යෙදුමෙන් කියවන්න

පරිපාචිතසික‍්ඛාපදං

6. 3. 9.

6. 3. 9.

පරිපාචිතසික‍්ඛාපදං

පරිපාචිත ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤතරස‍්ස කුලස‍්ස කුලූපිකා හොති නිච‍්චභත‍්තිකා. තෙන ච ගහපතිනා ථෙරා භික‍්ඛූ නිමන‍්තිතා හොන‍්ති. අථ ඛො ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන තං කුලං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං ගහපතිං එතදවොච:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ එක්තරා කුලයෙකැ නිතිබත් ඇති කුලූපිකාවක් වෙයි. ඒ ගැහැවිහු විසිනුදු ස්ථවිර භික්‍ෂූහු පවරණ ලද්දාහු වෙති. එකල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙත එළැඹියා යැ. එළැඹැ ඒ ගැහැවිහට තෙල කරුණ කිවු ය.

කිමිදං ගහපති පහූතං ඛාදනීයං භොජනීයං පටියත‍්තන‍්ති.

“ගැහැවිය, මේ බොහෝ කෑයුතු බුදිය යුතු දැය කුමකට පිළියෙළ කරන ලද දැ යි.

ථෙරා මයා අය්‍යෙ නිමන‍්තිතාති.

ආර්‍ය්‍යාවනි, මා විසින් ස්ථවිර භික්‍ෂූහු පවරණ ලද්දාහු යැ.

කෙ පන තෙ ගහපති ථෙරාති.

ගැහැවිය, තොපගේ ස්ථවිරභික්‍ෂූහු කවුරු ද?

අය්‍යො සාරිපුත‍්තො අය්‍යො මහාමොග‍්ගල‍්ලානො අය්‍යො මහාකච‍්චානො අය්‍යො මහාකොට‍්ඨිතො අය්‍යො මහාකප‍්පිනො අය්‍යො මහාචුන්‍දො අය්‍යො අනුරුද‍්ධො අය්‍යො රෙවතො අය්‍යො උපාලි අය්‍යො ආනන්‍දො අය්‍යො රාහුලොති.

ආර්‍ය්‍ය ශාරිපුත්‍ර යැ. ආර්‍ය්‍ය මහාමෞද්ගල්‍යායන යැ. ආර්‍ය්‍ය මහාකත්‍යයාන යැ. ආර්‍ය්‍ය මහාකොට්ඨිත යැ, ආර්‍ය්‍ය මහාකප්පින යැ. ආර්‍ය්‍ය මහාචුන්‍ද යැ, ආර්‍ය්‍ය අනුරුද්ධ යැ, ආර්‍ය්‍ය රේවත යැ, ආර්‍ය්‍ය උපාලි යැ, ආර්‍ය්‍ය ආනන්‍ද යැ, ආර්‍ය්‍ය රාහුල යි.

කිං පන ත්‍වං ගහපති මහානාගෙ තිට‍්ඨමානෙ චෙටකෙ නිමන‍්තෙසීති”

කිමැ ගැහැවිය, තෙපි මහානාගයන් සිටිය දී දාසයන් පැවරුහු දැ යි.

කෙ පන තෙ අය්‍යෙ මහානාගාති?

ආර්‍ය්‍යාවෙනි, තොපගේ මහානාගයෝ කවරහු ද?

අය්‍යො දෙවදත‍්තො අය්‍යො කොකාලිකො අය්‍යො කටමොරකතිස‍්සකො අය්‍යො ඛණ‍්ඩදෙවියා පුත‍්තො අය්‍යො සමුද‍්දදත‍්තොති.

ආර්‍ය්‍ය දේවදත්ත යැ, ආර්‍ය්‍ය කෝකාලික යැ, ආර්‍ය්‍ය කටමොරකතිස්ස යැ, ආර්‍ය්‍ය ඛණ්ඩදේවිපුත්‍ර යැ, ආර්‍ය්‍ය සමුද්‍රදත්ත යි.

අයං චරහි ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා අන‍්තරා කථා විප‍්පකතා. අථ ථෙරා භික‍්ඛූ පවිසිංසු. “සච‍්චං මහානාගා ඛො තයා ගහපති නිමන‍්තිතාති. ඉදානෙව ඛො ත්‍වං අය්‍යෙ චෙටකෙ අකාසි ඉදානි මහානාගෙති ඝරතො ච නික‍්කඩ‍්ඪි, නිච‍්චභත‍්තඤ‍්ච පච‍්ඡින්‍දි.

ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ මේ අතුරුකථාව නිමාවට නො යා දී මැ ස්ථවිරභික්‍ෂූහු පැමිණියාහු යැ. සැබැවැ ගැහැවිය, තොප විසින් මහානාගයෝ පවරන ලද්දාහු මැ යි. ආර්‍ය්‍යාව, තෙපි දැන් මැ දාසයන් කළවුන් දැන් මැ මහානාගයන් කළහු යැ යි ගෙයිනුදු ඇද දැමී යැ. නිතිබත ද සිඳ දැමී.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම දෙවදත‍්තො ජානං භික‍්ඛුනි පරිපාචිතං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිස‍්සතීති -පෙ- සච‍්චං කිර ත්‍වං දෙවදත‍්ත ජානං භික‍්ඛුනීපරිපාචිතං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස ජානං භික‍්ඛුනී පරිපාචිතං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: කෙසේ නම් දේවදත්ත තෙමේ දැන දැන මෙහෙණක විසින් (ගුණකීමෙන්) නිපදවන ලද පිණ්ඩපාතයක් වැළැඳී දැ යි ... සැබෑ ද දේවදත්ත, තෙපි දැනැ දැනැ මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳවු දැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වැළඳුවහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු ජානං භික‍්ඛුනී පරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් දැනැ දැනැ මෙහෙණක විසින් නිපැයුණු පිණ්ඩපාතය වළඳා නම් පචිති වේ” ය යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු රාජගහා පබ‍්බජිතො ඤාතිකුලං අගමාසි. මනුස‍්සා චිරස‍්සම‍්පි භදන‍්තො ආගතොති සක‍්කච‍්චං භත‍්තං අකංසු තස‍්ස කුලස‍්ස කුලූපිකා භික‍්ඛුනී තෙ මනුස‍්සෙ එතදවොච, “දෙථ ආවුසො අය්‍යස‍්ස භික‍්ඛ”න‍්ති. අථ ඛො සො භික‍්ඛු භගවතා පටික‍්ඛිත‍්තං ජානං භික‍්ඛුනී පරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජිතුන‍්ති. කුක‍්කුච‍්චායන‍්තො න පටිග‍්ගහෙසි. නාසක‍්ඛි පිණ‍්ඩාය චරිතුං ඡින‍්නභත‍්තො අහොසි. අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ පුබ‍්බෙ ගිහීසමාරම‍්භෙ ජානං භික‍්ඛුනීපරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. එසමයෙහි එක්තරා මහණෙක් රජගහනුවරින් (නික්මැ) පැවිදි වූයේ නෑකුලයට ගියේ යැ. මිනිස්සු බොහෝ කලෙකින් ‘හිමියෝ ආහ’ යි සකසා බතක් කළහ. ඒ කුලයෙහි කුලූපික වූ මෙහෙණක් ඒ මිනිසුනට ‘ඇවැත්නි, ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙව’ යි මෙය කිවු යැ. එකල්හි ඒ මහණ තෙමේ දැනැ දැනැ මෙහෙණක විසින් නිපැයුණු පිණ්ඩපාතය වළඳන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුයේ නො පිළිගත්තේ යි. පිඬු පිණිස හැසිරෙන්නට නො හැකි විය. සුන්බත් ඇත්තේ විය. එකල්හි ඒ මහණ තෙම අරමට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී ය. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දෙහි දැනැ දැනැ මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු ජානං භික‍්ඛුනීපරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජෙය්‍ය අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහීසමාරම‍්භා පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් හැර මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වළඳන්නේ නම් පචිති ඇවැත් වේ” යයි.

4. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

4. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු යනු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

ජානාති නාම: සාමං වා ජානාති අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති සා වා ආරොචෙති.

ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහට දන්වත්. ඕතොමෝ හෝ දන්වයි.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.

පරිපාචෙති නාම: පුබ‍්බෙ අදාතුකාමානං අකත‍්තුකාමානං අය්‍යො භාණකො අය්‍යො බහුස‍්සුතො අය්‍යො සුත‍්තන‍්තිකො අය්‍යො විනයධරො අය්‍යො ධම‍්මකථිකො දෙථ අය්‍යස‍්ස කරොථ අය්‍යස‍්සාති එසා පරිපාචෙති නාම.

පරිපාචේති නම්: පෙරැ නො දෙනු කැමැතියන්හට (සත්කාර) නො කරනු කැමතියන්ට “ආර්‍ය්‍ය තෙමේ භාණක යැ, ආර්‍ය්‍ය තෙමේ බහුශ්‍රුත යැ, ආර්‍ය්‍ය තෙමේ සෞත්‍රාන්තික යැ, ආර්‍ය්‍ය තෙමේ විනයධර යැ, ආර්‍ය්‍ය තෙමේ ධර්‍මකථික යැ, ආර්‍ය්‍යහට දෙවු. ආර්‍ය්‍යහට (සත්කාර) කරවු” යයි. මෝ තොමෝ පරිපාචේති නමු.

පිණ‍්ඩපාතො නාම: පඤ‍්චන‍්නං භොජනානං අඤ‍්ඤතරං භොජනං.

පිණ්ඩපාත නම්: පස් බොජුනෙන් එක්තරා බොජුනක්.

අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහිසමාරම‍්භාති ඨපෙත්‍වා ගිහිසමාරම‍්භං.

අඤ්ඤත්‍ර පුබ්බේ ගිහීසමාරම්භා යනු: ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් තබා,

ගිහිසමාරම‍්භො නාම: ඤාතකා වා හොන‍්ති පවාරිතා වා පකතිපටියත‍්තං වා.

ගිහීසමාරම්භ නම්: නෑයෝ හෝ වෙති. පැවරුවෝ හෝ වෙති. පියවින් පිළියෙල කරන ලද්දක් හෝ වෙයි.

5. අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහිසමාරම‍්භා භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

6. පරිපාචිතෙ පරිපාචිතසඤ‍්ඤී භුඤ‍්ජති අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහිසමාරම‍්භා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරිපාචිතෙ වෙමතිකො භුඤ‍්ජති අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහිසමාරම‍්භා ආපත‍්ති දුක‍්කටස‍්ස. පරිපාචිතෙ අපරිපාචිතසඤ‍්ඤී භුඤ‍්ජති අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහිසමාරම‍්භා අනාපත‍්ති.

6. නිපදවන ලද්දෙහි නිපදවන ලද සන් ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නිපදවන ලද්දෙහි විමති ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් දුකුළා ඇවැත් වෙයි, නිපදවන ලද්දෙහි නො නිපදවන ලද සන් ඇතියේ පෙරැ ගිහියන් විසින් පිළියෙල කරන ලද්දක් තබා වළඳා නම් ඇවැත් නැති.

7. එකතො උපසම‍්පන‍්නාය පරිපාචිතං භුඤ‍්ජති අඤ‍්ඤත්‍ර පුබ‍්බෙ ගිහිසමාරම‍්භා ආපත‍්ති දුක‍්කටස‍්ස. අපරිපාචිතෙ පරිපාචිතසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අපරිපාචිත‍්තෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අපරිපාචිතෙ අපරිපාචිතසඤ‍්ඤී අනාපත‍්ති.

7. මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවක විසින් නිපදවන ලද්දක් පෙරැ ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දක් තබා වළඳා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි නිපදවන ලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිපදවන ලද්දෙහි නො නිපදවන ලද සන් ඇතියේ නම් ඇවැත් නැති.

8. අනාපත‍්ති: ගිහිසමාරම‍්භෙ සික‍්ඛමානා පරිපාචෙති, සාමණෙරා පරිපාචෙති පඤ‍්චභොජනානි ඨපෙත්‍වා සබ‍්බත්‍ථ අනාපත‍්ති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

8. ගිහියන් විසින් පිළියෙළ කරන ලද්දෙහි නම්, සික්මනුව නිපදවා නම්, හෙරැණි නිපදවා නම්, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

පරිපාචිතසික‍්ඛාපදං නවමං.

නවවැනි පරිපාචිත ශික්‍ෂාපද යි.