යෙදුමෙන් කියවන්න

නාවාභිරූහන සික‍්ඛාපදං

6. 3. 8.

6. 3. 8.

නාවාභිරූහන සික‍්ඛාපදං

නාවාභිරූහන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරුහන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති යථෙව මයං සපජාපතිකා නාවාය කීළාම එවමෙවිමෙ සමණා සක්‍යපුත‍්තියා භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය නාවාය කීළන‍්තී ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැඟෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ මැ ඇපි අඹුන් සහිත වූවමෝ නැවෙහි කෙළිමු ද එසේ මැ මේ සෑසිපුත් මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවෙහි කෙළිති යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහිස‍්සන‍්තී”ති -පෙ-

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථාකොට ගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි ...

සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහථාති.

සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි.

සච‍්චං භගවා.

සැබැවැ භාග්‍යවතුන් වහන්ස,

විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ බැණ ගෙන එක් නැවකට නැගී ගියාහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහෙය්‍ය උද‍්ධංගාමිනිං වා අධොගාමිනිං වා පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණ ගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට නැඟ යන්නේ නම් පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

තවද භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ ච භික‍්ඛුනියො ච සාකෙතා සාවත්‍ථිං අද‍්ධානමග‍්ගං පටිපන‍්නා හොන‍්ති, අන‍්තරාමග‍්ගෙ නදී තරිතබ‍්බා හොති. අථ ඛො තා භික‍්ඛුනියො තෙ භික‍්ඛූ එතදවොචුං: “මයම‍්පි අය්‍යෙහි සද‍්ධිං උත‍්තරිස‍්සාමාති. න භගිනි කප‍්පති භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහිතුං. තුම‍්හෙ වා පඨමං උත‍්තරථ මයං වා උත‍්තරිස‍්සාමාති. අය්‍යා භන‍්තෙ අග‍්ගපුරිසා අය්‍යාව පඨමං උත‍්තරන‍්තූති.

3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවතට යන අදන් මගට පිළිපන්නාහු වෙති. අතරැ මගැ තරණය කළයුතු ගඟෙක් වෙයි. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ එතරවම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමග නියම කොටගෙන එක් නැවක නැඟැ යන්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ එතර වවු. ඇපි හෝ එතර වම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ එතර වෙත්වා යි.

4. අථ ඛො තාසං භික‍්ඛුනීනං පච‍්ඡා උත‍්තරන‍්තීනං චොරා අච‍්ඡින්‍දිංසු ච දූසෙසුඤ‍්ච. අථ ඛො තා භික‍්ඛුනියො සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. අනුජානාමි භික‍්ඛවෙ තිරියං තරණාය භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. එකල්හි පසුවැ එතරවන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට සොරු (පා සිවුරු) ඇසිඳ ගත්හ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ. මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, සරසින් එතරවනු පිණිස මෙහෙණක හා සමඟ බැණ ගෙන එක් නැවක නැඟ යන්නට අනුදනිමි” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහෙය්‍ය උද‍්ධංගාමිනිං වා අධොගාමිනිං වා අඤ‍්ඤත්‍ර තිරියං තරණාය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නඟින්නේ නම් පචිති වේ” යයි.

5. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

5. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.

සද‍්ධින්ති: එකතො.

සද්ධිං යනු: එක් වැ.

සංවිධායාති: අභිරූහාම භගිනි අභිරූහාමය්‍ය, අභිරූහාමය්‍ය, අභිරූහාම භගිනි, අජ‍්ජ වා හියො වා පරෙ වා අභිරූහාමාති සංවිදහති ආපත‍්ති දුක‍්කටස‍්ස. භික‍්ඛුනියා අභිරූළ‍්හෙ භික‍්ඛු අභිරූහති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛූ අභිරූළ‍්හෙ භික‍්ඛුනී අභිරූහති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උභො වා අභිරූහන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සංවිධාය යනු: නැඟෙමු බුහුනැ නැඟෙමු ආර්‍ය්‍යය, නැඟෙමු ආර්‍ය්‍යය නැඟෙමු බුහුනැ, අද හෝ හෙට හෝ තෙවන දා හෝ නැඟෙමු යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙහෙණ නැඟි කල්හි මහණ නඟී නම් පචිති ඇවැත් වෙයි, මහණහු නැඟි කල්හි මෙහෙණ නඟී නම් පචිති ඇවැත් වෙයි, දෙදෙන මැ හෝ නඟිත් නම් පචිති ඇවැත් වේ.

උද‍්ධගාමිනින්ති: උජ‍්ජවනිකාය.

උද්ධගාමිනිං යනු: උඩුගං බලා යන නැවෙකැ.

අධොගාමිනින‍්ති: ඔජවනිකාය.

අධෝගාමිනිං යනු: යටිගං බලා යන නැවෙකැ.

අඤ‍්ඤත්‍ර තිරියං තරණායාති: ඨපෙත්‍වා තිරියං තරණං.

අඤ්ඤත්‍ර තිරියං තරණාය යනු: සරසින් එතරවීම හැර

කුක‍්කුටසම‍්පාතෙ ගාමෙ, ගාමන‍්තරෙ ගාමන‍්තරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගාමකෙ අරඤ‍්ඤෙ අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සංවිදහිතෙ සංවිදහිතසඤ‍්ඤී එකං නාවං අභිරූහති උද‍්ධංගාමිනිං වා අධොගාමිනිං වා, අඤ‍්ඤත්‍ර තිරියං තරණාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සංවිදහිතෙ වෙමතිකො එකං නාවං අභිරූහති උද‍්ධංගාමිනිං වා අධොගාමිනිං වා, අඤ‍්ඤත්‍ර තිරියං තරණාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සංවිදහිතෙ අසංවිදහිතසඤ‍්ඤී එකං නාවං අභිරූහති උද‍්ධංගාමිනිං වා අධොගාමිනිං වා අඤ‍්ඤත්‍ර තිරියං තරණාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

කුක්කුටසම්පාත ගම්හි ගමක් පාසා පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි විමති ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි අසංවිද හිතසංඥා ඇතියේ උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නැඟේ නම් පචිති ඇවැත් වේ.

භික‍්ඛු සංවිදහති භික‍්ඛුනී න සංවිදහති ආපත‍්ති දුක‍්කටස‍්ස. අසංවිදහිතෙ සංවිදහිතසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අසංවිදහිතෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අසංවිදහිතෙ අසංවිදහිතසඤ‍්ඤී අනාපත‍්ති.

මහණ සංවිධාන කෙරේ නම් මෙහෙණ සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: තිරියං තරණාය අසංවිදහිත්‍වා අභිරූහන‍්ති භික‍්ඛුනී සංවිදහති භික‍්ඛු න සංවිදහති විසංකෙතෙන අභිරූහන‍්ති ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිස‍්සාති.

සරසින් එතරවීමෙහි සංවිධාන නො කොට නැඟෙත් නම්, මෙහෙණ සංවිධාන කෙරේ නම්, මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසංකෙතයෙන් නැගෙත් නම් ඇවැත් නැත. ආපදාවන්හි උම්මත්තකයහට ආදිකම්මිකය හට ඇවැත් නැති.

නාවාභිරූහනසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවැනි නාවාභිරූහනශික්‍ෂාපද යි.