යෙදුමෙන් කියවන්න

අත්‍ථඞ‍්ගතසික‍්ඛාපදං

6. 3. 2.

6. 3. 2.

අත්‍ථඞ‍්ගතසික‍්ඛාපදං

අත්‍ථඞ්ගත ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථෙරා භික‍්ඛූ භික‍්ඛුනියො ඔවදන‍්ති පරියායෙන. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො චූළපන්‍ථකස‍්ස පරියායො හොති භික‍්ඛුනියො ඔවදිතුං. භික‍්ඛුනියො එවමාහංසු: “න දානි අජ‍්ජ ඔවාදො ඉද‍්ධො භවිස‍්සති තඤ‍්ඤෙවදානි උදානං අය්‍යො චුල‍්ලපන්‍ථකො පුනප‍්පුනං භණිස‍්සතීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු පිළිවෙළින් මෙහෙණන්හට ඔවා දෙති. එසමයෙහි මෙහෙණන්හට ඔවා දෙන්නට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන්ගේ වාරය වෙයි. භික්‍ෂුණීහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරණුවෝ ඒ උදානය මැ දැනුදු පුනපුනා කියන්නාහ” යි.

2. අථ ඛො තා භික‍්ඛුනියො යෙනායස‍්මා චුල‍්ලපන්‍ථකො තෙනුපසඞ‍්කමිංසු උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං චුල‍්ලපන්‍ථකං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තා භික‍්ඛුනියො ආයස‍්මා චුල‍්ලපන්‍ථකො එතදවොච:

2. එකල්හි ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකත්පසෙකැ හුන්නා වූ ඒ මෙහෙණන්හට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ තෙල කීහ:

‘සමග‍්ගත්‍ථ භගිනියො’ති.

නැඟණියනි, (තෙපි) හැම දෙන මැ මෙහි අවු දැ යි.

සමග‍්ගාම‍්හාය්‍යාති.

ආර්‍ය්‍යයන් වහන්ස, හැම දෙනමෝ මෙහි ආම්හ යි.

වත‍්තන‍්ති භගිනියො අට‍්ඨ ගරුධම‍්මාති.

නැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ (තොප කෙරෙහි) පවතිත් දැ යි.

වත‍්තන‍්තාය්‍යාති.

ආර්‍ය්‍යයන් වහන්ස, (අප කෙරෙහි) පවතිත් යයි.

එසො භගිනියො ඔවාදොති නීයාදෙත්‍වා ඉමං උදානං පුනප‍්පුනං අභාසි.

නැඟණියනි, “තෙල අවවාද ය” යි පවසා මේ උදානය පුන පුනා කීහ:

“අධිචෙතසො අප‍්පමජ‍්ජතො මුනිනො මොනපථෙසු සික‍්ඛතො සොකා න භවන‍්ති තාදිනො උපසන‍්තස‍්ස සදා සතීමතො”ති.

‘රාත්පලසිතින් යුතු නො පමා වූ මෝනසංඛ්‍යාතඥානයෙන් හික්මුණු තාදී වූ (රාගාදි ව්‍යපශමයෙන්) උපශාන්ත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාශ්‍රව මුනිහට ශෝකයෝ හැම කල්හි නො වන්නාහ” යි.

3. භික‍්ඛුනියො එවමාහංසු: “නනු අවොචුම‍්හා න දානි අජ‍්ජ ඔවාදො ඉද‍්ධො භවිස‍්සති තඤ‍්ඤෙවදානි උදානං අය්‍යා චුල‍්ලපන්‍ථකො පුනප‍්පුනං භණිස‍්සතී”ති. අස‍්සොසි ඛො ආයස‍්මා චුල‍්ලපන්‍ථකො තාසං භික‍්ඛුනීනං ඉමං කථාසල‍්ලාපං. අථ ඛො ආයස‍්මා චුල‍්ලපන්‍ථකො වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආකාසෙ අන‍්තලික‍්ඛෙ චඞ‍්කමති’පි තිට‍්ඨති’පි නිසීදති’පි සෙය්‍යම‍්පි කප‍්පෙති ධූමායතිපි පජ‍්ජලතිපි අන‍්තරධායතිපි තඤ‍්ඤෙව උදානං භණති අඤ‍්ඤඤ‍්ච බහුං බුද‍්ධවචනං.

3. මෙහෙණහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. දැන් ඒ උදානය මැ ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවෝ පුන පුනා බෙණෙතැ යි (ඇපි) නො කීවමෝ ද?” ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන්ගේ මේ කථා සල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ අහසට පැන අන්තරීක්‍ෂාවකාශයෙහි සක්මන් ද කෙරෙති, සිටීම ද කෙරෙති, හිඳීම ද කෙරෙති, ශයනය ද කෙරෙති, දුමාලීම ද කෙරෙති, දිලිහීම ද කෙරෙති, අදර්‍ශනයට ද යෙති. එම උදානයත් සෙසු බොහෝ බුද්ධවචනත් බෙණෙත්.

භික‍්ඛුනියො එවමාහංසු “අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො න වත නො ඉතො පුබ‍්බෙ ඔවාදො එවං ඉද‍්ධො භූතපුබ‍්බො යථා අය්‍යස‍්ස චූළපන්‍ථකස‍්සාති.

මෙහෙණහු මෙසේ කීහු: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, ඒකාන්තයෙන් අද්භූත යි. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවන්ගේ මෙන් මෙබඳු අවවාදයෙක් අපහට මෙයින් පෙරැ නොවී යැ මෙබඳු සමෘද්ධියක් නො වූ විරී යැ යි.

4. අථ ඛො ආයස‍්මා චුල‍්ලපන්‍ථකො තා භික‍්ඛුනියො යාව සමන්‍ධකාරා ඔවදිත්‍වා උය්‍යොජෙසි: “ගච‍්ඡථ භගිනියො”ති. අථ ඛො තා භික‍්ඛුනියො නගරද‍්වාරෙ ථකිතෙ බහිනගරෙ වසිත්‍වා කාලස‍්සෙව නගරං පවිසන‍්ති මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති; “අබ්‍රහ‍්මචාරිනියො ඉමා භික‍්ඛුනියො ආරාමෙ භික‍්ඛූහි සද‍්ධිං වසිත්‍වා ඉදානි නගරං පවිසන‍්තී”ති.

4. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන් අඳුරු වැටෙන තාක් ඔවා දී ‘යවු නැඟණියනැ’ යි නඟා යැවූහ. එකල්හි ඒ මෙහෙණහු නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැස උදෑසන මැ නුවරට පිවිසෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “මේ මෙහෙණහු අබ්‍රහ්මචාරිණීහ, අරම්හි මහණුන් හා සමඟ වැස දැන් නුවරට පිවිසෙත්” යයි.

5. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ආයස‍්මා චුල‍්ලපන්‍ථකො අත්‍ථඞ‍්ගතෙ සූරියෙ භික‍්ඛුනියො ඔවදිස‍්සතීති -පෙ- සච‍්චං කිර ත්‍වං චුල‍්ලපන්‍ථක අත්‍ථඞ‍්ගතෙ සූරියෙ භික‍්ඛුනියො ඔවදසීති.

5. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් චුල්ලපන්‍ථකයෝ හිරු අත්ගල (බැස) ගියකල්හි මෙහෙණන්හට ඔවා දෙත් දැ යි … සැබෑද චුල්ලපන්‍ථක, තෙපි හිරු බැස ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.

සච‍්චං භගවා.

සැබැවැ භාග්‍යවතුන් වහන්ස,

විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං චුල‍්ලපන්‍ථක අත්‍ථඞ‍්ගතෙ සූරියෙ භික‍්ඛුනියො ඔවදිස‍්සසි, නෙතං චුල‍්ලපන්‍ථක අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් චුල්ලපන්‍ථක, තෙපි හිරු අවරටගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු ද? චුල්ලපන්‍ථක, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ මහණෙනි, මේ සික පදය උදෙසවු:

“සම‍්මතොපි චෙ භික‍්ඛු අත්‍ථඞ‍්ගතෙ සුරියෙ භික‍්ඛුනියො ඔවදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“ඉදින් සම්මත වූ ද මහණ හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.

6. සම‍්මතො නාම: ඤත‍්තිචතුත්‍ථෙන කම‍්මෙන සම‍්මතො.

6. සම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත යැ.

අත්‍ථඞ‍්ගතෙ සූරියෙති: ඔග‍්ගතෙ සූරියෙ.

අත්‍ථඞ්ගතෙ සුරියෙ: හිරු බට කල්හි.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.

ඔවදෙය්‍යාති: අට‍්ඨහි වා ගරුධම‍්මෙහි අඤ‍්ඤෙන වා ධම‍්මෙන ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඕවදෙය්‍ය: ගරුදම් අටින් හෝ අන් දහමෙකින් හෝ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.

අත්‍ථඞ‍්ගතෙ අත්‍ථඞ‍්ගතසඤ‍්ඤී ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත්‍ථඞ‍්ගතෙ වෙමතිකො ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත්‍ථඞ‍්ගතෙ අනත්‍ථඞ‍්ගතසඤ‍්ඤී ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

හිරු අස්තයට ගිය කල්හි අස්තඞ්ගතසංඥා ඇතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අස්තඞ්ගතයෙහි විමති ඇතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, අස්තඞ්ගතයෙහි අස්තඞ්ගතසංඥා නැතියේ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.

එකතො උපසම‍්පන‍්නාය ඔවදති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනත්‍ථඞ‍්ගතෙ අත්‍ථඞ‍්ගතසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනත්‍ථඞ‍්ගතෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනත්‍ථඞ‍්ගතෙ අනත්‍ථඞ‍්ගතසඤ‍්ඤී අනාපත‍්ති.

එකත්පසෙකැ (මෙහෙණසඟුන් කෙරෙහි) උපසපන් වූවකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනස්තඞ්ගතයෙහි අස්තඞ්ගතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අනස්තඞ්ගතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අනස්තඞ්ගතයෙහි අනස්තඞ්ගතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: උද‍්දෙසං දෙන‍්තො පරිපුච‍්ඡං දෙන‍්තො ඔසාරෙහි අය්‍යාති වුච‍්චමානො ඔසාරෙති පඤ‍්හං පුච‍්ඡති පඤ‍්හං පුට‍්ඨො කථෙති අඤ‍්ඤස‍්සත්‍ථාය භණන‍්තං භික‍්ඛුනියො සුණන‍්ති සික‍්ඛමානාය සාමණෙරාය උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

(අට ගරු දම් පෙළ) උදෙසන්නේ නම්, (ගරුදම්පෙළෙහි) අටුවා බණන්නේ නම්; ආර්‍ය්‍යයෙනි, බණන්නැ’යි කියනු ලබන්නේ කියා නම් පැන පිළිවිසී නම්, පැන පුළුවුස්නා ලදුයේ කියා නම්, මෙරමා සඳහා දෙසන්නහුගෙන් මෙහෙණහු අසත් නම්, හික්මනුවකට, හෙරැණියකට කියා නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

අත්‍ථඞ‍්ගත සික‍්ඛාපදං දුතියං

දෙවැනි අත්‍ථඞ්ගත ශික්‍ෂාපද යි.