මහල්ලකවිහාරසික්ඛාපදං
6. 2. 9.
6. 2. 9.
මහල්ලකවිහාරසික්ඛාපදං
මහල්ලක විහාර ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො ඡන්නස්ස උපට්ඨාකො මහාමත්තො ආයස්මතො ඡන්නස්ස විහාරං කාරාපෙති. අථ ඛො ආයස්මා ඡන්නො කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙසි. පුනප්පුනං ලෙපාපෙසි. අතිභාරිතො විහාරො පරිපති. අථ ඛො ආයස්මා ඡන්නො තිණඤ්ච කට්ඨඤ්ච සංකඩ්ඪන්තො අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස යවඛෙත්තං දූසෙසි. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අම්හාකං යවඛෙත්තං දූසෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස බ්රාහ්මණස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්නයන්ගේ උපස්ථායක වූ මහාමාත්‍රයෙක් ආයුෂ්මත් ඡන්නහට වෙහෙරක් කරවයි. එකල්හි ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුන පුනා සෙවෙනි කරැවී. පුන පුනා අලෙව් දෙවී. ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. එකල්හි ඡන්න තෙමේ තණ ද දර ද ඇද රැස් කරනුයේ එක්තරා බමුණක්හුගේ යව කෙත වැනසී ය. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: කෙසේ නම් පින්වත්හු අපගේ යව කෙත වැනැසූ දැ යි භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ බමුණක්හුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ඡන්නො කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙස්සති පුනප්පුනං ලෙපාස්සෙපති අතිභාරිතො විහාරො පරිපතීති -පෙ- සච්චං කිර ත්වං ඡන්න කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙසි පුනප්පුනං ලෙපාපෙසි අතිභාරිතො විහාරො පරිපතීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ-” කථං හි නාම ත්වං මොඝපුරිස කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙස්සසි පුනප්පුනං ලෙපාපෙස්සසි අතිභාරිතො විහාරො පරිපති. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරැවී ද? පුනපුනා ලෙපනය කරැවී ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි … සැබෑ ද? ඡන්න, තෝ කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂය, තෝ කළ නිමාම් ඇති වෙහෙරක් පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“මහල්ලකං පන භික්ඛුනා විහාරං කාරයමානෙන යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය ආලොකසන්ධිපරිකම්මාය ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතෙ ඨිතෙන අධිට්ඨාතබ්බං, තතො චෙ උත්තරිං අප්පහරිතෙ පි ඨිතො අධිට්ඨහෙය්ය පාචිත්තිය”න්ති.
“මහත් වෙහෙරක් කරවන මහණහු විසින් ද්වාරකෝසය දක්වා අගුළු තරවන පිණිස ද, වාකවුළු පිරියම් පිණිස ද (පුනපුනා ලිම්පනය කළ යුතු යි) සෙවින්න පිළිබඳ දෙතුන් පරික්ෂේපයක් තෘණ නැති තන්හි සිටියහු විසින් විධාන කළ යුතු යැ. ඉදින් ඒ දෙතුන් පරික්ෂේපයකින් මත්තෙහි තෘණ නැති තන්හිදු සිටියේ විධාන කරන්නේ නම් පචිති වේ” යයි.
3. මහල්ලකො නාම: විහාරො සස්සාමිකො වුච්චති. විහාරො නාම: උල්ලිත්තො වා හොති අවලිත්තො වා උල්ලිත්තාවලිත්තො වා.
3. මහල්ලක නම්: (කරවා දෙන) හිමියකු ඇති ‘වෙහෙරැ’යි කියනු ලැබේ. විහාර නම්: ඇතුළතැ අලෙව් දුන්නේ හෝ බැහැරැ අලෙව් දුන්නේ හෝ ඇතුළතැ බැහැරැ අලෙව් දුන්නේ හෝ වෙයි.
කාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ යි.
යාවද්වාරකොසාති: පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා හත්ථපාසා.
යාවද්වාරකෝසා: දොරබා අවට අත්පස තෙක්
අග්ගලට්ඨපනායාති: ද්වාරට්ඨපනාය.
අග්ගලට්ඨපනාය: දොරගුළු තහවුරු වැ පැවැත්ම පිණිස.
ආලොකසන්ධිපරිකම්මායාති: වාතපානපරිකම්මාය. සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං.
ආලෝකසන්ධිපරිකම්මාය: වාකවුළුහි පිරියම් පිණිස, ශ්වේතවර්ණ යැ කාලවර්ණ යැ ගෛරික පරිකර්ම යැ මාලාකර්ම යැ ලතාකර්ම යැ මකරදන්තක යැ පඤ්චපටික යැ (කරන්නට වටී).
ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතෙ ඨිතෙන අධිට්ඨාතබ්බන්ති: හරිතං නාම: පුබ්බණ්ණං අපරණ්ණං. සචෙ හරිතෙ ඨිතො අධිට්ඨාති ආපත්ති දුක්කටස්ස. මග්ගෙන ඡාදෙන්තස්ස ද්වෙ මග්ගෙ අධිට්ඨහිත්වා තතියං මග්ගං ආණාපෙත්වා පක්කමිතබ්බං. පරියායෙන ඡාදෙන්තස්ස ද්වෙ පරියායෙ අධිට්ඨහිත්වා තතියං පරියායං ආණාපෙත්වා පක්කමිතබ්බං.
ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතේ ඨිතෙන අධිට්ඨාතබ්බං: මෙහි හරිත නම්: පූර්වාන්න යැ අපරාන්න යි. ඉදින් හරිතයෙහි (තණබිම්හි) සිටියේ විධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ඍජු මාර්ගයෙන් සොයන්නහුට (සෙවිලි කරන්නහුට) දෙමගක් විධාන කොට තෙවන මග අණවා බැහැර යා යුතු යි. පරික්ෂේපයෙන් සොයන්නහුට දෙ පරියායක් විධාන කොට තෙවන පරියාය අණවා බැහැර යා යුතු යි.
තතො චෙ උත්තරිං අප්පහරිතෙපි ඨිතො අධිට්ඨහෙය්යාති: ඉට්ඨකාය ඡාදෙන්තස්ස ඉට්ඨකිට්ඨකාය ආපත්ති පාචිත්තියස්ස. සිලාය ඡාදෙන්තස්ස සිලාය සිලාය ආපත්ති පාචිත්තියස්ස. සුධාය ඡාදෙන්තස්ස පිණ්ඩෙ පිණ්ඩෙ ආපත්ති පාචිත්තියස්ස. තිණෙන ඡාදෙන්තස්ස කරළෙ කරළෙ ආපත්ති පාචිත්තියස්ස. පණ්ණෙන ඡාදෙන්තස්ස පණ්ණෙ පණ්ණෙ ආපත්ති පාචිත්තියස්ස.
තතො චෙ උත්තරිං අප්පහරිතෙපි ඨිතො අධිට්ඨහෙය්ය: උළුයෙන් සොයන්නා (සෙවිලි කරන්නා) හට උළුයෙහි උළුයෙහි පචිති ඇවැත් වේ. ගලින් සොයන්නාහට ගලෙහි ගලෙහි පචිති ඇවැත් වේ. සුන්නෙන් සොයන්නාහට පිඬෙහි පිඬෙහි පචිති ඇවැත් වේ. තෘණයෙන් සොයන්නා හට කැරලියෙහි කැරලියෙහි පචිති ඇවැත් වේ. පර්ණයෙන් සොයන්නා හට පර්ණයෙහි පර්ණයෙහි පචිති ඇවැත් වේ.
අතිරෙකද්වත්තිපරියායෙ අතිරෙකසඤ්ඤී අධිට්ඨාති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකද්වත්තිපරියායෙ වෙමතිකො අධිට්ඨාති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙකද්වත්තිපරියායෙ ඌනකසඤ්ඤී අධිට්ඨාති ආපත්ති පාචිත්තියස්ස.
අයිරා දෙතුන් පරියාහි අයිරාසන් ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ. අයිරා දෙතුන් පරියාහි විමති ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ. අයිරා දෙතුන් පරියාහි උනුසන් ඇතියේ විධාන කෙරේ නම් පචිති ඇවැත් වේ.
ඌනකද්වත්තිපරියායෙ අතිරෙකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඌනකද්වත්තිපරියායෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඌනකද්වත්තිපරියායෙ ඌනකසඤ්ඤී අනාපත්ති.
උනු දෙතුන් පරියාහි අයිරාසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උනු දෙතුන් පරියාහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උනු දෙතුන් පරියාහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ද්වත්තිපරියායෙ, ඌනකද්වත්තිපරියායෙ, ලෙණෙ ගුහාය, තිණකුටිකාය අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන වාසාගාරං ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
දෙතුන් පරියාහි, උනු දෙතුන් පරියාහි, ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි මෙරමා සඳහා නම්, සිය ධනයෙන් නම් වසන ගෙය තබා හැම තන්හි ඇවැත් නැති. උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
මහල්ලකවිහාරසික්ඛාපදං නවමං.
නවවැනි මහල්ලකවිහාරශික්ෂාපදය යි.