යෙදුමෙන් කියවන්න

භික‍්ඛුනූපස‍්සයසික‍්ඛාපදං

6. 3. 3.

6. 3. 3.

භික‍්ඛුනූපස‍්සයසික‍්ඛාපදං

භික්ඛුනූපස්සය ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඔවදන‍්ති. භික‍්ඛුනියො ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො එතදවොචුං: එථය්‍යෙ ඔවාදං ගමිස‍්සාමාති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නිග්‍රෝධාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණවරට එළැඹැ සවග මෙහෙණන්හට ඔවා දෙති. භික්‍ෂුණීහු සවග මෙහෙණන්හට තෙල කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු අවවාදයට යම්හ යි.

යම‍්පි මයං අය්‍යෙ ගච‍්ඡෙය්‍යාම ඔවාදස‍්ස කාරණා අය්‍යා ඡබ‍්බග‍්ගියා ඉධෙව අම‍්හෙ ඔවදන‍්තීති.

ආර්‍ය්‍යාවෙනි, යම් තෙනකට ඔවා කරුණෙන් ඇපි යන්නෙමු ද සවග මහණහු මෙහි ම අපට ඔවා දෙති යි කිවු ය.

භික‍්ඛුනියො උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඔවාදං න ගච‍්ඡිස‍්සන‍්ති”ති.

භික්‍ෂුණීහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණහු අවවාදයට නො යන්නාහු දැ’ යි.

2. අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං: යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදිස‍්සන‍්තීති -පෙ-

2. එකල්හි ඒ මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නු දැ යි …

සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදථාති.

සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.

සච‍්චං භගවා.

සැබැවැ භාග්‍යවතුන් වහන්ස.

විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන මහාපජාපති ගොතමී ගිලානා හොති. ථෙරා භික‍්ඛූ යෙන මහාපජාපති ගොතමී තෙනුපසඞ‍්කමිංසු උපසඞ‍්කමිත්‍වා මහාපජාපතිං ගොතමිං එතදවොචුං: “කච‍්චි තෙ ගොතමී, ඛමනීයං කච‍්චි යාපනීයන‍්ති.

3. එසමයෙහි වනාහි මහාප්‍රජාපතී ගෞතමී ගිලන් වූවා වෙයි. ස්ථවිරභික්‍ෂූහු මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹියාහු ය. එළැඹැ “කිම ගෞතමිය, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි තෙල කීහු.

න මෙ අය්‍යා, ඛමනීයං න යාපනීයං ඉඞ‍්ඝය්‍යා, ධම‍්මං දෙසෙථාති.

ආර්‍ය්‍යවරුනි, මට ඉවසිය නො හැකි යැ. යැපිය නො හැකි යි, ආර්‍ය්‍යවරු දහම් දෙසන්නාහු නම් මැනැවැ යි කිවු ය.

න භගිනි කප‍්පති භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ධම‍්මං දෙසෙතුන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න දෙසෙසුං.

“නැඟණියනි, මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට දහම් දෙසන්නට නො කැපැ යි” කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු.

4. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන මහාපජාපති ගොතමී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: “කච‍්චි තෙ ගොතමි ඛමනීයං කච‍්චි යාපනීයන‍්ති”?

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹැ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ කිම ගෞතමිය, තොපට ඉවසිය හැකි ද? යැපිය හැකි දැ යි තෙල වදාළසේක.

පුබ‍්බෙ මෙ භන‍්තෙ ථෙරා භික‍්ඛූ ආගන‍්ත්‍වා ධම‍්මං දෙසෙන‍්ති. තෙන මෙ ඵාසු හොති. ඉදානි පන භගවතා පටික‍්ඛිත‍්තන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න දෙසෙන‍්ති, තෙන මෙ න ඵාසු හොතීති.

ස්වාමීනි, පෙරැ ස්ථවිරභික්‍ෂූහු අවුත් මට දහම් දෙසති. එයින් මට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත යැ යි කුකුස් කරනුවෝ නො දෙසත්. එයින් මට පහසු නො වේ යැ යි කිවු ය.

5. අථ ඛො භගවා මහාපජාපතිං ගොතමිං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: අනුජානාමි භික‍්ඛවෙ භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා ගිලානං භික‍්ඛුනිං ඔවදිතුං. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වා මොනවට කරුණු ගන්වා මොනවට තෙද ගන්වා මොනවට සතුටු කරවා හුනස්නෙන් නැඟිට වැඩිසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, මෙහෙණවරට එළැඹැ ගිලන් මෙහෙණට ඔවා දෙන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදෙය්‍ය අඤ‍්ඤත්‍ර සමයා පාචිත‍්තියං, තත්‍ථායං සමයො ගිලානා හොති භික‍්ඛුනී, අයං තත්‍ථ සමයො”ති.

“යම් මහණෙක් සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. මෙහෙණක් ගිලන් වූවා වේ නම් මේ එහි සුදුසු සමය යි.”

6. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

6. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භික‍්ඛුනූපස‍්සයො නාම: යත්‍ථ භික‍්ඛුනියො එකරත‍්තම‍්පි වසන‍්ති:

භික්ඛුනූපස්සය: යම් තෙනෙකැ මෙහෙණහු එක් රැයකුදු වසද්ද එතෙන යි.

උපසඞ‍්කමිත්‍වාති: තත්‍ථ ගන‍්ත්‍වා.

උපසඞ්කමිත්‍වා: එහි ගොස්.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.

ඔවදෙය්‍යාති: අට‍්ඨහි ගරුධච‍්චෙහි ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඕවදෙය්‍ය: අෂ්ට ගරුධර්‍මයෙන් ඔවා දේ නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤත්‍ර සමයාති: ඨපෙත්‍වා සමයං.

අඤ්ඤත්‍රසමයා: සුදුසු සමය තබා.

ගිලානා නාම: භික‍්ඛුනී න සක‍්කොති ඔවාදාය වා සංවාසාය වා ගන‍්තුං.

ගිලානා නම්: මෙහෙණක් අවවාදයට හෝ සහවාසයට හෝ යන්නට නො හැකි වූවා යි.

උපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤී භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා අඤ‍්ඤත්‍ර සමයා ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය වෙමතිකො භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා අඤ‍්ඤත්‍ර සමයා ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤී භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා අඤ‍්ඤත්‍ර සමයා ඔවදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, උපසපනක කෙරෙහි විමති ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි, උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියේ සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤෙන ධම‍්මෙන ඔවදති ආපත‍්ති දුක‍්කටස‍්ස. එකතො උපසම‍්පන‍්නාය ඔවදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

අන්‍යධර්‍මයෙකින් ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි, මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන්වූවකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නාය උපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නාය අනුපසම‍්පන‍්නසඤ‍්ඤී අනාපත‍්ති.

අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: සමයෙ උද‍්දෙසං දෙන‍්තො පරිපුච‍්ඡං දෙන‍්තො ඔසාරෙහි අය්‍යාති වුච‍්චමානො ඔසාරෙති පඤ‍්හං පුච‍්ඡති පඤ‍්හං පුට‍්ඨො කථෙති අඤ‍්ඤස‍්සත්‍ථාය භණන‍්තං භික‍්ඛුනියො සුණන‍්ති සික‍්ඛමානාය සාමණෙරාය, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

සුදුසු සමයෙහි (අට ගරු දම්පෙළ) උදෙසන්නේ නම්, (ගරුදම් පෙළෙහි) අටුවා බණන්නේ නම් ආර්‍ය්‍යයෙනි, බණන්නැ’යි කියනු ලබන්නේ බෙණේ නම් පැන පිළිවිසී නම් පැන පුළුවුස්නා ලදුයේ කියා නම් මෙරමා සඳහා දෙසන්නහුගෙන් මෙහෙණහු අසත් නම් ඇවැත් නැති, සික්මනුවකට හෙරැණියකට උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

භික‍්ඛුනූපස‍්සයසික‍්ඛාපදං තතියං.

තෙවැනි භික්ඛුනූපස්සය ශික්‍ෂාපදය යි.