සංවිධානසික්ඛාපදං
6. 3. 7.
6. 3. 7.
සංවිධානසික්ඛාපදං
සංවිධාන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “යථෙව මයං සපජාපතිකා ආහිණ්ඩාම එවමෙවිමෙ සමණා සක්යපුත්තියා භික්ඛුනීහි සද්ධිං ආහිණ්ඩන්තී”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මඟට පිළිපදිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ ඇපි අඹුන් සහිත වැ ඇවිදිමු නම් එසේ මැ මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද මෙහෙණන් සමඟ ඇවිදුනාහ යි.
2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සන්තී”ති -පෙ-
2. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නාහු දැ යි...
සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජථාති.
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ සංවිධානය කොට ගෙන එක් වැ අදන්මගට පිළිපදිවු දැ යි.
සච්චං භගවා.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ නියම කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය අන්තමසො ගාමන්තරම්පි පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකටදු (යනුවට) එක් වැ අදන් මඟට පිළිපන්නේ නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ච භික්ඛුනියො ච සාකෙතා සාවත්ථිං. අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අථ ඛො තා භික්ඛුනියො තෙ භික්ඛූ එතදවොචුං: මයම්පි අය්යෙහි සද්ධිං ගමිස්සාමා”ති. න භගිනි කප්පති භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිතුං. තුම්හෙ වා පඨමං ගච්ඡථ මයං වා ගමිස්සාමාති. අය්යා භන්තෙ අග්ගපුරිසා අය්යාව පඨමං ගච්ඡන්තූති.
3. එසමයෙහි බොහෝ භික්ෂූහු ද භික්ෂුණීහු ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එකල්හි ඒ භික්ෂුණීහු ඒ භික්ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ යම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමඟ කථාකොට ගෙන එක් වැ අදන් මඟට පිළිපදින්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ යවු. ඇපි හෝ යම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්රපුරුෂයෝ යැ. ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ යෙත්වා යි.
4. අථ ඛො තාසං භික්ඛුනීනං පච්ඡා ගච්ඡන්තීනං අන්තරාමග්ගෙ චොරා අච්ඡින්දිංසු චෙව දූසෙසුඤ්ච. අථ ඛො තා භික්ඛුනියො සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ සත්ථගමනීයෙ මග්ගෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
4. එකල්හි පසු වැ යන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට අතරැ මග සොරු (පා සිවුරු) ඇසිඳගැන්ම ද කළහ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ, මෙහෙණහු මහණුන්ට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, සැක සහිත යැ යි දන්නා ලද බිය සහිත වූ සාර්ත්ථයක් හා සමඟ යා යුතු මඟෙකැ මෙහෙණක හා සමඟ කථා කොට ගෙන එක් වැ අදන්මඟට පිළිපදනට අනුදනිමි.” තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො සත්ථගමනීයො හොති මග්ගො. සාසඞ්කසම්මතො, සප්පටිභයො අයං තත්ථ සමයො”ති.
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකට දු (යනුවට) සුදුසු සමය තබා එක් වැ අදන්මඟට පිළිපදනේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සාර්ත්ථයක් හා යා යුතු වූ මාර්ගය වෙයි, සැක සහිත යැ යි සම්මත වෙයි, බිය සහිත වේ, මේ එහි සමය යි”.
5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
5. යෝපන යනු: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධින්ති: එකතො.
සද්ධිං යනු: එක් වැ.
සංවිධායාති: ගච්ඡාම භගිනි ගච්ඡාමය්ය, ගච්ඡාමය්ය ගච්ඡාම භගිනි අජ්ජ වා හිය්යො වා පරෙ වා ගච්ඡාමාති සංවිදහති ආපත්ති දුක්කටස්ස.
සංවිධාය යනු: “යමු බුහුන යමු ආර්‍ය්‍යය, යමු ආර්‍ය්‍යය යමු බුහුන, අද හෝ හෙට හෝ තෙවන දා හෝ යමු” යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අන්තමසො ගාමන්තරම්පීති: කුක්කුටසම්පාතෙ ගාමෙ, ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ, අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
අන්තමසෝ ගාමන්තරම්පි යනු: කුක්කුට සම්පාත (පියස්සෙන් පියස්සට කුකුළකුට ඉගිළැ යා හැකි) ගම්හි ගමක් ගමක් පාසා පචිති ඇවැත් වේ. ගමක් නො වන අරන්හි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
අඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
අඤ්ඤත්ර සමයා යනු: සුදුසු සමය තබා.
සත්ථගමනීයො නාම: මග්ගො න සක්කා හොති විනා සත්ථෙන ගන්තුං.
සත්ථගමනීය නම්: මාර්ගය ගැල්සාත්තුවෙන් තොර වැ යන්නට නො හැකි වෙයි.
සාසඞ්කං නාම: තස්මිං මග්ගෙ චොරානං නිවිට්ඨොකාසො දිස්සති භුත්තොකාසො දිස්සති ඨිතොකාසො දිස්සති නිසින්නොකාසො දිස්සති නිපන්නොකාසො දිස්සති.
සාසඞ්ක නම්: ඒ මාර්ගයෙහි සොරුන් පිවිසිතැන් පැනෙයි, අහර ගත් තැන් පැනෙයි, සිටිතැන් පැනෙයි, හුන්තැන් පැනෙයි, හොත් තැන් පැනෙයි.
සප්පටිභයං නාම: තස්මිං මග්ගෙ චොරෙහි මනුස්සා හතා දිස්සන්ති විලුත්තා දිස්සන්ති ආකොටිතා දිස්සන්ති සප්පටිභයං ගන්ත්වා අප්පටිභයං පස්සිත්වා උය්යොජෙතබ්බා ගච්ඡථ භගිනියොති.
සප්පටිභය නම්: ඒ මාර්ගයෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලොගන්නා ලදහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්. ප්‍රතිභය සහිත මඟ ගොස් ප්‍රතිභය රහිත මඟ දැකැ යවු නැඟණියනැ” යි නඟා යැවියයුත්තාහු ය.
සංවිදහිතෙ සංවිදහිතසඤ්ඤී එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ වෙමතිකො එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ අසංවිදහිතසඤ්ඤී එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස.
සංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ යටත් පිරිසෙයින් ග්රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන්මඟට බසී නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි විමති ඇතියේ යටත් පිරිසෙයින් ග්රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන් මඟට බසී නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ යටත් පිරිසෙයින් ග්රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන් මඟට බසී නම් පචිති ඇවැත් වේ.
භික්ඛු සංවිදහති භික්ඛුනී න සංවිදහති ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ සංවිදහිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ අසංවිදහිතසඤ්ඤී අනාපත්ති.
මහණ සංවිධාන කෙරේ නම් මෙහෙණ සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අසංවිදහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: සමයෙ අසංවිදහිත්වා ගච්ඡන්ති භික්ඛුනී සංවිදහති , භික්ඛු න සංවිදහති, විසඞ්කෙතෙන ගච්ඡන්ති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
සුදුසු සමයෙහි සංවිධාන නො කොට යෙත් නම්, මෙහෙණ සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යෙත් නම් ඇවැත් නැති ආපදාවන්හි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සංවිධානසික්ඛාපදං සත්තමං.
සත්වැනි සංවිධානශික්ෂාපද යි.