යෙදුමෙන් කියවන්න

චීවරසිබ‍්බනසික‍්ඛාපදං

6. 3. 6.

6. 3. 6.

චීවරසිබ‍්බනසික‍්ඛාපදං

චීවරසිබ්බන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදායී පට‍්ටො හොති චීවරකම‍්මං කාතුං. අඤ‍්ඤතරා භික‍්ඛුනී යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං එතදවොච: “සාධු මෙ භන‍්තෙ, අය්‍යො චීවරං සිබ‍්බතූ”ති. අථ ඛො ආයස‍්මා උදායී තස‍්සා භික‍්ඛුනියා චීවරං සිබ‍්බිත්‍වා සුරත‍්තං සුපරිකම‍්මකතං කත්‍වා මජ‍්ඣෙ පටිභානචිත‍්තං වුට‍්ඨාපෙත්‍වා සංහරිත්‍වා නික‍්ඛිපි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සිවුරුකම් කිරීමට සමත් වෙති. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු යැ. වහන්ස, ආර්‍ය්‍යන් වහන්සේ මට සිවුරක් මසන්නාහු මැනැවැ යි. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එමෙහෙණහට සිවුරක් මසා මොනවට රජන් කොට මොනවට පිරියම් කොට මැද ප්‍රතිභානචිත්‍රයක් නංවා හකුළවා තැබූහ.

2. අථ ඛො සා භික‍්ඛුනී යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං එතදවොච: “කතං තං භන‍්තෙ, චීවර”න‍්ති “හන්‍ද භගිනි, ඉමං චීවරං යථාසංහටං හරිත්‍වා නික‍්ඛිපිත්‍වා යදා භික‍්ඛුනි සඞ‍්ඝො ඔවාදං ආගච‍්ඡති තදා ඉමං චීවරං පාරුපිත්‍වා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස පිට‍්ඨිතො පිට‍්ඨිතො ආගච‍්ඡා”ති.

2. එකල්හි එමෙහෙණ ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු ය. වහන්ස, ඒ සිවුරු කරන ලද දැ යි. “නැඟණිය, මේ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් මෙහෙණසඟ යම් දිනෙකැ අවවාදයට යේ නම් එදින මේ සිවුර පෙරෙව මෙහෙණ සඟහු පිටුපසින් එව” යි.

3. අථ ඛො සා භික‍්ඛුනී තං චීවරං යථාසංහටං හරිත්‍වා නික‍්ඛිපිත්‍වා යදා භික‍්ඛුනිසඞ‍්ඝො ඔවාදං ආගච‍්ඡති, තදා තං චීවරං පාරුපිත්‍වා භික‍්ඛුනි සඞ‍්ඝස‍්ස පිට‍්ඨිතො පිට‍්ඨිතො ආගච‍්ඡති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “යාව ඡින‍්නිකා ඉමා භික‍්ඛුනියො ධුත‍්තිකා අහිරිකායො යත්‍ර හි නාම චීවරෙ පටිභානචිත‍්තං වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති. භික‍්ඛුනියො එවමාහංසු: “කස‍්සිදං කම‍්ම”න‍්ති. අය්‍යස‍්ස උදායිස‍්සාති, යෙපි තෙ ඡින‍්නකා ධුත‍්තකා අහිරිකා තෙසම‍්පි එවරූපං න සොභෙය්‍ය කිං පන අය්‍යස‍්ස උදායිස‍්සාති.

3. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් බහා තබා යම් දිනෙකැ මෙහෙණ සඟ අවවාදයට යේ නම් එදින ඒ සිවුර පෙරෙව මෙහෙණසඟහු පිටුපසින් පිටුපසින් යෙයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: මේ මෙහෙණහු සුන්ඔතප් ඇතියහ, ධූර්‍තයහ, විළි නැතියහ. යම්බඳු සිවුරෙක්හි ප්‍රතිභාන චිත්‍රයක් නංවාලූහු දැ යි. මෙහෙණහු මේ කවරක්හුගේ කර්‍මයෙක් දැ යි මෙසේ කීහු. ආර්‍ය්‍ය උදායීහුගේ යි. යම්බඳු කෙනෙක් සුන්ඔතප් ඇතියාහු ධූර්‍ත වූවාහු විළි නැතියාහු වෙද්ද ඔවුනට ද මෙබන්දක් නො හොබනේ යැ. ආර්‍ය්‍ය උදායීතෙරුන්හට කිම හොබනේ දැ යි.

4. අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං: යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ආයස‍්මා උදායි භික‍්ඛුනියා චීවරං සිබ‍්බිස‍්සතී”ති -පෙ-

4. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් උදායී මෙහෙණකට සිවුරක් හිවී දැ යි …

“සච‍්චං කිර ත්‍වං උදායි භික‍්ඛුනියා චීවරං සිබ‍්බසී”ති.

සැබෑ ද උදායි, තෝ මෙහෙණකට සිවුරක් හිවියෙහි දැ යි.

සච‍්චං භගවාති.

සැබැවැ භාග්‍යවතුන් වහන්ස,

ඤාතිකා තෙ උදායි අඤ‍්ඤාතිකාති.

උදායි, (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද නො නෑ වූවා දැ යි.

අඤ‍්ඤාතිකා භගවාති.

භාග්‍යවතුන් වහන්ස, නොනෑ වූවා යැ.

අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා පාසාදිකං වා අපාසාදිකං වා. කථං හි නාම ත්‍වං මොඝපුරිස අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං සිබ‍්බිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

හිස් පුරුෂය, නොනෑයෙක් නොනෑ මෙහෙණකට සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ මනාපය හෝ අමනාපය හෝ නොදනී. හිස් පුරුෂය, කෙසේ නම් තෝ නොනෑ මෙහෙණකට සිවුරක් මැසූයෙහි දැ යි. හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං සිබ‍්බෙය්‍ය වා සිබ‍්බාපෙය්‍ය වා, පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් මසන්නේ නම් හෝ මස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.

5. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

5. යො පන යනු: යම්, යම්බඳු … භික්ඛූ … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

අඤ‍්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධා.

අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං.

චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.

සිබ‍්බෙය්‍යාති: සයං සිබ‍්බති ආරාපථෙ ආරාපථෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සිබ්බෙය්‍ය: තෙමේ මසා නම් හිදි මගක් පාසා පචිති ඇවැත් වේ.

සිබ‍්බාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති. ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සකිං ආණත‍්තො බහුකම‍්පි සිබ‍්බති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සිබ්බාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝවරකුදු මසා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී චීවරං සිබ‍්බති වා සිබ‍්බාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අඤ‍්ඤාතිකාය වෙමතිකො චීවරං සිබ‍්බති වා සිබ‍්බාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අඤ‍්ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී චීවරං සිබ‍්බති වා සිබ‍්බාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නොනෑ මෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි විමති ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වේ.

එකතො උපසම‍්පන‍්නාය චීවරං සිබ‍්බති වා සිබ‍්බාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී අනාපත‍්ති.

මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට සිවුරක් මසා නම් හෝ මස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ඤාතිකාය චීවරං ඨපෙත්‍වා අඤ‍්ඤං පරික‍්ඛාරං සිබ‍්බති වා සිබ‍්බාපෙති වා සික‍්ඛමානාය සාමණෙරාය උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නෑමෙහෙණකට සිවුරක් හැර අන් පිරිකරක් හිවා නම් හෝ හිවවා නම් හෝ, ඇවැත් නැත. සික්මනුවට, හෙරැණියට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

චීවරසිබ‍්බනසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවැනි චීවරසිබ්බනශික්‍ෂාපදය යි.