යෙදුමෙන් කියවන්න

දුට‍්ඨුල‍්ලාරොචනසික‍්ඛාපදං

6. 1. 9.

6. 1. 9.

දුට‍්ඨුල‍්ලාරොචනසික‍්ඛාපදං

දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො ඡබ‍්බග‍්ගියෙහි භික‍්ඛූහි සද‍්ධිං භණ‍්ඩනකතො හොති. සො සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා සඞ‍්ඝං තස‍්සා ආපත‍්තියා පරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො තස‍්සා ආපත‍්තියා පරිවාසං අදාසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ සවග මහණුන් සමඟ කලහ කළේ වෙයි. හෙතෙම දැන දැන සුකුරුමිදීම් ඇවතකට පැමිණ සඟුන් ගෙන් ඒ ඇවතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවතට පිරිවෙස් දුන්නේ යි.

2. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස පූගස‍්ස සඞ‍්ඝභත‍්තං හොති. සො පරිවසන‍්තො භත‍්තග‍්ගෙ ආසනපරියන‍්තෙ නිසීදි. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තෙ උපාසකෙ එතදවොචුං: “එසො ආවුසො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තුම‍්හාකං සම‍්භාවිතො කුලූපගො යෙනෙව හත්‍ථෙන සද‍්ධාදෙය්‍යං භුඤ‍්ජති තෙනෙව හත්‍ථෙන උපක‍්කමිත්‍වා අසුචිං මොචෙසි. සො සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා සඞ‍්ඝං තස‍්සා ආපත‍්තියා පරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො තස‍්සා ආපත‍්තියා පරිවාසං අදාසි . සො පරිවසන‍්තො ආසනපරියන‍්තෙ නිසින‍්නො”ති.

2. එසමයෙහි සැවැතෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. හෙ පිරිවසමින් භක්තග්‍රයෙහි අසුන් පිරියත්හි හුන්නේ යැ. සවග මහණහු ඒ උවසුවනට මෙය කීහු: ඇවැත්නි, තෙල ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර තෙමේ තොප විසින් සම්භාවනා කරන ලද කුලූපගයෙකි. යම්බඳු මැ අතෙකින් සැදැහැයෙන් දුන් දෙය වළඳා ද, එබඳු මැ අතින් උපක්‍රම කොට අශුචි මිදුවේ යැ. හේ සංචේතනික සුක්කවිස්සට්ඨි ඇවැතකට පැමිණ සඟුන්ගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසමින් අසුන් පිරියත්හි හුන්නේ යි.

3. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුස‍්ස දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ භික‍්ඛුස‍්ස දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා භික‍්ඛුස‍්ස දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙස‍්සථ, නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දන්වහු ද? සැබැව භාග්‍යවතුනි, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූවහු ද? හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙය්‍ය අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට භික්‍ෂුසම්මුතියෙන් තොර වැ ඇරොජා නම් පචිති වේ” යයි.

4. යොපනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. භික‍්ඛුස‍්සාති අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස. දුට‍්ඨුල‍්ලා නාම ආපත‍්ති චත‍්තාරි ච පාරාජිකානි, තෙරස ච සඞ‍්ඝාදිසෙසා. අනුපසම‍්පන‍්නො නාම භික‍්ඛුඤ‍්ච භික‍්ඛුනිඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො අනුපසම‍්පන‍්නො නාම. ආරොචෙය්‍යාති ආරොචෙති ඉත්‍ථියා වා පුරිසස‍්ස වා ගහට‍්ඨස‍්ස වා පබ‍්බජිතස‍්ස වා.

4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ. දුට්ඨුල්ලා නාම ආපත්ති: සතර පරිජි ද තෙළෙස් සඟ වෙසෙස් ද. අනුපසම්පන්න නම්: භික්‍ෂුහු ද භික්‍ෂුණිය ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නමි. ආරෝචෙය්‍ය: ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගෘහස්ථයකුට හෝ පැවිද්දකුට හෝ දන්වයි.

අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියාති ඨපෙත්‍වා භික‍්ඛුසම‍්මුතිං. අත්‍ථි භික‍්ඛුසම‍්මුති ආපත‍්තිපරියන‍්තා න කුලපරියන‍්තා, අත්‍ථි භික‍්ඛුසම‍්මුති කුලපරියන‍්තා න ආපත‍්තිපරියන‍්තා අත්‍ථි භික‍්ඛුසම‍්මුති ආපත‍්තිපරියන‍්තා ච කුලපරියන‍්තා ච, අත්‍ථි භික‍්ඛු සම‍්මුති නෙව ආපත‍්තිපරියන‍්තා න කුලපරියන‍්තා.

අඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා: භික්‍ෂු සම්මුතිය හැරැ පියා ඇවැත් පිරියත් කොට ඇති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, කුලපිරියත් කොට ඇති ඇවැත් පිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, ඇවැත් පිරියත් කොට ද කුල පිරියත් කොට ද ඇති භික්‍ෂු සම්මුතියෙක් ඇත. ඇවැත් පිරියත් කොට නොමැති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇති.

ආපත‍්තිපරියන‍්තා නාම ආපත‍්තියො පරිග‍්ගහිතායො හොන‍්ති එත‍්තකාහි ආපත‍්තීහි ආරොචෙතබ‍්බොති. කුලපරියන‍්තා නාම කුලානි පරිග‍්ගහිතානි හොන‍්ති එත‍්තකෙසු කුලෙසු ආරොචෙතබ‍්බොති. ආපත‍්තිපරියන‍්තා ච කුලපරියන‍්තා ච නාම ආපත‍්තියො ච පරිග‍්ගහිතායො හොන‍්ති කුලානි ච පරිග‍්ගහිතානි හොන‍්ති එත‍්තකාහි ආපත‍්තීහි එත‍්තකෙසු කුලෙසු ආරොචෙතබ‍්බොති. නෙව ආපත‍්තිපරියන‍්තා න කුලපරියන‍්තා නාම ආපත‍්තියො ච අපරිග‍්ගහිතායො හොන‍්ති කුලානි ච අපරිග‍්ගහිතානි හොන‍්ති එත‍්තකාහි ආපත‍්තීහි එත‍්තකෙසු කුලෙසු ආරොචෙතබ‍්බොති.

ආපත්තිපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් ඇරොජිය යුතු යැ යි ආපත්තීහු සලකා ගන්නා ලද්දාහු වෙති. කුලපරියන්ත නම්: මෙතෙක් කුලයන්හි ඇරොජියයුතු යැ යි කුලයෝ සලකා ගන්නා ලද්දාහු වෙති. ආපත්ති පරියන්ත හා කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද සලකාගන්නා ලද්දාහු වෙති. නොම ආපත්ති පරියන්ත හා නො ද කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද නො ද සලකාගන්නා ලද්දාහු වෙති.

ආපත‍්තිපරියන‍්තෙ යා ආපත‍්තියො පරිග‍්ගහිතායො හොන‍්ති තා ආපත‍්තියො ඨපෙත්‍වා අඤ‍්ඤාහි ආපත‍්තීහි ආරොචෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ආපත්තිපර්‍ය්‍යන්තයෙහි යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද් ද ඒ ඇවැත් තබා අනෙක් ඇවැත්වලින් ඇරොජා නම් පචිති ඇවැත් වේ.

කුලපරියන‍්තෙ යානි කුලානි පරිග‍්ගහිතානි හොන‍්ති තානි කුලානි ඨපෙත්‍වා අඤ‍්ඤෙසු කුලෙසු ආරොචෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

කුලපර්‍ය්‍යන්තයෙහි යම් බඳු කුල කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අන්‍ය කුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.

ආපත‍්තිපරියන‍්තෙ ච කුලපරියන‍්තෙ ච යා ආපත‍්තියො පරිග‍්ගහිතායො හොන‍්ති, තා ආපත‍්තියො ඨපෙත්‍වා යානි කුලානි පරිග‍්ගහිතානි හොන‍්ති තානි කුලානි ඨපෙත්‍වා අඤ‍්ඤාහි ආපත‍්තීහි අඤ‍්ඤෙසු කුලෙසු ආරොචෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ආපත්තිපර්‍ය්‍යන්තයෙහි ද කුලපර්‍ය්‍යන්තයෙහි ද යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ ඇවැත් තබා යම් කුල කෙනෙක් සලකා ගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අනෙක් ඇවැත්වලින් අන්‍යකුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.

නෙව ආපත‍්තිපරියන‍්තෙ න කුලපරියන‍්තෙ අනාපත‍්ති.

ආපත්තිපර්‍ය්‍යන්තයක් නොමැති කල්හි කුලපර්‍ය්‍යන්තයක් නැති කල්හි ඇවැත් නැති.

දුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා දුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙති, අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා වෙමතිකො අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙති අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා අදුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී අනුපසම‍්පන‍්නස‍්ස ආරොචෙති අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ.

අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං ආරොචෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නස‍්ස දුට‍්ඨුල‍්ලං වා අදුට‍්ඨුල‍්ලං වා අජ‍්ඣාචාරං ආරොචෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

නොදුළුල් ඇවැතක් ඇරොජා නම් දුකුළා ඇවැත් වේ. අනුපසපනක්හුගේ දුළුල් හෝ නොදුළුල් හෝ අධ්‍යාචාරයක් ඇරොජා නම් දුකුළා ඇවැත් වේ.

අදුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා දුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අදුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අදුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා අදුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

නොදුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොදුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති වත්‍ථුං ආරොචෙති නො ආපත‍්තිං, ආපත‍්තිං ආරොචෙති නො වත්‍ථුං, භික‍්ඛුසම‍්මුතියා, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

ආපත්තිය නො වැ වස්තුව ඇරොජා නම්, වස්තුව නොවැ ආපත්තිය ඇරොජා නම්, භික්‍ෂූසම්මුතියෙන් ඇරොජා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

නවමං දුට‍්ඨුල‍්ලාරොචනසික‍්ඛාපදං

නවවැනි දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපද යි.