යෙදුමෙන් කියවන්න

වෙහාසකුටිසික‍්ඛාපදං

6. 2. 8.

6. 2. 8.

වෙහාසකුටිසික‍්ඛාපදං

වේහාසකුටි ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා එකො හෙට‍්ඨා විහරති, එකො උපරි. උපරිමො භික‍්ඛු ආහච‍්චපාදකං මඤ‍්චං සහසා අභිනිසීදි. මඤ‍්චපාදො නිපතිත්‍වා හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ අවත්‍ථාසි. සො භික‍්ඛු විස‍්සරමකාසි. භික‍්ඛූ උපධාවිත්‍වා තං භික‍්ඛුං එතදවොචුං: “කිස‍්ස ත්‍වං ආවුසො විස‍්සරමකාසී”ති. අථ ඛො සො භික‍්ඛු භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ දෙමහණ කෙනෙකි. එක් නමෙක් යටැ වෙසෙයි. එක් නමෙක් මතුයෙහි වෙසේ. මතුයෙහි වූ මහණ අටනියෙහි (ඇඳවත) සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලු වැ හුන්නේ යි. ඇඳපා වැටී යටැ හුන් මහණහුගේ මත්තෙහි වැතිරිණි. ඒ මහණ හඬ නැඟීය. භික්‍ෂූහු දිව අවුත් “ඇවැත්නි, තෙපි කුමට හඬ නැඟුවයි එ මහණහට කීහු. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණු සැලකෙළේ යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛු සඞ‍්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා ආහච‍්චපාදකං මඤ‍්චං සහසා අභිනිසීදිස‍්සතීති -පෙ- සච‍්චං කිර ත්‍වං භික‍්ඛු සඞ‍්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා ආහච‍්චපාදකං මඤ‍්චං සහසා අභිනිසීදසීති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ-” කථං හි නාම ත්‍වං මොඝපුරිස සඞ‍්ඝිකෙ විහාරෙ උපරි වෙහාස කුටියා ආහච‍්චපාදකං මඤ‍්චං සහසා අභිනිසීදිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලුව වැ හුන්නේ දැ යි … සැබෑ ද මහණ තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හිඳිහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂය, තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු සඞ‍්ඝිකෙ විහාරෙ උපරි වෙහාසකුටියා ආහච‍්චපාදකං මඤ‍්චං වා පීඨං වා අභිනිසීදෙය්‍ය වා අභිනිපජ‍්ජෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් සඟසතු වෙහෙරෙකැ මතුමහල් කිළියෙක්හි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ පචිති ඇවැත් වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යමෙක්, යම් බඳුයෙක් … භික්ඛු: … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සඞ‍්ඝිකො නාම: විහාරො සඞ‍්ඝස‍්ස දින‍්නො හොති පරිච‍්චත‍්තො.

සඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.

වෙහාසකුටි නාම: මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස අසීසඝට‍්ටා.

වේහාසකුටි නම්: මැදුම් පිරිම්නියක්හුගේ හිස නො ගැටෙන තැනි.

ආහච‍්චපාදකො නාම: මඤ‍්චො අඞ‍්ගෙ විජ‍්ඣිත්‍වා ඨිතො හොති.

ආහච්චපාදක නම්: ඇඳ අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.

ආහච‍්චපාදකං නාම: පීඨං අඞ‍්ගෙ විජ‍්ඣිත්‍වා ඨිතං හොති.

ආහච්චපාදක නම්: පුටුව අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.

අභිනිසීදෙය්‍යාති: තස‍්මිං අභිනිසීදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අභිනිසීදෙය්‍ය: එහි වැද හිඳිනේ නම් පචිති ඇවැත් වේ.

අභිනිපජ‍්ජෙය්‍යාති: තස‍්මිං අභිනිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අභිනිපජෙජය්‍ය: එහි වැදහෝනේ නම් පචිති ඇවැත් වේ.

සඞ‍්ඝිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී උපරි වෙහාස කුටියා ආහච‍්චපාදකං මඤ‍්චං වා පීඨං වා අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඞ‍්ඝිකෙ වෙමතිකො -පෙ- සඞ‍්ඝිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී උපරිවෙහාසකුටියා ආහච‍්චපාදකං මඤ‍්චං වා පීඨං වා අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සඟසතුයෙහි සඟසතු සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ.

පුග‍්ගලිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී අඤ‍්ඤස‍්ස පුග‍්ගලිකෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. අත‍්තනො පුග‍්ගලිකෙ අනාපත‍්ති.

පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අවෙහාසකුටියා සීසඝට‍්ටාය හෙට‍්ඨා අපරිභොගං හොති පදරසඤ‍්චිතං හොති පටාණි දින‍්නා හොති, තස‍්මිං ඨිතො ගණ‍්හාති වා ලග‍්ගෙති වා උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

මතුමහලක් නැති කිළියෙහි හිසගැටෙන කිළියෙහි යටැ පරිභෝග නො වේ නම් පුවරුවලින් තැනුණෙක් වේ නම් (ඇඳපුටුහි) පාමුදුන ඇණ ලන ලද වේ නම් එහි සිටියේ ගනී නම් හෝ (අනෙකක්) එල්වන්නේ නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.

වෙහාසකුටිසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවැනි වේහාසකුටිශික්‍ෂාපද යි.