භූතාරොචනසික්ඛාපදං
6. 1. 8.
6. 1. 8.
භූතාරොචනසික්ඛාපදං
භූතාරෝචන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ වග්ගුමුදාය නදියා තීරෙ වස්සං උපගච්ඡිංසු. තෙන ඛො පන සමයෙන වජ්ජී දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනේ කුළාරහල්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි දුටුපමණින් මිතුරු වූ දැඩි වැ මිතුරු වූ බොහෝ භික්ෂූහු වග්ගුමුදා නදීතීරය සමීපයෙහි වස් එළැඹියහ. එසමයෙහි වැදෑරට දුර්භික්ෂ ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. (තන්හි තන්හි විසිරීගිය) සුදුවන් ඇට ඇත්තේ නොහොත් සේතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්ෂ ඇත්තේ වෙයි. වපුළ ගොයම්හි ලභ පමණක් ඉතිරිවූයේ නොහොත් කුසපතින් පැවැත්විය යුතු දිවෙල් ඇත්තේ වෙයි. පාත්‍රයෙන් සිඟායෑමෙන් යැපෙන්නට පහසු නො වෙයි.
2. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි. “එතරහි ඛො වජ්ජී දුබ්භික්ඛා ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. කෙන නු ඛො මයං උපායෙන සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසෙය්යාම න ච පිණ්ඩකෙන කිලමෙය්යාමා”ති.
2. එකල්හි ඒ මහණුන්හට මෙසිත විය. මෙකල්හි වනාහි වැදෑරට හටගත් දුබික් ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. සුදුවන් ඇට ඇතියේ නොහොත් සේතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්ෂ ඇතියේ වෙයි. වපුළ ගොයම්හි ලහ පමණක් ඉතිරි වූයේ නොහොත් කුසපතින් පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. පාත්‍රයෙන් සිඟායෑමෙන් යැපෙන්නට පහසු වූයේ නො වෙයි. ඇපි කවර නම් උපායෙකින් සමගි සතුටු වැ විවාද නොකරන්නමෝ පහසුවෙන් වස් වසන්නමු ද, අහරින් නො ද මිරිකෙන්නමු දැ යි?
3. එකච්චෙ එවමාහංසු “හන්ද මයං ආවුසො ගිහීනං කම්මන්තං අධිට්ඨෙම. එවං තෙ අම්හාකං දාතුං මඤ්ඤිස්සන්ති. එවං මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිස්සාම, න ච පිණ්ඩකෙන කිලමිස්සාමා”ති.
3. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: දැන් ඇපි ඇවැත්නි, ගිහියන්ගේ කර්මාන්තයෙහි යෙදී සිටින්නමු නම් මැනැවි, එසේ ඇති කල්හි ඔහු අපට දෙන්නට සිතන්නාහ. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසුවෙන් වස් වසන්නමු, අහරින් නො ද මිරිකෙන්නෙමු යි.
4. එකච්චෙ එවමාහංසු: “අලං ආවුසො කිං ගිහීනං කම්මන්තං අධිට්ඨිතෙන, හන්ද මයං ආවුසො ගිහීනං දූතෙය්යං හරාම. එවං තෙ අම්හාකං දාතුං මඤ්ඤිස්සන්ති, එවං මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිස්සාම, න ච පිණ්ඩකෙන කිලමිස්සාමා”ති.
4. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, කම් නැත. ගිහියන්ගේ කර්මාන්තයෙහි යෙදී සිටීමෙන් කවර වැඩෙක් ද? එසේ නම් ඇවැත්නි, ඇපි ගිහියන්ගේ පණිවුඩ ගෙනැ යමු. මෙසේ ඔහු අපට දෙනු කොට සිතන්නාහ. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසුවෙන් වස් වසන්නම්හ, අහරින් නො ද මිරිකෙන්නම්හ.
5. එකච්චෙ එවමාහංසු: “අලං ආවුසො කිං ගිහීනං කම්මන්තං අධිට්ඨිතෙන, කිං ගිහීනං දූතෙය්යං හටෙන හන්ද මයං ආවුසො ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිස්සාම. ‘අසුකො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු දුතියස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු තතියස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු චතුත්ථස්ස ඣානස්ස ලාභී,
5. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, ගිහියන්ගේ කර්මාන්තයෙහි යෙදී සිටීමෙන් කවර වැඩෙක් ද? ගිහියන්ගේ පණිවුඩ ගෙන යෑමෙන් කවර වැඩෙක් ද? එසේ නම් ඇවැත්නි, අපි ගිහියනට උනුන්ගේ උතුරු මිනිස් දම්හි ගුණ කියම්හ. අසෝ මහණ පළමු දැහැන ලැබුවෙකි. අසෝ මහණ දෙවන දැහැන ලැබුවෙකි. අසෝ මහණ තෙවන දැහැන ලැබුවෙකි. අසෝ මහණ සතරවන දැහැන ලැබුවෙකි.
අසුකො භික්ඛු සොතාපන්නො, අසුකො භික්ඛු සකදාගාමී, අසුකො භික්ඛු අනාගාමී, අසුකො භික්ඛු අරහා, අසුකො භික්ඛු තෙවිජ්ජො, අසුකො භික්ඛු ඡළභිඤ්ඤො’ති. එවං තෙ අම්හාකං දාතුං මඤ්ඤිස්සන්ති, එවං මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිස්සාම, න ච පිණ්ඩකෙන කිලමිස්සාමා”ති.
අසෝ මහණ සෝවන් වෙයි. අසෝ මහණ සෙදගැමි යැ. අසෝ මහණ අනගැමි යැ. අසෝ මහණ රහත් යැ. අසෝ මහණ ත්‍රිවිද්‍යා ඇතියෙකැ. අසෝ මහණ ෂඩභිඥා ඇතියෙකැ යි. එසේ ඇති කල්හි ඔහු අපට දෙනු කොට සිතන්නාහු ය. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසු වෙන් වස් වසන්නම්හ. අහරින් නො ද මිරිකෙන්නම්හ.
6. එසො යෙව ඛො, ආවුසො, සෙය්යො යො අම්හාකං ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණො භාසිතොති. අථ ඛො තෙ භික්ඛූ ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිංසු: “අසුකො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී -පෙ- අසුකො භික්ඛු ඡළභිඤ්ඤො”ති.
6. ඇවැත්නි, ගිහියනට අප විසින් උනුන්ගේ උතුරුමිනිස්ධම්හි යම් ගුණ කීමෙක් වේ නම් මෙයැ මැ ශ්‍රේෂ්ඨ යැ. එකල්හි ඒ භික්ෂූහු අසෝ මහණ පළමු දැහැන ලැබුවෙකැ ... අසෝ මහණ ෂඩභිඥා ඇතියෙකැ යි ගිහියනට අනන්මන උතුරුමිනිස්ධම්හි ගුණ කීහු.
7. අථ ඛො තෙ මනුස්සා “ලාභා වත නො සුලද්ධං වත නො යෙසං නො එවරූපා භික්ඛූ වස්සං උපගතා, න වත නො ඉතො පුබ්බෙ එවරූපා භික්ඛූ වස්සං උපගතා යථයිමෙ භික්ඛූ සීලවන්තො කල්යාණධම්මා”ති. තෙ න තාදිසානි භොජනානි අත්තනා භුඤ්ජන්ති. මාතාපිතූනං දෙන්ති පුත්තදාරස්ස දෙන්ති, දාසකම්මකරපොරිසස්ස දෙන්ති. මිත්තාමච්චානං දෙන්ති. ඤාතිසාලොහිතානං දෙන්ති යාදිසානි භික්ඛූනං දෙන්ති, න තාදිසානි ඛාදනීයානි සායනීයානි පානානි අත්තනා පිවන්ති. මාතාපිතූනං දෙන්ති. පුත්තදාරස්ස දෙන්ති. දාසකම්මකරපොරිසස්ස දෙන්ති. මිත්තාමච්චානං දෙන්ති. ඤාතිසාලොහිතානං දෙන්ති, යාදිසානි භික්ඛූනං දෙන්ති.
7. එකල්හි ඒ මිනිස්සු “අපට ඒකාන්තයෙන් ලාභයෙකි. අපට ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. යම්බඳු අපට මෙබඳු භික්ෂූහු වස් එළඹියාහු ද මෙයින් පෙරැ අපට කලණසැහැවී ඇති සිල්වත් මේ මහණුන් වැනි භික්ෂූහු වස් නො එළඹියාහු යැ”යි කීහු. එව්හු යම්බඳු බොජුන් භික්ෂූනට දෙත් ද එබඳු බොජුන් තුමූ නො වළඳති, මාපියනට නො දෙති, අඹුදරුවනට නො දෙති, දස් කම්කරු පුරිස්නට නො දෙති, මිත්‍රාමාත්‍යයනට නො දෙති, නෑසහලේ නෑයනට නො දෙත්. යම්බඳු දෑ භික්ෂූනට දෙත් ද එබඳු කෑ යුතු දෑ රස විඳිය යුතු දෑ පිය යුතු දෑ තුමූ නො බොති. මාපියනට නොදෙති, අඹුදරුවනට නො දෙති, දස්කම්කරු පුරිස්නට නො දෙති, මිත්‍රාමාත්‍යයනට නො දෙති, නෑ සහලේ නෑයනට නොදෙත්.
8. අථ ඛො තෙ භික්ඛූ වණ්ණවා අහෙසුං. පීනින්ද්රියා පසන්නමුඛවණ්ණා විප්පසන්නඡවිවණ්ණා. ආචිණ්ණං ඛො පනෙතං වස්සං වුත්ථානං භික්ඛූනං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා තෙමාසච්චයෙන සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන වෙසාලී තෙන පක්කමිංසු. අනුපුබ්බෙන යෙන වෙසාලී මහාවනං කූටාගාරසාලා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
8. එකල්හි ඒ භික්ෂූහු සිරිරිපැහැ ඇතියෝ පිරුණු ඉඳුරන් ඇතියෝ පසන් මුවපැහැ ඇතියෝ වෙසෙසින් පහන් සිවිපැහැ ඇතියෝ වූහු. වස් වැස නිම වූ භික්ෂූන් භාග්‍යවතුන් දක්නට යෑම යැ යන තෙල සිරිත පුරුද්දෙක් මැ යි. එකල්හි ඒ භික්ෂූහු වස් වැස නිමවූවාහු වස් තෙමස ඇවෑමෙන් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙන විසල්පුර යම් තැනෙක ද එහි ගියහ. පිළිවෙළින් විසල්පුර මහවන කූළාරහල බුදුහු යම් තැනෙක ද එහි එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත් පසෙකැ හුන්හ.
9. තෙන ඛො පන සමයෙන දිසාසු වස්සං වුත්ථා භික්ඛූ කිසා හොන්ති ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා. වග්ගුමුදාතීරියා පන භික්ඛූ වණ්ණවා හොන්ති පීනින්ද්රියා පසන්නමුඛවණ්ණා විප්පසන්නඡවිවණ්ණා. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං.
9. එසමයෙහි වනාහි දිශාවන්හි වස් වුසූ භික්ෂූහු කෘශ වූවාහු රළු සිරිරි ඇතියාහු දුර්වර්ණ වූවාහු හටගත් පඬුවන් පැහැ ඇතියාහු ඉල්පීගිය නහරින් යුතු සිරිරි ඇතියාහු වෙති. වග්ගුමුදාතිරීය භික්ෂූහු වනාහි පැහැපත් සිරිරි ඇතියාහු පිරුණු ඉඳුරන් ඇතියාහු පසන් මුවපැහැ ඇතියාහු වෙසෙසින් පහන් සිවිපැහැඇතියාහු වෙති. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කිරීම යැ යන තෙල සිරිත භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්දෙක් මැ යි.
10. අථ ඛො භගවා වග්ගුමුදාතීරියෙ භික්ඛූ එතදවොච: “කච්චි භික්ඛවෙ ඛමනීයං කච්චි යාපනීයං කච්චි සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ, න ච පිණ්ඩකෙන කිලමිත්ථා”ති. ඛමනීයං භගවා යාපනීයං භගවා සමග්ගා ච මයං භන්තෙ සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිම්හා න ච පිණ්ඩකෙන කිලමිම්හාති. ජානන්තාපි තථාගතා පුච්ඡන්ති. ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති, නො අනත්ථසංහිතං, අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං, ද්වීහාකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පටිපුච්ඡන්ති. ධම්මං වා දෙසිස්සාම සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා”ති.
10. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතීරීය භික්ෂූන්ට මෙය වදාළ සේක. කිමෙක් ද මහණෙනි, ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පහසුවෙන් වස් වුසූවහු ද? පිණ්ඩයෙන් නො ද ක්ලාන්ත වූවහු දැ යි. ඉවසිය හැකි ය භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි යැ භාග්‍යවතුන් වහන්ස. වහන්ස, ඇපි වනාහි සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පාසුවෙන් වස් වුසූම්හ. පිණ්ඩයෙන් නො ද මිරිකුණම්හ. තථාගතයෝ දනිමිනුත් විචාරති. දනිමිනුත් නො විචාරති, කල් දැන විචාරති, කල් දැන නො විචාරති. තථාගතයෝ අර්ත්ථසහිතයක් විචාරති, අනර්ත්ථසහිතය නො විචාරත්. අනර්‍ත්‍ථ සහිතයෙහි තථාගතයන්ගේ සේතුඝාතය වෙයි. භාග්‍යවත් බුදුවරු ‘ධර්මය හෝ දෙසම්හ, ශ්‍රාවකයනට සිකපද හෝ පනවම්හ”යි දෙ අයුරෙකින් මහණුන් විචාරත්.
11. අථ ඛො භගවා වග්ගුමුදාතීරියෙ භික්ඛූ එතදවොච: “යථා කථං පන තුම්හෙ භික්ඛවෙ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ, න ච පිණ්ඩකෙන කිලමිත්ථා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. කච්චි පන වො භික්ඛවෙ භූතන්ති. භූතං භගවාති. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ භික්ඛවෙ උදරස්ස කාරණා ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිස්සථ. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
11. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතිරීය භික්ෂූන්ට මෙය වදාළ සේක. කෙසේ නම් මහණෙනි, තෙපි සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පහසුවෙන් වස් වුසූවහු ද? අහරින් නො ද ක්ලාන්ත වූවහු දැ යි. එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන්ට මෙකරුණ සැලකළහ. කිමෙක් ද මහණෙනි, (එය) තොප පිළිබැඳි වූවෙක් ද? භාග්‍යවතුන් වහන්ස, වූවෙකි. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් ... මහණෙනි, තෙපි උදරය කරණ කොට ගෙන ගිහියනට උනුන්ගේ උතුරුමිනිස්දහම්හි ගුණ කීවහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොචෙය්ය භූතස්මිං, පාචිත්තියන්ති.
“යම් මහණෙක් අනුපසපනක්හට උතුරුමිනිස්දම් ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ” යයි.
12. යොපනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. අනුපසම්පන්නො නාම භික්ඛුඤ්ච භික්ඛුනිඤ්ච ඨපෙත්වා අවසෙසො අනුපසම්පන්නො නාම.
12. යෝපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
13. උත්තරිමනුස්සධම්මො නාම: ඣානං විමොක්ඛො සමාධි සමාපත්ති ඤාණදස්සනං මග්ගභාවනා ඵලසච්ඡිකිරියා කිලෙසප්පහානං විනීවරණතා චිත්තස්ස සුඤ්ඤාගාරෙ අභිරති. ඣානන්ති පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං. විමොක්ඛොති සුඤ්ඤතො විමොක්ඛො අනිමිත්තො විමොක්ඛො අප්පණිහිතො විමොක්ඛො. සමාධීති සුඤ්ඤතො සමාධි අනිමිත්තො සමාධි අප්පණිහිතො සමාධි. සමාපත්තීති සුඤ්ඤතා සමාපත්ති අනිමිත්තා සමාපත්ති අප්පණිහිතා සමාපත්ති.
13. උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන යැ විමෝක්ෂ යැ සමාධි යැ සමාපත්ති යැ ඥානදර්ශන යැ මාර්‍ගභාවනා යැ ඵලප්රත්යක්ෂකරණ යැ ක්ලේශප්‍රහාණ යැ චිත්තයාගේ විනීවරණතා යැ ශුන්‍යාගාරයෙහි අභිරති යි. ධ්‍යාන යනු: ප්‍රථමධ්‍යාන යැ ද්විතීයධ්‍යාන යැ තෘතීයධ්‍යාන යැ චතුර්ත්ථ ධ්‍යානය යි. විමෝක්ෂ යනු: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිත විමෝක්ෂ යි. සමාධි යනු: ශුන්‍යත සමාධි යැ අනිමිත්ත සමාධි යැ අප්‍රණිහිත සමාධි යි. සමාපත්ති යනු: ශුන්‍යතසමාපත්ති යැ අනිමිත්ත සමාපත්ති යැ අප්‍රණිහිතසමාපත්ති යි.
ඤාණදස්සනන්ති තිස්සො විජ්ජා. මග්ගභාවනාති චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්චබලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඵලසච්ඡිකිරියාති සොතාපත්තිඵලස්ස සච්ඡිකිරියා සකදාගාමිඵලස්ස සච්ඡිකිරියා අනාගාමිඵලස්ස සච්ඡිකිරියා අරහත්තස්ස සච්ඡිකිරියා. කිලෙසප්පහානන්ති රාගස්ස පහානං දොසස්ස පහානං මොහස්ස පහානං. විනීවරණතා චිත්තස්සාති රාගා චිත්තං විනීවරණතා දොසා චිත්තං විනීවරණතා මොහා චිත්තං විනීවරණතා සුඤ්ඤාගාරෙ අභිරතීති පඨමෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති, දුතියෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති, තතියෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති, චතුත්ථෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති.
ඥානදර්ශන යනු: ත්‍රිවිද්‍යා යි. මාර්‍ගභාවනා යනු: සතරසතිපට්ඨාන යැ සතර සම්‍යක්ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්ද්රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ග යි. ඵලප්රත්යක්ෂකරණ යනු: ස්‍රෝතාපත්තිඵලය ප්රත්යක්ෂ කිරීම යැ සකෘදාගාමීඵලය ප්රත්යක්ෂ කිරීම යැ අනාගාමීඵලය ප්රත්යක්ෂ කිරීම යැ අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීම යි. ක්ලේශප්‍රහාණ යනු: රාගයාගේ ප්‍රහාණ යැ ද්වේෂයාගේ ප්‍රහාණ යැ මෝහයාගේ ප්‍රහාණ යි. චිත්තයාගේ විනීවරණතා යනු: රාගයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යැ ද්වේෂයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යැ මෝහයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යි. ශුන්‍යාගාරයෙහි අභිරති යනු: පළමුවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ දෙවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ තෙවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ සතරවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යි.
14. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමං ඣානං සමාපජ්ජින්ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමං ඣානං සමාපජ්ජාමීති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමං ඣානං සමාපන්නොති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමස්ස ඣානස්ස ලාභිම්හීති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමස්ස ඣානස්ස වසිම්හීති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමං ඣානං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
14. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවදිමි යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවදින්නෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානය ලැබුවෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානය වශීකෘතයෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: මා විසින් ප්‍රථමධ්‍යානය පසක් කරන ලදැයි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
15. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- චතුත්ථස්ස ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- චතුත්ථං ඣානං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
15. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
16. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස සුඤ්ඤතං විමොක්ඛං -පෙ- අනිමිත්තං විමොක්ඛං -පෙ- අප්පණිහිතං විමොක්ඛං -පෙ- සුඤ්ඤතං සමාධිං -පෙ- අනිමිත්තං සමාධිං -පෙ- අප්පණිහිතං සමාධිං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අප්පණිහිතස්ස සමාධිස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- අප්පණිහිතො සමාධි සච්ඡිකතො මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
16. ආරෝචෙය්‍ය යනු: ශුන්යතවිමෝක්ෂයට ... අනිමිත්තවිමෝක්ෂයට ... අප්රණිහිතවිමොක්ෂයට ... ශුන්යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්රණිහිතසමාධියට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... අප්‍රණිහිතසමාධිය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් අප්‍රණිහිතසමාධිය ප්රත්යක්ෂ කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
17. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස සුඤ්ඤතං සමාපත්තිං -පෙ- අනිමිත්තං සමාපත්තිං -පෙ- අප්පණිහිතං සමාපත්තිං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අප්පණිහිතාය සමාපත්තියා ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- අප්පණිහිතා සමාපත්ති සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
17. ආරෝචෙය්‍ය යනු: ශුන්යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්රණිහිතසමාපත්තියට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... අප්‍රණිහිතසමාපත්තිය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් අප්‍රණිහිතසමාපත්තිය පසක් කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
18. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස තිස්සො විජ්ජා සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- තිස්සන්නං විජ්ජානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- තිස්සො විජ්ජා සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
18. ආරෝචෙය්‍ය යනු: ත්රිවිද්යාවනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ත්‍රිවිද්‍යාවන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
19. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස චත්තාරො සතිපට්ඨානෙ -පෙ- චත්තාරො සම්මප්පධානෙ -පෙ- චත්තාරො ඉද්ධිපාදෙ සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- චතුන්නං ඉද්ධිපාදානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- චත්තාරො ඉද්ධිපාදා සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
19. ආරෝචෙය්‍ය යනු: සතර සතිපට්ඨානයට ... සතර සම්‍යක් ප්රධානයනට ... සතර ඍද්ධිපාදයනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... සතර ඍද්ධිපාදයන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් සතර ඍද්ධිපාදයෝ පසක් කරන ලදහ’යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
20. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඤ්චින්ද්රියානි -පෙ- පඤ්ච බලානි සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඤ්චන්නං බලානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඤ්චබලානි සච්ඡිකතානි මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
20. ආරෝචෙය්‍ය යනු: පඤ්චේන්ද්රියනට ... පඤ්චබලයනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... පඤ්චබලයන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් පඤ්චබලයෝ ප්රත්යක්ෂ කරන ලදහයි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
21. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස සත්ත බොජ්ඣඞ්ගෙ සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- සත්තන්නං බොජ්ඣඞ්ගානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- සත්ත බොජ්ඣඞ්ගා සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
21. ආරෝචෙය්‍ය යනු: සප්තබෝධ්යඞ්ගයනට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... සප්තබෝධ්‍යඞ්ගයන් ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ ප්රත්යක්ෂ කරන ලදහ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
22. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො සච්ඡිකතො මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
22. ආරෝචෙය්‍ය යනු: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
23. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස සොතාපත්තිඵලං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අරහත්තස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- අරහත්තං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
23. ආරෝචෙය්‍ය යනු: සෝවත්පලයට ... සෙදගැමිපලයට ... අනගැමිපලයට ... රාත්පලයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... රාත්පල ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් රාත්පල පසක් කරන ලදැ’යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
24. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස රාගො මෙ චත්තො -පෙ- දොසො මෙ චත්තො -පෙ- මොහො මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතොති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
24. ආරෝචෙය්‍ය යනු: මා විසින් රාගය ත්‍යක්ත යැ ... මා විසින් ද්වේෂය ත්‍යක්ත යැ ... මා විසින් මෝහය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනොවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
25. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස රාගා මෙ චිත්තං විනීවරණං -පෙ- දොසා මෙ චිත්ත විනීවරණං -පෙ- මොහා මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
25. ආරෝචෙය්‍ය යනු: මාගේ සිත රාගයෙන් වෙසෙසින් වැළැකිණ ... මාගේ සිත ද්වේෂයෙන් වෙසෙසින් වැළැකිණ ... මාගේ සිත මෝහයෙන් වෙසෙසින් වැළැකිණ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
26. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස සුඤ්ඤාගාරෙ පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
26. ආරෝචෙය්‍ය යනු: ශුන්‍යාගාරයෙහි ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... ශුන්‍යාගාරයෙහි මා විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
27. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
27. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ද්විතීයධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ද්විතීය ධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ද්විතීයධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
28. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං තතියඤ්ච ඣානං -පෙ- පඨමඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සච්ඡිකතං ම්යාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
28. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද ... ප්‍රථමධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
29. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච විමොක්ඛං -පෙ- අනිමිත්තඤ්ච විමොක්ඛං -පෙ- අප්පණිහිතඤ්ච විමොක්ඛං -පෙ- සුඤ්ඤතඤ්ච සමාධිං -පෙ- අනිමිත්තඤ්ච සමාධිං -පෙ- අප්පණිහිතඤ්ච සමාධිං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස අප්පණිහිතස්ස ච සමාධිස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං අප්පණිහිතො ච සමාධි සච්ඡිකතො මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
29. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ශුන්යතවිමෝක්ෂයට ද ... අනිමිත්තවිමෝක්ෂයට ද ... අප්රණිහිතවිමොක්ෂයට ද ... ශුන්‍යත සමාධියට ද ... අනිමිත්තසමාධියට ද ... අප්රණිහිතසමාධියට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථම ධ්‍යානය ද ... අප්‍රණිහිතසමාධිය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ... අප්‍රණිහිතසමාධිය ද පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
30. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච සමාපත්තිං -පෙ- අනිමිත්තඤ්ච සමාපත්තිං -පෙ- අප්පණිහිතඤ්ච සමාපත්තිං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස අප්පණිහිතාය ච සමාපත්තියා ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං අප්පණිහිතා ච සමාපත්ති සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
30. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ශුන්යතසමාපත්තියට ද ... අනිමිත්තසමාපත්තියට ද ... අප්රණිහිතසමාපත්තියට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ... අප්‍රණිහිත සමාපත්තිය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ... අප්‍රණිහිතසමාපත්තිය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
31. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං තිස්සො ච විජ්ජා සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස තිස්සන්නඤ්ච විජ්ජානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං තිස්සො ච විජ්ජා සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
31. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ත්රිවිද්යාවනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ත්‍රිවිද්‍යාවන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථම ධ්‍යානය ද ත්‍රිවිද්‍යාවෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
32. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං චත්තාරො ච සතිපට්ඨානෙ -පෙ- චත්තාරො ච සම්මප්පධානෙ -පෙ- චත්තාරො ච ඉද්ධිපාදෙ සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස චතුන්නඤ්ච ඉද්ධිපාදානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං චත්තාරො ච ඉද්ධිපාදා සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
32. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සතර සතිපට්ඨානයනට ද ... සතර සම්‍යක් ප්රධානයනට ද ... සතර ඍද්ධිපාදයනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ... සතර ඍද්ධිපාදයන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ... සතර ඍද්ධිපාදයෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
33. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං පඤ්ච ච ඉන්ද්රියානි -පෙ- පඤ්ච ච බලානි සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස පඤ්චන්නඤ්ච බලානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං පඤ්ච ච බලානි සච්ඡිකතානි මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
33. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද පඤ්චේන්ද්රියනට ද ... පඤ්චබලයනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථම ධ්‍යානය ද ... පඤ්චබලයන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද පඤ්චබලයෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
34. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං සත්ත ච බොජ්ඣඞ්ගෙ සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස සත්තන්නඤ්ච බොජ්ඣඞ්ගානං ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං සත්ත ච බොජ්ඣඞ්ගා සච්ඡිකතා මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
34. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සප්තබෝධ්යඞ්ගයනට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද සප්ත බෝධ්‍යඞ්ගයන් ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද සප්තබෝධ්‍යඞ්ගයෝ ද පසක් කරන ලදහ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
35. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස අරියස්ස ච අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං අරියො ච අට්ඨඞ්ගිකො මග්ගො සච්ඡිකතො මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
35. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථමධ්‍යානය ද ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථමධ්‍යානය ද ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය ද පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
36. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං සොතාපත්තිඵලඤ්ච -පෙ- සකදාගාමිඵලඤ්ච -පෙ- අනාගාමිඵලඤ්ච -පෙ- අරහත්තඤ්ච සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස අරහත්තස්ස ච ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- පඨමඤ්ච ඣානං අරහත්තඤ්ච සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
36. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සෝතාපත්තිඵලයට ද ... සකෘදාගාමිඵලයට ද ... අනාගාමිඵලයට ද ... අර්හත්ත්වයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ප්‍රථම ධ්‍යානය ද ... අර්‍හත්ත්‍වය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ප්‍රථම ධ්‍යානය ද ... අර්‍හත්ත්‍වය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
37. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- රාගො ච මෙ චත්තො -පෙ- දොසො ච මෙ චත්තො මොහො ච මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතොති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
37. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... මා විසින් රාගය ද ත්‍යක්ත යැ ... මා විසින් ද්වේෂ ය ද ත්‍යක්ත යැ ... මා විසින් මෝහය ද ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
38. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- රාගා ච මෙ චිත්තං විනීවරණං -පෙ- දොසා ච මෙ චිත්තං විනීවරණං -පෙ- මොහා ච මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
38. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... රාගයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණ ... ද්වේෂයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණ ... මෝහයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.
39. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං -පෙ- දුතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- දුතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- දුතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සච්ඡිකතං මයා”ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
39. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද ... ද්විතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ද්විතීයධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ද්විතීයධ්‍යානය ද චතුර්‍ත්‍ථධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
40. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියඤ්ච ඣානං -පෙ- මොහා ච මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. -පෙ-
40. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද ... මෝහයෙනුදු මාගේ සිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ ...
41. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියඤ්ච ඣානං පඨමඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- දුතියස්ස ච ඣානස්ස පඨමස්ස ච ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි -පෙ- දුතියඤ්ච ඣානං පඨමඤ්ච ඣානං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
41. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද ප්‍රථම ධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... ද්විතීයධ්‍යානය ද ප්‍රථමධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මා විසින් ද්විතීයධ්‍යානය ද ප්‍රථමධ්‍යානය ද පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
(මූලං සංඛිත්තං)
(මූලය සංක්ෂිප්ත යි)
42. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමස්ස ච ඣානස්ස ලාභිම්හි -පෙ- වසිම්හි මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමඤ්ච ඣානං සච්ඡිකතං මයාති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
42. ආරෝචෙය්‍ය යනු: මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ප්‍රථමධ්‍යානයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ප්‍රථමධ්‍යානය ද ලැබුවෙම් වෙමි ... වසඟ කෙළෙම් වෙමි ... මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ප්‍රථමධ්‍යානය ද මා විසින් පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
43. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස මොහා ච මෙ චිත්තං විනීවරණං, දොසා ච මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස -පෙ-
43. ආරෝචෙය්‍ය යනු: මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ද්වේෂයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ ...
44. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච විමොක්ඛං අනිමිත්තඤ්ච විමොක්ඛං අප්පණිහිතඤ්ච විමොක්ඛං සුඤ්ඤතඤ්ච සමාධිං අනිමිත්තඤ්ච සමාධිං අප්පණිහිතඤ්ච සමාධිං සුඤ්ඤතඤ්ච සමාපත්තිං අනිමිත්තඤ්ච සමාපත්තිං අප්පණිහිතඤ්ච සමාපත්තිං තිස්සො ච විජ්ජා චත්තාරො ච සතිපට්ඨානෙ චත්තාරො ච සම්මප්පධානෙ චත්තාරො ච ඉද්ධිපාදෙ පඤ්ච ච ඉන්ද්රියානි පඤ්ච ච බලානි සත්ත ච බොජ්ඣඞ්ගෙ අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං සොතාපත්තිඵලඤ්ච සකදාගාමිඵලඤ්ච අනාගාමිඵලඤ්ච අරහත්තඤ්ච සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- රාගො ච මෙ චත්තො -පෙ- දොසො ච මෙ චත්තො -පෙ- මොහො ච මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො, රාගා ච මෙ චිත්තං විනීවරණං දොසා ච මෙ චිත්තං විනීවරණං මොහා ච මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස ආපත්ති පාචිත්තියස්ස.
44. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද ශුන්‍යත විමෝක්ෂයට ද අනිමිත්ත විමෝක්ෂයට ද අප්රණිහිතවිමොක්ෂයට ද ශුන්යතසමාධියට ද අනිමිත්ත සමාධියට ද අප්‍රණිහිත සමාධියට ද ශුන්‍යත සමාපත්තියට ද අනිමිත්ත සමාපත්තියට ද අප්රණිහිතසමාපත්තියට ද ත්රිවිද්යාවනට ද සතර සතිපට්ඨානයනට ද සතර සම්යක්ප්රධානයනට ද සතර ඍද්ධිපාදයනට ද පඤ්චේන්ද්රියනට ද පඤ්චබලයනට ද සප්ත බෝධ්යඞ්ගයනට ද ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගයට ද සෝතාපත්තිඵලයට ද සකදාගාමිඵලයට ද අනාගාමි ඵලයට ද අරහත්ඵලයට ද සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... රාගය ද මා විසින් ත්‍යක්ත යැ ... ද්වේෂය ද මා විසින් ත්‍යක්ත යැ ......... මෝහය ද මා විසින් ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ රාගයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, ද්වේෂයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණ, මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
45. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමං ඣානං සමාපජ්ජින්ති වත්තුකාමො දුතියං ඣානං සමාපජ්ජින්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස.
45. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ ද්විතීයධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපස්නක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
46. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමං ඣානං සමාපජ්ජින්ති වත්තුකාමො තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- සුඤ්ඤතං විමොක්ඛං -පෙ- අනිමිත්තං විමොක්ඛං -පෙ- අප්පණිහිතං විමොක්ඛං -පෙ- සුඤ්ඤතං සමාධිං -පෙ- අනිමිත්තං සමාධිං -පෙ- අප්පණිහිතං සමාධිං -පෙ- සුඤ්ඤතං සමාපත්තිං -පෙ- අනිමිත්තං සමාපත්තිං -පෙ- අප්පණිහිතං සමාපත්තිං -පෙ- තිස්සො විජ්ජා -පෙ- චත්තාරො සතිපට්ඨානෙ -පෙ-
46. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ශුන්‍යත විමෝක්ෂයට ... අනිමිත්තවිමෝක්ෂයට ... අප්රණිහිතවිමොක්ෂයට ... ශුන්යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්රණිහිතසමාධියට ... ශුන්යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්රණිහිතසමාපත්තියට ... ත්රිවිද්යාවනට ... සතර සතිපට්ඨානයනට ...
චත්තාරො සම්මප්පධානෙ -පෙ- චත්තාරො ඉද්ධිපාදෙ -පෙ- පඤ්චින්ද්රියානි -පෙ- පඤ්චබලානි -පෙ- සත්තබොජ්ඣඞ්ගෙ -පෙ- අරියං අට්ඨඞ්ගිකං මග්ගං -පෙ- සොතාපත්තිඵලං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තං සමාපජ්ජිං -පෙ- රාගො මෙ චත්තො -පෙ- දොසො ච මෙ චත්තො -පෙ- මොහො මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො, රාගා මෙ චිත්තං විනීවරණං -පෙ- දොසා මෙ චිත්තං විනීවරණං -පෙ- මොහා මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස.
සතර සම්යක්ප්රධානයනට ... සතර ඍද්ධිපාදයනට ... පඤ්චේන්ද්රියනට ... පඤ්චබලයනට ... සප්ත බෝධ්යඞ්ගයනට ... ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගයට ... සෝතාපත්තිඵලයට ... සකදාගාමිඵලයට ... අනාගාමි ඵලයට ... අරහත්තඵලයට සමවැදීමි ... රාගය ද මා විසින් ත්‍යක්ත යැ ... ද්වේෂය ද මා විසින් ත්‍යක්ත යැ ... මෝහය ද මා විසින් ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පලවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පලවා හරින ලද්දේ යැ, රාගයෙන් මසිත වෙසෙසින් වැළැකිණ ... ද්වේෂයෙන් මසිත වෙසෙසින් වැළැකිණ ... මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
47. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියං ඣානං සමාපජ්ජින්ති වත්තුකාමො -පෙ- මොහා මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස
47. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ ... මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
48. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියං ඣානං සමාපජ්ජින්ති වත්තුකාමො පඨමං ඣානං සමාපජ්ජින්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-.
48. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට සමවැදීමි යි කියනු කැමැත්තේ ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
(මූලං සංඛිත්තං)
(මූලය සංක්ෂිප්ත යි)
49. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස මොහා මෙ චිත්තං විනීවරණන්ති වත්තුකාමො පඨමං ඣානං සමාපජ්ජින්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-
49. ආරෝචෙය්‍ය යනු: මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැයි කියනු කැමැත්තේ ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ ...
50. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස මොහා මෙ චිත්තං විනීවරණන්ති වත්තුකාමො –දොසා මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-.
50. ආරෝචෙය්‍ය යනු: මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කියනු කැමැත්තේ ද්වේෂයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
51. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං -පෙ- දොසා ච මෙ චිත්තං විනීවරණන්ති වත්තුකාමො මොහා මෙ චිත්තං විනීවරණන්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-
51. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට ද ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද ... ද්වේෂයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැයි කියනු කැමැත්තේ මෝහයෙන් මසිත වෙසෙසින් වැළැකිණැ යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
52. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං -පෙ- මොහා ච මෙ චිත්තං විනීවරණන්ති වත්තුකාමො පඨමං ඣානං සමාපජ්ජින්ති භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාචිත්තියස්ස. න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-
52. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද චතුර්‍ත්‍ථධ්‍යානයට ද ... මෝහයෙනුදු මසිත වෙසෙසින් වැළැකිණැයි කියනු කැමැත්තේ ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි කී කෙණෙහි මැ දන්නා වූ අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. කී කෙණෙහි මැ නො දත දුකුළා ඇවැත් වේ.
53. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ විහාරෙ වසි සො භික්ඛු පඨමං ඣානං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො සො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා පඨමං ඣානං සච්ඡිකතන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
53. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ප්‍රථමධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ යැ ... ඒ මහණ ප්‍රථමධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් ප්‍රථමධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
54. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ විහාරෙ වසි සො භික්ඛු දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො සො භික්ඛු චතුත්ථස්ස ඣානස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා චතුත්ථං ඣානං සච්ඡිකතන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-
54. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි ... ඒ මහණ චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
55. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ විහාරෙ වසි සො භික්ඛු සුඤ්ඤතං විමොක්ඛං -පෙ- අනිමිත්තං විමොක්ඛං -පෙ- අප්පණිහිතං විමොක්ඛං -පෙ- සුඤ්ඤතං සමාධිං -පෙ- අනිමිත්තං සමාධිං -පෙ- අප්පණිහිතං සමාධිං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො සො භික්ඛු අප්පණිහිතස්ස සමාධිස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා අප්පණිහිතො සමාධි සච්ඡිකතොති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
55. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ශුන්යතවිමෝක්ෂයට ... අනිමිත්තවිමෝක්ෂයට ... අප්‍රණිහිත විමෝක්ෂයට ... ශුන්‍යත සමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිත සමාධියට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි ... ඒ මහණ අප්‍රණිහිතසමාධිය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් අප්‍රණිහිතසමාධිය පසක් කරන ලද්දේ යැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා වේ.
56. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ විහාරෙ වසි සො භික්ඛු සුඤ්ඤතං සමාපත්තිං -පෙ- අනිමිත්තං සමාපත්තිං -පෙ- අප්පණිහිතං සමාපත්තිං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො, සො භික්ඛු අප්පණිහිතාය සමාපත්තියා ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා අප්පණිහිතා සමාපත්ති සච්ඡිකතාති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස -පෙ-
56. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ශුන්යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්‍රණිහිත සමාපත්තියට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ අප්‍රණිහිතසමාපත්තිය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි, ඒ මහණහු විසින් අප්‍රණිහිතසමාපත්තිය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
57. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ විහාරෙ වසි, සො භික්ඛු තිස්සො විජ්ජා -පෙ- චත්තාරො සතිපට්ඨානෙ -පෙ- චත්තාරො සම්මප්පධානෙ -පෙ- චත්තාරො ඉද්ධිපාදෙ -පෙ- පඤ්චින්ද්රියානි -පෙ- පඤ්චබලානි -පෙ- සත්තබොඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං -පෙ- සොතාපත්තිඵලං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො තස්ස භික්ඛුනො රාගො චත්තො -පෙ- දොසො චත්තො මොහො චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො තස්ස භික්ඛුනො රාගා චිත්තං විනීවරණං දොසා චිත්තං විනීවරණං මොහා චිත්තං විනීවරණන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
57. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ත්රිවිද්යාවනට සතර සතිපට්ඨානයනට සතර සම්යක්ප්රධානයනට සතර ඍද්ධිපාදයනට පඤ්චේන්ද්රියනට පඤ්චබලයනට සප්තබෝධ්යඞ්ගයනට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගයට සෝතාපත්තිඵලයට සකදාගාමිඵලයට අනාගාමිඵලයට අරහත්තඵලයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණහු විසින් රාගය ත්‍යක්ත යැ ... ද්වේෂය ත්‍යක්ත යැ ... මෝහය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ යැ බැහැර කරන ලද්දේ යැ තැති ගන්වා පළවා හරින ලද්දේ යැ මොනවට තැති ගන්වා පළවා හරින ලද්දේ යැ ඒ මහණහුගේ සිත රාගයෙන් වෙසෙසින් වැළැකිණ, ද්වේෂයෙන් සිත වෙසෙසින් වැළැකිණ, මෝහයෙන් සිත වෙසෙසින් වැළැකිණැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
58. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ විහාරෙ වසි, සො භික්ඛු සුඤ්ඤාගාරෙ පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකතන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
58. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙරෙහි විසී ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීයැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක් හට කියන්නහුට දුකුළා ඇවැත් වේ.
59. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යො තෙ චීවරං පරිභුඤ්ජි -පෙ- යො තෙ පිණ්ඩපාතං පරිභුඤ්ජි -පෙ- යො තෙ සෙනාසනං පරිභුඤ්ජි -පෙ- යො තෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජි, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකතන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
59. ආරෝචෙය්‍ය යනු: යමෙක් තොපගේ වෙහෙර පරිභෝග කෙළේ ද ... යමෙක් තොපගේ සිවුරු පරිභෝග කෙළේ ද ... යමෙක් තොපගේ පිණ්ඩපාතය වැළඳී ද ... යමෙක් තොපගේ සෙනසුන පරිභෝග කෙළේ ද ... යමෙක් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳී ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානයට සම වැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
60. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යෙන තෙ විහාරො පරිභුත්තො -පෙ- යෙන තෙ චීවරං පරිභුත්තං -පෙ- යෙන තෙ පිණ්ඩපාතො පරිභුත්තො -පෙ- යෙන තෙ සෙනාසනං පරිභුත්තං -පෙ- යෙන තෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො පරිභුත්තො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකතන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
60. ආරෝචෙය්‍ය යනු: යමකු විසින් තොපගේ විහාරය පරිභෝග කරන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ සිවුර පරිභෝග කරන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ පිණ්ඩපාතය වළඳන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ සෙනසුන පරිභෝග කරන ලද්දේ වේ ද ... යමකු විසින් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳන ලද ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
61. ආරොචෙය්යාති අනුපසම්පන්නස්ස යං ත්වං ආගම්ම විහාරං අදාසි -පෙ- චීවරං අදාසි -පෙ- පිණ්ඩපාතං අදාසි -පෙ- සෙනාසනං අදාසි -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අදාසි, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සමාපජ්ජි -පෙ- සමාපජ්ජති -පෙ- සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී -පෙ- වසී තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකතන්ති භණන්තස්ස ආපත්ති දුක්කටස්ස.
61. ආරෝචෙය්‍ය යනු: තෙපි යමකු කරා පැමිණ විහාරයක් දුන්නහු ද ... සිවුරක් දුන්නහු ද ... පිණ්ඩපාතයක් දුන්නහු ද ... සෙනසුනක් දුන්නහු ද ... ගිලන්පස බෙහෙත් පිරිකර දුන්නහු ද ... ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදී යැ ... සමවදියි ... සමවදින්නේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවේ වෙයි. ... වසඟ කෙළේ වෙයි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට දුකුළා ඇවැත් වේ.
62. අනාපත්ති: උපසම්පන්නස්ස භූතං ආරොචෙති, ආදිකම්මිකස්සාති.
62. උපසපනක්හට ඇති උතුරුමිනිස්දහමක් ඇරොජා නම් ඇවැත් නැත, ආදිකම්මිකහට ඇවැත් නැති.
භූතාරොචනසික්ඛාපදං අට්ඨමං.
අටවැනි භූතාරෝචන ශික්ෂාපද යි.