අනුපඛජ්ජසික්ඛාපදං
6. 2. 6.
6. 2. 6.
අනුපඛජ්ජසික්ඛාපදං
අනුපඛජ්ජ ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ වරසෙය්යායො පළිබුද්ධන්ති. ථෙරා භික්ඛූ වුට්ඨාපෙන්ති. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි, කෙන නු ඛො මයං උපායෙන ඉධෙව වස්සං වසෙය්යාමාති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්ති, යස්ස සම්බාධො භවිස්සති සො පක්කමිස්සතීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවගමහණහු පෙරටු වැ ගොස් උතුම් සෙනසුන් වළහා සිටිත්. තෙරහු භික්ෂූන් (වසගින්) නැගිටුවාලති. එකල්හි සවගමහණුන්හට “කවර උපායෙකින් ඇපි මෙහි මැ වසන්නෙමු දෝ හෝ යි” මෙ සිත විය. එකල්හි සවගමහණහු ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කෙරෙත්.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙස්සන්තී’ති. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවගමහණහු ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කරන්නාහු දැ යි සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්යං කප්පෙය්ය යස්ස සම්බාධො භවිස්සති සො පක්කමිස්සතීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං, පාචිත්තිය’න්ති.
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි දැනැ දැනැ පළමු පැමිණි මහණහු අතුරෙහි පිවිස ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන ශයනය කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සඞ්ඝිකො නාම: විහාරො සඞ්ඝස්ස දින්නො හොති පරිච්චත්තො.
සඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
ජානාති නාම: වුද්ධොති ජානාති ගිලානොති ජානාති සඞ්ඝෙන දින්නොති ජානාති.
ජානාති නම්: වැඩිහිටියෙකැයි දනී, ගිලනෙකැයි දනී, සඟහු විසින් දෙන ලද්දෙකැයි දනී.
අනුපඛජ්ජාති: අනුපවිසිත්වා. සෙය්යං කප්පෙය්යාති: මඤ්චස්ස වා පීඨස්ස වා පවිසන්තස්ස වා නික්ඛමන්තස්ස වා උපචාරෙ සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
අනුපඛජ්ජ: අතුරෙහි පිවිස. සෙය්යං කප්පෙය්ය: ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ පචිති ඇවැත් වෙයි.
එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤො කොචි පච්චයො හොති අනුපඛජ්ජ සෙය්යං කප්පෙතුං.
ඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: අතුරෙහි පිවිස හොවින්නට අන් කිසිදු කරුණෙක් නැති.
සඞ්ඝිකෙ සඞ්ඝිකසඤ්ඤී අනුපඛජ්ජ සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ වෙමතිකො අනුපඛජ්ජ සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සඞ්ඝිකෙ පුග්ගලිකසඤ්ඤී අනුපඛජ්ජ සෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
මඤ්චස්ස වා පීඨස්ස වා පවිසන්තස්ස වා නික්ඛමන්තස්ස වා උපචාරං ඨපෙත්වා සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අභිනිසීදති වා අභිනිපජ්ජති වා ආපත්ති දුක්කටස්ස. විහාරස්ස උපචාරෙ වා උපට්ඨානසාලායං වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා අජ්ඣොකාසෙ වා සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අභිනිසීදති වා අභිනිප්පජ්ජති වා ආපත්ති දුක්කටස්ස.
ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර තබා සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙක්හි හෝ රුක්මුලෙකැ හෝ එළිමහනෙකැ හෝ සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවත් වේ.
පුග්ගලිකෙ සඞ්ඝිකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පුග්ගලිකෙ පුග්ගලිකසඤ්ඤී අඤ්ඤස්ස පුග්ගලිකෙ ආපත්ති දුක්කටස්ස. අත්තනො පුග්ගලිකෙ අනාපත්ති.
පුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
අනාපත්ති: ගිලානො පවිසති සීතෙන වා උණ්හෙන වා පීළිතො පවිසති ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සා’ති.
ගිලන් වැ පිවිසේ නම්, ශීතයෙන් හෝ උෂ්ණයෙන් හෝ පීඩිත වැ පිවිසේ නම්, ඇවැත් නැත. ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
අනුපඛජ්ජසික්ඛාපදං ඡට්ඨං.
සවැනි අනුපඛජ්ජශික්ෂාපදය යි.