහසෙය්‍යා ශික්‍ෂාපදයෙහි පොළොවෙහි යම් ප්‍රමාණයක් කියා මෙය එකූපචාරය ප්‍රතිච්ඡන්න නම් වේයයි කියන ලදද, එය නොගත යුතුය. එක් දිසාවෙක්හි කෙළින්ම දිග් කොට වැසූ ප්‍රාසාද නම්වූ එකසාලා සන්නිවෙසයද, දෙදිසාවන්හි සතරමංහන්දි සටහන් ඈ විසින් කරන ලද තිසාලා සන්නිවෙසයද, සිවුදසාවෙහි සතරමංහන්දි සටහන් විසින් කරන ලද චතුස්සාලා සන්නිවෙසයද යන යම් මහා ප්‍රාසාදයෝ වෙත්ද එක් ඉඩපහසු ඇති තැනෙක පාද ධොවනය කොට පිවිසියහු විසින් සියලු තන්හි වටට යන්නට හැකිවෙත්ද, ඒ ගබඩාවන්හිද සහසෙය්‍යාපත්තියෙන් නොමිදේ. ඉදින් ඒ ඒ තැන උපචාරය පිරිසිඳු කරන ලද්දාහු වෙත්ද, එකුපචාරස්ථානයෙහිම ඇවැත් වේ.

ද‍්වීහි ද‍්වාරෙහි යුත‍්තස‍්ස සුධාඡදනමණ‍්ඩපස‍්ස මජ‍්ඣෙ පාකාරං කරොන‍්ති, එකෙන ද‍්වාරෙන පවිසිත්‍වා එකස‍්මිං පරිච‍්ඡෙදෙ අනුපසම‍්පන‍්නො සයති, එකස‍්මිං භික‍්ඛු, අනාපත‍්ති. පාකාරෙ ගොධාදීනං පවිසනමත‍්තම‍්පි ඡිද‍්දං හොති, එකස‍්මිඤ‍්ච පරිච‍්ඡෙදෙ ගොධා සයන‍්ති, අනාපත‍්තියෙව. න හි ඡිද‍්දෙන ගෙහං එකූපචාරං නාම හොති. සචෙ පාකාරමජ‍්ඣෙ ඡින්‍දිත්‍වා ද‍්වාරං යොජෙන‍්ති, එකූපචාරතාය ආපත‍්ති. තං ද‍්වාරං කවාටෙන පිදහිත්‍වා සයන‍්ති, ආපත‍්තියෙව. න හි ද‍්වාරපිදහනෙන ගෙහං නානූපචාරං නාම හොති, ද‍්වාරං වා අද‍්වාරං. කවාටඤ‍්හි සංවරණවිවරණෙහි යථාසුඛං වළඤ‍්ජනත්‍ථාය කතං, න වළඤ‍්ජනූපච‍්ඡෙදනත්‍ථාය. සචෙ පන තං ද‍්වාරං පුන ඉට‍්ඨකාහි පිදහන‍්ති, අද‍්වාරං හොති, පුරිමෙ නානූපචාරභාවෙයෙව තිට‍්ඨති. දීඝපමුඛං චෙතියඝරං හොති. එකං කවාටං අන‍්තො, එකං බහි, ද‍්වින‍්නං කවාටානං අන‍්තරෙ අනුපසම‍්පන‍්නො අන‍්තොචෙතියඝරෙ සයන‍්තස‍්ස ආපත‍්තිං කරොති, එකූපචාරත‍්තා.

දෙදොරින් යුත් සුණෙන් බැදි ජලය ඇති මණ්ඩපයෙක මැද පවුරක් කරත්ද, එක් දොරකින් පිවිස එක් කොටසෙක්හි අනුපසම්පන්නයෙක් නිදාද, එක් කොටසෙක්හි මහණෙක් නිදාද, ඇවැත් නොවේ. පවුරෙහි ගොයි ඈනට පිවිසීමට පමණවූ සිදුරක්වේද, එක් කොටසෙක්හි ගොයිහු නිදත්ද, ඇවැත් නොවේමය. සිදුරෙන් ගෘහය තෙමේ එකූපචාර නම් නොවේ. ඉදින් පවුර මැද සිඳ දොර යොදත්ද එක් උපචාරයක් ඇති බැවින් ඇවැත් වේ. ඒ දොර කවුළුවෙන් වසා සයනය කෙරෙත්ද, ඇවැත්මය. දොර වැසීමෙන් ගෘහය නානූපචාර නම් නොවේ. දොර ඇත්තාවූ හෝ දොර නැත්තාවූ හෝ කවුළුව වනාහි වැහීමෙන් ඇරීමෙන් සුවසේ පරිභොගය පිණිස කරන ලද්දේය. පරිභොගය වළකනු පිණිස නොවේ. ඉදින් ඒ දොර නැවැත ගඩොලින් වසත්ද, එකල්හි දොර නැත්තේ වේ. පළමු කියූ නානුපචාරභාවයෙහිම සිටියි. දිග් පිල ඇති සෑගෙයක් වේද, එහි ඇතුළත එක් කවුළුවෙක්වේද, පිටත එක් කවුළුවෙක් වේද, කවුළු දෙක අතර අනුපසම්පන්නයෙක් නිදාද, සෑගෙය තුළ නිදිගත් මහණහුට ඇවැත් කරයි. කුමක්හෙයින, යත්: එක් උපචාරයක් ඇති බැවිනි.

තත්‍ර යස‍්ස “සියා අයං එකූපචාරනානූපචාරතා නාම උදොසිතසික‍්ඛාපදෙ වුත‍්තා, ඉධ පන ‘සෙය්‍යා නාම සබ‍්බච‍්ඡන‍්නා සබ‍්බපරිච‍්ඡන‍්නා යෙභුය්‍යෙන ඡන‍්නා යෙභුය්‍යෙන පරිච‍්ඡන‍්නා’ති එත‍්තකමෙව වුත‍්තං, පිහිතද‍්වාරො ච ගබ‍්භො සබ‍්බපරිච‍්ඡන‍්නොව හොති. තස‍්මා තත්‍ථ අන‍්තො සයිතෙනෙව සද‍්ධිං ආපත‍්ති, බහි සයිතෙන අනාපත‍්තී”ති. සො එවං වත‍්තබ‍්බො – “අපිහිතද‍්වාරෙ පන කස‍්මා බහි සයිතෙන ආපත‍්තී”ති? පමුඛස‍්ස ගබ‍්භෙන සද‍්ධිං සබ‍්බච‍්ඡන‍්නත‍්තා. “කිං පන ගබ‍්භෙ පිහිතෙ ඡදනං විද‍්ධස‍්තං හොතී”ති? න විද‍්ධස‍්තං, ගබ‍්භෙන සද‍්ධිං පමුඛස‍්ස සබ‍්බපරිච‍්ඡන‍්නතා න හොති. “කිං පරික‍්ඛෙපො විද‍්ධස‍්තො”ති? අද‍්ධා වක‍්ඛති “න විද‍්ධස‍්තො, කවාටෙන උපචාරො පරිච‍්ඡන‍්නො”ති. එවං දූරම‍්පි ගන‍්ත්‍වා පුන එකූපචාරනානූපචාරතංයෙව පච‍්චාගමිස‍්සති.

එහි යම් ගෘහයෙක මේ එකූපචාරනානූපචාරභාවය නම් වන්නේද එය උද්දෙසිත ශික්‍ෂාපදයෙහි කියන ලද්දේය. මෙහි වනාහි සෙය්‍යා නම් උඩසියල්ල සෙවිලිකළ කිළියය. සියල්ල වට කළ කිළියය. බොහෝසෙයින් වැසූ කිළියය. බොහෝ සෙයින් වට කළ සෙය්‍යායි මෙපමණක්ම කියන ලද්දේය. වැසූ දොර ඇති ගර්‍හය සියල්ල වටකරන ලද්දේම වේ. එහෙයින් එහි ඇතුළත නිදිගත්තහු සමගම ඇවැත් වේ. පිටත නිදිගත්තහු සමග අනාපත්තියයි. හෙතෙමේ මෙසේ කියයුතු වන්නේය. ‘නොවැසූ දොර ඇති කල්හි කුමක් හෙයින් පිටත නිදිගත්තහු සමග ඇවැත් වේදැ’යි ආලින්‍දය තමා ගබඩාව සමග උඩ සියල්ල වැසූ බැවිනි. කිම, ගබඩාව වැසූ කල්හි පලය නසන ලද්දේ වේද, යත්:- නොනසන ලද්දේය. ගබඩාව සමග ආලින්‍දය තමා සියල්ල වැසූබවෙක් නොවේ. කිම, වටකිරීම නසන ලද්දේ ද, යත්:- එකාන්තයෙන් කියයි. නොනසන ලද්දේය. කවුළුවෙන් උපචාරය පිරිසිඳින ලද්දේය. මෙසේ ඉතා දුර නමුදු ගොස් නැවත එකූපචාරනානූපචාරභාවයටම පෙරළා එන්නේය.

අපිච යදි බ්‍යඤ‍්ජනමත‍්තෙයෙව අත්‍ථො සුවිඤ‍්ඤෙය්‍යො සියා, සබ‍්බච‍්ඡන‍්නාති වචනතො පඤ‍්චන‍්නං අඤ‍්ඤතරෙන ඡදනෙන ඡන‍්නා එව සෙය්‍යා සියා, න අඤ‍්ඤෙන. එවඤ‍්ච සති පදරච‍්ඡන‍්නාදීසු අනාපත‍්ති සියා. තතො යදත්‍ථං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, ස‍්වෙව අත්‍ථො පරිහායෙය්‍ය . පරිහායතු වා මා වා, කථං අවුත‍්තං ගහෙතබ‍්බන‍්ති; කො වා වදති “අවුත‍්තං ගහෙතබ‍්බ”න‍්ති? වුත‍්තඤ‍්හෙතං අනියතෙසු – “පටිච‍්ඡන‍්නං නාම ආසනං කුට‍්ටෙන වා කවාටෙන වා කිලඤ‍්ජෙන වා සාණිපාකාරෙන වා රුක‍්ඛෙන වා ථම‍්භෙන වා කොට‍්ඨලිකාය වා යෙන කෙනචි පටිච‍්ඡන‍්නං හොතී”ති. තස‍්මා යථා තත්‍ථ යෙන කෙනචි පටිච‍්ඡන‍්නං පටිච‍්ඡන‍්නමෙව, එවමිධාපි ගහෙතබ‍්බං. තස‍්මා සෙනාසනං ඛුද‍්දකං වා හොතු මහන‍්තං වා අඤ‍්ඤෙන සද‍්ධිං සම‍්බද‍්ධං වා අසම‍්බද‍්ධං වා දීඝං වා වට‍්ටං වා චතුරස‍්සං වා එකභූමකං වා, අනෙකභූමකං වා, යං යං එකූපචාරං සබ‍්බත්‍ථ යෙන කෙනචි පටිච‍්ඡාදනෙන සබ‍්බච‍්ඡන‍්නෙ සබ‍්බපරිච‍්ඡන‍්නෙ යෙභුය්‍යෙන වා ඡන‍්නෙ යෙභුය්‍යෙන වා පරිච‍්ඡන‍්නෙ සහසෙය්‍යාපත‍්ති හොතීති.

ව්‍යඤ්ජන මාත්‍රයෙන්ම අර්‍ත්‍ථය මොනවට දැනගත හැකි වන්නේය. “සබ්බච්ඡන්නා’යි කී බැවින් පස්වැදෑරුම් වූ සෙවනි අතුරෙන් එක්තරා සෙවනියකින් වසන ලද්දීම සෙය්‍යා වන්නීය. අනිකකින් වසන ලද්දී සෙය්‍යා නොවන්නීය. මෙසේ ඇති කල්හි පුවරු ආදියෙන් වැසූ සෙය්‍යා ආදියෙහි ඇවැත් නොවන්නීය. එහෙයින් යමක් පිණිස ශික්‍ෂාපදය පනවන ලද්දේ ද එම අර්‍ත්‍ථය තෙමේ පිරිහෙන්නේය. පිරිහේවා හෝ නොපිරිහේවා, නොකියන ලද්දක් කෙසේ ගතයුත්තේදැ’යි නොකියන ලද්දක් ගතයුතුය’යි කවරෙක් කියාද, නොකියාමය. අනියත ශික්‍ෂාපදයන්හි පිළිසන් අසුන නම් බිත්තියෙන් හෝ කවුළුවකින් හෝ කලාලකින් හෝ තිරපවුරකින් හෝ රුකකින් හෝ ටැඹකින් හෝ රුක්පතුරෙන් හෝ යන යම් කිසිවකින් වසන ලද්දේවේ’යයි මේ කරුණ වදාරන ලදමය. එහෙයින් යම්සේ එහි යම් කිසිවකින් වසන ලද්දේ නම් වසන ලද්දේමය. මෙහිද මෙසේ ගතයුතුය. එහෙයින් සෙනසුන කුඩා හෝ වේවා, මහත් හෝ වේවා අනිකක් සමග සම්බන්‍ධ හෝ අසම්බන්‍ධ හෝ දිග් හෝ වට හෝ සිවුරැස් හෝ එක් මහලක් ඇත්තේ හෝ නොයෙක් මහල් ඇත්තේ හෝ යම් යම් සෙනසුනක් එක් උපචාරයක් ඇත්තේ හැමතන්හි යම් කිසි වැස්මකින් මතු සියල්ල වැසු කල්හි සියල්ල වටකළ කල්හි බොහෝ සෙයින් වැසූ කල්හි හෝ බොහෝ සෙයින් වටකළ කල්හි සහසෙය්‍යාපත්තිය වන්නීය.

උපඩ‍්ඪච‍්ඡන‍්නෙ උපඩ‍්ඪපරිච‍්ඡන‍්නෙ ආපත‍්ති දුක‍්කටස‍්සාති එත්‍ථ සබ‍්බච‍්ඡන‍්නෙ උපඩ‍්ඪපරිච‍්ඡන‍්නෙති එවමාදීසුපි මහාපච‍්චරියං දුක‍්කටමෙවාති වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “සබ‍්බච‍්ඡන‍්නෙ යෙභුය්‍යෙනපරිච‍්ඡන‍්නෙ පාචිත‍්තියං, සබ‍්බච‍්ඡන‍්නෙ උපඩ‍්ඪපරිච‍්ඡන‍්නෙ පාචිත‍්තියං, යෙභුය්‍යෙනඡන‍්නෙ උපඩ‍්ඪපරිච‍්ඡන‍්නෙ පාචිත‍්තියං, සබ‍්බපරිච‍්ඡන‍්නෙ යෙභුය්‍යෙනඡන‍්නෙ පාචිත‍්තියං, සබ‍්බපරිඡන‍්නෙ උපඩ‍්ඪච‍්ඡන‍්නෙ පාචිත‍්තියං, යෙභුය්‍යෙනපරිච‍්ඡන‍්නෙ උපඩ‍්ඪච‍්ඡන‍්නෙ පාචිත‍්තියං, පාළියං වුත‍්තපාචිත‍්තියෙන සද‍්ධිං සත‍්ත පාචිත‍්තියානී”ති වුත‍්තං. “සබ‍්බච‍්ඡන‍්නෙ චූළකපරිච‍්ඡන‍්නෙ දුක‍්කටං, යෙභුය්‍යෙනඡන‍්නෙ චූළකපරිච‍්ඡන‍්නෙ දුක‍්කටං, සබ‍්බපරිච‍්ඡන‍්නෙ චූළකච‍්ඡන‍්නෙ දුක‍්කටං, යෙභුය්‍යෙනපරිච‍්ඡන‍්නෙ චූළකච‍්ඡන‍්නෙ දුක‍්කටං, පාළියං දුක‍්කටෙන සහ පඤ‍්ච දුක‍්කටානී”ති වුත‍්තං.

මතු දෙකොටසින් එක්කොටසක් සෙවිලි කළ කිළියෙහි දෙකොටසින් කොටසක් සෙවිලි කළ කිළියෙහි ඇවැත දුක්කටයයි. මෙහි සබ්බච්ඡන්නෙ, උපඩ්ඪ පරිච්ඡන්නෙ, යන මේ ආදියෙහිද මහාපච්චරියෙහි දුක්කටමයයි කියනලදි. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘මතු සියල්ල සෙවිලිකළ සෙනසුනෙහි සිවු කොටසින් තුන් කොටසක් වටකළ සෙනසුනෙහි පාචිත්තියය. සියල්ල සෙවිලි කළ සෙනසුනෙහි අඩක් වට කළ සෙනසුනෙහි පාචිත්තියය. බොහෝ සෙයින් සෙවිලිකළ කිළියෙහි අඩක් වටකළ සෙනසුනෙහි පාචිත්තියය. සියල්ල වටකළ සෙනසුනෙහි අඩක් සෙවිලිකළ සෙනසුනෙහි පාචිත්තියයි, බොහෝ සෙයින් වටකළ සෙනසුනෙහි අඩක් සෙවිළි කළ සෙනසුනෙහි පාචිත්තියය, පෙළෙහි වදාළ පාචිත්තිය සමග සත් පාචිත්තියක් වදාරන ලදී. සියල්ල වැසූ සිවු කොටසින් එක් කොටසක් වටකළ සෙනසුනෙහි දුක්කටය, තුන් කොටසින් දෙකොටසක් සෙවිලි කළ සිවු කොටසකින් එක් කොටසක් වටකළ සෙනසුනෙහි දුක්කටය. සියල්ල සෙවිලි කළ සිවු කොටසින් එක් කොටසක් වට කළ සෙනසුනෙහි දුක්කටය, තුන් කොටසින් දෙකොටසක් වටකළ, සිවුකොටසින් එක් කොටසක් සෙවිලි කළ සෙනසුනෙහි දුක්කටය. පෙළෙහි ආ දුක්කටය සමග දුක්කට පසක් වදාරන ලදී.

“උපඩ‍්ඪච‍්ඡන‍්නෙ චූළකපරිච‍්ඡන‍්නෙ අනාපත‍්ති, උපඩ‍්ඪපරිච‍්ඡන‍්නෙ චූළකච‍්ඡන‍්නෙ අනාපත‍්ති, චූළකච‍්ඡන‍්නෙ චූළකපරිච‍්ඡන‍්නෙ අනාපත‍්ති, සබ‍්බච‍්ඡන‍්නෙ සබ‍්බඅපරිච‍්ඡන‍්නෙති ච එත්‍ථ සෙනම‍්බමණ‍්ඩපවණ‍්ණං හොතී”ති වුත‍්තං. ඉමිනාපෙතං වෙදිතබ‍්බං – “යථා ජගති පරික‍්ඛෙපසඞ‍්ඛය න ගච‍්ඡතී”ති. සෙසං උත‍්තානත්‍ථමෙව.

අඩක් සෙවිලි කළ සිවුවනකොට වටකළ සෙනසුනෙහි ඇවැත් නොවේ. අඩක් වටකළ සතරින් කොටසක් වැසූ සෙනසුනෙහි ඇවැත් නොවේ. සතරින් කොටසක් සෙවිලි කළ සතරින් කොටසක් වටකළ සෙනසුනෙහි ඇවැත් නොවේ. ‘සබ්බච්ඡන්නෙ සබ්බ අපරිච්ඡන්නෙ’ යන මෙහි සෙනම්බමණ්ඩප සටහන් ඇත්තේ වේයයි කියනලදි. සිංහලද්වීපයෙහි උස්වූ පොළොව ඇති සියල්ල සෙවිලි කළ සියල්ල වටකළ මෙනම් ඇති සන්නිපාත මණ්ඩපයෙක් ඇත්තේය. ‘සෙනම්බමණ්ඩප වණ්ණං හොති’ යනු මේ සඳහා මෙය කියන ලද්දේය. මෙයිනුදු මෙය දතයුත්තේය. භූමිය පරික්‍ෂෙප සඞ්ඛ්‍යාවට නොයන්නේය, යනුයි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

එළකලොමසමුට‍්ඨානං – කායතො ච කායචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොමං සමුත්‍ථානිකය. කයින්ද කායචිත්තයෙන්ද උපදියි. ක්‍රියා සමුත්‍ථානය නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මය. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

සහසෙය්‍යසික‍්ඛාපදං පඤ‍්චමං.

පස්වන සහසෙය්‍යශික්‍ෂාපදයයි