යෙදුමෙන් කියවන්න

නික‍්කඩ‍්ඪනසික‍්ඛාපදං

6. 2. 7.

6. 2. 7.

නික‍්කඩ‍්ඪනසික‍්ඛාපදං

නික්කඩ්ඪන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ අඤ‍්ඤතරං පච‍්චන‍්තිමං මහාවිහාරං පටිසංඛරොන‍්ති ඉධ මයං වස‍්සං වසිස‍්සාමාති . අද‍්දසංසු ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සත‍්තරසවග‍්ගියෙ භික‍්ඛූ විහාරං පටිසඞ‍්ඛරොන‍්තෙ, දිස‍්වාන එවමාහංසු: “ඉමෙ ආවුසො සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ විහාරං පටිසඞ‍්ඛරොන‍්ති, හන්‍ද නෙ වුට‍්ඨාපෙස‍්සාමා”ති. එකච‍්චෙ එවමාහංසු: ආගමෙථාවුසො, යාව පටිසඞ‍්ඛරොන‍්ති පටිසඞ‍්ඛතෙ වුට‍්ඨාපෙස‍්සාමාති. අථ ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සත‍්තරසවග‍්ගියෙ භික‍්ඛූ එතදවොචුං: “උට‍්ඨෙථාවුසො අම‍්හාකං විහාරො පාපුණාතී”ති. නනු ආවුසො පටිගච‍්චෙව ආචික‍්ඛිතබ‍්බං, මයඤ‍්චඤ‍්ඤං පටිසඞ‍්ඛරොමාති, නනු ආවුසො සඞ‍්ඝිකො විහාරොති. ආමාවුසො සඞ‍්ඝිකො විහාරොති. උට‍්ඨෙථාවුසො, අම‍්හාකං විහාරො පාපුණාතී’ති. මහල‍්ලකො ආවුසො විහාරො. තුම‍්හෙපි වසථ මයම‍්පි වසිස‍්සාමාති. උට‍්ඨෙථාවුසො අම‍්හාකං විහාරො පාපුණාතී’ති කුපිතා අනත‍්තමනා ගීවාය ගහෙත්‍වා නික‍්කඩ‍්ඪන‍්ති. තෙ නික‍්කඩ‍්ඪීයමානා රොදන‍්ති. භික‍්ඛූ එවමාහංසු: “කිස‍්ස තුම‍්හෙ ආවුසො රොදථා”ති. ඉමෙ ආවුසො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා අම‍්හෙ සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪන‍්තීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු මෙහි ඇපි වස් වසන්නම්හ යි එක්තරා පිටිසර මහවෙහෙරක් පිළිසකර කෙරෙති. සවග මහණහු වෙහෙර පිළිසකර කරන සතළොස් වගැ මහණුන් දුටුහු, දැක මෙසේ කීහු: ඇවැත්නි, මේ සතළොස්වගැ මහණහු වෙහෙරක් පිළිසකර කෙරෙති. එකැතින් ඔවුන් නඟා යවම්හ යි. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, යම්තාක් පිළිසකර කෙරෙත් නම් ඒතාක් බලාපොරොත්තු වවු. පිළිසකර කළ කල්හි නඟා යවම්හ යි. එකල්හි සවගමහණහු සතළොස්වගැ මහණුන්හට මෙය කීහු: “ඇවැත්නි, නැගිටිවු වෙහෙර අපට පැමිණේ ය” යි ඇවැත්නි, කැල මැ කියයුතු නො වේ ද, එසේ වී නම් අපිදු අනෙකක් පිළිසකර කරන්නම්හ යි. ඇවැත්නි, සඟසතු වෙහෙරක් නො වේ ද? එසේ යැ ඇවැත්නි, සඟසතු වෙහෙරකි. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණෙයි. ඇවැත්නි, වෙහෙර විශාල ය. තෙපි ද වසවු ඇපිදු වසම්හ. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණේ යැ යි කිපියෝ නො සියමන් වූවෝ ග්‍රීවයෙන් ගෙන ඇද දමත්. ඔහු අදිනු ලබන්නෝ හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: කුමකට තෙපි ඇවැත්නි, හඬවු දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ අප සඟසතු වෙහෙරින් ඇද දමති.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා…තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා භික‍්ඛූ සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪිස‍්සන‍්තීති සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ කුපිතා අනත‍්තමනා භික‍්ඛූ සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪථාති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා… කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා කුපිතා අනත‍්තමනා භික‍්ඛූ සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය… එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූහු දැ යි. … සැබෑ ද මහණෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරින් ඇද දමවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුං කුපිතො අනත‍්තමනො සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪෙය්‍ය වා නික‍්කඩ‍්ඪාපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් කිපියේ නොසියමන් වූයේ මහණක්හු සඟසතු වෙහෙරකින් ඇද දමන්නේ නම් හෝ ඇද දමවන්නේ නම් හෝ පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො.… භික‍්ඛූති… අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. භික‍්ඛුන‍්ති: අඤ‍්ඤං භික‍්ඛුං. කුපිතො අනත‍්තමනොති: අනභිරද‍්ධො ආහතචිත‍්තො ඛිලජාතො.

3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. කුපිතෝ අනත්තමනෝ: නො ඇලුණේ හැපුණු සිත් ඇතියේ හටගත් (පිළිඝු) හුල් ඇතියේ.

සඞ‍්ඝිකො නාම: විහාරො සඞ‍්ඝස‍්ස දින‍්නො හොති පරිච‍්චත‍්තො.

සඞ්ඝිකවිහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.

නික‍්කඩ‍්ඪෙය්‍යාති ගබ‍්භෙ ගහෙත්‍වා පමුඛං නික‍්කඩ‍්ඪති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පමුඛෙ ගහෙත්‍වා බහි නික‍්කඩ‍්ඪති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. එකෙන පයොගෙන බහුකෙපි ද‍්වාරෙ අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. නික‍්කඩ‍්ඪාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. සකිං ආණත‍්තො බහුකෙපි ද‍්වාරෙ අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නික්කඩ්ඪෙය්‍ය: ගර්‍භයෙන් ගෙන අගුදොරට ඇද දමා නම් පචිති ඇවැත් වේ. අගුදොර ගෙන පිටතට ඇද දමා නම් පචිති ඇවැත් වේ. එක් පියොවකින් බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ. නික්කඩ්ඪාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වේ. වරක් ඇණවුම් ලදුයේ බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

සඞ‍්ඝිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී කුපිතො අනත‍්තමනො නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඞ‍්ඝිකෙ වෙමතිකො කුපිතො අනත‍්තමනො නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඞ‍්ඝිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී කුපිතො අනත‍්තමනො නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.

තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. විහාරස‍්ස උපචාරා වා උපට‍්ඨානසාලාය වා මණ‍්ඩපා වා රුක‍්ඛමූලා වා අජ‍්ඣොකාසා වා නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.

ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරෙහි උවසරින් හෝ උවටැන්හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලෙකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් දුකුළා ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නං විහාරා වා විහාරස‍්ස උපචාරා වා උපට‍්ඨානසාලාය වා මණ‍්ඩපා වා රුක‍්ඛමූලා වා අජ‍්ඣොකාසා වා නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක්හු වෙහෙරින් හෝ වෙහෙරැ උවසරින් හෝ උවටැන් හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ.

පුග‍්ගලිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී අඤ‍්ඤස‍්ස පුග‍්ගලිකෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. අත‍්තනො පුග‍්ගලිකෙ අනාපත‍්ති.

පුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අලජ‍්ජිං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා, තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා, උම‍්මත‍්තකං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා, තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා භණ‍්ඩනකාරකං ... කලහකාරකං ... විවාදකාරකං ... භස‍්සකාරකං ... සඞ‍්ඝෙ අධිකරණකාරකං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා, තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා, අන‍්තෙවාසිකං වා සද‍්ධිවිහාරිකං වා න සම‍්මාවත‍්තන‍්තං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා තස‍්ස පරික‍්ඛාරං නික‍්කඩ‍්ඪති වා නික‍්කඩ‍්ඪාපෙති වා උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

අලජ්ජියකු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ උමතුවක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ ඩබර කරන්නක්හු … කළහ කරන්නක්හු … විවාද කරන්නක්හු … බහින් බස් වන්නක්හු … සඟහු කෙරෙහි අධිකරණ කරන්නක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ මැනැවින් නො පවත්නා වූ අතැවැස්සක්හු හෝ සද්ධි විහාරිකයක්හු හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.

නික‍්කඩ‍්ඪනසික‍්ඛාපදං සත‍්තමං.

සත්වැනි නික්කඩ්ඪනශික්‍ෂාපදය යි.