යෙදුමෙන් කියවන්න

භූතගාමසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

භූතගාමසික‍්ඛාපදවණ‍්ණනා

භූතගාම ශික්‍ෂාපද වර්ණනාව

සෙනාසනවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – අනාදියන‍්තොති තස‍්සා වචනං අගණ‍්හන‍්තො. දාරකස‍්ස බාහුං ආකොටෙසීති උක‍්ඛිත‍්තං ඵරසුං නිග‍්ගහෙතුං අසක‍්කොන‍්තො මනුස‍්සානං චක‍්ඛුවිසයාතීතෙ මහාරාජසන‍්තිකා ලද‍්ධෙ රුක‍්ඛට‍්ඨකදිබ‍්බවිමානෙ නිපන‍්නස‍්ස දාරකස‍්ස බාහුං ථනමූලෙයෙව ඡින්‍දි. න ඛො මෙතං පතිරූපන‍්තිආදිම‍්හි අයං සඞ‍්ඛෙපවණ‍්ණනා – හිමවන‍්තෙ කිර පක‍්ඛදිවසෙසු දෙවතාසන‍්නිපාතො හොති, තත්‍ථ රුක‍්ඛධම‍්මං පුච‍්ඡන‍්ති – “ත්‍වං රුක‍්ඛධම‍්මෙ ඨිතා න ඨිතා”ති? රුක‍්ඛධම‍්මො නාම රුක‍්ඛෙ ඡිජ‍්ජමානෙ රුක‍්ඛදෙවතාය මනොපදොසස‍්ස අකරණං. තත්‍ථ යා දෙවතා රුක‍්ඛධම‍්මෙ අට‍්ඨිතා හොති, සා දෙවතාසන‍්නිපාතං පවිසිතුං න ලභති. ඉති සා දෙවතා ඉමඤ‍්ච රුක‍්ඛධම‍්මෙ අට‍්ඨානපච‍්චයං ආදීනවං අද‍්දස, භගවතො ච සම‍්මුඛා සුතපුබ‍්බධම‍්මදෙසනානුසාරෙන තථාගතස‍්ස ඡද‍්දන‍්තාදිකාලෙ පුබ‍්බචරිතං අනුස‍්සරි. තෙනස‍්සා එතදහොසි – “න ඛො මෙතං පතිරූපං…පෙ… වොරොපෙය්‍ය”න‍්ති. යංනූනාහං භගවතො එතමත්‍ථං ආරොචෙය්‍යන‍්ති ඉදං පනස‍්සා “අයං භික‍්ඛු සපිතිකො පුත‍්තො, අද‍්ධා භගවා ඉමං ඉමස‍්ස අජ‍්ඣාචාරං සුත්‍වා මරියාදං බන්‍ධිස‍්සති, සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සතී”ති පටිසඤ‍්චික‍්ඛන‍්තියා අහොසි. සචජ‍්ජ ත්‍වං දෙවතෙති සචෙ අජ‍්ජ ත්‍වං දෙවතෙ. පසවෙය්‍යාසීති ජනෙය්‍යාසි උප‍්පාදෙය්‍යාසි. එවඤ‍්ච පන වත්‍වා භගවා තං දෙවතං සඤ‍්ඤාපෙන‍්තො –

සෙනාසන වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි “අනාදියන්තො” ඒ දෙවඟනගේ වදන් නොගනිමින්. “දාරකස්ස බාහුං ආකොටෙසි” ඔසොවනලද පොරොව දරන්නට නොහැක්කේ මිනිසුන්ගේ චක්‍ෂුර්විෂය ඉක්මවූ වෙසමුණු මහරජහු වෙතින් ලද රුකක පිහිටි දෙව්විමනෙක හොත් දරුගේ අත තනය මුලින්ම සින්දේය. “න ඛො මෙතං පතිරූපං” යනාදියෙහි මේ සඞ්ක්‍ෂිප්ත වර්‍ණනා තොමෝය. හිමවතෙහි පක්‍ෂ දිනයන්හි දෙවතාසන්නිපාතය වේ. ‘තී වෘක්‍ෂධර්‍මයෙහි සිටියාද, නොසිටියාදැ’යි එහි වෘක්‍ෂධර්‍මය විචාරත්. වෘක්‍ෂධර්‍ම නම්, රුක සිඳිනු ලබන කල්හි එහි රුක්දෙවියා විසින් සිත දූෂිත නොකිරීමය. එහි යම් දෙවතාවක් වෘක්‍ෂධර්‍මයෙහි නොසිටියා වේද, ඒ දෙවතා තොමෝ දෙවියන්ගේ රැස්වීමට පිවිසෙන්නට ඉඩ නොලබයි. මෙසේ ඒ දෙවතා තොමෝ වෘක්‍ෂධර්‍මයෙහි මේ අස්ථානප්‍රත්‍යයද ආදීනවයද දුටුවාය. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද පෙර අසනලද ධර්‍මානුසාරයෙන් ඡද්දන්තාදි කාලයෙහි තථාගතයන් වහන්සේගේ පූර්‍වචරිතය සිහි කළාය. එහෙයින් මැයට ‘න ඛො මෙතං පතිරූපං - පෙ- වොරෙපෙය්‍යං’යි මෙබඳු සිතෙක් වූයේය. “යන්නූනාහං භගවතො එතමත්‍ථං ආරොචෙය්‍යං” මේ මහණ තෙමේ පියකු සහිත පුත්‍රයෙකි, එකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ මහණහුගේ මේ අනාචාරය අසා සීමා බඳින සේක, ශික්‍ෂාපද පනවන සේකැ’යි මෙසේ කල්පනා කරන්නාවූ මේ දෙව්දුවට මෙබඳු සිතෙක් වූයේය. “සචජ්ජ ත්‍වං දෙවතෙ” ‘දෙවතාව’ ඉදින් අද තී “පසවෙය්‍යසි” උපදවන්නෙහිය මෙසේද වදාරා භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට හඟවමින්

“යො වෙ උප‍්පතිතං කොධං, රථං භන‍්තංව වාරයෙ; තමහං සාරථිං බ්‍රූමි, රස‍්මිග‍්ගාහො ඉතරො ජනො”ති. (ධ· ප· 222);

“යො වෙ උප්පතිතං කොධං - රථං භන්තංව වාරයෙ, තමහං සාරථිං බ්‍රෑමි - රස්මිග්ගාහො ඉතරො ජනො”

යමෙක්, උපන් ක්‍රෝධය ඉතා වේගයෙන් දුවන රියක් මෙන් වළකාලන්නේද, මම ඔහු රියසැරියි කියමි, අන්‍ය වූ ජන තෙමේ රජ යුවරජ ආදීන්ගේ රිය රැහැණ පමණක් අතට ගත්තේය’යි කියමි,

ඉමං ගාථමභාසි. ගාථාපරියොසානෙ සා දෙවතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. පුන භගවා සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙන‍්තො –

යන මේ ගාථාව වදාළ සේක. ගාථාවගේ කෙළවර ඒ දෙවතා තොමෝ සෝවාන් පෙළෙහි පිහිටියාය. නැවැත භාග්‍යවතුන් වහන්සේ පැමිණි පිරිසට දහම් දෙසන සේක්,

“යො උප‍්පතිතං විනෙති කොධං, විසටං සප‍්පවිසංව ඔසධෙහි; සො භික‍්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ‍්ණමිවත‍්තචං පුරාණ”න‍්ති. (සු· නි· 1);

“යො වෙ උප්පතිතං විනෙති කොධං - විසටං සප්පවිසංව ඔසධෙහි, සො භික්‍ඛු ජහාති ඔරපාරං - උරගො ජිණ්ණමිව තචං පුරාණං”

ක්‍ෂත්‍රියාදි කුලයෙන් පැවිදිවූ යම් මහණෙක් තෙමේ එකාන්තයෙන් සියසතන්හි උපන් ක්‍රෝධය හා තෘෂ්ණාව සිරුර පැතිරගත් සර්‍පවිෂය බෙහෙදින් නසන්නාක් මෙන් දුරුකෙරේද, ඒ මහණ තෙමේ දැදුරු වූ පැරණි හැවය හරින්නා වූ සර්‍පයකු මෙන් ඔරපාර සඞ්ඛ්‍යාත ඔරම්භාගීය උද්ධම්භාගීය සංයොජනයන් හැරදමා’යි

ඉමං ගාථමභාසි. තත්‍ර පඨමගාථා ධම‍්මපදෙ සඞ‍්ගහං ආරුළ‍්හා, දුතියා සුත‍්තනිපාතෙ, වත්‍ථු පන විනයෙති. අථ භගවා ධම‍්මං දෙසෙන‍්තොයෙව තස‍්සා දෙවතාය වසනට‍්ඨානං ආවජ‍්ජන‍්තො පතිරූපං ඨානං දිස‍්වා “ගච‍්ඡ, දෙවතෙ, අසුකස‍්මිං ඔකාසෙ රුක‍්ඛො විවිත‍්තො, තස‍්මිං උපගච‍්ඡා”ති ආහ. සො කිර රුක‍්ඛො න ආළවිරට‍්ඨෙ, ජෙතවනස‍්ස අන‍්තොපරික‍්ඛෙපෙ, යස‍්ස දෙවපුත‍්තස‍්ස පරිග‍්ගහො අහොසි, සො චුතො; තස‍්මා “විවිත‍්තො”ති වුත‍්තො. තතො පට‍්ඨාය ච පන සා දෙවතා සම‍්මාසම‍්බුද‍්ධතො ලද‍්ධපරිහාරා බුද‍්ධුපට‍්ඨායිකා අහොසි. යදා දෙවතාසමාගමො හොති, තදා මහෙසක‍්ඛදෙවතාසු ආගච‍්ඡන‍්තීසු අඤ‍්ඤා අප‍්පෙසක‍්ඛා දෙවතා යාව මහාසමුද‍්දචක‍්කවාළපබ‍්බතා තාව පටික‍්කමන‍්ති. අයං පන අත‍්තනො වසනට‍්ඨානෙ නිසීදිත්‍වාව ධම‍්මං සුණාති. යම‍්පි පඨමයාමෙ භික‍්ඛූ පඤ‍්හං පුච‍්ඡන‍්ති, මජ‍්ඣිමයාමෙ දෙවතා, තං සබ‍්බං තත්‍ථෙව නිසීදිත්‍වා සුණාති. චත‍්තාරො ච මහාරාජානොපි භගවතො උපට‍්ඨානං ආගන‍්ත්‍වා ගච‍්ඡන‍්තා තං දෙවතං දිස‍්වාව ගච‍්ඡන‍්ති.

යන මේ ගාථාව වදාළ සේක. එහි ප්‍රථම ගාථා තොමෝ ධම්මපදයෙහි සඞ්ග්‍රහයට නගන ලදී. ද්විතීය ගාථා තොමෝ සූත්‍රනිපාතයෙහි සඞ්ග්‍රහයට නගනලදී. වස්තුව වනාහි විනයයෙහිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්ම ඒ දෙව්දුවට වසන්නට නිසි තැනක් ආවර්‍ජනය කරනසේක් සුදුසු තැනක් දැක, ‘දෙවතාව’ යව, අසුවල් අවකාශයෙහි පිහිටි වෘක්‍ෂය විවික්තය, එහි එළැඹෙව’යි වදාළ සේක. ඒ වෘක්‍ෂය වනාහි අලව්රටෙහි නොවේ. ජෙතවනයෙහි පවුර තුළ වූයේය. යම් කිසි දිව්‍යපුත්‍රයකු විසින් අයත් කරගන්නා ලද්දේ ද, ඒ දිව්‍යපුත්‍ර තෙමේ ච්‍යුතව ගියේය. එහෙයින් විවික්තයි වදාළ සේක. එතැන් පටන් ඒ දෙවතා තොමෝ සම්මා සම්බුදුරජුන් වෙතින් ලැබූ පරිහාර ඇත්තී බුද්ධොපස්ථායිකාවක් වූය. යම්කලෙක දෙවියන්ගේ සමාගමය වේද, එකල්හි මහෙශාක්‍ය දෙවතාවන් එන කල්හි අන්‍ය වූ අල්පෙශාක්‍ය දෙවතාවෝ මහාසමුද්‍රචක්‍රමාල පර්‍වතය දක්වා ගොස් නවතිත්. තොමෝ තමන් වසන තැන හිඳ බණ අසයි. ප්‍රථමයාමයෙහි මහණහු යම් ප්‍රශ්නයක් විචාරත්ද, මද්ධ්‍යම යාමයෙහි දෙවතාවෝ ප්‍රශ්න විචාරත්ද, ඒ සියල්ල එහිම හිඳ අසයි. සිවුමහාරජහු පවා භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයට අවුත් යන්නාහු ඒ දෙව්දුව දැකම යන්නාහ.

භූතගාමපාතබ්‍යතායාති එත්‍ථ භවන‍්ති අහුවුඤ‍්චාති භූතා; ජායන‍්ති වඩ‍්ඪන‍්ති ජාතා වඩ‍්ඪිතා චාති අත්‍ථො. ගාමොති රාසි; භූතානං ගාමොති භූතගාමො; භූතා එව වා ගාමො භූතගාමො; පතිට‍්ඨිතහරිතතිණරුක‍්ඛාදීනමෙතං අධිවචනං. පාතබ්‍යස‍්ස භාවො පාතබ්‍යතා; ඡෙදනභෙදනාදීහි යථාරුචි පරිභුඤ‍්ජිතබ‍්බතාති අත්‍ථො. තස‍්සා භූතගාමපාතබ්‍යතාය; නිමිත‍්තත්‍ථෙ භුම‍්මවචනං, භූතගාමපාතබ්‍යතාහෙතු, භූතගාමස‍්ස ඡෙදනාදිපච‍්චයා පාචිත‍්තියන‍්ති අත්‍ථො.

“භූතගාමපාතව්‍යතාය” මෙහි වැඩෙත්, වැඩුනාහු ‘භූත’ නම්වෙත්. හටගණිත්, වැඩෙත්, හටගන්නාහු, වැඩුනාහු යන අර්‍ත්‍ථයි. “ගාමො” සමූහය. භූත සංඥිත වූ නිල්පැහැති තෘණ වෘක්‍ෂලතාදීන්ගේ සමූහය ‘භූතගාම’ නම්. නොහොත් භූතසංඥිත තෘණවෘක්‍ෂලතාදීහුම සමූහ වූවාහු භූතගාම නම්වේ. පිහිටි නිල්පැහැති තණරුක් ආදීන්ට මේ නමෙකි. සිඳිය බිඳිය යුතු බව “පාතබ්‍යතා”ය. සිඳීම් බිඳීම් ආදියෙන් රිසිසේ පරිභොග කටයුතුය යන අර්‍ත්‍ථයි. ඒ තෘණවෘක්‍ෂලතාදීන්ගේ සිදීම් ආදිය නිමිතිකොට නිමිත්තාර්‍ත්‍ථයෙහි සප්තමීවචනයි. භූතගාමපාතබ්‍යතා හේතුවෙන් භූතගාමයාගේ සිඳීම් ආදිප්‍රත්‍යයයෙන් පාචිත්තිය යන අර්‍ත්‍ථයි.

ඉදානි තං භූතගාමං විභජිත්‍වා දස‍්සෙන‍්තො භූතගාමො නාම පඤ‍්ච බීජජාතානීතිආදිමාහ. තත්‍ථ භූතගාමො නාමාති භූතගාමං උද‍්ධරිත්‍වා යස‍්මිං සති භූතගාමො හොති, තං දස‍්සෙතුං “පඤ‍්ච බීජජාතානී”ති ආහාති අට‍්ඨකථාසු වුත‍්තං. එවං සන‍්තෙපි “යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි මූලෙ ජායන‍්තී”තිආදීනි න සමෙන‍්ති. න හි මූලබීජාදීනි මූලාදීසු ජායන‍්ති, මූලාදීසු ජායමානානි පන තානි බීජාකතානි, තස‍්මා එවමෙත්‍ථ වණ‍්ණනා වෙදිතබ‍්බා – භූතගාමො නාමාති විභජිතබ‍්බපදං. පඤ‍්චාති තස‍්ස විභාගපරිච‍්ඡෙදො. බීජජාතානීති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. තස‍්සත්‍ථො – බීජෙහි ජාතානි බීජජාතානි; රුක‍්ඛාදීනමෙතං අධිවචනං. අපරො නයො – බීජානි ච තානි විජාතානි ච පසූතානි නිබ‍්බත‍්තපණ‍්ණමූලානීති බීජජාතානි. එතෙන අල‍්ලවාලිකාදීසු ඨපිතානං නිබ‍්බත‍්තපණ‍්ණමූලානං සිඞ‍්ගිවෙරාදීනං සඞ‍්ගහො කතො හොති.

දැන් ඒ භූතගාමය බෙදා දක්වන සේක්, “භූතගාමො නාම පඤ්චබීජජාතානි” යනාදිය වදාළ සේක. එහි “භූතගාමො නාම” භූතගාමය උදුරා. යමක් ඇති කල්හි භූතගාමය වේද. එය දක්වනු පිණිස ‘පඤ්චබීජජාතානි’ යනු වදාළාහුය’යි අර්‍ත්‍ථකථාවන්හි කියනලදී. මෙසේ ඇති කල්හිදු ‘යානි වා පනඤ්ඤානිපි අර්‍ත්‍ථ මූලෙ ජායන්ති’ යනාදීහු සම නොවෙත්. මූලබීජාදීහු මුල් ආදියෙහි නොඋපදිත්. මුල් ආදියෙහි උපදින්නාහු වනාහි ඔවුහු බීජගත වෙත්. එහෙයින් මෙහි මෙසේ වර්‍ණනා තොමෝ දතයුත්තීය. “භූතගාමො නාම” යනු බෙදිය යුතු පදයයි. “පඤ්ච” යනු ඒ භූතගාමයාගේ විභාග පිරිසිඳීමය. “බීජජාතානි” යනු පිරිසිඳි ධර්‍මයන්ගේ දැක්වීමය. බීජයන්ගෙන් උපන්නාහු බීජ ජාතානි යනු එහි අර්‍ත්‍ථයි. වෘක්‍ෂාදීන්ට මේ නමෙකි. මෙහි අන්‍ය ක්‍රමයෙන් වේ. ‘බිජවූවාහුද ඔවුහුමය. උපන්නාහුද, ප්‍රසූත වූවාහුද, උපන් පන් මුල් ඇත්තාහුද ඔවුහුමනුයි බීජජානානි නම් වෙත්. මෙයින් කෙත් වැලි ආදියෙහි තැබූ උපන් පත් මුල් ඇති ඉඟුරු ආදීන්ගේ සඞ්ග්‍රහය කරන ලද්දේ වේ.

ඉදානි යෙහි බීජෙහි ජාතත‍්තා රුක‍්ඛාදීනි බීජජාතානීති වුත‍්තානි, තානි දස‍්සෙන‍්තො “මූලබීජ”න‍්තිආදිමාහ. තෙසං උද‍්දෙසො පාකටො එව. නිද‍්දෙසෙ යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි මූලෙ ජායන‍්ති මූලෙ සඤ‍්ජායන‍්තීති එත්‍ථ බීජතො නිබ‍්බත‍්තෙන බීජං දස‍්සිතං , තස‍්මා එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො, යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි ආලුවකසෙරුකමලුප‍්පලපුණ‍්ඩරීකකුවලයකන්‍දපාටලිමූලාදිභෙදෙ මූලෙ ගච‍්ඡවල‍්ලිරුක‍්ඛාදීනි ජායන‍්ති සඤ‍්ජායන‍්ති, තානි යම‍්හි මූලෙ ජායන‍්ති චෙව සඤ‍්ජායන‍්ති ච තඤ‍්ච, පාළියං වුත‍්තං හලිද‍්දාදි ච සබ‍්බම‍්පි එතං මූලබීජං නාම. එසෙව නයො ඛන්‍ධබීජාදීසු. යෙවාපනකඛන්‍ධබීජෙසු පනෙත්‍ථ අම‍්බාටකඉන්‍දසාලනුහීපාළිභද‍්දකණිකාරාදීනි ඛන්‍ධබීජානි, අමූලවල‍්ලි චතුරස‍්සවල‍්ලිකණවීරාදීනි ඵළුබීජානි මකචිසුමනජයසුමනාදීනි අග‍්ගබීජානි, අම‍්බජම‍්බූපනසට‍්ඨිආදීනි බීජබීජානීති දට‍්ඨබ‍්බානි.

දැන් යම් බීජයන්ගෙන් උපන් බැවින් වෘක්‍ෂාදීහු බීජජාතාතියි කියන ලද්දාහුද, ඒ බීජයන් දක්වන සේක් “මූලබීජං” යනාදිය වදාළ සේක. ඔවුන්ගේ උද්දෙසය ප්‍රකටමය. නිර්‍දෙශයෙහි “යානි වා පනඤ්ඤානිපි අත්‍ථි මූලෙ ජායන්ති මූලෙ සඤ්ජායන්ති” යන මෙහි බීජයෙන් ඉපදීමෙන් බීජයි දක්වන ලදි. එහෙයින් මෙහි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. යම් අනිකුදු බීජජාතයෝ ඇත්තාහුද, ඕලු කෙකටිය රත්පියුම් උපුල් හෙලපියුම් හෙල්මැලි කොඳ පළොල් මුල් ආදි ප්‍රභෙද ඇති මූලෙහි ගස්වල් රුක් ආදීහු හටගණිත්ද. උපදිත්ද, ඔවුහු යම් මුලෙක හටගණිත්ද නැවැත නැවත උපදිත්ද, එද පෙළෙහි කියනලද කසා ආදියද යන මේ සියල්ල මූලබීජ නම්වේ. මූලම මූලබීජනමි. ඛන්‍ධබීජාදියෙහි ද මෙම නයයි. යම් බන්‍ධබීජයන්හි වනාහි මෙහි අඹරැල්ල ඉඳුසැල් උක් එරබදු කිණිහිරි ආදීහු ඛන්‍ධබීජ නම් වෙත්. මුල් රහිතවූ වැල් සිවුරැස් වැල් කනවේරිය යනාදීහු පුරුක් බීජයෝ නම් වෙත්. නියඳ සමන් බඳුවද යනාදීහු අග්ගබීජයෝ නම් වෙත්. අඹ දං කොස් ඇට ආදීහු බීජබීජයෝ’යි දතයුත්තාහ.

ඉදානි යං වුත‍්තං “භූතගාමපාතබ්‍යතාය පාචිත‍්තිය”න‍්ති තත්‍ථ සඤ‍්ඤාවසෙන ආපත‍්තානාපත‍්තිභෙදං පාතබ්‍යතාභෙදඤ‍්ච දස‍්සෙන‍්තො බීජෙ බීජසඤ‍්ඤීතිආදිමාහ. තත්‍ථ යථා “සාලීනං චෙපි ඔදනං භුඤ‍්ජතී”තිආදීසු (ම· නි· 1.76) සාලිතණ‍්ඩුලානං ඔදනො “සාලීනං ඔදනො”ති වුච‍්චති, එවං බීජතො සම‍්භූතො භූතගාමො “බීජ”න‍්ති වුත‍්තොති වෙදිතබ‍්බො. යං පන “බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතො”තිආදීසු (දී· නි· 1.10) වුත‍්තං භූතගාමපරිමොචනං කත්‍වා ඨපිතං බීජං, තං දුක‍්කටවත්‍ථු. අථ වා යදෙතං “භූතගාමො නාමා”ති සික‍්ඛාපදවිභඞ‍්ගස‍්ස ආදිපදං, තෙන සද‍්ධිං යොජෙත්‍වා යං බීජං භූතගාමො නාම හොති, තස‍්මිං බීජෙ බීජසඤ‍්ඤී සත්‍ථකාදීනි ගහෙත්‍වා සයං වා ඡින්‍දති අඤ‍්ඤෙන වා ඡෙදාපෙති, පාසාණාදීනි ගහෙත්‍වා සයං වා භින්‍දති අඤ‍්ඤෙන වා භෙදාපෙති, අග‍්ගිං උපසංහරිත්‍වා සයං වා පචති අඤ‍්ඤෙන වා පචාපෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්සාති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. යථාරුතං පන ගහෙත්‍වා භූතගාමවිනිමුත‍්තස‍්ස බීජස‍්ස ඡින්‍දනාදිභෙදාය පාතබ්‍යතාය පාචිත‍්තියං න වත‍්තබ‍්බං.

දැන් ‘භූතගාමපාතව්‍යතාය පාචිත්තිය’යි යමක් වදාරන ලදද, එහි සංඥා වශයෙන් ආපත්ති අනාපත්තිභෙදයත් පාතබ්‍යතාභෙදයත් දක්වන සේක්, “බීජෙ ඛීජසඤ්ඤී” යනාදිය වදාළ සේක. එහි යම්සේ ‘සාලීනම්පි චෙ ඔදනං භුඤ්ජති’ යනාදි තන්හි හැල් සහල්බත හැල්බතයයි කියනු ලැබේද, එසේ බීජයෙන් උපන් භූතගාමය බීජයයි කියන ලද්දේයයි දතයුතුය. ‘බීජගාමභූතගාම සමාරම්හා පටිවිරතො’ යනාදි තන්හි වදාළ භූතගාමයෙන් මිදීම කොට වෙන්කොට තැබූ යම් බිජයක් වේද, එය දුක්කට වස්තු වේ. තවද ‘භූතගාමො’යි ශික්‍ෂාපදවිභඞ්ගයෙහි යම් මේ ආදිපදයෙක් වේද, එය සමග යොදා යම් බීජයක් භූතගාම නම් වේද, ඒ භූතගාම නම්වූ බීජයෙහි බීජය යන හැඟීම් ඇතිව සැත් ආදිය ගෙණ තෙමේ හෝ සිඳීද, අනිකකුලවා හෝ සිඳවාද, ගල් ආදිය ගෙණ තෙමේ හෝ බිඳීද, අනිකකු ලවා හෝ බිඳුවාද, ගිනි එක්කොට තෙමේ හෝ පිසාද, අනිකකුලවා හෝ පිසවාද පාචිත්තියාපත්තියට පැමිණීම වේයයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දතයුතුය. පෙළ පරිදි ගෙණ භූතගාමයෙන් මිදී සිටි බීජයක් සිඳීම් ආදිභෙදවූ සිඳුම් බිඳුම් නිමිති කොට පාචිත්තිය නොකිය යුතුය.

අයඤ‍්හෙත්‍ථ විනිච‍්ඡයකථා – භූතගාමං විකොපෙන‍්තස‍්ස පාචිත‍්තියං භූතගාමපරිමොචිතං පඤ‍්චවිධම‍්පි බීජගාමං විකොපෙන‍්තස‍්ස දුක‍්කටං. බීජගාමභූතගාමො නාමෙස අත්‍ථි උදකට‍්ඨො, අත්‍ථි ථලට‍්ඨො . තත්‍ථ උදකට‍්ඨො සාසපමත‍්තිකා තිලබීජකාදිභෙදා සපණ‍්ණිකා අපණ‍්ණිකා ච සබ‍්බා සෙවාලජාති අන‍්තමසො උදකපප‍්පටකං උපාදාය “භූතගාමො”ති වෙදිතබ‍්බො. උදකපප‍්පටකො නාම උපරි ථද‍්ධො ඵරුසවණ‍්ණො, හෙට‍්ඨා මුදු නීලවණ‍්ණො හොති. තත්‍ථ යස‍්ස සෙවාලස‍්ස මූලං ඔරූහිත්‍වා පථවියං පතිට‍්ඨිතං, තස‍්ස පථවී ඨානං. යො උදකෙ සඤ‍්චරති, තස‍්ස උදකං. පථවියං පතිට‍්ඨිතං යත්‍ථ කත්‍ථචි විකොපෙන‍්තස‍්ස උද‍්ධරිත්‍වා වා ඨානන‍්තරං සඞ‍්කාමෙන‍්තස‍්ස පාචිත‍්තියං. උදකෙ සඤ‍්චරන‍්තං විකොපෙන‍්තස‍්සෙව පාචිත‍්තියං. හත්‍ථෙහි පන ඉතො චිතො ච වියූහිත්‍වා න‍්හායිතුං වට‍්ටති, සකලඤ‍්හි උදකං තස‍්ස ඨානං. තස‍්මා න සො එත‍්තාවතා ඨානන‍්තරං සඞ‍්කාමිතො හොති. උදකතො පන උදකෙන විනා සඤ‍්චිච‍්ච උක‍්ඛිපිතුං න වට‍්ටති, උදකෙන සද‍්ධිං උක‍්ඛිපිත්‍වා පුන උදකෙ පක‍්ඛිපිතුං වට‍්ටති. පරිස‍්සාවනන‍්තරෙන නික‍්ඛමති, කප‍්පියං කාරාපෙත්‍වාව උදකං පරිභුඤ‍්ජිතබ‍්බං. උප‍්පලිනීපදුමිනීආදීනි ජලජවල‍්ලිතිණානි උදකතො උද‍්ධරන‍්තස‍්ස වා තත්‍ථෙව විකොපෙන‍්තස‍්ස වා පාචිත‍්තියං. පරෙහි උප‍්පාටිතානි විකොපෙන‍්තස‍්ස දුක‍්කටං. තානි හි බීජගාමෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. තිලබීජකසාසපමත‍්තකසෙවාලොපි උදකතො උද‍්ධතො අමිලාතො අග‍්ගබීජසඞ‍්ගහං ගච‍්ඡති. මහාපච‍්චරියාදීසු “අනන‍්තකතිලබීජකඋදකපප‍්පටකාදීනි දුක‍්කටවත්‍ථුකානී”ති වුත‍්තං, තත්‍ථ කාරණං න දිස‍්සති. අන්‍ධකට‍්ඨකථායං “සම‍්පුණ‍්ණභූතගාමො න හොති, තස‍්මා දුක‍්කට”න‍්ති වුත‍්තං, තම‍්පි න සමෙති, භූතගාමෙ හි පාචිත‍්තියං, බීජගාමෙ දුක‍්කටං වුත‍්තං. අසම‍්පුණ‍්ණභූතගාමො නාම තතියො කොට‍්ඨාසො නෙව පාළියං න අට‍්ඨකථාසු ආගතො. අථ එතං බීජගාමසඞ‍්ගහං ගච‍්ඡිස‍්සතීති , තම‍්පි න යුත‍්තං, අභූතගාමමූලත‍්තා තාදිසස‍්ස බීජගාමස‍්සාති. අපිච “ගරුකලහුකෙසු ගරුකෙ ඨාතබ‍්බ”න‍්ති එතං විනයලක‍්ඛණං.

මේ මෙහි විනිශ්චය කථාය. භූතගාමය විකොපනය කරන මහණහුට පාචිත්තිය වේ. භූතගාමයෙන් මිදූ පස්වැදෑරුම්වූම බීජගාමය සිඳින බිඳින මහණහුට දුක්කටය වේ. මේ බීජගාම භූතගාමය තෙමේ ජලයෙහි සිටියේද ඇත්තේය. ගොඩබිම සිටියේද ඇත්තේය. එහි ජලයෙහි සිටියේ ඇබැට පමණවූ තල ඇට ඈ බේද ඇති පත්‍ර සහිතවූද පත්‍රරහිත වූද සියලු සෙවෙල් ජාති තොමෝ යටත් පිරිසයින් උදකපප්පටක නම් සෙවෙල් පටන් භූතගාමැයි දතයුතුය. උදකපප්පටකය මතුවෙහි තදවූයේ රළු පැහැ ඇතියේ යට මොළොක් වූයේ නිල්පැහැතියේ වේ. එහි යම් සෙවෙලක මුල් යටට බැස පොළොවෙහි පිහිටියේද ඒ සෙවෙලට පොළොව ස්ථාන වේ. යම් සෙවෙලක් ජලය මතුවෙහි පාවේද, ඒ සෙවෙලට ජලය ස්ථාන වේ. පොළොවෙහි පිහිටියක් මුල මැද අග යන යම්කිසි තැනෙක්හි සිඳින බිඳින මහණහුටද. උදුරා හෝ අන්තැනකට පමුණුවන මහණහුටද පාචිත්තිය වේ. ජලයෙහි හැසිරෙන්නක් සිඳින බිඳින මහණහටද පාචිත්තිය වේ. අතින් දියෙන් නොමුදා එහා මෙහා ඉවත්කොට ස්නානය කිරීම වටියි. සියලුම ජලය, ජලයෙහි හැසිරෙන සෙවෙලව ස්ථාන වේ. එහෙයින් ඒ සෙවෙල මෙපමණකින් තුබූ තැනින් පහකරන ලද්දේ නොවේ. ජලයෙන් ජලය හැර දැන ඔසොවන්නට නොවටියි. ජලය සමග ඔසොවා නැවත ජලයෙහි බැහීම වටියි. පෙරහන අතරින් නික්මේද, කැප කරවාම පැන් පරිභොග කටයුතුය. උප්පලපදුමිනී ආදීවූ ජලයෙහි හටගත් වැල් තණ දියෙන් උදුරන මහණහුටද එහිම සිඳින බිඳින මහණහුටද පාචිත්තිය වේ. අනුන් විසින් උදුරා ගන්නා ලද්දවුන් සිඳින බිඳින මහණහුට දුක්කටය වේ. ඒ දියෙහි හටගත්තාහු භූතගාමයෙන් වෙන්වූ බැවින් බීජගාමයෙහි සඞ්ග්‍රහයට යන්නාහ. තලැට අබැට පමණවූ සෙවෙලද දියෙන් නගන ලද්දේ නොමැලවුනේ අග්‍රබීජසඞ්ග්‍රහයට යන්නේය. මහාපච්චරී ආදියෙහි කෙළවරක් නැති තල ඇට රොන්මඩ වියලිකබල් ආදීහු දුක්කට වස්තූහුය’යි කියනලදී. එහි කරුණක් නොදක්නා ලැබේ. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි සම්පූණභූතගාමය නොවේද එහෙයින් දුක්කටයි කියනලදී. එද සම නොවේ. භූතගාමයෙහි පාචිත්තිය, භූතගාමයෙහි දුක්කටයි කියන ලදී. මුල්පත් ආදියෙන් සම්පූර්‍ණ නොවූ බැවින් භූතගාමය නම් එහි තෙවන කොටසැයි. පෙළෙහි නොම ආයේය. අර්‍ත්‍ථකථාවන්හි නොආයේය. එකල්හි එය බීජගාම සඞ්ග්‍රහයට යන්නේද, එද යුතුනොවේ. එබඳු බීජගාමය තමා භූතගාමය මුල්කොට කරුණක් නැති බැවිනි. අනිකුදු ඇත්තේය. ගරුකලහුකයන් අතුරෙහි ගරුකයෙහි සිටිය යුතුය යනු මේ විනය ලක්‍ෂණයයි.

ථලට‍්ඨෙ – ඡින‍්නරුක‍්ඛානං අවසිට‍්ඨො හරිතඛාණු නාම හොති. තත්‍ථ කකුධකරඤ‍්ජපියඞ‍්ගුපනසාදීනං ඛාණු උද‍්ධං වඩ‍්ඪති, සො භූතගාමෙන සඞ‍්ගහිතො. තාලනාළිකෙරාදීනං ඛාණු උද‍්ධං න වඩ‍්ඪති, සො බීජගාමෙන සඞ‍්ගහිතො. කදලියා පන අඵලිතාය ඛාණු භූතගාමෙන සඞ‍්ගහිතො, ඵලිතාය බීජගාමෙන. කදලී පන ඵලිතා යාව නීලපණ‍්ණා, තාව භූතගාමෙනෙව සඞ‍්ගහිතා, තථා ඵලිතො වෙළු. යදා පන අග‍්ගතො පට‍්ඨාය සුස‍්සති, තදා බීජගාමෙන සඞ‍්ගහං ගච‍්ඡති. කතරබීජගාමෙන? ඵළුබීජගාමෙන. කිං තතො නිබ‍්බත‍්තති? න කිඤ‍්චි. යදි හි නිබ‍්බත‍්තෙය්‍ය, භූතගාමෙනෙව සඞ‍්ගහං ගච‍්ඡෙය්‍ය. ඉන්‍දසාලාදිරුක‍්ඛෙ ඡින්‍දිත්‍වා රාසිං කරොන‍්ති, කිඤ‍්චාපි රාසිකතදණ‍්ඩකෙහි රතනප‍්පමාණාපි සාඛා නික‍්ඛමන‍්ති, බීජගාමෙනෙව සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. තත්‍ථ මණ‍්ඩපත්‍ථාය වා වතිඅත්‍ථාය වා වල‍්ලිආරොපනත්‍ථාය වා භූමියං නිඛණන‍්ති, මූලෙසු චෙව පණ‍්ණෙසු ච නිග‍්ගතෙසු පුන භූතගාමසඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති. මූලමත‍්තෙසු පන පණ‍්ණමත‍්තෙසු වා නිග‍්ගතෙසු බීජගාමෙන සඞ‍්ගහිතා එව.

ගොඩබිම පිහිටි සිඳ දැමූ වෘක්‍ෂයන්ගෙන් ඉතිරිවූයේ නිල් කණුවක් නම්වේ. එහි කුඹුක් කරඳ පුවඟු කොස් ආදීන්ගේ කණුව උඩට වැඩේ. ඒ කණුව භූතගාමයෙන් සඞ්ග්‍රහ කරන ලද්දේය. තල්, පොල් ආදීන්ගේ කණුව උඩට නොවැඩේ. ඒ කණුව බීජගාමයෙන් සඞ්ග්‍රහ කරන ලද්දේය. නොපීදුනු කෙහෙල් ගසෙහි කඳ භූතගාමයෙන් සඞ්ග්‍රහ කරන ලද්දේය. පීදුනු ගසෙහි කඳ බීජගාමයෙන් සඞ්ග්‍රහ කරනු ලැබේ. පීදුනු කෙහෙල්ගස යම්තාක් නිල්පත් ඇත්තීද, ඒතාක් භූතගාමයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දීය. එසේ පීදුනු උණගස යම් කලෙක අග පටන් වියලේද, එකල්හි බීජගාමයෙන් සඞ්ග්‍රහයට යන්නේය. කවර බීජගාම සඞ්ග්‍රහයකටයේද, පුරුක් බීජසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහයට යන්නේය. එයින් කුමක් උපදීද, කිසිවක් නොඋපදී. ඉදින් උපදින්නේ නම් භූතගාමයෙන් සඞ්ග්‍රහයට යන්නේය. ඉඳුසල්ආදි රුක් සිඳ රැස් කෙරෙත්ද, රැස් කළ දඬුවලින් රියනක් පමණවූද ශාඛා නික්මෙත්ද, බීජගාමයෙන්ම සඞ්ග්‍රහයට යෙත්. මණ්ඩපයක් පිණිස හෝ වැටක් පිණිස හෝ වැල් ආරොපණය පිණිස හෝ බිම තැන සිටුවත්ද, මුල්ද පත්‍රද නික්මුනු කල්හි භූතගාම සඞ්ඛ්‍යාවට යෙත්. මුල් පමණක් හෝ කොළ පමණක් හෝ නික්මුනු කල්හි, බීජගාමයෙහි සඞ්ග්‍රහයෙහි සඞ්ග්‍රහ කරන ලද්දාහුමය.

යානි කානිචි බීජානි පථවියං වා උදකෙන සිඤ‍්චිත්‍වා ඨපිතානි, කපාලාදීසු වා අල‍්ලපංසුං පක‍්ඛිපිත්‍වා නික‍්ඛිත‍්තානි හොන‍්ති, සබ‍්බානි මූලමත‍්තෙ පණ‍්ණමත‍්තෙ වා නිග‍්ගතෙපි බීජානියෙව. සචෙපි මූලානි ච උපරි අඞ‍්කුරො ච නිග‍්ගච‍්ඡති, යාව අඞ‍්කුරො හරිතො න හොති, තාව බීජානියෙව. මුග‍්ගාදීනං පන පණ‍්ණෙසු උට‍්ඨිතෙසු වීහිආදීනං වා අඞ‍්කුරෙ හරිතෙ නීලපණ‍්ණවණ‍්ණෙ ජාතෙ භූතගාමසඞ‍්ගහං ගච‍්ඡන‍්ති. තාලට‍්ඨීනං පඨමං සූකරදාඨා විය මූලං නිග‍්ගච‍්ඡති. නිග‍්ගතෙපි යාව උපරි පත‍්තවට‍්ටි න නිග‍්ගච‍්ඡති, තාව බීජගාමොයෙව. නාළිකෙරස‍්ස තචං භින්‍දිත්‍වා දන‍්තසූචි විය අඞ‍්කුරො නිග‍්ගච‍්ඡති , යාව මිගසිඞ‍්ගසදිසා නීලපත‍්තවට‍්ටි න හොති, තාව බීජගාමොයෙව. මූලෙ අනිග‍්ගතෙපි තාදිසාය පත‍්තවට‍්ටියා ජාතාය අමූලකභූතගාමෙ සඞ‍්ගහං ගච‍්ඡති.

යම්කිසි බීජ කෙනෙක් පොළොවෙහි හෝ දිය ඉස තබන ලද්දාහුද කබල් ආදියෙහි හෝ තෙත් පස් දමා තබන ලද්දාහු වෙත්ද, ඒ සියල්ලෝ මුල් පමණක් හෝ කොළ පමණක් හෝ නික්මුණු කල්හි බීජයෝම වෙත්. ඉදින් මුල් හා මත්තෙහි අඞ්කුරය නික්මේද, ඒ අඞ්කුරය යම්තාක් නිල් පැහැත්තේ නොවූයේද, ඒතාක් බීජයෝම වෙති. මුං ආදීන්ගේ කොළ හටගත් කල්හි වී ආදීන්ගේ අඞ්කුරය නිල්වන් වූ කල්හි නිල් කොළ පැහැති වූ කල්හි භූතගාම සඞ්ග්‍රහයට යන්නේය. තල් ඇටවල පළමුකොට ඌරු දළ මෙන් මුලක් නික්මෙන්නේය. නික්මුනු කල්හිද යම්තාක් මත්තෙහි ගොබය නොනික්මේද, ඒතාක් බීජගාමයම වේ. පොල්කටුව බිඳගෙණ දත්මුවා හිද්දක් මෙන් අඞ්කුරය නික්මේද, යම්තාක් මුවඅන් සමාන නිල්පත්වැටිය නොවේද, ඒතාක් බීජගාමයම වේ. මුල් නොනික්මුනු කල්හිද, එබඳු පත්වැටිය හටගත් කල්හි මුල් රහිත භූතගාම සඞ්ග්‍රයට යන්නේය.

අම‍්බට‍්ඨිආදීනි වීහිආදීහි විනිච‍්ඡිනිතබ‍්බානි. වන්‍දාකා වා අඤ‍්ඤා වා යා කාචි රුක‍්ඛෙ ජායිත්‍වා රුක‍්ඛං ඔත්‍ථරති, රුක‍්ඛොව තස‍්සා ඨානං, තං විකොපෙන‍්තස‍්ස වා තතො උද‍්ධරන‍්තස‍්ස වා පාචිත‍්තියං. එකා අමූලිකා ලතා හොති, අඞ‍්ගුලිවෙඨකො විය වනප‍්පගුම‍්බදණ‍්ඩකෙ වෙඨෙති, තස‍්සාපි අයමෙව විනිච‍්ඡයො. ගෙහමුඛපාකාරවෙදිකාචෙතියාදීසු නීලවණ‍්ණො සෙවාලො හොති, යාව ද‍්වෙ තීණි පත‍්තානි න සඤ‍්ජායන‍්ති තාව අග‍්ගබීජසඞ‍්ගහං ගච‍්ඡති . පත‍්තෙසු ජාතෙසු පාචිත‍්තියවත්‍ථු. තස‍්මා තාදිසෙසු ඨානෙසු සුධාලෙපම‍්පි දාතුං න වට‍්ටති. අනුපසම‍්පන‍්නෙන ලිත‍්තස‍්ස උපරිස‍්නෙහලෙපො දාතුං වට‍්ටති. සචෙ නිදාඝසමයෙ සුක‍්ඛසෙවාලො තිට‍්ඨති, තං සම‍්මුඤ‍්ජනීආදීහි ඝංසිත්‍වා අපනෙතුං වට‍්ටති. පානීයඝටාදීනං බහි සෙවාලො දුක‍්කටවත්‍ථු, අන‍්තො අබ‍්බොහාරිකො. දන‍්තකට‍්ඨපූවාදීසු කණ‍්ණකම‍්පි අබ‍්බොහාරිකමෙව. වුත‍්තඤ‍්හෙතං – “සචෙ ගෙරුකපරිකම‍්මකතා භිත‍්ති කණ‍්ණකිතා හොති, චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා”ති (මහාව· 66).

අඹ ඇට ආදීහු වී ආදීන් හා විනිශ්චය කටයුත්තාහුය. ඉටිකෙහෙල් (පිළිල) හෝ අන්‍ය වූ යම්කිසිවක් රුකෙහි හටගෙණ රුක් යට කෙරේද, රුකම එයට ස්ථාන වේ. එය විකොපනය කරන මහණහුට හෝ උදුරන මහණහුට හෝ පාචිත්තිය වේ. මුල් නැති එක් වැලක් වේ. ඇඟිලි මුද්දක් මෙන් වනපදුරුදඬු වෙළා ගණීද, මේ වැලෙහිද මෙම විනිශ්චය වේ. ගෙයිපවුරු පිල්කඩ සෑ ආදී තන්හි නිල් පැහැති සෙවෙලක් වේද, එහි යම්තාක් කොළ දෙක තුනක් නොහටගණීද, ඒතාක් අග්‍රබීජ සඞ්ඛ්‍යාවට යන්නේය. කොළ හටගත් කල්හි පාචිත්තිය වස්තු වේ. එහෙයින් එබඳු තන්හි හුණු ආලෙප කිරීම නොවටියි. අනුපසම්පන්නයකු විසින් කළ ආලෙපය මතුවෙහි ස්නෙහාලෙපය දීම වටියි. ඉදින් නියන් කාලයෙහි වියලුණු සෙවෙලෙක් රඳා සිටී නම්, ඒ සෙවෙල් මුසුන් ආදියෙන් උලා පහකිරීම වටියි. පැන් කළ ආදියෙහි පිටත තුබු සෙවෙල් දුක්කට වස්තු වේ. ඇතුළත තුබූ සෙවෙල් ව්‍යවහාරයට නොයන්නේය. දැහැටි පූ ආදියෙහි පුස්ද වහරට නොයන්නේමය. ‘ඉදින් සුවන්ගුරුයෙන් පිරිබඩ කළ බිත්තිය පුස් වැකුනීවේද, රෙදිකඩක් තෙමා පොළා පිරිමැදිය යුත්තීය’යි මෙය වදාරන ලද්දේමය.

පාසාණජාතිපාසාණදද‍්දුසෙවාලසෙලෙය්‍යකාදීනි අහරිතවණ‍්ණානි අපත‍්තකානි ච දුක‍්කටවත්‍ථුකානි. අහිච‍්ඡත‍්තකං යාව මකුළං හොති, තාව දුක‍්කටවත්‍ථු. පුප‍්ඵිතකාලතො පට‍්ඨාය අබ‍්බොහාරිකං. අල‍්ලරුක‍්ඛතො පන අහිච‍්ඡත‍්තකං ගණ‍්හන‍්තො රුක‍්ඛත‍්තචං විකොපෙති, තස‍්මා තත්‍ථ පාචිත‍්තියං. රුක‍්ඛපප‍්පටිකායපි එසෙව නයො. යා පන ඉන්‍දසාලකකුධාදීනං පප‍්පටිකා රුක‍්ඛතො මුච‍්චිත්‍වා තිට‍්ඨති, තං ගණ‍්හන‍්තස‍්ස අනාපත‍්ති. නිය්‍යාසම‍්පි රුක‍්ඛතො මුච‍්චිත්‍වා ඨිතං සුක‍්ඛරුක‍්ඛෙ වා ලග‍්ගං ගණ‍්හිතුං වට‍්ටති. අල‍්ලරුක‍්ඛතො න වට‍්ටති. ලාඛායපි එසෙව නයො. රුක‍්ඛං චාලෙත්‍වා පණ‍්ඩුපලාසං වා පරිණතකණිකාරාදිපුප‍්ඵං වා පාතෙන‍්තස‍්ස පාචිත‍්තියමෙව. හත්‍ථකුක‍්කුච‍්චෙන මුදුකෙසු ඉන්‍දසාලනුහීඛන්‍ධාදීසු වා තත්‍ථජාතකතාලපණ‍්ණාදීසු වා අක‍්ඛරං ඡින්‍දන‍්තස‍්සාපි එසෙව නයො.

ගල්දෑ ගල්දද ගල් සෙවෙල ගලෙහි හටගත් සුවඳ දෑ ආදීහු නිල්වන් නොවූවාහු කොළ රහිත වූවාහු දුක්කට වස්තු වෙත්. නයිහතු යම්තාක් කැකුළවේද, ඒතාක් දුක්කට වස්තු වේ. පිපුනු කල පටන් අව්‍යවහාරික වේ. තෙත් රුකෙකින් නයිහත්තක් ගන්නේ රුක්සිවිය විකොපනය කෙරේද, එහෙයින් එහා පාචිත්තිය වේ. රුක් පතුරෙහිද මෙම නයවේ. ඉඳුසල් කුඹුක් ආදීන්ගේ පතුර රුකින් වෙන්වී ගැලවී සිටුනේද, ඒ පතුර ගන්නා මහණහුට ඇවැත් නොවේ. මැලියම්ද රුකින් මිදී සිටියේ වියලි රුකෙහි හෝ ඇලුනේද එය ගැණීම වටියි. තෙත් රුකෙන් ගැනීම නොවටියි. අත්තෙහිද මෙම නයවේ. රුක සොලොවා පඬුවන් කොළ හෝ මූකළ කිණිහිරි ආදි මල් හෝ සොලොවා හෙලන මහණහුට පාචිත්තිය වේමය. අතෙහි අසංයමයෙන් මොලොක් වූ ඉඳුසල් උක් කඳන් ආදියෙහි හෝ එහි හටගත් තල්පත් ආදියෙහි හෝ අකුරු ලියන මහණහුටද මෙම නයවේ. හෙවත් පාචිත්තිය වේ.

සාමණෙරානං පුප‍්ඵං ඔචිනන‍්තානං සාඛං ඔනාමෙත්‍වා දාතුං වට‍්ටති. තෙහි පන පුප‍්ඵෙහි පානීයං න වාසෙතබ‍්බං. පානීයවාසත්‍ථිකෙන සාමණෙරං උක‍්ඛිපිත්‍වා ඔචිනාපෙතබ‍්බානි. ඵලසාඛාපි අත‍්තනා ඛාදිතුකාමෙන න ඔනාමෙතබ‍්බා. සාමණෙරං උක‍්ඛිපිත්‍වා ඵලං ගාහාපෙතබ‍්බං. යංකිඤ‍්චි ගච‍්ඡං වා ලතං වා උප‍්පාටෙන‍්තෙහි සාමණෙරෙහි සද‍්ධිං ගහෙත්‍වා ආකඩ‍්ඪිතුං න වට‍්ටති. තෙසං පන උස‍්සාහජනනත්‍ථං අනාකඩ‍්ඪන‍්තෙන කඩ‍්ඪනාකාරං දස‍්සෙන‍්තෙන විය අග‍්ගෙ ගහෙතුං වට‍්ටති. යෙසං රුක‍්ඛානං සාඛා රුහති, තෙසං සාඛං මක‍්ඛිකාබීජනාදීනං අත්‍ථාය කප‍්පියං අකාරාපෙත්‍වා ගහිතං තචෙ වා පත‍්තෙ වා අන‍්තමසො නඛෙනපි විලිඛන‍්තස‍්ස දුක‍්කටං. අල‍්ලසිඞ‍්ගිවෙරාදීසුපි එසෙව නයො. සචෙ පන කප‍්පියං කාරාපෙත්‍වා සීතලෙ පදෙසෙ ඨපිතස‍්ස මූලං සඤ‍්ජායති, උපරිභාගෙ ඡින්‍දිතුං වට‍්ටති. සචෙ අඞ‍්කුරො ජායති, හෙට‍්ඨාභාගෙ ඡින්‍දිතුං වට‍්ටති. මූලෙ ච නීලඞ‍්කුරෙ ච ජාතෙ න වට‍්ටති.

මල් නෙලන හෙරණුන්ට අත්ත නමාදීම වටියි. ඒ මල්වලින් තමන් සඳහා පැන්සුවඳ නොගැන්විය යුතුය. පැන් සුවඳ ගන්වනු කැමැත්තහු විසින් හෙරණකු ඔසොවා හෙලවිය යුතුය. ගෙඩි ඇති අතුද තමා කනු කැමැත්තහු විසින් නොනැමිය යුතුය. හෙරණකු ඔසොවා ගෙඩි ගැන්විය යුතුය. යම්කිසි ගසක් හෝ වැලක් හෝ උපුටන්නහු විසින් හෙරණුන් සමග ගෙණ ඇදීම වරද සහිතය. ඔවුන්ට උත්සාහය උපදිනු පිණිස නොඅදින්නහු විසින් අඳින ආකාරය දක්වන්නක්හු විසින් මෙන් රැහණ අගින් අල්ලා ගැනීම නිවරදය. යම් වෘක්‍ෂයන්ගේ අතු පැලවේද ඒ ගස් අතු මැස්සන් පැන්නීම පිණිස කැප නොකරවා ගන්නා ලද්දහු සිවියෙහි හෝ කොළයෙහි හෝ යටත් පිරිසයින් නියෙන්ද ඉරිගසන මහණහුට දුක්කටය වේ. තෙත් ඉඟුරු ආදියෙහිද මෙම නයවේ. ඉදින් කැප කරවා සීතල පෙදෙසෙක්හි තබන ලද්දහුගේ මුල හටගණීද, මතු කොටසෙහි සිඳ හැරීම නිවරදය. ඉදින් අඞ්කුරය නගීනම් යටකොටසෙහි සිඳීමද නිවරදය. මුල්ද නිල්පැහැති අඞ්කුරද හටගත් කල්හි සිඳීම වරද සහිතය.

ඡින්‍දති වා ඡෙදාපෙති වාති අන‍්තමසො සම‍්මුඤ‍්ජනොසලාකායපි තිණානි ඡින්‍දිස‍්සාමීති භූමිං සම‍්මජ‍්ජන‍්තො සයං වා ඡින්‍දති, අඤ‍්ඤෙන වා ඡෙදාපෙති. භින්‍දති වා භෙදාපෙති වාති අන‍්තමසො චඞ‍්කමන‍්තොපි ඡිජ‍්ජනකං ඡිජ‍්ජතු, භිජ‍්ජනකං භිජ‍්ජතු, චඞ‍්කමිතට‍්ඨානං දස‍්සෙස‍්සාමීති සඤ‍්චිච‍්ච පාදෙහි අක‍්කමන‍්තො තිණවල‍්ලිආදීනි සයං වා භින්‍දති අඤ‍්ඤෙන වා භෙදාපෙති. සචෙපි හි තිණං වා ලතං වා ගණ‍්ඨිං කරොන‍්තස‍්ස භිජ‍්ජති, ගණ‍්ඨිපි න කාතබ‍්බො. තාලරුක‍්ඛාදීසු පන චොරානං අනාරුහනත්‍ථාය දාරුමක‍්කටකං ආකොටෙන‍්ති, කණ‍්ටකෙ බන්‍ධන‍්ති, භික‍්ඛුස‍්ස එවං කාතුං න වට‍්ටති. සචෙ දාරුමක‍්කටකො රුක‍්ඛෙ අල‍්ලීනමත‍්තොව හොති, රුක‍්ඛං න පීළෙති, වට‍්ටති. “රුක‍්ඛං ඡින්‍ද, ලතං ඡින්‍ද, කන්‍දං වා මූලං වා උප‍්පාටෙහී”ති වත‍්තුම‍්පි වට‍්ටති, අනියාමිතත‍්තා. නියාමෙත්‍වා පන “ඉමං රුක‍්ඛං ඡින්‍දා”තිආදි වත‍්තුං න වට‍්ටති. නාමං ගහෙත්‍වාපි “අම‍්බරුක‍්ඛං චතුරස‍්සවල‍්ලිං ආලුවකන්‍දං මුඤ‍්ජතිණං අසුකරුක‍්ඛච‍්ඡල‍්ලිං ඡින්‍ද භින්‍ද උප‍්පාටෙහී”තිආදිවචනම‍්පි අනියාමිතමෙව හොති. “ඉමං අම‍්බරුක‍්ඛ”න‍්තිආදිවචනමෙව හි නියාමිතං නාම, තං න වට‍්ටති.

“ඡින්‍දති වා ඡෙදාපෙති වා” යටත් පිරිසෙයින් මුසුන් ඉරටෙන් නමුදු තණ සිඳින්නෙමි’යි බිම හැමදිනුයේ තෙමේ හෝ සිඳියි. අනිකකු ලවා හෝ සිඳවයි. “භින්‍දති වා භෙදාපෙති වා” යටත් පිරිසෙයින් සක්මන් කරන්නේ සිඳෙන්නක් සිඳේවා බිඳෙන්නක් බිඳේවා සක්මන් කළ තැන දක්වන්නෙමි’යි සිතා පයින් පාගන්නේ තණවැල් ආදිය තෙමේ බිඳියි හෝ අනිකකු ලවා බිඳුවා හෝ මෙහි පාචිත්තියයි දන්නේය. ඉදින් තණගසක් හෝ වැලක් හෝ ගැටගසන කල්හි බිඳේ නම් ගැටද ගැසීම නොවටියි. තල්රුක් ආදියෙහි සොරුන්ගේ නොනැගීම පිණිස දැවමුවා වඳුරු රුවක් තබත්. කටු බඳිත්. මහණහුට මෙසේ කිරීම නොසුදුසුය. දැවමුවා වඳුරු රුකෙහි ඇලුනු පමණක්ම වේද, රුක නොපෙළාද වටියි. ‘රුක සිඳුව, වැල සිඳුව, අලයක් හෝ මුලක් හෝ උදුරව’යි නියම නොකළ බැවින් කීම නිවරදය. නියම කොට ‘මේ රුක සිඳුව, යනාදිය කීම සුදුසු නොවේ. නම ගෙණද ‘අඹරුක, සිවුරැස්වල, ඕලු අල, මුදුතණ, අසුවල් රුක, පතුර සිඳුව, බිඳුව, උදුරව යනාදි වචනද නියම නොකරන ලද්දේම වේ. ‘මේ අඹරුක, යනාදි වචනම නියම කරන ලද්දේ නම් වේ. ඒ නොවටියි.

පචති වා පචාපෙති වාති අන‍්තමසො පත‍්තම‍්පි පචිතුකාමො තිණාදීනං උපරි සඤ‍්චිච‍්ච අග‍්ගිං කරොන‍්තො සයං වා පචති, අඤ‍්ඤෙන වා පචාපෙතීති සබ‍්බං පථවීඛණනසික‍්ඛාපදෙ වුත‍්තනයෙන වෙදිතබ‍්බං. අනියාමෙත්‍වා පන “මුග‍්ගෙ පච, මාසෙ පචා”තිආදි වත‍්තුං වට‍්ටති. “ඉමෙ මුග‍්ගෙ පච, ඉමෙ මාසෙ පචා”ති එවං වත‍්තුං න වට‍්ටති.

“පචති වා පචාපෙති වා” යටත් පිරිසයින් පාත්‍රයකුදු පුළුස්සනු කැමැත්තේ තණකොළ ආදීන්ගේ මතුවෙහි දැන සිතා ගිනි දල්වන්නේ තෙමේ හෝ පිසයි. අනිකකු ලවා හෝ පිසවයි යන සියල්ල පඨවි ඛනන ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. නියම නොකොට වනාහි ‘මුං ඇට පිසව, මෑඇට පිසව යනාදිය කීම වටියි. ‘මේ මුං ඇට පිසව, මේ මෑඇට පිසව, මෙසේ කීම නොවටියි.

අනාපත‍්ති ඉමං ජානාතිආදීසු “ඉමං මූලභෙසජ‍්ජං ජාන, ඉමං මූලං වා පණ‍්ණං වා දෙහි, ඉමං රුක‍්ඛං වා ලතං වා ආහර, ඉමිනා පුප‍්ඵෙන වා ඵලෙන වා පණ‍්ණෙන වා අත්‍ථො, ඉමං රුක‍්ඛං වා ලතං වා ඵලං වා කප‍්පියං කරොහී”ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. එත‍්තාවතා භූතගාමපරිමොචනං කතං හොති. පරිභුඤ‍්ජන‍්තෙන පන බීජගාමපරිමොචනත්‍ථං පුන කප‍්පියං කාරෙතබ‍්බං.

“අනාපත්ති ඉමං ජානං” යනාදිතන්හි ‘මේ මුල් බෙහෙත දනුව, මේ මුල හෝ කොළය හෝ දෙව, මේ රුක හෝ වැල හෝ ගෙණෙව, මේ මලින් හෝ ගෙඩියෙන් හෝ කොළයෙන් වැඩෙක් ඇත්තේය, මේ රුක හෝ වැල හෝ ගෙඩිය හෝ කැප කරව’යි මෙසේ අර්‍ත්‍ථ දතයුත්තේය. මෙපමණකින් භූතගාමයාගේ මිදීම කරන ලද්දේ වේ. වළඳන්නහු විසින් බීජගාම මුක්තිය පිණිස නැවත කැප කරවිය යුතුය.

කප‍්පියකරණඤ‍්චෙත්‍ථ ඉමිනා සුත‍්තානුසාරෙන වෙදිතබ‍්බං – “අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්චහි සමණකප‍්පෙහි ඵලං පරිභුඤ‍්ජිතුං අග‍්ගිපරිජිතං සත්‍ථපරිජිතං නඛපරිජිතං අබීජං නිබ‍්බට‍්ටබීජමෙව පඤ‍්චම”න‍්ති. තත්‍ථ “අග‍්ගිපරිජිත”න‍්ති අග‍්ගිනා පරිජිතං අධිභූතං දඩ‍්ඪං ඵුට‍්ඨන‍්ති අත්‍ථො. “සත්‍ථපරිජිත”න‍්ති සත්‍ථෙන පරිජිතං අධිභූතං ඡින‍්නං විද‍්ධං වාති අත්‍ථො. එස නයො නඛපරිජිතෙ. අබීජනිබ‍්බට‍්ටබීජානි සයමෙව කප‍්පියානි. අග‍්ගිනා කප‍්පියං කරොන‍්තෙන කට‍්ඨග‍්ගිගොමයග‍්ගිආදීසු යෙන කෙනචි අන‍්තමසො ලොහඛණ‍්ඩෙනපි ආදිත‍්තෙන කප‍්පියං කාතබ‍්බං. තඤ‍්ච ඛො එකදෙසෙ ඵුසන‍්තෙන “කප‍්පිය”න‍්ති වත්‍වාව කාතබ‍්බං. සත්‍ථෙන කරොන‍්තෙන යස‍්ස කස‍්සචි ලොහමයසත්‍ථස‍්ස අන‍්තමසො සූචිනඛච‍්ඡෙදනානම‍්පි තුණ‍්ඩෙන වා ධාරාය වා ඡෙදං වා වෙධං වා දස‍්සෙන‍්තෙන “කප‍්පිය”න‍්ති වත්‍වාව කාතබ‍්බං. නඛෙන කප‍්පියං කරොන‍්තෙන පූතිනඛෙන න කාතබ‍්බං. මනුස‍්සානං පන සීහබ්‍යග‍්ඝදීපිමක‍්කටාදීනං සකුන‍්තානඤ‍්ච නඛා තිඛිණා හොන‍්ති, තෙහි කාතබ‍්බං. අස‍්සමහිංසසූකරමිගගොරූපාදීනං ඛුරා අතිඛිණා, තෙහි න කාතබ‍්බං, කතම‍්පි අකතං හොති. හත්‍ථිනඛා පන ඛුරා න හොන‍්ති, තෙහි වට‍්ටති. යෙහි පන කාතුං වට‍්ටති, තෙහි තත්‍ථජාතකෙහිපි උද‍්ධරිත්‍වා ගහිතකෙහිපි ඡෙදං වා වෙධං වා දස‍්සෙන‍්තෙන “කප‍්පිය”න‍්ති වත්‍වාව කාතබ‍්බං.

මෙහි කැපකිරීම මේ සූත්‍රානුසාරයෙන් දතයුතුය. ‘අනුජානාමි භික්‍ඛවෙ පඤ්චෙහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං අග්ගිපරිචිතං සත්‍ථ පරිචිතං නඛපරිචිතං අබීජං නිබ්බට්ටබීජමෙව පඤ්චමං’ යන ඒ සූත්‍රයයි. එහි “අග්ගිපරිචිතං” ගින්නෙන් පැසවන ලද්දය. මඩනා ලද්දය. දනලද්දය. පහස්නා ලද්දය යන අර්‍ත්‍ථයි. “සත්‍ථපරිචිතං” ශස්ත්‍රයෙන් පහරන ලද්දය. මඩනා ලද්දය. සිඳින ලද්දය. විඳින ලද්දේ හෝය යන අර්‍ත්‍ථයි. නඛපරිචිතයෙහි මේ ක්‍රමය වේ. “අඛීජනිබ්බට්ටඛීජානි” ඇට නැති නොපැසුනු අඹ පැල ඈ පල හා මදුලෙන් ඇට පහකළ හැකි කොස් ඈ පල තුමූම කැප වෙත්. ගින්නෙන් කැප කරන්නහු විසින් කාෂ්ටාග්නිගොමයාගනි ආදීන් අතුරෙහි යම් කිසිවකින් යටත් පිරිසයින් රත්කළ ලොහොකඩකින් නමුදු කැප කළයුතුය. ඒ කැප කිරීමද එක් දෙසෙක පහසන්නහු විසින් ‘කප්පියං’යි කියාම කටයුතුය. ශස්ත්‍රයෙන් කැප කරන්නහු විසින් යම් කිසි ලොහොමුවා සැතක හෝ යටත් පිරිසෙයින් හිදි නිය කටු ආදීන්ගේ හෝ තුඩින් හෝ මුවාතින් හෝ සිඳීමක් හෝ විදීමක් හෝ දක්වන්නහු ‘කප්පියං’යි කියාම කටයුතුය. නියෙන් කැප කරන්නහු විසින් කුණුවූ නියෙන් නොකට යුතුය. මිනිසුන්ගේද, සී වග දිවි වඳුරු ආදීන්ගේද, පක්‍ෂීන්ගේද නිය තියුණුය. ඒ නියෙන් කටයුතුය. අශ්ව මහීෂ සූකර මෘග ගොරුපාදීන්ගේ කුර නොතියුණුය. ඒ කුරවලින් නොකටයුතුය. කරන ලද්දේ ද නොකරන ලද්දේ වේ. ඇත් නිය වනාහි කුර නොවේ. ඒ ඇත්නියෙන් කිරීම වරද නොවේ. යමකින් කප්පියං කිරීම වටීද, එහි උපන් එයින්ද උදුරා ගත් යමකින් නමුත් සිඳීම හෝ විදීම හෝ දක්වන්නහු විසින් කප්පියංයි කියාම කටයුතුය.

තත්‍ථ සචෙපි බීජානං පබ‍්බතමත‍්තො රාසි රුක‍්ඛසහස‍්සං වා ඡින්‍දිත්‍වා එකාබද‍්ධං කත්‍වා උච‍්ඡූනං වා මහාභාරො බන්‍ධිත්‍වා ඨපිතො හොති, එකස‍්මිං බීජෙ වා රුක‍්ඛසාඛාය වා උච‍්ඡුම‍්හි වා කප‍්පියෙ කතෙ සබ‍්බං කතං හොති. උච‍්ඡූ ච දාරූනි ච එකතො බද‍්ධානි හොන‍්ති, උච‍්ඡුං කප‍්පියං කරිස‍්සාමීති දාරුං විජ‍්ඣති, වට‍්ටතියෙව. සචෙ පන යාය රජ‍්ජුයා වා වල‍්ලියා වා බද‍්ධානි, තං විජ‍්ඣති, න වට‍්ටති. උච‍්ඡුඛණ‍්ඩානං පච‍්ඡිං පූරෙත්‍වා ආහරන‍්ති, එකස‍්මිං ඛණ‍්ඩෙ කප‍්පියෙ කතෙ සබ‍්බං කතමෙව හොති. මරිචපක‍්කාදීහි මිස‍්සෙත්‍වා භත‍්තං ආහරන‍්ති, “කප‍්පියං කරොහී”ති වුත‍්තෙ සචෙපි භත‍්තසිත්‍ථෙ විජ‍්ඣති, වට‍්ටතියෙව. තිලතණ‍්ඩුලාදීසුපි එසෙව නයො. යාගුයා පක‍්ඛිත‍්තානි පන එකාබද‍්ධානි හුත්‍වා න සන‍්තිට‍්ඨන‍්ති, තත්‍ථ එකමෙකං විජ‍්ඣිත්‍වා කප‍්පියං කාතබ‍්බමෙව. කපිත්‍ථඵලාදීනං අන‍්තො මිඤ‍්ජං කටාහං මුඤ‍්චිත්‍වා සඤ‍්චරති, භින්‍දාපෙත්‍වා කප‍්පියං කාරාපෙතබ‍්බං. එකාබද‍්ධං හොති, කටාහෙපි කාතුං වට‍්ටති.

එහි ඉදින් බීජයන්ගේ කන්දක් පමණ රැසෙක් වේද, රුක්දහසක් හෝ සිඳ එකාබද්ධ කොට උක් ගස්වලින් හෝ මහත් බරක් බැඳ තබන ලද්දේ වේද, එක් බීජයක් හෝ ගස් අත්තක් හෝ උක්ගසක් හෝ කැප කළ කල්හි සියල්ල කැප කරන ලද්දේ වේ. උක්ද දැවද එකට බඳින ලද්දාහු වෙත්ද, එකල්හි ‘උක් කැප කරන්නෙමි’යි දැව විදීද, ඒ නිවරදය. ඉදින් රැහණකින් හෝ වැලකින් හෝ බඳින ලද්දාහු, ඒ විදීනම් එය සුදුසු නොවේ. උක් කැබලිවලින් පැසක් පුරවා ගෙණ එත්ද, එක් කැබැල්ලක් කැප කළ කල්හි සියල්ල කැප කරන ලද්දේම වේ. මිරිස්පත් ආදියෙන් මිශ්‍ර කොට බත් ගෙණ එත්ද, ‘කැප කරව’යි කියූ කල්හි බත්උලු විදී නම් එද වරදෙක් නොවේ. තල සහල් ආදියෙහිද මෙම නයයි. කැඳෙහිලූ මිරිස්පත් ආදීහු එකට බැදී නොසිටිත්ද, එහි එකක් එකක් විද කැප කටයුතුමය. ගිවුල්පල ආදීන්ගේ කටුව බිඳහැර ඇතුළත මදුල හැසිරේද, බිඳුවා කැප කරවිය යුතුය. එකට බැද සිටියේ නම් කටුවෙහිද කැප කිරීම වටියි.

අසඤ‍්චිච‍්චාති පාසාණරුක‍්ඛාදීනි වා පවට‍්ටෙන‍්තස‍්ස සාඛං වා කඩ‍්ඪන‍්තස‍්ස කත‍්තරදණ‍්ඩෙන වා භූමිං පහරිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස තිණානි ඡිජ‍්ජන‍්ති, තානි තෙන ඡින්‍දිස‍්සාමීති එවං සඤ‍්චිච‍්ච අච‍්ඡින‍්නත‍්තා අසඤ‍්චිච‍්ච ඡින‍්නානි නාම හොන‍්ති. ඉති අසඤ‍්චිච‍්ච ඡින්‍දන‍්තස‍්ස අනාපත‍්ති.

‘අසඤ්චිච්ච’ ගල්ගස් ආදියක් හෝ පෙරළන කල්හි අත්තක් හෝ අදින කල්හි සැරයටියෙන් හෝ පොළොව පැහැර යන කල්හි තණ සිඳේද, ඒ තණ ඔහු විසින් ‘සිඳින්නෙමි’යි මෙසේ සිතා නොසිඳි බැවින් නොසිතා නොදැන සිඳුනේ නම්වේ. මෙසේ නොසිතා සිඳින මහණහුට ඇවැත් නොවේ.

අසතියාති අඤ‍්ඤවිහිතො කෙනචි සද‍්ධිං කිඤ‍්චි කථෙන‍්තො පාදඞ‍්ගුට‍්ඨකෙන වා හත්‍ථෙන වා තිණං වා ලතං වා ඡින්‍දන‍්තො තිට‍්ඨති, එවං අසතියා ඡින්‍දන‍්තස‍්ස අනාපත‍්ති.

‘අසතියා’ අන්‍යවිහිත වූයේ කිසිවකු සමග කිසිවක් කියනුයේ පය ඇඟිල්ලෙන් හෝ අතින් හෝ තණ කොළයක් හෝ වැලක් හෝ සිඳිමින් සිටීද, මෙසේ නොසිහියෙන් සිඳින මහණහුට ඇවැත් නොවේ.

අජානන‍්තස‍්සාති එත්‍ථබ‍්භන‍්තරෙ බීජගාමොති වා භූතගාමොති වා න ජානාති, ඡින්‍දාමීතිපි න ජානාති, කෙවලං වතියා වා පලාලපුඤ‍්ජෙ වා නිඛාදනං වා ඛණිත‍්තිං වා කුදාලං වා සඞ‍්ගොපනත්‍ථාය ඨපෙති, ඩය‍්හමානහත්‍ථො වා අග‍්ගිං පාතෙති, තත්‍ර චෙ තිණානි ඡිජ‍්ජන‍්ති වා ඩය‍්හන‍්ති වා අනාපත‍්ති. මනුස‍්සවිග‍්ගහපාරාජිකවණ‍්ණනායං පන සබ‍්බඅට‍්ඨකථාසු “සචෙ භික‍්ඛු රුක‍්ඛෙන වා අජ‍්ඣොත්‍ථටො හොති, ඔපාතෙ වා පතිතො සක‍්කා ච හොති රුක‍්ඛං ඡින්‍දිත්‍වා භූමිං වා ඛණිත්‍වා නික‍්ඛමිතුං, ජීවිතහෙතුපි අත‍්තනා න කාතබ‍්බං. අඤ‍්ඤෙන පන භික‍්ඛුනා භූමිං වා ඛණිත්‍වා රුක‍්ඛං වා ඡින්‍දිත්‍වා අල‍්ලරුක‍්ඛතො වා දණ‍්ඩකං ඡින්‍දිත්‍වා තං රුක‍්ඛං පවට‍්ටෙත්‍වා නික‍්ඛාමෙතුං වට‍්ටති, අනාපත‍්තී”ති වුත‍්තං. තත්‍ථ කාරණං න දිස‍්සති – “අනුජානාමි, භික‍්ඛවෙ, දවඩාහෙ ඩය‍්හමානෙ පටග‍්ගිං දාතුං, පරිත‍්තං කාතු”න‍්ති (චූළව· 283) ඉදං පන එකමෙව සුත‍්තං දිස‍්සති. සචෙ එතස‍්ස අනුලොමං “අත‍්තනො න වට‍්ටති, අඤ‍්ඤස‍්ස වට‍්ටතී”ති ඉදං නානාකරණං න සක‍්කා ලද‍්ධුං. අත‍්තනො අත්‍ථාය කරොන‍්තො අත‍්තසිනෙහෙන අකුසලචිත‍්තෙනෙව කරොති, පරො පන කාරුඤ‍්ඤෙන, තස‍්මා අනාපත‍්තීති චෙ. එතම‍්පි අකාරණං. කුසලචිත‍්තෙනාපි හි ඉමං ආපත‍්තිං ආපජ‍්ජති. සබ‍්බඅට‍්ඨකථාසු පන වුත‍්තත‍්තා න සක‍්කා පටිසෙධෙතුං. ගවෙසිතබ‍්බා එත්‍ථ යුත‍්ති. අට‍්ඨකථාචරියානං වා සද‍්ධාය ගන‍්තබ‍්බන‍්ති. සෙසං උත‍්තානමෙව.

‘අජානන්තස්ස’ මෙහි තුළ බීජගාමැයි හෝ භූතගාමැයි හෝ නොදනී, සිඳිමියිද නොදනී. හුදෙක් තණහස්සෙහි හෝ පිදුරුගොඩෙක හෝ බිම කනින හුලක් හෝ උදැල්ලක් හෝ ආරක්‍ෂාව පිණිස තබාද, දැවෙන අත් ඇත්තේ හෝ ගිනි හෙළාද එහි තණ සිඳීයේද, දැවේද ඇවැත් නොවේ. මනුෂ්‍යවිග්‍රහපාරාජිකා වර්‍ණනාවෙහිද සියලු අර්‍ත්‍ථකථාවන්හිද ‘ඉදින් මහණෙක් තෙමේ ගසකට හෝ යටවූයේද, වළෙක හෝ වැටුනේද, එකල්හි ඒ ගස හෝ සිඳදමා පොළොව හෝ කැන නික්මෙන්නට හැකිවේද, ජීවිතය හේතුකොට ගෙණද, තමන් විසින් එය නොකටයුතුය. අන් මහණකු විසින් පොළොව හෝ කැන රුක හෝ සිඳ තෙත් රුකකින් දණ්ඩක් කඩාගෙණ ඒ ගස බැහැරට පෙරළා නික්ම වන්නට වටියි. එහි ඇවැත් නොවේය’යි වදාරන ලද්දේය. එහි කරුණෙක් නොදක්නා ලැබේ. ‘මහණෙනි’ ලැවු ගින්නෙන් දනු ලබන කල්හි ගිනි නවතාලන ගිනි දීම ආරක්‍ෂා කිරීම අනුදනිමි’යි යන මේ එක්ම සූත්‍රයෙක් දක්නා ලැබේ. ‘තමාට නොවටියි, අන්හට වටියි, යනු මෙයට අනුලොම් වේ නම්, මේ නානාකරණය ලබනු නොහැක්කේය. තමන් පිණිස කරන්නේ ආත්ම සෙනහයෙන් අකුශල චිත්තයෙන්ම කරන්නේය. අන්‍යයා කරුණාවෙන් කරන්නේය. එහෙයින් අනාපත්තිද, යත්: මද කරුණු රහිතය. කුසල චිත්තයෙන්ද මේ ඇවතට පැමිණේ. සියලු අර්‍ත්‍ථකථාවන්හි කියූ බැවින් වළකාලන්නට නොහැක්කේය. මෙහි යුක්තිය සෙවිය යුතුය. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයන්ගේ හෝ වාදය ඇදහීමෙන් යා යුතුය. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති. කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

භූතගාමසික‍්ඛාපදං පඨමං.

ප්‍රථම භූතගාම ශික්‍ෂාපදයයි