ආමිසසික්ඛාපදං
6. 3. 4.
6. 3. 4.
ආමිසසික්ඛාපදං
ආමිස ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තා ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං ඡබ්බග්ගියා භික්ඛූ එවං වදෙන්ති. “න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති, ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එකල්හි ස්ථවිරභික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු සිවුරු – පිඬුවා – සෙනසුන් – ගිලන්පසබෙහෙත් පිරිකර ලබන්නාහු වෙති. සවග මහණහු මෙසේ කියති: ස්ථවිර භික්ෂූහු මෙහෙණන් හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති. ආමිසහේතුයෙන් ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ එවං වක්ඛන්ති: න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති, ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති -පෙ-
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති යි, ආමිසහේතුයෙන් ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියත් දැ යි …
සච්චං කිර තුම්හෙ භික්ඛවෙ එවං වදෙථ න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති, ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති.
සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියවු ද?
සච්චං භගවා.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා එවං වක්ඛථ: න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික්ඛු එවං වදෙය්ය ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවන්දතීති, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් ආමිසයක් හේතු කොට ගෙන භික්ෂූහු මෙහෙණන් හට ඔවා දෙති යි මෙසේ කියන්නේ නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම් බඳු … භික්ඛු … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ආමිසහෙතූති: චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චය-භෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු.
ආමිසහේතු: චීවර හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ශයනාසනය හේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර හේතුයෙන් සත්කාර හේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්දන හේතුයෙන් පූජනහේතුයෙන්.
එවං වදෙය්යාති: උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති. චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු ඔවදතීති භණති ආපත්ති පාචිත්තියස්ස.
ඒවං වදෙය්ය: යනු සඞ්ඝයා විසින් සම්මත වූ මෙහෙණ ඔවා දෙන උපසපනක්හුහට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භේෂජ්යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්දන හේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ යැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති චීවරහෙතු -පෙ- පූජනහෙතු ඔවදතීති භණති ආපත්ති දුක්කටස්ස.
සඞ්ඝයා විසින් අසම්මත වූ භික්ඛුනෝවාදක උපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි. චීවරහේතුයෙන් … පූජනහේතුයෙන් ඔවා දේ යයි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නං සඞ්ඝෙන සම්මතං වා අසම්මතං වා භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු ඔවදතීති භණති ආපත්ති දුක්කටස්ස.
සඞ්ඝයා විසින් සම්මත වූ හෝ අසම්මත වූ හෝ භික්ඛුනෝවාදක අනුපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්රත්යයභෙෂජ්යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්දනහේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ ය යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: පකතියා චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු ඔවදන්තං භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භෛෂජ්යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්දනහේතුයෙන් පූජනහේතුයෙන් ප්‍රකෘති විසින් ඔවා දෙන්නක් හට බෙණේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
ආමිසසික්ඛාපදං චතුත්ථං.
සිවුවැනි ආමිසශික්ෂාපදය යි.