චීවරදානසික්ඛාපදං
6. 3. 5.
6. 3. 5.
චීවරදානසික්ඛාපදං
චීවරදාන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අඤ්ඤතරිස්සා විසිඛාය පිණ්ඩාය චරති අඤ්ඤතරාපි භික්ඛුනී තස්සා විසිඛාය පිණ්ඩාය චරති. අථ ඛො සො භික්ඛු තං භික්ඛුනිං එතදවොච: “ගච්ඡ භගිනි අමුකස්මිං ඔකාසෙ භික්ඛා දිය්යතී”ති. සාපි ඛො එවමාහ: “ගච්ඡාය්ය, අමුකස්මිං ඔකාසෙ භික්ඛා දිය්යතී”ති. තෙ අභිණ්හදස්සනෙන සන්දිට්ඨා අහෙසුං.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි එක්තරා මහණෙක් සැවැතෙහි එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙයි. එක්තරා මෙහෙණක් ද ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙයි. එකල්හි ඒ මහණ එමෙහෙණහට තෙල කීය: “යා නැඟණිය, අසුවල් තෙනැ භික්ෂාව දෙනු ලැබේ” යයි. ඕ ද මෙසේ කිවු: “යා ආර්‍ය්‍යයෙනි, අසුවල් තෙනැ භික්ෂාව දෙනු ලැබේ” යයි. ඔහු නිරතුරු දැක්මෙන් දුටුමිතුරු වූහ.
2. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස චීවරං භාජීයති. අථ ඛො සා භික්ඛුනී ඔවාදං ගන්ත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො තං භික්ඛුනිං සො භික්ඛු එතදවොච: “අයං මෙ භගිනි, චීවර පටිවිංසො සාදියිස්සසී”ති. ආමාය්ය, දුබ්බලචීවරාම්හීති. අථ ඛො සො භික්ඛු තස්සා භික්ඛුනියා චීවරං අදාසි. සොපි ඛො භික්ඛු දුබ්බලචීවරො හොති. භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: “කරොහිදානි තෙ ආවුසො, චීවර”න්ති . අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
2. එසමයෙහි වනාහි සඞ්ඝයාගේ සිවුරු බෙදනු ලැබෙයි. එකල්හි එමෙහෙණ අවවාදයට ගොස් එමහණ වෙත එළැඹියා ය. එළැඹැ සකසා වැඳ එකත්පසෙකැ සිටියා ය. එකත්පසෙකැ සිටි එමෙහෙණහට එමහණ තෙල කීය: ‘නැඟණිය, මේ මගේ සිවුරු කොටස යැ. (එය) ඉවසන්නෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යයෙනි, දුබල සිවුරු ඇත්තියකිම් වෙමි යි. එකල්හි එමහණ එමෙහෙණහට සිවුර දුන්නේ ය. එමහණ තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. භික්ෂූහු එමහණහට තෙල කීහු: “ඇවැත්නි, තොපගේ සිවුර දැන් කරව” යි. එකල්හි ඒ මහණ තෙල කරුණ භික්ෂූන්හට දැන්වී ය.
3. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු භික්ඛුනියා චීවරං දස්සතීති -පෙ-
3. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණෙක් මෙහෙණකට සිවුරක් දෙන්නේ දැ යි …
සච්චං කිර ත්වං භික්ඛු භික්ඛුනියා චීවරං අදාසීති.
සැබෑ ද මහණ තෝ මෙහෙණකට සිවුරක් දුන්නෙහි දැ? යි.
සච්චං භගවා.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
ඤාතිකා තෙ භික්ඛු අඤ්ඤාතිකාති.
මහණ (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද? නො නෑ වූවා දැ? යි.
අඤ්ඤාතිකා භගවාති.
භාග්‍යවතුන් වහන්ස, නො නෑ වූවා යැ.
අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. කථං හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
හිස් පුරුෂය, නො නෑයෙක් නො නෑයක ගේ සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනී. කෙසේ නම් හිස්පුරුෂය, තෝ නොනෑ මෙහෙණකට සිවුරක් දුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දදෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් නොනෑ මෙහෙණකට සිවුරක් දෙන්නේ නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
භාග්‍යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
4 තෙන ඛො පන සමයෙන භික්ඛූ කුක්කුච්චායන්තා භික්ඛුනීනං පාරිවට්ටකං චීවරං න දෙන්ති, භික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා අම්හාකං පාරිවට්ටකං චීවරං න දස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තාසං භික්ඛුනීනං උජ්ඣායන්තීනං ඛීයන්තීනං විපාචෙන්තීනං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ පඤ්චන්නං පාරිවට්ටකං දාතුං භික්ඛුස්ස භික්ඛුනියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරාය. අනුජානාමි භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං පාරිවට්ටකං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
4. එසමයෙහි වනාහි භික්ෂූහු කුකුස්කරන්නාහු මෙහෙණන්හට පිරුළු කොට සිවුරු නො දෙති. මෙහෙණහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍යයෝ අපට පිරුළු කොට සිවුරු නොදෙන්නාහු දැ යි. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මෙහෙණන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා වදාරා මහණුන් ඇමතූසේක: “මහණෙනි, මහණහට මෙහෙණහට හික්මනුවහට හෙරණකුහට හෙරණකහට යන පස් දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි. මහණෙනි, මේ පස්දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දදෙය්ය අඤ්ඤත්ර පාරිවට්ටකා, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් නොනෑ මෙහෙණකට පිරුළු හැර සිවුරු දෙන්නේ නම් පචිති වේ” යයි.
5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
5. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
අඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
භික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
චීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගං පච්ඡිමං.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් විකල්පනයට සුදුසු එක්තරා පැසුළු සිවුරෙකි.
අඤ්ඤත්ර පාරිවට්ටකාති: ඨපෙත්වා පාරිවට්ටකං දෙති ආපත්ති පාචිත්තියස්ස.
අඤ්ඤත්ර පාරිවට්ටකා: පිරුළු හැර දේ නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤාතිකාය වෙමතිකො චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති පාචිත්තියස්ස.
නොනෑ මෙහෙණකට නොනෑ මෙහෙණක යන සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට විමති ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ.
එකතො උපසම්පන්නාය චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී අනාපත්ති.
මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට පිරුළු හැර සිවුරු දේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ඤාතිකාය පාරිවට්ටකං පරිත්තෙන වා විපුලං විපුලෙන වා පරිත්තං භික්ඛුනී විස්සාසං ගණ්හාති, තාවකාලිකං ගණ්හාති චීවරං ඨපෙත්වා අඤ්ඤං පරික්ඛාරං දෙති සික්ඛමානාය සාමණෙරාය, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නෑමෙහෙණකට, මඳ අගය ඇතියෙකින් මහ ඇඟි පිරුළුවක් හෝ මහ ඇඟියෙකින් මඳ අගය ඇති පිරුළුවක් හෝ මෙහෙණක් විස්වස් වැ ගනී නම්, තවුකැලි වැ ගනී නම්, සිවුරු තබා අන් පිරිකරක් දේ නම්, සික්මනුවහට, හෙරණිහට දේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
චීවරදානසික්ඛාපදං පඤ්චමං.
පස් වැනි චීවරදානශික්ෂාපදය යි.